Thursday, 26 March 2015

ඔහු නැති සිංගප්පුරුවක සිට



හැත්තෑ හතේ විවෘත ආර්ථිකය ගෙනෙනා විට ලංකාව සිංගප්පුරුවක් කරන බව ඇසෙන විට මා පාසල් යන්නටත් පටන් නොගත් කුඩා දැරියකි. සෝබාව  දේ මෙපුර සිරි විසිතුරු ගීතයෙන් කියන්නේ සිංගප්පුරුව ගැන බවද කුඩා කල අසා ඇත්තෙමි. අහස සූරන මැදුරු කීවාම මම ඒ කාලයේ සිතුවේ බිල්ඩිමක් උඩට නැග අහස සුරන්නට හැකි බවයි.
ඒ මගේ පළමු සිංගප්පුරු මතක. පසු කලෙක කියවූ සිංගප්පුරු දරුවා සහ මැලේසියානු තරුණයා පොත් ද්විත්වය ඉතා ආසාවෙන් කියෙව්වා. එතනින් එහාට එච්චර කියන්න තරම් මේ රට ගැන මතකයක් නැත. 
පළමු වරට වියට්නාමයට යන අතර  මග කට්ට අව්වේ පොඩි එකිවත් කිහිල්ලේ ගහගෙන අර කටින් වතුර විදින කිඳුරු ඇඟක් ඇති සිංහ පිළිමය ගාවට ගොස් ආවෙමි. 

එදා පටන් අවුරුද්දකට වරක් එහා ගෙදර  ගමන් කීප විටක්ම දින දෙක තුන ගත කලේ කොයි කවුරුත් බලන්නට එන ජනප්‍රිය සංචාරක ආකර්ශන නැරඹීමටය 

කෙසේ හෝ අද අපේ තාවාකාලික නවාතැන මෙයයි. මගෙත් සිංගප්පුරුවෙත් නියමාකාර හාදකම ඇරඹුණේ එලෙසයි. 
පොත් සාප්පුවකට යන හැමවිටම නිතර අතපත ගා බලන පොතක් ඇත. හැමදාම බල බල ආවත් කවදාවත් මිලට නොගත් ඒ මහා පොත ලියු මිනිසා අද අවසන් නින්දේය.
අපි මේ පොතට ආසා එහි ලංකාව ගැන කියවෙන කුඩා කොටසක් ඇති නිසාය. 

වරෙක සිංගප්පුරුව කොළඹ මෙන් කරන්නට සිතු බව සහ මේ වන විට ආදර්ශයට නොගතයුතු උදාහරණයක් ලෙස එහි සඳහන් වේ. 
 මාළු දුපතක සිට වත්මන් සිංගප්පුරුව දක්වා ආ ගමන සැබවින්ම ආශ්චර්යයකි. ඔහුට හොඳ මොළයක් තිබුණි. සි අයි ඒ කාරයා ඔහුව මිලදී ගන්නට කල උත්සාහය ව්‍යර්ථ විය. යම් විදිහකට එකාධිපතියෙකි. නමුත් හොඳ ඒකාධිපතියෙකි. සිතියමේ තිතක් ලෙසවත් නොපෙනෙන කුඩා දුපත ලෝකයේ ලොකුතැනක ඔසවා තැබූ නියම නායකයෙකි.

සියළු තරුණයින් පාසලින් පසු අනිවාර්ය හමුදා පුහුණුවක් සඳහා යා යුතුය. තරමක් දැඩි ලෙස පෙනුනද රටේ විනය සඳහා එය ඉතා හොඳය. 
" අප ඉතා කීකරු ජාතියක්. ඉංග්‍රීසින් ආ විට ඔවුන්ගේ කීකරු වැසියන් වුණා. ජපනුන් ආ විට සුදු රෙදි වල රතු බෝලයක් මසා එල්ලා දොරවල් වසා ගත්තා. රටේ ආරක්ෂාව සඳහා එයට වඩා උසස් වැඩ පිළිවෙලක් අවශ්‍යයි " ඒ ඔහුගේ වචන.

