Saturday 13 October 2012

අලිය ගිලපු දිවුල් ගෙඩිය වැඩක් නැති වුනත් ....


 


අපි පොඩි කාලේ උගුඩුවන් ඕනෑතරම් හිටිය . හැබැයි උන් මොනවගේද කියල හරිහැටියකට දැකල තිබුනේ නැහැ . නිශාචරයෙක් නිසා වෙන්න ඇති . මොනවා වුනත් උගුඩුවා කියන්නේ ප්‍රියමනාප සතෙක් විදිහට නම් නෙමේ අපට දැනුණේ. රෑට කුකුලෝ හොරකම් කරන විත්තිය අහල තිබුන . උගුඩුවො එන හින්දා කුකුල් කුඩුව ගහක එල්ලලා තිබුනත් මතකයි.

ඒ මදිවට සමහර මිනිස්සුන්ව ඇටිකෙහෙල් කාපු උගුඩුවාට සමාන කරනවා වුනාට ඇටි කෙහෙල් කෑවම උගුඩුවට වෙන්නේ මොනවද කියල හොයල බැලුවෙත් නැහැ .


අපිට එහෙම වුනාට ඔය කෝපි වලට ඇබ්බැහි වෙච්ච අයට නම් උගුඩුවාAsian Palm Civet හරිම වැදගත් බව මන් දැන ගත්තේ ලඟදි .

[picture from http://en.wikipedia.org/wiki/Kopi_Luwak ]



ඉතියෝපියාවේ කල්දී කියන කොලුවා කෝපි සොයා ගත් බව තමයි එහෙදි මට අහන්න ලැබුනේ . කල්දී කියල කෝපි කඩ ජාලයකුත් එහෙ තියනව . ජාලයක් කිව්වට ඉතින් ''ස්ටාර් බක්ස්'' හරි ''කොෆි බින්ස් '' වගේ හරි පොෂ් නම් නැහැ . කොහොමත් ඉතින් වැඩිය හොඳ පුටු තියෙන්නේ වඩුවාගේ ගෙදර නෙමේනේ .



අපිට වැඩකට නැති උගුඩුවන් ජාවා , සුමාත්‍රා වැනි ඉන්දුනිසියන් දුපත්වලට නම් රත්තරන් වගේ . අපේ උගුඩුවන්ගේ එහෙ ඉන්න නෑයන් එච්චර වටින්නේ මොකවත් හින්දා නෙමේ උන්ගේ වසුරු නිසා . කෝපි ඇට ගිලල හෙලන වසුරුවල තියෙන නොදිරවපු ඇට මේ පලාත්වල මිනිස්සුන්ට රත්තරන් වගේ .
ඕලන්ද කාරයෝ මේවයේ කෝපි වගා කරලා තියෙන්නේ මුලින්ම . හැබැයි පසු කාලේදී ගමේ මිනිස්සුන්ට කෝපි ඇට නෙලා ගන්න තහනම් කරලා . මේ මිනිස්සු තමයි මේ වසුරු වල තියෙන කෝපි ඇට වලින් කෝපි හදන්න පටන් අරන් තියෙන්නේ .

මන් කෝපි ලෝලියෙක් නෙමේ නිසා කෝපි එක්ක වැඩි ආස්සරයක් නැහැ . යුරෝපිය වගේම අනික් ජාතිවල ගැහැණුත් බොහොමයක් කෝපි බොන්න රුසියන් . මන් ඉතින් තේ තමයි. දවසක් මට යාලුවෝ දෙන්නෙක් අඬගැහුව Cat poo poo කෝපි බොන්න යමුයි කියල . දැන්වීමකුත් පෙන්නුවා . නිකන්වත් කෝපි නොබොන මට ඔය ජරාව මොකටද කියල මන් ගියේ නැහැ . ඒ ගැන එහෙම්ම අමතක වුනා .

ඊයේ පෙරේදා '' අම්මට කියන්න එපා '' කියල ටිකක් අමුතු තැන්වලට යන නැෂනල් ජියෝග්‍රෆි නාලිකාවේ හාදයා බෝර්නියෝ පැත්තේ ගොහින් කල වැඩසටහනක් බලද්දී ආයෙම මේ ගැන කියවුනා . අපේ බනියටත් හරිම හිනා .


එවෙලෙමයි හිතුනේ මේ ගැන කියවල බලන්න . [මේ වගේ කියවල බාගෙට ලියල මග ඇරුන ලිපි කෑලි රාශියක් බ්ලොග් එකේ තියෙනව . මේක නම් ඉවරයක් කරනවා කියල හිතුනේ ටිජි අදත් මුණු පොතේ පණිවුඩයක් එව්වට පස්සේ.. මේ සතියත් කෙල්ලන්ට නිවාඩු . සම්පුර්ණ වගකීම බෑන් කි මුන්ගේ . මන් නම් අහිංසකයි ]


ටි ජි නගා කෝපි බොන එක නතර කරන එකක් නැහැ කියල මන් හිතනවා .


අපි වගේම ඉන්දුනිසියන් මැලේසියන් අයත් කියන්නේ කෝපි . මේ උගුඩු කෝපි වලට ඉන්දුනිසියන් බසින් කියන්නේ කෝපි ලුවක් . සුද්ද කියන්නේ නම් Civet coffee .
ඉස්සර ස්වභාවිකව කැලයේ හෙලන වසුරු එකතු කලත් දැන් දැන් කුඩුවල දමල කෝපි කන්න දීල වසුරු එක්කහු කරන තැනුත් තිබෙනවාලු. වැඩසටහනේ ගියපරිදි නම් මාස කීපයයි කුඩු කරන ඉන්නේ . අනේ මන්ද ඉතින් ඕව නම් .

 පිලිපිනේ සහ වියට්නාමේත් මේ ක්‍රමය අනුගමනය කරන කෝපි වතු කීපයක් තිබෙන බවයි ආරංචි. මේගොල්ලන්ට ඕව එච්චර ජරාව නෙමේ .


වියට්නාමයේ කෝපි ජනප්‍රියයි බොහොම . දේශීය වගේම ජාත්‍යන්තර කෝපි කඩත් මෙහෙ තියෙනව . හැබැයි තවම මේ Civet Coffee එපමණ ප්‍රසිද්ධ නැහැ . මෙයාල කෝපි ජාතියක් තියෙනව තද කළු . හිමිට කෝප්පෙට පෙරෙන්න ඇරලා ගනකමට බොන . බොනවට වඩා කනවා තමයි ගැලපෙන්නේ .


මේ Civet Coffee තමයි ලෝකේ අඩුවෙන්ම නිෂ්පාදනය වෙන්නේ . ඒවගේම අස්ප ගණන් . බීපු උදවිය කියල තියෙන්නේ සතාගේ ආහාර මාර්ගයේදී යම් පමණකට පැසිමක් වෙන නිසා අමුතුම රසක් ඇතිලු.


ටි ජි නගා කෝපි බොන එක නතර කරන එකක් නැහැ කියල මන් හිතනවා .
අපි වගේම ඉන්දුනිසියන් මැලේසියන් අයත් කියන්නේ කෝපි . මේ උගුඩු කෝපි වලට ඉන්දුනිසියන් බසින් කියන්නේ කෝපි ලුවක් . සුද්ද කියන්නේ නම් Civet coffee .

ඉස්සර ස්වභාවිකව කාලයේ හෙලන වසුරු එකතු කලත් දැන් දැන් කුඩුවල දමල කෝපි කන්න දීල වසුරු එක්කහු කරන තැනුත් තිබෙනවාලු. වැඩසටහනේ ගියපරිදි නම් මාස කීපයයි කුඩු කරන ඉන්නේ . අනේ මන්ද ඉතින් ඕව නම් . පිලිපිනේ සහ වියට්නාමේත් මේ ක්‍රමය අනුගමනය කරන කෝපි වතු කීපයක් තිබෙන බවයි ආරංචි.

කෝපි ගැන මගේ මතක නම් කෝපි තරම් තිත්ත නැහැ . උගුඩු කෝපි තරම් අප්පිරියාත් නැහැ

. ලිපියෙන් පොඩි වංගුවක් ගහල මේ ටික මෙතනම ලියල දාන්නේ ආයේ කවදා කෝපි ගැන ලියයිද නොදන්නා නිසා.
අපේ රත්නපුරේ මහගෙදර කෝපි වවා තිබුණා. අවුරුද්දට ගියහම ආපහු එද්දී ආච්චි ඔතල දෙන ගොරක , කාරබු නැටි , ගම්මිරිස් , කැවුම් අතර කෝපි ඇටත් තිබුන . අපි කඩෙන් කෝපි ගේන පුරුද්දක් තිබුනේ නැහැ . පුරුද්දකට කෝපි නොබොන අපේ ගෙදර මේ කෝපි ඇට කාලයක් තිබුන . කාට හරි බඩ රිදුනහම අම්ම කෝපි ඇට ටිකක් කබලේ රත්කරල වංගෙඩියේ කොටනවා . හරිම සුවඳයි . අලුතින්ම කොටපු කෝපි දෙහි දාල බොන්න දෙනවා . බොන්න අකමැති වුනත් සුවඳට නම් හරිම ආසයි .


