Thursday, 15 December 2011

මන් එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ ....



නුගේගොඩ ගිහින් රෑ වෙලා එනකොට
අටේ කණුව ළඟ බස් නැවතුමේ
රිදෙන කල් කකුල්
... බලන් හිටියා නේද

කැදැල්ලෙන් ඉගිල්ලී ගිය දවස
එකතු කරගෙන පුංචි පැටවුන්
ඉඳහිටක ඇවිත් යාදැයි
බලන් හිටියා නේද

අවුරුද්දකට සැරයක්
අදත් මන් එනකම්
අවුරුද්දක්ම
බලන් හිටියා නේද

38 comments:

  1. දැන් අම්මා බලන්ට ගිහින්ද? :D

    ReplyDelete
  2. අනේ මගෙ ඇස් දෙකට කඳුළු ආවා.....

    ReplyDelete
  3. අම්මල ඔක්කොම බලං ඉන්න එක තමා කරන්නෙ

    ReplyDelete
  4. මගේ අම්මත් බලං ඉන්නව මම එනකං.අප්‍රේල් වෙනකං තව කොච්චර දවසක් ඉවසන්නද...පපුව හිරවුනා වගේ දැනුනා මේක කියෙව්වම....

    ReplyDelete
  5. බින්දි දැන් ලංකාවෙද ? ඔන්න මමත් අද රෑ ගුවන් ගත වෙනවා, හෙට උදේ ලංකාවේ.. හප්පා දැනෙන සනීපයක්....

    ReplyDelete
  6. දැන් එතකොට අක්කා ලංකාවෙද, අහන්න ලැබිච්ච එකත් සතුටක් ...

    අම්මලා කවුරුත් ඔහොම තමා ......

    ReplyDelete
  7. අම්මා බලන්න ඇවිත් වගේ.කොච්චර ලොකු වුනත් අම්මලට තමුන්ගෙ ලමයි පොඩි උන් වගේනෙ.

    ReplyDelete
  8. ඔන්න කාලෙකට පස්සේ අයෙමත් නෙළුම් විලට ‍බැස්සා. මම නම් ලංකාවේ සිටියට මහගෙදර තියෙන්නේ දැන් පදිංචි වෙලා ඉන්න නගරයේ සිට සැතපුම් 175 ක් විතර දුර. ඒත් ඉතින් පවුල්වෙලා ඒ එක්කම පැවරිලා තියෙන වගකීම් එක්ක මටත් ගෙදර යන එක පිටරටක ඉදලා යනවා වගේ වෙලා.ඉස්සර මාස් පතා ගිය මමත් දැන් අවුරුද්දකට ගෙදර යන්නේ අතේ ඇගිලි ගණනට අඩු ගානක් තමයි..

    ReplyDelete
  9. දුර ඉද්දි දුකයි නේන්නං...

    ReplyDelete
  10. මටත් මගේ අම්මව මතක් උනා. තව මාස දෙකක් ඉන්න එපායෑ....

    ReplyDelete
  11. වසිලිස්සා15 December 2011 at 14:55

    මටත් ගෙදර මතක් වුණා.ලංකාවේම හිටියත් මමත් දැන් ඉන්නේ ගෙදර ඉඳන් කිලෝමීටර් 300 ක් විතර ඈතින් ,මමත් මේ ඇඟිලි ගනිනවා නත්තලට තෑගිත් අරන් මහගෙදරට යනකන්.
    කලේ පුරා අතු වැල් දුවපු වැලක මුල තියෙන්නේ එකම තැනක වගේ,ලෝකේ කොහේ හිටියත් අපේ හිත තියෙන්නේ පුංචි කාලේ හැදුනු වැඩුණු මහගෙදර.

    ReplyDelete
  12. මව් සෙනෙහසක මතකය කවදාකවත් ඈත් වෙන්නෙ නෑ. කොයි අම්මත් මෙහෙම තමයි. අපේ පොඩි පුතාට දැන් වයස විසි තුනයි. ගිය සතියේ ගාල්ලට දැන් ඉගෙන ගන්න පංතියේ කට්ටිය එක්ක ගමනක් ගියා. මගෙ වැඩේ කෝල් කරලා දැන් කොහෙද? කියල අහනවා. මොනව උනත් හිත දෙගිඩියාව හින්දා. එයා ගෙදර ඇවිත් ඇයි අම්මා හැම වෙලාවෙම කතාකලේ මම පොඩි ළමයෙක්ද? කියල ඇහුවා. මට ටිකක් දුක හිතුනා ඒ වෙලාවෙ. මම ඒ බව නොපෙන්නා කීවා පුතේ අම්මලාට දරුවො ගෙට එනකල් නින්ද යන්නෙ නෑ කියල. එහෙම තමයි මගෙ අම්මත් කියල. ඒ පාර මම දවසක් මට වෙච්ච අතීත සිද්දියක් කීවා. ඒක අහල කඳුලු පුරොගෙන මම අම්මට ගොඩාක් ආදරෙයි කියල කාමරයට ගියා. සමහර වෙලාවට මමත් එහෙම හිටින්න ඇති, අම්මාව තේරුම් නොගෙන. ඒ එක වයසක්. මට දුකයි තව ටික දවසකින් එයාත් අපෙන් ඈතට යාවි. බින්දි මේ සංවේදී සටහනට ස්තූතිය සමඟ සුබ ගමන් කියල පතනවා. අපිව අමතක වෙන්නේ නෑනේ.

