Saturday, 14 May 2016

මෙපුර සිරි විසිතුරු .......

ලෝක සිතියමේ සොයා ගන්නටවත් බැරි කුඩා දුපත.රටක් කීවාට ලොකු රටක නගරයක් තරමටවත් ලොකු නැති කුඩා දුපත. ලංකාව මේ වගේ කරන්නම්හයි 77 සිට දෙස්පලුවන් වහසි බස් දොඩන සිංගප්පුරුව ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.
නමුත් පුංචි කුහුඹුවන්ටත් සෙවණැල්ලක් තියෙන්නාසේ මේ කුඩා රටටත් ඔවුන් ආදරය කරන කෙටි මුත් ඉතිහාසයක් ඇත. ඒ ගැන ඉඩක් ලද විට ලියන්නට කරුණු ගොන්නක් සිතේ ගබඩා කොට තිබේ. ජංගම දුරකථන දෙකකටම පසුගිය වසරේ අපල කාලයක් එළඹුණු බැවින් ගන්නා ලද වටිනා පින්තුර රැසක් විනාශ වුයෙන් පින්තුර සොයා එකලසක් කොට ඉතිහාසය ගැන ලියන්නට සිතා සිටිමි.
නෙළුම් විල අයිතිකාරිය හිම වලසෙක් මෙන් සිසිර නිද්‍රාවට නොවැටී සිටියහොත්.

සංචාරකයින් නිතර මෙහි එන්නේ විනෝද වන්නටය. සෙන්තොසා නම් විනෝද ක්‍රීඩා සහිත දුපත යුනිවර්සල් ස්ටුඩියෝ වැනි ස්ථාන ගැන අසා නොමැති කෙනෙක් නැති තරම් වන්නට හැක. සුපිරි වෙළඳ සල් සපිරි ඔර්චාර්ඩ් විදී ද මෙහි එන්නන් මග නොහරින තැනකි.
ඒ හැරුණු කොට මුස්තාෆා නම් පැය විසිහතරේම විවර වූ .... අම්මා තාත්තා හැර ඕනෑම දෙයක් මිලට ගත හැකි සාප්පු සංකීර්ණය විදේශිකයින් නොවරදවා වන්දනා මාන කරන ස්ථානයකි. වෙසෙසින්ම දකුණු ආසියාතිකයින්.

එව්වා ගැන ලියන්නට එතරම් ආසාවක් නැත. නමුත් වෙසෙසින් මා සිත ගත් සිදුවීමක් තිබුණහොත් ලියන්නට පොරොන්දු වෙමි .
සිංගප්පුරුවේ මා වැඩියෙන්ම කැමති ගහකොළ වලටය. නගරයක් යනු කොන්ක්‍රීට් ගොඩක් නොවෙන බව දැකීමය.
වැඩි කතා කුමට ..සංචාරයකට පැමිණියත් ඔබ වැඩිපුර නොදකින සුන්දරත්වය මගේ කැමරාවෙන්.




ඇට්ටේරියා ..පිපුනම ඉතින් පලාතම සුවඳයි .ඉස්සර අපේ ගෙදර වැටට හිටෝලා තිබුණ ගහක්. ඉතින් මේ මල් දැක්කම මම ගෙදර










උදේ හිරු එළියේ නැහැවෙන අශෝකා,.මේක ගත්තේ මගේ මිතුරියක් එක්ක ඇවිදින ගමන්. එයා මේ මල දන්නේ නැහැ. ඇත්තටම මට හමුවුන පිටරැටියන් හුන් දෙනෙක් වැඩිය ගහ කොළ අඳුනන්නේ නැහැ. නගරවල හැදුනු අය. එයාට පුදුමයි උද්‍යානයේ තියෙන හුඟක් ගස් වල නම් මම දන්නවා කිව්වම. ඒ ඉතින් අර පොඩි කාලේ ලැබුණු තෑග්ගක්. ඊට පස්සේ උසස් පෙලදී උසස් අධ්‍යාපනයේදී උද්භිද විද්‍යාව මගේ ප්‍රියතම විෂය වුන එකේ ප්‍රතිපල. හැබැයි ඉතින් දැන් ඉතින් ශාක ගැන දැනුම පාවිච්චි වෙන්නේ හැඳි මිටේ දිගට. හැන්දෙන් ගිලිහිලා හොද්දට. ඊට පස්සේ බඩට. මට  වෙච්ච දෙයක් කියල හිතෙන්නේ ඉතින් ඔය වෙලාවට.