එකී මෙකි නොකී සිටලු දේවල් සඳහා වැඩපිළිවෙලක් ඔහු සතුව තිබු අතර එම ගමනේදී තදබල නීති ඇතිකරන්නද සිදු විය.

" මා කල සියලු දේවල් හොඳ දේවල් නොවේ. නමුත් ඒ සියල්ල කලේ හොඳ අරමුණකින් "

ඔහු වාසනාවන්ත මිනිසෙකි. පාසල් වියේ පෙම විශ්ව විද්‍යාලයේදී දළුලා වැඩි දැඟිලි බැඳුණු ප්‍රිය බිරිඳක් සහ දරු මුණුපුරන් ලැබූ වාසනාවන්ත මිනිසෙකි.

වැඩි සද්දයක් නැතුවම පැය පහ හය පෝලිමේ අවසන් ගෞරවය දක්වන්නට සිංගප්පුරු වැසියෝ ඇදෙති. රටේ අනෙක් කටයුතු පෙර පරිදි සිදුවෙත්.


 ............පසුතැවිල්ලක් නැතිව මිය යාහැකි  මිය ගියත් මිනිසුන්ගේ ආදරය හිමි නායකයින් සුලබ නැති ලොව කරන්නට බැරි දෙයක් කර පෙන්වූ " ලී ක්වාන් යු " ඔබට සුබ ගමන්...............

"අපේ රට සිංගප්පුරුවක් කරම්"  යන පොරොන්දු  අසමින් ලොකු මහත් වූ මා තුල අද වැඩිහිටියෙක් ලෙස ඉඳහිට සියුම් දුකක් ඇති නොවෙනවා නොවේ. ඒ අදත් ඒ පොරොන්දු අසා ලොකු මහත් වෙන ළමයින් ගැනය.

හරියටම අර පොත අතපත ගා ආවා  මිසක් කවදාවත් ගෙදර ගෙනාවේ නැතිවාක් මෙන්ය, කරන්නට පුළුවන් හෝ බැරි ඊයෙත් අදත් හෙටත් අපේ රට සිංගප්පුරුවක් කරන්නට දෙන පොරොන්දු .

( අපේ රට එහෙම කරන්නට බැරි දේශපාලන සහ සංස්කෘතික හේතු මහ ගොඩකි. ඒ  ගැන ලියන්නට අද දවස නොවේ ) 


  

42 comments:

  1. දෙතුන් වරක් ගිහින් තියෙනවා.

    කොච්චර දියුණු රටක් වුණත් පදිංචි වෙන්න ආශාවක් ඇතිවෙන තැනක් නොවෙයි නේද?

    අවුරුදු ගණනක් ඔහේ වැඩ කළ මා දන්නා අයත් පසුව වෙනත් තැන්වලට ස්ථිරවම පදිංචි වෙන්න ගියා.

    ReplyDelete
    Replies
    1. තමන්ට ලැබෙන අවස්ථා අනුව ඉඩ කඩ ඇති රටකට යන්න පුළුවන් අය යනවා ඇති. වැරද්දක් නැහැ. මම දුටුවා ආරක්ෂිතම රටක්.

      Delete
    2. මටත් ඔය හැඟීමම තියෙනවා... ආරක්ෂාව අතින් බැලුවොත් නම් ජීවත්වෙන්ට ලෝකෙ තියෙන හොඳම රටක්... ඒ වුනත් රසික කියනවා ව‍ගේ එහෙ ජීවත්වෙන්ට කිසිම ආසාවක් දැනෙන්නෙ නැහැ... මහ කෘත්‍රිම ගතියක් දැනෙනවා...

