Sunday 26 June 2011

මකර මවක් වැතිර නිදන... තම දරුවන් සමග සොඳින

හැමදාම වියට්නාමය ගැනම ලියනවා යයි මගේ සිතම මට චෝදනා කරද්දීත් නොලියා බැරි දෙයක් තියෙනවා..මා දුටු සොබා සොඳුරු දසුන් ගැන කෙසේ නොලියා ඉන්නද. එයිනුත් මා වශී කල ...මා පමණක් නොවේ ලොවම වසඟ කල හැකි ''සුන්දර තැනක් '' ගැනයි අද මේ සටහන .
එකමත් එක කතා පිරුන මේ රටෙහි තවත් ලස්සන කතාවකි මෙයත්.
එක් යුධ සමයක මෙහි වැසියන්ගේ උදව්වට දෙවියන් දෙවියන් විසින් මකර පවුලක් එවනු ලැබුවා.  අද වගේ ම ඒ කාලෙත් යුද්ධ වලට විදේශ ආධාර ලැබී ඇති හැඩයි. අද නම් මකරුන්  වෙනුවට  ඒරොප්පෙන් එවන්නේ  මිසයිල , ප්ලේන් වගේ එව්වනේ. ඉතින් මේ මකරුන් යුධ ආධාර වශයෙන් වටිනා ජේඩ්  සහ මැණික් වමාරලා .   දැන් ඉතින් හිතන්න එපා යුද්ධෙකදී මැණික් මොකටෙයි කියල . මෙන්න මේ මැණික් සහ ජේඩ්   විශාල පර්වත ..දුපත් වෙලා අනගි බලකොටුවක් නිර්මාණය වුනාලු. ඔය බලකොටුවේ උදව්වෙන් රට බේරුනාලු.
යුද්ධේ ඉවර වුනත් මකර පවුලට මේ ලස්සන ප්‍රදේශය දාල යන්න බැහැ කියල හිතිලා . අද වගේම තමයි ඔය මකරුන්ගෙන් උදව් ගත්තම එලව ගන්න බැහැ. හැබැයි මේ නතර වෙච්ච මකරුන් නම් හොඳ අයලු.
මන් අද ඔයාලව අරන් යන්න හදන්නේ මේ මකරුන් නැවතුන ලස්සන ''හාලොන්ග් බේ ''[Halong Bay ] පෙන්වන්න
හැනොයි සිට පැය හතරක් පමණ ගිය විට හමුවන මෙහි ලස්සනින් මා නම් චමත්කාරයට පත් වුනා.
විශාල තැන්නක ඇති යෝධ ශේෂ කඳු සිහිගන්නවන දහස් ගණනක් දුපත් [වැඩිපුරම ලයිම් ස්ටෝන් ] සමුහයක් ජලයෙන් මතුවී තිබෙන අයුරු තමයි දිය හැකි සරලම මනෝ චිත්‍රය. දැන් මෙන්න පුල පුලා සිටි පින්තුර .



















පාවෙන ධිවර ගම්මාන . මේවයින් මාළු අරගෙන බෝට්ටුවේ මුළුතැන්ගෙට දුන්නම උයලත් දෙනවා . අපිට කරන්න බැරි වැඩ ඕව. අපේ බෝට්ටුවේ හිටපු ජපන්නු ටිකක් ලොකු කකුළුවෙක් වගේ එකෙක් අරගෙන එවෙලේම  අමුවෙන්  කැවා.










වියට්නාමයට එන ඕනෑම සන්චාරකයෙක්ගේ ප්‍රධාන ඉලක්කයක් තමයි Halong Bay . එහිදී ලි බෝට්ටුවකට [Junk ] ගොඩවි නිසලදියේ පාවෙමින් මේ සොඳුරු අඩවියේ සරන්නට හැකි. කැමති නම් රැයක් පුරා ඒ ආශ්චර්යය විඳිය හැකියි. ඒ සඳහා සාමාන්‍ය බෝට්ටු වගේම අතිසුඛෝපභෝගී විසල් බෝට්ටුද [කෘස්] මුදල් හදල ඇති විදියට සපයා ගන්න පුළුවන්.
අපි නම් ගියේ පැය හතරේ ගමනක් . පොඩි උන් එක්ක රැයක් වතුරේ ගත කරන්න පොඩි අකමැත්තක් තිබු නිසා. බෝට්ටු වලට ගොඩ වෙන්නේ මෙන්න මේ තොටුපලින්.




















