tag:blogger.com,1999:blog-2262815776211192747.post1798303252984612359..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : මගේ ආදර වන්තයෝ ....Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-2262815776211192747.post-87793008111736771572018-09-29T00:11:01.397+07:002018-09-29T00:11:01.397+07:00බොහෝ දුරට මේ කියන පෙචොරින් මගේ ජිවිතයට බෙහෝ නෑකම් ...බොහෝ දුරට මේ කියන පෙචොරින් මගේ ජිවිතයට බෙහෝ නෑකම් කියයි
අපි දෙදෙනාග්ම සිතුම් රටාව සර්ව සමයි වගේජෝන් ලෙමන්https://www.blogger.com/profile/06588064887829773754noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-78909168824431670152013-01-31T15:53:43.782+07:002013-01-31T15:53:43.782+07:00මම මේ නෙලුම් විලේ ඔරු පදින්න පටන් ගත්ත විතරයි කෙළව...මම මේ නෙලුම් විලේ ඔරු පදින්න පටන් ගත්ත විතරයි කෙළවරක ඉඳන්. කමෙන්ට් නොකර කියවගෙන යන්න හිතුවත් මේ පෝස්ට් එකට නම් මොකුත් නොලිය යන්න හිත දෙන්නෙ නෑ :) මං වගේම ආපහු මුල ඉඳන් කියවගෙන යන කෙනෙකුට මේ කමෙන්ට් එකෙනුත් වැඩක් වෙන්න පුළුවන්නෙ :)

'නිහඬ හිමිදිරි' කියන්නෙත් හරිම සංවේදී රුසියන් පොතක්. පරිවර්තකය දැදිගම මහත්තය විය යුතුයි. හරියටම මතක නෑ. කෙටියෙන් කතාව දාන්නම් කට්ටියට මතක වෙයිනෙ :)

රුසියන් නිලධාරියෙකුට සිද්ද වෙනව ජර්මානුවන්ට එරෙහි මෙහෙයුමකට (ඔත්තු බැලීමකට ද කොහෙද) යන්න. හැබැයි එයාට සහයට ලැබෙන්නෙ කාන්තා සෙබලියෝ කිහිප දෙනෙක්. නිලධාරිය මේකට කැමති නැති උනත් අන්තිමේ යන්න සිද්ද වෙනව. හැබැයි මෙයාල අතරේ කිසි සහයෝගයක් නෑ. සෙබලියෝ කීපදෙන අතරේ උනත් කිසි මිත්‍රත්වයක් නෑ. එකිනෙකා තරහයි. ඇනුම්පද ලෝකයයි. ඒත් අන්තිමේදි සතුරු අඩවියට යන මේ අය අතරෙ එකිනෙකා වෙනුවෙන් තමන්ගේ ජීවිත අනතුරේ හෙලා ගන්න තරම් දැඩි බැඳීමක් පරිත්‍යාගශීලී කමක් ඇති වෙනව. මේ හැමෝටම තමන්ටම වෙන්වුණු දුක්ඛිත ජීවිත කතාවකුත් තියනව. අන්තිමේදි කාන්තා සෙබලියො ඔක්කොම සතුරු ප්‍රහාර වලින් මැරෙනව. නැත්නම් අනෙක් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පුදනව. අවසානෙට ඉතුරු වෙන්නෙ නිලධාරිය විතරයි. එයා බරපතල තුවාල සහිතව බේරෙනව (කකුලක් නැති වෙනවද මන්ද - මතක නෑ). කතාව ගලාගෙන යන්නෙ මේ නිලධාරිය තමන් අරන් හද ගත් පුතාට කියන විදිහට. මේ පුතා වෙන කවුරුවත් නෙවෙයි එදා මිය ගිය එක සෙබළියකගෙ පියා අහිමි දරුව. මට මතක විදිහට ඇය නිසා තමයි නිලධාරියගෙ ජීවිතේ බේරෙන්නෙත්.

මම මේක ලියපු විදිහට නම් මේකෙ සංවේදී බවක් පේනවද මන්ද. ඒත් කියවල බලන්නකො හරිම ලස්සනයි.

'අඳ වාදකය' කියන්නෙත් තවත් ලස්සන පොතක් :)

