ඇමරිකාව මේ නැගෙනහිර ආසියාවට අතපොවන්න හේතු වුනේ ඇයි කියන එක සොයන්න කලින් වියට්නාමයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න වෙනවා . චීනය කියන්නේ ලෝකයට සැහෙන බලපෑමක් කල රටක් . මුල ඉඳන්ම එයාල කල්පනා කලේ වියට්නාමය කියන්නේ චීනයේ කොටසක් කියලයි . අපේ රට ඉන්දියාවත් එක්ක තිබුන ගනුදෙනු වගේම නැත්නම් ගොඩබිමින් සම්බන්ධ නිසා ඊටත් වැඩියෙන් ගසට පොත්ත වගේ මේ කලාපය එකට සම්බන්ධ වෙලා තිබුනා .
දිය මකර රජුගේ ළමයි කියෙව්වේ නැත්නම් මෙතැනදී ඒක කියවල එන්න .
මිත්‍යාවයි ඉතිහාසයි කිසිම අවුලක් නැතුව මේ කොමියුනිස්ට් රටේ හරි අගේට යාලුකමින් ඉන්න හැටි නම් පුදුමයි . ඒ කතාවේ හැටියට ගොඩ බිම නැවතුන, Lac Long Quan ගෙයි Au co ගෙයි ළමයි 50 දෙනාගෙන් තමයි වියට්නාම ජාතිය පැවතෙන්නේ . එයිනුත් වැඩිමලා තමයි Hung Vuong . ඔහුගෙන් පැවතුන Hong bang රජ සමය ක්‍රි පු .2879 සිට 258 දක්වා පැවතුනා .එකල එම රජය සමන්විත වුනේ වත්මන් උතුරු වියට්නාමයත් දකුණු චීනයෙන් කොටසකුත් එක්ක .
මේ හුන්ග් රජවරුන් සිහිපත් කිරීම සඳහා අප්‍රේල් මාසයේ නිවාඩු දිනයක්ද මෑතක සිට වෙන් වෙලා .
මේ හුන්ග් රජසමයට අදාළ කතන්දර රාශියක් තිබෙනවා . මේ ලිපි පෙලේ අරමුණ ආක්‍රමණික ඉතිහාසය නිසා මෙතනදී ඒ කතා නොකියන්න හිතුවා . දවසක ඒවාත් ලියන්න ඕනේ . [මගේ වියට්නාම යාළුවන් කියන්නේ එයාලට වඩා මන් මෙහෙ ඉතිහාසයත් කතන්දරත් දන්නා බවයි .]
චීනය මුලින්ම මේ වියට් වරුන්ව යටත් කරගන්නේ ක්‍රි පු 111 දී . ඒ චීනයේ හෑන් වරුන් . වරින් වර ප්‍රාදේශීය වශයෙන් කැරලි ඇති වුනත් මේ හෑන් පාලනයට එතරම් බලපෑමක් කරන්න වියට් වරුන් සමත් වුනේ නැහැ . මෙතනදී තමයි අපිට මේ Trung [චුන්ග්] සහෝදරියෝ හමුවෙන්නේ . Trung Trac කියන්නේ අක්ක . Trung Nhi නංගි
.
අක්කගේ සැමියා චීන පාලකයින් විසින් මරා දැමෙනවා . යුධ ශිල්පයේ ප්‍රවීන මේ බිරිඳ සැමියා වෙනුවෙන් පලිගන්න හිතලා නංගිත් සමග හමුදාවක් සංවිධානය කරගත්තා . බහුතරය ගැහැණු . මේ ගැහැණු මුලික හමුදාව චීන හෑන්වරුන් පරදලා නැවත රට එක්සත් කරනවා . නමුත් හෑන් වරුන්ගේ අධික ශක්තිය මත මේ රාජ්‍ය වැඩිකලක් පවත්වාගන්න මේ සහෝදරියන්ට හැකි වුනේ නැහැ . ක්‍රි වර්ෂ 39 සිට 43 තෙක් වසර හතරයි ඔවුන් රජ කලේ . 43 දී සටනින් පරදින බව දැන දියේ ගිලි දිවිතොර කර ගත බවයි සඳහන් . මේ සටනේදී හෑන් පිරිමි හමුදා නිරුවතින් සටනට පැමිණ තිබෙනවා . ගැහැණු හමුදාවල සෙබලියන් ලජ්ජාවට පත්වී අදහිරිය වූ නිසා පරාජය වූ බවත් සඳහන් .
මෙතැනදී කාන්තාවන් ගැන විවිධ වීර කතා බොහෝ ගණනක් ඇති වුනා . එක ගැබිණි සෙබළියක් සටන් බිමේදී දරුවා බිහි කල බවත් එක අතකින් දරුවා රැගෙන සටන් කල බවත් සඳහන් .
