Monday 26 September 2011

දිය මකර රජු ගේ ළමයි....


වියට්නාමයේ ජනකතා කියන්නයි ටි ජි ළමයා හුඟ කලක සිට ඉල්ලයි . හැමදාම යුද්ධය ගැන ලියන්නට ගියොත් කට්ටියට එපාවෙන්නත් බැරි නිසා වෙනසක් කරන්නට මටත් සිතුනා .
එහෙන් මෙහෙන් අසා තිබුනත් ඒවා අකුරු කරද්දී අපට හිතු ලෙස ලිවිම හොඳ නැති හින්ද මන් අපේ ''මුන්'' මහත්තයාගේ පුස්තකාලෙන් පොතකුත් සොයන් ආව. දෙමාපියන්ට සති දෙකකට පොත් තුනක් ගන්න පුළුවන්.
විශ්වය ඇති වීමේ ඉඳන් වියට්නාම් ජාතිකයින් ඇති වීම දක්වා ලස්සන මිත්‍යා කතන්දර  ටිකක් හම්බ වුනේ මගේ වාසනාවට . බොහොමයක් පොත් ස්ව බසින් ලියවුන මේ රටේ ඉංග්‍රීසියෙන් ලියවුන පොත් අඩු නිසා මේක සැහෙන වටිනවා මටනම් .

අද මන් ලියන ප්‍රධාන කතාවට කලින් අතුරු කතාදෙකක් කියන්න ඕන. මොකද මේ කතා දෙක එච්චර රසවත් නැතත් පස්සේ ලියනවට වඩා මුලදීම කිවමයි අගේ.

බොහොමයක් සංස්කෘතිවල වගේ මෙහෙත් විශ්වය ඇති වීම ගැන කතාවක් තියෙනවා . ඔන්න ඉස්සර කාලේ ලෝකය එක අඳුරු කුහරයක් විතරයි. එකදවසක් එක යෝධ දෙවි කෙනෙක් දිවය ලෝකේ ඉඳන් පොලවට ආවා. ටික කාලයක් ගියාට පස්සේ මේ දෙවියා අහස අත් දෙකෙන් උස්සලා උඩට උඩට තල්ලු කරනවා . තල්ලු කරන ගමන් ආධාරකයක් විදියට කණුවක් බඳිනවා . මේ කණුව තැනෙන්නේ පොළවෙන් ගත් කුණු සහ පාෂාණ වලින් . මුලින් මදුරු දැලක් වගේ වෙච්ච අහස අන්තිමට බත් පිඟානක් වහපු මුඩියක් වගේ පේනවා .

ඔහොම උස්සල උස්සලා එක මට්ටමකදී ස්ථාවර වුනාට පස්සේ අර කුළුණ විනාශ කරන්නේ දෙවියා විසින්මයි. ඒකෙ කොටස් විසිරිලා තැන්  තැන්වල දුපත් කඳු හෙම නිර්මාණය වුණා. කුළුණ හදන්න අමුද්‍රව්‍ය ගත් තැන් සාගරය ලෙස ඉතුරු වුණා .
Son Tay පළාතේ ඇති Thach Mon කන්ද එම කුළුණේ නෂ්ටාවශේෂ බවයි කියවෙන්නේ . සමහරු එය ''දෙව් ලොවට මග '' කියන තේරුම ඇති Khong - lo  ලෙසත් හඳුන්වනවා .

ඊට පස්සේ මේ දෙවියා ගේ කාරිය ඉවරයි. ආපසු දෙව්ලොවට ගියා වෙන්න පුළුවන්. ඉන් පස්සේ තවත් දෙවිවරු හත්දෙනෙක් ආවලු . ඒ අය වැලි , රළ ,තරු .,ගංගා ...ගස් ..වනාන්තර ...ඇතිකළ බව තමයි කියවෙන්නේ .
ඊට පසු   ඉතා විශාල කාලයක් ගත වුණා . ඒත් තාමත් අහස අඳුරුයි ...වාතය තෙතයි.
මේ අඳුරු ලොව දෙස
බලා ඉනු බැරි තැන
උතුම් දෙව් අදිරද
එවුවා සඳ එක්ක
හිරු දෙවඟන .....
......දැන් ඉතින් දෙව්ලොව අධිරාජයා විශ්වය තනා ඉවරයි. ඉතුරු බිතුරු වලින් ලෝකෙට සත්තු මවන්න කල්පනා කලාලු . සේරම සත්තුන්ට වඩා සියුම් දේවල් වලින් තමයි මිනිසා හදල තියෙන්නේ.  මේ වැඩේට වින්නඹු දෙවඟනන් 12 ක් උදව් කලාලු.
මේ ලෝකයේ සියලුම සත්වයන් ඊ ළඟ ආත්මයේ උපදින්නේ කවුරු විදියටද කියල තීරණය වෙන්නේ දිව්‍ය ලෝකයේ දෙව් රජුගේ සහ පරිපාලක සභාවේ තීරණයන්ට අනුව. මෙයිනුත් මනුස්ස ආත්මයක් ලැබීම ගැන කටයුතු කරන්නේ අර උඩ කිව්ව දෙවඟනන් 12 දෙනා .
පුද්ගලයෙක්ගේ අවයව වගේම අධ්‍යාත්මයත් ඔවුන්ගේ නිර්මාණ . හැබැයි ආයුෂ නම් තමන් කරන කියන දේ අනුවලු තීරණය වෙන්නේ.


