''දහනමයේ ටිකට් එක ..
කොහෙද විස්සෙන් ඉතුරු රුපියල ''
ඉස්සර වගේ සටනට
නොයා උන්නෙමි කට වසාගෙන
කඩුපුල් මල් පිපුන මහ රෑක
යමුයි පන්සල් කී විට
''අපෝ මොන පන්සල්ද මේ රෑ''
නොකීවෙමි පෙරසේ එකටෙක
''කවදාද ආවේ අද හෙටම යන්නද
..මොකෝ මේ කොණ්ඩය කොට වෙලා ''
''රස්සාවක් නැතුව ඉඳගෙන
මක් කරනවද දවල් දවසෙම ''
''දැන් ඔය ඇවිද්දාමදිද
ගම රට ආවොතින් නරකද
හදාගෙන ගේ දොර
පිළිවෙලට ඉන්නේ කවදද ''
''පෙන්ෂන් ලැබෙන
ආණ්ඩුවේ රස්සාව
නැතිවෙලා යනවට
හැබෑටම දුක නැද්ද ??
සේරම ප්රශ්න පත්තර
කබඩ් වල දමා ලොක් කර
පරිප්පුයි පොතුයි එක්කම
තුනපහ හොඳින් පැක් කර
ගෙනා බඩු ඔහේ ඇත තැන තැන
කැවිලි විතරක් හෙමින් හිස් වෙන
අච්චාරු බෝතලය මත
තවම අම්මගෙ අතේ සලකුණු ඇත
''අපොයි අව්වේ සැර..
දාඩිය ඉහ කනින් බේරෙන ''
සිතෙන් සිතු එකත් වැරදිද
ලැබුණි අද මට එයට දඬුවම
අඳුරු සීතල මීදුමට බැන බැන
සිහිකරමි දුකෙන් සතුටෙන්
.......ගෙදර උණුසුම .......
අනේ දන්නෙම නැතුව ඇවිල්ලත් ගිහිං... නිවාඩුව හොඳ වෙන්ටැ ලංකාවෙ.. සුභ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteහ්ම්...හැම වතාවෙම ගිහින් ආවම ටික දවසක් යනකම් හිතට හරිම දුකක්, පාළුවක්, දැනෙනව
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteආපහු ගමට ගිහින් වගේ ,,,,,,,,,,,,
ReplyDeleteඔබට සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!
නිවාඩු ගිහින් ආපු හැමදාම මට හිතෙන්නෙත් ඕන්න ඔහොමයි බින්දි . . .
ReplyDeleteමොනවා කරන්නද . . .
හිත හැදෙන්න මොනවා ලියන්නද?
ගිය 26 මමත් ආවේ . . තාම හිත එහේ . .
සියල්ල දුකකි!
ReplyDeleteඔයා ලනකාවෙන් ආවද.ඉතින් ටික දවසක් යනකන් පාලුයි ත;ඇයි හිතට.මොනවා කරනද අපිටත් එහෙම හිතෙනවා..
ReplyDeleteනොගියත් දුර රටක
ReplyDeleteඉන්නේ ගෙදරින් පිට නොවැ
අම්මගේ උණුහුමට
ගුලිවෙන්න සිතේ හැම විට
කොළඹ ඉන්න මට
මෙහෙම දැනෙනවානම් පාළුව
දුර ඈත ඉන්න නුඹලාගේ
සාංකාව දැනේ හොදටම
ඉක්මනටම ආපහු ඇවිත්...පාළුව යන්නත් එක්ක ආයෙත් ලියමු..
ReplyDelete50 වෙනි ලිපිය නේද ? සුභ පැතුම්
අපූරු කවි පෙළ.....
ReplyDeleteමං නම් තාම ජීවිතේට ලංකාවෙන් පිට ගිහින් නැහැ.
අනේ පව් ගෙදර ඉඳන් ආවාම ඔහොම තමයි. අලුත් අවුරුද්දේ දුක්වෙන්ට නරකයි. ඉක්මනට ආවොත් , ඉක්මනට යන්ට පුලුවන්නේ කියලා හිතාගන්ට.
ReplyDeleteඔයාටත්, බනියලෑ අප්පච්චිට, සහ බනියලා දෙන්නාටත් නව වසරට සුබ පැතුම්.!!!
