Wednesday, 31 May 2017

චිත්‍ර කතා











පහුගිය කාලයේ බ්ලොග් එක දිහා බැලුවේ වත් නැහැ. විවිධ හේතු නිසා.ඇඳපු චිත්‍ර ටිකක් වත් බෙදා ගන්න ඕන කියල හිතුන. චිත්‍ර  වල නියම වර්ණ හරියටම පිංතුර වල නැති වුණත්.
සමහර ඒවා දියසායම්. දියසායම් වල තාක්ෂණය තව බොහෝ ප්‍රගුණ කරන්න තියෙනවා. තෙල් සායම නම් ඊට වඩා හසුරවන්න පහසුයි.
මේ චිත්‍ර වල වෙන වෙනම කතා තියෙනවා. ඒ ඒ චිත්‍ර ඇඳපු දවස්වල මගේ කතන්දරත් වෙනස්. කවුද දන්නේ දවසක ඒවා නිස්කාන්සුව ලියා තියන්න හැකි වෙන්නත් ඉඩ ලැබෙයි.

27 comments:

  1. ඒ ඒ චිත්‍ර ඇඳපු දවස්වල මගේ කතන්දරත් වෙනස්. කවුද දන්නේ දවසක ඒවා නිස්කාන්සුව ලියා තියන්න හැකි වෙන්නත් ඉඩ ලැබෙයි.

    අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. නැථ්නම් චිත්‍රය කම්ප්ලීට් වෙන්නේ නෑ නෝනේ.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමෙයි ඉඳලා හිටලා හරි මෙහේ මතක් වුනාටත් බොහොම ස්තුතියි. මේක කොහොමට අපි ආගිය කතා කියපු තැනක්ද? හරියට ගමේ ගිහින් පරණ මිනිස්සු යාළුවෝ හමුවුනා වගේ නෙව බින්දි !

      Delete
    2. අද වගේ දවසක බුරතිනෝ හෙවත් ලී බෝනික්කා කියල පෝස්ට් එකක් ලිව්වා කියල සකර්බර්ග් උන්නැහේ උදෙන්ම මතක් කලානේ.

      Delete
    3. උන්දෑ ඒ වගේ වැඩත් කරණවද ? ගූග්ල් දෙයියොනම් පරණ පින්තූර බලලා "උඹ අහවල් දවසේ අරෙහෙ ගිහින් තියනවා" කියලා මතක් කරණවා..

      Delete
    4. හැබෑට! ඔන්න බලාන්ටකො ඉතිං කාලය ගතවෙන ඉක්මන නේද? බෝ ලීනික්කා අවුරුදු හයකින් වයසට ගොහිල්ලා..

      Delete
  2. කදෙන් අරං යන්නේ ලුණු ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. වියට්නාමයේ ලුණු

      Delete
  3. හරිම ලස්සන චිත්‍ර.කතන්දර ටිකත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්.

      Delete
  4. චිත්‍ර කාරියක්නෙ


    ReplyDelete
  5. චිත්‍ර කාරියක්නෙ


    ReplyDelete
    Replies
    1. අම්මට වඩා දක්ෂ චිත්‍ර කාරියෝ ඉන්නවා දැන්

      Delete
    2. වී අයියේ...දැකපු කල්. මේ ගමන්ම පෝස්ට් එකක් එහෙමත් දාන්න හොඳේ.

      Delete
  6. //මේ චිත්‍ර වල වෙන වෙනම කතා තියෙනවා. ඒ ඒ චිත්‍ර ඇඳපු දවස්වල මගේ කතන්දරත් වෙනස්.//

    බ්ලොග් පොස්ට් හතක් කියවන්න පුළුවන් ඒ ටික ලියුවානම්.. චිත්‍ර ටික බොහොම කලාත්මකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍ර.

      Delete
  7. අප්පේ නෙළුම් විල මතක් වෙලා තියෙන්නෙ... අනේ ආයෙ ලියන්න අප්පා...

    ReplyDelete
    Replies
    1. කම්පියුටරය පාවිච්චියටත් කම්මැලි වෙලානේ.ෆෝන් එකට ඇබ්බැහි වෙලා.නරක පුරුදුනෙ තරු

      Delete
  8. මෙහෙම බ්ලොග් එකට දාපු එක හොඳයි, පමණක් FB පොස්ට් හොයාගන්නත් බැරිව අතුරුදහන් වෙනවා

    ReplyDelete
  9. වර්ණ යොදා ගැනීම ඉතා ඉහලයි.
    මං කැමතිම තුන්වෙනි චිත්‍රයට.

    ReplyDelete
  10. නෙළුම් විලේ මලක් පිපිලා තියෙන්නේ... අගෙයි අගෙයි...
    චිත්‍ර ටික නම් මූණුපොතෙන් දැක්කා අක්කේ... ඒ ගැන කියන්න වචන නෑ... ලස්සනයි.
    බ්ලොගේට ආවේ චිත්‍රවලට කථාවක් දාලා ඇතැයි කියලා... හ්ම්...
    අපි හැමෝම ඔහොම තමයි... බ්ලොග් කලාවේ හොඳ කාලේ ගියා නේද අක්කේ...

