Friday, 30 November 2012
පුංචි පැටව් සහ උන්ගෙ අම්මලා
''මන් ඉස්කොලේ යන්න ආස නැහැ. මට අම්මව මතක් වෙනවා'' මගෙ චුටි දු ඊයෙ එහෙම කිව්වා. '' ඒ වුනාට උදේ ඉස්කොලේ යද්දි නම් කිව්වා'' අද හරිම විශේෂ දවසක්.. මට අද ඉස්කොලේ කරන්න ගොඩාක් වැඩ තියෙනවා'' කියලයි.
අද වැඩියෙන්ම කැමැත්තෙන් ඉස්කොලේ ගියේ පරණ පොත් සල්පිලක් තියෙන නිසා.
ඉස්කොලේ ළමයින්ට තමන්ට වැඩක් නැති පරණ පොත් මේකට දෙන්න කියලා කියා තිබුණත් අපේ දෙන්නා නම් එක පොතක් වත් දුන්නෙ නැහැ.
''ඕන නැති පොත්'' කියල ජාතියක් අපේ දිහා නැති නිසා.
ඇඳුම් , කන කෑම එකෙන් භාගයක් වුණත් කාට හරි දෙන ළමයි ඒ වුණාට උන් මගෙම හින්දා පොත් නම් දෙන්නෙ නැහැ.
ඒකට මොකද දෙන්නා හම්බ කරන් තිබුණ සල්ලි ටිකත් අරගෙන තව මගෙනුත් ඉල්ලගෙන තමයි අද ගියෙ පොත් ගන්න.
අපේ පොඩි දෝනි එහෙම ආවට ගියාට සල්ලි හොල්ලන කෙනෙක් නෙමේනෙ . කිඩ්සානියා එකේ බොරු සල්ලි කොළ ටික වියදම් කරන්න බැහැයි කියල පොළොවෙ හැපුන හැටි මතකනෙ .
මෙගොල්ල සල්ලි හොයන හැටිත් අපූරු කතාවක් .
ඔන්න මන් සෝදලා තියෙන තාත්තගෙ රෙදි [ එව්වට කකුල් නැති නිසා කබඩ් වලට යන්නෙත් නැහැ ලේසියකට ] සමහර දාට මන් මෙ දෙන්නට කියනවා නවල දුන්නම කබඩ් වලට දාන්න කියලා .
මේ ඉතින් මේස් යට ඇඳුම් වගේ පොඩි පොඩි දේවල්.
මේගොල්ල ඒවා බෑග් එකක හෙම දාලා ස්කූටරෙන් තමයි බෙදා හරින්නෙ. හැබැයි නොමිලෙ නෙමේ.
කෑලි ගණනට අය කරන්නේ. ඒ සල්ලි වලින් අලුත් මේස් කුට්ටම් දෙකක් විතර ගන්න පුලුවන් .
ඩිස්කවුන්ට් සහ ෆ්‍රික්වන්ට් කාර්ඩ් ක්‍රමයක් [ මේ කාඩ් ක්‍රමේ අර ගුවන් යානා වල දෙන ජාතියෙ එව්වා. නිතර ගුවන් ගමන් යන අය දන්නවා ඇති . නැති අය කලබල වෙන්න ඕන නැහැ.
ගුවන් සමාගම් වලින් තමන්ගෙ ගුවන් යානාවල නිතර යන අයට යම් ශ්‍රේණි ක්‍රමයක් යටතෙ කාඩ් ලබා දෙනවා.
යන හැම ගමනකදිම ලකුණු එකතු වෙනවා. මෙ කාඩ් රිදි, රත්ත්‍රන්, ප්ලැටිනම් වගෙ නම් වලින් සහ තව එක එක ක්‍රම වලින් තියෙනවා.
ඒ ඒ කැටගරි වලට ඉතින් විවිධ වරප්‍රසාද ලැබෙනවා වැඩිපුර කිලෝ කිපයක් , ගුවන් තොටේදී විවේකාගාර පහසුකම් වගේ.
