Tuesday 10 May 2011

ආදර පොළ

වෙළඳ පොළ ආර්ථිකය හමුවේ තවත් එක භාණ්ඩයක් වූ ආදරය ගැන නොවේ මේ. සැබෑම ආදර වෙළඳ පොලක් 
උතුරු වියට්නාමයේ කඳුකරයේ පිහිටි ගම්මානයේ වසරකට වරක් මේ ආදර වෙළඳ පොළ පැවැත්වෙන්නේ  ලුනා දිනදර්ශනයට අනුව තුන්වැනි මාසයේ [ ලුනා කැලැන්ඩරය ගැන පස්සේ කියන්නම් ..බොහෝ දෙනෙක් දන්නවත් ඇති.] 26 සහ 27 දිනවලයි .
සරල ලෙස සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම අරමුණ වුවත් ඊට වැඩ ගැඹුරු ජිවනදර්ශනයක් මෙහි ඇති බව අසා මම පුදුම වීමි.
කදුකරයේ සුළු ජන වර්ග කීපයක් වෙසෙන අතර අතීතයේ ඒ ගෝත්‍ර අතර අන්තර් විවාහයන්ට අනුබලයක් නොවිණි. එහෙත් ආදරය එවැනි මායිම් නොහඳුනයි. ආදරයෙන් බැඳී එහෙත් එක්  වන්නට ඉඩ නොලද වුන් වසරකට වරක් හමු වීමට මේ පොලට පැමිණේ

 විවාහක යුවල එකට පැමිණ පරණ ආදරවන්තිය හෝ ආදරවන්තයා හමු වීම  ......?
ඕක අපි කලොත් කොහොමද . කවුද දියුණු අපිද ..නොදියුනුයි අප සිතන මේ ගෝත්‍රයන්ද.?
 වැරදිලාවත් අත්හදා බලන්න එපා .
සැමියා ; '' මම පොලේ ගිහින් එන්නද?''
බිරිඳ ; '' අදත් යනවා නේද අර සක්කර වට්ටම බලන්න . ආදේන්කෝ  මම හොඳ වැඩක්  කරන්න.''''ඒයි ඔහොම ඉන්න මමත් එනවා අරය හම්බ වෙන්න''

 අදිකරණයට වෙන නඩුවක් අහන්න වෙලාවක් නැත්තටම නැතිවෙයි ...දික්කසාද නඩු නිසා. රෝහල් වල හදිසි අනතුරු අංශ ඔලු පැලී එන්නන්ගෙන් පිරි යනු ඇත. [ඉන්දිකට බ්ලොග් ලියන්නට වෙලාවක් නැතිවේ.]
අනේ අපිට නම් මේ මාකට් එක එපෝ  ...

නැවතත් මාතෘකාවට ....
වියට්නාමයේ ඕනෑම දෙයකට එකමත් එක කලෙක කතාවක් ඇත . මේ ගැන කතා දෙකකි.
1. Giay  ගෝත්‍රයේ සුරූපී යුවතියක් හා Nung ගෝත්‍රයේ යව්වනයෙකු පෙමින් බැඳුනු අතර විවාහයට ඉඩක් නොවිණි. සොවින් වෙන්වූ ඔවුන් වසරකට වරක් මෙම ස්ථානයේ
 හමු වීමට සපත වුහ .

2.  එලෙස පෙමින් බැඳුනු ගෝත්‍ර දෙකක යුවලක් මේ අඩවියට පැන ආ අතර
ප්‍රදේශයේ සශ්‍රීකත්වයේ නියමුවන් වූ ඔවුන් වෙනුවෙන් පන්සල් දෙකක්ද තනා  ඇත.ඒවා   
    Ong සහ Ba [ Mr and Mrs ] Temple ලෙස හැඳින්වේ,

  මා වඩා කැමති  දෙවැනි කතාවටය.

 පසු කලෙක යම් බෞද්ධාගමික චාරිත්‍ර රැසක්ද මිශ්‍ර වී මෙම ආදර පොළ
 අපුරු සැණකෙළියක්  බවට පත්වී ඇත. පැරණි සංස්කෘතික අංග නගා සිටවිමට රජය දැන් දැන් අනුබල දෙන බැවින් මෙය අගනා සංචාරක ආකර්ශනයක්ද  වේ.

"කඩමණ්ඩියේ දොළ අයිනේ  නුඹව පෙනී ..
නැවතී බලනවා මොහොතක් කොහොම හරි...
කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී ..
දාහක් දේ ඇතේ  කීමට බැරිව වැසි...'''
 
පහත ඇත්තේ මේ පිලිබඳ වීඩියෝ පටයකි.

http://youtu.be/1iVJaHQGKOw

12 comments:

  1. හ්ම් ලොකු අර්ථයක් දැනෙනෙ කතාවක් . මටත් නිතරම හිතෙන දෙයක් එකදවසක් හරි (බොරුවට වුනත් ) ආදරේ කෙරුව දෙන්නෙක් වෙන්වුනාම කොහොමද වයිර කරන්නෙ කියන එක .කොහොම්ද එහෙම නපුරු සිතුවිල්ලක් එන්නෙ? පරන ප්‍රේමෙට සමාව දෙන එක ටිකක් අමාරුයි එත් උත්සාහකලොත් පුලුවනි .එතකොට හිතටත් සනීපයි .

