Friday, 8 July 2011

කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද


ගොඩ මඩ දෙකම එකවාගේ පලබරද
ගම මැද ගැලුව ගඟ තාමත් ගලනවද
කඩමණ්ඩිය වසා ලොකු කඩ හැදෙනවද
කටුරොද ගැන කවුරු අද කවි ලියනවද

මල් පෙති පාට තව හඳුනා නැද්ද
කොල්ලන් තාම අඳ ළමයා මඩිනවද
අම්මා අඬන බව තාමත් දැනෙනවද
මැණිකෙගේ නෙතින් තව කඳුලැලි වැටෙනවද

තම සැප නොවේ මැණිකෙගේ සැපතම පතන
අදිරිගේ පෙමට උපමාවක් දෙනු නොහෙන
ඔහු නින්දට ගියා පස් යට සුව යහන
මැණිකේ ,ටිකිරි,සහ පුතු දල්වයි පහන

දැනුමෙන් වැඩියි දියුණුව ඇත හිනිපෙත්තේ
එනමුදු ගමේ ලස්සන එය ගිලගත්තේ
ටිකිරි,මැණිකේ හා අදිරිගේ තිබු චිත්තේ
පිරිසිදු ආදරේ අද කොහිදෝ ඇත්තේ

පොඩි අමනාපෙටත් වස ටික එයි ලඟට
නැත්නම් පනී මුහුදට වැවකට ගඟට
ජිවිතයේ සැබෑ තතු කියවෙන යසට
''සුදෝ සුදු'' කියා ඇත පාඩම් අපට