      Delete
    3. බුරාටයි කකාටයි ඔය රටවල් දෙකේ ඉඳල එහෙම දැනෙන එක අනිවාර්යයි . හැබැයි යු කේ පොරක්‌ හම්බ වුනා මෙහෙ සිටිසන් ගත්තු. ඉස්කෝලේ ඉන්නවා එහෙම අය හුඟක්.
      තව ඉතින් ලංකාවේ හරි ඉන්දියාවේ හරි කෙනෙක් වෙන රටකට යන්න බැරි නම් මේක තෝරා ගන්නවා පුළුවන් නම්. ගමකට වෙලා ගහක් කොළක් හිටෝගෙන ඉන්න කැමති කෙනෙක් ට නම් මේක හරි යන්නේ නැහැ. හැබැයි ඉතින් දැන් කාලේ මිනිස්සු නට එහෙම තේරීමක් කරන්න බැහැනේ. අපිට හුඟක් ලාංකිකයෝ හමුවුනා පහුගිය ටිකේ ගිහිල්ලත් ආපහු ආව. හැබැයි පුරවැසි වුනොත් නම් ඩුවල් ගන්න බැහැ. PR එකෙන් ඉන්නකොට අනික් රටක සිටිසන් තියා ගන්න පුළුවන්.

      Delete
    4. බුරාටයි කකාටයි ඊළඟ සැරේ ජුරෝන්ග් ඊස්ට් ගිහින් බලන්න කියමු බින්දී.......

      Delete
    5. සිංගප්පූරුව කියන්නෙ සුපර් මාකට් එකක්. ඒ වගේම ඒ රටේ බහුතරය සංක්‍රමණිකයන්. ලී ක්වාන් යූ ගෙ ත්‍රස්තවාදී පාලනය ගෙනයන්න ඒක පහසු වුනා. ඒක වෙන රටකට ඇප්ලයි කරන්න බැහැ.

      Delete
    6. මම නවාතාන් ගත්ත ගෙදර ගාමිනී අයියා වසර 12 ක් සිංගප්පූරුවෙ...මම ඔහුගෙන් ඇහුවා ස්ථිරව නවතින්න අදහසක් නැද්ද කියලා..ඔහු දුන්නෙ කෙටි පිළිතුරක්..එහෙම නවතින්න රටක්ද බං මේක..සිංගප්පූරුවෙ හැමදේම කරලා තියෙන්නෙ නීති රීති වලට යටත් කරලා...කෝච්චියකට නගින ගැබිනි මවට සීට් එක දෙන්නෙ මනුස්සකමට නෙමෙයි නීතිය නිසා...මට මැලේසියාවෙ දැනෙන සුහදත්වය, මනුස්සකම , හිනාව එහෙදි දැක්කෙ නෑ.

      Delete
  2. ඒ ඒ රටට අවශ්‍ය සංවර්ධන වැඩසටහන් තිබිය යුතුයි ලී ක්වාන් යූ කියන්නෙ ඒ වගේ තමන්නෙ රටට ඕන විදියට සංවර්ධන වැඩපිළිවෙලක් සකස් කරගත්ත කෙනෙක්.
    ඇත්තටම සංවර්දනය කියන එක කොපි කරන්න බෑ ඒක ඒ ඒ රට ඇතුලෙ ජෙනුයින් ඇති කර ගන්න ඕන දෙයක්..
    ලී ක්වාන් යූ තේරුං ගත්ත දේත් අපේ අය නොතේරුම් ගන්න දේත් ඕක තමා

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම අවංක කැපවුන මනුස්සයෙක් හිටියේ නැහැ. අපේ අටුවන් බැහැපු ආකල්ප එක්ක වැඩේ ලේසිත් නැහැ. චන්ද බලාගෙන මිසක් මෙවැනි තිරසාර වැඩ පිළිවෙලක් අපට නැහැ. අපිට ඉගෙන ගන්න දේවල් හුඟක් තිබ්බ සින්ගප්පුරුවෙන්. වතුර ටිකත් සල්ලි වලට අරගන්න ජාතියක් මේ. අපිට ඒ ඇති කොච්චර සම්පත් තියෙනවද.

      Delete
  3. it's a fine country.

