Showing posts with label ඇසට හසුවන මායිමේ සිට. Show all posts
Showing posts with label ඇසට හසුවන මායිමේ සිට. Show all posts

Monday, 3 December 2012

අතු දියට වැටි ...දිය තරග නැගී......

ඊයේ සීතල වුනත් මිදුම තුනී වූ දවසක්..කාලෙකින් හොවැං කියම් වැව පැත්තෙ යන්න බැරි වුන නිසා රවුමක් ගියා.
මේ තමයි චිනය සහ යුද වදින්න ලබාදිපු රන් කඩුව ඉබ්බා ආපසු අරගත්තු තැන. ආයේ කඩුව කටු ගෙවල්වල දාලා පසු කාලෙක පරිස්සන් කරනවට වඩා ආපසු ගත්තු එක හොඳ වෙන්න ඇති.
අද මට කම්මැලියි වැඩි විස්තර කියන්න. පින්තුර විතරයි.

මේ වැව රවුම නගරයේ හදවත කියන්න පුළුවන්. ඒ වගෙම මෙතන තරමක උප සංස්කෘතියක්  තිබෙන බවත් කියන්න ඕන. ව්‍යායාම කරන්න , පින්තුර ගන්න ආදරේ කරන්න , රස්තියාදු වෙන්න කියාපු තැන .

මේ වගේ ජලාශ මේ පළාතේ හැම තැනම . කොටින්ම පළාතේ ලොකුම වැව ආසන්නයේ තමයි අප ජිවත් වෙන්නෙත් . නමුත් මේ වැව විශේෂයි  .

නගරයේ  ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් .

මේ ගැන ලියන්න නම් අපමණ දේ තියෙන නමුත් වෙලාව පිලිබඳ ගැටළුවක් තිබෙනවා . වසන්තය ඉවරයි . ලියන මුඩ් එකත් නැතිවේගෙන යනවා වගේ . පාසලේ නිවාඩුවට පෙර අන්තිම සති දෙක . විවිධ ක්‍රියාකාරකම් සිදුවෙන කාලේ .

මේ පාර නම් මුකුත්ම ගෙනියන්නේ නැහැ කියල හිතන් හිටි ගල් හිත උණු වෙන්න පටන් ගන්න කාලේ . සේද පසුම්බි ටිකක් , ලැකර් පින්තාරු ටිකක් ,  බම්බු වලින්හදපු පොඩි පොඩි විච්චුර්ණ ටිකක් ගන්න පරණ ටවුම දිහා රස්තියාදුවේ යන්නත් කාලේ .

ඉතින් ඒවා පැත්තකින් තියමුකෝ . මේ වැව වටේ ඇවිදීම ලස්සන අත්දැකීමක් .




පින්තුර අරන් විනාඩි දහයෙන් දෙන කැමරා ශිල්පියෙක්ට කියල ලස්සන පින්තුරයක් ගන්නත් පුළුවන් .



ආදරවන්තයෝ නම් බැංකුවක ඉඳගෙන ඈත බලන් ඉන්නත් බැරුවය දවසක් වුනත් ..




 .


වැවට උඩින් රතු පාලම දිගේ ගිහින් ඉබි පන්සලට යන්නත් පුළුවන් .
 
 
 
 පන්සලට යන ගේට්ටුව ගාව කොටියා සහ මකරා










අධ්‍යාපනය සංකේතවත් කරන පින්සල් කුළුණ . ඔය ගල් වැටියට බඩ ගෑම අපේ දෙන්නගේ ආසම වැඩක්





යුගල පින්තුර ගන්න ආපු මනාල ජෝඩු දහයක් පහළොවක් බලා ගන්න පුළුවන් . මට මුණගැහුන ආරක්ෂක අංශ සාමාජිකයා සහ එයාගේ මනාලිය නම් බොහොම කැමැත්තෙන් පින්තුරේට මුණ දුන්නා . ඒ අතින් හරිම මිත්‍රශීලි අහිංසක කමක් මේ මිනිස්සු ළඟ තියෙනවා .




