Monday, 6 June 2016

බස් කතා බස්



බස් එක නැවැත්තුව. රියදුරු මහත්මය වැරදුනා බස් කැප්ටන්  වෙනද වගේ ඉස්සරහ දොර ඇරියේ නැහැ. මැද දොර විතරක් ඇරියා. එයා ගේ රියදුරු අසුන ගාව  තියෙනව දොරවල් අරින්න වහන්න බොත්තම්. ඊට පස්සේ එයා නැගිටලා ඇවිත් බස් එකෙන් බැස්ස.එතන හිටියා ඇවිදින්න බැරි කෙනෙක් රෝද පුටුවක ඉඳගෙන.
පඩිය ගාව තිබ්බ කොටසක් බිමට පාත් කරලා අර රෝද පුටුව තල්ලු කළා බස් එක ඇතුලට.
හිමිහිට ඒ වෙනුවෙන්ම තියෙන තැනක නවත්තල ඒ මනුස්සයගේ බස් කාඩ් එක ඉල්ලගෙන කාඩ් වල කියවන මැෂිමට ඇල්ලුවා. ආපහු එයාටම දීලා ආපහු රියදුරු අසුනේ වාඩි වෙලා තමයි ඉස්සරහ දොර ඇරියේ.
මදැයි ඉතින් ඔය සේරම වෙනකම් කිසිකෙනෙක් මීක් ගෑවේ නැහැ .අපිට පරක්කු වෙනවය අරක මේක කියල.
ඔය සංසිද්ධිය පළමුවෙන් දැක්ක දා මම කටත් ඇරගෙන වෙන්න ඕන බලන් හිටියේ.
මොකද  දශක හතරක් වෙච්ච මගේ ජිවිතේ ඔහොම එකක් දැක්කමයි. වියට්නාමයේ බස් සේවාව ගැන කතා කරලත් වැඩක් නැහැ .මයි බයික් මයි පෙට්‍රල් තමයි එහෙ අය.

මම මෙහෙ බස් වලට හරි කැමතියි. කවද හරි මෙහෙන් යන දාට දාල යන්න දුකම දෙයක් තමයි බස්. තනි තට්ටුවේ බස් වලට වඩා මට හිතෙන්නේ ඩබල් ඩෙකර් තමයි වැඩි. කැප්ටන් හෙවත් රියදුරු මහත්තය බොහෝ විට හිනා වෙනවා. මැරුවත් හිනා යන්නේ නැති කට්ටිය ඉන්නවා ඉතින් කලාතුරකින්.කැප්ටන් නංගිලා ඇන්ටිලා හෙමත් ඉන්නවා හරි ලස්සණ.
 කොන්දොස්තර කෙනෙක් නැහැ. බස් ඇතුල හරි පිරිසිදුයි. කන්න බොන්න තහනම්. මෙහෙ ඉතින් තහනම් නම් තහනම් තමයි. දුරියන් ගෙනියන්නත් බැහැ. ඉතා දුර පාරවල රවුම් ගසන බස් වගේම පොඩි පොඩි අතුරු පාරවල කෙටි ගමන් බසුත් තියෙනව.
මම ඉතින් වෙලා තියෙනවා නම් කැමතියි අර දුර පාරවල යන බස් එකක නගින්න.දෙය්යනේ කියල ඉඳගෙන වට  පිට බල බලා යන්න. පුංචි නගරයක් වුනත් ටිකක් එහා මෙහා යද්දී විවිධ දේ දකින්න පුළුවන්. ඔය බස් වල යද්දී ඉතින් මට විවිධ දාර්ශනික ආදහස් හෙමත් පහල වෙනවා. එව්වා හුඟක් ලියන්නේ හිතේ තමයි. සමහර වෙලාවට නගර මධ්‍යට යන ගමනකදී නම් හිතෙන හුඟක් දුර යනවා. ගෙදර ඉන්න කාලේ බස් ගැන කල්පනා වෙනවා .
වැල් ජෝන් සුදුස්සන්ට කාර් ගන්න සලස්සන බුද්ධිමත් කතාව දැක්කට පස්සේ කාලෙක ඉඳල හිතේ ලිය ලිය උන්න බස් ගැන ලියා දාන්න හිතුන.

