මන් අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන්න ගත්තේ අකුරු කියවන්න ගත්තු දා ඉඳලමයි . මුද්‍රණ අංශයේ රැකියාවක් කල තාත්තට හුඟක් පොත්වල කොපියක් ලැබුන . සේරම වගේ නවකතා . ලාච්චු කීපයක් පුරවල තිබුන නවකතා කියවන්න අපිට තහනමක් තිබුනේ නැහැ . ඒ වගේම අපේ චිත්‍ර කර්මාන්තෙටත් ඒ නවකතා වලින් ලැබුන පිටිවහල මෙතෙකැයි කියන්න බැහැ. මොකද කියනවා නම් ඒ පොත්වල කවර ඇතුලේ වගේම පිටුවල අකුරු නැති සුදු දාර වල අපි හිතු හැටියට චිත්‍ර ඇන්ද. චිත්‍ර කලාවට නම් අඟුරුයි බිත්තියි ඊටත් වඩා උදව් කළා . ඒ ගැන වෙනම දවසක ලියන්න ඕන . මගේ කියවීම ගැන නම් ''බුරතිනෝ සහ ලි බෝනික්කයි '' මගේ ආදරවන්තයෝ '' කියන ලිපි දෙකේ කියවෙනවානේ .
මන් දැන් කල්පනා කරන්නේ මන් ලියන්න ගත්තේ කවදද කියලයි . පැහැදිලිවම මගේ ජිවිතේ යමක් නිර්මාණාත්මකව ලියල අගය කිරීමක් ලැබුනේ කවදද කියල . ඒක මට විශාල මතකයක් . එතකොට මන් හතරේ පන්තියේ . ''නොපෙනී ගිය සරුංගලය '' කියල මන් ලිව්ව රචනාව සිංහල උගන්නපු ඉන්ද්‍රානි ගුරුමහත්මිය විදුහපතිනියටත් පෙන්වල එතනින් නොනැවතී වර්ෂාවසාන තෑගී උළෙලේදී හොඳම නිර්මාණාත්මක ශිෂ්‍යාව කියල විශේෂ ත්‍යාගයකුත් ලබාදුන්නා . ආපසු හැරිලා බලද්දී එදා ඒ හැටි අගයක් නොදැක්කට ඒ සිදුවීම අද මට රත්තරන් වගේ .
එදා මුල් ගුරුතුමිය වුනේ එදිරිසිංහ ගුරු මාතාව . සතිස්චන්ද්‍ර එදිරිසිංහ , සුනිල් එදිරිසිංහ කියන කළා ලොව ප්‍රවීණයන්ගේ සහෝදරිය .
පහේ ශිෂ්‍යත්වෙන් පස්සේ කොළඹ බාලිකාවට එද්දී ''විශේෂ නිර්මාණාත්මක හැකියාවක් ඇත '' කියල අස්වීම් සහතිකේ ලියල දීපු වචන ටික එදා මට එච්චර වටිනාකමක් තිබුනද මන්ද . ඒත් අද ඒ වචන ටික මුතු මැණික් වගේ දැනෙනවා .
ඊට පස්සේ මන් ලියන්න පටන් ගත්ත . පිළිවෙලකට නෙමේ . පාසල් බස් එකේ කොන්දොස්තර මාමා ටිකට් රෝල අයින් කරනවා ඉවර වෙන්න කිට්ටු වෙනකොට . ඕක ඉල්ලා ගන්න මන් හැමදාම බලන් ඉන්නවා . ඒ ටිකට් රෝල් වල පොඩි පොඩි කවි ලිව්ව . කියවීමත් එක්කම ලිවීමත් වැඩි වුනා .
ඉස්කෝලෙට වඩා අපි සාහිත්‍ය රසය දැන ගත්තේ දහම් පාසලෙන් . ගැහැණු පාසල්වලටම ගිය මට හරි හරියට පිරිමි ළමයි එක්ක ආශ්‍රයක් ලැබුනේ දහම් පාසලින් තමයි . ඔය සමහර ළමයි දැන් බ්ලොග් හෙමත් ලියනවා . දහම් දැනුම තරඟ එක්කම ච්ත්‍ර තරග රචනා තරඟ වලට සහභාගී වෙන එක අපිට ලොකු විනෝදයක් වුණා .
ඔන්න ඔය කාලේ රට එච්චර ලස්සන වුනේ නැහැ . කියන්න ඕන නැහැනේ ඒ ගැන අලුතින් . එතකොට ලියවුනේ ආවේගශීලි දේවල් .[ හරියට නන්දා මාලිනීගේ සින්දු වගේ තමයි . එයයීත් දැන් කියන්නේ නැහැනේ ඒ වගේ සින්දු . ]
ඉස්කෝලේ කළා උළෙලවල් වලදී නොවැරදීම රචනා කෙටි කතා චිත්‍ර තුනටම මට තෑගී ලැබුන . අද නම් කට්ටිය හිතයි දාර නයි අත අරිනවා කියල . ඔව් ඔව් මෙව්වා නයි තමයි . හපා කයිම කියල හිතෙනවා නම් කකුල් උඩට ගත්තට කමක් නැහැ ඔන්න .
