කලින් ලිපියේ කතාකල විදියට චීනයේ Han යුගයේ සේද මාවත දියුණු වෙච්ච ආකාරය . හෑන් වරුන්ට පස්සේ මේ මාර්ගයන්ට සැලකිය යුතු මෙහෙයක් වෙන්නේ Tang යුගයේදී . හත්වන සියවසේදී Xuan Zhuang නමැති සංචාරකයා ටක්ලමකාන් කතරේ උතුරු පැත්තෙන් ගිහින් ඉන්දියාවට පැමිණෙනවා . බෞද්ධ ලේඛනයන් රැගෙන ආපසු චීනෙට යන්නේ දකුණු දිග කරාකොරම් හරහා වැටුන පාරෙන්.
ඔහු මග දිගට සංස්කෘතීන් සහ බුදුදහමේ ස්වරූපය හොඳින් අධ්‍යනය කළා . ඔහු චීනයේ බෞද්ධ ප්‍රබෝධයේ නියමුවෙක් ලෙසයි සැලකෙන්නේ . මේ යුගයේදී සේද මාවතේ ඇරඹුම වෙච්ච Changan ඉතාම දියුණු වුනා . ඒ වගේම විවිධ දිශාවෙන් ආපු වෙළෙන්දන් වගේම වෙනත් අයත් විශේෂයෙන් මිෂනාරි වරු සහ සැඟවුන චීනය ගැන කුතුහලයෙන් යුතු උදවිය Changan වල බහුල වුනා . චීනුන් මොවුන් දෙස ''බාබේරියන් ''නැත්නම් ම්ලේච්ඡ අය ලෙස බැලු බවයි සඳහන් . කොහොමටත් ඔටු තවලම් වලින් කාන්තාර වල මාස ගණන් යන්න මට සිලිටු අය ඉදිරිපත් වෙන්න නැතුව ඇති . මොවුන් තුර්කි ඉරාන වගේ බටහිර අය සහ නැගෙනහිරින් කොරියන් ජපන් වැනි ජනයාගෙන් සමන්විත වුනා .
මන් බලපු කොරියන් වැඩ සටහනක තිබුනා චීනයේ මුස්ලිම් වරුන් ගැන . ඒ කාලේ ආපු අය වෙන්න ඇති .
Tan යුගයෙන් පස්සේ සේද මාවත ට විවිධාකාර බලපෑම් ඇති වුණා. එකක් චීනය දේශපාලනිකව අස්ථාවර වුණා . උතුරු ප්‍රදේශ වලින් ආයෙමත් ආක්‍රමණ ඇති වුණා . ඒ නිසා සේද මාවතේ ගමන් ගන්නන්ට ආරක්ෂාව අඩු වුණා .
Tan යුගයෙන් පස්සේ සේද මාවත ට විවිධාකාර බලපෑම් ඇති වුණා. එකක් චීනය දේශපාලනිකව අස්ථාවර වුණා . උතුරු ප්‍රදේශ වලින් ආයෙමත් ආක්‍රමණ ඇති වුණා . ඒ නිසා සේද මාවතේ ගමන් ගන්නන්ට ආරක්ෂාව අඩු වුණා .
අනික් හේතුව ඔය කාලේ වෙද්දී මධ්‍යම ආසියාව මුස්ලිම් වෙන්න පටන් අරන් . කුරුස යුද්ධය ගැන අහල ඇතිනේ . දැනටත් ඔය මැදපෙරදිග , ඉරානය , ඉරාකය සහ '' ස්තාන් '' කියල අවසන් වෙන රටවල් බොහොමයක් මුස්ලිම් . මුස්ලිම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි අතර තිබ්බ ගැටුම් නිසා බටහිර පැත්තෙන් ආපු අයට මේ පළාත් තරණය කරන්න අපහසු වුණා . බොහෝ විට වුනේ මුස්ලිම් වරු අතරමැදි වෙළෙන්දන් විදියට කටයුතු කරපු එක . අදටත් මතයක් තියෙනවනේ මුස්ලිම් වරු ව්‍යාපාර වලට දක්ෂයි කියලා .
කොහොමින් හරි මේ නිසා චීනයත් බටහිරත් අතර යම් කිසි වෙන්වීමක් වුණා වගේ ආයිමත් . හැබැයි ඔය කාලෙටත් කලින් ඒ කියන්නේ Han වරුන්ගේ කාලේ වෙද්දීත් [ ක්‍රි. ව. 1 වෙනි සියවස කාලේදී පවා ] චීනය ත් මධ්‍යධරණී කලාපයත් මුහුදින් සම්බන්ධ වුණා .
