Thursday, 21 April 2016

පාට සිතුවිලි

පහුගිය කාලේ බ්ලොග් ලිවිල්ල එහෙම්ම අත් හැරුන. විවිධ හේතු නිසා. එකක් පරිඝනකය ලෙඩ දීම. අනික ලියන්න තරං එකලාසයක් නොතිබීම. නිතරම අහපු බලපු හැමෝටම ස්තුතියි.

ලිව්වේ නැතුවට පහුගිය කාලේ චිත්‍ර නම් සෑහෙන්න ඇඳුන. ලියන්න ගත්තට ඉතින් එක පාරට බැහැනේ. හිතත් විල වගේම තමයි. සැල්වීනියා ගලවල ඉවුරු සුද්ද කරලා ඉන්න එපාය. එතකං ඔන්න පහුගිය කාලේ ඇඳපු මල් ටිකක්.
 ඉස්සර මම තෙල් සායම් වලට අත ගහන්න බයයි. ඇයි ඉතින් උත්සාහ කරන්නවත් අවස්තාවක් නොතිබ්බ නිසා. දැන් නම් අන්තර්ජාලයේ නැති දෙයක් නැහැනේ.



 මේක මම හාපුරා අවුරුදු ගානකට කලින් දුවගේ චිත්‍ර ටිචගෙන් අහගෙන කරපු එක. තාමත් මං කැමතිම එක



 උද්‍යානයේ බිම වැටුන රොබරෝසියා මල්. මලක් ගෙදර ගෙනත් ඇන්දේ


 යාලුවෙක් දාල තිබ්බ පිච් මල් වල සේයා රුවක් අනුසාරයෙන්


 අපේ ස්ටයිල් එකේ අරලිය
 මෙව්වා නම් ඉතින් ඔහේ හිතිච්ච විදිහට ඇඳපු එව්වා

උණු උණුවෙම ඊයේ ඇඳපු එකක්. සමහර වෙලාවල් තියෙනවා පාට ගොඩක් උවමනා. එහෙම වෙලාවට කොච්චර වැඩ තිබ්බත් පොඩියට හරි පාට මලක් ඇන්දම හිතට දැනෙන්නේ සැනසීමක්. කවුරුත් පාට කරනකම් නොයිඳ තමන්ගේ පාට තමන්ම සොයා ගන්න එක තමා හොඳ. නැත්තන් වෙන්නේ ජිවිත කාලයක්ම කලුයි සුදුයි විතරක් දකින්න.

පාට සොයාගෙන නෙළුම් පිපෙනකම් අදට ඔය මදැයි.


74 comments:

  1. Replies
    1. ස්තුතියි ලෙවියාතන්. අමුතු නමක්. විශේෂ තේරුමක් තියෙනවද

      Delete
  2. අඩේ චිත්‍ර ටික නං මල් හතයි. හිත බොහෝසේ පහන් විය මේ බක් පෝය දවසෙ...ඇත්තමයි....ඔන්න ඔහෙ තව චිත්‍ර ටිකක් දාන්න අනේ කතාවක් ලියනකල්...:)

    මල් විතරෙයි ඔහෙ අඳින්නෙ? සිංහපුරේ බූමි දර්සන ඇඳපුව එහෙම නැත?

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳද හිත පහන් වුනා නම්. ස්තුතියි රවී. බූමි දර්ශන ටිකක් තියෙනවා. හිමිට දාන්නම්. වැඩිය අඳින්නේ මල් ඉතින්.යහමින් පාට උලන්න පුළුවන්නේ.

      Delete
  3. Wow... this is what I wanted. Way to go girly.... we will write back again.

    ReplyDelete
  4. බින්දි.....ඇත්තටම හරිම ලස්සනයි. දිගටම අඳින්න. මම කාලයක් එක ලේඩි කෙනෙකුට වැඩ කරා. අම්මයි, දුවයි දෙන්නම ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියන්. ඔවුන් තවමත් මගේ මිතුරන් කියා කියන්නෙත් පොඩි ආඩම්බරයකින්. . ඔයිල් පේන්ටින් තමයි වැඩිපුර කරන්නේ. Aru.

    Susan Crawford මේ තියෙන්නේ අම්මාගෙ වැඩ.

