Sunday, 29 January 2012
හංසයින්ගේ නගරයේ හංස යුවලක් සමග
චීන නව වසර ගෙවෙන්නේ සතියක්ම නගරය පාළුවට ඇද දමමින්ය . සිංහල අවුරුද්දේ කොළඹ නගරයට උරුම වෙන හුදකලා බව සේමය . වසා දැමුණ කඩ සාප්පු අවන්හල් අතර අතරමන් වීමට වඩා බොහෝ විදේශිකයින් නගරයෙන් පලා යාම තෝරා ගනිති. අපට ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාවක් ලැබුන අතර අපේ හිතවත් ඔබා මාමා නිසා අපට මේ ගමන නියමම නිවාඩුවක් විය .
බ්ලොග් ලිවීමෙන් පමණක් අඳුනා ගත් පමණින් ගෙදර නවතා ගෙන සියලු ආගන්තුක සත්කාර කිරීමට තරම් විසල් හදවතක් ඇති ඔබා මාමාට සහ ඔබා නැන්දාට මගේත් බනිලගේ තාත්තගෙත් ලොක්කිගේ සහ බනිගේත් අපමණ ආදර ස්තුතිය හිමිවේ.
මේ බටහිර ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සමයයි . එහෙත් එම රස්නය අපට වැඩිපුර නොදැනුනේ ඔබා මාමගේ සහ නැන්දා ගේ කරුණාවත් ප්‍රිය සමාගමයත් නිසා බව කිව යුතුමය .
දරුවන් දිග තල දී නිස්කලංකව හිඳිනා ඒ යුවලගේ නිවසට කුණාටුවක් මෙන් කඩා වැදී අපේ ගෙදර වගේම කරගන්නට අපේ ලොක්කි සහ බනියා සමත් වූ අතර විශේෂයෙන් බනිගේ ඉල්ලීම් වර්ජන නැන්දයි මාමයි මැදහත් සිතින් ඉවසූ එකම පුදුමයකි .
කලකින් ගෙවූ හොඳම නිවාඩුව මෙය බවත් එහි තතු කියන්නට පෙර ඔවුන් දෙපලට මගේ ස්තුතිය පුදකරන අතර දිර්ගායු ලැබ නිදුක් නිරෝගිව මේ වගේම සතුටෙන් සමගියෙන් තව කල් ගෙවන්නට වාසනාව ලැබෙන්නත් පතමි .
මැහුමින් ගෙතුමින්ද හොඳ නිමවුම් කරන
බණ බාවනාවෙන් කවියෙන් සිත නිවන
ඉවසීමෙන් මාමගෙ දුක සැප බලන
නැන්දා තමයි ඒ ගෙදරට මිණි පහන
..වයසට ගොහින් නැහැ තාමත් හිත තරුණ
නිතරම සිනාවෙන් දවසම කල් අරින
මල්ලක් කතා ඇති එක් කරගෙන පරණ
මාමා .''....'' යයි ගෙදරට නම් දරන
වයසට ගියහම මෙන්න මේ වගේ ඉන්න ඕනේ කියල තමයි මගේ අදහස .
ලියන්න දේවල් ගොඩක් තිබුනත් අනවශ්‍ය විදියට පුද්ගලික තොරතුරු එලි කරන්න හොඳ නැති හන්ද වැඩිය මොකුත් නොලිය ඉන්න තීරණය කළා . ඒ වුනත් විශේෂ සිදුවීම් කීපයක් නම් තියෙනවා වෙනම ලියන්න ඕන පසුවට .
නගරයේ විසිතුරු ඊළඟ කොටසින් ගෙන එන්න බලාපොරොත්තුව . ඕස්ට්‍රේලියාවේ බ්ලොග් ලියන අය ගොඩක් හිටියට දන්නා තරමින් එහි ඉතිහාසෙත් අනෙකුත් තොරතුරුත් ලියවුන බවක් මම දැක නැහැ . ඔබා මාමගේ උදවුත් අරගෙන මා දුටු දේවලින් සහ තව යමක් අලුතින් කියවල හෙට දිහාට ඒ ගැන කතා කරන්නම් .
Labels:
පුද්ගලික සහ ඇවිද්ද තැන්,
සේද මාවත
Wednesday, 18 January 2012
කාප් මසෙකු පිට නැගී ..දෙවියන් දෙව්ලොව යති
සිතල මිදුම මකමින් විටින් විට අව් රැල්ලක් වැටෙයි. පාරවල් අවහිර වී ඇත්තේ වෙනදාට වඩා දෙතුන් ගුණයක් රථ වාහන සහ පදිකයින්ගෙන් පිරි ඇති නිසාය . පාර දෙපස බොන්සායි පිච් පැල සහ විසල් පිච් අතු ගැනුම් කරුවන් එනතෙක් කල් මරන්නේ නොපිපුණු කැකුළු මල් සිය ගණනක් සමගය . බක් මහේ අවුරුදු නැකතට අපි පෙරුම් පුරන්නා සේ මොවුන් අවුරුදු පිළිගන්නට මහා කලබලයකි .