මෙකල මාතෘ මුලික සමාජයක් තිබුනා යයි සිතන්නට මේ සහෝදරියන්ගේ හමුදාව කිසිම පැකිලීමකින් තොරව පිළිගැනීමට සමාජය පෙළඹීම යම් සාක්කියක් සපයන බවත් එක මතයක් .
චම්පා ගැන කතා කරද්දී චම්පා සමාජය මාතෘ මුලික වූ අයුරු අපට පැනයක් වූ බව මතකද .චම්පා වරු මේ ආදී වියට් වරුණේ අඩිපාරේ ගියා වත්ද . Dao Viet ලා පිතෘ මුලික වෙද්දී අර පරණ ලක්ෂණය චම්පා ළඟ ඉතුරු වුනා වෙන්න බැරිද [ මේක මගේ අදහසක් විතරයි ].
ඉතින් මේ Trung සොයුරියන් ජාතික නිදහසේ සංකේතයක් අදටත් . හැනොයි වල ඒක දිස්ත්‍රික්කයක් Hai Ba Trung . hai යනු දෙදෙනා . ba යනු කාන්තාවට ගරු සරු ඇතුව අමතන ආකාරය. මේ නමින්ම ප්‍රධාන නගර දෙකෙහිම ප්‍රධාන පාරවල් දෙකක්ද තිබෙනවා .
නිතරම ඔය පාරෙන් යද්දී මේ කතාව ලියන්නටහිතුවා . මේ ලිපි පෙලට අදාළ නිසා මෙතනදී සඳහන් කිරීමට ලැබීම සතුටක් .
43 දී යලිත් චීනයට යටත් වුනාට පසු මොකද වුනේ කියල ඊළඟ ලිපියෙන් බලමු . පුංචි කොටස් වලින් තමයි ලියන්න වෙන්නේ .
ඉතිහාසය කෙටියෙන්! තවත් පුංචි රස කතාවක් ගෙනාවට ස්තුතියි. ඊලඟ කොටස එනතුරු බලා ඉන්නවා.
ReplyDeleteස්තුතියි නලිනි .
Deleteහෑන් හමුදාව යුධ නීති උල්ලංගනය කරලනේ බලාගෙන යද්දී... :)
ReplyDeleteඒකනේ අවි ආයුධ සේරම අරන් ගිහින් .
Deleteගොඩක් ස්තූතියි බින්දි වැඩේ පටන් ගත්තට. අපි කියවමින්.
ReplyDelete// ක්‍රි පු 39 සිට 43 තෙක් වසර හතරයි ඔවුන් රජ කලේ //
මෙතන පොඩි අවුලක් තියනවා වගේ..
එක්කො ඕක අනිත් පැත්තට වෙන්ඩ ඕනා
එහෙම නැත්නම් ක්‍රිස්තු වර්ශ වෙන්ඩ ඕනා
එහෙමත් නැත්නම් 47 සිට 43 තෙක් වෙන්ඩ ඕනා..
එහෙම නේද ?
සෙන්නා ඔන්න හැදුවා ක්‍රි වර්ෂ ..රෑ 12 ට නේ මෙව්වා ලියන්නේ . පොඩ්ඩක් පැටලිලා . ස්තුතියි පෙන්නලා දුන්නට
Deleteගොඩක් ආසවෙන් කියෙව්වේ..ඔයාට ගොඩක් ස්තුතියි බින්දි මේ නොදන්න දේවල් කියලා දෙනවට..
ReplyDeleteස්තුතියි පුංචි කුමාරිහාමි ..
Deleteමේ විදියට පොඩි කොටස්වලින් කියනකොට තේරුම් ගන්ටත්, මතක තියාගන්ටත් ලේසියි. කතාව හරිම රසවත්.
ReplyDeleteදැන් ඉතින් වියට්නාමෙට එනකොට ඉතිහාසේ දැනගෙනම එන්ට පුලුවන්.:)
මට මේක ලියද්දි ඔයාව මතක් වුනා . ඔයාට පුළුවන් නේ මේ කතාව ලස්සනට ලියන්න . වෙනස් වර්ෂන් එකකින් . අපේ පිරිමි කට්ටිය මොනවා කියයිද කියල බලන්නත් එක්ක ලියන්නකෝ පොඩ්ඩි. මන් ඉතිහාසය ගැන විතරක් ලියන්න හිතපු නිසා වැඩිය ආරළු බුරළු දැම්මේ නැහැ . අනික ඔයා තමයි ඔය වැඩේට දක්ෂ
Deletehttp://www.viettouch.com/trungsis/1main.htm
Deletefor more info
// එක ගැබිණි සෙබළියක් සටන් බිමේදී දරුවා බිහි කල බවත් එක අතකින් දරුවා රැගෙන සටන් කල බවත් සඳහන් //
ReplyDeleteමෙයාගෙ නම ෆුන්ග් ති චින්, මෙයාත් noblewoman කෙනෙක්, මෙයාට තමා central flank එක ආරක්ෂා කරන්න බාරවෙලා තිබුනෙ.. සටන අතරතුරේදි දරුවා බිහිකරලා දරුවත් එක්කම සටන දිගටම මෙහෙයවනවා.. නමුත් අන්තිමේදි චුන්ග් සහෝදරියන්ගේ දිවිනසාගැනීම අහන මෙයා තමන්ගෙ දරුවව මරලා එයාත් දිවිනසාගන්නවා.. එහෙමයි පතපොතේ කියැවෙන්නෙ..