බින්දීටයි අනික් හැමෝටමයි ගොඩක් ස්තුතියි මේ පෝස්ට් එකට :)රුසියන් පොත් කියවන්න අදටත් මං හරි ආසයි.RanVanhttps://www.blogger.com/profile/16153760680416375575noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-67852049603266664352012-03-19T23:17:51.389+07:002012-03-19T23:17:51.389+07:00හරි හරි ඔන්න ඔයත් පරණ මතක පෙට්ටගමේ හිරවෙලා නේද . ඔ...හරි හරි ඔන්න ඔයත් පරණ මතක පෙට්ටගමේ හිරවෙලා නේද . ඔයත් මන් ජාතියේම වගේ. ආයිත් අහල රවී අය්යාගේ කතන්දර කියවල මන් තව පොඩ්ඩෙන් ළමයින්ටත් ඒ භාෂාවෙන් කතා කරනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-78800252162482639822012-03-19T20:47:32.482+07:002012-03-19T20:47:32.482+07:00අනේ මේ පොස්ට් එකය් කොම්මෙන්ට් ටිකය් දැක්කම වැඩ ඔක...අනේ මේ පොස්ට් එකය් කොම්මෙන්ට් ටිකය් දැක්කම වැඩ ඔක්කොම පැත්තක තියල නිකන්ම හිත අතීතෙට ගිය..මාත් ආදරේ කරන්න ගත්තේ රුසියන් පෙම්වතුන්ට 6 පන්තියේ ඉඳන්.. හතලිස් එක්වනිය කතාවේ සුනිල්වන් ඇස් ඇති යක් පැටියව තාම මතකි, කාලයක් හීන මැව්වා රතු රුවල් එකේ අසොල් ට වගේ කුමාරයෙක් එනකන්..බලනකොට අපි හැමෝගෙම මුල් පොත අම්මා ..තව බෙල්කින්ගේ කතා , kapithange diyaniyo.. අපි ඔක්කොම මේවට කොච්චර ආදරේ කලද.. මේ අතරේම edward mallawarachchi, කරුණාසේන ජයලත්, කුලසේන ෆොන්සේකා වත් අත ඇරියේ න ඉතින් .. අත ඇරුනේ පාඩම් පොත් තමය් ගොඩක් :). පස්සේ පස්සේ මල් කතා කියවන්නත් පුරුදු උනා.. මෑතක ඉඳන් ෆිල්ම් බැලුවට පස්සේ ආස හිතිලා jane auston ට වගේම stephanie mayer සහ nicholas sparkes ටත් වහ වැටුන.. හැබය් මේ දවස්වලනම් මේ ගොඩට අලුතෙන්ම වැටිලා ඉන්නේ මහා රචක රවී අය්යා තමා.. :) . අක්කට ගොඩක් පින් මේ අතීතේ ආඊ මතක් කළාට..mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-90386059506339917232012-01-06T22:21:45.637+07:002012-01-06T22:21:45.637+07:00@රන්දිල් ..
ස්තුතියි රන්දිල්@රන්දිල් ..

ස්තුතියි රන්දිල්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-26205246609748551332011-12-15T14:09:25.570+07:002011-12-15T14:09:25.570+07:00හප්පුච්චේ අද ලිව්ව පෝස්ට් එකට ෆොටෝවක් හොයන්න කපිතා...හප්පුච්චේ අද ලිව්ව පෝස්ට් එකට ෆොටෝවක් හොයන්න කපිතාන්ගේ දියැණියෝ කියලා සර්ච් කලාමනේ මෙතැනට වැටුනේ. මෙතනනේ රුසියාව තියෙන්නේ. සෙනසුරාදා අපේ ඔෆිසියේ හමුවට එන ඔෆිස් හමුදාවගේ ළමයි හමුදාවට නත්තල් තෑගි දෙන්න මං මේ පොත් සේරම වගේ ගත්තා. මෙදා පාර මට නමක් වැටිලා තමයි නවතින්නේ රුසියාව කියලා........ :)පෝස්ට් එක නියමයි සහෝදරි. හරිම වටිනවා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-74137003756729646882011-06-28T12:08:04.594+07:002011-06-28T12:08:04.594+07:00@ පොත් ගුල්ලා ..
විශාල කමෙන්ටුවට කොහොම ස්තුති කරන...@ පොත් ගුල්ලා ..

විශාල කමෙන්ටුවට කොහොම ස්තුති කරන්නද මන්ද. අමතක වෙච්ච පොත් ගොඩක්. ඇත්ත සිරිල් සි පෙරේරා හටත් අපි ස්තුති කළා මදි. ඔහුටත් අපේ උපහාරය හිමි විය යුතුයි. හැබැයි මන් වැඩියම කැමති දැදිගම මාමගේ සුමට රසවත් පරිවර්තන වලට. අනික් පරිවර්තකයෝ නරකයි නෙමේ. එයින් කියවෙන්නේ නැහැ ඔවුන් කල සේවය මදි කියල. යුද්ධය හා සාමය වගේ පොතක් කියවන්නම යන වෙලාව ගත්තම ඒවා සිංහලට පෙරලන්න කොයි තරම් කැප කිරීමක් කරන්න ඇද්ද.

උභයජීව ...හරි ලස්සනයි. නිකන්ම රළු විද්‍යා ප්‍රබන්ධයක් නෙමේ. ආයි කියවන්න ආසයි. ඊ ළඟ පාර එනකොට පරිප්පු ටිකක් අඩු කරලා හරි පොත් ටිකක් වැඩිය ගෙන්න ඕන .