TET ලෙස වියට්නාමයේදී සැමරෙන්නේ නැගනහිර ආසියාවේ අලුත් අවුරුද්ද එනම් , නැතහොත් Lunar New Year නම් වෙන චීන අලුත් අවුරුද්දයි . එක් එක් රටවලදී ඒ ඒ සංස්කෘතීන්ට අනුගතව මෙම නව වසර සැමරේ . යම් යම් සුළු වෙනස්කම් තිබුනද සියලු අලුත් අවුරුදු උත්සවයන්ගේ මුලික හරය එක බව පෙනේ . ඒකාකාරී ජීවිතය යම් විදියකින් අලුත් කර ගැනීමට මෙම සංකල්පයන් ඇති වන්නට ඇත .
සියලු දේ එක් කල විට මට නම් පෙනෙන්නේ අහසට පොළවට , සහ සමස්ථ සොබා මවට කළගුණ සැලකීම සහ එළඹෙන වසන්තයට නැවුම් සිතකින් පිවිසීම සියල්ලන්ගේම පැතුම බවයි
අපි අලුත් අවුරුද්දේදී ලිප සහ ගින්දර ගැන වැඩි අවධානයක් ඇතිවාක් මෙන්ම වියට්නාම ජාතිකයින්ගේ අවුරුද්දද ලිප හා සබැඳේ . සෑම ගෙදරකම ලිප අද්දර දෙවිකෙනෙක් වාසය කරන බවත් අවුරුදු ඇරඹුමත් සමගම ඔහු කාර්ප් මාළුවෙකු පිට නැගී දෙව්ලොව ගොස් දෙව් රජුට ගෙදර උදවියගේ හැසිරීම වාර්තා කරන බවත් මොවුන්ගේ විශ්වාසයයි .
ගිනි දෙව් තුමා දෙව්ලොව යාමේදී ඔහු සතුටු කිරීමට පුද පුජා කරන අතරම කාප් මසෙකු වතුරට මුදා හරින්නේ ගමන පහසු කිරීමටයි . මේ සිරිතට නම් සිදුව ඇත්තේ අපේ කුරුල්ලන් නිදහස් කිරීම වැනිම ආනිසංසයකි. කඩිමුඩියේ මොටර්සයිකලයෙන් යනගමන්ම ප්ලාස්ටික් බෑගය පිටින්ම පාලමකින් ගඟට විසිවෙන අසරණ කාප් මාළුන් පාලම යට සිටින වෙළෙන්දන් අතින් යලි යලි විකිණෙන බව අද පුවත්පතෙක දුටිමි .
සෑම ගෙදරකටම අවුරුදු මල් ගසක් හෝ අත්තක් අනිවාර්යයෙන්ම රැගෙන යයි . මේ අවුරුදු මල උතුරේදී රෝස පැහැ පිච් මල වන අතර දකුණේදී කහ පාට ඇෆ්රිකොට් මලවේ.
දෙවර්ගයම ඉතාම අලංකාර මල්ය. උතුරේ මේ දිනවල ඇති සිසිල් කාලගුණයට රෝස පැහැ පිච් මල මැනවින් ගැලපේ . දකුණේ උණුසුමට තද කහ ඇෆ්රිකොට් මල සේමය .
එළඹෙන්නේ මකර වර්ෂය නිසා ඩ්‍රැගන් ෆ්රුට් පැළද විකුණන්නට තබා තිබිණි .
පින්තුර සියල්ල ගුගල් අනුග්‍රහයෙන්
නොයෙකුත් කෑම අතර Banh chung ඉතා විශේෂය . ඇලෙන සහල් [ sticky rice ] මැදට ඌරුමස් සහ මුන් ඇට දමා කොළ වර්ගයක [ මෙය කැනාස් වැනි ගසකි ] කල්තබාගත හැකි ලෙස සාදන සතරැස් හැඩයේ කෑම වර්ගයකි . [මා නම් තවම කන්නට සිතා නැති බව කිව යුතුය ]
පින්තුර සියල්ල ගුගල් අනුග්‍රහයෙන්
මල් වලට අමතරව කහ පැහැති කුඩා මැන්ඩරින් [Kumquat ] පැළද ගෙදරක අනිවාර්ය අංගයක් වේ .
. මේ දොඩම් වාරය වුවද ලස්සනට පුංචි පැළවල මේ ලෙස ගෙඩි ඉදෙන්නට නම් අනිවාර්යයෙන් ම අධික රසායන වර්ග යොදන නිසා බවත් කිසිසේත්ම කෑමට ගත නොහැක . එසේ නොවිණි නම් අපේ නිවස පහල තබා ඇති ගස් දෙක හින්දවන්නට අපි හතර දෙනා හොඳටම ඇති වග නම් කිව යුතුය .
අවුරුදු සිරිත් අතර පලතුරු සහ නොයෙකුත් කෑම වර්ග පුදසුනක තැබීම, විවිධ කැටයම් මොස්තරයන්ගෙන් ගෙවල් සැරසීම පන්සල් ආශ්‍රිත පින්කම් පැවැත්වීම මෙන්ම අපි මෙන්ම දෙමාපියන් බැලීමට ගම රටවල යාම , තෑගි හුවමාරුව සහ පළමුකොටම ගෙදරට එන අමුත්තා වැදගත් කොට සැලකීම කැපී පෙනේ . හරියට අපේ ගනු දෙනු කරන්නා වගේමය .