වසරක් ගානෙ මේ ලකුණු එකතු කරලා ගුවන් ටිකට්පත් ගන්නත් පුලුවන්. නැත්නම් යම් බඩු මිලදි ගන්නත් පුලුවන්. ඔන්න ඉතින් මන් කැලේ පැන්නා. මේවා නයි පොලොංඟු හෙම නෙවේ. ගුවන් ගමනක් කියන්නෙ ඉස්සර වගේ සුපිරි දේකුත් නොවේ. හැබැයි මේ දේවල් සමහරු නොදැන හෝ කම්මැලි කමට හෝ භුක්ති විඳින්නෙ නැහැ ගුවන් ගමන් ගියත් .
හරි ඔන්න ඔහොම කොච්චර ඩිස්කවුන්ට් දුන්නත් තාත්තගෙන් ගාණක් කඩා ගන්න කෙල්ලො දස්සයි.
හොඳම දේ ඉතින් මටත් පොඩි ගාණක් දෙන එක .
පොත් සල්පිලෙන් එන සල්ලි යම් යම් සුබසාධන වැඩට ගන්න බවයි කියන්නේ.
ඇත්තටම මට ලියන්න ඕන වුණේ ඔය එකක්වත් නෙමේ. ඊයෙ අපේ චුටි දුට හැංගි මුත්තන් කරන්න ඕන වුණා.
එයාට එහෙම එක එක ආසාවල් එනවා එක එක දාට. සෙල්ලම් කරලා අපි වේලාසන නිදා ගත්තා . හිනෙන් වගෙ මට මතක් වුනා පරණ පොතක්.
උදේම පොත් රාක්කේ ඇදලා පොත හම්බ වුණා. මේවා හැමදාම වෙන දෙවල් නෙමේ. ඒ කියන්නෙ පොත් සොයන එක නෙමේ. සොයන පොතක් හම්බ වෙන එක.
පුස්තකාලෙන් ගෙනා පොත නැති වෙලා සුමානයක් සෙවුවා. අන්තිමට පොත් ගොඩක් අස්සෙ හැන්ගිලා දුවිලි වැදිල තියෙද්දි සොයා ගත්තෙ.
මන් මේ හදිසියෙ හෙව්වෙ '' පුංචි පැටව් සහ උන්ගෙ අම්මලා'' කියන පොත.
චීන පොතක්. ලියා තියෙන්නෙ ජීආං යීමිං. අනුවාද්ය සවිමන් ඌරුගොඩවත්ත.
අරුණ ප්‍රකාශකයින්ගෙ බෙදා හැරිමක්. මේ ටික ලිව්වෙ කාට හරි සොයා ගන්න ඕන වුණොත් කියල .
සත්ව ලෝකෙ අම්මලා ළමයි බලගන්න හැටි.මන් සහ මගෙ ළමයි ආසා පොතක්.
මගෙ චින පොත් එකතුවෙන් එකක්. මන් ආයෙම කියෙව්වා. රස දේ තනියම කන්නෙ මොකටද කියා සිතුනා.
'' කැන්ගරු අම්මාට ලොකු ඔඩොක්කුවක් ඇයි?
තම සිඟිති පැටියාට තුරුළු වී ඉන්නත්
කෑම බුදින්නත්
එය කදිමයි! ''
ඔන්න එක පිටුවක තියෙන දේ.
මේ පොතට මන් ආසා ලස්සණ පින්තුරත් තියෙන නිසායි.
අපේ චුටි දොනි ඉස්කෝලෙන් ගෙනාවා සත්තු සහ ඒගොල්ලගෙ ළමයි ගැන පොතක් ලඟදි.
කැස්බෑවො වගේ සත්තු පැටව් බලාගන්නෙ නැහැ කිව්ව්ම එයාට තරහයි. ඒ ගොල්ලො හරි නරකයි කිව්වා.
මෙයා ළමයින්ගේ අයිතිවාසිකම් ගැන බොහොම උනන්දුයි.
දවසක් මන් සැර කළහම කිව්වෙ '' මන් නම් ලොකු වුණහම මගෙ ළමයින්ට ඔයිට වඩා කරුණාවන්ත වෙනවා'' කියලයි.