විශේෂම සිද්ධිය වෙන්නේ මන් මේ ඉන්න හැනොයි වලට පහලින් තමයි ඒ මාර්ගය පටන් අරන් තියෙන්නේ . එය මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දියාව සහ ලංකාව හරහා වැටිලා තියෙන්නේ . පුදුමයක් නැහැ නේද මේ යුගයේදී ලංකාව සෞභාග්‍යමත් දේශයක් වීම ගැන . පොළොන්නරු යුගය පටන් ගත්තේ 7 වන සියවසේ විතර ඉඳන් නේද . මේ ගැන නම් කියවල ලියන්න මට වෙලාව මදි. අනික ලංකා ඉතිහාසය ගැන මට වඩා ලියන්න හැකි අයත් ඉන්න නිසා මන් මෙතන ඒ ගැන කියන්නේ නැහැ . හැබැයි මේ අනගි සම්බන්ධය ගැන මට හරිම සතුටුයි . වියට්නාමයත් ලංකාවත් අතර සම්බන්ධය ඈතට විහිදෙන නිසා .
වියට්නාමෙට බුදුදහම ආපු හැටි ගැන ගැන දැන් හිතා ගන්න පුළුවන්නේ . කෙලින්ම ලංකාවෙන් සහ උඩහ පැත්තෙන් චීන ආභාෂයෙන් වෙන්න ඇති . තව ඒ ගැන සොයන්න ඕන .
ඉතින් ගොඩබිම් මාර්ගයන් ටිකක් අඩුවෙන් පාවිච්චි වෙද්දී විකල්පයක් ලෙස පහලින් සමුද්‍ර මාර්ගය දියුණු වෙන්න පටන් ගත්තා . හරියටම සේද මාවත කියන මුහුදු මාර්ගය ඇරඹුණේ චීනයේ Guangzhou වලින් .
සමුද්‍ර සේද මාවත ....
මේක තේරුම් ගන්න නම් ලෝක සිතියම ගැන පොඩි අවබෝදයක් ඕනෑමයි . මට පොඩි කාලේ ඉඳන් තිබ්බ පිස්සුවක් තමයි සිතියම් පොත බලන එක . අන්තර්ජාලය නැති කාලේ මන් ලෝකේ පුරා ගියේ සිතියම් පොතේ නැගල . ස්කුල් බස් එකේදී අපි නිතර කරන සෙල්ලමක් තමයි සිතියම් පොතේ එක එක දේවල් සොයන එක . වෙන සෙල්ලමුත් කළා . ගල් සියඹලා කාල ඇට විසිකරන එක වගේ .
ඔන්න ඔය නිසා මට නම් ලෝක සිතියම බොහෝ දුරට කට පාඩම් . මන් වගේ පිස්සෝ නොවෙන අය ට උඩ තියෙන සිතියම උදව් වෙයි මේක තේරුම් ගන්න ,.
දකුණු චීනයේ Guangzhou වලින් පටන් ගෙන වියට්නාමය පැත්තෙන් පහලට ඇවිත් තාය්ලන්තය , මලයාව [ ඒ කාලේ සිංගප්පුරුව කියල රටක් තිබ්බේ නැහැ . නුතන මැලේසියාවයි, සිංගප්පුරුවයි එකට ගත්තම කලාපයම හැඳින්නුවේ මලයාව කියල ] එතනින් මලක්කා සමුද්‍ර සන්ධියත් පහුකරලා බුරුමය ඉන්දියාව , ශ්‍රී ලංකාව ඔස්සේ ගොස් අරාබි මුහුදට සම්බන්ධ වුණා . . තව පිලිපීන දුපත් සමුහයත් මෙයට එක්කහු වුණා .
අරාබි මුහුදින් ගිහින් ඒඩන් වරාය හරහා ඊජිප්තුව ටත් අනික් පැත්තෙන් පර්සියන් බොක්ක හරහා ඉරානය අවට ප්‍රදේශය සම්බන්ධ කළා . පහලින් අප්‍රිකන් මහද්වීපයේ සෝමාලියාවේ ඉඳන් එන මාර්ගය ඒඩන් වලදී මේකට සම්බන්ධ වුණා .
සිතියමේ කහ පාටින් තියෙන්නේ ගොඩබිම ඉඳන් වරායන්ට සම්බන්ධ වුන මාර්ගයන් .
මට නිකන් හිතෙනවා ලංකාව මේ සේද මාවත කියන මාලයේ පෙන්ඩන්ට් එකක් වගේ කියල . පෙරදිග මුතු ඇටය කියල කියපු එකේ වරදක් නැහැ .
යුරෝපය සේද මාවතට සම්බන්ධ වුනේ මධ්‍යධරණී මුහුද පැත්තෙන් ඊජිප්තුව හරහා . නැත්නම් අප්‍රිකානු මහාද්වීපය වටේටම යන්න ඕන . පහු කලෙක ''සුවස් ඇළ'' නිසා රතු මුහුදයි මධ්‍යධරණී මුහුදයි යාවුනා .ඒ 19 වන සියවසේ ඒගැන ලින්ක් එකෙන් කියවන්න නොදන්නවා නම් .
