බොහෝ දේ අසා ඇති අපේ සමීපතම නෑයන් මිතුරන් පුරවැසියන් වී සිටින කැන්ගරු දේශය කාටත් ඉතියෝපියාව තරම් නුහුරු රටක් නොවීමද ලියන්නට තරම් නැවුම් ගතියක් නොදැනීමට එක හේතුවක් යයි සිතමි .
ස්වදෙශිකයින්ගේ ඉතිහාසය ඉතාම පැරණි මුත් වසර දෙසියගනනක් ළඟ ඉතිහාසයක් ඇති වත්මන් ඔස්ට්‍රේලියාව අපට වඩා සමීපය . වැඩිපුරම ජනාකීර්ණ වන්නේ නැගෙනහිර පෙදෙස නමුත් අප නොයෙකුත් හේතු මත බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරය තෝරා ගතිමු .
ගඟක් පොකුණක් අඳින්නට වූ කල කුඩා සන්දියේ මා අතට අසු වන්නේ නිල් පාට කූරක්මය..''සුනිල දිය '' ලෙස වතුරේ පැහැය මා සිත් තුල කලින්ම පැල පදියම් වී තිබු නමුදු ඉඳහිටක දුටු මුහුදේ මිසක නිල් ජල තලයක් එකල මා දැක තිබුණේදැයි සැකය . කැළණි නදී දිය කොළට හුරු පාටය
කහවත්තෙන් ගලන වේ ගඟ මඩ පාටය ...ළිං පොකුණු වල ජලයට බොහෝ විට පැහැයක් නොතිබිණි.
එහෙත් බටහිර ඕස්ට්‍රේලියාවේ හංස නදිය [Swan River ] සුනිල්වන් නිල් පැහැතිය .
පෙදෙසට ආවේනික කළු හංසයින් නිසා මේ ගඟට හංස නදිය වුවා මෙන්ම නගරයේ සංකේතයද හංසයා වූ බව කියවේ .
මේ නම තැබීම සිදුවුයේ 17 වෙනි සියවසේදී ඕලන්ද ජාතික ගවේෂකයෙක් විසින් . ඒ බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාවට ගොඩ බහින්නටත් පෙර . මේ ගඟ ආශ්‍රිතව සුදු ජනාවාස බිහි වුයේ නම් ඉතාම පසුකලෙක . ''සුදු ජනාවාස '' කිවේ කවුරුත් දන්නා පරිදි ආදිවාසීන් ඇබෝරිජිනල් මිනිසුන් මේ පළාත්වල ඉන්නට ඇති නිසාය . ඇතැම් ප්‍රදේශ තවමත් ඇබෝරිජිනල් නම් වලින් හැඳින්වෙන නිසාය . උදාහරණයකට ''මරපානා '' ගත හැක . [සමහරු කියන්නේ මාරපන කියාය ]
බෙල් කුළුණ
හංස නදිය අද්දර සීනු කුළුණ නගරයේ විශේෂිත ලකුණකි .[ Bell tower ] . සීනුවක හැඩති කුළුණ තුල සුවිශේෂ සීනු පද්ධතියකි. සීනු 18 කින් යුත් මෙහි වත්මන් නාමය Swan bells වුවත් එහි ඉතිහාසය ඈතට දිවෙයි . බ්‍රිතාන්‍යයේ St Martin-in-the-Fields දේවස්ථානයේ ලෙළදුන් ඉපැරණි සීනු 12 කින් යුත් පද්ධතිය බටහිර ඔස්ට්‍රේලියාවට 1988 දී පරිත්‍යාග කරනු ලබා ඇත . රසවත්ම කාරණය වන්නේ ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව සොයා ගත් චාරිකාව දියත් කිරීමේදී මේ සීනු රැව් දුන් වගයි .
St Martin-in-the-Fields දෙව් මැදුරේ ඉතිහාසයත් මේවා ගැන පිස්සු ඇති මාවැනි අයට නම් රසවත් වේ යයි සිතමි . හිස් ගසා දැමීමට පතල ටියුඩර් පරපුරේ අටවැනි හෙන්රි රජු වරක් මේ පල්ලිය අලුත් වැඩියා කර ඇත . අපොයි එයා හොඳ වැඩත් කර ඇත්දැයි අසන්නට ඉක්මන් විය යුතු නැත . උන්දා මේ පල්ලිය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ ඒ පළාතේ සිටි මහාමාරිය රෝගීන් තමන්ගේ මාලිගාව අසලින් වෙන පල්ලි වලට යන එක නවත්වන්නටය . ලන්ඩනයේ ඉන්න අපේ කට්ටියට නම් මේ පල්ලිය දැක ගන්නට අවස්ථාව ලැබෙන්නටත් ඇත .