කේරී විද්‍යාලයේ සාහිත්‍ය දින තරගෙන් හොඳම කෙටි කතාවට තේරුනා මතකයි . ඔන්න ඔය කළා උළෙලට යන්න ගිය කතාවත් හරිම රසවත් . මේ අපි ටිකක් ලොකු කෙල්ලෝ කාලේ . ඔය කළා උළෙලවල් විද්‍යා දිනවල් හෙම සොයා සොයා යන කාලේ . ඉතින් පිරිමි ළමයින්ගේ ඉස්කෝලෙකින් ආරාධනාවක් ආවහම යන්න කට්ටිය වැඩියි . හැබැයි ගුරුවරියක් එක්ක තමයි යන්න ඕනේ . ගුරුවරියක් සොයා ගන්න එක හරිම අමාරුයි . නොවඳිනා වැඳුම් වැඳලා තමයි කැමති කර ගන්නේ . ඒ ඉස්කෝලේ පැත්තට යන ගුරුවරියක් තමයි බොහෝ විට කැමති වෙන්නේ . අපේ පිස්සු වැඩ වලට එච්චර තරහ නොයන කොටින්ම කිව්වොත් ''ෆිට් '' ගුරුතුමියක් වෙන්නත් ඕනේ . නැත්නම් ඉතින් වසල හමාරයිනේ.
ඔන්න දැන් මට සහතිකයකුත් තියෙන එකේ අමාරුවෙන් චිත්‍ර ගුරුතුමිව අඬගහගෙන යන්න පිටත් වුණා කියමුකෝ . දැන් හොඳටම පරක්කු වෙලා . බස් වල යන්න වෙලාවක් නැහැ . කට්ටියම නැග්ග ත්‍රි විල් එකකට . මහත, කෙට්ටු කෙල්ලෝ හතරයි ටිචයි ඔක්කොම පහයි . මගදී පොලිස් මාමෙක් නැවැත්තුව . එයාටත් ටිකිරි හිනාවක් දාල කොහොම හරි ගමන ගියා .
ඔය එක එක දිනවල් වලට ගිය හැටි නම් පොතක් ලියන්න හැකි . එව්වා පසු දවසක .
මන් මේ ලිවිම ගැනනේ කියමින් උන්නේ . ඔයාකාරෙට ඉස්කෝලේ කාලේ තරග වලට ලිව දේවල් ඇරුනම පොත් වල අන්තිම පිටුවේ නැත්නම් යාලුවන්ගේ සමරු පොත්වල වගේ තැන්වල සුළු සුළු කවි කුරුටු ගෑවා මිසක හරි හමන් නිර්මාණයක් කළ බවක් මතක නැහැ . කම්මැලි කමද මොකක්ද මන්ද එක දිගට ගලන් යන කතාවක් වගේ දෙයක් ලියන්න නම් මට කවදාවත් බැරි වුණා .
ඉස්කෝලෙන් අස් වෙන කාලේදී සැහෙන යාලුවෝ පිරිසක් හිටියා විවිධ ක්ෂේත්‍ර වල . සමහරු ඉතාම නිර්මාණශීලි දේවල් ලියු අය. විකල්ප පත්තර කළ අයත් හිටියා . ඔය කාලේ වෙද්දී වෙන බැල්මකුත් වැටිලා රස්සාවලුත් කරන්න පටන් ගත් නිසා ජිවිතේ වෙනස් වුණා . ඉන් පසු ඇරඹෙන්නේ රස්තියාදු සමය. ඒවා ආයේ මොකට මේවයේ ලියනවද . විදුසරට ලිපියක් දෙකක් පරිවර්තනය කළ එක සහ විකල්ප පත්තරේකට කවියක් දෙකක් ලිව්ව එක විතරයි සැලකිය යුතු යමක් වුනේ .
ඔය කාලේ වෙද්දී ආදර ලියුම් ලියන්න පටාන් ගෙන තිබුනේ . ඉතින් එහෙම පටාන් ගත්තට පස්සේ වෙන එව්වා ලියවෙන්නේ නැහැනේ .
විටින් විට සේවා පුහුණු කාලේ සඟරාවලට සහ සේවා ස්ථානයේ අවශ්‍යතා වලට කවි වගේ එව්වා ලියවුනා . පවුල් වෙලා ළමයි ලැබිලා පෑන දාපු තැනක් වත් සොයා ගන්න නැති වෙනකම් මන් වත් දන්නේ නැහැ .
වියට්නාමෙටත් ඇවිත් අවුරුදු ගානක් ගියා . නිවාඩුවට ගියහම අපේ සේවාස්ථානයේ කලාරිට වුන සමන් අය්යා ගේ තදබල දෝෂ දර්ශනයට ලක් වුණා . දිනපොතක් වත් ලියන්නේ නැත්තේ මොකදැයි .