සින්දුවත් අපුරුයි. ස්තුතියි මතකය අලුත් කලාට. සහ ලින්ක් එක බෙදා ගත්තටBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-63134304066157071042011-06-28T01:21:48.879+07:002011-06-28T01:21:48.879+07:00රුසියන් පොත් රසවිඳින හැමෝම මේ සින්දුවටත් කමතිවෙය්....රුසියන් පොත් රසවිඳින හැමෝම මේ සින්දුවටත් කමතිවෙය්. යු ටියුබ් එකෙන් රසවිඳිමු.

http://www.youtube.com/watch?v=TRewRYxOYmw&feature=related

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බලලය්කවද වයමින් තුටින් යමු මාවතේපොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-84314902776957964662011-06-28T01:14:23.814+07:002011-06-28T01:14:23.814+07:00හරි ශෝක්!
මේක ලියපු බින්දිවය් කමෙන්ට්ස් ලියපු අනෙ...හරි ශෝක්!
මේක ලියපු බින්දිවය් කමෙන්ට්ස් ලියපු අනෙක් හැමෝවමය් බදා ගන්න හිතෙනවා. (ග්‍රාම්‍ය විදියට කිව්වට සමාවෙන්න).
මමත් ඔය රුසියන් පොත් වල ආදරවන්තයෙක්. හැබැය් මම හිතන් හිටියේ මං ඔය රුසියන් පොත් (සිංහලට පරිවර්තනය වූ) ඔක්කොම ටික කියවල තියෙනව කියල. දැන් බැලුවම මම නොකියවපු පොතුත් තියෙනව. ඔයාලට අමතක වෙච්ච තව හොඳ පොතක් තියෙනව. (හොඳ වෙලාවට. නැත්තන් මට ලියන්න කමෙන්ට් එකක් නැති වෙනව). ඒ තමය් ඇන්ටන් චෙකොව් ගෙ "තුන් අව්රුද්ද". මතක නැද්ද අලෙක්සේය් ලාප්තෙව් සහ යුලියා. අලෙක්සේය් යුලියාට ආදරය ප්‍රකාශ කරන්නේ හදිස්සියේම. යුලියා හුඟක් කලබලවෙනවා. බයවෙනවා.
--ඈ තිගැස්සී මවිතයෙන් සහ බියෙන් යුතුව ඔහු දෙස බැලුවාය. "අනේ, අය්යෝ, ඔබ මොනවා කියනවද!" ඇය පැවසුවේ සුදුමැලි වෙමිනි. "එය කල හැකි දෙයක් නොවෙය්. මම ඔබට සහතික කරන්නම්. සමාවෙන්න."--
ඒත් පස්සේ දෙන්න කොහොමින් කොහොම හරි බඳිනවා. පස්සේ කාලෙක, වැඩි කාලෙකුත් නෙමෙය්, තුන් අවරුද්දකින් පස්සේ දෙන්නම ජීවිතේ දිහා බලන්නේ වෙනස් ආකාරයකින්. කතාව හරිම සහිත්යත්මකය්. ඒ වගේම මනොවිද්යත්මකය්. ඒකෙත් පරිවර්තක දෙදිගම වී රුද්‍රිගු මැතිදුන්මය්.
තව ඔයාල සිරිල් සී. පෙරේරා මහත්තයට දුන්නු තැනත් මදි වගෙය්. මොකද රුසියන් සාහිත්‍යය සිංහල පාඨකයන්ට හඳුන්වාදෙන්න එතුමත් විපුල සේවයක් කලා. මේ ලය්ස්තුව එතුමන් පරිවර්තනය කල රුසියන් කෘති.
යුද්ධය හා සාමය - ලියෝ තොල්ස්තොය්
කරමසෝ සහෝදරයෝ - ප්යෝදෝර් දොස්තොව්ස්කි
මළ මිනිස්සු - නිකොලොය් ගොගොල්
පෙරළු නැවුම් පස - මිහය්ල් ශෝලොහොව්
ජීවිතයේ සරල කතාවක් - නිකොලොය් එව්දොතිමොව්
පිස්සු තරුණයා දුටු විකාර සිහිනය - ප්යෝදෝර් දොස්තොව්ස්කි
දුප්පත්කම - ලියෝ තොල්ස්තොය්
මිනිසා ජීවත් වන්නේ කුමකින්ද - ලියෝ තොල්ස්තොය්
ඉස්කෝප්ප පොරොව - ඇලෙක්සැන්ඩර් පුෂ්කින්
පොතය් මමය් - මැක්සිම් ගෝර්කි
මලක සුවඳ යුග ගණනක් ඇසේයා - මැක්සිම් ගෝර්කි
මකර රාක්ෂ (නාට්‍ය පිටපතක්) - යෙව්ගිනි ශ්වන්ත්ස්
මෛත්‍රී කරුණාව - ලියෝ තොල්ස්තොය්
පේමතෝ ජායතී සෝකෝ (ක්රෝඑට් ස සොනාටා) - ලියෝ තොල්ස්තොය්
ඔය ලය්ස්තුවේ මුල් පොත් හතරම මහා විසාල පොත්. එහෙම බැලුවහම එතුමා කරපු සේවය සුළුපටු නොවෙය්.

