Thursday, 6 December 2012
වටරවුමේදී මග ඇරුන ..කවි මිතුර
සන්තකට ,
අකුරු විතරක්ම තිබු
අකල් සමයෙක
හමු වූ කවි මිතුර
අප මග ඇරුන හන්දිය
ඔබට මතකද ...
වටරවුම හැරවුම
පහසු මාවත මටයි
ඔබ ගියේ රළු කටුක
වෙනස් පාරක හැඩයි
...අත ඇරුණු කවි අහුලන්න
හන්දියට ගොසින් බැලුවාම
ඔබ ගොසිනි බොහෝ දුර
මට වචනයක් වත් නොතියාම
...ඔබ ලියු පරණ කවී පමණක්
ඇලවෙනු දුටිම් තැන තැන
අලුත් පරපුර අලුතින්ම
කියවයි අකුරු ගැන ගැන ..
බැරි වුණත් බිතු සිතුවමක් වන්නට
ඉස්සර වගේ කියවා කියවා ඉන්නට
ඉඳහිටක දුක සැපක් අහන්නට
බැරිකමයි මට නම් තියෙන දුක
......කුඩා වූ පෘථිවියේ කොහේ හෝ
හමු වුණොත් අහම්බෙන් අතරමග
අහන්නට තිබෙන කප්පරක් දේවල් නොඅසා
එකම පැනයක් අසමි ..
''එල්පින්ස්ටන් හන්දියේ පෙට්ටි කඩයෙන්
බෙදා ගත් කහට තේ කෝප්පෙට
මම ණයද ?''
Labels:
කවි සහ කවි වගේ
Monday, 3 December 2012
අතු දියට වැටි ...දිය තරග නැගී......
ඊයේ සීතල වුනත් මිදුම තුනී වූ දවසක්..කාලෙකින් හොවැං කියම් වැව පැත්තෙ යන්න බැරි වුන නිසා රවුමක් ගියා.
මේ තමයි චිනය සහ යුද වදින්න ලබාදිපු රන් කඩුව ඉබ්බා ආපසු අරගත්තු තැන. ආයේ කඩුව කටු ගෙවල්වල දාලා පසු කාලෙක පරිස්සන් කරනවට වඩා ආපසු ගත්තු එක හොඳ වෙන්න ඇති.
අද මට කම්මැලියි වැඩි විස්තර කියන්න. පින්තුර විතරයි.
මේ වැව රවුම නගරයේ හදවත කියන්න පුළුවන්. ඒ වගෙම මෙතන තරමක උප සංස්කෘතියක් තිබෙන බවත් කියන්න ඕන. ව්‍යායාම කරන්න , පින්තුර ගන්න ආදරේ කරන්න , රස්තියාදු වෙන්න කියාපු තැන .
මේ වගේ ජලාශ මේ පළාතේ හැම තැනම . කොටින්ම පළාතේ ලොකුම වැව ආසන්නයේ තමයි අප ජිවත් වෙන්නෙත් . නමුත් මේ වැව විශේෂයි .
නගරයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් .
මේ ගැන ලියන්න නම් අපමණ දේ තියෙන නමුත් වෙලාව පිලිබඳ ගැටළුවක් තිබෙනවා . වසන්තය ඉවරයි . ලියන මුඩ් එකත් නැතිවේගෙන යනවා වගේ . පාසලේ නිවාඩුවට පෙර අන්තිම සති දෙක . විවිධ ක්‍රියාකාරකම් සිදුවෙන කාලේ .
මේ පාර නම් මුකුත්ම ගෙනියන්නේ නැහැ කියල හිතන් හිටි ගල් හිත උණු වෙන්න පටන් ගන්න කාලේ . සේද පසුම්බි ටිකක් , ලැකර් පින්තාරු ටිකක් , බම්බු වලින්හදපු පොඩි පොඩි විච්චුර්ණ ටිකක් ගන්න පරණ ටවුම දිහා රස්තියාදුවේ යන්නත් කාලේ .
ඉතින් ඒවා පැත්තකින් තියමුකෝ . මේ වැව වටේ ඇවිදීම ලස්සන අත්දැකීමක් .
පින්තුර අරන් විනාඩි දහයෙන් දෙන කැමරා ශිල්පියෙක්ට කියල ලස්සන පින්තුරයක් ගන්නත් පුළුවන් .
ආදරවන්තයෝ නම් බැංකුවක ඉඳගෙන ඈත බලන් ඉන්නත් බැරුවය දවසක් වුනත් ..
.
පන්සලට යන ගේට්ටුව ගාව කොටියා සහ මකරා
අධ්‍යාපනය සංකේතවත් කරන පින්සල් කුළුණ . ඔය ගල් වැටියට බඩ ගෑම අපේ දෙන්නගේ ආසම වැඩක්
යුගල පින්තුර ගන්න ආපු මනාල ජෝඩු දහයක් පහළොවක් බලා ගන්න පුළුවන් . මට මුණගැහුන ආරක්ෂක අංශ සාමාජිකයා සහ එයාගේ මනාලිය නම් බොහොම කැමැත්තෙන් පින්තුරේට මුණ දුන්නා . ඒ අතින් හරිම මිත්‍රශීලි අහිංසක කමක් මේ මිනිස්සු ළඟ තියෙනවා .
Cyclo කියන බයිසිකල් රික්ශෝවේ නැගල රවුමක් යන්නත් පුළුවන් .
ලොකු තැපැල් කන්තෝරුව .
නගරයේ දහස් වසර ගෙවුන නිසා ස්විස් රජයෙන් දුන්න ලොකු ඔරලෝසුව ...
ඔය සේරම කරන්න කම්මැලි නම් ගස් අතු දියට වැටි මවන මනරම් දසුන් දෙස බලා ඔහේ ඉඳගෙන ඉන්නත් පුළුවන් .

නැත්නම් කැසට් එකක් දාල නැටුම් උගන්නන තාවකාලික නැටුම් කණ්ඩායමක් එක්ක නටන්නත් පුළුවන් . ඉවර වෙලා තොප්පියට කියක් හරි දෙන්න විතරයි තියෙන්නේ .
ඔය සේරම කරන්න කම්මැලි නම් ගස් අතු දියට වැටි මවන මනරම් දසුන් දෙස බලා ඔහේ ඉඳගෙන ඉන්නත් පුළුවන් .
Labels:
ඇසට හසුවන මායිමේ සිට
Friday, 30 November 2012
පුංචි පැටව් සහ උන්ගෙ අම්මලා
''මන් ඉස්කොලේ යන්න ආස නැහැ. මට අම්මව මතක් වෙනවා'' මගෙ චුටි දු ඊයෙ එහෙම කිව්වා. '' ඒ වුනාට උදේ ඉස්කොලේ යද්දි නම් කිව්වා'' අද හරිම විශේෂ දවසක්.. මට අද ඉස්කොලේ කරන්න ගොඩාක් වැඩ තියෙනවා'' කියලයි.
අද වැඩියෙන්ම කැමැත්තෙන් ඉස්කොලේ ගියේ පරණ පොත් සල්පිලක් තියෙන නිසා.
ඉස්කොලේ ළමයින්ට තමන්ට වැඩක් නැති පරණ පොත් මේකට දෙන්න කියලා කියා තිබුණත් අපේ දෙන්නා නම් එක පොතක් වත් දුන්නෙ නැහැ.
''ඕන නැති පොත්'' කියල ජාතියක් අපේ දිහා නැති නිසා.
ඇඳුම් , කන කෑම එකෙන් භාගයක් වුණත් කාට හරි දෙන ළමයි ඒ වුණාට උන් මගෙම හින්දා පොත් නම් දෙන්නෙ නැහැ.
ඒකට මොකද දෙන්නා හම්බ කරන් තිබුණ සල්ලි ටිකත් අරගෙන තව මගෙනුත් ඉල්ලගෙන තමයි අද ගියෙ පොත් ගන්න.
අපේ පොඩි දෝනි එහෙම ආවට ගියාට සල්ලි හොල්ලන කෙනෙක් නෙමේනෙ . කිඩ්සානියා එකේ බොරු සල්ලි කොළ ටික වියදම් කරන්න බැහැයි කියල පොළොවෙ හැපුන හැටි මතකනෙ .
මෙගොල්ල සල්ලි හොයන හැටිත් අපූරු කතාවක් .
ඔන්න මන් සෝදලා තියෙන තාත්තගෙ රෙදි [ එව්වට කකුල් නැති නිසා කබඩ් වලට යන්නෙත් නැහැ ලේසියකට ] සමහර දාට මන් මෙ දෙන්නට කියනවා නවල දුන්නම කබඩ් වලට දාන්න කියලා .
මේ ඉතින් මේස් යට ඇඳුම් වගේ පොඩි පොඩි දේවල්.
මේගොල්ල ඒවා බෑග් එකක හෙම දාලා ස්කූටරෙන් තමයි බෙදා හරින්නෙ. හැබැයි නොමිලෙ නෙමේ.
කෑලි ගණනට අය කරන්නේ. ඒ සල්ලි වලින් අලුත් මේස් කුට්ටම් දෙකක් විතර ගන්න පුලුවන් .
ඩිස්කවුන්ට් සහ ෆ්‍රික්වන්ට් කාර්ඩ් ක්‍රමයක් [ මේ කාඩ් ක්‍රමේ අර ගුවන් යානා වල දෙන ජාතියෙ එව්වා. නිතර ගුවන් ගමන් යන අය දන්නවා ඇති . නැති අය කලබල වෙන්න ඕන නැහැ.
ගුවන් සමාගම් වලින් තමන්ගෙ ගුවන් යානාවල නිතර යන අයට යම් ශ්‍රේණි ක්‍රමයක් යටතෙ කාඩ් ලබා දෙනවා.
යන හැම ගමනකදිම ලකුණු එකතු වෙනවා. මෙ කාඩ් රිදි, රත්ත්‍රන්, ප්ලැටිනම් වගෙ නම් වලින් සහ තව එක එක ක්‍රම වලින් තියෙනවා.
ඒ ඒ කැටගරි වලට ඉතින් විවිධ වරප්‍රසාද ලැබෙනවා වැඩිපුර කිලෝ කිපයක් , ගුවන් තොටේදී විවේකාගාර පහසුකම් වගේ.
වසරක් ගානෙ මේ ලකුණු එකතු කරලා ගුවන් ටිකට්පත් ගන්නත් පුලුවන්. නැත්නම් යම් බඩු මිලදි ගන්නත් පුලුවන්. ඔන්න ඉතින් මන් කැලේ පැන්නා. මේවා නයි පොලොංඟු හෙම නෙවේ. ගුවන් ගමනක් කියන්නෙ ඉස්සර වගේ සුපිරි දේකුත් නොවේ. හැබැයි මේ දේවල් සමහරු නොදැන හෝ කම්මැලි කමට හෝ භුක්ති විඳින්නෙ නැහැ ගුවන් ගමන් ගියත් .
හරි ඔන්න ඔහොම කොච්චර ඩිස්කවුන්ට් දුන්නත් තාත්තගෙන් ගාණක් කඩා ගන්න කෙල්ලො දස්සයි.
හොඳම දේ ඉතින් මටත් පොඩි ගාණක් දෙන එක .
පොත් සල්පිලෙන් එන සල්ලි යම් යම් සුබසාධන වැඩට ගන්න බවයි කියන්නේ.