ඊයේ පෙරේදා මැකී ගිහින් තිබ්බ ''සුදෝ සුදු '' මතකයන් අලුත් වූ නිසා මට මේ අදහස පහල වුනා . කොළ කෑල්ලක මහා රෑක කුරුටු ගෑවුන කවිටික මුණු පොතට දැම්මත් මෙතන ලියා තියන එක හොඳයි කියල හිතුන. පොඩි කාලේ ලිව්ව දේවලුත්  එකතැනක එකතු කළා නම් අද කොච්චර හොඳද .  කොළඹ යුගයේ ප්‍රකට කවියෙක් වූ ''කේයස් '' හෙවත් සාගර පලන්සුරිය ලියු කවි අතර අපට විශේෂයෙන් මතක ඇත්තේ ''සුදෝ සුදු '' කාව්‍ය සංග්‍රහයයි. ''සුදෝ සුදු රස විඳිමු '' කියා මුණු පොතේ ඇති බව දැක මා තරමක් පුදුම වුනා ...එවැනි දේ තවමත් රස විඳිය හැකි පරපුරක් ඉන්න බව දැකීමත් සතුටට කාරණයක් . '' සුදෝ සුදු රස විඳිමු ''ට ගොහින් එම පිටුව බලාගන්න හැකියි.
යන්තම් අකුරු කියවපු කාලෙම කියෙව්ව පොතක් මේක . අද අපි නිදහසේ නිසදැස් තමා වැඩිපුර ලියන්නේ . එළිසමය එතරම් සලකන්නත් අවශ්‍ය නැති නිසා මමත් වැඩිය ඇදී ගියේ ඒ පැත්තට .  මන් අහල තියෙනවා නිසදැස් සහ සඳැස් අතර බේදයක් ඇතිවුනා කියල මුල් කාලේ . අපේ විද්වත් මණ්ඩලය මේ අවස්ථාවේ මේ ගැන අදහස් දක්වයි මතක පෙට්ටගම් පෙරලලා . මට තියෙන්නේ පොඩි ආරම්භයක් දෙන්න විතරයි . මන් ඒ අතින් නම් හරිම වාසනාවන්තයි . මමත් කෑදර කමේ ඉන්නේ කමෙන්ට් ටික වැටෙනකම් .
 ඉතින් සඳැස් අය්ය නිසදැස් නංගිට අරියාදු කලත් අපි දැන් එයාල සමගි කරලා තියෙන්නේ . දෙන්න දෙමාල්ලෝ සතුටින් පවුල් කන බවයි මට පෙන්නේ. ඕනෑම නම් ගින්නක් අවුලමු ..''.සඳැස් ද නිසදැස්ද වඩා හොඳ ''කියල . විහිළුවට කිව්වේ. ඔය යන විදිහ හොඳයි .
..කොළඹ යුගයේ කවීන් ඒ කිව්වේ විමලරත්න කුමාරගම ...කේයස් ..පි.බි අල්විස් පෙරේරා . වගේ කවීන්ගේ කවි වල සරල සුගම බවට මන් ආසයි . ලාංකීය සිනමාව සහ ගීතය පිටුවෙන්  ගොඩක් දෙනෙක් මේ ගැනත් කතා කරනවා. විශේෂයෙන් දීපාල් ජයමාන්න සොයුරා විමලරත්න කුමාරගමගේ කවි පන්ති කීපයක්ම යොමු කරලා තිබුන
. පි. බි මැතිදුන්ගේ ''මගේ රට '' කාටත් මතක ඇති . ඇත්තටම මේ අය ගැන වෙන වෙනම පෝස්ට් වලින් කතාකලත් පාඩු නැහැ . ඒත් මන් ඉතින් කම්මැලියනේ මෙගා ලියන්න  ඔන්න ඔහේ මේකටම ලියල දානවා... මට වඩා ඉවසීමක් ඇති කෙනෙක් ඒ වැඩය කරනු ඇති විශ්වාසෙන් .
 අපි කොළඹ යුගයේ කවිය ගොඩක් අඳුර ගත්තේ සිංහල පෙළ පොත් වලින්. ඇත්තටම ඒවා බොහොමයක් අපේ පරම්පරාවට කට පාඩම් . අඩු ගානේ කවි වල කෑලි හරි . සමහරු හිතන විදියට අවාසනාවට මගේ පුද්ගලික අත්දැකීම අනුව මට නම් වාසනාවට මන් අර ''වැඩ හයේ '' සාමාන්‍ය පෙළ කට්ටියේ කෙනෙක් . මන් වාසනාවට  කිව්වේ වැඩ අටක් වෙනුවට හයට අඩු වෙච්ච එකටයි පැවරුම් වලට කරුණු හොයන්න රට වටේ රස්තියාදු වෙන්න ලැබිච්ච එකටයි . ඒවායින් පුදුම අත්දැකීම් ගොඩක් ලැබුන . ඒ ගැන වෙනම ලියන්න ඕන . ඒ ක්‍රමය හොඳයි කියන්න කවුරුත් කට ඇරියේවත් නැහැ ඒ කාලේ . කොළඹට කිරි ගමට කැකිරි කියල විශාල ආන්දෝලනයකට ලක් වෙලා පටන් ගත් තැනම ලොප් වුනා මිස. කොටින්ම අපේ පන්තිවල කෙල්ලොත් ඕකට කැමති නැහැ . මොන එහෙකටද මන්දා මට නම් අදත් දොසක් පෙන්නේ නැහැ . ගමේ ළමුන්ට ත් ඒකට බද්ධ වෙන්න හැකි ලෙස දියුණු කරලා ගත්ත නම් ඒ ක්‍රමය අද මගේ පොඩ්ඩෝ ඉගෙන ගන්න ක්‍රමයට ටිකක් ගෑවිලා යන බවයි මගේ අදහස. 9/9 ම මට හැම පැවැරුමටම ලැබුනා .
 ඒ කාලේ හැමදේම ටික ටික හරි කරන්න ඕන . ලියන්න අඳින්න හැකිකම නිසා සේරමටම ලකුණු ගත්තත් එක දේකට නම් 8/9 වුනා . ඒ තමයි කවි ගායනය . දෙය්යන්ගේ පිහිටයි .මට නැතිම හැකියාවක්නෙ ඕක. සැහෙන්න දුකයි ඉතින්. මක් කරන්නද . ගයන්න බැරි නිසාම කවි ලියන්නයි රස විඳින්නයි වැඩිපුරම පෙළඹුනා . අපේ පන්තියේ සිටි ගීත කෝකිලාවන් එක්ක මට ඉතින් හැරෙන්නත් බැහැ. අනේ මන්දා ඒත් එක ගායිකාවක් වත් දැන් සින්දු කියන පාටක් නැහැ. අපරාදේ ඒ හැකියාවන් වලට යටවෙලා යන්න දුන්නේ.
 සාමාන්‍යයෙන් අපි ඉඳහිට කවියක් ලිව්වත් කවි පොත් සල්ලි දීල ගන්නවා අඩුයි . ඒ නිසා කවි පොත් ලියවෙනවත් අඩුයි . ඒත් කොළඹ යුගයේ කවියන්ගේ කවි ඇති පොතක් නම් මන් ගන්න පසුබට වෙන්නේ නැහැ . සුදෝසුදු ත් පරණ පොත අපේ ගෙදරින් අතුරුදන් වුනත් අලුත් මුද්‍රණයේ පොතක් මන් ලඟදි ගත්ත . නිසදැස කොච්චර ජනප්‍රිය වුනත් ඇයි මිනිස්සු නොගන්නේ . ඒක ප්‍රශ්නයක් නේද . අපි ලියනවා . කොහේ හරි දැක්කොත් කියවනවත්  එක්ක . ඒත් වැඩි දෙනෙක් නොගන්න හේතුව මොකක්ද . ''පොත් කියවන අය ''කණ්ඩායමේ වත් කවි පොත් ගැන කියවෙන්නේ නැති  තරම් . මට හිතෙන්නේ කවියේ සරල සුගම බව නැතිකම . සංදේශ කවි වල ...ජනකවි වල ...කොළඹ යුගයේ කවි වල තිබ්බ රිද්මය  නිසදැසින් ගිලිහී යාම වෙන්න ඇති . මේ දැන් මගේ ඔළුවට ආපු අදහසක් ඒක. මන් හරිද මන්දා . දැනට ගොඩක් අය කියවන කවි පොත් ඇත්නම් මාව දැනුවත් කරන්න . මේ පාර පරිප්පු ගෙන අදහස ඇත ඇරලා පොත් වලට එක බැග් එකක් වෙන් කරන්න හිතන් ඉන්න නිසා. කඩේක පරිප්පු තියෙනවා දැක්ක .
    මට වැඩිපුර කියන්න  ඕන වුනේ සුදෝ සුදු ගැන . ඒත් කොළඹ යුගයේ අනිත්  කවි ගැනත් කතා කරමු . ඊට පස්සේ නිසදැස් ගැනත් කතා කරමු . තවත් හිතෙනවා නම් කවි මුතු වලට ගිහින් කවිත් ලියමු .
අදට ඇතියි සිතෙනවා . මේකට ස්තුති කරන්නේ කාටද ..මුණු පොතේ දීපාල් සොයුරාට ස්තුතියි යලිත් ''සුදෝ සුදු ''මතක් කලාට . බනියි ලොක්කියි තනියම පාටියක් . බනිගේ තාත්තට වැඩ වැඩියි . ග්‍රීෂ්ම කාලෙට මිනිස්සුන්ට වැඩිපුර තිබහ වෙන නිසා. මට ඕන එකක් ලියා ගන්න දීල එයාල තමන්ගේ වැඩක් බලාගන්න එකට ස්තුති කරන්න එපාය .
ඊට පස්සේ මොන විකාරයක්ද කියල බැන බැන හරි මේක කියවපු හැමෝටමත් ස්තුතියි.
 
