Wednesday 16 May 2012

යලිත් මල් පිපී

සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .

සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ..සුළඟට වැටෙයි .

පිහිනුම් තටාකය අසල දුටු සතුටු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන ඇතී බව මන් නොදැක්කේ ඇයි දැයි නොදනිමි .

මෙය අපුරු නගරයකි .සිසිරයේදී බුම්මාගෙන අඳුරු වූ අහසට මිතුරුවන නගරය රෝස ඩේලියා වන් සෞම්‍ය කුසුමින් සැරසෙයි . ලජ්ජාශීලි මනාලියක වන් හිරු හෙමින් එලියට විත් ටිකෙන් ටික නගරයට පෙම් කරද්දී සියලු නිවර්තන මලින් හාත්පස එකලු වෙයි .
















නෙලන්නේ නෙලුම් විහිලුවට නම් නොවෙයි


 කැමරාව ගෙනියන්නට් කම්මැලි මන් වෙනුවෙන් පින්තුර ගෙන ගුගල් වලට මුදාහල අයට ස්තුතියි



සත්තකින්ම මේ සුන්දර මැයි මාසයයි . හමුවීම් වෙන්ව යාම් අතර දෝලනය වන අපගේ ජිවිත කොතරම් චංචල වුවද සොබාදම තමන්ගේ කාරිය පැහැර නොහරියි . ඔව් මැයි මාසයට මල් ගෙනෙන්නට ඇයට අමතකව ගොස් නැත .

මැයි මාසය මගේ ජීවිතය ලස්සන කල මාසයකි . වෙසක් මහේ මගේ ලොකු දෝනිය උපන්නාය. පසුකලෙක තවත් අවුරුදු කුමරියක් උපන්නද මවක් ලෙස බෞතිස්ම ලැබූ වෙසක් මාසය කිසිකලෙකත් අගයෙන් අඩු නොවේ . ජිවිතයට අලුත් මල් පිබිදැවූ නෙලුම් විල තැනුනේද මැයි මාසයේය .

පසුගිය මැයි මාසයේ සුන්දර මලින් පිරි නුවර ගැන සටහනක් තැබීමි . එකල එය නොකියවුයේ නම් කියවා බැලුවාට පාඩුවක් නැත

මෙවරත් වෙනසක් නැත . බැලූ බැලූ අත මල්ය. සිසිරයේ රෝස මල් කුඩ බැඳී බයිසිකල් චීන අවුරුද්දේ පිච් මලින් පිරුණි . අද නෙලුම් පොකුරුය . නෙලුම් මල් ගෙන පන්සල්ද ගියෙමු . ගිය අවුරුද්දේ පැයක් ඇසූ බණ මෙවර පැය බාගයක් ලෙස අඩු වී තිබුණි . ටයි කොන්ඩෝ පැන්චා ද මෙවර පිළිවෙලකට වාඩි වී සිටින තරමට අවුරුද්දකින් ලොකු වෙලාය.


අදහනු බැරි වෙන්වීම් සමගින් වුව වසරින් වසර නොවෙනස් වන දේවල්ද තිබෙන බව මට සිතේ . හරියට වෙසක් මාසයට වැඩිපුර මල් පිපෙන එක කවදාවත් වෙනස් නොවන්නා සේමය .
පාසල් බිමේ සිසිල් තුරු සෙවන යට මොහොතක් රැඳී උන්නෙමි . මහා දවාලේ තොරතෝංචියක් නැතිව රැහැයියන් හඬයි . එකෙකු වත් බලාගන්නට ඇස අලවාගෙන ඉඳ යන්තම් එකෙක් දැක ගතිමි . ''සිකාඩා '' නම් වූ මේ පුංචි කෘමි වර්ගය අපේ රැහැයියන් ම වන බව මට විශ්වාසය . මා සිතා සිටියාට වඩා ලොකුය . ලංකාවේදී කොතරම් හඬ අසා තිබුනද එකෙක් දැක නොමැත . අපි නොකෑවාට සිකාඩා බොහෝ රටවලදී රසකර කන කෑමකි .

 සිකාඩා විශේෂ 2500 ක් පමණ ලොව පුරා සිටින බව විකි ගෙන් දැන ගතිමි . කියවන්නට කැමති නම් මෙතනින් යන්න . .