ඔන්න ඔය අතරේ අපේ බනිලයි තාත්තා සයිබර් අවකාශයේ කරක් ගහද්දි සිංහල බ්ලොග් ඇති බව දැක්ක . මමත් කියවන්න පටන් ගත්තා . මාස කීපෙකට පස්සේ අතපත ගාල බ්ලොග් එකකුත් පටන් ගත්තා . [ඒ වෙනකොට අඳුන ගත්ත සයිබර් හිතවතුන්ගේ අපමණ උදව් මැද ...මේ උදව් විවිධාකාරයි . තාක්ෂණික සහය , ප්‍රචාරණය වගේම කියවල කමෙන්ට් දැමීම . ඒ විතරක් නෙමේ මන් ඩිංගක් පටන් ගත්තම රසබර සංවාදයක් දක්වා ලිපිය වර්ධනය කිරීම .]
නම් වශයෙන් කියන්න යන්නේ නැහැ .මොකද නමක් අතෑරුනොත් කියල බය නිසා .
ඉතින් අද මේ පත නයි පිඹුරෝ බ්ලොග් එක පුරාම අතෑරියේ ඇයි කියන්න එපාය . අද මට හරිම සතුටු දවසක් නිසයි . ''අසෙනිය කුසුම '' තරඟාවලියේ හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය තෝරා ගැනීමේදී නෙළුම් විලත් යෝජනා වෙලා .
පහේ පන්තියේදී අර තෑග්ග ලැබෙද්දී දැනුනට වඩා අද සතුටුයි . එදා ජිවිතේ එහෙම පිටින්ම මා ඉස්සරහ තිබුන . ඒත් අද ජිවිතේ භාගයක්ම වගේ ගෙවිල ඉවරයි . ඉඳහිටල මන් මගෙන්ම අහනව මන් සතුටින්ද , ජීවිතය ගැන තෘප්තිමත්ද කියල ...ඔව් මන් සතුටින් .
විහිලුවට වගේ තරඟෙට ඉදිරිපත් වුනේ . මෙතැන ලැබීම ලොකුම සතුටක් . අන්තිමට දිනන්න ඕන නැහැ . මේ සතුට මට හොඳටම ඇති . මන් හිතුවේ නැහැ මට කවදාවත් ආයේ මෙහෙම දෙයක් ලැබෙයි කියල . ජිවිතේ පුදුමයි . හැම දවසක්ම අලුත් .
එදාට නව රඟහලට යන්න ලැබෙන්නේ නැහැ .[ඔය ඉස්කෝලේ එක්කත් ඉතින් ලෙහන්න බැරි මතක ගොඩක් තියෙනවා .]
දිනපොතක්වත් ලියන්න බලකරපු සමන් අය්යාට හැකි නම් යන්න කියන්න ඕන . එයාගේ ඉස්කෝලෙත් වෙච්ච එකේ පුත්තරයත් එකේ ඉගෙන ගන්න එකේ බැහැ කියන එකක් නැහැ .
එච්චර ලස්සන දවසක් මග ඇරෙන එක දුකක් . ඒත් එහෙම තමයි . ලද දෙයින් සතුටු වීමයි මගේ ප්‍රතිපත්තිය .
ඉතින් ..
කාටද මන් ස්තුති කරන්න ඕන ..
කවදත් වගේ මුල්ම අකුර කියා දුන් අම්මට ..ගෙදර පොත් ගොඩ ගහපු තාත්තට ..අරක මේක කියවන්න එපයි තහංචි නොදැම්මට දෙන්නටම . මගේ ලිවීමේ යමක් කියවන්නට ඇතැයි අඳුන ගත් මගේ ගුරුවරුන්ට , පුංචි සහ ලොකු කළ මිතුරු මිතුරියන්ට ,
රෙදි ගොඩවල් අතන මෙතැන
පොත් පත් එහෙ මෙහෙ විසිවුන
ඇහැක් ඇරල එව්ව නොබල
අකුරු කොටන බිරින්දෑට
මුකුත් නොකිය ..
ලිව්ව අකුරු කියවන්නට
බලන් ඉන්න .. මගෙ ආදර'''බනියලාගේ තාත්තාට ''
යන්තම් පොඩ්ඩක් ලිව්වම
අනුපානෙට කරුණු සොයල
ලොකු ලොකු කාරනා ලියපු
හඳ කමිටුවෙ මාමලාට ...නැන්දලාට
ලියපු ඒව කියව කියව
නිකන් නොඉඳ
රස වෑහෙන කමෙන්ට් දමපු
මගෙ ආදර යාළුවන්ට
විලට ඇවිත් මල් නෙලනා
සියල්ලන්ට
..ස්තුතියි ..
ඒකයි මන් කිව්වේ මේ විල මගෙ විතරක් නෙමේ .විලට නිතර ගොඩ වෙන සැමටම මේ සතුට ඇතැයි මන් දන්නවා
ඒ වගේම අපි කවි ලියන්න සහ ඒ කවි විවේචනය කරන්න පටන් ගත් කවි මුතු සහ පොඩ්ඩන්ට පටන් ගත් පුන්චිත්තා ත් හැකි ලෙස පවත්වාගෙන යමු .