පින්තුරය ගුගල් පින්තුර  අඩවියෙන්
 
ප . ලි. මගේ ළමා කල යහළුවෙක් සහ යෙහෙලියක් අලුතින් බ්ලොග් ලෝකෙට ඇවිත්. මට පරණ අය අත දුන්න වගේ මගෙනුත් එයාලට උදව්වක් දෙන්න ඕන. කියෙව්වට පාඩුවකුත් නොවෙන නිසා .
පොත් ගුල්ලගේ
සහ
කවි මුතු වල ලියන චන්දී [ චන්දී ල දෙන්නයි . අපේ චන්දී අක්කයි මේ චන්දියි ]

96 comments:

  1. බින්දි කරපු හඳුන්වාදීමට බොහොම ස්තුතියි. නෙලුම් විලට එන බඹරුන්ට, මකරන්ද සුවඳ විදින්ටත් එන්න කියල ආරාධනා කරනව.

    අනේ බින්දි සමාවෙන්න, මම නං ඔය කොළඹ යුගයේ කවීන්ගේ කාව්‍ය රචනා වැඩිය රස වින්දනය කලේ නැහැ. පාඩම් පොත් වල තිබුණු කවි හැර ඔයා වගේ හොයාගෙන කියවන්න තරම් ආශාවක් ඇතිඋනේ නැහැ. ඔය යුගයේ කවීන්ගෙන් මම කැමති උනේ ටිබැට් ජාතික ඇස්. මහින්ද හාමුදුරුවන්ට තමා. උන්නාන්සෙගෙ පොත් නං හොයාගෙන කියවල තියෙනවා. ඔය "නිදහසේ මන්ත්‍රය" එතකොට "ලංකා මාතා" වගේ. මේ මගෙ හිත ඇදී ගිය කවියක්, "නිදහසේ මන්ත්‍රය" කවි පන්තියේ. (කට පාඩමින් නං නෙමේ. පොතක් බලාගෙන ලිව්වේ. පාඩම් තියෙන කවිත් තියෙනව.)