මන් උන්නේ Perth වල නොවැ. ......
අප දරු පවුල් කාරයින් නිසා අපේ ජිවිත සැලසුම් මෙන්ම ගමනක් ගිය විට කන බොන දේ සිට යන එන නරඹන සියල්ල පොඩ්ඩන් ගැන සිතා කරන්නට සිදුවේ .ඒ වුනත් හිතු මතේ බයිසිකල් චාරිකා යන වාසනාවන්ත තනිකඩයින්ට අපේ ඉරිසියාවක් නම් නැත .ඔවුන්ගේ චාරිකා සටහන් කියවා අපේ බනිලගේ තාත්තටත් ඒ වගේ යන්ට ඕනා යයි කිවත් සැබෑවට නම් ඒ සෙල්ලම් බැරිය ...D.....
ඉතින් අපේ පර්ත් ගමනේත් වැඩිපුරම පොඩ්ඩන් ගැන සිතා ඔවුන්ට ආසා තැන් පමණක් බලන්නට ගියෙමු . අපේ ලොක්කිට නම් කොහෙවත් නොයා ඔබා මාමලාගේ ගරාජයේ ''කළු '' සමග සෙල්ලම් කිරීම සැපත විය . ගමනේ ඇය සොයා ගත් අනර්ගම වස්තුව කළුය.
එකල නිර්මාණය වුන ළමා කවි වලත් මේ සීනු ගැන කියවේ . මෙවැනි සීනු පද්ධති රැසක් ලන්ඩනය තුල තිබු බව ඒවායින් පෙනේ . මුල් පද වලට අමතරව හිස් සිඳලන වධකයින් ගැනත් කියවෙන මේ ගීතය ඔබ අසා තිබේද
Oranges and lemons,
Say the bells of St. Clement's.
You owe me five farthings,
Say the bells of St. Martin's.
When will you pay me?
Say the bells of Old Bailey.
When I grow rich,
Say the bells of Shoreditch.
When will that be?
Say the bells of Stepney.
I do not know,
Says the great bell of Bow.
Here comes a candle to light you to bed,
And here comes a chopper to chop off your head
Say the bells of St. Clement's.
You owe me five farthings,
Say the bells of St. Martin's.
When will you pay me?
Say the bells of Old Bailey.
When I grow rich,
Say the bells of Shoreditch.
When will that be?
Say the bells of Stepney.
I do not know,
Says the great bell of Bow.
Here comes a candle to light you to bed,
And here comes a chopper to chop off your head
හිස් ගසා දැමීම එකල හුස්ම ගැනීම තරම්ම සාමාන්‍ය දෙයක් වී තිබෙන්නට ඇත .
ඒවා අමතර කතාය . අපේ ලොක්කි පසුගිය කාලයේ ගෙනා ''ටෙරිබල් ටියුඩර්ස්'' කියන පොත් මාලාව කියවූ විට ඒ ගැන ලිවීමට සිතා සිටියත් මග ඇරී ගියේය .
මන් උන්නේ Perth වල නොවැ. ......
අප දරු පවුල් කාරයින් නිසා අපේ ජිවිත සැලසුම් මෙන්ම ගමනක් ගිය විට කන බොන දේ සිට යන එන නරඹන සියල්ල පොඩ්ඩන් ගැන සිතා කරන්නට සිදුවේ .ඒ වුනත් හිතු මතේ බයිසිකල් චාරිකා යන වාසනාවන්ත තනිකඩයින්ට අපේ ඉරිසියාවක් නම් නැත .ඔවුන්ගේ චාරිකා සටහන් කියවා අපේ බනිලගේ තාත්තටත් ඒ වගේ යන්ට ඕනා යයි කිවත් සැබෑවට නම් ඒ සෙල්ලම් බැරිය ...D.....
ඉතින් අපේ පර්ත් ගමනේත් වැඩිපුරම පොඩ්ඩන් ගැන සිතා ඔවුන්ට ආසා තැන් පමණක් බලන්නට ගියෙමු . අපේ ලොක්කිට නම් කොහෙවත් නොයා ඔබා මාමලාගේ ගරාජයේ ''කළු '' සමග සෙල්ලම් කිරීම සැපත විය . ගමනේ ඇය සොයා ගත් අනර්ගම වස්තුව කළුය.