අද වැඩිය ලියන්නට කම්මැලිය . හිතත් එහෙමකට සතුටින් නොවේ . එහෙත් අඬන අයවත් හිනස්සන්නට පොඩි උන්ට ඇත්තේ පුදුම හැකියාවකි .


මේ අපේ බනි සහ මන් අතර වූ කතාවකි . තැන -කුස්සිය වෙලාව රාත්‍රී කෑමෙන් පසු බනියා කුස්සියේ කරක් ගසන වෙලාව .

බනි - '' අම්මි දන්නවද සමහර අය ජීවිතේට පැනිරහ කන්නේ නැහැනේ ''
මම - ''ඉතින් ඔයාට පුලුවන්ද එහෙම ඉන්න ''
බනි - '' පුළුවන් ..ම්ම්ම් සමහර විට දවසට එකක් කන එක හොඳයිනේද ඊට වඩා. මන් මේ අද කන එක
මොනවද කියලයි බැලුවේ ''

[උදේ ඉඳන් කෑ එව්වා අහෝසි වෙලා වගේය ]


බනියා බත් කන්නට හොරය . එතකොට බඩ පිරිලාය . එහෙත් බත් කෑමෙන් පසුව නම් අන්දරේ පරාදය . පැණි රස සොයනවා යයි මන් බනින්නට පෙර බනියා පොතක් පෙරලුයේ එහෙමය .


ලිව්වේ මල් ගැනද සිකාඩා ගැනද බනිගේ කතා ගැනද ...ඔන්න ඔහේ ඕන එකක් ...D.


 .

67 comments:

  1. මේවට මොනව කියන්නද මන්දා..:D

    සිසිරය ඉවර වෙලා වසන්තයක් නැතුවම ගිම්හානය ආ එකනම් ඇත්ත.......හරිම රස්නෙයි දැන්.

    ReplyDelete
    Replies
    1. සැටිපිකැට් ඇත්ත... අද 41º යි

      Delete
    2. ඔගොල්ලන්ටත් රස්නෙයි වගේ .මෙහෙ එකපාරට තද රස්නයක් ඇවිත් දැන් ආයේ 30 ට විතර බැහැල . හැබැයි කියන්න බැහැ හෙට කොහොම වෙයිද කියල

      Delete
  2. සොබාදහම එහෙම තමයි.. මොන මොන වෙනස් කම් වුනත් තමන්ගේ යුතුකම් පැහැර හරින්නෑ..අපි වගේ කිසිම දේකින් කම්පා වෙන්නෙත් නෑ..අපිට එහෙම බැරි එක හරි දුකක්..

    ReplyDelete
    Replies
    1. සොබාදහම වෙලාවට යුතුකම් කරනවා අපි කොතරම් අකටයුතුකම් කලත් පරිසරයට .

      Delete
  3. මම ආසම සෘතුව වසන්තය....මේ පාරනම් අපටත් වසන්තය හරියකට ආවේ නැහැ. එක පාරටම ගිම්හානය ආවා වගේ තමයි දැනුනේ. හිම දිය වෙලා ගස් වල මල් එන්න ගියේ සතියයි. තවත් සතියකින් මල් හැලිලා කොළ එන්න පටන් ගත්තා. මේ වෙද්දී ගස් ඔක්කොම තද කොළ පාටයි. මල් නැහැ. කලබලේට ආපු වසන්තය කලබලෙන්ම යන්න ගිහින්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සයුරි ගෝලීය රත්වීම වෙන්න ඇති නේද හේතුව . වසන්තය තමයි කවදත් සුන්දර

      Delete
  4. අන්න අන්න අර පහලින්ම තියන පින්තූරෙ තොටියෙක් තව තොටිච්චියක් එක්ක මල් කඩනව... :P
    අයියෝ මෙච්චර ලස්සන වටාපිටාවක් තිබිලත් අක්කි කැමරාව අරන් යන්න කම්මැලි වුනාද?