    ReplyDelete
  13. ඇස් වලට කඳුළුත් ආවා කියවද්දී......අම්ම නැති මට නම් කඩුල්ල ලඟ ඉඳන් බලන් ඉන්න ඉන්නෙ මාලි පුංචිනෙ බින්දි අක්කේ...

    ReplyDelete
  14. ලස්සනයි, දුකයි....

    ReplyDelete
  15. අපිත් යනවා... අප්‍රියෙල්

    ReplyDelete
  16. ගොඩක් සංවේදී !!මට තව මස 6 ක් තියෙනවා

    ReplyDelete
  17. තමන්ගේ දරුවෝ තමන්ව බලන්න එනකන් ආත්මයක් උනත් එක විදිහට බලාගෙන ඉදියි. එහෙමයි අම්මලෑ ආදරේ.

    ReplyDelete
  18. අම්මලා ඔහොම තමා නේද බින්දි. හැමදාමත් අපි එනකම් මග බලන් ඉන්න එකම එක්කෙනා...

    ReplyDelete
  19. බින්දි ගෙදර ඇවිත් වගෙයි.

    ReplyDelete
  20. බින්දි, පොඩියට ලොකු දෙයක් කියලා......

    ReplyDelete
  21. අම්මල හැමදාමත් අපි එනකන් බලන් ඉන්නව. ඒක ඉස්කෝලෙ ගිහින් ගෙදර එන කාලෙත් එහෙමයි, රට රටවල් වල ඉඳන් ස්කයිප් ලොග් වෙන කන් බලන් ඉද්දිත් එහෙමයි :(

    ReplyDelete
  22. ගොඩාක් දේ කැටි වූ පුංචි කවිය හිතට දැනුනා.

    නිවාඩුව සන්තෝසෙන් ගත කරන්න.

    ReplyDelete
  23. ගොඩක් ඉස්සර කාලෙක මාත් මේ වගේම කවියක් ලිව්වා කලක් පිටරට ඉඳලා ලංකාවට එන කොට. එ කාලේ කවි ලිව්වේ පොඩි නෝට් බුක් එකක. අද මං කාමරේ පෙරලලා පොත හොයා ගත්තා.

    මෙන්න මං ලිව්ව සමාන කවිය [1998/99 දී]. තනුව කොපිය කොපි කල යුතු කවුරුත් දන්න ගීතයෙනි.

    සිදාදියේ කඩඉම ළඟ
    කිරි සුවඳත් මැකී ගිහින්
    ගම් මණ්ඩිය වගේ නොවෙයි
    ඒ අඩවිය අම්මේ
    මට තනියම යන්න බයයි
    ඔබ එනවද අම්මේ

    අනාගතේ හිනිපෙත ළඟ
    මගේ දෙපා වෙවුලනවා
    ඉහල යන්න දිරියක් නැහැ
    මගේ හිතට අම්මේ
    එදා වගේ මගේ හිතට
    දිරි දෙනවද අම්මේ

    දෙවැට දිගේ කඩුල්ල ළඟ
    ඔබේ මුහුණ හිනැහෙනවා
    මගේ හිතෙන් මැකෙන්නේ නැහැ
    කවදාවත් අම්මේ
    හැමදාමත් මා අභියස
    හිනැහීයන් අම්මේ

    --------

    බින්දී කල මේ වැඩෙන මට ලැබෙන වාසිය නම් "මගේ පුංචි කලුපාට පොතේ" [in my little black book - කලාශුරි බෙලින්ඩා කාලයිල් ගීත කෝකිලාවිය] තියෙන කවි මගේ කවි බ්ලොගට දමන්නට ඇති හැකියාවයි. මේක දුෂ්කර කාලවලදී බ්ලොග් එක ඉදිරියට ගෙනියන්නට උපකාරී වනු ඇත.

    ReplyDelete
  24. අම්මා නම් අදත් මෙහෙ. දැන් එයා වැඩියෙන් හිනාවෙන්නේ මා අභියස නොවේ. අපි ඔක්කොම හිනස්සන සුවිශේෂී කෙනෙක් ඉන්නවා අපිට. ඒ ඒ ගොල්ලෝ අපේ පරම්පරාව බයිපාස් කරලා වගේ.

    ReplyDelete
  25. ලොකූ කතාවක් . . කවි තුනකිං

    ReplyDelete
  26. අම්මා ගැන නම් මට ඔය මතකය නෑ... දැන් ඔය මවු සෙනෙහස දෙන්නේ අපේ නෝනි තමා...