වන අරණක පිහිටි ''සර්පන්ටයින් '' බෞද්ධ ආශ්‍රමය ...[ මේ ගැන ඔබා මාමා ඔහුගේ ලිපි වලින් මිට කලින් සඳහන් කර තිබේ ] දැක බලා ගැනීම ඉතාම අනගි අත්දැකීමක් විය . එපමණක් නොවේ අපට එහි වැඩ වසන ස්වාමින් වහන්සේලාට දානය පිළිගැන්වීමට ඉඩකඩ ලැබීම විරල වාසනාවකි . මේ ගැන සියලු ස්තුතිය ඔබා මාමටත් විශේෂයෙන් ඔබි නැන්දාටත් හිමි වේ .
......මතු සම්බන්ධයි ...
ලිවිම කෙසේ වෙතත් මින් මැදුරේ , කටුගෙදර ,අවුරලින් උද්භිද උයන වගේ ලස්සන තැන් වල පින්තුර ටිකක් වත් ඉදිරියේදී පලවේවි . පින්තුර දැමීමේදී මට තියෙන ලොකුම ප්‍රශ්නේ අඩු ගානේ අපේ බනියාවත් රිංගල ඇති හැම පින්තුරෙකම . කවුරුවත් නැති පින්තුර ඇත්තෙම නැති තරම්
ප.ලි...
කොටස් වශයෙන් ලිවිම මහා කරදරයකි . ලියන්නේ නැතැයි ඇනුම් පද අසා මටත් ඇති වී ඇත . බනින කෙනාටත් එපා වී ඇති හැඩකි. කොච්චර බැන බැන වුනත් දවසකට දෙතුන් පාරක් මේ පැත්තේ එන්නට ඔහුට සිදු වන්නේ අනික් බ්ලොග් වලට යාමට පාරක් ලෙසිනි .
මතෘකාව දැක්කම මතක් උනේ ඔයාලට නවාතැන් දීපු කෙනාව :D
ReplyDeleteනරක ළමයි
Deleteඉතුරු ටික කවදද එන්නේ.
Deleteඔය Tudors ලා ගැන BBC Two එකෙන් ගහපු ෂෝක් series එකක් තියෙනවා, හැබැයි මම දන්නෙ නෑ BBC iPlayer එක UK වලින් පිට වැඩ කරනවද කියලානම්..
ReplyDeletehttp://www.bbc.co.uk/programmes/b00cx1cv/episodes/guide
මේ තියෙන්නෙ ඒකෙ DVD collection එක..
http://www.bbcshop.com/drama+arts/the-tudors-complete-season-1-3/invt/cdrp1640/
http://www.bbcshop.com/drama+arts/the-tudors-season-4-dvd/invt/cdrp2247/
ලින්ක් එකේ තියෙන්නේ මුදල් ගෙවා ගන්න වගෙයි . මන් ඔය සිරිස් එක HBO එකේ බැලුව . පිළිවෙලකට නෙමේ . කොටස් මග ඇරුන. The Other Boleyn Girl ෆිල්ම් එක නම් බැලුව .
Delete"ඇබ්බැහි වුවිට අබින් කෑවා සේ වුවත් අතහැර දැමු විට අහලකට වත් යන්නට නොහිතෙන.."
ReplyDeleteකුඩා පොදු සාධක :-)
අද සටහන කලබලෙන් ලිව්වාදෝ? - නෝට් පෑඩ් එකක ටික ටික ලියන්ට
අපට ඔය රටවලට කවදා එන්ට වේවිද නොදනී
එනිසා තළුමරා කියවන්ට ලියමු - වෙනදා වාගේ
එක වගේ කට්ටිය .
Delete@බුරා
ReplyDeleteiplayer එක එලියෙ වැඩ නෑ මචං.
@bindi
ඔය අහඹු සිදුවීමකට black swan කියන යෙදුම ඇවිල්ල තියෙන්නෙත් යුරෝපෙ දේශ ගවේෂකයෝ ඔස්ට්‍රේලියාවට ගිහිල්ල කළු හංසයො දැක්කමලු. Black Swan - The impact of the highly improbable කියල හොඳ පොතකුත් තියෙනව අහඹු සිදුවීම් වෙන එක ගැන. දෙපාරක් විතර කියවන්න ඕනෙ තේරුං ගන්න. ඔය කියල තියෙන්න පල්ලි ටික නං මේ අහල පහල එව්ව. හැබැයි ඉතින් එකකටවත් ගිහිල්ල නං නෑ. :D
අලුත් දෙයක් දැන ගත්තා ..එව්වා එහෙම තමයි . ළඟ තියෙද්දී කවද යන්න බැරිද කියල හිතල කවදා වත් යන්නේ නැහැ . මටත් මේ හැනොයි වල සෑහෙන දේවල් තව බලන්න තියෙනවා
Deleteමුහුදු+++++
Deleteසහතික ඇත්ත, දවස ගානෙ පහුකරන් යනවා.. ඒවුනාට බලන්න යන්න ලැබෙන්නෙ නෑ..
