Thursday, 26 February 2015

ඉස්පිරිතාල කවි

දැන නොදැන ඔබතින්
වැටි සීරුණු තැලුන
එක්කගෙන සිත
බෙහෙත් ගන්නට ගිය කොට

අනතුරු අංශයෙ පෝලිම
පුංචි බොරැල්ලටම දිගයි
පිහි ඇනි බරපතල
ලේ ගලන හදවත්
අතින් වහගෙන

කෙඳිරි ගාන හදවත් ළඟ
ඉන්න බෑම සිත කිව් කොට
ඕ පී ඩී දෙසට ගියෙමි

විරහ වැස්සට තෙමි
පීනස විතරක්ය
හන්දි ගානේ සිටන් සිට
සමහරක් සිත් වලට
වැළදිලා ආතරයිටිස්

බංකු පිරිල ක්ලිනික් වල
කෙඳිරි ගගා බිමත් එක්ක

ඔසුසල ළඟ ඊට එහා
ප්ලාස්ටරයකුයි
සිද්ධාලේප එකකුයි
හන්දියේ කඩෙන් ගන්නව
උයන්න එළවලු දෙකක් එක්ක

34 comments:

  1. විරහා මාසය පුරා දොගොඩ තලා ගිය වතුරේ
    තෙමි නැහැවී හෙම්බිරිස්සාවත් හැදෙන්න වාගෙයි...
    කිවිසුමක් දෙකක් ඉදහිට ගියත්...තවම ඒ පරණ සේයා
    මැවෙන අරුමය විදිමි හුදෙකලා සයනේ...

    ReplyDelete
    Replies
    1. අයි ඩී එච් එකටත් එහා
      මේ ටිකේ සිරාගේ කාමරේ

      Delete
    2. අයි ඩී එච් එකටත් එහා
      මේ ටිකේ සිරාගේ කාමරේ ///
      සිරාවටම ඒක නං හරි

      Delete
    3. හැක් හැක්...මේ මාසෙන් සියලු දෝෂ නිවාරණයි....

      Delete
  2. මේ ලියල තියෙන්නෙ වෙනදා ලියන බින්දි නෙවෙයි. මේ ලියල තියෙන්නෙ මොකද්ද ආවේසෙකින්. හැබැයි ඔය සංසිද්ධිය ඇත්ත. තමන්ට ඇති වුණු වේදනාවට සමාන හෝ ඊටත් වැඩි වේදනාවකට බඳුන් වුණු තවත් අය ඉන්නා බව පෙනෙද්දි, වේදනාව තනුක වෙලා ගිහින්, ඇත්ත ඇති සැටියෙන් පෙනෙන්න ගන්නවා. ආන්න එතකොට වඩා ප්‍රායෝගික විදිහට එළෝලු දෙකක් අරන් ගෙදර යනවා. :D
    ලෙඩරෝගත් එක්ක හිතේ තුවාල සසඳලා තියෙන විදිහ අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අද වැඩට යන නලිනිට
      මොනවද ඔට්ටු
      මා මතක් වෙනවට

      Delete
  3. සීරුනු තැලුනු සිතකට
    සිද්ධාලේප හොඳකොට
    පෝලිමේ කොට කොට
    බෙහෙත් ගන්නේ තවත් කුමකට

    ඔය මොකුත් නොකලට
    දවස් දෙක තුන යනකොට
    සීරුම් තැලුම් එතකොට
    හෙමින් හොඳවෙයි මෙන්න මගෙ කැට

    ReplyDelete
    Replies
    1. තැලෙන හිතටා
      ප්ලාස්ටර් කුමටා
      හුටා
      මම නරිමොටා

      Delete
    2. මුදල් නොගෙවූ
      සිද්ධාලේප ඇඩ් එක

      Delete
    3. ගම දුව ගිහින්
      රවටා
      උඩ පැන්න මිදි
      වැලටා
      තවම තනිකඩ
      නරි මොටා

      Delete
  4. සමහර වෙලාවට
    හිත කීරි ගැහෙනා විට
    පොරවාගෙන සොඳට
    නින්ද කදිමයි බේතට

    ReplyDelete
    Replies
    1. නින්ද කවදත්
      හොඳම බේතක්

      Delete
  5. මාත් මේ එළවලු දෙකක් අරන් යන ගමන් :)

    ReplyDelete
    Replies
    1. ගමුද ක්‍රීම් සෝඩා එකකුත්
      හිතත් එක්කම කුල් වෙන්නට

      Delete
  6. තරුන කාලේ සිතට සමහර වෙලාවට diarrhea කවි ගලාගෙන එනවා, හැබැයි, සමහර වෙලාවට constipation.