ඔන්න ඉතින් තවත් කාලයක් ගියාට පස්සේ උතුරු වියට්නාමයේ Hong Ha නදිය [රතු නදිය ...මේ ගැන වෙනම ලියන්නම්]   ආශ්‍රිතව මිනිස්සු පදිංචි වුණා . ගොවිතැන් සහ ධිවර කටයුතු තමයි කලේ.


ඔය කාලේදී තමයි Lac Long Quan නම් දෙවියා පහල වෙන්නේ . එයාගේ තාත්ත කඳුකරේ දෙවියා වෙච්ච Kinh Doung Vuong . අම්ම ජලයේ දෙවඟන ....Ho Dong Dinh . ඒ වගේම එයා දිය මකරියක්.
මේ මිශ්‍රණය නිසා පුතාට අම්මගේ ලක්ෂණ තමයි වැඩි. ඒ නිසා එයත් වැඩිය ඉන්න ආස කලේ වතුරේ .


පියා විසින් Lac Long Quan ට Lac Viet [ වර්තමාන වියට්නාමය ] බාර දුන්න . ඔහු රට දියුණු කළා . ගෘහ නිර්මාණයට ආස කළා . ඔහුගේ මාලිගය කොටස් දෙකයි. එකක් ගොඩ බිම . අනික දිය යට. වැඩිය හිටියේ දිය යට මාලිගේ . රටවැසියා ඇවිත් ''Oh Father '' කිව්වම ගොඩට ඇවිත් ප්‍රශ්න විසඳන්න උදව් කළා .

ඔහොම සාමයෙන් ඉන්න අතරේ ඔහුගේ නෑයෙක් වුන De Lai තමන්ගේ රූබර බිරිඳ Au චෝ සමග මේ රටට එනවා . බිරිඳව ගොඩ බිම මාලිගයේ රඳවා ඔහු රට තොට බලන්න යනවා . මේ විපරම්  කිරිල්ලට රටවැසියා කැමති වුනේ නැහැ . ඔවුන් ගිහින් Lac Long Quan රජුට කේලම කියනව .

ඔය අවු අස්සේ දියෙන් ගොඩට ආව රජතුමා Au Co ගේ රූපෙට වහ වැටිලා දන්නා ශිල්ප සේරම දාල
ඇගේ හිත ගන්නවා .

අනේ ඇත්තට මන් හිතන් හිටියේ ලස්සන ගැහැණු කෙනෙක් දැක්කම මෙලෝ සිහියක් නැති වුනේ අපේ රජ ගොල්ලන්ට විතරයි කියලයි. බලපුවම කොහෙත් එකයි.
මේ දෙන්න විවාහ වෙනවා . De Lai සටන් කරන්න ශක්තිය මදි නිසා ආපසු යනවා .


Lac Long Quan සහ Au Co රැජිනගේ විවාහයෙන් පසු ඇය බිත්තර 100 ක් දමනවා . [ මෙයාල මකරු හොඳේ ..මකරියෝ දාන්නේ බිත්තර ] . මේ බිත්තර වලින් ළමයි 100 ක් ඇති වුණා


මේ මොන දේවල් වුනත් වතුරේ ඉන්න පුරුද්ද නම් අඩු වුනේ නැහැ රජතුමාගේ . ඉතින් රැජිනට හරි පාලුයි. ඔය පිරිමි ''ලඟින්ම ඉඳන් හිස අතගගා ඉන්නම්'' කිව්වට ගෑනු ළමයි දැන ගන්න ඕන කියන තරමට එව්වා වෙන්නේ නැති වග .