ප්‍රොක්සියකින් ගියත් iPlayer එක වැඩ නැද්ද..??
උඹල වගේ උන්ට තමයි "ශ්‍රී මා බෝධිපාමුල හිඟන්නො වගේ" කියල කියන්නෙ
Deleteනෙළුම් පොකුණෙන් හංස නදියට. ආ ගිය තැන්වල පුවත් කියවීමට බලා සිටිමු.
ReplyDeleteඇහැක් විදියට ලියන්නට හිතන් සිටිමි . ඔයාවත් වැඩිය දැක්කේ නැහැ . කොහෙද මේ මුණු පොතටත් වැට බැඳලා ආණ්ඩුවෙන්
Deleteවෙලාව තියන හැටියට ලියන්න.රසට ලියන්න දන්න අය නොලියා ඉන්න එපා.අපි පව්නෙ..(අර උඩින් කොමෙන්ට් දාලා තියන කෙනාටත් මේක වලංගුයි)
ReplyDeleteපර්ත් වල කළු හංසයා කිව්වම මම හිතුවෙ...:D
ලිවීමේ වේගය අඩු වීමට ගොඩක් හේතු බලපාල ලකී . අපේ කෙල්ලෝ දෙන්නට සතියේ දවස්පහෙම වගේ හවස අමතර වැඩ . එයාලව ගේන්නයි .ඒ මදිවට මේ ලැප් ටොප් එකටත් ඉලුම වැඩියි . සේරටම වැඩිය සීතල හන්ද පොරෝගෙන නිදා ගන්න එක තමයි ලොකුම සතුට .
Deleteහොඳ චාරිකාවක් වගේ.. ඉතුරු විස්තර ටිකත් දැම්මනම් ඉක්මනට..
ReplyDeleteබින්දිගේ ලිවීමේ වේගය හොඳටම පහල වැටිලා..
අපේ ගෙදරිනුත් එන බරපතල චෝදනාවක් ඕක ...ඉස්සරහට හොඳ ළමයෙක් වෙන්න බලන්නම්
Deleteකලෙකින්... :)
ReplyDeleteසෑහෙන කලකින් ..
Deleteඔන්න හුඟ කාලෙකින් මමත් නෙලුම් විලට බැස්ස.
ReplyDeleteමට නං ටිකක් පැහැදිලි මදි. දැන් අර සීනු තියෙන්නේ ලන්ඩන් වලද, පර්ත් වලද?
හරි හරි ආපහු කියවද්දී පැටලුම ලෙහුනා. එත් පල්ලිය ගැන විස්තර කරලා තියෙන කොට මම හිතුවේ පර්ත් වල පල්ලියක් කියලයි. එතකොට පර්ත් වල සීනු කුලුන පල්ලියක් නොමැතිව තනියම තියෙන එකක්ද?
පර්ත් ගියා කියපු ගමන් මමත් හිතුවේ ඔබා මහත්තය හමුවුනේ නැද්ද, කියල අහන්ඩ.
ඔව් මේක සීනු කුළුණක් විතරයි . එංගලන්තේ පල්ලියක තිබිල මෙහාට එවල තියෙන්නේ සීනු 12 ක් . තව 6 ක් අලුතින් හදල දැන් තියෙන්නේ 18 ක පද්ධතියක් . ඔස්ට්‍රේලියාව දෙසිය වන සංවත්සරය සමරද්දී තෑග්ගක් විදියට තමයි මේක ලැබිල තියෙන්නේ .
Deleteජනතාව නම් සමහරු හිතනවලු සල්ලි නාස්තියක් කියල . ඒත් ඉතින් මට හිතෙන්නේ Land Mark එකක් විදියට මෙය හොඳයි කියලයි .
ලස්සන විස්තරයක්..පිංතූරත් එක්ක ලස්සනට ලියලා...ඔබා මාමා ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ...මාත් මේ ට්‍රයි කරලා සතියකට හරි යන්න ඉන්නේ.....
ReplyDeleteඔන්න ගියහම අපි වගේ හොඳට ඉන්න ඕනේ .
Delete//අනික් කාරණය වන්නේ ඇබ්බැහි වුවිට අබින් කෑවා සේ වුවත් අතහැර දැමු විට අහලකට වත් යන්නට නොහිතෙන මගේ නරක පුරුද්ද සේරටම වඩා ලොකුය .//
ReplyDeleteකතාව සහතික ඇත්තය. මටද පොදු සාධකය එයමය.