ආයේ අපි උන්න ගෙවල් පැත්තෙත් හැම ඉඩමකම වගේ කෝපි ටිකක් තිබුණ. ඒ අය වුනත් තම තමාගේ පාවිච්චියට මිසක් විකුණන්න තරම් උනන්දුවක් ගත් බවක් මට මතක නැහැ . කෝපි මල් තියෙන කාලෙට හරිම සුවඳයි. ලස්සන දත් පෙළක් සුදු පාට කෝපි මල්වලට උපමා කරනවනේ . කෝපි මල් සුවඳක් දැනුණේ නැහැ කාලෙකින් . එහෙම බලද්දී කොයිතරම් දේවල් මට මග ඇරිලද.



picture from google images

ඉදිලා රතු පාට වෙච්ච කෝපි ගෙඩි සුප්පු කරන්න අපි ආසයි ඒ දවස්වල . සුද්දා වවපු කෝපි වගාවට සුදු පුස් බෝවුන කතාවයි , කෝපි මල් වල සුවඳයි . අම්ම හදන කළු කෝපි එකේ සුවඳයි , කෝපි මල් හිනාව ගැන යි වගේ පුංචි දේවල් ටිකක් විතරයි මන් කෝපි ගැන දැන හිටියේ .


123 comments:

  1. අර උගුඩු කෝපි ලංකාවෙ නැති එකමයි හොඳ... තිබුනනං එහෙම උගුඩුවොයි කෝපි බොන අයයි දෙගොල්ලොම අමාරුවෙ...:D
    ( කෝපි කියන්නෙ මමත් වැඩි කැමැත්තක් නැති දෙයක් )

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ලකී . අසරණ උගුඩුවන්ට නිදහසේ ඉන්න නැති වෙයි.. මටත් මේක ඇහුවම පව් කියල හිතුන

      Delete
  2. Thank you . :)

    tg

    ReplyDelete
  3. අර කෝපි මල්වල පින්තූරේ දැක්කම පපුව දෑවා. ඉස්සර අපේ ගේ වටේම කෝපි ගස්. මල් හැදෙන කාලෙට සුවඳේ බැරුවා. කෝපි ගෙඩි හැදිලා කඩන්න කිව්වම අතුවල එල්ලීගෙන කෝපි කඩනවා. සමහර කෝපි ගෙඩි රතු පාටයි. සමහර ඒවා කහ පාටයි. කඩන ගමන් කෝපි කටේ දාගෙන කනවා...

    වේලපු කෝපි ඇට වලට අරගෙන බැදලා කුඩු කරලා අම්ම හදන කෝපි වල සුවඳ...අම්මෝ...උදේට අම්ම කෝපි හදද්දී ගෙදරම සුවඳයි..ඔය නෙස්කැෆේ මොන සුවඳද...

    දැන් අර කෝපි ගස් එකක්වත් නෑ. ගේ හදන්න ඔක්කොම කපලා දලා..

    විස්තරය නම් නියමයි..ස්තුතියි අක්කේ

    ReplyDelete
    Replies
    1. මිහිරිමතක .....ස්තුතියි ලිහිණි

      Delete
    2. ඕවා කෝපි කාලේ කතා

      Delete
  4. ඉස්සර අපේ ගෙදරත් තිබුනා කෝපි ගස් හත අටක්ම.. අර කිව්වා වගේ කෝපි ඇට අරන් වේලලා ගෙදරම අපි කෝපි හදා ගත්තා.. ඒ කොපී බඩේ අමාරු වලට කියාපු බේත. නෙස්කැෆේ බෝතයක්ම දියකරන් බිව්වත් බඩේ අමාරුනම් හොඳ වෙනවා සුම්මා...

    මමත් කෝපි ලෝලියෙක්..

    ඉස්සර ඉඳුනු රතු පාට කෝපි ගෙඩි කටේ දාලා පොත්ත කාලා ඒ එක්කම ඇටෙත් බස්සනවා බඩට..අම්මලනම් කිව්වෙ කෝපි ඇට ගිලින්න එපා බඩේ පැලවෙනවා කියලා.. :-) එතකොට කෝපි දළු කොටලා එහෙම නැත්නම් හපලා හපලා තියනවා තුවාල වලට.. හොඳ බේතක් ඒක. කෝපි කුඩුත් තියලා බැන්දා වගේ මතකයි.

    කෝපි මල් කාලෙට මී මැස්සන්ව එහෙමත් හම්බෙනව අපිට.. මේ හැම දෙයක්ම අද අපිව දාලා ගිහිල්ලා.. දැන් තියෙන්නෙ බෝතලේ එන නෙස්කැෆේ හරි පැකට් එකේ එන හරිස්චන්ද්‍ර කෝපි විතරයි..කෝපි ගසුත් නෑ, ගෙඩිත් නෑ, ඇටත් නෑ, දළුත් නෑ, මලුත් නෑ, මී මැස්සොත් නෑ.. දුක තමා..

    ReplyDelete
    Replies
    1. අන්න මට අමතක වෙච්ච දෙයක් සෙන්නා . කොපි දළු තුවාල වලට තිබ්බ තමයි. සෙන්නලගේ කුකුල්ලු කන්න උගුඩුවො එන්න ඇති නේද ඒ කාලේ

      Delete
    2. මම දාන්න හිටි කමෙන්ට් එකෙන් භාගයක්ම සෙන්නගෙ කමෙන්ට් එකේ ලියවිලා...ඒ නිසා මාත් එකතුයි ඒ ටිකට..!

      Delete
  5. අපේ මහගෙදර මායිමට තියෙන්නෙත් කෝපි වැටක්!ඉසර අපේ ආච්චි ඒවා වේලලා බලා වංගෙඩියේ දාල කොටලා තියනවා!:)
    පොඩි පොඩි තුවාල වලට එහෙමත් කෝපි දළු නියම බෙහෙත!
    හැබැයි කෝපි බොන්නන නිකන් මොකක්ද වගේ දැන් නම්!;P

    ReplyDelete
    Replies
    1. කෝපි කඩ කාරයෝ මට ගහයිද දන්නේ නැහැ . අපට මේක අලුත් වුනාට බටහිර කට්ටිය නම් කලක් ඉඳන් දන්නවා වගේ .

      Delete
  6. මගෙත් මතකය එකපාරින්ම දුවන්නෙ අපේ තාත්තලෑ මහගෙදරට.. ඒ කාලෙ වත්ත පුරාම කෝපි ගස්.. අර කියපු කෝපි මල් සුවඳ, කෝපි බදින සුවඳ, රතුපාට කෝපි ඇට කාපු මතක.. දැන්නං ඒකාලෙ තරම්ම කෝපි ගස් නෑ - කපලා දාලා, එහෙන් මෙහෙන් කීපයක් තියෙනවා..

    මගෙත් අංක එක 'තේ' තමා, අපි ඉතිං හදවතින්ම ලාංකීයයි නේ..

    පලි: ටීජී නගා මොකෝ අර ඇනෝ එන්නෙ.!? උන්දෑට එෆ් බී එකේ රික්වෙස්ට් එවන්ට පුළුවන්, මේකට ලොග්වෙන්ට කම්මැලියි ඈ.. :)

    ReplyDelete
    Replies
    1. මටත් අදහසක් නැහැ සුළු අපනයන බෝගයක් ලෙස ලංකාවේ කෝපි නිෂ්පාදනය ගැන . ගෙවල් වල තිබුන ගස් දෙක තුනත් නැති බව මිසක් . හොඳ ආදායමක් ගත හැකි දෙයක් . බුරෝ ටි ජි ට මොකක් හරි වෙලා බව නම් පේනවා . අලුත් දෙයක් ..අලුත් වෙනසක්ද මන්දා .

      Delete
    2. බූරට පේන්නේත් ඉතින් මගේ ඇද කුදම තමයි :)

      ලෙට්ස් හැවු අ කොෆී !

      Delete
    3. Sure! Cappucino for me.. :D

      Delete
    4. හ හා.. ටීජී අක්කට නං කෝපි එපා වෙයි එහෙම!!
      බින්දි අක්කට කියන්ඩ අපේ දඹදෙනියෙ ගෙට පල්ලමේ තිබුණ කෝපි කැලේ තමයි ඉස්සර මං සින්දු කවි කියන්ඩ යන තැන...
      අවට වතුවලින් හෝදගෙන ආව සුලු වැලි තැන්පත්වෙලා හැදිච්ච පොලවෙ කෝපි ගස් හැදිල.. මට පෙනුනෙම ඒක වෙන කොහෙ හරි රටක් වගේ!!!
      ඕකෙ තිබුණ ගහක වේලිච්ච ගෙඩියක් නෙව ඔලුවටත් පත බෑවුනේ!!!

