Friday, 6 May 2016

සරත් සඳ මත

කැඩුණු සමනල් තටු මත නැගී
සරමි අහසේ
නිවුණු තරු වල හැපෙමින්........

බිම බලමි ඉඳහිට

සරත් සඳ මත හිඳ...රහසින්

රෝස පෙති වැටී
පරවුණු නිස්සාර
......පොළොවින්

පිපී ඇතිදැයි මලක්
අසමි අසරණ
.........පතොක් පඳුරින්


පහන් තරුවයි ඔබ
එදා ගිලිහුණු
....මගේ නෙතඟින්

සුවඳ මුදු කුසුම මා
සදා ගිලිහුණු
........ඔබේ සුරතින්


......බොහෝ අය නෙළුම් විල ඉවුරේ සරන්නේ ඉතා දිග අතීත අනුස්මරණයන්  ,,,ඇවිද ආ ගිය තැන් මතින් පිපි නෙළුම් දකින්නට .. නමුත් මා මුලින් පෙම් බැන්දේ කවියට.
මගේ සමකාලීනව එදවස කවි ලියුවන් මා පසු කර බොහෝ දුර ගොස් ඇත.
ඉදින් ඉඳහිට මා ලියන දුප්පත් කවි කැබලි ඉවසන ලෙස ඉල්ලමින් ....

ප.ලි .

තරමක සංක්‍රාන්ති සමයක් නිසා පෙර මෙන් කමෙන්ට් වලට උත්තර දීමේ යුතුකම් මග හැරුණහොත් එයටද සමාව ......IN ADVANCE...... PLEASE!!!!!!!

46 comments:

  1. මම නම් නෙළුම් විලට මුලින්ම ආවේ කවි දැකලා වගේ කියලයි මට මතක තියෙන්නේ... "මග හැරුණු කවි මිතුර" කවිය නම් තාම මතකයි....

    ReplyDelete
    Replies
    1. thank you all. that was the best...will comment soon

      Delete
    2. මගෙත් හිතේ ඇඳිල තියෙන නෙළුම් විලේ කවිය තමයි මේ..

      Delete
    3. මගෙත් මාතින් ලියවුනු හොඳම පද ටික

      Delete
    4. අනී... මට නං කවි කියන්නෙ නිකං ග්‍රීක් වගේ අනී... :-D

      Delete
    5. ගහට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබ්බලු නේ බුරා?

      Delete
    6. ගහට නැග්ග එක ගැනවත් සලකලා අඩුගානෙ ඉස්ටූටියක් වත් කරහංකො... :-D

      Delete
  2. රළ නඟන විල මනරම්ය
    පිපෙන කවිමල් බෝ සුවඳය

    ReplyDelete
    Replies
    1. ඒ මල් සුවඳ ඔබ සැමටයි

      Delete
  3. නෙළුම් කවියක හැඩය
    තවමත් පෙර පරිදිමය
    බොහෝ වෙනසක් නැතත්
    ලැබෙන හැටියට ඉවසත්

    හිහි.. ජයවේවා

    ReplyDelete
    Replies
    1. දනෝ මෙහි එත්
      යස කවි ලියත්

      Delete
  4. ඉවසා වදාරනවා ඉද හිට හෝ එන නිසා.. ජය

    ReplyDelete
    Replies
    1. එසේය දේශකයාණන් වහන්ස

      Delete
  5. සුන්දරයි..............

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජය කුරුටු

      Delete
  6. සරත් සඳමත හිඳ බලන්නේ කොහිද බිම බලන්න එපා සරත් වැටෙයි.

    ReplyDelete
    Replies
    1. අසන්නන්ගෙ ඉල්ලීම් වලට කෝල් කරල, අය්ය මම බෙලි අත්තෙ ඉඳන් කතා කරන්නෙ කිව්වලු.

      Delete
    2. නෙලුම් විල පුරා මල් පිපිල, සුජීවල බුරාල මල් වලින් එකිනෙකාට දමා ගැසූ ඒ සොඳුරු අතීතය....අහෝ මා වයසට යමින් තිබේ!

