ගොඩ දෙනෙක් අහලත් ඇති . ඒත් නොදන්නා අයටත් දන්නා අයගේ මතකය අලුත් කරන්නත් හිතලා මෙන්න මම දෙපාරක්ම ඇහින් දුටු cu Chi Tunnels ගැන සංක්ෂිප්ත සටහනක් .
වියට්නාමය කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම යුද්ධ වලට මුහුණ දීපු රටක් . චිනෙත් කාලයක් උත්සාහ කරලා තියනවා මේ රට අල්ලගන්න . අර ඉබි රජතුමාගෙන් කඩුවක් ලැබිලා රට එක්සේසත් කල කතාව කියවල බලන්නකෝ .
අපි සුද්දගේ කොලනියක් වෙලා හිටියා වගේ ප්‍රංශය තමයි මේක එයාලගේ බුදලයක් කර ගෙන හිටියේ. ඒ ගැන වෙනම ලියන්න හිතන් ඉන්න නිසා මෙතන ඉඩ එකට නාස්ති කරන්නේ නැහැ .
මේ අපි කියන උමං හාරන්න පටන් ගත්තේ මේ ප්‍රංශ පාලනයට විරුද්ධව සටන් තිබුන කාලයේ වුනත් වැඩි දියුණු කරලා ලොකුම ප්‍රයෝජනයක් ගත්තේ ඇමරිකන් කාරයත් එක්ක යුද්ධ කරද්දී තමයි .
පොලව මත බොහෝ දේවල් විනාශ කරන්න ඇමරිකන් බෝම්බ සමත් වුනත් මේ උමං පද්ධතිය විනාශ කරන්න ඔවුන් අසමත් වුනා . කොටින්ම ඔවුන්ගේ පරාජයට ලොකුම හේතුවත් මෙය බවයි තතු දත් අය පවසන්නේ.
මම මුලින් හිතන් හිටියේ නිකම් ගුල් ටිකක් හාරාගෙන හැංගිලා හිටි බංකරයක් වගේ දෙයක් කියල වුනත් දැහින්දුටු පසුව..මා මවිත වුනා . උමං යට රෝහල් ...මුළුතැන්ගෙවල් විතරක් නොවේ පාසල් කොටින්ම සම්පුර්ණ ජන සමාජයක තිබෙන බොහෝ අංග වලින් සම්පුර්ණ වෙච්ච තැනක්. පොඩි කාලයක් නෙමේ අවුරුදු 25 ක පමණ කාලයක් තිස්සේ ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බවයි කියවෙන්නේ .
ඇයි මෙහෙම උමං පද්ධතියක් අවශ්‍ය වුනේ ?
ඇත්තටම කුචි හුදකලා ස්ථානයක් නොවේ . ඊට වඩා විශාල උමං පද්ධතියක කොටසක් පමණයි. වියට්නාමයේ තවත් ප්‍රදේශවල මෙවැනි පද්ධති තිබුනා . ඒත් මෙය තමයි ඉතා වැඩිපුර කතා බහට ලක් වන්නේ .
එවකට සයිගොන් හි පැවතියේ ඇමරිකන් ගැති ආණ්ඩුවක් . උතුරේ තිබුනේ කොමියුනිස්ට් රජයක්. කුචි පිහිටා තියෙන්නේ දකුණේ සයිගොන් .[නුතන හෝ චි මින් නගරය ] තුල කම්බෝජියන් මායිමට කිට්ටුවෙන් . දේශ සීමාව හරහා අවි ලබා ගැනීමට ගරිල්ලන්ට කුචි ආරක්ෂා කරගත යුතු වුනා . කුචි වල ඇතිවුන සටන් වලදී ඇමරිකන් හමුදා වලින් ඒ ප්‍රදේශය විනාශ වෙද්දී කලින් පටන් ගෙන තිබු මේ උමං පද්ධතිය තවත් හාරා ගෙන ඈතට ව්‍යාප්ත කිරීම හැර ගරිල්ලන්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ . ඇමරිකන් බෝම්බ වැඩිපුර කුචි වලට වැටීමට තව හේතුවක් තිබුනා . ඇමරිකන් හමුදා තම ප්‍රහාරක යානා ගුවන් ගත කලේ සයිගොන් හි පිහිටි ගුවන් තොටින් . [අද ඉතා අලංකාර Tan Son Nhat ජාත්‍යන්තර ගුවන් තොටුපල ] . ප්‍රහාරයක් නිමවී එද්දී ඉතිරිවුණ බෝම්බ අතහැර දැමීමට අවශ්‍යයි . නැත්නම් ගොඩ බැමේදී පුපුරා යාහැකි නිසා . ඉතින් මේ අහක යන බෝම්බ එයට ඉතා කිට්ටු කුචි වලට වැටි විශාල ගණනක් ජිවිත ..භවබෝග වගේම ලස්සන වන වගාවන්ද විනාශ කලා.
