Saturday 26 May 2012

ජපන් හොදි .... ඇලෙන බත් කේක් ...සමග ''වළන් වාසනාව ''

පෙරේදා . යුක්රේනියන් කෑම කාල [ තව පොඩ්ඩෙන් ඉල්ලගෙනත් කාල ] ඊයේ රටවල් හතරක කෑම කෑවා. කෑවා කීවට මන් කන්නේ බොහොම ටිකයි . රස බැලුව කිව්වම තමයි හරි . නැත්නම් වැරදියට හිතයි මන් අලියෙක් කියල .



ජපන් , ඩෙන්මාර්ක් , වියට්නාම සහ [මං] ලංකික කාන්තාවන් 5 දෙනෙක් '''වළන් වාසනාවක් '''තිබුන අපේ දිහා . ඉංගිරිසියෙන් Pot Luck සිංහලෙන් වළන් වාසනාව වෙන්න එපයි .



Banh chung     [හදන හැටි ඕන නම්]   හෙවත් sticky rice Cake .




මේක විශේෂිත කෑමක් . ඉස්සර නම් අවුරුදු කාලෙට විතරලු හැදුවේ . දැන් නම් වසර පුරාම මිලදී ගන්න ඇතිලු . මං මෙච්චර කල් දැකල තිබුනට මැදට මස් දාන නිසා කාලම නැහැ . මුන් ඇට සහල් ඌරු මස් සහ ගම්මිරිස් , ලුණු තමයි අඩංගු වෙන්නේ . හැබැයි මේ සේරම විශේෂ කොළ වර්ගයකින් ඔතල පාර්සල් වගේ හදල පැය 6 ක් 12 ක් වගේ කාලයක් තම්බනවලු . කොළ ජාතිය නිකන් ඇහැට පුරුදුයි වගේ . නම Phrynium . විද්‍යාත්මක නම ජාලයේ සොයල ලැබුනේ Thaumatococcus daniellii ලෙසයි .
මට සිහි වෙන්නේ අපේ කැනාස් ගස් . ඒ පවුලේම වගේ . ගොර්ඩෝනියා ගෙන් තමයි අහන්න වෙන්නේ . වෙනත් Rice කේක් වර්ග කෙහෙල් කොලේ එතුවට මේක විශේෂයි .


. මේකයි පහල තියෙන රවුම් සුදුපාට ජාතියයි [ Banh day ] ගැන ප්‍රසිද්ධ ප්‍රවාදයක් තියෙනවා . මේ රවුම් ජාතිය හදන්නේ තනිකරම ඇලෙන සහල් පිටි වලින් [ Glutinous rice ] වලින් . ..ඔතන්නේ කෙහෙල් කොලේ




මේ කතන්දරේ කියන්න හිටියේ හුඟ කලක ඉඳන් . අද තමා අවස්ථාවක් ආවේ .



මෙහෙ ඉස්සර ඉඳල තියෙන්නේ අපේ වගේම හොඳ කතන්දර කාරයෝ වගේ . ඕන දේකට කතන්දරයක් .

බොහොම ජනප්‍රවාදයන් වල ඉන්නේ Hung රජ කෙනෙක් . හරියට '' බ්‍රහ්මදත්ත රජු වගේ''. ඔන්න එක හුන්ග් රජ කෙනෙක්ගේ සමයේ රජතුමාට තමන් වයසට යද්දී ඕන වුනාලු සිහසුනට උරුමක්කාරයා තීන්දු කරන්න . එක කතාවක තියෙන විදිහට පුත්තු 22 ක් හිටියලු .

සේරම පුත්තුන්ට කිව්වලු තමන්ට විශේෂ කෑමක් ගේන්න කියල . වැඩිය කවුරුත් ගණන් නොගත්ත අනියම් බිරිඳකගේ පුතෙකුත් මේ අතර ඉඳල තියෙනව . මගේ මිතුරිය කිවේ නම් සරල කරලා . රජතුමාට පුත්තු තුන් දෙනයි . වැඩිමල් දෙන්නගෙන් එක්කෙනෙක් මුහුදට ගියාලු . අනෙකා කඳුකරේට ගියාලු . බාලයා කොහෙවත් නොගිහින් කල්පනා කලාලු .

මුහුදට ගිය පුතා ඉදිරිපත් කලේ බැදපු මාළු . කන්දට ගිය පුතා මස් සහ හතු . මාලිගාවේ නැවතුන බාලයා මුළුතැන්ගෙට ගිහින් සහල් පිටි වලින් මේ කේක් වර්ග දෙක හැදුවලු . රවුම් එක අහස නියෝජනය වෙන්නත් හතරැස් එක පොළවේ සංකේතයක් ලෙසත් . හැමෝම පුදුම වෙද්දී ඔහු කිවලු '' මෙය සරුසාර රටක් .හැමෝටම ඇතිතරම් කන්න තියෙන දෙයක් නිසා සහල් තමා දෙන්න පුළුවන් විශේෂම කෑම වර්ගය '' කියල .

රජතුමා ඔහු ගැන පැහැදිලා රජකම පැවරුවලු.

හතරැස් කේක් වර්ගය ඉතාම පෝෂ්‍යදායක කෑමක් ලෙසයි මොවුන් සලකන්නේ .

