Thursday, 30 June 2016

විසල් නගරයක හරි මැද

දස දහස් විදුලි එලි ඇස් යොමා
විසල් විසිතුරු නගරයක් නොනිදාය මේ රැයෙත්
නිදන නොනිදන දුවන ඇවිදින
මිනිස් ගඟ මැද කවුද මම .....
.....සිතක් හදවතක් ඇති කුහුඹුවෙක්

ඉතා උස තැනක ආකාස මායිම සදාදී
පාට  පාටින් කොන්ක්‍රීට් අලවා තිබෙත්
පොඩි ඉඩක වලාකුළු දෙක තුනක් එලාගෙන
මලානික තරුත් වැතිරේය
පාලුවෙන් ..
ගලන්නට වගක් වත් නැතුව වාගේ
ගඟත් අලසව නොසෙල්වී හිඳිත් මුහුද අද්දර
හමන්නට කම්මැලි සුළං බරට වැතිරී
නිදන්නට සොයත් කුඩා අඳුරක්
පාළම යටින්

අහස නගරය මුණ ගැසෙන ලා දම් පාට මායිමේ
ඉඳහිටක රැයේ තවමත්
දේවතා එළියක් වෙලා වැටෙනවද නැද්ද නොදනිම්
බලා ඉඳ බලා ඉඳ කාලයක් ලතවුණු
....පුංචි තරුවක්

4 comments:

  1. කුරා කුහුඹු මිනිසා වෙමි මා.....

    ReplyDelete
    Replies
    1. බුරා දන්නවා ඇති . දුරියන් ගෙඩිය පැත්තේ රෑක යනකොට හිතිච්ච හැටි තමයි ඔය

      Delete
  2. බුරාතිනෝ කියපු සින්දුවත්, සේකරගේ හඳ සහ නිව්යෝර්ක් නුවරත් එක පාර මතක් වුණා..!

    ReplyDelete
  3. ඔහේ විතරක් නෙමේ මේ කොළඹත් ඔය වගේ තමයි.

    ReplyDelete