Wednesday, 22 April 2015

සිනා කන්දෙන් වැටෙන මල්

සිනා කන්දේ අපට නොපෙනී
කුඩා උල්පත් මතු වෙනා
කන්ද පාමුල කඳුළු දොළ ළඟ
නැගී උල්පත් එක්වෙනා

කන්ද උඩ බක් මී ගහෙන් වට
මලක් සුළඟට ඇවිල්ලා
කඳුළු ඉවුරෙන් දොලේ පහලට
හිමින් ගහගෙන ගිහිල්ලා

ගසට සුළඟට වගක් වත් නැහැ
සිනා කන්දට පෙනුනෙ නෑ
දොලේ පාවී ගිලී මිය ගිය
මලේ කටහඬ ඇහුණෙ නෑ


කන්ද මුදුනේ ගහේ අතුවල
අලුත් මල් පිපෙනා පැයේ
පරණ මල් වල හැඩය දුටුවේ
බිඳුණු බුබුළකි ගං දියේ







වසන්තත් ඇවිත් ගියා නේ. මුකුත් ලියන්න බැරි වුනා. එහෙන් මෙහෙන් ලියවෙන කවි කෑලි ටික වත් අලවලා දාන්න ඕන කියල හිතුව විලේ පාළුවට.

32 comments:

  1. වසන්තයට තව ලියන්න පුළුවන් මම හිතන්නේ... ඔහේලා ලියන එකයි ඇත්තේ අපි එන්නම් කියවන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහෙට නරකයි නේ ලියන්න. කම්මැලියා :D

      Delete
  2. වසන්තෙ එහෙම සතියෙන් ඉවර කළ හැකිද? ඔයා ලියන්න අනේ.
    කවිය ටිකක් සීරියස් වගෙ.

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් අපිට වසන්ත සරත් සිසිර ඔය කවුරුත් එකයි. නැද්ද. ලියන්නේ නැති වුනොත් නෑම තමයි.
      සීරියස් කවි ? එහෙම එව්වත් තියෙනවා එහෙනම්.

      Delete
    2. මේක ලියලා දැන් මාසයක් වෙනවනෙ. අර අඳින චිත්‍රයක් හරි දාන්න කාලෙ

      Delete
  3. අදහස ලස්සානයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලක්ෂාන්

      Delete
  4. //ගසට සුළඟට වගක් වත් නැහැ
    සිනා කන්දට පෙනුනෙ නෑ
    දොලේ පාවී ගිලී මිය ගිය
    මලේ කටහඬ ඇහුණෙ නෑ//

    කාලයේ සැඩ පහරට ගසාගෙන ගිහින් , ගිලී මියයන මිනිසුන්ගේ හඬත්, නෑහෙන්නේ මේ වගේමයි.

    ලස්සණ වගේම අර්ථවත් කවි සිතුවිල්ලක් බින්දි...

    ReplyDelete
    Replies
    1. සතුටත් දුකත් අතරේ වැටක් මායිමක් නැහැ වගේම .
      නේද පොඩ්ඩි

      Delete
  5. වසන්තයට ලස්සන කවි මලක් පිපිලා . ඉතින් මේ ඇතිද ? විල පිරෙන්න ලියමු :)

    ReplyDelete
    Replies
    1. විල පිරෙන්න ලියන්න නම් ඕනේ. ඉතින් මුඩ් එකක් එන්න එපාය ගිම්.

      Delete
  6. ඒක නං පට්ටයි හොදේ
    ඇත්තටම ලස්සනයි
    දැං කවි අකුරු පොට්ට වෙලා මොට්ට වෙලා ඒ හන්ද කවියෙන් රිප්ලයි බැනෙ

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මහේෂ්. ඔව් අප්පා එහෙං කාල එනවා. මොනවා කරන්නද

      Delete
  7. මලේ කටහඬ ඇහුණෙ නැති මුත්
    සුවඳ තවමත් දැනෙනවා
    ගිලී නොපැනි යන්න ගිය මුත්
    තවම සුවඳට පෙම් බැඳෙනවා.