    ReplyDelete
  7. අතේ පිච්චිය නැතුව
    රෝහලට පිය නැගුව
    දොස්තරව එහි ලියුව
    දේ දුටුව මගෙ පපුව

    ReplyDelete
    Replies
    1. දැක්කම සමහර බෙහෙත්
      නැති ලෙඩ හැදෙනවා කොහෙත්

      Delete
    2. @ වැව ඉස්මත්ත,,
      තුන්ඩුවට හතරකි
      ඉන් තුන් බෙහෙත
      ඇත
      අල්ලපු වැට ෆාමසිය

      Delete
  8. අපූරුයි කවිය... මේදවස් වල නං බූට් කතා කවි හින්ද ඇත්තටම සන්නිපාතෙම හැදිල තමා
    හිහි

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්තමයි.

      Delete
  9. මටත් අනං මනං හිතුනා නේ ගිය සතියේ පාන්දර ජාමේ.. හැක්

    පෝලිමද පාලමද

    ReplyDelete
    Replies
    1. ලස්සණයි . මම කලින්ම බැලුවා

      Delete
    2. මටත් මතක් වුණේ දේශක තුමාගේ කවිය . අවේගශිලිව ලියපු පෙනුම තියෙන කවි වලට මන් ගොඩක් කැමතියි ඒවා ඇතුලේ තියෙන්නේ යතාර්ථය නිසා...

      Delete
    3. මගේ හරි වෙන කාගේ හරි අත්දැකීමක් හිතට වැදුනේ නැත්තන් මතුපිටින් අතගාල ලියන්න බැරි කමක් තියෙනවා. ස්තුතියි ඔමා .ඔයාගේ පැත්තේ එන්නත් බැරි වුනා. පහුගිය කාලේ හුඟක් මග ඇරුන

      Delete
  10. අම්මපා පට්ට.................. මාරයි... නියමයි..............

    ReplyDelete
    Replies
    1. ඩබල් තැන්ක්යූ

      Delete
  11. නියමයි :) දිගටම ලියන්න​. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ගොසිප් ...

      Delete
  12. මටත් ඉඳහිට වැලදෙන
    ප්‍රතිෂ්‍යාවේ සලකුන
    බෙහෙත් ගන්නට සිත නොමදෙන
    කරුණු කිමදැයි පහදනු මැන

    ReplyDelete
    Replies
    1. අනුවක් සීයට
      ලෙඩ ඉබේ හොඳ වෙන වග
      කොහේදෝ පොතක
      තිබුනා මතක ඇත

      Delete
  13. හපොයි මම මගෙ,
    පරණ උනු තුවාල..
    සීරුන හිත ගැන
    කවි කතා ලියනකොට
    ප්‍රසිද්ධියෙ හඬනකොට
    මගෙන් රිදෙන හිත
    අතින් තදකරන්
    කෙඳිරියකුදු නැතුව
    ඇය තනිව ගෙදර වැඩ..!

    ReplyDelete
    Replies
    1. තිබෙන බව දන්නා
      නොදැක්කා සේ ඉන්නා
      ගෙදර විදුරු අල්මාරියක
      බිඳෙන බඳුනක් වගේ
      බිරින්දෑගේ හිත

      Delete
  14. හප්පේ මේ ලියලා තියෙන්නේ ආයේ හිතට වැදිලා ආයෙම තුවාල වෙන්නම.. අමුතු විදිහේ ලස්සනක් තියෙන කවි ටිකක් අක්කේ..

    ReplyDelete