රවුම් වර්ගය ගැන කියනව නම් ඉදිආප්ප තම්බනකොට අන්තිමට වංගෙඩිය හුරලා ඉතුරු වෙන පිටි ටිකෙන් හදන කොට්ටය කාල තියෙවද ..අන්න ඒකම තමයි . ටිකක් ඇලෙන සුළුයි . සුමුදුයි .






ජපන් යාළුවා ගෙනාවේ ජපන් හොද්දක් . මං පුදුම වුනා ජපානේ හොදි තියෙනව කිව්වම . ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙනා හොද්ද ජපනා තමන්ට ගැලපෙන්න හදාගෙන . එයාල අපි වගේ නෙමේ . හරිම නිර්මාණ ශිලියි . මේ හොදි නැත්නම් Curry හදන්න පුදුම ක්‍රමයක් සොයාගෙන .

 චොක්ලට් බාර් එකක් වගේලු . දිය කරලා මස් සහ එළවලු දාල රත් කරන්න විතරලු ඕනේ . සැර අඩු සිට වැඩි දක්වා තිබේලු. සැර කොපමණද කියල වර්ණ පටියකින් දක්වල තියෙනව පෙට්ටියේ . හරියට ආම්ලිකතාවය සටහන් කරන Ph පත්‍ර වල ක්‍රමේ වගේ .


ජපනා හපන කියල මට ඊයේ නම් හිතුන . ඒ එක්කම '' අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී '' කිව එකත් මතක් වුනා .

කොහොම හරි විවිධ සංස්කෘතීන් ගැන දැන ගන්න ලැබෙන මේ සුන්දර හමු වීම් වලට මං බොහොම කැමති නිසා ඊයේ හරිම සතුටින් ගෙවුනා . එකක් කියන්න ඕන . ඔය මොනවා තිබුනත් අන්තිමට ඉවර වුනේ මගේ කට්ලට් ටික . ඕනෑම ජාතියක ඕනෑම දිවකට හරියන රසය



ප.ලි.
හැමෝම ගෙදර ඉන්න අද මේක කොටන්න හරිම කරදරයක් වින්දා . එක එක රන්ඩු බේරන්න ඉල්ලීම් වර්ජන ..වෙලාවකට ඉතින් මරණ තුනක් ඇති මිනිස්සුත් පැණි කනවනේ .

68 comments:

  1. කාලාම වාඩිවෙච්චිනිසා ගානක් නෑ.. නැත්නම් බඩගිනිවෙන පිංතූර ටිකක්නෙ..

    රවුම් එව්වා පෙනුමෙන් ඉට්ලි වගෙයි.. Pot Luck කියන්නෙ මොකක්ද?

    "මට සිහි වෙන්නේ අපේ කැනාස් ගස් . ඒ පවුලේම වගේ . ගොර්ඩෝනියා ගෙන් තමයි අහන්න වෙන්නේ . වෙනත් Rice කේක් වර්ග කෙහෙල් කොලේ එතුවට මේක විශේෂයි ." මේ කෑල්ල දෙපාරක් වැදිලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හරි ..ඔන්න හැදුව . රවුම් ජාතිය හැඩය idli වගේ තමයි . හැබැයි idli වලදී උළුඳු පිටි පිපිමට ලක් කරනවා . මේකෙදි ඇලෙන සහල් වර්ගයක පිටි නිකන්ම වතුරෙන් අනල හුමාලෙන් තම්බනවා . Pot luck ...මාත් මෙහෙදී තමයි ඕක දැන ගත්තේ . හැමෝම කෑම වර්ගයක් හදන එනවා . කට්ටිය එකට එකතු වෙලා කනවා . පිරිමි ළමයි ඕව දන්නේ නැහැ මං හිතේ . වළඳ පිටින් අරන් එන නිසා වෙන්න ඇති Pot Luck කියන්නේ ...D . බලනකොට නම නොදැන අපි ඉස්කෝලේ යන කාලේ නිවාඩු දෙන දාට කෑම ගෙනත් කාලේ ඕකමනේ

      Delete
    2. පොට් ලක් ගැන කියෙව්වෙ පොඩිම කාලෙ අපේ අම්මගාව තිබුන රෙසිපි පොතක.

      http://www.etsy.com/listing/88218633/vintage-betty-crocker-guide-to-easy?ref=sr_gallery_1&ga_includes%5B%5D=tags&ga_search_query=easy+entertaining&ga_search_type=all&ga_view_type=gallery
      හැබැයි වැඩේ කියන්නෙ ඒකාලෙ අපිට මොන ලක් එකක් වත් තිබුනෙ නැහැ. අල්ලට සීනි දාල තේ බිව්වෙ. පොත තාම මාගාව. දැන් පොත වින්ටේජ් Book was published in 1959 and is listed as a First Edition, First Printing.

      Delete
    3. හ්ම්ම් මාත් හිතන්නේ එක වචනයක් තමා...

      Delete
  2. එව්වත් නරකම නෑ....
    අපිටත් තනියම හදාගන්න බැරි වෙයිද දන්නෙ නෑ... :-)

    ReplyDelete
    Replies
    1. හදා ගත්තට කන්න පුළුවන් වෙයිද . ඌරු මස් හින්දයි ඇලෙන පෙනුම නිසයි මං නම් කෑවේ නැහැ . කන බව පෙන්නුවා විතරයි . [ ඒ කවුරුත් සිංහල දන්නේ නැහැ ]

      Delete
  3. කෑමටික නම් රසම රස පාටයි .ඔව් අර රවුම් එව්ව නම ඉටිලි වගෙ තමා .මාත් හරිම ආසයි කට්ලට්ස් වලට .