ඕක අහල අක්කා කියන්වා ''අපෝ ළමයි හදන එක අමාරු වැඩක්...අපි නිකන් ඉමු ''කියල .
ආයේ දවසක් නිවාඩු දාක ඉස්කෝලෙ ලඟින් යද්දි මන් කිව්වා මන් මේ ඉස්කෝලෙට හරිම ආසයි කියල.
අක්කා ගත්තු කටටම කිව්වෙ ''ඔව් ඔයාට අපිව යවලා නිදහස් වෙන්න පුලුවන් හින්දා නේ ''කියලයි..''
මන් කිව්වා ටිකක් ඇත්ත කියල . ආදරේ කියන්නේ ඇඟේ අලවාගෙනම ඉඳිම නෙමේ.
කතාවෙ මුලයි මෙතනයි සම්බන්ධ වෙන්නේ දැන් .
මතකනෙ චුටි දුව ඊයෙ රෑ කිව්වා මාව දාල ඉස්කොලේ යන්න බැහැ කියලා. ඒ වුණාට එයා වැඩ ගොඩක් ඇතැයි කියා ඉස්කොලේ ගියා
ඒ ගැන අවුල් වගේ නම් අපි චීන පොත්ගැන කතා කරමු.
අද මට ආයෙ එන්න වෙන්නෙ රෑ වෙලා. හවස සෙල්ලම් කරන්න යනවා. ඊට පස්සෙ ඉස්කෝලෙ සංගීතයක් බලන්න යනවා.
ප.ලි.
විජේසේකරෙට මාරු වෙන්න බුරා සහ ජනූ [ සේරම විස්තර කියලා දැනටමත් මාව තල්ලු කරන ජනූ නගා].. උදව් කරමින් ඉන්නේ.
බුරෝ ..නණලළ ගැන කල්පනා කරද්දි මට දැනෙන්නෙ සෑහෙන්න අමතකයි කියලයි මට. ටිකක් ඉගෙන ගන්න ඉන්නේ . අපේ ලමයින්ට මං තුමි නෙ ඔව්වා උගන්නන රාජකාරිය බාර අරන් ඉන්නේ.
Labels:
ජිවත් වෙද්දී ..
Subscribe to:
Post Comments (Atom)
// ජීආං යීමිං//
ReplyDeleteමේ නම කියවගන්න සෑහෙන වෙලාවක් ගත උනා අප්පා...
//දවසක් මන් සැර කළහම කිව්වෙ '' මන් නම් ලොකු වුණහම මගෙ ළමයින්ට ඔයිට වඩා කරුණාවන්ත වෙනවා'' කියලයි.//
පොච්චියේ...මේ වගේම වචනනෙ කියලා මට හිතුනා...අපේ අම්මත් මම පොඩි කාලේ ( දැනුත් එහෙම්ම තමා ) ටිකක් සැරයි මට..මම කියන්නෙත් මගෙ ළමයින්ට මම නම් ඔයිට වඩා කරුණාවන්ත වෙනවා කියලා... කෙල්ලො දෙන්නෙක්ම ඉන්න හන්දා අක්කා හරිම වාසනාවන්තයි...
කතුවරයාගේ නම පොතේ තිබ්බ විදිහටම ලිව්වේ ලිහිණි .
Deleteඅපේ අය වගේ අය තව ඉන්නවා වගේ .
ආදරණීය අම්ම කෙනෙකුගේ ලිපියක්... සතුටු හිතුණා කියවද්දි... ලේසි නෑ වගේ කෙල් ලො දෙන්න එක්ක ජාමෙ බේර ගන්න එක. පොතපතට ආදරය කරන එක නම් ලොකු දෙයක් බින්දි... අද හුගක් ළමයින්ට පොත් වහකදුරු වගේනෙ. අම්මල තාත්තල පුංචි කාලෙ ඉදන් හුරුවක් දීල නැති කමයි ප්රිශ්‍නෙ.
ReplyDeleteපොත් කියවිල්ලත් පුරුද්දෙන් වගේම පොඩ්ඩක් ජාන මය බලපෑමක් ඇති දෙයක් .