ඔවුන් කොහොමද මේ උමං වල සිට සටන් කලේ
වියට්නාම ජාතිකයින් ස්වභාවයෙන්ම පුංචි සිරුරු ඇති අය . උමං කට වල් ඉතාම කුඩායි . වියලි කොළ අතර සැඟවුණු මේ දොරවල් වෙන අයට රහසක් වුනා .
මේ වංකගිරි වැනි උමං ඇතුල තට්ටු තුනයි . ගන්ගාශ්‍රිත මැටි පස තනිකර පුංචි ආයුධ වලින් හාරමින් තැනු මෙයට මැටි පස නිසාම අවාසිත් වුනා . කඩා නොවැටීමට ලි කොට වල ආධාරද අවශ්‍ය වූ බව පේනවා.
මේ උමං ගඟට විවරව තිබුනා ඕනෑම විටක ගඟින් පිනා යාමටත් ඉඩ ලැබුනා
මුළුතැන් ගෙයි දුම් බට ඉතා ඈතට විහිදී මුදා හැරියේ සතුරාට නොපෙනෙන්න මහා පාන්දර . වැඩිපුරම කන්නට ඇත්තේ මය්යෝක්ක . අදත් රටකජු හා සිනි මිශ්‍ර කුඩක් එක්ක අපිටත් දෙනවා කුචි ගියහම .
ශල්‍යාගාර බංකරය තුල ශල්‍ය කර්ම පවා සිදු වුනා.
ඊට අමතරව ආයුධ කම්මල් විශේෂයි .
ආයුධ තනන අයුරු නිරුපනය කරන ජීවමාන ප්‍රමාණයේ මිනිස් ආකෘති
ආයුධ කිවම මට මතක් වෙන්නේ ''ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියලා කපනවා '' කියන කියමන . මේ වැඩිහරියක් ආයුධ ඇමරිකන් බෝම්බ කවර වලින් එහෙම නැත්නම් පුපුරා නොගිය බෝම්බ වලින් වැඩි දියුණු කරන ලද ඒවා . ඒ බෝම්බ කපන්නත් සැහෙන උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. මුලදී රත්වීම නිසා පුපුරා ගිහින් ඔවුන් මිය ගියත් පසුව ක්‍රමයෙන් වතුර වත් කරමින් ඒවා කපා ගැනීමට ක්‍රම සොයා ගත්ත .
මොවුන්ගේ යුද්ධ උපක්‍රම නම් හරි පුදුමයි.
පින්තුර දෙක තුනක් විතරයි විකියෙන් ගත්තේ . ඉතුරු සේරමයි ලියපු දේවලයි පුර්ණ වගකීම අපේ . අඩු පාඩු කමෙන්ට් වලදී පුරවන්නම් .
පැළඳි රබර් කට්ට සෙරෙප්පුව වුනත් නිකම් හැදුවේ නැහැ . යට පැත්තේ අනික් අතට කට්ට කැපුවා. මොකද අඩි පාරවල් අනික් අතට පිහිටන්න . සතුරා මුලා කරන්න .
සතුරන් මැරුවේ කොහොමද
උණ බම්බු උගුල් ..දැක්කම නම් ඇඟ හිරි වැටෙනවා.
මේවයේ අසු වී කෑගසන විට බෙර ගැනීමට එන අනික් සෙබළුන් ටත් වෙන්නේ වෙඩි කන්න .
බිම් බෝම්බ තබා යුද්ධ ටැංකි නවතා සැඟවී සිට වෙඩි තැබීම . බෝම්බ වලට අනුග්‍රහයත් ඇමරිකාවෙන් තමයි.
මේවා කරනකම් ඇමරිකන් හමුදාව මොකද කලේ ?