    ReplyDelete
    Replies
    1. කන්ද මුදුනේ ගහේ අතුවල
      අලුත් මල් පිපෙනා පැයේ
      පරණ මල් වල හැඩය දුටුවේ
      බිඳුණු බුබුළකි ගං දියේ


      ස්තුතියි මනෝජ් . අග්ගිස්සට අමුණන්න තවත් කෑල්ලක් ලියවුනා ඔයාගේ කවිය නිසා

      Delete
  8. වසන්ත ආවේ නැද්ද? ඔය යකා අපේ අහටත් ආවේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. වසන්ත ගිහින් අර හොඳටම නිදා උන්න උන් දෙතුන් දෙනෙක් ඇහැරවල දාපු එක නම් ලොකු දෙයක්. අපි නම් ඉඳල හිටලා අහරෙනවනේ.

      Delete
    2. බොලා බීලා ඉන්න ඇති ඒ වෙලාවෙ...

      Delete
  9. වසන්තය මේ පැත්තටත් හමලා වගේ.. කයිය නියමයි..... දිගට ම ලියමු

    ReplyDelete
    Replies
    1. වසන්ත එද්දී මම ගමේ ගිහින්. හිටිය නම් තේ එකක් වත් දෙනවා. :D

      Delete
  10. ලස්සනයි. වසන්තය කවදාවත් ඉවර වෙන්නෙ නෑ බින්දි, හැම දාම අළුත් වන වසන්තයක් තියෙන්නෙ. මල් පිපෙනවා , පරවෙනවා, අලුත් මල් ආයෙත් පූදිනවා, මේක තමා ජීවිතේ.

    ReplyDelete
    Replies

    1. ඔව් අක්කේ ඒක නම් එහෙම තමයි

      Delete
  11. සුළඟ පමණයි දුටුවෙ මල් රොන්,
    පාවයන හැටි ගංදියේ,
    විසුල මල්පෙති ඔහේ නැටුවා,
    පිපුනු කෙකටිය මල්වටේ,

    කඳුලු ඉපදුනු මලක කෙමියක,
    මකරන්ද සේ දිලිසුනේ,
    විහඟ තුඩකට ලංව හිනැහුනි,
    සෙනෙහසක අරුමය දැනේ.

    ReplyDelete
    Replies

    1. අගෙයි රවී. හරි අගෙයි. ඇත්තටම සමහර වෙලාවට ලියවෙන ඒවා සින්දු වලටත් හොඳයි නේද.

      Delete
  12. සරලයි ! ලස්සනයි........

    ReplyDelete
    Replies
    1. ඔව් සිදු ..මටත් හිතට අල්ලපු පද ටික

      Delete
  13. අක්කලා මෙහෙම ලියනවනම් ඉතින් අපිට හැමදාම වසන්තය වගේ තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. එක පිළිවෙලකට කෙරෙන්නේ නැහැ ලිවිල්ලයි කියවිල්ලයි . එන එන විදිහට ඔහේ ලියනවා මල්ලි

      Delete
  14. පනින්නට පෙරලෙන්න වැටෙන්නට ඇවිත් ඇත දැන් වසන්තේ
    නිදාගත් වනම ඉන්නෙ ඇයි මල් පිපී ඇත දසන්තේ

    ReplyDelete
    Replies
    1. අපුරුයි සුදීක

      Delete
  15. අක්කට බක් මී මල් සුවඳ ගැන මොකද හිතෙන්නෙ..ඒක විඳින්න ආස හිතෙන සුවදක්...ඒ වගේද බක් මී මලේ ලස්සන. අපි පුංචි කාලෙ ගම කිට්ටුව බක්මී ගහක් තිබුනා...ඒ සුවද තාමත් රැයේ දුටු සිහිනයක් වගේ මතකයි.

    ReplyDelete