කව්ද මේ පියරේ ..සහ චිත්‍රා . ඔන්න ආදර කතාවක් හෙම නෙමේ . මේ පියරේ කියන්නේ අඳුරු කාමර වල හිරවී සිටි චිත්‍ර කලාව එළිමහනට ගෙනියන්න පුරෝගාමී වෙච්ච ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් .
ඔන්න මට බනියිද කට්ටිය කවි අතහැර චිත්‍ර ගැන කතා කරනව කියල .
ඒත් මන් ආස කර්මාන්ත ගැන ලියන්න කැමතියි නොදන්නා දේවලට අත දාල සවුත්තු වෙනවට වඩා . මේක හදිසියේ ගත්තු තීරණයක් . මුණු පොතේ ''ඇඳපු චිත්‍ර පිටුවට ලියන්න හිටපු එකක් . ඒත් මගේ ටිකිරි මොලය කිව්වා ''දඹුලුත් ගිහින් තලගොයිත් මරා ගන්න'' විදිහ .
මන් දන්නවා හොඳ චිත්‍ර ශිල්පියෝ මේ පැත්තේ එනවා . අනික ''ඇවිදින පුස්තකාල'' වලත් මේ ගැන පොත් හෙම නැතැයි. ඒ දෙකම නැතත් පියරේගේ කතාව රසවත් .
විහාර මහා දේවී එක ළඟ චිත්‍ර අඳින තරුණයෙක් දැක්කම මොකද හිතෙන්නේ . ඇත්ත සමහරුන්ට නම් ඔහු පිස්සෙක් වගේ පේනවත් ඇති . මොකද අපේ සමහර ය තවම 19 වන සියවසටත් ඈතින් ජිවත් වෙන නිසා . ඒත් සාමානය ලෙස පරිනාමය වුන ඕනෑම කෙනෙක්ට අර තරුණයාව අගය කරයි . එක්කෝ දැක්කේ නැහැ වගේ ඉඳියි .
දන්නවද මේ පියරේ උපන් 1841 කාලේදී යුරෝපේ තත්වය . ''පිස්සු යකෙක් '' ''ඔල්මාදකාරයෙක් '' කියල මුනටම කියන සමාජයක් . මොකද චිත්‍ර කියන්නේ කලාගාර වල් ඇතුලේ කරන කලාවක් කියල සම්මත වෙලා තිබුන නිසා .
මේ පොඩ්ඩට අවුරුදු හතරේදී තමයි පවුල පැරිසියේ රජ මාලිගය ළඟ ගෙයක පදිංචියට ආවේ . ඒ කාලේ රැජින රජ ගෙදර මිදුලේ සෙල්ලම් කරන ළමුන්ගේ කරච්චලෙන් බේරුනේ රසකැවිලි විසි කරලලු .[ අදත් ඕක වෙනවනේ නැද්ද ]
ටේලර් කෙනෙක් වෙච්ච තාත්තගේ මැහුම් කඩේ බිත්ති ..පොලව හෙම පුංචි පියරේගේ රටහුණු චිත්‍ර වලින් අලංකාර වෙද්දී තාත්ත පියරේට සත්තමක් දැම්ම නම් අද මට මේ ලිපිය ලියන්න වෙන්නේ නැහැ.
අවුරුදු 15 ක්වෙන්නත් කලින් පිඟන් වල රටා අඳින රස්සාවක් ඔහුට ලැබුන . කවුද මැසිමක් හොයා ගත්ත ඒ රුප මුද්‍රණයට . පියරේ රැකියා විරහිත වුනා . ඒත් මගේ හොඳ වෙලාවට . ඊට පස්සේ යොවුන් පියරේ චිත්‍ර පාසලක ට ඇතුළු වුනා .
පියරේ සහ මිත්‍රයන් කතා වුනා ඇයි හැමදාම කාමර ඇතුලේ අඳින්නේ ...එලියට ගිහින් ඇන්දොත් මොකද වෙන්නේ කියල . කතාවෙන් නතර නොවී එලියට ගියා මේ පිරිස .
අද අපිට ඒ අදහස පරණ වුනාට එදා එය විප්ලවයක් . ''පිස්සෝ '' මිනිස්සු හිනාවුනා . වරක් සෙන් ගඟ ලඟදි පියරේ ඔත්තු කාරයෙක් කියල ගඟට විසි කරන්න හදද්දී දන්නා කියන කෙනෙක් ඇවිත් බේරා ගත්තලු .