නොයෙකුත් කෑම අතර Banh chung ඉතා විශේෂය . ඇලෙන සහල් [ sticky rice ] මැදට ඌරුමස් සහ මුන් ඇට දමා කොළ වර්ගයක [ මෙය කැනාස් වැනි ගසකි ] කල්තබාගත හැකි ලෙස සාදන සතරැස් හැඩයේ කෑම වර්ගයකි . [මා නම් තවම කන්නට සිතා නැති බව කිව යුතුය ]
මෙවර අවුරුද්ද මකරාගේ අවුරුද්දයි . මේ වසරේ උපදින දරුවන් ට හොඳ කලක් යන වගට ඇති විශ්වාසය නිසා දරුවන් ලැබෙන්නට ඉන්න අම්මලා මේ දිනවල බහුලය . මෙය කෙතරම් තදින් විශ්වාස කරනවාද කිවතොත් මගේ මැලේසියන් මිතුරියක කි පරිදි මෙවැනි අවුරුද්දක උපන් ඇගේ සොයුරිය පාසල් ගිය වසරේදී එරට පාසල් වල පන්ති ගණන වැඩිකරන්නට සිදුවී ඇත .
පින්තුර සියල්ල ගුගල් අනුග්‍රහයෙන්
පින්තුර සියල්ල ගුගල් අනුග්‍රහයෙන්
Tuesday, 3 January 2012
සිහි කරමි දුකෙන් සහ සතුටෙන්..
''දහනමයේ ටිකට් එක ..
කොහෙද විස්සෙන් ඉතුරු රුපියල ''
ඉස්සර වගේ සටනට
නොයා උන්නෙමි කට වසාගෙන
කඩුපුල් මල් පිපුන මහ රෑක
යමුයි පන්සල් කී විට
''අපෝ මොන පන්සල්ද මේ රෑ''
නොකීවෙමි පෙරසේ එකටෙක
''කවදාද ආවේ අද හෙටම යන්නද
..මොකෝ මේ කොණ්ඩය කොට වෙලා ''
''රස්සාවක් නැතුව ඉඳගෙන
මක් කරනවද දවල් දවසෙම ''
''දැන් ඔය ඇවිද්දාමදිද
ගම රට ආවොතින් නරකද
හදාගෙන ගේ දොර
පිළිවෙලට ඉන්නේ කවදද ''
''පෙන්ෂන් ලැබෙන
ආණ්ඩුවේ රස්සාව
නැතිවෙලා යනවට
හැබෑටම දුක නැද්ද ??
සේරම ප්‍රශ්න පත්තර
කබඩ් වල දමා ලොක් කර
පරිප්පුයි පොතුයි එක්කම
තුනපහ හොඳින් පැක් කර
ගෙනා බඩු ඔහේ ඇත තැන තැන
කැවිලි විතරක් හෙමින් හිස් වෙන
අච්චාරු බෝතලය මත
තවම අම්මගෙ අතේ සලකුණු ඇත
''අපොයි අව්වේ සැර..
දාඩිය ඉහ කනින් බේරෙන ''
සිතෙන් සිතු එකත් වැරදිද
ලැබුණි අද මට එයට දඬුවම
අඳුරු සීතල මීදුමට බැන බැන
සිහිකරමි දුකෙන් සතුටෙන්
.......ගෙදර උණුසුම .......
Thursday, 15 December 2011
මන් එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ ....
නුගේගොඩ ගිහින් රෑ වෙලා එනකොට
අටේ කණුව ළඟ බස් නැවතුමේ
රිදෙන කල් කකුල්
... බලන් හිටියා නේද
කැදැල්ලෙන් ඉගිල්ලී ගිය දවස
එකතු කරගෙන පුංචි පැටවුන්
ඉඳහිටක ඇවිත් යාදැයි
බලන් හිටියා නේද
අවුරුද්දකට සැරයක්
අදත් මන් එනකම්
අවුරුද්දක්ම
බලන් හිටියා නේද
Saturday, 10 December 2011
තවමත් 2004 හි ජිවත් වන ඉතියෝපියානුවෝ....
මේ අවුරුද්දට ආයේ ලියන්නට නොහිතා උන් නමුත් කාරණා දෙකක් නිසා මේ ලිපිය ලියමි . පසු ගිය ලිපියේ ලියන්නට අමතක වූ ඉතියෝපියන් අමුතු කැලැන්ඩරය ගැන කීමටත් තව පින්තුර ටිකක් බෙදා ගැනීමටත් සහ තවත් වැදගත් දෙයක් ඉතිරි වී තිබීම නිසාය .
නොයෙකුත් ආකාරයේ කැලැන්ඩර මේ ලෝකයේ ඇති මුත් සාමාන්‍යයෙන් පහසුව තකා ග්‍රෙගෝරියන් කැලැන්ඩරය භාවිතා වීම සම්මතයයි . අලුත් අවුරුදු හෝ ආගමික කටයුතු වලට පමණක් එකී සම්ප්‍රදායික කැලැන්ඩර යොදා ගැනේ .එහෙත් රටවල් කීපයක් පමණක් සම්ප්‍රදායික කැලැන්ඩරයට මුල් තැන දෙන බව නොරහසකි . මේ පුරහඳ ළමයින්ටයි ලිපියේ කමෙන්ට් වලින් අපේ මිතුරන් මේ ගැන බොහෝ කතා කළා මතකයි .
කරකවා අතාරින වර්ගයේ කැලැන්ඩරයක් ඉතියෝපියාවේ තිබේ . අතලොස්සක් වූ බහුජාතික ආයතන වල ඇර බහුතරය රජයේ පාලනයට නතු වූ ඔවුන්ගේ පද්ධතිය තුල භවිතා වන්නේ මේ අමුතු කැලැන්ඩරයයි.