ඉස්සර මම හරිම ආසයි ඩබල් ඩෙකර් බස් එකක යන්න. අපේ ඉස්කෝලේ ඉස්සරහින් ගියා 112 මහරගම බස් එක. හැබයි වැඩිය යන්න ලැබිල නැහැ.
අපේ පාරේ බස් හුඟක් දුර ඉඳන් එන ඒවා. ගම්පහ පුගොඩ වැලිවේරිය වගේ. කට කපල අපේ හරියට එද්දී. ඔය බස් එකකට රිංග ගන්නවා කියන්නේ  කණ කැස්බෑවා අහස බැලුව වගේ වැඩක්. එහෙමත් රිංග ගත්තට පස්සේ අනෙක දුක් ගැහැට. පුද්ගලික බස් ආවාට පස්සෙත් එච්චර වෙනසක් වුනේ නැහැ.
මම ගියේ හුඟක් දුර ඉස්කෝලෙකට, දැන් නම් හිතෙනවා පිස්සුද කියලත්. කඩවත ඉඳන් ආපු පෝල් අන්කල්ගේ පාසල් බස් එක කැළණියෙන් අල්ල ගන්න ඕන. ඉස්කෝලේ නම නිසා රියදුරු මහත්තයත් නිකන්ම පෝල් අන්කල් වුණා. බාලිකාවන්ට පමණයි. කොන්වන්ට් එකක පාලිකාවක් තරමට අන්කල් තද බල නීති. යකෙක් වගේ. කොන්දොස්තර නම් හරිම කෙට්ටු කරුණාවන්ත මනුස්සය. මම එයා එක්ක හරිම යාළුවුණා. විශේෂයෙන්ම ටිකට්  රෝල ඉවර වෙන්න යද්දී ගලවන කොට ඉල්ලා ගන්න. පොඩි කටු සටහන් ලියන්න බලි කුරුටු අඳින්න හරි ප්‍රයෝජනවත්.
පරක්කු වෙලා ඇහැරිලා ස්කුල් බස් එක මිස් වුන දවස් අනන්තයි. දුක තමයි .ඊට පස්සේ බස් කීයක යන්න ඕනද. ගේට්ටුවේ ඉඳන් පරක්කු වෙන උන් අල්ලන ශිෂ්‍ය නායිකාවෝ පවා පන්ති වලට ගිහින්. එහමකට අවුලකුත් නැහැ .
ඔය අතර හිටි ගමන් බස් වර්ජන. නැත්තන් බස් දුවන එක තහනම්. එහෙම දාට ඉතින් කොහොම යන්නද.
මොන කරදර වුණත් කොළඹ පාරතොට හොඳට පුරුදු වුනා විවිධ  බස් වල ගිහිල්ලම.
හවස පන්ති හෙම ගිහින් රෑ බෝ වෙලා ගෙදර එන්න ගත්තු කාලේ කවුරු හරි ළමයෙක් හිටියා කතා කරකර එන්න. බස් එකේ කරදර අමතක වුනේ   ඒ කතා බස් වල ආව නිසයි. ඒ කතා බස් කාලය ගෙවීමක් පමණක් නොවේ අද කල්පනා කරද්දී ආරක්ෂාවක් ,රැකවරණයක්. ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ. හොඳ යාළුවො හිටියා එහෙම  කතා කර කර එන්න. මොනව කතා කලාද මන්ද ඔච්චර.

දිගම දිග දවසක අවසන
දහදිය අපුල ඉවසගෙන
ඇඹරි පොඩි පට්ටම් වන්ට පෙර
අස්ථි පන්ජරය
 එකතු කරගෙන
කියවන්ට කොතෙක් දේ තිබුණිද ....

ජිවිතේ වෙනස් බස් වල නැග
දැන නොදත් වටරවුම් වල වෙන් වුන
සුහද මිතුරනි ..
දෙමටගොඩ හන්දියේ 
දිගම දිග වාහන පෝලිමට හසුවුණ
කරදරකාර සවසක
නිමක් නැති ඒ අපේ කතා බස්
මොනවද....
මට අමතකය

ඔබට මතකද ??????????