    බින්දි අක්කා මුතු ඇටේට ගොඩ බැස්ස ද ?

    ReplyDelete
  27. ‍නෙළුම් විලේ ලස්සන නෙළුමක් පිපිලා...........

    ReplyDelete
  28. මවකටම නොවැ මව් සෙනෙහස හොඳටම දැනෙන්නේ.

    ReplyDelete
  29. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  30. අම්මලා ඉතින් එහෙම තමා

    ReplyDelete
  31. අළුත් අවුරුද්දෙ අලුත් කතා ටිකක් අරන් එන්න අළුත් කරගත්තු ජීවිතේ එක්ක!

    ReplyDelete
  32. පොඩ්ඩි,මියුරු , කවිකාරි , ඔබ නොදුටු ලොවක් ,senna , කල්හාර ,නිසුපා ,දිනේෂ් , නරකයා .,Kandiyan , වසිලිස්සා ,චන්දි අක්කා ,දිල් , මාතලන් ,ඔබ්සර්වර් ,අසරණයා ,හිතුවක්කාරී ,ගිම්හානි ,නලිනි,uwiniran ,මුහුදු කොල්ලකරයා , ගල්මල් , ඕනයා , චතුරංග ,තිලිනි , උදාර ,අයේෂා , ඉන්දික ගොඩාක් ස්තුතියි. වෙන වෙනම ස්තුති කරන්න පරක්කු වැඩියි. ගිහින් අම්ම බලල ආපහු ආවා . ජීවිතය කියන්නේ බලා හිඳිම වෙන්න ඇති . මේ බ්ලොග් කලාවේ අපුරුව අපේ සිතුවිලි බෙදා ගැනීමේ හැකියාව . එලිසම මුකුත් නැති මේ පද ටික කුරුටු ගවුනේ මුණු පොතේ ඉතාම හදිසියෙන් .සුජීව...ස්තුතියි මේක බ්ලොග් එකට දාන්න කියල කල තර්ජනයට . ඔබ නොකිව නම් මට හිතෙන එකක්වත් නැහැ මේක බ්ලොග් ගත කරන්න . ඒ වුනත් අම්ම කියන අකුරු තුන වුනත් ඇති කියල හිතෙන්නේ දැන් තමයි අපි හැමෝගෙම හදවත් පහුරු ගාන්න. පුංචි පුංචි වෙනස්කම් එක්ක වුනත් මේ හැඟීම එක පොදු තැනකදී සමාන වෙනවා . අම්ම නැති වුනත් දිල් ..ඔයාට ඒ තැන ගන්න පුංචි කෙනෙක් ඉන්නවනේ . චතුරංග ..ඔයාට අම්ම කෙනෙක් වගේ බිරිඳක් ලැබිල තියෙන්නේ ඒ වෙනුවට . කුසෙන් නොවැදුවත් යම් කෙනෙක් මේ ලෝකේ අම්මගේ තැන ගෙන සිතේ පැලපදියම් වෙන එක පුදුම දෙයක් නේද .
    @ ඇනෝ..
    ලින්ක් එකට ගොඩක් ස්තුතියි . ඉඩ ඇති විට බලන්න හිතන් ඉන්නේ .

    ReplyDelete
  33. සුජීව ..කොච්චර හොඳද පරණ කුරුටු කවි එකතු කරලා තිබුන එක . මගේ තිබුන පොතක් ඔය වගේ පින්තුර හෙමත් අලවල ලස්සනට . ඒක ඉස්සර යාලුවෙක් ළඟ . ආයේ කවදාවත් ඒ මනුස්සය මට හමු වුනේ නැහැ . මටත් ඕනෑකමක් තිබ්බේ නැහැනේ පස්සෙන් ගිහින් ඉල්ලා ගන්න . දැන් තමයි ඒ ගැන හිතෙන්නේ .

    ReplyDelete
  34. හප්පේ ඇති යාන්තං ඇවිල්ලා.. :))

    ReplyDelete
  35. ඉක්මනට ඊලඟ ලිපිය දැම්මනම්....නොසෑහෙන්ඩ බලන් හිටියා ඊලඟ ලිපිය එනකම්...

    ReplyDelete
  36. අක්කේ ඔයා,අපේ රටට රන් කහවනු ගේන්න ගියපු කෙනෙක් නෙද
    ? ජය වේවා.අදහස් ලස්සනයි..........

    ReplyDelete
  37. @ බුරා ..senna .

    ඉන්න ඉක්මනට හොඳ දෙයක් ලියමු

    @ සිතුවිලි පවුර

    ආවේ නම් තනිකරම ආත්මාර්ථකාමී කමට . ඒත් රටටත් යමක් ලැබෙනවා තමයි . දැන් නම් ඒ ගැන සතුටුයි .ස්තුතියි ඔබේ පැසසුමට

    ReplyDelete