ඇත්තටම මට ලියන්න ඕන වුණේ ඔය එකක්වත් නෙමේ. ඊයෙ අපේ චුටි දුට හැංගි මුත්තන් කරන්න ඕන වුණා.
එයාට එහෙම එක එක ආසාවල් එනවා එක එක දාට. සෙල්ලම් කරලා අපි වේලාසන නිදා ගත්තා . හිනෙන් වගෙ මට මතක් වුනා පරණ පොතක්.
උදේම පොත් රාක්කේ ඇදලා පොත හම්බ වුණා. මේවා හැමදාම වෙන දෙවල් නෙමේ. ඒ කියන්නෙ පොත් සොයන එක නෙමේ. සොයන පොතක් හම්බ වෙන එක.
පුස්තකාලෙන් ගෙනා පොත නැති වෙලා සුමානයක් සෙවුවා. අන්තිමට පොත් ගොඩක් අස්සෙ හැන්ගිලා දුවිලි වැදිල තියෙද්දි සොයා ගත්තෙ.
මන් මේ හදිසියෙ හෙව්වෙ '' පුංචි පැටව් සහ උන්ගෙ අම්මලා'' කියන පොත.
චීන පොතක්. ලියා තියෙන්නෙ ජීආං යීමිං. අනුවාද්ය සවිමන් ඌරුගොඩවත්ත.
අරුණ ප්‍රකාශකයින්ගෙ බෙදා හැරිමක්. මේ ටික ලිව්වෙ කාට හරි සොයා ගන්න ඕන වුණොත් කියල .
සත්ව ලෝකෙ අම්මලා ළමයි බලගන්න හැටි.මන් සහ මගෙ ළමයි ආසා පොතක්.
මගෙ චින පොත් එකතුවෙන් එකක්. මන් ආයෙම කියෙව්වා. රස දේ තනියම කන්නෙ මොකටද කියා සිතුනා.
'' කැන්ගරු අම්මාට ලොකු ඔඩොක්කුවක් ඇයි?
තම සිඟිති පැටියාට තුරුළු වී ඉන්නත්
කෑම බුදින්නත්
එය කදිමයි! ''
ඔන්න එක පිටුවක තියෙන දේ.
මේ පොතට මන් ආසා ලස්සණ පින්තුරත් තියෙන නිසායි.
අපේ චුටි දොනි ඉස්කෝලෙන් ගෙනාවා සත්තු සහ ඒගොල්ලගෙ ළමයි ගැන පොතක් ලඟදි.
කැස්බෑවො වගේ සත්තු පැටව් බලාගන්නෙ නැහැ කිව්ව්ම එයාට තරහයි. ඒ ගොල්ලො හරි නරකයි කිව්වා.
මෙයා ළමයින්ගේ අයිතිවාසිකම් ගැන බොහොම උනන්දුයි.
දවසක් මන් සැර කළහම කිව්වෙ '' මන් නම් ලොකු වුණහම මගෙ ළමයින්ට ඔයිට වඩා කරුණාවන්ත වෙනවා'' කියලයි.
ඕක අහල අක්කා කියන්වා ''අපෝ ළමයි හදන එක අමාරු වැඩක්...අපි නිකන් ඉමු ''කියල .
ආයේ දවසක් නිවාඩු දාක ඉස්කෝලෙ ලඟින් යද්දි මන් කිව්වා මන් මේ ඉස්කෝලෙට හරිම ආසයි කියල.
අක්කා ගත්තු කටටම කිව්වෙ ''ඔව් ඔයාට අපිව යවලා නිදහස් වෙන්න පුලුවන් හින්දා නේ ''කියලයි..''
මන් කිව්වා ටිකක් ඇත්ත කියල . ආදරේ කියන්නේ ඇඟේ අලවාගෙනම ඉඳිම නෙමේ.
කතාවෙ මුලයි මෙතනයි සම්බන්ධ වෙන්නේ දැන් .
මතකනෙ චුටි දුව ඊයෙ රෑ කිව්වා මාව දාල ඉස්කොලේ යන්න බැහැ කියලා. ඒ වුණාට එයා වැඩ ගොඩක් ඇතැයි කියා ඉස්කොලේ ගියා
ඒ ගැන අවුල් වගේ නම් අපි චීන පොත්ගැන කතා කරමු.
අද මට ආයෙ එන්න වෙන්නෙ රෑ වෙලා. හවස සෙල්ලම් කරන්න යනවා. ඊට පස්සෙ ඉස්කෝලෙ සංගීතයක් බලන්න යනවා.
ප.ලි.
විජේසේකරෙට මාරු වෙන්න බුරා සහ ජනූ [ සේරම විස්තර කියලා දැනටමත් මාව තල්ලු කරන ජනූ නගා].. උදව් කරමින් ඉන්නේ.
බුරෝ ..නණලළ ගැන කල්පනා කරද්දි මට දැනෙන්නෙ සෑහෙන්න අමතකයි කියලයි මට. ටිකක් ඉගෙන ගන්න ඉන්නේ . අපේ ලමයින්ට මං තුමි නෙ ඔව්වා උගන්නන රාජකාරිය බාර අරන් ඉන්නේ.
Labels:
ජිවත් වෙද්දී ..
Wednesday, 28 November 2012
හැඳි මිටෙන් ගිලිහී...සිතේ සිතුවිලි මිහිරී...
එලියේ සිතල මිදුම. අහස තනිකර අලු පාටයි .
ඊයෙ මෙට්‍රො සුපර්මාකට් ගියාම ජමනාරන් දැක්කා .ගෙදර ගෙනාවා. හරිම සුවඳයි.
මේ නාරන් දොඩම් කාලය. මෙට්‍රො කියන්නෙ මහා විශාල වෙලඳ සැලක්. මාසෙකට දවසක් පමණ යා යුතු තැනක්. කාලයයි සල්ලියි දෙකම වැය වෙන තැනක්. කෙලවරකින් පටන් අරන් සේරම රාක්ක දිහා බල බල යන එකත් එක විදිහක විනෝදයක්.
ගොඩක් දේශිය ජනතාව මෙතනට එන්නේ තොග වශයෙන් බඩු ගන්න.
අපි යන්නේ අනෙක් කඩවල සොයාගන්න බැරි දේවල් විශේෂයෙන් පොලේ යාමට වඩා තරමක් පහසු නිසා. මිල ගණන් සඳහන් නිසා ගැටලුවකුත් නැහැ .
අනෙක් දේ තමයි ආනයනික රට සඳහන් වීම. චින ලොකු අය්යා ගෙ අනෙක් දේවල් ගැන අවුලක් නැහැ . ඒ වුනත් කෑම බීම ගැන විශ්වාසයක් තියන්න බැහැනේ.
මෙට්‍රෝ ගැනත් නම් සෑහෙන්න ලියන්න පුලුවන්. ඒ වුනත් ලියන්න කියල මගෙ අත කෙනිත්තුවෙ මෙට්‍රෝ නෙමේ.. ජම නාරන්. නාරන් කියන්න බින්දුව දාන්න ඔනෙ තමයි . බින්දුව සොයන්න කම්මලි නිසා හල් නයන්නෙ නාරන් කමක් නැහැනෙ.
මාරයාගෙ බ්ලොග් එකේ හැලප කඩේ චෝදනා කර තිබුණා අකුරු වැරදිම් ගැන. මගෙ අතිනුත් සෑහෙන්න වෙන්වා .දැනගෙන කම්මැලිකමට, අමතක වීම වගේ කාරණා නිසා. අනික එච්චර සැලකිල්ලෙන් ලියන්න ගියහම මට එපා වෙනවා.
ඒ හින්දා මෙතන වෙන වැරදි නම් බරපතල එකක් ඇරෙන්න වැඩිය ගණන් ගන්න එපා.
ඉතින් ඔන්න ජමනාරන් ගෙනාවා. ඉස්සර කහවතු යද්දි රත්නපුරෙන් බස් එකට නගින වෙලෙන්දන්ව මතක් වුනා.
කෝ රත්නපුරෙ කට්ටිය අත උස්සන්න බලන්න. ඒ අය නම් දන්නවා. රටකජුයි , ජමනාරනුයි , ඉඟුරු දොසියි...
[රන්ගිගෙන් නම් මන් දැන් ගුටි කනවා.]
බස් එකම නාරන් සුවඳයි. අපිත් ඇහැලියගොඩින් නවත්තල මොනව හරි කාලා හිටියට මෙ වෙද්දි බඩගිනියි. ඊටත් වඩා පොඩි වුන් කොයි වෙලෙත් මොනවා හරි හපන්න ආසයිනෙ . අනික උදේ පාන්දර ගෙදරින් ඇවිත් තිබුණෙත් තේ විතරක් බිලා.
අද උදෙ හරිම සිතලයි ඇහැරවගන්න බැරිම තැන ඔය කතාව කියලා තමා දෙන්න ඇහැරෙව්වෙ.
[උදේට ඇහැරවිම ගැන වෙනම ලිපියක් ලියන්න ඕන. මාත් කතන්දර වගෙ කත්න්දර වලට ලෝබ වෙන්න ඕන .]
අපෙ දෙන්නා හරි ආසයි මගෙ අතීත කතා අහන්න. ඔන්න ඔය ගැන කියලා උදේට කන්නත් දුන්නා ජමනාරන්.
''ම්ම් එච්චර රස නැහැනෙ.''
ඔන්න ඔහොමයි මගෙ ආදරණිය ජමනාරන් වලට කෙල්ලන් පිටුපෑවෙ.
ඒ වෙලේ මට දාර්ශනික සිතුවිල්ලක් පහල වුනා.මේක එච්චර අලුත් සොයා ගැනිමක් නොවේ. නමුත් මාත් එය පරික්ෂණ මගින්ම ඔප්පු කලා.
එනිසායි අපමණ යුතුකම් වගකිම් පසෙක ලා මෙතන ඉඳගෙන ලියන්නට ගත්තේ. එවන් කල්පනා හැඳිමිටෙන් ලිස්සා ගොස් හොද්දට වැටී හෝ රෙදි බේසමක සබන් පෙන අතර දියවි එසේත් නැතිනම් පිඟානක ඉතිරි වූ ඉඳුල් සමග කුණු බක්කියකට වැටී අපතේ යා යුතුද..?
මගෙ වාසනාවට එහෙම වෙන්න ඕන නැහැ කියන මනුස්සයෙක් ජිවිතේ බෙදා ගන්න ලැබිල තියෙනවා.
''''''රසය කියන්නේ දිවට පමණක් දැනෙන දෙයක්ද.? බොහෝ මිහිරි රසයන් අතිත සුවඳවල්...අතීත මතක හා යා වී ඇති විටයි රසයක් වනුයේ .'''''
ජම්නාරන් මගේ දිවට මිහිරක් වන්නේ මේ ජමනාරන් බිකක් සපන විට දිව දිගේ ගොසින් රත්නපුරයේ '' නාරන්,ජමනාරන්,, ඉඟුරු දෝසි ''වෙලෙන්ඳන්ගේ හඬත්...එවායේ සුවඳත්.. ආච්චිලාගෙ ගේ පිටුපස ගල් වැටිය උඩින් තිබු ජම නාරන් ගසත්, ආච්චිත් ඇතුලු ළමා මතකයන් සියල්ලත් අවුස්සන බැවින්මය.
වැඩිමනක් සිතද්දී දිවට පමනක් නොවේ නහයට , කනට , ඇසටද පොදු සත්යයකි.