කරදර කරදර යයි නොසිතු ළමා කල බස් කතා බස් වල මා සමග ආ ගිය සියලු මිතුරු මිතුරියන්ට.........මේ මතක සටහන






46 comments:

  1. සිංගප්පූරුවෙදි මමත් දැක්කා ඔය වගේම සිද්ධියක්. වයසක එක්කෙනෙක් නැග්ගා බස් එකට​. (රෝදපුටුවෙන් නෙවෙයි. ඒ වුනාට ඇවිදින්නෙ ඉතාම හෙමින්) එයා ගිහින් ඉඳගන්නකල් ම ඩ්‍රයිවර් බලාගෙන හිටියා. ඊට පස්සෙ තමා බස් එක ඇද්දුවෙ

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සිංගප්පුරුවේ තමයි.එකක් මම හිතන්නේ නීතියෙන් එහම කරන්න කියල ඇති.අනික් අතට මිනිස්සු එහෙමකට නරකත් නැහැ.කරදරයකදී උදව් කරන අය ඕන තරම් ඉන්නවා.

      Delete
  2. ලංකාවෙ බස් ගමන ගැන නම් කතා කරලා වැඩක් නෑ.ඔය රටවල මගීන්ට සලකන ආකාරය දැක්කම ලංකාව ගැන දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕවා ගැන සංසන්දනය කරන්න ගියොත් පිස්සු හැදෙනවා නේද.පාරවල තදබදයට හේතුව හරි පොදු ප්‍රවාහනයේ දුර්වල කම.

      Delete
  3. මම ඔලෙවල් විභාගෙට ගිය පලවෙනි දවසේ , මට බහින්න බස් එක නැවැත්තුවේ නැ , මං බස් එකෙන් පැන්නා , වැටිල අතපය ලෙලි ගහගන තමයි ...විභාගෙට ලියුවේ

    ReplyDelete
    Replies
    1. අපොයි දෙය්යනේ.

      Delete
  4. මෙහේ බස් ගැනනනම් කියල වැඩක් නැ බින්දි.අතර මගින් බස් එකට නගින්න හරිම බයයි බස් එකට නගින්න කලින් අද්දනවානේ. ඒ නිසා යන ගමනක් බස් ස්ටැන්ඩ් එකට ගිහින් යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම් ඒ ගැන නම් කවර කතාද.

      Delete
  5. අපේ අැමතියො ඔය වගේ රටවල් වලට ගිහින් ඇරියස් කවර් කර ගන්න හොයනවා මිසක් අපේ රටට වැදගත් වෙන අයිඩියා එකක් වත් ගන්නේ නෑ නේ.. මොනා කරන්නද? අනික අපේ රටේ පුවාහන සේවා වල ඉන්න අයගේ විනය හදනතාක් කල් අපිට ඔය වගේ දේවල් හීන විතරයි!

    ReplyDelete
    Replies
    1. //අනික අපේ රටේ පුවාහන සේවා වල ඉන්න අයගේ විනය හදනතාක් කල් අපිට ඔය වගේ දේවල් හීන විතරයි!//

      මම හිතන්නේ මේ වාක්‍යයේ "ප්‍රවාහන සේවා වල" කියන කෑල්ල අයින් කළා නම් වඩාත් ගැලපෙනවා!

      Delete
    2. සහතික අැත්ත! ප්‍රවාහන සේවයේ විතරක් නොවයි මුළු රටේ මිනිස්සුන්ගෙම විනය හා ආකල්ප හදන්න ඕනේ.. ඒත් මම මෙතන ඒක විශේෂයෙන් කිව්වෙ බස් ගැන කතා කල නිසා!

      ස්තූතියි ඇනෝ :D

      Delete
    3. ඒගොල්ලෝ එන්නේ ලෙඩ වුනාම බෙහෙත් ගන්න.සෞඛ්‍ය ඇමැතිත් මෙහෙන් බෙහෙත් ගත්තු එකේ ඉතින්.තව කවුද රත්තරං මහා නරක ස්ථානයක හංගගෙන යන්න ගිහින් අහු වුනා. විලි ලැජ්ජාවයි ඉතින්.

      Delete
  6. අපේ රටේ බස් සේවාව තරම් උසස් සේවාවක් කොහේවත් නැතිව ඇති... විශේෂයෙන් කාන්තාවන්ට..

