කලින් ලිපි
සේද මාවත ගැන කතාකරද්දී මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැන අමතක කරන්න බැහැ. තණබිම් අශ්‍රිතව කුඩාරම් සංස්කෘතියේ අසරුවන් වෙච්ච මොන්ගෝලියානුවන් අතරින් මතුවුණ ටෙමුජින්[ Temujin ] නම් කොලුවා කුඩා කල සිටම බුද්ධිමත් බැවින් සටන් කාමිත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් කැපිල පෙනුනා . විවිධ කණ්ඩායම් වශයෙන් ජිවත් වෙච්ච මොන්ගෝලියනුවන් එක්සේසත් කරලා අධිරාජයක් බවට පත් කරන්නත් එය නිකන්ම අධිරාජ්‍යයක් නොව මෙතෙක් බිහිවූ ලොකුම ගොඩබිම් අධිරාජ්‍යය හෙවත් මොන්ගෝලියන් අධිරාජ්‍යය දක්වා ව්‍යාප්ත කරන්නත් මුල් වෙච්ච ඔහු අපි කවුරුත් දන්නා ජෙන්ගිස් ඛාන් . නැත්නම් චින්ගීස් ඛාන් .
ඔහු රජ වෙන්නේ 1206 වසරේදී . 1227 දී මියයන විට මොන්ගෝලියන් අධිරාජ්‍යය මෙසේය
ජෙගිස් ඛාන් නිකන්ම රජෙක් නෙමේ . ඒකාලේ හැටියට සෑහෙන දේශපාලන දැක්මක් වගේම සුවිසල් පාලන හැකියාවක් තිබ්බ පුද්ගලයෙක් . සිය අණසක පැතිරවිමේදී සිද්ධ වුන ලේ වැගිරීම් ඉතා විශාල බවට විවාදයක් නැහැ . විශාලම අධිරාජ්‍යය විහිදෙන කොට ඊට සමාන්තරව විශාල ලෙස මිනිස් ඝාතන සිදුවුනා . ඒ කෙසේ වුවත් ඔහු මදක්පිළිවෙලකට රාජ්‍ය පාලනය කල බව පේනවා . අශ්ව රන්චුත් එක්ක තැනින් තැනට යමින් හිටි කුඩාරම් සංස්කෘතියක් දියුණු කරන එක ලේසි වැඩක් නෙමේ . ඔහු නීති පද්ධතියක් ඇති කලා [Yassa ]. විශාල නීති ගණනාවක් තිබුනත් සංක්ෂිප්ත ලෙස ගත් විට හරය මුලික කොටස් තුනයි .
1..අධිරාජයාට කීකරු වීම.
2. ගෝත්‍රයන් එකලස් කිරීම
3. වරදට දඬුවම් දීම .
..මේ අතර වරද කරුවෙක් අදාළ අවස්ථාවේ අසුවුනොත් හෝ ඔහු පාපොච්චාරණය කලොත් මිසක දඬුවම් දෙන්න නොහැකි වුනා . අනික් අය සාක්කි දුන්නට වැඩක් නැහැ . [මම තමයි වලහ කියල කියවන
ක්‍රමත් තියෙන්න ඇති ]
අනික තමයි කාන්තාවන් පහර ගැනීම තහනම් කළා . චින්ගිස්ගේ බිරිඳත් පෙර අවස්ථාවක පැහැර ගෙන ගිහින් සටන් කරලා තමයි මුදා ගෙන තියෙන්නේ . ඔහු මියගිහින් අවුරුදු සිය ගණනක් ගිහිල්ලත් තවමත් බැරි වුනානේ කාන්තාවන් පැහැර ගෙන යන එක නවත්වන්න . අපි වැඩි දියුණුවක් ලබලා නැහැ වගේ .
මොන ආකාරයේ සම්බන්ධයකින් වුනත් ඉපදෙන දරුවන් නිත්‍යානුකුල කළා . හැබැයි මොහුගේ පවුලේ වැඩි බලතල හිමිවුණේ ප්‍රධාන බිරිඳ වුන බොර්ටේ [ මෙයාව තමයි පැහැර ගෙන ගිහින් බේරා ගත්තෙත් ] ගේ පුතුන්ට තමයි . තවත් බිරින්දන් වරින් වර විවාහ කර ගත්තත් බොර්ටෙට කවදත් මුල් තැන ලැබුනා . දරුවන් ලෙස පුතුන් සහ දුවරුන් හිටියත් වැඩිපුර වාර්තා වෙන්නේ පුතුන් ගැන පමණයි .
ශාමෙනිසම් [Shamanism ] තමයි ඒ කලේ මොන්ගෝලියාවේ ප්‍රධාන ආගම . අහල ඇති ශාමෙන් වරු ගැන . ඒ ගැන වැඩිදුර මෙතනින් . හැබැයි චින්ගීස් ඛාන් අලුත් ආගම් වලට ඉඩ දීල තියෙනවා .
ටිබෙට් පැත්තෙන් ආපු මහායාන බුදු දහම ඒ කාලේ මොන්ගෝලියාවේ ව්‍යාප්ත වෙලා . ඒ වගේම ක්‍රිස්තියානි , මුස්ලිම් වැනි ආගම්ද සමහරු ඇදහු බව සඳහන් . චින්ගීස් ඛාන් සියලු ආගම් වල පුජකයින් බදු වලින් සහ රාජ්‍ය සේවයෙන් නිදහස් කළා .
ආක්‍රමණ සහ යටත් කර ගැනීම් අද ශිෂ්ට ලෝකයේ දී අපි පිළිකුල් කලත් දුර ඈත අතීතයේදී පැවැත්ම උදෙසා ඒ දේවල් අවශ්‍ය වෙන්න ඇති . ආක්‍රමණිකයෙක් වුනත් කුඩාරමින් ඔබ්බට ගිහින් ලෝකයේ විශාලම අධිරාජ්‍යය දක්වා ගිය ගමන නිසා චින්ගීස් ඛාන් එක්තරා වීරයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් . මේ ගැන කියවීම හරිම රසවත් . මගේ පෝස්ට් එක හුඟක් දික් කරන්න මගේ අදහසක් නැති නිසා කෙටියෙන් කිව්වත් ලපිය අවසානයේ දමන සබැඳි ඔස්සේ ගොහින් අතීත අධිරාජ්‍යයක අතරමන් වුවාට කොහෙත්ම පාඩුවක් නොවෙන බව කියන්න ඕනේ .
චින්ගීස් ඛාන් ගෙන් පසු මොන්ගෝලියන් අධිරාජ්‍යය උප කොටස් හතරකට බෙදුනා . ඔහුගේ පුතුන් සහ මුණුබුරන් ඒ ඒ ප්‍රදේශ යම් ස්වාධීනත්වයක් ඇතිව පාලනය කළා . එයින් මොන්ගෝලියාව සහ චීනය ඇතුළු ප්‍රදේශය අයත් කොටස ප්‍රධාන වුනා .
මාර්කෝ පෝලෝගේ සංචාර සටහන් වලදී හමුවෙන කුබ්ලායි ඛාන් ගැන කතා කල හැක්කේ මෙතනදී .චින්ගීස් ඛාන්ගේ මුණුපුරෙක් වුන මොහු සිය වැඩිමල් සොයුරාට පසුව බලයට පත්වෙන්නේ මේ මහා ඛාන් අධිරාජ්‍ය එහෙම නැත්නම් මොන්ගෝලියාව සහ චීනය ඇතුළු වුන කොටසේ. කෙසේ වුවත් මේ කොටස් හතරම මහා මොන්ගෝලියන් අධිරාජ්‍ය ලෙස එකට ගණන් ගැනුණා.
ජෙන්ගිස් ඛාන් මියයද්දී අධිරාජ්‍යය කොටස් හතරකට බෙදා දුන්න .
සේද මාවතේදී මේ සියල්ලන් වැදගත් වන නමුත් මාර්කෝ පෝලෝගේ සටහන් හා සබැඳෙන නිසා කුබ්ලායි ගැන පමණක් සටහනක් තබන්නම් . අනිකුත් මොන්ගෝලියන් උප රාජ්‍යයන් ගැන වැඩිදුර කියවීමට මෙතනින් යන්න .
කුබ්ලායි ඛාන්
බටහිර ප්‍රදේශ වල ඛාන් වරු මුස්ලිම් ආගම වැළඳ ගනිද්දී කුබ්ලායි ඛාන් බුදු දහමට නැඹුරු වුනා . පළමු වරට සිය අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට බුදුදහම නම් කළා . එමෙන්ම දේශපාලනිකව උපක්‍රමශීලි අයෙක් වුනා . කුඩා කණ්ඩායම් අතර බෙදී තිබුන චීනය එක් කර යුවාන් සමය ඇරඹුවේ ඔහුයි .
කුබ්ලායි ඛාන් අධිරාජයා චීනයේ දියුණුවට ඉමහත් සේවයක් කල අතර සේද මාවත ගැන විශේෂයෙන් අවධානය යොමු කළා . එමෙන්ම යුරෝපය ගැන දැන ගැනීමේ පිපාසයකින් පෙලුනා . වෙළෙන්දන් වුන මාර්කෝ පෝලෝගේ පියා සහ පියාගේ සොයුරා [ Niccolo and Maffeo ....විකියේ තියෙන්නේ Maffeo වුනත් තව තැනක Matteo යනුවෙන් සඳහන් ] තමයි මාර්කෝ ට පෙර සංචාරය කර තිබෙන්නේ . වොල්ගා ගඟ බඩ සුරායි නගරයේ වෙළඳ කටයුතු නිමකළ දෙසොහොයුරන්ට ආපසු යාමට බාධා ඇතිවුනා . ආපු මාර්ගයේ තිබුන යුධ තත්වය නිසා . තවත් නැගෙනහිර දෙසට ගිහින් වට රවුමකින් ආපසු එන්න ආපු ගමනේදී අහම්බෙන් හමුවුන පිරිසක් මොවුන්ව චීනයට එක්කරගෙන ගිහින් . චිනේදී කුබ්ලායි ඛාන් හමු වුනා . බටහිර ගැන දැන ගැනීමට ඉතා ආශාවෙන් සිටි අධිරාජයාට මොවුන් හමුවීම ඉතාම සතුටක් වූ අතර කලක් මේ පෝලෝ සොයුරන්ව චීනයේ සත්කාර මැද තබා ගත්තා . දන්නවනේ රජවරුන්ගේ හැටි . මග හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී වගේ තමයි ඔය රජවරු ආශ්‍රය කිරීම .
කුබ්ලායි ඛාන් වසර කීපෙකට පස්සේ පාප් තුමාට ලිවුව ලිපියකුත් සමග මොවුන්ව ආපසු එවන්නේ දුතයින් වශයෙන් . කුබ්ලායි ඛාන්ට පාප් තුමන් හරහා බටහිර ලෝකය සමග සම්බන්ධකම් ඇති කරගන්න ඕනවුනා. ඉතින් ආපසු එනකොට යද්දී හිටි පුංචි මාර්කෝ ලොකු කොල්ලෙක් . අම්මත් මියගිහින් . ඒ කාලේ ගමන් ඔහොම තමයි . හිටපු පාප්තුමන් මියගිහින් ඒ දිනවල .අලුත් පාප් තුමන්ගෙන් පිළිතුරු ලිපියක් සහ තෑගිත් රැගෙන ආපසු කුබ්ලායි ඛාන් හමුවෙන්න යනවා . ජෙරුසලමේ පහනකින් ගත් තෙල් ටිකක් රැගෙන ගීය බව සඳහන් .අම්ම නැති මාර්කෝ මේ ගමනට එකතු වෙනවා .
ඒ 1271 වසර . ඒවෙද්දී මාර්කොට වයස අවුරුදු 17 යි . කලින් වතාවේ ගිය පාර මග ඇරලා මොවුන් වඩාත් උතුරට ගිහින් යලිත් දකුණට ඇවිත් හොර්මුස් [පර්සියන් බොක්කේ ] වෙත ලඟාවුනේ මුහුදු මාර්ගයෙන් චීනය වෙත යන්න . ඒ කාලය වෙද්දී මුහුදු සේද මාර්ගය වඩා ප්‍රචලිත වෙන්න ඇති . නමුත් ප්‍රාථමික මට්ටමේ යාත්‍රා දුටු විට ඔවුන් ඒ අදහස අත්හැර නැවත ගොඩබිම් මග වෙතට යොමු වෙලා . දකුණු සේද මාර්ගය ඔස්සේ පාමීර් හරහා [ ලෝකයේ පියස්ස ] ගිහින් චීනෙට ළඟාවෙද්දී වසර තුනක් ගතවෙලා .
පෝලෝ වරුන්ගේ ආගමනය කුබ්ලායි ඛාන්ගේ නොමද සතුටට හේතු වුනා . ඔවුන් ඛාන් අධිරාජයාට වසර 17 ක් සේවය කළා . යුවාන් යුගයේදී චීනයේ තිබුන ආශ්චර්යය පෝලෝ ගේ සටහන් වලින් මනාව පෙන්වනවා . කෙසේ වෙතත් ගම රට මතක් වෙන්න ඇතිනේ . රජතුමා නම් කැමති වෙලා නැහැ ඔවුන්ව යවන්න . ඒත් පර්සියාවේ සිටි ඛාන් රජ පරපුරේ අර්ඝුන් රජතුමාට බිසවක් ඕන වුනා මේ කාලේදී . පෝලෝ ලගේ වාසනාවට මොන්ගෝලියන් කුමරියක්[ Kokachin ] අර්ඝුන් වෙත ගෙනයන පොරොන්දුව පිට ඔවුන්ට ගම රට යන්න කුබ්ලායි ඛාන් උදව් කළා .
මේ වතාවේ නම් මුහුදු සේද මාර්ගයේ තමයි ආපසු එන්නේ. මේ ගමන තමයි බොහෝ දුරට මුහුදු සේද මාවත ගැන අපිට උගන්නපු පොත් වල තිබුනේ . දකුණු චීනයේ Quanzhou වරායෙන් [ කලින් ලිපියේ කියූ Guanzhou නොවේ . එය ප්‍රධාන වාරයක් වුයේ හෑන් යුගයේදී . මේ කාලය වෙද්දී Quanzhou තමයි ප්‍රධන වරාය වුනේ ].පිටත් වුන යාත්‍රා 14 ක කණ්ඩායමට 600 ක් පමණ සිටියා . චීනයෙන් සින්ගප්පුරුවටත් එතනින් සුමාත්‍රා හරහා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරායට පැමිණ තිබෙනවා .
එතනින් ඉන්දියාව හරහා ගොස් හොර්මුස් වෙත ළඟාවෙද්දී නැව් වල වැඩ කල ඇය හැර අනික් පිරිස 18 කට සිමා වෙලා . අර්ඝුන් රජතුමාත් එවන විට මිය ගිහින් . ඔහුගේ පුතා එක්ක තමයි ඇයට විවාහ වෙන්න වෙලා තියෙන්නේ .
ඉන් පස්සේ සතුටෙන් සමාදානෙන් පෝලෝ ල ගමරට ගිහින් . ඔවුන් ළඟ සෑහෙන ධනයක් තිබිල තියෙනවා . පසු කලෙක මාර්කෝ පෝලෝ සිරගත වෙලා වෙන සිවිල් යුධ තත්වයකදී . සිරමදිරියේදී තමයි ප්‍රසිද්ධ සංචාරක සටහන් ලියවිලා තියෙන්නේ . ඇතැම් කාරණා පෝලෝගේ අතේ රෝල් බව සමහරු චෝදනා කරනවා . ඇතැම් තැන් වලට සැබෑවටම නොගිය බවත් නොයෙකුත් අයගෙන් දැනගත් දේ සටහන් කර තැබූ බවත් චෝදනා කෙරෙනවා . ඒ කෙසේ වෙතත් මුළු ගමනම බොරුවක් නෙමේ . වෙනත් මුලාශ්‍ර වලින් තහවුරු වෙන කාරණා බැලුවමත් පෝලෝගේ සටහන් බොහෝ දුරට නිවැරදියි වගේ .
මාර්කෝ පෝලෝගේ සටහන් වෙනමම කතාකළ යුතුයි . මට තවම පැහැදිලි සටහනක් ලැබුනේ නැහැ කියවන්න . අනාගතේ දවසක ලැබුනොත් ඒ ගැන දිගට ලියන්න හිතනවා . මේ ලිපි පෙළ නවත්තලා සේද මාවතෙන් ගොඩ ඇවිත් සාමාන්‍ය දේවල් වලට මාරු වෙන්න කල් හරි වගේ .
මේ ටික ලියන්න ගිහින් මට ලැබුන දැනුම මෙතෙකැයි කියන්න බැහැ . දෙතුන් දෙනෙක් මේක කියවලා තිබුනත් මට ඇති . ලද දැනුම නිසා මන් හරිම සතුටෙන් .
අන්තිමටම මට හිතුන දෙයක් තමයි සේද මාවත හා බැඳුන රාජ්‍යයන් ට මොකද වුනේ කියල හොයන එකත් හරි රසවත් . අච්චර බලවත් මොන්ගෝලියන් අධිරාජ්‍යට අද ගිහින් තියෙන කල දන්නවනේ . ඇකිලිලා ඇකිලිලා පුරාණ මොන්ගොලියවටත් වඩා කුඩා වෙලා ආයෙමත් පරණ කුඩාරම් සංස්කෘතියට ගියා වගේ . පසු කලෙක රුසියාවත් චිනෙත් අතර තැලෙන්න සිද්ධ වුනා . බොහොම මෑතක තමයි රටක් ලෙස ස්වාධින වුනේ .
මුහුදු මාර්ගයේ තිබ්බ මලයාව නම් සිංගප්පුරුවයි මැලේසියාවයි ලෙස සෑහෙනදියුණුවක් ලබල . ලංකාවත් උන්නු හැටියට මලා මදැයි . පෝලෝ එද්දිත් රට තිබිල තියෙන්නේ බේද බින්න වෙලා . ඊට පස්සේ පෘතුගීසි ,ලන්දේසි සහ ඉංග්‍රීසි කට්ටිය ඇවිත් ගිහින් රට ඇතුලෙත් යුද්ධ වෙලා මෙහෙම ඉන්න එකත් ඇති.
පෝලෝ සටහන් තැබූ සේද මාවතේ කැපී පෙනෙන රටවල් ..
දකුණු වියට්නාමයේ .චම්පා රාජ්‍ය
ජාවා දුපත් [ ඔහු සැබවින් ගොස් නැත ]
මලයාව [ නුතන සිංගප්පුරුව සහ මැලේසියාව ]
සුමාත්‍රා
ශ්‍රීලංකා ...
[ ලංකාව ගැන කල සඳහනේදී රජු සතුව තිබු විශාල මැණිකක් ගැන කියනවා . අල්ලක් තරම් වූ මෙම රතු මැණික කුබ්ලායි ඛාන් විසින් ඉල්ලා ඇතත් නොදුන් බව සඳහන් . මේගැන වැඩි විස්තරයක් දන්නා අයෙක්ගෙන් බලාපොරොත්තු වෙමි . වැඩි දුරටත් මන්නාරමේ මුතු ගැනද කියා තිබේ . පෝලෝ ලංකාව ගැන හරියටම තැබූ සටහන් සොයා බලා පසු දිනක කියන්නම් . සිංහල පොත පත සොයා ගන්නට බැරි අඩුව හේතුවක් ]
ඉන්දියාව සහ තවත් විශාල ගණනක් රටවල් ගැන විස්තර ලියා ඇත . මේ සබැඳිය එයට වැඩිය ආසා අයටයි
මෙන්න මන් උදව් කර ගත් සබැඳි කීපයක් . වරින් වර කියවපු පොඩි පොඩි සබැඳි නම් අමතකයි . හැබැයි මුලිකවම මේ ටික තමයි උදව් වුනේ
ඔවුනට මගේ අනන්ත ස්තුතිය
විකියේ අනු සබැඳි වලින් අදාළ විස්තර ලැබුන .එකින් එක සඳහන් කරන්න නම් වෙලාව මදි
ඒ ඒ තැන් වලදී දී ඇති සබැඳි කියවිය හැකියි
සිතියම් සහ පින්තුර ගුගල් ඉමේජස් වෙතින්
Marco Polo and the Discovery of world ..By John Larner
Asian Civilization ...Book Series
Special thanks to UNIS library
කලින් ලිපියත් කියවලා ගියා. මට නම් මේ වගේ ඒවා සිංහලෙන් කියවලා තේරුම් ගන්න අමාරුයි තවම. ඒ වුනාට බින්දි ගේ ව්‍යාමය නම් අගය කලයුතුමයි.
ReplyDeleteමම හිතන්නේ ඔබ ස්කෝලෙක පාඩමක් කරනවා වගේ මහන්සි වෙලා ලියන්නේ මේ සටහන්. ඕනේ නම් අපි බින්දි ටීචර් කියන්නම්!
thank u bindi.
හරිම රසවත් ලිපියක්. ගොඩක් නොදන්න දේවල් දැනගත්තා. මහන්සියට ස්තුතියි.
ReplyDeleteමම උසස්පෙලට ඉන්දියානු හා ලාංකීය ඉතිහාසය ඉගෙනගත්තා ඒ පාඩම නැවතවරක් බින්දි ටීච වඩාත් පැහැදිලිව ඉගන්නුවා කියල කියන්ට පුලුවනි.කොළඹ මහජන පුස්තකාලෙ රෙෆරන්ස් කොටසෙ සිංහලෙන් ලියැවුනු පොත් බොහොමයක් තියෙනවා මේ ගැන.බෞද්ධ සංස්කෘතියටත් රෙෆරන්ස් ගත්තෙ එහෙං තමා. දැං ළමුන්ට තවත් බොහෝ තැං ඇති මුලාශ්‍ර ලබාගන්ට.
ReplyDeleteඔය පැත්තෙ යන්ටත් බලාපොරොත්තුවක් තියෙනවා. දෝණිගෙ යාලුවො එහෙත් ඉන්නවනෙ.
මගෙ ප්‍රංශ මිතුරි Frédérique Lusson චීනෙට ආවෙ කෝච්චියෙ රුසියාවෙ ඉඳල මොංගෝලියාව හරහා කාන්තාරෙ මැදිං. මේ එයාගෙ බ්ලොගයට යන පාර. ඔය කූඩාරම් පින්තූර බලල එන්ට කැමතිනං 14, 17 and 20th August blog posts.............http://emailkavikaari.blogspot.com/2011/09/blog-post_11.html
ඉස්සර තිබිලා මේ වෙන කොට පොඩ්ඩ පොඩ්ඩ නැතිවෙලා යමින් තියෙන ඉතිහාසය ගැන තියෙන ආසාව ආයේ වතාවක් අලුත් කරගන්න ලැබුණ ඉඩක් තමයි මේ ලිපිපෙළ. ඒ ආසාව යලි ඇති කළාට ඔබට බොහොමත්ම ස්තූතියි බින්දි. කොහොමවුණත් ඉස්සරහටත් මේ ජාතියේ තව ලිපි ලියන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි.
ReplyDelete@ රන්ගි
ReplyDeleteඔයාට තේරෙන්නේ නැති එකට කණගාටුයි . ඔයාගේ බ්ලොග් එක බලද්දී නම් සිංහල බැරි බවක් පෙන්නේ නැහැ . කොහොම වුනත් කියවන්න වෙච්ච මහන්සියට ස්තුතියි. ටීච කෙනෙක් වෙන්න නම් මන් සුදුසුද මන්දා . දිගටම කලානම් සමහර විට හොඳ වෙයි . අපි ලංකාවේ ඉගැන්නුවා නම් අර සම්ප්‍රදායික ගුරුතුමියක් වෙලා නවතින්නත් තිබුනා . දෙවෙනියට ගිය පාරත් හොඳයි . දැන් ගෙදර උන්නට . ඒත් දැන් කරන්නේ පඩි ගන්න බැරි ලෝකේ උතුම්ම රස්සාවලු. මන් දන්නේ නැහැ ඔය කවිකාරි අක්ක තමයි කිව්වේ
@readmyeye
නෙලුම් විලට ආදරයෙන් පිලිගන්නවා .
@ කවිකාරි .
ඇත්තටම . අපි ඉතින් සාමාන්‍ය පෙලින් එහාට ඉතිහාසේ පිළිවෙලකට ඉගෙනගත් අය නෙමේනේ . පස්සේ වෙන කතා වලට යා වෙලා තිබ්බ පුංචි පුංචි ඉතිහාස කොටස් කියෙව්වා මිසක් වැඩි යමක් දැන ගත්තේ නැහැ . දැන් නම් අන්තර්ජාලය තියෙනවනේ . හැබැයි ඉතින් ආසියාවේ ඉතිහාසය සුද්දන්ගේ ඇහින් තමයි එව්වයේ තියෙන්නේ . හරිහමන් පොත පත නැතුව ලාංකීය ඉතිහාසය ගැන ලියන්න අකමැති නිසා තමයි ඒ කොටස යන්තම් සඳහන් කලේ . මාර්කෝ පොලෝ ගැන විකියේ තියෙන සටහනේත් ඒ කලේ යාපන රාජධානිය තමයි උලුප්පලා තියෙන්නේ .
ලින්ක් එකට ස්තුතියි . බලලම ඒ ගැන කියන්නම් . මටත් ආසයි අන්න ඒ පාරේ හරි දකුණින් කාරකොරම් හයි වේ එකේ හරි යන්න . ළමයි හෙම දිග දීල ඉන්න වෙයි. මොකද කාරකොරම් එක යන්නේ පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ හරහා .
ටිබෙට් වල මිනිස්සු තවලම් වලින් ගිරිදුර්ග තරණය කරන වැඩ සටහනක් බැලුවා ටික කලකට කලින් . හරිම ලස්සනයි . පසු කලෙක හැකි වුනොත් ඒ ගැන ලියන්නම් . නැෂනල් ජියෝග්‍රෆි චැනල් වල යනවා Roads less Traveled කියල වැඩ සටහන් පෙළක් . රසවත්
පෝලෝ එනවිට ලංකාවෙ රජකලේ පරාක්‍රමභාහු III (පණ්ඩිත පරාක්‍රමභාහු), එයා හිටියෙ දඹදෙණියෙ.. පෝලෝ ගොඩබැස්සෙ ත්‍රිකුණාමලයට නම් එයාට පරාක්‍රමභාහුව මුනගැහෙන්න තියෙන ඉඩප්‍රස්ථාව බොහොම අඩුයි.. මොකද මේ වෙනකොට උතුරු පළාතේ බලය තියෙන්නෙ ද්‍රවිඩ ආක්‍රමණිකයින් අතේ.. මේ කාලෙම තමා චන්ද්‍රභානු කියන ජා ආක්‍රමණිකයා එන්නෙත්.. පෝලෝ කියන්නෙ ලංකාවෙ රජු 'සෙන්ඩෙමාන්' කියලා කෙනෙක් බවයි.. එහෙමනං මේ සෙන්ඩෙමාන් චන්ද්‍රභානු ද..??
ReplyDeleteඔය රතුමැණික් කතාව පෝලෝට කලින් කොස්මොස් (6සියවස) වගේම හියුං-සාන් (7සියවස) එහෙමත් කියලා තියෙනවා.. සමහරවිට පෝලෝ එයාට අහන්න ලැබුන කතාවක් තමන්ට වුනා වගේ කියන්න ඇති.. මොකද මේ වගේ මැණිකක් චන්ද්‍රභානු හෝ ද්‍රවිඩ ආක්‍රමණිකයින් ළග තියෙන්න අමාරුයි නේද..??
Buratheno
Deleteදෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට දෙවෙනි වරට චන්ද්‍රබානුවට පරද්දන්න පාණ්ඩ්‍ය සහය ලැබුණා කියලා මතයක් පවතිනවා.
ඒ යටතේ චන්ද්‍රබානු පරාජය කන්නට හැකිවුණත් පාණ්ඩ්‍ය පාලකයා චන්ද්‍රබානුහේ පුතා සෙන්දමේන්ට උතුරු ප්‍රදේශවල පාලන බලය ලබාදුන්නලු. දකුණු ඉන්දියාවෙන් හම්බුණු සෙල්ලිපියක ඔය විස්තර තිබුණා කියලා තමා මගේ මතකයේ තියෙන්නේ
සෙන්දමේන් කියන්නේ චන්ද්‍රබානුගේ පුතා කියලා තමා කියන්නේ
වෙනද වගේම ගොඩක් වටින ලිපියක්.