එක කාලේ ඉස්කෝලේ ගිය අය නිසාද මන්ද
Deleteඔබා මහත්තයට දරුණුවටම අල්සයිමර නිසා මෙව්ව මුකුත්ම මතක නැතිව ඇති
ReplyDeleteඔන්න මන් නම් නෙමේ කවිකාරි තමයි කියන්නේ
Deleteපිස්සුද මෙයා . . ඔබාට ඇල්සයිමර් තියෙන්නෙ ටෙස්ටෙස්ටෙරෝන් සම්බන්ද වෙන තැන්වල විතරයි
Deleteඈ බොල.. මං හිතාන හිටියෙ ඇල්සයිමර්ස් කියන්නෙ මොළේට බලපාන ලෙඩක් කියලා නෙවැ, කවුද්දන්නෙ එතෙන්ටයි බලපාන්නෙ කියලා.. :D
Deleteබුරා . .
Deleteඔබාගෙ මොලේ තියන තැන උඹ තාම දන්නැද්ද ???
අප්පද බොල, මොළේ එච්චරටම පහලට බැහැලද..?? කවුද්දන්නෙ..!! :D
Delete//ඇබ්බැහි වුවිට අබින් කෑවා සේ වුවත් අතහැර දැමු විට අහලකට වත් යන්නට නොහිතෙන මගේ නරක පුරුද්ද සේරටම වඩා ලොකුය//
ReplyDeleteමේ කතාව නම් සහතික ඇත්ත, ඒත් නොලියා ඉන්න එපා.
සේන්ට් මාටින්ගෙ සීනු ගැන ඉගෙන ගත්තෙ බින්ඩිගේ පොස්ට් එකෙන්...හෙහ්..හෙහ්..
ReplyDeleteඇයි වදේ අර ගෑනු ළමයත් එක්ක කතා කර කර හිටියේ ඒ ගැන කියලයි මන් හිතුවේ
Deleteඔයා මේ මගුලක් කතා කරනව . . . ඔබාට වෙන මොනතරං නං දේවල් තියනවද ගෑනු ළමයි එක්ක කතාකරගන්න
Delete"කළු" කියන්නෙ බල්ලෙක් නේද? එයාගෙත් ෆොටෝ එකක් දාන්න බලන්න...
ReplyDelete(ඇත්තටම ඇවිදින්න කම්මැලි මම ඒව ගැන කියවන්නත් වැඩි ආසාවක් නෑ... ඒත් ෆොටෝ බලන්න කම්මැලි නෑලු...)
කළුගේ තනි පින්තුරයක් නැහැනේ . හරි මන් තව ෆොටෝ දාන්නම්කො
Deleteඔන්න බලන්නකො ඔයාගෙන් තමයි ඕස්ට්‍රේලියාවෙ ඉන්න අය කියනවට වඩා රසවත් විස්තර අපිට දැනගන්න පුලුවන් වෙන්නෙ, කම්මැලි නොවී හොඳ ළමයෙක් වෙලා ලියන්නකො එහෙනම්
ReplyDeleteහා ටීච ...ඔයත් දැන් ආයේ දිගටම ලියන්න ..දෝනිත් දැන් ලොකුයිනේ
Deleteඔය ඔබා හිටියට ඉතින් මේ වගේ එකක් ලියාවිය .. ලිවුවොත් ඉතින්.... හොඳ මනුස්සයනේ..
ReplyDeleteහොඳ දෙයක් ලිව්වත් බොලා හොයන්නෙ ඒකෙ ඇද කුදනේ
Deleteඇද ලිවුවාම ඇද ගැන හොයන්නෙනැතුව වෙන මොනව හොයන්නද ???
Deleteඅරයා උඩ ගිහිං ඇතිදැං. හංසයා කියලා කවදා අහගන්ඩද නැත්තං....
ReplyDeleteBindi ගෙන් වත් අහල දැනගනින් එයා පෝට් වලින් එළියට යනකොට කරත්ත වලට සල්ලි ගන්නවද කියල. මං හිතන්නෙ උඹලගේ අක්ක 'බෝතල් දෙකක් ගෙනෙන් මචන්' වගේ වැඩක් උඹට දීල ගෙදරින් පිට කරලද කොහෙද...හෙහ්...හෙහ්..
