ගොඩ දෙනෙක් අහලත් ඇති . ඒත් නොදන්නා අයටත් දන්නා අයගේ මතකය අලුත් කරන්නත් හිතලා මෙන්න මම දෙපාරක්ම ඇහින් දුටු cu Chi Tunnels ගැන සංක්ෂිප්ත සටහනක් .
වියට්නාමය කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම යුද්ධ වලට මුහුණ දීපු රටක් . චිනෙත් කාලයක් උත්සාහ කරලා තියනවා මේ රට අල්ලගන්න . අර ඉබි රජතුමාගෙන් කඩුවක් ලැබිලා රට එක්සේසත් කල කතාව කියවල බලන්නකෝ .
අපි සුද්දගේ කොලනියක් වෙලා හිටියා වගේ ප්‍රංශය තමයි මේක එයාලගේ බුදලයක් කර ගෙන හිටියේ. ඒ ගැන වෙනම ලියන්න හිතන් ඉන්න නිසා මෙතන ඉඩ එකට නාස්ති කරන්නේ නැහැ .
මේ අපි කියන උමං හාරන්න පටන් ගත්තේ මේ ප්‍රංශ පාලනයට විරුද්ධව සටන් තිබුන කාලයේ වුනත් වැඩි දියුණු කරලා ලොකුම ප්‍රයෝජනයක් ගත්තේ ඇමරිකන් කාරයත් එක්ක යුද්ධ කරද්දී තමයි .
පොලව මත බොහෝ දේවල් විනාශ කරන්න ඇමරිකන් බෝම්බ සමත් වුනත් මේ උමං පද්ධතිය විනාශ කරන්න ඔවුන් අසමත් වුනා . කොටින්ම ඔවුන්ගේ පරාජයට ලොකුම හේතුවත් මෙය බවයි තතු දත් අය පවසන්නේ.
මම මුලින් හිතන් හිටියේ නිකම් ගුල් ටිකක් හාරාගෙන හැංගිලා හිටි බංකරයක් වගේ දෙයක් කියල වුනත් දැහින්දුටු පසුව..මා මවිත වුනා . උමං යට රෝහල් ...මුළුතැන්ගෙවල් විතරක් නොවේ පාසල් කොටින්ම සම්පුර්ණ ජන සමාජයක තිබෙන බොහෝ අංග වලින් සම්පුර්ණ වෙච්ච තැනක්. පොඩි කාලයක් නෙමේ අවුරුදු 25 ක පමණ කාලයක් තිස්සේ ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බවයි කියවෙන්නේ .
ඇයි මෙහෙම උමං පද්ධතියක් අවශ්‍ය වුනේ ?
ඇත්තටම කුචි හුදකලා ස්ථානයක් නොවේ . ඊට වඩා විශාල උමං පද්ධතියක කොටසක් පමණයි. වියට්නාමයේ තවත් ප්‍රදේශවල මෙවැනි පද්ධති තිබුනා . ඒත් මෙය තමයි ඉතා වැඩිපුර කතා බහට ලක් වන්නේ .
එවකට සයිගොන් හි පැවතියේ ඇමරිකන් ගැති ආණ්ඩුවක් . උතුරේ තිබුනේ කොමියුනිස්ට් රජයක්. කුචි පිහිටා තියෙන්නේ දකුණේ සයිගොන් .[නුතන හෝ චි මින් නගරය ] තුල කම්බෝජියන් මායිමට කිට්ටුවෙන් . දේශ සීමාව හරහා අවි ලබා ගැනීමට ගරිල්ලන්ට කුචි ආරක්ෂා කරගත යුතු වුනා . කුචි වල ඇතිවුන සටන් වලදී ඇමරිකන් හමුදා වලින් ඒ ප්‍රදේශය විනාශ වෙද්දී කලින් පටන් ගෙන තිබු මේ උමං පද්ධතිය තවත් හාරා ගෙන ඈතට ව්‍යාප්ත කිරීම හැර ගරිල්ලන්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ . ඇමරිකන් බෝම්බ වැඩිපුර කුචි වලට වැටීමට තව හේතුවක් තිබුනා . ඇමරිකන් හමුදා තම ප්‍රහාරක යානා ගුවන් ගත කලේ සයිගොන් හි පිහිටි ගුවන් තොටින් . [අද ඉතා අලංකාර Tan Son Nhat ජාත්‍යන්තර ගුවන් තොටුපල ] . ප්‍රහාරයක් නිමවී එද්දී ඉතිරිවුණ බෝම්බ අතහැර දැමීමට අවශ්‍යයි . නැත්නම් ගොඩ බැමේදී පුපුරා යාහැකි නිසා . ඉතින් මේ අහක යන බෝම්බ එයට ඉතා කිට්ටු කුචි වලට වැටි විශාල ගණනක් ජිවිත ..භවබෝග වගේම ලස්සන වන වගාවන්ද විනාශ කලා.
ඔවුන් කොහොමද මේ උමං වල සිට සටන් කලේ
වියට්නාම ජාතිකයින් ස්වභාවයෙන්ම පුංචි සිරුරු ඇති අය . උමං කට වල් ඉතාම කුඩායි . වියලි කොළ අතර සැඟවුණු මේ දොරවල් වෙන අයට රහසක් වුනා .
මේ වංකගිරි වැනි උමං ඇතුල තට්ටු තුනයි . ගන්ගාශ්‍රිත මැටි පස තනිකර පුංචි ආයුධ වලින් හාරමින් තැනු මෙයට මැටි පස නිසාම අවාසිත් වුනා . කඩා නොවැටීමට ලි කොට වල ආධාරද අවශ්‍ය වූ බව පේනවා.
මේ උමං ගඟට විවරව තිබුනා ඕනෑම විටක ගඟින් පිනා යාමටත් ඉඩ ලැබුනා
මුළුතැන් ගෙයි දුම් බට ඉතා ඈතට විහිදී මුදා හැරියේ සතුරාට නොපෙනෙන්න මහා පාන්දර . වැඩිපුරම කන්නට ඇත්තේ මය්යෝක්ක . අදත් රටකජු හා සිනි මිශ්‍ර කුඩක් එක්ක අපිටත් දෙනවා කුචි ගියහම .
ශල්‍යාගාර බංකරය තුල ශල්‍ය කර්ම පවා සිදු වුනා.
ඊට අමතරව ආයුධ කම්මල් විශේෂයි .
ආයුධ තනන අයුරු නිරුපනය කරන ජීවමාන ප්‍රමාණයේ මිනිස් ආකෘති
ආයුධ කිවම මට මතක් වෙන්නේ ''ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියලා කපනවා '' කියන කියමන . මේ වැඩිහරියක් ආයුධ ඇමරිකන් බෝම්බ කවර වලින් එහෙම නැත්නම් පුපුරා නොගිය බෝම්බ වලින් වැඩි දියුණු කරන ලද ඒවා . ඒ බෝම්බ කපන්නත් සැහෙන උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. මුලදී රත්වීම නිසා පුපුරා ගිහින් ඔවුන් මිය ගියත් පසුව ක්‍රමයෙන් වතුර වත් කරමින් ඒවා කපා ගැනීමට ක්‍රම සොයා ගත්ත .
මොවුන්ගේ යුද්ධ උපක්‍රම නම් හරි පුදුමයි.
පින්තුර දෙක තුනක් විතරයි විකියෙන් ගත්තේ . ඉතුරු සේරමයි ලියපු දේවලයි පුර්ණ වගකීම අපේ . අඩු පාඩු කමෙන්ට් වලදී පුරවන්නම් .
පැළඳි රබර් කට්ට සෙරෙප්පුව වුනත් නිකම් හැදුවේ නැහැ . යට පැත්තේ අනික් අතට කට්ට කැපුවා. මොකද අඩි පාරවල් අනික් අතට පිහිටන්න . සතුරා මුලා කරන්න .
සතුරන් මැරුවේ කොහොමද
උණ බම්බු උගුල් ..දැක්කම නම් ඇඟ හිරි වැටෙනවා.
මේවයේ අසු වී කෑගසන විට බෙර ගැනීමට එන අනික් සෙබළුන් ටත් වෙන්නේ වෙඩි කන්න .
බිම් බෝම්බ තබා යුද්ධ ටැංකි නවතා සැඟවී සිට වෙඩි තැබීම . බෝම්බ වලට අනුග්‍රහයත් ඇමරිකාවෙන් තමයි.
මේවා කරනකම් ඇමරිකන් හමුදාව මොකද කලේ ?