කොහොම හරි උපන් රට දැක ගන්න ආසාවත් පාළුවත් නිසා ඇය දරුවනුත් එක්ක ගිහින් එන්න හිතනවා . ඒත් දේශ  සීමාවේදී ආරංචි වෙනවා මුල් සැමියා මරා දාල Hoang De කියන කෙනෙක් පාලකයා වෙලාකියල . ඇගේ ආගමනයට ඔහු කැමති වෙලා නැහැ . රටවල් දෙක අතර සටනක් වෙයි කියල ඇය බය වෙලා ආපසු ඇවිත්.

හැබැයි මේ සේරම වුනේ ඔයා හින්ද තමයි කියල Lac Long Quan එක්ක නොහොඳ නෝක්කාඩු වෙලා . ඔන්න පිරිමි ''ළමයි අපි ඕන දෙයක් වෙද්දෙන් කියල පැනල යමු '' කියල ගෑනු ළමයි කිව්වට ,පස්සේ ඔයා හින්ද මට මගේ සනුහරේම නැති වුණා කියන්න ඉඩ තියෙන බවත් මතක තියා ගත්තත් හොඳා .

මේ නෝක්කාඩු වලින් පස්සේ රජතුමා පැහැදිලි කරලා මම දිය මකරෙක් ..ඔයා සුරන්ගාවියක් . ඒක තමයි ඇත්ත තත්වය කියල . මේ දෙන්න කතා බහ කරලා තීරණය කලාලු ළමයි 50 ගානේ බෙදා ගන්න .

මේ ළමයි බොහොම හොඳ අය. එයාලම කොටස් දෙකකට බෙදිලා . 50 ක් තාත්තා එක්ක දිය යටට ගිහින් . 50 ක් අම්ම එක්ක ගොඩ බිම ජිවත් වෙන්න තීරණය කරලා .


Au Co එක්ක ගොඩ බිම නතර වුන ළමයින් ගෙන් තමයි වත්මන් වියට්නාම ජාතිකයෝ පැවතෙන්නේ කියලයි කියවෙන්නේ . ආයේ දෙකක් නැහැ මෙහෙ අයට දිය ගොඩ දෙකම හොඳට හුරු වෙන්න ඕන තියන ගංගා.. වැව් සංඛ්‍යාව දිහා බැලුවම .


අපේ ගේ ඉස්සරහින් යන ලොකු පාරේ නම  Au Co . ඒකෙ ගිහින් Lac Long Quan පාරට හැරිලා තමයි අපි ඉස්කෝලේ යන්නේ . අනික් අතට Au Co සහ  Lac Long Quan දෙන්න හමු වෙනවා වගේ තමයි.


ඔන්න බලන්න ඇස් ඇරලා බැලුවොත් කියන්න කතන්දර කොයිතරම් තියනවද ...අප අවටම . Au Co පාර දිහා බලාගෙන ඇය කිසිකලෙක නොදැන සිටි බසකින් අද මන් ඇය ගැන ලියන බව ඈත ..ඈත දවසක ඇය සිතන්නට ඇද්ද .


මේ ප්‍රවාදය මෙහෙ හරිම ජනප්‍රියයි. අර අපි සිංහයාගෙන් පවත එන ගානටම . චිත්‍ර කැටයම් ..නාටක හෙම බොහොමයි . දකින දකින තැන් මකරු
මේ දෙන්න ඉන්න මුද්දරයක්



ඉස්සරහට තව කතා ගොඩක් කියන්න හිතාගෙන අදට නවතින්නම් .

Pictures by Google

37 comments:

  1. අද නම් කතාවකුත් කියවලාම නිදාගන්න පුලුවන්. බින්දිත් පොස්ට් දාන්නෙ හරි වෙලාවල් වලටනෙ..

    ReplyDelete
  2. මම නම් හරිම කැමතියි එක් එක් ජාතීන්ගෙ තියෙන ඔය වගේ විස්වාස ගැන දැනගන්න.... හරි අපූරු කතන්දර තියෙනව නොයෙක් විදිහෙ...

    බින්දි ..
    අලුත් වැඩක් ගැන කතාවුණා මකරන්දෙ පැත්තෙ.. පොඩි ඈයින් වෙනුවෙන්.. පොඩ්ඩක් බලමු...

    ReplyDelete
  3. මේ කතන්දරය හරිම ලස්සනයි. පළමු වතාවටයි වියට්නාම ලෝකය ඇති වීම ගැන කතන්දරය දැනගත්තෙ. බොහොම ස්තූතියි බින්දි අක්කේ.


    //අර අපි සිංහයාගෙන් පවත එන ගානටම//
    අපි සිංහයාගෙන් පැවත එන්නේය යන මතය මම පිළිගන්නේ නෑ. විජයාගමනයට පෙර ඉතිහාසයක් අපිට තියෙනවා. විජය කියන්නෙ සිංහල ජාතියේ ආරම්භකයා නෙවෙයි. ඔහු එළාර, කාලිංග මාඝ වැනි ආක්‍රමණිකයෙක් පමණයි.

