Friday, 13 May 2016

නාගරික කවි



එබෙන්නට නැති යයි උදෙන්
නිල් කඳු වළලු කෙත් වතු ඕවිටි
මදක් වත් අමනාප නැති ඉර 
මෙහෙත් පායයි
කෙට්ටු උස ගොඩනැගිලි ...
..මත රටා අඳිමින්


නිතර සද්දෙන් කාර් බස් යන
ඉතා රළු  පාර අයිනෙන්
ඉඩ තිබුණි පිපෙන්නට
පුංචි මලකට හිනාවී
කොන්ක්‍රීට් කැබලි
....අස්සෙන්

තටු රිදී වෙහෙස වුන 
සමනලයෙකුට පොඩි 
ඉඩ තිබේ හුස්ම ගන්නට 

ඉරි තැලී රිදුම් දෙන 
....පොළොවින්   

.............................................
පාර දිගේ හිතේ ලියන පොඩි කවි 

පින්තුරය ....කාලෙකට පෙර ලොක්කි ගත්තු එකක් 

17 comments:

  1. මේ පිපෙන්නේ
    ඒ මලක්මයි
    නැති උනත්
    සුන්දර වතුපිටි හොදින්.
    සමනළුන් එයි
    සුවඳ ලද සැනින්
    පරව යන්නට මත්තෙන්.

    ReplyDelete
    Replies
    1. මල්ලි පොතක් ලිව්ව බව අදක්ක . පහුගිය කාලේ හිටියේ ලියන කියවන මුඩ් එකක නෙවේ.මම හැකි විටක ඒ පැත්තේ එන්නම්. තව පොතක් එක්කහු වුනා ලිස්ට් එකට

      Delete
  2. සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු

    ReplyDelete
    Replies
    1. මෙපුර සිරි විසිතුරු
      සැවොම දනිති
      ලියනු කුමටද මිතුරු

      Delete
    2. ඔය ලියලා තියෙන්නේ එහෙනම් හැරෙන තැපෑලෙන්!
      https://nelumwila.blogspot.com/2016/05/blog-post_14.html

      Delete
    3. ඒ ඉතින් නොදන්නා ඒවානේ ...

      Delete
  3. ඒ ඒ වෙලාවට හිතට එන කවි මාර ලස්සනයි. වැඩේ කියන්නෙ ඒ වගේ වෙලාවට මොකක් හරි තිබ්බෙ ැත්තං ලියාගන්න හරි වොයිස් නෝට් එකක් හරි දාගන්න විදියක් කවියත් සුං
    කවය ගති.. අපුරුයි ඇත්තටම
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙම අන්තරස්දාන වෙන කවි නම් තියෙනව තමා. මම නම් දැන් පොතක් පාවිච්චි කරනවා.
      ජපන් කඩේකින් ගත්තු පොඩි පොතක් තියෙනවා. කවි කළල වගේම මට විතරක් ලියා ගන්න ඉතාම පුද්ගලික කවි ඒ පොතේ ලියනවා
      ස්තුතියි මහේෂ් මම අවන්හල පැත්තේ ගියා කාලෙකින්

      Delete
    2. ඔය ප්‍රශ්නෙ නම් මටත් තියෙනවා.. එහෙම එන කවි ටික වෙලාවකින් අතුරුදහන් වෙනවා..

      Delete
  4. මේ ලෝකයම මහා සංකීර්ණත්වයක් ගොඩනගාගනිමින් ඉන්නවා. ඒ අතර සුන්දර ස්වාභාවධර්මය අතරමං වෙනවා.... වෙලාවකට.......

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ස්වභාවධර්මය තමන්ගේ පාර සොයා ගන්නවා කොච්චර අමාරු වුනත්..නේද කුරුටු

      Delete
    2. හ්ම්........ මිනිස්සු හිතාගෙන ඉන්නේ සියල්ල වෙනස් කරා කියලා.... ඒත් එක වතුරපාටක් වුණත් ඇති මිනිස්සු හදපු සියල්ල සුනුවිසුනු කරන්න........ ස්වාභාවධර්මය අපිට වඩා ගොඩක් උඩින් ඉන්නේ...

      Delete
  5. පළමුව, පිංතූරය ගොඩාක් හිතගත්තා.

    කොන්ක්‍රීට් වනයේ හිතේ ඇඳෙන කවි සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ලොකු දෝනි ගත්තු එකක් අය්යේ හුඟක් කාලෙකට කලින්

      Delete
  6. ///Did you hear about the rose that grew
    from a crack in the concrete?
    Proving nature's law is wrong it
    learned to walk with out having feet.
    Funny it seems, but by keeping it's dreams,
    it learned to breathe fresh air.
    Long live the rose that grew from concrete
    when no one else ever cared. //////
    Tupac Shakur

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සණයි ඇරුන

      Delete
  7. නාගරික කවි කිව්වම එක පාරට මතක් වුනේ අපි පොඩි කාලෙ නිතරම පත්තරවල තිබ්බ වචනයක්. නාගරික ගරිල්ලන් ( Urban Guerillas ) ඒ වගෙ ඔහෙගෙ නාගරික කවි වලට එක්කො Urban Poems කිව්වැහැකි. එහෙම නැත්තං Municipal Poems එහෙමත් නැත්තං Metropolitan Poems…:)

    ReplyDelete