Deleteඅපොයි මන් ඔලුව බේරාගෙන ඉන්නේ යන්තමට .
lassana kathawak...
ReplyDeleteස්තුතියි සයිලන්ට් ශාන්
Deleteනියම කතාවක්
ReplyDeleteස්තුතියි මධුරංග
Deleteශහ්.. මරේ මරු... බින්දි ළමයි එක්ක හැංගිමුත්තුත් කරණවද ? හොඳ අම්මා කෙනෙක්.. දෙමාපියො දරුවො අතර පරතරය, විශේෂයෙන් අම්මා සහ දුවලා අතර, අඩු වෙන්න වෙන්න දෙගොල්ලන්ටම වාසියි..
ReplyDeleteඅපොයි සෙන්නා ඕවා අනිවාර්ය දඬුවම්නේ . පරතරය ...කොහෙත්ම තියාගන්න හොඳ නැහැ . මුන් ඔලුවටම නගිනවා තමා . ඒ වුනාට ඉතින් යාළුවො වගේ තමයි අපි. ඒ කිව්වට ඉතින් රණ්ඩුත් වෙනවා ඇති තරම්
Deleteසෙන්නා කිව්ව වගේ....! ගෙදර සුන්දර ලෝකයක් කරන්නෙ අම්මානෙ.ඒ අතින් බින්දි ඉදිරියෙන්...හරිම සුන්දර වට්පිටාවක් මැවුනේ..විස්තර ටික කියෝල.
ReplyDeleteඅනික පොඩිඈයොන්ගෙ වයස නම් මම දන්නෙ නැහැ ඒත් ඔවුන්ගෙ ඉතිරිකිරීම, පොත්වලට ඇති ලැදියාව ගැන සතුටුයි..ගොඩක් වෙලාවට ඒ වගේ පුරුදු ලැබෙන්නෙ මව්ගෙන්..පියාගෙනුත් නැත්තෙ නෑ..ඒත් ක්‍රෙඩිට් එක වැඩිපුර ලැබෙන්න ඕන මවට.
ස්තුතියි වී පොකුර . වයස 10 සහ 6. පොත් වලට නම් අපි දෙන්නගෙම . ඉස්සර සෙල්ලම් බඩුම ගෙනා තාත්ත දැන් ගේන්නේ පොත් .
Deleteඅදමයි මෙ පැත්තෙ ආවෙ හරිම ආසාවෙන් එකම හුස්මට කියවන්න පුලුවන් කතාවක් ....
ReplyDeleteස්තුතියි සචිත් .. ආසාවෙන් කියෙව්වා නම් මගේ සතුට එයයි
Deleteබින්දි හොද අම්මා කෙනෙක්නෙ ..හොදා හොදා ..
ReplyDeleteඅනේ මන්දා චමි 4 යු ...සමහර වෙලාවට මන් කල්පනා කරනවා මන් හොඳ අම්මා කෙනෙක්ද කියල . අපිත් සාමාන්‍ය මනුස්සයොනේ . අපේ පොඩි දු ටික කලකට කලින් තරහ ගිහින් කිවේ '' අක්කේ අපි අම්මව මාරු කරමුද '' කියල ..D
Deleteපුදුම සුන්දර ළිපියක්.. පොඩි උන් අපට ජීවිතේ ගැන බොහෝ පාඩම් කියා දෙනවා...
ReplyDeleteඅනේ ඔව් මාතලන් . අපි උන්ගෙන් දවසින් දවස කොච්චර පාඩම් ඉගෙන ගන්නවද .
Deleteලොකු චීන පින්තූර තියෙන සිංහලෙන් කතාව කියන කතන්දර පොත් තුන හතරක්ම ඉස්සර ගෙදර තිබුණා වගේ මතකයි. දැන් නම් ඒවා කොහෙද දන්නේ නැහැ. කාලෙකින් ඒ වගේ පොතක් දැක්කෙත් නැහැ. දැන් ඒ පොත් ලංකාවේ මුද්‍රණය කරන්නේ නැද්ද මන්දා :(
ReplyDeleteමන් මේ කියන පොතත් චිනේ මුද්‍රණයක් හසිත. මන් ගාව නම් කීපයක්ම තියෙනවා . ලඟදි මෙහෙ තිබිලා ඉංග්‍රීසි පොත් කීපෙකුත් ලැබුනා ඒවායේ .