ඇතැම් ගීත වලින් එහි ඇති අරුත් ..මිහිරි තාලයන්..අනගි කටහඬවල් යන සාධක සියල්ලට අමතරව එයිනුත් ඔබ්බට ගිය සන්වේදනයක් ඇති වන්නේ මෙම නිසාමයි.
අපේ ලමයින්ටද දිනෙක මෙවන් දේ සිතෙනු ඇත. ඔවුන්ටද ජමනාරන්ම මිහිරි වේ යයි අප සිතුවොත් වරදක්ය. ඔවුන් තම තමාගේ මතක ඔස්සේ ජිවිතයේ මිහිර විඳිමයි වඩා වැදගත්.
Labels:
අතීතයේ මිහිරි මතක
Tuesday, 13 November 2012
කජු කිරි
සිරාගේ කජු මුලේ කතාව කියවල මට කජු කතා මතක් වුනා . මන් කජු කන්න ආසයි . මෙහෙ කජු හරිම පිලිවෙලට පැකට් කරලා විකුණනවා . හැබැයි සේරම යන්තමට හරි බැදලා .ඒවා උයන්න හරි නැහැ.
හො චි මින් වල ඉන්න කාලෙ බෙන් තාන් මාක්ට් එකේ තමයි අමු කජු තිබුනෙ . බනිලගෙ තාත්ත දැනුත් එහෙ යන එන නිසා කජු ටිකක් නම් වරදින්නෙ නැහැ අපෙ දිහා .
දැන් මෙහෙම රත්තරන් වගෙ වුනාට අපි කිරි කජු කෙල්ලො කාලෙ අපිට කජු වලින් අඩුවක් තිබුනෙ නැහැ..
අපේ පැත්තෙ බොහොම කජු ගස් තිබුණා. අපි පොඩිම කාලේ හිටිය අපෙ නොවුනට අපේ වගෙ පලතුරු කාපු ලොකු වත්තෙ කජු ගස් තිබුණා. අපි අහුලන් ආවම අම්මා ඉඩක් ඇති විටක කපල දුන්නා.
අමු කජු ටිකක් කඩලා ඉව්ව වෙලාවලුත් තිබුණා.
ගවුම් වල කජු කිරි ගෑවුනොත් ඉවරයි. යවන්න ක්‍රමයක් තිබුණෙම නැහැ.
කජු කපන එක නම් මහම එපාකරපු වැඩක් . මන් නම් කවදාවත් කරලා නැති වැඩක්..කජු කිරි ගෑවුනහම හම පිච්චුනා වගෙ කහට බැඳෙන්නෙ.
කජු පුහුලන් කපලා ලුනු දාල කනවා. සමහර ගස් වල පුහුලන් රස වැඩියි. වවුලන් තමයි ඉතින් ඔය රස වැඩිය දන්නෙ . පුහුලම කාල හපයත් එක්ක කජු ගෙඩිය බිම දාල යනවා .
සමහර විට අපිට හම්බ වුනා යන්තම් පැලවිගෙන එන කජු. ලා කොල පාටට කජු මදය පැලයක් වෙන්න ඔන්න මෙන්න. අමුතු රසයක් තියෙනවා . සමහරු කාලා ඇති .කජු ගහේ මැලියම් සරුන්ගල් අලවන්නත් අපට උදව් වුණා .
[මගෙ ඊශ්‍රායල් මිතුරිය හරියට පුදුම වුනා කජු පොකුරක පින්තුරයක් දැකලා.]
තව අපේ ගමේ ලොකු කජු වත්තක් තිබුණා. එයට කිව්වෙ කජු හේන කියලා. ඒ ඉඩම අයිති ගෙදර අක්කලා අපිත් එක්ක යාලුයි . අපිත් යනවා කජු කඩනවා බලන්න. හරිම විනෝද ගමන.
ඒ වත්තෙ කජු ගස් රාශියයි..වැඩට ඉන්න කට්ටිය කජු කඩලා ගෝනි පිටින් අරන් එන්නේ.
''චුටි බත් කෑවද'' අහන ගිරවෙකුත් හිටියා ඒ ගෙදර.
කජුයි මෙ ගිරවයි එක්කම මට ඒ කාලේ ටක් ගාලා ඔලුවට එන්නෙ ''කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා'' කියන රබන් පදේ.
.එක එක ගස් වලට නම් පවා තිබුණා. එක නමක් මට මතකයි ;;ආප්ප කජු ගහ'' . නම් වගෙම කජුත් වෙනස් . ලොකු පොඩි රතු පුහුලන් කහ පුහුලන් වගෙ වෙනස්කම් තිබුණා.
අර කිව්ව කජු හේන පසු කලෙක කුට්ටි කරලා විකුණුවා. ගමෙන් භාගයකට වඩා ඉඩම් තිබුණ එ පවුලට වුණ දේවල් නවකතාවක් ලියන්න තරමයි. කවදහරි දවස්ක කොහේ හෝ ලියා තබන්න ඕන.
කුලී ගෙවල් වල උන්න අපිත් ඒ ඉඩමින් තමයි කෑල්ලක් ගත්තේ.
.කජු ගස් කැපිලා ගෙවල් හැදුණ. එක් ලොකු කොටසක් ගත්තු කෙනා විතරක් එහෙම්ම තිබ්බ නිසා ගහක් දෙකක් ඉතුරු වුණා.
එතරම් සරුසාර ගස් නෙමේ. කොලු කුරුට්ටන්ගෙ පොලු පහර වල් නිසා ඒ ගසුත් නැති නාස්ති වුණා.
අපෙ ඉඩමෙත් පුන්චි ගහක් තිබුණා. පසු කලෙක කපා දැම්මා.
මෙ සියල්ලටම වඩා අපුරු කතාවක් තියෙන්වා. එකම එක ලොකු කජු ගහක් අපෙ ඉඩමට කිට්ටුවම අර ලොකු කොටසෙ තනියම විශාලෙට අතු පතර විදාගෙන හැදි වඩුණා. පලාතටම සෙවණයි. හරියට නුග ගසක් වගේ. කජු වාරෙට ගමේම කොල්ලො එතන. ගෙඩියක් පැහෙන්න දුන්නෙම නැහැ. ගිරවුන් නිතරම දකින්න ලැබුණා. අනික් නොයෙක් කුරුල්ලොත් ලේන්නු හෙමත් හිඟයක් තිබුණෙ නැහැ. කොහොමත් ඉඩමට පහල පුරන් වු වෙල් යායක්...
එන්න එන්නම ජනාකිර්ණ වුණත් කාර්මික ජනපදයක් පෙනෙන මායිමෙ වුණත් පොඩියක් හුස්ම ගන්න පුලුවන් කම තිබුණා අපේ පලාතෙ මිට ටික කලකට පෙර වෙනකම්ම.
මේවා වෙනම ලියන්න ඕන කාරණා.
මට අද හිතෙන විදිහට කජු ගස වටා උප සන්ස්කෘතියක් තිබුණා වගේ දැනෙනවා.
අයිතිකාරයින්ගෙ සොයා බැලිල්ලක්, වැටක් මායිමක් මුකුත් නැතුව ඔහෙ තිබ්බ මේ මහ ගස මට නම් සිහි කලේ අසරණ මනුස්සයෙක්. අහල පහල මිනිස්සු කුණු ගෙනත් දාන්නත් පුරුදු වුණා. ඩෙන්ගු බෝවෙයි කියල නිතරම ඔය කුණුගොඩ පුච්චන්නත් ආයෙ නොදමන්නත් කට්ටිය විටින් විට කතා වුණා. මහජන සෞඛ්ය පරික්ශක ගෙනත් පරික්ෂණයකුත් තිබ්බා.
හැබැයි ඔය එකක්වත් වුණෙ නැහැ. ඉඳල හිටල අපේ අම්ම හරි පහල ගෙදර අය හරි අතුගාලා පුච්චල දැම්ම විතරයි.
මොන කරදරක්ද මෙ කජු ගහ කියල අපට නිතරම තරහත් ගියා. හබැයි ඒ කරදර වලට වන්දි ගෙවන්න වගෙ හැන්දෑවට අපෙ මිදුලට තද ඉර එලිය එන්න නොදි හොඳින් බලා ගත්තෙ මෙ කජු ගහ තමයි.
මන් වෙන පලාතකට යන කොටත් ඔය කජු ගහ හොඳට තිබුණා.
අවුරුද්දකට විතර කලින් අම්මා කිව්වා කජු ගහ කඩාගෙන වැටුණා කියල .
එක්තරා යුග පුරුෂයෙක් වගෙ ...නැත්නම් අපමණ නින්දා අපහාස විඳපු ගැහැණියක් වගේ...
...
Labels:
අතීතයේ මිහිරි මතක
Monday, 29 October 2012
මහ වරුසාවට පසුව අහස් ලිය ....නීල සිනිදු සළුවෙන් සරසා
සුළඟ කලබල කලැයි..
දුකෙන් පසුවුන අහස
ඊයේ මුළු දවසේම
හොඳටෝම හැඬුවා....
....ඉර හරිම බියගුලුයි
පොඩි සුළඟටත් ගැස්සී
වලාකුළු කාමරේ
සිටියාලු හැංගි..
.... දඟකළ සුළං ගියෙදැයි
ජනේලෙන් එබී බලමින්
හෙමි හෙමින් ඉර ඇවිත් තිබුණා
..කඳුළු වලටම සේදී
අහස නව සළු පැළඳි....
සවස මනරම් ලෙසින් සිටියා ..
...හැරගියයි හිරුට දොස් නොකියා .....
හැංගිච්ච වැරද්දට පසුතැවි හොඳටම
ආයෙමත් රන් වලින් සරසා
අරුණි අක්කලාගේ ගෙවල් පැත්තේ සැන්ඩි කලබල කරද්දී මේ පැත්තටත් වැඩි සද්දයක් නැතුව පොඩි කලබල කාරයෙක් කඩන් වැදුණා.
පිලිපිනෙට බැට දීලා මේ පැත්තට එද්දී චණ්ඩි කම් අඩු වෙලා තිබුනත් තරමක විනාශයක් කරලා . හතරදෙනෙක් පමණ මියගිහින් . උස ටි වී කුළුණකුත් කඩා දාලා . මුහුදු යන්න බැරි වෙලා .
අද සවස වැස්සෙන් සේදුන අහස හරිම ලස්සනට තිබුණා .
ලියන මුඩ් එකේ අද මන් කොහොමත් හිටියේ . එහෙම එක එක මුඩ් තියනවා . උයන මුඩ් එකේ උන්නොත් හොඳට උයනවා . ලියන මුඩ් ඒක ආවොත් කෑම සවුත්තුයි . ඔය වෙස්ටර්න්, ඉතාලි ඉවිලි තමයි ඒ දවසට .
රෙදි සෝදන මුඩ් එකත් එන දවස් තියෙනවා . එදාට කෑල්ලක් ඉතුරු නොවෙන්න සෝදනවා . අවාසනාවට රෙදි මදින මුඩ් එක කියල එකක් මට නැති හින්දා අකමැත්තෙන් තමයි රෙදි මැදෙන්නේ. අපි ඒ ගැන සෑහෙන්න කතා කලානේ ..
කඩේ යන මුඩ් එක ආදාට ගෙවල් ඉස්සරහ විදියේ කෙළවරක ඉඳන් ඇවිදිනවා . සමහර විට පොළෙත් යනවා .