Cyclo කියන බයිසිකල් රික්ශෝවේ නැගල රවුමක් යන්නත් පුළුවන් .

ලොකු තැපැල් කන්තෝරුව .





නගරයේ දහස් වසර ගෙවුන නිසා ස්විස් රජයෙන් දුන්න ලොකු ඔරලෝසුව ...



මුහුණ ඇඳගන්න කැමති නම්

නැත්නම් කැසට් එකක් දාල නැටුම් උගන්නන තාවකාලික නැටුම් කණ්ඩායමක් එක්ක නටන්නත් පුළුවන් . ඉවර වෙලා තොප්පියට කියක් හරි දෙන්න විතරයි තියෙන්නේ .
 
 

ඔය සේරම කරන්න කම්මැලි නම් ගස් අතු දියට වැටි මවන මනරම් දසුන් දෙස බලා ඔහේ ඉඳගෙන ඉන්නත් පුළුවන් .

Saturday, 13 October 2012

අලිය ගිලපු දිවුල් ගෙඩිය වැඩක් නැති වුනත් ....


 


අපි පොඩි කාලේ උගුඩුවන් ඕනෑතරම් හිටිය . හැබැයි උන් මොනවගේද කියල හරිහැටියකට දැකල තිබුනේ නැහැ . නිශාචරයෙක් නිසා වෙන්න ඇති . මොනවා වුනත් උගුඩුවා කියන්නේ ප්‍රියමනාප සතෙක් විදිහට නම් නෙමේ අපට දැනුණේ. රෑට කුකුලෝ හොරකම් කරන විත්තිය අහල තිබුන . උගුඩුවො එන හින්දා කුකුල් කුඩුව ගහක එල්ලලා තිබුනත් මතකයි.

ඒ මදිවට සමහර මිනිස්සුන්ව ඇටිකෙහෙල් කාපු උගුඩුවාට සමාන කරනවා වුනාට ඇටි කෙහෙල් කෑවම උගුඩුවට වෙන්නේ මොනවද කියල හොයල බැලුවෙත් නැහැ .


අපිට එහෙම වුනාට ඔය කෝපි වලට ඇබ්බැහි වෙච්ච අයට නම් උගුඩුවාAsian Palm Civet හරිම වැදගත් බව මන් දැන ගත්තේ ලඟදි .

[picture from http://en.wikipedia.org/wiki/Kopi_Luwak ]



ඉතියෝපියාවේ කල්දී කියන කොලුවා කෝපි සොයා ගත් බව තමයි එහෙදි මට අහන්න ලැබුනේ . කල්දී කියල කෝපි කඩ ජාලයකුත් එහෙ තියනව . ජාලයක් කිව්වට ඉතින් ''ස්ටාර් බක්ස්'' හරි ''කොෆි බින්ස් '' වගේ හරි පොෂ් නම් නැහැ . කොහොමත් ඉතින් වැඩිය හොඳ පුටු තියෙන්නේ වඩුවාගේ ගෙදර නෙමේනේ .



අපිට වැඩකට නැති උගුඩුවන් ජාවා , සුමාත්‍රා වැනි ඉන්දුනිසියන් දුපත්වලට නම් රත්තරන් වගේ . අපේ උගුඩුවන්ගේ එහෙ ඉන්න නෑයන් එච්චර වටින්නේ මොකවත් හින්දා නෙමේ උන්ගේ වසුරු නිසා . කෝපි ඇට ගිලල හෙලන වසුරුවල තියෙන නොදිරවපු ඇට මේ පලාත්වල මිනිස්සුන්ට රත්තරන් වගේ .
ඕලන්ද කාරයෝ මේවයේ කෝපි වගා කරලා තියෙන්නේ මුලින්ම . හැබැයි පසු කාලේදී ගමේ මිනිස්සුන්ට කෝපි ඇට නෙලා ගන්න තහනම් කරලා . මේ මිනිස්සු තමයි මේ වසුරු වල තියෙන කෝපි ඇට වලින් කෝපි හදන්න පටන් අරන් තියෙන්නේ .

