Sunday, 19 June 2016

බෝතල් පත්තර

 
අපේ ලොක්කිට අනුව ලෝකය ගොඩ ගත නොහැකි තරමට විනාශ කර හමාරය. ඇය පවසන්නේ කොපමණ මහන්සි වුවද මේ කර ඇති විනාශයන් ආපසු හරවන්නට බැරි බවය.කොතරම් කණගාටුවට කරුණක් වුවද මිනිසුන් ලෝකය විනාශ කොට ඇති බව අප පිළිගත යුතු බව ඇගේ මතයයි. වඩා හොඳ දවසක් එතැයි සිහින දකින්නයි මා ඇයට කීවද සැබවින්ම ඇය නිවැරදිය. දවසකට නිවසේ කොතරම් ප්ලාස්ටික් කන්දරාවක් එකතු වේද..කඩේ යනවිට මල්ලක් ගෙන ගියද පලතුරු එළවලු පැකට් කර ඇති ඇති ඇසුරුම් කෙතෙක්ද.වවන්නට ඉඩක් නැති මෙවැනි රටවල ප්ලාස්ටික් භාවිතය ඉතාමත් වැඩිය. ඉක්වදෝරයෙන් එන කාබනික කෙසෙල් ඔතා ඇත්තේ පොලිතින් කවරයකය. ඇමරිකාවෙන් එන ඇපල්,ඊශ්‍රායලයේ ජම්බෝල ...සෑම මහද්විපයක සිටම එළවලු පලතුරු එන අතර බොහොමයක් ප්ලාස්ටික් ඇසුරුමක ඔතලාය.
පරිසර දුෂණය නැතිකොට ලෝකය බේරා ගැනීමට දහසක් වැඩ මුළු සම්මන්ත්‍රණ පැවැත්වේ. ඒ වැඩ මුළු වලට කොතරම් ප්ලාස්ටික් වතුර බෝතල් වැය වේද.වායු සමීකරණය සඳහා කොතරම් ශක්තියක් වැය වේද.
ප්ලාස්ටික් වලින් ලෝකය වැසී ගොස්ය. වැස්සට කෙහෙල් කොළ ඉහලා ගෙන යා නොහැක. අද ගමේ පාරේ යන මාළු කාරයා මාළු ඔතන්නට හබරල කොළ ගන්නේ නැතුවා විය හැක. අපි අද ප්ලාස්ටික් වලින් වැසිලාය. කාරයා කීම හොඳද නරකද කියා නොදනිමි.
ඒ කාලයේ ඈතින්" මාලෝ " කියා හඬ ඇසෙන විටගමේ  මාලා පමණක් නොව  සීතා  අයිරාංගනී සෝමා ...මාලිනි ඇතුළු එකී නොකී ගැහැණු පරාණ පාරට යන්නේ අලුතින්ම එන මීගමු මාළු ගන්නටය. ගෙවල්වල පුසන් බල්ලන් පමණක් නොව කාක් කාක් කියා සනුහරයටම කතා කරන කපුටු හාමිලාද ඔහු වටා රොක් වේ. මාළු ගන්නට එක්කෝ භාජනයක් ගෙන යති. නැත්නම් හබරල කොළ වල ඔතා දෙයි
.
කඩ සාප්පු වැඩිය නොතිබූ අප කුඩා කල නිතර පාරේ ගිය  "'කාරයින්'" බොහෝ ලොකු සේවයක් කල බව මතකය. දේවදුතයෙකු බඳු ( වැඩිහිටියන්ට අනුව කැළණි ගඟේ වතුරෙන් අයිස්ක්‍රීම් සදනා) අයිස්ක්‍රීම් කාරයා,.(.දැන් නම් අඹතලෙන් බෙදන කැළණි ගඟේ වතුර ඔය අගේට බොන්නේ ),
බොම්බයි මොටයි සහ නයිස් අරන් එන බොම්බයි මොටයි කාරයා ඇතුළු බොහෝ කාරයින් අතර බෝතල් පත්තර කාරයාද මසකට වරක් වත් ඇවිත් ගිය බව මතක ඇත.
ප්‍රතිචක්‍රීකරණය වැනි බරපතල වචන අසා නොතිබූ කුඩා ළමයෙකු  එදවස පරණ බඩු එකතු කරන්නා එතරම් ලොකු සේවයක් කල බව නොදැන සිටින්නට ඇත.