      Delete
    5. ඔහ් ඒක තමයි කාරණේ එහෙනම් .දැන් අපි දන්නව ජනූ බොලාට තාම ටිකක් පිස්සු මොකද කියලා :)

      මුල්ම හරියෙන් කමෙන්ට් එකක් දාලා හිමින් මාරු වෙලා ගියත් මම කීප සැරයක් හිතුව ලියන්නේ මොනාද කියලා .ආයෙත් ඕනේ නෑ කියල නොලිය හිටිය .එහෙම වුන එක හොඳයි වගෙ මම කියන්න හිටි ගෙදර වත්තේ කෝෆි ගස් , මල් කතා සේරෝම ලියවිලා නේ :)

      හොඳ උණු කෝපි එකකින් එන සුවඳ/දුම /ඇරෝමා එක හරිම නොස්ටැල්ජික් මායාකාරියි.ඒක දන්නේ කෝපි වලට ඇබ්බැහි වුන කෙනෙක් තමයි :)

      tg

      Delete
    6. ජනු ....ආහ් මන් හිතුව . කමක් නැහැ නගෝ බ්ලොග් ලියන හැම එකාගෙම වගේ ඔලුවට මොඅන්ව හරි පත බැවිල තියෙන වග නම් මොකට කියනවද .

      මට මැවිලා පෙනුන කොපි ගස් යට සුදු වැල්ලේ කෝම්පිට්ටු උයන පොඩි කෙල්ලක්

      Delete
    7. නීති පොතට අමතරව ටිජි දන්නා මන් නොදන්නා තව දෙයක් තමයි ඔය . ලස්සන කැෆේ එකක ජනේලයක් ගාව වැඩි වෙලා දුම් දමන කොපි එකක් එක්ක වැස්ස දිහා බලන් ඉන්න ටි ජි....ඔන්න ඉස්සරහින් ඉඳුවා තව මනුස්ස පරානයක් . කැමති මුණක් දාගන්න ..

      Delete
  7. දන්නවද 'අලියා ගිලපු දිවුල්' කියන කතාව හැදෙන හැටි..? :)

    ReplyDelete
    Replies
    1. අනේ කියන්ටකෝ මෙයා අපිට දැනගන්ටත් එක්ක. :)))

      Delete
    2. අලියා ගිල්ල දිවුල ආපහු එනවා අලි බෙටි එක්ක . හැබැයි අතුල හිස්. ඕක තමයි මන් දන්නේ . වෙනස් දෙයක් ඇත්නම් කියන්න බුරා

      Delete
    3. වෙන අහවල් වෙනස් දෙයක් ද? ඇතුල හිස් කියන්ඩනේ ඔය උපමාව ගන්නෙ......!

      Delete
    4. අලි ගැන දන්න උදවියනං කියන්නෙ අලි දිවුල් නිකංම ගිලින්නෙ නැහැ කියලා.. දිවුල් ගෙඩියෙ තිබෙන ඇඹුල් රසයට කැමැති අලි ඒවා හොඳට හපලා තමා කන්නෙ.. මේ කතා කරන්නෙ වන අලි (දැං උං වල් අලි නෙවෙයිලු, වල් ගති අත ඇරලලු) ගැනයි..

      ‍එහෙනං කොහෙන්ද මේ අලියා ගිල්ල දිවුල් කතාව එන්නෙ.!? මං හිතන්නෙ නම් (හා මම අහලා තියෙන විදියට නම්) මේවා මේ කෘමි සතුන් විසින් ආහාරයට අරන් ඉතිරි වෙන ඒවා.. ඔන්න හොයලා බලන්න මාතෘකා.. :)

      Delete
    5. අපේ වත්තෙ දිවුල් ගස් තිබ්බා. කෘමි සත්තුන්ගේ ආහාරයට ලක්වෙච්චාගේ ඇතුලේ හෙල්ලෙනවා. බිදලා බැලුවොත් ඇතුලේ මද තියෙනවා. උඩවලවෙදි අලි ගිලපු දිවුල් දැක්කා. ඒවා බැලුම් වගේ ඇතුල හිස්. උන්ගේ බඩේදී ජිර්ණය වෙලා කියලයි කිව්වෙ. බලමු! අපි හිතාගෙන ඉන්න දේවල් ඇත්ත ද කියලා!?

      Delete
    6. මම අහලා තියෙන්නෙ වැටිලා තියන දිවුල් ගෙඩි උඩට අලි වසුරු වැටුනට පස්සෙ, ඒවා ඔයකියනවා වගේ පස්සෙ කෘමීන් විද්දලා කෑවම ඒවා අලියගෙ එකවුන්ට් එකට යනවා කියලා.. ඇයි ඉතින් අලි බෙට්ට යටනෙ තියෙන්නෙ.. අහපු කතාවක් විතරයි ඔය..

      Delete
    7. මාරයිනේ . සඳරු ගෙන් තමයි අහන්න වෙන්නේ .

      Delete
    8. සෝමපුර වීරයෝද?

      නරක්වෙලා විසිකරපු දිඹුල්(අපේ පැත්තෙ දිවුල් පොතේ ලියනවා විතරයි) වල ටික කාලයක් යද්දි ඇතුල හිස්.. ඔය සෙන්නාගෙ කතාව තමා මාත් අහලා තියෙන්නෙ..

      Delete
    9. හරී,

      දිඹුල් කියන්නෙ ගැට කාලෙ දිවුල් වලට.. අර ඉස්කෝලෙ වැටෙන් එහා හිටපු වඩේ මාමගෙන් අරන් ලුණු කුඩුත් එක්ක කෑවෙ.. අන්න ඒවා.. දිවුල් කියන්නෙ ඉදිච්ච ඒවට.. අපිනම් එහෙමයි කියන්නෙ.

      Delete
    10. දිඹුල් කියන්නෙ බං වෙනම ගස් ජාතියක්නෙ.. අර උදුම්බරා දේවි නැගලා හිටියෙ එයින් ගහකට නේද.. මම දන්නා තරමින් දිඹුල් කියන්නේ අත්තික්කා ගහට..

      Delete
    11. ඒකත් එහෙමෙයි.. ඔය කතාවත් මම අහලා තියනවා.. ඒත් අපි දිඹුල් කියනවනෙ බන් ගැට දිවුල් වලට.. උඹලා මොනවද ඒවට කියන්නෙ ?

      Delete
    12. අපි නං ඔක්කොටම කියන්නෙ දිඹුල්.. ලියන්නෙ දිවුල්..

      සෙන්නා බීලා ඇතිනේද දිඹුල් කිරි? අර පොල්කිරි දාලා හදන්නෙ.. දකුණෙත් ඕවා හදනවා හැබැයි ඇල්වතුරෙන් ඒත් නම දිවුල් කිරි.. :) අපි ඉතින් උන්දැලාව නෝන්ඩි කරනවා මොකද බන් වතුරෙන් හදන එව්වට කිරි කියන්නෙ කියලා..

      Delete
    13. අපොයි දිවුල් මතක් කරන්න එපා . අපට නැහැ . එකපාරක් දිවුල් බිම බෝතල් දෙකක් අරන් ආවා .මග දවසක් නැවතිලාත් ආවේ. ඒක බෝතලයක් ඉදිමිලා තිබුනා . ඇරපු පාර මගේ කුස්සියට වෙච්ච දේ කියන්න ඕන නැහැනේ .

      Delete
    14. ''Konagamana Buddha – Brahmin caste – Father Yanjadatta –Mother Uttara Devi – Lived in the city of Sobawathie – Attainedenlightenment under a Dimbul tree''

      මේ කියන්නේ වෙන ගසක් ගැන වෙන්න ඇති . සෙන්න කිව්වා වගේ ගැට කාලේ දිඹුල් කිව්වා මතකයි. ඉඹුල් ගහ නම් මන් හොඳට දන්නවා . ලස්සන වෙල්වට් වගේ රතුපාට මලක් තියෙනවා

      Delete
    15. දිවුල්වලට මාතරින් එහා ඈයො කියන්නෙ ජූල් නෙ....

      Delete
  8. ඇත්ත...ලෝකේ භාෂා ගණනාවකින්ම කෝපි වලට කියන්නේ "කෝපි" කියලාම තමයි. දවසක් "kopi" කියලා ගහපු කඩයක් දැකලා දුවගෙන ගියා ලංකාවේ එකක්ද බලන්න. බැලින්නම් රටවල් තොගේකම කියන්නේ කෝපි කියලා.

    ReplyDelete
    Replies
    1. කෝපි වචනය මැලේසියන් ඉන්දුනිසියන් පැත්තෙන් හැදිච්ච එකක් වගේ . මෙන්න ලින්ක් එකක් හම්බ වුනා ලෝකේ විවිධ බසින් කෝපි අමතන හැටි

      Delete
    2. http://coffeetea.about.com/od/historyculture/a/WordsForCoffee.htm

      Delete
  9. මම නම් කෝපි ලෝලියක්. සීනි හැඳි දෙකක් සමග කලු කෝපි කියන්නේ ඉතින් ....ඕන තරම්, ඕන වෙලාවක බොන්ට පුලුවන් දෙයක්.