    ඉඳහිට හරි මෙහෙම පෝස්ට් එකක් දාන්න... අපරාදෙ නේ ! පාලු වෙනව නේ... මේවා හොඳට දුවපු බ්ලොග් නේ !!! :)

    ReplyDelete
  11. අම්මේ...හරිම ලස්සනයි. අර පලවෙනි එකේ හෙවනැල්ල ඇඳපු විදියට මම හරිම ආසයි.

    ReplyDelete
  12. නෙළුම් විල චිත්‍ර විලක් වී හැඩ වෙච්ච අපූරුව.... !

    ReplyDelete
  13. චිත්‍ර වලට අදාල කතා ටිකත් දාන්න..

    ඒ වගේම චිත්‍ර නම් නිර්මාණාත්මකයි !! :D

    ReplyDelete
  14. Really Wonderful Arts All

    ReplyDelete
  15. කළකින් බ්ලොග් බලන්න ආ වෙලාවේ ඔබේ පිටුවත් වර්ණවත් වී තිබෙනු දැකීමම සතුටක්.

    ReplyDelete
  16. චිත්‍ර වල කතා ටිකත් ලිව්වනම් සුපිරි ඈ....

    ReplyDelete
  17. Bài viết thật tuyệt vời. Mình cũng muốn giới thiệu về một Công ty dịch thuật uy tín - Công ty dịch thuật miền trung - MIDtrans trụ sở chính chính tại địa chỉ 02 Hoàng Diệu, TP Đồng Hới, tỉnh Quảng Bình có Giấy phép kinh doanh số 3101023866 cấp ngày 9/12/2016 là đơn vị chuyên cung cấp dịch vụ dịch thuật, phiên dịch dành các cá nhân. Hệ thống thương hiệu và các Công ty dịch thuật con trực thuộc: dịch thuật bình định - dịch thuật miền trung tại địa 100 Lê Lợi, TP Quy Nhơn là địa chỉ chuyên cung cấp dịch vụ dịch thuật chuyên nghiệp tại bình định ; dịch thuật công chứng sài gòn 247 , địa chỉ 47 Điện Biên Phủ, Phường Đakao, Quận 1 TP HCM, dịch thuật pleiku, gia lai : địa 101 Trần Hưng Đạo, TP Pleiku, Gia Lai là nhà cung ứng dịch vụ dịch thuật uy tín hàng đầu tại Gia Lai; Công ty dịch thuật Viettrans và dịc vụ chinese to vietnamese translation: dịch vụ dịch thuật tiếng Trung cho người nước ngoài có nhu cầu, giao diện tiếng Anh dễ sử dụng; dịch thuật công chứng củ chi: nhà cung ứng dịch vụ dịch vụ dịch thuật phiên dịch hàng đầu tại Quận Củ Chi, TP Hồ Chí Minh; Công ty dịch thuật Đà Nẵng MIDtrans cung cấp dịch vụ công ty dịch thuật đà nẵng midtrans : Địa chỉ 54 Đinh Tiên Hoàng, Quận Hải Châu, TP Đà Nẵng chuyên cung cấp dịch vụ dịch thuật công chứng, dịch thuật đa ngôn ngữ, đa chuyên ngành tại Đà Nẵng; Viettrans : chuyên cung cấp dịch vụ dịch thuật đa chuyên ngành toàn quốc; Công ty dịch thuật Hà Nội MIDtrans chuyên cung cấp dịch vụ dịch thuật tiếng Trung tại hà nội : địa chỉ 101 Láng Hạ, Đống Đa, Hà Nội là nhà cung ứng dịch vụ biên dịch, phiên dịch chuyên nghiệp tại địa bàn Hà Nội. Ngoài ra, Chúng tôi cũng cung cấp các dịch vụ biên dịch và phiên dịch, dịch thuật công chứng chất lượng cao hơn 50 ngôn ngữ khác nhau như tiếng Anh, Nhật, Hàn, Trung, Pháp, Đức, Nga, .vv... Dịch thuật MIDtrans tự hào với đội ngũ lãnh đạo với niềm đam mê, khát khao vươn tầm cao trong lĩnh vực dịch thuật, đội ngũ nhân sự cống hiến và luôn sẵn sàng cháy hết mình. Chúng tôi phục vụ từ sự tậm tâm và cố gắng từ trái tim những người dịch giả.Tự hào là công ty cung cấp dịch thuật chuyên ngành hàng đầu với các đối tác lớn tại Việt nam trong các chuyên ngành hẹp như: Viettravel - vietnam tourist information and travel tips chuyên trang về thông tin du lịch và các tour đặc sắc tại Việt Nam, y dược (bao gồm bệnh lý), xây dựng (kiến trúc), hóa chất, thủy nhiệt điện, ngân hàng, tài chính, kế toán. Các dự án đã triển khai của Công ty dịch thuật chuyên nghiệp MIDtrans đều được Khách hàng đánh giá cao và đạt được sự tín nhiệm về chất lượng biên phiên dịch. Đó là kết quả của một hệ thống quản lý chất lượng dịch thuật chuyên nghiệp, những tâm huyết và kinh nghiệm biên phiên dịch nhiều năm của đội ngũ dịch giả của chúng tôi. Hotline: 0947688883. email: info@dichthuatmientrung.com.vn . Các bạn ghé thăm site ủng hộ nhé. Cám ơn nhiều

    ReplyDelete