    Lots of fines!!

    ReplyDelete
    Replies
    1. It's totally fine for fine ppl . It's not that a dark monster

      Delete
  4. අක්කේ ,අපිට මේ වගේ නායකයෙක් හිටියා නම් අපි අද කොහෙද? ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. දුකයි තමයි නංගි .

      Delete
    2. ඔය ත්‍රස්තවාදිය කරපු වැඩ කරන්න දුන්නනම් අපේ රටත් ඕන පැත්තකට හරවන්න තිබුනා. සිංගප්පූරුවෙ මානව හිමිකම් නැහැ.ස්ට්‍රයික් කළොත් හැමෝටම මරණය

      Delete
  5. ඒ අසහාය නායකයා ගැන මතකයට මා කුඩා කල තාත්තා කියූ බොහෝ දෑ එක් විය. පළමු ගමන 1978 දී අම්මා සමඟ තාත්තා මේ හරහා තායිලන්තයට යාමයි. එදා මට ගෙනැවිත් දුන් ඕකිඩ් මල සහිත පෙන්ඩනය අදත් සුරැකිව ඇත. ඊට පසුව 1991 සිට කීපවරක් සංචාරය සදහා යාමයි. මේ මිලේනියම පටන් ගන්නා විට අසිරිමත් නෞකාවක ඒ වටා ගියෙමු. බොහෝ සුන්දර මතකයන් මෙන්ම සිහිවටන ද මිත්‍රයන් ද ඇත. මේ සෑම දෙයකම පිටු පස දැවැන්ත සෙවනැල්ලක් විය . ඒ ඔහුය. පරලොව දිවිය සුවපත් වේවා! බෞද්ධ වූ අපගේ එකම පැතුමයි. ස්තූතියි මේ සටහනට නංගී.

    ReplyDelete
    Replies
    1. කෘස් එකක යන්න ..අක්ක හෙන වාසනාවන්තයිනේ.. ඔව් ඇත්තටම ඔහු නිරාගමිකයෙක් වුනත් බෞද්ධ විදිහට අපිට එහෙම පතන්න පුළුවන්

      Delete
    2. ඔහු කල අපරාධවලට නිරයක් අලුතෙන් හදන්න වෙයි. නැත්නම් දැන් අපායෙ ලොක්ක යමය නෙමෙයි ලීක්වාන් යූ වෙන්නැති.

      Delete
  6. අහල තියෙනවා සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන්න ගත් උත්සාහය...එහෙම කියන විට එදා අපේ රටේ තිබූණූ දියුණුව විදහා පාන්නෙ නොවේද? නොඑසේ නම් මක් නිසා එසේ කියන්නට ඇද්ද....ඇයි වෙනත් සංවර්ධිත රටක නමක් ඔවුන්ට පැවසීමට නොතිබුණේද

    ReplyDelete
    Replies
    1. එහෙම අදහස් කලේ අපි ඊට කලින් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ලොකු අවුලක් නැතුව හිටි හින්දා. සිංගප්පුරුව ඒ කාලේ හිටි හැටි මේ ටිකේ පෙන්නනවා. මුඩුක්කු පැල්පත් වල බහුතරය ඉඳල තියෙන්නේ. කොරියාවත් එහෙමයි. දෙකම ගොඩ ගියා

      Delete
    2. අපි එගොඩ ගියා එහෙමද

      Delete
  7. ලී ක්වාන් යූ කිව්වත් වගේ හොද මොළකාරයෙක්.. මට හිතෙන විදියට එයාට සමාන වෙන්නේ ලින්කන් විතරයි.. අර පොතේ නම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. From third world to first world

      Delete
  8. සිංගප්පූරුව ජාතියක් විදියට "ලී ක්වාන් යූ" නැතුවත් යන්න පුළුවන් වුණා කියන්නේ ඔවුන් සාර්ථකයි.
    ලංකාවට සිංගප්පුරු හෝ වෙනත් රටක මොඩලයන් ගැලපෙන්නේ නැහැ.අපිට අවශ්‍ය වෙන්නේ අපේ ක්‍රමයක්.අනුන්ගේ ක්‍රමවේද ගෙඩි පිටින් මෙහේ අත්හදා බලන එක අසර්ථකයි.