ඒ අනුව ඔවුන් ජිවත් වන්නේ 2004 ය . වෙලාවත් අමුතුය . සම්මත වේලාවෙන් දවල් 12 ඔවුන්ගේ වේලාවෙන් උදේ 6 වෙයි . අපේ රටේ හිටි නෝනා කෙනෙක් පැයක් වෙනස් කළා මතකය . මැලේසියාවේද එලෙස කර ඇත . යාබද සින්ගප්පුරුවද එය අනුගමනය කරයි.
ඒ කිසිවක් ඉතියෝපියාවේ තරම් හොල්මන් නැත . කොහොමත් ඉතියෝපියාවට ටිකක් පස්සෙන් ඉන්නට මෙයත් හේතුවක් දැයි නොදනිමි. කාලයේ තාලයට මදක් නොනැමිම මෝඩකමක්දයි මට සිතේ .
පැහැදිලි නිල් අහස
නිල පාට ටැක්සි . ..පුද්ගලික බස් සේවයද කුඩා නිල් වෑන් වේ . පින්තුරයක් ගන්නට බැරි විය . රජයේ බස් රතු පාට ලොකු ඒවාය . නිල් පාට පුද්ගලික වෑන් නම් අපේ ප්‍රයිවට් බස් සිහිගන්වයි .'' පිටෝටුව ''වෙනුවට '' බෝලේ'' කියනු ඇසිණ. බෝලේ යනු ගුවන් තොට ඇතුළු පෙදෙසයි
අමුතු දැන්වීමක්
ටෙනිස් පිටියක්
ජනපති මැදුරේ ගේට්ටුව
කටුගෙයි බඩු
ඉතාලි සටනේ තුවක්කුවක්
රජ ඇඳුම්
ඉතියෝපියන් අකුරු
සිංහාසනයක්
ආදිම ළමයෙක්
ප්‍රසිද්ධ ඔතොඩොක්ස් උළෙලක් පෙන්වන චිත්‍රයක්
පැරණි ක්‍රීඩාවක්
විනාවක් ?
රැජිනක්
පින්තුර ගැන තව විස්තර කීමට ඉඩ කඩ මදිය . ඒ ගැන සමාවෙන්න ,
මේ හදිසි ලිපිය ලිවීමට හේතුවූ අනෙක් වැදගත් කාරණය නම් විසිදහස් වරක් මාද ඇතුළුව අප නෙලුම් විලට ගොඩ වී ඇති එකය .
සියක් සියපත් වුවත් පල නැහැ
වෙන වෙනම ස්තුතියක් කරන්නට වෙලාව හරස් වෙලා . මේ පුංචි කවිය නෙලුම් විලට එන ..කියවා පමණක් යන ...වචනයකින් හෝ දිරිදෙන සහ ලිපි වලටත් වැඩි කමෙන්ට් වලින් අපේ දැනුම පුළුල් කරන මගේ සියලු සොයුරු සොයුරියන්ටයි ...
සැමට ස්තුතියි
සියක් සියපත් වුවත් පල නැහැ
සුවඳ සැඟවුන කල කැලේ
සුවඳ අරගෙන යනෙන බිගුනට
දහක් මල් පුද දෙමි විලේ
ප.ලි.
අපට සරත් සමය ගෙවී සිසිරය ඇවිත් ...සිතල හුළඟ තමයි ඉවසන්න බැරි .
Labels:
පුද්ගලික සහ ඇවිද්ද තැන්,
සේද මාවත
Monday, 7 November 2011
සුරංගනා ආදරේ ....... .
මන් සුරංගනා කතා අහන්න හරිම ආසයි . හැමදේම විද්‍යාවෙන් ඔප්පු කරන්න ආස වුනත් සුරංගනා කතා වලට මගේ ඇති ආසාවට එය බාධාවක් වුනේ නැහැ කවදාවත් . ඇත්තද බොරුද කියල හොයන්න ඔලුව මහන්සි නොකර කාගේ හරි ලස්සන හිතක පහල වුන ලස්සන කතන්දරයක් රස විඳින්න හැකි කම මට ලැබුනේ පුංචිම සන්දියේදී . අම්මයි ආතයි[ අම්මගේ තාත්තා ] තමයි පුංචි කලේ කතා කියා දුන්නේ . ඊට පස්සේ අකුරු ඉගෙන ගෙන ලෝකේ ඇති ඕන එකයි එපා එකයි හැමදේම කියවන්න ගත්තනේ .
ඒත් කතන්දර අහන්නත් කියවන්නත් වගේම කාටහරි කියල දෙන්නත් තියෙන ආසාව තවමත් එහෙමමයි . අපේ දුවල ඉගෙන ගෙන එන කතන්දර මට කියා දෙනවා දැන් . මන් අලුතින් කියවන ඒවා එයාලට කියනව . ලොක්කි පුස්තකාලෙන් පොත් ගේද්දී අම්ම ආස වෙයිද කියලත් කල්පනා කරනවා . එහෙමයි දැන් ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ .
අපේ පහල සෙල්ලම් කාමරේදී ඊයේ ලස්සන පොතක් කියෙව්වා . පරණ වෙන්න නොදී බෙදා ගත යුතුමයි කියල හිතුන . අන්තර්ජාලය අවුස්සද්දි මේ කතාව තියෙනවා . ඒත් පොතේ තිබුන කතාව වඩා ලස්සනයි මට නම් .මේ තියෙන්නේ ඒ පොත තමයි .