Deleteචීනෙ පොත් කිව්වම මතක් වුනේ . හැමදේම වගේ ඒගොල්ල පොතුත් අච්චු ගහනවා . ළමයින්ගේ ලස්සන ඉංග්‍රීසි පොත් ඝනකම කවරේ . ..හොඳ මුද්‍රණ . මෙහෙ තියෙනවා ලාබයි .
සුන්දර නිවසක්..... මට මැවිලා පෙනුන අම්මල දුවලා සෙල්ලම් කරන හැටි.. අපුරුයි... :)
ReplyDeleteඅය්යෝ ..ළමයි ඉන්න එක කරදර වුනාට සුන්දරයි තමයි. මන් සෙල්ලමට නම් ටිකක් හොරයි . ඒවුනාට මාව අල්ල ගන්නවනේ .මක් කරන්නද
Deleteවෙනදා 'බනියා' අද 'චූටි දූ', 'පොඩි දෝනි' වෙලා.. ෆුල් මැර තර්ජනයක් ඇවිත් පාටයි.. :P
ReplyDeleteහෙහ් ..තර්ජනය ආවේ මට නෙමේ .. බ්ලොග් රසිකයෙක්ට . ඒ වගේම තාත්තගේ පිටින් තමයි ඕක ගියේ . අනික් අතට ළමයෙක් කියන්නෙත් ශරීරයෙන් කුඩා වුවත් මනුස්සයෙක්නේ ..හැඟීම් දැනීම් ඇති.
Deleteඑයා අකමැති නම් අපි එහම කරන්න හොඳ නැහැ .
අනිවා ඩෙෆා.. පුංචි එකා කාලෙ මට මල පනිනම සීන්ස් එකක් තමා ඔය එකේක අය එකේක නම් කියන එක.. ගෙදර මිනිස්සු නම් තව කමක් නෑ..
Deleteගොඩාක් ලස්සන පින්තූරයක් හිතෙත් මැවෙනවා...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ස්තුතියි රති ...
Deleteඔබටත් එසේම වේවා !!!!!!!!!!!
//හරි ඔන්න ඔහොම කොච්චර ඩිස්කවුන්ට් දුන්නත් තාත්තගෙන් ගාණක් කඩා ගන්න කෙල්ලො දස්සයි.
ReplyDeleteහොඳම දේ ඉතින් මටත් පොඩි ගාණක් දෙන එක//
ඔය අහුවෙන්නෙ හොර වැඩ...
ස්ස්ස්ස් ...කාටවත් කියන්න එපා සිරා
Delete// ආදරේ කියන්නේ ඇඟේ අලවාගෙනම ඉඳිම නෙමේ//
ReplyDeleteමේක ඇත්ත කියලා මාත් හිතනවා. අලවා ගෙන ඉන්න එකෙන් ළමයට වෙන්නෙත් යහපතක් නෙමෙයි. මේවා කියන්න අයිතියක් නැද්ද මන්දා මට. ඒත් මට හිතෙන්නේ එහෙමයි.
සත්තකින්ම ..ඔයාට පුර්ණ අයිතිය තියෙනවා
Deleteඕන නැති පොත් කියලා ජාතියක් අපෙ ගෙදරත් නැහැ. මිනිස්සු මොන හිතකින් එහෙම කතන්දර පොත් අහක් කරනවද මන්ද
ReplyDeleteයෙෂ් ...ඒ ගොල්ලන්ට ස්තුති කරන්න අපට තව අපොත් ගොඩක් එක්කහු වුනා
Deleteඅපූරු කතාවක්, ඒත් මේ වගේ අත්දැකීම් අහලා තියාගන්න එකත් හොඳයි වගේ!!!
