Wednesday, 11 March 2015

සීගිරි කවි

නගින්නට ගොසින් සිහගිරි ගල උඩට
තවත් බෑම කිව්වයි  දනිස් කටු දෙක
ඔයත් මදැයි දැක්කා ලඳුන් සිගිරි
මගින් නතර විය කැටපත් පවුර ළඟ

" කොච්චර කළත් බැහැ නොවැ බේරා ගන්ට
හුරන්නමයි හිත මෙතනට එන උන්ට "
ඉඳගෙන උන්න ලී බංකුව මට දුන්න
කිව්වේ සිකියුරිටි ළමයා මා එක්ක.

කතිරය සමග නම ලොකුවට ලියන්නයි
කළුගල් තියෙන්නේ වෙන අහවල් එකට
සීගිරි ගලට යන පාරේ දෙපැත්තේ
පොඩි කඩ හදමු විකුණන්නට තීන්ත




ලොකු ලොකු නගර බුල්ඩෝසර් වෙන කලට
සීගිරි ගල කියන්නේ ලබු ගෙඩියක්ය


       .......මම.......


"හරිම සොඳුරුයි නුඹලාගෙ පුංචි රට
විඳිමි ලස්සණ තරු පිරුණ අහස යට
දවාලේ නැග්ග සිගිරිය උඩටම
ගොඩක් සතුටුයි  පුංචි පුතු හට"

..... ලංකාවට ගිහින් ආ ජපන් මිතුරිය ....










16 comments:

  1. පුරාවිද්‍යා දේපාර්තමෙන්තුවේ මැදිහත් වීමෙන් හරි පවුරක් හදලා දෙන්ට ඕනේ අපෙත් සිතිවිලි කුරුටු ගාන්න.හැබැයි ඉතින් එකේ ලියන දේවල් ගැන ලියන අයට සංයමයක් තියෙන්න ඕනේ.

    කොහොම වෙතත් අපේ අයට අපේ දේවල් ගැන අගය දැනෙන්නේ අඩුවෙන් කියන එක ඇත්ත තමයි.
    මේ දවස් වල මම බින්දී අක්කාගේ බ්ලොග් එක මුල ඉඳන් කියවමින් ඉන්නේ.අර රුසියානු පොත් කොයි තරම් අපිට මඟ හැරිලා තියෙනවාද ..:(

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස. සංයමය නම් තියෙයි නියමෙට. ඔතන බේරගන්න හරි අමාරුයි, මම එතන අනික් අය එනකම් හිටි ටිකට හරිම නාට්‍ය ටිකක් දැක්ක.
      ආසියාතික රටක වැනි පෙනුමක් තිබ්බ පවුලක් ආවා. එතන හිටි පොඩි කෙල්ල අර ලණුවෙන් පැනලා අප්සරා එක්ක ෆොටෝ ගන්න ඕනෑමයි කියලා පොරේ. පොඩි කිව්වට එච්චර පොඩිත් නැහැ. තාත්ත මුරකාරයා එක්ක හරියට වාද කළා ඇයි එහෙම පින්තුර ගන්න බැරි කියලා . ඒ තාත්තා ළමයට කලේ අවැඩක්.


      මමත් මේ ටිකේ මුල ඉඳන් බ්ලොග් එක කියෝනව. බලන් ගියහම හොඳ ලිපි ටිකක් ලියලනේ මම. කමෙන්ට් කරපු හුඟක් අය දැන් හොයා ගන්නත් නැහැ. අපි විතරක් ඔහේ වැනි වැනි හරි මේකේ එල්ලිලා ඉන්නවා.

      Delete
  2. Spray paint can කඩයක් දාගන්න ඕන්න ඔලුවට ගත්තා.

    ReplyDelete
    Replies
    1. ගුඩ් තින්කින්

      Delete
    2. පොඩ්ඩක් හොයලා බලන්න අක්කා ස්ප්‍රේ කෑන් වලින් සිංගා වල පේන්ට් කරපු ඇමරිකන් තානාපති පුතාට මොකද උනේ කියලා...ටිකක් පරණ කථාවක්.