ලොකුවටම සිතක් ආවොත් හැනොයි නගර මධ්‍යයේ විදිවලත් ඇවිදිනවා . මේ මුඩ් එක එන්නේ කලාතුරකින්.
දැන් අහන්න එපා මුඩ් එකක් නැති දාට කන්නේ බොන්නේ කඩේ යන්නේ රෙදි සෝදන්නේ නැද්ද කියල . ඒවා වෙනවා හැබැයි කරන්න ඕන නිසා .
කිසිම මුඩ් එකක් නැති කම්මැලි දවස් වලට වැඩියෙන් ටීවී බැලෙනවා . මුඩ් ෆික්ස් කරන්න ඉඟුරු විස්කෝතු වත් නැති කොට මක් කරන්නද .
ආ අර වැස්සෙන් සේදුන අහසේ සඳ පායලා . තරුත් පිරිලා . අපිට තරු දකින්න ලැබෙන්නේ කලාතුරකින් . මෙතරම් තරු පිරුණ ලස්සන අහසක් මෙහෙදී ඔය දැක්කමයි.
අපේ ලොක්කියි මායි එයාගේ පුංචි ටෙලෙස්කොප් එකත් අටවාගෙන සඳයි තරුයි බැලුවා . ඒ ටෙලෙස්කෝප් එක ගෙනාවේ ඔබා මාම බලන්න ගිය ගමනේදී . ලොක්කි ගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් වුන ඔබා මාමගේ ''කළු'' එක්ක මිදුලට වෙලා තරු බලපු එක ගැන අපිට මතක් වුනා .
තරු වෙලා අහසේ දිලෙන්නේ
අපෙන් වෙන්වුන සොඳුරු මිනිසුන් නම් ....
ප ලි
පින්තුරවල අයිතිය මා සහ මගේ ෆෝන් පොඩ්ඩා සතුය
Labels:
කවි සහ කවි වගේ
Saturday, 13 October 2012
අලිය ගිලපු දිවුල් ගෙඩිය වැඩක් නැති වුනත් ....
[Picture from http://ecartoonman.com/2012/09/06/civet-coffee/ ]
අපි පොඩි කාලේ උගුඩුවන් ඕනෑතරම් හිටිය . හැබැයි උන් මොනවගේද කියල හරිහැටියකට දැකල තිබුනේ නැහැ . නිශාචරයෙක් නිසා වෙන්න ඇති . මොනවා වුනත් උගුඩුවා කියන්නේ ප්‍රියමනාප සතෙක් විදිහට නම් නෙමේ අපට දැනුණේ. රෑට කුකුලෝ හොරකම් කරන විත්තිය අහල තිබුන . උගුඩුවො එන හින්දා කුකුල් කුඩුව ගහක එල්ලලා තිබුනත් මතකයි.
ඒ මදිවට සමහර මිනිස්සුන්ව ඇටිකෙහෙල් කාපු උගුඩුවාට සමාන කරනවා වුනාට ඇටි කෙහෙල් කෑවම උගුඩුවට වෙන්නේ මොනවද කියල හොයල බැලුවෙත් නැහැ .
අපිට එහෙම වුනාට ඔය කෝපි වලට ඇබ්බැහි වෙච්ච අයට නම් උගුඩුවාAsian Palm Civet හරිම වැදගත් බව මන් දැන ගත්තේ ලඟදි .
[picture from http://en.wikipedia.org/wiki/Kopi_Luwak ]
ඉතියෝපියාවේ කල්දී කියන කොලුවා කෝපි සොයා ගත් බව තමයි එහෙදි මට අහන්න ලැබුනේ . කල්දී කියල කෝපි කඩ ජාලයකුත් එහෙ තියනව . ජාලයක් කිව්වට ඉතින් ''ස්ටාර් බක්ස්'' හරි ''කොෆි බින්ස් '' වගේ හරි පොෂ් නම් නැහැ . කොහොමත් ඉතින් වැඩිය හොඳ පුටු තියෙන්නේ වඩුවාගේ ගෙදර නෙමේනේ .
අපිට වැඩකට නැති උගුඩුවන් ජාවා , සුමාත්‍රා වැනි ඉන්දුනිසියන් දුපත්වලට නම් රත්තරන් වගේ . අපේ උගුඩුවන්ගේ එහෙ ඉන්න නෑයන් එච්චර වටින්නේ මොකවත් හින්දා නෙමේ උන්ගේ වසුරු නිසා . කෝපි ඇට ගිලල හෙලන වසුරුවල තියෙන නොදිරවපු ඇට මේ පලාත්වල මිනිස්සුන්ට රත්තරන් වගේ .
ඕලන්ද කාරයෝ මේවයේ කෝපි වගා කරලා තියෙන්නේ මුලින්ම . හැබැයි පසු කාලේදී ගමේ මිනිස්සුන්ට කෝපි ඇට නෙලා ගන්න තහනම් කරලා . මේ මිනිස්සු තමයි මේ වසුරු වල තියෙන කෝපි ඇට වලින් කෝපි හදන්න පටන් අරන් තියෙන්නේ .
මන් කෝපි ලෝලියෙක් නෙමේ නිසා කෝපි එක්ක වැඩි ආස්සරයක් නැහැ . යුරෝපිය වගේම අනික් ජාතිවල ගැහැණුත් බොහොමයක් කෝපි බොන්න රුසියන් . මන් ඉතින් තේ තමයි. දවසක් මට යාලුවෝ දෙන්නෙක් අඬගැහුව Cat poo poo කෝපි බොන්න යමුයි කියල . දැන්වීමකුත් පෙන්නුවා . නිකන්වත් කෝපි නොබොන මට ඔය ජරාව මොකටද කියල මන් ගියේ නැහැ . ඒ ගැන එහෙම්ම අමතක වුනා .
ඊයේ පෙරේදා '' අම්මට කියන්න එපා '' කියල ටිකක් අමුතු තැන්වලට යන නැෂනල් ජියෝග්‍රෆි නාලිකාවේ හාදයා බෝර්නියෝ පැත්තේ ගොහින් කල වැඩසටහනක් බලද්දී ආයෙම මේ ගැන කියවුනා . අපේ බනියටත් හරිම හිනා .
එවෙලෙමයි හිතුනේ මේ ගැන කියවල බලන්න . [මේ වගේ කියවල බාගෙට ලියල මග ඇරුන ලිපි කෑලි රාශියක් බ්ලොග් එකේ තියෙනව . මේක නම් ඉවරයක් කරනවා කියල හිතුනේ ටිජි අදත් මුණු පොතේ පණිවුඩයක් එව්වට පස්සේ.. මේ සතියත් කෙල්ලන්ට නිවාඩු . සම්පුර්ණ වගකීම බෑන් කි මුන්ගේ . මන් නම් අහිංසකයි ]
ටි ජි නගා කෝපි බොන එක නතර කරන එකක් නැහැ කියල මන් හිතනවා .
අපි වගේම ඉන්දුනිසියන් මැලේසියන් අයත් කියන්නේ කෝපි . මේ උගුඩු කෝපි වලට ඉන්දුනිසියන් බසින් කියන්නේ කෝපි ලුවක් . සුද්ද කියන්නේ නම් Civet coffee .
ඉස්සර ස්වභාවිකව කැලයේ හෙලන වසුරු එකතු කලත් දැන් දැන් කුඩුවල දමල කෝපි කන්න දීල වසුරු එක්කහු කරන තැනුත් තිබෙනවාලු. වැඩසටහනේ ගියපරිදි නම් මාස කීපයයි කුඩු කරන ඉන්නේ . අනේ මන්ද ඉතින් ඕව නම් .
පිලිපිනේ සහ වියට්නාමේත් මේ ක්‍රමය අනුගමනය කරන කෝපි වතු කීපයක් තිබෙන බවයි ආරංචි. මේගොල්ලන්ට ඕව එච්චර ජරාව නෙමේ .
වියට්නාමයේ කෝපි ජනප්‍රියයි බොහොම . දේශීය වගේම ජාත්‍යන්තර කෝපි කඩත් මෙහෙ තියෙනව . හැබැයි තවම මේ Civet Coffee එපමණ ප්‍රසිද්ධ නැහැ . මෙයාල කෝපි ජාතියක් තියෙනව තද කළු . හිමිට කෝප්පෙට පෙරෙන්න ඇරලා ගනකමට බොන . බොනවට වඩා කනවා තමයි ගැලපෙන්නේ .
මේ Civet Coffee තමයි ලෝකේ අඩුවෙන්ම නිෂ්පාදනය වෙන්නේ . ඒවගේම අස්ප ගණන් . බීපු උදවිය කියල තියෙන්නේ සතාගේ ආහාර මාර්ගයේදී යම් පමණකට පැසිමක් වෙන නිසා අමුතුම රසක් ඇතිලු.
ටි ජි නගා කෝපි බොන එක නතර කරන එකක් නැහැ කියල මන් හිතනවා .
අපි වගේම ඉන්දුනිසියන් මැලේසියන් අයත් කියන්නේ කෝපි . මේ උගුඩු කෝපි වලට ඉන්දුනිසියන් බසින් කියන්නේ කෝපි ලුවක් . සුද්ද කියන්නේ නම් Civet coffee .
ඉස්සර ස්වභාවිකව කාලයේ හෙලන වසුරු එකතු කලත් දැන් දැන් කුඩුවල දමල කෝපි කන්න දීල වසුරු එක්කහු කරන තැනුත් තිබෙනවාලු. වැඩසටහනේ ගියපරිදි නම් මාස කීපයයි කුඩු කරන ඉන්නේ . අනේ මන්ද ඉතින් ඕව නම් . පිලිපිනේ සහ වියට්නාමේත් මේ ක්‍රමය අනුගමනය කරන කෝපි වතු කීපයක් තිබෙන බවයි ආරංචි.
කෝපි ගැන මගේ මතක නම් කෝපි තරම් තිත්ත නැහැ . උගුඩු කෝපි තරම් අප්පිරියාත් නැහැ
. ලිපියෙන් පොඩි වංගුවක් ගහල මේ ටික මෙතනම ලියල දාන්නේ ආයේ කවදා කෝපි ගැන ලියයිද නොදන්නා නිසා.
අපේ රත්නපුරේ මහගෙදර කෝපි වවා තිබුණා. අවුරුද්දට ගියහම ආපහු එද්දී ආච්චි ඔතල දෙන ගොරක , කාරබු නැටි , ගම්මිරිස් , කැවුම් අතර කෝපි ඇටත් තිබුන . අපි කඩෙන් කෝපි ගේන පුරුද්දක් තිබුනේ නැහැ . පුරුද්දකට කෝපි නොබොන අපේ ගෙදර මේ කෝපි ඇට කාලයක් තිබුන . කාට හරි බඩ රිදුනහම අම්ම කෝපි ඇට ටිකක් කබලේ රත්කරල වංගෙඩියේ කොටනවා . හරිම සුවඳයි . අලුතින්ම කොටපු කෝපි දෙහි දාල බොන්න දෙනවා . බොන්න අකමැති වුනත් සුවඳට නම් හරිම ආසයි .
ආයේ අපි උන්න ගෙවල් පැත්තෙත් හැම ඉඩමකම වගේ කෝපි ටිකක් තිබුණ. ඒ අය වුනත් තම තමාගේ පාවිච්චියට මිසක් විකුණන්න තරම් උනන්දුවක් ගත් බවක් මට මතක නැහැ . කෝපි මල් තියෙන කාලෙට හරිම සුවඳයි. ලස්සන දත් පෙළක් සුදු පාට කෝපි මල්වලට උපමා කරනවනේ . කෝපි මල් සුවඳක් දැනුණේ නැහැ කාලෙකින් . එහෙම බලද්දී කොයිතරම් දේවල් මට මග ඇරිලද.