තව "උභය ජීව" ගැනත් වැඩි සැලකිල්ලක් දක්වල නැති හැඩය්. ඇලෙක්සැන්ඩර් බෙලයෙෆ් ගේ "THE AMPHIBIAN" කෘතිය සිංහලට නගපු ලේකඛයගේ නම දැන් මතක නැහැ. ඉක්තියන්දර් සහ ගුතීරා ගේ කතාව හරිම රසවත්. නිකම්ම විද්‍යා ප්‍රබන්ධයක්ම නෙමෙය්. ලස්සන ආදර කතාවක්. බැල්තසර්ගේ නැතිවූ පුතාද, ඉක්තියන්දර්? කොහොම උනත් අන්තිමට ඇසට කඳුලක් නගන කතාවක්.

තව දෙයක් මතක් කරදෙන්න කැමතී. ඒ තමය් රුසියානු සාහිත්‍යයේ පතාක යෝධයෝ හිටියේ 19 වැනි සියවසේ. වරක් ජෝසෆ් ස්ටාලින් සාහිත්‍ය මණ්ඩලයක් පත් කරලා ශ්‍රේෂ්ටතම රුසියන් ගත් කතුවරයා තෝරන්න කිව්වලු. ඒ මණ්ඩලය දෙන්නෙක් තෙරුවලු. ඒ දෙන්නම කරට කර. ඒ තමා ලියෝ තොල්ස්තොය් සහ ප්යෝදෝර් දොස්තොව්ස්කි. මේ තීරණය ස්ටලින්ට දන්නල දෙන්නගෙන් වඩාත් හොඳ කෙනා තෝරන්න ස්ටලින්ටම දුන්නලු. ස්ටලිනුත් හොඳ සාහිත්‍ය කාමියෙක්. එයා තෝරාගෙන තියෙන්නේ දොස්තොව්ස්කිව. හේතුව රුසියාවේ අන්ත අසරණ දිලින්දන්ගේ ජීවිත වඩා තාත්විකව ප්‍රතිනිර්මාණය කලේ දොස්තොව්ස්කි වීමය්. හුඟක් වෙලාවට තොල්ස්තොය් ප්‍රතිනිර්මාණය කලේ රදලයන්ගේ ජීවිත. මේ කරුණ තිබුනේ සිරිල් සී පෙරේරා පරිවර්තනය කල කරමසෝ සහෝදරයෝ කෘතියේ ප්‍රස්ථාවනාවේ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-1190102860495369562011-06-24T23:49:46.631+07:002011-06-24T23:49:46.631+07:00ස්තුතියි අක්කා ...ඔයා හරි වාසනාවන්තියෙක් ..රුසියා...ස්තුතියි අක්කා ...ඔයා හරි වාසනාවන්තියෙක් ..රුසියාවට යන්න ලැබුණු. අනේ ඒ ගැන ඔයාගේ පිටුවල ලියන්නකෝ.

කොයි කාලේද. ප්‍රතිසංස්කරණ වලට පෙරද. සැම්බියාව ගැනත් ලියල තියේද . මට තාම පරණ පොස්ට් ටික බලන්න බැරිවුනා. නැත්නම් ලියන්න ..වැඩිය කවුරුත් නොගිය රටවල් ගැන ලියන එක හරි වටිනවා. මටත් කියන්න තියෙන්නේ ඔයා හමුවීම මගේ වාසනාවක් කියලයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-29301593600874918722011-06-24T18:27:19.539+07:002011-06-24T18:27:19.539+07:00අනේ මේ සංවාදයට මම පරක්කු වැඩියි. ඒ උනාට බින්දි මමත...අනේ මේ සංවාදයට මම පරක්කු වැඩියි. ඒ උනාට බින්දි මමත් පොත් ගුල්ලෙක් නිසා මට මේක නොකියවා ඉන්න බැරි උනා. මම ආයෙත් පාසැල් කාලෙට ගියා වගේ දැනුනා. මේව අතරෙ හිර වෙලා හිටිය කාලෙ රුසියාවට යන්න තිබුන ආසාවටම තාත්ත වරක් සැම්බියාවට යන ගමන රුසියාව හරහා යන විදිහට අපිට හදල දුන්න. අනේ මම හිතෙන් කොච්චර පින් දුන්නද? අපේ තාත්තට එදා. ලස්සනට හිමවැටිල සුදෝසුදු හිම මත සෙල්ලම් කරමින්, දින දෙකක් ගතකලා. රතු චතුරශ්‍රය, ලෙනින් ප්‍රතිමාව, කලාගාරය, හැම දෙයක්ම බොහොම ආසාවෙන් නැරඹුවා. දැන් නම් හීන වගේ මතක. ඒ උනාට හරිම සුන්දර මතකයක්. මේ වගේම බ්‍රොන්ටේ සහෝදරියන්ගේ පොත්වලටත් මම ගොඩක් ආසයි. ඒ උනාට තාමත් එංගලන්තයට නම් යන්න බැරි උනා. ඩීන් මල්ලිගේ බ්ලොග් එකෙන් තමයි මටත් ඔයාව හමු උනේ නංගියේ. හරිම සතුටක් හදුනා ගන්නට ලැබීම ගැන. ස්තූතියි! මේ මතක දිග හැරුමට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-1463220700847581632011-06-20T01:42:47.792+07:002011-06-20T01:42:47.792+07:00රුසියානු සාහිත්‍යය හා අපේ රටේ බෙදු [සුන්දර] රුසියන...රුසියානු සාහිත්‍යය හා අපේ රටේ බෙදු [සුන්දර] රුසියන් තෙල් පොත් ගැන අප වගේම කතාකරන තව කට්ටියක් හමු උනා. අපේ කට්ටිය අත ඇරියේ චිත්ත රුප නේ. මේ ගොල්ලන් නම් ඇත්ත රුප එහෙමත් දාලා තිබ්බ.