චිරාත් කාලයක් තිස්සේ   සොබාදම විවිධ රු ඇඳී  හුණුගල් ගුහා [lime caves ]

චිරාත් කාලයක් තිස්සේ   සොබාදම විවිධ රු ඇඳී  හුණුගල් ගුහා [lime cave]

මේ ගුහා ගැනත් අපුරු කතන්දර තියෙනවා . එකක් තමයි Virgin Cave ..රූමත් යුවතියක් වයසක mandarin [චීන] ධනවතෙක් විසින් බලෙන් විවාහ කරගනු ලදුව ය පැනගොස් දිවි නසා ගත් බව කියවෙන ගුහාව. ඇය එහිදී ගල් පිළිමයක් බවට පත් වූ බව එක කතාවක්. තවත් එකක් නම් අයගේ සිරුර මිහිදන් කර සොහොන් කොතක් තැනුණු බව.
මෙවැනි කතා බිහිවීම සොභාවික යයි සිතෙන්නේ මේ ගුහා තුල ඇති මනරම් හැඩතල දුටු විටයි . ලංකාවේ මෙවැනි ගුහා ඇති බව අසා තිබුනද මට කවදාවත් ඒවා බලන්නට නොහැකි වුණා.
නුතනයේ වර්ණවත් විදුලි ආලෝකයෙන් හැඩවූ මේ ගුහාවන් [සියල්ල නොවේ..ප්‍රධාන ආකර්ෂණයන් පමණයි.බොහෝ ඒවාට ලඟා වීම දුෂ්කරයි ] ඇතුලෙදි දැනෙන්නේ අපුරු සුරංගනා ලොවක තනි වූවා සේය.

මෙම halong bay යුනෙස්කෝ ලෝක උරුමයක්ද වෙන බව කියන්න ඕන

ලෝකයේ අලුත් පුදුම හත තෝරාගන්න පැවැත්වෙන චන්ද විමසුම ගැන දන්නවද . halong bay ඒ අතර වැදගත් තැනක් ගන්නවා . කැමති නම් චන්දයක් දෙන්න හැකි මෙතනින්
මේ තොරතුරු නම් මන් ගිය ගමනේදී දැනගත් තොරතුරු . අන්තර්ජාලයෙත් මේ ගැන අටෝරාසියක් විස්තර තියෙනවා .
සිතියම් දෙකනම් ගත්තේ අන්තර්ජාලයෙන් . ඒ ඇරුනම අනිත් සේරම පින්තුර අපේ විදෙස් මිතුරෙක් ගේ ඉතා හොඳ කැමරාවකින් ගත්තු ඒවා. අපේ සාමාන්‍ය කැමරාවලින් අර ගුහා ඇතුලේ මෙච්චර පැහැදිලි චායාරුප ගන්න බැහැ.
වැඩි විස්තර පිපාසයෙන් පෙලෙන අයට මෙන්න ලින්ක් ටිකක්

43 comments:

  1. තවත් ලස්සන දසුන් පිරුණ සංචාරයක්...
    ගොඩාක් මහන්සිවෙලා සකසපු විස්තර බෙදා ගත්තාට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  2. අනේ බින්දී, හදවත හඬා වැළපෙනවා ඉක්මණට මේවා බලන්න එක්ක යන්නය කියලා. බොහොම ස්තුතියි මෙහෙම හරි පෙන්නුවට. හුණුගල් ගුහා වගයක් බලන්න මමත් ගියා වරක්. ආයෙත් යන්නට ආසයි. අර කිව්ව ලී ඔරුවක නැගිලා පාවෙවී ඉන්නට ඇත්නම්... :'(
    හිටුකො. මේ ඉලව් කෝස් එක ඉවරවුණු හැටියෙ එනවා.

    ReplyDelete
  3. @ ගල් මල්
    ස්තුතියි ගල් මල් මුලින්ම ආවේ ඔබයි අද
    @ නලිනි.
    මන් දැන ගත්තා මොකක් හරි කරදරයක් කියලා . හොඳයි හොඳයි ඉගෙනීම මතුවට වැඩ සදහානේ. පස්සේ බැරිය ලි බෝට්ටුවක පාවෙන්න .

    ReplyDelete
  4. ඒ හුණු ගල් ගුහා නම් මාරම ලස්සනයි ......