    ReplyDelete
    Replies
    1. තොටියෝ මල් කඩන්න දක්ෂයි වගේ . හොඳ මලක් නෙලා ගන්න . ඔව් අප්පා අපි ඉතින් මෙව්වා දකින්නේ එක්කෝ කඩේ යන ගමන් . කැමරාවත් අරන් යන්න ඕන දවසක . අද නම් පොඩ්ඩක් ගත්තා .

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. නාපාම් බෝම්බ වලින් වැනසී ගිය රටක්....කොහොමද මෙච්චර ඉක්මනට ගහ කොළ මලින් බර ලස්සන රටක් වුනේ....!!?

    බනියාගේ තාර්කික කපටිකම් ගැන සතුටුයි...:)

    ReplyDelete
    Replies
    1. බෝම්බ වලින් විනාශ වුන පැති තියනවා හරියට ගහක් කොලක් නොවැවෙන . ඒ වුනත් සොබාදහම අමාරුකම් ජය ගන්නවනේ . අනික මේ මිනිස්සුත් යකඩ ජාතියක් . එහෙමට වට්ටන්න බැරි .

      බනියා නම් කට්ටය තමයි .

      Delete
  7. මෙහෙට නං හැමදාම එක වගේ....මලක් පිපිච්ච එකකට දැක්කේ රට ඉඳි මල් විතරයි අප්පා....

    ReplyDelete
    Replies
    1. ගෙදර ගිහින් මල් බලලානේ ආවේ . අවුරුද්දක් ගෙවෙයි ඉක්මනට . ඇත්තටම මල් වැවෙන්නෙම නැද්ද ඔහේ . අඩිස් අබාබා පැත්තේ නම් මල් පිපෙනවා . මුහුදු මට්ටමින් උඩ නිසා වෙන්න ඇති

      Delete
  8. මෙහෙත් මල් පිපෙන කාලේ ඇවිත්.. මාත් වෙන කොහේ හරි යනවනම් මේ දවස් වල කැමරාවනම් අමතක කරන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. දාන්නකෝ බලන්න පින්තුර ටිකක් . කෝ ඔයාට බ්ලොග් එකක් තියෙනවද

      Delete
  9. මාත් ආසම වසන්ත කාලෙට තමයි.. එත් ඒක මේ පාර දවසින් දෙකෙන් ඉවර වුණා,දැන් නම් හුගාරියක් රස්නෙයි

    ReplyDelete
    Replies
    1. නෙතුකි ..ලස්සන නමක් . වසන්තය තමයි ලස්සනම . ගිම්හානෙත් නරක නැහැ කියල නන්දා මාලිනි නම් කියන්නේ .

      Delete
  10. මෙහෙත් ඉන්නව නොවැ මැයි මාසෙ උපන් කෙනෙක්... ලොක්කිටත් පසුවුනු සුබ උපන්දිනයක් කියන්න කිව්ව...

    අපිට නම් ඉතින් මල් අඩුයි නොවැ... ඩීන් අයිය ලිව්ව වගේ රටඉඳි මල්තමා අපට...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි දන්නවා . අපි සුබ පැතුවා මුණු පොතෙන් . අනේ හැබෑට අර බ්ලොග් එක එයාට වත් දෙන්නකෝ මොනවා හරි ලියන්න

      Delete
  11. මල් ටික දැක්කම ආසාවේ බැරුවා .
    නෙලුම් විලේත් තව තව මල් පිපේවා !
    දෝනිට සුභ පතනවා පහුවෙලා උනත් .

    ReplyDelete
    Replies
    1. ගියපාර පෝස්ට් එකේ තව පින්තුර ඇති ගිම්හානි . ස්තුතියි සුබ පැතුමට . තව පින්තුර ටිකක් අරන් දාන්නයි හිතන් ඉන්නේ

      Delete
  12. ලස්සන මල්. මම මේ කල්පනා කරන්නේ ටික කාලෙකට ඔය පැත්තෙද ඇවිත් ඉන්නවද කියලා.:)

    //සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .//
    මේකෙන් සමහරුන්ගේ ජීවිත ගැනත් කියැවෙනවා වගේ.
    ලස්සනයි බින්දි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එන්න . ඔයාගේ රස්සාවේ එහෙම ඇවිදින්න අවස්ථාවක් තියෙනවා නම් හරි නිවාඩුවකට හරි එන්න . මේ දවස් හොඳයි . තව ටික දවසකින් ගොඩක් රස්නෙයි . ආයේ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් හෙම හොඳයි . දකුණ නම් කවදත් එකයි .