ඔන්න ඔහොමයි චිත්‍රා පියරේ එක්ක ලඳු කැලෑවල...ගං ඉවුරුවල විතරක් නෙමේ මගතොට මිනිස්සු එක්ක ඇවිදින්නත් පුරුදු වුනේ . ඒ කාලේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෝ චිත්‍රාගේ මේ රස්තියාදු ගැහිල්ලට කැමති වුනේ නැහැ . මිනිස්සුත් එයාට හිනාවෙන්න ගත්ත .
ඒත් පියරේ චිත්‍රට ආදරේ කලේ මුළු හදින්ම .චිත්‍රත් එහෙමයි . කලාගාර වලට මේ දෙන්නව වැද්ද ගත්තේ නැහැ . ගත්තත් හිමි වුනේ අඳුරු අහු මුළු. ඒත් මේ යුවල අවංකව ආදරේ කළා . අන්තෙටම දුප්පත් වුනත් චිත්‍රා පියරේගේ ලඟින්ම හිටියා .
පියරේගේ එක ලක්ෂණයක් තමයි එළිමහනේ ඇන්දත් වැඩිපුර ඇන්දේ මිනිස්සුන්ව . භුමි දර්ශන ඇන්දේ ටිකයි . මිනිස්සු ඔහුගේ පින්සලත් එක්ක කැන්වස් මත රඟන්න වුනා . හරිම ජීවමය බවක් තියෙනවා ඒ මුහුණු වල . මෙන්න මේ ගතියට හිත ගිහින් ධනවතුන් තමන්ගේ රුප අඳින්න මොහුට බාර දුන්න . දැන් නම් ඔහුගේ කල හොඳයි . චිත්‍රගෙයි එයාගෙයි ජිවිත වලට හොඳ කලක් ලැබුවා . මිනිස්සු මේ දෙන්නට ටික ටික ලං වුනා . ඔහොම ඉදිද්දී ''ඇලින් ''ඔහුට ලං වුනා . චිත්‍රට තිබ්බේ උතුම් හදවතක් . එයා පියරේගේ මේ ආදරේට උදව් කළා.
පියරේ ඇලින්ව විවාහ කර ගත්ත . චිත්‍රත් සතුටෙන් ඔහු ළඟ හිටියා . විවාහෙට කලින් වගේම පසුවත් ඇලින් ඔහුගේ සිතුවම් වලට ඇතුල් වුනා . ''ජිවන කැන්වසය මත ..... ඔබයි සදා ඇඳි රුව '' පියරේ එහෙම කියන්න ඇති .
පලවෙනි පුතා පියරේ ..දෙවෙනියා ජින් ...තුන් වැනිය දුව ක්ලොඩි..ලස්සන පවුල .
තව දෙයක් මේ පියරේ ට අර ලේඛකයින්ට හැදෙන ''රයිටර්ස් බ්ලොක් '' වගේ හැදිලා [ ආටිස්ට් බ්ලොක් වෙන්න ඇති] ඉබාගාතේ ගිහිනුත් තියෙනවා සමහර වෙලාවට .
ඔහුගේ චිත්‍ර වගේම ජීවිතයත් මට නම් රසවත් . කොහොම වුනත් පුත්තු දෙන්නත් යුද්ධෙන් තුවාල වෙලා බිරිඳත් මිය ගිහින් කණගාටුවෙන් හිටි මේ අසහාය ශිල්පියා අවුරුදු 78 දී මිය යද්දිත් චිත්‍රට බැඳී පෙම එහෙමම තිබුන . මිය යන දවසෙත් මලක සිතුවමක් ඇඳලා චිත්‍රට දීල ගියා ..
සියල්ල අහිමි වද්දීත්
පුංචිම හරි සතුටක්
ඉතිරි වෙයි ...අරන් යන්නට
නික්ම යනදා ..
ලෝකය පුරා කලාගාර වල ඔහුගේ සිතුවම් මෙතනින් බලාගන්න . විස්තර ගත්තේ විකිගෙන් .
සහ මෙතනින්
කියවන්න වෙලාවක් නැතත් තව ගොඩක් සයිට් තිබුන
සෙනසුරාදා දිහාට සති දෙක ක් පමණ අනාගත ඇමරිකන් ජනාධිපති කෙනෙක් බැහැ දකින්න ආරාධනාවක් තියෙනවා .එහෙ ගිහින් නෙලුම් විලේ පීනන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා . බැරි වුනොත් අමනාප වෙන්න එපා