"karung guni, poh zhua gu sa kor, pai leh-lio, dian si ki..." ("Rag and bone, newspapers and old clothes, spoilt radiostelevisions" )
.චීන බසින් කෑගසමින්  සීනුවක් හෝ කුඩා නලාවක් හඬවමින් ගෝනි මල්ලක් ගෙන  kampong (මැලේ බසින් ගම) මැදින් වැටුණු මඩ පාරවල ලී කණු උඩ සෑදු ලෑලි ගෙවල් අතර සරනා කිලිටි ඇඳුමින් සැරසුණු මිනිසෙක්  මා වැනිම කුතුහලයෙන් පිරි සිංගප්පුරු දැරියකට  නිතර මුණ ගැසෙන්නට ඇත. 
ඒ KARUNG GUNI කෙනෙකි  කරුන්ග් යනු මැලේ බසින් මල්ල වන අතර guni යනු ගෝනිය.
ගෝනි මල්ලක් රැගෙන ගෙයින් ගෙට ගිය පරණ බඩු එකතු කරන්නන් කරුන්ග් ගුනි නැත්නම් කරුන්ග් ගානි ලෙස හැඳින්වින.
එදවස දුප්පත් සිංගප්පුරු වැසියන්  තමන්ට උවමනා නොවන පරණ බඩු දී ප්‍රයෝජනයට ගත හැකි යමක් ලබා ගැනීම ට කරුන්ග් guni එනතෙක් බලා සිටින්නට ඇත.
කෙමෙන් කෙමෙන් මඩ පාරවල් වෙනුවට උඩින් යටින් කොන්ක්‍රීට් පාරවල් ඇදෙද්දී .....kampong වල ගෙවල් මණ්ඩි වෙනුවට තට්ටු නිවාස සංකීර්ණ ඉදිවද්දී පවා "karung guni, poh zhua gu sa kor, pai leh-lio, dian si ki..."හඬ ඉතුරු විය.
අනුව දශකයේ අග වනවිට කෙමෙන්  karung guni ලාද නවීකරණය වී ගෝනි මල්ල වෙනුවට යකඩ කරත්ත...ලොරි වැන් සහිත ව්‍යාපාර බවට පත් විය. 
මේ වන විට බොහෝ දුරට මැලේ සහ ඉන්දියන් ජාතිකයින් මේ කාරියේ නිරත වේ. ඔවුන්ගෙන් පරණ බඩු මිලට ගැනීමද ව්‍යාපාරයකි. ඇතැම් විට කැඩුණු විදුලි උපකරණ ආදිය අලුත්වැඩියාවට වඩා අලුතින් එකක් ගැනීම අද පහසුය.ලාබය. IKEA GIANT COURTS වැනි සාප්පු වලින් අඩු මිලට අලුතින් ගැනීම පරණ බඩු අලුත් වැඩියාවට වඩා පහසු යයි මිනිස්සු කල්පනා කරති. මෙවැනි මහා පරිමාන සාප්පු නිසා කුඩා කඩ හිමියන්ට පහර වැදී ඇත. එදවස තිබු කුඩා ලි බඩු සාප්පු අද දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. ප්‍රාදේශීය  වෙළඳපොල වල තවමත් කුඩා ලි බඩු කඩයක් දෙකක් ඉතිරිව ඇත. පොඩි පොත් රාක්කයක් ගන්නට ගිය දවසක කඩේ චින ආච්චි   " දැන් කොහෙද අපි ඒවා හදන්නේ.ඉකියා ජයන්ට් වලින්ම ගන්න එකයි  " කියා මට රවා බැලුවාය. සිංගප්පුරුවේ සියලු කුඩා පරිමාණ වියාපාර බිඳ වැටීමට සමස්ත හේතුව මා බව ඇය සීතා  සිටියා මෙනි.

තව දුරටත් සිංගප්පුරු වැසියා පරණ බඩු මිලට ගන්නේ නැත. අනවශ්‍ය දේ බැහැර කිරීමට මේ සේවය ලබා ගනී. ඇතැම් විට අනවශ්‍ය ගෘහ භාණ්ඩ ආදිය ඉවත් කිරීම වියදම් අධික කාරියකි.

තව දුරටත් මිනිස්සු ඉස්සර වාගේ කඩදාසි පත්තර නොකියවති. කුණු කසල බැහැර කිරීමට නියමිත වැඩපිළිවෙලවල් ඇති නිසා karung guni ලාට එදිනෙදා වැඩ අඩුය.ඒ කාරිය ලොකු ව්‍යාපාර බවට පත්ව ඇත. karung guni ලා එකතු කරනා මේ නැවත අලුත් වැඩියා කොට ගත හැකි උපකරණ බොහෝ විට මිලදී ගන්නේ විදෙස් රටවලින් පැමිණ මෙහි වැඩ කරන මිනිසුන් විය හැක.
ළමයා සංගීත පන්තිය ඉවර වෙනතුරු ගුරුතුමියගේ නිවස පහල බංකුවක පැයක් හිඳෙන සිටීමට   සතියකට වරක් මට සිදුවේ.

ඒ පැය කල්පනා කිරීමට ගත කරමි. පරවියන් ගණන් කරමි. සිතෙන් කවි ලියමි. අසලින් යන මිනිසුන් මොන වගේ දැයි නිරීක්ෂණය කරමි. කොන්ද හොඳටම නැවුණු ඉතාම වයසක සියා කෙනෙක් හැමදාම කුණු අහුලයි. එයා හිනා වන්නට නොදන්නා නිසා මගේ සිනහව කීප විටත් අපතේ ගියේය.
අසල කුඩා උද්‍යානයේ ඉඳහිට අයෙක් ව්‍යායාම කරනු පෙනේ.දම් පාට  කොබෝලිල ගස් වල මල් පිපී ඇත. රොබරෝසියා මල් වැටෙන කාලයට මල් ගණන් කල හැක. කවදත් රාස්සිගේ අව්ව වැටෙන යාමයට  මගේ සිත සන්කාකුල පාළුවකින් පිරෙන්නට පටන් ගනී. නිශ්චිතවම කිව නොහැකි තනිකමක්. 
එවන් සවසක කුඩා සිනුව හඬවමින් තට්ටුවක් ගානේ ඇවිදින karung guni කෙනෙකි. ඔහුගේ කරත්තයේ පරණ දේවල් එකතු වෙනු ඇති. අලුත් වැඩියා කල හැකි විදුලි උපකරණ අතර කුඩා රුපවාහිනී යන්ත්‍රයක් තිබිය හැක.
ඈත බංගලි දේශයේ දුවිලි පිරුණු ගමක මැටි ගෙයක අනාගතය ගැන ආසාවෙන් ලෝකය ගැන හීන දකින කුඩා දැරියකගේ කළු පාට ලොකු ඇස් දෙකක් ඉතා පුදුමයෙන් හෙට ඒ රූප පෙට්ටිය දෙස බලා සිටිනු ඇත. රේල් පාර බලන්නට කෝච්චියක් දැක ගන්නට නොතිත් ආසාවෙන් සිටි අපුගේ අක්කා ..දුර්ගා ගේ අවුල් වූ කෙහෙ රැල්ලක් මගේ මුහුණේ වදියි,..
මා පසු පස හැරෙමි. දඟකාර පොඩ්ඩි හිමින් පිටුපසින් විත් මාදෙස සිනාසෙමින් බලා සිටි.










