Showing posts with label කවි සහ කවි වගේ. Show all posts
Showing posts with label කවි සහ කවි වගේ. Show all posts
Thursday, 6 December 2012
වටරවුමේදී මග ඇරුන ..කවි මිතුර
සන්තකට ,
අකුරු විතරක්ම තිබු
අකල් සමයෙක
හමු වූ කවි මිතුර
අප මග ඇරුන හන්දිය
ඔබට මතකද ...
වටරවුම හැරවුම
පහසු මාවත මටයි
ඔබ ගියේ රළු කටුක
වෙනස් පාරක හැඩයි
...අත ඇරුණු කවි අහුලන්න
හන්දියට ගොසින් බැලුවාම
ඔබ ගොසිනි බොහෝ දුර
මට වචනයක් වත් නොතියාම
...ඔබ ලියු පරණ කවී පමණක්
ඇලවෙනු දුටිම් තැන තැන
අලුත් පරපුර අලුතින්ම
කියවයි අකුරු ගැන ගැන ..
බැරි වුණත් බිතු සිතුවමක් වන්නට
ඉස්සර වගේ කියවා කියවා ඉන්නට
ඉඳහිටක දුක සැපක් අහන්නට
බැරිකමයි මට නම් තියෙන දුක
......කුඩා වූ පෘථිවියේ කොහේ හෝ
හමු වුණොත් අහම්බෙන් අතරමග
අහන්නට තිබෙන කප්පරක් දේවල් නොඅසා
එකම පැනයක් අසමි ..
''එල්පින්ස්ටන් හන්දියේ පෙට්ටි කඩයෙන්
බෙදා ගත් කහට තේ කෝප්පෙට
මම ණයද ?''
Labels:
කවි සහ කවි වගේ
Monday, 29 October 2012
මහ වරුසාවට පසුව අහස් ලිය ....නීල සිනිදු සළුවෙන් සරසා
සුළඟ කලබල කලැයි..
දුකෙන් පසුවුන අහස
ඊයේ මුළු දවසේම
හොඳටෝම හැඬුවා....
....ඉර හරිම බියගුලුයි
පොඩි සුළඟටත් ගැස්සී
වලාකුළු කාමරේ
සිටියාලු හැංගි..
.... දඟකළ සුළං ගියෙදැයි
ජනේලෙන් එබී බලමින්
හෙමි හෙමින් ඉර ඇවිත් තිබුණා
..කඳුළු වලටම සේදී
අහස නව සළු පැළඳි....
සවස මනරම් ලෙසින් සිටියා ..
...හැරගියයි හිරුට දොස් නොකියා .....
හැංගිච්ච වැරද්දට පසුතැවි හොඳටම
ආයෙමත් රන් වලින් සරසා
අරුණි අක්කලාගේ ගෙවල් පැත්තේ සැන්ඩි කලබල කරද්දී මේ පැත්තටත් වැඩි සද්දයක් නැතුව පොඩි කලබල කාරයෙක් කඩන් වැදුණා.
පිලිපිනෙට බැට දීලා මේ පැත්තට එද්දී චණ්ඩි කම් අඩු වෙලා තිබුනත් තරමක විනාශයක් කරලා . හතරදෙනෙක් පමණ මියගිහින් . උස ටි වී කුළුණකුත් කඩා දාලා . මුහුදු යන්න බැරි වෙලා .
අද සවස වැස්සෙන් සේදුන අහස හරිම ලස්සනට තිබුණා .
ලියන මුඩ් එකේ අද මන් කොහොමත් හිටියේ . එහෙම එක එක මුඩ් තියනවා . උයන මුඩ් එකේ උන්නොත් හොඳට උයනවා . ලියන මුඩ් ඒක ආවොත් කෑම සවුත්තුයි . ඔය වෙස්ටර්න්, ඉතාලි ඉවිලි තමයි ඒ දවසට .
රෙදි සෝදන මුඩ් එකත් එන දවස් තියෙනවා . එදාට කෑල්ලක් ඉතුරු නොවෙන්න සෝදනවා . අවාසනාවට රෙදි මදින මුඩ් එක කියල එකක් මට නැති හින්දා අකමැත්තෙන් තමයි රෙදි මැදෙන්නේ. අපි ඒ ගැන සෑහෙන්න කතා කලානේ ..
කඩේ යන මුඩ් එක ආදාට ගෙවල් ඉස්සරහ විදියේ කෙළවරක ඉඳන් ඇවිදිනවා . සමහර විට පොළෙත් යනවා .
ලොකුවටම සිතක් ආවොත් හැනොයි නගර මධ්‍යයේ විදිවලත් ඇවිදිනවා . මේ මුඩ් එක එන්නේ කලාතුරකින්.
දැන් අහන්න එපා මුඩ් එකක් නැති දාට කන්නේ බොන්නේ කඩේ යන්නේ රෙදි සෝදන්නේ නැද්ද කියල . ඒවා වෙනවා හැබැයි කරන්න ඕන නිසා .
කිසිම මුඩ් එකක් නැති කම්මැලි දවස් වලට වැඩියෙන් ටීවී බැලෙනවා . මුඩ් ෆික්ස් කරන්න ඉඟුරු විස්කෝතු වත් නැති කොට මක් කරන්නද .
ආ අර වැස්සෙන් සේදුන අහසේ සඳ පායලා . තරුත් පිරිලා . අපිට තරු දකින්න ලැබෙන්නේ කලාතුරකින් . මෙතරම් තරු පිරුණ ලස්සන අහසක් මෙහෙදී ඔය දැක්කමයි.
අපේ ලොක්කියි මායි එයාගේ පුංචි ටෙලෙස්කොප් එකත් අටවාගෙන සඳයි තරුයි බැලුවා . ඒ ටෙලෙස්කෝප් එක ගෙනාවේ ඔබා මාම බලන්න ගිය ගමනේදී . ලොක්කි ගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් වුන ඔබා මාමගේ ''කළු'' එක්ක මිදුලට වෙලා තරු බලපු එක ගැන අපිට මතක් වුනා .
තරු වෙලා අහසේ දිලෙන්නේ
අපෙන් වෙන්වුන සොඳුරු මිනිසුන් නම් ....
ප ලි
පින්තුරවල අයිතිය මා සහ මගේ ෆෝන් පොඩ්ඩා සතුය
Labels:
කවි සහ කවි වගේ
Subscribe to:
Posts (Atom)