    නොහැර දෙනුව ඉටු සිරි දෙව් දුවට ඉඩ
    සතර දිගින් එන මොළ රුපු බලය මැඩ
    අයරලන්තේ ඩී වැලේරා කරපු වැඩ
    ඇසැර බලව් සිහලුනි කොතරම්ද හැඩ

    ඔය කොළඹ කවියට හිත ගියේ නැත්තේ ඒවායේ තිබුන ඒකාකාරී විරිත නිසා වෙන්නත් ඇති. මහින්ද හිමියන්ගේ කවි වල නං හොඳ එඩියක් තිබුණ. ඒ කවි කියවනකොට පපුව ඉස්සරහට දාල ජාතිය වෙනුවෙන් පන දෙන්න යන්න තාමත් හිතෙනවා.

    මාතර යුගයේ කිවිඳියන් දෙපොළක් වන ගජමන් නෝනටත්, රංචාගොඩ ළමයටත් මම හුඟක් ප්‍රියකරනවා. ඒ දෙන්නම ඔය එක විරිතක හිර වෙලා හිටියේ නැහැ. ගජමන් නෝනගේ භාෂාව සම්භාවනීයයි. රංචාගොඩ ළමය පවිච්චිකලේ ගොඩේ භාෂාව. ඒ උනාට දෙන්නගෙම කවි හරිම රසවත්.

    කොළඹ යුගයේ කේයස්, කුමාරගම, පී. බී. වගේ කවීන්ගේ පරම්පරාවෙන් පස්සේ එන ජී. බී. සේනානායක, මහගම සේකර සහ මොනිකා රුවන් පතිරණ යන කවි කිවිදියන්ගේ කවි මම ආදරයෙන් වැළඳගත්ත කවි. හැබැයි අර කිව්වා වගේ නිසදැස්. ඔවුන් ගැනත් දවසක ලියන්න. අපිත් එකතු වෙන්නම්.

    ReplyDelete
  2. කලින් කියන්න බැරි උනා. වෙනද වගේම කවි ටිකත්, සටහනත් හරිම අගෙයි. ඔයා රසිකයන්ව කුලප්පු කරනව. ඉතින් අපෙත් මතක ඇවිස්සෙනව.

    ReplyDelete
  3. බින්දි...

    දිග පෝස්ට් ලියන්න සැකයි දැනට නෙලුම් විලට දාපු දෙකක්ම මකර කටට ගියා.. මේක එසේ නොයාවා...

    මුලින්ම කවියයි නිසඳැසයි ගැන කියනවනම්.. මට දැනෙන හැටියටනම් මේ දෙක අලු කෙසෙලුයි කොණ්ඩකටුයි වගේ වෙනස් දෙකක්... කවිය කියන්නෙ ටික දෙනෙකුට විතරක් කරන්න පුලුවන් විරිතක් සහ සඳැසක් සහිත විශේෂ කලා නිර්මාණයක්... නිසඳැස කියන වචනෙන්ම කියවෙනව ඒව කවි නෙවේය කියන එක... මට හිතෙන හැටියට කවිය සම්භාව්‍ය සංගීතයට සමාන කලොත් නිසඳැස රැප් සංගිතයට සමාන කරන්න පුලුවන්... නිසඳැස් ලියන අයගෙන් සීයෙට පහකටවත් මම හිතන්නෙ නෑ කවි ලියන්න පුලුවන් කියල...ඔබ තුනේ හතරෙ පන්තිවලදි කියවපු කේයස් ගෙ කවි ඔබට මතකයි තාම... ඔබ ගිය අවුරුද්දෙ කියවපු හොඳම නිසඳැස ඔබට පාඩමෙන් කියන්න පුලුවන්ද...

    ReplyDelete
  4. කොළඹ යුගයෙ කවීන්ගෙන් මා නම් පුද්ගලිකව ඉතා ඉහලින් අගය කරන්නෙ විමලරත්න කුමාරගම... ඔහුගෙ දැකීම සහ එම දැකීම කවියට නඟන අපූරුව ... ඇත්තෙන්ම සුවිශේෂයි... මට නම් ඊ ළඟට මතක් වෙන්නෙ කලල් ඇල්ලේ ආනන්ද සාගර නොහොත් සාගර පළන්සූරිය නොහොත් කේයස්....ඊ ළඟට පී බී අල්විස් පෙරේරා... තව දුකට පෙම්බැඳි කපිල ඊ සෙනෙවිරත්න... ඒ වගේම මිමන ප්‍රේමතිලක වගේ අයත් ඉන්නව... තරමක් වෙනස් මඟක් ගත් කුමාරතුඟු මුනිදසුවනුත් අප අමතක නොකල යුතුමැයි...