    හපොයි අර උගුඩු කතාව ඇහුවාම නම් කෝපි එපාවෙලා ගියා.මතක් කරලා ඔය රටවලට ගියාම කෝපි නොබී ඉන්ට ඕනි. නැත්නම් හිමින් සීරුවේ තේ බොන්ට ඉගෙන ගන්ට ඕනි.:D

    මොනවා කලත්, ගමේ ගියාම අත්තම්මා හදලා දෙන ගෙදර කෝපි තරම් රහ කෝපි මේ ලෝකේ කොහෙවත් නෑ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි බයවෙන්න එපා . මේ කෝපි මාර ගණන් . වැරදිලා හෙම දෙන එකක් නැහැ . කෝපි බොනවලු ඩයට් කරන්න සමහරු . ජපන් ගෑනු හෙම කෝපි බිබී ඉන්නේ කන්නේ නැතුව සමහර දාට . අත්තම්මගේ අත්ගුනේ වගේ කොහෙද ඉතින් නේද

      Delete
  10. බොහොම වටින අදහස් ටික.මාව මේ ලිපියත් එක්ක ආයිමත් ගමට ගියා.කෝපි දළු කුරුම්බැට්ටි ගල ගාලා දාපු බේත් ආයිමත් මතකටය ආව.බොහොම ස්තුතියි
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ඒ කාලේ අතපය වල තුවාලයක් නැති දවසක් නැහැනේ . අපි එනවා සමකය වටේ

      Delete
  11. එයා දැන් ලොකු ළමයෙක් විත්‍රපටයේ තියෙනවා "අවාරෙට කෝපි මල් පිපිල ඇති!" කියලා දෙබසක.

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයා මුග්ධ කමෙන්ට් දාන එක තාම නවත්තලා නෑනේ හැබැට.... කවදා හැදෙයිද මන්දා!:):):):):)

      Delete
    2. කතන්දර ආපහු සැරයක් ගෑණියෙක්ගෙන් කිච වෙන්න හදන්නේ (1 සපීරෝ 2.ඇදුරු බිරිඳ 3බින්දි? )

      Delete
    3. මන් ඒ ෆිල්ම් එක බලල තියනව කතන්දර . එච්චර මතක නැහැ ඉතින් . සම්මාන දිනු චිත්‍රපටයක් නේ.


      @ ඇනෝ..

      අනේ මන්ද මට නම් කකාගේ මේ කමෙන්ටුවේ වරදක් පෙන්නේ නැහැ . පුද්ගලික මඩ ඇර ඕන දෙයක් කියන්න කාටත් ඉඩ තියෙනව . කකා මුග්ධ කමෙන්ටුවක් දාපු වෙලාවක අපි එයාට බනිමු නේද

      Delete
    4. මම පළවෙනි ඇනෝ..... කකා මුග්ධ කමෙන්ට් දාන එක හොඳයි. හිතලා මතලා දැම්මොත් තට්ටෙ නිසා පිනිබාපු මොලෙන් මොනවා ලියයිද දන්නෑ...හෙහ් හේ..... ඒක මතක් වුනේ පස්සෙ....

      Delete
  12. Civet coffee ගැන අහලා තියෙනවා. හැබැයි බීලා නෑ.

    කෝපි හොද උත්තේජකයක්, වැහිබර දවස්වලටනම් කියාපු පානෙ. නියම ප්‍රමිතියට හදපු කෝපි එකක් බ්ව්වම සෑහෙන ප්‍රබෝධයක් ඇතිවෙනවා.

    මොකද පෝස්ට් එක අවුල් වෙලා.....? එකම ඡේදය දෙපොලක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අහන්න දෙයක් නැහැ . පබ්ලිෂ් කරද්දී වෙලාව බලන්නකෝ . අවුල් වෙන එක පුදුමයක්ද .

      Delete
  13. කෝපි මල් සුවද ඔබට පමණක් නොව සිරිලංකාවේ වෙසෙන මටද කාලයකින් දැනී නැත..අපේ වත්තේ තිබූ කෝපි ගස් සියල්ල දැන් අභාවයට ගොසිනි... තාත්තාගේ අම්මා හෙවත් මගේ මිත්තනිය සිටි කාලයේදී නම් ඒවායින් ඉදුනු කෝපි කඩා වේලා කුඩුකරගත් අතීතයක් තිබුනි... දැන් බහුතරය එතරම් ස්වයංපෝෂිත නැත... රුපියල් 20ක් කඩයට දිගු කල විට වෙහෙසකින් තොරවම කෝපි ලැබේ...

    ඔය සත්වයාගෙන් ලබා ගන්නා කෝපි ගැන නම් කලින් අහලා තිබුනා... සාමාන්‍ය කෝපි වලට වඩා විශාල ඵලයක් තියෙන කෝපි විශේෂයක් තියෙනවා බ්‍ර‍සීල කෝපි කියලා...මම ලංකාවෙදි දැකලා තියෙනවා, කෝපි ගසේ නොදියුනු මුල් අවස්ථාවට නෑකම් කියන ශාඛයක ඡායාරූපයක් මම ලියපු සිංහරාජ චාරිකාවෙ තියෙනවා....

    අදට නවතිමි. කෝපි කෝප්පයක් බොන්න හොද වෙලාව.... ජය !

    ReplyDelete
    Replies
    1. තේ තරම් අපේ අයට කෝපි ඇල්ලුවේ නැහැ කියලයි මට හිතෙන්නේ . වැඩිය බොන එක එච්චර හොඳත් නැහැනේ . ස්තුතියි ලින්ක් එකට siraa . මන් ඔය සිංහරාජ ලිපි ටික කියවන්න ඉන්නේ දෙසැම්බර් වලට කලින් කොහොමත් .

      Delete
  14. හප්පා‍‍‍... එයා කෝපි බොන්නෙත් නැහැ - බොන එවුන්ට දෙන්නෙත් නැහැ...

    මේකනං මේ කෝප් අපිට එපා කරවන්න කරපු වැඩක්... මාත් කෝපි බොන්න ආස මනුස්සයෙක්... හැබැයි අර කිව්වත් වගේ දෙහි බින්දුවක් දාගන බොන්න තමා වැඩි කැමැත්ත...

    ඉස්සර අපේ ගෙදරත් වැට අයිනට වෙන්න කෝපි පඳුරු දෙකක් තිබුනා... මේ ළගදි ගිය වෙලෙත් මං ඒක බැළුවම දකින්න තිබුනා... තාත්තා ඕය පඳුරු දෙකේ කෝපි ඇට ටික හොඳට වේලලා අරං තියලා පස්සේ වෙලාවක කබලේ බැදලා දෙනවා... මං තමා ඉතිං වංගෙඩියේ දාලා කොටන්නේ... තාත්තා හීන් පෙනේරෙන් හලලා දෙනවා... එහෙම කරලා කෝපි කුඩු බෝතලයක් හදලා ගත්තම මංම තමා ඕක ඉවර කරන්නේ... තාත්තම තමා ඔය දෙහි දාලා කෝපි බොන පුරුද්ද මට දුන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ උගුඩුවො ඉන්නවලු හරියට .....

      මාරයට ඉවුම් පිහුම් සාත්තරේ එන්න ඇත්තේ තාත්තාගෙන් .

      Delete
  15. මේ ලිපියේ කෝපි යන වචනය ලියැවී ඇති වාර ගණන නිවැරදිව සටහන් කර වියට්නාමයට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත් දිනාගන්න.
    ................

    ReplyDelete
    Replies
    1. හෙහ් ටිකට් එකට අනුග්‍රහය කෙහෙල් කොටුවෙන් .

      Delete
  16. කෝපි බොන්න මමත් කැමතියි ටිකක්. තේ වලට අඩුවෙන්. මමත් කෝපි ගැන දැනගෙන උන්නෙ අර අන්තිමට තිබුනු ටික විතරයි. ඒකාලේ දවසක් ආච්චිලා කෝපි බැදලා වට්ටියේ දාලා තිබුනා කො‍ටන්න. මම එදා තමා මුලින්ම ඕවා දැක්කෙ. මම හිතුවේ බැදිලා වැඩිවුනු රටකජු කියලා හොඳවයින් බලලා කටේ හලා ගත්තා. ඊට පස්සෙ හැමදාම කතාවක අන්තිමට වෙන දේ වුනා.

    පස්සෙ පස්සේ අපේ ග‍මේ සල්ලි තියෙන කට්ටියට ගමට බ්ලෙන්ඩර් එකක් ගෙනාවා. අපි කෝපි බැදගෙන සෑහෙන දුර ගියා මැසිමෙන් කෝපි කොටාගෙන එක්ක.

    කෝපි කතා එපමණයි. අසා සිටි ඔබ හැමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ....ඔය කිව්වේ ඇර ඇටිකෙහෙල් කාපු ...........වගේ නේද ...D

      Delete
  17. අපේ මහ ගෙදර වත්තෙත් කෝපි ගස් වවා තිබ්බා. ඒවයෙ ඇට වේලලා තමයි අපිත් ඉස්සර බීවෙ. මගෙත් නම් ඒ හැටි කෝපි බොන්නට ආසාවක් නෑ. හැබැයි කැපචිනෝ කෝපියක් බොන්න නම් ආසයි. ඒකෙ තියෙන ක්‍රීම් රසට යි කැමැත්ත. කෝපිමල් සුවඳ මතක් වෙනකොටත් ආසයි ඉතින්.රතුපාට ඇට කන්නත් කාලෙකින් ලැබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ මමත් කැපුචිනෝ එකක් කවුරු හරි දුන්නොත් නම් බොනවා ඔය ක්‍රීම් ටික නිසා . කෝපි සහ කොකෝවා දෙකම මට පොඩි කාලේ වැදගත් වුනේ ඇටය වටේ තියන තුනී මදය කන්න විතරමයි

      Delete
  18. අපේ ආච්චි ගෙදරත් වත්ත උඩහට යනකං ම කෝපි ගස් ගොඩක් තිවුනා.මල් පිපෙන කාලෙට පැත්තම සුවදයි.අහුරු අහුරු කඩන්න පුලුවං නිසා මං හෙන ආසයි කඩන්න.ඒත් ඉතිං ආච්චි කඩන්න දෙන්නේ හවසට පුජා කරන්න විතරයි..
    අපේ ආච්චි පහුගිය දවසක ගෙදර හදපු කෝපි වල හරිම කෝපි සුවද නෑ කියලා කඩෙන් කෝපි ගෙනත් කලවං කරලා තිවුනා.කෝපි ගසුත් බාල වෙලාද,එහෙම නැත්නං අපිට නියම කෝපි සුවද අමතක වෙලාද දන්නේ නෑ..