මේ ටිකකි . ඉදිරියට තව දකින්නට සලස්වමි.



44 comments:

  1. ඔය පාට දෙකේ අශෝක වර්ගය දුර්ලභ ශාකයක්ලු... ගොඩක් පැරණෙ ශාඛ වර්ගයක් කියලයි කියන්නේ.. කඳේ දලි වාගේ කළු දුඹුටු ගතියක් තියනවා... ඇට හැදෙන්නේ කලාතුටරකින් හින්දා අහ්දාඅන්නත් අමාරුයි.. චැන්ගි වීදුරුවෙන් එහා දැක්ක සිංගා නෙමේ මේ... එහා පැත්තේ ලෝකය මෙහා පැත්තට ගෙනාවට තුති!

    ReplyDelete
    Replies
    1. බොහොම ලස්සණ ස්ථාන තියෙනවා තිස්ස අය්යා මටත් තව අරික්කාලක් වත් බලන්න බැරි වුනා.
      ඇත්තද එහෙනම් මේ අශෝකා ගහ හරි වටිනවානේ , පාර්ක් එකේ හරිම ලස්සණ තැනක තියෙන්නෙත්

      Delete
  2. මටත් මතකයි මෙවන් සුන්දර තැන්. ලොකෙ සුන්දරතවයත් ලස්සනත් දකින්න ලැබෙන එක තරම් වාසනාවක් තවත් නැ. ගහක වැලක ගගක දොලක තියෙන සුන්දරත්වය දකින්නෙ නන්ගි ඔයා වගේ ලස්සන හදවත් තියෙන අයයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කේ

      Delete
  3. නොදන්න රටක් තැනක් ගැන සාමාන්‍ය පුද්ගලයෙක් කියන කතා අපි දන්න සාමාන්‍ය විස්තර වලට වඩා සමහර වෙලාවට වෙනස් වෙනවා. පින්තූර එක්ක කියවන්න තිබුනොත් තවත් වටිනවා...!

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙමයි බුද්ධි

      Delete
  4. එක් වරක් ලංකාවට යන අතරතුර අපි සිංගප්පූරුවේ රෑ දෙකක් ගත කළා. කවුදෝ කියපු නිසා ඔය මුස්තාපා කියන තැනට ගියා. නොදකින්, ආපහු කවදාකවත් යන්නේ නෑ. එතැන මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි උන්ගේ සල්ලිවලින් බඩු ගන්න ආවාය කියලයි.

    බොහෙමයක් දේ අල්මාරිවල දාලායි තියෙන්නේ. පුතාට මොකක් හරි දෙයක් ගන්න ගියාම එපා වුණා, එකින් එක ඉල්ලන්න ඕනෑ, එකින් එක අපාහු පැක් කරලා අල්මාරියෙන් දානවා. මල මුස්පේන්තු කඩයය්. අර ඉස්සර ගමේ ගොඩේ තිබුණු කම්බි දැලෙන් එහා තියෙන බඩු අතින් ඵෙන්නලා ඉල්ලලා ගන්න තැනක් වගේ.

    මගේ නම් සිත් ගත් තැන ඕකිඩ් උද්‍යානයයි. නයිට් සෆාරියත් නරක නෑ!

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් ආ කෙනෙක්ලු මුස්තාෆා ,,අනේ මන්ද මට ඇහිලා තියෙන එකක්.
      ඔය ඉතින් එතනට එන යන ජනතාව ගැන තියෙන විශ්වාසය නේ. මමත් වැඩිය යන්න අකමැතියි. අර කැෂියර් එකේ ඉන්න අය නම් හිනා ජානය නැතුව උපන් උන්. හොඳ මිනිස්සුත් ඉන්නවා.
      මම නයිට් සෆාරිය බලල නැහැ