ReplyDeleteඔව් ඔව් . ...ළමයින්ගේ හැටි නම් හරිම අමුතුයි ..තේරුම් ගන්නත් අමාරුයි . හැබැයි ඒගොල්ල තමයි ලෝකේ ලස්සන කරන්නේ
Deleteඅම්මාකෙනෙක්ගේ ආදරේ කැටි උන ලස්සන ලිපියක්.. හිතට දැනුනා බින්දි අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteමම ගොඩක් පුංචි කාලේ අපේ තාත්තා මාව චීන පොත් ප්‍රදර්ශනයකට එක්කන් ගිහින් පුංචි පුංචි පොත් ගොන්නක් අරන් දීලා තිබුනා. (සිංහල අනුවාද තමයි. ඉංග්‍රීසි පොතුත් තිබුනා, මම ඉංග්‍රීසි ඉගෙන ගත්තාම කියවන්න කියලා.) එව්වා ඒ කාලේ රුපියල් දහයයි, පහලවයි.. ඒ වගේ ගණන්. හරිම ලස්සන පොත් ටික. එයින් මට මතක "පාට කිරීමට චීන පොතක්" කියන පොත් හය තමයි. මම ඒ කාලේ ඒ පොත් ඉරේනකල්ම පට්ට ගැහුවා. ඒ පොත්වලින් ඉංග්‍රීසි පොත් දෙකතුනක් ඇරෙන්න එකක්වත් මගේ ළඟ දැන් නෑ. (පොඩි කාලේ කඩ්ඩ බැරි නිසා කඩ්ඩ පොත් ටික අතට ගත්තේ ලොකු උනාම නේ. ඉතින් එව්වා යහතින් තියෙනවා).
ReplyDeleteඒ කාලෙම සෝවියට් පොත් ප්‍රදර්ශනේකින් තාත්තා මට සෝවියට් පොත් අරන් දුන්නා. ගණිත හෝඩිය, යෙප්රෙම් ලෙවිතාන්ගේ ළමයින්ට ඉර හඳ තාරකා ගැන කතා, පෙරේල්මාන්ගේ ගණිත විනෝදය, එයින් සමහරක්. ගණිත විනෝදය පොත ලොකු පොතක්. එත් මම එක කියවනවා තුනේ පන්තියේදී. මම පෙරෙල්මාන් ගැන බ්ලොග් එකේ ලිව්වෙත් ඒ පොතට තියෙන ආසාව නිසා. ඒ පොත් ටික මම තියන් ඉන්නවා කවදාහරි මගේ ළමයෙකුට දෙන්න. දැන් ඒ පරණ සෝවියට් ප්‍රින්ට් එක හොයාගන්නත් නෑ නේ.
වැඩ බැරි දාසගේ පොත් සෙට් එකත් අරන් දීලා තිබුනා. එව්වයේ නම් දැන් කෑලිත් නෑ. ඒ තරම් පට්ට ගැහුවා ඒ කාලේ.
වියට්නාමේ පැත්තේ ඒ වගේ ලස්සන ළමා කතා පොත් නැද්ද දන්නේ නෑ. අද කාලේ මෙහෙ තියෙන ළමා කතාවලට ඒ චීන සෝවියට් පොත් ළඟින්වත් යන්න බැරි බව දුකෙන් උනත් කියන්න නම් වෙනවා.
අමතක වුනා. පෙරෙල්මාන් ගැන මගේ ලිපියේ ලින්ක් එකක් දාන්න හිටියේ, බලපු නැති කෙනෙක් හිටියොත් බලන්න. bindi අක්කා නම් එක කියෙව්වා නේ.
Deletehttp://asidisimaanaya.blogspot.com/2012/10/blog-post.html
ඔව් චාමර ..මාත් ඒ කාලේ මහජන පුස්තකාලේ ප්‍රදර්ශන වලින් හෙම ගත්තු පොත් . පස්සේ කාලෙක බොරැල්ල මරදාන පොඩි පොත් කඩයක් වත් ඇත නොහැර රස්තියාදු වුන කාලේ ගත්ත පොත් . මන් නම් කාටවත් දුන්නේ නැහැ . දිග යද්දිත් දෑවැද්දට ගෙනිච්චේ පොත් තමයි .