    Jemma Phippsමේ තියෙන්නේ දුවගේ වැඩ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි aru..අම්මෝ ඒ චිත්‍ර නම් මාර ලස්සනයි.සමහර මිනිස්සු අඳින ඒවා දැක්කම පුදුමත් හිතෙනවා ඔවුන්ගේ හැකියාවන් ගැන

      Delete
    2. චිත්‍ර නෙමෙයි ඒවා ෆොටෝ වගේ...

      Delete
    3. බුදු අම්මෝ.. එච්චර හැකියාවක් ! අදහන්නත් බෑ....

      Delete
    4. තිසර...... ඔව් මගේ ගාව ඔය බොහොමයක් පේන්ටින්ග්ස්වල පික්චර් පෝස්ට් කාර්ඩ්ස් තියෙනවා. මම ඔය චිත්‍ර බොහොමයක් අදින විට හිටියා. ඔමානයේ රජතුමාගේ චිත්‍රයක් ඇන්දා. ඒක දැන් එහේ රජ මාලිගාවේ තියෙනවා. ඒක බලන්න පුලුවන් ඒ මාලිගාවට යන කෙනෙකුට විතරයි දැන්. චාල්ස් කුමාරයාගේ හොඳ යාලුවෙක් මෙයා. ඒ නිසාම මට චාල්ස්ට දින කිහිපයක් වැඩ කරන්න අවස්තාවක් ලබුනා ඒ කාලේ. ඒක ලොකු අත්දකීමක්. දුව චිත්‍ර ඉගෙනගත්තේත් ලෝක ප්‍රසිද්ධ ෆ්ලොරෙන්ස්වල.

      Delete
    5. මමත් කැමති මේ වගෙ චිත්‍ර වලට තමයි. මොඩන් ආර්ට් මට අඅල්ලන්නෙම නෑ.කියුබිස්ම් කියයි, විභජ්ජවාදය කියයි, නියුඩිස්ම් කියයි,අත්ථ කිලමථානුයෝගය කියයි අනේ මන්ද මට එව්ව ඔක්කොම විකාර වගේ. පිකාසෝගෙ චිත්‍ර වලට ඩොලර් කෝටි ගණං මිල කරනකොට මගෙ ඔලුව නරක් වෙනව.

      ඇයි අර සීන් එක අහල නැද්ද? මැඩ්‍රිඩ්වල කලාගාරයක පිකාසෝගෙ චිත්‍රයක් එල්ලල තිබිල තියෙන්නෙ උඩ යට මාරු කරල. ඒ වැරැද්ද අහුවුනාය කියන්නෙ අවුරුදු පහළවකට පස්සෙ. උඩ යට නෙවෙයි මම නම් කියන්නෙ පිකාසෝගෙ චිත්‍රයක්, චිත්‍රෙ ඇඳල තියන පැත්ත බිත්තියට හරවල එල්ලල තිබ්බත් මිනිස්සු කිසිම හාවක් හූවක් නැතුව පෝලිමේ ඇවිල්ල බලල යයි.

      Thanks Aru for links...:)

      Delete
    6. Realistic painting වලට ලොකු සහජ හැකියාවක් පුහුණුවක් ඕනේ. මොඩන් ආර්ට් නිසා ඉතින් ඕනෑම කෙනෙක්ට ඕනානම් චිත්‍ර අඳින්න පුළුවන්. පිකාසෝ නේද කිව්වේ හැමෝම උපදින්නේ ආර්ටිස්ට්ලා විදිහටය පස්සේ ඒ හැකියාවන් නැති කරනවා කියල. මටත් උන්දගේ ආර්ට් නම් අල්ලන්නේ නැහැ ඉතින්. සමහරක් සම්මානනීය මොඩර්න් ආර්ට් අර රජතුමාගේ ඇඳුම වගේ තමයි. කොහෙද මියුසියම් එකක තිබ්බ ලෝක ප්‍රසිද්ධ කලා නිර්මානයක් සුද්ධ කරන මනුස්සය කාලි එක්කහු කරලා කුණු මල්ලකට දාල. නිර්මාණයෙන් නිරුපනය වුනේ සාදයකට පස්සේ කාමරයක්. අහන්නත් දෙයක්ද ඉතින් අර මනුස්සය සුද්ද කරපු එක. ඇත්තටම බි බි සි යේ තිබ්බේ.