ReplyDeleteඔබ්ගේ බ්ලොග් එක දැණුම ආකරයක්. මම ඉතාම කැමතියි.ඡෙන්ගීස්ඛාන් මම දන්න තරමින් ඔබ කියූ ආකාරයටම ඉතා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. ඔහු නිසා තමයි යුරෝපයට බුදු දහමේ යම් සෙවනැල්ලක් වැටෙන්නේ. ඔහු බෞද්ධයෙක්. ඒ නිසාම තමයි ඔහු ගැන යුරෝපා ඉතිහාසයේ එතරම් වැදගත් කමක් නොදෙන්නේ. මේ ලෝකෙ පහල වුනු ඉතාම විශාලම අධිරාජ්‍යයන් දෙක වන 1. මොන්ගෝලීයානු සහ 2. ඉන්දීය අශෝක අධිරාජ්‍යයන් දෙකම ඇති කරන්නේ බෞද්ධ රජවරු. ඔවුන් ඇරබූ ඒ සේවය ඉදිරියට ගියානම් අද ලෝකය මෙයිට වඩා වෙනස් වෙන්න තිබුනා. ඒ කෙසේ වෙතත් වැඩි අවධානයට් ලක් නොවූ මෙලොව සිටි වැදගත්ම රජ කෙනෙක් මෙතුමා.
ReplyDeleteබින්දි අක්කට ස්තුතියි...ඔබ කරන දේ ගැන අගය කරන්න වචන මදි ඇත්තටම...ඒ තරම වටිනා ලිපි පෙළක් ....
ReplyDeleteබොහෝම ආසාවෙන් කියෙව්ව ලිපියක්.. කාලයක් මමත් ඔය චීන මොංගෝලියානු ඉතිහාස කතා හොය හොය කියවපු කාලයක් තිබුනා... දැන් කාලෙකින් ආසාවටවත් කියවන්න වෙන්නේ නැහැනේ.. ඒ අතරට මෙහෙම එකක් දැක්කම සතුටුයි...
ReplyDeleteමාර්කෝ පෝලෝ වගේම හියුං සෑං හිමියන්ගේ දේශාටන චාරිකා විස්තරත් හුගක් රසවත්.. මට පුස්තකාලයකදී මාර්කෝ පොලෝගේ සටහන් සහිත පරිවර්ථන පොත් කිහිපයක් එක පාරක් කියවන්න ලැබුන විත්තිය මතකයි..ඒවෑ නං ගංනං මතක නැහැ කරුමෙට...
ටුයි කරලා ලියලා තියන ටික ඔලුවට දාගත්තා .....
ReplyDeleteතෑන්ක්ස් ......
සේද මාවත ගැන තවත් බොහෝ දේ දැණුමට එක් කරාට බොහෝමත්ම ස්තුතියි.
ReplyDeleteසත්්‍යය සෑම විටකම ප්‍රබන්ධයට වඩා රසවත් . . . . . කියන්නෙ නිකංද . . .????
ReplyDeleteතාත්ත හදපු හමුදාව අරන් වැඩ දාපු ගැමුණුල ඇලෙක්සැන්ඩර්ල තරන් තම්න්ගෙම වීර්යෙන් ලෝකෙ දිනාපු විජයබාහුල, ජෙන්ගිස් ඛාන්ල ගැන කියවෙන්නෙ නෑ. අර ඇන්ලෙක්සැන්ඩර්ගෙ කට්ටිය බෝකරන්න මඟ දිගට ගෑණුන්ට ළමයි දුන්න කියනව වගේ (ස්ත්‍රී දූෂනය වහගන්න කියන සුද්දොන්ගෙ කතා තමයි ) ජෙන්ගිස් ලොක්කගෙ අයත් එහෙම කරාද දන්නෙ නෑ පකිස්ථාන් ඇෆ්ගන් පැතිවල? ඒත් උන්ගෙ නම මිසක් පෙනුමනම් ඛාන් නෙමෙයි!
ReplyDeleteකොහොම උනත් මේ වගේ දේවල් ගැන ලියන එක පිටරටක ඉඳන් ලේසි නෑ කියල දන්නව. ඒ මහන්සියට මෙන්න තේකක්!
නෙළුම් විලේ තවත් වැදගත් සත්කාර්යයක් අහවර වුණා එහෙනම්...
ReplyDeleteමේ සැරේ කොමෙන්ටු වලින් යමක් එකතු කරන්නත් මට බැරිවුණා... ඒත් කියවල යමක් ඉගෙනගත්ත වගේම තව හොයල බලන්න උනන්දුවකුත් ඇති කරගත්ත...
බින්දි හුඟාක් මහන්සි වෙලා කරපු මේ වැඩේ බ්ලොග් කියවන අපි විතරක් ප්‍රයෝජනේට අරන් නවතින එක හොඳ නැති නිසා, සිංහල විකියට external link එකක් එකතු කලා නෙළුම් විල වෙතින් - සේද මාවත කියල... ( තාම නම් වැඩකරනව... පොඩ්ඩක් බලමු.. මතකනොවැ ගිය සැරේ වෙච්ච අමාරුව..)
@ බින්දි, මම එකතු කලේ මේ අන්තිම ලිපියෙ ලින්ක් එක...පුළුවන් නම් මේ ලිපියෙ මුලට අර කලින් ලිපියෙදි කලා වගේ එක, දෙක, තුන ලිපි වල ලින්ක්ස් සඳන් කරන්න, ඒක කියවන අයට ප්‍රයෝජනවත් වෙයි.
බින්දි,
ReplyDeleteස්තූතියි බොහොම.....අතීතයේ වැලි තලාවෙන් සැඟවුනු රසබර ඒ වගේම බොහෝවිට දුක්බර තොරතුරු ගැන හැදෑරීමෙන් සහ අපට නොමසුරුව බෙදා දීමෙන් ඔබ කරන මෙහෙය අමිලයි.
ජෙන්ගිස් ඛාන් ගේ සිට කුබ්ලායි ඛාන් දක්වා දිවෙන ඒ පරපුරේ අන්දරය ලියැවුණු පොත් පහකින් සමන්විත වෘත්තාන්තයක පොත් දෙකක් කියවීමේ අවස්ථාව මට ලැබුණා පසුගියදා.ඉතිරි පොත් තුන තවම මිලදී ගන්ට ලැබුණේ නෑ
http://www.conniggulden.com/
බින්දිට හුගක් ස්තුත්යි දැනුම බෙදා දෙන්න මේ ගන්න උත්සාහයට. මමත් ඔය ඛාන් ගැන අහල තිබුනේ තමන්ගේ අධි රාජ්‍යයේ ජනගහ වර්ධනයටත් ලොකු සේවයක් කරපු රජෙක් හැටියට තමයි.මොන්ගෝලියානු අධි රාජ්‍යයට අයිති වෙලා තිබුන ප්‍රදේශයේ දැන් ඉන්න අයගෙන් මිලියන 16 කට ඛාන්ගෙන් පැවතගෙන එන ජාන තියනවලු.(මට මේ ලඟදි ඔයගැන ටිකක් හොයන්ඩ උනා,ජාන සම්බන්ද අධ්‍යයනයකට) රජවරු උනාම ඉතින් එහෙම වෙන්න ඇති.
ReplyDeleteමෙච්චර දවස් කියවපු ලිපිවලින් රසවත්ම ලිපිය මේක කියලා තමා මට හිතෙන්නේ. කියවපු හැටියේ මොන්ගෝලියාවට ගිහින් බලන්ටත් තද ආසාවක් ඇති උනා. සරල භාෂාවකින් හිත් ඇදගන්නා විදියට ලියලත් තියනවා.
ReplyDeleteමේ වගේ ලිපි ටිකක් එකතු කරලා, නරකද ලංකාවේ ලමයින්ට 'ඉතිහාස පොතක්' විදියට පල කලොත්. බින්දිට පින් මේ කරන වැඩේටත්, එහෙම වැඩක් කලොත් ඒ වැඩේටත්. ගොඩගේ , සරසවි වැනි ප්‍රකාශකයින්ගෙන් අහලා බැලුවොත්?
'මාර්කෝ පෝලෝ' කියන්නේ වෙලෙන්ඳෙක් මිස 'මුහුදු කොල්ලකාරයෙක්' හෙම නෙමේ නේද?
ගොඩක් පෝස්ට් මට මග ඇරිලා .අද තමයි පිලිවෙලකට කියෙව්වේ .මොංගෝලියානු එන්ඩේරු ගැන හැදුන ෆිල්ම් එකක් බැලුවා ඒත් ඒකේ නම මතක නැහැනේ.ඒකෙත් බලෙන් ගෑනු පැහැරගෙන යන කතාවක් තියෙනවා .
ReplyDeleteමම කල්පනාකලේ තව ටික දොහකින් මේ තියන දෙයක් යාලුවන්ට ලියල දීල බැක් පැක් එකකට ඇඳුම් කෑලි ටිකක් දාගෙන සේද මාවතේ යන්න කියලා.
@බුරතිනෝ
ReplyDeleteමාර්කෝ පෝලොට තනා බරපතල චෝදනාවක් තමයි එහෙන් මෙහෙන් ඇහුනු කතා තමන්ගේ වගේ කිව්වා කියල . අනික මනුස්සය හිරේ විලංගුවේ වැටිලා ඉදිද්දිනේ පොත් ලිව්වේ . තනියමත් නෙමේ තව කෙනෙක් එක්ක .
@මධුරංග
ස්තුතියි මධුරංග මුල ඉඳන්ම කියෙව්වට
@වෙද ගෙදර මහා වෙදනා..
එව්වා එහෙම තමයි . විශේෂයෙන්ම ඉතිහාසය වාර්තා කරද්දී තම තමන්ට වැසි වෙන විදිහට තමයි ලියවුනේ . චින්ගීස් ඛාන් ශාමෙන් ආගම ඇදහැල තියෙන්නේ . හැබැයි බුදුදහම වගේම අනිකුත් ආගම් වලටත් එකසේ සලකල තියෙනවා . පසුව කුබ්ලායි ඛාන් තමයි බුද්ධාගම රාජ්‍ය ආගම කරලා තියෙන්නේ . ඒත් බටහිරින් ආපු පෝලෝ වගේ අයටත් හොඳින් සලකලා තියෙනවා . ස්තුතියි මේ ගැන උනන්දු වුනාට වෙද මහතාට . වෙද මහත්තය කිව්වම මැවෙන්නේ නම් ටිකක් වයසක කෙනෙක් . එච්චර වයස වෙන්න බැහැ
ජෙන්ඝිස් ඛාන්ට වැඩේ වැරදුනේ ඒරොප්පෙට ගහන්න ගිය එකෙන්..
ReplyDelete@TG,
මටත් ඔහොම හිතෙනවා අප්පා.. මාස 6ක විතර නිවාඩුවක් දාලා ඇවිදින්ට යන්න.. :D
@ දිල් ..
ReplyDeleteඔබටත් ස්තුතියි දිල්..වැඩිය කියවයි කියල බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ . ඒත් හුඟ දෙනෙක් ඉතිහාසෙට ආස බව දැන ගත්තා .
@මාරයා ..
මටත් සතුටුයි මාරයා මෙයට කැමති එක ගැන . මට ඉතින් සිංහල පොත් නම් හොයා ගන්න අමාරුයි දැන් . ආයේ ට්‍රැක් එකට වැටිලා නිසා ඉස්සරහට තව දේශාටන සටහන් ලැබුනොත් තව ලියවේවි . මේ විවේකය කොයි තරම් කල් තියෙවිදැයි දන්නෙත් නැහැ .
@කල්හාර
මේවා මතක හිටින්නේ නම් නැති වෙයි . හැබැයි අවශ්‍ය විටක මෙතන තියෙන බව මතක තිබ්බොත් මදැයි
@ ගල් මල් '
ස්තුතියි ඩීන්. ඔබේ දිරි ගැන්වීම් සැමදා මට වටිනවා . හැකිනම් මැද පෙර දිග ඉතිහාසය ගැන ලියන්න . මුල ඉඳන්ම සේද මාවතට සම්බන්ධ වෙලාතිබ්බ ප්‍රදේශයක් නේ .
@ඕනයා ..
ඉතිහාසෙත් සමහර විට ප්‍රබන්ධ ද කියල සැක හිතෙනවා නේද .
@ ඉන්දික
අද කේක් කන දවසනේ .ඉන්දියාවේ ''ඛාන්''ලට නම ලැබුන විධි දෙකක් තියෙනවා .
1. මෝගල් වරුන්ගෙන් - මෝගල් වරුන් ගේ සම්බන්ධයක් තියෙනවා මොන්ගෝලියන් අධිරාජ්‍යට . ඔවුන් පැවැත එන්නේ ටිමුර් වරුන්ගෙන්[ http://en.wikipedia.org/wiki/Timurids ]..ටිමුර් ගැන අපි වැඩිය නොදන්නවා වුනාට තමර්ලෙන් ගැන අහල ඇතිනේ සාහිත්‍යයේ .
මොන්ගෝලියන් අර්ථයෙන් නායක කියන එකයි ''ඛාන්'' කියන්නේ .
2. බ්‍රිතාන්‍ය යුගයේ මුස්ලිම් වරුන්ට දීපු තානාන්තරයක් විදියට .
ශාරුක් ලගේ පවුලට කොහොමද දන්නේ නැහැ නම ආවේ .
වැඩි විස්තර http://en.wikipedia.org/wiki/Khan_(surname) හි තියෙනවා
පිටරට ආව හින්ද තමයි මෙහෙම බ්රේක් එකක් ලැබූනේ . ලංකාවේ උන්න නම් උදේට පැය 1 1/2 යි . හවසට පැය යි බස් එකේ . ලියයි සේද මාවත .
@සපතේරු ..
බොහොම ස්තුතියි ..ඔන්න මන් ලින්ක් ටික දැම්ම . මේකට තව ටිකක් ලංකාව ගැන ලියවුණා නම් හොඳයි . මට ටිකක් අමාරුයි ඒ වැඩේ . කවුරු හරි ලිව්වොත් අපිට ඒ ලින්ක් එක මේකටම එකතු කරන්න පුළුවන්. එහෙම ලියවුණා තැන් දන්නවා ලින්ක් එක දෙන්න . මන් ප්‍රධාන ලිපියට එකතු කරන්නම් .
@ ස්තුතියි රවී
පොත් ටික කියවන්නම් .
@ චන්දි.
රජවරු එහෙම නේන්නම් . බහු භාර්යා ක්‍රමයක් තමයි තිබිල තියෙන්නේ . ජෙන්ගිස් ඛාන් ටත් බිරින්දල කීපදෙනෙක් ඉඳල තියෙනවා . හැබැයි පළමු බිරිඳ තමයි ප්‍රධාන . එංගලන්තේ ටියුඩර් කට්ටිය වගේ නෝනලාගේ බෙල්ල කපපු බවක් නම් සඳහන් නැහැ .
මේ බූරා මොකෝ ඔයාටත් මට හිතෙන ඒවම හිතෙන්නෙ ? යන දිල්ලියක යනව හොඳයි අර නීතටත් කියලා .නැතනම් එයාවත් එක්කගෙනම :)
ReplyDelete@ පොඩ්ඩි..
ReplyDeleteමන් දන්නවා ඔයත් මේ ඉතිහාස කතා වලට ආස බව . මේකට අදාල නැතත් අද තිස්සගේ හද ගී පොතේ ලස්සන පොස්ට් එකක් තිබුනා . ඔයාගේ හිත හැදෙන ජාතියේ . පැත්තක ඇති එකේ ලින්ක් එක.
මොන්ගෝලියාව පැත්තේ යන්න මටත් ආසයි .
@ ටි . ජි.
හ්ම් ..ඔහෙට නම් මොකෝ . යන්න බැරුවයි හිතු දිහාවක . අපි ඉතින් කුඩු වෙච්ච කිරිල්ලියෝනේ. අපි සේද මාවතේ ගිහින් එනකොට මෙහෙ මක් වෙලා තියෙයිද දන්නේ නැහැ .
ඉරිසියාවක් නැහැ ඉතින් . ගිහින් එන්න . බුරත් එක්ක යන එක හොඳයි . ඇවිදින පුස්තකාලයක් එක්ක ගියා වගේ තියෙයි . හැබැයි අදාල අවසර අරගෙන
@ Bindi සේදමාවතේ නොවුනත් තක්ෂිලාවයි නාලන්දා නටඹුන් බලන්නයි යන හීනයක් තාමත් ඉතුරු වෙලා තියෙනවා හිතේ කොනක.ඔහොම හීන බැලුවම කවදහරි යන්න ලැබේවි නේ .රනින් කලත් කූඩුවක් නම් එපා කියන්නෙ ඕකනේ හි හී .-kidding
ReplyDelete@ ටි ජි ...
ReplyDeleteසේද මාවතේ සම්පුර්ණයෙන් නොගියත් අපි හුඟ දෙනෙක් කීප තැනක් දැකල තියෙනවා නේද . මන් සිංගප්පුරුව - මැලේෂියා [ මලයාව ] දැක්ක . ඉන්දු චීනයේ ඇවිද්ද . ජනේලෙන් රතු ගඟ පේනවා . කුබ්ලායි ඛාන්ගේ හමුදාව හැනොයි අල්ල ගත්ත වරක් . හැබැයි පස්සේ පසු බැහැල .
ඔයා නේපාලෙටත් ගියා කියන්නේ ටිබෙට් වලට හුඟක් ලඟයි
අපේ රන්ගි මාර්කෝ පොලොගේ රටේ ඉන්නේ . ගල් මල් ..ලකී සපතේරු සේද මාවතේ වැදගත් පළාතක් වුන මැද පෙරදිග . කවිකාරි චිනේ ගිහින් ආව . කුබ්ලායි ඛාන් දෙපාරක්ම පැරදුන ජපානේ ඉඳන් චේජනා ලිව්වා . පිටරටක නොගිය මව්බිම ඉන්න සොයුරන් දුක් වෙන්න දෙයක් නැහැ . අපි හැමෝම සේද මාවතේ මුතු ඇටයේ ඉපදුන අය .ඔහොම බැලුවම අපි හැමෝම සේද මාවතේ ගිහින් තියෙනවා .
ඔයාගේ ලිපිය විතරමයි කියෙවුවේ . අතර මැදදී සෙට් වෙච්ච නිසාත් මේ ලිපි මාලාවේ ලිපි කීපයක් මග ඇරුනු නිසාත් . තරමක් උඩින් පල්ලෙන් කියෙවුවා ආසා හිතෙන තැන් කීපයක් විතරක් කියවලා බැලුවා ..
ReplyDeleteමට ඉතිහාසේ ඇලජික්
මම හල තියෙනව ඔය චින්ගීස් ඛාන් ගෙන් බේරෙන්නලු චීන මහා ප්‍රාකාරය හැදුවෙත්..මිනිහ ඇවිල්ලා හරි වසවර්තියලු ..... ඇත්තද දන්නෑ .....
ReplyDelete@ සඳරු ..
ReplyDeleteඑක එක්කෙනාගේ රුචි අරුචි කම් වෙනස් නේ . ඒකට කමක් නැහැ මල්ලි
@ ඔබ නොදුටු ලොවක් ..
වසවර්තියෙක් වුනත් හොඳ ගතිත් තිබුනලු . ශක්තිවන්තයා ජයගැනිමනේ ලෝක ස්වභාවය . චීන මහා ප්‍රකාරය හදන්න පටන් ගත්තේ ඊට ගොඩක් ඉස්සර . පටන් ගත්තේ ක්‍රි පු 200 ගණන් වල Qin සමයේ . හෑන් යුගයේ තමයි ශක්තිමත් කළේ. ලිපිපෙලේ දෙවෙනි කොටසේ තියෙනවා .
චින්ගීස් ඛාන් හිටියේ ක්‍රි ව . 13 වෙනි සියවසේ
During the Han dynasty (206 B.C.-A.D. 220) the walls were 10 kilometres north of the present Ming walls. The walls were built and rebuilt by succeeding dynasties from the Northern Qi Dynasty (479-502) to the Tang (618-907), the Song (960-1279) and the Jin or Jurchens (1115-1234). The victorious Mongols from the north under Gengzhis Khan did not have need to have the Great Wall as a barrier.
ReplyDeletehttp://www.chinapage.com/friend/goh/beijing/greatwall/greatwall.html
Thanks
@ ඔබ නොදුටු ලොවක් .ස්තුතියි ..වරින් වර උතුරින් ආපු සතුරු ආක්‍රමණ නිසා Qin කාලයේ ඉඳන් ටික ටික ගොඩ නැගුන බවයි පෙන්නේ http://www.thegreatwall.com.cn/en/goc/goc-3.htm මෙතන ටිකක් පැහැදිලියි . ජෙන්ගිස් ඛාන් චීනය තනිකර අල්ල ගත්තේ නැහැ ලු. එයාගේ මුණුපුරා තමයිලු [කුබ්ලයි ඛාන් ] චීනය මුළුමනින් පාලනය කරන්න පටන් ගත්තේ . චීන ඉතිහාසයත් වෙනමම කියවන්න හොඳ විෂයක් තමයි නේද .
ReplyDeleteමොන්ගොලියන්ලගේ යුවාන් යුගයට පස්සේ ming කාලයේ ප්‍රකාරය වැඩි දියුණු කළා කියලත් කියනවා . කවිකාරි බලන්න ගිය නිසා ඒ තැන් වල හරියටම ඔය ගැන සඳහන් වෙන්න ඇති .
මාර්කෝ පෝලෝගේ සංචාර සටහන් ගැන ලියවුණු සිංහල පරිවර්තන පොතක් තියෙනවා.මේක සරච්චන්ද්‍ර ජයකොඩි මහත්තයගේ පරිවර්තනයක්.
ReplyDeleteගෙන්ගිස් ඛාන්ගේ මරණය ආරංචි වුණු හින්දා හින්දා බටහිර ආක්‍රමණය කරන්න ගිය මොන්ගෝලියානු හමුදාව ආපහු හැරුණා කියලා අහලා තියනවා.... ඒක හැබෑද නෝනේ...?
ReplyDeleteමේ සටහන් සිංහල පාඨකයනට බොහොම අගෙයි. මටත් විකිපීඩියාව කියවන්න හිත් දෙන්නේ නෑ. ඉංගිරීසි නවකතා කියවා නැති තරම්. ඒ හින්දා මටත් අගෙයි. ඔබට තුති.
@තිස්ස අයියා,
ReplyDeleteයුරෝපය ආක්‍රමණය කරන්න ගිය ඡෙන්ඝිස් ඛාන්ගෙ හමුදාව ආපහු හැරෙන්න හේතු කිහිපයක්ම බලපෑවා.. එයින් ප්‍රධානම හේතුව ඡෙන්ඝිස්ගෙ නෙවෙයි, එයාගෙ පුතා ඔගෙඩෙයි ගේ මරණය (1241).. ඡෙන්ඝිස් මැරෙනකොටත් (1227) එයාගෙ ජනරාල් වුන සුබෝටායි රුසියානු හමුදාව පරද්දලා තිබ්බා කල්කා වලදි.. පසුව ඡෙන්ඝිස්ගෙ මුණපුරා වන බටු ඛාන් එක්ක එකතුවෙන මේ සුබෝටායි දකුණු රුසියාවෙ නොව්ගොරාද්, ක්‍රිමියා, කියෙව් හරහා පෝලන්තයට හා හංගේරියාවට පහර දෙනවා.. ක්‍රාකොව් හා හංගේරියාව සම්පූර්ණයෙන්ම විනාශකරන නමුත් එතනින් එහාට පහරදෙන්න කලින් ඔගෙඩෙයි ගෙ මරණය නිසා එයාට ආපහු එන්න වෙනවා කාරකෝරම්වලට..
නියම ඉතිහාස පාඩම් මාලාව.
ReplyDeleteකෝකටත් කියල Bindi ගේ බ්ලොග් එකට ඊමේල් සබ්ස්ක්රිප්ෂන් එකකුත් දැම්ම.
මොන්ගෝලියන් හමුදාවෙ යුරෝපා ආක්‍රමණය සිදුනොවීම ගැන තවත් වෙනස් මතයක් තියෙනවා..
ReplyDeleteමොන්ගෝලියන් හමුදාව කියන්නෙ ප්‍රධාන වශයෙන්ම අසරු හමුදාවක්.. යුද්ධය අතරතුරේදි මෙයාලට මුහුණ දෙන්න වෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමා දසදහස්ගානක් වෙන අශ්වයන්ට කෑම සැපයීම.. මෙයාලගෙ අධිරාජ්‍යය පැතිරිලා තිබුන ස්ටෙප්ස් තණබිම්වලදි මේක එච්චර ගැටළුවක් නෙවෙයි.. නමුත් ස්ටෙප්ස් තණබිම් හංගේරියාවෙන් පස්සෙ අවසන් වෙනවා, ඒ නිසා ඒ ගැන කල්පනා කල බටු ඛාන් හා සුබෝටායි ආක්‍රමණය අතහැරලා දැම්මා කියලා තමා කියවෙන්නෙ..
සමහරවිට මේ හේතුව නිසා තාවකාලිකව නැවතුන මොන්ගෝලියන් හමුදාවේ ඉදිරි ආක්‍රමණය ඔගෙඩෙයි ගේ මරණය නිසා සහමුලින්ම නවතින්න ඇති..
පලි: කොහොම මොන හේතුවක් නිසා නැවතුනත්, මේක යුරෝපයට වෙස්වලාගත්ත ආශිර්වාදයක් වුනා.. මොකද මොන්ගෝලියන් හමුදාවෙ ඉදිරි ගමන නවතන්න සමත් කිසිම රටක් යුරෝපයේ තිබුනෙ නෑ.. යන්තම් හරි ප්‍රතිරෝධයක් පෙන්නන්න පුළුවන් වුන මට්ටමක හිටියෙ කොන්ස්තන්තිනෝපලය විතරයි.. හංගේරියාවෙදි මොන්ගෝලියන් හමුදා අතින් පැරදුනේ එවකට යුරෝපයේ හිටිය දක්ෂම සටන්කරුවන් වුන හංගේරියන් නයිට්වරු, ජර්මන් ටියුටොනික් නයිට්වරු හා ටෙම්ප්ලාර් නයිට්වරු.. ඒ එක්කම ජර්මනිය හා ඉතාලිය අතර බල අරගලයක් තිබුනා පාප් පදවිය සම්බන්ධයෙන්.. මේ හැමදේම එක්කම සම්පූර්ණ යුරෝපයම තිබ්බෙ අනාරක්ෂිත මට්ටමක.. ඉතින් බැරිවෙලාවත් මොන්ගෝලියන් හමුදාවෙ ඉදිරිගමනක් වුනා නං මුළු යුරෝපයම විනාශවෙන්න මහ ලොකු කාලයක් යන්නෙ නෑ..
පොඩ්ඩක් හිතන්න, එහෙම වුනානං ලෝක ඉතිහාසය කොච්චර වෙනස් වෙන්න තිබුනද..??
@ udaara
ReplyDeleteස්තුතියි ..කියවන්න ආසයි
@ තිස්ස ..
ඔන්න බුරා උත්තර දීල . අනේ මන්ද මේ බුරාට තියෙන්නේ පුදුම ඉතිහාස දැනුමක් . මට නම් පුදුමයි
@ බුරා ..
මොන්ගොලියන්ලා අධිරාජ්‍යය විශාල කරගෙන ගිය විදිහට පැවැත්මක් නැහැ නේද . කොහොම පාලනය කරන්නද . එයාල යුරෝපේ ඇල්ලුවා නම් අපේ රටට යුරෝපියන් ආවේ නැති වෙයිද . එහෙම සත්සමුදුරේ තියෙනවා එහෙම ආවේ නැත්නම් වෙන්න පුළුවන් දේවල් ගැන ලිපියක් .
@observer
ReplyDeleteස්තුතියි ඔබා මාම
@බින්දි,
ReplyDeleteඑදත්-අදත් ඉතිහාසය කියන්නෙ මගෙ ප්‍රියතම විෂයයක්.. ඒ වුනාට කාලයාගෙ ඇවෑමෙන් මට ගොඩක් කියවපු දේවල් අමතකවෙලාම ගිහිල්ලා.. ඒවා නැවත කියවීමට මට උත්තේජනය දෙන්නෙ ඔයාගෙ මේ ලිපි.. නිකංම කියවනවාට වඩා මේ වගේ සංවාදවලට මං බොහොම ප්‍රියමනාපයි.. ඉතිං ඒ වෙනුවෙන් ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නෙ නෑ..
.............................................
දැන් නැවතත් මාතෘකාවට..