    ReplyDelete
  4. හරි අපූරු ලිපියක්...
    /පිරිමි ''ලඟින්ම ඉඳන් හිස අතගගා ඉන්නම්'' කිව්වට ගෑනු ළමයි දැන ගන්න ඕන කියන තරමට එව්වා වෙන්නේ නැති වග ./

    පල පුරුද්දෙන්ද කීවෙ බින්දී?

    ReplyDelete
  5. බින්දි අක්කේ කතාවට ස්තුතියි...

    විසිතුරු කියපු දේට මාත් එකඟයි...හැබැයි සිංහයාට පොඩි නෑ කමකුත් තියනවා නේද සිංහලයන්ගේ? :)
    සිංහයාගේ පුතා සිංහ බාහු එයාගේ වැඩිමල් පුතා විජය...හැබැයි විජයටයි එයාට ඉන්දියාවෙන් ගෙනාපු කුමාරිටයි ළමයි හිටියේ නැතිලු..ඒක නිසානේ පඬුවස්දෙව් ආවේ..පඬුවස්දෙව් කියන්නේ විජයගේ මල්ලි "සුමිත්ත" ගේ පුතාලු. ඉතින් එයත් සිංහයාට සම්බන්ධයි (සිංහ වංශයේ)..මම අහල තියන විදියට මේ සිංහ වංශයේ අයයි ඒ වෙද්දි ලංකාවේ හිටපු අයයි මිශ්‍ර වෙලාලු සිංහල ජාතිය හැදුනේ...හරිද මන්දා :-|

    ReplyDelete
  6. @ ලකී ..
    හදිසියේ හිතුන ලිව්වා . බලනකොට එළිවෙන පාන්දර වෙලා . උදේට තමයි ඉතින් නැගිටගන්න බැරි. අපේ බනියගේ අනිවාර්ය පොත් දෙක කියවල නිදා ගන්න දාල හෙම මෙතන ඉඳ ගන්නකොට සෑහෙන රෑවෙලා.
    @ සපතේරු ..
    මටත් හරිම ආසයි ඔය කතා කියවන්නත් එව්වට සම්බන්ධ ස්ථාන සහ ඒවායින් ඉතිරි වෙලාතියෙන සාධක ගැන දැනගන්න. මකරන්ද පැත්තේ ගිහින් බලන්නම් . හොඳම දේ ළමයින්ට කියනවනේ .

    @ විසිතුරු .
    තව කතා ගොඩක් කියන්නම් ඉස්සරහට . සිංහ කතාව මමත් විශ්වාසකරන්නේ නැහැ . මේකත් ඉතින් කතන්දරයක් තමයි. මෙහෙමනේ ඔය නම් වලින් මිනිස්සු ඉන්න ඇති සමහර විට . මොනවා වුනත් කතන්දර නැත්නම් හරි පාලුයි නේද .
    @ ගිම්හානි ..
    මට නම් මතකත් නැහැ අප්පා එහෙම පොරොන්දු වුනාද කියල නගේ.
    @සයුරි
    ස්තුතියි සයුරි ..මේ දවස්වල ඔය ගැන හරියට විවාද යනවා නේද . මන් නම් කියන්නේ සිංහයා ගේ කතාව ඇත්ත වුන වුනත් ඇත්තටම එයා සිංහයෙක් නෙමේ . සිංහ කියල මනුස්සයෙක් වෙන්න ඕන . දැනුත් ඉන්නේ ජයසිංහල ..රණසිංහල හෙම .

    ReplyDelete
  7. ජන කථා වලට අපිත් කැමතියි ඕං... නොදන්නා රටක සංස්කෘතිය ගැන හදාරන්න තියෙන ප්‍රබලම සාධකයක් තමයි ජනශ්‍රැතිය... එක අතකින් ජන කථා වලින් කියවෙන්නේ ඒ ජාතියේ අනන්‍යතාවය... මේ වගේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට අක්කට තුති...

    අර විජය හා සිංහ කථාව මම නම් කිසිසේත්ම පිළිගන්නේ නෑ. කාරණා අනුව නම් ඒක දීර්ඝ කාලීන සැලසුමක්... ඒක ගැන වෙනමම පෝස්ට් එකක් ලියන්න වෙන නිසා මෙතනින් ඒක ඉවර කරන්නම්...

    තව ජන කථා ලියන්නෝ... ජය !!!