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ජාති වැඩි වුනහම කන්න වෙන්නේ ටිකයි ගිම්හානි . ලුණු ඇඹුල් ඇතුව කාලනේ අපට පුරුදු ඉතින්

      Delete
  4. අම්මෝ...කන එකමද වැඩේ..
    මට මතක් උනේ කැන්ද කොලවල හදන "වන්ඩු"...කිරිම කිරි රසයි...

    ReplyDelete
    Replies
    1. මෙව්වා හැමදාම නැහැ . බොහොම කලාතුරකින් තමයි. බොහෝ දාට දවල්ට කන්නේ හරිම අඩුවෙන් . ම් වණ්ඩු හරිම රසයි තමයි . ඇයි හැලප . මාරම නිර්මාණයක් හැලප කියන්නේ .

      Delete
    2. වණ්ඩු මගෙත් ආස කෑමක්.

      අපේ නැන්දා කෙනෙක් ඉන්නවා මට මී මල් හැලප හදලා දෙන. යන්න ඕනේ ඒ පැත්තේ ලංකාවට ආවම.....

      Delete
    3. වණ්ඩු නම් කාපු කාලයක් මතක නැහැ . අපේ ආච්චි නැති වුනාට පස්සේ කැවේ නැද්ද කොහෙද .අපේ අම්ම හැලප වලට එක්ස්පර්ට් . මාත් එක පාරක් හැදුව . බඩු සොයා ගන්න බැහැනේ .මි මල් හැලප නම් ඇහුවෙත් අදමයි . රත්නපුරේ පැත්තේද

      Delete
    4. '' මී මල් හැලප '' ඇහුවෙත් අදයි.. අපූරු ලස්සන නමක්... රසත් ඒ වගේ ඇති... තව ටිකක් මී මල් හැලප ගැන විස්තර දැන ගන්න තිබුණ නම් හොදයි....

      Delete
    5. මී මල් හැලප් කතාවක් ලියන්න යන්නේ මම.... මගේ පොඩි කාලේ මතක.
      ඒත් මගේ නෑයො අදටත් මම එනවා කියලා බලාගෙන මී මල් අහුලල ඒවා වේලල තියාගෙන ඉන්නවා.

      මගේ බ්ලොග් එක පැත්තේ එන්නකෝ මම එහේ දාන්නම්.... බින්දිගේ බ්ලොග් එකට සින්ඩිකේට් වෙනවා ඒක.

      Delete
    6. http://burubabe.blogspot.it/2012/05/blog-post_29.html

      Delete
  5. ඒ පාර මාරයා අයියගේ ලෙඩේ බින්දි අක්කටත් ගහලද කොහෙද ? කෑම ජාති පෙන්න පෙන්න අපේ කට අවුස්සනවා !!!

    නොදන්නා කෑම කියලා දෙන එක ගොඩක් හොඳයි අක්කේ... අර pot luck එක ගැන දැනගත්තෙත් අද ! ඇලෙන බත් කේක් දැක්කම නෙළුම් කොලේට / කැන්ද කොලේට දාපු පිට්ටුවක් මතක් වුනා...

    අක්කට හම්බවෙලා ඉන්නේ හොඳ යාළුවෝ ටිකක් වගෙයි... හැමදාම අළුත් අළුත් අත්දැකීම්... මේ වගේ අත්දැකීම් හුවමාරු කරගන්න එක කොච්චර හොඳ ද ? හැරෙන තැපෑලෙන්ම (electronic) අපිටත් නිවුස් එක එනවනේ... මට පේන හැටියට වියට් ලට වැඩිය අක්කා දැන් වියට්නාම ජනකථා දන්නවා වගේ....

    පුදුමයකුත් නෑ... අපේ ජනකථා ඔයිට හපන් !

    විස්තර හා පින්තූර වලට බොහෝම තුති...

    ReplyDelete
    Replies
    1. වියට්නාම ජනකතා හරියට . ඇත්ත තමයි වියට්නාම යාලුවෝ පුදුම වෙනවා මන් මේ කතා දන්නා එක ගැන . කියවීම නිසා තමයි . දැන් මෙයාලගේ ඉංග්‍රීසි පොත පත හරියට මුද්‍රණය වෙනවා . ඒ වගේම වියට්නාම බසට ගොඩක් පොත් පරිවර්තනය වෙනවා . පොත් සාප්පුවල වැඩි නම් ඒ පොත් තමයි . වියට්නාම බසින් පොත් සාපේක්ෂව හරිම ලාබයි. ලස්සනයි . කියවන්න බැරි කම තමයි ප්‍රශ්නේ . මෙයාලගේ ජනකතා හුඟක් මිත්‍යාවට බරයි අපට වඩා .