බටහිරට එද්දි මේක පාලනයකට වඩා විනාශයක් වුනා.. දකුණු රුසියාව, හංගේරියාව, පෝලන්තය මුහුණ දුන්නේ තනිකරම ගිනිතැබීම්, සමූලඝාතන වගේ දේට පමණයි.. ඒකයි මම කිවුවෙ යුරෝපීය ශිෂ්ටාචාරය සම්පූර්ණ විනාශයකට මුහුණ දීලා හිටියා කියලා.. මොන්ගෝලියන් හමුදාවෙ ආපසු ගමනේදි ආක්‍රමණයට වඩා විනාශයක් වුනා කියලා කතාවට කියනවා.. ආපසු ගමනේදි හමුවුන හැම නගරයක්ම විනාශ කලා, සියළුම සිරකරුවන් නිදහස්කරලා ඊටපස්සෙ මරා දැම්මා..
ඇත්තෙන්ම සුබෝටායි ආපහු කාරකොරම් වලට ආවෙ නෑ.. එයා දකුණු රුසියාවෙ අස්ට්‍රකාන් අසබඩ එයාගෙම මංකොල්ලකාරි රාජ්‍යයක් පිහිටුවාගත්තා.. මේ රාජ්‍යය තවත් සියවසක් විතර යනකං රුසියාවට හිසරදයක් වෙමින් පැවතුනා අවසානේදි රුසියන් හමුදා අතින් පරාජය වෙනකං..
මොන්ගෝලියන් ආක්‍රමණය දිගටම වුනානං යුරෝපය නැත්තටම නැතිවෙනවා.. එහෙමවුනානං විනාශනොවී ඉතිරිවෙන්නෙ එංගලන්තය (දූපතක් නිසා) හා ස්කැන්ඩිනේවියන් රටවල් විතරයි කියලා කියනවා.. ඒ කියන්නෙ බොහෝවිට අපේ රටවල් යුරෝපා ආක්‍රමණවලින් ගැලවෙන්න තිබ්බා.. හැබැයි එහෙම වුනානං අපටත් තිබ්බා ඉන්දුනීසියාවක්, මැලේසියාවක් වෙලා ඉන්න.. මොකද ඉන්දියන් සාගරයේ අරාබි ව්‍යාප්තිය නැවතුනේ පෘතුගීසි, ලන්දේසි නාවික බලය නිසයි.. හිතන්න මාර්කෝ පෝලෝගෙ කාලෙදි ලංකාව ආක්‍රමණය කරපු චන්ද්‍රභානු කියන ජා රජු බෞද්ධයෙක්, ඒ කියන්නෙ ඒ කාලෙ මේ කලාපය බෞද්ධ.. පස්සෙ කාලෙක අරාබි වෙළෙන්දන්ගෙ ව්‍යාප්තිය නිසා ඉස්ලාමයට හැරවුනා.. යුරෝපා ආක්‍රමණ නොවුනානං අපටත් වෙන්නෙ ඒ සන්තෑසියමයි.. :))
@බින්දී:
ReplyDeleteආයෙත් මගේ ස්තුතිය. වැඩ තියෙද්දී මේ පැත්තේ එන්නේ. ඔබ කරන මේ වැඩේ කොයි තරම් ඉහල ඉල්ලුමක් තියෙන එකක්ද කියා හිතා ගන්න. තව ලිව්වත් අපි කියවනවා.
@බුරෝ;
මුලින්ම මෙන්න මගේ ආචාරේ උඹේ ඉතිහාසය ගැන දෙන කවරේජ් එකට. කියවන්නට ආසයි. එත ඉතින් කෝ උඹ කවද්ද බ්ලොග් එකක් ලියන්නේ.
[[පෝලෝ එනවිට ලංකාවෙ රජකලේ පරාක්‍රමභාහු III (පණ්ඩිත පරාක්‍රමභාහු), එයා හිටියෙ දඹදෙණියෙ]]
දඹදෙණියේ නොවේ කුරුණෑගල නේද? මේ රජතුමාගේ කාලෙනේ අඥාතයා ලියන්නේ උම්මග්ග ජාතකය. මෙයාට වඩා වසර 50 කට විතර කලින් හුන් කලිකාල සාහිත්‍ය සර්වඥ පන්දිටැහැ දෙවන පරාක්‍රමබාහු රජතුමා තමයි දඹදෙණියේ උන්නේ.
[[මොකද මේ වගේ මැණිකක් චන්ද්‍රභානු හෝ ද්‍රවිඩ ආක්‍රමණිකයින් ළග තියෙන්න අමාරුයි නේද..??]]
මීට ටික කලකට පෙර ආර්ය චක්‍රවර්ති කුරුණෑගල ආක්‍රමණය කරනවා නේ. ඉතින් ඒ වෙලාවේ මේකා ඔය මැණික කොල්ලකෑවා ද දන්නෙත් නැහැ. මේ අවස්තාව තමයි ආර්ය චක්‍රවර්තිගේ බලයේ උපරිමය.
[[මේ කාලෙම තමා චන්ද්‍රභානු කියන ජා ආක්‍රමණිකයා එන්නෙත්]]
චන්ද්‍රභානු එන්නේ දඹදෙණි යුගයේ නොවේද? මටත් මේකනම් ෂුවර් නැහැ. චන්ද්‍රභානු නේද අපිට උදව කරන්නේ මාඝ පරද්දන්න?
@වෙදනා/බින්දී;
[[තණබිම් අශ්‍රිතව කුඩාරම් සංස්කෘතියේ අසරුවන් වෙච්ච මොන්ගෝලියානුවන් අතරින් මතුවුණ ටෙමුජින්[ Temujin ] නම් කොලුවා කුඩා කල සිටම බුද්ධිමත් බැවින් සටන් කාමිත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් කැපිල පෙනුනා]]
ජෙන්ගීස්ගේ රහස බීජිං ඇල්ලීමයි. චීන හමුදාවේ හයියෙන් තමයි පොර වටේටම නෙලන්නේ.
[[ මෙතෙක් බිහිවූ ලොකුම ගොඩබිම් අධිරාජ්‍යය හෙවත් මොන්ගෝලියන් අධිරාජ්‍යය දක්වා ව්‍යාප්ත කරන්නත් ]]
[[මේ ලෝකෙ පහල ඉතම විශාලම අධිරාජ්‍යයන් දෙක වන 1. මොන්ගෝලීයානු සහ 2. ඉන්දීය අශෝක අධිරාජ්‍යයන් දෙකම ඇති කරන්නේ බෞද්ධ රජවරු.]]
අශෝක අධිරාජ්‍යය [කෙලින්ම ඔහු යටතේ තිබු] ඒ හැටිම ලොකු නැහැ. මං කිව්වේ ධර්ම ප්‍රචාර කල කෑලි [ලංකාව වගේ] ඉවත් කර. "ලොකුයි" කිව්වේ වර්ගපලයෙන් නේද?
ජෙන්ගිස් ඛාන් හා ඔහුගේ පුතුන් හදන රාජධානිය වර්ගපලයෙන් දෙවැනි වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විතරයි [ඒකත් වකිමී මිලි 33 - 30 වගේ බොහොම සුළු වෙනසක්]. ටාටර් [මොන්ගෝලියාව] තමා නොකැඩී තිබ්බ ලොකුම අධිරාජ්යයත් [බ්‍රිතාන්‍ය හැම තැනම විසිරිලා තිබ්බේ] ගොඩබිම ලොකුම ඒකත්.
හැබැයි ප්‍රතිවාදී තර්කයක් තමයි ඔහු ඇත්තටම සයිබීරියාව පාලනය නොකළ බව. ඒ කියන්නේ සයිබීරියාවේ තැන තැන තිබ්බ ගෝත්‍ර කිහිපය දන්නෙවත් නැති බව ජෙන්ගිස් ඛාන් ගැන. එහෙත් වෙන රටකට අයිති නැති නිසා ඔහුට නිකම්ම අයිති වන බව. හැමදාමත් සයිබීරියාවේ හිමිකරු තමා ලෝකේ ලොකුම රට :)
මේ තරම් ම ලොකු රාජධානි ඉන්දියාවේ බිහි වන්නේ නැත්තෙත් එකයි. හරියට කොළඹ දිස්ත්‍රික්කේ බොහොම කුඩා වුනා වගේ ජනාකීර්ණ පලාත්වල මේක ලෙහෙසි නැහැ.
අලෙක්සන්දර්ගේ අධිරාජ්යයත් දැවැන්තයි. එහෙත් මගේ මිම්මෙන් නම් ලෝකේ තිබ්බ සිරා ම අධිරාජ්‍ය හා "තනි ලෝක සමුහාන්දුවක්" කියන තැනට පැමිණි ආසන්නම තැන තමා රෝමය. විශාලත්වය පමණක් නොවේ වසර දහසකට වඩා [දන්නවනේ හිට්ලර් තුන්වෙනි රෙයික් එක පවතින්න කියලා ප්ලෑන් කලෙත් අවුරුදු දාහයි] පමණ නොකැඩී තිබීමත් සලකා. වෙන කාටවත් එච්චර කල ඉන්න බැරි වුන නිසා. අනික ඒක ලෝකයේ වත්මන් ඉතිහාසයේ ලොකුම කුට්ටියක්.
[[චින්ගිස්ගේ බිරිඳත් පෙර අවස්ථාවක පැහැර ගෙන ගිහින් සටන් කරලා තමයි මුදා ගෙන තියෙන්නේ]]
අරන් ගිහින් අවුරුද්දක් විතර ලිංගික වහලියක් හැටියට තියන් ඉඳලා ඊට පස්සේ ආපහු එන්නේ බඩකුත් එක්ක. ජෙන්ගීස් ඒ හතුරාගේ ලේ තියෙන පුංචි කුමාරයාට කිසි වෙනසක් නැතුව තාත්තෙක් වෙනවා විතරක් නොවේ පස්සේ ඔහුගේ බූදලයත් දෙනවා. මේක ඔය කාලේ කෙනෙකුගෙන් හීනෙකින් වත් බලාපොරොත්තු වෙන්න බැහැ. විශේෂයෙන්ම රජෙකුගෙන්. ටික කලකට පෙර හුන් විජය කුවෙනි හා දරුවන්ට කරන දෙය, ජෙන්ගීස් ට පස්සේ හුන් වීදියේ බණ්ඩාර තම බිරිඳට කරන දෙය ගත්තම මේ මිනිහා ශ්‍රේෂ්ටයෙක්. අනික ඔය වැඩේ අද ඉන්න මිනිහෙක් වත කරයි කියලා මං හිතන්නේ නැහැ.
ඔබලා හරි ජෙන්ගීස් කොහොමත් ශ්‍රේෂ්ටයෙක්. ඔහු ඇලෙක්සැන්ඩර් හා සීසර් එක්ක එකට තියන්න ඕනේ මිනිහෙක්. හැබැයි ඔහුගේ හමුදාව කුරිරු එවුන්. දන්නවනේ ඉතින් ගෑනු රේප් කැප්ටන් ලා. බෝල්කන් ප්‍රදේශ අල්ල ගත්තම දැනියුබ් ගඟේ එක දිගට නිරුවත් කෙල්ලන්ගේ මල කඳන් ගියා කියා කියන කතාවත් බොරු නෙවෙයි වෙන්න ඇති.
@පොඩ්ඩි;
[[කියවපු හැටියේ මොන්ගෝලියාවට ගිහින් බලන්ටත් තද ආසාවක් ඇති උනා]]
අහලා තියෙන හැටියට නම් එදා මොන්ගොලියාවයි අද මොන්ගොලියාවයි අතර තියෙන එකම සම්බන්ධය එකම බිම්කඩක පිහිටීමත් එකම මිනිසුන්ගෙන් පැවතගෙන ඒමත් විතරලු. එච්චරට චාටර් ලු අද මොන්ගෝලියාව. මට මොන්ගෝලියාව කිව්වම රෙජිස්ටර් වෙන්නේ ඔලිම්පික් එන රෙස්ලර් ලා විතරයි. කොටින්ම ජෙන්ගීස් ගේ සොහොන පවා ඔන්න ඔහේ මුල්ලක තියෙනවලු. නටඹුන් කියලා දෙයක්වත් නැහැල්ලු,
අනික ජෙන්ගීස් උන්නේ බීජිං වල නේද?
මේ වගේ සුන්දර මාතෘකා වලට අප එක්ක යන බින්දිටත් ලෝබ නැතුව දැනුම බෙදන බුරාටත් මගේ ප්‍රණාමය.
ReplyDelete@බුරෝ;
[[ඉතින් බැරිවෙලාවත් මොන්ගෝලියන් හමුදාවෙ ඉදිරිගමනක් වුනා නං මුළු යුරෝපයම විනාශවෙන්න මහ ලොකු කාලයක් යන්නෙ නෑ..පොඩ්ඩක් හිතන්න, එහෙම වුනානං ලෝක ඉතිහාසය කොච්චර වෙනස් වෙන්න තිබුනද..?? ]]
මෙන්න මේ මානසිකත්වයට අපේ උන් කිව්වේ "සිම්කොක්ස් හිටියනම්" කියලා. ඉස්සර අපේ බුවෙක් දකුණු අප්රිකාව කන හැම පාරම කියන්නේ සිම්කොක්ස් හිටියනම් ගහනවා කියලා. ඉතින් අපි කිව්වේ ඌ නෙවෙයි ක්‍රෝන්යේ හිටිය වුනත් ගහයි කියලා. ලෝක ඉතිහාසේ මීට වඩා පුංචි හීං තැන් වලින් රිංගලා තියෙනවා. ලංකා ඉතිහාසේ ගත්තොත් සීතාවක රාජසිංහ පරදා අවුස්ත්රියාවේ දොන් ජුවන් කියන "පරංගි හේවාය" කන්ද උඩරට අල්ල ගත් මොහොත. තව නුලෙන් අපේ කෙල්ලෝ අවුරුද්දකට පාරක් මොනර පිලක් [විතරක්] පස්ස පැත්තේ ගහගෙන නට නට යනකොට උඹයි මමයි පිස්තොලේ ඉනේ ගහගෙන තොප්පිය දාගෙන ගිටාර් ගගහා ඉන්නවා, තමනට වඩා අවුරුදු 40 ක් විතර බාල ටීනේජර් කෙල්ලක් "පැහැරගෙන" බලෙන් බැඳ ගෙන කොනප්පු බණ්ඩාර ජාතිය බේරා ගත්තා.
බුරා ජෙන්ගීස් ට මීට එහා යන්න බැහැ. අශ්වයින්ට කෑම නැති එක පමණක් නොවේ.
- ජෙන්ගිස් කියන්නේ මකොල්ලකෑම හා බලය පෙන්නීම සඳහා යුද්ධ කල මිනිහෙක්. බොහෝ විට පොරගේ වෙළඳුන්ට කරදර කරපු උන්ට නෙලන්න අසරු හමුදා එවීම තමයි කලේ. අල්ලාගෙන ඉන්න පොරට ඕනේ කමක් තිබ්බේ නැහැ.
- ගහලා දුවන නිසා මේ ටාටර් අධිරාජ්‍ය තුලම වෙන ඒවත් තිබ්බ. කීව් රුස් කියන රුසියාවේ පීතෘ රාජ්‍යය යුක්රේනය තුල යහතින් උන්නා.
- හන්ගේරියාවේදී සිරා යුද්ධයක් දින්නට [ප්‍රධාන හේතුව අසරු බලය] පොර හොඳ හෝටලේකින් කාලා තිබ්බේ නැහැ. ආසියාවේ දකුණු වෙරළට ආවානම් කනවා. පොර ගියේ දුබල රටවල් හරහා.
- බයිසන්ටයින් වරුන් පොරගෙන් කෑවේ නැහැ. පොර රොමේ අස්සට ආවේ නැහැ. කොටින්ම ඇල්ප්ස් පැන්න නම් බලා ගන්න තිබ්බා.
- ඇල්ප්ස හරහා අශ්වාරෝහක හමුදාවකට එන්න බැහැ. ඒ හරහා ආපු එකම එකා හැනිබල්. නමුත් ඌ ඒ වෙනුවෙන් ම ජීවිත කාලෙම කැප කර ට්‍රයල් එරර් ක්‍රමයෙන් ආවේ. ජෙන්ගීස් ගේ ගැහුවා දිවුවා හමුදාවට ඒ තරම් ඉවසීමක් තිබ්බේ නැහැ.
- එහෙම නැතිනම් ගොතික් දේශය හරහට එන්න ඕනේ. එක ලෙහෙසිත් නැහැ. හංගේරියාවේ කෑවාට ගොතික් [ජර්මන්] බලය වැටිලා තිබ්බේ නැහැ.
- මධ්‍යධරණිය හරහා යන්න ඌට නාවික බලයකුත් නැහැ.
ඉතිරි ටිකට එනම් ජෙන්ගීස් ගේ හමුදාවේ කුරිරු කමට මාත් එකඟයි. ඉතාම පහල ජීවන තත්වයකින් එන මොන්ගෝලියානු ගෝත්‍ර වලට චාරයක් තිබිලා නැහැ. හංගේරියාවේ දින්නට පස්සේ තමා අර කෙල්ලන්ගේ නිරුවත් මල කඳන් දැනියුබ් එකේ පෝලිමේ පාවුනා කියන්නේ. හැබැයි මේ ඔක්කොම එහෙම වෙද්දීත් ජෙන්ගිස් ශ්‍රේෂ්ටයෙක්. මටනම් උගෙයි ඇලෙක්සැන්ඩර් ගෙයි සීසර් ගෙයි වෙනසක් නැහැ.
සුද්දා නොඑන්න අපි අද මුස්ලිම් කියන එක කිසිම් තර්කයකින් තොරව මාත් පිලිගන්නවා. ඒ විතරක් නොවේ සුද්ද නොඑන්න ලංකාවත් නගර රාජ්‍ය වලට කැඩෙන එක තමයි වෙන්න ගියේ. අපිට රටක් හැටියට නැගී ඉන්න අවශ්‍ය චැලේන්ජ් එක දුන්නේ සුද්දා. ඒ මදිවට ඒ රට හදා ගන්න කොනප්පු බණ්ඩාර ට්‍රෙන් කලෙත් සුද්දා. මහනුවර යුගය පෘතුගීසි උඋරුව ලද කතෝලිකයන් විසින් හදා හින්දු ඌරුව ලද දමිලයින් විසින් නගා හිටවූ "සිංහල බෞද්ධ" රාජ්‍යය. මේක හරි කෘතිමයි. මේක කෘතීම වෙලත් පැවතුනේ සුද්ද නිසා. ඊට කලින් තිබ්බේ විජයබා කොල්ලය, පළමු රාජසිංහගේ අවිචාරමත් සමය වගේ මොංගල් සීන්.
අදත් එහෙමනේ බං. කොටිය ඉන්නකම් අපි බැට කාලා අමාරුවෙන් හදා ගත්තු ජාතික ප්‍රබෝධය අද කුඩු මුදලාලිලාට ස්පොන්සර් කරන්නේ. සතුරෙක් නැති වුනාමත් මාර අවුල්.
[[පෝලෝ එනවිට ලංකාවෙ රජකලේ පරාක්‍රමභාහු III (පණ්ඩිත පරාක්‍රමභාහු), එයා හිටියෙ දඹදෙණියෙ]]
ReplyDeleteමෙයා උන්නේ කුරුණෑගල. අර අඥාතයා උම්මග්ගේ ලිව්වේ මෙයාගේ කාලයේ නේ. මීට වසර 50 කට පෙර හුන් කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු හිටියේ දඹදෙණියේ.
[[මැණික]]
ආර්ය චක්‍රවර්තිගේ බලයේ උපරිම උඋගය කුරුණෑගල. පොර මැනිකත් කොල්ල කෑවා වෙන්න පුළුවන්.
[[චන්ද්‍රභානු]]
මෙයා ආවේ දඹදෙනි යුගයේ නේද? මෙයා අපට උදව් කලානේ මාඝ පරදන්න. දෙවන පරාක්‍රමබාහු යුගයේ නේ එක වුනේ?
[[ජෙන්ගිස් ගේ බිරිඳ]]
පැහැර ගෙන ගිහින් ලිංගික වහලියක් හැටියට තියන් ඉඳලා බඩකුත් එක්ක තමයි ජෙන්ගිස් ට ලැබෙන්නේ. ඔහු ඒ කුමාරයා තමපුත් තනතුරේ හදලා රටෙනුත් කොටසක් දෙනවා.මේක ඒ කාලේ උන්නු රජෙක තියා අද ඉන්න සාමාන්ය් මිනිහෙක් වත් නොකරන දෙයක්. විජය කුමාරයා, වීදියේ බණ්ඩාර එහෙමත් සිහි කල යුතුයි.
ජෙන්ගිස් මෙතැනදී නම් අතිශ්‍රේෂ්ටයෙක්.
[[ජෙන්ගිස් ගොඩ ගිය හැටි]]
බීජිං අල්ල ගත්තට පස්සේ පොර එහෙට ප්‍රයෝරිටි දීලා චීන හමුදාවේ හිත දිනා ගත්ත. මෙච්චර කල් කාටවත් ගහන්න ගියේ නැතුවට [චීනය මහා ආක්‍රමණ කවදාවත් කර නැහැ] චීන් පිරිස් බලය අතිශයින් ඉහලයි. අසරුවන් වූ මොන්ගොලියානුවන්ගේ පහර දීමේ හැකියාව ඉහලයි. මේ දෙකෙන් තම්ම ජෙන්ගීස් වටේටම ගහන්නේ.
[[ලොකුම අධිරාජ්‍ය අතරට යන අශෝක අධිරාජ්‍ය]]
මේක වෙන්න බැහැ. අශෝක අධිරාජ්‍ය ප්‍රදේශයක් හැටියට කුඩායි. ධර්ම රාජ්‍ය කරපු ටික අතහැරියොත්.
[[ගොඩබිම ලොකුම අධිරාජ්‍ය]]
ජෙන්ගිස්ගේ ටාටර් අධිරාජ්‍ය ගොඩබිම ලොකුම මෙන්ම අඛණ්ඩ ලෙස පවතී ඒවායින් ලොකුම එක. ඊට වඩා ලොකු එකම එක බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හැම තැනම විසිරිලා තිබ්බේ. එත සයිස් වෙනස වකිමි මිලි 33 හා 30 වගේ ළඟ ඉලක්කම් දෙකක්.
ජෙන්ගිස්ගේ අධිරාජ්‍යයේ සයිස් එක ගැන තියෙන විවාදයක් තමා අර මහා සයිබීරියාව පොර ඇල්ලුවේ නැති බව. ඒ කියන්නේ ඔය සයිබීරියාවේ උන්නු සමහර ගෝත්‍ර ජෙන්ගිස්ව දන්නෙවත් නැහැල්ලු.එත ඒ ගෝත්‍ර තනි රටක නොවූ නිසා නිකම්ම ජෙන්ගිස්ගේ කොටසට අයිති වුන බව. කොහොමත් සයිබීරියාවේ අයිතිකාරයා හැමදාම ලෝකෙන් ලොකුම රට.
අනික තමා ජෙන්ගීස්ගේ රාජ්‍ය තුල සමහර වෙනත් රාජ්‍ය සමකාලීනව පැවතීම. මට්ටු කරන්නට ආක්‍රමණය කල ජෙන්ගීස් ගේ හමුදා පහර දීගෙන යද්දී සමහරුන් යටත් නොවී ඉතිරි වෙලාලු. යුක්රේනයේ කීව් රුස් මං හිතන්නේ එක උදාහරණයක්.
[[ලොකු අධිරාජ්‍ය]]
ඉන්දියාවේ මහා ලොකු අධිරාජ්‍ය නොහදුනේ කොළඹ දිස්ත්‍රික්කේ ආසන කුඩා වෙන හේතුව නිසාමයි. අධික ජනගහනය. අලෙක්සන්දර්ගේ රාජ්‍යය එහෙමත් ලොකුයි. ඒත් රෝමය තමා ලෝක ඉතිහාසේ මහා අධිරාජ්‍යය. තරමිනුත් එය සැහෙන්න විශාල වුනා විතරක් නොවේ වසර දහසක් එක්දහස් පන්සියයක් විතර නොබිඳී තිබුනා. මේ කාලය මානව ශිෂ්ටාචාරයේ ක්‍රියාකාරී යුගයක්. මේ ප්‍රදේශය අතිශයින් ජනාකීර්න පලාතක්. ඒ නිසා ලෝකයේ "ලෝක සමුහාණ්ඩුව" හදන ගමනට ආපු ළඟම අවස්තාව තමයි රෝමේ.
[[පෝලෝ]]
පොර මහා අමුතු බුවෙක්. ලෝකෙන්ම වෙන වෙලා අට වැනි මහද්වීපේ කියන මැඩගස්කරය ගැන අහන්න ලැබිලා මාකෝ පෝලෝ එහෙ යන්න හිතන් සෝමාලියාවට ඇවිත්. එතන ඉඳං ගියාද නැද්ද යන්න විවාදාත්මකයි. සමහර සටහන් වල හැටියට පොර ගිහින්. මැඩගස්කරය කොයි තරම් රිමෝට් ද කිව්වොත් එහි මුල් ජනාවාස හදලා තියෙන්නේ ධීවර ඉන්දුනීසියානුවන්. අප්රිකානුන් එන්නේ පස්සේ.
මේ පෝලෝ කාරයාට මිස් වුනේ ඔස්ට්‍රේලියාවයි ඇමරිකාවයි විතරයි.
පීසා හා නූඩ්ල්ස් පෝලෝ විසින් යුරෝපයට ගෙනා ඒවා නේද?
Sujeewa Kokawala
Delete"ආර්ය චක්‍රවර්තිගේ බලයේ උපරිම උඋගය කුරුණෑගල. පොර මැනිකත් කොල්ල කෑවා වෙන්න පුළුවන්"
ආර්ය චක්‍රවර්තිගේ බලය උපරිමෙන් පෙන්නන්නේ ගම්පොළ යුගය තුල. ඒ කාලයේ දැදිගම හිටපු පස්වෙනි පරාක්‍රමබාහු රජතුමාට රුහුණට පලා යන්න වෙනවා ආර්ය චක්‍රවර්ති ආක්‍රමණය නිසා. දැදිගම කොට වෙහෙර දෙමළ ලිපිය [මට මතක විදිහට] සහ රුහුණු මහා විහාර ලිපිය ඒකට සාක්කි සපයනවා
ඒ වගේමයි ආර්ය චක්‍රවර්තිගේ අයබදු එකතු කරන්නෝ බස්නාහිර වෙරළ දක්වා තමන්ගේ බදු එකතු කරන්න ඇවිත් තියෙනවා.
ඒක නිසා තමා තුන්වෙනි වික්‍රමබාහු [මට මතක විදිහට] සහ එයාගේ අගමැති අලකේශ්වර ආර්ය චක්‍රවර්ති බලය අඩපණ කරන්න පටන් ගන්නේ.
ඒ යටතේ බස්නාහිර වෙරළේ සිංහල බලය තහවුරු කරන්න කෝට්ටේ බලකොටුවක් පිහිටවනවා වගේම යුද්ධ මගින් ගම්පොළ දක්වා ඇවිත් තිබුණු ආර්ය චක්‍රවර්ති බලය උතුරට සීමා කරනවා
"මෙයා ආවේ දඹදෙනි යුගයේ නේද? මෙයා අපට උදව් කලානේ මාඝ පරදන්න. දෙවන පරාක්‍රමබාහු යුගයේ නේ එක වුනේ?"
මාඝ පරද්දන්න නම් මෙයාගෙන් සහයක් ලැබුණේ නැහැ මම දන්න විදිහට.
දෙවන පරාක්‍රමබාහුට මාඝව පරද්දන්න කලින් චන්ද්‍රබානුව පරද්දන්න නම් සිද්ධ වෙනවා. පරාජය වුණු චන්ද්‍රබානු උතුරේ තමන්ගේ රාජ්‍යයක් පිහිටුවා ගන්නවා.
ඒකෙන්ලු චාවකච්චේරි, ජාවක කෝට්ටේ වගේ නම් හැදිලා තියෙන්නේ.
මාඝව පැරැද්දුවාට පස්සෙත් මෙයා ආයි යුද්ධයට ආපු අවස්ථාවේ චන්ද්‍රබානු පරද්දන්න දෙවන පරාක්‍රමබාහුට පාණ්ඩ්‍ය සහය ලැබිලා තියෙනවා. ඒක නිසා යුද්ධයෙන් චන්ද්‍රබානු මිය ගියත් එයාගේ පුතා සෙන්දමේන්ව උතුරේ ප්‍රදේශ පාලනයට පාණ්ඩ්‍ය පාලකයා විසින් නම් කරලා තියෙනවා
අම්මේ මෙන්න මූ ඇවිල්ලා.. කොහෙද බං මෙච්චර දවස් ගිහිං හිටියේ..?? උඹ නැතිව මාර පාළුවක් තිබ්බෙ..