39 comments:

  1. ඔය බෝතල් පත්තර ප්‍රතිචක්‍රීය කරනය කරනවා නොර්වේ වැනි රටවල රටපුරාම සහ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ප්‍රාන්තයේ.. අපි ඇඩිලේඩ් වල එහෙම බෝතල් ප්‍රතිචක්‍රීකරණය කල මුදලින් ලංකාවේ සමාජ සත්කාරත් කළා...http://helmalu.blogspot.com.au/2016/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙම කරනවා ඇති. ඒ ගැන වෙනම කියවල ලියන්න ඕන. එහෙම නොවුන නම් මේ රට මෙලහට වැහිලා ගිහින් .ස්තුතියි .ඒ ලිපිය කියවන්නම්

      Delete
  2. මිනිස් ශිෂ්ටාචාරය ස්ථාවර වෙන්න නම් මෙන්න මේ ටික තෘප්ත වෙන්න ඕනේ.

    1. ජනගහනය ස්ථිර අගයක් වීම [ආසන්න ලෙස - පොඩ්ඩක් එහෙමෙහෙ වුනාට කමක් නැහැ හැබැයි දිගටම එක පැත්තකට නොයා]

    2. මූලික සම්පත් පරිභෝජනය වත් අඩුම තරමින් ප්‍රතිචක්‍රීකරණය වීම.

    3. සෙසු සම්පත් අවශ්‍යතා ග්‍රහලෝකයට පිටින් සපයා ගැනීම.

    සමහරු කියන ආකාරයට ලෝක ආර්ථික අර්බුදයක් නොවැලැක්විය හැකියි. ඊට හේතුව මෙහෙමයි. ගිය සියවසේ මැද සිට අග දක්වා පළමු ලෝකයේ සුපිරි ජීවිත ගෙව්ව ලෝක ජනගහනයෙන් 1/10 ට අඩු පිරිස ගේ අවශ්‍යතා වෙනුවෙන් ඊට බොහෝ පහල ජීවිත ගෙව්ව සෙසු ලෝකය සැපයුවා. මේ මොහොතේ චීනය ඉන්දියාව අග්නිදිග ආසියාව ඇතුළු විශාල් ප්‍රමාණයක් මිනිස්සු ඒ ජීවන තත්වය කරා යමින් ලෝක ජනගහනයෙන් බාගෙකට වඩා පළමු ලෝකයට ආසන්න ජීවන තත්වයකට යාමේ ඩිමාන්ඩ් එක මතු කරනවා. මේක බැලන්ස් කරන්න සපයන්න වෙන්නේ පෙර තිබ්බ ලෝකෙන්මයි.

    ඒ නිසා තමයි යමකට මුදල් දීලා එය නිර්මාණය කරවූ පමණින් එහි නාස්තිකාර අයිතියක් දෙන්න බැරි. මුදල් ගෙවා කරන නාස්තිත් නාස්ති ලෙස සලකන්න වෙන්නේ සම්පත් සීමිත නිසා. සම්පත් ප්‍රමාණය ගැන එය සකසන්න වැයවන ශක්තීන් සහ කාලය ගැන වගකීම බිල ගෙවලා නිම කරන්න බැහැ. අර මානව "පිය සලකුනේ" විශාලත්වය අඩු කිරීම තමා එකම විදිහ. කිව්වට ඕක කෙරෙන ක්‍රමවේදයකුත් නැහැ.

    ඕක ඔහොම නොවුනොත්, දීර්ඝකාලීනව අපිට සලකන්න වෙනවා වර්තමාන ශිෂ්ටාචාරය නිකම් අහම්බෙන් සිද්ද වෙච්ච අස්ථාවර නැග්මක් කියලා. ඒ වෙද්දී එය පවතින එකකුත් නැහැ. ඇත්තෙන්ම මේ විනාශය වෙන්නේ ලෝකයට නෙවි, ජීවය කෙතරම් විනාශ කලත් ආයිත් හටගන්නවා, මේ විනාශ කරගන්නේ මිනිස් ශිෂ්ටාචාරය.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් සුජීවගේ කමෙන්ට් එකක් දැකීමත් සතුටක්.හොඳ විග්‍රහයක්..බොහොම ස්තුතියි

      Delete
    2. සුජීවගේ සටහන අගේය

      Delete
  3. වැරදීමකින් ඊයේ ඇඳට ෆෝන් එක අරගෙන. ඒක නිසා නිදි පැදුරෙම ඉඳගෙනයි කියෙව්වේ.
    රාස්සිගෙ අව්ව වැටෙද්දි දැනෙන තනිකම වගෙ මොකද්ද එක මටත් තියෙනවා. ඒක විස්තර කරන්න අමාරුයි. සමහර වෙලාවට අපි පොඩි කාලේ ඔය වෙලාවට දෙමාපියෝ එක්ක ගතකල කාලය සිහිවෙලා ද දන්නේ නෑ. හැබැයි ඒ වෙලාවට අපි පොඩි කාලේ අහපු සිංදුවක් නැවත ඇහුනොත් නම් වැඩෙ තවත් අවුල්. සතියේ දවස් වල නම් ඔය ප්‍රශ්න නෑ හැබැයි. රාස්සිගේ අව්ව තියා ධාරානිපාත වැස්සක් වැටිලා පාරවල් යටවෙලා කියලා දැන ගන්නෙත් වැඩ අහවර වෙලා ගොඩනැගිල්ලෙන් එලියට ආවාම.

