Wednesday, 31 May 2017

චිත්‍ර කතා











පහුගිය කාලයේ බ්ලොග් එක දිහා බැලුවේ වත් නැහැ. විවිධ හේතු නිසා.ඇඳපු චිත්‍ර ටිකක් වත් බෙදා ගන්න ඕන කියල හිතුන. චිත්‍ර  වල නියම වර්ණ හරියටම පිංතුර වල නැති වුණත්.
සමහර ඒවා දියසායම්. දියසායම් වල තාක්ෂණය තව බොහෝ ප්‍රගුණ කරන්න තියෙනවා. තෙල් සායම නම් ඊට වඩා හසුරවන්න පහසුයි.
මේ චිත්‍ර වල වෙන වෙනම කතා තියෙනවා. ඒ ඒ චිත්‍ර ඇඳපු දවස්වල මගේ කතන්දරත් වෙනස්. කවුද දන්නේ දවසක ඒවා නිස්කාන්සුව ලියා තියන්න හැකි වෙන්නත් ඉඩ ලැබෙයි.