අගයක් නැතේ ඇති කල
ReplyDeleteඑනමුදු වටී ළග නැති කල
සතුටත් දුකත් මුසු කල
මතක ගම රට වටියි හැම කල
ආයෙමත් ආව එකට නං බොහෝම සන්තෝසයි, මේ පැත්ත පාළුවෙලා කැලේ වැවිලා තිබුනෙ.. නව වසර සැමට සුබ වේවා.!!
පලි:
// සේරම ප්රශ්න පත්තර
කබඩ් වල දමා ලොක් කර
පරිප්පුයි පොතුයි එක්කම
තුනපහ හොඳින් පැක් කර //
මේ ටික තමා මං ආසම.. :))
50හට සුභ පැතුම්..!
ReplyDeleteහොරෙන්ම ඇවිත් හොරෙන්ම ගිහිං
නහයෙන් අඩයි දැන් එහෙ ඉඳං
මමත් තාම ඉන්නේ ඔය මානසික තත්ත්වයෙන් තමා... ඉතුරු දුන්නැති එකනම් ඇත්ත.. ඒත් අව්වනම් සැරයි කියලා හිතුන්නෑ..
ReplyDeleteමාත් එහෙමයි... ෆට්ට අව්ව.. පාරක යන්න බෑ.. එහෙමයි.
ReplyDeleteසුභ පැතුම්!!!
ගියත් අද පැත්තම
ReplyDeleteකියන්නම් මම ඇත්තම
මිල ගණන් දැක්කම
සිඳුනි ගෙන ගිය සියලු වත්කම
:)
මට නම් වැඩියෙන්ම දැනුන වෙනස තමා බඩු මිල උඩ ගිහින් තිබුණු තරම...
ගමේ ඇවිත් වගේ.
ReplyDeleteතමන්ගේ අයගෙන් ඈත් වෙලා ඉන්න එක දුකක්.
සුබ පැතුම් අක්කේ
ReplyDeleteසුබ නව වසරක් වේවා !!
කොහේ හිටියත් ඉතින් ගෙදර තියෙන උණුසුම දැනෙනවනේ.
ReplyDeleteසුභ නව වසරක් වේවා මුලින්ම..ඉතින් ගෙදර ගිහිල්ලා ආවද..ඒක තමයි පහුගිය දවස් ටිකේ පේන්න හිටියේ නැත්තේ..හැමදාම ගෙදර ගිහිල්ලා ආවම ඉතුරු වෙන්නේ ඔය දුක තමා....තාම ලුනු දෙහි එකක් තියෙනව මගේ අම්ම හදලා දීපු ගිය අගෝස්තුවල එනකොට....
ReplyDeleteහොරෙන්ම ලංකාවට ඇවිත් ගිහිං නේ .....
ReplyDeleteනිකංවත් කතා කලේ නෑ ......
සුබම සුබ නව වසරක් වේවා ......
සුභ නව වසරක් වේවා..!
ReplyDeleteආයෙත් ඇවිත් වගේ. සුභ අළුත් අවුරුද්දක් අක්කා !! අනේ ඉතින් ඔය කවිය නිකන් අපිට ලිව්වවගේ. අපි ඔක්කොම එක බෝට්ටුවෙ.
ReplyDeleteඔබට සුභ නව වසරක් මුලින්ම පතනවා. ඔබගේ විද්යුත් තැපෑලත් දැන් වෙනස් වී ඇතැයි සිතූ නිසා තමයි කලින් ලිපිනයට සුභ පැතුම එව්වේ නැත්තෙත්. මම හිතුවා ඔබ මේ දිනවල ලංකාවට ඇවිත් ඇතැයි කියා බ්ලොග් අවකාශයේ සැරිසරන බවක් නොපෙනුන නිසාත්...
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteසමීපතමයන්ගෙන් වෙන් වුනාම දුක දැනෙනවා වැඩියි. මමත් මේ දවස් වල විඳවනවා.
ReplyDeleteහුගක් අය ඇවිල්ලා ගියාට පස්සෙයි කියන්නෙ... සුබ නව වසරක්!
ReplyDeleteලස්සන කවි පෙල...ඇයි රට අතෑරලා ගියේ?