    පිටට පුකට අත තියලා බස් එකට නග්ගගන්නේ...
    නොමිලේ බොඩි මසාජ්...
    මහා කෝන සුළු කෝන වී ආසන ලැබීම්...
    වින්ඩෝ සීට් වෙන්කර තබාගෙන පිරිනැමීම්...
    ඉඳගෙන යන විට බ්‍රෙස්ට් මසාජ් හා ෂෝල්ඩර් මසාජ්...
    නොමිලේ කරනරසායන සංගීතය...
    සහ තවත් බොහෝ දේ....

    කරුමේ කියන්නේ අපේ උන්ට අපේ උන්ගේ වටිනාකම තේරෙන්නේ නැති වීම...

    ReplyDelete
    Replies
    1. බහුතරයක් ඕවා නොලැබෙනවා නම් බස් වල යන එකකුත් නෑ බං ;)

      Delete
    2. අනේද කියන්නේ.

      Delete
  7. ඔය අත්දැකීම මමත් වින්දා සිංගා වල වගේම මැලේසියාවෙත්. හැම පොදු ස්ථානයක්ම ආබාධිත අයට පහසුවෙන් යන්නට හැකි ලෙසයි මේ රටවල් දෙකේම සකසලා තියෙන්නෙ. ලංකාවට ආවට පස්සෙ මෙහෙ පොදු ප්‍රවාහන මාධ්‍ය වල යද්දි, ඉස්ම එන්න තෙරපෙද්දි මගේ මැලේසියානු ආයතන ප්‍රධානියා මට අන්තිමට කියපු කථාව තවමත් මතක් වෙනවා.

    // අපේ මුදල් ඒකකය ටිකක් වැටුනට...ලංකාවට වඩා මැලේසියාව තවමත් 10 ගුණයක් හොදයි //

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නැහැ සිරා. අපි මේවා කිවා කියල වෙනසක් වෙන එකකුත් නැහැ.

      Delete
  8. බින්දි නෝනට කියන්න කාලයක් තිස්සේ මාත් බස් සේවය විතරයි. එකක් මාසෙටම දවසක් දෙකක් බස් එකේ යන්න වෙන මට ඒක නිකම් අමුතු විඳීමක්. සමහර වෙලාවට වදයක් වෙන එක වෙනම කතාවක්.
    (හිටි ගමන් සිංහලෙන් කෑගහගන්න, බැනගන්න, අමුවෙන් ලිංගික සම්බන්දතා එහෙම ඇහෙන එක වෙනම කතාවක්. )

    කොයි තරම් ස්පෙයා ටයිම් තිබුනත් බස් එකේදි තරම් ලෝකෙට විවෘත වෙච්ච වෙලාවක් වෙන නැතුව ඇති. ඉස්සර නම් බස් වල ට්‍රේන් වල යනකොට මිනිස්සු කතා කරනවා හෙම නේ. දැන් ඒ මොකුත් නෑ. හැමෝම තමන්ගේ ලෝක වල. ස්මාට් ෆෝන් වලට, ටැබ් වලට, කින්ඩ්ල් වලට එබී ගෙන. ඉඳලා හිටලා විතරක් වයසකම වයසක මනුස්සයෙක් පත්තරයක් අරන් නගිනවා බස් එකට තාමත් ඒක දැන් අහම්බයක්.
    කාලය කොයි තරම් වෙනස් වෙලාද කියලා එතකොට මට හිතෙනවා...
    ලංකාවෙදි ඒ තරම් පොදු මගී ප්‍රවාහන සේවාවන් භාවිතා නොකලට මට නම් ලංකාවේ රියදුරු කොන්දොස්තර මහත්වරු ගැන තියෙන්නේ පොසිටිව් මතකයන්. කොටින්ම මට බනිස් ගන්නත් දුර ගමන් බස් සේවාවන් නතර කරගෙන ඉඳලා තියෙනවා. ;)