Deleteහුහ් . . මෙයාගෙ සද්දෙ . . . හරියට නිකං දමයන්ති අරං කැලේට ගිය හංසයගෙ ගානට උඩ ගිහිං
Deleteඑයාපෝට් වලින් එලියට යද්දි සල්ලි ගන්නෙ නෑ තමා මනුස්සයෝ......එහෙම සල්ලි ගන්ඩ මිනිස්සු එයාපෝට් එකේ චූ කරලා යන්නැනේ..... යූරෝ දෙකක් මොකටද ඕනැ කරන්නෙ කියලා ඒ පෝස්ට් එකේම අර ඉතාලි ඩිලන් ලශ්ශණට පැහැදිලි කරලා තිබුනා දැක්කෙ නැද්ද? කලු හංසයා කියලා මෙහෙම උඩ ගියානං ඕනයා, මෙයාට කොහොමද ස්වර්ණ හංසයා වගේ නමක් කිව්වොත් එහෙම......
Deleteමං කිව්ව හරි එහෙනං!
Delete@බුද්ධි,
Deleteඑහෙනං හැන්දෑ අහසෙ තරු දිලිසෙන්න කලිං දිලිසෙනව ඔබාගෙ ගෝරමේන්තුව . . බිම ඉන්න අපිට පේන්න
@ඉන්දික,
හරි කියන්නෙ . . ඔයාට තමයි මෙයා හංගල ගහපු බින්දිගෙ මඩ පාර ලස්සනට තේරුනේ
හා හා ඔන්න මන් නෑ ඕවට . ඔය මෙයාල හදන්නේ අපිව තරහ කරවන්න . අපි අහුවෙයි ඕවට .
Deleteහය්යො dont worry! මේ තියා මීට වැඩිය එව්ව කිව්වත් ඔබා අය්ය නෙමෙයි ගෑණු ළමයි එක්ක අමනාප වෙන්නෙ (ඔන්න අපිටනං මේ වෙනකොට බනිනව ඇති ආච්චිලටත් කිමුහුං යන්න )
Deleteඕනෙ, ඉන්දික,
Deleteඔබා මාමා මේකෙ මෙව්වා එක ගන්න, මට දෙහි කපලා කමෙන්ට් වගයක් දාලා වලව්වෙ. එකක්වත් පබ්ලිස් වෙලා නෑ කියලා ආං අඬනවා... පව් ඒ අතින්...... මිනිහා අසරණයි...!!!!
මං දැක්ක මං දැක්ක. මාම "වැඩේ හිතුන" කියල අඬපු හැටි. පබිලිස් නූනට මේලෙ ආවනෙ. ඔව්වට කියන්න තීන්නෙ "මිනිහට මහලු වයසේ...බැරිය වැඩි ගායනා පෙරසේ" කියල තමයි:D
Deleteහික්ස්.. ඔබාගෙ අපල කාලයක්ද කොහෙද මේ.. ඔන්න ඔය වයසක මනුස්පයා අතඇරලා දාහං බං, මඩ ගහනවා කියලා ඔහොමත් මඩ ගහන සිරිතක් තියේයැ.. :D
Deleteඉන්දික,
Deleteමිනිහට කර මුලටම හිතිලා තියෙන්නෙ මයෙ හිතෙ. මේල් තුනක් දාලත් එකක්වත් “බල්ලො අල්ලලා“ නෑ.... මේක දැක්කමවත් කවිය පාඩං කරන් ඉන්නෙ නැතැ.....!
..........
බුරා,
බොලා කියන හින්දා මං ඉන්නවා ඇරෙන්ඩ, නැත්තං මම පාඩුවෙ ඉද්දි උන්දැ තමා ඔය පරණ දේවල් ඇඳගෙන මෙව්වා වෙන්නෙ....කියන්ඩම දෙයක් නැතුව ගියොත් “අනේ කොල්ලො.... උඹ දන්න කෙහෙල්මල ගිහිං චූ කොල්ලා නිදිය ගනිං“ හරි කියලා යයි... ඕං වයසක මනුස්පයගෙ තරම.....:P
ඕස්ට්‍රේලියාවේ ඉන්න අර ඇබ්රොජින් කස්ටිය ලෝකේ ඉන්න බොහෝ හයිය හත්තිය ඇති මිනිස්සු කොටසක් කියලා මම අහලා තියේ ඒගැනත් ලියැවේවිද අක්කන්ඩි ?