    ReplyDelete
  5. අනේ හරිම ලස්සනයි. දුවගන එන්ට හිතෙනවා.
    ඔයාට ගොඩාක් ස්තූතියි බින්දි. ඒ වගේම බනිලාගේ තාත්තටත්....:D

    ReplyDelete
  6. බොහොම රසවත් විස්තරයක්. අපිත් ගිහින් බැලුව වගේ හැගීමක් ඇතිවෙනවා.
    ලංකාවෙත් හුණු ගල් ගුහාවක් තියෙනවා. රත්නපුර - ඇඹිලිපිටිය පාරේ ගොඩකවෙලත්, පල්ලෙබැද්දත් අතර පාරෙන් හැරිලා කඹුරුගමුව පැත්තට යන්න ඕනේ. මමත් තම ගිහිල්ල නැහැ. ඒත් ගිය යාලුවෙක් විස්තර කිව්වා.
    ගුහාවට කියන්නේ "වවුල්පනේ". වවුලන්ට තමා අය්තිය. හලොන්ග් බේ වගේ ලය්ට් දාල එහෙම නැහැ. ඇතුලට යන්න හුඟක් අමාරුය්. පන්දම් පත්තු කරගෙන වවුල් බෙටි ගොඩේ බැහැගෙන තමා යන්න තියෙන්නෙ.
    http://badusure.com/blog/2010/05/waulpane-wawulpane-lime-stone-cave/
    මේකෙ විස්තර ටිකක් තියෙනවා.

    ReplyDelete
  7. @ කල්හාර

    ඇත්තටම හරිම ලස්සනයි. මන් වත් යනකම් විශ්වාස කලේ නැහැ. ආයිමත් යන්න ඕන.

    @ පොඩි

    එන්න එන්න ..ඔහේ ඉඳන් කෙලින්ම ප්ලේන් එනවා මන් හිතන්නේ . දැන් මට වඩා මන් ලියන ඒවා ගැන එයා උනන්දුයි. මන් මේ අනන් මනං ලියන්න පටන් ගත්තු බ්ලොග් එක. එයා නිසා තමයි වැදගත් දෙයක් ලියන්න පෙළඹුනේ.

    @ පොත්ගුල්ලා.

    අන්න හරි වවුල්පනේ . ස්තුතියි මතක් කලාට. සංචාරක කර්මාන්තයෙන් දියුණු වෙන්න ඕන නම් නිසි සැලසුමක් ඇතිව ඔය වගේ තැන් දියුණු කරන්න ඕන. හැබැයි තද නීති රීති ඇතුව . නැත්නම් ඔය වවුලන්ටම දීල තියෙන එක හොඳයි . උන් අඩු ගානේ ඒවා එහෙම්ම තියෙන්න අරියි. සිංගප්පුරුව වගේ රටවල ඇති දෙයකුත් නැහැ. පොඩි පොඩි දේවල් මහා ආකර්ෂණ බවට පත් කරලා තියෙන හැටි පුදුමයි.

    ReplyDelete
  8. ෂා... පොටෝ ටික දැක්කාම ගිහින් බලන්න හිතෙනවා. කොහෙද ඉතිං හිතුනු හිතුනු පළියට යන්න පුළුවන්යැ

    ReplyDelete
  9. මම නම් සැලසුම ගහගෙනයි ඉන්නේ ඔවුව බලන්න යන්න .. මෙහෙම විස්තර දුන්නට පින්.. යන්න ඕන තැන් දැන ගන්න මේ බ්ලොග් එකට ආවම හරිනේ..

    ReplyDelete
  10. ස්තුතියි පුසා ..ඒකනේ පුසන්ට ගිලෙන්නත් බැහැනේ . හැබැයි ''ටොම්'' පුස නම් සමහර වෙලාවට ඉගිලෙනවා නේද. නරකද උකුස්සා වගේ නමක් දා ගත්ත නම් .
    @ සරත්

    ඔයා වාසනාවන්තයා . අනික් අය ඉරිසියා කරයි දැන් . බලන්න ඕන ඒවා කියන්නම් . එන බව දැනුම් දෙන්නකෝ . e - mail එකත් එක්ක

    ReplyDelete
  11. අමතක වූ දෙයක් ..මෙහෙදී ''කයාකි '' බෝට්ටු පදින්නත් හැකි. ඒවායින් සමහර ගුහා ඇතුලටත් යනවා. මටත් ආස හිතුනා . කොහෙද තනියෙන් ළමයි දෙන්නෙක් ඇති දැඩි කරන්න බැහැ කියල යන්න දුන්නේ නැහැනේ

    ReplyDelete
  12. ශා කියල වැඩක් නෑ..! ලංකාව ඇතුලේ තියෙන තැන වත් බලන්න යන්න වෙලාවක් නැතිකොට මේවා බලන්න කොහොම යන්නද.... තව තව මේ වගේ තැන් ගැන සුන්දර ලිපි පෙළක් නෙලුම් විලෙන් බලාගන්න ලැබේවා.....!!!!