      එහෙම කිව්වට වසන්තයට නිකන්ම යන්න දෙන්න එපා .

      Delete
  13. හැමදාම මල්....... මරු ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!! (මේක තමා මගෙ අළුත් වචනේ ඈ..)

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ මට නම් එපා රජ සැප . මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න

      Delete
  14. ලස්සන මල් ටික..
    බනීගේ කපටිකම් වලිට අහුනොවී ඉන්නට අම්මාට තව ඉගෙන ගන්න වෙන හැඩයි..

    ReplyDelete
    Replies
    1. අම්ම දන්නවා කොයි මෙයාගේ ගැට . හැබැයි ඉතින් හුරතල් විහිලුනේ . තව පහුවෙද්දී නම් මට ඉගෙන ගන්න වෙයි තමා

      Delete
  15. බනීස්ට මගේ උපහාරය! ඔවැනි අගනා ටිප්සයන් තව බොහෝ ඇත. දවසක බනීයා හමුවුවොත් ඈටම කියා දෙන්නම්....!

    ReplyDelete
    Replies
    1. චුටි මහත්තයා අත්හදා බලපුවා වෙන්න ඇති . ළඟදීම එව්වා රිටන් වෙයි ඔයාටත් .

      Delete
  16. නෙළුම් විලේ ලස්සන මල් පිපිලා .... බනීගෙ කතාවනම් නියමයි. ඔහොම කතාවක් කියන්නත් ඉතින් හොඳට මොලේ තියෙන්න ඕනෙ.කාටද ආඩම්බර.

    ReplyDelete
  17. ඔව් රෝස කුමාරි මෙයා හරි පැහිල

    ReplyDelete
  18. අර මල් වෙලෙන්දි දැක්කාම මට සේරම මල් ටික ගන්න ඇත්නම් කියලා හිතුනා... නෙළුම් මල්.... හරිම ලස්සනයි අක්කේ...

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම හිතෙනවා තාරා . ලස්සනේ බැහැ . නෙලුම් මිටියක් මේ අවුරුද්දේ ඩොලර් දෙකක් විතර

      Delete
    2. ආහ්.... එච්චර...

      Delete
  19. අනේ මෙහෙට අවුරුදු 300 කට පස්සේ ආපු සීතලම මැයි මාසේ මේ. ඊයේ කොහෙද ටවුමකට හිමත් වැටුනලු. හැබැයි මලින් වැහිච්ච ගස්කොලන් නම් බලන්න ලස්සනේ බැහැ

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්නේ දකුණු අර්ධ ගෝලෙද. උතුරු අර්ධ ගෝලෙද

      Delete
    2. උතුරේ.
      හිරු නොබසින මොකද්ද කියලත් කියනවා හැබැයි ඉතින් හිරු පායන්නේ හාවා හඳ දකිනවා වගේ :D
      නිකී

      Delete
    3. ඉතින් ඔයා ඔය අවුරුදු 300 බලන් හිටියද... හෙහ් හෙහ්.. "ලු" යන්න හැලිලා නේද නිකී ?

      Delete
    4. හපොයි.. මගෙත් "ම" හැලිලා.. හොඳ වැඩේ අනුන්ගෙ වැරදි හොයන්ඩ යනවට..

      Delete
  20. පැණිරස දෙන්න ඕනේ සලාක ක්‍රමේට :D කෙසෙල් ගෙඩි දෙකක් ටොපී එකයි... දොඩං ගෙඩි තුනක් චොක්ලට් එකයි...