එකමත් එක කාලෙක වියට්නාමයේ උන්නලු Tu Thuc කියලා බොහොම අවංක තරුණයෙක් . ඒ කාලයේ රට පාලනය කරලා තියෙන්නේ මැන්ඩරින් වරු . මැන්ඩරින් කියන්නේ චීන ජාතිකයින්ට වෙන්න ඇති .
මේ තරුණයා ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ පළාතේ පරිපාලන කටයුතු කරන්න පත්වීමක් ලැබුනලු . එය ඒ හැටි ලොකු පළාතක් නෙමේ . රාජකාරි වලින් මිදිනු වෙලාවට ඇවිදින්න යන්නත් මොහුට ඉඩ කඩ තිබිල .
ඒ කාලයේ වෙනත් පළාතක පන්සලක වසරකට වරක් තිබුන උත්සවයක් බලන්න යන්න ඔහුට ආසාවක් ඇති වෙලා . දුප්පත් මිනිසෙක් වගේ වෙස්වලාගෙන තමයි ගිහින් තියෙන්නේ . මේ පන්සල Peony මල් ගස් වලින් පිරුන ලස්සන තැනක් . හැබැයි කාටවත් මේ මල් කැඩීම තහනම් . මල් කැඩුවොත් දඩයක් ගෙවන්න නියම වුනා . ගහක කොලක මලක් දැක්කම තමන්ට ඕන වුනත් නැතත් ඕක කඩා ගන්න පුරුද්ද අපේ එකක් කියල දුක් වෙන්න දෙයක් නැහැ ඔන්න . වෙන රට රට වලත් ඈත අතීතයේ ඉඳන්ම පුරුදු වුන දෙයක් වගේ . කොහොමත් අපේ නරක පුරුදු තව අයටත් තියනවා දැක්කම අපි හරි ආසයිනේ .
අනික පන්සල් වල මල් කැඩීමට කැමති අය අදත් නැතුවය . ඔන්න ඉතින් මන් මේ කිව්වේ ගස් වල මල් ගැන . වෙන වෙන දේවල් හිතා ගත්තට මන් වගකියන්නේ නැහැ .
මේ තියෙන්නේ Peony මල . හරි ලස්සනයි . කඩා ගන්න ආස වීම පුදුමයක් නම් නෙමේ. කවුරු හරි දන්නවද සිංහලෙන් කියන නම . දැකල පුරුදුයි වගේ . නම සොයා ගන්න බැරි වුනා මට . ඩේලියා මල තමයි සිහි වුනේ .
ඉතින් මේ මල් පන්සලේ උත්සවයට ඈත පළාතකින් ආපු ලස්සන යුවතියක් මේ නිතිය නොදැන මලක් නෙලා ගෙන . සැනෙකින් ආපු මුර කාරයෝ මේ යුවතිය අල්ල ගත්ත.
දඩය ගෙවන්න ඇය ළඟ මුදල් තිබිල නැහැ . මේ වෙලාවේ එතනින් ගිය අපේ කතා නායක Tu Thuc මේ සිද්ධිය දැක්ක . තමන්ගේ බලතල පාවිච්චි කරන්න විදිහකුත් නැහැ දුප්පතෙක් වගේනේ හිටියේ . අතේ තිබුන මුදල් වලින් දඩය ගෙවල ගෑනු ලමයව බේරා ගන්නවා . කෙල්ලට විපත්තියක් වුනහම කඩා පාත් වෙලා දුෂ්ටයින්ගේ ඇයව ගලවාගෙන එසැනින් මල්සර දුනු හි වලින් හදවත තුවාල කරගන්න හින්දි කොල්ලෙක් මතක් වුනොත් පුදුමයක් නැහැ . මටත් එහෙම හිතිච්ච එකේ .
ආයේ අහන්න දෙයක් නැහැ . කෙල්ලත් ලස්සනයි . තරුණයත් තනිකඩ . දෙන්නට දෙන්න සිතින් බැඳුන. ඒත් එකපාරටම ඕව කතා කල හැකිය . එහෙම කියන්න දහිරිය තියන අයත් ඉන්න බව දිල් නම් දැක්කලු .
ඒත් මේ දෙන්න එතැනදී වෙන් වෙලා ගිහින් . අද වගේ නම් ටෙලිෆෝන් අංකය ඉල්ලගන්නවත් තිබුන . ඉතින් ආපහු ගෙදර ආපු තරුණයා මේ දැරිය ගැන සිත සිත හිටිය .
ඔය කාලේදී පළාතේ කාලගුණය හරස් වෙලා අස්වැන්නත් විනාශ වෙලා . අසරණ වෙච්ච ජනතාවගෙන් බදු අයකරගන්න මේ තරුණයට දුක හිතිලා . නියම ජනතා සේවකයෙක් .
මේගැන මැන්ඩරින් නායකයෝ ඔහුට හොඳටම දොස් කියල . ඔහු කල්පනා කලාලු මේ පුංචි ප්‍රදේශයක පරිපාලන [අපේ ප්‍රාදේශීය මන්ත්‍රීකමක් වගේ වෙන්න ඇති ]. තනතුර හන්දා මොකට මේ හැටි බැනුම් අහනවද කියල .