ReplyDeleteඅර බුරා කියපු කෑල්ල තමා මමත් ආසම. හැමදාම ගෙදර ගිහින් ආවම ඔය වගේ තමයි .... :(
ReplyDeleteබින්දි ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභ නව වසරක් වේවා!:)
අපි දුකසේ සැප විඳිනවා කියල එක්කෙනෙක් ලියල තිබ්බ.. ඇත්ත.. ගතට සැප ඇතත් හිතට දුක රටින් ඈත්වී ජීවත්වීම..
ReplyDelete@ සිහිනයා ..
ReplyDeleteඔබටත් එසේම වේවා
@ඔබ්සර්වර්
ඒකනම් ඇත්ත
@ කවිකාරි ..
ඔබටත් පවුලේ සැමටත් සුබ වසරක්ම වේවා
@ දුකා
ReplyDeleteදුකාට සොඳුරු ත්රස්තවාදියාව මතක් වෙනවා නැතැයි. හැබැයි එයා එහෙ සතුටින් නිසා කමක් නැහැ නේද
@ ඉන්දික
ඇත්ත තමයි
@අසරණයා
ඔයවගේ නමක් දාගත්තෙත් ඒ හන්ද වෙන්න ඇති . කාටත් එහෙම තමයි නේද
@බට්ටි .
ඉන්න කල ගෙදර
මොන වදයක්ද සිතුනට
ගෙයින් පිට ගිය දින
නිතර ඒ ගැන දුක් වෙන
@ලකී ..
ලියමු ලියමු. වැඩ කීපයක් තියෙනවා හදිසි .ලොකු දේවල් ලියන්න බැහැ..නොලියයිමයි කියන්නත් බැහැ . ඔයා කියන කම් 50 බව දැක්කෙත් නැහැ . ස්තුතියි ලකී . බ්ලොග් නොලියා හිටියත් අපිව දිරිගන්නනවට .
@උදාර ..
ReplyDeleteස්තුතියි උදාර
@පොඩ්ඩි..
ඔයාටත් දන්නා කියන සියලුම සත්ව වර්ගයාටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා !!
@බුරා
ආයෙත් කවි වාරයක් තියමු නේද . කාලෙකින් කට්ටියගේ කවි හිත් බලන්නත් බැරි වුනානේ . බලමු ළඟදීම
@මාරයා ..
කිවොතින් යන බව දකින්නට
සිහි නැතුව වැටෙනා නිසා
ගෙදර අය ගැන සිතා දෙවරක්
නොදීටිමි මම ''මාරයා ''
ස්තුතියි සුබපැතුමට
@ senna
ReplyDeleteකොළඹ අව්ව සැරයිනේ කවදත් . පොඩි කාලේ නම් ඔව්ව ගානක් නැහැ . කුඩයක් ගෙනිහින් පුරුද්දක් තිබුනෙම නැහැ .
@පැණි දොඩම් ..
අපේ පැත්තේ පාර ලොකු කරනවා . පාර අයිනේ ගස් සේරම කැපිලා . ඉතින් අව්ව සැරයි..ස්තුතියි දොඩම්
@සයුරි ..
මෙහෙත් එහෙමයි නේ . අපිට තවම ලංකාවෙන් ගන්න දේවල් ලාබයි. ගිය පාරට වඩා ගණන් නම් තමයි
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ...
ReplyDeleteසුභ පැතුම් 50ටත්...
ගෙදර ඇවිත් ගියාම ඔහොම තමා නේද?? බනියා එහෙම ඉන්න නිසා පාලුව ටිකක් හරි අඩු ඇති..
@මධුරංග
ReplyDeleteඔව් මල්ලි මොනවා තිබුනත් තමන්ගේ අය නැතිකම අඩුවක්
@අයේෂා
ඔව් අයේෂා
@ඔබ නොදුටු ලොවක් ..
මොන කෑමතිබ්බත් අච්චාරු චට්නි බෝතල් ටික හරිම වටිනවා . පුරුදු රසනේ. අම්මගේ අත්ගුනෙත් ඇති නේ
@ කල්හාර ..
මගේ ළඟ කාගෙවත් අංක තිබුනේ නැහැ මල්ලි. මන් දීල තිබුන ගෙදර අන්කෙට කතා කරලා කවිකාරි හෙම නම් හමු වුනා . තව කීපදෙනෙක් ඒ මගින් හමු වුනා . විශේෂයෙන් කොහෙවත් යන්න වෙලාවක් තිබුනේ නැහැ . ලැප්ටොප් ඒකත් දාලනේ ගියේ .