      Delete
  5. ඒ මදිවට මුස්තාෆා එකේ තියෙන්නෙ බාල බඩු.මම ගත්ත අතේ බඳින ඔරලෝසුවයි ෆෝර් ඉන් වන් සෙට් එකයි සුමානයක්වත් පාවිච්චි කරන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්න ඇති. අපි වියට්නාමේ ඉන්නකොට යනෙන ගමන් ගත්තු දේවල් නම් අවුලක් නැහැ. දැන් නම් යන්නේ ඔය ලංකාවේ හාල් ටිකක් හෙම ගන්න හිතුනම.කන බොන දේවල් නම් ලබයකුත් නැහැ.
      NTUC එහෙම නැත්තන් ට්‍රේඩ් යුනියන් එකෙන් කරන සුපර්මාකට් ජාලය තමයි අඩුම මිල ගණන් වලට කන බොන දේවල් තියෙන්නේ

      Delete
    2. මුස්තාෆා එකට ඕන කෙනෙකුට බඩු දාන්ට පුළුවන් (හැබැයි විකිණෙන විදියට තමා ඒවට සල්ලි හම්බවෙන්නෙ).. ඉතින් ලාබ හා අනුකාරක චීන බඩු වැහි වැහැලා.. ගනිද්දි පරිස්සමින් බලලා ගන්ට ඕන..

      Delete
    3. දැන් කොහෙත් එහෙමනේ බුරෝ. ලාබ චීන බඩු . මුස්තාෆා එකෙන් ගන්න ෆෝන් මෙහෙ පාවිච්චි කරන්නත් බැහැ මගේ හිතේ

      Delete
  6. එහෙ පරිසරයත් මෙහෙ වගේ කියලයි මට දැනුනෙ :)

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. දේශගුණය අපේ වගේම තමයි.නමුත් ඔය ජලාශ හෙම නම් මිනිස්සු හදාපුවා.

      Delete
    2. මට මතක් උනා බැංකොක් වලදි හමු උන ලාංකිය පවුලක පුංචි දුවක් පාසල අරුනට පස්සෙ ඇට බොන්න දිපු බිම බෝතලය ඔතලා තිබුනු ප්ලාස්ටික් ආවණරය බිම දාන්න එප කියල මට අවධාරනයෙන් කියපු තනක්. බිම එක බොනවටත් වඩ ඇට ඔනෙ උන දැන ගන්න මන් කොහෙටද ඒ ආවරණය දාන්න යන්නෙ කියල.

      Delete
  7. කීප සැරයක් ලංකාවට යන එන ගමන් සිංහපුර ඇවිද්දා,වැඩි දෙනෙක් යන මුස්තාපා එකටත් ගියා.හැබැයි ඉතින් මූනේ හිනාවක් දකින්න අමාරුයි මිනිස්සුන්ගේ තියා කඩවල ඉන්න අයගේවත්. ඔහේ සෑහෙන කලක් ඉන්න කෙනෙක් කිව්වෙ ඒ හැටි කියලා.සෙන්තොසා වල මින් මැදුර නම් ලස්සනයි. මම දැකපු හොඳ දේවල් වලට පොදු ගමනාගමන සේවය සහ ආරක්ශාව ගැන තියන විශ්වාසය ඇතුලුයි. දුම්රිය සේවය ඉතාම හොඳයි.දැන් එයාපෝට් එකටම තියනවනේ.ලිට්ල් ඉන්ඩියා මාකට් එකේ ඉන්න වෙලෙන්දෝ සිංහලෙන් කතාකරනකොට අපේ ලමයින්ට පුදුමයි. ඔචාඩ් රෝඩ් ගිහින් වින්ඩෝ ශොපින් නම් කලා.ආයි යනකොට දවස් තුන හතරක් ඉන්න හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හුඟක් තදබද නගර කලාපයෙන් බැහැරට යනකොට හිනා වෙන මිනිස්සු හම්බ වෙනවා. ඇත්තටම අපි ඉන්න හරියේ හුඟක් ඉන්නවා හිනා වෙන අය.බස් කෝච්චි ගැන වෙනම ලියන්න හිතා ඉන්නේ

      Delete
  8. අපෙ උන්දැ පහුගිය සති දෙකක් වගෙ ඔහෙ හිටියෙ. ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලට ඇවිල්ල. මුස්තාෆා එකටත් ගියාය කිව්ව. අහල බලන්නෝන හිනාවෙන්නෙවත් නැති එවුන්ද ඒකෙ ඉන්නෙ කියල..