    ReplyDelete
  13. හරිම ලස්සනයි. හරියට ආස හිතුනා ඇවිත් බලන්න. බලමු ඉස්සරහට වාසනාවක් තිබුනොත් නේද? නංගියේ. ගොඩක් මහන්සි වෙලා වටිනා විස්තරයක් දැම්මට මුලින්ම ස්තූතිය!. තායිලන්තයේ දී මේ වගේ පාවෙන ධීවර ගම්මාන නම් දැකලා තියෙනවා. ඒ උනාට මේ Lime caves නම් දැකලා නෑ. මට මතක් උනේ කින්ග් කොන්ග් ෆිල්ම් එකේ මේ වගේ තැනක් තියෙනවා නේද? මේ වගේ යෝධ ශේෂ කඳු තියෙන මුහුදු ප්‍රදේශයක. මොන තරම් ලස්සනද මේ හරිය. බොහොම පින් මේ දේවල් අපිටත් බලාගන්නට මෙහෙම ලියන එකට. ජයම පතනවා සෙනෙහසින්.

    ReplyDelete
  14. Nice...........can't Resist the temptation to visit countries.......it grow when I see this kind of things.......

    emailkavikaari from SK

    ReplyDelete
  15. @ සෝඩා ගුණේ

    ස්තුතියි ..ඇත්ත ලංකාවේ මන් නොගිය පළාත් හරියට. දැන් නම් නිවාඩු ලද විට ලංකාවෙත් ඇවිදින්න ඕන. අපි ඉතින් කඩදහි ලිපේ දාලනේ නිවාඩු යන්නේ.

    @ චනදී .
    ස්තුතියි අක්කා ..තායිලන්තේ ''ෆුකට් '' වලත් ටිකක් මේ වගේ බව අහල තියෙනවා. මටත් යන්න නම් බැරි වුනා. ඒත් මෙච්චර සංචාරකයින්ට යන්න පහසුද කියල නම් දන්නේ නැහැ. එන්නකෝ ඉඩක් ලද විට . මගෙත් දුල ලොකු වුනාම ඔහොම ලියන්නයි ඇවිදින්නයි තමයි හිතන් ඉන්නේ. සල්ලි ටිකක් ඉතුරු කර ගන්න ඕන.
    @ emailkavikaari
    ආ ඔයා ගමන කරදරයක් නැතිව යන්න ඇති නේද. ආසියාවේම වගේ . ලියන්න නිදහසත් වැඩි ඇති. මන් හිතන විදියට ඔය රටේ ටි. වී. චැනල් එකක් මන් මෙහෙ බලනවා. හරි ලස්සනයි. ඉතින් ලියන්නකෝ අලුත් විස්තර. මේ පැත්තේ එන්න ඉඩක් ලදොත්. අපිට හොඳ යාලුවෝ වෙන්න හැකි වගේ .

    ReplyDelete
  16. ලස්සනම ලස්සනයි, විශ්වාස කරන්නත් බැරි තරම්..පින්තූර ටික නම් සුපිරියි.
    ඡායාරූප ශිල්පියාත් දක්ෂයෙක් බව කියන්නම ඕන...

    ReplyDelete
  17. ගුහා ඇතුළෙ පින්තූර නම් හරිම ලස්සනයි...

    ReplyDelete
  18. අනේ අපොයි මේ පෝස්ට් එකේ පින්තූර වැඩි නිසා මේක ඊයේ ලෝඩ් වුණේ නෑ .අද තමයි විනාඩි 7 විතර කල් අරගෙන මේ පෝස්ට් එක බැලුවේ මට තියෙන්නේ ස්ලෝ ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් .