ReplyDeleteහරි හරි, එහෙම තමා බං, පොඩ්ඩක් හිතපං ඔය 'සිම්කොක්ස් හිටියනං' මානසිකත්වය නිසා අපට කොච්චර ආතල් ගන්න පුළුවන්ද.. :)
// ජෙන්ගිස් කියන්නේ මකොල්ලකෑම හා බලය පෙන්නීම සඳහා යුද්ධ කල මිනිහෙක්. බොහෝ විට පොරගේ වෙළඳුන්ට කරදර කරපු උන්ට නෙලන්න අසරු හමුදා එවීම තමයි කලේ //
මොන්ගෝලියන්ස්ලා කොහෙද බං වෙළෙදාම් කලේ.. උං එඩේරු.. කොල්ලකන්න විතරයි දන්නෙ..
// හන්ගේරියාවේදී සිරා යුද්ධයක් දින්නට [ප්‍රධාන හේතුව අසරු බලය] පොර හොඳ හෝටලේකින් කාලා තිබ්බේ නැහැ. ආසියාවේ දකුණු වෙරළට ආවානම් කනවා. පොර ගියේ දුබල රටවල් හරහා //
කොන්ස්තන්තිනෝපලේට ගහන්න ඇවිත් මේ කට්ටිය කනවා නේද..?? ඒකයි මම කිවුවෙ මෙයාලට මුහුණ දෙන්න හැකියාවක් තිබ්බ එකම කට්ටිය කොන්ස්තන්තිනෝපලේ කියලා..
// එහෙම නැතිනම් ගොතික් දේශය හරහට එන්න ඕනේ. එක ලෙහෙසිත් නැහැ. හංගේරියාවේ කෑවාට ගොතික් [ජර්මන්] බලය වැටිලා තිබ්බේ නැහැ //
හරි පිලිගන්නවා, ටියුටොනික් බලය වැටුනේ නෑ තමා.. නමුත් ඒ වෙනකොට යුරෝපය කියන්නෙ අද යුරෝපය නෙවෙයි.. එකාට එකා කාගන්න නගර රාජ්‍යයන් ගොඩක් තිබුනේ.. ඒත් එක්කම හිටපු ග්‍රෙගරි පාප්තුමාගෙ අභාවයෙන් පස්සෙ නව පාප් පදවිය වෙනුවෙන් ජර්මනිය හා ඉතාලිය මරාගනිමින් උන්නෙ.. මේ අවුඅස්සෙ මොන්ගොලියන් හමුදා ගැන බලන්න කාටවත් උවමනාවක් තිබ්බෙ නෑ.. පෝලන්තය අල්ලපු එකාට ඊට පොඩ්ඩක් මෙහාට ඇවිත් ජර්මනිය අල්ලන එක අමාරු නෑ..
// මෙයා උන්නේ කුරුණෑගල. අර අඥාතයා උම්මග්ගේ ලිව්වේ මෙයාගේ කාලයේ නේ. මීට වසර 50 කට පෙර හුන් කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු හිටියේ දඹදෙණියේ //
ReplyDeleteමෙතන මටත් පොඩ්ඩක් පටලැවිලා තියෙනවා.. පෝලෝ ගොඩබහින්නෙ 1292 හෝ ඒ ආසන්න වකවානුවක.. III පරාක්‍රමබාහු හිටියෙ 1302-1310 දක්වා.. ඊට පෙර හිටියෙ යාපහුවෙ හිටිය I බුවනෙකබාහු (1271-1283).. මේ අතර තියෙන්නෙ අරාජික තත්ත්වයක්.. කුරුණෑගල පටන්ගන්නෙ II බුවනෙකබාහුගෙන්(1310-1325) නෙවෙයිද..??
// මෙයා ආවේ දඹදෙනි යුගයේ නේද? මෙයා අපට උදව් කලානේ මාඝ පරදන්න. දෙවන පරාක්‍රමබාහු යුගයේ නේ එක වුනේ? //
හරි, නැවතත් පටලැවිලා.. චන්ද්‍රභානු (හා එයාගෙ පුතා) යුද්ධ කරන්නෙ 1250 ගනන් වල ඉදලා 1270 ගනන් වෙනකං (ඒ කියන්නෙ II පරාක්‍රමබාහු හා IV විජයබාහුගෙ කාලෙ).. නැහැ, චන්ද්‍රභානු මාඝ පරද්දන්න උදවු කරන්නෙ නෑ.. නමුත් එයා පාණ්ඩ්‍යන් එක්ක යුද්ධ කරලා පරදිනවා..
අලුත් පොස්ට් එකක් ලියන්න කම්මැලිකමේ හිටියේ . කම්මැලිකමත් නරක නැහැ කියල හිතෙන්නේ මේ කමෙන්ට් ටික දැක්කමනේ. සුජීව ගෙයි බුරාගෙයි කමෙන්ට් නැත්නම් බ්ලොග් එකෙන් බාගයක් හිස් වගේ . ඔය දෙන්නගේ වටිනා ලියවිලි වලට මන් විතරක් නෙමේ අනාගතේ කියවන අයත් ස්තුති කරයි .
ReplyDelete[[අම්මේ මෙන්න මූ ඇවිල්ලා.. කොහෙද බං මෙච්චර දවස් ගිහිං හිටියේ..?? උඹ නැතිව මාර පාළුවක් තිබ්බෙ.]]
ReplyDeleteඅපට පන්ති භාර ගුරුතුමා කියල තියෙන්නේ මෙව්වා කියන්වන්නයි ලියන්නයි නැතුව වෙන එව්වා ජාතියක් කියවන්නයි ඒ වගේ එව්වා තව තව ලියන්නයි කියලා. එව්වා ලිවීම හා කියවීම මෙව්වා තරම් ලෙහෙසි නැතිය. දන්නවනේ ගුරු සිත නොරිදවා...
[[සයිබීරියාව ජෙන්ගීස් ගේ ද?]]
මං කලින් කිව්වේ එහෙම මගේ මතකෙන්. ඔය ජෙන්ගිස් බුවා මට සෙට් වුනේ හතේ පන්තියේදී ගුණසේන එකේ තිබ්බ පොත් ප්‍රදර්ශනෙන් සත දහයකට ගත් ඉතිහාස පොතකින් [මේක වෙනම කතාවක්. ප්‍රදර්ශනේ ප්‍රයිස් දාල තිබ්බේ ප්‍රකාශිත මිලෙන් 50% එහෙම. මගේ ඉන්ටරස්ට් තිබ්බ පොත් ලියලා තියෙන්නේ 1950 විතර නේ. ඉතින් මට උස්සන් යන්න බැරි පොත් ගොඩක් මං 1987 දී ගත්තේ රු 9.50 කට]. මගේ මතකේ තියෙන්නේ පින්තුර නිසා ටාටර් අධිරාජ්‍ය කිව්වා ගමන ඒ පොත් පිටුවක් ලෝඩ් වෙනවා. එකේ සයිබීරියාව පාට කොරලා තිබ්බා. ඒත් දැන් විකිය කියනවා එහෙම නැහැ කියලා [බුරාගේ ආක්‍රමණ හමුවේ මට විකියට ගොඩ වෙන්න සිදු විය]. ගැත්තාට කමා කරත්වා.
[[III පරාක්‍රමබාහු හිටියෙ 1302-1310 දක්වා.. ඊට පෙර හිටියෙ යාපහුවෙ හිටිය I බුවනෙකබාහු (1271-1283).. මේ අතර තියෙන්නෙ අරාජික තත්ත්වයක්.. කුරුණෑගල පටන්ගන්නෙ II බුවනෙකබාහුගෙන්(1310-1325) නෙවෙයිද..??]]
ඉස්කෝලේ සමාජ අධ්‍යනය පොතෙන් ආ මතකයක් තුන්වෙනි පරාක්‍රමබාහුට 1302 සෙට් වෙලා තියෙනවා. හැබැයි මෙයා උන්නේ කුරුණෑගල. කෙසේ වෙතත් විකිය එකඟ නොවේ. මෙන්න කෙලින්ම කොපියක්.
The sacred tooth relic which was in the Yapahuwa Kingdom was taken away by a Aryacakravarti from the Jaffna Kingdom to the Pandyan country during the rule of Buwaneka Bahu I from 1272 to 1284.[1] The tooth relic was brought back by King Parakrama Bahu III who ruled from Kurunegala between 1287 to 1293.[2] Over the next half a century Kurunegala was the capital and the governing centre for three other kings of Sri Lanka.
After the death of King Parakrama Bahu III, Kings Buvanekabahu II (1293–1302) who was followed by Parakramabahu IV (1302–1326) ruled from Kurunegala. The ruler in Kurunegala from 1326 to 1335 was Buwaneka Bahu III alias Wanni Buwaneka Bahu. He was the son of Pandith Parakrama Bahu II and is believed to be the last king to rule the country from Kurunegala.
[[මොන්ගෝලියන්ස්ලා කොහෙද බං වෙළෙදාම් කලේ.. උං එඩේරු.. කොල්ලකන්න විතරයි දන්නෙ..]]
ReplyDeleteජෙන්ගිස් ගැන පොදු මිත්‍යාවක් මේක. ජෙන්ගිස්ගේ ආරම්භය තමයි මොන්ගෝලියන්. ඒත් පසුව ඔහු රජකම් කලේ බීජිං වල. ඔහු ගේ ජනතාව වුනේ චීනුන්.
කොටින්ම ජෙන්ගිස් ගේ සාර්ථකත්වය මොන්ගෝලියන් යුධ ශක්තිය පමණක් නොවේ චීන පිරිස් බලය හා තාක්ෂනය. මුලින්ම වෙඩි බෙහෙත් යොදාගෙන ප්‍රධාන යුද්ධයක් කලේ ජෙන්ගීස්. මුලින්ම ඉංජිනේරු බලකායක් අරන් ගියේ ජෙන්ගීස්. මේ ඔක්කොම චීනෙන් ගත්තේ. හැබැයි ජෙන්ගිස් කියන්නේ සටන් ක්‍රම නිර්මාණය කල කෙනෙක්. එතැනදී පොරට ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ.
ජෙන්ගීස් දැවැන්ත වෙළඳ අධිරාජ්‍යයක් මෙහෙයවූවා. මේ බුරාට කෙලින්න විකිය නැතුව බැහැ. ජෙන්ගිස් ගැන, ඔවුන්ගේ සාධාරණ කම ගැන, ඔහුගේ චීන සම්බන්ධය ගැන, ඔහුගේ වෙළඳ යුද්ධ ගැන, ඔහුගේ කුරිරු කම ගැන මෙන්ම යුධ උපාය ශක්තිය ගැන පහත සබැඳිය හොඳ පසුබිම් කතාවක් දෙනවා.
http://en.wikipedia.org/wiki/Mongol_invasion_of_Khwarezmia
ජෙන්ගිස් ගැන මේ තරම් හොඳ බැලන්ස් සටහනක් මං කියවලා තිබ්බේ නැහැ. හැමෝම කියවන්න.
[[කොන්ස්තන්තිනෝපලේට ගහන්න ඇවිත් මේ කට්ටිය කනවා නේද..??]]
ජෙන්ගිස්ගේ ජීව්ත කාලේදී ඔහු යන්නේ කැස්පියන් දක්වා පමණයි. බින්දිගේ සිතියම පෙනන්නනේ ඒක. මෙතන ඉඳං ඒක පවුල් සමාගමේ සටන.
මං හිතුවට වඩා දුරක් බයිසන්ටයින් අධිරාජ්‍ය තුලට ගිහින් තියෙනවා.ඒත් කොන්ස්තන්තිනොපලයෙන් කනවා.,
ඒ වගේම මං කලින් කිව්වා කීව් රස් වල කතාව අසම්පුර්නයි. මොකද ඒක අවධියකදී ඔවුන් මොන්ගලයින්ට පරදිනවා.
[[ඒකයි මම කිවුවෙ මෙයාලට මුහුණ දෙන්න හැකියාවක් තිබ්බ එකම කට්ටිය කොන්ස්තන්තිනෝපලේ කියලා.]]
මොංගල් අධිරාජ්‍ය පහරදෙන්නේ යුද උපක්‍රම මිනිස් බලය හා තාක්ෂනය නිසා. මේගොල්ලන් මේක ගේන්නේ ජනාකීර්ණ චීනෙන්. වැඩිපුර යන්නේ ප්‍රත්‍යන්ත ජන ශුන්‍ය දේශයන් හරහා. පළමු ප්‍රධාන සංහාරය කරන්නේ පර්සියාවට [මං ඉහත දක්වන සබැඳිය බලන්න]. ඒක මුළු බලය යොදා කරන සටනක්. ඒත් ඊට පස්සේ බටුඛාන් ගේ හමුදා හරි හමන් රටවල් කියල ගහන්නේ බයිසන්ටයින් හා හන්ගේරියන් අයට. ඔවුන් කෙලින්ම ජර්මනියට ගහන්නේ නැහැ. බයිසන්ටයින් හා හන්ගේරියන් සටන් 100% සාර්ථක නැහැ. හංගේරියාව මුළුමනින් අල්ලන්නෙත් නැහැ. හංගේරියාව පහු කර ගෙන යද්දිත් කුමාරවරුන් තැනින් තැන ඔවුන්ට පහර දෙනවා.
සමාන තාක්ෂණ පිරිස් බලය හා උපක්‍රම හමුවේ මොවුන් පරදිනවා. හංගේරියාව හා කොන්ස්තන්තිනෝපලය උදාහරණ. මේවාත් ඒ කාලේ ප්‍රත්‍යන්ත පෙදෙස්. තව එහාට ගියානම් ගොතික් හා රෝමානු ප්‍රදේශ වලදී කන ඒක තමයි නියමිත. මොකද එතනදී තමා ඔවුන්ට හරි හමන් ජනගහනයක් එක්ක සටනක් ලැබෙන්නේ. රෝමානු හමුදාවේ ලක්ෂ ගණනින් හිටියේ. වැනිස් ජිනොවා වගේ සෞභාග්‍යමත් නගර මිලියනයක විතර ජනගහන තිබ්බ ඒවා. මං හිතන්නේ නැහැ දහස ගණනින් ආ බටුඛාන් ගේ අයට මේ තැන් වල දිනන්න පුළුවන් කියලා.
බටු ඛාන් රජා තෝරන්න ආපහු එන නිසා සටන නැවතුනා.
හැබැයි මේ ගොල්ලන් කරන උපක්‍රමය නම් ප්‍රධාන රාජ්‍ය සීජ් කරලා හිස් බිම හරහා දිගටම යන එක. ඒ නිසා මොවුන්ට අත්ලාන්තික් වෙරළ කරා යන්න අවශ්‍ය නම් පුළුවන් කම තිබ්බ. ඒ කාලේ උතුරු යුරෝපේ බොහොම පසුගාමියි ජන ශුන්‍යයි.
[[එකාට එකා කාගන්න නගර රාජ්‍යයන් ගොඩක් තිබුනේ.. ඒත් එක්කම හිටපු ග්‍රෙගරි පාප්තුමාගෙ අභාවයෙන් පස්සෙ නව පාප් පදවිය වෙනුවෙන් ජර්මනිය හා ඉතාලිය මරාගනිමින් උන්නෙ.. මේ අවුඅස්සෙ මොන්ගොලියන් හමුදා ගැන බලන්න කාටවත් උවමනාවක් තිබ්බෙ නෑ..]]
මේක හරි. මේ තමා මෙච්චර දුර ආපු එකේ රහසත්. හැබැයි රෝමෙට ගැහුවනම් යුරෝපය එකතු වෙන චාන්ස් එකක් තියෙනවා. අනික රෝමෙට තනියම පුළුවන් මුන්ට ගහන්න.
[[පෝලන්තය අල්ලපු එකාට ඊට පොඩ්ඩක් මෙහාට ඇවිත් ජර්මනිය අල්ලන එක අමාරු නෑ..]]
පෝලන්තය තැන තැන විසිරුණු නගර රාජ්‍ය. ගොතික් දේශය එක ළඟ තියෙන පොකුරු නගර රාජ්‍ය. පෝලන්තය පුළුල් තැන්න. ගොතික් දේශය බැවෙරියාව දක්වා විහිදුනු ඇල්ප්ස් නිසා සිහින් වන උතුරු පටු බිම්කඩ. ලෙහෙසි නෑ.
[[හරි හරි, එහෙම තමා බං, පොඩ්ඩක් හිතපං ඔය 'සිම්කොක්ස් හිටියනං' මානසිකත්වය නිසා අපට කොච්චර ආතල් ගන්න පුළුවන්ද..]]
ReplyDeleteජෙන්ගිස් ඛාන් ට වඩා සිම්කොක්ස්ලා යුරෝපයේ දැවී ගිහින් තියේ. පහත කතා දෙක ජෙන්ගීස්ට වඩා හීනි කපොල්ලකින් යුරෝපය රිංගු අවස්ථා.
1. අයිබීරියානු මුස්ලිමුන්:
පො.යු. අටවන සියවසේදී එවකට දියුණුව හුන් මුස්ලිම් අරාබින් ඊජිප්තුව ඇල්ජීරියාව ලිබියාව මොරොක්කෝව හරහා ගොහින් ජිබ්රෝල්ටාවෙන් අයිබීරියාවට පැනලා එවකට රෝමයේ යටතෙ ප්‍රාදේශීය රාජධානියක් ලෙස [රෝමන් විසිගොත්] පවතී ස්පාඤ්ඤය අල්ල ගන්නවා. ඔවුන් පරදින්නේ සියවස් ගණනක් පාලනය කරලා. කොටින්ම ජෙන්ගිස්ටත් පස්සේ.
මේ ආක්‍රමණය ජෙන්ගිස්ට වඩා ප්‍රබලයි.
- එක මිනිහෙකුගේ හෝ පවුලක වැඩක් නොවීම
- ඇති තරම් මිනිස් බලය මුහුදෙන් එහා පැත්තේ තිබීම
- ප්‍රබල නාවික බලය [මාර්සෙයි අල්ල ගත්ත නම ලිබියාවෙන් හමුදා ගේන්න තිබ්බා මුහුදෙන්]
- සියවස් ගණනක ස්ථාවරත්වය
- බටහිර යුරෝපය බොහොම නොදියුණු වීම
- රෝමයේ ආගමික පාලනයට යුද්ධ කිරීමට තිබු දුර්වල කම [විසිගොත් ලා යුද්ධයට අදක්ෂයින්]
- ජෙන්ගිස්ගේ කාලේ තරම් රාජ්‍ය බිහිවෙලා නැති නිසා නයිට්ලාත් බොහොම ප්‍රාථමික නිසා අනාරක්ෂිත යුරෝපය
උන්ට අපිනයින් ක්‍රොස් කරලා ප්‍රංශයට රිංගන්න ඕන හැටියේ ඉඩ තිබ්බ. එහෙම ආවා නම් රෝමය වටකර ගහන්න පුළුවන්. නිකමට හිතපන් යුරෝපය හෝ අඩු ගණනේ බටහිර යුරෝපය වසර තුන්සීයක් මුස්ලිම් වුනානම් මොකද වෙන්නේ කියලා.
2. 1944 වනවිට බටහිර යුරෝපයේ කිසිම හතුරෙකු ඉතිරි නොකර ජර්මනියට එරෙහි බලවේගය වුයේ එංගලන්ත බිම පමණි. තව වසර විස්සක් මේ යුද්ධය ඇදුනානම් [හා හිට්ලර් ට වඩා සාධාරණ බලයක් ජර්මනියේ පාලනය ගත්තා නම්] යුරෝපයම එක්සත් කරන්නට ද හැකියාව තිබුණි. දිරාපත්ව තිබු එංගලන්තය වැටුනා නම් ඇමරිකාවට කල හැක්කක් ද නැහැ. එහෙනම් එදා නාසි යුරෝපයක් බිහි වෙනවා.
මිත්‍ර පාර්ශ්වය කියන කට්ටියට වලේ වැල් නැතුව උන්නේ. යුරෝපයේ නාසීන් එන කොට පලා යන්න විතරයි චාන්ස් එකක් ලැබුනේ. මිත්‍ර පාර්ශ්වය 1944 නොර්මන්ඩියට හමුදා එවන්නේ විශ්වාසයට වඩා ඩේස්පරේෂන් එකට. ඔවුන්වත් හිතන්නේ නැතුව ඇති ජයග්‍රහණයක් ගැන. ජර්මනියේ ඇති ප්‍රබල ඉදිරිපෙළ ඒක තැනකින් පසාරු කර ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. හැබැයි එතන ඉඳං බෙල්ජියම හරහා ගිය ගමන ගියේ ඔවුන් එන බව ජර්මන් කාරයින් විශ්වාස නොකළ නිසා බවයි මා අසා තියෙන්නේ. ඒ වෙලාවේ ජර්මානුන් හරියට ගැහුවා නම් ඒ මොමෙන්ටම් එකට එන්ගලන්තෙටත් ගහන්න තිබ්බ. මේ තනි සටන නොවෙන්න [රුසියාවත් කන නිසා] අද අපි ටයිප් කරන්නේ ජර්මන් කී බෝඩ් එකක. මීට වඩා දියුණු හා අසාධාරණ ලෝකෙක.
[[මොන්ගෝලියන් ආක්‍රමණය දිගටම වුනානං යුරෝපය නැත්තටම නැතිවෙනවා.. එහෙමවුනානං විනාශනොවී ඉතිරිවෙන්නෙ එංගලන්තය (දූපතක් නිසා) හා ස්කැන්ඩිනේවියන් රටවල් විතරයි කියලා කියනවා.. ඒ කියන්නෙ බොහෝවිට අපේ රටවල් යුරෝපා ආක්‍රමණවලින් ගැලවෙන්න තිබ්බා]]
හපොයි නැහැ. යුරෝපේ මීට වඩාවැඩ වෙලා තියෙනවා. අවුරුදු 500 ක විතර කාලයක් යුරෝපේ හොල්ලගෙන හිටියේ වනචාරි වයිකින් වරු. බෝට්ටු වලින් මුහුදේ ඇවිත් ගංගා දිගේ ගිහින් ගම්මාන වලට කඩා පැන ඉන්න ඔක්කොම මරා පොඩි එවුන වහලුණ හැටියට අරගෙන යන එවුන්. ඔය කාලේ මුළු යුරෝපෙම ස්කන්දිනේවියාවට කප්පම් ගෙවනවා. මධ්‍යතන එංගලන්ත කාසි වැඩියෙන තියෙන්නේ නොර්වේ වල ලු. එංගලන්තේ මේ කාලේ නොර්ඩික් එවුන අල්ලාගෙනත් හිට්යා. හැබැයි යුරෝපා සංස්කෘතිය තුල වයිකින්/.නොර්ඩික් ගති ලක්ෂණ නැහැ. එතකොට ස්පාඤ්ඤයට එල්ල වූ අරාබි ආක්‍රමණය. ස්පාඤ්ඤ ගෘහ නිර්මානේ අහු කොන් වල පොඩි රවුම් ගතියක් තිබ්බට වෙන සලකුණක් වත් නැහැ. මේ බලපෑම් දෙකම අවුරුදු 500 කට වඩා තිබ්බ ඒවා.
මොන්ගොලියානුවන් කලේ ජන ශුන්‍ය තැන් වලින් දිගටම යන එක. නගර අහු වුනොත් ඒ නගරේ කාට හරි බාර දීලා හිර කරලා ප්‍රධාන හමුදාව දිගටම යනවා. මංකොල්ල කෑම හා සමුල ඝාතනය තමයි කලේ. එහෙම කරලා යුරෝපය වගේ තඩි ජනගහනයක් වට්ටන්න බැහැ. අනික යුරෝපේ කවදාවත් තනියම අල්ල ගන්නත් බැහැ, ජනගහනය ලොකු වැඩියි. බොහෝවිට මොන්ගලයින් ජන ශුන්‍ය පළාත් අල්ලාගෙන ජනාකීර්ණ රාජ්‍ය එක්ක ගිවිසුම් ගහ ගනීවි සහයෝගෙන් ඉන්න.
අනික යුරෝපෙට මේ ඔක්කොටම වඩා කෙළවන්නේ ශුද්ධ රෝම අධිරාජ්‍යය. තමන්ගේ ආගම හා තමන්ගේ අධිරාජ්‍යයට එරෙහිව නැගිටින යුරෝපීයයන් තමයි මේ කියන යටත් විජිත වාදය පටන් ගන්නේ. ජෙන්ගිස් ආවා කියලා ඒ බලවේගය නවතින්නේ නැහැ.
කතාව ඇදෙනවා වැඩි නම් කට්ටිය සමා වෙන්න. මට නම් අවුලක් නැහැ මේවා. බුරාට ගහනවා කියන්නෙත් ජෙන්ගිස්ට ගහනවා වගේ වැඩක්නේ. සැහෙන්න ලොකු හමුදාවක් ඕනේ [වචන හමුදාවක්]
ReplyDeleteමට මේ දැන් ආපු මතයක්. රතු මැණික කියා පොලෝ කියන්නේ දලදාවටද? සමහර විට දළදාව බොහොම වටින විදිහට සරසලා තියෙන්න ඇතිනේ. මොකද "රජු සතුව තිබු විශාල මැණිකක්", ලංකාවේ රජු තේරුවේ දළදාවේ අයිතිය මත නිසා එක බොහොම වටින දෙයක්
ReplyDeleteමෙහෙම ගියොත්නං දවසක බින්දි අපිව ban කරනවා මේ බ්ලොග් එකෙන්.. :D
ReplyDeleteඔක්කෝටම කලින් ආයෙමත් මහාවංශය හොයාගෙන කියවන්න ඕන.. උඹ විකියෙන් හමුදාව ගේනවනං මාත් කොහෙන් හරි හමුදාව ගේන්න එපායැ.. :)
...........................................
// රෝමානු හමුදාවේ ලක්ෂ ගණනින් හිටියේ. වැනිස් ජිනොවා වගේ සෞභාග්‍යමත් නගර මිලියනයක විතර ජනගහන තිබ්බ ඒවා. මං හිතන්නේ නැහැ දහස ගණනින් ආ බටුඛාන් ගේ අයට මේ තැන් වල දිනන්න පුළුවන් කියලා. //
අන්න ආයෙමත් ගනං වරද්දගෙන.. බටු ඛාන්ගෙ ප්‍රධාන හමුදාව හා left wing & right wing තුනම එකතු කලාම ලක්ෂ එකහමාරක් විතර (සාධාරණව හිතුවම, නමුත් ඉතිහාසය කියන්නෙ මිලියන බාගයක හමුදාවක් කියලයි)
// රෝමයේ ආගමික පාලනයට යුද්ධ කිරීමට තිබු දුර්වල කම [විසිගොත් ලා යුද්ධයට අදක්ෂයින්] //
කවුද කියන්නෙ..!!?? යුරෝපයේ ඉස්ලාම් ආක්‍රමණ අන්තිමේදි නවතින්නෙ ප්‍රංශෙදි විසිගොත්ලාගෙන් (චාල්ස් මාර්ටෙල්) අම්බානකට කෑමෙන්.. මේකට තව හේතුවක් තිබුනා.. ඉස්ලාමය ෂියා හා සුන්නි වශයෙන් දෙකට බෙදිලා ඒ දෙගොල්ල මරාගන්න පටන් ගැනීම..
// එංගලන්තේ මේ කාලේ නොර්ඩික් එවුන අල්ලාගෙනත් හිට්යා. //
මුළු එංගලෙන්තෙම නෙවෙයි.. යෝර්ක්වලින් පහලට හා සසෙක්ස් වෙනකං විතරයි.. බටහිර පැත්තට අතවත් තියන්නෙ නෑ.. ගුත්රුම් අන්තිමේදි වෙසෙක්ස් වලදී සැක්සන් ජාතික ෆෙඩ්‍රික්ගෙන් අම්බානක කාලයි යන්නෙ..
// ස්පාඤ්ඤ ගෘහ නිර්මානේ අහු කොන් වල පොඩි රවුම් ගතියක් තිබ්බට වෙන සලකුණක් වත් නැහැ //
අපොයි නෑ.. ස්පාඤ්ඤයට ගොහිංම බලන්න ඕන ඉස්ලාමීය ලක්ෂණ කොච්චර බලපාලා තියෙනවද කියලා, විශේෂයෙන්ම අන්දලුසියාව වගේ පලාත්වල..
Buratheno
Delete".......ඔක්කෝටම කලින් ආයෙමත් මහාවංශය හොයාගෙන කියවන්න ඕන.. "
මෙන්න මහාවංසය, දීපවංසය වගේම තවත් පරණ සාහිත්‍ය පොත් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් තැනක්
http://www.ogatharana.org/page3.php
ස්තූතියි හසිත, අද අහම්බෙන් මේ පැත්තෙ ආවාමයි ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ..
Deleteමේ "සිම්කොක්ස් හිටියානම්" තර්කනය හරිම අමාරුයි.
