Wednesday, 8 March 2017

DREAMS

ඇයටත් සිහින තිබිය හැක
උදෑසන ඔබ කලබලෙන් ගිල දැමු
තේ කෝප්පය පතුලේ දිය නොවී
හැඳි මිටෙන් රූරා ව්‍යOජන වල තැවරී

දවාලේ අද ලෙහන විට බත් පත
මදක් නැවතිල්ලේ බැලුවොතින්
ඔබට හමු වනු ඇති කවී
ඈ ලියන්නට සිතාගෙන සිටී

13 comments:

  1. මේ..... ඉඳලා ඉඳලා ඇවිත් මෙහෙම කවි කෑලි දෙකක් දාලා ෂේප් වෙන්න බෑ හරිය !

    ReplyDelete
  2. බත් එක ලිහලා බැලුවා. පොඩි පිළුනු ගඳක් ආවා. හොඳ වෙලාවට පිළුනු වෙලා තියෙන්නේ බත් එක නෙමේ, එයාගේ කවි. බත් එක කාලා, මේසේට ඔලුව තියාගත්තා. හෙටවත් පිළුනු නොවුනු කවියක් ලියපන් ගෑනියේ. නැත්නම් මං කඩෙන් කනවා...

    ReplyDelete
    Replies
    1. ෂැහ්, පැදියට පිළිතුරු ගැදියෙන් දෙන එක හරි මදි. පැදියෙන් ම දෙන්න.

      Delete
    2. පිළිණු කවියෙන් නැගුණු
      අපුල ගඳ
      එපා කෙරුවා මට
      කන එක බත් එක

      හෙටත් තිබුනොත්
      පිළුණු කවි බත් එක්ක
      කඩෙන් කමි මම
      ඉතින් හැමදාටම...D

      Delete
  3. ඒ හීන හරි රහයි
    කවි එක්ක හැපෙනකොට
    ඉතිරි නොකරම කෑවා මම
    කවි හීන බත් එක්කම

    අඩු කලොත් හොඳ නේද
    තේ වලට නොතරම් හීන
    විසි කලා මම අද උදෙත්
    හීන කැටියක් දිය නොවුණ

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ ඇවිත් ලියල තියෙන්නන් නොම්බර එකේ කවියක්. මරු අප්පා.

    ReplyDelete
  5. අක්කේ ගොඩ කාලෙකින්.... ලස්සන අදහසක්..

    ඔහුටත් සිහින තිබිය හැක
    උදෑසන ඔබ බෙදා දුන් බත් පතේ
    ඉතිරි වූ බත් කටේ
    වැඩට යන්නට තකහනියෙන්

    වැඩ කරන විට කම්මලේ ගොවිපලේ
    නළලෙන් රූරා වැටෙන දාඩිය බිඳුවක
    ඇයට හමු වනු ඇති කවී
    ඔහු ලියන්නට සිතාගෙන සිටී


    ReplyDelete
  6. හලෝ , කොහොමද ඉති‍ං? කාලෙකින් දැක්කේ.....

    ReplyDelete