සේද මාවතේ අපේ රට ගැන ලස්සන ලිපියක් ගල් මල් අඩවියේ තිබුන . ඔහු ඒ ලිපියෙන් ඕනෑම දෙයක් ගන්න කියන්න තරම් පරිත්‍යාගශීලි වුනත් මන් හිතන්නේ එක ඒ හැටියෙන්ම කියවන එක වඩා සාධාරණයි කියල . මෙතනින් යන්න ඉකිබිඳියි ඔරලෝසු කුළුණ.
මගේ වැටහීමේ හැටියට ගාලු වරාය සේද මාවතට සම්බන්ධ වෙන්නේ පසු කලෙක . උතුරු පැත්තෙන් තමයි මුල් පාර වැටිලා තියෙන්නේ . ඒ ගැන නම් මට සොයා ගන්න බැරි වුණා . ලංකා ඉතිහාස පොත් ආයේ පෙරලන්න වෙනවා . අවාසනාවට මට කිසිම පොතක් සොයා ගන්න බැහැ. ඇවිදින පුස්තකාලෙකින් හරි පොත් ගුලෙන් හරි ණයට ගන්නයි වෙන්නේ .හරියට නොබලා බොරු ලියවෙයි මන් ඕව ලියන්න ගියොත් . ඔලුවත් නැති කරගන්න වැඩ ඕවා .
මන් කල්පනා කළා නිකමට ඔය කාලේ අපේ රටවල් කොයිතරම් දියුණු වෙලා තියෙන්න ඇත්ද . සේද මාවතේ තිබ්බ ඉසුරුමත් රටවල් වල අද තත්වේ මොකක්ද . කොයි හොඳ දේත් නරක පැත්තක් තියෙනවා නේ . සේද මාවත හරහා හොඳ වගේම නරකත් අපට ලැබුනා . පහු කලෙක ආක්‍රමණ වලටත් මුල ඕක තමයි.
ඊ ළඟ කොටසින් මාර්කෝ පොලෝ සහ මොන්ගෝලියාව ගැනයි සේද මාවතේ අද තත්වය ගැනයි කියල මේ ලිපි පෙළ නවත්වන්නැයි මගේ අදහස . මෙයට සම්බන්ධ අතුරු කතන්දර විටින් විට ගෙන එන්නත් හිතන් ඉන්නවා කියවන්න ඉඩ ලැබෙන විදියට .
ප.ලි.
කාලය සොයා ගන්නේ කොහොමදැයි කවිකාරි අක්කයි , පොඩ්ඩි නගයි අහල තිබුන . මහ රෑ තමයි . ඊයේ සටහන හදල අද උදේ ලිව්වේ . බනී වේලාසන නිදා ගත්තම පොඩි බෝනස් කාලයක් ලැබෙනවා . තව ඔය සමහර අයට රාත්‍රී භෝජන හෙම තිබුනම ටිකක් වෙලාව තියෙනවා . අනික ඔය රෙදි ගොඩවල් දිහා හෙම බලන්නේ නැතුව ඉන්නත් පුළුවන් මට . ගානට නුලට ගෙදර වැඩ කරන යහපත් ගෘහනියක් නම් නෙමේ . පිළිවෙලට වැඩ ඕන කියල කරදරයකුත් නැහැ ගෘහමුලිකයගෙන් .
චීනයට ගොහින් හැබැහින්ම දැකල ලියන කවිකාරි අක්කගේ බ්ලොග් එකේ චිනේ ගැන අලුත් ලිපියක් පලවෙලා . පින්තුරත් එක්ක
චීනයට ගොහින් හැබැහින්ම දැකල ලියන කවිකාරි අක්කගේ බ්ලොග් එකේ චිනේ ගැන අලුත් ලිපියක් පලවෙලා . පින්තුරත් එක්ක
කොහෙන්ද අප්පා මේ විස්තර හොයා ගන්නේ.....ලොකු සේවයක් කරන්නේ ..දැනුම බෙදාගන්න එක.....
ReplyDeleteඅන්තර්ජාලයෙන් තමයි . එකක් කියල නෙමේ ලිපි ගොඩක් කියවන්න ඕන පුංචි දෙයක් තහවුරු කරගන්න . සමහර දේවල් වෙනස් එක එක තැන්වල .අන්තිම ලිපියේදී ඔක්කොම ලින්ක් ටික දාන්නම් . තව පොත් ටිකකුත් හම්බ වුනා පොඩ්ඩන්ගේ ඉස්කෝලේ පුස්තකාලෙන් . ආසියාව ගැන ලියල තියෙන්නේ යුරෝපීයයන් . ඒගැන නම් ආසියාතිකයෙක් විදියට ටිකක් ලැජ්ජයි . ලංකාවේ හිටිය නම් පොත පත සොයා ගන්න තිබුන . හැබැයි එහෙම හිටිය නම් මේ විවේකය නැති නිසා ලියනවා බොරු .