      Delete
    3. වැටුනොත් පතොක් අකුලට තමයි

      Delete
    4. ඒක නේන්නං ..කොකා නම් අන්න කමෙන්ට් කරන හැටි උගන්නනවලු
      බුරාව කණෙන් ඇදගෙන එන්න ඕන

      Delete
    5. කණෙන් ඇදන් එන්ටත් ඌව හොයාගන්ට එපායැ... ;-)

      Delete
  7. ඕන් බලහල්ලකො, මූ නිකමටවත් කීව්වේ නෑනේ හඳට ගිය කතාවක්... :)

    ReplyDelete
    Replies
    1. කිව්වා නම් කට්ටිය එල්ලෙනවනේ පස්සෙන්. එතකොට ඉතින් අර අලියාගේ නැට්ටේ එල්ලුනා වගේ

      Delete
  8. "සරත් සඳ මත.." පේළිය දැක්ක ගමන්ම කවියක් ඇති කියලම හිතුනා..

    සවන් පත් සැලී - ඒ හඬ අසන රිසියෙනී
    නිසංසල වෙයව් - පෙම් ලොව හඬන වැසියෙනී....

    ReplyDelete
    Replies
    1. හරි ලස්සණයි. තිස්ස අය්යාද ලිව්වේ

      Delete
    2. "නෙළුම් විල මමයි - ඔබ එය අවදි කල හිරුයි
      යලිත් වෙන් නොවේ - තුන් ලොව ගිලී යන තුරූ"
      -- ශ්‍රීමතී තිලකරත්න --

      Delete
    3. නෙළුම් විල, නෙළුම් විලේ ගීතය නොදනී?
      https://youtu.be/qFY5FRc96KM


      Delete
    4. හිරුයි නොව හිරූ විය යුතුයි.

      Delete
    5. ඔබයි ඇඳුනු ජීවන රේඛාව මා අතේ
      ඉතිං ඔබට භාර නේද මගෙ අනාගතේ//////////

      දැන් සින්දුව සම්පූර්ණයි නේද?

      Delete
    6. වඩුවාගේ ගෙදර පුටුව නැහැලු නේ කතන්දර

      හැමෝටම ස්තුතියි රසවත් ගීය වෙනුවෙන්

      Delete
  9. ලස්සන කවියක්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතු

      Delete
  10. ඉතා සුන්දර කවියකි
    නෙළුම් පෙති යට
    විසි වී තිබී
    හමු වුණ..

    අප හදෙහි පැතුම් ය
    නිරතුරු
    කව් කැකුළු
    දකිනු රිසියෙන..!!

    ReplyDelete
    Replies
    1. විටින් විට සිසිර නින්දෙන් ඇහැරෙමි

      ස්තුතියි වැසි දැරිය.

      Delete
  11. බොහෝ සොඳුරු කවි පද අතර සැරිසරමි... කවි හිත හමුවන තෙක් !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ..අපි හමු වෙයි නංගි

      Delete
  12. පුබුදු කල නෙළුම් පෙති
    අවදි කෙරුවා කවි සිතුවිලි
    නෙලන්නට ඒ මියුරු කවි
    විලට බසිනෙමි නගා දිය රැලි

    ReplyDelete
    Replies
    1. පිපෙන මල් සුවඳ සැමටයි
      ස්තුතියි මනෝජ්

      Delete
  13. ගිම්හානයේ සඳවත
    අහසින් බැස....
    සොයයි සීතල වලා පටල
    එතෙන්නට .............
    වලාපටල .
    හිරිපොද වැටෙන තුරු බලා ඉදී
    තරුවියන මත වියන් බැද
    අහෝ!විජිතය .
    පෙම්බර විජිතය..
    එන්න අහසෙන් බසින්න....
    හීතල හිම වස්සන්න පොලවට...
    හිම කුමරි ගිනියමේ...

    ReplyDelete
    Replies
    1. හරිම අපුරුයි.

      Delete
  14. පිළිසකර කල සමනල් තටු
    මත  නැඟි
    දල්වමි නිවුණු තරු කැට..


    බලමි සැමවිට
    සරා සඳ මත හිඳ හැමට පෙන්නට
    රෝස පෙති වැටී
    හැඩවුනු සරුසාර  පොළවින්
    අසමි  පිපි ඇතිදැයි මලක්
    පන ගැහි එන නීල කඳු පාමුල


    පහන් තරුවයි ඔබ
    සඳා දැල්වුනු
    මගෙ නෙත ලඟ

    සුවඳ මුදු කුසුම මා
    සදා ගිලිහුණු
    ........ඔබේ සුරතින්

    Very beautiful lines.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පිළිතුරු පමාවට ...හරිම අගෙයි. මගේ කවියක් කියවා තව සිතක කවියක් ලියවීම යනු ...මට මහා සතුටක්
      බොහොම තුති ඒ සතුට වෙනුවෙන්

      Delete