ඉදිලා රතු පාට වෙච්ච කෝපි ගෙඩි සුප්පු කරන්න අපි ආසයි ඒ දවස්වල . සුද්දා වවපු කෝපි වගාවට සුදු පුස් බෝවුන කතාවයි , කෝපි මල් වල සුවඳයි . අම්ම හදන කළු කෝපි එකේ සුවඳයි , කෝපි මල් හිනාව ගැන යි වගේ පුංචි දේවල් ටිකක් විතරයි මන් කෝපි ගැන දැන හිටියේ .
Labels:
ඇසට හසුවන මායිමේ සිට
Wednesday, 25 July 2012
මිනිසෙක් වූ බල්ලෙක් - අංක 2 ...සුරතලේට අලියෙක්
කොටස් වශයෙන් ලිවිම මහා කම්මැලි වැඩකි . මුලින් ලියද්දි එන ''ගැම්ම'' නැති වීම වගේම ''ලියල ඉවරයක් කරන්න ඕන යන'' කරදරකාර සිතුවිල්ලද නිසාවෙනි . බ්‍රවුන් බුලා සහ ටාසන් ට අමතරව විටින් විට විවිධාකාර බල්ලන් සිටි අතර පුසෙක් අනිවාර්යයෙන් ඇති කල බව මතකය .
ඊට අමතරව කොල්ලන් දෙන්නෙක් ගෙදර සිටි නිසා විටින් විට ලේන පැටවුන් , හාපැටවුන් ඇති කරන්නට කල උත්සාහයන්ද අඩුවක් නොවිණි. ඒ එක සතෙක්වත් දිග කාලයක් තබා ගන්නට බැරි විය . එක්කෝ පැන යයි . නැත්නම් පූසන් ගෙන් බේරන්නට බැරි නිසා අත අරියි .
මා කුඩාම කාලයේ , පාසල් යාමටත් පෙර කාලයේ අපේ ගෙවතු අල බතල සිටවනු ලැබූ සමයයි . එපමණක් නොව කහ , ඉඟුරු ආදිය විකුණන්නට තරම් පලදාව ලැබුනාද මතකයි. ඒ 70 දශකයයි . ඇතැමුන්ට මේ සමය හොඳින් මතකය .මේ ගැන විවිධ මත පලවෙයි. ඒ ගැන විචාරයක් කිරීමට තරම් ලොකු ළමයෙකු වී සිටියේ නැත . කවදත් අල්පේච්ච ගති පැවතුම් තිබු ලෝකය ඉහට කඩන් වැටුනත් ගණන් නොගත් අපේ තාත්තා සහ අපේ අනාගතය ගැන මහත් බලාපොරොත්තු රැඳවු ඒ සඳහා අපමණ කැපවීම් කල අම්මාත් අපි හතර දෙනාත් ඒ යුගය ගතකල ආකාරය ගැන මට ඒහැටි මතකයක් නැත .
ඇත්තේ කොයි ලමයාටත් ඇති සාමාන්‍ය මතක පමණි . එහෙත් ඒ දශකයේ අවසාන භාගයේ විසල් වෙනසකට හසු වූ ලාංකීය සමාජයේ පරිවර්තනය ගැන මට හොඳින් මතකය . දවසක ඒ ගැන කතා කරමු .
කියන්නට ගියේ බතල පාත්ති ගැනය . ළමා අප බතල පාත්ති වල සේවුයේ කුමක්ද ...මතක් කල විටත් සිනා නැගේ . ඔට්ටුයි කියන්නට බැරුවාට . අප සෙවුයේ හා බෙටිය . කුඩා රවුම් හා බෙටි කීපයක් එක තැන දැමීම හාවුන් ගේ ගතියයි. රවුම් හැඩති කිසිම ගඳක් නැති හා බෙටි ළමා අප තුල රුචිකත්වයක් ඇති කල හැටි අපුරුය .
හා බෙටි දුටුවිට අප වඩා ආසා පෙරදා රැයේ හාවුන් ආබවට එය වටිනා සාක්කියක් නිසාය . මෙතනදී ඔබට ගැහැණු ළමයි මතක් නොවේද . ලොකය්යා හෙවත් නිමල් කුසුම් කුඩා කල ලොසින්ජර යයි රවටා හා බෙටි කටට දැමු හැටි ...
වරක් අක්කටත් මටත් අතරමන් වූ හාපැටියෙක් අල්ල ගැනීමට හැකි විය . පිළිකන්නේ මුල්ලක දැලක් අටවා තාවකාලික කුඩුවක් තනා උඳුපියලිය කන්නට දමා ඇති කරන්නට ගත් අළු පාට හාපැටියා... අනේ ගෙදර උන් තක්කඩි පුසා ඒ අසරණ සතාව සුරා තිබිණි. අක්කත් මමත් ඌ වඩා ගෙන අහල පහල ගෙවල් වලින් බෙහෙත් සෙව්වා මතකය . මල දරුවා කරගසාගෙන ගිය කිසාගෝතමිය මෙන් . එකල අද මෙන් ගෙවල් වල betadin ප්ලාස්ටර සර්ජිකල් ඉස්පිරිතු තබන සිටි කලක් නොවේ. එක ගෙදරක දම් පාට බෙහෙත් තිබිණි. [ ඒ කාලයේ රෝහල් සේවකයින්ට ගම් වල ලොකු සැලකිල්ලක් ලැබුනේ මෙවැනි බෙහෙත් ගෙවල් වල තිබීම නිසාය ]
එහෙත් හා පැටියා මිය ගියේය . අපට දැනුන දුක කියා නිම කල නොහැකි එකකි. හා පැටියෙක් ඇති කල පළමු සහ අවසන් අවස්ථාව එපමණකි.
අපේ ගෙදර නොහිටියාට අහල පහල ගෙවල් කීපයක කුඩුකර ගිරවුන් සැළලිහිනියන් සිටි අතර උන්ට කතා කරන්නටද පුළුවන . '' චුටි බත් කෑවද'' මේ බොහෝ කුරුල්ලන් අහනා පොදු ප්‍රශ්නයකි .
අපට ඉඳහිට සුරතලයට අලි ඇතුන් ලැබේ . පුදුම වැඩක් නොවේද . අද වන විට කුට්ටි කර පර්චස් දහයේ විස්සේ කෑලි වලට විකුණා ඇති බොහෝ ඉඩම් එදවස ලොකු පොල් හෝ රබර් වතුය . අප සිටි කුලී නිවසද තිබුනේ එවැනි විශාල ඉඩමකය . මේ ගැන ලියන්නට වෙනම ලිපි පෙළක් උවමනාය . කැළණි පෙරහරට ඈතින් එන අලි ඇතුන් අපේ පළාතේ ලොකු වතුවල බැඳ තබයි. සමහර උන් හරිම හිලෑ නිසා අපට ළඟ පාතට වී බැලිය හැක . අපිට සුරතලයට අලි ඇතුන් ලැබුනේ එසේය ,.
ක්‍රමක්‍රමයෙන් මේ අලි ඇතුන් පන්සල කිට්ටුවටම සිමා වූ බව පෙනේ . පෙරහැර කාලයට පාරේ සිටියොත් අලි බලාගන්නට ලැබේ . ඉස්සර දැන් වාගේ අලි ලොරිවල ගියේ නැත . ඉතාම දුර බැහැර සිට ඔවුන් ආවේ පයින්මය . අද නම් උන් පව් කියා සිතේ . එකල පෙරහරේ චමත්කාරය මිස අලින් පව් යයි කියා මට කවදාවත් සිති නැත . ලෝකය වෙනස් වෙලා ද මන් පරිනත වෙලාද. කතන්දරට වගේම මටත් සිතේ .
යමක් ලියන විට ඒ අස්සේ කතන්දර ගොඩක් ලියවේ . මක් කරන්නද වැඩි කලක් ජිවත් වූ නිසා වැඩියෙන් දේවල් ලියන්නට තිබේ . කියවන්නට දිග වැඩි නම් සමාව භජනය කරත්වා !!!
ඔය අස්සේ වරක් අප ටිකක් ලොකු කාලයේ මට මතක හැටියට 7 , 8 පන්ති වලදී වියහැක , අප අලුතින් පුසෙක් ගෙනාවේ අම්මා අඳුනන ගෙදරකිනි. මේ ගමනට අක්කත් සහභාගී වූ නිසා ගෙදරට ගෙන එන විටම ඇය පුසා අයිති කර ගත්තාය . ඇය ජිවිතයේ ගත් මෝඩම තීරණය එය බව නොදැන උන්නාය . අපේ අක්කා ගැන කියන්නේ නම් අප දෙදෙනා බොහෝ වෙනස්ය . ඇය මට වඩා උසය , කොණ්ඩය රැලිය . මගේ කොණ්ඩය ඉත්තෑ කුරුය . ඇය හරිම පිළිවෙලය . කොටින්ම ජපන් එස් පහෙන් උපරිම වැඩ ගනී..මගේ වාසනාවට ඇයට දැන් මගේ ගෙය නොපෙනේ . නැත්නම් ඇය කලන්තය දමා වැටුනොත් මටම කරදරය .
ඇය පොඩි කාලයේත් එහෙමය . ගේ දොර අස්පස් කරන්නට සැබෑ හපනියකි . අප දෙදෙනාට තිබුනේ එක අල්මාරියකි. ඇයගේ තට්ටුව මල් අසුරුවාක් වැනිය . අදටත් නිවාඩුවට ගිය විට ඇයගේ අල්මාරිය දකින මා ස්ථිර අදිටනින් එන්නේ මගේ අල්මාරියත් අස්කරන්නටය . කිසිදා සැබෑ නොවන සුන්දර සිහින ..D
ඉතින් අපගේ අල්මාරිය ..අහෝ මා කියන්නට යන විපත්තියට මෙය ඇඳෙයි .
අක්කා ගෙනා අගේ ලස්සන පුස් පැටියා හරිම සුරතල්ය,..එහෙත් මු අමුතුම පුසෙක් බව අපට දැනෙන්නට විය . ගෙයින් එලියට අඩියක් නොතබයි. ගෙයි වසුරු දමන පුරුද්ද අත නාරියි. විවිධ තරවටු වලින් පසු එලියට යන්නේද මරන්නට ගෙන යන්න වගෙය . අහල පහල පුසෙක් දුටුවොත් කෑස් ගාගෙන ගෙට රිංගයි. අදෝමැයි මේකා බයගුල්ලෙකි . පූසන් බල්ලන් නම් ඉවසිය හැක . කැරපොත්තෙක් දුටොත් මේකා ලොවෙත් නැත .
මියන් ගැන කවර කතාද . මියන් උගේ උදුන් පැන ගියෙත් මු නිදා ඉන්න විටය . ඇහැරී උන්නොත් මු පැන එපා කියා දුවනු ඇති.
මේකා මෙසේ බය ගුල්ලෙක් වුයේ ඇයිදැයි නොදනිමු. මුගේ උපන්ගම ඒ දිනවල රටේ පරසිඳු චන්ඩියෙක් සිටි ගමකි.[ අපේ කිට්ටුව ගමකි . මගේ නම් සම්බන්ධයක් නැති බව සැලකුව මනාය ] එවන් ගමක උපන් මේකා මෙසේ බය වීම නම් සරදමකි ...D
දැන් ඉතින් අපේ අක්කාට පුසා ගැන යකා වැසි ඇත. කලින්ම අයිති කරගත් නිසා අපේ විහිලු වලටද ඇය බඳුන් විය .