      ඇත්තටම මන් ලොකු ලොකු සංවිධාන වලට නම් අකමැතියි . ප්‍රධාන හේතුව නිතර රැස්වෙන ඒවට ගියහම මට වෙලාව මදි මගේ වැඩ වලට . පුංචි පුංචි හමුවීම් තමයි මන් වඩා ප්‍රිය . එතකොට කතා කරන්න ලේසියි . අහන ඉන්නත් ලේසියි . ඒ වගේම මිත්‍ර සම්බන්ධයන් සවි වන්නේ සමාන අයවලුන් සමග . ඒ කියන්නේ අඩු ගානේ පොතක් පතක් ගැන රටේ ලෝකේ ගැන මොනව හරි කතා කල හැකි අයෙක් මගේ හිතට වඩා අල්ලනවා . එහෙම නැතත් තව හරිම හොඳ අය ඉන්නවා අපට හිතා ගනන්වත් බැරි තරම් පරිත්‍යාගශීලි , කරුණාවන්ත . ඉස්සර මන් කෙනෙක් හමු වූ ගමන් නිගමන වලට එනවා . හොඳද නරකද කියල . එත් දැන් නම් දන්නවා මුල් දවසේ බුම්මන් ඉන්න මනුස්සයෙක් ළඟ වුනත් අපුරු චරිතයක් සැඟවිල තියෙන්න පුළුවන් කියල .

      ඒ වගේම සමහර අය උදේ හවස හමුව උනත් පාහෙන්නේ නැහැ . ඒක ඉතින් ලෝකේ හැටි . කෑම දැකල බඩ පිරුනනම් වතුර එකක් බොන්න

      Delete
  6. අපෝයි... එහෙන් ආප්ප කතා මෙහෙන් කෙසෙල් කොලේ කෑම කතා.
    මට පිස්සු හැදිලා නොහිටියොත් ඇති.....

    මමත් අර කෙහෙල් කොලේ ඔතපු කෑම මෙහේ දකිනවා. ඒත් කන්න භයයි. ඊයේ පෙරේද තායි රෙස්ටොරන්ට් එකකදි ඔය ස්ටිකි රයිස් තිබ්බා. මගේ යාළුවෙක් නම් ගත්තා. ඒකෙන් පොඩ්ඩක් කාල බැලුවට මට සෙට් වුනේ නෑ. ඒ උනාට එයාලා පොල් කිරිහෙමත් දාලා හදන පැණි රස බත් එකක් තිබ්බා. අපේ කිරිබත් නෙමෙයි ලඟින් යන එකක්. ඒක නම් බුරු බබා කෑවා නෙමෙයි හුලං කරා...

    අම්මෝ ජපන් හොදි? කිව්වත් මම භයයි. ඒකේ සැර මතක් වෙද්දි.....
    ඉඳලා හිටලා වසාබී එක්ක නම් ( මිනුස්කොලෝ එකක් 1/1000) මාළු කන්න මම ආසයි.

    ReplyDelete
    Replies
    1. මටත් ස්ටිකි රයිස් කන්න අමාරුයි . කලාතුරකින් හමු වෙනවා කන්න පුළුවන් එව්වා .

      හි හි ඔයාට එහෙනම් ස්පයිසි ගේජ් එකේ අග හරියේ හොද්දක් කවල කවුරු හරි . මේකේ තියෙන්නේ අපේ තුනපහ රස . හැබැයි අඩු සැර. පොඩි පැණි රසකුත් දැනුනා . වසාබි ..පුදුම සැරක් නේද . හැබැයි මන් ආසයි . ජපන් කෑම වලට මන් අකමැති අමු මාළු කන නිසා . ලස්සනයි ඒත් අමුවෙන් කන්න හිත හදා ගන්න බැහැ. අනික අමු මාළු දැක්කම ඉගෙන ගත්තු බැක්ටීරියා ජාති හෙම මගේ ඔලුවේ කරනම් ගහනවා . හොඳට උයල නැත්නම් මස් මාළු ..ම්හු .

      මිසෝ සුප් බිල නැද්ද . මන් සුප් එකට එච්චර ආස නැහැ . හැබැයි මිසෝ පේස්ට් එකට ආසයි . ජපන් කෑම කන්න නෙමේ බලන්න නම් හරිම හුරුබුහුටියි ලස්සනයි

      Delete
    2. මං කාල තියෙන ස්ටිකි රයිස්, පිලිපීන කට්ටිය හදපුවා... ඔය රංගි කෑවා කියපුවා හදන විදියට තමයි එයාලත් හදනවා කියන්නෙ.... මස්, මාලු මොනාවත් නෑ මැදට.... හරිම රසයි... අහු උනොත් මාත් අත අරින්නෙ නම් නෑ....
      මිසෝ සුප් එකට නම් මං හරිම ආසයි.... අපේ ගෙදර ඔක්කොම ආසයි.... අපි වැඩ කරන තැනටත් පේස්ට් එක ගෙනියලා හදාගෙන බොනවා..... වසාබි නම් මට කටේ තියන්න බෑ... දිවත් එක්ක පුපුරු ගහනවනෙ අප්පා... මිරිස් තව හොඳයි.... හික්ස්...

      Delete
    3. දිව පුපුරලා නහයෙං දුං දානවා වසාබි වැඩියෙං ගෑවුනොත්. ෆ්‍රෙන්ච් මස්ටඩ් සැරම වර්ගය කෑවහමත් ඔහොමතමා.

      Delete
  7. මේ මුල්ම වටේට පිටි වලින් කවර් කරපු චින කෑමක් මම චීන අවන්හලකින් කාල තියෙනවා. ඔයා කියන විදිය තමා. ඉඳි ආප්ප පිටි මිශ්‍රනය වගේ එකක් හැබැයි ඒක නම් තම්බලා තිබ්බේ වාශ්පයෙන්..
    කොහොම උනත් එක එක රටවල කෑම වර්ග අපිට වඩා වෙනස් උනත් ඒවගෙත් අමුතුම රසක් තියෙනවා නේද..