රජයෙන් දීල තිබුන මුද්‍රාව දොරේ එල්ලලා රස්සාවට ආයුබෝවන් කියල [ තම් බියෙට් කියන්න ඇති ..වියට්නාම අය Good Bye කියන්නේ එහෙමයි . ] තමන්ගේ සිත ගත්තු ගැහැණු ලමයව සොයන් ගියා .
හොඳට ඉගෙන ගත්තු සමහර අයට ප්‍රයෝගික දැනුම නැහැ කියන්නේ ඕකනේ . ඉන්න තැනක හෝඩුවාවක් වත් අහගන්න තිබුනනේ . එහෙම කලේ නැති හන්දා එයාව සොයා සොයා ඉබාගාතේ ගියා . මට ආයිම හින්දි චිත්‍රපටියක් තමයි මතක් වෙන්නේ . අර සිත් ගත් කෙනා
ඇඟේ හැපී හැපී යනවා ඒත් පෙන්නේ නැහැ වගේ එව්වා .
සමාවෙන්න මටත් අනම් මනම් නොකියා කතාවක් කියන්න බැරි හැටි.
ඉතින් සොයල සොයලා සොයා ගන්න බැරි වුනා . කාලයක් ඇවිදිද්දී ගල්ගුහාවක් හමු වුනාලු . ඒ තුලින් ගියහම අවසානය අලංකාර මාලිගයක් . ජේඩ් වලින් සැදුණ මේ මාලිගයේ සුරංගනාවන් අතර නොකා නොබී ඔහු එනතෙක් දුකින් සිටි අර සුන්දර තරුණිය හමු වුනාලු . ඔන්න බලන්න අතරමගකදී හමු වෙන ලස්සන යුවතියන් සුරංගනාවන් වෙන්නත් බැරි නැහැ කියන්නේ ඕක තමයි .
ආයේ අහන්න දෙයක් නැහැනේ . දෙන්න විවාහ වෙලා සැපෙන් සතුටින් ජිවත් වුනාලු . බොහෝ කතා එතනින් ඉවර වුනාට මේක තව දිගයි .
ඔන්න අවුරුදු තුනක්ම ගෙවුනලු . හැබැයි Tu Thuc ට ගමරට මතක් වෙලා තියෙනවා .
දිය මකර රජුගේ බිරිඳට වගේ
කලක් යනකොට ඉතින් ඔහොම තමයි . දැන් අපේ පිරිමි කට්ටියට හිතෙයි සුරංගනාවක් වුනත් ගෑණියෙක් නේ කියල . හුචක්කුව අඳින්න පුරුදු වුනාද දන්නෙත් නැහැ නේ . අනික කාලයක් දිවය ලෝකේ ඉන්නකොටත් පොළවට පය ගහන්න ආස වෙන එකත් සාමාන්‍යයි . ඒ ඉතින් ආදරේ අඩු වෙලාම නෙමේ . මනුස්ස සොබාවය .සුරංගනාව මේක තේරුම් ගත්ත .
මොන හේතුව වුනත් තමන්ගේ සැමියා දුකින් කරදරෙන් ඉන්න කොට බිරිඳක් කැමති වේය . ඉතින් සුරංගනාවී වලාකුල් වලින් කරත්තයක් හදල දුන්නලු ගමරට ගිහින් එන්න . ඇය බොහොම දුකින් තමයි මෙයාට යන්න දෙන්නේ .
වලාකුල් යානයේ නැගල Tu Thuc තමන්ගේ ගමට යනවා . ගම වෙනස් වෙලා . පුංචි පැල විශාල ගස් වෙලා . කිසිම දෙයක් අඳුනගන්න බැරි වුනා . කිසිම කෙනෙක් දැනන් හිටියෙත් නැහැ ඔහුගේ වගතුග . එකම එක වයසක සියා කෙනෙක් කිව්වා පරම්පරා පහකට ඉස්සර තමන්ගේ රස්සාව දාල යන්න ගිය තරුණ රජයේ සේවකයෙක් ගැන පුරාණ කතාවක් තියෙනවා කියල .
දන්නවද හේතුව . දිව්‍ය ලෝකේ ගතකල අවුරුදු තුන අපේ ලෝකේ අවුරුදු 300 ක්ලු. මදැයි ඔය වගක් ඔහු දැනන් ඉඳල නැහැ .
අපේ බනියට ඕක පැහැදිලි කරලා දෙන්න මටයි ලොක්කිටයි සැහෙන වෙලාවක් ගියා .
යමක් ලේසියෙන් අත අරින්නෙත් නැහැනේ . අන්තිමට කිව්වා ''ආන්න මට තේරුනා '' කියල .
ඉතින් අපේ කතා නායකයා බොහොම දුක් වෙලා ආපහු යන්න බලද්දී වලාකුල් යානය ගිහින් . වලාකුල් පාවෙනවනේ .
ඔන්න ඕකයි කතාව .
ඉතින් මේ Tu Thuc සුරංගනාවී සොයා ගත්ත ගුහාව එදා ඉඳන් TuThuc ගුහාව වුණා . මේ තියෙන්නේ ඒ ගුහාව
.