මෙන්න ගොඩ වැදී නරඹන්න.

http://mathawaada.blogspot.com/2010/04/russian-illustrations.html

http://www.flickr.com/photos/29278394@N00/2586830829/in/set-72157605667625141Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-25746684818016390362011-06-09T08:11:14.834+07:002011-06-09T08:11:14.834+07:00@ Ano
Thank you for the link.@ Ano

Thank you for the link.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-33663279275212440912011-06-09T02:55:26.133+07:002011-06-09T02:55:26.133+07:00http://www.oldrussia.net/vas.htmlhttp://www.oldrussia.net/vas.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-44254211124104435422011-06-08T12:33:42.308+07:002011-06-08T12:33:42.308+07:00මම ඔයාගේ අලුත් පෝස්ට් එක බලල මේ කමෙන්ට් එක මේකේ දා...මම ඔයාගේ අලුත් පෝස්ට් එක බලල මේ කමෙන්ට් එක මේකේ දාන්නෙ ඔයා දාලා තියන අලුත් පෝස්ට් එකේ දාන්න ලෝබ හිතුනා කැතවෙයි කියලා හිතුන නිසා ........

බොහොම ස්තුතියි මාවත් මතක් කරලා කවියක් දැම්මට ........

අකුරක් නෑර කියෙව්වා හැම කවියක්ම, කියන්න වදන් නැහැ මම ඔයාගේ පෝස්ට් වලින් දැනට තියන ආසම පෝස්ට් එක තමා ඒක....

තව කවි ලියන්න .......
හදවතින්ම කියන්නෙ ආසාවෙන් කියවනවා .......

අකැමති නැත්නම් ෆේස් බුක් අයි ඩී එක මේල් කරන්න මට calhara@gmail.com (එව්වෙ නැහැ කියලා කිසිම තරහක් හිතේ නැහැ හොඳේ)පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-39858680907475717532011-06-05T21:05:05.115+07:002011-06-05T21:05:05.115+07:00විභාගේ ඉවරයි එකක් ෂුවර් ෆේල් අනික යන්තම් තමයි පාස්...විභාගේ ඉවරයි එකක් ෂුවර් ෆේල් අනික යන්තම් තමයි පාස් උනොත්. මට මොකද? ඇණ මිටිය ගොඩ දැමීම හැරුණු විට ඉතිරිව ඇත්තේ පෙරට වඩා හොඳ කාලයක්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-4553655407797083772011-06-05T10:32:15.681+07:002011-06-05T10:32:15.681+07:00@නලිනි
දැන් තමයි දැක්කෙ බුලත් කන්න ඇවිත් ඔයා කොලඹ...@නලිනි
දැන් තමයි දැක්කෙ බුලත් කන්න ඇවිත් ඔයා කොලඹ ඉන්නව කිව්ව කතාව . එහෙනම් නම් මුණ ගැහෙමුද ? මම කොලඹ ජුනි 7 ඉඳන් ජුනි 11 උදේ වෙනකන් .ගොය්යෝ රවුමක් ගහන්න වෙලාවක් නැතිවෙවි , ඩිනර් ,කොෆි , ලන්ච් වගේ දෙයක් සමග බුලත්විටක් හපමුද ?TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-40497539423285746932011-06-05T10:01:15.655+07:002011-06-05T10:01:15.655+07:00විභාගේ ඉවරයි වගේ.වැඩට ඇවිත් ඉන්නේවිභාගේ ඉවරයි වගේ.වැඩට ඇවිත් ඉන්නේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-47294904983363087942011-06-05T09:59:47.167+07:002011-06-05T09:59:47.167+07:00මුණු පොතේ නම් ඉන්නවා. මෙහෙන් ලොග් වෙන්න අමාරුයි . ...මුණු පොතේ නම් ඉන්නවා. මෙහෙන් ලොග් වෙන්න අමාරුයි . බයි චාන්ස් තමයි. චිනේ ලඟයි අපි ඉන්නේ !!!
ගිය වෙලාවට බලන්නම්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-22682352843758158992011-06-05T09:52:51.407+07:002011-06-05T09:52:51.407+07:00මුහුණු පොතේ ඉන්නවනම් මෙන්න මේ ගෘප් එකට සෙට් වෙන්න....මුහුණු පොතේ ඉන්නවනම් මෙන්න මේ ගෘප් එකට සෙට් වෙන්න.