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතින් ලංකාවේදී වුනත් බස්ම තමයි.යන්තම් අතපය කඩා නොගෙන නැගල දෙය්යෝ බුදුන් සිහිකරගෙන බස් එකේම තමයි ගමන.හොඳ රියදුරන් කොන්දොස්තරවරුන් ඉන්නවා. කොතනත් වගේ ඉතින් හොඳ නරක දෙගොල්ලම. හැබැයි පොදු ප්‍රවාහන සේවයක් මනුස්සකමින් විතරක් දුවන්න බැහැ.නියමිත නීති සහ විනය පද්ධතියක් නැතුව.අපේ රටේ හුඟක් දේවල් පව් පින් දෙක මත දුවන නිසා තමයි අවුල්.මොහොතක මනුස්සකම් අමනුස්සකම් වලින් රටක් ගෙනියන්න අමාරුයි.ස්වභාවික විපතකදී වුනත් එහෙමයි. අනේ පව් කියල ආධාර මත මිසක් නියමිත රජයට වැඩ පිළිවෙලක් නැහැ.එක රියදුරෙක් පව් කියල අබාධිත අයෙක්ට උදව් කරයි කියල මුලික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.සිස්ටම් එරර් එකක් තියෙන කම්

      Delete
    2. කවද ඉඳන්ද බොල මම නෝනා වුණේ..නෝනා කිව්වම හරි වයසක ගතියක් එනවා :D

      Delete
  9. අපි ඩුබායි පදිංචියට ගිය කාලේ දැන් තරම් ජනාකීර්ණ නැහැ, ඒ කාලේ අපේ පාස් ටයිම් අයිටම් එකක් තමයි කාසි දෙකක් දීලා රූට් බස් එකේ ගමන. ඒ බස් කතා මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. අපිත් ආපු දවස්වල ජෝලියටත් එක්ක බස් එකෙයි කෝච්චියෙයි ගියා. දැන් නම් ඉතින් උවමනාවකට තමයි.

      Delete
  10. අපේ බස්නං ඉතින් කම්බස් තමා.....

    ReplyDelete
    Replies
    1. හා හා කම්බස් තමයි හොඳ නම

      Delete
  11. අපේ බස් වලට ගහන්න බස් නම් ලොවෙත් නෑ.

    බින්දිට අර පූගොඩ, වැලිවේරිය ඉඳලා එන බස් හෙන දුරක් ඉඳං එන්නේ කියලා තාමත් හිතෙනවද?

    ReplyDelete
    Replies
    1. බින්දිට අර පූගොඩ, වැලිවේරිය ඉඳලා එන බස් හෙන දුරක් ඉඳං එන්නේ කියලා තාමත් හිතෙනවද//
      හහ් හහ් හා

      Delete
    2. හා හා ඔව්නේ. ඔය පුගොඩ වැලිවේරිය පැත්ත ඒ කාලේ අඟහරුට පොඩ්ඩක් මෙහායින් වගේ තමයි දැනුණේ. වැලිවේරිය නම් දැන් සමීපයි. අපේ අක්කල ඒ පැත්තට ගිය නිසා.

      Delete
    3. මාලදිවයිනේ බස් නැද්ද හෙන්රි මාමෙ....

      Delete
  12. මෙහෙත් බස් සේවාව ටිකක් විතර හොදයි කියන්න පුළුවන් තැනක තියෙනවා. ලොකුම දේ බස් අතරේ තරඟයක් නැති එක.

    ReplyDelete
    Replies
    1. තරඟය නැති තැන ඉතින් එච්චර අවුලක් වෙන්න විදිහක් නැහැ

      Delete
  13. බස්වල යනවා කියනකොට මට මතක්වෙන්නේ, ලංකාවට ගිහින් ආසාවට බස් එකේ ගිය යාලුවෙකුට වෙච්ච දෙයක්. රියදුරු මහත්තයාගේ බ්‍රේක් පාරකට වැටෙන්ට ගිහින්, ඉස්සරහ හිටිය මහත්තයාගේ කලිසමේ බෙල්ට් එක අල්ලලා වැටෙන්නේ නැතුව හිටියලු.