ReplyDeleteඅර මම කලින් කිව්ව වගේම බින්දිගෙ අවසරය ලැබෙන්නත් කලින් ඉදන්ම මම මේ පෝස්ටු ටික එකතු කරනවා...ඇයි දෙයියනේ අපේ ළමයෙක් ඉපදුන දවසකට හරි " මෙන්න පුතේ සේද මාවත් ගැන " කියලා විස්තර කරලා දෙන්න පුළුවන්නේ...ඔයා කරන්නෙ අගය කරලා නිම කරන්න බැරි තරම් ලොකු දෙයක් බින්දී.... ඉංග්‍රීසියෙන් කියවනවට වඩා අමුතු ගැම්මකින් ..එක හුස්මට බින්දි ලියපුව කියවන්න දිල් ආසයි...ස්තුතියි....ගොඩාක් ස්තුතියි බින්දි....
ReplyDeleteඅනේ බින්දි අක්කේ මේ ලිපි පෙලම දිගට කියවන්න තරම් කාලයක් ලැබුනේ නෑ. කමෙන්ට් එකක් නොවැටුනාට අමනාප වෙන්න එපා... මේක ඉතින් රාජකාරි කලබලේ එක්ක කියවන්න පුළුවන් ලිපි පෙලක් නෙවෙයිනේ... නිවි හැනහිල්ලේ ගූගල් මැප් හේමත් ලෝඩ් කරගෙන හෙඳට ස්ටඩි කරලා කියවන්න ඕනේ ලිපි පෙලක්... බය වෙන්න එපා මං අද නොකියෙව්වත් අපේ ළමයෙක් හරි අනාගතේ මේක බලලා ඉගෙන ගනියි. දැන් ළමයිට සේද මාවත උගන්නනවද මන්දා...!
ReplyDeleteඔයා මේ ගන්න වෙහෙසට අපේ තුති... ස්තුතියි අක්කේ... ජයවේවා !!!
නියම ලිපියක් !!!
ReplyDeleteස්තුතියි බින්දි අද මගෙ ගෙදරට එන අය එන්නෙම ඔයා හරහා. තව හරවත් යමක් බලාපොරොත්තුවෙං ඉන්න්වා.
ReplyDeleteගොඩාක් අගේ ඇති වැඩක්. පොස්ට් ඔක්කෝම කියෙව්වා, කොමන්ට් කරන්නම් පසුව. ජය!
ReplyDeleteමගේ පොස්ට් සින්ඩි වලට ඇතුලත් කර නොගන්නා බවක් දැනී ඇත. ඒවායේ ඇඩ්මින්ලා කවුදැයි කවුරු හරි දන්නවාද??කොහොම නමුත් මාගේ මෙමේ කාර්ය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වෙන නිසා කවදත් යන එන අය ගොඩවේවි කියා සිතනවා......
ReplyDelete@ඊ මේල් කවිකාරි
ReplyDeleteඔබ සින්ඩි වල ලියා පදිංචි වෙලා නම් සමහර පෝස්ටු ප්‍රමාද වී පලවෙන්න පුළුවන්...උදාහරණයක් විදියට ලාංකීක සිතිවිලි අඩවියේ අප විසින් පල කරන පෝස්ටු ඉතා ඉක්මනින් පල වෙන අතරම සින්ඩියෙ පලවෙන්නෙ තරමක් ප්‍රමාද වීමෙනුයි...හේතුව නම් මම දන්නෙ නැත...මගේ සමහර පෝස්ටු සමහර දිනවල සින්ඩියෙ පලවුනෙ ඒ ගැන අදාල බලධාරීන්ගෙන් විමසීමක් කල පසුයි...
මම 9 වසරෙ ඉද්දි ජාතික කෞතුකාගාරෙ තිබ්බ හෙන ප්‍රදර්ශනයක් සේද මාවත ගැන . . . . ඒ දවස් වල ගොඩක් උනන්දුවෙන් කියවපු විස්තර ආයෙත් මතක් වෙනව ටික ටික . . . . තවම තියනවද කොහෙද කෞතුකාගාරෙ වෙනමම කොටසක් සේද මාවත ගැන
ReplyDeleteහරිම අගෙයි. අන්තර්ජාලයේ සිංහලෙන් දැනුම සොයන්නන්ට මේ ලිපි පෙළ හරිම වැදගත් වේවි.
ReplyDeleteඇති යන්තං ...........ඔන්න දැන් තමා නෙළුම් විලේ කියවන්න බැරි වෙච්ච ඔක්කොම ලිපි ටික කියවලා ඉවර උනේ ......
ReplyDeleteහෙහ් හෙහ්.. අපිත් ඒ දවස්සල කලා ඔය වගේ සෙල්ලමක්.. සිතියම් පොත පෙරලලා, ඒ පිටුවෙ තියෙන මොකක් හරි තැනක නමක් කියලා ඒක හොයන්න කියනවා 50ට ගනන් කරන්න කලිං.. ඕකට හොදටම ගැලපුනේ ගුණසේන සිතියම් පොත තමා, ලේක්හවුස් එක ඇඩ්වාන්ස් මදි.. :D
ReplyDeleteඔන්න මේ ලියන්නේ මතකයේ අහුමුලු. වැරදි ඇතොත් කඩන්න බොහොම පින්.