    මේ ගල් ගුහා නම් හරිම පුදුමාකාරයි .මාරම ලස්සනයි . ලංකාවෙත් මේ වගේ ගුහා කීපයක් තියනවා හැබැයි ඒවා මේතරම් ලොකු නෑ .

    ඔය ගුහා ඇතුලේ වවුල්ලු නැද්ද ?

    මේ වගේ ලස්සන තැන් ගැන දිගටම ලියන්න බින්දි අක්කේ .දැන් මේ බ්ලොග් එකට එන එක පුරුද්දක් වෙලා

    ReplyDelete
  19. ලස්සනයි. කියන්න වචන නැහැ.

    මේ දවස් වල රටින් පිට පැත්තක යන්න සිහින මවමින් ඉන්න වෙලාවේ ඔයා නැගෙනහිර ආසියානු කලාපය මාකට් කරනවා වගේ.

    ඔන්න අපිත් රිංගුවා මහා ලෙනක් අස්සේ තියෙන වුවුල්ලු පිරිච්ච උමගකට. විස්තර ලියා දැනුම් දෙන්නම්.

    ස්තුතියි සුන්දර මතකයන් බෙදා ගත්තාට.

    ReplyDelete
  20. කියවා අවසන් වන විට “අපත් එම චාරිකාවේ ගියා‘ මෙන් දැනෙන ...සුන්දර කතාවක්..

    ReplyDelete
  21. අප්පච්චියේ මේ බින්දි කරන වැඩ . . .

    සතෙන් සතේ එකතු කරන්න හිතනවා බාගෙට හදපු ගෙයි ඉතුරු වැඩ ටික ඉවර කරගන්න කියලා . . .

    ඒත් මේ වා දැක්කාම හිතෙනවා ගෙයි වැඩ පස්සේ කරලා මේ වගේ සොබා දහමේ අපූරු සුන්දර නිර්මාණ ටිකක් බලන්න යන්න ඒ සතෙන් සතේ එකතු කර ගත්තු මුදල් යෙදෙව්වානම් කියලා . . .

    බොහොම ස්තූතියි බින්දි . . .

    ඇත්තනටම බොහෝම ඉක්මනට එන්නම හිතෙනවා ඔය ඔක්කෝම ටික බලන්න . . .

    ඒ තරම් අපූරුවට ඔයා ඒවා විස්තර කරනවා . . .

    ReplyDelete
  22. අහ් බනීලගේ තාත්තටත් ස්තූතියි කිව්වා කියන්න හොඳේ අපි වෙනුවෙන් මේ ඔක්කෝම බලන්න ඔයාව එක්කගෙන යන එකට . ..

    ReplyDelete
  23. අනේ ගෙයි වැඩ ඉවර කරලා ඉන්න. කොහේ ගියත් ලංකාවට ගිහින් වැටිලා ඉන්න තැනක් ඕනනේ. හා මන් කියන්නම්කො එයාට. කියන්න දෙයක් නැහැ. එයාම මේක කියවයි.
    කලින් පොස්ට් එකත් නිකන් හරි කියවන්න . කමෙන්ට් නොකලත් කමක් නැහැ

    ReplyDelete
  24. මේ පෝස්ට් එකට අදාළ නැති වුනත් ඊයේ ආපු මේ අදහස් ටික අපේ පොත් ගුල්ලන්ට මග හැරෙයි කියල මන් මෙතනට ගෙනාවේ. ''පොත් ගුල්ල'' විසින් ලියන ලද මෙහි අපට ''මගේ ආදරවන්තයෝ ''පෝස්ට් එකේදී මග හැරුණු වැදගත් දෙයක් තියෙනවා.