    ඊයෙ හවස අපි කැළණි පන්සල් ගියා. නැන්දා කෙනෙකුත් එක්කගෙන ගියා. එයාට වයස 74. එයා කියන දේවල් අහද්දි මට හිතුනේ අපේ පොඩි අයට විතරක් නෙමෙයි අපට කොච්චර දේවල් මඟ ඇරිලා ද කියලා.

    දුව මොන අරමුණ ඇතිව කීවත් ලෝකය කියන්නේ දවසින් දවස හොඳ අතට හැරෙන දෙයක් නෙමෙයි තමා. බුදු බණට කියන්නෙත් ලෝකට යන තාලෙට යන්න ඇරලා අපට නවතින්න කියන එකයි. එහෙම බලද්දි දුව හිතන විදිහ හරි!

    ReplyDelete
    Replies
    1. ඔය පාළුව මට ඉස්සර ඉඳලම තිබුණ.දවස ඉවරයි කියන හැඟීම වෙන්න ඕන.
      අපේ ලොක්කි හෙන දර්ශනවාදියා. කියපු කතා ගොඩක් තියෙනව ඉතින් ලියන්න ඕන.

      Delete
  4. පහුගිය දවස්වල ලංකාවෙ පාවිච්චි වුණු ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය මොන විදිහෙ ප්‍රතිවිපාක දෙයිද කියන එක මටත් හිතෙනවා.
    බින්දිට මතකද, අපි පොඩි කාලෙ කඩේ ගිහාම, තේ කොළ, සීනි වගෙ දේවල් ඔතල දෙන්නෙ පත්තර කඩදාසි ගොට්ටක. හාල්, පිටි වගෙ බර දෙයක්නම් ගනකම මැනිලා පේපර්ස්වලින් හැදුව බෑග්වල. ඒ දවස්වල අපේ ගෙදර වේවැල් කූඩ තිබුණා කඩේ යද්දි ගෙනියන. එළවළු එහෙම වගෙ බඩු ගොඩක් ගේන වෙලාවට ගෙනාවෙ ඒ කූඩවල. කෑම එතුවෙ කෙසෙල් කොළවල. පස්සෙ ප්ලාස්ටික් පෙට්ටිවල. පස්සෙ ටිකක් ගනකම් පොලිතින්වල- ඒවා සෝදලා නැවත පාවිච්චි කරන්න පුළුවන් විදිහෙ.
    ඉස්සර අපිත් බෝතල් පත්තර කාරයට දෙන්න බඩු එකතු කරලා තියනවා. පොල්කටු එහෙමත් අරගන ගියා. විසික්කරන්න අමාරු ප්‍රමාණෙ බඩුභාණ්ඩවලට මොකක් කරාද කියල මට මතක නෑ.

    අර හිනා වෙන්න නොදන්න සීයා ගැන දැක්කම, කාලෙකට ඉස්සර කැම්පස් එකේදි ඔය විදිහම සිද්ධියකට මූණ දුන්න හැටි මතක් වුණා. :D

    ReplyDelete
    Replies
    1. ඒවා සේරම මතක් වුනා නලිනි.දිග වැඩි වෙන නිසා නොලියා හිටියා.අපේ පොඩි ඉස්කෝලෙදි පොඩි බෑග් එකක් ගොතල ගෙනාව. චිත්‍ර ගුරුතුමා එයාගේ ගෙදර සේරම පරණ දේවල් අරන් එනවලු. එහෙම පරණ ඇඳුම් වලින් ඉරපු රෙදි වලින් ගොතල තිබ්බේ. මං කිව්වා අපේ ආච්චිලා පැදුරු මලු හෙම ගොතාපු හැටි.මට ඔය මහන ගොතන වියන වැඩ රාජකාරි එච්චර පිහිටුවේ නැහැනේ.
      බඩු ඔතල දුන්න පත්තර කොළ කොහොම අමතක වෙන්නද.කුස්සියේ එළිපත්තේ ඉඳන් ඒවා කියෝලා තමයි විසි කරන්නේ.
      රටකජු හම්බ වුනහම ඉස්සෙල්ලම පොතු අරිනවා.පොතු ටික කලින් කාල ගොට්ට හදල තිබ්බ කොලේ කියව කියව තමයි ඇට ටික කන්නේ.කලාතුරකින් මකොල්ල කෑම් වලට බදුන් වුනා ඔය වෙලාවට.
      හිනා නැති සියා එහෙම වුනාට ඊයේ පෙරේද වැස්ස නිසා එතන නතර වුන ආච්චි කෙනෙක් නම් හොඳට කතා කළා.පස්සේ ඉතින් එයා ලංකාවට ගිය බවත් කිව්වා.අපි දෙන්න නුවරත් ගිහින් ආව ඒ ටිකට

      Delete
  5. කොටිකාවත්ත පැත්තේ හැමතැම කානු පිරිල වතුර බෝතල් වලින් , පරණ ඒවා නෙමෙයි අළුත් ඒවා , ගංවතුර ආධාර හම්බෙච්චද කොහෙද , ඊලග පාර යටවෙන්ඩ ගං වතුර ඕන වෙන එකක් නැ , වැහි වතුර විතරක් ඇතිවෙයි

    ReplyDelete
    Replies
    1. මටත් හිතුණ වතුර බෝතල් බෙදන එක දැක්කම.ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තියෙන්න නැතුව ඇති.කොළඹ කුණු ටික එහාට මෙහාට තල්ලු කරන්න හදනව මිසක් බැරිද දන්නේ නැහැ මොකක් හරි කරන්න.