    ReplyDelete
    Replies
    1. ravioli al vapore වෙන්න ඕනේ ඔයා කාලා තියෙන්නේ.

      මේ නම් ඒක නෙමෙයි. මේවා තියෙන්නේ ඇරබික් වගේ කෑමක් වෙන්න ඕනේ. ඉන්දියන් කඩ වලත් මම දැකලා තියෙනවා. ගොඩාක් අරාබි කෑම කඩ වලද කොහෙද....

      Delete
    2. පුංචි කුමාරි හාමි ..ඔයා කියන්නේ dumpling වර්ගයක් වෙන්න ඕන . නැගෙනහිර ආසියාවේ පුරාම නානාප්‍රකාර dumplin තියෙනවා . ඇරඹුම චිනේ වෙන්න ඇති . ඉස්සර මන් ආස නැහැ . නමුත් දැන් කුඩාවට හදන කොරියන් dumpling එකක් කන්න ආසයි .හැබැයි මෙව්වා හුඟකට ඌරු මස් දානවනේ. එළවලු විතරක් තියෙන ඒවා හරිම අඩුයි


      ඔව් අපි නොදන්නා අලුත් රසවල් හරියට . හැබැයි ලස්සනම දේ තමයි මේ විවිධ රටවල කෑම සසඳන එක. තමන්ට ගැලපෙන විදිහට ඒ ඒ සංස්කෘතීන් වල කෑම අනුවර්තනය කරගෙන තියෙන හැටි . අධ්‍යනය කරන්න වටිනා දෙයක් . මන් හරිම ලස්සන පොතක් කියෙව්වා ලෝකය පුරා ආහාර මිශ්‍ර වීම ගැන . සමහර දේවල් වල උත්පත්තිය අපට හිතා ගන්නවත් බැරි තැනක් .

      රන්ගි රවියෝලි වලයි dumpling වලයි එකම මුලධර්මය නේද . ඉන්දියන් සමෝසා අපේ පැටිස් වුනත් එහෙමයි . වෙනස අපි බැදලා කන එකයි .

      Delete
    3. ඔව් ඒක dumpling තමයි.

      Delete
  8. එක එක සංස්කෘති වල කෑම වරග කන එක හරි අපූරු වැඩක්.. ඌරු මස් තියෙනවා කියපු නිසා මම මේකට එච්චරම ආස නෑ..

    අක්කා හැදුවේ කට්ලට් විතරෙයි??

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් .කන්න බැරි වුනත් හදන හැටි අහන්න මන් ආසයි . ඇයි ඔය කඩල , බත් , මෑකරල් ..එව්වා පුර්ණ ශ්‍රී ලංකික

      Delete
  9. මම චීන කෑම හැම එකකටම ආසා නැහැ. (ඔය ඇලෙන බත් එකට ඔයා වගේ තමයි විශේෂ ආසාවක් නෑ. මස් කොහොමත් කන්නේ නෑ.) හැබැයි මේසේ පුරා තියන කෑම දීසි ටික මාර ලස්සනයි. හොඳට පේනවා කට්ලට්ස් සහ පරිප්පු. දෙකම මම ආසම ආසා කරන කෑම. මම ඔතන හිටියා නම් කටලට්ස් අනික් අයට ඉතුරු වෙන එකක් නෑ. පරිප්පු ටිකටත් වෙන්නේ ඒ වැඩේම තමයි.

    මොනවා කීවත් කෑම ජාති ගැන ලීව හැටියේ කට්ටිය දුවගෙන එනවා ඒවා බලන්ට.:D:D:D

    ReplyDelete
    Replies
    1. කොහෙද පොඩ්ඩි පරිප්පු තිබ්බේ? මම දැක්කේ නෑ නේ. මම දැක්කේ කඩල වගේ එකක් නේ. බෝන්චිත් දැක්කා. කට්ලට් දිහා හිතලම බැලුවේ නෑ....ලු.
      යකෝ කෑම නැතිව වේලෙන අපි කෑමක් ගැන ඇහුනත් වාශ්ව වේගෙන් එතන....

      Delete
    2. හපොයි ඒක කඩල තමා. හිතේ තියෙන්නේ පරිප්පු සහ නිතර කන්නේ පරිප්පුත් හන්දා මම හිතුවේ ඒ ලොකු ඇට කහ පරිප්පු කියලා. කමක් නෑ මම කඩල උයලා කන්ටත් ආසයි. :D

      Delete
    3. මමත් එසේමයි . මට හුඟක් ඒවා මග ඇරෙන්නේ මස් වර්ග වලට ඒ තරම් ආසාවක් නැති නිසා . අනික මේ තුනපහත් නැතුව සුදට සුදේ මස් තියෙනවා දැක්කම ..කොටින්ම අපේ ළමයි දෙන්න නම් මෙව්වා දිහා බලන්නෙත් නැහැ . මමත් කැවේ කතන්දරේ තමයි .