    හරි ශෝක්!
    මේක ලියපු බින්දිවය් කමෙන්ට්ස් ලියපු අනෙක් හැමෝවමය් බදා ගන්න හිතෙනවා. (ග්‍රාම්‍ය විදියට කිව්වට සමාවෙන්න).
    මමත් ඔය රුසියන් පොත් වල ආදරවන්තයෙක්. හැබැය් මම හිතන් හිටියේ මං ඔය රුසියන් පොත් (සිංහලට පරිවර්තනය වූ) ඔක්කොම ටික කියවල තියෙනව කියල. දැන් බැලුවම මම නොකියවපු පොතුත් තියෙනව. ඔයාලට අමතක වෙච්ච තව හොඳ පොතක් තියෙනව. (හොඳ වෙලාවට. නැත්තන් මට ලියන්න කමෙන්ට් එකක් නැති වෙනව). ඒ තමය් ඇන්ටන් චෙකොව් ගෙ "තුන් අව්රුද්ද". මතක නැද්ද අලෙක්සේය් ලාප්තෙව් සහ යුලියා. අලෙක්සේය් යුලියාට ආදරය ප්‍රකාශ කරන්නේ හදිස්සියේම. යුලියා හුඟක් කලබලවෙනවා. බයවෙනවා.
    --ඈ තිගැස්සී මවිතයෙන් සහ බියෙන් යුතුව ඔහු දෙස බැලුවාය. "අනේ, අය්යෝ, ඔබ මොනවා කියනවද!" ඇය පැවසුවේ සුදුමැලි වෙමිනි. "එය කල හැකි දෙයක් නොවෙය්. මම ඔබට සහතික කරන්නම්. සමාවෙන්න."--
    ඒත් පස්සේ දෙන්න කොහොමින් කොහොම හරි බඳිනවා. පස්සේ කාලෙක, වැඩි කාලෙකුත් නෙමෙය්, තුන් අවරුද්දකින් පස්සේ දෙන්නම ජීවිතේ දිහා බලන්නේ වෙනස් ආකාරයකින්. කතාව හරිම සහිත්‍යත්මකය්. ඒ වගේම මනොවිද්‍යත්මකය්. ඒකෙත් පරිවර්තක දෙදිගම වී රුද්‍රිගු මැතිදුන්මය්.
    තව ඔයාල සිරිල් සී. පෙරේරා මහත්තයට දුන්නු තැනත් මදි වගෙය්. මොකද රුසියන් සාහිත්‍යය සිංහල පාඨකයන්ට හඳුන්වාදෙන්න එතුමත් විපුල සේවයක් කලා. මේ ලය්ස්තුව එතුමන් පරිවර්තනය කල රුසියන් කෘති.
    යුද්ධය හා සාමය - ලියෝ තොල්ස්තොය්
    කරමසෝ සහෝදරයෝ - ප්යෝදෝර් දොස්තොව්ස්කි
    මළ මිනිස්සු - නිකොලොය් ගොගොල්
    පෙරළු නැවුම් පස - මිහය්ල් ශෝලොහොව්
    ජීවිතයේ සරල කතාවක් - නිකොලොය් එව්දොතිමොව්
    පිස්සු තරුණයා දුටු විකාර සිහිනය - ප්යෝදෝර් දොස්තොව්ස්කි
    දුප්පත්කම - ලියෝ තොල්ස්තොය්
    මිනිසා ජීවත් වන්නේ කුමකින්ද - ලියෝ තොල්ස්තොය්
    ඉස්කෝප්ප පොරොව - ඇලෙක්සැන්ඩර් පුෂ්කින්
    පොතය් මමය් - මැක්සිම් ගෝර්කි
    මලක සුවඳ යුග ගණනක් ඇසේයා - මැක්සිම් ගෝර්කි
    මකර රාක්ෂ (නාට්‍ය පිටපතක්) - යෙව්ගිනි ශ්වන්ත්ස්
    මෛත්‍රී කරුණාව - ලියෝ තොල්ස්තොය්
    පේමතෝ ජායතී සෝකෝ (ක්රෝඑට් ස සොනාටා) - ලියෝ තොල්ස්තොය්
    ඔය ලය්ස්තුවේ මුල් පොත් හතරම මහා විසාල පොත්. එහෙම බැලුවහම එතුමා කරපු සේවය සුළුපටු නොවෙය්.

    තව "උභය ජීව" ගැනත් වැඩි සැලකිල්ලක් දක්වල නැති හැඩය්. ඇලෙක්සැන්ඩර් බෙලයෙෆ් ගේ "THE AMPHIBIAN" කෘතිය සිංහලට නගපු ලේකඛයගේ නම දැන් මතක නැහැ. ඉක්තියන්දර් සහ ගුතීරා ගේ කතාව හරිම රසවත්. නිකම්ම විද්‍යා ප්‍රබන්ධයක්ම නෙමෙය්. ලස්සන ආදර කතාවක්. බැල්තසර්ගේ නැතිවූ පුතාද, ඉක්තියන්දර්? කොහොම උනත් අන්තිමට ඇසට කඳුලක් නගන කතාවක්.