      Delete
  6. ලොක්කිගේ මතය හරි.

    නගරයට ආසන වුනත් ඒ කාලේ හබරල කොළ කපන අය ඕනෑ තරම් දකින්න තිබුණා. ලංකාව නම් දැන් පොලිතීන් වනයක්. මෑතක දී ඉතා තුනී පොලිතීන් බාවිතය වලකන නීති ගෙනාවත් මොනතරම් දුරට ක්‍රියාත්මක ද කියන්න දන්නේ නැහැ. ඉස්සර කාලේ වගේ පරන පොත් වලින් නිපදවූ කඩදාසි බෑග් ඉඳහිට දකින්න පුළුවන්. පාසැල තුලින් දරුවන්ට රිසයික්ලිං ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. ඒ දරුවා ප්‍රායෝගිකව අතරමං, බොහෝ විට ගෙදර දී හැම දෙයට විරුද්ධ අසරණ විරුද්ධවාදියෙක්.

    කාලෙකට පෙර කඩවල බඩු ඔතා දුන්නේ පරණ පත්තර වල. අවුරුදු ගානකට කලින් කොරියාවෙන් පරණ පත්තර ද ගෙන්නුවා හිඟයක් නිසා.

    මේ මෑතක ගාල්ලට ඇදහැලුන තද වර්සාවක් නිසා බස්නැවතුම් පල හා අවට පාරවල් වතුරෙන් යටවුනා. වැහි වතුර බැස ගියාට පසුව ක්‍රිකට් ස්ටේඩියම අවට කාණුවල පිරී තිබූ හිස් ප්ලාස්ටික් බෝතල් කන්දරාව කියා පෑවා ජලගැල්මට හේතුව.

    2000 වසරට කලිනුත් ඩුබායි නගරයේ හිස්කාඩ් බෝඩ් පෙට්ටියක් හොයාගන්න බැරි තරම්. බඩු පැක් කර එන, විසිකරන හැම කාඩ්බෝඩ් පෙට්ටියක්ම විනාඩි කිහිපයකින් ඩහැගෙන යන නෙට්වර්ක් එකක් තිබුණා. පරණ පත්තර කඩදාසි රිසයිකල් කරන ක්‍රමයක් තිබුණා. ඩුබායි විතරක් නෙවෙයි එය අබුඩාබියේ ද දැක ගන්න පුළුවන් වුනා. පසුකාලයේ දී මුලු ක්‍රමයම Advance Waste Management ක්‍රමයකට හැරවුනා. ඉන් ඉවත ලන බොහෝ දේ උපරිමයෙන් රිසයිකල් කරන්න ක්‍රමයක් ආවා.

    ඒ වැනි ක්‍රම අද ඊටත් වඩා දියුණුයි. ඒ වෙනුවෙන් දැරිය යුතු ආයෝජනය බරපතලයි. ඒත් පරිසරය, වැසියන්ගේ සුව සෙත හමුවේ Waste Management තව දුරටත් ලක්සරි ඔප්ෂන් නොවේ, අපේ රටේ බ්ලූමැන්ඩල් මොඩලය පැටව් ගහන විදිය ඉතා කණගාටුදායකය.

    ඉවතලන දේ නිසා සුදුවන පරිසර දූෂණය බරපතලයි, නූතන ලංකාවේ නාගරීකරන වේගය අනුව ඉවතලන අපවිත්‍ර ජලයෙන් පරිසර පද්ධතිවලට සිදුවෙන බලපෑම ඊටත් වඩා උග්‍ර වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. 'ඒත් පරිසරය, වැසියන්ගේ සුව සෙත හමුවේ Waste Management තව දුරටත් ලක්සරි ඔප්ෂන් නොවේ, අපේ රටේ බ්ලූමැන්ඩල් මොඩලය පැටව් ගහන විදිය ඉතා කණගාටුදායකය.'

      කාට කියන්නද

      Delete
  7. ලොක්කිගෙ මතය අර්ධ සත්‍යයක් කියලයි මගේ අදහස..මම ඇවිල්ල සර්වශුභ වාදියෙක්..ඒ හින්ද මිනිස් වර්ගයා කොහොම හරි මේකෙනුත් ගොඩ එයි කියලයි මගේ ඒකායන විශ්වාසය...හෙහ්,හෙහ්.......

    කාලෙකට ඉස්සර මම කියෙව්ව " Are we actually the destroyers of the earth?" කියල ලිපියක්. ඒකෙ තිබ්බෙ අපි ඔය බයවුනාට ඇත්තටම ලෝකෙට අපි කරල තියනව හානිය බොහොම සුලුයි කියල. ඒ එක්කම ඒකෙ කියල තිබ්බ එහෙම හිතල තව තවත් කිසිම පාලනයකින් තොරව පරිසරය විනාශ කරා ගෙන යන්නෙයි කියල කියනව එහෙම නෙවෙයි මේ..එහෙම පරිසර හිතකාමීව වැඩ කරන එක හොඳයි කියලත්.

    ඒ ලිපියට මම සීයට සීයක් එකඟ වෙනව කියල නෙවෙයි මේ කියන්නෙ..ඒත් ඕනමදේක ප්‍රධාන ධාරාවට එහෙම නැත්නම් ගලායන ප්‍රවාහයට විරුද්ධ සහ විකල්ප මත කියවන්ට මම බොහොම කැමතියි.....

    ඔය ප්‍රතිචක්‍රීකරණය අපි මේ අලුත් දෙයක් කියල හිතුවට බුදු හාමුදුරුවො ඉපදෙන්ටත් ඉස්සර ඉඳල ඔය සංකල්පය තිබිල තියනව.අර සේරිවාණිජ සහ කච්ඡපුඨ කියන්නෙ කවුද? Re-cyling Collecting Agentsල …. වෙන කවුද?