Deleteඅදටත් කොහේ හරි දැක්කොත් ඔය පරණ පොතක් අර ගන්නවා .දැන් නම් පරණ මුද්‍රණ සොයන්න නැහැ .
වියට්නාම පොත් තියෙන්නේ ඒ ගොල්ලන්ගේ බසින් . හැබැයි ඉංග්‍රීසි වියට්නාම දෙකෙන්ම එකම පොතේ පිටු ලියවුන පොත් මන් අරන් තියනවා . බ්ලොග් එකෙත් පොඩි පොඩි කතා ඉඳහිට ලියනවා .
මේ රටේ හරියට ජනකතා . මගේ පරණ ලිපි ටිකක් ඇති .
සුරංගනා ආදරේ , මේ පුරසඳ ළමයින්ටයි , දිය මකර රජුගේ ළමයි ..ඔය මට මතක ටිකක් .
ආ තව ''බුලත් සපන්නේ කොයි කොයි දේසේ ''...''මකර මවක් වැතිර නිදන ..''
වෙලාවක මේවා වෙන වෙනම කැටගරයිස් කරන්න ඕන .
මතකද '' මුතුබෙලි අක්ක නගෝ හත්දෙනා '' චීන පොත . මට එකේ ඉංග්‍රීසි පොත ලඟදි ලැබුනා .
මුතු බෙලි අක්ක නගෝ හත් දෙනා පොත මම පට්ට ගහපු තව පොතක්. දැන් නම් ඉතින් කෑලිත් නෑ හොයාගන්න. පාවිච්චියේ තරම තමයි. පොත් තියෙන්නේ ගෙදර කබඩ් එකේ දාලා ලස්සනට තියන්න නෙවෙයි නේ. ඉස්සර මගේ පොත් පාවිච්චියේ හැටි තමයි ඒ... දැන් නම් ඊට වැඩිය ගොඩක් පරිස්සම් :-)
Deleteමම ලඟත් තියෙනවා "පාට කිරීමට චීන පොතක්". :D
Delete
ReplyDeleteදවසක් මන් සැර කළහම කිව්වෙ '' මන් නම් ලොකු වුණහම මගෙ ළමයින්ට ඔයිට වඩා කරුණාවන්ත වෙනවා'' කියලයි.
ඕක අහල අක්කා කියන්වා ''අපෝ ළමයි හදන එක අමාරු වැඩක්...අපි නිකන් ඉමු ''කියල .
මම ආසම කොටස තමයි මේ :)
තව මේ ගොල්ල මාර කතා කියනවා . ළමයින්ගේ කතා අහන එක හරිම විනෝද වැඩක් .
Deleteආයෙමත් මට පුංචි කාලේ මතක් කළාට ස්තූතියි අක්කේ.ජය!!!
ReplyDeleteඔබටත් ජය වික්ස්
Deleteඔබ කියන දේ හරි.. අපි ඉවත දාන්න පොත් ගන්නේ නෑ. ඒවා එකතුකරගන්නේ ජිවිත කාලයටම කියවන්න විඳින්න, ජීවිතේට අලුතින් යමක් එකතුකර ගන්න. ඒ නිසා මට යම් වෙලාවක පොත් පරිතයාග කරන්න හිතුනොත් මම කරන්නේ ඒ සඳහා වෙනම පොත් ටිකක් අරං දෙන එකයි.
ReplyDeleteඅනෙක තමයි ළමා කතාවකින් වුණත් වැඩිහිටියන්ටත් මුලු ජීවිතේටම යමක් ඉගන්න ගන්න පුලුවන්..
ආයිත් අහලා . අපිත් එහෙමයි . අපි ගාවම තියෙන පොතක් අලුතින් අරන් තමයි දෙන්නේ .
Deleteඅපොයි ඔව් මන් හැමදාම ඉගෙන ගන්නවා මේ ගොල්ලන්ගෙන්
මාත් පොත්වලට ආසා නිසා අයින් කරන්න පොත් කවදාවත්ම නැහැ. අපේ නැන්දා කෙනෙක් ඉන්නවා බලලා ආපසු දෙන්නම් කියලා පොත් ගෙනියනවා, කවදාවත්ම ගේන්නෙ නැහැ. මගෙ හොඳම පොත් කීපයක් ඒ වගේ එයා ලඟ.