    බී.පී.ද සිල්වා කියල රත්තරං බඩු හදන සාප්පුවක් පටන්ගත්තලු සිංගප්පූරුවෙ 1880 ගණංවල ලංකාවෙ ගාල්ලෙන්ද කොහෙද ගිය කෙනෙක්. මම එහෙම කතාවක් අහල තියනව.

    ReplyDelete
    Replies
    1. කොටියම කාපිය..ඔහේව. ඇයි වදේ නිකමට කිව්වා නම් මම හම්බ වෙනවනේ.

      කොහෙද ඉතින් බය ඇති. බොරු බේගල් එලි වෙයි කියල.

      ඔව් ලංකාවෙන් ආ අය හුඟක් ව්‍යාපාර පටන් අරන් තියෙනවලු.

      Delete
    2. ඔව් රවී මාත් අහලා තියෙනවා ගාල්ලේ ව්‍යාපාරික පවුල් ගනනාවක් ඉන්නවාලු සිංගප්පූරුව හා හොංකොං වල ව්‍යාපාර රජ්‍ය ගොඩනගපු.

      Delete
    3. / කොටියම කාපිය..ඔහේව. ඇයි වදේ නිකමට කිව්වා නම් මම හම්බ වෙනවනේ. /

      ඒකම තමයි බොල නොකිව්වෙත්....හෙහ්,හෙහ්..බොරු හොඳද? ජස්ට් අ ජෝක්..

      මේකයි ඇත්තටම වුනේ... පහුගිය ටිකේ තමා කොහෙද පේන්ටවත් හිටියය? ඔන්න ඒ කාලෙ බ්ලොග් පෝස්ට් එකක් වත් ලිව්වනම් මට කමෙන්ට් එකක් දාල මෙහෙමයි මෙහෙමයි අපෙ උන්දැ අහවල් දවසට මෙන්න මෙහෙම ඔහෙට එනවය කියල විස්තරයක් කතා කරගන්ට තිබ්බ. එහෙම වුනේ නැහැනෙ. සෝ දැට්ස් වට් හැපන්ඩඩ්.

      Delete
    4. ඇයි වදේ අර මුණු පොත තියෙන්නේ මුණ වහගන නිදාගන්නද

      Delete
  9. මේ පින්තූර ටිකට තුති... ඒවගේම මෙවැනි තැන් තියෙනවා කියලා හිතුවේවත් නෑ...මෙහෙ ගහ කොළ අව්ව වැස්ස හුළඟ එක්කම බද්ධ වී සිටින අපට කොන්ක්‍රීට් ගොඩවල් අරහං ය.

    ReplyDelete
    Replies
    1. අනිත් කොන, අපිට හිතාගන්නවත් ලඟා වෙන්න වත් ලෙසියෙන් බැහැ මෙවැනි පරිසර වල මවලා තියන හරිත නිම්න..

      Delete
    2. මේ මම දාල තියෙන පින්තුර සේරම බෙඩොක් ජලාශය සහ උද්‍යානය. ඒ වගේ ජලාශ කීපයක් තියෙනවා.ඒ ගැන නොකීවේ වතුර ගැන කියන්න වෙනම හිතා ඉන්න නිසා.
      මේ උද්‍යාන වලට යන්න කිසිම තහනමක් නැහැ.

      Delete
  10. මට අල්ලන්නෙ නැත්තෙ කොච්චර උද්‍යාන, පොකුණු, වන වදුලු තිබුනත් ඒ හැම එකකින්ම හමන්නෙ මහා කෘත්‍රිම ගතියක්.. අමුතුවෙන් හදාපු ඒවා බව නිකංම ඇඟට දැනෙනවා.. මිනිස්සු පවා මහා කෘත්‍රිමයි, යාන්ත්‍රිකයි.. නොකා නොබී වැඩ කර කර, සල්ලි මත්තෙම නැහෙන චීන්නුන්ටයි ඉන්දියන් කාරයින්ටයි නම් කියාපු රට..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම ඇත්ත. මටත් එහි මිනිසුන් එක්ක බද්ධ වෙන තුරුත් ඊට පස්සෙත් ඒ කෘතිම බව තදින් දැනුනා