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එක හැදුනට පස්සේ පවත්ත ගන්නත් මොලේ තියෙන්න ඕනනේ. අපිත් එක එක මොඩල ට්‍රයි කළා. නමුත් ඉතින් වැඩේ අවුල් වුනා. එන්න එන්නම ජරාවාස වෙන දේශපාලනය. විලි ලැජ්ජාව කියන එක ගෑවිලා වත් නැහැනේ අම්මපා

      Delete
    2. අනේද කියන්නෙ...ලැජ්ජයි ඕයි ලැජ්ජයි

      Delete
  9. හෙහ්,හෙහ් සිංගප්පූරුව ලංකාවක් කරන්ට ලී කුවාන් යූ අධිෂ්ඨාන කරගත්ත. මම හිතන්නෙ ඒ 1959 විතර වෙන්න ඕන. යන්තමට අවුරුදු 18 යි ගතවුනේ. ජේ. ආර්. ගොයිය 1977 දි කිව්වෙ ලංකාව සිංගප්පූරුවක් කරනවයි කියල. ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස බල්ලට දාල අඩුගානෙ විනය, ආර්ථික දියුණුව වත් ඇතිවුනානම් ඒකත් එකක්. අපේ මේ කාලකන්නි රොත්ත හින්ද වෙලා තියෙන්නෙ නිදහසත් නෑ, විනයකුත් නෑ....එතනිං ගිහාම ආර්ථික දියුණුවකුත් නෑ...හෙහ්,හෙහ්,

    ලංකාවට ගැලපෙන්නෙ ලී මහත්තය සිංගප්පූරුවට අඳුන්වල දුන්නු පාලන ක්‍රමය කියල මට හිතුනෙ අදක ඊයෙක නෙවෙයි.ඒත් එකම අවුල ලී වගෙ අවංක ආඥාදායකයෙක් අපිට මැරූකොට හොයාගන්ට බරි එකයි. මේ දවස්වල ෆුල් බිසී මැඩම්...ලී ගොයිය ගැන මොකවත් ලියන්ටත් හිතේ තියනව මහමෙරක් වගෙ...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. දවසින් දවස මනුස්සය ගැන පුදුම දේවල් ඇහෙනවා මේ ටිකේ. ඇත්තම කියන්න මගේ සිංගප්පුරු යාලුවෙක් කිවේ ඒගොල්ලත් ලි ක්වාන් යු මෙච්චර දේවල් කළා කියල දන්නේ දැන්ලු . බලන් ගියහම මම දන්නවා එයාට වඩා. යකඩ මිනිහෙක්. ලෝකෙටම එකයි. අපේ උන්දලා ගැන මතක් කරන්න එපා. ප්‍රජාතන්තරේ මොකක්ද අය්යා කන්නද. ළමයෙක් නිදහසේ ඉගෙන ගන්න පාරේ යන්න නිදහස තියෙන එක තමයි නියමනියම මානව හිමිකම.
      බයි ද වේ අර සරෝ නගා ගැන කියලා ඉන්න . ලි මහත්තය ගැන කවද ලියන්න බැරිද

      Delete
  10. එහේ ජහමනයා ඇත්තටම සතුටින්ද

    ReplyDelete
    Replies
    1. අමාරු ප්‍රශ්ණයක් . සතුට කියන එකේ සීමාව මොකක්ද.

      Delete
  11. මමත් මේ ලඟක් වෙනකම්ම හිතුවේ ඇයි ලංකාව සිංගප්පුරුවක් කරන්න බැරි කියලා.. දැන් තමා තේරෙන්නෙ ලංකාව ලංකාවක් මිසක් සිංගප්පූරුවක් කරන්න බැරි බව.