    බස් කීව හැටියේ බෙල්ට් මතක් වෙනවා...:D

    ReplyDelete
    Replies
    1. ඒක වුනේ නං මේ නෝන මහත්තැන්ට කියලයි ආරංචිය හිහි

      Delete
    2. අසාවට ලංකාවේ බස් වල යන්නේ ඉතින් අර ඇඩ්වෙන්චර් ට්‍රිප් යන එක්කෙනෙක් වෙන්න ඇති.ලයිෆ් බෙල්ට් එක තිබිල තියෙන්නේ වෙන කෙනෙක් ගාව.හම්මෝ පොඩ්ඩි ඔයාව හරියට මතක් වුනා. මොකද දැන් බිසිද

      Delete
  14. ඕවත් බස් ද අප්පා...
    ලංකාවෙ බස් නෙ බස්...
    කොළඹ කුරුණැගල හරහා අනුරාධපුර පොළොන්නරුව කියන්නෙ පට්ටම රූට් එකක්. ඕකෙ ඉන්නෙපයිලට්ල බස් ඩැයිවරල නෙවී.. සාමාන්‍ය යෙන් හැම තැනම කොට කොට යන බස් එකක් කුරුණැගල ඉදල පොල්ගහවෙලට එන්න විනාඩි හතලිස් පහක් විතර ගත්තත් ඔය පයිලට් මහත්තුරු විනාඩි විස්සට එනව. ඒ අස්සෙ සීටීබී එකක් තිබ්බොත් විනාඩි පහලවට ආවහැකි.
    ඒ විතරක්ද බස් එක යන ගමන් නගින්න වෙන යන ගමන් බහින්න වෙන බෝම අමාරුනේ බඩ දරු අම්ම කෙනෙක්ට සීට් එකක් ඉල්ල දෙන්න වෙන සීන් ගොඩයි
    ඉදල හිටල ගෑලුලමෙක්ගෙ ඇගේ හැප්පුනොත් ගුටි කන්නත් වෙන්න පුලුවංකොයි තරං සොරි කීවත් වැඩක් නෑ ඒ තරං සත් ගුණවත් කාන්තා ආරස්සක පිරිමි ඉන්නෙ මෙහෙ

    මාරයි කීව... අපෝ නෑ තව තියෙනව හිහි
    ලියන්නයි කම්මැලි..

    කරුදුවෙලින් එහා අරුණපුර කියල තියෙයි ගමක් යුද්ධ කාලෙ ඔහෙ තමයි මායිම වුණේ. (අරුණපුරට අරුණලු කියල පොතකුත් තිබ්බ) ඔහෙ ඉද්දි මම දැක්ක දෙයක් තමයි උදේ පාංදර බස් එක්ක එනව නං ඒ බස් ඕන තැනක ඕන වෙලාවක් නවත්තල තියෙන එක. නෑ නෑ අර බස් මගීන් එනවයි කියල හිතන අය වෙනුවෙන් නෙවී. ඇත්තටම එන්න ඉන්න අය වෙනුවෙන්. ඒ කීවෙ කොහෙ හරි ගෙදරක කෙනෙක්ට බස් එකට එන්න බැරි වුණේ ඇහැරෙන්න පරක්කු වෙලා කියන්නකො ඉතිං බසද් එක එද්දි ඕං එයා අදින ගමන්. ඉතිං ගෙදර කවුරු හරි කියනව පොඩ්ඩක් ඉන්ඩෝකියල අනේ අර ඩැයිවර උන්නැහේ අරය එනකං ඉන්නව..
    ඉතිං සිංගප්පූරුවට වඩා හොද නැද්ද හා...

    ReplyDelete
    Replies
    1. බස් කතා නම් කියන්න බැරිය ගමකට නේද. මෙහෙ නම් නැවතුමෙන් පිට නවත්තන්නේ නැහැ මලාට. පෙනී පෙනී බස් එක යද්දී ලංකාවේ පුරුද්දට අත අල්ලන්න හිතෙනවා

      Delete
    2. මම වතාවක් සිංගා අක්කා කෙනෙක් එලවපු ඩබර් ඩෙකර් එකක උඩට නැගලා ඉස්සරහම සීට් එකේ ඉදගෙන ගියා...එදා නම් අමතක නොවෙන දවසක්...මොකද ඒ වගේ බස් එකක එතැන ඉදගෙන ගියේ පළවෙනි වතාවට...

      Delete
    3. ඇත්තටම මමත් ඒ සිට් එක තිබ්බොත් අනිවාර්යයෙන් එතන තමයි.