      Delete
    7. //චිත්‍ර නෙමෙයි ඒවා ෆොටෝ වගේ...// * 2

      Delete
    8. මොඩ්න් ආර්ට් කියල තියෙන සමහර ඒවා බහුබූත තමයි.. පිකාසොගෙ තියෙන ශෛලිය වෙනස්.. මටත් පිකාසෝ අල්ලන්නෙ නෑ ඉස්සර.. හැඩතල ටිකයි පාට ටිකයි... අරෙහෙන් මෙහෙන් ගහපු පින්සල් පාරවලුයි.... හැබැයි වැඩේ කියන්නෙ ටිකක් හොඳින් බලනකොට, එහෙම නැත්තං දෙතුන් පාරක් බලනකොට මොනවහරි අලුත් දෙයක් ඒ චිත්‍රවල මතු වෙනව.. පළවෙනි පාරෙදි අපේ ඇහැට මඟහැරුනු... හරියට දිය ඇල්ලක් වගේ.. බැලූ බැල්මට පේන්නෙ වතුර පාරක් උඩක ඉඳල පල්ලෙහාට වැටෙනව විතරයි.. ඒත් ළඟට ගිහින් බැලුවම පේනව ගල්වල වැදිල විසිවෙන වතුර බිංදු ඇතුලෙ දේදුන්නක් පායල තියෙනව...

      Delete
    9. අරූ ...ඇත්තටම ඔය රටවල ආර්ටිස්ට්ලා ඉතින් රජවරු වගේ තමයි. ඒක නෙමේ ඊයේ නේද චාල්ස්ගේ අම්මගේ උපන්දිනේ.

      Delete
    10. ඔව්.90 උපන් දිනේ. බින්දි මම නම් ඔය රජ සිස්ටම් එකට විරුද්ධ කෙනෙක්. නමුත් බොහොමයක් සුද්දෝ සුද්දියො මේ රජ පවුලට ගරු කරනවා. කොච්චර පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තිබුනත් රාජකීයත්වය රටට ආඩම්බරයක් කියලා ඒ අය හිතනවා. ඒක තමයි එංගලන්තයේ තියෙන වෙනස. ඒ වෙනස ගොරහැඩි නැහැ.

      Delete
    11. අපිට මොකෝ ඉතින් නේද .ඒගොල්ලන්ගේ සංස්කෘතියනේ. ඉස්සර වගේ රටවල් අල්ලන්න යන එකක්යැ.

      Delete
  5. ලක්ෂණ පිංතූර කිහිපයක්ම තිබෙනවා කදිමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අමිල

      Delete
  6. චිත්‍ර වලින් බ්ලොග් පෝස්ට් එකක් ගොඩදාපු පළවෙනියා ඔයාද දන්නේ නෑ. අර උඩම එක නම් මාර ලස්සනයි... හැබැයි වෙන කාගෙදෝ නමක්නෙ තියෙන්නේ :) :) :) අර අන්තිම එක නම් උණු උණුයි තමයි මගෙ අතෙත් පාට ගෑවුණා.

    එහෙනම් බින්දිටත් වසන්තය ඇවිත් වගේ නේද.....

    ReplyDelete
    Replies
    1. තිසර,

      අපෝ නෑ.. කාලෙකට උඩදි මම පෝස්ට් දෙකක්ම ගොඩ දාගත්තා, පොඩි එකාගේ චිත්‍ර වලින්.... හෙහ් හෙහ්....

      Delete
    2. ලියන්න ඕනෑකම තිබ්බට මේ කම්පියුටරය ලෙඩ නිසා බැරි වුනා තිසර. හේ හේ සෙන්නෝ එහෙනම් මට අපේ පොඩි දෙන්නගේ එව්වයින් වැඩක් ගන්න පුළුවන්. අක්ක නම් සත්තු මිනිස් රූ හෙම හොඳට අඳිනවා. නංගි නම් වැඩි බර මොඩර්න් ආර්ට් පැත්තට

      Delete
  7. වෙල් කම් බැක් කිව්වා.. අපේ හාමිනාත් හොඳ පේන්ටර් කෙනෙක් තමයි...