ReplyDelete[[පුදුමයක් නැහැ නේද මේ යුගයේදී ලංකාව සෞභාග්‍යමත් දේශයක් වීම ගැන. පොළොන්නරු යුගය පටන් ගත්තේ 7 වන සියවසේ විතර ඉඳන් නේද]]
ලංකාවේ සෞභාග්‍යයේ ආරම්භය හා වෙළඳාමේ ආරම්භය ර්ව යුග දක්වා යනවා. ටොලමි කාරයා හදිස්සියේම අපේ සිතියමක් අඳීවි ද නැතිනම්. පොදු යුගය [ක්‍රිව වලට යොදන පොදු යෙදුම - Common Era - CE] මුල් හරියේදී ලංකාව හා රෝමය අතර දැඩි වෙළඳ සබඳතා තිබ්බ බව කියවෙනවා. එ කාල වල ලැබුණු කාසි එහෙමත් තියෙනවා. මේ වෙළඳුන් ඔක්කොම "සේද වෙළඳුන්" දැයි මා දන්නේ නැහැ. හැබැයි ඔවුන් ලංකාවට ම තකහනියක් ආවේ නැතිනම් යන්න ඇත්තේ චීනයට තමා.
පොළොන්නරු නගරය හුඟක් පැරණියි. එහෙත් එහි අගනුවරක් මුලින්ම හදා ගන්නේ මං හිතන විදිහට දෙවන අග්බෝ [ගිරිතලේ දෙයියෝ කිව්වත් කමක් නැහැ මෙයාට - ලංකාවේ ගැඹුරුම වැව හැදුව නිසා]. ඔහුට පස්සේ රාජධානියක් ලෙස මුලින්ම පොලොන්නරුව යොදා ගන්නේ 993 ට පස්සේ ආපු දකුණු ඉන්දියානුවන්. පස්සේ අපේ රජුන්ගෙන් පළමු විජයබාහු [කවුරුත් දන්න].
සෞභාග්‍යය ගැන කියන කොට පොලොන්නරුව සිහිපත් වෙන්නේ ඒ කාලේ හිටපු දැඩි ප්‍රචාරණ වාදීන් හින්දා. ලංකාවේ සැබෑ සෞභාග්‍යය අනුරාධපුර යුගය.එහි අන්තිම වසර දහස පමණ, විවිධ කල කෝලාහල තිබ්බට රටක් වශයෙන් ලංකාව ස්ථාවර වුනා. සමහරු කියනවා අනුරාධපුරය එවකට ලෝකේ ලොකුම නගර වන බැග්ඩෑඩ්, දමස්කස් තරමටම දියුණු වෙලා තිබ්බලු. ඒ කාලේ මිලියනයකට වඩා ජනගහනයක් ඇතුළු නුවර උන්නා කියා හිතන අයත් ඉන්නවා [එහෙම උනා නම් ලංකාවේ මෙට්‍රොපොලියක් ඇතුලේ මිලියනේ වාර්තා වෙච්ච එකම අවස්තාව - මොකද කොළඹත් තවම නැහැ].
අපි විහිළුවට කියන්නේ ඒ කාලේ හාබර් එකයි සී එම් සී එකයි කලම්බු පබ්ලික් ලයිබ්රියයි තිබ්බේ අනුරාධපුරේ කියලා. :)
අනුරාධපුරය ලද මේ දියුණුවත් එක්ක ලංකාවට තකහනියක් ආ වෙළඳුන් පවා ඉන්න ඇති. ලංකාව හරියටම අද සිංගප්පුරුව වගේ වැඩ කොටසක් කරන්න ඇති ලෝක ආර්ථිකේ.
පොලොන්නරුව කියන්නේ අස්ථාවර යුගයක්. එහි ඒක ප්‍රධාන රජෙක පමණයි ආර්ථිකය ගැන කතා කරද්දී වැදගත් වන්නේ. එය ලංකා ඉතිහාසයේ නොසැලකිය හැකි තරම් කුඩා කාලයක්. අර නිශ්ශංක මල්ල වගේ ටෝක් කාරයින් නිසා ඒ යුගය පේනවා වැඩියි.
මාන්තෙයි හෙවත් මහා තිත්ථ වරාය [මන්නාරම අවට] දඹකොළ පටුන හා ගෝකන්න හෙවත් ත්‍රිකුණාමලේ මේ කාලේ ලොකු වරායන්. මං හිතන්නේ එහෙම වුනේ වෙළඳාම නිසා මොකද ලංකාව බාහිර යුද්ධ කලේ අඩුවෙන්. පොලොනරු යුගයේ ගොකන්නය ගැන සඳහන් වෙනවා වැඩියි. ළඟ වැඩි නිසා වෙන්න ඇති.