ReplyDeleteඑකක් ෂුවර් ඕගදෙයි නොමැරෙන්න බටු ඛාන් හා සුබුතෙයි මධ්‍යම යුරෝපයට එනම් රෝමය ආශ්‍රිත නගර රාජ්‍ය, ගොතික් නගර රාජ්‍ය හා ඔස්ට්‍රියන් අධිරාජ්‍යයට ගහනවා. ඒක ස්ථිරයි. හැබැයි ලක්ෂ එකහමාරක් ඇල්ප්ස් දුර්ගය උඩින් ගිහින් මේ වගේ විශාල බලයකට ගහලා දිනයි කියා හිතන්න අමාරුයි.
ඒ රටවල් තුන එකිනෙකා හැප්පුනා නම් මොන්ගලයින් ඉන් එකක් හරි අල්ලුවානම් එයින් ලැබෙන වහලුන් යොදා අනික අල්ලාගෙන ස්ටෙප් බයි ස්ටෙප් රෝමය අල්ල ගන්න තිබ්බා කියල කියත හැකි. හැබැයි ඒ වගේ දැවැන්ත ජනගහනයක් ඔය වෙලාවේ එකමුතු නොවී හිඳියි කියා හිතන්න අමාරුයි.
මෙහෙම මේ ගැන කතා කරන්න හේතුව අපිනයින් වලදී මුස්ලිමුන්ට ගැහුවා වගේ යුධමය පරාජයකින් බටු ඛාන් නවතන්නට කලින් ඔහුම ආපහු ගිය ඒක. කවුරු හරි ගැහුවනම් නැති වෙන්න මේ කතාව කියන්නේ නැහැ.
මතක තියා ගන්න කොන්ස්තන්තිනෝපලය අල්ලන්න බැරි වුනා. ඒ වගේම හන්ගේරියන් ජය බෙලා කියන දුරුවල රජෙකුගේ මිස්ටේක් එකකින් ජයග්‍රහණය කලින්ම සෙලිබ්රේට් කල නිසා සිදු වුවක්. කොටින්ම මොන්ගලයින් කවුද කියා නොදැන හිටි මුල් අවදියේ ජයක්. එහෙම බැලුවම ලොකු ජයක් ලබන්නේ පෝලන්තයේ හා පර්සියාවේ විතරයි. [රුසියානු නගර රාජ්‍ය පුංචි ඒවා]
මොන්ගලයින් [දුර්වල] ඉන්දියාවෙන් පවා කනවා. දිල්ලිය හරියේදී. එතනත් තව ඉස්සරහට යන්න බැරිව තමයි අතහැර දාන්නේ. එහෙම නොවෙන්න බුරාගේ තර්කය ම දාන්න තිබ්බා ඉන්දියාවටත්. [මෝගල් වරුන් මොන්ගලයින්ගේ ආභාසයෙන් හැදුනට ඔවුන් ඉන්දියානු මුස්ලිම් රජුන් මිස මොංගල් ආක්රාමනිකයින් නොවේ]
මොන්ගලයින්ගේ මුළු බලය යොදා ගහපු පර්සියාවේ උන්නා කියන්නේ මිල්යනයක් විතර එකත විසිරිලා. පො.යු.1300 වෙනකොට රෝම ජනගහනය මිලියන 11 ක් බුරෝ. ඔය ජනගහනය එක්ක හැප්පෙන්නත් බැහැ. යටත් කර සමුල ඝාතනය කරන්නත් බැහැ. යටත් කරගෙන පාලනය කරන්නත් බැහැ.
අපි දෙන්නා දැන් මේ 'සිම්කොක්ස්' වාදය නවත්තලා වෙන දෙයක් ගැන වාද කරමු.. :)
ReplyDeleteහි හි.. මෙන්න අපි දෙන්නම පටලවා ගත්ත තැනක්.. බලන්න මේ ලිස්ට් එක..
Vijayabahu- III 04 Years 1220- 1224 AC Dambadeniya
Parakramabahu - II 35 Years 1234 -1269 AC Dambadeniya
Vijayabahu - IV 03 Years 1267 - 1270 Ac Dambadeniya
Buvanekabahu - I 12 Years 1270 -1283 AC Dambadeniya & Yapahuwa
Parakramabahu - III 06 Years 1287 - 1293 AC Polonnaruwa
Buwanekabahu - II 09 Years 1293 - 1302 AC Kurunegala
Panditha Parakramabahu - IV 24 Years 1302 - 1326 AC Kurunegala
Buwanekabahu - III Kurunegala
Vijayabahu - V Kurunegala
IV විජයබාහු ගෙන් පස්සෙ I බුවනෙකබාහු රාජධානිය මාරුකරනවා යාපහුවට.. ඊටපස්සෙ එයාගෙ පුතයි (II බුවනෙකබාහු) IV විජයබාහුගෙ පුතයි (III පරාක්‍රමබාහු) ගහගන්නවා රජකමට.. මේකෙන් දිනන III පරාක්‍රමබාහු රජකරන්නෙ පොළොන්නරුවේ ඉදං, එයා තමා ඉන්දියාවට අරන් ගිහිං තිබ්බ දන්තධාතුව ආයෙමත් ගේන්නෙ..
එයාගෙන් පස්සෙ රජවෙනවා II බුවනෙකබාහු, එයා රාජධානිය මාරුකරනවා කුරුණෑගලට.. ඊටපස්සෙ තමා පණ්ඩිත පරාක්‍රමබාහු හෙවත් IV පරාක්‍රමබාහු කුරුණෑගල රජවෙන්නෙ..
.............................................
අම්මප මේ රජවරුන්ට ඕන ඕන හැටියට රාජධානි මාරුකරනකොට ඒ කාලෙ රටවැසියන්ට මල නොපැන්න එකයි පුදුමෙ.. :D
හරි බං කිං පරා ගේ ඉන්ඩෙක්ස් ඒක වැරදියි. තුන නොවේ හතර. කොහොමත් පොර උන්නේ කුරුණෑගල කියලා ෂුවර්.
ReplyDeleteදැන් ඔය පොලෝ ආවම හම්බු වුනේ තුන්වෙනි පරා තමයි. ඇයි ගෝකන්නය තිබ්බේ පොලොන්නරුව යටතෙනේ.
ඔය රාජධානිය මාරු කරාම තද වෙන්නේ දළදාවට. ඒ කාලේ නිකම් කුලියට වගේ නේ ඉන්න ඇත්තේ. ගෙවල් මාරු කර කර.
බුරා එහෙමත් අත අරින්න බැහැ. දැන් මට ඕනේ සාධාරණ සාක්කියක් රෝමය යටත් කරන්න තරම් බලයක් තිබ්බ කියලා මොංගල් වරුන්ට.
ReplyDeleteමොංගල් වරුන් 1240+ කාලේ අල්ල ගත්තු පළාත් ආයිත් 1280+ කාලේ අල්ල ගන්න යන්නේ ඇයි? මට පෙනෙන ලෙසට නම් උන් කලේ පහර දීම කොල්ල කෑම හා ආපසු යාම. ජෙන්ගිස් නම් පර්සියාව සමුල ඝාතනය කලා වෙළඳ හබයකට. බටු ඛාන් ගිය හැමතැනම සමුල ඝාතන කලේ. අනික් එවුන කරන්නේ ඒ රටේ රජාම ආයිත් බලයේ තියලා ආපහු යන ඒක.
කොන්ස්තන්තිනොපලයට සටනක් වෙන්නේ නැහැ. ඒ පැත්තට ආ මොන්ගලයින් හා බයිසන්ටයින් රජු මිත්‍ර පාර්ශවයක් හදා ගන්නවා. ඒ මොංගල් වරුන් ක්‍රිස්තියානි වෙනවා. ඊට පස්සේ බයිසන්ටයින් ගේ දුවලා බැඳ ගන්නවා. ඔන්න ඕක තමයි රෝමෙට ගියානම් වෙන්නේ. හැබැයි බල්ගේරියාවේදී හා අනටෝල්ලියාවේදී බයිසන්ටයින් ප්‍රත්‍යන්ත දේශයන් කනවා.
මොන්ගලයින් කරන්නේ රේඩ්ස්. සමහර ඒවා සාර්ථකයි. සමහර ඒවා කනවා. දෙවෙනි හංගේරියානු ආක්‍රමණය පරාදයි [පලවෙනි එකත හංගේරියානු රජුගේ මිස්ටේක් එකක් හින්දා උන් දිනන්නේ. බැටල් ඔෆ මෝහි]
ස්වීඩනයට ගහන්න යන මොංගල් වරුන් පරදිනවා.
හැබැයි මේ මුළු කාලෙම හමුදා තර කරන්න ඇති තරම් මිනිසුන් එනවා චීනෙන් [මොන්ගොලියාවෙන් නොවේ]. අනික මේ ඛාන් ලා ගොවියෝ නොවේ වෙලන්දාමයි මන්කොල්ලයයි.ඉතින් දිගටම යුද්ධ තමා.
චීනේ උන්නලු මිලියන සිය ගානක්
විකියෙන්:
End of the Mongol advance
Some[who?] claim that European survival was due to Mongol unwillingness to fight in the more densely populated German principalities, where the wetter weather affected their glue and sinew backed bows. The territory of Western Europe, with more forests and with many castles along with many opportunities for the European heavy cavalry (better and heavier at mêlée than the Mongol heavy cavalry) to counter-attack.[citation needed]
Some historians believe that the reason for Batu's stopping at the Mohi River, was that he never intended to advance further.[16] He had made the Russian conquest safe for the years to come, and when the Great Khan died and he rushed back to Mongolia to put in his claim for power, it ended his westward expansion. Subutai's recall at the same time left the Mongol armies without their spiritual head and primary strategist. Batu Khan was not able to resume his plans for conquest to the "Great Sea" (the Atlantic Ocean) until 1255, after the turmoil after Ögedei's death had finally subsided with the election of Möngke Khan as Great Khan. He was not capable nor interested in launching an invasion on Western Europe.
----------
බින්දී බනින් නැතිනම් බුරාගේ දැනුම ගහ සොලවා මං නොදකින පැත්ත [සිම්කොක්ස් හිටියනම් වෙනදේ] දැන ගන්න ආසයි.
// දැන් ඔය පොලෝ ආවම හම්බු වුනේ තුන්වෙනි පරා තමයි. ඇයි ගෝකන්නය තිබ්බේ පොලොන්නරුව යටතෙනේ //
ReplyDeleteඑහෙම වෙන්න පුළුවන් නේද.. ඒ කියන්නෙ සමහරවිට උඹ අර කියපු රතුමැණික=දළදාව කතාව ඇත්ත වෙන්නත් පුළුවන්..
පොඩ්ඩක් හිටිං මං හමුදාව අරන් එනකං, මෙදා පාර උඹව සමූලඝාතනය කරලා තමා නවතින්නෙ.. :)
ReplyDeleteපලි: ගෙදර නෝනා වෙන පෝස්ට් එකක් දැම්මොත් හුටා තමා.. :))
පපලි: ඔතන ගේම දෙන්නෙ බටු නෙවෙයි.. බටු තමා සුපීරියර් නායකයා.. හැබැයි සුබෝටායි තමා තනිකරම ස්ට්‍රැටිජික් පවර් එක, උගෙ මොළෙන් තමා ඔක්කොම ගේම දෙන්නෙ..
[[ඔතන ගේම දෙන්නෙ බටු නෙවෙයි.. බටු තමා සුපීරියර් නායකයා.. හැබැයි සුබෝටායි තමා තනිකරම ස්ට්‍රැටිජික් පවර් එක]]
ReplyDeleteඔව් මේක නේ බටුවගේ මෙන්ම අධිරාජ්‍යයේ කඩා වැටීම. මුලින්ම ඌ කියනවා රුසියානු ජය උගේ වැඩක් කියා. එතකොට ඕගදෙයි ගේ පුතා [ඔටුන්න හිමි කුමරු] ගුරුක් කියනවා තෝ නෙවෙයි වීරයා සුබොටයි කියලා. එතනින් එන මත ගැටුම නිසා ඕගදෙයි ගේ මරණින් පස්සේ නව මහා ඛාන් වෙන ගුරුක් එක්ක වලියක් දා ගන්නවා බටු. ගුරුක් සුබොටයි ව ගෙන්න ගන්නවා චීනෙට. රටේ වියවුලක් එනවා. සිවිල් යුද්ධේ මග හැරෙන්නේ ගුරුක් මිය යන නිසා බටුත් එක්ක යුද්ධෙට යද්දී. මේ පලහිලව්ව නිසා මොංගල් අධිරාජ්‍යය කොටස් වලට් කැඩෙනවා. ඒ නිසා කොයි කොටසේත් පිරිස් බලය අඩු වෙනවා.
සුබොටයි නැතිව යුරෝපෙට ගහන්න ප්ලෑන් කර ගන්න බැරි බටුත් ඒක අල්ලලා දානවා.
මුන් හංගේරියාව අල්ලන්නේ නැහැ. ගහලා දුවනවා විතරයි. හංගේරියාව දෙවෙනි යුද්ධෙදි මුන්ට වැඩේ දෙනවා [හන්ගේරියන් ලාත් මොන්ගෝලියා පැත්තෙන් ආපු බලගතු සටන් ප්‍රජාවක්. උන් තමයි ගොතික් ලට ගහන්නේ - මොංගල්ට කලින්]
[[පොඩ්ඩක් හිටිං මං හමුදාව අරන් එනකං, මෙදා පාර උඹව සමූලඝාතනය කරලා තමා නවතින්නෙ]]
බැරි වෙලාවත් යුධ ශක්තිය සමාන වුනොත් උඹට නංගි කෙනෙක් ඉන්නවද මට බන්දලා දෙන්න. මොකද මට නැහැ.
රෝමෙට කරන ලොකුම බලපෑම තමා අර හැමෝටම යවන ලියුම [තෝ මගේ යටත් රටක්. පිලි ගන්නවද යුද්ධ කරනවද කියා] යවන ඒක. ඒකට රෝම අධිරාජයා එවන උත්තරේ "මට හොඳට කුරුල්ලන් දඩයම කල හැකියි. ඕනනං වරෙන්" කියලා. ඔහු යුද්ධෙට නයිට් ලා කැඳවන කොටයි බටු ආපහු යන්නේ. බටු කාරකොරම් යන්නෙත් නැහැ. ආපහු එනවා රුසියාවට. ආවට පොරට බැරි වෙනවා යුරෝපෙට ගහන්න.
රෝමේ අහලකින් වත් යන ලොකු රටකට මුන් ගහල නැහැ. ජර්මනිය අස්සෙන් අත්ලාන්තික් මුහුදට යන්න පුළුවන් බව ඇත්ත. හැබැයි රෝමෙට ගහන්න හෝ ජර්මනිය ඔස්ට්‍රියාව ප්‍රංශය [තියා හංගේරියාව වත්] යටත් විජිත කර ගන්න මුන්ට බැහැ.
මුනුයි වයිකින් වරුයි අතර වෙනසක් නැහැ යුරෝපය තුලදී. ගහලා පනින සෙට් එකක්. මීට වඩා ලොකු බලපෑමක් යුරෝපෙට වෙනවා අයිබීරියානු මුස්ලිම් ආක්‍රමණය හා බෝල්කන් වල ඔටෝමන් යටත් විජිත නිසා. අදටත් යුරෝපේ ප්‍රධාන සිවිල් යුද්ධ වලාට් හේතුව ඔටෝමන් යුගයේ හදා ගත් මුස්ලිම් ප්‍රජාවන්.
බනින්නේ මක්කටයි මමත් හොරෙන්ම ඇවිත් කියවල ගියා .ද්වන්ධ සටන් කරලා වෙඩිතියා ගත්තොත් UN ඒජන්තලා එව්ව හැකි .ඔන්න දැන් තමයි නියම තැනට ආවේ . මටත් මේ කවුරු හරි ලව්වා මෙයට සමාන්තර ලංකාවේ ඉතිහාසය අහගන්න ඕන කම තිබුනා . ලමයි බිසී හින්දා නිකන් හිටිය . මගේ කිසිම විරෝදයක් නැහැ . ස්තුතියක් මිස.
ReplyDeleteජෙන්ගිස් ගේ මරණය ගැන කතා කීපයක් තියෙනවා . http://en.wikipedia.org/wiki/Genghis_Khan#Death_and_burial
වලලපු තැන සැඟවීම ඒ කාලේ සිරිතක්ලු . ජෙන්ගිස් ගේ ආගම අනුව වෙන්න ඇති . එයා බුදුදහමට ගරු කළාට ශාමෙනිස්ට් කෙනෙක් . රුසියාවයි චීනෙයි අතර තැලිලා බොහොම මෑතක තියනවද කියලවත් දැනගත්තු මොන්ගෝලියාවේ දැන් නම් ජෙන්ගිස් ඛාන් හොඳට මාකට් කරනවලු .
මොන්ගෝලියන් කාරයෝ ජන ගහනය අඩු පැතිවල තමයි සටන් කළේ. ඉන්දියාව බේරුනේ ඒ හන්ද වෙන්න ඇති . ඉන්දියාව ඇල්ලුවා නම් අපේ පැත්තටත් හොම්බ නොදා ඉන්නේ නැහැ . අශ්වයින්ට මුහුදෙන් එන්න බැරි හින්ද අපි බේරෙන්නත් ඉඩ තිබ්බ . ජපානේ ගිහින් දෙපාරක්ම පැරදුනා . ජපනාට ම නෙමේ හුළඟට . කාලෙකට කලින් බැලුව මතකයි මොන්ගෝලියන් නැව් කුණාටු වලින් විනාශ වෙච්ච හැටි වැඩසටහනක් .
කොරියාව එක්කත් හවුල් පාලනයක් මිසක් තනිකර අධිරාජ්‍යට අල්ල ගත්තේ නැහැ . කොරියන් ඉතිහාසේ හොඳට දන්නා යාලුවෙක් හමු වුනා . ඉදිරියේදී ඒ පැත්තෙත් කරක් ගහමු.
ඇයි හැනොයි වලටත් ඇවිත් ආපහු යන්න වුනාලු . තමන්ට හුරුපුරුදු තණ බිම් වල තමයි එයාලට හරි ගියේ .
මාර්කෝ පොලෝ ගෝකන්නට එද්දී ඒ පළාත යාපන රජයට අයත්ව තිබුන කියලයි විකියේ තියෙන්නේ . ඒක වැරදිද ?http://en.wikipedia.org/wiki/Marco_Polo#Travels_of_Marco_Polo .වැරදි නම් අපි නිවැරදි කරන්න ඕන නේද . සුද්දන්ට ඕන විදියට අපේ ඉතිහාසේ වෙනස් කරන ඒක වැරදියි .
කතාව පටන් ගත් එකේ ඉවරයක් කරමු . අනික් අයට වැදගත් නැතත් මට නම් ආසයි මේවා දැන ගන්න . ආයේ මේ මාතෘකාවට එන්න අවස්ථාවක් එයිද කවුද දන්නේ .
හෙට රෑ වෙනකම් මේ ගැන කතා කරමු . අලුත් පොස්ට් එකක් දැම්මත් මෙතන ඉඩ තියෙනවා . නෝ වොරිස් ..
[[සුබෝටයි]]
ReplyDeleteමෝහි සටනේදී හන්ගේරියානුවන් කන්න බලපාන ඒක හේතුවක් [මුලික හේතුව නොවේ] මේ යකා දවසින් දෙකෙන් වගේ ගඟක් හරහට පාලමක් ගහන ඒක. ඒ පාලම තියෙන බව නොදන්නා නිසා හන්ගේරියානුවන් ගේ සැලසුම් ඔක්කොම අවුල් යනවා.
මට මතක් වුනේ ඒක රැයකදී චලෙයි කලපු කටේ බෝට්ටුවෙන් බෝට්ටුව ගැට ගහලා පාලමක් හදා එහා පැත්තට ගිහීන් කොටින් විස්මයට පත් කල ප්‍රසන්න සිල්වා රණ විරුවා. පොරම තමයි පස්සේ මුලතිව් ක්‍රොස් කරන්නෙත්.
සුද්දා ආවේ නැතිනම් කියන බුරාගේ තර්කය මෙන්න සත සමුදුරටත් හිතිලා.
ReplyDeletehttp://sathsamudura.blogspot.com/2011/11/18.html
ග්‍රේට් මයින්ඩ්ස් වෙන්ටැ.
@සුජීව,
ReplyDelete// බැරි වෙලාවත් යුධ ශක්තිය සමාන වුනොත් උඹට නංගි කෙනෙක් ඉන්නවද මට බන්දලා දෙන්න. මොකද මට නැහැ //
අපේ නංගිව උඹට දෙන්නනං බැරි කමක් නෑ.. හැබැයි ඊට පස්සෙ උඹට හිතෙයි යුද්ධෙන් මළානං මීට වඩා සැපයි කියලා.. මාත් මේ ඉහ ගහගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන් බං.. :)
මගෙ නයිට්වරුන්ට පණිවුඩ යැවුවා යුද්ධෙට එකතුවෙන්න එන්නෙයි කියලා, පොඩ්ඩක් හිටිං මං හමුදාව රැස්කරගන්නකං..
@බින්දි,
// කාලෙකට කලින් බැලුව මතකයි මොන්ගෝලියන් නැව් කුණාටු වලින් විනාශ වෙච්ච හැටි වැඩසටහනක් //
කොරියානු ඉතිහාසය ගැන ලියන්නකෝ.. එතකොට කතාකරමු කොහොමද ජපනා කොරියන් ආක්‍රමණයෙන් ගැලවුනේ අනපේක්ෂිත කුණාටු නිසා කියලා (එකපාරක් නෙවේ, දෙපාරක්ම)
This comment has been removed by the author.
ReplyDeleteමචෝ, මෙන්න මෙතන පොඩ්ඩක් කියවන්න.. සම්පූර්ණ එකම දාන්න බෑ, දිග වැඩියි..
ReplyDelete"...It is only recently that European history has begun to understand that the successes of the Mongol army which overran Poland and occupied Hungary in the spring of 1241 were won by consummate strategy and were not due to a mere overwhelming superiority of numbers. But this fact has not yet become a matter of common knowledge; the vulgar opinion which represents the Tartars as a wild horde carrying all before them solely by their multitude, and galloping through Eastern Europe without a strategic plan, rushing at all obstacles and overcoming them by mere weight, still prevails. It will therefore not be amiss to explain very briefly the plan and execution of the Mongol campaign. The nominal commander-in-chief was Batu, but there is no doubt that the management of the expedition was in the hands of Subutai..."
උපුටනය: MONGOL INVASION OF EUROPE, 1241
බුදු අප්පේ... කමෙන්ට් ටික කියවන්න යනවා පෝස්ට් එක වගේ දෙකක වෙලා...!!!!
ReplyDeleteඇත්තටම මේක විලක් නෙවේ දැනුම් සාගරයක් කරන්න තිබුනා මේ වගේ තැන් තැන් වල තියෙන විල් එකට එකතු කරලා මහ සාගරයක් කරගන්න තිබුණා නම්... අක්කට බැරිද විකියේ මේ මෘතෘකාව ගැන තියෙන ආටිකල් එකත් අධ්‍යයනය කරලා මේ ලිපි පෙල සහ කමෙන්ට් වල කරුණුත් අරන් සිංහල විකිපීඩියාවට එකතු කරන්න. අක්කට එකතු කරන්න බැරි නම් දන්න කෙනෙක්ට ඒ වැඩේ කරන්න භාරදීලා අක්කට ලිපිය සම්පාදනය කරන්න පුළුවන්නේ...
දැනුම විසිරිලා තියෙනකොට අගේ නෑ. අනික මේ තරම් මහන්සියෙන් අකුරු කරපු එකක් අපි 500 ක් 1000 ක් බලලා මක් කරන්නද ? ලංකාවේ ඉගෙන ගන්න අයම ඇති ලක්ෂ පහ හයක්...!!!
මේ දැනුම එකතු කරන්න පිලිවෙලක් තිබුනොත් හොඳා...! වගකිව යුත්තෝ සැලකිල්ලට ගනිත්වා...
අනේ බින්දි අක්කේ, මම ලිපි පෙල හරියටම කියෙව්වේ නම් නෑ. තැනින් තැනින් තමා බැලුවේ. හැබැයි ඉතින් කවුරු හරි ඇහුවොත් මට මුලින්ම මතක් වෙන්නේ නෙළුම් විල තමා...!
මහන්සියට මගෙන් පවන් පොදක්...! බින්දි ටීචර්ගේ ඊළඟ පාඩම් පෙල බලන් ඉන්නවා... ජයවේවා !!!
This comment has been removed by the author.
ReplyDeleteමෙන්න අපි කතාකරන යුරෝපය මොන්ගෝල් ආක්‍රමණවලට ටිකකාලෙකට කලින්..
ReplyDeleteHistorical Map of Central Europe 919-1125
මෙන්න මේ මැප් එකෙන් හිතාගන්න පුළුවන් මොන්ගෝල් හමුදාව කොයිතරං යුරෝපය ඇතුළට ආවද කියලා.. අපි ඕවා කල්පනා කරන්නෙ අද කාලෙ මැප් එකත් එක්කනෙ..
ReplyDeleteMedieval Europe in the 13th Century
මෙතනත් පොඩ්ඩක් බලන්ට..
ReplyDelete...While one army was destroying the Polish resistance at Liegnitz (9 April 1241), naother was crushing Hungarians at Mohi (12 April 1241). The Mongols met up in Hungary, but the danger that they might set up permanently was averted when news came of the death of the Great Khan Ogedei. Batu evacuated his armies to their base north of the Caspian, the better to influance events at the Mongol capital of Karakorum. His withdrawal gave the new pope, Innocent IV, a chance to evaluate the Mongol threat. It came high on the agenda of the General Council he called at Lyon in 1245..
උපුටනය: Atlas of medieval Europe By Angus MacKay, David Ditchburn pp104
ඔන්න බලපං, පාප්තුමාට කවුන්සිලේ කැදවන්නත් සෑහෙන කාලයක් යනවා, එයා ඉවැලුවේට් කරලා එනකොට පෙරහර ගිහිං හමාරයි.. ඒකයි මේක අර උඹ කිවුවා වගේ අන්තිම මොහොතේ කණපිට ගැහුන දෙයක් වුනේ.. ඔගඩෙයි ගෙ මරණය වුනේ නැත්තං ඒ වෙලාවෙ බටුගෙ නායකත්වය යටතේ, සුබෝටයිගෙ මොළෙන් යුරෝපෙ හොල්ලනවා.. පසුකාලීන මොන්ගෝල් පරාජයන්ට හේතුව සුබෝටයි වගේ ස්ට්‍රැටජිස්ට් කෙනෙක් නොසිටීමයි, යුද්ධ හැකියාවෙ අඩුවක් නෙවෙයි..
මෙන්න උඹේ ශුද්ධ රෝම අධිරාජ්‍යයේ තත්ත්වේ..
ReplyDelete...On the other hand, the Holy Roman Empire, essentially based in Germany and Italy, further fragmented into a myriad of feudal principalities or small city states, whose subjection to the emperor was only formal.
The 13th and 14th century, when the Mongol Empire came to power, is often called the Age of the Mongols. Mongol armies expanded westward under the command of Batu Khan. Their western conquests included almost all of Russia (save Novgorod, which became a vassal),[39] Kipchak lands, Hungary, and Poland (Which had remained sovereign state). Mongolian records indicate that Batu Khan was planning a complete conquest of the remaining European powers, beginning with a winter attack on Austria, Italy and Germany, when he was recalled to Mongolia upon the death of Great Khan Ögedei. Most historians believe only his death prevented the complete conquest of Europe...
උපුටනය: History of Europe
පාප්තුමන්ගේ අනවරත බල අරගලය ගැනත් කියවන්න පුළුවන් මෙතනට ගියොත්.. :)
ReplyDeleteThe Church In The High Middle Ages
පලි: උඹට ඕනනං තව යුද්ධ කරමු.. හැබැයි මෙහෙම ගියොත්නං පුතේ බින්දි කෙසේ වෙතත් බලන අනිත් එවුං අපි දෙන්නව අල්ලලා ගස් බදිනවා, ඕං මං කිවුවා.. :D
.@ බුරතීනෝ සහ සුජීව,
ReplyDelete/ හැබැයි මෙහෙම ගියොත්නං පුතේ බින්දි කෙසේ වෙතත් බලන අනිත් එවුං අපි දෙන්නව අල්ලලා ගස් බදිනවා, ඕං මං කිවුවා.. :D /
පිස්සුද මල්ලිලා, මම නම් බොහොම උනන්දුවෙන් බලන්නෙ උඹලගෙ විද්වත් සාකච්ඡාව.....අඩේ ඇත්තමයි, අලුතින්ම ඉතිහාසය ඉගෙන ගන්නව වගෙ.....හෙහ්, හෙහ්, මගෙ ප්‍රියතම විෂයයක්....තව බොහෝ විෂයයන් අතර.....