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ මාතලන්. හාමිනේගේ චිත්‍රයක් දෙකක් දාන්නකෝ බලන්න

      Delete
  8. හප්පේ මෙන්න නෙළුම් විලේ මල් පිපිලා....මාරම සතුටක්... මාරම සතුටක්....

    චිත්‍ර ටික පංකාදු පහයි...කිව්වත් වගේ හිත පහන් වෙනවා....බින්දිගෙ හැකියාව අපූරුයි...

    සිංහල බ්ලොග් ලෝකයේත් මල් පිපෙන කාලයයි මේ.. පරණ ලියන්නෝ ඔක්කොම එක එකා අවදිවෙමින් ඉන්නවා....

    "කවුරුත් පාට කරනකම් නොයිඳ තමන්ගේ පාට තමන්ම සොයා ගන්න එක තමා හොඳ. නැත්තන් වෙන්නේ ජිවිත කාලයක්ම කලුයි සුදුයි විතරක් දකින්න."

    දවසේ කියමන..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්න. ආයේ ඔබ සැම මුණගැහිම ලොකු සතුටක්.

      Delete
  9. බොහොම වටිනවා ඔබේ පැමිණිමත් වාසනවාක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි MPP

      Delete
  10. අගෙයි ඒ රූපටිකනං............. ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ,,දැක්ක කල්

      Delete
  11. එනවා.. එනවා.. බ්ලොග් වසන්තය ළඟ ළඟම එනවා.. මේකේ ලින්ක් එක අහන්නේ නැතුවම ගිහින් බ්ලොග් වසන්තයේ එල්ලනවා. :)

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක සැහැල්ලුවෙ. එච්චරම ගොඩක් ලියන්න වෙයිද දන්නේ නැහැ. දෙක තුනක්වත් ලියවෙයි අඩුගානේ.කල්‍යාණ මිත්‍රයෝ ඉතින් ඔහොමනෙ

      Delete
  12. විලේ පිපුණේ පින්තාරු මල් වුනත් සුවඳයි, අගෙයි.

    බින්දිගේ පින්තාරු රටා හරිම ලස්සනයි, මොනවා කිව්වත් මොඩර්න් ආට් වලට මම වඩාත් කැමැතියි.

    මෙන්න කියමන:
    //කවුරුත් පාට කරනකම් නොයිඳ තමන්ගේ පාට තමන්ම සොයා ගන්න එක තමා හොඳ. නැත්තන් වෙන්නේ ජිවිත කාලයක්ම කලුයි සුදුයි විතරක් දකින්න.//

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහොම...මොඩර්න් ආර්ට් හුඟක් ලස්සණ ඒවා තියෙනවා.සමහර දේවල් ඉතින් අපිට තේරුම් ගන්න බැහැ. මිනිස්සුන්ගේ පරිකල්පනයට සීමාවක් නැහැනේ.

      Delete
  13. වසන්තයට විලෙහි මල් පිපුනු එක ගැන සතුටුයි. නෙලුම් විලට කාලෙකට පස්සේ ආවාම හරියට පරණ යාලුවෙක් හමුවුනා වගේ සතුටුයි. මටත් දැන් එකලසයක් නැති එකේ, හාමිනේලා ගැන කියලාවත් කෙහෙල්මලක් පූදවන්න ඕන. (පූදවන්න කියලා වචනයක් තියෙනවද?)

    ReplyDelete
    Replies
    1. ඔව් අර මුණු පොතේ කොයිතරම් නම් ලස්සණ අත්දැකීම් නාස්ති වෙනවද. අර කුනිස්සෝ පෙරණය ගැන කොයිතරම් ලස්සණ කෙහෙල් මලක් පුදවන්න තිබ්බද. වචනයක් තිබ්බ නැතා කමක් නැහැ.

      Delete
    2. අඩේ මූව කන්න එපැයි... මූණු පොතේ කූනිස්සො පෙර පෙර ඉන්නවද ? ඇහුවොත් කියන්නෙනම් හුස්ම ගන්නෙත් රොස්ටර් එකකට කියලා...