    මට ඔය අස්සෙ මතක් වෙනවා අපේ කෙහෙල් කො‍ටුවේ බුද්ධි කොලුවා දවසක් කියපු කතාවක්.. මිනිහා කියනවා ලංකාව අද ඩුබායි තියන තැනට ගෙනියන්න බැරිනම් හැට ගනන් වල ඩුබායි තිබුන තැනට හරි ගෙනිහිල්ලා තමා පස්ස බලන්නේ කියලා.. එහෙම බලපුවම ලංකාව අද සිංගප්පූරුවක් තමා.. හෙහ් හෙහ්...

    ලී ක්වාන් ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ට නායකයන්ගෙන් කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. අප්පේ කොහෙද අනේ ගිබින් හිටියේ, මේ ඊයේ පෙරේදා පරණ පෝස්ට් කියවනකොට සෙන්නව හරියට මතක් වුණා. ලංකාවේ තියෙන සුද්දගේ පරණ ක්‍රම හුඟක් මෙහෙ තවම තියෙනවා. චෙක් පොත් පාවිච්චිය අපේ රටෙත් අඩුයි නේ. නමුත් මෙහෙ ඕන තැනක චෙක් එකක් දෙන්න පුළුවන්. බැංකු පොත එක්ක චෙක් පොතක් දෙනවා.
      අනික ලියුම් . තාක්ෂණය කොච්චර දියණු වුනත් පෝස්ටල් සේවය නියමෙට පවත්තගෙන යනවා. මැෂින් වලින් ගෙවනවා වගේම බිල තැපෑලෙන් ගෙවන්නත් පුළුවන්.
      අනික බස් . සීසන් ක්‍රමය හෙම. අන්න ඔය වගේ දේවල් නිසා මට හිතෙනවා ඒ වගේ බේසික් දේවල් වත් කාල දාන්නේ නැතුව හොඳට කරගෙන යන්න තිබ්බ අපිට. අපි තිබ්බ ඩබල් ඩෙකර් ටිකත් නැති කරගත්ත. මේ ගොල්ල අලුත් ඩබල් ඩෙකර් ගෙනාවා. වෙනස් ඕකයි .
      මේ අපේ හොර මැර දෙස්පලුවන් මෙහෙ එන්නේ එක්කෝ මිනියක් මරල මග අරින්න.නැත්තන් මවුන්ට් එලිසබත් ඉස්පිරිතාලේ ලගින්න . පාරක බැහැල බස් එකක නැගල පලකො නිකමට. කොහේ ගියත් එහෙමයි.වියට්නාමෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද. එහෙ ආවම ට්‍රිප් එකක් හෙම ගිහින් සුවනියර් කැල්ලක් දෙකක් අරන් එන එක තමා රජයේ නිලධාරින් පවා කරන්නේ. මට දුක ඕකයි සෙන්න. ඔය නිසා තමයි මේ කුණු ගොඩවල් කතා නොකර කවියක් චිත්‍රයක් ඇඳගෙන පාඩුවේ ඉන්නේ .කතා කලහම දුක නිසා

      Delete
    2. දැන් ඔය යමින් එමින් ඔළුව දානවා විතරයි බින්දි... ෆුල් ටයි බ්ලොග් වලට කැප වෙන්න වෙලාවක් නෑ දැන්.. මතක් වුන එක සතුටක්...

      ඔව් අප්පා ඕවා ගැන කතා කරලා තේරුමක් නෑ තමා....

      Delete
  12. අපේ බැච් එකේ ගොඩක් දෙනෙක් අවුට් වෙච්ච ගමන් සිංගප්පුරු ගියා සැලරි හොඳයි කියලා. රටත් ඒ වගේම හොඳ ඇති මම හිතන්නේ

    ReplyDelete
  13. තමන් දුන්න පොරොන්දුව ඉටු කල සැබෑ මහත්මයෙක්..

    ReplyDelete
  14. එදත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්,
    අදත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්....ඒත් සිංගප්පූරුව අපිව පහු කරලා ගියා...