එක පොඩි සිද්ධියක් වෙනස් උනානම් ලෝක ඉතිහාසය කොපමණ වෙනස් වෙන්ට තිබුනද කියල හිතන කොටත් පිස්සුම හැදෙනවා අනෙ ඇත්තමයි,
බොහොම ස්තූතියි දෙන්නටම ...දැනගත යුතු එහෙත් අප නොදන්නා කරුණු රාශියක් පිළිබඳව අප දැනුවත් කිරීම ගැන.....
.@ බින්දි,
ඒ වගේම ඔයාටත් ස්තූතියි බින්දි, හරවත් සාකච්ඡාවකට මඟ පාදාදීම පිළිබඳව...For your role as the facilitator for a very very interesting discussion....
මල හත්තිලව්වයි... වෙඩි බේත් ගබඩාවට ගිනි තියාලා සබ්ස්ක්‍රයිබ් වත් නොකර වහං වෙලා හිටිය එකට දැන් නම් කැමතියි [සංසාරේ මගේ මේල් බොක්ස් එක...!] අකමැතියි [ඒ වාගේද මේ දනුම් කන්දරාව...!]වාගේ..... :-)
ReplyDeleteසංවාද වලට දායකම වෙන ගමන් සරල සුගම බ්ලොගයනුත් ලිව්වානම් මොකදෑ මේ උදවිය දන්න කියන එව්වා එක්කොම දාලා....
@රවි අයියා & තිස්ස අයියා,
ReplyDeleteහෙ හෙ තැන්කූ තැන්කූ.. මම ඒත් හිතුවා මායි සුජීවයි ඇරෙන්න වෙන මොකෙක්වත් මේ පැත්තෙ එන්නෙ නැත්තෙ අපි දෙන්නගෙ වාද-විවාද බලලා එපා වෙලාද කියලා.. :D
@බින්දි,
මෙන්න ඔයා අහපු ප්‍රශ්නෙ ගැන මගෙ කියවීම.. බලමු තව කාගෙන් හරි අදහස් එයිද කියලා..
මාර්කෝ පෝලෝ ඇත්තටම ගොඩබහින්නෙ ගෝකන්නට වුනාට එයා විසිට් කරන්නෙ යාපනයට. මේ කාලෙ වෙද්දි යාපනේ රජ කරන්නෙ චන්ද්‍රභානුගෙ පුතා සාවකන්මෙන්දෙන් (සාවන්මෙන්දෙන්/ජාවන්මෙන්දෙන්) හෙවත් පෝලෝට අනුව සෙන්දමෙන්.. මෙයා රජකරන්නෙ පාණ්ඩ්‍ය රාජධානියෙ ජාතවර්මන් සුන්දර පාණ්ඩ්‍යන්ගෙ යටත් රජෙක් විදියටයි.. ඒ අනුව අපට හිතන්න තියෙන්නෙ මේ කාලෙ ගෝකන්න අයිතිවුනේ යාපන රාජධානියට කියලයි..
Chandrabhanu's son
මෙන්න තවත් වැදගත් මැප් එකක්..
ReplyDeleteHistorical map of the Mongol Dominions 1300-1405
බුදු අප්පේ සද්ද නොදා හිටියට මාත් මේ බොහෝම ආසාවෙන් බල බල ඉන්නේ මුන් දෙන්නගේ ඉතිහාස යුද්ධේ... මෙකනං අතාරින්ට එපා.. මැද්දට නොපැන හිටියේ කතාව වෙන වෙන අතකට යයි කියලා බයට...
ReplyDeleteහප්පා මට වෙන්නෙත් බටු ඛාන් ට වෙච්ච දේ. බුරාගේ තර්ක වලට ප්‍රති උත්තර තියේ. ඒත් ඒවා ලියා ගන්න ඉරිදා වෙනකම් ඉඩක් නොලැබෙන ලකුණු පෙනේ.
ReplyDelete- මොකද ඉරිදට මටත් යාමට සිදු වන "කුරල්තයි" එකක් හෙවත් මහා රැස්වීමක් හෙවත් ලෙක්චර් එකක් තිබේ.
- ඒකට යන්නට පේපර් කියවා සමරී ලියා ඒවා රිවීව් පේපර් එකකට දා ගත යුතුය.
- මේ සතියේ සමරී ලියා ඇත්තේ ජෙන්ගිස් ඛාන් ගැන පමණි.
- අපිට මේවාට උදව වන්නට සුබුටයි ලා නැත.
මේ නිසා මගේ උත්තර ටික ටික පරක්කු වෙයි. හැබැයි හැකි පමණ මේකට උත්තර දානවා.
බින්දී ගේ පෝස්ට් අපි නිසා හිර වෙන්න දෙන්න එපා. නෙලුම් විලේ මල් පිපෙන්න ජෙන්ගිස් ඛාන් ගෙන අවසර මොකටද? මේ පෝස්ට් ඒකට ඇවිත් බලන්න කැමති අයට පුළුවන්. බින්දී ලියන්න.
බටු ඛාන් ගියපාර අකුලගෙන ගියාට බුරා මේ පාර ඉන්නවා යුරෝපේ වටලා ගෙන එක මට ෂුවර්. බුරාගේ දැනුම් ගස සොලවා ගෙඩි කන්නට ලැබීම මහත් භාග්‍යයක් නිසා මං ගන්නෙත් නැහැ එක බැටාලියන් එකක් වත් පස්සට. බටු ඛාන් වම්බටු ඛාන් වෙනකම්.
උත්තරයක් අද රෑට වත් දෙන්නම්.
මෙන්න යකෝ මොන්ගලයින්ගේ යුරෝපා ආක්‍රමණය අවුරුදු හත්සීයකට පස්සේ ආයිත් පටන්ගෙන.
ReplyDeletehttp://edition.cnn.com/2011/11/03/opinion/ferguson-west-economic-decline/index.html?hpt=hp_c1
කතා වෙන්නේ පරණ කතාමයි.
- මොන්ගලයින්ගේ ඩිසිප්ලින් වලට එරෙහිව යුරොපියන්ගේ හිතු මතේ ඉන්න පුරුදු
- යුරොපියන්ගේ ලෝකය ගැන නොතේරුම් කමට එරෙහිව මොන්ගලයින්ගේ සැලසුම්
- මොන්ගලයින්ගේ අධික ජනගහනය
- මොන්ගලයින්ගේ බිඳිය නොහෙන තනි බලයට එරෙහි යුර්පේ තැන තැන තියෙන රාජ්‍ය
- යුරොපියන්ගේ එකෙකුට එකෙක් නැති කම
- ඉන්ගිරිර්ස් ප්‍රන්ශ ජර්මන් ඉතාලි වගේ රටවල් යුරෝපේ ආර්ථික බලය අල්ලන්නට එකිනෙකාගේ කකුලෙන් ඇදීම.
- මොන්ගලයින් වෙළඳමට දක්වන හැකියාව
- මොන්ගලයින්ගේ කුරිරුකම.
මේ වතාවේ නම් යුරෝපේ කනවා.
තිස්ස රවී මාරයා ..
ReplyDeleteමුන් දෙන්න ඇවිස්සුනහම අපිට හොඳා . අවශ්‍ය වෙලාවක ප්‍රථමාධාර දෙන්න බැරිය . මටත් මාස ගානක් කියවන්න දේවල් එක්කහු වුනා .
අත අරින්න දෙන්න නරකයි.
බුරා සහ සුජීව ...
ජයවේවා දෙන්නටම . මන් අලුත් පොස්ට් එකක් ලියුවට කමක් නැහැ . මේ කතාව ගෙනියන්න බාධාවක් නැහැනේ . අපිත් එක්ක මෙව්වා බෙදා ගන්නවට ආයිමත් ස්තුතියි හොඳේ . මන් විතරක් නෙමේ ඔය තව ඉන්නේ ආස උදවිය .
චතුරංග ..
සපතේරු දැනටමත් විකියට දාල තියෙන්නේ .
බුදු අම්මෝ මේ මොකද වෙලා තියෙන්නෙ බ්ලොග් එක කොමෙන්ට් වලින් වැහිලනෙ. නැවත වතාවක් මුල සිට කියවිය යුතුයි. දැං නං කරකවලා අත හැරිය වගෙ. කට්ටියටම ස්තුතියි කොටස් එක්කරල කතාව සම්පූර්න කිරීම ගැන
ReplyDeleteබුරාගේ සටහන් හා සබැඳි [සිතියම සහිතව] වලට ස්තුතියි. මං මේ සමහර ඒවා කියවා තිබ්බා. සිතියමේ අලුත් දෙකට මට තිබ්බේ මේ වෙනකොට ගොතික් දේශය හා රෝමය එකම රටක් බව තමා. ඉතිරි සිතියම ගැන තිබ්බ චිත්‍රය එලෙසමයි.
ReplyDeleteකාලෙකට කලින් කියවන්න අරන් මග නැවතුනු ජෙන්ගිස් ඛාන් කියවුම ආයිත් පටන් ගන්න මේ සංවාදය ඉවහල් වුනා. මං බුරා එව්ව පොත MONGOL INVASION OF EUROPE වල ගූගල් බුක් ලින්ක් එකක් මීට පෙර බකියෙව්වා. මේ ලේඛකයා අලුත් සොයා ගැනීමක් හැටියටයි ඉදිරිපත් කරන්නේ බටු ඛාන්ට අත්ලාන්තික් යන්න තිබ්බ බව. විකියත් මේ සටහන දක්වන්නේ ඔහුගේ වදනින් සයිටේෂන් සමග. ඒ කියන්නේ පොදුවේ පිළිගත් මතය අනික් පැත්තට.
මේ කතාව ප්‍රසිද්ධ සංවාද මාතෘකාවක් බවත් දුටුවා. දෙපැත්තටම කරුණු පේන්න තියෙනවා.
මේ කාලේ විශේෂයෙන්ම ෆෙඩ්රික් අධිරාජයා හා පාප් තුමා එකිනෙකාව පරදවා නැගී හිටින තරඟයක ඉන්නේ. මේ නිසා යුරෝපය තුල පැවතුනු අස්ථාවර බව නිවැරදියි.
කැමති අය කියවන්න මෙන්න මේ සටහන. මුළු මොංගල් සටන් ඉතිහාසයම මේ පිටුවේ තියෙනවා. The Mongol Empire
අපි මොංගල් අධිරාජ්‍ය දිහා බැලුවොත් යුග කිහිපයකට කැඩෙනවා [යුරෝපා කෝණයෙන්].
1. 1242 දක්වා: තනි මොංගල් දේශයක් යුරෝපා ආක්‍රමණ වලට යන බටු හා සුබෝටයි. මේ ඕගදෙයි ගේ මරණය දක්වා.
2. 1242-1253: බටු හා නව ඛාඛාන් [ඛාන් ලාගේ ලොක්කා - අධිරාජයා] ගුයුක් අතර මත ගැටුම සිඳුවන සමය. සුබෝටයි යුරෝපෙන් චීනෙට යනවා. බටුට රුසියානු දේශය රැකගෙන එහි පදිංචි වීම තමා වැදගත්. යුරෝපා සැලසුම අත්හැර දානවා.
3. 1253 - 1259: මොන්ඩ්කේ ඛාන් හා හුලේගු [සොයුරන්] දෙන්නගේ යුගය. බටු වියපත්. ඒ පැත්තේ ඉදිරි ගමනක් නැහැ. බටුගේ ජෙනේරල් ලා මුස්ලිම් වෙලා ඔවුන් තමන්ගේ සෙනෙවියා වන හුලේගුට පහර දෙනවා මුස්ලිම් බෑග්ඩාඩ් වලට ගහපු නිසා.
4. 1259 - 1264: අභ්‍යන්තර සිවිල් යුද්ධ
5. 1264 - 1280+: කුබ්ලායි ඛාන් සහ ඛානේට් හතරකට බෙදුණු සමය. කුබ්ලායි ඛාඛාන් වෙන්නේ නමට පමණි. හැබැයි මේ තමා ඔවුන්ගේ ලොකුම අධිරාජ්‍යය හැදු සමය. චීන සොන් රජ පරපුරට ගහලා මුළු චීනයම අල්ලන කාලේ.
6. 1280 සිට: බිඳ වැටීම
7. 1360 ගණන්: ටිමලේන් ගේ නැගිටීම. තාවකාලිකයි
8. 1500: සම්පුර්ණ බිඳ වැටීම.
මෙතනින් (1) කොටස විතරයි සහමුලින් එකමුතුකමින් තනිකර ආක්‍රමණ මිස වෙන දේවල් ගැන නොසිතා උන්නු කාලය. ඒ එක්කම ඔවුන්ගේ ශ්‍රේෂ්ටම සෙනෙවියා වන සුබෝටයි යුරෝපේ අල්ලන්න ගිය කාලේ. මේක තමයි රෝමෙට ගහන්න තිබබ් යුගය. 1250+ කාලෙත් 1270+ කාලෙත් යුරෝපෙට ගහන්න ගිය මොන්ගලයින් කනවා. 1270 ගණන් වලදී කන්නේ හන්ගේරියාවෙන්. ඒ 1242 දී රටෙන් බාගයක් සමුලඝාතනය වූ හංගේරියාව. 1350 වෙද්දී මොන්ගලයින්වැටිලා හැබැයි බ්ලැක් ඩේත් නිසා යුරෝපය සහමුලින් ම වැටිලා [නොර්වේ වලදී දුටුවා වෙච්ච හරිය. ජනගහනයෙන් බාගෙකට වැඩිය මැරිලා නොර්වේ පාලනය කර ගන්න බැරුව බලෙන්ම යටත් වෙනවා ඩෙන්මාර්කය ට]. මේ කාලේ ගැහුවනම් ඔන්න බුරා කිව්වා දේවෙන්න තිබ්බා ඒත් මොන්ගලයිනුත් හතර ගාතෙන් වැටිලා හිටියේ මේ වෙනකොට.
බුරා ගේ උපකල්පනයට (1) යුගය විතරයි සලකන්න පුළුවන්. ඊට පස්සේ යුරෝපෙට ගහන්න අවශ්‍ය බලය හා බුද්ධිය මොන්ගලයින්ට නැහැ. සුබෝටයිත් නැහැ.
එහෙනම් බුරාගේ ප්‍රශ්නය මෙහෙම ගම්මු.
"1242 දී ඕගදෙයි මලේ නැතිනම් බටුට රෝමය ඇල්ලිය හැකිද?" (1) යුගය පමණක් සලකමින් (2)...(8) අමතක කරමු.
[තව කොටසක් ඇත]
1242 දක්වා මෙන්න බටහිර පෙරමුණේ සටන්.
ReplyDelete[1] පර්සියාව [ජනගහනය = මිලියනයක්, දෙකක්; මොංගල් බලය = ලක්ෂ ගානක්; සටන මෙහෙයවුයේ: ජෙන්ගිස් සහ සියලු බලය යොදා; සතුරා: සටනට අදක්ෂයි. නගර පවුරු ගැන මිස හමුදා ගැන විශ්වාස නැති කෙනෙක්. ප්‍රතිපලය: ජය]
[2] කොකේසස් කලාපය [ජනගහනය = එකක දහස් ගානක්, ලක්ෂයක් විතර; මොංගල් බලය = දහස ගණනක්; සටන මෙහෙයවුයේ: බටු; සතුරා: තනි යි, වෙන වෙනම සටන් කලේ. ප්‍රතිපලය: ජය]
[3] රුසියානු නගර රාජ්‍ය [ජනගහනය = එකක දහස් ගානක්, ලක්ෂයක් විතර; මොංගල් බලය = දහස ගණනක්; සටන මෙහෙයවුයේ: බටු; සතුරා: තනි යි, වෙන වෙනම සටන් කලේ. ප්‍රතිපලය: ජය]
[4] නොව්ගොරඩ් උතුරු රුසියානුවන් [ජනගහනය = දහස් ගානක්, ලක්ෂයක් විතර; මොංගල් බලය = දහස ගණනක්; සටන මෙහෙයවුයේ: බටු; සතුරා: ප්‍රබලයි. ස්වීඩනයට හා ටියුටෝනියානු නයිට් වරුන්ට ගහලා ඉන්නේ ප්‍රබල නායකයෙකු යටතේ. ප්‍රතිපලය: වැසල් එකක් එනම් යටත්/මිත්‍ර රාජ්‍යයක්]
[5] බයිසන්ටයින් කොන්ස්තන්තිනෝපලය [ජනගහනය = මිලියන ගානක්, නගරයේ පමණක් ලක්ෂ හතරක්; මොංගල් බලය = ලක්ෂ ගණනක්; ප්‍රතිපලය = මොන්ගලයින් පහර නොදේ. විවාහ වලින් මිත්‍රත්වය වැඩි කර ගනියි. මොන්ගලයින් කොප්ටික් ආගම සුරකින්නට පවා පෙළඹෙති]
// මේ කතාව 1242 පසු කර ඇදෙන එකක්. මේ දෙගොල්ලෝ කව්බදාවත් සටන් කරන්නේ නැහැ. දෙගොල්ලොම දන්නවා ප්‍රතිපලය
[6] හංගේරියාව [ජනගහනය = මිලියනයක්; මොංගල් බලය = 50000 ක්; ප්‍රතිපලය = මොන්ගලයින් සුළු මංකොල්ලකරුවන් පිරිසක් කියා සටනට පෙර ජය සමරන මෝඩ රජෙකු නිසා හා දවස ගණනකින් පාලමක් හදා සතුරාට පිටු පසින් පහර දෙන සුබොටයි නිසා ජය හිමිවේ]
[7] පෝලන්තය [ජනගහනය = ලක්ෂ ගණනක්; මොංගල් බලය = 20000; ප්‍රතිපලය = ජය]
ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ 1242 ට. අපේ කතාවේ ඕගදෙයි මැරෙන්නේ නැහැ. දන බලමු "ඉස්සරහට ෆෝවඩ්" කරලා.
[*] රෝමය [ජර්මානු ජනගහනය = මිලියන හතයි + ඉතාලිය ජනගහනය = මිලියන 10 යි /* නෙපල්සයත් එක්ක වෙන්න ඇති. මේක ෂුවර් නැහැ */ + ඔස්ට්‍රියානු ජනගහනය = ?? ජර්මනියේම කොටසක් වෙන්න ඇති; මොන්ගලයින්ට අහු නොවන රණ ශූර හන්ගේරියානුවන් ලක්ෂ ගණනක්]
[**] ප්‍රංශය [ජනගහනය = මිලයන 12]
මීට අමතරව අවශ්‍ය මොහොතක ස්කන්ඩිනේවියානු සහය ලැබෙන්නත් තිබ්බා මොකද ඔවුන් ආගමිකව බැඳිලා හිටියා. තවම ලුදරන් වාදේ ආවේ නැහැ.
මගේ තර්කය තමයි මේ ඉලක්කම් එක්ක සෙල්ලම් කරන්න බැරි එක. [1]..[7] ඔක්කොම චූටි රටවල්. මේ රටවල හමුදා දහස් ගණනින් උන්නේ. ඒ කියන්නේ එක සටන් පෙරමුණයි. මොන්ගලයින් ආවේ දහස් ගණනින්. බටුගේ මුළු ගෝල්ඩන් හෝඩය ම [රන් කඳවුර] ලක්ෂයක් විතර 1242 වෙනකොට [බුරා මට දෙන්න සාධක ඔයාගේ ලක්ෂ පහේ හමුදාවට - මට හොයා ගන්න බැහැ]. ඉතින් සටනට නුහුරු දහස් ගණනක් සටනට හුරු දහස් ගණනක් අතින් එක යුද්ධයකදී කනවා. ඊට පස්සේ ඉතිරි ලක්ෂ ගැන සමුලඝාතනය කරනවා.
කතාව වෙනස් වෙන්නේ මිලියන වලට ආවාම. මිලියන ගානකට හමුදාව ලක්ෂ 5 විතර ඉන්නවා. ඒ හමුදාව සටන් පෙරමුණු එක පස්සේ එක එනවා. ඉස්සරහට යන්න බැහැ. අපි හිතමු දිනුවා කියලා එහෙම දිනුවත් දිගටම පවතින්නේ නැහැ. මොකද මෙතෙක් කල සමුල ඝාතනය කරන්න බැරි නිසා. ආයිත් ඔවුන් නැගී සිටිනවා.
සමහර විට යුරෝපය දිගේ රේඛිය පාරක ගිහින් අත්ලාන්තික් දක්වා යන්න තිබ්බා. හැබැයි වටේ ඉන්න උන් ඒ රේඛාව මැදින් කඩා කොටු කර මරා දමන එක නවතන්න බැහැ.
රෝමයට ගහන්න නම් මොන්ගලයින් මිලියනයක් වත් අවශ්‍යයි. චීනයේ උන්නා මිලියන 120 ක් [කොටස් ඔක්කොගෙම]. මේ මිනිසුන් අරන් එන්න බැරි මේ කාලේ චීනයේ කොටස් අතර සටන් බෙර ගන්න ඕනේ නිසා. බටුගේ ගෝල්ඩන් හෝඩය හැදිලා තිබ්බේ චීනුන්ට වඩා ටර්ක් ජනයා ගෙන්.
හැබැයි යුරෝපය හරකුන් වගේ බලා උන්නා නම් ඕන එකෙකුට ගහත හැකි. හංගේරියානු රජා තමයි මේ කතාවේ ලොකුම මෝඩයා. තම සෙන්පතියන් දීපු දත්ත පවා ඔහු ඉග්නෝ කළා. හැමෝම එහෙම කළා නම් ඉතින් ජය නියතයි. ෆුල් ටොස් බෝල විතරක් දැම්මොත් සිම්කොක්ස් නොවේ ක්‍රිස් මාටින් හිටියත් ගහන්න තිබ්බා. දෙවෙනි තෙවැනි හංගේරියානු ආක්‍රමණ පරදා හන්ගේරියානුවන් මේක ඔප්පු කළා.
[තව කොටසක් ඇත]
තව තියෙනවා කරුණු.
ReplyDeleteමොන්ගලයින් අශ්වාරෝහකයින්. ඔවුන් තැනිතලා වල වීරයින්. රෝම සෙබළුන් පාබල හමුදා. ඔවුන් කඳු කරයේ වීරයින්.
මෙතෙක් මොන්ගලයින් කලේ සතුරා රවටා තනිතලාවකට ගෙන නැතිවෙන්න ගහන එක. ඕනෑම සටනකට එක පාරයි. එක පාරින් සතුරු හමුදාව ඉවර කර ගන්න ඕනේ. දෙතුන් පාර ඒකම සතුරාට ගහන්න බලයක් නැති නිසා ඔවුන් පසු බහිනවා [1270+ කාලේ නැවත හන්ගේරියාවට ගහන්න ගියාම උනේ මේක]
දැන් අපි යුරෝපය දිහාට යමු රුසියාවේ ඉඳං. හංගේරියාව හා ට්‍රාන්සිල්වෙනියාව [රුමේනියාව]තැන්නක්. එකනේ මොන්ගලයින්ට කලින් ආ අශ්වාරෝහක සටන් කරුවන් වන හන් වරුන් එතන හංගේරියාව හදන්නේ. හැබැයි ඊට පස්සේ ඇල්ප්ස් පටන් ගන්නවා. අද්රියාතික් මුහුදේ ඉඳං මේ අසීරු කන්ද යනවා ජර්මනියේ මැද ඒ කියන්නේ බොහිමියාමට විතර වෙනකම්. මේ කොටසේ අශ්වාරෝහකයින්ට සෙල්ලම් දාන්න බැහැ. මේ ස්වාභාවික පවුර බිඳ ගෙන අහාට යන්න අමාරුයි.
මේකමයි අයිබීරියාවේ වෙන්නෙත්. මුස්ලිමුන්ගේ තැනිතලා සටන් කරුවන් විසිගොත් ලා ගෙන් කන්නේ පිරනීස් වල [කලින් අපිනයින් කියා වරදවා ලියුවෙමි].
ඒ කියන්නේ පිරනීස් හා ඇල්ප්ස් කඳු වැටී නිසා රෝම රාජ්‍යය ආක්‍රමණය කරන්න කවදාවත් බැරි වුනේ. එහෙම නොවෙන්න රෝමේ කන්නේ බොහොම ඉස්සර. කවුරු නැතත් කාතේජ් වරුන් ගෙන් එනම් හැනිබල් ගෙන් කනවා රෝමේ. මිනිහා විතරයි මේ දුර්ග හරහා ගිහින් රෝමය ආක්‍රමණය කරං ඒකම කෙනා.
ඔන්න මං ලිව්වේ අත්‍යාවශ්‍යම කරුණු. මේ සංවාදයේ වැදගත් ම දෙය නම් ගෝල්ඩන් හෝඩයේ යුධ ශක්තිය."මොලේ විතරක් මදි මෙව්වෙකත් තියෙන්න ඕනේ" [-දුමින්ද සිල්වා ගේ කියමනක්]. ඉතින් උන්ගේ මෙව්වෙක ගැන බුරාගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
මොන්ගලයින් ගැන කියන්න වෙන අතුරු කතා නම් එමටයි. මං ඒවා මගහැර ගෝල්ඩන් හෝඩයේ යුරෝපා ගමන විතරක් අරගෙන කතා කරන්නේ.
[දැනට ඉවරයි. ආයිත් බුරාගේ උත්තරෙන් පස්සේ බලමු]
මේ ගණන ඉලක්කම් හොයා ගත්තේ බොහොම අමාරුවෙන්. සමහර ජනගහන මට එක්ස්ට්‍රා පොලේට් කරන්න උනා. සමහර රටවල් [කොකේසස්] ගැන ගෙස් කරන්න උනා. පර්සියාවේ ජනගහනය මනින්නේ එක සයිට් එකක ඒ ගණන සමුල ඝාතනය කල ගණන මත [ඉතුරු වුනේ හරි ටිකයි නේ] තීන්දු කරලා.
ReplyDeleteඉලක්කම් වැරදුනු තැන් ඇති. සිතියම් වල වැරදි තේරුම නොගත් කරුණු ඇති. ඒවා දකිනවා නම් කරුණා කරලා පෙන්නා දෙන්න.
ගෝල්ඩන් හෝඩයේ 1242 බලය 70000 යි කියා තිබ්බා [හන්ගේරියාවට 50000 යි, පොලන්තෙට 20000 යි]. මට මේ ගැන බුරාගේ මතය අහන්න ආසයි .
"බුරා
ReplyDeleteමෙහි නොබුරා
හොරා
මෙන් ඉග්නෝ කරා"
දෝ යන සැකය ආවාය.
නෑ නෑ.. මං මෙහෙ ඉන්නවා, පොඩ්ඩක් හිටපං හමුදාව රැස්කරගන්නකං.. :)
ReplyDeleteඑල එල
ReplyDeleteසුජීව ටිකක් කලබල නොකර ඉන්න බූර වලව්වේ ගෑණුළමයින්ට පිජාමා සූට් ගේන්න ගිහින් .කීයක් කියල වැඩද එයාට .හි හී
ReplyDeleteහපොයි මේ දෙන්නගේ කමෙන්ට් හටන .කියවලම පණ ගියා .අයියලා කෝපි වැඩිපුර බීලද කොහේ .
ටී ජී;
ReplyDeleteජෙන්ගිස් ගේ ස්පිරිට් එකෙන් තමයි වැඩේට බහින්නේ. ඒකනේ මේ තරම් ලොකු කොමෙන්ට් හටනක් ගියේ.
මොන්ගලයින් එක්ක හටන් සමාදාන වන්නේ රජ පවුලෙන් කසාදයක් එහෙම කරගෙන. ඉතින් බුරාගේ නංගි අතිශයින්ම "මෙව්වා" නිසා අවසානය තෙක් සටන් කර මලත් සමාදාන නොවීමට ද මා තීරණය කලෙමි.
හෙටට ලියන්නේ ඕනේ රිසච් සමරී වලට මොන්ගලයින් ගැන ලිව්වොත් කමක් නැද්ද කියා සර් ගෙන් අහන්නට හිතයි. වෙන මොකුත් කරන්න බැරි උනා.
උඹ ඊයෙ රෑ හොරෙන්ම ඇවිල්ලා night attack එකක් දීලා ගියා නේද..?? මට හමුදාව රැස්කරගන්න වෙලාව ගියා බං.. කොහෙද ඒ අවුඅස්සෙ ගෑණු ළමයින්ට පිජාමා අරන් දෙන්නත් වුනා නෙවැ.. වැඩ ඕසෙට :))
ReplyDelete.............................................................................................