ලන්කාවට ආ චීන වෙළඳුන් ගැන අඩුවෙන් නේද කියවෙන්නේ. චීන දෙශාටකයින් ගැන කියවෙන තරම ඊට වැඩියි. චීනුන් වෙළඳාමේ ගියේ නැද්ද?
[[වියට්නාමයත් ලංකාවත් අතර සම්බන්ධය ඈතට විහිදෙන නිසා]]
මේ ගැන ඔබ දන්නා කරුණු ඇත්නම් සපයා දෙන්න. මං දන්නා තරමින් මේ දෙරට අතර සම්බන්දතා ගැන කිසි සඳහනක් නැහැ. ඒක හේතුවක් තමයි ලංකාවේ අනුරාධපුරේ හොඳම කාලේදී වියට්නාමයක් නොතිබීම. ඒ වසර දහස ඔවුන් චීනය යටතේ උන්නු නිසා අපි චීනය කියන්නේ වියට්නාමයටත් එක්කනේ, හැබැයි ඊට පස්සේ පොළොන්නරු යුගයේ වත් සඳහනක් නැහැ නේද? හේතුවකුත් නැහැ. මේ දෙරට සේද පාරේ අසල්වැසියන් නොවේ. වියට්නාමෙට කෙලින්ම යන්න බැහැ ලංකාවෙන්.
[[වියට්නාමෙට බුදුදහම ආපු හැටි ගැන ගැන දැන් හිතා ගන්න පුළුවන්නේ . කෙලින්ම ලංකාවෙන් සහ උඩහ පැත්තෙන් චීන ආභාෂයෙන් වෙන්න ඇති . තව ඒ ගැන සොයන්න ඕන]]
මං දන්නා තරමින් ලංකාවෙන් නොවේ ඔවුන්ට බුදුසමය යන්නේ. "ඒකත් අසෝක ගේ වැඩක්". වියට්නාමයේ තියෙන මහායාන ථෙරවාද මිශ්‍රණය ඇති වන්නේ ඔබ කිව්වා වගේ දෙපැත්තෙන් ආපු අදහස් දෙකෙන්. හැබැයි මුල් කාලේ තනිකර ථෙරවාද රටක්.
[ඉතිරිය ඊළඟ කොමෙන්ටුවේ]
[පෙර කොමෙන්ටුවේ ඉතිරිය]
ReplyDelete[[අපි නිතර කරන සෙල්ලමක් තමයි සිතියම් පොතේ එක එක දේවල් සොයන එක]]
මාත් නිතර කළා ඕක. ඒ කාලේ මටත් වඩා උනන්දුවකින් ඔය සෙල්ලම කල සගයෙක් ඉන්නවා දැන් මගේ හිතේ පාසල් ගුරුතුමෙක්.
[[මගේ වැටහීමේ හැටියට ගාලු වරාය සේද මාවතට සම්බන්ධ වෙන්නේ පසු කලෙක . උතුරු පැත්තෙන් තමයි මුල් පාර වැටිලා තියෙන්නේ]]
ඔව් ගෝකන්නය හා මහා තිත්ථය.
ගාල්ලේ මතු වීම සිදු වන්නේ මෑත කාලෙක දකුණේ කුළුබඩු [කුරුඳු] නිසා. ගාල්ල ආශ්‍රිතව වාර්තාගත මුල්ම ජනාවාසය හදන්නේ ඉන්දියාවෙන් ආපු බමුණු කුලයක් කියා මතයක් තියෙනවා. අද ගාලු දිස්ත්‍රික්කයේ පමණක් වගේ ඉන්න සලාගම කියන සිංහල කුලය ඒ කාලේ මේ බමුණන් බවත් කියවෙනවා. මේ අය සිංහල කතා කරන්නේ [අදටත්] අමුතු විදිහකට, හරියට හින්දි වගේ. මං නම් හැදුනේ මේ සමාජයේ නිසා මටත් ඒ වගේ කතා කරන්න පුළුවන්. දැන් මේ ප්‍රජාව මුලිකව ඉන්නේ කොස්ගොඩ බලපිටිය ඉඳගෙන රජ්ගම දක්වා ප්‍රදේශයේ. රජ්ගම කිව්වේ රජු උන්නු ගම හින්දලු. මේ කාලේ වරාය සඳහා ආපු වාහන ගාල් කල ගාල තමයි පස්සේ ගාල්ල වෙලා තියෙන්නේ. මේ කතා කරන්නේ පොදු වසර 1000 අවට කාලය ගැන. පරාක්‍රමබාහු යුගයේ මේ හරියෙන් අලි ඇතුන් හා කුරුඳු පටවපු බවක් අහලා තියෙනවා. දන්නවනේ පරාක්‍රමබාහු පස්යොදුන් රට හෙවත් කළුතර හොරණ ආශ්‍රිත ප්‍රදේශයේ එහෙමත් රජකම් කලානේ.