අහුවෙන අහුවෙන තැනට ඉවක් බවක් නැතුව බෝම්බ දාන එක. උමං හැර අනික් සියලු මතුපිට දේවල් විනාශ කරන එක . සමහර විට දවස් ගණන් ගරිල්ලන්ට ගුල් ඇතුලේ හැංගිලා ඉන්න වුනා . මැලේරියාවෙන් සහ නොයෙකුත් රෝග පිඩා වලින් ඔවුනුත් හෙම්බත් වුනා . ඇමරිකාව මේ උමං ගැන දැනන් හිටියා . ඒත් ඇතුලට ගිහින් විනාශකරන එක ලේසි වුනේ නැහැ. බල්ලෝ යැවුවා . ඒත් මැරිච්ච සොල්දාදුවන්ගේ ඇමරිකන් සබන් උමං කට වල උළල තිබ්බ නිසා උන්ට අඳුර ගන්න බැරි වුනා . වැදුණු ඇමරිකන් කාරයින්ට මේ ගුල් වල රිංගන්න කොහොමත් බැහැ . පසු කාලේදී තරමක හානි කරන්න සමත් වුනත් සම්පුර්ණයෙන් විනාශ කරන්න නම් බැරි වුනා .
ඇයි ඇමරිකාව මේ ඇත රටක් එක්ක යුද්ධෙට පැටලුනේ. ඉන්දු චීන අධිරාජ්යක් ගැන ප්‍රන්ශේ ට තිබ්බ හීනෙත් බිඳ වැටිලා නැගෙනහිර ආසියාවේ සමාජවාදය පැතිරෙන එක වලක්වන්න ප්‍රන්ශේට හැකියාවක් නැති බවත් දැනෙන කොට ඇමරිකන් ලොක්ක ඒ කාරිය බාර ගත්තා.
ඉතින් රුසියාවයි චීනෙයි [වැඩිපුරම රුසියාවේ ] උදවු වියට් කොන් වරුන්ට හිමි වුනා .
තාමත් ප්‍රදර්ශනය කෙරෙන මිග් යානා
මීටර 10,000 උඩට විදිය හැකි රුසියන් මිසයිල මොවුන් විසින් 16,000 කට දියුණු කර ඇමෙරිකන් B 9 ප්‍රහාරක යානා බිම දැමුනා .
ඇමරිකන් ගැති සයිගොන් හමුදාවේ සිටි හිතවතුන් මගින් ගරිල්ලන්ට ඔත්තු සැපයුනා . තව ලියන්නට බොහෝ ඇතත් කාලය මදි,.
මේ උමං වල අද තත්වය ..
වියට්නාමය සංචාරක කර්මාන්තය අතින් ඉතා දියුණුයි . මේ උමං සංචාරකයින්ට ලොකු ආකර්ෂණයක් [විශේෂයෙන් ඇමරිකන් උදවියට ] . මුලදී කි. මි. 121 පමණ දික් වුවත් සංචාරකයින්ට විවර වී ඇත්තේ සහ සංරක්ෂණය වී ඇත්තේ 20 කි.මි. පමණ කුඩා ප්‍රමාණයක් .
දේශීය සංචාරකයින්ට නොමිලෙත් අපිට මුදල් ගෙවාත් මෙය බැලිය හැකියි. හෝ චි මින් සිට පැයක පමණ ගමනක්.
අපේ ජනාධිපතිතුමාත් පහුගිය කාලයේ ගිහින් තිබුනා .
මග කියන අයෙකුත් ලබාදෙනවා. වීඩියෝ දර්ශනයක් ...බැලීමට ,උමං තුල තරමක් දුර යාමට [ ශරීරය වැඩි බරපතල අයට ටිකක් අමාරුයි.] මය්යෝක්ක කෑමට අවස්ථාව ලැබෙනවා. වනය තුල හරිම සිසිල් සුවදායක බවක් තිබෙන බව අකියන්නම ඕන . අපේ වියලි කලාපයේ ...[නැත්නම් මට මතක් වුනේම කුරුණෑගල පාරේ තියෙන බඩගමුව රක්ෂිතය] කැලයක ලක්ෂණ තමයි තිබුනේ .
තැන තැන වල පොකුරු බෝම්බ පොකුරු පොකුරු ගොඩ ගහල .
අණ දෙන නිලධාරී කාමරය
උමං වල සැලසුම
ඩොන් 20,000 ක් දීල වෙඩි තියන්නත් පුළුවන්
මෙන්න මෙහෙමයි රිංගන්නේ
මේක කාගේ එකක්ද කියල පේනවනේ
කුචි උමං අසල ඉදිවුන යුධ විරු සමරු පන්සල . සහ ස්මාරකය
වැඩි විස්තර ඇති මේ සයිට් එක සොයා දුන්නෙත් එයා
Bunny with Tu when she was 1 1/2 yrs old in CuChi
ගොඩාක් රසවත්ව ලියලා තියෙන සටහන උනන්දුවෙන් කියෙව්වේ. සෑහෙන කාලෙකට කලින් සුදු බුලියන් මැරෙන අයුරු රසකරමින් බැලූ ටුවර් ඔෆ් ඩියුටි චිත්‍රපට පෙළ මතක් කර කර විස්තර කියෙව්වේ.
ReplyDeleteබොහෝම ස්තුතියි, නොදන්න දේ බොහෝමයක් ඉගෙන ගත්තා. කොමන්ට් කිරීමේ ප්‍රශ්ණය තිබුණත් නොලියා යන්න බැහැ.
-- ගල්මල්-Coral
හෙහ් හෙහ්.. ඕන්න ඉතිං ඩීන් අයියා Tour of Duty මතක් කොලා නෙවැ.. දැන් ඉතිං YouTube එකෙන්වත් කෑලි ටිකක් බලාගන්ට ඕන.. ඒ කාලෙ පට්ට ගහපු series එකක් නෙවැ.. :)
ReplyDeleteමම ඇහුවමයි උමගක් ඇතුලේ ඔච්චර දේවල් කරන්න පුලුවන් කියලා. මම හිතන්නෙ ලංකාවෙත් උමං තිබුනා ඔය තරම්ම දියුණු නැති වුනත්. මාර වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි ඔය වගේ දැනුවත් කිරීම් කරනවට ....
ReplyDeleteවියට්නාම් උමං ගැන කලින් ඉංග්‍රීසියෙන් කියවල තිබ්බත් මේවගේ සරල සිංහල විස්තරයක් කියවද්දි මාර ගති...තැන්ක් යූ..
ReplyDelete@ ගල්මල් ..
ReplyDeleteස්තුතියි ඩින්..මම නම් බලලා නැහැ ඔය සිරිස් එක . හැබැයි තාමත් සමහර ඇමරිකන් ෆිල්ම් වල වියට්නාම යුද්ධය ගැන සඳහන් වෙනවා . මම බලපු හොඳ ෆිල්ම් තමයි
Platoon, Born on 4 th of July, Rescue Dawn
@ කල්හාර ...
වන්නි පැත්තේ අහු වුනා නේද ''වියට්නාම බේස් '' කියලා උමන් වගයක් . කුචි උමන් හදලා නිම වුනේ 1968 විතර . අද වගේ A /C හෙම තිබුනේ නැහැ. අපේ පුල්ලි මහත්තුරු ඕව බලල එන්න ඇති . අනික ඔය බිම් බෝම්බ වගේ දේවල් හැදුවෙත් ඒවා ආදර්ශෙට අරන් . කම්බෝජියව පැත්තෙන් පරණ ආයුධ හෙමත් ගන්න අවස්ථාව ලැබුනලු. හැබැයි කම්බෝජියන් , වියට්නාම රජයන් දෙකම එයාලට උදවු කලේ නැහැ . දැනටත් ශ්‍රී ලාංකිකයින්ට කාම්බෝජියා යන්න අමාරුයි . ඒ දවස් වල අපේ රජයෙන් කල ඉල්ලීමක් නිසා ආවට ගියාට ලංකාවේ අය්යලට විසා ගන්න බැහැ.
@බුරා ..
අන්න අසංක කවි පිටුවක් ඇරලා .දැක්කද .
http://kavimuthumal.blogspot.com/
ReplyDeleteඔන්න අසංක පටන් ගත් කවි පිටුව . එහෙනම් පටන් ගමුද කවි ලියන්න
@ ස්තුතියි චේජනා ..
ReplyDeleteනිදිමරගාතේ ලියල දැන් බලද්දී අකුරු වල නම් අඩුපාඩු . අනික අපේ බනියගේ වයසත් එතකොට 11/2 යි. එකත් වැරදිලා මට . ඒත් අනික් ඒවා නම් බොරු නෙමෙයි ඔන්න
Tour of Duty series එක MTV එකේ ගියා 92-93 කාලෙ.. අපට ලොකු පිස්සුවක් තිබුනා ඒ දවස්වල ඒක බලන්න.. :)
ReplyDeleteමටනං හොදම නාම් ෆිල්ම් එක Platoon තමයි.. අර Johnny Depp අයියත් ඒකෙ පොඩි පාර්ට් එකක් කලානේ..