අපි සයිබරයෙන් නිතර හමු වෙනවනේ . සුබ නව වසරක් වේවා
@ Beetle
ReplyDeleteඑසේම වේවා කුරුමිණි මහතාටත්
@රෝස කුමාරි ..
ඔයාටත් බඹර කුමාරයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
@දිනේෂ් ..
ස්තුතියි දිනේෂ් . මේල් බැලුවෙත් නැහැනේ පහුගිය දවස්වල . මම අලුත් ;ලිපිනය එවන්නම්
@මන්තරකාරි
එසේම වේවා !!
@ සමාධි ...
ReplyDeleteලොව දහම එය නේද සමාධි ..මොනවා කියන්නද මන්දා හිත හැදෙන්න
@බුද්ධි .
සුබ නව වසරක් චුටි මහත්තයා ..මැරියන්ටත් එක්කම
@Gordoniya
ඇරලම ගියේ නැහැ . රැකියා නිසා ආසාවටත් එක්ක ආව . නරක නැහැ . උපන් රට මතක් වෙන එක තමයි ඉතින් . ආයේ එන්න තමයි ඉන්නේ
@මුහුදු ..
ඔයාටත් එහෙම දැනෙනවා ඇති , සුබ නව වසරක් වේවා !
@සරත් ,,
සැප වැඩි වුනාමත් දුකලුනේ . මට නම් කියන්න වරදක් නැහැ ඇත්තටම . තමන්ගේ සමාජය නැති වීමේ පාළුව තමයි . සුබ නව වසරක් වේවා !
@නිසුපා ..
ReplyDeleteඔයාටත් සුබ නව වසරක් නිසුපා ..
අපොයි ඔව් ඒ අතින් නම් මොකෝ ඉතින් ..ඉස්කෝලෙත් නිවාඩු නේ . රෑට කතන්දර කියලම ඉවරයක් නැහැ . පොත් හතරකුත් අරන් ඇඳට එන්නේ බනියා . තව කටින් කතන්දර කියන්නත් ඕනේ . කතා සේරම ඉවරයි . කියපු ඒවා යේ කියන්නත් බැහැ
මමත් මේ පැත්තේ නම් කාලේකින් අක්කෝ... ගෙදර ඉන්නකොට ඒක ඒතරම් ගානක් නැති උනාට ඔයාලා වගේ එහෙම දුර ඉන්න අය ඒ ගැන ලියනකොට හිතට ගොඩාක් ඒකේ වටිනාකම දැනේනවා අක්කෝ....
ReplyDeleteපවුලේ හැමදේනාවම ආදරෙන් මතක් කලා කියන්න...
ආයේ ආපුවහම මුන ගැහැමුකෝ
සුභ නව වසරක්
ඒකයි එහෙනන් මේ සද්ද නැතිව හිටියෙ..,ටික දවසකින් හරි යාවි වැඩ වැඩිවෙනකොට ආයෙ...
ReplyDeleteහානේ නොකියම ඇවිත් නොකියම ගිහින් වගේ..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteලංකාවට යනකන් ඉවසුමක් නෑ...ගිහින් ආවට පස්සේ කරකවලා අතෑරියා වගේ...
ReplyDelete@ දේවා..
ReplyDeleteස්තුතියි මල්ලි ..ඔයාටත් සමීපතම යන්ටත් සුබ නව වසරක් වේවායි පතනවා .
@ චේජනා .
අප්පේ ඔයාවනේ දැක්ක කල් . බ්ලොග් එකට මක් වුනාද .
@පිනිබිඳු
ඔව් නංගි..ගියා ආවා .හරිම කලබලෙන්
@හිතුවක්කාරී .
ඔයාටත් එසේම වේවා
@කැන්ඩියන්
මාස 12 ඉක්මනින් යයි නේද
සුබ නව වසරක් වේවා පවුලේ හැමටම. ඔයාගේ හමුවීම තවත් සොඳුරු මතකයක් එක් කලා ජීවිතයට. ඉතින් නංගි ඉදිරි ජීවිතය සතුටින් ගෙවේවා! කියල පතනවා. හැම අම්මෙක් ගෙම බලාපොරොත්තුව දරුවන් තමන් ලඟම ඉන්නවා දකින්නයි . ඔයාගෙ අම්මාටත් එහෙම ඇති. ඒ උනාට මල් කුමාරියෝ දෙන්නගෙ අනාගතයත් බලන්නට එපායැ. ජයම වේවා!