    මට කිරි බිව්වාම බඩ අප්සට් යන නිසා මං අනිවා කිරි බොන්නේ හෙන කෝපි ගොඩක් දාලා.හැබැයි ඔය නෙස්කැෆේ නං වැඩක් නෑ.ඒවායේ තියෙන්නේ කොපි රස නෙවෙයි.වෙන මොකද්ද ප්ලාස්ටික් රසක්.

    “තිත්ත කෝපි“ කියවලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. '''අපේ ආච්චි පහුගිය දවසක ගෙදර හදපු කෝපි වල හරිම කෝපි සුවද නෑ කියලා කඩෙන් කෝපි ගෙනත් කලවං කරලා තිවුනා''

      දවසේ කියමන ..මඩවති.

      තිත්ත කෝපි කියවල තියනව . කාලෙකට පෙර

      Delete
  19. කෝපි කියන්නේ මත්ද්‍රව්‍යක්ලු එනිසා මම බොන්නේ නෑ, (හැබැයි වෙන මත්වෙන ජාති ගන්නවා ඉදලා හිටලා :D)

    ReplyDelete
    Replies
    1. කෝපි වැඩියම බිම හොඳ නැහැ . ඒවගේම රාත්‍රියට හොඳ නැහැ . අනෙක් මත් වෙන ඒවා ඊට වඩා නරකනේ

      Delete
  20. තදටම වහින වෙලාවක ගෙදර වහලේ පීල්ලෙන් එන වතුරෙන් නාලා වැස්ස දිහා බලාගෙන වැඩි සීනි කෝපි එකක් බීලා තියනවද?

    ReplyDelete
    Replies
    1. ඈත ඈත අතීතයේ මන් එහෙම නාලා තියෙනව . කෝපි නෙමේ අපි බිව්වේ ප්ලේන්ටි

      Delete
  21. රස බර අතීතයකට යනවා....කියෙව්වම..!
    අපේ අම්මලගේ මහගෙදර කෝපි යායක්ම තිබුන එහෙ හිටිය හරක් ගැට ගහල තිබුනෙ කෝපි ගස් යට ..හරිම සිසිලසක් තිබුනෙ.
    ඒ වගේමයි දෙමාපියන්ගෙන් උරුම උනු මහගෙදර ඉන්න මට ඉඩමෙ අම්ම වවල තිබුන කෝපි ගස් කීපයකුත් උරුම උනා.
    මම ආසම සුවඳ කෝපි මල් සුවඳට..හවස ඉර බැහැගෙන ගියාම එන සිසිල් සුලඟත් එක්ක එන කෝපි සුවඳ ....ම්ම්ම්ම්..!
    කනගා‍ටුවට කරුන මගේ ගේ තියෙන කන්ද උඩට පාර හදන්න මම ඉන් ගස් ටිකක් කැපුව දැන්නම් කනගා‍ටුයි වගේ..!
    අපි පොඩි කාලෙ කෝපි ගස් උඩ නැගල තමා ඇට කඩන්නෙ...පුදුම ශක්තිමත් කෝපි ගස්..බිමටම පාත් වෙනව බරට ඒත් කැඩෙන්නේ නැහැ.
    උලුවහු වලට පිරිද්දීමේදී ලී ඇන ගහනවනෙ.(යකඩ පාවිච්චි කරන්නේම නැහැ ඉස්සර) ඒ ඇන වලට හොඳට මෝරපු කෝපි ලීය භාවිතාකරනව.ගෙදරට සෞභාග්‍ය උදාවෙනව කියල තමයි කියන්නෙ.!
    (කෝපි ටික ඉඳිල මේ දවස්වල කැඩුවෙනෑ කියල වීපොකුරිට පොඩි දොස්මුරයකුත් දැම්ම ලඟදි..!)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෝපි වලින් එහෙම වැඩත් කරනවද . වී පොකුරිට කියන වෙලාවේ වී පොකුරට පුළුවන්නේ කෝපි ටික කඩන්න . අහන්නත් ආසයි තවම ඔයවගේ ඉඩම් තියෙන බව

      Delete
  22. ඔය වසුරු කෝපි කථාව දවසක් ටීවී චැනල් එකකත් කිව්වා..ඒවා රහයිලු තමයි... කොයිතරම් රහඋනත් වසුරු නෙවැ..ඈක්කා..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා හිත හදා ගෙන බොන්න බැහැ මටත් .

      Delete
  23. අපේ ගෙදර කෝපි ගස් තිබ්බේ නෑ. ඒක නිසා ඒ මල් පිපුනාම වත්ත සුවඳවුනෙත් නෑ. කෝපි ඇට කඩන්ඩ ලැබුනෙත් නෑ. අපේ ආච්චිලාගෙ ගෙදර කෝපි තිබ්බෙත් නෑ.

    කෝපි නම් දිනපතා බොමි. කිරිකෝපි, දෙහිකෝපි, බිත්තරකෝපි

    ReplyDelete
    Replies
    1. චැහ්.... හරි අපරාධයක්නෙ වෙලා තියෙන්නෙ.. කෝපි ගහක ආශ්‍රයක් නැතුව ළමයෙක් ලොකු වුනේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ.... :-) :-) :D

      Delete
    2. චා ඔයාට සෑහෙන ලස්සන දේවල් මග ඇරිලානේ.

      Delete
  24. බලන්ටකෝ මේ කෝපි නිසා උගුඩුවෙකුටවත් නිදහසේ ඉන්ට නැති හැටි... කෝපි වගේම රසවත් ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අලුත් මල්ලි

      Delete
  25. උගුඩුවා, කලවැද්දා ඔය නම් දෙකෙන්ම හඳුන්වන්නෙ එකම සතා. බූල් පිරුණු දිග වලිගයක් තියන කළු පාට බොහොම ලස්සන සතෙක්...මගෙ තිබ්බ එයාල එක්ක අවුරුදු ගානක් කරපු Running Battle එකක්. අපේ මහගෙදර සීලිම උඩ ඔය ජාතියෙ පවුලක්ම පදිංචි වෙලා හිටිය. රෑ තිස්සෙ එහෙ මෙහෙ දුවනව මදිවට එවුං මුත්‍රා කලාම සිවිලිම ඉවරයි. හරියටම රම්පෙ සුවඳ එන්නෙ...හෙහ්, හෙහ්,

    සීලිම උඩට ලයිට් දැම්ම. මැලතියන් ගැහුව..මොන?...කොහොමවත් හරි ගියේ නෑ...අන්තිමට වටේටම අගුවට සීලිං ගහල වහල කුමේරත් රිංගන්න බැරිවෙන්න බදාම දාලයි උංගෙං බේරුනෙ....හෙහ්, හෙහ්,

    උරුලෑව කියන්නෙත් මූටමද කියන එකනම් මම හරියටම දන්නෙ නෑ.උරුලෑව බොහොම සැර ගඳක් තියෙන සතෙක් කියල තමයි කියන්නෙ...මම දැකල නම් නෑ.

    ඔය උරුලෑ කෝපි හරියට පදමට සීසන් වෙන්න නම් ඒකගෙ බඩේ නියමිත පැය ගානක් තියෙන්න ඕනලු..ඉතිං ඒ කාලසීමාවට කලිං ඌ මලපහ කරන එක වලක්වන්න කරනවයි කියන්නෙ කෝපි කෑවට පස්සෙ උගෙ පශ්චාත් භාගයට පොරොප්පයක් ගහන එක. නියමිත වෙලාව පහු උනාම තමයි පොරොප්පෙ ගලවන්නෙ......

    ආය ඔය Genuine Civet Coffee කියල ඔප්පු කරන්න ඔය ෆයිව් ස්ටාර් රෙස්ටොරන්ට් වල මෙහෙම දේකුත් කරනවලු. ඔන්න උරුලෑ කෝපි ඕඩර් කලාය කියමුකො. ගේනව උරුලෑවෙක්. උගෙ කට ඇරල ගිල්ලවනව බඩ යන්ට බේත්. ඒ කරල කෝපි දෙන කෝප්පෙටම උගෙ පස්ස අල්ලල මලපහ කරන්ට සලස්සනව. අන්න ඒ කෝපි තමයි ගනං වැඩිම කෝපි කියන්නෙ...රුපියල් 1500/= විතර වෙනවයි කියනව ඒ කෝපි කෝප්පයක්...