"1242 දී ඕගදෙයි මලේ නැතිනම් බටුට රෝමය ඇල්ලිය හැකිද??
(1) උඹේ ජනගහන සංඛ්‍යා ටිකක් එහෙ මෙහෙ වුනත් සාමාන්‍යයෙන් ගණන් ගන්න පුළුවන්.. ඒත් මගේ ප්‍රශ්නෙ මේකයි.. ඔය උඹ කියන මිලියන ගානක ජනගහනයෙන් කීයෙන් කීදෙනාද trained soldiers ලා ඉන්නෙ..?? යුද්ධයක් වුනොත් ඔය මිලියන ගානම යුද්ධෙට එන්නෙ නෑ නෙවැ.. ඔතනින් 2/3ක් විතරම ඉන්නෙ ගෑණු හා ළමයි, උංට යුද්ධ කරන්න බෑ (සහ යුද්ධයකදී අමතර බරක්) නෙවැ.. ඒ එක්කම අනිවාර්ය යුධ සේවය කියලා එකක් නැති නිසා ඉතිරි 1/3 නුත් බාගයක් (හෝ සමහරවිට ඊට වඩා) ඉන්නෙ සාමාන්‍ය මිනිස්සු.. යුද්ධෙට එන්නෙ අනවරත යුධ පුහුණුවක් නැති සාමාන්‍ය සෙබළුන් හා නයිට්වරු හා (ඕන වෙලාවක සටන දාලා දුවන්න පුළුවන්)කුලී හේවායන්..
අනිත් අතට, අපි 20,000ක මොන්ගෝල් හමුදාවක් කියන්නෙ 20,000ක් trained & veteran soldiersලා.. ඒ බව අමතක කරන්න එපා.. ඒ නිසා මට හිතෙන්නෙ උඹෙ ඔය සංඛ්‍යා සංසන්දනය වැඩක් නෑ කියලයි..
"...Most European armies consisted of a few professional men at arms, and knights, and large levies of peasants or militia. Only the knights and the few professional fighting men trained regularly, and their training emphasized individual combat, such as jousting, rather than group combat tactics. The Mongol armies, by contrast, constantly practiced horsemanship, archery, and unit tactics, formations and rotations. This training was maintained by a hard, but not overly harsh or unreasonable, discipline..."
// [බුරා මට දෙන්න සාධක ඔයාගේ ලක්ෂ පහේ හමුදාවට - මට හොයා ගන්න බැහැ] //
මම කිවුවෙ ඉතිහාසය කියනවා ලක්ෂ 5ක්(ref #1) විතර කියලා, නමුත් සාධාරණව හිතුවොත් ලක්ෂ 1 1/2 ක් විතර කියලා.. ආපහු කියවන්න මම ලියපු එක.. මේ එස්ටිමේෂන් වැඩේ අමාරුයි, මොකද කියවන සෝර්සස් දෙන්නෙ එකකට එකක් වෙනස් දත්ත.. ඒත් අපට හිතන්න පුළුවන් ලක්ෂයක හමුදාවක් ගැන, පෙරමුණු ඔක්කොම එකතු කල පසු(ref #2) හා (ref #3)
ref #1. The Journal of the Royal Asiatic Society-The Mongol Army
ref #2. Europe on the Brink
ref #3. Batu Khan-Conquest of Russia
තවත් දෙයක් අමතක කරන්න එපා.. අවශයවුනා නං මිලියන ගානක හරි trained soldiersලා ගේන එක මහ කජ්ජක් නෙවෙයි.. අපි මේ කතාකරන්නෙ ඔගෙඩෙයි නොමැරුනු, සිවිල් යුද්ධය නැති, අතිරේක හමුදාව ඕන තරං තිබුනු මොන්ගෝලියාවක් ගැන..
[to be continued...]
(2) // හැබැයි යුරෝපය හරකුන් වගේ බලා උන්නා නම් ඕන එකෙකුට ගහත හැකි. //
ReplyDeleteඇත්තටම ඒක තමා වුනේ.. හැමෝම හිතුවෙ මොන්ගෝල්ස්ලා කියන්නෙ නිකංම ගහලා දුවන බාබේරියන්ස්ලා කියලා.. ඒ අන්ඩර්එස්ටිමේෂන් එක නිසා තමා එයාලා කන්නෙ.. මේක එවැලුවේට් කරන්න තරං නිදහසක් යුරෝපයට ලැබුනෙ බටු හමුදාව විඩ්‍රෝව් කරපු නිසා අස්ට්‍රකාන්වලට.. එහෙම නැතිව ගහගෙන ආපු ගැහිල්ලට ගහන්න ලැබුනානං මේ චාන්ස් එක ලැබෙන්නෙ නෑ යුරෝපෙට..
"...While the king kept himself apprised of the situation in the rest of the country, he made numerous attempts to contact other rulers of Europe, including the pope, the Holy Roman Emperor, and the King of France, but none seemed interested, and all seemed to have the same profound misunderstanding of the threat posed by the Mongol armies, which stood by this time within a week's ride from the borders of France..."
.............................................................................................
(3) // ඒ කියන්නේ පිරනීස් හා ඇල්ප්ස් කඳු වැටී නිසා රෝම රාජ්‍යය ආක්‍රමණය කරන්න කවදාවත් බැරි වුනේ //
3.1 මොන්ගෝල්ස් ලා කාපේතියන් කදු තරණය කරගෙන ඇවිත් තමා හංගේරියාවට ගහන්නෙ.. ඒක නිසා අපට කියන්න බෑ එයාලා කදු තරණයේ අදක්ෂයින් කියලා
3.2 රෝමෙට ගහන්න ඇල්ප්ස් ක්‍රොස් කරන්නම ඕන නෑ.. ඊට යටින් ඇවිත් ගහන්න පුළුවන්.. ජර්මනියට ගහනවනං ඊට උඩින් ගිහින් ගහන්න පුළුවන්.. බලන්න යුරෝපෙ භූවිෂමතා මැප් එක..
Geography of Europe
[to be continued...]
පොඩ්ඩක් හිටිං, මම කාලා ඇවිත් ඉතුරුටික ටයිල් කරන්නං.. :D
ReplyDelete(4) // මොන්ගලයින් අශ්වාරෝහකයින්. ඔවුන් තැනිතලා වල වීරයින්. රෝම සෙබළුන් පාබල හමුදා. ඔවුන් කඳු කරයේ වීරයින් //
ReplyDeleteමේක වැරැදි මතයක්.. මොන්ගෝල්ස්ලා හොද අශ්වාරෝහකයින් විතරක් නෙවෙයි, හොද පාබළ සෙබළුන්.. ඒ විතරක් නෙවෙයි ලෝයල් සෙබළුන්..
4.1 දන්නව ඇති මොන්ගෝල් හමුදාව හැදෙන්නෙ දශම ක්‍රමයට කියලා (10, 100, 1000, 10000 විදියට) මේ එක 10ක ගෲප් එකක් ගත්තොත් එයින් 6ක් ලයිට් කැවල්රි හා දුනුවායො, අනිත් 4 හෙවි කැවල්රි/ලන්සක්කාරයො.. මේ 10 ගෲප් එක අතිශයින්ම එකිනෙකාට ලෝයල්, මොකද එකෙක් හරි සටන දාලා පැනලා ගියොත් අනිත් 9 දෙනාටත් මැරුම් කන්න වෙනවා.. ඒ කියන්නෙ යුද්ධයකදී දාලා දුවන කතා නෑ..
අනිත් අතට යුරෝපියන් හමුදා හැදෙන්නෙ බොහෝවිට මර්සනරීස්ලා මත.. මෙයාලගෙ ලෝයලිටි එක අවිනිශ්චිතයි, ඕන වෙලාවක ගේම දාලා දුවන්න පුළුවන්.. හංගේරියන් යුද්ධය පැරදෙන්න එක හේතුවක් තමා සමහර නයිට්වරු යුද්ධය පැත්තක දාලා මංකොල්ලකෑම් වලට ගිය එක..
4.2 මොන්ගෝල් හමුදාවෙ වැදගත්ම දේ තමා එයාලගෙ ස්විෆ්ට් මොබිලිට් එක, මේ යුරෝපිය හමුදාවලට තිබ්බෙ නැති ඇඩ්වාන්ටේජ් එකක්.. හංගේරියන් ආක්‍රමණයෙදි සමහරවිට එක දවසක් තුළ සැතපුම් 100 පවා කවර් කරපු අවස්ථා සදහන් වෙනවා.. මේක ඒ කාලෙ අනිත් හමුදා අහලවත් නැති දෙයක්.. ඒ නිසා සතුරා බලාපොරොත්තු වුනාට වඩා කලින් ඇටෑක් කරලා (surprice attack) ඇඩ්වාන්ටේජ් එක ගත්ත අවස්ථා තියෙනවා..
යුරෝපිය හමුදා අනිත් අතට වැඩිපුර යැපුනේ හෙවි කැවල්රි මත, ඒ කියන්නෙ මොබිලිටි එක අඩුයි.. මේ නිසා මොන්ගෝල් හමුදාවලට පුළුවන් සතුරාගේ පැත්තෙන් හෝ පිටුපසින් හෝ ගිහින් ඇටෑක් කරන්න.. ඉතිං ශුද්ධ රෝම අධිරාජයා හමුදාව රැස්කරලා, යුද්ධටෙ ලෑස්තිවෙනකොට මෙයාලාට පුළුවන් ගිහිං ගහලා ආපහු ගෙදරත් එන්න..
[අතුරු කතාවක්:
It is more like T-34 of Soviet versus King Tiger of Germany tanks in the WW2, where T-34 absolutely won over Germany. T-34 was very weak armor but had very fast speed, wherease Tiger had the best artillery and the best armor.
T-34 could not directly destory Tiger in the front side due to Tiger's heavy armor in front side, but T-34 moves into flank side and fires the artillery, and then destroy Tiger so easily from peripheral parts of Tiger tanks, during which the Germans failed to defend its flank side effectively due to slow speed.
Most of tank to tank battle in the WW2 between Soviet and Germany were always that Soviet swiftly penetrated Germans from flank side and Germans had no idea where T-34 is coming from.]
4.3 තව දෙයක් තමා මෙයාලගේ ඔත්තු සේවාව.. ස්විෆ්ට් මූව්මන්ට්ස් නිසා ඔත්තු කාරයො සතුරගෙ රට ඇතුළටම යවලා විස්තර ගේන්න පුළුවන්.. බටහිර ආක්‍රමණයට අවුරුදු 10කට කලින් ඉදන් බටු හා සුබෝටායි ඔත්තුකාරයො යැවුවා කියනවා පෝලන්තයට, හංගේරියාවට හා ඕස්ට්‍රියාවට..
4.4 තවත් තියෙන මතයක් තමා යුරෝපියන් බලකොටු මොන්ගෝල්ස්ලට ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා කියන එක.. ඒ වුනාට අමතක කරන්න නරකයි චීනෙදි මේ වගේම බලකොටු මෙයාලා විනාශ කලා කියලා.. ඒ එක්කම සීජ් වෝරෆෙයාර් වලට අති දක්ෂයො කියලා.. අවශ්‍යවිටකදී වැටලීම් වලට human shields (ඛරාෂ්) වුනත් යොදාගැනීම මෙයාලගෙ තව ටැක්ටික් එකක්.. මොන්ගොල් හමුදාවෙ එක කොටසක් තමා ඉන්ජිනේරුවන්, හමුදාවත් එක්ක ගමන් කරලා අවශ්‍ය වෙලාවට on-site siege engines හදන්න මෙයාලා දක්ෂයෝ.. මේ හැමදේටම වඩා වැදගත් මොන්ගෝල් හමුදාව වෙඩිබෙහෙත් පාවිච්චි කිරිම..
4.5 මොන්ගෝල් හමුදාවෙ තවත් ටැක්ටික් එකක් තමා Psychological warfare හෙවත් සතුරා තුළ බිය ඇතිකිරීම.. මේ නිසයි අපට අහන්න ලැබෙන්නෙ අල්ලාගත් නගරවල සමූලඝාතන හා විනාශයන් ගැන.. සතුරාගෙ මොරාල් එක බැස්සුවම ගහන්න ලේසියි..
4.6 තවත් දෙයක් තමා උපායශීලි බව.. විශේෂයෙන්ම යුරෝපෙ වගේ එකාට එකා නැති තැනකදි උං උං කොටවන්න ලේසියි.. මම කියවලා තියෙනවා මතකයි කොහේ හරි වෙනිස් හෝ ජිනෝවා පොළඹවාගන්න තැත්කිරීමක් ගැන යුරෝපයේ රහස් ලබාගන්න..
හම්මේ, තවත් ලියන්න ගියොත් මොනා ලියවෙයිද දන්නෙ නෑ.. මීට වඩා ලේසිවෙන්න ඇති බටුට පෝලන්තෙට ගහන එක.. :))
කොහොමවුනත් මගෙ මතය තමා, ඒවෙලාවෙ ඔගෙඩෙයි මැරුනෙ නැත්තං යුරෝපා ආක්‍රමණයකට බටුට හොදටෝම අවස්ථාව,සම්පත්, බලය, හමුදාව, මොළේ ආදි හැමදෙයක්ම තිබ්බා කියන එක.. මේක once in a millennium චාන්ස් එකක්..
තව දෙයක් මතක්වුනා.. යුරෝපියන් යුද්ධවලදී නායකයන්ට ඇටෑක් කිරීම පහසුයි, මොකද එයාලා ඉස්සරහින්ම ඉදං යුද්ධකරන නිසා.. මෙඩීවල් වෝර්ෆෙයාර් වලදි Personal Valour එක මහ ඉහලින් සැලකුවා, ඉතිං එයාලා හැමවෙලේම ට්‍රයි කරන්නෙ ඉස්සරහින් ඉදන් ලීඩ් කරන්න.. මේ නිසා එයාලගේ වල්නරබිලිටි එක වැඩියි (හොදම උදාහරණය රිචඩ් ද ලයන් හාර්ට් පලස්තීනෙදි සාමාන්‍ය සොල්දාදුවෙක් අතින් මාරාන්තික තුවාල ලැබීම).. ඉතිං නායකයා වැටුන ගමන් හමුදාවෙ මොරාල් එක බහිනවා..
ReplyDeleteඅනිත් අතට, මොන්ගෝල් හමුදා කවදාවත් එයාලගෙ නායකයො එක්ස්පෝස් කරන්නෙ නෑ.. නායකයො හැමවිටම හිටියෙ සටන හොදින් පේන ආරක්ෂාකාරි උස් බිමක.. මේ නිසයි සුබෝටයි වගේ වයසක සෙනෙවියෙකුට පවා යුද්ධබිමට ගිහිං යුද්ධය මෙහෙයවන්න චාන්ස් එක ලැබෙන්නෙ..
ආයෙම මුල ඉඳන් කියවන්න ඕන . හරිම රසවත් මේ දෙන්නගේ යුද්ධේ . ඉස්සර කළා වගේ රජ මගුලකින් ශේප් වෙන්නත් බැහැ . බුරාගේ නංගිව දුන්න වුනත් සුජීව එයා අරන් ගෙදර ගියහම ඔහෙට මුණ දෙන්න වෙන සටනට සුබෝටයි නෙමේ ජෙන්ගිස් හිටියත් බේරෙනවා බොරු . ඒ හින්දා මෙතනම දෙකින් එකක් කර ගන්න .
ReplyDeleteමෙන්න තවත් කියවීමක්:
ReplyDeleteඅහලා තියෙනවද මොන්ගෝල්ස්ලගෙ biological warfare ගැන.. 1347 කෆා කියන ජිනෝවියන් නගරය වටලනවා ජනිබෙග් ගෙ නායකත්වය යටතේ.. මේ සීජ් එක අතරතුරේදි මහාමාරිය හැදුන මොන්ගෝල් සෙබලුන්ගෙ මළකදන් නගරය ඇතුළට විදිනවා කැටපෝල් ආධාරයෙන්.. මේකට බයෙන් පලායන ජිනෝවියන් වෙළෙන්දෝ දකුණු යුරෝපය පුරාම මහාමාරිය පතුරනවා.. 1300 මැද වකවානුවේ යුරෝපයේ පැතිරුන මහාමාරිය (black death) වසංගතයේ මුල මේකයි කියලයි කියන්නෙ..
@ Buratheno,
ReplyDeleteඔයාටයි සුජීවටයි කොහොම ස්තූති කරන්නද මට නම් හිතාගන්න වත් බෑ....
ඉතිහාසය නැවත කියවීම ..... මොන තරම් ආශ්වාදයක් ද කියල නැවත නැවත හිතෙනව ලිපි පෙල උඩ ඉඳන් පහලට පිළිවෙලට කියවන කොට.......ටීකා කියනවට වැඩිය මම කැමතියි ලිපි කියල කියන්න...( දන්නවද ටීකා කියන්නෙ කමෙන්ට්ස් වලට සිංහල වචනෙ.... අහල ඇතිනෙ...අටුවා...ටීකා...ටිප්පණී...පරිකථා.....කියල එහෙම )
/ මේකට බයෙන් පලායන ජිනෝවියන් වෙළෙන්දෝ දකුණු යුරෝපය පුරාම මහාමාරිය පතුරනවා.. 1300 මැද වකවානුවේ යුරෝපයේ පැතිරුන මහාමාරිය (black death) වසංගතයේ මුල මේකයි කියලයි කියන්නෙ.. /
මේ කතාව බුරා මම මුල් වරට ඇහුවෙ....ළඟදි මම Black Death ගැන පොඩ්ඩක් හොයල බැලුව මගෙ ලිපියකට...ඒත් ඔය කතාව මම දැක්කෙ නෑ....what a fascinating theory......
/ කොහොමවුනත් මගෙ මතය තමා, ඒවෙලාවෙ ඔගෙඩෙයි මැරුනෙ නැත්තං යුරෝපා ආක්‍රමණයකට බටුට හොදටෝම අවස්ථාව,සම්පත්, බලය, හමුදාව, මොළේ ආදි හැමදෙයක්ම තිබ්බා කියන එක.. මේක once in a millennium චාන්ස් එකක්.. /
ඔබ හරි...එක සුළු සිද්ධියක් නිසා මුලු ලෝක ඉතිහාසයම ආපසු හරවන්න බැරි විදිහට වෙනස් කරන්න පුළුවන්......
What might have been....Malli,.....what might have been?
@රවි අයියා,
ReplyDeleteමේක මතයක් පමණයි.. මෙන්න මෙතනින් කියවන්න පුළුවන් සාධාරණව ලියැවුන ලිපියක් මේ ගැන..
Biological Warfare at Caffa
හෙට රෑ වෙනකම් සටන් විරාමයක්. අපි ආපහු යනවා රුසියානු තැන්නට.
ReplyDeleteඔන්න ආයිමත් යුරෝපෙට ආවා.
ReplyDeleteමුලින්ම බලන්න මෙන්න මේ ලින්ක් ඒක. මං ඒ අතරේ බුරා දුන්නු කියවීම අභ්‍යාසය ඉවර කරන්නම්. මට තවම කියන්න කරුණු තියනවා.
ගෝල්ඩන් හෝඩය යුරෝපයට ඇතුළු වේ [ඇනිමේෂන්]
මේ යුටියුබ් ඒක තරම්ම ඉන්ටරස්ටින් ඒක පහල තියෙන සංවාදය. එතනත් මේ වගේම කතා වෙන්නේ මේ මාතෘකාව.
මෙන්න තවත් පට්ට සීන් එකක්.
ReplyDeleteලෝකයේ [යුරේසියා/අප්‍රිකාවේ] ශ්‍රේෂ්ට අධිරාජ්‍ය
අඩෝ උඹ අපට වීඩියෝ පෙන්නලා බය කරන්නද හදන්නෙ.. ඇනිමේෂන් එච්චර ගතියක් නෑ වගේ, නැත්තං ගේම් එක හොයාගෙන පොඩ්ඩක් ප්ලේ කරන්න තිබ්බා.. :))
ReplyDeleteනැවතත් ඇල්ප්ස් වලට. එක එක වැඩ යෙදුනු නිසා මේකට එන්න ප්‍රමාද වුනා.
ReplyDeleteබුරාගේ යුධතාක්ෂණ ගැන විස්තරය බොහොම අගෙයි. ඇත්තටම උන්ට සෑහෙන යුධ හැකියාවක් තිබ්බ. හැබැයි තවමත් ඉලක්කම් ටික යුරෝපේ පැත්තේ. මොකද මොන්ගලයින් විශාල රාජ්‍ය කිසිවක් පරදා නැහැ.
[[අවශයවුනා නං මිලියන ගානක හරි trained soldiersලා ගේන එක මහ කජ්ජක් නෙවෙයි. අපි මේ කතාකරන්නෙ ඔගෙඩෙයි නොමැරුනු, සිවිල් යුද්ධය නැති, අතිරේක හමුදාව ඕන තරං තිබුනු මොන්ගෝලියාවක් ගැන..]]
මේක වැරදියි. ජෙන්ගිස් මුලුබලය යොදා ඉරානයට ගහන්නේ වෙළඳ දුතයින් හා තානාපතියන්ට හිංසා කිරීමට පලි ගන්න. [සේද මාර්ගයේ ආරක්ෂාව මොන්ගලයින්ට හරිම වැදගත්]. මේ සටන දිනනවා. එහෙත් එකේ ප්‍රතිපලයක් හැටියට ජින් චීනය තුල කැරලි හට ගන්නවා. සමහර ප්‍රදේශ නිදහස් වෙනවා. ඒ නිසා ජෙන්ගිස් ආපහු ගිහින් කරන සටනකදී සිදුවන යම් සිද්ධියක් නිසා මිය යනවා [මේක කවුරුත් හරියටම දන්නේ නැහැ. ස්වාභාවික හේතුවක් වෙන්නත් පුළුවන් ලු]. ඊට පස්සේ ආක්‍රමණ වලට ප්‍රධාන හමුදා එවන්නේ නැහැ.
ඕගදෙයිට තම රාජ්‍යය රිසක් කරලා හමුදා එවන්න බැහැ. ඒ වගේම ගෝල්ඩන් හෝඩය සටන් කලේ ජෝකි එනම් ඕගදෙයි ගේ අර්ධ සහෝදරයා [බොර්ටේ ගේ දුෂකයින්ගේ පුතා] හා ඔහුගේන් පැවතෙන්නන් වෙනුවෙන් රාජධානි [ඛානෙට්] හදා දෙන්න. ගෝල්ඩන් හෝඩය සමන්විත වන්නේ ටර්ක් ජනයා ගෙන් මිස මොන්ගල/චීන ජනයාගෙන් නොවේ. අනික 1241 න් පස්සේ ආයිත් යුරෝපෙට ඇතුළු වෙන්න ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා ලක්ෂ එකහමාර තමයී ගාන.
[[මොන්ගෝල්ස් ලා කාපේතියන් කදු තරණය කරගෙන ඇවිත් තමා හංගේරියාවට ගහන්නෙ.. ඒක නිසා අපට කියන්න බෑ එයාලා කදු තරණයේ අදක්ෂයින් කියලා]]
මොංගල් වරුන් හංගේරියානු කාපේතියන් කන්දේ නැගෙනහිර පැත්තේ එන කොට ප්‍රමාණවත් ප්‍රතිරෝධයක් එල්ල වන්නේ නැහැ. එහෙත් එහි බටහිර පැත්තේ හා ඇල්ප්ස් වල තියෙන හංගේරියානු, ක්‍රොයේෂියානු හා ඩැල්මෙෂියානු බලකොටු අල්ල ගන්න ඔවුන්ට බැරි වෙනවා. ක්‍රොයේෂියානු හා ඩැල්මෙෂියානු ප්‍රදේශ වල ඉන්න කුඩා හමුදා වලින් කන්නේ පෝලන්තයට ගහල එන මොංගල් යුනිට් එක. වැඩි විස්තර ඊළඟ කොමෙන්ටුවේ ලියනවා.
[[රෝමෙට ගහන්න ඇල්ප්ස් ක්‍රොස් කරන්නම ඕන නෑ.. ඊට යටින් ඇවිත් ගහන්න පුළුවන්.. ]]
මෙතන තියෙන්නේ දුෂ්කර කඳුකරයක් හා කපොලු කිහිපයක්. එතරම් උස නැති කඳු ඔය සිතියමේ නැහැ. ඒත් හංගේරියාවේ ඉඳං කොයෙශියා හා ස්ලෝවේනියා [අද සිතියමෙන්] වෙරළ දක්වාම තියෙන්නේ කඳු. ගිහින් නම් නැහැ ඒත් මං ඔය හරිය ගැන සිරා ඩයිජස්ට් ආටිකල් එකකුත් කියෙව්වා. මෙතන තමයි කඩාන් ගේ කට්ටිය කන්නේ.
[[ජර්මනියට ගහනවනං ඊට උඩින් ගිහින් ගහන්න පුළුවන්.. බලන්න යුරෝපෙ භූවිෂමතා මැප් එක.]]
මේක හරි. පොලන්තේදීත් ඔප්පු වුනේ. එහෙත් මේ සටන යන්නේ ජනාකීර්ණ ජර්මනිය දිගේ. 100% අහවලා දිනයි කියන්න බැහැ. එ වගේම බටු මේ පාර තෝරා ගන්නෙත් නැහැ නේ.
[[මොන්ගෝලියන් යුධ උපක්‍රම]]
සිරා. ඇත්තෙන්ම තාක්ෂනෙන් උපරිම. හැබැයි රෝම අධිරාජ්‍යය මධ්‍යතන යුද්ධ කල ප්‍රධාන ආයුධය තමා දැඩි භක්තිය. මුලින් පැරදුනු කුරුස යුද්ධ ජය කරා රැගෙන ගියේ එයින්. මොන්ගලයින් ගහන්න ආවානම් එක කුරුස යුද්ධයක් වෙන එක නවත්තන්න බැහැ.
[[යුරෝපා සම්බන්ධකම්]]
වැනීසිය තමයි. මෙතන ඉතාමත් වැදගත් වෙන්නේ වැනීසිය උදව්වෙන් නාවික බලයක් ලැබුනොත්. එහෙම වුනොත් නම් සැහෙන අමාරු වෙනවා. කුරුස යුද්ධේ පරිවහන සේවා සපයුවට ඔවුන් කලේ සල්ලිවලට. වැනිසියේ ඔක්කොම ඉඳලා තියෙන්නේ ලොකාන්දයින්.
තව කොමෙන්ටුවකින් වෙනත් කාරනා කිහිපයක් ගැන කතා කරමු.
හංගේරියාව
ReplyDelete=======
මුලින්ම ගම්මු හංගේරියානු සටන. මේ සටන ගැන කියවන්න පුළුවන් මෝහි යුද්ධය සබැඳියෙන්.
- මට මතක විදිහට ගඟ පහලින් එන පාලමක් හන්ගේරියානුවන් කඩා දානවා. මේ නිසා පිටිපස්සෙන් සතුරාට එන්න බැහැ කියන විශ්වාසෙන් ඉන්නේ. සුබොටයි දවසෙන් පාලම හදනවා.
- බෙලා රජු වැරදි කිහිපයක් කරනවා. ඔහු කඳවුර හදන්නේ හදිසියක් වුනොත් පස්සට ගන්න බැරි විදිහට. ඔහු හිතනවා මොන්ගලයින් පරාදයි කියා. ජය සමරීමකුත් කරන අතරෙයි ප්‍රහාරය එන්නේ. කියුමන් වරුන් ගේ සහායක හමුදා වල ලොක්කව බෙලා රජු මරා දානවා. ඒ නිසා ඇතුලේ කචල් එකක් ඇති වී කියුමන් වරුන් යන්නේ හංගේරියානු ගම්වලට ගහලා.
- මේ අතරේ බටු ඉදිරියෙන් යන්නේ සුබොටයි පසුපසින් ඒවි කියා හිතාගෙන. බටු සැහෙන්න කනවා. මොකද හන්ගේරියානුවනුත් දක්ෂ සටන්කාමින්. මේ බුරා දුන් සබැඳියකින් උපුටා ගත් කොටසක්.
After two hours of agonized waiting for Subotai to show up, Batu in last resort set out his men in single rank, in a vast semi-circle around the Hungarians, knowing that one charge by the Europeans could spell the end for his army. There were perhaps three minutes of opportunity for King Bela which he failed to take – and then Subotai’s division, in precise mirror image of Batu’s semi-circle, completed the surrounding of the Hungarians.
- බලන්න කොයි තරම් වාසනාව මත මේක රඳා පවතිනවාද කියලා. ඒ බව ඔප්පු වෙන්නේ දෙවැනි හා තුන්වෙනි වතාවල මොන්ගලයින් හන්ගේරියාවෙන් කන නිසා. හැමදාම මේ විදිහට දිනන්න බැහැ.