      හැබැයි අපි නොදන්නා හොඳ දේවල් හරියට තියෙනවා . වියට්නාම අතුරු පස හරිම රසයි . මේ දවස්වල වරක සහ යෝගර්ට් දාල අතුරුපසක් තියෙනවලු. යන්න ඕන කාල බලන්න . රස්නේ කාලෙට හරිම රස මිශ්‍ර බිම වර්ග එලියට එනවා . අතුරුපස කඩේකට ගිහින් පෝස්ට් එකක් දාන්නම් .

      පරිප්පු ?? ඒ කඩල . පරිප්පු ඔය වගේ ආවට ගියාට බෙදන්නේ නැහැ . කට්ලට්ස් නම් හැමෝම ආසයි . කොයිතරම් කෑම තිබුනත් හැමෝම ආස ඒවාට . දැන් සැහෙන යට ඕක උගන්නල තියෙනවා . අපේ දුගේ ප්‍රංශ ගුරුතුමිය කට්ලට්ස් සහ ඉඟුරු තේ මගෙන් ඉගෙන ගත්ත. එයා දැන් ඒ දැනුම ප්‍රන්ස්හෙට අරන් යනවා . කවද හරි ප්‍රංශ පොත් වල ලියවෙයිද දන්නේ නැහැ අපේ කට්ලට්ස් ප්‍රන්ස්හෙට ආපු හැටි D

      Delete
    4. //කවද හරි ප්‍රංශ පොත් වල ලියවෙයිද දන්නේ නැහැ අපේ කට්ලට්ස් ප්‍රන්ස්හෙට ආපු හැටි//
      මං වෙලාසනම දීල තියෙන්නෙ ප්‍රංශෙට කට්ලට් හා චයිනීස් රෝල් දෙකම. නමුත් ඔව්වෑ නම කියපු හැටියෙම අහුවෙනවා අපේ එව්ව නොවෙයි කියල.

      Delete
    5. බින්දියො.. මොකද නිකං සමහර කට්ලට්ස් වැඩියෙන් බැදිලා සමහර ඒවා අඩුවෙන් බැදිලා වගේ තියෙන්නෙ.?? නැත්තං ඒ ෆොටෝස්වල පේන හැටිද.??

      පලි: කට්ලට්ස් ගැන විසේසෙන් ඇහුවෙ මාත් ඒවා මරුවෙක් නිසයි.. ගිය සතියෙත් හැදුවා.. :)

      Delete
    6. කවිකාරී ..අය්යෝ ඇත්තද මන් උන්නේ ප්‍රංශ කුසින් පොතට මගේ නම දාගන්න . සික් .

      ඒ වුනාට චයිනිස් රෝල්ස් තියෙන්නේ අපේ රටේ විතරනේ . මෙහෙ එක පාරක් මන් කෑවා අපේ චයිනිස් රෝල් වගේ එකක් . මොනවා වුනත් අපේ අය පදමට මිරිස් ගම්මිරිස් දාල දෙනවනේ දුම් විසිවෙන්න . එක නම් කොහෙවත් නැහැ .

      බුරා

      හිහි . ඔව්ව කාර්මික දෝෂ . බලන් ගියහම මේ පිරිමි සේරම හොඳ කුක් ලානේ . අපේ ගෙදර කෙනා ඇර.

      Delete
    7. ආයේ ඉතිං ඒකට ඔය ගෙදර ඉන්න අහිංසකයව ඇදලා ගන්න ඕනෑ... ‍තම්බලා දෙන එව්වා ඔහේ ගිලින ටිකම මදෑ..හා නැද්ද මං අහන්නේ..?

      Delete
    8. එයයි ඒකට කියන්නේ ගිනි පිග් කෙනෙක් වීම කියල

      Delete
  10. කැම ටික දැකලා මට බඩගින්නකුත් හැදුනා........ම්ම්ම්ම්..... ඔය කැම කන්න නම් ඉතින් වියට්නාමයටම එන්නම ඕනේ......නියම ලිපියක්...ඔබට ජය.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුෂ්

      Delete
  11. / ජපන් , ඩෙන්මාර්ක් , වියට්නාම සහ [මං] ලංකික කාන්තාවන් 5 දෙනෙක්........ /

    කොයි බින්දි මෙතන පස් දෙනෙක්?...මං සහ ලාංකික කියන්නෙ දෙන්නෙක්ය කියල ගත්තොත් නම් ඔන්න හරි...එහෙමවත්ද?...එහෙමත් නැත්නම් බින්දි = දෙන්නෙක් කියල ගනං ගත්තද?

    ෂිඃ, ... කටලිස්...අම්මප.......බයිට් එකට මරු.....හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. නැහැ අය්යෝ වියට්නාම දෙන්නෙක් හිටියා .