    ReplyDelete
    Replies
    1. ඔන්න රවී කියන්නේ උරුලෑවගේ කියලද .. Civet කියන එකාට ගැලපෙන පදයක් හම්බ වුනේ උගුඩුව . කලවැද්ද ගැන මන් නම් මුකුත් කියන්නේ නැහැ . >.D .

      අපොයි මට දැන් මතක් වුනේ අපේ සිවිලිමේ තාමත් රෑට උන් ඉන්නවද කොහෙද . එළියේ හොර පුසෝ කෑගහනවා බෙල්ල මිරිකුවා වගේ . සිවිලිමේ කලවැද්දෝ . සැප නිදි තමයි . මේ වැඩි ඈතක නෙමේ බොහොම ජනාකීර්ණ පලාතක .අම්මපා කෝපි ටිකක් හිටවල මුන්ට ගිල්ලන්න තියෙන්නේ .

      Delete
    2. ඔන්න මේ රවිගේ කතා අහල කට්ටිය කෝපි බිම නවත්තයි .බොරු කියනවයි කියල මෙහෙම .....ඔය වසුරු සෝදලා ඇට වේලලා ගන්නේ .

      Delete
  26. අපෙත් තාත්තලගෙ මහ ගෙදර වත්ත පුරාම කෝපි වවල තිබුණ.දැන් ඒව ගලවල තේ වවල තියෙනව හරියට ලංකාවෙ ඉතිහාසෙදි සිද්ධ උනාවගේ....

    කෝපි මතකත් ගොඩයි...

    ReplyDelete
    Replies
    1. කෝපි කාලේ මතක ..කියන්නකෝ ටිකක්

      Delete
  27. ඉස්සර වත්ත පහල කෝපි ගහක් තිබ්බ හැබැයි දැන් ඒක තිබ්බ තැන මුලක් වත් නෑ. මට නං පේන්ඩ බෑ ඔය උගුඩුවො. රෑට වහල උඩ දුවනව සද්ද දදා. 'අම්මට කියන්න එපා' වැඩ සටහන මමත් ආසාවෙන් බලන එකක්. ඒ වගේමයි Discovery එකේ Ian Wright කරන Lonely Planet එකත් ඉස්සර පැල් බැඳගෙන බැලුව. තාම යනවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Ian wright අපිත් ආස මනුස්සයෙක් . ලංකාවටත් ආව සැරයක් . ලඟකදී දැක්කේ නැහැ . මාත් මේවා අතට අහුවුනහම බලනවා මිසක් හැමදාම බැලෙන්නේ නැහැ මුහුදු .

      Delete
  28. Civet coffee සකසන අන්දම එතරම් ප්‍රියක් නැතත් නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. කෝපි මගේ ප්‍රිය බීමක් වුනත් බොන්නේ කෝපි ඇට බැද කුඩුකර හදාගන්න කෝපි විතරයි.

    අරාබි බසින් කෝපි වලට කියන්නේ ගව්වා (ghawwa) නැතිනම් කව්වා කියන නමින්. ඈත අතීතයේ සිට අරාබීන් අතර කෝපි බීම ජනප්‍රියයි. ඒ වෙනුවෙන් පොසිලේන් වලින් තැනූ හැඩලයක් නැති ගව්වා කෝප්පය කියන චූටි කෝප්ප විශේෂයක් පාවිච්චි කරනවා. කෝපි උගුරු තුන හතරක් අල්ලන තරම් පොඩි කෝප්පයක්. බැද කුඩු කරගන්න කෝපි සැලකිය යුතු වෙලාවක් රත්කර හදා ගන්න තුර්කිෂ් කෝපිය බොහෝම උකුයි. ඊට අමතරව සාමාන්‍යයෙන් කෝපි හදන්නේ වියළි ඉඟුරු කුඩු, එනසාල් කුඩු වගේ දේවල් මිශ්‍ර කරලා නිසා බොහෝම සැරයි. නොබැද කුඩුකරගත් කෝපිත් ඔවුන් අතර ප්‍රසිද්ධයි. ඒත් බ්‍රෑන්ඩ් මාෆියාවෙන් බේරුනේ නැති නූතන අරාබිකරය ද බටහිර කෝපි බ්‍රෑන්ඩ් වලට තෝතැන්නක්.

    කෝපි වගේම ඇරෝමා පිරුණ පොස්ටුවෙන් බොහෝ දෑ දැනගත්තා. කෝපි, අලි දිවුල් ආදී කතා වලින් දැනුවත් කර හැමටම බොහෝම ස්තුතියි.

    උගුඩුවා හා කෝපි කියන කතාව අතර කොට්ටං මද ගැනත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. යේමන් පැත්තේ තමයි කෝපි ජනප්‍රිය වුනා කියන්නේ . ඇත්තටම ඩින් අය්යාගේ වටිනා විස්තර නැතුව ලොකු අඩුවක් තිබුනේ බ්ලොග් අවකාශයේම . දැන් විවේක ඇතැයි සිතනවා .

      තුර්කි කෝපි විශේෂයි නේද . මගේ තුර්කි යාලුවා දවසක් පෙන්නුවා ඒ ගොල්ලන්ගේ කෝපි බිලා කෝප්පේ අනික් පැත්ත හරවලා බැලුවම එන රටාවලින් අනාගතය කියන හැටි .

      Delete
    2. මගෙත් ආසම විනෝදාංශයක් ඕක බින්දි.. ඕක හැබයි කරන්ඩ පුළුවන් මණ්ඩි තියන අපේ ගෙවල්වල හදා ගන්න කෝපි වලින් විතරයි මගෙ හිතේ.. අනාවැකි නොකිව්වත් මම අදටත් හරි ආසයි ඒ රටා දිහා බලාගන ඉන්න. මම ගෙදර ගියාම අදටත් ඕක කරනවා.. මේක ගැන මට කලින් අමතක වෙච්ච එක හරි පුදුමයි..

      වෙලාවකට පුදුමත් හිතෙනවා නේද මිනිස්සුන්ට කෝපි ගැන මෙච්චර දේවල් කතා කරන්ඩ තියනවද කියලා :-)

      ඩීන් අයියගෙ කමෙන්ට් එකක් කාලෙකින් දැක්කෙ.. මමත් ඔය උගුරු පහේ කෝප්ප වලින් කෝපි බීල තියනවා මෙහෙදි.. ඒවා කෝපිමත් නෙමේ නේද.. තව මොන මොනවා හරි ගොඩක් කලවම් කරලා තියනවා..අමුතුම අමුතු රහක් එන්නෙ. ලාවට තිත්ත රසකුත් එනවා.. පොඩි ගතියක් තියනවා ඒකෙ..

      Delete
    3. මොකක්ද මණ්ඩි වලින් කරන්න පුලුවන්..?

      Delete
    4. කෝපි බීලා ඉවර වුනාම අඩියෙ මණ්ඩි ඉතුරු වෙනවනෙ.. ඊට පස්සෙ කෝප්පෙ අනිත් පැත්ත හරවන්න.. ඕන්නම් කරකවන්න, පෙරලන්න ඕන දෙයක් කරන්න පුළුවන්.. එතකොට අර මණ්ඩි වලින් ලස්සන රටා මැවෙනවා..

      Delete
    5. @බින්දි:
      ලංකාවට ආ පුරාණ අරාබි වෙළෙන්දන් තේ, කුරුඳු, සාදික්කා හා වසාවාසි වගේම කෝපි අරන් ගිහින් තියෙනවා. ඔවුන් අතර යේමන්වරුන් හා ඕමාන් දේශයේ අය ප්‍රසිද්ධ හැටියටයි කියන්නේ.

      ගම්මිරිස් ඇට තලා කෝපි කුඩුවලට දා හදාගන්න බීම බඩේ අමාරුවලට තවත් අත්බෙහෙතක්.

      පුළුවන් වෙලාවට ඇවිත් කොමන්ටුවක් එක් නොකර ඉන්නේ නැහැ. ඒත් නෙට් කනෙක්ෂන් ප්‍රශ්ණය නිසා එපා වෙනවා. මාස තුනක කාලයක දී ෆෙයාර් යූසෙජ් පොලිසි කාරයේ කිහිපදෙනෙක් එක්ක යුද වැදිලා ඉන්නේ.

      Delete
    6. @සෙන්නා:
      පොස්ට් කිහිපයක් කියවන්න ඒ පැත්තට එන්න ඕනේ.

      කෝපි මණ්ඩි රටාවලට තුර්කිෂ් කෝපි මණ්ඩි කියාපුවා.

      කළු පාට නැති ආරාබි කෝපිවලට පාවිච්චි කරන්නේ නොබැදපු සිල්වර් කොෆි බීන් කියන විශේෂයක්, ඒවා බොහෝම මිල අධිකයි. ඒ වුනාට අපිට පුරුදු කෝපි කෝප්පයක්ට ගහන්න බැහැ.