මේකත් අර හලොන්ග් බේ [මකර මවක් වැතිර නිදන පොස්ට් එකේ කියපු ]වල වගේ ලයිම් ගුහාවක් . මට නම් යන්න බැරි වුණා මේකට . දැන් පරක්කුත් වැඩියි . හෝ චි මින් වල ඉන්න කාලේ යන්න තිබුනේ . එහාටයි ළඟ .
ලෝකේ ලොකුම ගුහාවත් මෙහෙයි තියෙන්නේ . ලාඕස් මායිම කිට්ටුව තියෙන Son Doong ගුහාව සොයා ගෙන තියෙන්නේ 2009 දී .මේ තියෙන්නේ ඒ ලොකුම ගුහාව .

සුරන්ගනාවට සම්බන්ධයක් නැහැ මේ ගුහාවේ . මේ ගැන ලස්සන කතාවක් අහන්න වෙන්නේ ඉස්සරහ පරපුරට , මොකද ලඟදි සොයා ගත් නිසා .
ඇත්තටම සුජීව තමයි ඔය ගැන මට කිව්වේ .යන්න හරිම අපහසුලු තවම .
හැබැයි අද දැක්ක එක සයිට් එකක ඒකට යන හැටි ගැන . උවමනා නම් මෙන්න තොරතුරු තියෙනවා මෙතන . මගේ පින්තුරෙත් ගත්තේ එතනින් .
මන් මේ කෙටියෙන් කියන්න ගත්ත කතාව දික් වුණා . මගේ පෝස්ට් ඕනවට වඩා දික් වෙන්නේ මේ අනම් මනම් අතුරු කතා මතක් වෙන නිසයි . ගැහැණු ගතියනේ . ඔන්න බලන්න චුටිමහත්තයගේ මැරියන් අච්චර පැයක් තිස්සේ කිව්ව කතාව පේලි දෙක තුනකට කොට කරලා තියෙන හැටි . මේ පිරිමින්ගේ හැටි ඔහොම තමයි මැරියන් . අපි මේවා විස්තර ඇතුව කියන එක එයාලට අගේ නැහැ.
පින්තුර ගත්තේ ගුගල් ඉමේජස් ගෙන් ...
ප. ලි.
මේ වගේ කතාවක් ලියද්දි පුන්චිත්තව මතක් වෙනවා . පස්සේ පුංචි කතාවක් විදිහට එතන ලියන්න ඕන .

Friday, 4 November 2011
මල් කියන්නේ කාට කාට .....
මටත් මගේ බ්ලොග් එකටත් එරෙහිව බෑන් කී මුන් කල කුමන්ත්‍රණය අහවර වී මාස කීපයක් ගත විය . එහෙමයි කියා කරදර කිරීම් නම් අඩුවක් නැත . හැම බදාදාම පැයක් කලින්ළමයි ගෙදර එවයි . මාසයකට දෙකකට වතාවක් ගුරුවරුන්ගේ දැනුම වැඩි කරන්නට සම්මන්ත්‍රණ පවත්වන්නට යයි කියා ළමයි ගෙදර තියයි . ඔය මොනවා වුනත් ළමයි නම් ඉස්කෝලෙට බොහොම කැමතිය . අද හවස අමතර වැඩ වලට නතර වූ බනියා සෙල්ලම් පිට්ටනියෙන් ගෙදර ගෙනාවේ හරිම අමාරුවෙනි .
මටත් කොයි කරදර තිබුනත් ඉස්කෝලෙට අකමැති වෙන්නට නම් බැරි දෙයක් පසුගිය දිනවල සිදුවින . ඒ එක්සත් ජාතීන්ගේ දින උළෙලේදී අපේ පොඩ්ඩන් දෙන්නාට අපේ කොඩිය ඔසවාගෙන යන්නට අවස්ථාව ලැබීමය .
පාට පාට කොඩි අරගත් පාට පාට ඇඳුම් ඇඳගත් පාට පාට ළමයි . ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට බෝම්බ අත අරිද්දි ඇමරිකන් ළමයි ඇෆ්ගන් ළමයි ලඟින් සිටි . උතුරු කොරියන් කොඩිය රැගත් ලස්සන දැරිය යන විට සියලු කොරියානුවන් හුරේ දමයි .
ළමයි මල් වගේ කියන්නේ නිකන්ද .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාසල් දෙකක් පමණි ලෝකයටම ඇත්තේ . නිව්යෝර්ක් සහ හැනොයි නගර දෙක තුල . එබැවින් වසරකට වරක් එක්සත් ජාතීන්ගේ දිනය ලොකුවට සැමරේ . ගිය වසරේ බෑන් කි මුන් මහතාද පැමිණි නමුත් මෙදා පාර එව්වේ ගෝලයෙකි .
ගිය අවුරුද්දේ ආපු මුන් මහතා . ළඟ ඉන්න සුදු රැවුල් සියා විදුහල්පති තුමාය
ගෝලයාගේ කල කතාවේදී නම් මට නින්ද ගිය බව කිව යුතුය . මට කොහොමත් දේශනා අහන ඉන්න බැරි ලෙඩක් තිබේ . අනික මගේ ඊ - මේල් ගිණුම කවුද අල්ලාගෙන මාව ස්පේන් යවා තිබුනේ කලින් දාය . එදා රෑ හරි හමන් නින්දක්ද නොවිය .
සියලු තානාපති කාර්යාල පිහිටා ඇත්තේ හැනොයි වල බැවින් එහි සේවය කරන තානාපති කාර්ය මණ්ඩලයේ දරුවන් නිසා පාසැල තුල ඇත්තේ විසල් ජන විවිධත්වයකි .