      Delete
  12. පින්තුර දැක්කම මටත් කන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නම් ඉන්නේ කට්ලට්ස් එච්චර අමාරු කෑමක් නෙමේනේ . අනික් එව්වා නම් එච්චර රැසකුත් නැහැ

      Delete
  13. හතරැස් කෑමක් තියනවා නේ , අන්න ඒක දැක්කහම නම් එච්චර ආසාවක් දැනුන් නැ.පෙනුම නිකන් සෙවලයි සෙවලයි වගේ, ඇතූලේ ඌරැමස් තියනවා කියුව නිසා කටට කෙල ඉනුවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අටම්පහුර ඇලෙන බතුයි මුන් ඇටයි පෙනුම නම් හරි නැහැ තමයි . මස් නිසා තමයි මන් ආස නැත්තේ . සමහර පැණිරස කෑම තියෙනව මේ වගේ ඒවා නම් රසයි . විශ්ෂයෙන් මුන් පිටි වලින් හදනවා අලුවා වගේ එකක් අවුරුදු කාලෙට . මන් හරිම ආසයි

      Delete
  14. මෙහේ තියනව International friendship house එකක් ඒකෙ pot luck වලදි මාත් මේ වගේ විවිද කෑම රස බලල තියනව. සමහර ඒව රසයි සමහරක් නම් කටේ තියන්න බෑ. කට්ලට් ගැන කියනවනම් pot luck ව්ලදි හරි party එකකදි හරි වෙන රටවල අයගෙන් කට්ලට් වලට තියෙන්නෙ මාර ඉල්ලුමක්. පැහැදිලි කරන්න ලේසි නිසා මම ඒව fish balls කියල තමා කියන්නෙ. කට්ටිය ලංකාවෙ කාගෙ හරි ගෙදරක කෑමට එන්න කිව්වම ‍ෆිෂ් බෝල්ස් හදනවද කියල අහන තරමට දැන් ඒක ජනප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙමයි හැමෝම කැමතියි . ස්තුතිවන්ත වෙන්න ඕන ඕක හදපු අයට මුලින්ම .

      Delete
  15. කට්ලට් වලට ගහන්න කෑමක් තව කොහෙද

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ අපි නම් ඩයට් ..තෙල් කෑම කන්නේ නැහැ කියන උදවියට ඔයින් එකක් දීල බලන්නකෝ

      Delete
  16. ඉඳි ආප්ප වංගෙඩියෙ ඉතුරු පිටි ටික පොඩියට ගුලිකරලා හදන රොටිය කන්න මමයි මල්ලිලයි රණ්ඩු කරපු හැටි ආයෙත් මතක් වුනා..රණ්ඩු බේරන්න බැරිම තැන අම්මා අන්තිම පිටි ටිකෙන් ඒ වගේ රොටී තුනක් හදනවා අපේ වදෙන් බේරෙන්න..

    ස්තුතියි බින්දි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ ..දැන් අපේ දෙන්නත් ඔය කොට්ටෙට හරි ආසයි . මන් දෙකක් හදනවා අනිවාර්යයෙන්ම

      Delete
  17. බඩගින්නේ ඉන්න වෙලාවක මේ පැත්තට ආවේ අම්මෝ දැන් බඩගින්න ඩබල් උනා....
    ඉදිආප්ප මෝලියේ අන්තිමට ඉතුරු වෙන ටිකට අපේ අම්මා නම් සමහර වෙලාවට පැනි කවලම් කරලා වක්කරනවා මාර රසයි....

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි වැඩිය සැර නැති කෑම සොයන අපේ ළමයි ඉදිආප්ප පැණිත් එක්ක කනවා . සමහර විට ළමයින්ගේ අම්මත්

      Delete
  18. මේ පින්තූර දැක්කම මේ කෑම වල රස බලන්න තිබුනනම් කියලා හිතුනා. ඒත් ඉතින් අර එක කෑමකට ඌරු මස් අඩංගුයි කියලා තිබුනනේ අපෝ එතකොට කෑම එපා උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් කාව්‍යා ලස්සන උනාට මටත් කන්න බැහැ ඕව . හැබැයි ඒ රසට පුරුදු අය හරිම ආසලු

      Delete
  19. ඔන්න බින්දි කම්මුල් අමාරුව හොද වෙලා සති දෙකක් ගමේ ඉදල ඇස්වල කදුළුත් තියාගෙන මම ආපහු කොලොම්පුරේට ආවා....

    '' වළන් වාසනාව '' බැලුවම මගෙත් සුන්දර මතකයක් අවදි වුණා. පසුගිය වසරෙ මාස 2 ක කාලයක් ජපානයේ ශිකෝකු දිවයිනේ ටකමට්සු නගරයේ පුහුණු පාඨමාලාවකය සහභාගි වෙන්න මට වාසනාව ලැබුණා... ඒ කාලයේ ගොඩක් ජපන් කෑම රස විදින්න ලැබුණා.. '' ආහාර කියන්නෙ ජීවිතය'' කියලයි එයාල කියන්නේ... ඒ නිසා ආහාරයේ රසය, පෝෂණය වගේම නෙත් පිනවන ගතිය ගැනත් එයාල හිතනවා.. එයාලගෙ කෑම වේල හරිම වර්ණවත්, ඒ වගේම පෝෂ්යයදායකයි...

    '' ජපනා හපනා '' කියන එක නම් ඇත්තම ඇත්තක්... එයාල හැම මොහොතකම අළුත් දෙයක් අළුත් විදියට කරන්න හිතනවා.. හැබැයි තරුණ පරම්පරාව ‍ඇමරිකන් රැල්ලට ඇදී යමින් තියෙන නිසා ජපානයේ අනාගතයත් මොන වගේ වේවිද කියන්න නම් බැහැ.. මේ ළගදි ලංකාවට ආවා ජපානයේදී අපට හමුවුණු මහාචාර්යවරයෙක්.. එතුමා මට ගනා තෑග්ග තමයි බතල බේක් කරල හදපු ලස්සන රස කෑමක්... ඒක හරිම ලස්සනට පැක් කරල තිබුණා.. එයා කියනවා අපේ රටේ බතල ගොඩක් තිබුණත් අපි ඒවයින් අළුත් දෙයක් කරන්න හිතන්නෙ නැති නිසාලු ඒ බතල තෑග්ග මට ගෙනත් දෙන්න හිතු‍ණෙ.... ජපානයේ සුන්දර, ලස්සන අත්දැකීම් ගොඩක් තියෙනවා හෙමිහිට මගේ බ්ලොග් එකට එකතු කරන්න ඕන....