මන් කෝපි ලෝලියෙක් නෙමේ නිසා කෝපි එක්ක වැඩි ආස්සරයක් නැහැ . යුරෝපිය වගේම අනික් ජාතිවල ගැහැණුත් බොහොමයක් කෝපි බොන්න රුසියන් . මන් ඉතින් තේ තමයි. දවසක් මට යාලුවෝ දෙන්නෙක් අඬගැහුව Cat poo poo කෝපි බොන්න යමුයි කියල . දැන්වීමකුත් පෙන්නුවා . නිකන්වත් කෝපි නොබොන මට ඔය ජරාව මොකටද කියල මන් ගියේ නැහැ . ඒ ගැන එහෙම්ම අමතක වුනා .

ඊයේ පෙරේදා '' අම්මට කියන්න එපා '' කියල ටිකක් අමුතු තැන්වලට යන නැෂනල් ජියෝග්‍රෆි නාලිකාවේ හාදයා බෝර්නියෝ පැත්තේ ගොහින් කල වැඩසටහනක් බලද්දී ආයෙම මේ ගැන කියවුනා . අපේ බනියටත් හරිම හිනා .


එවෙලෙමයි හිතුනේ මේ ගැන කියවල බලන්න . [මේ වගේ කියවල බාගෙට ලියල මග ඇරුන ලිපි කෑලි රාශියක් බ්ලොග් එකේ තියෙනව . මේක නම් ඉවරයක් කරනවා කියල හිතුනේ ටිජි අදත් මුණු පොතේ පණිවුඩයක් එව්වට පස්සේ.. මේ සතියත් කෙල්ලන්ට නිවාඩු . සම්පුර්ණ වගකීම බෑන් කි මුන්ගේ . මන් නම් අහිංසකයි ]


ටි ජි නගා කෝපි බොන එක නතර කරන එකක් නැහැ කියල මන් හිතනවා .


අපි වගේම ඉන්දුනිසියන් මැලේසියන් අයත් කියන්නේ කෝපි . මේ උගුඩු කෝපි වලට ඉන්දුනිසියන් බසින් කියන්නේ කෝපි ලුවක් . සුද්ද කියන්නේ නම් Civet coffee .
ඉස්සර ස්වභාවිකව කැලයේ හෙලන වසුරු එකතු කලත් දැන් දැන් කුඩුවල දමල කෝපි කන්න දීල වසුරු එක්කහු කරන තැනුත් තිබෙනවාලු. වැඩසටහනේ ගියපරිදි නම් මාස කීපයයි කුඩු කරන ඉන්නේ . අනේ මන්ද ඉතින් ඕව නම් .

 පිලිපිනේ සහ වියට්නාමේත් මේ ක්‍රමය අනුගමනය කරන කෝපි වතු කීපයක් තිබෙන බවයි ආරංචි. මේගොල්ලන්ට ඕව එච්චර ජරාව නෙමේ .


වියට්නාමයේ කෝපි ජනප්‍රියයි බොහොම . දේශීය වගේම ජාත්‍යන්තර කෝපි කඩත් මෙහෙ තියෙනව . හැබැයි තවම මේ Civet Coffee එපමණ ප්‍රසිද්ධ නැහැ . මෙයාල කෝපි ජාතියක් තියෙනව තද කළු . හිමිට කෝප්පෙට පෙරෙන්න ඇරලා ගනකමට බොන . බොනවට වඩා කනවා තමයි ගැලපෙන්නේ .