ReplyDeleteකොච්චරට දෙයක් ද දරුවන් පොත් වලට ආසා එක.
බින්දි, මගෙ කියල මට දුවෙක් නැහැනෙ. ඒ උනාට මට හොඳ දුවල දෙන්නෙක්ම ලැබුනා. ඒ නිසා සතුටුයි. එයාල මට ආදරේ වග පේනවා. මම හිතුවෙත් මම අපේ අම්මාටයි , අපේ නැන්දම්මාටයි වඩා කරුණාවන්ත වෙනවාමයි කියලයි. මම හරිද? කියල මම දන්නේ නැහැ. අහන්න ඕනෙ දරුවන් ගෙන්ම තමයි.
අක්කේ ඔයා කරුණාවන්ත බව පෙනෙනවා . මුණ දැක්කම කියන්න පුළුවන් .
Deleteඅය්යෝ අපේ ගෙදර ඉස්සර තිබුන පොත් ගොඩාක් නැති කළා අපේ පුන්චිලා . ඒ ගොල්ලන්ගේ යාලුවන්ට දීලා . අපි පොඩි නිසා තේරුමක් තිබුනේ නැහැ .
මම ලඟත් නෑ ඕනි නැති පොත් කියල ජාතියක්.කාට හරි දෙන්න ඔයාලට ඕනි නැති පොත් ගෙනත් දෙන්න කිව්වම මම නම් කරන්නේ අලුත්ම පොත් අරන් ටිකක් අරන් ගිහින් දෙන එක.හැමෝම කැමති අලුත් පොත් ලැබෙනවටනේ..
ReplyDeleteඅපේ තාත්ත නම් කියන්නේ කවද හරි දෑවැද්දට දෙන්නේ එකතු කරන තියෙන පොත් ටිකයි පත්තර ටිකයි කියලා :D
බින්දී අක්කගේ කතාව කියෙව්වම මට හිතුනා අම්ම කෙනෙක් වෙන එක කොච්චර සුන්දර දෙයක් ද කියලා...
දෑවැද්දට පොත් එකතු කරන්නියන්ගේ සංගමය ..හික් . අය්යෝ කියල වැඩක් නැහැ . අපේ දිහා වෙච්ච වැඩේ කියන්නේ මන් පොත් මිටියක් කරතියන් ගියහම මෙන්න එයත් එක්කහු කරලා අලි පොත් පත්තර ගොඩවල් . යන්තම් ඉන්න කාමරේ අස්කරලා තිබුනෙත් අමාරුවෙන් . ගරාජ් එකට තමයි පත්තර වික වැඩියේ . විදුසර පත්තර ටික නැන්දම්මා කඩේට දීලා . එක ගොරියයි .. ආය මත ගිහින් ගෙනල්ලා .
Deleteහැබැයි පත්තර නම් මියෝ කාලා පස්සේ බලද්දී . ලොක්කි ඉපදෙන කොට තව ටිකක් එලියට දැම්මා . අය්යෝ ...කාවෝ දෙන්නෙක් කසාද බැඳලා වෙච්ච දෙයක් .
පොඩි කාවෝ පැටවූ දෙන්නෙකුත් ඉපදුනානේ
ප්‍රමුදිට කියන්න ඇඳක නිදා ගත්තොත් පොතක් දෙකක් පිටේ ඇනෙනවා .
මේ පොස්ටුව දෑකාමයි මටත් හිතුනේ මම කසාද බෑදලා ඉන්නේ කාවො පවුලකින්,,ඒයාගෙ අම්මා,අප්පච්චි,අක්කා..එයා...ඔක්කොමලාම පොත් ගුල්ලො....ඒකට මමත් එකතු උනා....කොහෙන්වත් හොයා ගන්ට බැරි තරමට ලොකු පොත් ගොඩකම එකම අයිති කාරයා මම උනා අන්තිමටම......
Deleteඇත්තටම කොච්චර හොඳද එරන්දි පොත් කියන්නේ හොඳ ඇබ්බැහි වීමක්
Delete