      Delete
    4. මහේෂ්,

      උඹ මල්ලි අරුණපුර හිටියද? මමත් ඒ අහල පහල හිටිය අවුරුදු හතක් අටක් විතරම...:)

      අනූදෙකේ නැත්නම් තුනේ වගෙ අරුණපුරට කොටි ගැහුව. ඒ වෙනකොට මම එහෙන් ඇවිල්ල.

      Delete
  15. බබාල දරාගෙන,වඩාගෙන බස් එකට නඟින අම්මලා වෙනුවෙන් බස් එක නවත්තලා තමුන්ගෙ සීට් එක දෙන ඩැයිබර ලත් ඉන්නවා.ඒත් ගොඩ දෙනෙක් ටාගට් එක ගහන්න යුද්ධෙ.
    කණ අස්සෙ යකඩ හූරණ ඇංජිමේ කන්දොස්කිරියාව අහගෙන, ගිණි රස්නෙට දාඩිය මුගුරු පෙරාගෙන, මීටර් සීයෙන් සීයට පගාව ගෙවාගෙන, පොඩ්ඩැත්තන් ඉබ්බා දාන මගීන් පටවගෙන, අළුතෙන් ගත්ත කාර් එක පාර මැදම 40ට වැඩියෙන් එලවන්නැති නෝනලා පිරුනු පාරක හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් යන අපේ බස් සේවෙ මීට වඩා කොහොම දියුණු වෙන්නද?
    ජයවේවා..!!

    ReplyDelete
  16. ඊට පස්සෙ බස් එක එලවන්නෙ ඒ අම්මලද බං ?

    ReplyDelete
    Replies
    1. බබා ලොකු වෙලා බස් එක එලවනවලු

      Delete
  17. ඉස්කෝලෙ යන කාලෙ මම ආසම බැටරි පෙට්ටිය උඩ ඉඳගෙන යන්ට. සමහර ඩ්‍රයිවර්ල එලව ගන්නව. සමහරුන්ගෙන්නම් අවුලක් නෑ. අපි ඉතිං පත්තර පිටුවකුත් තුනට හතරට නමාගෙන පොත් මිටිය අස්සෙ ගහගෙන යන්නෙ. නැත්තං සුදු කලසම ඉවරයි එතන ඉඳගෙන ගිහාම.

    ReplyDelete
    Replies
    1. අපේ පෝල් අන්කල් බැටරි පෙට්ටියේ ඉඳගන්න දෙන්නේ සිට් ඔක්කොම පිරිලද කියල බලල. අපි නගිද්දී ඉතින් කඩවත ඉඳන් එන බස් එකේ මොන ඉඩද. මමත් ඉඳහිට බැටරි පෙට්ටියේ ඉඳගෙන ගිහින් තියෙනව.මොකක් හරි දාල තමයි ඉඳගන්න ඇත්තේ.ගෑණු ළමයින්ට වඩා පිරිමි ළමයි ඇඳුම ගැන සැලකිලි වැඩියි මම හිතන්නේ.

      Delete
  18. අම්මෝ,අද උදේ ඔෆිස් ආපු බස් එකෙ ඩ්‍රයිවර් උන්නැහේ එක්ක වලියක් ගියා මගී ජනතාව මිනිහා රේස් යන්න ගිහින්.

    මිනිස්සු විනයක් ඇතුව වැඩකරන්න පුරුදු වෙනකම් මේ පොදු ප්‍රවාහන සේවා ගැන අපිට තෘප්තිමත් වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. නීති හරියට ක්‍රියාත්මක වෙන්නයි විනයයි දෙකම අවශ්‍යයි.

      Delete
  19. ඉවසීම ... මේ වගේ ඉවසීම මම පළමුවතාවට දැක්කෙත් ලංකාවෙන් පිට...
    ඇත්තටම ඇයි ලංකාව මේ තරන් කලබල,, මේ දවස් වල හැම උදේකම පුතාව පෙර පාසැල් බස්සන්න මම යන්නේ උපරිම කලබලයක් දැකිය හැකි වෙලාවක , ඒත් එක හෝන් හඬක් නැ, එහෙන් මෙහෙන් දාන්නේ නැ, කඩාගෙන යන්නේ නැ, "School Zone" වල යන්න ඔනේ පැ.කි 40,

    ReplyDelete