      Delete
    2. ඔව් ඉතින් ඒක නම් ඇත්ත. නියමිත රාමුවකට නීති පද්ධතියකට හැඩ ගැහිලා. මේ වගේ පොඩි කලබල නගරයක එයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ඉතින්. බුරාට ඔහේ ජිවත් වෙලා මේක නිකන් කුඩුවක් වගේ දැනෙනවා ඇති. මක් කරන්නද අනේ ...හොඳ පැත්ත ගැන විතරයි මම හිතන්නේ
      ඉතාම හොඳ මිනිස්සු මට හමුවෙලා තියෙනවා. ඒ වගේම හිනාවක් කපල අලවන්න හිතෙන ජාතියේ අයත් ඉන්නවා. මම නම් ඉතින් හිනා වෙලා ම ඉන්න නිසා අවුලක් නැහැ.කොයිතරම් කතන්දර ඇත්ද ඔය හිනා නොවෙන මුණු අස්සෙත් කියලා නිකන් ඉන්නවා

      Delete
  11. ඔය හැම තැනටම වැඩිය ලංකාව කොච්චර ලස්සනද. අවාසනාවට ඒ දේවල් නිකරුනේ විනාශ වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සහතික ඇත්ත. අපි තායිලන්තෙ ඉන්න කාලෙ අපේ මිනිස්සු අගය නොකරන බොහො දේ එහි මිනිසුන් තමන්ගෙ පරිසරය වෙනුවෙන් කරනව දැක්කා. අපෙ රටේ තියන සොබාවික ලස්සන ලොකෙ වෙන කිසිම රටක නැ කියලයි මට හිතෙන්නෙ. එත් ඒ රටවලින් අපිට ඉගෙන ගන්න නම් ගොඩක් දේවල් තියනව රැක ගන්න හැටි.. පවතව ගන්න හැටි.

      Delete
    2. මම නම් දැන් සංසන්දනය අත ඇරලා ඉන්නේ. ඒ ඒ තැන් වල ඇති හොඳ පමණක් දැකල නිකන් ඉන්නවා. වයසට ගිහින්ද කොහෙද
      ලංකාවේ වනාන්තර ටික වේගයෙන් කපාගෙන යනවා ඇහුවම හරිම දුකක් නම් දැනෙනවා.

      Delete
    3. සංසන්දනයට වඩා වැදගත් මන් හිතන්නෙ කොහේ දැක්කත් හොඳ දේ ටිකෙන් ටික හරි අපේ ජිවිත වලට අපි අවට ඉන්න අයගෙ ජීවිත වලට එකතු කර ගන්න එක මන් හිතන්නෙ අක්කේ

      Delete
    4. අනිවාර්යයෙන්ම.

      Delete
  12. එරට සොබාදහමට මොනතරම් ලැදි ද මේ පිංතූර මනාවට කියාපානවා. සිංගප්පූරුව අද ඉන්න තැනට ලඟාවී ඇත්තේ ඔවුන්ගේ අධිෂ්ඨානය හා කැපවීමෙන්, ඔවුන් සොබාදහමේ හීලිං පවර් එකට ලොකු තැනක් දෙනවා. දෙරට වැසියන්ගේ අතර මතභේද මොනවා වුනත් මැලේසියානුවන්ගේ ද මෙ ලක්ෂණ බොහෝ තියෙනවා.

    මුස්තෆා කොළඹට කුරුමානම් කරගෙන හිටියා පහුගිය කාලෙක.

    ReplyDelete
    Replies
    1. මම මෙහෙ ඉතිහාසේ ගැන වෙනම ලිපියක් දාන්නම් අය්යා.
      සැලසුම හොඳයි . නීති තදයි. මිනිස්සු නීති කඩන්න බයයි. ඕක තමා ප්‍රධානම කාරනා තුන මේවා මෙහෙම පත්ව ගන්න

      Delete
  13. ලංකාව සිංගප්පූරුවක් කරන කතා අපේ දේශපාලකයන් කිව්වද කාලෙකට ඉහත අපේ රටට රැකියා සොයාගෙන ආ අය අතර සිංගප්පූරු වැසියන් ද සිටි බව අසා ඇත.