අහුවෙන අහුවෙන තැනට ඉවක් බවක් නැතුව බෝම්බ දාන එක. උමං හැර අනික් සියලු මතුපිට දේවල් විනාශ කරන එක . සමහර විට දවස් ගණන් ගරිල්ලන්ට ගුල් ඇතුලේ හැංගිලා ඉන්න වුනා . මැලේරියාවෙන් සහ නොයෙකුත් රෝග පිඩා වලින් ඔවුනුත් හෙම්බත් වුනා . ඇමරිකාව මේ උමං ගැන දැනන් හිටියා . ඒත් ඇතුලට ගිහින් විනාශකරන එක ලේසි වුනේ නැහැ. බල්ලෝ යැවුවා . ඒත් මැරිච්ච සොල්දාදුවන්ගේ ඇමරිකන් සබන් උමං කට වල උළල තිබ්බ නිසා උන්ට අඳුර ගන්න බැරි වුනා . වැදුණු ඇමරිකන් කාරයින්ට මේ ගුල් වල රිංගන්න කොහොමත් බැහැ . පසු කාලේදී තරමක හානි කරන්න සමත් වුනත් සම්පුර්ණයෙන් විනාශ කරන්න නම් බැරි වුනා .
ඇයි ඇමරිකාව මේ ඇත රටක් එක්ක යුද්ධෙට පැටලුනේ. ඉන්දු චීන අධිරාජ්යක් ගැන ප්‍රන්ශේ ට තිබ්බ හීනෙත් බිඳ වැටිලා නැගෙනහිර ආසියාවේ සමාජවාදය පැතිරෙන එක වලක්වන්න ප්‍රන්ශේට හැකියාවක් නැති බවත් දැනෙන කොට ඇමරිකන් ලොක්ක ඒ කාරිය බාර ගත්තා.
ඉතින් රුසියාවයි චීනෙයි [වැඩිපුරම රුසියාවේ ] උදවු වියට් කොන් වරුන්ට හිමි වුනා .
තාමත් ප්‍රදර්ශනය කෙරෙන මිග් යානා
මීටර 10,000 උඩට විදිය හැකි රුසියන් මිසයිල මොවුන් විසින් 16,000 කට දියුණු කර ඇමෙරිකන් B 9 ප්‍රහාරක යානා බිම දැමුනා .
ඇමරිකන් ගැති සයිගොන් හමුදාවේ සිටි හිතවතුන් මගින් ගරිල්ලන්ට ඔත්තු සැපයුනා . තව ලියන්නට බොහෝ ඇතත් කාලය මදි,.
මේ උමං වල අද තත්වය ..
වියට්නාමය සංචාරක කර්මාන්තය අතින් ඉතා දියුණුයි . මේ උමං සංචාරකයින්ට ලොකු ආකර්ෂණයක් [විශේෂයෙන් ඇමරිකන් උදවියට ] . මුලදී කි. මි. 121 පමණ දික් වුවත් සංචාරකයින්ට විවර වී ඇත්තේ සහ සංරක්ෂණය වී ඇත්තේ 20 කි.මි. පමණ කුඩා ප්‍රමාණයක් .
දේශීය සංචාරකයින්ට නොමිලෙත් අපිට මුදල් ගෙවාත් මෙය බැලිය හැකියි. හෝ චි මින් සිට පැයක පමණ ගමනක්.
අපේ ජනාධිපතිතුමාත් පහුගිය කාලයේ ගිහින් තිබුනා .
මග කියන අයෙකුත් ලබාදෙනවා. වීඩියෝ දර්ශනයක් ...බැලීමට ,උමං තුල තරමක් දුර යාමට [ ශරීරය වැඩි බරපතල අයට ටිකක් අමාරුයි.] මය්යෝක්ක කෑමට අවස්ථාව ලැබෙනවා. වනය තුල හරිම සිසිල් සුවදායක බවක් තිබෙන බව අකියන්නම ඕන . අපේ වියලි කලාපයේ ...[නැත්නම් මට මතක් වුනේම කුරුණෑගල පාරේ තියෙන බඩගමුව රක්ෂිතය] කැලයක ලක්ෂණ තමයි තිබුනේ .
තැන තැන වල පොකුරු බෝම්බ පොකුරු පොකුරු ගොඩ ගහල .
අණ දෙන නිලධාරී කාමරය
උමං වල සැලසුම
ඩොන් 20,000 ක් දීල වෙඩි තියන්නත් පුළුවන්
මෙන්න මෙහෙමයි රිංගන්නේ
මේක කාගේ එකක්ද කියල පේනවනේ
කුචි උමං අසල ඉදිවුන යුධ විරු සමරු පන්සල . සහ ස්මාරකය
වැඩි විස්තර ඇති මේ සයිට් එක සොයා දුන්නෙත් එයා
Bunny with Tu when she was 1 1/2 yrs old in CuChi

