ප. ලි
දවස් කිපෙක ඉඳන් මන් හිනා වෙන්න ඕන වුනහම යන තැනක් තියෙනවා . ''සුර්ය දිවය රාජයා විසින් නිමවෙන ලද අනගි සම්භාව්‍ය කෘතියක් කරණකොටගෙන අපගේ ලි බෝනික්කා හෙවත් බුරාභිධාන කෙළෙඹි පුත් [ රවී අය්යේ හරිද මන් ලිව්ව ] ඇතුළුව සහිත්‍යම්බරයෙහි දිදුලන ''නිරීක්ෂක '' තෙම අතර ඇතිව තිබෙන්න වූ අති භයංකාර..උත්කෘෂ්ට විචාර ශීලි ....විවාදය ''
ඉතාමත් නිවැරදියි, අරවින්ද පොක්ඛරණියාධිපතිනියනි, ඉතාමත් නිවැරදියි,
ReplyDeleteබූරාභිධාන කෙළෙඹි පුත්‍රයා....අහා කෙතරම් ගාම්භීර වූ ගෞරව නාමයෙක්දැ ඒ?.....මෙවන් ගෞරවයක් ස්වේච්ඡාවෙන්මැ ප්‍රධානය කිරීම් වෙනුවෙන් බූරාණන් දණ්ඩ නමස්කාරයෙන් අපගේ පායුග නැමදිය යුතුයැයි උදක්මැ හඟිමි... :) :)
ඔබට මාගේ හෘදයාංගම ස්තූතිය පලකිරීමටද මේ අවස්ථාවෙක් කොට ගන්නෙමි, පොක්ඛරණීයාධිපතිනියනි... :)
" පොක්ඛරණියාධිපතිනියනි " හප්පා... දිවත් උලුක් වුණා මේක කියවන්න ගිහින්... :)
Delete//බූරාභිධාන කෙළෙඹි පුත්‍රයා....//
Deleteමගෙ අර්ථ කථනයට මොකද වුනේ ? මං කීවේ අර 'බූරු පුතා' කියන එක
එම්බා සොඳුරු සිතැත්ත,
Deleteඑවන් ජිහ්වය උල්ලක්ඛාංග විය හැකි වදන් ශබ්ද නඟා උසුරුවීමෙන් උදක්මැ වළකිනු මැනැවි.:) :)
නීරීක්ෂකය,
Deleteතොපගේ අර්ථ කථනයට නිසි ප්‍රතිචාර ලැබෙනුයේ බූරාභිධාන තෙමේ මෙහි සැපත් වූ පසුවය. එතෙක් මඳක් පොරොත්තු වෙව,
කිව්වට පිළිගනියිද මංදා මගේ හිත උලුක් උනා මේක කියවලා...
Delete@ ඔබා & රවි,
Deleteවන්නාටයැ...,
සුදන ගුණෙන් යුතු මහතුන් සිත මහරූ
නපුරු දනන් මැඩලනු ඇසුවෙද කවුරූ
දෙගොඩ තලන් දිය කද සින්දද ඉවුරූ
එදිය බෙලෙන් වැනසෙද සවි ඇති පවුරූ
ඒ වගත් මෙසේම යැ..
-ලී බෝනික්කා aka බුරතීනෝ aka බුරාභිධාන කෙළෙඹිපුත්-
මන් කිව්වේ නැද්ද
Deleteaka 'බූරු පුතා'
Deleteබින්දි මොනවා ලියන්නද කියලා ගොඩාක් වෙලා කල්පනා කලා. ඒත් හිතට ආවේ මෙන්න මේදේයි. අපිව මේ වගේ හැමදාම රසවත් කරන ඔයාට හද පතුලෙන්ම නැගෙන උණුසුම් සුබ පැතුම්!!!
ReplyDeleteදුරක් ගෙවාගෙන ආව මේ ගමනේ හොඳ මංසන්ධියක්....ඔයාට ජයෙන් ජයම පතනවා....:)
මටත් තේරෙන්නේ නැහැ ඔයාලට කොහොම ස්තුති කරන්නද කියල . මේවගේම ඉඳිමු කියල පතනවා ඇර
Deleteහරිම සන්තෝසයි බින්දි. පහු වෙලා හරි ආයෙත් ලියන්ඩ පටන් ගත්ත එක කොච්චර හොඳද? ඔයා දිගු ගමනක් යන බව පේනවා. හැමදාමත් වගේ අදත් ඔයාට සුබ පතනවා මුළු හදවතින්ම
ReplyDeleteඔයා මන් ගැන සැහෙන දේවල් දන්නවා නේ . දුලක්ෂියි , ප්‍රියන්ත අය්යයි ඔයයි මමයි එකටම කියවෙන කොටසක් තියෙනවා මගේ හදවතේ .