    ReplyDelete
    Replies
    1. කෙසෙල් වලට නම් ඕක හරි . දොඩම් නම් අවුලක් නැහැ . මෙයා දොඩම් කන්න ආසයි ..ඇත්තටම අපිට පලතුරු නම් හරියට කැවෙනවා . වස විස නම් කෙසේද මන්දා

      Delete
  21. ලස්සන ෆොටො ටික, වියට්නාමය හරිම ලස්සනයි, ඇයි ලංකාව ඔයවගෙ ලස්සන නැත්තෙ, ප්‍රදානම හෙතුව මිනිස්සුන්ගෙ කම්මැලි කමයි, අපිරිසිදු කමයි, ආත්මාර්ථ කාමී ගතියයි..... නෙළුම් විලේ හැම දාම නෙළුම් මල් පිපේවා....(මමත් කැමතිම මල් වර්ගය නෙළුම්) වියට්නාමයේ ජාතික පුෂ්පය රතු නෙළුම්, ඔබට ජය.....

    ReplyDelete
    Replies
    1. අපිරිසිඳු පැතිත් තියෙනවා . ලොකු රටක් නිසා ඉඩ වැඩියි . නගර නම් ඇහිරිලා . හැබැයි අලුතින් හැදෙන නගර සැලසුම් කරනවා ලස්සනට . එකක් කාගෙන් තහනමක්ද . සමස්තයක් විදිහට පාරවල් සුද්ධ කිරීම හෙම හොඳයි ටිකක් අපට වඩා . අනේ අපේ රටෙත් මේ වගේ මල් කොච්චර තියෙනවද . හැබැයි වෙනස මෙහෙ ඒක කර්මාන්තයක් . අනික මල් විකිනෙනවා හරියට . ලාබෙකුත් නැහැ . ඒත් විකිනෙනවා . හැබැයි බුදුන්ට නම් පුජා කරන්නේ ගොඩක් පාරිභෝගික ද්‍රව්‍ය .මල් නෙමේ . මමත් ආසම නෙලුම් මල් . කොහෙත් ඒක වගෙයි . මල් කුඩා බැඳපු බයිසිකල් පැදගෙන ගිහින් විකුණන අහිංසක මිනිස්සුයි අපේ පන්සල් ළඟ මල් විකුණන අයගෙයි හදවත ගැහෙන්නේ එකම රිද්මෙට නේද කියල නිතරම මට හිතෙනවා . මෙයාල අපිට වැඩිපුර ගණන් කියනවා . ඒත් ගොඩක් හෙට්ටු කරන්න හිතෙන්නේ නැහැ .

      Delete
  22. අපිට ඉතින් මෙහෙ summer දකින්නෙ අවුරුද්දකට දවසක් විතර! මැයි මාසෙ වෙලත් තාම සීතයි. අර උඩ කමෙන්ට් එකක තිබ්බ වගේ අවුරුදු 300 කට පස්සෙ ආපු සීතලම මැයි මාසෙ ලු මේ... :((

    බනිය තමයි දවසකටවත් බනිය!! :D :D

    ReplyDelete
    Replies
    1. අපෝ ඒ කියන්නේ අවුරුද්දම ජැකට් ඇඳන්ද ඉන්නේ . පුදුමයක් නැහැ ඉස්සර නිවර්තන රටවල් ගවේෂණයට ඔහේ අය එන්න ඇත්තේ ඒකයි

      Delete
  23. මෙහෙත් රස්නය අපිට ඉවසන්න බැරුවයි ඉන්නේ. දවසක් දෙකක් වැස්සට කිසිම ප්‍රයෝජනයක් නැහැ. නිරිත දිග මෝසම නිසා මුහුදෙන් රත්වුණු හුලඟ එන නිසාත් වායුගෝලයේ වලාකුළු වැඩිනිසා දහඩිය වාෂ්පවීමක් වෙන්නේ නැති නිසාත් රස්නය වැඩියි කියලා කාලගුණෙන් නම් කිව්වා

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් මැයි රස්නේ කාලෙනේ . මැයි සිට සැප්තැම්බර් නිරිත දීග මෝසම් . එහෙමනේ ඉගෙන ගත්තේ

      Delete
  24. මල් පෝටොස් නං මල් හතයි බින්දි....හෙහ්, හෙහ්,

    කොයි බොල මේ බූරාබිදානතෙම?...නෙලුං විලේ යාවජීව සාමාජිකයෙක් නෙවද?....ඔබා නැති නිසාවෙන් මේ පැත්තෙ එන එක අත ඇරල දාලවත්ද?...:) :)

    ReplyDelete
    Replies
    1. බුරාබිදාන බිසී වගේ . වැඩිය කොහෙවත් දැක්කේ නැහැ
      බුරා නැති නෙලුම් විල ලුණු නැති හොද්දක් වගේ තමයි . විභාගයක් වත් ඇති උන්දට .