    ReplyDelete
  8. නියම ලිපියක්. හරි ශෝක් කතා පොඩ්ඩ. මම ඔය මැවුම් වාදයේ කතාව ඇහුවමයි. ඔය වගේ තව තව කතා ලියන්න අක්කා.

    ReplyDelete
  9. හික් හික් . . . . මේක නිදාගන්න කලිං කියවන්න තියාගන්න ඕනෙ . . . එතකොට හීනෙං කතාව බලන්න පුලුවං . . . .

    ReplyDelete
  10. සෝයි කථාව,,, උදේ පාන්දරට බලන්න හොඳ මේවගේ ඒව තමයි, ඔන්න අපේ මකරට ඔහෙන් හොයාගන්න පුළුවන් වෙයි නෝනා කෙනෙක් ,,

    ReplyDelete
  11. මකරෙකුගෙයි සුරංගනාවෙකුගෙයි පැටවු කොයි වගේ වුනාද දන්නෙ නෑ...හික්ස්...

    ReplyDelete
  12. නිදිමතේ ඇස් පිහ පිහ තමයි කතාව කියෙව්වේ .බින්දි කවද මේ කතා ලියන්න පටන් ගනීවිද කියලා හිත හිත තමයි හිටියේ.

    හොඳ ලස්සනට ලියලා තියෙනවා ගොඩබිම සුරංගනාවගෙයි දිය යට කුමාරයාගෙයි පෙම් කතාව .කොහොමත් ඉතිහාසේ හැම තැනකම රාජ්‍යත්වය ලබා ගැනීමේ සටනේදී ගෑනු වැදගත් සාධකයක් වෙනවනේ . ගොඩබිම සුරංගනාවටත් වෙන්න ඇත්තේ එක තමයි .

    මූන් මහත්තයාගේ ඉස්කෝලේ පුස්තකාලේ දෙමවුපියන්ට පොත් ගෙනියන්න දෙන එක හොඳ වැඩක්.මෙහේ නැහැනේ ඔහොම දෙවල්. තව ජන කතා කියවන්න ආසාවෙන් ඉන්නවා .දිගටම ලියන්න

    ReplyDelete
  13. විවිද රටවල පුරාවෘත සෑහෙන්න වටිනවා. සමහරවිට ඒවා මිත්‍යාමත වීමට හැකියාව කිබුනත් එයින් ඇතැම් අවස්ථාවල ගත හැකි පණිවිඩයක්ද තිබෙනවා. කොහොමවුනත් යුද්දය ගැනම ලියනවාට වඩා විවිද මාතෘකා ලිවීම විවිදත්වයට හොදයි. ඔබට යුද්දය හා ඉතිහාසය ගැන තව දැනගන්න අවශ්‍යනම් ඒ ගැන ඇතුලත් පොතක් ගැන පසුගිය දිනක මමත් පලකලා එම පොත තමයි අවසන් විසදුම. ඒ වගේම සතාසිවම් නඩුව ගැන පොතේ නැති අප නොදත් කරුණු කිහිපයක් වෛද්‍ය මහතෙකු දක්වා තිබුනා ඒ ගැන රුචිකත්වයක් තිබේ නම් හා මේ වෙන විට ඒ ලිපි මඟහැරී ඇත්නම් බලන්න...

    ReplyDelete
  14. වචන අස්සේ අතරමං තාම මම...
    සමහර වෙලාවට තාම සඳුදා උදේ පාන්දර හින්දා වෙන්න ඕනේ.

    ReplyDelete
  15. දැන් තමා 100% ෂුවර් කර ගත්තෙ බින්ඩි ඉන්නෙ කොහෙද කියල. අපිට වැඩිය ඈත නැති දිහාවකනෙ. මේ පැත්තෙත් හරියට ඉන්නවා වියට්නාමෙන් ආව කට්ටිය, හුඟාක් අය බිස්නස් කරන්නෙ. කෑම කඩ සහ බේකරි වලට ප්‍රසිද්ධය්. අනෙක් රැකියාවලුත් නොකරනව නෙමේ. ලෝකෙ පැරණිම රැකියාව කරන කට්ටියත් සෑහෙන්න ඉන්නවලු.

    දැන් නම් ඇෆ්ඝනිස්තානෙන් ලංකාවෙන් එහෙමනෙ මෙහාට වැඩියත්ම බෝට්ටු වලින් හොරෙන් එන්නෙ, අපි මෙහාට ආව කාලේ, වැඩියත්ම එහෙම ආවේ වියට්නාමෙන්.

    ReplyDelete
  16. /*---මේ නෝක්කාඩු වලින් පස්සේ රජතුමා පැහැදිලි කරලා මම දිය මකරෙක් ..ඔයා සුරන්ගාවියක් . ---*/

    පිලිගත්තු එකම මදෑ...