    ReplyDelete
  2. හැම දෙයක් ගැනම උපෙක්ෂාවෙන් හිතන්න පුලුවන්නම් කිසි අවුලක් නැහැ නේද ........

    ReplyDelete
  3. ස්තුතියි කල්හාර ! ඇත්ත ..පෙරලුනු පැත්ත හොඳයි කියල ඉන්න බැරි නම් ජිවිතේ දුක තමා

    ReplyDelete
  4. බොහොම ස්තුතියි TG මේ පැත්තේ ආවට. ආයිත් මුන ගැහෙමු.

    ''පුංචි මාළු පැටවුන්

    දියබුන් ගසයි ..

    දඟ කරයි ..

    මේ විල හරිම කලබලයි..

    මල් පිපෙන්නේ හරිම හිමිහිටයි.''

    ....මලක් පිපුනම ඇවිත් යන්න.

    ReplyDelete
  5. කතාව වගේම වැඩේ නම් හරි අපූරුයි....

    මම මේ ළඟදී කියවපු මාරි කොරලි ලියපු Wormwood (a drama of Paris) පොතෙත් තියෙන්නේ ආදරවන්තයෙක් තමන්ගේ ආදරවන්තිය කරපු ද්‍රෝහි වැඩක් නිසා දරුණු විදිහට පළිගන්න හැටි.

    එක එක්කෙනා හැසිරෙන විදිහ වෙනස් නේ :)

    ReplyDelete
  6. @හසිත

    ඇත්ත මල්ලි. මගේ යාලුවෙක් ගෑනු ළමය වෙන කෙනෙක් එක්ක විවාහ වෙච්ච තරහට ඒ පෙනුම තියෙන වෙන ළමයෙකුව විනාශ කලා. මිනිස්සු ආදරයේදී හැසිරෙන විදි පුදුමාකාරයි තමා .

    ReplyDelete
  7. බින්දි මගේ හැඟීමත් ආදරේ කරපු දෙන්නෙක් වෙන් වුනාම වෛරක්කාරයෝ නොවී ඉන්න ඕන කියන එකයි . .

    ඒත් අපේ සමාජයේ ඔයා අර කිව්ව ජාතියේ විදිහට තමයි වැඩ සිද්ද වෙන්නේ . . ඒ කියන්නේ පේ නොදියිනි කම ද ?? නූගත් කමද?? මෝඩ පහත් මානසිකත්වයද . .
    අනේ මන්දා . .

    මොනව වුනත් හරිම අපූරු ලිපියක් . .

    ජීවිතය වෙනස් විදිකට දකින්න පොලඹවන අදහස් ඔයාට තියෙන්නේ . .

    නියමයි . .

    ReplyDelete
  8. ඇත්තම ඇත්ත දුකා. ඒ අතින් නම් අපි හරිම නොදියුනුයි . පාසලින් සාහිත්‍ය අයින් කල එක ගොඩක් මේකට බලපෑ බව වරක් කවුද කියා තිබුන. ටිකක් ඇත්ත . ගම්පෙරළියේ නන්දා බැහැ කිව්වම පියල් වහ බිව්වේ වත් බේබද්දෙක් වුනේ වත් නන්දාට පිහියෙන් ඇන්නේවත් නැහැනේ. [හැබැයි ''ගොළු හදවත '' ඉස්කෝලෙට ගෙනාවොත්නම් ලෙඩේ. සුගත් බේබද්දෙක් වුනානේ.]

    ReplyDelete
  9. සතුටින් ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී...

    ඔයා හරි, මේ පොළට ආවම බලාගෙන ම යන්න පුළුවන් ඒක...

    ReplyDelete
  10. මේ බ්ලොග් එක හරිම අපූරුයි.
    අදයි මම දැක්කෙ.
    මේ ලිපියත් හරිම අපූරුයි :)

    ReplyDelete
  11. මමත් මෙ ආදර් පොළ ගැන මගෙ වියට්නාම් යාලුවන්ගෙන් අහලා තියෙනව, මෙක ඇත්තටම නියම ආදර වෙළද පොලක්, මෙකෙ බොරු වංචා, පහත් ආශාවල් සපුර ගන්න තැනක් නෙමෙයි, ඔවුන් හමුවන්නෙ අවංකම ආදරයකින් මයි, බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට.... මට නම් ටිකක් විතර වියට්නාම්, ලියන්න කතාකරන්න පුලුවන්..... මට වියට්නාම් ඉගැන්නුවෙ මගෙ වියට්නාම් යාලුවොමයි... වියට්නාම් ජාතිකයින් ඉතා අහිංසක , කරුණාවන්ත ජන කොට්ටාශයක්

    ReplyDelete
  12. හරිම සතුටුයි කුෂි ..මටනම් බොරු කියන්නේ මොකටද වියට්නාම් වචන කීපයක් විතරයි පුළුවන් . අපරාදේ ටිකක් ඉගෙන ගත්ත නම් හොඳයි කියල හිතෙනවා . බොහෝ විට මේ භාෂා ගැටලුව නිසා සාමාන්‍ය ජනජීවිතය ගැන මට ආස දේවල් දැන ගන්න බැරි වෙනවා . ඒ අතින් ඔයා මේ බස ලියන්න ඉගෙන ගත්ත කියන්නේ ලොකු දෙයක් . ස්තුතියි මේ පරණ පොස්ට් එක කියෙව්වට

    ReplyDelete