Deleteඅපේ සුභපැතුම්
ReplyDeleteස්තුතියි නිලංග
Delete//කේරී විද්‍යාලයේ සාහිත්‍ය දින තරගෙන් හොඳම කෙටි කතාවට තේරුනා මතකයි//
ReplyDeleteවෙලාවට ආදී ශිෂ්‍ය සංගමේටවත් ගියෙ නැත්තෙ... හෙහ්..හෙහ්...
හරි හරි, නිකං බොරු ටෝක් දෙන්න එපා.. කෙලින්ම කියන්න OBA එකට ගත්තෙ නෑ කියලා ඇත්තම කතාව.. :p
Deleteආ මට අමතක වුණා ඔබා මාමගේ ඉස්කෝලෙනේ. යසෝධරා එක තිබුනද ඒ කාලේ .
Deleteතිබ්බ තිබ්බ
Deleteඔබාට මගඇරෙන ගෑනු ඉස්කෝල
Deleteප. ලි. ය දැක්කෙ පස්සෙ මේ වෙලාවෙ අද ඉරිදා හවස, ඒ අතරෙ නිරීක්ෂිකාව තාම සිංහල ඉස්කෝලෙද කොහෙද, පුර්ණ නිදහස් සුවය විඳිමින් ඉන්න වෙලාවෙ, රවි කියන භාෂාවෙන් කිව්වොත් නෑ ඕන්නෑ...ගුඩ් නයිට් කට්ටියටම....
ReplyDeleteMy heartiest congratulations..!!!!
ReplyDeletePS: going to work now, will pop in later.
බොලේ 'බූරාභිදාන' රස්සාවකටත් යනව...රවි උඹ මේකව නිකමෙක් කියල පෙන්නන එක නං අන්තිම අසාධාරණයි...
Deleteඅහෝ නීරීක්ෂකය, කිසිදු හිරිකිතයෙක් කැලම නොමැතිව මුඛයේ හෝ අදරයන්හි නොතැවරීම තොප මෙවන් මුසාවන් පැවසීමට ඇබ්බැහි වූයේ කෙළෙසකද යන්න, මා සිත් කළඹවමින් නැඟී එන්නා වූ සිතුවිල්ලයි.
Deleteබූරාභිධානයන් නිකරුණේ කාලය ගෙවනා, රැකියා විරහිත කාල භක්ෂකයකු බවට මම කිසිදු විටෙක පවසා නැත්තෙමි. ඒ සාක්ෂි සහිතව තහවුරු කරන මෙන් තොපට විවෘත අභියෝගයක් කරන්නෙමි, නීරීක්ෂකය , විවෘත අභියෝගයක් කරන්නෙමි....
දෙන්නකෝ මාමේ උත්තර ව්‍යක්ත බසින්ම . හැමෝම හිතන් ඉන්නේ ඔබා මාම ලියන්න දන්නේ වෙන දේවල් කියල . බලන්නකෝ සිංහල දැනුම විතරක්
Deleteඅනේ උන්දැගෙ සිංහල දැනුම, ඔය ඔබීගෙන් අහගෙන ලියන්නෙ.. අර දැක්කෙ නැද්ද කලින් කමෙන්ට් එකේ ඔබී ගෙදර නෑ කියලා ෂේප් එකේ ගුඩ්නයිට් කියලා මාරුවුන හැටි.. ;)
Deleteමෙයා ලියන එව්වා සංස්කරණය කරන්න ඔබිට දුන්නොත් ඔබා මාමට කළු එක්ක තමයි රෑට නිදා ගන්න වෙන්නේ ගරාජ් එකේ. වෙන්න බැහැ. ඔයා කියන විදිහට ඉස්කෝලෙත් ගිහින් තියෙනවනේ . ඒ කාලේ සාහිත්‍ය ඉගැන්නිලත් හොඳ ඇති
Deleteජයග්‍රහණයට සුභ පැතුම්!
ReplyDeleteඑක සුභ පැතුමක් ලියාගෙන මෙතනට ආවෙ, මෙන්න මෙයා ස්තූති කථාවක් ලියලා. හරි අපූරු කථා ඇති සැඟ වෙච්චි. කම්මැලි නොවී ලියමුකෝ.
ස්තුතියි හරි ....ඉඩ ඇති විදියට ලියමු . ජිවිතේ කියන්නේ කතන්දර ගොඩක්නේ.
Deleteනියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න
ReplyDeleteඅනිවාර්යයෙන්ම එනවා . ඊයේ නිකමට ගොඩ වුණා . මට පුදුමත් හිතුන .
Deleteජය වේවා, දිගටම ලියමු.
ReplyDeleteස්තුතියි සොඳුරු මිනිසා නෙනි
Deleteසුබ පැතුම් බින්දි.. මේ ජයග්‍රහණයට ඔයා / නෙළුම් විල සුදුසුයි. අවසාන ජයග්‍රහණයත් ලැබේවා කියලා පතනවා !!!