Tour of Duty පහත ලින්ක් දෙකෙන්ම බලන්න පුලුවන්ලු:
ReplyDeletehttp://www.ovguide.com/tv/tour_of_duty.htm
http://www.ranker.com/list/full-list-of-tour-of-duty-episodes/reference
-- ගල්මල්-Coral
විසිවන ශතවර්ශයේ සිදුවීම් අතරින් මම වැඩියෙන්ම කරුණු කාරණා සොයන මාතෘකාවකට අදාල දෙයක් තමයි අද ඔබේ ලිපියෙන් කියවෙන්නේ. මම මුලින්ම මේ ගැන දැනගත්තේ ලංකාවේ පලවූ සඟරාවකින්. ඇත්තෙන්ම වියට්නාමයේ සිට පියවි ඇසින් දුටු අපේ රටේ කෙනෙක් මෙවැනි ලිපියක් ලියන්නේ ප්‍රථම වරට විය යුතුයි. ඒ ගැන මගේ සුභ පැතුම්. මම පසුව මේ උමං ගැන තිබූ ලිපියක මෙන්ම ඇමරිකාව විසින් වියට්නාමය ගැන තැනූ යුද චිත්‍රපටියකත් දුටු දෙයක් තමයි. ඇමරිකානු හමුදාව මෙම උමංවලට පිවිසීමේදී එම හමුදාකණ්ඩවල අවාසනාවන්තම පුද්ගලයා තමයි එම කණ්ඩායමේ සිටින සිරුරින් කුඩාම පුද්ගලයා.මොකද ඔහුට තමයි මුලින්ම උමංවිවරය තුලින් ඇතුලට යන්න වෙලා තියෙන්නේ. ඒ වගේම මට කියවන්නට දුටු දෙයක් තමයි. මෙම උමං අතරින් දිගම උමග 30 Km පමණ දිගින් යුතුබව. එය සත්‍යයක්ද? කෙසේවෙතත් මෙම යුද උපක්‍රමයත් ඇමරිකාවට අධික හිසරදයක් ගෙනදුන්නා වගේම මෙය තුල සැඟවී සිටි වියට්කොන්වරුත් සෑහෙන් දුකක් විවිද හේතු නිසා වින්ද බව කියනවා නේද? විශේෂයෙන් වැසි කාලවලදී උමංතුලට ජලය යාම නිසා එයින් ඇතිවන අපහසුව, ඒ වගේම මෙය තුල උශ්නත්වය වැඩි අවස්ථාවලදී දැනෙන අපහසුව සහ තව නොයෙක් කාරණා. ඒ වුනත් වියට්කොන්වරුන්ගේ කැපවීම පිළිබදව හොදම උදාහරණයක් තමයි මෙය. හොදම ලිපියක් තමයි මෙය. ඉදිරියේදිත් වියට්නාමය ගැන ලිපි ලියන්න. අපි නොදන්නා හුඟක් කරුණු ඔබට කියා දෙන්න හැකිවේවි...
ReplyDeleteබොහොම ස්තුතියි බින්දි. සෑහෙන මහන්සියක් අරගෙන, ඉතිහාසෙත් එක්කම ලොකු විස්තරයක් කරලා.
ReplyDeleteදැන් ඉතින් ෆිල්ම්ස් ගොඩකුත් බලන්න එපායැ ඉතුරු හරිය තේරුම් ගන්න.
මේ බ්ලොග් එක කියවලා දැන් වියට්නාමේ මගේ සිහින රටවල් ලැයිස්තුවටත් එකතුවෙලා ඉවරයි . මම කලින් හිතාගෙන හිටියේ වියට්නාම් කියන්නේ හරිම දුෂ්කර රටක් කියලා . ඒත් මේතරම් සුන්දර රටක් කියලා මම දැනගත්තේ මේ නෙලුම් විලෙන්ම තමයි ..
ReplyDeleteමේවා ගැන කවදාකවත් දැනං හිටියේ නෑ මම හිතාගෙන හිටියේ ඇමෙරිකාව හොඳයි වියට්නාම් නරකයි කියලා . ඇමරිකාවෙන් හදාපු බොහොමයක් චිත්‍රපටි වල එහෙම තිබුන නිසා වෙන්න ඇති . දැන්නම් ඇත්ත දන්නවා .
ස්තූතියි මේ වැදගත් ලිපියට
thanks
ReplyDeleteනියම පොස්ට් එකක් අක්කා.හොදට කියෙව්වා.දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්ත
ReplyDeleteඔච්චර උදව කරපු චීනෙත් තරහ කරං නේද දැන් ඉස්සර ගහපු ඇමරිකාවත් එක්කම එකතුවෙලා?
ReplyDelete@ බුරා සහ ගල් මල්
ReplyDeleteඔන්න ඉතින් දැන් ෆිල්ම් බලන්නත් වෙනවනේ . ඔහොම කියද්දී නොබලා කොහොමද . ඉරිදා ටයිටැනික් සහ අවතාර් දෙකම බැලුවා. ඉස්කෝලේ නිවාඩුවේදී ඔය වගේ වාසි තියෙනවා.
@නලිනි.
අර ඔපරේෂන් කාමරේ කොහොමද . දැක්කම ඇඟ හිරි වැටෙනවා නේද . මේකට ගොඩක් කරුණු කියා දුන්නේ බනිගේ තාත්ත .
@ දිලීප
ස්තුතියි මල්ලි . ඊයේ නිදිමරපු එක අපතේ ගිහින් නැහැ එහෙනම්
@ සඳරු ..
අපි මෙහෙ එද්දී ගොඩක් අයකිව්වා ඇයි ඔහේ යන්නේ කියල . ඒත් අය්යා කීප වතාවක් ඇවිත් දැනන් හිටියා මේ රට ගැන . මමත් හිතාහිටියට වඩා පුදුම වෙනස් . ස්වභාව සුන්දරත්වය ...වගේම හොඳින් දියුණුවට පත් වෙන රටක් . තව ලස්සන දේවල් ගැන ලියන්න තියෙනවා . එතකොට ඔයාට එන්නම හිතෙයි. තායිලන්තෙන් බැහැල ඇගේම පච්ච කොටන් යන්න බැරිය . ඇමරිකන් චිත්‍ර පටත් සමහර ඒවා ඇමරිකාවේ පරාජය පෙන්වනවා . ප්ලැටුන් වුනත් ඒ වගේ . born on 4 th of July ...මම ඉතාම කැමති එකක් . තමන් නොදන්නා අරමුණක් වෙනුවෙන් නිකරුනේ යුද්ධයට ගිය ඇමරිකන් තරුණයන්ගේ ඛේදවාචකය ..හුඟ දෙනෙක් පසු කලෙක මානසික ආබාධ වලට මුණ දුන්නා . සමහරු යුධ විරෝදින් වුනා . සමහරු අදත් වියට්නාමයට ඇවිත් ස්වෙච්චා කටයුතු වලට සහභාගී වෙනවා. කවදත් ඔයවගේ යුද්ධ සාමාන්‍ය මිනිහට ඕන වුනේ නැහැනේ .
@ දිනේෂ් .
ගොඩක් ස්තුතියි දිග අදහසට . ඔයත් මේ ගැන ලියන්න ඕන කිව්වා නේද . මම කලින් ලියු එකට සමාව ඉල්ලනවා. ඒත් එකම දේ වුනත් තව විදියකට ලියන්න ඔබට හැකිවේවි. ඇත්ත අපි අද විනෝදෙට කුචි ගියාට වියට් කොන් වරුන්ට එය මාරාන්තික අත්දැකීමක් . වේයෝ වගේ ගුල් අස්සේ ඉඳන් යුද්ධෙකුත් කරන එක අපිට හිතාගන්නවත් බැහැ. සම්පුර්ණ දිග 121 km ලෙසයි තියෙන්නේ . දිගම උමග 30 km එක ඇත්ත වෙන්න පුළුවන් . සොයා බලන්නම් ඒ ගැන . මහාචාර්ය පල්ලියගුරු වරක් මෙහෙ ඇවිත් සංචාරක සටහන් පොතක් ලියු බව ආරංචියි . මේ ගැන ලිව්වද දන්නේ නැහැ. අලුත් කොල්ල ලියන්නේ ත් වියට්නාම් ඉඳන් . එයාට විවේකය මදි ඇති මේවා ලියන්න . ඉතින් මම හිතනවා මන් තමයි බ්ලොග් එකක සිංහලෙන් මේවා ලියන පළවෙනියා .
@ ඇනෝ
ගොඩක් ස්තුතියි ආවට වගේම ආබව සටහන් කළාට. එය මට ලොකු සතුටක්
@ ඉන්දික
කලකදී වස කලකදී රස ..චීනෙයි වියට්නාමෙයි හරියට අපියි ඉන්දියාවයි වගේ තමයිඉතින් .ස්තුතියි ආවට හොඳේ.