    තව දෙයක් මතක් කරදෙන්න කැමතී. ඒ තමය් රුසියානු සාහිත්‍යයේ පතාක යෝධයෝ හිටියේ 19 වැනි සියවසේ. වරක් ජෝසෆ් ස්ටාලින් සාහිත්‍ය මණ්ඩලයක් පත් කරලා ශ්‍රේෂ්ටතම රුසියන් ගත් කතුවරයා තෝරන්න කිව්වලු. ඒ මණ්ඩලය දෙන්නෙක් තෙරුවලු. ඒ දෙන්නම කරට කර. ඒ තමා ලියෝ තොල්ස්තොය් සහ ප්යෝදෝර් දොස්තොව්ස්කි. මේ තීරණය ස්ටලින්ට දන්නල දෙන්නගෙන් වඩාත් හොඳ කෙනා තෝරන්න ස්ටලින්ටම දුන්නලු. ස්ටලිනුත් හොඳ සාහිත්‍ය කාමියෙක්. එයා තෝරාගෙන තියෙන්නේ දොස්තොව්ස්කිව. හේතුව රුසියාවේ අන්ත අසරණ දිලින්දන්ගේ ජීවිත වඩා තාත්විකව ප්‍රතිනිර්මාණය කලේ දොස්තොව්ස්කි වීමය්. හුඟක් වෙලාවට තොල්ස්තොය් ප්‍රතිනිර්මාණය කලේ රදලයන්ගේ ජීවිත. මේ කරුණ තිබුනේ සිරිල් සී පෙරේරා පරිවර්තනය කල කරමසෝ සහෝදරයෝ කෘතියේ ප්‍රස්ථාවනාවේ.
    28 June 2011 01:14
    පොත් ගුල්ලා said...
    රුසියන් පොත් රසවිඳින හැමෝම මේ සින්දුවටත් කමතිවෙය්. යු ටියුබ් එකෙන් රසවිඳිමු.

    http://www.youtube.com/watch?v=TRewRYxOYmw&feature=related

    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බලලය්කවද වයමින් තුටින් යමු මාවතේ


    ''....පොත් ගුල්ලා ''

    ReplyDelete
  25. ඉතාමත් සිත් ඇද ගන්නා සුළු විස්තරයක් වගේම කාලයක්ම සිතේ තැන්පත් වන අනර්ඝතම සේයාරූ පෙලක්. අපි අඩුවෙන් විස්තර දන්නා රටක මේ වගේ විස්තර රැගෙන ඒම පිළිබදව ඔබට ස්තූතියි!

    ReplyDelete
  26. @ ඇනෝ ට

    සමාවන්න ..ඔබට ස්තුතිකරන්න බැරි වුනා .

    @ ලකී

    ස්තුතියි ලකී ...ඇත්තටම පින්තුර ටික දීපු ඒ යාලුවට ස්තුති කරන්න ඕන . ලින්ක් එක දීල නම් වැඩක් නැහැ . සුද්දන්ට සිංහල බැහැනේ...ඔය කැමරාව වියට්නාමෙන් අරගෙන ඉස්සරවෙලාම ගත්තු පින්තුර තමා ඔය. අනික් අය යන වේගෙට මනුස්සයට ඇවිදින්නත් බැරිලු .මොකද අලුතින් ගත්තු වැඩකෑලි ගොඩක් තියෙන කැමරාව අටෝල පින්තුර ගන්න වෙලා යන නිසා. එය හිතන්නවත් නැතුව ඇති මෙච්චර පිරිසක් ඒවා රස විදියි කියල.

    @චේජනා

    අමුතු ලෝකයක් වගෙයි තමා චේජනා ..ස්තුතියි.

    @සඳරු

    මටත් සමහර විට ඔහොම වෙනවා. ඔය පළාතට ඔහොමවත් මදැයි නේද. වවුල්ලු ඉන්න ඇති ඉස්සර . මේවගේ මිනිස්සුන්ට යන්න හැකි විදියට එලි පෙහෙළි කරලා තියෙන්නේ කීපයයි. අනික් ව සමහර ඒවාට කයාකි බෝට්ටු වලින් කට්ටිය යනවා . සමහර ඒවාට නම් ලඟා වෙන්නෙම නැහැ. ඒවායේ නම් කරදරයක් නැතුව වවුලෝ ඉන්නවා ඇති .

    @සුජීව

    ස්තුතියි.ඔය කියල තියෙන ටික මදැයි. මට ASEAN එකෙන් මොනවා හරි දෙයි නේද . ලියන්නකෝ ඔයා රිංගපු ලෙන ගැනත් .