ReplyDeleteඩිංගිත්තක් ප්රමාද උනා මේ පත්තට එන්න . .. .
ReplyDeleteසුභ නව වසරක් වේවා . . . . ඔයාල හැමෝටම . . .
ප.ලි.
අරුං දෙන්නටත් සුභ නව වසරක් පැතුව කියන්න මතක ඇතුව
ජීවිතේ ගමනක්. එක එක තැන්වල ඇවිදින. පරණ සෙනෙහස රැඳුනු පියසකට දුවගෙන එන්න ආසා වුනත් ඒක හැමදාමත් තාවකාලිකයි. ගමන යන්න බින්දී බැඳුනු සෙනෙහස මිහිරි මතකය ඔලොගුවේ දාගෙන. කටෝර දවසක පාලු කාන්තාරෙක හිමීට එලියට අරගෙන දූවිලි නොගෑවෙන්න පිරිමදින්න ඒ මතක. හැබැයි පස්සෙන්දාට නොවැරදී ගමන පටන් ගන්න.
ReplyDeleteඑහෙනම් වෙල්කම් බැක්ය. බිස්නස් ඈස් යුසුවල් වේවා. සුබ නව වසරක් හතර දෙනාටම.
බුරා;
ReplyDeleteමෙව්වා මෙව්වෙකක් බොට.
මගෙත් ෆේවා ලයින් ඒක අර කබඩ් ලයින් එක.
උඹේ කවියට සොරි වෙලා. කෙටි විරිතට ලං වෙලා හැබැයි උඹ එකට පොඩි වෙට්ටුවක් දාලා. අවුරුද්දේ වැඩ අල්ලන්නත් එක්ක මෙන්න මං හැදුවා ඇද ටික. කෙටි විරිත 9-11-9-14 මාත්රා වලින් ඕකී?
උඹ:
අගයක් නැතේ ඇති කල
එනමුදු වටී ළග නැති කල
සතුටත් දුකත් මුසු කල
මතක ගම රට වටියි හැම කල
මම:
අගය නැහැ ඇති කල
එනමුදු වටියි නැති කල
සතුට දුක මුසු කල
මතක ගම රට වටියි හැම කල
එළස්.. ඕකනෙ බං මං කියන්නෙ මට නිසඳැස් හදාගන්න බෑ කියලා හරියකට.. සඳැසට ජය වේවා.!!
ReplyDeleteපලි: විභාග වැඩ අහවරය.!? හිත නිදහස්ය.!?
කොහෙද යකෝ ඕක නිසඳැස් වෙන්නේ? කෙටි විරිත චන්දසක්
ReplyDeleteඅම්මප හැබෑ නේන්නං.. ගනං ගන්ට එපාය, මේ දවස්සොල ටිකාක් මඤ්ඤංය.. :D
ReplyDelete[[විභාග වැඩ අහවරය.!? හිත නිදහස්ය.!? ]]
ReplyDeleteනැහැ බං එකතු කරපු ඇන මිටිය තියෙනවා රිපීට් ලියන්න. ඇයි ප්රොජෙක්ට් එක.
හිත නම් නිදහස්. ඒත්වෙලාව තමයි නැත්තේ
''දැන් ඔය ඇවිද්දාමදිද
ReplyDeleteගම රට ආවොතින් නරකද
හදාගෙන ගේ දොර
පිළිවෙලට ඉන්නේ කවදද ''
''පෙන්ෂන් ලැබෙන
ආණ්ඩුවේ රස්සාව
නැතිවෙලා යනවට
හැබෑටම දුක නැද්ද ??
ඔන්න ඔය කෑලි දෙකට නම් අපිටත් උත්තර දීලා ඇතිවෙලා තියෙන්නෙ. සමහරු ඔය මාතෘකාවට එනවා වගෙ දැනෙනෙකොට අපි පීලි මාරු කරනවා.
නියම නිර්මාණයක්!!
henryblogwalker the Dude
ඔබටත් සියලු දෙනාටමත් සුභ අලුත් අවුරුදක් වේවා ..! සිතුම් පැතුම් එටු වේවා ..! මමත් මේ අවුරුදේ වියට්නාමෙට එනවා...මගේ වියට් යාලුවෝ බලන්න...
ReplyDelete