- මෝහි පරාජයෙන් පස්සේ හංගේරියාව මුළුමනින් යටත් වෙන්නේ නැහැ. තැනිතලා දැනියුබ් නිම්නය පමණයි. කඳුකරෙයේ ඇති බලකොටු ඔක්කොම සුරැකිව පවතිනවා. ඒවායින් මොන්ගලයින්ට ප්‍රහාර එල්ල වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට ගියා නම් මේ බලකොටු වලින් නැවත සේනා සංවිධානය වී ඇවිත් පහර කන්න වේවි.
But while the Mongols claimed control of Hungary, they could not occupy fortified cities such as Fehérvár, Esztergom, Veszprém, Tihany, Győr, Pannonhalma, Moson, Sopron, Vasvár, Újhely, Zala, Lockenhaus, Bratislava, Nitra, Komárom, Fiľakovo and Abaújvár.
1241 අප්‍රේල් ඉඳලා 1241 දෙසැම්බර් වෙනකම් මොංගලයින් උත්සාහ කරනවා මේවා අල්ල ගන්න. ඒත් හරියන්නේ නැහැ.
- බටු කරන කපටි වැඩක් නොවෙන්න ඒ හැටි ජන සංහාරයක් වෙන්නෙත් නැහැ. මොකද ඔහු බෙලා රජුගේ රාජ සලකුණ සොරකම් කර එය යොදා ලියවිල්ලක් එවනවා හන්ගේරියානුවන්ට සිය නිවෙස් වලම ඉන්න කියා. නැතිනම් ඔවුන් කඳුකරයට පලා යන්න තිබ්බා. මේ ලියුම නිසා තමයි සැහෙන නිරායුධ හන්ගේරියානුවන් පිරිසක් මොන්ගලයින්ට හසු වන්නේ. ඒත් මුළු විනාශය 20% සිට 40% දක්වා. ඒ කියන්නේ හංගේරියානු ජාතිය නැත්තටම නැති කරන්න පුළුවන් වෙන්නේ නැහැ.
- පලා ගිය බෙලා රජු පස්සේ ක්රෝයෙශියාවට හා ඩල්මෙශියාවට [මේවා හංගේරියානු අධිරාජ්‍යයේ කොටස්] එලවන කඩන් ගේ මොන්ගලයින් නැතිවෙන්න කනවා. මේ පුංචි පුංචි නගර වලින් කන්නේ.
Some historians claim that the mountainous terrain of Croatian Dalmatia was fatal for the Mongols because of the great losses they suffered from Croat ambushes set up in mountain passes.
/* මේක තමා කිව්වේ කන්දේ සෙල්ලම් දාන්න බැහැ කියල. අනික ක්රෝයෙශියාව හා ඩල්මෙශියාව ඒ කියන්නේ අද්රියාතික් වෙරළ දක්වා කඳු තියෙන බවත් */
- ඉතාමත්ම වැදගත් දෙයක් වන්නේ බෙලා රජු නොමැරී හිඳීමයි. නැවත සේනා සංවිධානය කිරීමට මෙය පහසුවක්.
- මේ ඔක්කොම බැලුවොත් මට හිතෙන්නේ 1241 රෝමයට ගියා නම් පිටිපස්සෙන් හන්ගේරියානු ප්‍රහාරයක් එල්ල වෙන බව තමයි. එහෙම නැතිව හංගේරියානු කඳුකරය ක්රෝයෙශියාව හා ඩල්මෙශියාව සුද්ද කරන්න [මෙය නොකළ හැක්කක් නොවේ] වසර කිහිපයක් යාවි. ඒ වෙනකොට පරක්කු වැඩියි.
Ref: http://en.wikipedia.org/wiki/Mongol_invasion_of_Europe
පහත දැක්වෙන උපුටා ගැනීම වැදගත්.
Some[who?] claim that European survival was due to Mongol unwillingness to fight in the more densely populated German principalities, where the wetter weather affected their glue and sinew backed bows. The territory of Western Europe, with more forests and with many castles along with many opportunities for the European heavy cavalry (better and heavier at mêlée than the Mongol heavy cavalry) to counter-attack.[citation needed]
Some historians believe that the reason for Batu's stopping at the Mohi River, was that he never intended to advance further.[16] He had made the Russian conquest safe for the years to come, ...
ලොකු රාජ්‍ය
ReplyDelete========
අසල්වැසි චීනයත් එක්ක කල සටන හැර මොන්ගලයින් කිසිම ලොකු රාජ්‍යයකට ගහල නැහැ. චීනයත් එක්ක කල සටන වෙනස් එකක්. දෙගොල්ලෝ අසල්වැසියන්. මුලින් අල්ලන්නේ එතරම් එකමුතු කමක් නැති ජින් චීනය. ජනගහන අතින් දෙරට එතරම් වෙනසක් නැහැ. කොටින්ම ජෙන්ගිස් හා මොන්ගලයින් ගේ ලොකුම් ජය හැටියට විශ්ලේෂකයින් දකින්නේ ජෙන්ගිස්ට ඔක්කොම නෝමැඩික් කණ්ඩායම් එකතු කර ගැනීමට හැකි වීමලු. ජෙන්ගිස්ට වසර 1200 කට විතර කලිනුත් එහෙම වුන ගමන් චීනය අල්ලගන්නවා මොන්ගලයින්. මිලියන කිහිපයක් හුන් පර්සියාව ලොකු රාජ්‍යයක් හැටියට ගන්න බැහැ. ඒත් එක වෙනම ගන්නේ අනික් මොංගල් ජයග්‍රහණ සේරම කුඩා ඒවා නිසා. මෙතැනදී ලක්ෂ කිහිපයක් අරගෙන ඇවිත් ජෙන්ගිස් මුලුබලය යොදා ගහන්නේ වෙළඳ දුතයින් හා තානාපතියන්ට හිංසා කිරීමට පලි ගන්න.මේ සටන දිනනවා. එහෙත් එකේ ප්‍රතිපලයක් හැටියට ජින් චීනය තුල කැරලි හට ගන්නවා. සමහර ප්‍රදේශ නිදහස් වෙනවා.
හරි ඊළඟ ලොකු යුද්ධේ සෙට් වෙන්නේ බයිසන්ටයින් වරු එක්ක. මිලියන 10-30 විතර ඉන්න බයිසන්ටයින් අධිරාජ්‍යය රෝමේ වගේ විශාල එකක්. කොන්ස්තන්තිනොපලයේ විතරක් ලක්ෂ හතරක් පහක ඉන්නවා. එක ඒ කාලේ ලොකු සිටි එකක් [තවම කොළඹ නගර ජනගහනය ලක්ෂ හතයි].
බයිසන්ටයින් වරුන් දිහාට යන මුල්ම ප්‍රහාරය 1243 අනටෝලියාවේ [තුර්කියේ] මුල හරියේ රාජධානියක් අල්ල ගන්නවා. ඒත් එතනින් එහාට යන්න බැරිව හිර වෙනවා 1250 කාලේ වෙනකම්. මේ කාලය මොංගල් වරුන්ගේ අභ්‍යන්තර අර්බුද තිබ්බ කාලයක් [42-48] ඇතුලත් වුනත් ඊට පස්සෙවත් ගහ ගන්න බැරි වෙනවා මේ පෙරමුණට. අන්තිමේදී 1263 දී බයිසන්ටයින් රජුගේ දුවලා දෙන්නෙක් මොංගල් නායකයින්ට බන්දලා දෙනවා. ඊට පස්සේ මේ දෙන්න ක්‍රිස්තියානි වෙලා [සමහර මොන්ගලයින් ඒ වෙනකොටත් ක්‍රිස්තියානි චෙලා - මේක වෙනම කතා කරමු] බයිසන්ටයින් අධිරාජය වෙනුවෙන් යුද්ධ කරනවා. දෙගොල්ල අතරේ පුදුම සුහදතාවක් තියෙන්නේ. 1341 විතරක් මොන්ගලයින් එනවා කොන්ස්තන්තිනෝපලය අල්ලන්න. හැබැයි ඔවුන්ට එන්න වෙන්නේ වත් නැහැ.
ඇයි මොන්ගලයින් අනටෝලියාවේ හිර වෙන්නේ? හේතුව නාගරික ජනගහනය. දුෂ්කර කඳු වගේම අධික ජන ඝනත්වයක් ඇති ප්‍රදේශ හරහාත් එන්න බැහැ ලේසියෙන්.
හැබැයි මේ කොන්ස්තන්තිනෝපලය බුරා දුර්වලයි කියන රෝමානු [කෘසෙඩ්] හමුදා අල්ල ගන්නවා 1204. ලක්ෂ පහක ජනතාවක් ඉන්න නගරයක් අල්ලනවා. උන්ට යුධ බලයක් නැහැ කියන්න බැහැ.
Ref: http://en.wikipedia.org/wiki/Byzantine%E2%80%93Mongol_alliance
මෙන්න උපුටා ගැනීම්.
He signed a treaty in 1263 with the Mongol Khan of the Kipchak (the Golden Horde),[8] and he married two of his daughters (conceived through a mistress, a Diplovatatzina) to Mongol kings: ... Nogai Khan... Abaqa Khan.
According to a 1267 letter by Pope Clement IV from Viterbo, Abaqa had agreed to combine forces with his father-in-law Michael VIII to help the Latins in the Holy Land, in preparation for the Eighth Crusade (the second of Louis IX):
...
When Michael realized the importance of the Mongols and became an ally of Noghai, he used his help to defend himself against Bulgaria when it tried to attack the Byzantine Empire in 1273 and 1279.[11] A group of 4,000 Mongol soldiers were dispatched to Constantinople in 1282, just before the death of Michael, to fight against the despot of Thessaly.[12][13]
නිගමනය:
මේ ඔක්කොම බැලුවම පේන දේ තමයී විශාල රාජ්‍ය ඉදිරියේ සටන් කිරීමට වඩා හිතවත් කම් ඇති කර ගැනීමත්. ඒ රාජ්‍ය වල ආගම වැළඳගෙන ඔවුන්ට හමුදා සහය දීමත් කරපු බව.
මොංගල් පරාජයක්
ReplyDelete============
අපි උදාහරනෙකට ගම්මු ප්‍රධාන මොංගල් පරාජයක්.
1258 දී බැග්ඩැඩයට ගහන හුලේගු එය අල්ල ගන්නවා ඊට පස්සේ ඔහුගේ සොයුරා වන මොන්ග්කේ මිය යන නිසා බටු වගේම ඔහුත් යනවා කුරිල්තයි එකට. බැග්ඩැ ඩයට 25000 ක මොංගල් හමුදාවක් තියලා යන්නේ. ඊජිප්තු මැමලියුකයින් පහර දෙනවා මේ වෙලාවේ. බලය 120000. මේ 120000 පුහුණු සෙබළුන් නොවේ. මේ සටනටම හොයා ගත්තු එවුන්. 1:5 අනුපාතය යටතේ මොන්ගලයින් සුන්නද්දුලි වෙන්න කනවා. කොටින්ම සිරියාව දක්වා ප්‍රදේශත් අහිමි වෙනවා.
තමන්ට වඩා වැඩිපුර හමුදාවකට ගහන්න පුළුවන් කියන්නේ 1:2 වගේ අනුපාතයක්. 1:5 වගේ නොවේ. රෝමය ඉදිරියේ බටු 1:5 ටත් වඩා පස්සෙන් ඉන්නේ.
හරි යුරෝපෙට ගැහුවා කියමුකෝ. ඊට පස්සේ?
=============================
කේන්තියෙන් ඇල්ලු පර්සියාව හැරුණුවිට අනික් එක ලොකු රටකවත් සමුල ඝාතන කරලා නැහැ. ඔවුන්ට කරන්න බැහැ ඒ වැඩේ.
ඒ වෙනුවට මොන්ගලයින් ඒ රටවල සංස්කෘතිය වැළඳ ගැනීමක් කර තියෙන්නේ. අල්ල ගෙන ටික කලකින් මොන්ගලයින් එකිනෙකා කුලල් කාගෙන ඒ රටවල මතුවන බලයට පරදිනවා. රුසියාවේ උනේ මේකයි. මොස්කව් වලින් අන්තිමට කනවා ගෝල්ඩන් හෝඩය.
ඒ නිසා ලෝක ඉතිහාසයට මහා දෙයක් වෙන්නේ නැහැ.
අනික මේ යුරෝපෙට ආව මුල් ආක්‍රමණය නොවේ අන්දලුසියාවේ මුස්ලිමුන් හිඳිද්දී තමා ස්පාඥ්ඥය ජාතික රාජ්‍යයක් හැටියට මුහුදට බහින්නේ. බෝල්කන් කලාපය තුල ඔටෝමන් ව්‍යාප්තිය වෙන්නේ යටත් විජිත සමයේ හොඳම වෙලාවක.
අනික 1300-1400 ඇති වන වසංගත [බ්ලැක් ඩේත්] වලට සාපේක්ෂව මේ ආක්‍රමණයේ බලපෑම ඉතා කුඩායි.
කෙටියෙන් කිව්වොත් මොන්ගලයින් ගිය තැනක අවුරුදු 100 කට වඩා උන්නේ නැහැ. අවුරුදු 100 ක යටත් වීමක් යුරෝපෙට දැනෙන්නේවත් නැහැ.
සමහර විට මට හිතෙනවා පල්ලියේ බලය වැටිලා යුරෝපේ ඉක්මනින් දියුණු වෙන්න ඉඩ තිබ්බ කියලා. විශේෂයෙන් ගැලිලියෝ හා කොපර්නිකස් දෙන්නට නිදහස ලැබුනා නම්.
හරි ඔන්න බුරාගේ කතාවට විරාමයක් දීලා. මා දුටු සඳහන් කලයුතු කරුනු කිහිපයක් මෙහි ලියන්නම්.
ReplyDelete- ජෙන්ගිස්ගේ ලොකුම අචීව්මන්ට් එක දන්නවද? මොංගල් කණ්ඩායම් ඔක්කොම එකතු කර එක පෙරමුණකට ගනීමලු. එහෙම ගත්තම ඒක විශාල ජනගහනයක්. නිකම් නෙවෙයි සුපිරි අශ්වාරෝහකයින් ඉන්න.
- ජෙන්ගීස් චීනෙට ගහන්නේ වෙළඳ අර්බුදයක් නිසා. චීනෙට විවිධ ද්‍රව්‍ය විකිණීමෙන් තමා ඔවුය්න් ජීවත් වෙන්නේ. ජින් රජ පරපුර මේ වෙළඳාමට සීමා දාන නිසා තමයී යුද්ධ ඇවිලෙන්නේ.
- ජෙන්ගීස් පර්සියාවට ගහන්නේ තානාපති වරු බර ගානක් යවලා. යවන යවන එකාට වදහිංසා දෙනවා එහෙ රජා. සේද මාවතේ යන වෙළඳ දූතයින් අල්ලලා හිර කරනවා. එකයි ඇවිත් ගහන්නේ.
- මෙහෙම නැතුව අනික් අතින් ඔහු ඉතාම සාමකාමී මනුස්සයෙක්.
- චීනේ ඇල්ලුවට ජෙන්ගිස් ඉඳලා තියෙන්නේ මොන්ගෝලියාවේ හිටපු විදිහටම ගෝත්‍රික නායකයෙක් වගේ.
- ජෙන්ගිස් මැරෙන්නේ පර්සියානු යුද්ධේ නිසා චීනය තුල ඇතිවෙන අර්බුධ විසඳන්න යුද්ධ කරන්න ගිහින්.
- මොන්ගලයින් ලෝකේ අල්ලන්න යන්න හේතුව හැටියට සමහරු කියන්නේ මාර කතාවක්. මොන්ගලයින්ට මුණ ගැහෙන ක්‍රිස්තියානි පිරිසක් නිසා ඔවුන්ගේ මුල් ආගම ඒක දේව වාදයක් වෙනවලු. [මේ නිසා මොන්ගලයින් බාගෙට ක්‍රිස්තියානින්]. ඉතින් එකදෙවියෙක් නම් ඉන්නේ රජුන් ගොඩක් ඉන්න බැහැ. එක රජෙක පමණයි. මුහුද හමුවෙන තුරු සියලු රාජ්‍ය එක්කෝ අපේ බලය පිළිගත යුතුයි නැතිනම් වැනසිය යුතුයි කියලා නියෝගයක් තිබ්බලු මෙන්න මේ නිසා. බලන් ගියාම ඒකත් පල්ලියේ බලල් අතක් හා ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක්.
- ජෝකි බටු ඇතුළු ගෝල්ඩන් හෝඩය තරම් අනික් මොන්ගලයින් නපුරු නැහැ, මේ පරපුරට ජෙන්ගිස් ගේ ජාන නැහැ, ජෝකි ගේ තාත්තා බොර්ටේ ගේ දුෂකයෙක් කියලයි කියන්නේ.
- 1258 ඉරාකය වනසන හුලේගු ඊළඟට ගහන්න යන්නේ ඊජිප්තුවට. ඊජිප්තුවට බැහැ මේ බලය පාලනය කරන්න. එදා ගැහුවනම් ඊජිප්තුවට සොරි වෙනවා. ඊට පස්සේ අප්‍රිකාවේ ලොකු රාජධානි වලට ඉන්නේ ලිබියාව දිහාවේ ඉන්න මුස්ලිමුන් හා ඉතියෝපියානු අධිරාජ්‍ය විතරයි. ඒවාත් පර්සියාවට වඩා පොඩියි. ඒ කියන්නේ යුරෝපෙට වඩා ලේසියෙන් අප්‍රිකාව අල්ල ගන්න තිබ්බා හුලේගු ට, අප්‍රිකාවේ සමක වනාන්තර හා කඳු ඇති උගන්ඩා ශයරේ කොන්ගෝ විතර දක්වා මුළු කලාපයම පහසුවෙන් අල්ල ගන්න තිබ්බ. ඒක ලෝකයට කරණ බලපෑම වැඩියි යුරෝපෙට වඩා. හිතන්න උතුරු අප්‍රිකාවේ ටුර්කික් ලොකු ජනගහනයක් හිටිය නම් ලෝකේ කොයි තරම් වෙනස් වේද? 1259 මොන්ග්කේ මැරෙන නිසා හුලේගු කුරිල්තයි එකට යන වෙලාවේ මැමලියුකයින් [ඊජිප්තුව] ඉරාකය හා සිරියාව අල්ල ගෙන මොංගල් වරුන්ගේ අප්‍රිකානු ප්‍රොජෙක්ට් එක ඉවරයක් කරලා දානවා.
- අන්තිමට මං ප්‍රශ්න දෙකක් අහන්නම්. කියන්න බලන්න.
1. මොංගල් ඛාන් වරයෙකුගේ නමින් නම් කර ඇති වර්තමාන රාජ්‍යය කුමක්ද?
2. ලොව වැඩියෙන් ම ජනප්‍රිය මොංගල් ඛාන් [රජතුමා] වරයාගේ නම කුමක් ද?
බුරාගේ කතාව් හරි වගේ. බ්ලැක් ඩේත් කියන්නේ බයෝ වෝර් එකක් තමයී.
ReplyDeleteමේ බ්ලැක් ඩේත් විකියෙන්.
"Plague was reportedly first introduced to Europe at the trading city of Caffa in the Crimea in 1347. After a protracted siege, during which the Mongol army under Jani Beg was suffering the disease, they catapulted the infected corpses over the city walls to infect the inhabitants. The Genoese traders fled, taking the plague by ship into Sicily and the south of Europe, whence it spread north.[22] Whether or not this hypothesis is accurate, it is clear that several existing conditions such as war, famine, and weather contributed to the severity of the Black Death."
ඔන්න මේක නම් යුරෝපෙට කෙලියා. යුරෝපෙන් 1/3 ක් විතර මලා මේකෙන්.
හෙහ් හෙහ්.. මෙන්න ප්‍රශ්නවලට උත්තර පළමුවෙන්..
ReplyDelete1. උස්බෙකිස්තානය: ඔස් බෙග් ඛාන් ගේ නමින්.
2. ජෙන්ගිස් ඛාන් වෙන්න ඕන නේ.
මචෝ,
ReplyDeleteඋඹයි මායි තව කොච්චර තර්ක කලත් මෙච්චර තමා.. මට නං දැන් කම්මැලියි ආයෙමත් යුද්ධ කරන්න, අර තිබ්බ ගෝ එක ගියා.. :)
මං කියන්නද මීට වඩා ලේසි වැඩක්.. අපි දෙන්නම යමු, ගිහිං හොයාගමු බටු ගෙ සොහොන.. හොයාගෙන බුවාගෙ ඇටකටු ටික ගොඩ දාලා, බුවාට ආයෙමත් පණ උපද්දලා බුවාගෙන් අහමු "බොට එදා අච්චර චාන්ස් එකක් තිබිලත් මොකද යුරෝපෙට ගැහුවෙ නැත්තෙ??" කියලා.. මොකද කියන්නෙ.. :))
// හිතන්න උතුරු අප්‍රිකාවේ ටුර්කික් ලොකු ජනගහනයක් හිටිය නම් ලෝකේ කොයි තරම් වෙනස් වේද? //
ReplyDeleteහෙහ් හෙහ්.. ඔන්න උඹත් මට කිය කිය 'සිම්කොක්ස් හිටියනං' කතාවක් දාලා.. :D
මෙන්න ඔස් බෙග් ඛාන් (උස් බෙක් ඛාන්/ඝියාත් අල්-දින් මුහම්මද් ඔස් බෙග්) ගැන විස්තර ටිකක්.. 1312 සිට 1341 දක්වා ගෝල්ඩන් හෝඩය පාලනය කල මෙයා යටතේ ගෝල්ඩන් හෝඩය එහි උපරිමයට ළගාවෙයි.. ඉස්ලාම් ආගම වැළදගෙන රාජ්‍ය ආගම බවට එය පත්කරන නමුත් ක්‍රිස්තියානියට හා පේගන් ආගම්වලටත් සලකයි.. මේ හේතුව නිසා XXII ජුවාන් පාප්තුමාගෙන් ස්තූති ලිපියක් පවා ලබයි.. මෙයාගෙ පුතා තමා කෆා නගරය වටලන 'ජනි බෙග්'..
බුරෝ උස්බෙකිස්තානේ හරි. දෙවන ප්‍රශ්නය "ට්‍රිකි" එකක්. හොඳට කියවපන්.
ReplyDeleteඅප්‍රිකාවේ වෙනස, හුලේගු ගේ බලය තරම් ලොකු බලයක් ඔහුට එරෙහිව නොතිබීම හා භුමියේ වාසිය [තැනිතලා]. අනික එතන මොංගල් වරු ගියා නම් බිහි වන්නේ අලුත්ම රටක්.
උස්බෙක් කාරයා තමා වැඩිම කලක් ගෝල්ඩන් හෝඩය පාලනය කරන්නෙත්. ඔකුන්ගේ ආගම් ගැන නම් කියලා වැඩක් නැහැ. ඉල්ඛානට් එකේ එකෙක් ඉන්නවා අබකා ඛාන් කියලා ඌ ක්‍රිස්තියානි [බයිසන්ටයින් කෙල්ලව බැඳලා පාප තුමාට ලියුම් යවන්නේ මු]. මල්ලි මුස්ලිම්, පුතා [අර්ඝුන් - මේ කියන්නේ මුගේ නම අර්ජුන් කියලද?] බෞද්ධ. ඔය ඕඩර් එකට බලයට එන්නේ. උන්ගේ ආගම අනුව යුද්ධ කරණ රටවලුත් වෙනස් වෙනවා.
හෙහ් හෙහ්.. එහෙනං ෂාරුක් ඛාන් ද..?? නැත්තං අමීර් ඛාන් ද..??
ReplyDeleteඅඩෝ බුරා. උඹ ගෙස් කරන්නේ.
ReplyDeleteහරියටම දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 1407-1417 කාලයේ රජකම් කල ශා රුක් ඛාන්.
පොරගේ නම ජෙන්ගිස් ටත් වඩා ප්‍රසිද්ධයිනෙ.
[[හොයාගෙන බුවාගෙ ඇටකටු ටික ගොඩ දාලා, බුවාට ආයෙමත් පණ උපද්දලා]]
ReplyDeleteමළමිනී වලට පන දෙන රිසච් එක කර කර හිටපු පාස්ටර් ලොරේන් ව පොලිසියෙන් ඇල්ලුවනේ. මේක කරන්නත් බැරි වෙයි.
මොන්ගලයින් ලෝකෙට කල ලොකුම සේවය තමා, අල්ලගන්න කොට මිලියන 120 ක් වෙච්ච චීන ජනගහනය මිලියන 60 බැස්සවීම. අද ලෝකේ චීනුන් ඉන්න තරමට එදා ඔහොම නොකරා නම් බඩු ම තමා.
ඒ වගේම රුසියානු ජාතිය මීට වඩා විශාල වෙන්න තිබ්බා සමුල ඝාතන නොකරන්න. රුසියාව ආයිත් සම්පුර්ණයෙන්ම හැදෙනවා 1400 විතර ඉඳලා.
බ්ලැක් ඩේත් උන්ගේ වැඩක් නම්; මේක නිසා යුරොපියන්ගේ ආගමික අන්ධභාවය නැති වුනා කියා කියනවා. බ්ලැක් ඩේත් ගැන නොර්වේ වලදී අහපු කතා වලට ඇඟේ හිරිගඩු පිපුනා. මිනිස් වර්ගයා නුහුරු අසනීපෙකට කොයිතරම් පහසුවෙන් ගොදුරු වෙනවද කියලා හිතුනම. නොර්වේ වල 1/3 විතර මැරිලා, රට පාලනය කර ගන්න බැරුව ඔවුන් බලෙන් ම එකතු වෙනවා යටත් විජිත යුනියන් එකකට ඩෙන්මාර්කය සමග.
මරණත් එක්ක ගොවිතැන හා ජන ජීවිත කඩා වැටිලා මහා සාගතයකුත් එනවා. නොර්වේ රජ බිසව රටින් බැහැර ගිය රජ තුමාට ලිපියක් යවනවා තමන්ට ආහාර නැහැ කියලා, හැකිනම් ආහාර ටිකක් සපයා දෙන්න කියා. ඒ රැජිනට නොර්වේ වල අන්තිම රජු [දැන් ඉන්න පරපුර 1905 දී අලුතෙන් ගෙන්නන කට්ටියක්] කුසේ ඉන්න කාලේ. රැජිනට කන්න නැති නිසා සේවිකාවන් බද ගින්නේ මිය යනවලු ආහාර පරිත්‍යාග කරලා.
// මොන්ගලයින් ලෝකෙට කල ලොකුම සේවය තමා, අල්ලගන්න කොට මිලියන 120 ක් වෙච්ච චීන ජනගහනය මිලියන 60 බැස්සවීම. //
ReplyDeleteසමහර තැන්වල කියනවා මේ ගැන මොන්ගෝල්ස්ලට දොස් කීම වැරැදියි කියලා.. එයාලා කියන්නෙ සංඛ්‍යාලේඛන වල වැරැදීමක්, මොන්ගෝල්ස්ලා මෙච්චර මැරුවෙ නැත කියලා..
ඔන්න උඹ වැදගත්ම දේ කියලා නෑ.. ෂා රුක් ඛාන් කියන්නෙ තමර්ලේන් ගෙ පුතා නේ..
ReplyDeleteඔව් ටමුර් ගේ පුතා. ටමුර් කියන්නේ ජෙන්ගිස් ලඟට සිරාම පොර නේද?
ReplyDelete[[මොන්ගෝල්ස්ලා මෙච්චර මැරුවෙ නැත කියලා.]]
ReplyDeleteකෙලින්ම මරුවා නොවේ එහෙත් අසීරු ජීවන තත්වය හා නිතර ඇවිලෙන යුද්ධ නිසා උපත් අඩු වෙනවා [කාටද වෙලාවක් තියේන්නේ?] මරණ වැඩි වෙනවා.
හැබැයි චීනයට බ්ලැක් ඩේත් බලපාපු හැටි ගැන කතා වෙන්නේ නැහැ. මේක අස්සේ ඒකත් තියෙනවා.
මේ කාලේ ලෝක ජනගහනය මිලි 450 ඉඳං 350 ට විතර අඩු වෙලා තියෙනවා, මුලිකවම වසංගත හා සාගත නිසා.
ටිබෙටයේ දලයි ලාමා නම් ගරු නම්බු නාමය ජීවමානු බුදුන් කියලා පිළිගත්තු ලාමාට පිළිගැන්නුවෙත් කුබ්ලයි ඛාන් කියලා වගේ මතක
ReplyDeleteස්තුතියි හසිත . මන් ඔය ගැන දැනන් හිටියේ නැහැ
ReplyDelete