ගොඩක් ස්තූතියි බින්දි.
ReplyDeleteහරිම වටින තොරතුරු ටිකක් අදත් ඉගෙන ගත්තා. සඳරු කියනව වගේ වියට්නාම් එන්නම හිතෙනවා.
අපි දෙන්නයි පුතයි සතියක් විතර ඉන්න ආවොත් සාමාන්‍යයෙන් වියදම ඩොලර් කීයක් විතර යයිද??
මේ ලියන තොරතුරු අනුව කීයක් ගියත් එනන්ම හිතෙනවා අප්පා . ..
සාමාන්‍ය හෝටලේක ඉඳලා, පොදු ප්‍රවාහන වල එහෙම මෙහේ ගිහින් ඔයා ලියපු තැන් බලන්නයි ඕන)
නෙළුම් විලට මේල් එකක් ඇති, තැපැල් මහත්තයා ඇවිල්ලද බලන්න.
ReplyDeleteඇත්තම ඇත්ත කතාව.. යුද්ධ කියන දේ කවදාවත් සාමාන්‍ය මිනිහට ඕන වුන දෙයක් නෙවේ, හැබැයි යුද්ධයකින් වැඩිපුරම තැලෙන්නෙ නං ඒ අය.. වියට්නාමයෙ වුනෙත් ලෝක බල කදවුරු දෙක (බටහිර-කොමියුනිස්ට්) හැප්පෙද්දි පොඩි මිනිහා මැරුන එකනෙ.. වෙනසකට තිබුනෙ අමෙරිකන් ආර්මි එක කෙලින්ම සටනට බහිද්දි රුසියාව අවිආයුධ, මූල්‍යමය හා අනිකුත් ක්‍රමවලින් ආධාර කරපු එකයි.. සීතල යුද්ධය පැවැති කාලයේ වුන ඕනෑම යුද්ධයක (කොරියන්, වියට්නාම්, ඉන්දු-පාකිස්ථාන්. ඇෆ්ගන්, ඉරාන්-ඉරාක්) පැහැදිලිවම පෙනෙන දේ තමා අමෙරිකාව හා රුසියාව තමන්ගෙ බලය තහවුරු කරගන්න ඒ යුද්ධ අතකොලු කරගත්ත එක..
ReplyDelete@ දුකා
ReplyDeleteඔන්න මෙහෙ සංචාරක අමාත්‍යාංශයෙන් මට තෑග්ගක් දෙන්න වටිනවා. ඇත්තටම බලන්න දේවල් ගොඩක් තියෙනවා. කියක් යයිද කියලා මම ටිකක් හොයලා බලල කියන්නම් . මට වඩා ඔය ගැන දන්නා උදවිය ඉන්නවා. විහිලුවට නෙමේ . පැකේජ් එකක් බුක් කරලා එන එක තමයි ආරක්ෂාකාරී. මම බලන්නම් කරන්න හැකි උදව් ගැන
@ බුරා .
ඔන්න හොඳ මාතෘකාවක් . නැගලා යයි නේද .
මම නම් හිතන්නේ ඔබ තමයි මේ ගැන ලියන්න සුදුසුම කෙනා. මම ලියන්නේ කියවලා. නමුත් ඔබ ඒ ගැන ලියන්නේ පියවි ඇසින්ම එම ස්ථාන නරඹලා, ඒ ගැන දන්න කියන අයත් එක්ක කතා කරල වගේම දශක තුන හතරකට ඉස්සෙල්ලා සැබෑවටම එම සිදුවීම් වුන ස්ථාන ගැන අවබෝධයක් අරගෙන. ඉතින් ඒ ගැන කිසිම ගැටළුවක් නැහැ. මම මේ ගැන ලියුවා නම් එකම දේ වචන විතරක් ටිකක් වෙනස් වේවි. මම නැවතත් කියන්න් හොදම ලිපියක් තමයි මෙය. ඒවගේම අපේ රටේ සිටින බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. මම ඔබට යෝජනාවක් කරනවා මෙන්න මේ දේවල් ගැනත් ලියන්න. වියට්නාම කාන්තාවන් සිය ස්ත්‍රීභාවය ඇමරිකානුවන්ට එරෙහිව යොදාගෙන සතුරා අකර්මන්‍යකිරීමට යොදාගත්ත අවස්ථා මම අහලා තියෙනවා. එසේම මෙම යුද්දයේ සැගවුන සිදුවීම් තව රැසක් ඇති. අන්න ඒවා ගැනත් ලියන්න (මට මේවා ඇහුනේ පාසල් යන කාලේ දුම්රියට ගොඩවුන අපේ රටේ තෙවන දේශපාලන බලවේගයේ සහෝදරයන් මගේ මිතුරෙකුට වියට්නාම යුද්දය ගැන කියූ කතාවක. දැන්මට මුළු කතාවම මතකයේ නැහැ)...
ReplyDeleteම්ම්ම්...වියට්නාම් ගැන අහලා තිබුනට මේක මේ වගෙ රටක් කියලා නම් හිතුවෙ නැහැ. ඔන්න බින්දි මට කියවන්න අලුත් මාතෘකාවක් හොයලා දුන්නා....
ReplyDeleteඅර දුකාගෙ ප්‍රශ්නෙට උත්තරේ අපිටත් දැනගන්න පුලුවන් විදියට දාන්න...
@ @ ගල්මල්
ReplyDeleteගොඩක් ස්තුතියි ගල් මල් .
@ ලකී
මම හොඳට හොයලා ඔය ගැන විස්තර දෙන්නම් . දැන්නම් මට අර අභීත ගේ ජොබ් එක කරන්න පුළුවන් වගේ
@ දිනේෂ් ..
ගොඩක් ස්තුතියි සමබරව සිතීම ගැන . ටිකක් කියවා සහ war museum එකටත් ගිහින් තව ලිපියක් ලියන්නම්
වියට්නාමෙට වීසා ගන්න අමාරුයි කියනවා නේද? විස්තර හොයලා කියන්න.
ReplyDeleteහිරි වැටෙන ඔපරේෂන් කාමරේ නේද? සිහි නැති නොකර හිරි වට්ටලා තමයි ඔපරේෂන් කරන්ඩ ඇත්තෙ...
අරා බුරා ඇදපු මාතෘකාව ගැන මොකද?
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. නොදන්නා අපේ දැන ගැනීමට වියට්නාම් සීරීස් එකක් පටන් ගත්තොත් නරකද ?
ReplyDeleteඅන්න කවි මුතු මල් නැගලා යනවා...
අදයි මේ බ්ලොගය දැක්කෙ. ඔක්කොම පොස්ට් ටික කියවගන ගියා එක හුස්මට.කමෙන්ට් කරන්නනම් ගොඩක් ඩෙවල් තිබුන. හරිම ලස්සනට ලියල තියනව. අම්මෝ ලස්සන වසීලිස්ස ගැන තිබුනු ලිපියට තිබුනු කමෙන්ට් ගොඩ!!ඒවත් තව පෝස්ට් වගේ.
ReplyDeleteඔන්න මාත් පස්සෙන් එන්න ගත්ත.:)
I noticed another thing, we have same kind of names 4 our bolgs. nelum wila -rosa kale.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ නලිනි
ReplyDeleteඔන්න දැන් වියට්නාම් එම්බසියක් තියෙනවා ලංකාවේ. අමාරු නැහැ. ලිපිනය සොයා දෙන්නම් .
@ චතුරංග
හා හා ලියමු එහෙනම් කවි. ස්තුතියි . මගේ පොස්ට් කියවන්න පරක්කු වෙලා එන තරමට වාසියි. මේ කමෙන්ට් වල තියෙනවා තව බ්ලොග් එකක් ලියන්න දේවල්.
@ රෝස කුමාරි
නමයි බ්ලොග් එකයි දෙකම ලස්සනයි . මේකට එන හුඟක් දෙනෙක් අතීතයේ සැරිසරන්න හපන්නු . රෝස කැලේ කටු ඇනී ඇනි හරි ඕකට එනවා ෂුවර් .
http://rosakalea.blogspot.com/
ReplyDeleteඔන්න රෝස කැලේට යන පාර .
@ චතුරංග
දැනටමත් මේක වියට්නාම සිරිස් එකක් වෙලා . . මෙහෙ නුතන දියුණුව ගැන ලිපියක් දාලා තව ඉසවු කරා යන්න ඕන .
@බින්දි,
ReplyDeleteඅපොයි ඔවු.. ඔයාට තව පෝස්ට් 10ක් ලියන්න කතා තියෙනවා Nam War එකේ.. ඩියන් බියන් පූ සහ ජෙනරල් වෝ ගියප් ගැන ලියන්න එහෙම අදහසක් නැද්ද.. :) හෝ අංකල් ගැන නං ලිවුවනෙ..