      Delete
    3. දැන් ඉතින් ලියන්නම වෙනවනේ.ඇයි අර බ්ලෙන්ඩර් එක. ඔය ඉතින් රෝස්ටර් එකට හුස්ම ගන්න ගමන් වෙන දේවල් වෙන්න ඇති

      Delete
  14. ඔයාගේ බ්ලොග් එකේ නම පේන්නේ නැ , තිතක් විතරයි පෙනෙන්නේ ,ඒ ඇයි (මගේ බ්ලොග් රෝලේ බලන්න)

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක Rename කරපං එතකොට හරි.

      Delete
    2. ඇයි එහෙම වෙන්නේ නම් දන්නේ නැහැ අටම්. පින්තුරේ ඇතුලේ නම තියෙන නිසාද. මගේ බ්ලොග් රෝලේ නම් නම් පේනවා

      Delete
    3. සෙටින්ග් වලට ගිහින් Basic සෙටින්ග් වල Title එක හදන්න එතනට ඔයා තිතතක් විතරක් තියල ඇති

      Delete
    4. ඒක තමයි හේතුව මගේ අවුලක් නෙමෙයි

      Delete
  15. හම්මෝ බින්දි... කාලෙකින් ඔයා... කාලෙකින් චිත්‍ර.... ඔයා මගේ පිස්සු වැඩි කරනව... හි හි..

    පළවෙනියට දාලා තියෙන එකට මං ආසයි... ඔයිල් පේන්ටින් වලත් තදට තදේ උලනවට වඩා මේ වගේ සොෆ්ට් බ්‍රෂ් ස්ට්‍රෝක්ස් මාර ගති...

    මං හරි ආසයි ඔයිල් පේන්ටින් කරන්න.. ඒත් ඒකට අවස්ථාවක් හම්බුනේ නෑ.. හම්බුවෙන පාටකුත් නෑ.. කසාදෙ සහ කම්පියුටරේ හින්ද කරන්න බැරි වෙච්ච දේවල් වලින් ලොකුම පසුතැවිල්ල...

    ReplyDelete
    Replies
    1. කසාදෙ හින්ද කරගන්න බැරි වෙච්ච ඒවා ..හ්ම්....ඕවා ඉතින් අපි කාටත් වෙච්ච දේවල්.
      ඔයිල් වලට වඩා දැන් හුඟක් ජනප්‍රිය ඇක්රිලික්. අන්තිම දෙක ඒවා.ඉක්මනට වේලෙනවා. වැඩි වෙලාවක්ගත කරන්න බැරි වෙලාවට හොඳයි.දියකරන්නේ වතුරේ නිසා බ්‍රෂ් හෝදන්න හෙම ලේසියි .
      ඔයිල් වේලෙන්න දවස්ගානක් යනවා. දියකරන්න ඔයිල්, හෝදන දියර එනම් මනම් ගොඩයි.
      හැබැයි මම ඔයිල් වලට වඩා කැමතියි.

      Delete
    2. ඔයාට හොඳ අඳින්න පුළුවන් බව මට මතකයි

      Delete
    3. මං දැං චිත්‍ර අදින්නෙ කේක් වලනේ... හි හි

      Delete
  16. Replies
    1. ස්තුතියි ඩබ්.කේ

      Delete
  17. චිත්‍ර ටික නම් ෆොටෝ වගේ තමා , බ්ලොග් එකේ නම පෙන්නේ නෑ , තිතක් තමා එන්නේ ඒ මොකෝ

    ReplyDelete
    Replies
    1. අනේ ඉවාන් ඇත්තටම දන්නේ නැහැ ඒ ඇයි කියල. උපදෙස් අවශ්‍යයි

      Delete
    2. මටනම් කිසි අවුලක් නෑ...

      Delete
  18. අත්‍යාලංකාරයි.. සේරම ටික සේව්කරගත්තා.. බොහොම ස්තූතියි බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනොෂ්

      Delete
  19. වෙැල්කම් බැක්.. නෙලුං නැති දවස් වල නෙලුං යායක්ම තිබුනා අපට..හැක්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. තැන්කියු තැන්කියු....අපි දැක්ක

      Delete
  20. නෙළුම් විලේ විවිධාකාර සුන්දර මල් වර්ග පිපිලා! බින්දිගෙ සිතුවම්වල වර්ණ සංකලනයන් හරිම අපූරුයි. ඒවට පුළුවන් සමහර වෙලාවට අපිව සන්සුන් කරන්න; තව වෙලාවක සිත පුබුදු කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලිනි ..