    ReplyDelete
  5. bindi, please edit the word "post" in my fist comment if you can and replace it with the word "comment".. ( and delete this as well )
    thanks..
    The Cobbler

    ReplyDelete
  6. සුදෝ සුදු සිංහල ඌරුවකින් ලියල තිබුණට සමර්සෙට් මෝම් ගේ පරණ නවකතාවක අනුවාදයක් මං දන්න තරමට.

    අවුරුදු දාසයේ ඉඳලා නිසදැස් ලිව්වත් මං හැමදාම ලිව්වේ විරිතක් ඇතුව. දැන් නං ලියන්නේ සදැස් විතරයි.

    සපතේරුව කියපු දේම තමයි මං මේ ලඟදී රේඩියෝ ඉන්ටර්වීව් එකකදී කිව්වේ. දනන් තුඩ තුඩ රැව් දෙන්නේ සඳැස් කවි විතරයි.

    මහගම සේකර ගේ වුනත්, රත්නසිරි විජේසිංහ ගේ වුනත් අපි දන්නේ සින්දු කරපු නිසදැස් කවි විතරයි. අනිත් ඒවා බැලුවා, පොත වැහැව්වා, එච්චරයි!

    ReplyDelete
  7. @ පොත් ගුල්ලා

    ඕක මොකක්ද අපි පරණ යාළුවො නේ. මහින්ද හිමි ගේ කවි වලටත් මම කැමතියි.

    වැඩියම කැමති කවියක්

    ''මුනි සිරිපා සිඹිමින්නේ

    සමනොළ ගිරි පෙදෙසින්නේ

    මද සුළඟයි මේ එන්නේ

    මගේ පුතා නිදියන්නේ '' එතුමාගේ කවි සමහරක් ගීත වෙලා තියෙනවා . ඔය එන්නේ මට අමතක එච්ච දේවල් . ගජමන් නෝනත් ..රංචාගොඩ ළමයත් අපට අමතක කරන්න බැහැ. මටත් විශේෂයක් නැහැ . කවුරු වුනත් ලියපු හොඳ රසවත් දෙයක් ලිව්වේ කවුද කියල නොදැන වුනත් රස විඳිය හැකියි.

    @කතන්දර

    අනුවර්තනයක් බව සැබැයි. එහෙත් අනුවර්තනයක් කියල නොහැඟෙන තරමට ලාංකික කරලා තියෙනවා නේද .පොඩි කාලේ කියවද්දී නිකමටවත් සැකයක් නොවෙන විදිහට . මට මුල් නිර්මාණය කියවන්න ලැබුනේ නැහැ . තියෙනවද ලින්ක් එකක් ඒකට . පරණ පොත් නිසා හොයාගන්නත් අමාරු ඇති.දෙකේ අවසානය ටිකක් වෙනස් කියල අහල තියෙනවා.

    එක තමයි මාත් එකඟයි . නිසදැසක් වුනත් ටිකක් හරි විරිතක් තිබ්බොත් තමයි මතක හිටින්නේ. මම ලියන කවිත් යම් විරිතක් ඇතිව ලියන්න තමයි උත්සාහ කරන්නේ . කෝ ඉතින් අපිටත් කියන්නකෝ කසු ගේ කවි තියෙන තැනක්. බ්ලොග් එකේ වැඩිය ලියන්නේ නැති නිසා කියවන්න ලැබිල නැහැ .ස්තුතියි මේ පැත්තේ ආවට .

    @සපතේරු උන්නැහේ

    ඇයිද මන්දා ගිය පාර කමෙන්ට් නැති වුනේ . එකක් පොඩි කාලේ ඕව පාඩම් කරන්න වුන එක . හැබැයි රසවත් නැත්නම් මතක හිටින්නේ නැහැ තමයි . නිසදැස් නම් මතක නැහැ තමයි. ස්තුතියි මෙහෙම ඇවිත් අදහස් දෙනවට . බලන්නම් අර වචනේ අයින් කරන්න .