http://www.facebook.com/home.php?sk=group_134123179997191Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-37604864295045264082011-06-05T06:52:06.032+07:002011-06-05T06:52:06.032+07:00@සුජීව,
විභාගයට ජය පතමි.. ඕවා ඉවරකොරලා එන්ටකො අපි...@සුජීව,

විභාගයට ජය පතමි.. ඕවා ඉවරකොරලා එන්ටකො අපි අර දිවි/කොටි විවාදය පට්ටාං ගන්ට.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-39222380566628898872011-06-04T18:55:30.412+07:002011-06-04T18:55:30.412+07:00@බුරා;
ඔබ හරි. අමතක වෙලා පටලවිලා. මදැයි.
@නලිනි;...@බුරා;

ඔබ හරි. අමතක වෙලා පටලවිලා. මදැයි.

@නලිනි;

ඇනට් දැකලා එපා වෙලා. අලුත් එකක් ලියමුකෝ. වන් මෝ.

@ළමයිලා;

හෙට තියෙන විබාග දෙකට කෙල වීමේ වගකීම ඔබේ සාක්කි ඉදිරියේ බින්දී ට පවරනු ලැබේ. හෙටින් පසුව එළඹෙන නව නිදහස් යුගයේ ඇවිදීම, සංචාරක සටහන් ලිවිම, කෙටිකතා ලිවිම, කවි ලිවිම වැඩි කිරීම, අර නල් ඩිවයිස් එකට වල් පල් ලියන එක, ගෙදර තියෙන පොත් ටික කියවීම යන කාරනා ගොඩට රුසියානු පොත් ද එකතු කල බව මෙයින් දැනුම දෙන්නෙමි.

දවස් දෙකකට අනිවාර්ය නිවාඩු ඉල්ලුමකුත් මේ සමග ඒවා ඇත. විබාග දෙකට පාඩම් කරන්න දවසයි, ලියන්න දවසයි. අනුමැතිය ලැබේ යයි සිතමි.

සැමට ජය.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-79436504404951863372011-06-04T15:45:13.706+07:002011-06-04T15:45:13.706+07:00@සුජීව,
උභයජීව එකේ ඉන්නෙ වාග්නර් නෙවෙයි නේ, ආචාර්...@සුජීව,

උභයජීව එකේ ඉන්නෙ වාග්නර් නෙවෙයි නේ, ආචාර්ය සල්වාතර් නේ.. උභයජීවගෙ නම ඉක්තියැන්දර් (ගුතීරා කියන්නෙ මගෙ පෙම්බර ඉක්ති කියලා)..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-28529145379342639752011-06-04T14:33:21.713+07:002011-06-04T14:33:21.713+07:00පෙරළූ නැවුම් පස...
පුංචි කාලෙ (7-8 පන්තිවල ඉද්දි) ...පෙරළූ නැවුම් පස...
පුංචි කාලෙ (7-8 පන්තිවල ඉද්දි) මේ පොත කියවනකොට ඇති වුණු සිතුවිලි, තේරුම් ගත් දෑ නෙවෙයි පසු කාලෙක වැඩිහිටියෙක් ලෙස කියවනකොට තේරුම් ගත්තෙ. හුදෙක් සමාජවාදී රුසියාව වර්ණනා කිරීමක් නොව, ඒ ක්රමයේ ඇති යම් යම් අඩුපාඩුත් එහි වචන අතර ගැබ් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සමූහ ගොවිපොළ, පොදු දේපොළ කියන සංකල්පය. හැම කෙනාම සතුන් රැක බලා ගන්නෙ, සාත්තු කරන්නෙ එකම කැප වීමෙන් නොවෙයි; එහෙම වුණාම ඒ සතුන් දුක් විඳින හැටිත් කතාවෙ විස්තර කෙරෙනවා. පෞද්ගලික දේපොළ ආරක්ෂා කර ගැන්මට තියෙන උනන්දුව පොදු දේපොළ ආරක්ෂා කිරීමට නැහැ; එතනදි පෙර ගමන්කරුවන් මුහුණ දෙන අර්බුදය.