ReplyDeleteඉස්සර එහෙම වෙන්න ඇති . දැන් නම් එච්චර හය්ය ඇති පාටක් නැහැ . තමන්ගේම නිජබිමේ අනාථ වෙච්ච පිරිසක්නේ . මට නම් හිතෙන විදියට අප්‍රිකානුවෝ තරම් සවිමත් අය නෙමේ .ඒ මට හිතෙන ඇති . වසර දෙසීයකට පෙරත් ඉන්න ඇත්තේ බොහොම ප්‍රාථමික අවදියක . ඒ ගැන නම් ටිකක් කියවල බලන්න ඕනේ . මල්ලි උනන්දු වෙනවා කියන්නේ ලියන්නම වෙනවා මට . ඉස්කෝලේ පුස්තකාලෙන් පොත් ටිකක් හෙම සොයා ගෙන පොඩි හරි සටහනක් කරන්න පොරොන්දු වෙනවා
Deleteදැන් ඉතින් එයාලගෙ හයිය හත්තිය වැඩිපුර පෙන්නන්නෙ බිව්වම තමයි.... එහෙම නැති වෙලාවකුත් නෑ තරම්... ගෙවල්වල ගෑණුන්ට නම් පෙන්නපු වග පේනව... බොහොමයක් ගෑණුන්ගෙ කටවල්වල දතුත් නෑ... ඇස් කළු තලා වැටිලා.... හැබැයි ඔය ඩාවින් පැත්තෙ ඉන්න කට්ටිය නම් මේ පැත්තෙ ඉන්න අයට වඩා හාත්පසින්ම වෙනස් කියල මං අහල තියෙනවා.... එයාල හොඳට ඉඩ කඩම් තියෙන අත මිට සරු අය කියලයි අහල තියෙන්නෙ...
Deleteඇබ්රොජින් කට්ටිය තරම් කම්මලි ජාතියක් මමනම් දැකලා නෑ. ආණ්ඩුවෙන් දෙන සල්ලි වලින් යැපෙමින් ඉන්නේ. ආදිවාසිකයෝ හින්දා වැඩිපුර ගෙවිමකුත් කරනවා ඔවුන්ට. ඩාවින් වල ඉන්න අය උඩට නිර්වස්ථව පාවහන් නැතිව ඉන්න බව සහ ගෙදරක වැඩි වැඩක් කරන්නේ ගැහැණු උදවිය බවයි පැවසෙන්නේ. පිරිමි උදවිය දඩයමේ යෑමට සිමා උවත් එයද වැසිකාලෙට නොයනබවයි පැවසෙන්නේ. ශක්තිමත් බව කෙසේවෙතත් වහා කිපෙනසුලු ජාතියක්. කොටින්ම කීවොත් වලියට බරයි. :)
Delete-අම්බි
අනේ හැබෑට බින්දි අක්කා ලෝකේ වටේ ගොහින් ලියන මේ දේවල් දැක්කාම ඉරිසියත් හිතනවා :D
ReplyDeleteමටත් මේ අහම්බෙන් ලැබුන වාසනාවක් මලේ . අපේ බනිලගේ තාත්තගේ රැකියාව නිසා . සියලු ස්තුතිය එයාට
Deleteපර්ත්වල ඉඳන් සෑහෙන දුරක් ගියත් අර සිටි එක පේන එකත් ඔයා අත්වින්දද බින්දි... ඒ වගේම කිංග්ස් පාක් එකේ ඉඳන් රෑ වෙනකම් වටේට බල බලා ඉන්න අවස්ථාවකුත් ලැබෙන්න ඇති කියල හිතනවා...
ReplyDeleteඅර සීනු කේස් එක නම් මං දැනගත්තෙත් ඔයාගෙන්...හික්ස්...
ඇත්ත තමයි ඔයා කිව්වමයි එහෙම නේද කියල හිතුනේ . රෑ පානේ ගමන් නම් එච්චර ගියේ නැහැ . අපේ පොඩි අය වැඩිය ඇවිදින්න කැමති වුනේ නැහැ . අපරාදේ ඔයාවත් හම්බ වෙන්න තිබුන කලින් දැනන් හිටිය නම් .
Deleteඒකනෙ කියන්නෙ.... ඔබා මාම කිව්ව ලංකාවෙන් කට්ටියක් ඇවිල්ල කියල... ඒත් හීනෙකින්වත් හිතුනෙ නෑ ඒ ඔයාල කියල.... :D
Deleteඇත්තම කියනවා නම් රෑට කිංග්ස් පාක් එකේ ඉඳන් අවට බලන් ඉඳිතෑකි එළිවෙනකම් උනත්.... පුදුම ලස්සනයි... එකම පරහ තියෙන්නෙ රෑ වෙනකොට හුළඟ වැඩිවෙන නිසා සීතල අල්ලන එක.... :D
බින්දි අක්කා හොඳටම කම්මැලි වෙලා වගේ... (අපිත් ඒම තමා අප්පා !!!)
ReplyDeleteවිස්තරේ නම් ටිකක් මදි වගේ... කමක් නෑ, පින්තූරත් එක්ක හොඳ එව්වා එනවලුනේ...!!!