// මෙකල මාතෘ මුලික සමාජයක් තිබුනා යයි සිතන්නට මේ සහෝදරියන්ගේ හමුදාව කිසිම පැකිලීමකින් තොරව පිළිගැනීමට සමාජය පෙළඹීම යම් සාක්කියක් සපයන බවත් එක මතයක් //
සමහරවිට යුද්ධ කරන්නට පිරිමින් ඉතිරි වී නොසිටි නිසා වෙන විකල්පයක් නැතිවුනා වෙන්නත් පුළුවන් නේද.??
කතාවේ හැටියට trung අක්ක විවාහ වෙලා තියෙන්නේ ප්‍රේම සම්බන්ධයකින් . චීන පාලනයට එරෙහිව ප්‍රාදේශීය නායකයින් අතර විරෝදයක් තිබුන . මේ සැමියා [Thi Sach ] මේ පාලනයට විරුද්ධව නැගී සිටිය නිසා තමයි ඔහුව මරා දැමෙන්නේ . ඒ වෙනකොටත් මේ දෙමහල්ලෝ තරුණ තරුණියන් රැස් කරලා තියෙනවා . සැමියාගේ මරණින් පස්සේ ඇය වටා පිරිස එක් රොක් වෙන්න ඇති . ඇය ගැහැනියක් නිසා වැඩිපුර ගැහැනුන් එකතු වීම පුදුමයක් නෙමේ . පිරිමි අඩුවීමක් නිසාම නෙමේ කියලයි මට හිතෙන්නේ . සැමියා මැරුණම බිරිඳ දේශපාලනයට ඒම කවදත් වුනා වගේ . කොහොමත් මෙහෙ ගැහැණු අය ටිකක් ඉස්සරහින් පිරිමින්ට වඩා . පාලක කටයුතු වලදී නම් මන්දා . වෙළඳාම් වලදී නම් ගැහැණු ඉදිරියෙන්
Deleteදැනුයි දැක්කෙ, බ්ලොග් එක ලියන්න පට්ටාං අරන් දැන් අවුරුද්දක් නේද..?? පාර්ටි එකක් එහෙම දෙන්නෙ නැද්ද අපට.. :D
ReplyDeleteඔන්න දැන් තමයි මතක් වුනේ . 4 වෙනිදනේ . පාටියක් දෙන්න ආසයි . කොහේ එකතු කරන්නද කට්ටිය .
Deleteබොහොම සතුටුයි මේ වැඩේ පටන් ගත්ත එක ගැන :) පුංචි පුංචි කොටස් ලිව්වට කමක් නැහැ. කවදා හරි ඔක්කොම ලියල ඉවර කරන්න පුළුවන් වෙයි නේ.
ReplyDeleteඔව් සයුරි ඉඩ ඇති විදිහට ලියන්නම්
DeleteCongrats! අර කිව්ව ඇනිවසරියට. අපේ මේ කතාත් කවුරු හරි ලිව්වොත් ආසයි..........http://www.facebook.com/?ref=tn_tnmn#!/photo.php?fbid=165544440239095&set=a.138848079575398.25552.119519538174919&type=1&theater
ReplyDeleteස්තුතියි
Deleteකවිකාරි ..මේ ලින්ක් එක වැඩ කරන්නේ නැහැනේ
Face book .............
Deletehttp://www.facebook.com/?ref=tn_tnmn#!/photo.php?fbid=165544440239095&set=a.138848079575398.25552.119519538174919&type=1&theater
මේ වගේ පොඩි කොටස් නිසා මගෑරෙන අමතක වෙන දේවල් අඩුයි..ඒත් ඊළඟ කොටසුත් ඉක්මනට දාන්න..
ReplyDeleteසොයුරියන් දෙන්නා ගැන නම් තවත් කියවන්න ඕන කියලා හිතෙනවා..
බින්දි..වියට්නාමයේ තාමත් මාතෘ මුලින සාමාජ ලක්ෂන ඉතුරු වෙලා තියනවද?