      Delete
    2. ‍'කොකා' නැතුව පාළුයි මට.... :(

      Delete
    3. අපිටත් පාලුයි . ගඟෙන් එගොඩ වෙලා එන්නම් කියන්නේ . තාම ඔරුව ආවේ නැහැලු .

      Delete
    4. ඔරුවක් මක්කටෙයි..!!?? ඇයි කන්ථකයෙක් ලෑස්ති කරනවා කියලා නේද කිවුවෙ.?? අස්සයා පැනලා ගොහිල්ලාද.??

      Delete
    5. දැන් කාලේ අස්සයෝ දන්නේ නැද්ද . විශ්වාස නැතුව ඇති

      Delete
  25. නෙළුම් විල දේසේ ලස්සන පොස්ටුව පුරා දැනුනි. මේ මල් වාරායයි, නන්දා මලිනියන්ගේ සිංදුවක එහෙම කියවෙනවා වගේ මතකයි.

    පොස්ටුව උණුවෙන්ම කියවලා ගියා, සටහනක් කරන්න එන්න පමාවිය.

    අපි ඉන්න දේසේ මෙදාපාර සීතල (කියලා කියන ) කාලය ටිකක් වැඩිපුර තිබුණා. ඒ බලපෑම නිසා නියමිත කාලයටම පිපුන ඉඳිමල් හැලෙන්න පුලුවන් කියන බයක් තිබුණ ද ඉඳිගස්වල රෑනින් බර වූ ලා කහ පැහැති මල් කෙමෙන් කොලපාට ඉඳි ගැට විදියට හරවමින් එකපාරටම රශ්ණය වැඩි වුනා.

    පසුගිය සෙනසුරාදා අගනුවර උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 48ට, ඊයේ (ඉරිදා) ද වෙනසක් නැතිවා වගේ තිබුණා. අද සඳුදා පොඩි වෙනසක් දැනුනද නිල ලේඛණ අනුව උපරිමය 40. ඉඳිගැට ලොකුවෙලා, මෝරලා පාටින් පිරෙනතුරු රවිඳුන් උඩ යාවි; ඒ වෙද්දි ඔක්තෝබර් විතර වේවි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි බුරා, ඔව් ඒ ගීතය තමා (හප්පේ මං වාරායයි කියලා නොවැ අකුරු කොටලා තියෙන්නේ)

      Delete
    2. මලුයි තෙලුයි දෙකම දෙන්න සොබාදහම ලොබ වෙන්න ඇති . පස්සේ පව් කියල ඉඳි මල් දෙන්න ඇති . ස්තුතියි ඩින් අය්යා . අපිට ඊයේ ඉඳන් වහිනවා . අඳුරු අහස . රස්නෙත් නැහැ .

      Delete
    3. ලස්සන සින්දුව . විසුවල් නම් ගන්න දෙයක් නැහැ . ලයාන්විත සින්දු හින්දි චිත්‍රපට දර්ශන වලින් කැත වෙනවා .

      Delete
    4. ඕක විතරයි නෙවැ තිබ්බෙ බින්දියො You-tube එකටම.. නැත්තං මාත් ඕක දාන්නෙ නෑ..

      Delete
    5. මාත් හෙව්වා . එහෙම හරි දාපු එක අගය කරන්න ඕන . ඔන්න බලන්න මේ මල් ටික දැක්කම ඔයාට ඒ සින්දුව මතක් වුනා . ඒ වගේම සින්දුව අහද්දී මැවෙන්නේ ඒ වගේ සුන්දර මල් උයනින් පිරි වසන්තය . ජිවිතේ වසන්තය ගැන උපමාවක් තමයි . ඒත් අඩු ගානේ අරුන් දෙන්න මල් වත්තක වත් ඇවිදින දර්ශනයක් තිබ්බ නම් කොච්චර අගේද . මට යු ටියුබ් සින්දු එක්ක මලම පනින වෙලාවල් තියෙනවා . අනෙක් අතට අපට බැරි එකේ ඒ මිනිස්සු එහෙමවත් කරන එක ගැන හිතල හිත හදා ගන්නවා