    ReplyDelete
  17. @ චතුරංග

    ස්තුතියි මල්ලි. ඕව විශ්වාස කරන්න ඕන නැහැ . නිකන් රස විඳින්න විතරයි හොඳ

    @ මදුරංග ..

    තව කතා ගොඩක් ලියන්නම්කො

    @ඕනයා ..

    ඔව් අනේ මේ වගේ කතා කියවල නිදා ගත්තම සුරංගනාවියෝ පෙනෙයි

    @හරී

    අනුටත් කියල දෙන්න තව ලොකු වුනහම . අපේ බනි මුළු පොතම එක හුස්මට කියෙව්වා .

    @නිසුපා ..

    ළමයි මේ දැන් ඉන්න කට්ටිය වගේ වෙන්න ඇති

    @ T G

    මේක ලියද්දි ඔයාව තමයි මතක් වුනේ . ඔව් මේ පොත් ගන්න හැකි එක ලොකු දෙයක් . සැහෙන විශාල පුස්තකාලයක්

    @දිනේෂ්

    ස්තුතියි දිනේෂ් . වැඩේ ඉතින් මට ඔය පොත් ගන්න තව කල් බලන් ඉන්න ඕනනේ . ඉස්කෝලේ නම් දැක්කා මහා ගොඩක් පොත් ඔය ගැන .සමහර ලිපි මන් කමෙන්ට් නොකලට කියෙව්වා

    @රන්ගි ..

    වචන කිව්වේ වියට්නාම වචනද . අපෝ එව්වා කියවන්න ගිහින් දිව ඇද කරගන්න ඕන නැහැ . මන් ඔය අකුරු වල ඇලපිලි පාපිලි අයින් කරලා ලිව්වේ ඒකයි.

    @ ඔබ්සර්වර්

    ඔව් ඔව් මෙයාල ඕන රස්සාවක් කරනවා . හැබැයි ටිකක් අහිංසක මිනිස්සු . වෙන රටවල වගේ කරදර හෙම නැහැ

    @සමාධි ..

    ඒකනේ..දෙන්න ළමයි බෙදාගත්තු හැටි තමයි පුදුම

    ReplyDelete
  18. සෝයි කතා දෙකක් අක්කේ . ඔයා නැත්තං ඉතින් අපි කවදාද අනේ වියට්නාමේ ගැන යන්තම්වත් දෙයක් දැනගන්නේ ..මම ඉතින් වියට්නාම් ගැන දැනං උන්නේ ඇමරිකන් ෆිල්ම් වලින් තමයි ඒත් ඉතින් ඒ ෆිල්ම් වල තිබුණේ වියට්නාමේ කියන්නේ මහ දුෂ්කර රටක් කියන එක

    කස්ටියක් ගොඩ උන්නා නම් දිය යටට ගිය මකර තාත්ට්තා සහ පුතාලා පනස් දෙනාට මක්ක වුණාද දන්නෑ නේද තවම ඉන්නවාද දන්නෑ .

    .

    ReplyDelete
  19. ඔන්න අදත් රසබර ජනකතාවක් කියෙව්වා, බොහෝම ස්තුතියි මහන්සිවෙලා මේවා බෙදා දෙනවාට. පුංචිත්තටත් හොඳ තෑග්ගක් (පුංචි පුංචි ටච්-අප් කිහිපයක් කරන්න වේවි).

    ReplyDelete
  20. @ හිස් අහස

    ඒ ළමයි ටිකට වෙච්ච දෙයක් නැහැනේ . තාම ඇති

    @ ගල්මල්

    ඇත්තටම ඩීන් අය්යා මමත් හිතුව පොඩ්ඩක් කපල කොටලා පුන්චිත්තගේ පොස්ට් කරන්න . දවස් දෙකකින් විතර

    ReplyDelete
  21. අද පරණ සීඩී එකක තිබ්බ ධනපාල උඩවත්තගෙ සිදුවක් ඇහුම මතක් උනේ බිනිදි නෝනව. සින්දුව "නෙළුම් විලේ නෙළුම් නෙලන නෙළුම් කුමාරි"

    අහල තීනවද?