සමුගනිමු ගුල්සාරි... බුරතීනෝ කිව්වා වගේ හදවතට ආමන්ත්‍රණය කරන පොතක්. එතෙන්දිත් අර මම ඉහත කිවු කාරණාව පැහැදිලි වෙනවා. අශ්වයාට ඉන්න ලැබෙන්නෙ ඌට ආදරේ කරන කෙනා සමග නොවෙයි; ඌ තවත් පොදු දේපලක් පමණයි. (මේ කතාවත් ටිකක් ජැක් ලන්ඩන්ගෙ වනපෙත හඬගසයි කතාව වගේ නේද?)

මක්සිම් ගෝර්කිගෙ කථා මාලා- කෙටි කතානම් බොහොමයි. ළමාවිය, මගේ සරසවි, මිනිසුන් අතර යන නවකතා ත්‍රිත්වයත්, අම්මා නවකතාවත් බොහොම දෙනෙක් කියවලා ඇති. මේ කතා කන ගමන් කියවන්න අපූරුයි- පෙරළුණු පිටුවක ඉඳන් ඔහෙ කියවගෙන යන්න පුළුවනි. හිතට වැදුණු කොටස් කිහිපයක් ගැන කතා කරනවනම්: ආච්චිගේ දෙවියන් සහ සීයාගේ දෙවියන් අතර ඇති වෙනස- ආච්චිගේ දෙවියෝ බොහොම කාරුණික කෙනෙක්; ආච්චි තමන් දන්න විදිහට දෙවියන්ට කතා කරලා, ඔහු කළ යුතු දේ ගැන දෙවියන්ට උපදෙසුත් දෙනවා: "දෙවියනි, ඔබ වහන්සෙ මෝඩ මිනිහෙක් වෙන සීයාට අනුකම්පා කරන සේක්වා; සාෂාට මොළේ පාදන සේක්වා..." නමුත් සීයාගෙ දෙවියො එහෙම ඇක්සසිබල් දෙය්යෙක් නොවෙයි; ඔහුව යැදීමට ආගමික පතපොතේ ඇති නිවැරදි යාතිකා අවශ්‍යයි; ඔහු ඉන්නෙ මිනිසුන්ගෙ වැරදි සොයා බලා දඬුවම් දීමට.

ට්සිගනොක්..... මට ඇඬෙන නිසා මම ඔහු ගැන කියන්නෙ නෑ; ඇයි අර ඇස් අඳ වේගෙන යන ශිල්පියා?

දැන් වුණත් පාරෙ ඔරලෝසු කාර්මික ශිල්පීන්ගෙ කඩයක් දකිනකොට මට මතක් වෙන්නෙ මක්සිම් විස්තර කරන ශිල්පීන්: "සියළු යාන්ත්‍රික වැඩ කරදෙනු ලැබේ." මේ දෙදෙනා සියළු වැඩ දත් අයය...