ReplyDeleteඅවන්කවම මන් දන්නවා මිට වඩා හොඳ බ්ලොග් ගොඩක් තියෙනවා . පුද්ගලික අකමැත්ත නිසා හරි වෙන හේතුවක් නිසා හරි අයදුම් නොකළ . ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස්ලුනේ ..නිකන් උන්නට අහල ගියත් මදැයි . බොරු මොකටද ඉතින් මට මේ ගැන හරිම සතුටු බව නම් කියන්න ඕනේ . හැමදාම මේ අහ එන ඔයාටත් ගොඩක් ස්තුතියි
Deleteඋණුසුම් සුභපැතුම් අක්කේ. කාලෙකින් මේ පැත්තේ ආවේ!!!
ReplyDeleteස්තුතියි මල්ලි . අපි දැක්ක කාලෙකින් පුස් කතා වස්තුවකුත් ලියවිලා
Deleteඔබට ජය බින්දි!
ReplyDeletehenryblogwalker the Dude
ස්තුතියි Dude . අපේ බනිලයි තාත්ත ඔයාගේ බ්ලොග් එක කියවනවා . මට නම් තවම සේරම කියවන්න බැරි වුණා
Deleteබොහෝම සන්තෝසයි, තරඟ වටයේ තවත් ඉදිරියට යන්න හැකිවේවා පතනවා. සුභ පැතුම්.
ReplyDeleteගොඩක් ස්තුතියි ඩීන් අය්යා
Deleteනියමයි බින්දි අක්කේ, ඔයාගේ ලේඛණ පුරාවෘත්තය කියවලා මටත් මාර ගැම්මක් හිතට ආවා... අසෙනිය කුසුම සම්මානෙට නිර්දේශ වුනු එක ගැන නම් කියන්න දෙයක් නෑ. ඒ තරම් නෙළුම් විලේ මල් සුවඳයි ! ඒත් ඉතින්...
ReplyDeleteඅඳෝමැයි... පෙර කලැ මෙන් දැන් නිතොර සියපත් නොපුබුදින්නේ මන්ද ? පොක්ඛරණාධිපතිනියට (හපොයි හකු ඇටේ...!) රාජකාරි අතිමහත් හෙයින් දැයි නොදනිමු...!
//විදුසරට ලිපියක් දෙකක් පරිවර්තනය කළ එක // ඇයි අපුච්චේ ඒක නැවැත්තුවේ... කරනවා නම් දැනුත් තියෙනවා වැඩක් අක්කේ. අපිට බැරිවෙයිද සිංහල විකිය පොඩ්ඩක් නග්ගලා ගන්න...!!!
හැමදාමත් වගේ සුභ පැතුම් එක්ක... ජය !!!
කරමු මචෝ... මාත් ඔය ගැන ටිකක් හිත හිත ඉන්නේ මේ දවස්වල.. බලමු ඉස්සරහට..
Deleteමන් කැමතියි ඒ වගේ වැඩක් කරන්න මල්ලි .රවී ගේ බසින් කියනව නම් ''කාල භක්ෂණය කරලා දැන් ඇති වෙලා '' . වැඩිය නොලියන්න නම් හේතු කීපයක් තිබුනා . අධික සිතල ප්‍රධනම හේතුව . නියම ශ්‍රී ලංකිකක් වන මම අව්වට වැස්සට මගේ වැරදි පටවන්න පැකිලෙන්නේ නැහැ . අනික මලකඩ කා තිබු ඔලුව පොඩ්ඩක් සුද්ධ කරන්න පොඩි අධ්‍යාපන කටයුත්තක නිරත වුනා . දැන් ඉවරයි . [ මලකඩ නම් එසේමයි ].. අද ලස්සන දවසක් අව්ව පායලා. සිසිරය ඉවරයි වගේ . බෑන් කි මුන් මහතාගේ ඉස්කෝලෙත් නිතරම අම්මලට එක එක රාජකාරි තිබුන පහුගිය සමයේ . ඔව්වයින් මෙව්වයින් බ්ලොග් එක ටිකක් අතරමන් කරන වුණා. ඉස්සරහට හොඳ කලක් ලබයි කියල හිතනවා . අනික් කාරණය තමයි මේක කොටන්න ගත්තම අර අබින් කෑවා වගේ . ගෙදර වැඩ සේරම කොට උඩ .
Deleteහැනොයි වල තියෙන ලොකුම විල තියෙන්නේ මේ ළඟ . ඒකෙ සමහර තැන් වල නෙළුම් යායවල් . සරත්සමයේ වේලිලා ගිහින් සිසිරයේදී නැත්තටම නැති වුන නෙළුම් පඳුරු වල ලා පාට දැලක් දෙකක් මෝදු වෙනවා දැන් . මට හිතුන මේ විලත් එවගෙයි කියල . සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැනේ
හරිම සතුටුයි බින්දි . . .ඔයාගේ අඩවිය ඇත්තෙන්ම සම්මානයට පාත්‍ර විය යුතුම එකක් . . . ඒ සුදුස්සාට සුදුසු තැන දීම ගැන ගැන අසෙනිය කුසුමටත් මගේ ආචාරය . . .