මේ Civet Coffee තමයි ලෝකේ අඩුවෙන්ම නිෂ්පාදනය වෙන්නේ . ඒවගේම අස්ප ගණන් . බීපු උදවිය කියල තියෙන්නේ සතාගේ ආහාර මාර්ගයේදී යම් පමණකට පැසිමක් වෙන නිසා අමුතුම රසක් ඇතිලු.


ටි ජි නගා කෝපි බොන එක නතර කරන එකක් නැහැ කියල මන් හිතනවා .
අපි වගේම ඉන්දුනිසියන් මැලේසියන් අයත් කියන්නේ කෝපි . මේ උගුඩු කෝපි වලට ඉන්දුනිසියන් බසින් කියන්නේ කෝපි ලුවක් . සුද්ද කියන්නේ නම් Civet coffee .

ඉස්සර ස්වභාවිකව කාලයේ හෙලන වසුරු එකතු කලත් දැන් දැන් කුඩුවල දමල කෝපි කන්න දීල වසුරු එක්කහු කරන තැනුත් තිබෙනවාලු. වැඩසටහනේ ගියපරිදි නම් මාස කීපයයි කුඩු කරන ඉන්නේ . අනේ මන්ද ඉතින් ඕව නම් . පිලිපිනේ සහ වියට්නාමේත් මේ ක්‍රමය අනුගමනය කරන කෝපි වතු කීපයක් තිබෙන බවයි ආරංචි.

කෝපි ගැන මගේ මතක නම් කෝපි තරම් තිත්ත නැහැ . උගුඩු කෝපි තරම් අප්පිරියාත් නැහැ

. ලිපියෙන් පොඩි වංගුවක් ගහල මේ ටික මෙතනම ලියල දාන්නේ ආයේ කවදා කෝපි ගැන ලියයිද නොදන්නා නිසා.
අපේ රත්නපුරේ මහගෙදර කෝපි වවා තිබුණා. අවුරුද්දට ගියහම ආපහු එද්දී ආච්චි ඔතල දෙන ගොරක , කාරබු නැටි , ගම්මිරිස් , කැවුම් අතර කෝපි ඇටත් තිබුන . අපි කඩෙන් කෝපි ගේන පුරුද්දක් තිබුනේ නැහැ . පුරුද්දකට කෝපි නොබොන අපේ ගෙදර මේ කෝපි ඇට කාලයක් තිබුන . කාට හරි බඩ රිදුනහම අම්ම කෝපි ඇට ටිකක් කබලේ රත්කරල වංගෙඩියේ කොටනවා . හරිම සුවඳයි . අලුතින්ම කොටපු කෝපි දෙහි දාල බොන්න දෙනවා . බොන්න අකමැති වුනත් සුවඳට නම් හරිම ආසයි .


ආයේ අපි උන්න ගෙවල් පැත්තෙත් හැම ඉඩමකම වගේ කෝපි ටිකක් තිබුණ. ඒ අය වුනත් තම තමාගේ පාවිච්චියට මිසක් විකුණන්න තරම් උනන්දුවක් ගත් බවක් මට මතක නැහැ . කෝපි මල් තියෙන කාලෙට හරිම සුවඳයි. ලස්සන දත් පෙළක් සුදු පාට කෝපි මල්වලට උපමා කරනවනේ . කෝපි මල් සුවඳක් දැනුණේ නැහැ කාලෙකින් . එහෙම බලද්දී කොයිතරම් දේවල් මට මග ඇරිලද.



picture from google images

ඉදිලා රතු පාට වෙච්ච කෝපි ගෙඩි සුප්පු කරන්න අපි ආසයි ඒ දවස්වල . සුද්දා වවපු කෝපි වගාවට සුදු පුස් බෝවුන කතාවයි , කෝපි මල් වල සුවඳයි . අම්ම හදන කළු කෝපි එකේ සුවඳයි , කෝපි මල් හිනාව ගැන යි වගේ පුංචි දේවල් ටිකක් විතරයි මන් කෝපි ගැන දැන හිටියේ .