      Delete
  3. හැක් හැක්.. ජපනා දන්න එකක් යැ අන්ඩර දෙමල හෝ සිංහල

    ReplyDelete
    Replies
    1. ජපන් අය දැන් වැඩිපුර එනවා .ලඟදි අපි දන්නා අය හුඟක් ආවා. ඊයේ පෙරේදා ඉස්කෝලේ භාෂා දිනේදී ජපන් යුවලක් මා ගාවට ඇවිත් කතා කළා . චීන අවුරුද්දට ලංකාවේ ගිහින් තනිකරම සංස්කෘතික ත්‍රිකෝණය ,නුවර පැත්ත බලන්න. තුන පහ ගෙනත් හොදි හැදුවලු. ලංකාවේදී කෑවා වගේ රස නැහැලු. බැරිද ඇහුව කියලා දෙන්න. ඉස්කෝලේ පොළ දාට ලංකාවේ හොදියි ජපන් හොදියි හදල ස්ටෝල් එකක් දාන්නයි එයාලගේ කල්පනාව.
      ජපන හපන

      Delete
  4. ඇත්තම ඇත්ත. හරිම ලස්සනට ලියලා තියෙන්නෙ. මේ ව්‍යසනය කවදා ඉවරවෙයිද? අපේ කම නොදැනීමද? නොසැළකීමද? මන්දා. මේවා දැක දැකත් ඇස් කන් නැතිව ඉන්න හැටි ඔය ලොකු ඔළු ගෙඩි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා

      Delete
  5. අපේ මිනිස්සුන්ට ඉතින් අපේ දේවල් වට අගයක් නැහැනේ ඉතින් කවදත්..

    ReplyDelete
  6. Replies
    1. ස්තුතියි වැව් ඉස්මත්ත

      Delete
  7. අපේ ඉස්කෝලවල උගන්නනව කුණු දාන්න එපා, අපිරිසිදු කරන්න එපා කියල. ඒත් ඉස්කොලෙ වැසිකිළියට යන්න බාඑ ගඳ, ජරාව. ටීචර්ලගෙ ස්ටාෆ් රූම් එකේ තමයි ජරාව කුණු වැඩිම! අනික් පැත්තෙන් දැන් අලුත් මගුලක් ළමයින්ට බිත්තිවල ලියන්න දෙන්නලු උන්ගෙ හැඟීම් මොට්ට නොකර. ඔහොම පාළනයක් නොකර ලියන්න දුන්නම උන් ඉන් පස්සෙ ගේත් කාල රටත් කනව.

    අපි පොඩි කාලෙ උන්න ලෑලි ගෙයි බිත්තිවල ලියල තිබ්බොත් තාත්තගෙන් කන්න වෙන්නෙ. ඒ වෙනුවට තමයි උඹලට ලියන්න පොත් දුන්නෙ කියල එයා කිව්වෙ.

    මම පොඩි උන්ට වයිට් බෝඩ්, ලොකු පාවිච්චි කල ඩ්‍රොවේන් එහෙම ගෙනත් දෙනව, බිත්ති වල ලියන්න සහ ජරා කරන්න තහනම්.

    මුල හොඳට නොහද, පස්සෙ බැන්නට මොන ඵලද!

    බින්දිගෙ කවි කෝමත් අගෙයි. ඒත් ඉතින් ඒක් නොකිය ගියොත් ගෑණු හිතක් නිසා හිතට හොඳ නැතිවෙයි කියල හිතුන :)

    ReplyDelete
    Replies
    1. ගෙදර බිත්ති වල ලියන්න දෙන එක ගැන මට ටිකක් වෙනස් අදහසක් තිබුණත් ඉන්දික කිව්ව බොහෝ දේ එක්ක එකඟයි. අපේ ලොක්කි ගේ පුරාම ලිව්වා. ඒ අපේ ගේ නිසා. අනුන්ගේ ගෙවල් වල ලොකු වෙන පොඩ්ඩි ට ඒ චාන්ස් එක නැති වුනා. බිත්ති වල ලිවීමට වඩා මේ වගේ ඒවාට බලපාන්නේ ඉතින් තේරෙන බසින් කියනව නම් අලුගුත්තේරු කම . ඊට වඩා හොඳ වචනයක් මට නම් එන්නෙම නැහැ.
      කොහෙත් ඉන්නව ඔහොම උන්. ජර්මන් කොල්ලෝ දෙන්නෙක් මෙහෙ කෝච්චි වල ලියන්න ගිහින් වේවැල් පහර තුන ගානේ සහ මාස් නවයකට හිරේ.

      කවියේ වර්ණාවට ස්තුතියි හොඳේ.

      Delete
    2. මම ගිය වතාවක මට නොදැනුවත්වම කැටපත් පවුර අතගෑවුනා..අකුරු අහුවෙනවද බලන්න. ඒක දැකපු නිලධාරියෙක් කෑ ගහගෙන මා ලගට ආවා. මම විනීතව සමාව ඉල්ලුවා. ඔහු මට කාරුණිකව ඉතාම පැරණි සීගිරි ගී පෙන්නුවා...

      Delete
  8. කුරුටු ගාපු ඒකේ අනික් පැත්තෙත් දුක හිතෙන කතාවක් තියෙනවා..... අනේ මන්දා මිනිස්සු ටිකක් මීට වඩා අාකල්පමය වශයෙන් ගොඩනගන්න ඔ්නේ

    ReplyDelete