    ReplyDelete
  22. හරිම රසවත්!
    ජනකතා ඉතින් මගෙත් ප්‍රියතම විෂයක්. අර ලෝකේ මැවීමේදී වින්නඹු දෙවගණන් මිනිස්සු මවන්න එකතු උනා කියපු එක වෙන කොතනකවත් අහපු නැති අදහසක්. මං හිතන්නේ ඔය දේව මැවීම පිළිඹඳ කියන බොහෝ ආගමික කතා එක්ක බලන කොට මෙහි යම් තාර්කික බවක් තියෙනව. මොකද මිනිසා වගේ සංකීර්ණ සත්වයෙක් නිර්මාණය පහසු කාර්යයක් නොවන වග ජන කතා කරු වඩා හොඳින් තේරුම් අරගෙන තියෙනව. අර දෙවි කෙනෙක් ලෝකෙට බැහැල අහස උස්සපු කතාව කියන කොට මට මතක් උනේ පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන ලෝකය ජනාවාස වීම පිළිඹඳ කතාව. ඒ අනුව නම් ලෝකේ ජනාවාස කරන්නේ දෙවිවරු විසින් මයි.

    අර සිංහල නාමය අපට පට බැඳෙන විදිහ පිළිඹඳව වෙනස් කතාවක් කුමාරතුංග මුනිදාසයන්ගේ ප්‍රබන්ධ සංග්‍රහයේ එනව. ඒ අනුව සිද්ධිය මෙහෙමයි. පණ්ඩුකාභය රජු යක්ෂ ගෝත්‍රිකයකුට දාව උපන් කෙනෙක්. ඔහු විජය ගෙන් පවත එන ඉන්දියානු සම්භවයක් ඇති පිරිස සමග යුධ කර ජයගන්නවා. මේ සටනේදී ඔහු හා සමග යුධයට එක් වන්නේ යක්ෂ ගෝත්‍රිකයන් ප්‍රමුඛ මේ රටේ මුල් පුරවැසියන්. විජයගේ පරපුර සිංහ ගෝත්‍රයේ. ඉතින් සිංහයන් මරා ඇතිවන නව ජාතිය (ගෝත්‍ර කිහිපයක් එක්වී, ඉන්දීය ලෙයත් මිශ්‍රව ඇති පණ්ඩුකාභය ගේ නායකත්වයෙන්) "සිංහයන් හෙලූ" යන අදහස ඇතිව "සිංහල" යන නම ගන්නව.

    ReplyDelete
  23. මමත් හොයා ගන්න ඕනෙ සුරංගාවියෙක්. ඊට පස්සෙ බබ්බු 100ක් ආව්

    ReplyDelete
  24. shaaaaaa harima lassanai kathawa.

    ReplyDelete
  25. අනේ.... මකරු! :D අපිටත් හිතෙන වෙලාවට වතුර යට ඉන්න පුලුවන්නම් හොඳයි.

    ReplyDelete
  26. මේ කතාවනම් ඔන්න අද තමා ඇහුවෙ... මට ග්‍රීක මිත්‍යා කතා මතක් වුනා. මකරු ගැන කතාවලට මම හරිම කැමතියි.මකරුන්ගෙ තියනව නේද හරි ගුප්ත දිවය්‍යමය ගතියක්...
    "Au co පාර දිහා බලාගෙන ඇය කිසිකලෙක නොදැන සිටි බසකින් අද මන් ඇය ගැන ලියන බව ඈත ..ඈත දවසක ඇය සිතන්නට ඇද්ද" බලන්නකො ඉතින් අන්තිමට බලද්දි අපි මේ ජීවත්වෙන ලෝකෙ කොච්චර පුංචිද කියල..... අපි දැන් වියට්නාමෙ Au co වත් දන්නව නොවැ

    ReplyDelete
  27. @ ඉන්දික

    අහල තියනවා වගේ පොඩි මතකයක් තියෙනවා . ''නෙලුම් මලේ පෙති කඩලා ඔරුව තනාලා '' සින්දුවටත් මන් හරි ආසයි .

    @ පොත් ගුල්ලා

    බොහොම ස්තුතියි ..නොදැන සිටි පැත්තක් දැන ගත්ත.

    ඇත්තටම මමත් මේ වියට්නාම ජාතිකයින්ට මෙච්චර ලස්සන සාහිත්‍යක් ඇති බව සිතුවේ නැහැ . හිතුවේ චිනේ සෙවනැල්ල යට ඉන්න නිසා ඒ තරම් ස්වාධින අතීතයක් නැහැයි කියලයි. මේ බ්ලොග් කෙරුවාවට පින් සිද්ධ වෙන්න මමත් ගොඩක් ඉගෙන ගත්තා .

    අප අසලම කතන්දර බොහොමයි . අවශ්‍ය විමසිල්ලෙන් බැලීම පමණයි.

    @චානක

    බබ්බු 100 ක් ...??දැන් සුරංගනාවියෝ ඉස්සර වගේ නැහැ . අනික සිංගප්පුරු ආණ්ඩුව අධිරාජයා කියල නොබලා අල්ලලා හිරේ දායි

    @අයේෂා

    ස්තුතියි අයේෂා

    @ නලිනි...