දක්ෂ කොළුවකු වූ පමණින් සරසවි යා හැකියයි සිතන මක්සිම් නගරයට ආ කල, ඔහු නවතින ගෙදර අම්මා, කුස්සියේ අසීරු ගණිත ගැටළුව, එනම් කුඩා මස් කැබලි කිහිපයකින් හොඳට වැඩුණු තරුණයන් තිදෙනෙකුට ආහාර සපයන්නේ කෙසේදැයි සොයන අයුරු..නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-3012580952458491652011-06-04T13:45:16.403+07:002011-06-04T13:45:16.403+07:00සංවාදය ඉදිරියට යන්න ඇරලා මමත් මගේ පාඩුවේ උදේ වැඩ ට...සංවාදය ඉදිරියට යන්න ඇරලා මමත් මගේ පාඩුවේ උදේ වැඩ ටික කර ගත්ත . ඒ අතර පහුගිය කාලේ රුසියන් පොත් දිහා ඇහැක් ඇරලා නොබලපු අය මම දැක්ක ගණිත විනෝදය හොයනවා ගේ පුරාම. ගේ පුරාම කිව්වේ අපේ ගෙදර ඒ හැටි පිළිවෙලක් ඇති එකක් නොවෙන නිසා .සෙරෙප්පු සපත්තු හැර අනික් දේවල් ඕනෑම දෙයක් ඕනෑම තැනක තිබිය හැකි නිසා . අපි සේරම අපිළිවෙල නිසා කාටවත් ඕක ඒ හැටි ප්‍රශ්නයක් නැහැ . අමුත්තෙක් එන වෙලාවට විනාඩි පහේ හදිසි මෙහෙයුමක් දාල සාලය යතා තත්වයට ගන්නේ අවුරුදු පහේ පුංචි බනී තමයි. මම මේ කියන්න ගියේ ඒ වගේ අයත් යලිත් රුසියානු සාහිත්‍යට ඇද ගන්න අපේ මේ සංවාදය සමත් වීමයි වඩා සතුටු .
සඳරු මල්ලි... මම ගැන දීපු වර්ණනාවට මට ගොඩක් සතුටුයි . මේක මගේ දක්ෂ කමට වඩා වාසනාව .සාමාන්‍යයෙන් මම ටිකක් කම්මැලි ..ටිකක් වෙනස් විදියට හිතන්න කැමති ..යාළුවො ගොඩක් ඉන්න ...අධ්‍යාපනය නම් මන්දා ..පොඩි විද්‍යා උපාධියකුයි මගේ රැකියා පුහුණුවයි ඇරුනම ඉතිරි සියල්ල ජිවන තක්සලාවෙන් තමයි . දැන් ළමයින්ට තියෙන අද්යාපන සුදුසුකම් එක්ක ඒවා හරි සුළු දේවල් .මන් ගැන ගොඩක් ලියන එක හරිත් නැහැනේ.මුලින්ම බුරා බුලත් කන්න ඇවිත් දාපු කමෙන්ටුව තමයි මුල්ම ගිනි පුපුර. බුරතිනෝ කියන නම රුසියන් පොතක දුටු බව කිව්වම ඔන්න බුරා ...නලිනි ...TG තමයි මේක පැහැදිලි කරලා තව තව ලියන්න පෙට්රෝල් දුන්නේ.
එතැන් සිට වෙච්ච දේ දන්නවනේ.
බුරා.....වටුවයි ..අලියයි ..වඳුරා ගෙයි කතාව දන්නවනේ. රුසියන් සාහිත්‍ය ගැන මතකය කියන නුග ගහ ලඟදි නලිනිටයි ඔයාටයි TG ටයි වටුවන් ගේ තැන දෙන්න කැමතියි. මට වඳුරාගේ place එක හරි අලියාගේ පාට් එක හරි තමයි හිමි.
නලිනි තරහද වටුවා කිව්වට ..තුන් දෙනාටම ගොඩක් ස්තුතියි මටත් අනික් අයටත් ඔබේ මතක බෙදා දුන්නට . ඒ ගැන වචනයෙන් කියන්න දන්නේ නැහැ .
සුජීව ..ඔබටත් දිගින් දිගටම අලුත් දේවල් ලියමින් සංවාදයේ යෙදෙන ඔබත් විශේසයි .
විද්‍යා පොත් ටික අමතක වෙලා තිබ්බේ . ''මිනිසාගේ සම්භවය '' අමතක වූ බව මතක් කලේ ගෙදර අය.
කිඹුලෝ දඩයම් කළා ලිව්වේ ''ක්‍රොකඩයිල් හන්ටර් '' අමුවෙන්ම සිංහලට හරවලා . ..වැරදියි තමයි දෙය්යනේ . බින්දිගේ කතා මාලාවක් තියෙනවා. ලංකාවේ අලි ඉන්න කොටසකුත් සමග. දු ආස වෙයි.
ඔය අස්සේ ''පොත්කියවන අය'' කියල මේල් එන්න පටන් ගත්ත . ඕපන් වෙන්නෙත් නැහැ . බලන කොට අපේ ආගිය කතා වේ හසිත මලය මාව මුණු පොතේ ඒ කණ්ඩායමට ඇතුල් කරලා .ස්තුතියි හසිත ලොකු පින් වැඩක් ඒක.
අයිසැක් ඇසිමෝව් ගැන වැඩිදුර කියවන්න මෙතනින් යන්න
http://en.wikipedia.org/wiki/Isaac_Asimov
නලිනි අද ඔයාගේ කමෙන්ට් හරි රසවත් .හදවතින්මයි ලියා ඇත්තේ . මම ආසයි ඒ රටාවට. කතා වලින් බාගයක්ම ලියලා. හිතෙනවද මේ පොත් ගැන වෙනම ලිව්වා නම් හොඳයි කියලා . මේ විදියත් හොඳයි නේද . හැමදෙ ගැනම ටික ටික ..සමහර විට කවද හරි වෙනවෙනම ලියන්න.
ඒ ඇරුනම පිනි බිඳු...පොඩි ....නිතා ...කතන්දර ..සඳරු ...දිනේෂ් ..කල්හාර ...ඔයාල හැමෝටම ගොඩක් ගොඩක් ගොඩාක් ...ස්තුතියි.
කවදාවත් බ්ලොග් නොකියවපු මගේ යාළුවො ගොඩක් මේක රස විද ගිය බව මා දන්නවා. කමෙන්ට් ලියන්න වෙලාවක් නැතුව ..සමහර අය සිංහලෙන් ලියන්න එච්චර හුරු නැති නිසා මුකුත් නොකියා ගියා. මට විවිද පරාස වල යහළුවන් සිටින නිසා මේ නිසා ඉබේම විශාල පිරිසක් බ්ලොග් හඳුනා ගත බවත් ඔවුන් අනික් බ්ලොග් කියවීමටත් දැන් උනන්දු බවත් පවසන්නේ මහත් සතුටින්.
කතන්දර ඊට පස්සේ බස් එකක නැගල ඔරුවල ගියාලු වානේ බලන්න. ඒ කාලේ ඒක වැඩනේ.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com