හි හි ..අපි සේරම එකයි නේද
Delete//අවුරලින් උද්භිද උයන//
ReplyDeleteමට මතක විධියට හරි නම 'ඇරලුයෙන්' Araluen
ලොකු දුවට එවන්න, 'කළු' ගෙ පින්තූර දෙක තුනක් ගත්ත ලඟදි දවසක්. හෙටම ඊමේල් කරන්නම්.
ReplyDeleteවැරදිලා නේන්නම් . හරි අමාරු නම්නෙ මතක තියා ගන්න . අපේ දෙන්න තවම කළු මතක් කරනවා . පින්තුරයක් එව්වොත් නම් හරි සතුටු වෙයි
Deleteඔහ් කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියලා .නින්දකුත් නැතුව මහන්සි වෙලා කියවන්න දේවලුත් නැතුව වේලි වේලි ඉන්නකොට මේක දැක්කේ .ලොකු දෙයක්
ReplyDelete//මුහුද කොපමණ ලස්සන වුවත් අධික රස්නය නිසා වෙරළේ සුන්දරත්වය විඳීමට නම් බැරි විය //
ReplyDeleteහපොයි...:D
පර්ත් ගමන නම් ලස්සන බව විස්තරයෙන් පේනවා.
"නමුදු ඉඳහිටක දුටු මුහුදේ මිසක නිල් ජල තලයක් එකල මා දැක තිබුණේදැයි සැකය"
ReplyDeleteඔය ප්‍රශ්නෙම මටත් තිබුනා..ඒත් මං දියතලාවේ ට්‍රේනින් කරන දවස්වල එක පාරක් කට්ටිය පිටින් කොහේද දක්කගෙන යන කොට එක තැනකදී දැක්ක ජලාශය අදටත් මට හොඳටම මතකයි.. ගස් වැල් වලින් වට උන පතනක් වැනි තැනක ඈතට දිව යන විශාල පොකුණක් වගේ ජලාෂයක්.නිල් කැටේට වතුර..පුදුම පැහැදිලියි..මට යන ගමන අමතක වෙලා ඒ දිහා බලාගෙන හිටියා..අපේ ඉන්ස්ටක්කර උන්නැහේ කෙනෙක් මගේ පුකට පයින් ගහලා දුවපිය ප* කියලා කිව්වේ නැත්තං මං තාම එතන...
..........................
"හිතු මතේ බයිසිකල් චාරිකා යන වාසනාවන්ත තනිකඩයින්ට අපේ ඉරිසියාවක් නම් නැත"
පව්ය..
..........................
"ගමනේ ඇය සොයා ගත් අනර්ගම වස්තුව කළුය"
අනේ අර ඔබා අතට අහුවෙන හැම දේම දාලා හදන නසරාණි කෑම කන්න වෙලා තියෙන අහිංසක බල්ලා නේද..?ඕකා ඔහොම ඉන්න එකත් ලොකු දෙයක්...
..........................
"මුහුද කොපමණ ලස්සන වුවත් අධික රස්නය නිසා වෙරළේ සුන්දරත්වය විඳීමට නම් බැරි විය"
මට බින්දිත් එක්ක යකා නගින්නේ ඔව්වට තමා...
රස්නේ හින්දා නේන්නං වතුරට පැනලා නාන්න ඕන...
..........................
අර පන්සලට ඔයාලව එක්ක ගියේනං ඔයාට ඒක පෙන්නන්ට තියෙන ආසාවකට නෙවෙයි..ඔය යෝධයා දැන් පන්සල් බතට හෙනට ඇබ්බැහි වෙලා... මොකක් පිට නමුත් දාලා ගෙහුන් දානේ කෙලින්ටයි ඔය යන්නේ...හාමුදුරුවන්ට පරණ වෙච්ච පීසා ගිල්ලෝලා උන්දැ පන්සලේ තියෙන දේවල් ගිලින එකයි කරන්නේ...
මෙව්වා මේ අපි විතරක් කියන කතා නෙවෙයි..ඕනනං අර ඕනයා මහතාගෙන්..එහෙමත් නැත්තං අර සරත් මහත්තයගෙන් බැරිනං බුද්ධී කොළුවගෙන් ඇහුවත් කියයි...
.......................
කොහොම උනත් මං ආසාම විදියේ පෝස්ටුවක්.. පහු ගිය දොහේ කියවන්න වෙලාවක් අහු උනේ නැහැ..අද තමා අත ගැහැවුවේ...
ඕස්ට්‍රේලියාවේත් හරි හරි සෙල්ලම් නොවැ තියෙන්නේ :)
ReplyDeleteනෙළුම් විළ දකිද්දි එන ෆීලින් එක විස්තර කරන්න බෑ..මුලින්ම කියවපු බ්ලොග් එකක්..
ReplyDelete