මේ උමං කතාවලින් මට මතක් වුනේ, ආක්‍රමනික සෝවියට් හමුදාවලට එරෙහිව සටන් කරන්න ඇෆ්ගන් මුජහදීන් සටන් කරුවොත් මේ වගේ උමං පද්ධතියක් යොදාගෙන තියෙනව කියලා මම බොහොම කාලෙකට කලින් කියෙවුව Readers Digest සගරාවක..
හරිම අපුරුයි.. මට පාර කියා දුන්නට ඉස්තුතියි.. ඒ මොකද දැන් මම වියට්නාමේ ව්‍යාපෘතියකට නිතර යන එන කෙනෙක් නිසා. ඉස්සරහට වෙලාව ලැබුනම යන්නොන බලන්න. වියට්නාම් ඉතිහාසය නිදහස උදෙසා සටන් කරන්නන්ට අත් පොතක් වගෙයි..
ReplyDelete@ බුරා ..
ReplyDeleteඔයත් නොදන්නා දෙයක් නෑනෙ.Dien Bien Phu ගැන ලියන්නම ඕන. වැඩි දුරකුත් නැහැ.යන්නත්
ඕන බලන්න . මම බලපු ෆිල්ම් දෙකක් තියනවා ඔයා ආස වෙයි. ප්‍රංශ කොලනියක් කාලේ කතාවක් .පුද්ගලයින් කීප දෙනෙක් වටා ගෙතුනත් ඒ කාලේ සමාජයීය පසුබිම ගැන නිදහස් සටන ගැනත් මැදහත් සිතින් හදපු එකක් ... Indo china
අනික ඇමරිකාව හිමින් කාටත් හොරා මේකට මැදිහත් වුන හැටි කියන ග්‍රැහැම් ග්‍රීන් ගේ කතාවක් ...Quiet American
CD තමයි බැලුවේ . ටිකක් හාරලා බලන්න ලින්ක් හමු වෙයි.
@ සරත්.
ස්තුතියි ආවට . මෙහෙ ආවම ලේසියෙන් ගැලවෙන්න බැහැ. ෆිල්ම් කීපෙකුත් බලල තමයි නතර වෙන්නේ .
@ සරත්
ReplyDeleteසතුටුයි අඳුරගන්න ලැබුනට . ස්තුතියි දාපු අදහස් ඔක්කොටම . නිතර හමු වෙමු.
වියට්නාමේ ගැන දැන් නොවැ දැන ගත්තේ
ReplyDeleteඑන්නට හිතෙනවා දැන්නම් ඔය පැත්තේ
මේ දිනවල ඔබ ඉන්නා රට පැත්තේ
යුධ අභ්‍යාසයක් ඇති බව මා දැන ගත්තේ
පුවත් අසාලයි ඒ බව දත යුත්තේ
තව තව ලියනු අප රදවා ගමු චිත්තේ..
කවි මුතු මල් වල මංගල කවිය අද
තව ටිකකින් දමමි කියවා බලනු සොද
මමත් cu Chi Tunnels ගැන කියවල තිබ්බ. ඒත් මෙතරම් හොද විස්තරයක් මවු බාශාවෙන් කියෙව්වේ අද තමයි. බොහොම ඉස්තුතියි.
ReplyDeleteමම මේ උමං ගැන අහල තිබුණෙ නැහැ . බොහොම ඉස්තුතිය් තොරතුරු ලිව්වට .
ReplyDeleteමටත් ආසයි වියට්නාම් එන්න . එන අවුරුද්දේ ට්‍රයි එකක් දෙන්න ඕනේ ඔය පැත්තෙන් රස්සාවක් සොයාගන්න එහෙම නැත්නම් සල්ලි ටිකක් ඉතුරු කරගෙන සවාරියක් එන්න . හැබෑටම සතියක් ඔහේ රවුම් ගහන්න ලෝ කොස්ට් බජට් එකෙන් ( ඒ කියන්නෙ සිම්පල් ගෙස්ට් හවුස් එකක ඉන්දලා ඒ තරම් පොෂ් නැති රෙස්ටුරන්ට් එකකින් කාලා පාරෙ බස් වල යන්න ) කීයක් විතර යාවිද බින්දි ? පොඩ්ඩක් සොයල කියන්න ප්ලීස් ?
තව කවුද මා එක්ක යන්න කැමති . බුරා ? නලිනි ? බුරා එනවනම් නීතගෙන් අවසර අරන් එන්න ප්ලීස්. හා හා හී හී
@බින්දි,
ReplyDeletefilms දෙකම හම්බවුනා.. Indochine එක download වෙනවා ටිකක් හොරයි.. Quiet American එකේ වර්ෂන්ස් 2ක් තියෙනවා 1958 හා 2002.. මම 2002 එක දැම්ම download වෙන්න, සීඩ්ස් වැඩිපුර ඇතිනෙ.. :)
@TG,
ReplyDeleteදැන් ලෙඩ සනීපයි වගේ.. අර ලෝ කොස්ට් කිවුවෙ 'Low cost' ද නැත්තං 'Law cost' ද..?? :)
@අසංක
ReplyDeleteස්තුතියි අසංක . ලස්සනට බ්ලොග් එක හදලා තිබුන . හරි එන්නම්කෝ .
@ සෝඩා ගුනේ
ස්තුතියි ..[සෝඩා කියන්නද ගුනේ කියන්නද ] අලුත් දෙයක් දැනගත්ත නම් ඒ ගැන මට සතුටුයි
@ TG ..මන් බැලුව නොකියම නිවාඩු ගියාද කියල . ඔහේ නම් මොකෝ . තනි කෙල්ල හින්දා අපේ දිහා හරි තියා ගන්න බැරිය . මෙහෙ කෑම බිම නම් ඕන තරම් . ප්‍රවාහනය නම් ගොඩක් ටැක්සි තමයි පහසු . සංචාරක ආයතන වලින් ගමන් බුක් කර ගන්න පුළුවන් . මම වෙනම පෝස්ට් එකක් විදියට තව විස්තර ලියන්න ඉන්නේ . දුකා ,ලකී වගේ පොඩි අය එක්ක එන යට තව ටිකක් විස්තර හොයල දෙන්න ඕන.
http://kavimuthumal.blogspot.com/
ReplyDeleteහිතලා ලස්සන කතා
වැඩදා කවියෙන් ගොතා
ගිහින් බලමු අසංකගේ
කවි මුතු වල රස ඉතා
ස්තූතියි බින්දි, අපූරු ලිපියක්,
ReplyDeleteලෝකෙ හැමතැනම වෙනදේ නෙව ඔය, බලලෝභී රාජ්‍ය පාලකයන්ගෙ හිතලු සහ න්‍යාය පත්‍ර වලට අනුව කෙරෙන යුද්ධ වලදි වන්දි ගෙවන්නෙ ඒවට කිසිසේත් සම්බන්ධ නොවන අහිංසක ජනයා. දෙපැත්තෙම එහෙමයි. වියට්නාමෙදි මියගිය දහස් ගණනක් ඇමෙරිකන් සොල්දාදුවො උනත් අණ පිළිපැද්ද විතරයි.වියට්නාම් ජාතිකයන් එක්ක ඔවුන්ට කොහොමවත් ප්‍රශ්ණයක් තිබ්බෙ නැහැනෙ.
ඩියෙන් බියෙන් පූ ගැනත් අනිවාර්යයෙන් ලියන්න බින්දි,
"The soldier is not a man of violence.
He carries arms and risks his life for
mistakes not of his making.
He has the merit of being unflinchingly true to his word
to the end, while knowing that he will be forgotten."
Antoine de SAINT EXUPERY
ස්තුතියි රවී දිග අදහසට . මට හැමදාම හිතෙන දෙයක් තමයි මේ කමෙන්ට් වල තියෙන ලස්සන දේවල් පොස්ට් එකක් වඩා එලිය කරනවා කියලා .
ReplyDeleteමගෙ තියනව wish bucket එකක්, මැරෙන්න කලින් කරන්න හිතන් ඉන්න... එයින් එකක් තමා ඔය වියට්නාමයෙ උමං බලන්න යන එක... මම ඒක ලිස්ට් එකට දාගත්තෙ ඔය කුඩා මිනිස්සු අර හැමෝටම ටොකු ඇන ඇන යන ලොකු අයියට දාල දුවන්න දුන්නු හින්ද...
ReplyDeleteමේ පෝස්ට් එක දැක්කහම මම මේක bucket එකට දාගත්තු එක කොච්චර හරිද කියල හිතෙනව...
තමන්ගේ රටට හොස්ස ඔබන්ට ආ ඇමරිකන් කාරයාට හොම්බෙන් යන්න ගැහුව වියට්කොන් කාරයින් කාගේත් වීරයින්.