අපේ අක්කා සැමදා උදයේ ඇඟ සේදීමට බොහෝ වෙලා ගත කරයි. මැදපු ඇඳුම් පමණක් අඳියි. [ මේ ලෝකයේ මට පේන්නම බැරි රාජකාරියකි රෙදි මැදීම ..]
දවසක් උදයේ පන්ති යාමට ඇඳුමක් ගන්නට අක්කා අල්මාරිය ඇරියාය . ඇරුනු අල්මාරියෙන් පුස් තඩියා පැන ගියේය
. අක්කා ගවුමක් ඇන්දාය .........එතැන් සිට තනිකරම ඛේදවාචකයකි ...
පුසා අක්කගේම තට්ටුවේ ජරා කර තිබිණ .
අපි වාසනාවන්තය . පුසාගේ අයිතිකාරයා වෙනකෙක් වුවා නම් ..කතන්දරේ වෙනස් විදිහට ලියන්නට සිදුවේ ..
අපි ගෙදරින් එනකම්ම හිටියේ ඒ පුසාය . අපේ අක්කා ජීවිතේට බල්ලෙක් පුසෙක් හැදීම නවතා දැමුවාය . ඒ පුසා මල පසු අපේ අම්මාද පූසන් ඇති කලේ නැත . පසු කලෙක කොහේදෝ යන පුසී පැටියෙක් මිදුලේ නවාතැන් ගත්තාය . අපෙත් නොවී අනුන්ගේත් නොවී යමක් කාබී සිටි පුසිට අපේ ලොක්කි '' පොලි '' කියා ඉංගිරිසි නමක්ද දැම්මාය . පොලි මවක් වී වරින් වර දු දරුවන් ලැබූ බව අම්මා කි නමුදු ඉඳහිට ගෙදර ගිය අපට ඔවුන් දක්නට නොලැබිණ . ළමයින් දිග තල දුන් පසු ගෙවල් යලි පෙර පරිදි නොවේ. මල්ලි විවාහයට පෙර ඇති කල බල්ලාද බ්‍රවුන්ය . .
ඌද අමුතු චරිතයකි . කජු ගහේ භාගයක් නගින්නට පුළුවන . අවුරුද්දකට පසුව යන අපට වැඳ වැටේ . අම්ම ගමනක් යද්දී පාර හරස් කරයි . විටින් විට අපේ ගෙවල් වල එන අම්ම දින කීපයක් නවතින එක බරවුන් අකමැති කාරණයකි .
අද මල්ලි වෙන ගෙදරකය . අම්ම මහගෙය විකුණා දැම්මාය . පරණ මතක පමණක් හදවතේ ඉතුරු වී ඇත . පොලි ට මක් වීදැයි නොදනිමි. ලෝකය වෙනස් වේ . අපද වෙනස් වේ ..එහෙත් හදවත් පතුලේ සිරවූ මතක සදා නොමියේ.
මෙතනින් එහාට ලියන්නට මගේ බොඳවූ නෙත් ඉඩ නොදේ .
පින්තුරය
Tuesday, 10 July 2012
මිනිසෙක් වූ බල්ලෙක්
මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ළමයි දෙන්න තමන්ය කියල ලොක්කියි පොඩ්ඩියි නෝක්කාඩු කියද්දී පහුගිය සර්කස් ලිපියේදී නැන්දලා මාමලා හුඟක් කියා තිබුණ ළමයින්ට බලු පැටියෙක් ගෙනත් දෙන්න කියල . හැබැයි දෙන්න මගේ බ්ලොග් එක කියවන්නේ නැති හින්ද ඒ චන්ද සේරම අවලංගු වෙනවා .D
අද මෙහෙම වුනාට අපේ ගෙදර ඉස්සර හැමදාම පුසෙකුයි බල්ලෙකුයි වැරදුනේ නැහැ . ඒ දවස්වල ලොකුවට තාප්ප දාල ඉඩකඩම් වෙන්කරලා තිබුනේ බොහොම අඩුවෙන් .ඉතින් ඒ සත්තු නිදහසේ ඇවිදලා ජිවත් වුනා . බල්ලන් නම් හිටියෙම එළියේ . පූසන් නම් ගේ ඇතුලේ උන්නත් පුටු උඩ නැගීම තහනම් . මේ නීති අකුරටම ක්‍රියාත්මක කලේ අපේ අක්ක . හැබැයි අපි උන්ට ආදරේ කළා . අතපත ගාල සුරතල් නොකෙරුවත් උනුයි අපියි අතර අපුරු බැඳීමක් තිබුණා.
මේ බල්ලන් පුසන්ට අමතරව කිකිළියක් ඇති කළා අපි කුඩාම කාලේ . බිත්තර රක්කලා පැටව් ආවම අපි උන්ව බෙදා ගන්නවා . ලොකු වුනහම උන්ගේ බිත්තර තනියම කන්න හිතාගෙන . පුංචි පුළුන් බෝල වගේ කුකුළු පැටව් කුකුලොද කිකිලියෝද කියලා සොයන්න බැහැ. ඔන්න ටික දවසක් යද්දී පිටිපස්සෙන් වලිග පිහාටු දික්වෙන්න ගත්තම තමා තමන්ට අයිති එවුන් මොන ජාතියේද කියල දැනගන්නේ . සමහර විට සේරම කුකුලෝ වෙලා බලාපොරොත්තු සුන් වෙන වෙලාවල් තිබුණ .
[මේ අර ගෙවත්තේ අල බතල හිටවාපු දශකයේ අග භාගය විය යුතුයි .]
ඒ ඉතින් හුඟක් පුංචි කාලේ . පසු කලෙකත් මට මතකයි අපේ ආච්චිලගේ ගෙදර කුකුළු පැටව් හිටියා . තව එළදෙනක් හිටියා . මහගෙදර ඒ සත්තු ඇති කරන එක නැවතුනේ ආච්චිගෙයි ආතාගෙයි අන්තිම කාලේ බවයි මට මතක . මේ අර ලිපි තුනකින් කියූ තාත්තගේ ගම නෙමෙයි . කොළඹට ආසන්න අම්මගේ ගම . කොළඹට ආසන්න වුනත් ලස්සනට තිබුණ පළාතක් .ඒ විස්තර වෙන ලිපියකින් ලියන්න සිදු වෙනවා .
අද මට ඇත්තටම ලියන්න උවමනා වුනේ මා හා සමීප වෙච්ච සුරතල් සතුන් ගැනනේ.
බලු පැටවුන් පිලිබඳ මගේ පළමු මතකය හරිම තිත්ත එකක් . අපිට හිතවත් කෙනෙක් ලස්සන බෝල ගෙඩියක් වගේ දුඹුරු පැහැති බලු පැටියෙක් ගෙනත් දුන්න . අපි එයාට බ්‍රවුන් කියල කතා කළා . ටික දවසකින් බලු පැටියා ගෙනත් දීපු අය්යා අපේ තාත්තත් එක්ක කුටු කුටු ගානවා දැක්ක . ඊ ළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී හරිම අමුතුයි . බ්‍රවුන් නැහැ .
හැබැයි අම්මලට මේක රහසක් විදිහට තියාගන්න බැරි වුණා. පැටියාගේ අම්මට පිස්සු හැදිලා . බලු පැටියට වුන දේ කවදාවත් අපට කිව්වේ නැතුවට සුරියපාලුවේ වෙද මහත්තයෙක් ලඟට පවුලම ගිහින් ඇවිත් තිත්තම තිත්ත කසාය අපට පෙව්වා . ඊක්.....
අච්චර ඛේදවාචකයක් වෙලාත් අපි පසු බැස්සේ නෑ. සත්තුත් මිනිස්සු වගේ . විවිධාකාර චරිත රැසක් තිබුන බල්ලන් පූසන් කීප දෙනෙක් මට හොඳට මතකයි.
බුලා එක්කෙනෙක් . මෙයා පුදුමාකාර බල්ලෙක් . අපි යන යන තැන පස්සෙන් ආවා . ආදරේට වෙන්න ඇති . හැබැයි අපිට නම් මේක පරාල ඇණයක් වුණා . කොයිතරම් මග ඇරලා ගියත් මෙන්න භාගයක් දුර යද්දී බුලා අපේ පස්සේ . නාන්න ගියත් , දුර ගමනක් යන්න බස් එකට ගියත් පස්සෙන් එනවා . මේ පස්සෙන් ඒම ඉවසන්න බැරි මුට කන්න පාර දිගේ අනික් බල්ලෝ කඩා පනිද්දී ආරක්ෂාවට අපි අස්සට එන එක . එක දවසක් අපේ අම්ම බස් එකට නැග්ගම මිනිස්සු කෑගහන්න අරන් . බල්ලෙක් බස් එකට ගොඩ වෙලා . අම්ම අඳුනන්නේ නැතුව උන්නලු . ආයේ දවසක් පන්සල් ගිහින් බණ මඩුවේ බණ අහනව . මෙන්න බුලා සෙනග අස්සේ අපිව සොයනවා . එදාත් බුලා අපේ නෙමේ .
එක දවසක් බුලා ගෙදර ආවේ නෑ . අම්මල කිවේ මැරෙන්න ළඟ වුනහම සත්තු යන්න යනවලු .
තව අමතක නොවෙන මිනිහෙක් වගේ බල්ලෙක් උන්න . එයාගේ නම ''ටාසන් ''. මුට නම් බල්ලා කියන වචනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ .
තනිකර මනුස්ස ගතිගුණ තිබ්බේ ... පොතක් හරි ෆයිල් එකක් හරි අරන් ගෙදරට එන තරුණ අයව නැට්ට වනල පිළිගත්තා . වයසක මිනිස්සු පේන්න බැහැ. කඩා පනිනවා . අපේ යාලුවෝ ආවම දොරකඩට වෙලා අනික් පැත්ත බලාගෙන ඉන්නවා යනකම්ම . අපේ යාලුවෝ අතර ටාසන් සැහෙන ජනප්‍රිය වුණා . සමහරු කිව්වේ ටික කාලෙකට ඉස්සර මැරුණ තරුණ අයෙක් වෙන්න ඇති කියලයි . කෑවේ වෙලාවට. බොහොම ටිකයි . හරිම පිරිසිඳු පාටයි .
නරක පුරුදු වලට ඇබ්බැහි වුන හොඳ මනුස්සයෙක්ට වෙන දේ මෙයාටත් වුණා . අසල්වැසි ගෙදරකින් හරක් මස් කන්න දීල ටාසන් එහාට පුරුදු වුණා . අපේ දිහා නොකන මසට ලොල් වුන ටාසන් අන්තිමට එහාටම වුණා . පුදුමම දේ වුණේ ඊට පස්සේ . අපේ ගේ ගාවින් එහා මෙහා යද්දී හරියට තරහ වුන මිනිහෙක් වගේ අනික් පැත්ත බලන් යන්න ගත්ත . බල්ලෙක්ට මනුස්සයෙක් වෙන්න පුළුවන් බව එදා තමයි මන් දැන ගත්තේ .