      Delete
  29. මමත් කෝපි රසිකයෙක්. ම්ම්ම් නෙස්කැෆේ මට නම් ඔය කියන තරම්නරක නෑ. ඇත්තෙන්ම නෙස්කැෆේ පොඩ්ඩකින් ගෙදර හදන කෝපි වලට වඩා ස්ට්‍රෝං කොෆී එකක් හදන්න පුලුවන්. ඒකත් හදලා තියෙන්නෙ ස්වභාවික බ්‍රසීලියන් කොෆී බීන්ස් වලින් තමා.
    කෝපි මලේ සුවඳ නම් කියල වැඩක් නෑ තමයි. ඔය කෝපි ගෙඩිය කනකොට කලු කූඹි හෙම හැපිලා නැත්ද කට්ටියට?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නෙස් කැෆේ රටින් රටට වෙනස් නේද ඩුඩ්. මන් නම් දන්නේ නැහැ . යාලුවෙක් කිව්වේ මෙහෙ එව්වා පල් කියලා . හැබැයි මෙහෙ ලෝකල් කෝපි ජාති තියනවාලු ගොඩක් හොඳ .

      Delete
  30. අම්මෝ කෝපි කතා.
    කෝ අර වජිරදේවි? කෝපි කතා දන්නේ එයානේ.

    මම කලින් කෝපි ගැන ලියපු වෙලාවේ කෝපි ගස් මතක් වෙලා මේ පාර ලංකාවට ගිය ගමන්ම ලොකු ඉන්වෙස්ටිගේශන් එකක් කලා. ගිය ගමන්ම ගියේ කෝපි වත්තට. හොඳ වෙලාවට අපිට තාම කෝපි වත්තක් තියෙනවා.(පොඩි එකක්.) ගෙදර වත්තෙත් ගස් තියෙනවා. කොහොම හරි මම කෝපි ගස් ෆොටෝ අරන් කෝපි වලට මොකද කරන්නේ කොහොමද කඩන්නේ කිලෝ කීයක් විතර කඩන්න පුළුවන්ද කිලෝ එකක් කීයකටද විකුනන්නේ වගේ බැරෑරුම් ප්‍රශ්න ගොඩාක් අහද්දි අපේ අක්කා මගෙන් අහනවා මොකද කවදවත් නැතුව මේ කෝපි ගැණ මේ තරම් ඉන්ටෙරෙස්ට් කියලා. පස්සේ මටත් හිනා ගියා.
    ඒ උනාට ලංකාවේ තාමත් කෝපි වගාව තියෙනවා. අඩු ගානේ ඔය ලොකු ලොකු වතු තියෙන මිනිස්සු හරි ඒ ගස් කපලා දාන්නේ නෑ. උදේ වරුවකට විතර කෝපි කඩන මිනිස්සුන්ට රුපියල් හත්සියයක් විතර දීල කඩලා ඒවා වේලනකොට පොඩි ප්‍රමාණයක් ඉතිරි වෙන නිසා වියදම පියවගන්නවත් බැරිලු ඒවා විකුනලා. ඒක හින්දා තමයි මම හිතන්නේ ලංකාවේ කවුරුත් කෝපි වගාවට මහා පරිමානයෙන් යොමු නොවෙන්නේ. අනිත් එක එහෙම කඩන කෝපි මම හිතන්නේ මොකක්දෝ මැශින් එකකින් සොෆ්ට් ඩ්‍රයි කරන කතාවක් කීවා. ඉස්සර වගේ අර මාගල් (තල් කොල පන් වලින් හදන ලොකු මැට් එකක්)දැන් නැති නිසා. (අපේ ගෙදර ගම්මිරිස් වේලන්න නම් ඒ මාගල් තවම භාවිතා කරනවා මම හිතන්නේ. ටිකක් දුරට හෝ.)ඒත් මොකක්දෝ මැශින් කතාවක් කීවා. ඒකෙන් වේලපුවම කෝපි රස අඩු කතාවක් කීවා. ඒ උනාට කෝපි වල බර වැඩියිලු.
    මොනවා වුනත් අපේ ගෙදර කෝපි බොන්න ගියාම බ්‍රසිල් වලින් ගෙනත් ඉතාලියේ මික්ස් කරපු මික්ස්චර් එකක් තමයි තියෙන්නේ. (ඒ කෝපි රසයි කියලා එයාලා මට කියලා ගෙන්න ගන්නවා.) මේක හිනා යන කතාවක් වෙයි. ඒත් අර ඉස්සර වගේ එවෙලේ ෆ්‍රයි කරලා සුවඳ එන්න හදන කෝපි දැන් ගම්වලත් නෑ කියලායි මට නම් තේරුනේ. ගමක වෙලත් අපේ ගෙදර මෙහෙම නම් නාගරික පරිසරය මීටත් වඩා ගමේ රස වලින් ඈත් වෙලා ඇති. ඉතින් මතක සුවඳ එක්ක විතරක් කෝපි බොන්නයි අපිට වෙන්නේ.
    ඔය civet කොපී හෙන ගනන්නේ.espresso එකක් සත අසූවක් අනූවක් වෙද්දි ඒ කෝපි එකක් 16€ ක්ද කොහේද මෙහේ නම්. (මට සතියක් කෝපි බොන සල්ලි.) මේ දුප්පත් අපිට ඒක ඔරොත්තු දෙන්නේ නෑ.

    කෝපිමල් හිනාවක්වක් ඉතුරු වුනොත් මදෑ අපේ නංගිලගෙන් දැන් ....
    (රිප්ලයි එක දිගයි. ඒත් මේ කෝපි කතා මගෙ අපෝස්ට් එකක කතා කරපුවයේ ඉතිරි ඒවා හින්දා ඔන්න ඔහෙ ලියලා දැම්මා. බින්දි අමනාප නොවෙයි කියලා හිතනවා.)

    ReplyDelete
    Replies
    1. වජිරදේවි බිසී වගේ. ස්තුතියි රන්ගි. අපොයි මොන දිගක්ද . ඔයා මන් ගැන දන්නවනේ . ඔයාත් මේ ටිකේ වැඩිය ලියන්නේ නැහැනේ
      ඉතාලි කට්ටිය කෝපි වලට ගොඩක් කැමතියි නේද .

      Delete
    2. හපොයි...මට සෑහෙන්න පෝස්ට් තොගයක් මඟ ඇරිලනේ! කෝපි කියන්නේ ඉතින් කඳුලු වලට, සිනහ වලට, මළ ගේකට, මඟුල් ගේකට ඕනේ තැනකට ආදේශ කරන්න පුලුවන් බීමක්නේ. මගේ කෝපි කතා නම් වෙනම පොතක් ලියන්න තරම්.. ඒ අතර බීපු රසම කෝපි වගේම සුන්දරම මතකත් තියෙනවා. පානයක් විදියට අගය කරන්න පුලුවන් රස විඳින්න පුලුවන් හොඳම දේ තමයි කෝපි

      Delete
    3. ඔන්න මට හම්බ වුනා අර කැෆේ එකේ ටිජි එක්ක වැඩිකරන එක්කෙනා ...වජිර දේවි. කෝපි වල රොමැන්ටික් ගතියක් තියෙනව වගේ . ඒ වුනාට මගේ යාලුවෙක් කිව්වේ උදේට ආඩම්බර බලන්න වෙනවලු රෑට කෝපි බිව්වම

      Delete
  31. මගේ ප්‍රියතම පානයක්! අපූරු විස්තරයක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුමාවී

      Delete
  32. කෝපි මල් වල සුවඳ හැමදාමත් ගමේ මතක වලට මාව ගෙනියනවා..

    කොරිවාවෙ නම් කෝපි කියන්නෙ කලාවක් කියලයි මම අහලා තියෙන්නෙ..මේ ගැනත් දැනං හිටියෙ නෑ ස්තුතියි බින්දි..

    ReplyDelete
    Replies
    1. ඔයා කිවේ කොරියාව වෙන්න ඇති නේද රූ . මාත් දන්නා කොරියන් අය කෝපි ලෝලීන් . ජපන්නුත් එහෙමයි

      Delete
  33. හම්බේ මට මේක කියවල කිරි කෝපිි එකක් බොන්න නොනිමි ආසාවක් ඇති වුනා.Civet coffee නම් නෙවෙයි .

    ReplyDelete
    Replies
    1. එහෙනම් දුවල දුවල දුවල ගිහින් කිරි කෝපි එකක් බොන්න

      Delete
  34. ඕනෙම හොඳ නිර්මාණයක හෝ ආහාරයක නරක දේකුත් තියෙනවානේ. උගුඩුවා නරක සතෙකු වුනාට උගේ වසුරුවලින් ගන්න කෝපි ඇට වලින් හදන කෝපි රහයිනේ. අනික ඒවා අනෙක් කෝපිවලට වඩා මිලෙන් වැඩියි.

    මේ වගේම ලෝකයේ ජනප්‍රිය සුවඳ විලවුන්වර්ගයක් මේ ආකාරයේම සතෙක්ගෙන් ගන්නා ද්‍රවයයකින් හදන බවත් මම මිට පෙර අහල තියෙනවා.

    ඒ විතරක් නෙවේ "වැට් 69" වර්ගයේ මත්පැන් හදන්න අශ්ව මාංශ භාවිතා කරනවා. ඉතින් ඒක කොයිතරම් රසද?:P
    මමත් කැමති කෝපි බොන්න. මාර රහක්.