      Delete
  21. ඔබේ නැවත පැමිණීම සතුටක්.ච්ත්‍ර ටික දැක්කම ගෙනත් බිත්තියෙ එල්ලගන්න ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප.

      Delete
  22. පුදුම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපේක්ෂා

      Delete
  23. වසන්තයේ පිපි මල්!


    චිත්‍ර කියන්නෙත් භාවනාවක් නේ? අර රවී කිව්වැහෙ භූමි දසුන් ටිකක් දාන්න, පිරිමි උන්දැල මල් වලට නෙමේනී වැඩිය මනාප.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පටන් ගත්තම වෙලාව යනවා දැනෙන්නේ නැහැ.පිරිමි මල් වලට අකැමතියි??හැබැයි මල් කඩන්න දක්ෂයි

      Delete
  24. ලස්සනයි. අයියෝ මට බැරිම දෙයක් තමා චිත්‍ර.

    ReplyDelete
    Replies
    1. වෙන හැකියාවල් ගොඩක් තියෙනවනේ සයුරිට

      Delete
  25. මල් සුවද මෙහෙටත් දැනෙනවා.සයුරිටත් වගේ මටත් බැරිම දෙයක් තමයි චිත්‍ර.හැබැයි චිත්‍ර අදින්න බැරිකම චිත්‍ර රසවින්දනයට නම් ගැටලුවක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්.ගණන් ගන්න එපා.හරියට මට සින්දු කියන්න බැහැ වගේ තමයි

      Delete
  26. කට්ටියට තිතත් හරි පෙන්නනව. මට මේක අප්ඩ්ට් වුමෙ නෑ කළණෙ මූණු පොතේ එල්ලල තියෙනව දැකල තමා ආවෙ
    ලස්සනයි බින්දි.. සෑහෙන දවසකින් නේද.. සන්තෝසයි නෙළුම් වලේ මල් පිපෙන්න පටං ගන්නව දැක්කම..
    චිත්‍ර ටිකත් ලස්සනයි හොඳ්... අපූරුයි..
    ජයවේවා...

    බ්ලොග අන්ෆලෝ කරල ෆලෝ කරල වත් බලන්න වෙනව...

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නිසා බ්ලොගර්ටත් අප්සෙට් ඇති ...හා හා .ස්තුතියි මහේෂ්.පරණ මිත්‍රයෝනේ

      Delete
  27. චිත්‍ර ටික ලස්සනයි.. මටත් මඟහැරුණු තවමත් ඒ ගැන දුක හිතෙන දේවල් තමයි සංගීතය සහ චිත්‍ර... මක්කරන්නද?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඔය කියන්නේ නැටුම් පුළුවන් කියලනේ... හරි ඊළඟ ඉවෙන්ට් එකේ නැටුම තරුරසි ගෙන්.. නැද්ද? අන්න එහෙමයි හැකියාවන්ට මම අත දෙන්නේ!

      Delete
  28. මේ චිත්‍ර ලස්සනයි. ඔයිල් පේන්ට් වලින් අඳින්න ලේසියි කියන එක තමයි මගේ විස්වාසේ. මොකද smooth gliding කරන්න පුළුවන්. ඒ වගේම වර්ණ සම්පූර්ණයෙන් මිශ්‍ර කර හෝ අර්ධ මිශ්‍ර කර අඳින්නත් පුළුවන්. එතකොට අමුතුම රටා මැවෙනවා. ඒ වගේම ෆිනිෂින් වල බ්‍රයිට් ගතිය තියෙනව. පොඩි කාලේ තොරණක් ඇන්දා මතකයි. බින්දී ලියන්න ගත්ත එක හොඳයි. දැන් අපේ බ්ලොග් ලෝකේ ආයේ ආපස්සට ගිහිං මුල ඉඳලා එනවා වගේ වැඩක්. හරියට "බැක් ටු ස්කූල්" වගේ "බැක් ටු බ්ලොග්ස්" වැඩක් මේක.

    ReplyDelete