පස්සේ මේ ප්‍රජාව එක්ක තරමක ගැටීමක් ඇතිවෙනවා රාජධානියේ දකුණු සංක්‍රමනත් එක්ක. දඹදෙණි යුගයේ ඇතිවෙන සන්හින්දියාවත් එක්ක මේ අය රජුගේ හමුදාවේ සැලකිය යුතු මෙහෙවරක් කරනවා මාඝ ආක්‍රමණය පරදන්න. දේව ප්‍රතිරාජ කියන මේ අයගේ ප්‍රධානියා රජුගේ ඇමති නිලයක් ලබනවා කොටින්ම රටේ දෙවන ප්‍රබල පුද්ගලයා වෙනවා [රත්ගම තියෙනවා දේව ප්‍රතිරාජ විද්‍යාලය ඔහු නමින්]. මෙයින් පස්සේ ඒ අය සිංහලයින් එක්ක අනුගත [integrate] වෙනවා වෙනම කුලයක් හැටියට. පරංගින් ඇවිත් ඔවුන් යටපත් කරන තුරු ගාලු වරායේ වෙලන්දාමත් කුරුඳු වගාවත් පාලනය කරන්නේ ඔවුන්.
[[ඊ ළඟ කොටසින් මාර්කෝ පොලෝ සහ මොන්ගෝලියාව ගැනයි සේද මාවතේ අද තත්වය ගැනයි කියල මේ ලිපි පෙළ නවත්වන්නැයි මගේ අදහස]]
බින්ඳී ඔබ මේ ලියන්නේ බ්ලොග් අවකාශයේ හොයා ගන්න බැරි තරම් වටින පිටු. බනියලට ලොක්කිලට කරදරෙයක් නැතිනම්, පොතක් ලිව්වත් අපි කියවනවා. හැකි විදිහට ලියන්න. ඔබට බොහොමත්ම ස්තුතියි.
[ඉවරයි]
[[වැරදි ඇතොත් කඩන්න]]
ReplyDeleteවැරදි ඇතොත් හදන්න කියලා කිව්වේ. ඒකමත් වරද්ද ගෙන. :)
තාම අකුරක්වත් කියෙව්වේ නැහැ. ඒත් ලිපි පෙළ හොඳයි කියල හිතෙනවා. හෙමිහිට කියවන්නම්...
ReplyDeleteදිගටම ලියන්න...
දහසක් වැඩ මැද්දේ ඇවිත් කමෙන්ට් කලාට සුජීවට ස්තුති කරන්නම වෙනවා . ඔය මතක හරිය මදැයි . ලාංකීය ඉතිහාසය ගැන නම් ලියන්න අතගහන්න බයයි . පොඩ්ඩ වැරදුනොත් ඔලුව අතේ තියෙයි නේද . ඒ හින්දා සුජීව කිව්ව දේවල් වල අඩුපාඩු කඩන්න ...D ..[හදන්න ] මට නම් මතකයක් නැහැ . කෝ මේ පොත් ගුල්ල හෙම ආවම බලමු .
ReplyDeleteවියට්නාමයේ ඉතිහාසය ගැන ටිකක් කියවල බලන්න ඕන කොහොමද මේ සම්බන්ධය කියල . වියට්නාම කියන නමින් රටක් නොතිබුනත් මේ ප්‍රදේශය හරහා ගනුදෙනු වෙද්දී සමබන්ධයක් තියෙන්න ඇති හිතනවා . විටින් විට චීනයට නතු වුනත් යම් පමණකට මේ හරිය ස්වාධින වෙලත් තියෙන බව පේනවා . අර ඉබ්බයි කඩුවයි කතාව බැලුවම තේරෙනවා වරින් වර වියට්නාමය චීනෙන් මිදුණු බව .
පොඩ්ඩක් ඉන්නකෝ කල වකවානුත් එක්ක ඔය ගැන කියවලා නිගමනයකට එන්න හැකි වෙයි . චම්පා රාජධානියත් තිබුනනේ . බුරාට පොරොන්දුවකුත් වුනා ඒ ගැන ලියනවා කියල .
සේද මාවතට කලින් ඉඳලම මුහුදු මාර්ගය තිබිල තියෙනවා . ඒක තමයි රතු ගංගා මෝය කටෙන් පටන් ගත්තේ [ හැනොයි ආසන්නයේ ] ගොඩින් යන පාර අබලන් වෙද්දී මුහුදෙන් යන සේද මාර්ගය දියුණු වුනේ .
මේකට අර ජර්මන් කාරයෙක් සේද මාවත කියල නම දැම්ම මිසක් සේද විතරක් නෙමේ නේ ප්‍රවාහනය වුනේ . නම ලස්සන නිසා ඔන්න ඔහේ කමක් නැහැ .