ටික කලකින් අපි දැක්ක සාත්තුවක් නැති වුන ටාසන්ගේ ඇඟේ කුෂ්ට දාල . අපේ දිහා ඉද්දි නිතර නාන්න පුරුදු වෙලයි මෙයා උන්නේ .[ එක දවසක් පාරට ගිහින් ලොරියක හැපිලා කකුලක් තුවාල වෙලා ඉද්දි අය්යා තමයි සාත්තු කරලා සනීප කලේ .]
ඔය කාලේදී මන් වෙන ගමකට දීග ගියා . මට අවසාන කාලය දකින්න බැරි වුණා .
අම්ම කි පරිදි අවාසනාවන්ත තත්වයට පත් වුනාට පස්සේ අර ගෙදරින් ටාසන්ව එලවල . ඉඳහිට අපේ මිදුලට ආවාම අම්ම කන්න ටිකක් දුන්නලු .
දවසක් අර ගෙදර ගැහැණු කෙනා මරලතෝනි දෙනවා ඇහිලා . ලිඳට බල්ලෙක් වැටිලා . එයාල නොදැන ලිඳේ වතුරත් බිල .
වැටිලා මිය ගිහින් තියෙන්නේ ටාසන් .
මේ දේවල් විස්තර කරන්න හැකි බුදු දහමට පමණක් කියලයි අද මට කල්පනා වෙන්නේ .
p.s.
සුරතල් සත්තු ගැන සේරම ටික ලියල දාන්න හිතුවත් සැහෙන්න දීග වෙන නිසා මෙතනින් කඩන්න හිතුව .
Tuesday, 29 May 2012
දහසක් දහසක් මල් ඇති නගරේ ...මැයි මාසේ අවුරුදු සිරි විසිරේ
පුංචි කාලේ අවුරුදු මතක එක්ක සැරි සරල පුළු පුළුවන් විදිහට අවුරුදුත් සමරලා වෙසක් වලට බණත් අහල ඉන්න වෙලාවේ අපේ හැනොයි වල ශ්‍රී ලංකික ජනතාව තීරණය කළා මෙහෙම ඉඳල හරියන්නේ නැහැ අපේ ළමයි තරඟෙට බනිස් ගෙඩියක් වත් කන්න දන්නේ නැතිය , අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න ඕන කියල . ඇත්තම කියනව නම් අපේ පුරුෂ පාර්ශ්වයට තමයි මේ ජාතික කර්තව්‍ය ගැන අපට වඩා ඕන කමක් තිබුනේ .
මේ ගැන මුලික අදහස මතු වුනේ නිදහස් දවසේ . කියන්න බැරි වුනා අපි නිදහස් දිනයත් ලස්සනට සැමරුවා . ඒදවස්වල පොඩි කම්මැලි කමක් තිබ්බ නිසා ලියන්න බැරි වුනා . කලිනුත් කිව්ව පරිදි පිරිමි කට්ටිය කීපවතාවක් බරපතල සාකච්චා වට කීපයක් තියල අන්තිමට තීන්දු වුනේ මැයි 20. ඔන්න ඕක නිසයි අහසින් වැටුන වගේ වෙසකුත් පහුවෙලා පොසොනුත් කටේ තියාගෙන අවුරුදු ගැන ලියන්නේ . නැතුව බින්දිට පිස්සු හෙම නෙමේ ඔන්න .
අපේ මහත්තුරු හරිම කාර්යබහුල අය. බොහොම අය නිතරම රට රටවල රාජකාරි වලට යන එන අය . ඔන්න ඒ අය සේරම ලාහෙට එකතු කරලා ගන්න හැකි වුනේ මැයි 20 තමයි . මේ මහත්තුරු රැස්වීම් තියෙන අවස්ථාවල කාපු බිපුවා ගැන රස කතන්දර තියෙනව . එක්කෝ එව්වා මොකටද . සමහරු මේක කියවනත් එකේ ..D
මොනවා වුනත් ගැහැණු අපිට කෑමක් හදන එන එක ඇර වැඩි වගකීමක් දුන්නේ නැති එක ගැන එයාලට ගොඩක් ස්තුති කරන්න ඕන . ශ්‍රී ලංකික ජනතාව කිව්වට මෙහෙ සු ගාල ඉන්නේ පවුල් කීපයයි . සිංහල දෙමළ දෙගොල්ලම ඉන්නවා . ලොකු පිරිසක් නැති නිසා කල්ලි ගැසිමකුත් නැහැ . ඕනෑම දෙයකට සියලුම දෙනා සහභාගී වීමයි සිරිත . අනෙක වියට්නාම අම්මල සහ ශ්‍රී ලංකික තාත්තලාගේ ළමයි ගොඩක් ඉන්නවා . කට්ටිය එකතු වුනහම හරි ලස්සනයි .
අපට මේ අවුරුදු උත්සය අලුත් වුනාට හෝ චි මින් නගරයට නම් සැහෙන පරණයි . හෝ චි මින් කියන්නේ වාණිජ අග නගරය . හැනොයි තමයි ජාතික අගනගරය . හෝ චි මින් වලට නුතන දියුණුව කලින් ඇවිත් නිසා ජිවත් වීම පහසුයි .
එහෙ ඉඳන් මෙහෙ එද්දී''' wish you all the best ''කියන එක අස්සේ තියෙන්නේ ''හු හු ඇද්ද උඹට'' කියන එක . නැත්නම් ඉස්සර පාවෙල් සයිබීරියාවට පිටුවහල් කරද්දී අපි දුක හිතුවා වගේ . හැමෝම නෙමේ . අදටත් ආදරෙන් නිතර කතා බහ කරන හොඳ යාළුවොත් ඉන්නවා .
හැබැයි මෙහෙ ඇවිත් ජිවත් වෙද්දී හිතෙනවා ජිවිතේ ටිකක් සරලයි කියල . කට්ටිය අඩු නිසා කල්ලි ගැසීම් නැහැ . හමු වීම් අඩුයි . අනික පරිසරය සාමකාමියි සාපේක්ෂව . කොටින්ම මන් දැන් කැමතියි මෙහෙට . හරියට කොළඹයි නුවරයි වගේ .මේක හරිම ඉතිහාසයක් තියෙන ලස්සන නගරයක් . ඒ ගැන වෙනම ලියන්න ඕන . අනික අපේ තානාපති කාර්යාලේ තියෙන්නෙත් මෙහෙ . රාජකාරි වැඩක් කරගන්න ලේසියි
හරි දැන් කියන්න ඕන අවුරුදු ගැනනේ. ඉතින් පසුගිය 20 වෙනිදා අපි හැමෝම රැස් වුණා ලස්සන නිවාඩු නිකේතනයකට . එතන පිට්ටනිය තමයි අවුරුදු උත්සවේ තියන්න අරන් තිබුනේ . නිකන් නම් නෙමේ හරිම මිල අධිකයි . අනික එයාලගේ පාපන්දු පිට්ටනියේ අගනා තණකොළ ටික අපි කයි කියලද කොහෙද සැහෙන තර්ක විතර්ක තර්ජන වලින් පස්සේ තමයි ඒක ඉල්ලා ගත්තේ .
මේක උණ බට ඔන්චිල්ලාවක්
හිමේ වගේ කරත්ත වල ලෙස්සල යන තණකොළ බෑවුම ..
අලියට ඇහැ තැබීම ....බනිස් කෑම..මෙහෙ අපට ගැලපෙන වර්ගයේ බනිස් නොතිබ්බ නිසා කන්න දුන්නේ ඩෝනට් . අපේ ශ්‍රී ලාංකිකයෙක් ඩෝනට් ව්‍යාපාරයක් පවත්වන නිසා විසිකරකර කන්න ඩෝනට් තිබුන .
ටයි කොන්ඩෝ පැංචා ඩෝනට් කාල එක වුනා . අපේ බනියා දෙක . කවදාවත් දැකල නැතත් ඔව්ව ජාන ගත හැකියාවන් වෙන්න ඕන .
කටේ මුනේ ගාගෙන කාපු හැටි පින්තුරයක් දාන්න හැටියක් නැහැනේ . මුණු පොතේ ඉන්න අය නම් දැක්ක .
කනා මුට්ටි තරගෙත් හරිම විනෝදයි . කඹ ඇදීම පිරිමි තරඟයේ දිනුවේ 40 ට වැඩි අය ..Old is gold වෙන්න ඇති .
කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්ත පරාදයි .
බැලුම් පිපිරවීම කලේ ළමයි විතරයි .
ලොකු බඩවල් ඇති මහත්තුරු ගෝනි වල උඩ පැන පැන යාම තමයි තරඟ වලින් අංක එකට දාන්න පුළුවන් .[ ඒ අය මේක නොකියවන බව විශ්වාසයි ....]
උදේ සද්දෙන් කතා කල අයගේ හඬ හවස් වෙද්දී තව වැඩි වුනා . සද්ද නැතුව උන්න අය සද්ද කරන්න පටන් ගත්ත . කොටින්ම සීයලා පුංචි එවුන්ට මල්ලි කියල කතා කරන්න පටන් ගත්ත . ඒ සේරම වුනේ ශ්‍රී ලංකික කෑම වේලෙන් පස්සේ .
එතැනදී ඒගොල්ලන්ට මැජික් අරිෂ්ටයක් බොන්න ලැබිල . වයස අඩු කරන
කොහොම හරි එදා දවස බොහොම සතුටින් විනෝදෙන් ගෙවී ගියා . ආයෙමත් ඒ වගේ හමු වීමක් තියන්න කතා වෙලා .
අනික් අයගේ අවසර නැතුව පින්තුර දාන්න විදිහක් නැහැ . අවසර ගන්න ගියොත් එයාල මේක කියවයි ..ඊට පස්සේ ...මන් ඉවරයි .D

Saturday, 26 May 2012
ජපන් හොදි .... ඇලෙන බත් කේක් ...සමග ''වළන් වාසනාව ''
පෙරේදා . යුක්රේනියන් කෑම කාල [ තව පොඩ්ඩෙන් ඉල්ලගෙනත් කාල ] ඊයේ රටවල් හතරක කෑම කෑවා. කෑවා කීවට මන් කන්නේ බොහොම ටිකයි . රස බැලුව කිව්වම තමයි හරි . නැත්නම් වැරදියට හිතයි මන් අලියෙක් කියල .
ජපන් , ඩෙන්මාර්ක් , වියට්නාම සහ [මං] ලංකික කාන්තාවන් 5 දෙනෙක් '''වළන් වාසනාවක් '''තිබුන අපේ දිහා . ඉංගිරිසියෙන් Pot Luck සිංහලෙන් වළන් වාසනාව වෙන්න එපයි .
Banh chung [හදන හැටි ඕන නම්] හෙවත් sticky rice Cake .
මේක විශේෂිත කෑමක් . ඉස්සර නම් අවුරුදු කාලෙට විතරලු හැදුවේ . දැන් නම් වසර පුරාම මිලදී ගන්න ඇතිලු . මං මෙච්චර කල් දැකල තිබුනට මැදට මස් දාන නිසා කාලම නැහැ . මුන් ඇට සහල් ඌරු මස් සහ ගම්මිරිස් , ලුණු තමයි අඩංගු වෙන්නේ . හැබැයි මේ සේරම විශේෂ කොළ වර්ගයකින් ඔතල පාර්සල් වගේ හදල පැය 6 ක් 12 ක් වගේ කාලයක් තම්බනවලු . කොළ ජාතිය නිකන් ඇහැට පුරුදුයි වගේ . නම Phrynium . විද්‍යාත්මක නම ජාලයේ සොයල ලැබුනේ Thaumatococcus daniellii ලෙසයි .