    මට හිතෙනවා අපේ කෑම වර්ග ‍මේ කිසිවකට දෙවෙනි නැහැ කියල... අපේ කිරිබතට එයාල ගොඩක් ආස උණා...
    අනේ බින්දි.... ගෙදරදොරේ වැඩයි, රැකියාවයි මේ හැමදේම එක්ක අපිත් එක්ක ඔයාගෙ අත්දැකීම් බෙදා ගන්නවට ගොඩක් පින්...

    ReplyDelete
    Replies
    1. කොපමණ හොඳද සුවවූ එක . ගොඩක් ස්තුතියි දිග විස්තරේට . ඇත්ත තමයි තරු රසි ..අපේ රටේ පර්යේෂණ කෙරෙනවා මදි . ජපන් අය කෑම කන්නේ බොහොම පිළිවෙලකට . ඔයා දැක ඇති තේ බොන විදිහ . ඒක වෙනම උත්සවයක් . හැබැයි පිටරටවල අය අපේ රසට හරිම කැමතියි . මගේ මෑකරල් කරිය වෙන ඊස්රායෙල් යාලුවෙක්ට දුන්න රස බලන්න . එයා පුදුම විදිහට ආස වුනා . අපේ අම්මලාගේ කෑමක් කෑවොත් කොයිතරම් ආස වේද . අපි බලන් ඉන්නවා ඔයාගේ ජපන් කතා අහන්න

      රැකියා විරහිතයි අනේ ...දැන් අවුරුදු පහක් වුනා රැකියාවක් නැතුව .

      Delete
    2. ජපානයේ දී සාම්ප්රමදායික තේ පානෝත්සව දෙකකටම සහභාගි වෙන්න ලැබුණා.. එකක් තිබුණෙ ටකමට්සු ටෙම්පුකු පන්සලේ හාමුදුරුවන්ගෙ ගෙදර... එදා අපට කිමෝනා අඳින්නත් අවස්ථාව ලැබුණා... ඉකෙබානා මල් සැරසිලි ගැනත් ටිකක් දැන ගත්තා... Green Tea සාම්ප්ර දායික විදියට කිමෝනා ඇඳපු ජපන් ආච්චි කොනෙක් තමයි හැදුවෙ.. තේ හැදීම, පිළිගැන්වීම, පානය මේ හැම පියවරක්ම භාවනාවක් වගේ.. ස්ටිකි රයිස්වලින් හැදුව ඔහාගි පිළිගැන්නුව ඒකත් හරියට කලා කෘතියක් වගේ... ආයෙම තනබතා උත්සවය දවසෙත් සාම්ප්ර්දායික තේ පානෝත්සවයකට සහභාගි වෙන්න ලැබුණා ලස්සන කිමෝනා එකක් හෙම ඇඳල... එදා කිමෝනා ඇඳපු පුංචි ගැහැණු ළමයින් තේ පිළිගැන්නුවෙ...

      හීනයක් වගේ දැන් නම් ඒ සුන්දර මතකය... පොත පතින් දැක්ක දේවල් ගොඩක් හැබැහින් අත් විඳින්න ලැබුණා...

      Delete
  20. රට කෑම ජාති ටිකක් දැක බලාගත්තා ඒ වගේම ඒ කෑම ජාති ගැන විස්තරයක් බලා කියාගත්තා ස්තුතියි බින්දි ..

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල කොස් වාරේ ද සඳරු

      Delete
  21. පෙනුම කොහොම උනත් ඔය ඇලෙන බත් එක හොඳට ඇති කියලා හිතෙනවා...

    අනික මුං ඇටයි ඌරු මසුයි දෙක එකට ආවම ඒකේ රසේ දැනෙන්නේ ඔය දෙකත් එක්ක කුරහං තලප කෑව කෙනෙකුට තමා... ඔය හැටියට කල්පනා කලාම ඕක ඒ වගේම ඇති කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. එව්වා ගිල්ල එව්වන්ට මේක කජ්ජක් නොවෙන බව පැහැදිලිය . හැබැයි පුතෝ මේකේ සැරකට කියල ඇත්තේ ගම්මිරිස් පමණකි

      Delete
  22. දැක්ක ගමන් කන්න හිතෙන කෑම ටිකක්...පෙනුම වගේම රසත් ඇති කියලා හිතෙනවා...:)

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි ඇලෙන එව්වා ඇර

      Delete
  23. මොකටද බොරු කියන්නේ... කෑම ටික දැකලා කටට කෙළත් ඉනුවා. ඒත් කමක් නැහැ මේ දැන් අම්මා කතා කරලා කිව්වා රෑට කන්න එන්න කියලා

    ReplyDelete
  24. කෑම බිම එක්ක ජනකතා ලියන්න හොඳ නැහැ . කාටවත් මෙච්චර වටිනා ජනකතාව නොපෙනුන හැටි .DD

    ReplyDelete