ReplyDeleteමේක මාර නිර්මාණයක් නේද? බුරා කියන ඇෆ්ගන් ටනල්ස් නම මං හිතන විදිහට නැචුරල් ඒවා.
වියට්නාමේ තියෙන බව කියන ලෝකේ ගැඹුරුම නැචුරල් කේව් එකට බින්දී ගියාද? මේ මං අහල තියෙන කතා [පින්තුරත් දැක්ක]
- කන්දක තියෙන ලොකු කටකින් පහලට යන්නේ.
- ඇතුලේ ලොකු වනාන්තරයකුත් තියෙනවා.
- ගුහාව තුල වලාකුළු හැදෙන තරම් උසයි
- මිනිස්සු ස්කයි ඩයිව් කරනවා ඇතුලට
- ඇතුලෙන් ගලන ගඟේ මට්ටම වැස්ස කාලෙට මීටර සිය ගණනින් ඉහල යනවා
- සමහර කාල වල කටින් පහලට වැටෙන වතුරින් ලෝකේ උසම දිය ඇල්ලත් හැදෙනවා වෙන්න පුළුවන්.
මං මේ කතාවලින් පිස්සු වැටිලා ඉන්නේ. මේක මාර සිරා තැනක් නිසා. නම son doong
@සුජීව,
ReplyDeleteඒවයින් සමහරක් natural ඒවා, සමහරක් man made.. තවත් ඒවා natural but developed and reinforced by Mujahideen (further strengthened later by Taliban and Al Qaeda) අහල ඇති නේද Tora Bora complex එක ගැන.. 80 ගනන්වල ආක්‍රමනික සෝවියට්කාරයින්ට ගහන්න කියලා CIA එකේ ආධාර ඇතුව මුජහිදීන් කාරයො හැදුවා, අන්තිමට බින් ලේඩන්ව හොයන්න අමෙරිකන් ආර්මි එකටම තමා ඒක පහුරු ගාන්න වුනේ..
son doong cave එකේ photos ටිකක් බැලුව.. පට්ටම පට්ට නේ, ඇඩ්වෙන්චර් ලෝකයක්..
@බින්දි,
ReplyDeleteතව එකක් මතක්වුනා.. VC ගරිල්ලන් කැලේ ඇතුලෙ හැංගිලා ඉන්න එක වලක්වන්න හා එහෙම හැංගිලා ඉන්න තැන් ඉහල අහසේ සිට අදුරගන්න ලේසිවෙන්න කියලා කැලෑ විනාශ කිරීමත් බොහොම ජයටම කෙරුනා නේද.. ඒකට යොදාගත්තෙ ඒජන්ට් ඔරේන්ජ් කියන රසායනිකය.. මේ රසායනිකය උඩ ඉදන් විසිරීම මගින් කැලෑ හා ගම්බද වගාබිම් විනාශවීමට අමතරව ඒකට අහුවුන මිනිස්සුත් දාස් ගනන් මියගියා.. ඒ වගේම ලක්ෂ ගානක් අංගවිකල දරුවන් බිහිවුනා.. මේ වන විනාශය කොච්චරද කියනවනං පස්සෙ කාලෙක වියට්නාමෙට අමුතුවෙන්ම නැවත වන වගා කරන්න සිදුවුනා මහා පරිමානයෙන්.. අපට අද කාලෙ human rights හා war crimes ගැන උපදෙස් දෙන්න එන මානව හිතවාදීන්ගේ අතීතය තමා ඒ..
හුටාස්.. තව එකක් මතක්වුනා.. අර සජීවනීගෙ ඔට්ටුවෙ දවස් 7 ඊයෙන් ඉවරයි.. දැන් එයා අපට කියයිද දන්නෙ නෑ නේද එයා කවුද කින්ද මන්ද කියලා.. :)
ReplyDeleteඇත්තටම බින්දි, අර ටීජී කිව්වා වගේ ලාබෙට ඇවිදින්ඩ විදිහක් නැද්ද? මට ඉතින් සුමාන ගණන් බිස්කට් විතරක් කකා හිටියැහැකි. පයින් ඇවිද්දැහැකි දවසම. :D
ReplyDelete@බූරා
ReplyDeleteLaw ඉතින් Cost ඒක කවුරුත් දන්නවනේ . මම ඔය වැඩ වලින් ඈත්වෙලා දැන් සෑහෙන්න කලක් . මම කිව්වෙ low cost
@බින්දි & නලිනි
ඔව් බින්දි ඉක්මනට විස්තරයක් එවන්න කෝ . අපි වගේ back pack and go අයටයි travelling with family අයටයි ගැලපෙන විස්තර එවන්න
නලිනි එහෙනම් යන්න සෙට් වෙමුද වියට්නාම් ?දැන් තියාම කැටේකට සල්ලි එකතුකරමු හරිද ?
@ සපතේරු උන්නැහේ ,
ReplyDeleteස්තුතියි . ඔව් අර රබර් සෙරෙප්පු වලටත් ඔයා කැමති වෙයි . මෙයාලගේ ප්‍රධාන අපනයන භාණ්ඩ වලින් එකක් පාවහන් .
@ සුජීව ...
හොයල බලන්න ඕන ඔය ගුහාව ගැන . හැබැයි මට නම් ඔය වගේ රිස්ක් ගමන් යන්න බැහැනේ පොඩි වුන් එක්ක . තනියෙන් ගිහින් කකුලක් වත් පෙරලුනොත් ඒත් බනිලව බලාගන්නේ කව්ද . තනිකඩ කාලේ වගේ නෙමේ නේ.
@ බුරා
ඒජන්ට් ඔරේන්ජ් වල ප්‍රතිපල තාමත් තියෙනවා. ගොඩක් ඇමෙරිකන් සංවිධාන ආබාධිත අයට පසු කලෙක උදවු කළා . කරපු පව් වහගන්න .
කෝ මේ සංජිවනි............
@ නලිනි ..
කෑම ගැන නම් ප්‍රශ්නයක් නැහැ . චිකන් සුප් එකක් හරි බිල ඉන්න බැරිය. මෙයාලා කන එක නම් කනවා පොඩියට හිටියට . පලතුරු හෙම ඕන තරම් . හෝටල් වුනත් ඩොලර් 25 සිට 200++++වුනත් තියනවා.
ටිකක් දිග රටක් නිසා දුව දුව වගේ බලන්නත් අඩු ගානේ සති දෙකක් වත් ඕනේ .[ අත්‍යවශ්‍යම ටික විතරක් ...මුහුදු වෙරළවල් හෙම අතහැරලා ] බලන්න . මාසයක් විතර හිටියොත් හොඳට ඇවිදින්න පුළුවන්.
රට තුල ප්ලේන් ගමන් නම් ටිකක් මිලයි. ඒවායේ මිල ගැන හෙමත් හොයල ඊළඟ පොස්ට් එක දාන්නම් .
@නලිනි,
ReplyDeleteඅර බින්දි කිවුව වගේ චිකන් සුප් එකක් හරි බිල ඉන්න බැරිය.. එහෙමත් නැත්තං fry කරපු තණකොලපෙත්තො ටිකක්, පත්තෑයෙක්, ගෝණුස්සෙක් වුනත් ඒ හැටි ගානක් වෙන එකක් නෑ මයෙ හිතේ.. :p
අනේ ඔය ලී බෝනික්කෙක් හරි කාලා ඉන්ඩ බැරියැ අපිට..
ReplyDeleteඔන්න මම සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරල... මට මාසයක් විතර නිවාඩු ගන්ඩ හම්බෙයි ඊලඟ ජනවාරියෙ
ReplyDeleteයුධ අපරාධ ගැන බුරාගේ සටහන කියවලා මතක් වුනේ වියට්නාමය හා සම්බන්ධ නාපාම් බෝම්බ භාවිතය ගැන. ලොව වැඩිපුරම නාපාම් බෝම්බ පාවිච්චි කරලා තියෙන්නේ වියට්නාම යුද්ධයේ දී, තවද දැනට බාවිතයේ ඇති නාපාම් බී එළිදැක ඇත්තේ ද වියට්නාම යුද්ධයෙන් බව කියවා ඇත්තෙමි.
ReplyDeleteබුරා, ලොකු රටවල ඔව්වා හොයාගත්තේ වල්පැල නාෂක හැටියට නේ ඒ නිසා යුධ අපාරාද වෙන්නේ කොහොමද?
ඒ වගේම උතුරු දකුණු වියට්නාම් යුද්ධයේ දී දකුණේ ගුවන් යානා වැරදීමකින් සේගොන් වල නාපාම් තොගයක් හලා ඇති බවත් කොහෝ හරි කියවා ඇත.