    ReplyDelete
  15. I am living in Singapore and for your info it is not that great. Even for Lee Kwan Yew , he had done terrible things to people here especially old people. If you live here you can not get sick or old. That is what even Singaporeans tell. It is good to come and visit, but if you live here you will see the bitter truth. Singapore depends on foreigners because they do not have any natural resources and Singaporeans need only money. Obviously for a country like Sri Lanka which has lot of natural resources and talented people, we do not need Singapore model, but a proper leadership.

    ReplyDelete
    Replies
    1. Lee Kwan Yew has become a ideal model among those who are unaware of the reality. He is a dictator and a dark monster

      Delete
    2. ප්‍රභාකරන්ට යාපනේ ඔළුව කෑල්ල දුන්නානම් ඔහොම් දියුණු කරළා ගන්න ඉඩ තිබුණා නේද?
      ;-)

      Delete
    3. සිංගප්පූරුවෙ කිසි දෙයක් නොමිලේ නැති නිසා මිනිස්සු බොහොම පීඩනයෙන් ජීවත්වෙන බවක් මම අහලා තියෙනවා. සිංගප්පූරුවෙදි මමත් බොහෝ දේ දුටුවා. දරුවන් සමග දරු සුරතල් බලන්නටවත් දෙමාපියන්ට විවේකයක් නෑ. දෙදෙනාම රැකියාව කලේ නැත්තං ජීවත් වෙන්න බෑ. වාහනයක් ගත්තොත් වසර 10 යි පාවිච්චි කරන්න පුලුවන්. ගෙයක් ගත්තොත් වසර 99 යි. පාරෙ 6 දෙනෙකුට වඩා ලං වෙලා කථා කරන්න බෑ.. දියුණුව තිබුනට කථා කිරීමේ නිදහස නැති රටක්..විපක්ෂය රාජ්‍ය බලය යොදා මර්ධනය කරලා තියෙන රටක්. සිංගප්පූරුව කුඩා භූමි ප්‍රදේශයක් නිසා මේ ක්‍රමය ගැලපුනා. නමුත් විශාලා ජනතාවක් සහ භූමි ප්‍රදේශයක් තියෙන රටකට මේ ක්‍රමයෙන් කිසිසේත් සාර්ථක වෙන්න බෑ. පොළව යට තියෙන සීතල සිර මැදිරි වල දුක් විඳින සිරකරුවො ගැන කිසිවෙක් දන්නෙ නෑ.

      නමුත් ලී ක්වාන් යූ කියන මහා චරිතයට මගේ හිතේ ගෞරවයක් තියෙනවා. කිසිම වැඩකට නැතුව තිබ්බ භූමියක් මේ තරම් ලස්සන කරලා එහි ජනතාවට උසස් ජීවන තත්වයක් ලබා දුන්නට. ඒත් සල්ලි තිබ්බොත් විතරයි සිංගප්පූරුව ලස්සන.

      Delete

  16. අනේ ඉතින් මම නම් දන්නේ නැහැ වැඩිපුර. අපේ පොල් පරාල අස්සෙන් අනුන්ගේ ඇස් වල පොල් කෙඳි මොකට දකිනවද. මානව හිමිකම් කියන්නේ දේශපාලන අයිතිවාසිකම් පමණක් ද..
    ප්‍රජාතන්ත්‍රවාදය ඉහෙන් පල්ලෙන් බේරෙන රටක දරුවෙක් පැයක් දෙකක් තනියෙන් ගෙදර තබා යන්නට බැරි කල ළමයින් බැටරි කුකුල් පැටවුන් සේ සිරකරගෙන රැකිය යුතු කල ,

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ...
      ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අමුම අමු බොරුවක්, මිනිස්සු අන්ධන්න දේශපාලුවෝ ගෙනාපු මතයක්.. කිසිම ප්‍රයෝගික බවක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදය කියන පදයෙවත්....

      Delete