    කෝපිඑකක් බ්ව්වා හා සමාන රහක් දැනෙන්න බින්දි කෝපි ගැන ලියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් දයානන්ද ..ඇතැමුන්ට අමිහිරි දේ සමහරෙක්ට ප්‍රියයි. අපිට නුහුරු දේවල් අපට කැතයි. ඔය වගේ දේවල් දිහා මධ්‍යස්ත විදිහට බලන්න මාත් දැන් පුරුදු වෙලා .

      Delete
  35. මාත් කෝපි ලෝලියක් . කෝපි එකක් බොන්න කියල හිතුනොත් බොන්නම ඕන . කෝපි එකට ඉඟුරු පෙත්තක් දාල බොන්න හරිම කැමති .
    …කෝපි මල් එක යායට පිපුනම පුදුම ලස්සනයි . මේ ලස්සන ගමේදි මම දැකල තියෙනවා . අම්ම හදන කෝපි කුඩු එකේ පුදුම සුවඳක් තියෙනවා .

    ReplyDelete
    Replies
    1. කෝපි සහ ඉඟුරු ..ගිම්ට බඩේ අමාරු නම් හැදෙන එකක් නැහැ

      Delete
  36. පුංචිම පුංචි ඉඩක් ලැබුණෙ දැන් බින්දි. මම නම් කෝපි ලෝලියෙක් නෙමෙයි. තේ තමයි. අපේ මහගෙදර කියන විදිහට නම් කහට කෝප්පයක් ..ඒක බොන්නේ අල්ලට සීනි දාගෙන අමුතු ගතියක් තියෙනවා. කෝපි ගැන මට මතක් වෙන එකම දේ 'තිත්ත කෝපි' කියලා පොතක් කියවලා තියෙනවා මම. ඒක ල්ංකාවෙ කෝපි වතු හිමියන්ගේ කතාන්දරයක්, පරිවර්තනයක් වගෙයි මතක.

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි අල්ලට සිනි කකා තේ බොන්න . අදටත් මන් සිනි දාල කහටවත් කිරි තේ වත් බොන්නේ නැහැ . එක්කෝ සිනි නැතුවම හෝ අතට සිනි අරන් . වෙන පැණි රස කොපමණ කෑවත් තේ බොන්න නම් බැහැ සිනි දාල . රතු රජරට මේ පැත්තේ ආවට ස්තුතියි.

      Delete
  37. මම කෝපි වලටම ඇබ්බැහි වුන කෙනෙක්.මම මේ කල්පනා කලේ මේවා හම්බුනොත් බොනවද නැද්ද කියල... බෑ අප්පා. ගහේ හැදිලා වේලලා අම්මා කුඩුකරන කෝපි තරම් මෙවා රස නැතිව ඇති.

    රතු රජරට - ඔව් ඒක bitter berry පොතේ පරිවර්ත්නයක්. ලියලා තියෙන්නෙ කිරිස්ටීන් විල්සන්. ඇය ආර් එල් ස්පිට්ල්ගෙ දියනිය. මීට වසර්කට පමණ පෙර ඇය මිය ගියා. i am the wings එයාගෙ ත්ව පොතක්. මම ඒක ගත්තෙ bitter berry කියවලා ලේඛිකාව ගැන ඇති වුන කැමැත්ත නිසා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිදු විස්තර වලට .

      Delete
  38. මට මේ පොස්ට් එක මිස් වෙලානේ. කමෙන්ට් සේරමත් කියෙවම මට හිතුනේ, තවමත් කෝපි මල් සුවඳ උදේ හවහ විදින්නේ මම විතරමද කියලා. මම පාරට එන දෙවැටේ කෝපි ගස් කීපයක්ම තියෙනවා.මගේ පැටව් නම් වාසනාවන්තයි කියලා හිතනෙවා ඒ අතින් බැලුවහම. ආ .. කියන්න අමතක උනා. වෙරළු මල් පිපෙන කාලෙට...... එක්කෝ ඕනේ නැහැ . වෙරළු ගහකුත් පහු කරන්නේ එන්නේ ඒකයි කිව්වේ,

    ReplyDelete
    Replies
    1. වාසනාවන්තයි නේන්නම් සුබා .

      Delete
  39. අපේ ගෙදරත් ලොකු කෝපි ගස් දෙකක් තියෙනවා. මේ දවස්වල රතට රතේ ගොඩි පොකුරු. මල් පිපෙන කාලෙට හරිම ලස්සනයි තමයි. පුංචි කාලෙ මට මතකයි බණ්ඩිරිප්පුවෙ පල්ලියෙ මංගල්ලෙට ගිහින් ඉද්දි රෑ පුරාම කෝපි විකුණුවා '' වංගෙඩි කෝපි..... වංගෙඩි කෝපි.... '' කිය කියා.... කෝපි බොන්න ආස උණත් බින්දි කියන මේ කෝපි බොන්න නම් හිත එකග කර ගන්න බැරි වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. මන් දන්නවා බණ්ඩිරිප්පුව . මිගමු කලාපේ ඉගැන්නුවනේ . ඔය හැම ගමකම ඉස්කෝල ගැන අහල තියෙනව . ඔයා දන්නවද වලාන

      Delete
    2. වලාන කිව්වෙ පානදුර පැත්තෙ නේද?

      කෝපි කතාවක් නිසා ඔයාගෙ කෝපි ලිපිය මතක් වෙලා මේ පැත්තෙ ආවෙ... බින්දි ඔයා නොලියන එක නම් හරිම අපරාධයක්.. මේ වගේ ලස්සන අත්දැකීම්, ලිපි අපට මගෑරෙනවනේ...

      Delete
    3. අද ආපහු කෝපි ලිපිය බැලුවා. කෝපි සුවඳත් එනව වගේ මේ ලිපියෙන්... අනේ නෙළුම් විලේ ආයෙමත් මල් පිපෙන්න.

      Delete
  40. අපේ ගේ වටේට කෝපි ගස් තිබුනා මං පුංචි කාලේ. මල් පිපුනම හරි ලස්සනයි. ගෙදර පාවිච්චියට ගෙදරම හදා ගන්නවා, පස්සේ ඉතින් තේ වගාවට ඉඩ දීලා කෝපි ගස් යන්න ගියා..:)කෝපි කඩන්න ගියාම කළු කූඹී ඇඟ පුරා යනවා.
    උගුඩුවන්ගේ විස්තරය චුට්ටක් විතර කොහෙන් හරි කියවලා තිබ්බා. මුලින් ගස් යට වැටුණු ඇට අහුලපු ඔවුන් එකේ මිල නිසා පස්සේ උගුඩුවො අල්ලලා කූඩු කරන්න පටන් අරන්..
    ස්තුතියි විස්තරයට!!

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන මිලක් ලැබුනම මිනිස්සු ඉවක් බවක් නැතිව යනවනේ

      Delete
  41. හප්පේ කොපි වලට ඇබ්බැහි වෙලා හිටියට මේ විස්තරේ දන්නේ අදමනේ. බොහොම ස්තූතියි දැනුමට යමක් එක කලාට.

    ReplyDelete
  42. ආශා නොතිබු කථාවක රසය වින්දෙමි.ඔබට ජය!

    ReplyDelete
  43. අලියා ගිලපු දිවුල් කියන්නේ අලි බෙටි මතට හෝ ආසන්නයට වැ‍ටුනු දිවුල් ගෙඩි අලිබෙටි වල තිබෙන සියුම් දිලිර වර්ගයක් මගින් ආහාරයට ගැනිම නිසා සිදුවන්නක්, දිවුල් ගෙඩිය තුල අපට නොපෙනෙන තරම් සියුම් සිදුරු තිබෙනව එතුලින් තමයි දිලිර වර්ග ඇතුලුවන්නේ, අලියකු දිවුල් ගෙඩියක් අහාරයට ගැනිමේදි උගේ උඩ හනුවේ සහ යටි හනුවේ කෙලවර ඇති චාර්වක දත් මගින් ඉතා සියුම් කැබලිවලට කුඩුවෙනව, නැතුව අලියා දිවුල් ගිලින්නේ නැහැ, අලියාගෙ ඇ‍ඟෙ උනුසුමට දිවුල පුස් වන්නෙත් නහැ, මොකද මමත් අලිගැන ටිකක් පරික්ෂණ කරල තියෙනව, මගේ හොඳ යාලුවෙක් ඉන්නව වන ජිවි දෙපාර්තුමෙන්තුවේ අලි පිලිබඳ වෛද්‍යවරයෙක් ඔහුගෙන් තමයි මේ තොරතුරු මමත් ඉගෙන ගත්තේ, හැමොටම ප්‍රයෝජන වත් කියල හිතුන නිසයි මෙක මම කොමෙන්ට් කලේ (කොමන්ට් එක දිග වැඩිවිම ගැන මට සමාවෙන්න)

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ නියම විස්තරේ.. බොහොම ස්තූතියි.!!

      Delete
  44. කෝපි බොන්න නම් ආස නැහැ. ඒත් කෝපි මල් සුවඳට ආසයි.
    මැණික්

    ReplyDelete
  45. මට මේ කෝපි කතාව මිස් වුනේ කොහොමද කියලා මම කල්පනා කරන්නේ.

    ReplyDelete