    @ මහේෂ්

    ස්තුතියි..මහේෂ්

    @ දිනේෂ්

    ස්තුතියි දිනේෂ් ..ඔබ රස වින්ද නම් මට ගොඩක් සතුටුයි

    ReplyDelete
  27. කලින් එකත් කියෙව්වෝ . . ..

    බනීලගේ තාත්තටයි ඔයාටයි කොහොම ස්තූතියි කරන්නද මන්දා මේ විස්තර වලින් අපිව කුල්මත් කරවනවට . . .

    ReplyDelete
  28. ඉතාම ලස්සන පින්තූර ටිකක්. අර කඳු අපූරුයි. ඒත් බියකරුයි වගේ.

    ReplyDelete
  29. පොත් ගුල්ලට බොහොම ස්තුතියි විස්තරේට. මෙතන නොදැම්මනම් අපිට මිස් වෙනවා. ස්තුතියි බින්දි.

    ReplyDelete
  30. ෂා අපූරුයිනේ.කවදාහරි මේවා බලන්න යන්න ආශා හිතුනා

    ReplyDelete
  31. @ අයේෂා

    ස්තුතියි අයේෂා

    @ නලිනි...

    කවුරු නැතත් මන් දනී නලිනි ඕක කියවන බව.

    ReplyDelete
  32. @ out sider
    අපොයි නැහැ ..ලඟට ගියහම හරි ලස්සනයි.

    ReplyDelete
  33. කොමෙන්ටුවක් දැම්මා... මකර මවක් වත් ගිල්ලාදෝ....

    ReplyDelete
  34. Hi Bindi

    The two recent posts are very impressive inviting us to Vietnam . Thanks for takeing ur time to write them :)

    regards
    TG

    ReplyDelete
  35. හරිම ලස්සනයි. මට මේ විස්තර කියවල ඇවිත් බලන්න අස හිතුන..... පින්තුරු ටික නිසා මේ බ්ලොග් එක ලස්සන වෙනව...

    ReplyDelete
  36. නෙළුම් විලේ රොස කැළේ ට පාර කියල තියනව දැක්කෙ දැන්. අක්කට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  37. @ රෝස කුමාරි
    ස්තුතියි රෝස කුමාරි ..පින්තුර ටික තව ටිකක් කට්ටියට බලන්න නිසා තමයි අලිතින් මුකුත් නොලියා ඉන්නෙත් .
    @ TG
    හප්පොච්චියෙ හොඳටම බිසී වගේ .

    ReplyDelete
  38. මේක බලන්න මං වින්ද දුකක්..ආයේ වියට්නාමේ යන්නවත් එච්චර කට්ටක් කන්න වෙන එකක් නැහැ..අර සඳරු කිව්ව දේම තමා..අමාරුවෙන් ඕන් අද අල්ල ගත්තා...මං හිතන්නේ හොදම දේ තමා මං බෝට්ටුවක් හදා ගන්න එක..:D

    ReplyDelete
  39. @ සපතේරු උන්නැහේ

    අනේ මන්දා . දන්නා විදියට මකරු ටික නිදි.

    @ මාරයා

    අනේ ඒ ගැන මන් එච්චර දැනන් හිටියේ නැහැ . වෙනදට දාන්නේ ගුගල් පින්තුරනේ. මෙව්වා අපේ පින්තුර. ඒකයි අමාරු ඇත්තේ. මන් තවම අලුත් පොස්ට් එකක් නොදා ඉන්නෙත් ඔය පින්තුර ටික තව අයට බලන්න හින්දා

    ReplyDelete
  40. Awesome! not only the place but the post, very attractive and informative. Sorry for the delay in commenting. We got a similar kind of place here in Victoria called “Buchan Caves”. Around five hours drive from Melbourne. I went once. It is indeed beautiful too. Thanks for all the lovely pictures. Great photography!

    Chandy

    ReplyDelete
  41. මකරු කොහොමටත් හොඳ අය තමයි. දැන් බලන්න මම . හරී හොඳයිනෙ. ලස්සන පින්තූර ටික

    ReplyDelete
  42. මකරු හොඳ නේන්නම් . මේ හැනෝයි වලටත් කියන්නේ නැගිටින මකරා කියලයි [Thang Long ]

    ReplyDelete