ඇනිවසරියටත් සුභ පැතුම්..තවත් ලස්සනට ගොඩක් දේවල් අපිත් එක්ක බෙදාගන්න කාලය,ඉවසීම,හැකියාව ලැබේවා..!
කලින් කතා කරපු චාම් ජන සමාජය තුල පමණයි . චාම් කියන්නේ හරිම සුළු ජන කොටසක් . කොමියුනිස්ට් වුනාට පස්සේ රටත් පිතෘ භුමිය . අපේ වගේ මාතෘ භුමිය නෙමේ . දෙගොල්ලම මහන්සි වෙලා වැඩ කරනවා . හැබැයි වෙළඳාම් වලට නම් දක්ෂ ගැහැණු අය. පිරිමි දිගු කාලින යුද්ධයකට ගියහම කාන්තාවට අනික් වගකීම් වැඩි වුන නිසා වෙන්න ඇති .ස්තුතියි සුබ පැතුමට
Deleteඉතුරු ටිකත් ඉක්මනට ලිවුවා නම් හොඳයි.................
ReplyDeleteටික නෙමේ නිශ් ගොඩාක් තියෙනවා
Deleteපැමිණීම ලකුණු කරලා යනවා, පොස්ට් තුනක්ම කියවන්න බැරිවිය.
ReplyDeleteඉඩක් ඇති විට කියවන්න ඩීන් අය්යා..ඔබ නෙලුම් විල එක්ක ඉන්න බව මන් දන්නවා
Deleteඔන්න අක්කේ මුලින්ම ගොඩාක් පිං වැඩේට අත දැම්මට !!!
ReplyDeleteදැන් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හරි කමක් නෑ වැඩේ කෙරීගෙන යයි නොවැ... මේ වියට්නාම් කථා වල සුරංගනා රසයට අස්සෙන් තව මොකක්ද මන්දා දැනෙනවා... තාම තේරුම් මදි... කථා පෙළ දිගට යනකොට බලමුකෝ...
බහුතරයකගේ ඉල්ලීම පරිදි වියට්නාම් යුධ ඉතිහාසය ලියන්න ගත්තු බින්දි අක්කාට මේ වැඩේ සාර්ථකව කරගන්න ධෛර්යය ලැබේවා !!!
trung සහෝදරියන්ගේ කතාව සුරංගනා කතාවක්ම නෙමෙයි වගේ මල්ලි . අපේ වගේ ජනප්‍රවාදයක් කියලයි මට හිතෙන්නේ . ලේඛනගත සාක්කි තියෙන නිසා . ස්තුතියි මල්ලි හැමදාම දිරිගන්නවට
Deleteටික ටික ලියන එක හොදා. එතකොට කියවන්ඩත් ලේසියි.
ReplyDeleteඔව් මධුරංග මහන්සියකුත් නැහැ
Deleteමේ දවස් වල මට ඉතිහාසේ එක්ක පොඩි අවුලක් තියෙනවා. ඒක හින්දා මාත් කියවලා ගියා විතරයි.
ReplyDeleteමොන වගේ අවුලක්ද රන්ගි
Deleteබින්දී,
ReplyDeleteටිකක් බිසී නිසා නිතර කොමෙන්ට් නොකලට මම හැමදාම මේ පැත්තේ එනවා. ඇනිවසරියට සුබ පැතුම් !!!!
කියෙව්වත් ඇති චන්දි..ස්තුතියි සුබ පැතුමට
Deleteගොඩක් ස්තූතියි අපි නොදන්නා දෙයක් කියල දුන්නට, හැම කතාවකටම කොමෙන්ට් දාන්න වෙලාවක් නැතිවුනත් නිදහස් වෙලාවට අනිවාර්යෙන් හැම ලිපියක්ම බලනව...ඔබට ජය වේවා....!
ReplyDeleteගොඩක් ස්තුතියි කුෂි ..කියවීම තමයි වැදගත්
Deleteවියට්නාමේ ඉතිහාසේ ටික ටික හරි මේ විදිහට අපිට කියාදෙන එක නම් හොඳයි අක්කේ. එහෙම නැතුවට ඔය අන්තර්ජාලේ තිබුණට අපි ඕවයින් කියවන එකක්යැ :D
ReplyDeleteඉතිහාස කතා පොඩි පොඩි කොටස් වලින් ලියන එක තමා හොද (අර සයුරිගෙ රාජාවලිය වගේ).. නැතිනම් එක දිගටම කියවන්යන්න කම්මැලි හිතෙන්න පුලුවන්.. වියට්නාම ඇමරිකන් සටන කතාවක් වගේ දිගටම ලියාගෙන යන්න.. සුභපැතුම්
ReplyDelete