එදිනට පොඩ්ඩන් දෙදෙනාටම ළමා සාරි සැකසීමට සිදුවිය . ලොක්කිගේ ළමා සාරිය මසන්නට දුන් කාන්තාව ඉනට රැලි නැති අලුත්ම වර්ගයේ ළමා සාරියක් මසා දුන්නාය . ප්‍රතිසංස්කරණයන්ට හසු වී යන්තම් පිළිවෙලක් කරගත්තේ අවසන් මොහොතේය .
එකම පාටින් ළමා සාරි ඇන්ද අක්ක නගෝ දෙන්නට කවුරුත් කැමති විය . එකම රටින් අක්කයි නංගියි ජාතික කොඩිය ගෙනයාමත් විරල දසුනක් . ජාතික ඇඳුමක් කියා එකක් නැති එංගලන්තයේ ඇමරිකාවේ ළමයි ඒ රටවල් නියෝජනය කලේ විවිධාකාර ක්‍රම වලටය .
[ඒ අයගේ ජාතික ඇඳුම අපි උදේ හවා අඳින හෙයින් ] සමහරු කොඩි වගේ ඇඳුම් ..ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් මුහුදු වෙරළට යන්නා සේ සැරසී උන් අතර සමහර ඇමරිකන් ළමුන් කව් බෝයි තොප්පි දමන් සිටියහ . කොරියන් ජපන් ළමුන්ට නම් ලස්සන ජාතික ඇඳුමක් තිබේ . අප්‍රිකන් එඬේරුන් ද දැක ගත හැකි විය .
සපා කඳුකරයේ ළමයි
අපේ කොඩිය උස්සන් ගියේ ලොක්කිය . බනි නිකම් අක්කගේ තනියට ගියා වාගේය .
ඉන්දියන් කොඩිය අරන් ගිය පොඩි එකාට උදව්වට ඔහුගේ පියා ගිය බවත් අපිටත් යන්න බැරිදැයි බනිගේ තාත්තාට සිති තිබිණි . ඒ ගියේ ඒ ළමයාගේ තාත්තා නොව ලොකු පන්තියක ළමයෙක් බව ඔහුට තවමත් ඒත්තු ගන්වන්නට බැරිය .
ලෝකය පුරා ලොකු අය රණ්ඩු වෙද්දී පොඩි අය රැගෙන ගිය කොඩි එක පේලියට සිටගෙන ඉන්නේ මේ ළමයින් වගේමය . ඉස්කෝලෙට යන විට නිතරම මට නන්දා මාලිනියගේ
''මල් කියන්නේ කාට කාට '' ගීතය සිහිවේ . මල් ළමයින් වාගේය . ළමයින් මල් වාගේය . ඒ ගියත් අහලම යන්න
ප්‍රධාන උත්සවයෙන් පසු සෑම පන්තියකම විවිධ රටවල කෑම බුෆේ ක්‍රමයට තියා තිබුණි . වෙනදාට යසට හැදෙන මුන් ඇට කැවුම් මෙදා හරියට හැදුනේ නැත . මගෙත් මොකෝ ඔරිජිනල් එව්වා කා නැති අය දත් වල ශක්තිය මැන ගන්නට ඇත.මන් මගේ පාඩුවේ ඉන්දියන් සමෝසා ,කොරියන් රයිස් රෝල් , මැලේසියන් රසකැවිලි , ජර්මන් පාන් ,වියට්නාම ස්ප්‍රින්ග් රෝල් සහ නම මතක නැති රස කෑම කෑවෙමි
අපිට ඇඳුමක් සහ කොඩියක් තිබීමත් ඒ සේරටම වඩා රටක් තිබීමත් ගැන වෙන කවරදාටත් වඩා සතුටක් දැනුන දවසකි . එය අනිකුන් පහත කිරීමක් නොවේ . ලස්සන මල් යායක මලක් වුවිට ඒ මල අනිකුන් හඳුනා ගනී නම් මලට ඇති වෙන සතුට කෙසේ වෙයිද . එවැනි අහිංසක සතුටක් පමණකි මට ඇති වුයේ . එමෙන්ම අනිකුත් මල් වල ලස්සනද රස වින්දෙමි .
ප. ලි ..
පසුගිය දිනවල සේද මාවතේ ඇවිදින්නට ගිය නිසාත් වෙන වෙන රාජකාරි තිබුන නිසාත් මේ කතාන්දරය ලියුවේ පමාවිය . සැබවින්ම මෙය සිදුවුයේ මසකට පෙරය .
මේ පොස්ට් එක දැම්මා වුනත් අරහේ තවම අපි මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැනද කතා කරමින් සිටිමු . සුජිවත් බුරාත් අපමණ දැනුම් සම්බාරයක් එක්කහු කරමින් සිටි. කැමැත්තෝ වෙත්නම් ගොහින් කියවන්න .
පින්තුර සියල්ල අපේ කැමරාවෙන් දුර සිට ගත් ඒවාය . අනිකුත් ළමයින්ගේ පින්තුර අනවසරයෙන් දමන්නට අකමැති නිසා බොහොම තෝරා බේරා ගන්නට සිදුවිය .
Labels:
පුද්ගලික සහ ඇවිද්ද තැන්,
සේද මාවත
Subscribe to:
Posts (Atom)