වසර කිහිපයකට කලින් ඊශ්‍රායලය පලස්තීනයට ගහපු වෙලාවේ නාපාම්, ක්ලස්ටර් බෝම්බ පාවිච්චි කර හැටි හා ජීවිත විනාස ගැන රූපවාහිනියෙන් දකින්න ලැබුනා. පොඩි ලමයින් ඒවායින් පීඩා විඳිනවා දකිනකොට හිතුනේ වියට්නාමය, කොරියාව, ජපානය වගේ තැන්වල ඒ කාලේ මොනතරම් දරුණුවට තිබිලා ඇද්ද කියන එකයි.
ඉරාන ඉරාක යුද්ධය ගැන විස්තර ලියන්න මේ කාලයේ මැදපෙරදිග කලාපයේ ඇති තත්වය හා බ්ලොග් මොනිටර් කිරීම නිසා වාතාවරණය එතරම් හොඳ නැහැ.
දැන් මේ අලුත් නාගරික පන්තිය ඔය ජරාව කන්නේ නැහැ . බලන්න බැරිය අපේ රටේ දකින්නත් නැති කෑම බීම තියෙන තරම් .
ReplyDelete@ගල් මල් ..
ReplyDeletee mail එකෙන් දීපු උපදෙස් වලටත් ගොඩක් ස්තුතියි. අනේ ඔව් මේවගේ ඉතිහාසෙට එකතු වෙච්ච දේවල් ඇර ඔය වෙනදේවල් නොලියා සාමෙන් සමාදානෙන් මේ බ්ලොග් කටුව කරගෙන යන්න තමයි මගෙත් කල්පනාව .
@ගල්මල්,
ReplyDelete// ලොකු රටවල ඔව්වා හොයාගත්තේ වල්පැලනාශක හැටියට නේ ඒ නිසා යුධ අපාරාද වෙන්නේ කොහොමද //
ඒ කියන්නෙ ලොකු රටවලට මේ පුංචි රටවල් පේන්නෙ නසා දැමිය යුතු වල් පැලෑටි වගේ වෙන්ටැති නේද..?? නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.. :)
නාපාම් පාවිච්චි කරපු එක Nam War එකේ main tactic එකක්නෙ.. ඇම්බුෂ් එකකට හිරවුන ගමන් කරන්නෙ coordinates ටික radio කරලා B9 දෙකක් ගෙන්නලා පලාතම නාපාම් කරලා දාන එකනෙ.. :)
onna ada thamai mata meka kiyawanna ahu une.
ReplyDeletee wenakotath mage sinhala wala aulak. e hinda mehema hari comment keranna unata tharaha wenna epa.
hodama blog ekakne meka.
sinahala harigiya welawaka mama passe thawa comment ekak dannam.danata lipi bara ganak kiyewwa.. e hama ekama harima apoorui.
අපි ලෝකෙ හුඟාක් රටවල් වල හදන සපත්තු විකුණනව... එත් අපි ලඟ තියන සපත්තු වලින් හොඳම සපත්තු වර්ගය (brand) ගේන්නෙ වියට්නාමෙන්....
ReplyDeleteපිරිමි සපත්තු කුට්ටමක් රුපියල් වලින් බැලුවොත් 18,500 විතර වෙනව.... ඒත් හරිම ඉල්ලුමක් තියෙන්නෙ...
@ මාරයා
ReplyDeleteහොඳටම දන්නා කෙනෙක් කලක් තිස්සේ එයි කියල බලන් හිටි කෙනෙක් ගෙදරට ගොඩ වුනාම ඇති වෙන සතුට දන්නවනේ . ගොඩක් ස්තුතියි. කොහොමත් අද මේ බ්ලොග් එක කියවන හුඟක් ඇවිත් තියෙන්නේ ඔබගේ බ්ලොග් එකේ දාපු ඇඩ් එකෙන් පස්සේ තමයි.[රංග ගේ මගේ ලෝකය සහ අභිතවත් මතක් කරන්න ඕන.] හිතට එන අනන් මනං ලියන්න ගත්තට දැන් එහෙම බැහැ.කට්ටිය කියවන කොට කාටත් වැඩක් ඇති දෙයක් ලියන්න ඕන කියන හැඟීම ඇතිවෙනවා. සමහර පෝස්ට් වල පෝස්ට් එකට වඩා කමෙන්ට් රසවත්. මෙය කියවන පිරිස මට දැන් හොඳ යාළුවො වගේ . ඔබත් මට එහෙමයි.
@ සපතේරු උන්නැහේ ..
හරි දැන් ඔන්න නලිනිලට ගමන් වියදම හොයා ගන්න හැකි . සපත්තු ටිකක් බැග් එකේ දාගෙන ගිහින් විකුණුව නම් හරි. හෝ චි මින් ඉදිද්දී මමත් වැඩිපුර තෑගි දෙන්න ගෙනිච්චේ සපත්තු
බුරා සහෝ, ඔය බලවත් රටවල් ත්‍රස්තවාදය මර්ධනය කිරීම උප්රූට් නැතිනම් අනාගත පරපුර සඳහා ආරක්ෂිත සමාජයක් සඳහා කරන මෙහෙයුම, පොඩි රටවල් කරාම ජෙනොසයිඩ් (සිංහලින්ම ලිව්වා අනවශ්‍ය කීවර්ඩ් හැටියට අහු නොවෙන්න). ඒ හින්දම තමා මං වල්පැල නාශක හැටියට සඳහන් කලේ, ඕං තරහ ගන්න එපා (අපිට කූල් එකේ සිංදුවක් අහන්න, විස්තරයක් කියවන්නවත් බැරිවුනා නේද කාලෙකින්).
ReplyDelete@සපතේරු උන්නැහේ:
ReplyDelete2004 වසරේ දී එක්තරා සමුළුවක දී මට මුණගැහුණා ඉහළපෙලේ ෆැෂන් බ්‍රෑන්ඩ් කිහිපයක් හා සම්බන්ධව සිටි පුද්ගලයෙක්. ඔහු ටිකක් ඉන්දියන් ඇලජියක් පෙන්නුම් කර නිසා මා වැඩිපුර මුහුණ දුන්නේ නැහැ, මොකද ඉක්මනට එය ඒෂියන් ඇලජියක් වේ දෝ හිතිලා. මා පැලඳ සිටි ලංකාවේ සපත්තු යුවලින් හඳුනා ගත්තා ද කොහේ ද ටිකකින් ඉතා කුලුපඟ වුනා. විස්තර කතා කරා, අපේ කර්මාන්ත ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුනා.
ඔහු කිව්වා ලංකාවේ සපත්තු ඉතා හොඳ ඒවා බවත් කර්මාන්තය තව දියුණු කරනවා නම් උසස් නිපැයුම් එක්ක හොඳ තරඟයක් දෙන්න පුලුවන් බවත්. මා දැනගත් කාරණය අදාල නිලදරුවන්ට ගිහින් කිව්වා, සමච්චල් හිනාවක් ලැබුනා.
(අර කී සපත්තු ජෝඩුව සෙන්ටිගේඩ් අංශක 48ත් පැනපු දවස් වලත් ඇඳලා අවුරුදු තුනකට පසුව විසිකරන්නත් කැමැත්තක් නැතිව අයින් කරා - මට එදා හැඳුනුමක් ලැබුන පාවහන් යුවල)
මේ කතාවට අදාළ නොවන කතාවක්. නමුත් මෙහි ඉන්න ජනතාව නොවැරදීම කියවන බව පට්ට ෂුවර් නිසා දාන්නේ.
ReplyDeleteබින්දිගේ පෙර සටහන් දෙකක් සහමුලින් වෙන්කළ රුසියානු සාහිත්‍යය හා අපේ රටේ බෙදු [සුන්දර] රුසියන් තෙල් පොත් ගැන අප වගේම කතාකරන තව කට්ටියක් හමු උනා. අපේ කට්ටිය අත ඇරියේ චිත්ත රුප නේ. මේ ගොල්ලන් නම් ඇත්ත රුප එහෙමත් දාලා තිබ්බ.