    ඇයි අනේ ..කිමිදෙන්න ඉගෙන ගන්නකො . ලඟදි අපි දන්නා සුද්දෙක් ලංකාවට ගියා . මිනිහ මගෙන් අහනවා මුහුදේ කිමිදෙන්න් හොඳ පළාත මොකක්ද කියල . අපි දන්නා ඩයිවින්. හැබැයි මිනිහ මඩකලපු ගිහින් කිමිදිලා යහතින් ආවා . ඒක නෙමේ අපේ සුජිවව හෙනම දැක්කද කවුරු හරි . කාලෙකින් දැක්කේ නැහැ . බ්ලොග් ලෝකෙත් පාලුයි වගේ . කන්ථක අස්සයවත් දක්කාගෙන අභිනිෂ්ක්‍රමණය කලාවත්ද

    @රෝස කුමාරි ...

    ලෝකය තනියායක්නේ...

    මේ පළාතේ ඉතින් මකරුම තමයි. මන් හිතන්නේ ඉගිලෙන ඩයිනොසරයෙක් වත් ඉන්න ඇති . නැත්නම් මෙච්චර කතා බිහි වෙන්න විදිහක් නැහැ .

    ReplyDelete
  28. @ Bindi

    Sujeewa is busy with his Msc exam and writing a concept paper :)

    ReplyDelete
  29. @චානක :
    මකරයියා බබ්බු සීයක් හැදුවට කමක් නෑ. ඒකලාගේ නම් මතක තියාගන්න මාර අමාරුවක් තමා තියෙන්නේ.

    ReplyDelete
  30. "ගෑනු ළමයි දැන ගන්න ඕන කියන තරමට එව්වා වෙන්නේ නැති වග"
    - කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.. හික්ස්.

    ReplyDelete
  31. බින්දි මන් මේ කතා සෙට් එකේ ප්‍රින්ට් අවුට් එකක් ගත්තා.. ඉන්ටර්නෙට් නැති යාලුවන්ට කියවන්න දෙන්න..

    ReplyDelete
  32. @ Weni
    ෂා ඔන්න හොඳ යාළුවො . මටත් ඇත්තටම සතුටුයි වැඩියෙන් කියවන තරමට . ස්තුතියි වෙනි

    ReplyDelete
  33. තාත්තා එක්ක ගිය ළමයි 50 ට මොකද වුනේ අක්කේ ??

    දෙවියෙක් දිය යට ඉදන් ලෝකය ගෙනාව කියන කතාව හින්දු ආගමෙත් තියෙනවා මට මතක විදිහට.

    මේ කතාවත් එක්ක මට හිතුණේ හුඟක් රටවල තමන්ගේ මූලාරම්භය ගැන කතා කරද්දී සිංහයා, මකරා, වෘකයා වගේ සත්තු ගාවලා තියෙනවා නේද ???

    ReplyDelete
  34. හරිම ලස්සනයි කථාව බිංදි නංගී. ඔයාගෙ ශෛයිලිය හරිම ලස්සනයි. මේක පොඩි අයට හරියන්න ටිකක් කපල කොටල පුංචිත්තා ගේ පලකරන්න කියල ආදරෙන් ඉල්ලනවා. චීනය , ඉන්දුනීසියාව හා වියටනාමය වගේ රටවල මකර කතා හරිම බහුලයි නේද? මම නම් හරියට රස වින්දා මේ කථාව. ස්තූතියි නංගියේ, අවිවෙකීව ඉඳලත් මෙහෙම අපිට බලන්න ලියනවාට.

    ReplyDelete
  35. මම ඔය විදිය කතාවක් ඇහුවමයි .......
    ලස්සනට ලියලා තියනවා, ඔය විදියට එක එක රටට ආවේනික කතා ඇති නේද .....

    ReplyDelete
  36. "මේ ළමයි බොහොම හොඳ අය. එයාලම කොටස් දෙකකට බෙදිලා . 50 ක් තාත්තා එක්ක දිය යටට ගිහින් . 50 ක් අම්ම එක්ක ගොඩ බිම ජිවත් වෙන්න තීරණය කරලා"

    තාත්තා එක්ක දිය යටට ගිය 50 දෙනාට මොකද වුණේ අක්කේ ??

    ReplyDelete
  37. මට ඒ ගැන නම් කියවන්න ලැබුනේ නැහැ මල්ලි . සමහර විට පසු කලෙක මෙයාල මකරුන්ට ඔය හැටි තැනක් දීල තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති

    ReplyDelete