මට සිහි වෙන්නේ අපේ කැනාස් ගස් . ඒ පවුලේම වගේ . ගොර්ඩෝනියා ගෙන් තමයි අහන්න වෙන්නේ . වෙනත් Rice කේක් වර්ග කෙහෙල් කොලේ එතුවට මේක විශේෂයි .
. මේකයි පහල තියෙන රවුම් සුදුපාට ජාතියයි [ Banh day ] ගැන ප්‍රසිද්ධ ප්‍රවාදයක් තියෙනවා . මේ රවුම් ජාතිය හදන්නේ තනිකරම ඇලෙන සහල් පිටි වලින් [ Glutinous rice ] වලින් . ..ඔතන්නේ කෙහෙල් කොලේ
මේ කතන්දරේ කියන්න හිටියේ හුඟ කලක ඉඳන් . අද තමා අවස්ථාවක් ආවේ .
මෙහෙ ඉස්සර ඉඳල තියෙන්නේ අපේ වගේම හොඳ කතන්දර කාරයෝ වගේ . ඕන දේකට කතන්දරයක් .
බොහොම ජනප්‍රවාදයන් වල ඉන්නේ Hung රජ කෙනෙක් . හරියට '' බ්‍රහ්මදත්ත රජු වගේ''. ඔන්න එක හුන්ග් රජ කෙනෙක්ගේ සමයේ රජතුමාට තමන් වයසට යද්දී ඕන වුනාලු සිහසුනට උරුමක්කාරයා තීන්දු කරන්න . එක කතාවක තියෙන විදිහට පුත්තු 22 ක් හිටියලු .
සේරම පුත්තුන්ට කිව්වලු තමන්ට විශේෂ කෑමක් ගේන්න කියල . වැඩිය කවුරුත් ගණන් නොගත්ත අනියම් බිරිඳකගේ පුතෙකුත් මේ අතර ඉඳල තියෙනව . මගේ මිතුරිය කිවේ නම් සරල කරලා . රජතුමාට පුත්තු තුන් දෙනයි . වැඩිමල් දෙන්නගෙන් එක්කෙනෙක් මුහුදට ගියාලු . අනෙකා කඳුකරේට ගියාලු . බාලයා කොහෙවත් නොගිහින් කල්පනා කලාලු .
මුහුදට ගිය පුතා ඉදිරිපත් කලේ බැදපු මාළු . කන්දට ගිය පුතා මස් සහ හතු . මාලිගාවේ නැවතුන බාලයා මුළුතැන්ගෙට ගිහින් සහල් පිටි වලින් මේ කේක් වර්ග දෙක හැදුවලු . රවුම් එක අහස නියෝජනය වෙන්නත් හතරැස් එක පොළවේ සංකේතයක් ලෙසත් . හැමෝම පුදුම වෙද්දී ඔහු කිවලු '' මෙය සරුසාර රටක් .හැමෝටම ඇතිතරම් කන්න තියෙන දෙයක් නිසා සහල් තමා දෙන්න පුළුවන් විශේෂම කෑම වර්ගය '' කියල .
රජතුමා ඔහු ගැන පැහැදිලා රජකම පැවරුවලු.
හතරැස් කේක් වර්ගය ඉතාම පෝෂ්‍යදායක කෑමක් ලෙසයි මොවුන් සලකන්නේ .
රවුම් වර්ගය ගැන කියනව නම් ඉදිආප්ප තම්බනකොට අන්තිමට වංගෙඩිය හුරලා ඉතුරු වෙන පිටි ටිකෙන් හදන කොට්ටය කාල තියෙවද ..අන්න ඒකම තමයි . ටිකක් ඇලෙන සුළුයි . සුමුදුයි .
ජපන් යාළුවා ගෙනාවේ ජපන් හොද්දක් . මං පුදුම වුනා ජපානේ හොදි තියෙනව කිව්වම . ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙනා හොද්ද ජපනා තමන්ට ගැලපෙන්න හදාගෙන . එයාල අපි වගේ නෙමේ . හරිම නිර්මාණ ශිලියි . මේ හොදි නැත්නම් Curry හදන්න පුදුම ක්‍රමයක් සොයාගෙන .
චොක්ලට් බාර් එකක් වගේලු . දිය කරලා මස් සහ එළවලු දාල රත් කරන්න විතරලු ඕනේ . සැර අඩු සිට වැඩි දක්වා තිබේලු. සැර කොපමණද කියල වර්ණ පටියකින් දක්වල තියෙනව පෙට්ටියේ . හරියට ආම්ලිකතාවය සටහන් කරන Ph පත්‍ර වල ක්‍රමේ වගේ .
ජපනා හපන කියල මට ඊයේ නම් හිතුන . ඒ එක්කම '' අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී '' කිව එකත් මතක් වුනා .
කොහොම හරි විවිධ සංස්කෘතීන් ගැන දැන ගන්න ලැබෙන මේ සුන්දර හමු වීම් වලට මං බොහොම කැමති නිසා ඊයේ හරිම සතුටින් ගෙවුනා . එකක් කියන්න ඕන . ඔය මොනවා තිබුනත් අන්තිමට ඉවර වුනේ මගේ කට්ලට් ටික . ඕනෑම ජාතියක ඕනෑම දිවකට හරියන රසය
ප.ලි.
හැමෝම ගෙදර ඉන්න අද මේක කොටන්න හරිම කරදරයක් වින්දා . එක එක රන්ඩු බේරන්න ඉල්ලීම් වර්ජන ..වෙලාවකට ඉතින් මරණ තුනක් ඇති මිනිස්සුත් පැණි කනවනේ .

Wednesday, 16 May 2012
යලිත් මල් පිපී
සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .
සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ..සුළඟට වැටෙයි .
පිහිනුම් තටාකය අසල දුටු සතුටු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන ඇතී බව මන් නොදැක්කේ ඇයි දැයි නොදනිමි .
මෙය අපුරු නගරයකි .සිසිරයේදී බුම්මාගෙන අඳුරු වූ අහසට මිතුරුවන නගරය රෝස ඩේලියා වන් සෞම්‍ය කුසුමින් සැරසෙයි . ලජ්ජාශීලි මනාලියක වන් හිරු හෙමින් එලියට විත් ටිකෙන් ටික නගරයට පෙම් කරද්දී සියලු නිවර්තන මලින් හාත්පස එකලු වෙයි .
නෙලන්නේ නෙලුම් විහිලුවට නම් නොවෙයි
කැමරාව ගෙනියන්නට් කම්මැලි මන් වෙනුවෙන් පින්තුර ගෙන ගුගල් වලට මුදාහල අයට ස්තුතියි
සත්තකින්ම මේ සුන්දර මැයි මාසයයි . හමුවීම් වෙන්ව යාම් අතර දෝලනය වන අපගේ ජිවිත කොතරම් චංචල වුවද සොබාදම තමන්ගේ කාරිය පැහැර නොහරියි . ඔව් මැයි මාසයට මල් ගෙනෙන්නට ඇයට අමතකව ගොස් නැත .
මැයි මාසය මගේ ජීවිතය ලස්සන කල මාසයකි . වෙසක් මහේ මගේ ලොකු දෝනිය උපන්නාය. පසුකලෙක තවත් අවුරුදු කුමරියක් උපන්නද මවක් ලෙස බෞතිස්ම ලැබූ වෙසක් මාසය කිසිකලෙකත් අගයෙන් අඩු නොවේ . ජිවිතයට අලුත් මල් පිබිදැවූ නෙලුම් විල තැනුනේද මැයි මාසයේය .
පසුගිය මැයි මාසයේ සුන්දර මලින් පිරි නුවර ගැන සටහනක් තැබීමි . එකල එය නොකියවුයේ නම් කියවා බැලුවාට පාඩුවක් නැත
මෙවරත් වෙනසක් නැත . බැලූ බැලූ අත මල්ය. සිසිරයේ රෝස මල් කුඩ බැඳී බයිසිකල් චීන අවුරුද්දේ පිච් මලින් පිරුණි . අද නෙලුම් පොකුරුය . නෙලුම් මල් ගෙන පන්සල්ද ගියෙමු . ගිය අවුරුද්දේ පැයක් ඇසූ බණ මෙවර පැය බාගයක් ලෙස අඩු වී තිබුණි . ටයි කොන්ඩෝ පැන්චා ද මෙවර පිළිවෙලකට වාඩි වී සිටින තරමට අවුරුද්දකින් ලොකු වෙලාය.
අදහනු බැරි වෙන්වීම් සමගින් වුව වසරින් වසර නොවෙනස් වන දේවල්ද තිබෙන බව මට සිතේ . හරියට වෙසක් මාසයට වැඩිපුර මල් පිපෙන එක කවදාවත් වෙනස් නොවන්නා සේමය .
පාසල් බිමේ සිසිල් තුරු සෙවන යට මොහොතක් රැඳී උන්නෙමි . මහා දවාලේ තොරතෝංචියක් නැතිව රැහැයියන් හඬයි . එකෙකු වත් බලාගන්නට ඇස අලවාගෙන ඉඳ යන්තම් එකෙක් දැක ගතිමි . ''සිකාඩා '' නම් වූ මේ පුංචි කෘමි වර්ගය අපේ රැහැයියන් ම වන බව මට විශ්වාසය . මා සිතා සිටියාට වඩා ලොකුය . ලංකාවේදී කොතරම් හඬ අසා තිබුනද එකෙක් දැක නොමැත . අපි නොකෑවාට සිකාඩා බොහෝ රටවලදී රසකර කන කෑමකි .
සිකාඩා විශේෂ 2500 ක් පමණ ලොව පුරා සිටින බව විකි ගෙන් දැන ගතිමි . කියවන්නට කැමති නම් මෙතනින් යන්න . .
අද වැඩිය ලියන්නට කම්මැලිය . හිතත් එහෙමකට සතුටින් නොවේ . එහෙත් අඬන අයවත් හිනස්සන්නට පොඩි උන්ට ඇත්තේ පුදුම හැකියාවකි .
මේ අපේ බනි සහ මන් අතර වූ කතාවකි . තැන -කුස්සිය වෙලාව රාත්‍රී කෑමෙන් පසු බනියා කුස්සියේ කරක් ගසන වෙලාව .
බනි - '' අම්මි දන්නවද සමහර අය ජීවිතේට පැනිරහ කන්නේ නැහැනේ ''
මම - ''ඉතින් ඔයාට පුලුවන්ද එහෙම ඉන්න ''
බනි - '' පුළුවන් ..ම්ම්ම් සමහර විට දවසට එකක් කන එක හොඳයිනේද ඊට වඩා. මන් මේ අද කන එක
මොනවද කියලයි බැලුවේ ''
[උදේ ඉඳන් කෑ එව්වා අහෝසි වෙලා වගේය ]
බනියා බත් කන්නට හොරය . එතකොට බඩ පිරිලාය . එහෙත් බත් කෑමෙන් පසුව නම් අන්දරේ පරාදය . පැණි රස සොයනවා යයි මන් බනින්නට පෙර බනියා පොතක් පෙරලුයේ එහෙමය .
ලිව්වේ මල් ගැනද සිකාඩා ගැනද බනිගේ කතා ගැනද ...ඔන්න ඔහේ ඕන එකක් ...D.

Subscribe to:
Posts (Atom)