මෙන්න ගොඩ වැදී නරඹන්න.
http://mathawaada.blogspot.com/2010/04/russian-illustrations.html
http://www.flickr.com/photos/29278394@N00/2586830829/in/set-72157605667625141
@ ඩීන්
ReplyDelete(Bindi , සමා වෙන්න ඔයාගෙ ආලින්දයෙ ඉඳන් වල් පල් කතා කරනවට )
මම දැන් අවුරුදු 9 ක විතර ඉඳන් සපත්තු එක්ක හැප්පෙන කෙනෙක්... මට material එකක් අල්ලල බැලුවම කියන්න පුළුවන් ඒක ස්වභාවික සම්ද , කෘතිමද කියල...සම් නම් සෑහෙන දුරට නිවැරදිව කියන්න පුළුවන් මොන සතාගෙ සම්ද මොන ක්‍රමයටද පදම් කරල තියෙන්නෙ කියල... කෘතිම නම් මොන වර්ගයෙද කියල (PU,PVC,EVA )...design එකක් දැක්ක ගමන් කියන්න පුළුවන් ඒක හිට් වෙයිද නැද්ද කියල ( විශේෂයෙන් middle east market එකට )
ඉතින් මට අනිවා කියන්න පුළුවන් ලංකාවෙ පාවහන් කර්මාන්තයෙන් ලොකු දෙයක් කරන්න පුලුවන්... ඔයා කියපු එක හරියට හරි... ලංකාවෙ හොඳ පාවහන් හරිම කල් පවතිනව... එත් fashion element එක ගොඩාක් poor . ඒ වගේමයි සුව පහසුව ගැනත් තව හිතන්න ඕනෙ.... කට්ටිය ඉදිරිපත් වෙලා... කරන අයව tours කිහිපයක් යවල ලොකේ අලුත්ම trends අඳුනගෙන ඒවට හරියන්න නිෂ්පාදන කරනවනම් අනිවා හොඳ තැනකට ගේන්න පුළුවන් .... සිරියාව , තුර්කිය වගේ ලංකාවෙ තරම් හොඳ craftsmanship එකක් තියෙන මිනිස්සු නැති රටවල් පාවහන් කර්මාන්තය ඉදිරියට ගෙනැල්ල තියෙන හැටි දැක්කහම පුදුම හිතෙනව...
දේශපාලනයක් කතා කරනව නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්තිත් මෙතෙන්දි බලපානව...
අද තියෙන සාම්ප්‍රදායික තත්වෙන්නම් world market එකේ compete කරන්න බෑ ලංකාවෙ පාවහන් වලට....
සමා වෙන්න ඇඩ් දැම්මට. ඒත් මේක දැනුම් දෙන්න වෙන විදිහක් නැහැනේ.
ReplyDeleteපිස්සු කතාවක් නොවේ
ඔබේ අත්දැකීමත් මතයත් ලියන්නකෝ එතන.
@ගල්මල්,
ReplyDeleteඩීන් අයියා, මාත් ඒක විහිළුවට නෙවැ කිවුවෙ.. ඒකනෙ අර smiley face එකකුත් දාලා තිබ්බෙ, මක්කටැයි තරහ වෙන්නෙ.. :)
අර සිංදුවක්වත් අහන්ට බැරිවුනා කියැවුවෙ තිස්ස මහත්තැන්ගෙ අඩවියෙ වෙන්ටැති නේද..?? හැබෑට උන්නැහෙ මේ දවස්වල හරිම නිහඩයි නෙවැ.. මං උන්න පට්ට බිසී වෙන්ටැති කියාලා..
අඩවියේ ඇත්තෝ අපිට සමා කරත්වා.
ReplyDelete@සපතේරු උන්නැහේ:
බොහෝම ස්තුතියි විස්තර වලට, සම්පූර්ණයෙන්ම එකඟයි.
@Buratheno:
බුරා මලයෝ ඒක මිසක්. හද ගී පොත ඇත්තෝ හරිම බිසී වගේ.
යලට මහට ඉන්ටර්නෙට් ලැබෙන මම, ඕං අද තමා මේක දැක්කෙ.නියමයි නියමයි.
ReplyDelete@ සපතේරු සහ ගල් මල් ..
ReplyDeleteඅය්යෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන විෂයක් කතා කරන්න මාත් හරි ආසයි විවිධ දේවල් කතා වෙනවට. ලංකාවේ සපත්තු ඉස්සර හරි හය්යයි. මගේ DI සපත්තු දෙක දාපු අවුරුදු ගාන මට මතකත් නැති තරම් දිගයි. දැන් නම් කියන්න දුකයි ..ලංකාවේ කඩවලත් ආනයනික පාවහන් තමයි. ඕව වැඩිය කතා කලොත් එතනට දේශපාලනය ඇදිල එනවා. අපේ කර්මාන්තත් රැකගෙන ඉස්සරහට ගියා නම් හොඳයි. ඕව මොකටද ඉතින් නේද.අද උදේ ''පොටරි විලේජ් '' ගිහින් ආවේ දැනුයි. ඉතින් ඔය කොහේ ගියත් අපේ රටත් එක්ක සසඳලා හිත අමාරු ඇතිකරගන්න නරක පුරුද්දෙන් කවද මිදෙන්නද මන්දා. එහෙම වෙන්නේ රටට ඇති ආදරේ නිසයි. එක නැති කරගන්න බැරි වෙයි මැරෙනකම්ම .
@ බුරා ..
මමත් නිතරම හිතනවා ''හද ගී පොත '' මොකෝ වහල කියල .
@ සුජීව ..
ෂා හොඳ ඔත්තුවක් ..
මෙන්න පොදු නිවේදනයක් . මෙතන ලින්ක් එකක් දාලා ..වෙන දෙයක් කතා කරලා සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ. නෙලුම් විල හරි විශාලයි. කිසිම තහනමක් නැහැ. මමත් කැමතියි හැකි හැමතැනකම හොට දාල එන්න
@ හුනා ..
බිත්ති වල බඩ ගාද්දී වයර්ලස් පාරක් වත් අහුවෙනේ නැත්ද . ආවට බොහොම ස්තුතියි හොඳේ.
Thankxxxxx
ReplyDeletemewa gen apata kiya dunnata
@ අයේෂා ..
ReplyDeleteතැන්ක්ස් මෙයා ඇවිත් මේවා කියවනවට . කියවන ය නැත්නම් ලියන්න කම්මැලිය්නේ
බින්දි, පවර්පොයින්ට් ඉගෙන ගන්න කැමැති නම් ගල්මල් අඩවියේ පවර්පොයින්ට් කියන ලේබලය යටතේ ඇති පොස්ට් කිහිපය උපකාරී වේවි. මං පවර්පොයින්ට් පාවිච්චි කරලා තමයි ග්‍රැෆික් හදන්නේ. ඒ ගැන විස්තරයක් ද පොස්ට් එකක ඇත.
ReplyDelete[කවි මුතු මල්] පගා සීරිස්: ලයිසොම ගත්ත හැටි
ReplyDeleteකට්ටියම සෙට් වෙන්න හොඳේ.
වියට්නාම යුද්දෙන් තුන්වෙනි ලෝකයේ රටකින් නොසෑහෙන්න බැට කෑව ඇමරිකාව ඒ පරාජයේ මානසිකත්වය වහගන්න ඇමරිකානු භටයන්ගේ වීර ක්‍රියා අන්තර්ගත චිත්‍රපටි හැදුවා ඒ කාලවල.මතකද රැම්බෝ වගේ ඒවා.ඒ මොඩලයේ චිත්‍රපය අනූගනන්වල මුල වෙනකලුත් සෑදුන එකෙන් තේරුම් ගන්න පුලුවන් වියට් කොං සෙබලුන්ගේ ප්‍රහාරයන් ඔවුන්ව කොතරම් කම්පනයට ලක්කලාද කියන එක.අනික ඇමරිකාව වියට්නාම යුද්ධයේදී අහිංසක සිවිල් වැසියන් නොසෑහෙන්න ඝාතනය කලා.වියට්නාමයේ වන වැස්ම විනාශ කලා වියට්කොං වරුන් වනයේ සැඟවී ප්‍රහාර එල්ල කල නිසා. මම හිතන අන්දමට ජෙලි තත්වයේ පවතින ගිනි ගෙන දැවෙන ඉන්ධනවලින් යුත් නාපාම් බෝම්බ පවා ඔවුන් සිවිල් ජනාවාස වලට හෙලුවා වියට්නාම යුද්ධයේදී...
ReplyDelete@තීර්ථ යාත්‍රිකයා
ReplyDeleteස්තුතියි චාරිකාවේ යනගමන් මේ පැත්තේ ආවට .
Platoon saha Rescue Dawn බලලා තියෙනවා නංගියේ. ඒ දෙකටම මම හරිම ආසයි. Town Like Alice කියල ෆිල්ම් එකෙත් මේ උමං සම්බන්ධ විස්තරයක් තියෙනවා වගේ මතකයි. මට හරියටම මතකයට එන්නේ නෑ අවුරුදු විස්සකටත් එහා බලපු නිසා. නමුත් මේ සෙබල ජීවිත , මැලේරියා වසංගතය මේ දේවල් ඒකටත් පොදුයි. ලොකු දැනුමක් දෙන විස්තරයක්. ස්තූතියි! විස්තර බෙදා ගත්තාට. චූටි බනියා ඇතුලු පවුලේ සැමට සුබ පැතුම්! සිත නිවන පියුම්විලේ චාන්දි අක්කාගෙන්.
ReplyDeleteමේ ගැන කලිනුත් දැනගෙන හිටියට මේ තරම් විස්තරයක් දැනගත්තේ අද තමයි. බොහොම වටින ලිපියක්.
ReplyDelete