    අපි පොඩි කාලෙ පරණ යකඩ බඩු එහෙම එකතු කරන්ට ආපු මුස්ලිම් මනුස්සය ඒ වෙනුවට හුවමාරු කලේ ප්ලාස්ටික් බඩු. පිත්තල කළ බර වැඩි හින්ද, එතකොට නිකල් බේසං බිම වැටුන ගමං ඇඹෙන හින්ද ඔය ප්ලාස්ටික් කල, බේසං, කෝප්ප එහෙම ඒ කාලෙ හරි ජනප්‍රියයි.

    ආ තව චීත්ත, ලේන්සු වගෙ එව්වත් ගෙනාව.....මිනිහ කෑ ගහනව අපිට ඇහෙන්නෙ " ඊඊඊඊඊඊ යප්ප්ප්ප්ප්ප්ප්ප්" ....කියල...හැබැයි ඒ කියන්නෙ " රෙදීඊඊඊඊඊඊයප්" ...කියල...හෙහ්,හෙහ්,

    නියමයි නෝනා...ලියවිල්ල නම් එදා වගේමයි...මල් හතයි!!!

    පලි -

    / එයා හිනා වන්නට නොදන්නා නිසා මගේ සිනහව කීප විටත් අපතේ ගියේය. /

    ඔහේ කටපුරා පනාව එහෙම දාල මේ එන්ට හදන්නෙ මොන මගඩියකටද කියල ඒ වයසක මනුස්සයගෙ ඇඟේ ලේ වතුර වෙන්ට ඇති...:)

    ReplyDelete
    Replies
    1. // Are we actually the destroyers of the earth? //

      Not really. The Earth will destroy us before that. The actual question should be "Are we actually the destroyers of ourselves -the human kind?"

      Delete
    2. හරිම ලස්සණ කමෙන්ටුව රවී. දන්නවනේ ඉතින් අපේ ලොක්කි දැන් TEEN ඒජ් එකේනේ. ඔය කාලේ ඉතින් ආයේ අපි අරක මේක කිව්වා කියල අදහස් වෙනස් කරන්න බැහැනේ. එගොල්ලම කල්පනා කරනවා මිසක්. මෙයා හිටි ගමන් දෙනවා හෙන දාර්ශනික අදහස්.

      බුරා මල්ලි ....දැකීමත් සතුටක්

      Delete
    3. ඉහලින් පලකල මගේ කොමෙන්ට් එකේ අන්තිම පැරා එක.

      -----------

      ඕක ඔහොම නොවුනොත්, දීර්ඝකාලීනව අපිට සලකන්න වෙනවා වර්තමාන ශිෂ්ටාචාරය නිකම් අහම්බෙන් සිද්ද වෙච්ච අස්ථාවර නැග්මක් කියලා. ඒ වෙද්දී එය පවතින එකකුත් නැහැ. ඇත්තෙන්ම මේ විනාශය වෙන්නේ ලෝකයට නෙවි, ජීවය කෙතරම් විනාශ කලත් ආයිත් හටගන්නවා, මේ විනාශ කරගන්නේ මිනිස් ශිෂ්ටාචාරය.

      -----------

      හුටා ඒ පාර බුරා සමග එකඟ වෙන්න සිදු වීමේ දැඩි අපහසුතාවය එනවා. :)

      කෙසේ වෙතත් පොළොවේ සිද්ධ වුනු ජීව විනාශයන්, අර ගැමා රේ බර්ස්ට් වගේ විකිරණ පිළිස්සුම් වලදිවත් අපි 1800 විතර ඉඳලා මේ දක්වා වසර දෙසියකදී ජීවය වනසපු තරම් වේගයෙන් වඳ වෙලා නැහැල්ලු. මේකෙන් කියන්නේ අපි ජීවය අවසන් කරනවා කියලා නෙවි. ඊට කලින් ඔබ්වියස්ලි අපි අවසන් වෙනවා. ජීවය ආයිත් අලුත් තත්ව වලට හැඩ ගැහිලා අලුත් තාලෙට ඒවි. හැබැයි අනාගතේ දවසක මේ ගැන අධ්‍යනය කරන [වෙනත් ජෛව විශේෂයක] එකෙකුට "මහා විනාශ " ලිස්ට් එකේ ඉහලින්ම තියන්න එකක් අපි කරලා තියෙයි.

      Delete
  8. කරා.......න්ග් ගුනී................ පෝං පෝං!!

    කරාං-ගුනියට අමතරව පරණ කාඩ්බෝඩ් ටික අරන් යන්නෙ ජීවත්වෙන්ට පනං හතරක් හොයන්ට දඟලන නාකි ආච්චිලා සීයලා ටික තමා..

    ReplyDelete
    Replies
    1. බුරා ට මතක තිබ්බනේ කරන්ග් ගුනි ලව. ඔව් හරියට ආච්චිලා සීයලා වැඩ කරනවා

      Delete
  9. ලොක්කි හුඟක් හිතන ළමයෙක් වගේ.

    අපේ ගේ ලඟ පාරේ පාට තුනේ කුණු බක්කි තුනක් කාලෙකට ඉස්සර තියලා තිබ්බා කුණු වෙන් කරලා දාන්න.

    ඊ ලඟ නිවාඩුනේ යනකොට ඒක නෑ. මිනිස්සු පැමිණිළි කරලා. මට අල්ලපු ගෙදර පොර කිව්වා "මම තමයි පැමිණිළි කරේ. ඒ මොකද සමහර දවස් වල උදේට මේ සැනිටරි නැප්කින්ස් මගෙ දොරකඩ බල්ලෝ ගෙනත් දාලා ඔය කුණු බක්කියෙන්," කියලා.