    ඒ ගැන ලියපු පොස්ටුවක්:

    රැකියා පතා අපේ රටට ආ ඇත්තෝ...
    http://cactus-sl.blogspot.com/2010/10/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරු දරුවා ,මැලේසියානු තරුණය කියන පොත් දෙකම ඇති මේකේ ඉතිහාසය තේරුම් ගන්න

      Delete
  14. සිංගප්පුරුව, තායිලන්තය වැනි රටවල් වල අපෙ රට තරන් සොබා දහමෙන් ලැබුනු සුන්දර නිර්මාණ නැති උනත් ඔවුන් බොහොම අපුරු විදිහට ගහ කොල , ඇල දොළ, දියඇලි, සදාහරිත වනාන්තර ඇතුලෙ පරිසරයට හානි නොවෙන සේ ගසින් ගසට මාරු වෙන වැල් පාලම් සහිත ක්‍රිඩා, ජනාකිරන උනත් සිතට පිරිය උපදවන සදාහරිත පරිසර එක්ක හරිම ලඟයි.. මම තායිලන්තයේ ගත කල අවුර්දු කිහිපයෙ දුටුව ඔවූන් කොන්ක්‍රිට් වනාන්තර සදාහරිත කර ඇති අපුරුව.

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඉතින් කතා කරලා එච්චරම තේරුමක් නැහැ නංගි. කොයි පැත්තට පෙරලේද කවුද දන්නේ . මම ඉතින් මේ දැක්ක දේ කියල නිකා ඉන්නවා
      තායිලන්තේ ලොකු රටක් නිසා ලස්සනයිනේ. මම දැක්කේ බැංකොක් විතරයි , ඒකෙත් නගර කොටස . වැඩිය රස විඳින්න ලැබුනේ නැහැ . හැබැයි අපේ ලොක්කි ලඟදි ගිහින් ආව චියන් මායි . උඩහ හරියේ පලාතක් . බොහොම සුන්දරයි

      Delete
  15. ස්වාභාවික ලස්සන පරිසරයක් නැති මිනිස්සු කෘතිමව හෝ ඒ පරිසරය නිර්මාණය කරන්න කටයුතු කරනවා.අපි තියෙන ගස්වැල් කපලා රටින් තණකොළ ගෙනල්ලා landscaping කරනවා.

    ReplyDelete
    Replies
    1. එක එක රටවලින් ඉගෙන ගන්න දේවල් බොහෝමයි.. ගස් වැල් වවමින් නගරයක් සංවර්ධනය කර ගන්න හැටි මෙහෙන් ඉගෙන ගන්නට හැක. වන විනාශයේ පල විපාක ඉන්දුනීසියාවෙන් ගත හැක. කොහෙද ඉතින් අපේ ලොකු අය මෙහෙ එන්නේ සියල්ල මතක නැති විටනේ .

      Delete
  16. ඇති යාන්තං.. ලියනවා.. නෙළුම් විලේ මල් පිපෙනවා..

    පින්තූර ටිකත් හරිම ලස්සනයි බින්දි... මේ වගේ පරිසරය විඳින්න පුලුවන් දෑසක්, හදවතක් ලැබෙන එකත් පිනක්... විශේෂයෙන්ම නීති රීති පිරුණු, සංවර්ධනයෙන් ඇහිරුණු පරිසරයක සොබාදහමේ ලස්සන ඇහැට අල්ලගන්න පුලුවන් වෙන එක වාසනාවක්...

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ තරුරසී නිතී පිරුනු සන්වර්ධිත රටවල් තියන නිදහස් සාමකාමි නිහඬ පරිසරය නිසාම කෙනෙක්ට සොබාදහම එක්ක බැඳෙන්න හරිම පහසුයි...හැබැයි ප්‍රධාන නගරයෙන් ටිකක් ඇතට වෙන්න .ඒ මගෙ අත්දැකිම.

      Delete
  17. අපිත් වතාවක් සිංගප්පූරුවට එන්න උත්සාහ කලා නමුත් හරිගියේ නෑ. පස්සේ වැඩේ අතෑරලම දැම්මා.
    මටත් අර මුස්තාෆා මොඩල් එකේ කඩ අල්ලන්නේ නෑ.

    ReplyDelete