      Delete
  26. හරිම ලස්සනයි බින්දි... මෙහෙත් දැන් සිසිරයයි, ගිම්හානයයි විතරයි වගේ.... මල් පිපෙනවා විතරයි රස්නෙ වැඩි වෙනවා..... එතකොට ඒවා වේලිලා යනවා.... ඉස්සර දැකපු පිඟානක් විතර ලොකු රෝස මල් දකින්නෙ කලාතුරකින් දැන්....
    මගේ කෙල්ලො දෙන්නම අවුරුදු කුමාරියො.... දෙවෙනිය ලැබෙන්න දින දීල තිබ්බෙ හරියටම ලොකු දුව උපන් දවසෙ.... ඒත් චුට්ටට ඉක්මනටම එන්න ඕන උනු නිසා එයාගෙ උපන් දිනේ අක්කිට වඩා හරියටම සතියකට කලින්.....
    බනියගෙ කතාව ඇහුවම මගේ පොඩි දුව චූටි කාලෙ අත්තම්මත් එක්ක කරපු කතාවක් මතක් උනා..... එයාට එතකොට අවුරුදු පහක් විතර ඇති....

    චුට්ටි: අත්තම්මි මට ආදරෙයිද?
    අත්තම්මා: ආදරෙයි නේන්නම්. මේ මුළු ලෝකෙටම වැඩිය අත්තම්මි ආදරෙයිනෙ මගෙ වස්තුවට.
    චුට්ටි: ඒ කියන්නෙ අත්තම්මි මට අත්තම්මි ළඟ තියෙන ඕනම දෙයක් දෙනවද?
    අත්තම්මා: අනේ ඉතින් මගේ පැටියට නොදී මං වෙන කාට දෙන්නද.
    චුට්ටි: (රහසෙන්) අත්තම්මි, නැද්ද එහෙනම් හංගපු චොකලට් හෙම?

    ReplyDelete
    Replies
    1. දෙවෙනියා ටිකක් දඟයි නේද කොහොමත් . අත්තම්මල පැහිල මදි මෙයාලත් එක්ක හැප්පෙන්න . අපේ බනි ඊයේ පෙරේදා දවසක අහනවා අම්මි මන් මහත වැඩියි නේද කියලා . මන් කිව්වා නැහැ මගේ පැටියෝ ඔය ගානට කියල . එහෙනම් මන් තව මෆින් එකක් කන්නද ?? එදා නම් මන් අහුවුණා

      Delete
  27. වජිරදේවි මේ පාර ඇඟිලි ගැන ගැන ඉන්නේ...ශීත කාලේ ගෙවිලා ගිහින් ඇට මිඳුලු උණුහුම් වෙලා.. අලුත් බලාපොරොත්තුවකින් මල් පිපෙන්න පටන් අරන්!

    ReplyDelete
    Replies
    1. යලිත් වසන්තය ...හැම සත්වයෙක්ටම ගහකට කොලකටම වසන්තයක් හිමියි ..සුබ පැතුම් මුළු හදින්ම . ඇසින් නොදුටුවත් අකුරින් බොහෝ ලං වූ මිතුරියක් නේ

      Delete
  28. අදමයි මේ පැත්තට ගොඩ වැදුනේ.මේ වෙනකොට මෙ ලිපියයි අර අඩිස් අබාබ ගිය ලිපියයි කියවල ඉවර කලා. මම කැමති ඔබේ භාෂා හසුරවන විදියට.රස විදින්නට පුලුවන් ඉගෙන ගන්නට දැනගන්නට පුලුවන් බොහෝ දේ මේ බ්ලොග් එක ඇති කියල හිතනවා. දිගටම එන්න බලාපොරොත්තු වෙන්නවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කාව්‍යා ...හරිම සතුටක් මට ඔබේ වචන ටික . බ්ලොග් එකකට කමෙන්ට් එකක් කියන්නේ කාරෙකට පෙට්‍රල් වගේ තමයි මට නම්

      Delete