    මම දියාරු හිනාවක් දාලා ආපහු ආවා. පොර වැරදිද, බල්ලා වැරදිද, ඕකට ඒවා දාපු ගෑණි වැරදිද, ක්‍රමය වැරදිද, අපි ජීවත් වෙන්නේ වැරදි සමාජයකද කියන එක මම තාම කල්පනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩුඩ් එයා හරියට හිතන ළමයෙක්.හුඟක් දේවල් කතා කරන්න පුළුවන් එයා එක්ක.

      බල්ලන්ට අවුස්සන්න බැරි වෙන්න වහන ජාතියේ භාජන තියන්න ඕනනේ. එතනයි වරද

      Delete
    2. ඒවා එහෙම ඒවා තමයි. ආණ්ඩුවෙන් නොහොත් ප්‍රාදේශීය සභාවෙන් ගෙනත් හයි කරපු කොළපාට හත‍රැස් උස ප්ලාස්ටික් ඒවා. බල්ලෙකුට ගන්න බෑ ඇතුලෙ තියෙන දෙයක් මීයෙකුගෙයි, කපුටෙකුගෙයි සහයක් නැතුව.

      Delete
  10. නූගත්කම සහ නොසැලකිල්ල යන හේතු නිසා (හේතු මත නෙවෙයි. හේතු මත කියන්නේ ගොන්පාට් සිංහල) අපේ සමාජයේ සෑහෙන පිරිසක් පරිසරය ආරක්ෂා කරගැනීම ගැන සංවේදී නැහැ. ඔවුන් ඒ සඳහා අනුගත කලහැක්කේ, නූගතුන්ව නීතියට අනුගත කරන ආකාරයට, ඉතා දැඩි නීති රීති මගින්, දඬුවම් පැමිණවීමෙන් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඒවා අපි කතා කරලා තේරුමකුත් නැහැ ඇත්තටම විචාරක. අපරාදේ අපේ වචන

      Delete
  11. ඔය ඉර බැහැගෙන යනකොට හැදෙන සාංකාව මම හිතුවට වඩා පොදු ලෙඩක් වගේ... මට හිතෙන්නේ ඉර බැහැගෙන යනකොට අපිට නැතිවෙන, පහුවදා ඉර ආවා කියලා ආපහු ලැබෙන්නේ නැති දෙයක් නිසයි... ලේසියෙන්ම කියන්න පුළුවන් කාලය කියලා. ඒත් ඒක එහෙමම නෙමෙයි...

    පරිසරය විනාශ කිරීම ගැන නියම වීඩියෝ එකක් අපේ හෙන්රියා ශෙයාර් කරලා තිබ්බා ලඟකදී...
    Video

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක එහෙම විස්තර කරන්න පුළුවන් හැඟීමක් නොවේ. ස්තුතියි වීඩියෝව බලන්න ඕන.

      Delete
  12. රටේ සුපිරි වෙළඳසැල් වර්ධනයත් මේ පොලිතින් වැඩි වෙන්න දෙතුවන් වෙන්න පුළුවන්.අර පැරා කියලා තිබ්බේ සුපිරි වෙළඳසැල්වල ඉඳිකට්ට පවා ෂොපින් එකක දාලා දෙන්නේ කියලා.සුපිරි වෙළඳසැල් වැඩි වෙලා ගමේ සිල්ලර කඩ වැහෙනවා වගේම පොලිතින් ප්‍රශ්නයත් උග්‍ර වෙන්න එකත් එක හේතුවක් වෙලා තියෙනවා.

    රිසයික්ලිං වලට රජය අනුග්‍රහය දක්වන්න ඕනේ කියලා මම හිතනවා.මොකද එහෙම නොවෙන්න මීතෝටමුල්ල වල් ලංකවේ හැම මුල්ලකම ඇති වෙන්න පුළුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ලොකු බෑග් එකක් ගෙනිච්චම සත දහයක් අඩු කරනවා. නමුත් පැකට් වල ඇති ප්ලාස්ටික් තොගයත් විශාලයි.

      Delete
  13. http://viridislanka.com/index.php?option=com_content&view=category&layout=blog&id=44&Itemid=96

    ReplyDelete
    Replies
    1. නියමයි. අපේ ළමයින්ගේ ඉස්කෝලේ ක්‍රීඩා ඇඳුම් හදන්නේ පෙට් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කරලා වියට්නාමේ කම්හලක

      Delete
  14. බෝතල් පත්තර කතා මතක වෙද්දිත් හරි සුන්දරයි. ඉස්සර මගෙත් අමතර ආදායම් මාර්ගයක් වෙන්න ඕනේ පත්තර විකුණන එක සිල්ලර බඩු කඩේට. ආයේ වත්තේ ගස් වල ගෙඩිත් විකුණුවා. ඇයි ගුරුවරුන්ට ළමයින්ට වඳින්න ගේන බුලත්. ඒවත් මම විකුණුවා. වත්තේ ගස් වලත් බුලත් විකුණුවා. ඒත් ඒ සල්ලි වලින් මොනා කලාද කියලා මතක නෑ නේ.