ReplyDeleteමේ ඉන්නේ අපේ කාලයේ අපේ සමානයෙක්. අප අතර හුඟක් සමාන කම් ඇති මට හිතෙනවා . ස්තුතියි දුකා
Deleteබින්දි ඔයාගේ බ්ලොග් එකෙන් මම පොත්පත් සඟරා ආදියෙන් ඉගන ගත්තේ නැති අඩුම ගානේ ඉස්කෝලෙන්වත් ඉගෙනගත්තේ නැති තරම් දැනුමක් ලබාගත්තා . නෙලුම් විල කියන්නේ සුපිරිම බ්ලොග් එකක් ..
ReplyDeleteඔයාට ජයෙන් ජය ..!!
මෙතැනදී අපි පිටවල් කසා ගන්නවා වගේ කාට හරි හිතෙන්නත් පුළුවන් . කමක් නැහැ අප්පා . ඕන එකක් කෙලින්ම කියන්නම් . ''හිස් අහස '' තරු වලින් බැබලෙනවා මයි මේ පාර . කොහොම හරි යන්න එදාට . මන් මෙහෙ ඉඳන් විසිල් එකක් ගහන්නම් .[ ඇත්තම කියන්න මට විසිල් කරන්න බැහැ . අපේ ලොක්කිට පුළුවන් කොල්ලෙක්ට වඩා හොඳට . ]
Deleteමගෙ පොඩි එකීටත් පුළුවන් ඇඟිලි දෙකක් කටේ ගහල ගහන විසිල් එකයි කොල්ලො ගහන වුල්ෆ් විසිල් එකයි දෙකම...හෙහ්...හෙහ්...[පොඩි කිව්වට කසාද බැඳපු ගෑණියෙක් දැන්]
Deleteපියෙකුගේ ආදරය තමයි මන් මේ වචන පේලිය පුරාම දුටුවේ
Deleteසම්මානයක් දෙන්න ඕනේ බනියලෑ තාත්තටත් ගෙදර වැඩ නොකර අකුරු කොටන්න දුන්නට....කියන්න ගොඩාක් දේවල් තියෙනවා කෙටියෙන් කිව්වොත් සුභ පැතුම් මගෙනුත්........
ReplyDeleteඒකනේ ඔන්න ආදර්ශෙට ගන්න වටිනා අය . [ දැන් අපි නිතර වර්ණනා කරන නිසා බනින්න ඕන වුනත් බනින්න බැහැනේ ]. නොදුටු මිතුර ඔබටත් ස්තුතියි
Deleteමගෙත් සුභ පැතුම්. ඔය තරඟ, සම්මාන ගැන මගේ අදහස පැත්තක තියලා කියනවා නං , මේක වෙනස් මඟක යන බ්ලොග් එකක්, ඒ වෙනසට අපි කැමතියි. මේ වෙනුවෙන් කාළය වැය කරනවට ස්තූතියි.ජය වේවා!
ReplyDeleteස්තුතියි බස්සෝ... මේවා ඉතින් අහිංසක සතුටක් විතරයි . අපි හැමෝම ගෙනයන මේ සුහද කතා බහ තමයි වඩා වටින්නේ
Deleteසුභ පැතුම් අක්කේ! :)
ReplyDeleteයෝජනා වෙච්චි බ්ලොග් අතරේ අක්කාගේ බ්ලොග් එකත් ඇතුලුව මම ආසාවෙන් කියවන බ්ලොග් ගොඩක් තියෙනවා දැක්කාම හරිම සතුටුයි. (ඒ අතරේ මගේ බ්ලොග් එක තියෙනවා දැක්කාම සතුට දෙගුණ වෙනවා හි.. හී....)
උත්සවේ දවසට අක්කාව මුණ ගැහිලා කතා බහ කරන්න තිබ්බානම් කොච්චර අපූරුද :)
ඒක නේන්නම් මට මොන හේතුවකට හරි විදුරු ගෙවල් නිතරම මග ඇරෙනවා . වටිනා බ්ලොග් එකක්නේ . මට එන්න බැරිවට දුකයි . ඒත් ඔයාට ත් සඳරුටත්..චුටි මහත්තයටත් ..දිනේෂ් සහ අනික් අපේ නම් යෝජනා වෙච්ච සේරම යාළුවන්ට ලස්සනම දවසක් වෙන්න කියල පතනවා .
Deleteහුටස්..පරක්කු උනා..මං පුරුද්දක් හැටියට බින්දාගේ ලිපි බලන්නේ සතියක් දෙකක් පහු වෙන්න ඇරලා... එතකොට තමා මේකේ කමෙන්ට් ටිකත් එක්ක එකටම කියවන්න පුළුවන්..විශේෂයෙන්ම අර පිස්සු ලී බෝනික්කගේ කමෙන්ට් එහෙම සහිතව කියවපුවාම තමා මේකේ රසය හොඳටම මතු වෙන්නේ...ඒ හින්දා ටිකක් පරක්කු කලත් අදනං ටිකක් විතර වේලාසන කියවන්න ලැබුනා...
ReplyDeleteතව පොඩ්ඩෙන් අමතක වෙනවා...
උණුසුම් සුභ පැතුම්... සුදුසු දේ සුදුස්සාටයි...