ගාලු වරාය ගැන කිව්ව විස්තරයටත් ගොඩක් ස්තුතියි . අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ ඇත්තටම සේද මාවත ගාලු වරාය හරහා ගියා කියලනේ . මට හිතෙන්නේ අපිට ඉගැන්නුවේ බොහොම මෑත ඉතිහාසය . පුරාණ ලංකාවේ රාජධානිත් එක්ක පිටරටවල් තිබ්බ සම්බන්ධය ඉගැන්නුවේම නැති තරම් . මගේ මතකයේ අඩුවක්ද මන්දා . අපි මේ එක්කහු කරන දැනුම කවද හරි කාට හරි ප්‍රයෝජනයක් වෙයි නම් කොයිතරම් හොඳද .
බ්ලොග් එකක මේවා තියන ඒක හොඳයි . අනික් අයට අඩුපාඩු පෙන්වල දෙන්නත් පුළුවන් . පොතක් ලිව්වම අඩුවක් දැක්කත් අපිට හදන්න විදියක් නැහැ .
නැවතත් ස්තුතියි සුජීව සක්‍රියව දායක වීම ගැන . පොතින් ගත දේ විතරක් නෙමේ ජිවත් වෙලා අත්දැකීමෙන් ලත් දැනුමත් බෙදා ගන්නවට .
@ දිල් ..
ReplyDeleteසතුටුයි ඉතින් මට. මටත් පොඩි අය තමයි මතක් වෙන්නේ .
@ කවිකාරි ..
ස්තුතියි කවිකාරි අක්කේ .සින්ඩි වල අප්ඩේට් නොවෙන ප්‍රශ්නේ මටත් තිබුනා . දන්නා කෙනෙක් සොයල හදල දුන්න .දැන් නම් හරි වගේ . ලාංකීය සින්ඩියේ පටස් කියල ඇඩ් කරන ක්‍රමයක් තියෙනවා නේද .
@චතුරංග .
හිමිට කියවන්න . අනික මේවා මතක තියා ගන්නත් බැහැ මල්ලි . අවශ්‍ය විටක පරිහරණයට මිස . මේ පෝස්ට් ටික කවුරු හරි කියවීම තමයි බලාපොරොත්තුව . එක්කෙනෙක් හරි කියෙව්වත් ලියනවා කියල තරයේම හිතා ගත්තේ . හිතුවට වඩා කට්ටිය කියවනවා . ස්තුතියි ඒ ගැන
@මධුරංග
ස්තුතියි මල්ලි
@ඕනයා ..
ස්තුතියි ඔත්තුවට . හැකි විටක යන්න ඕන .
@කල්හාර ..
කමෙන්ට් ටික සේරම දැක්ක . ඇයි එච්චර මහන්සි වුනේ . සේරම කියවල එක කමෙන්ට් එකක් දැම්ම නම් ඇතිනේ . මගේ පළමු කමෙන්ට් යාලුවා නේ . බොහොම ස්තුතියි කිව්ව ඔන්න .ගෙයි වැඩ ඉවර කර ගත්ත එක ගැන හරිම සතුටුයි
@ බුරතිනෝ ..
ඔය පිස්සු තිබ්බ අය එකට මෙහෙම හරි හමු වීම සතුටක් . මත තිබුනේ ගුණසේන පොත ද කොහෙද . ඉස්සර ගුණසේන එකේ සේල් තියෙන කොට යනවා අපි . අපේ අම්මත් අනික් දේවල් අඩු කරලා හරි පොත් ගන්න ආසයි .
@ උදාර ..
හිමිට කියවන්න උදාර . විවේක ඇති විට
දැනුම බදාගන්න එක පහනකින් තවත් පහන් දල්වනවා වගේනෙ.. එහෙම කිවුවේ බුදු හාමුදුරුවෝ..
ReplyDeleteඅර ගෘහ මුලිකය දකින්න නම් කන්නාඩිය දිහා බලන්න ඕන නේද ?
අනේ මම තාම කියවනවා...:D
ReplyDeleteබින්දි ගෙ පොස්ට් එකෙන් වගේම සුජීව ගෙ කොමෙන්ට් වලිනුත් සෑහෙන්න ඉගෙන ගත්ත.
ReplyDeleteමේ මෙගා සීරීස් එකට අක්කට නැවත නැවතත් ස්තූත්යි. මේ විස්තර අන්තර්ජාලයෙන් උනත් හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවේ . ඊටත් ඒ එකකට එකක් ගලපල ලස්සනට ගලාගන යන්න ලියන එක ......
ReplyDeleteලිපි පෙළම එක හුස්මට කියවල ඉවර කළේ දැනුයි. මේ වගේ පාරවල් දිගේ අපිව අරගෙන යනවට හුඟක් පිං!
ReplyDeleteවැදගත් ලිපි පෙළක් දැම්මට බොහොම ස්තූතියි.
ReplyDeleteකෝ අර කේක්?