    ඉස්සර සීනි හෙම දුන්නේ අර තද කඩදාසි එකක නේද_ බ්‍රවුන් පේපර් බෑග් වගේ එකේ තද එක. බැරි වෙලා හරි මාව හදිස්සියකට හරි කඩේ යැව්වොත් ටොපියක් පොල් හකුරු කෑල්ලක් ඩෙල්ටා එකක් නම් කොහොම හරි මාටියා ගහනවා. ගෙදර ඇවිත් බැලන්ස් එක දෙද්හි කියන බොරු මතක් වෙද්දිත් හිනහයි දැන්.
    මෙහේ ඉතින් රි සයික්ලින් සිස්ටම් එක තදට යනවා. ඒත් මම වගේ මිනිස්සු එහෙම කලාට පාරේ ඉන්න ජිප්සීස්ලා ආපහු මුල ඉඳන් කුණු බක්කි එලියට ඇදලා දානවා. ඒ අය කුණුබක්කිවල බඩු එකතු කරන හින්දා පුදුම වදයක් වෙලා තියෙන්නේ. එකෙක් යද්දි තව එකෙක් වගෙ. ඒ මදිවට පලාතම ගඳයි. රෝමේ අරෝමේ වෙලා තියෙන්නේ කුණු වලින් දැන්

    ReplyDelete
    Replies
    1. මෙහෙම නොස්ටැල්ජික් සටහන් ලියාඅ අපිව අනාථ කරන්න පුළුවන් ඔයාට විතරද මන්දා...
      මේකත් කියවලා බලන්නකෝ.
      පොඩි කාලේ ජොලියට කාපු කෑම

      Delete
    2. // රෝමේ අරෝමේ වෙලා තියෙන්නේ කුණු වලින් දැන් //

      ඒකනෙ අපි හැමෝම එකතුවෙලා රෝමෙට sweet & sexy නගරාධිපතිනියක් පත්කරලා දුන්නෙ.. බොලාටත් හොඳක් පේන්නෙම නෑ නේද? නෙගටිව්මයි හිතන්නෙ, නෙගටිව්මයි හිතන්නෙ.. :-P

      Delete
    3. රංගි..අම්මපා ඔහෙත් මගේ කපාපු පළුව. මමත් ඔය බුල්ටෝ එකක් හොරෙන් කන එක සාර්ථකව කරගෙන ගියා කඩේ සැලී අක්කා බුද්ධි අංශය වගේ අපේ අම්මට කේලම කියන්න කලින්.
      අපේ පොඩි දෙන්නත් මේ කුස්සියට රිංගල හොරෙන් එක එක එක ඒවා කාල කෑවේ නැහැමයි කියනවා . අන්තිමට මමයි කාලා තියෙන්නේ. මටම හිතෙනවා මම වෙන්න ඇති කියල

      Delete
    4. බුරා ට කොහෙද බලතල රෝමෙට නගරාධිපතිනියක් දෙන්න.

      Delete
    5. ඒවා අන්තර්ජාතික රහස්... ;-)

      Delete
  15. මම නිතරම අත්බෑගයෙ කවරයක් තියන් ඉන්නවා සිලිකවර පුලුවන් තරම් කඩවලින් ප්‍රතික්ෂේප කරනවා. දැන් කඩවල අයත් ඒකට හුරුවෙලා. සිලි බෑග් එකක් ගෙදර ගෙනියන්න වුණ දවසට මට හරි වරදකාරී හැඟීමක් දැනෙනවා. ඒත් මොනව කරන්නද අද පොලිතින් ප්ලාස්ටික් නැති ජීවිතයක් ගැන හිතාගන්නත් බැරි වෙලා. අපි කොයිතරම් අකමැති වුණත් මිල දී ගන්න දේවල් එක්ක ඉබේම පොලිතින් ගෙදර එනවා.

    මම පුංචි කාලෙ අපේ ලොකු තාත්තාට ( තාත්තගෙ තාත්තාට අපි කියන්නෙ එහෙම) කඩයක් තිබුණා. නමයෙ, දහයෙ පන්තිවල ඉද්දිත්, සා.පෙ. ඉවරවුණාමත් මමත් කඩේ වැඩට උදව්වුණා. සීනි, පරිප්පු, තේ කොල වගේ දේවල් පත්තර ගොටුවක් ගහල ඒක යටින පොඩ්ඩක් නවල ඒකට දාලා කිරල ගෝනි නූලකින් වටේට ගැට ගහල තමයි දුන්නෙ. මමත් ඒ වැඩේ අල්ලගත්තා. හැබැයි ලොකු තාත්තා ඒ නූල අඹරවල එකපාරටම ඇදල කඩල දානවා. මට කවදාවත් එහෙම කරගන්න බැරි වුණා. එක්කො කටින් හපල, නැත්නම් කතුරෙන් කපල තමයි නූල කැඩුවෙ.. ඒ කාලෙ සිලි කවරයකට බඩු දාල දුන්නම ඒ බෑග් එකටත් කීයක් හරි ගත්ත මතකයි. දැන් ඉතින් කිසිම ගාණක් නැතිව හැමදේම පොලිතින් බෑග්වල දාල දෙන එක රටාවක් වෙලා.

    ජපානයෙදි ලැබුණු ලස්සන අත්දැකීමක් තියෙනවා කසල කළමනාකරණය ගැන ඒක ලියන්න ඕන කියල හිතනවා. දවසින් දවස කල්යනවා. ඉක්මණින් ලියන්න ඕන. ‘‘කුරු කුරු ෂොප්‘‘

    ReplyDelete
  16. ආපහු හැරවීමක්???? :( හැබැයි අවශ්‍යතා සැහෙන්න අඩු කර ගත්තොත් පුලුවන් වෙයි.. ඒකත් හීනයක් නේ..

    ReplyDelete
  17. ඉස්සර පොඩි දවස්වල කෑම නොකන ළමයි බෝතල් පත්තරකාරට ගෙනියන්න දෙනවා කියලා බය කරල ආත්තම්මා කෑම කවනවා යාන්ත්මට වගේ මතකයි...ඉස්සර කියවපු බ්ලොග් පැත්තෙ කාලෙකට පස්සෙ විසිට් එකක් දාන්න හිතුනා අක්කෙ...

    ReplyDelete