ඒත් එක්කම බනියලගේ තාත්තට මගේ අවංකා ආදර ස්තූතිය පිරි නැමුව බවත් කියන්න...ලේසියෙන් කෙනෙකුට හම්බ වෙන්නේ නැති වටින කියන සුවාමි පුරුෂයෙක්...
ස්තුතියි බොහොම ..
ReplyDeleteඔයා කියන්නේ මේ බුරාභිධාන කෙළෙඹි පුත්‍රයාගේ කමෙන්ට් ගැන වෙන්න ඇති . ආයේ මොකට කියනවද මේ ගොල්ල ඇවිදින පුස්තකාල
නරකද බනිලයි තාත්තව ආදර්ශෙට අරගත්තොත්
ආ ඒ කෙලින පුත්තරයා තමා..:D:D:D
Deleteබින්දි දන්නේ නැතිවට මං උන්දැව ආදර්සෙට අරං තමා තියෙන්නේ..කොටින්ම මං මාව බඳින්ට හිතන ගෑල්ලමයින්ට තමුන්ගේ සාහිත්‍ය කටයුතු වලට පාඩු වෙන හින්දා බැඳලා ඒ අයගේ නිදහස අංසුමාත්‍රයකින්වත් අඩු කරන්ට කැමති නැහැ..ඒ හින්දා මං කියලා තියෙන්නේ ඔයාලා ලියාගෙන ලියාගෙන යන්ට කියලා..
එහෙම හොදයි නේද..?:D
ඒක හොඳයි . හරියට සිසු පරපුරට සේවය කරන්න ගුරුකමින් අස්වෙනවා වගේ වැඩක්
Deleteසුභ පැතුම් අක්කා... ඒක ඔයාට ලැබෙන්නම ඕනෙ සම්මානයක් මටනම් හිතෙන්නෙ.:)))
ReplyDeleteස්තුතියි නංගි
Deleteසුභපැතුම් ! සුභපැතුම් !! සුභපැතුම් !!!
ReplyDeleteස්තුතියි කවිකාරි අක්කේ
Deleteසතුටුයි ගොඩාක්...
ReplyDeleteආපහු ලියන්න ගන්න එක ගැන ඊටත් වඩා සතුටුයි. මාත් පසුගිය ටිකේ බලල බලල මැසේජ් එකකුත් දැම්ම වෙන්න ඕනේ මොකද වුනේ අහලා.
ස්තුතියි රන්ගි . මුණු පොත නැතුව තිබිල අද අහම්බෙන් වගේ හරි ගියා . මන් දැක්ක ඔයාගේ පණිවුඩය
Deleteසපුගස්කන්දෙද ගෙවල්?
ReplyDeleteඑදිරිසිංහ ටීචර් එහේ නේද ඬැඩ කළේ?
මගේ සුභ පැතුම් මේකටයි, අවුරුදු දුසිමටයි!
සපුගස්කන්දත් කිට්ටුව තමයි ,. හැබැයි සපුගස්කන්දේ බාලිකාවක් හැදුනේ මේ මෑතක . මගේ ඉස්කෝලේ කැලණියේ . අපි ගිය කාලේ පහට විතරයි . පසුකලෙක නම් ලොකු ඉස්කෝලයක් වුනා . කැලණියේ එක ළඟ ළඟ ඉස්කෝල ගොඩක් තියෙනවනේ
Deleteස්තුතියි සුබ පැතුමට . අන්න හරි දුසිම තමයි නියම වචනේ .
යුග දිවියේ අවුරුදු 12 පිරීම සහ අසෙනිය කුසුමට යෝජනා වීම පිළිබඳව ඔබීගේත් මගෙත් සුභ පැතුම්...!!!
ReplyDeleteස්තුතියි ඔබ දෙපලටම
Deleteබින්දිගෙ නම යෝජනා වෙලා තියෙන බව දැක්කා. හුඟක් සතුටුයි බින්දි. බින්දිටත් නෙළුම්විලටත් මගේ සුභ පැතුම්
ReplyDeleteගොඩක් ස්තුතියි නලිනි .
Deleteනෙට් කනෙක්ශන් එකේ අවුලක් නිසා බ්ලොග් පැත්තෙ එන්න පොඩියක් ප්‍රමාද උනා.
ReplyDeleteඑහෙනං .. මෙන්න මගෙන් සුභ පැතුම්
ගොඩක් ස්තුතියි ඕනයාටත්.
Delete"එදාට නව රඟහලට යන්න ලැබෙන්නේ නැහැ .[ඔය ඉස්කෝලේ එක්කත් ඉතින් ලෙහන්න බැරි මතක ගොඩක් තියෙනවා .]"
ReplyDeleteකියමු බලන්න අක්කේ මේ කතා ටිකත්. අපේ ඉස්කෝලෙත් එක්ක තිබුණු මතක දැනගන්න අපිත් කැමතියි :)
සමහර එව්වා බොහොම පුද්ගලිකයි මල්ලි . සමහර විට ලියවෙයි .
Delete