    ReplyDelete
  8. ඕකට හේතුව මේකයි.. අපේ මිනිස්සු අතීතයේ පටන්ම පුරුදුවෙලා හිටියෙ සද්ද නගලා හයියෙන් කවි කියන්න.. අපේ ජන කවි වුනත් එහෙමනෙ.. පැරණි සංදේශ කාව්‍ය හා අනෙකුත් කවි පොතුත් ඒ වගේමනෙ.. හයියෙන් ඇදලා පැදලා කියන්න පුළුවනි.. ඉතිං ඒ වගෙ 3-4 පාරක් කවි කියනකොට ඉබේම මතක හිටිනවා.. නිසදැස් එහෙම ශබ්ද නගලා ගායනා කරන්න බැහැනෙ, එතකොට නිකං රචනාවක් කියවනවා වගේ නෙ.. මතක නොහිටින එක පුදුමයක්යැ :)

    මට නිසදැස් ලියාගන්නම බැහැනෙ.. ඉස්කෝලෙ යන කාලෙ වුනත්, කොච්චර ට්‍රයි කරත් හරි ගියෙ නෑ.. ලියලා ඉවරවෙලා කියවනකොට මටම හිතෙනවා අයියෝ මේක නිකං වාක්‍ය රචනාවක් වගේ නෙ කියලා.. ඊට වඩා ලේසියෙන් සදැසක් ලියන්න පුළුවනි..

    සපතේරු උන්නැහේ කිවුවා වගේ මගෙත් කොළඹ යුගයේ ප්‍රියතම කවියා කුමාරගම, එයිනුත් විශේෂයෙන්ම ඔහුගේ පරිණත යුගයේ කවි.. මිනිස් චරිතයේ අදුරු අහුමුළු හා අඩුපාඩුකම් ගැන උපහාසාත්මකව ලියපු ඒ වගේ වෙනත් කවියො හරි අඩුයි කොළඹ යුගයේ.. හැමෝම ලිවුවෙ එක්කො ආදරය නැත්තං ශෘංගාරය නැත්තං සොබාව සෞන්දර්‍යය ගැන..

    මෙන්න මම ඉස්කෝලෙ යන කාලෙ ආසාම කොළඹ යුගයේ කවි පන්තියක්, 'උගත්කම'..

    එළු සකු මගධ පොත් කටපාඩමට දනී
    මිනිහා පණ පිටින් යන පොත් ගුලක් වැනී
    වැගිරෙන විලස සාහිත රස අමර පැණී
    පොතක් ලියන්නට සිතුවිලි පහල වුනී

    -අන්තිම කවිය-
    උසාවියේ නීතියෙ ඇති අවසරයෙන්
    මිනිහා කියාගෙන යයි පොත ඇති විරියෙන්
    බේරෙන්නට බැරිම තැනදී මේ කරදරයෙන්
    නඩුකාරයා ඉල්ලා අස්විය ධුරයෙන්

    බලන්න, 6-7 පන්තිවලදි කියවපු මේවා තාම මතකයිනේ.. කොයිතරං රසවත්ද..

    @කකා,
    සුදෝ සුදු ඇවිල්ලා ඇල්ෆ‍්‍රඩ් ටෙනිසන් ගේ ඊනොක් ආර්ඩ්න් කියන කවි කතාවේ ආභාසයෙන් නිර්මාණය කරපු එකක් නේද..?? මෝම් ගේ නෙවෙයි..

    http://www.everypoet.com/archive/poetry/Tennyson/tennyson_contents_enoch_arden.htm

    පලි: හපොයි, ඔන්න බින්දි ආයෙමත් පරණ මතක ඇවිස්සුවා.. ගොඩාක් දේවල් හිතට එනවා, ලියන්න වෙලා නෑ.. හෙට උදේම නැගිටින්න ඕන, ඒ නිසා දැන් නිදාගන්ට යනවා.. ආයෙමත් එඤ්ඤං.. :)

    ReplyDelete
  9. සපතේරු උන්නැහේ සදැස් කවි සම්භාව්‍ය සංගීතයටත්, නිසදැස රැප් සංගීතයටත් සමාන කරල කරපු සංසන්දනයට මගේ බලවත් විරෝධය. එතකොට සේකර ගේ "ප්‍රබුද්ධ"යි මොනිකා ගේ "ඔබ යෙහෙළිය ඇය ගැහැණිය"යි රැප් ගොඩටද වැටෙන්නෙ. ඒක බොහොම පහත් සංසන්දනයක්.
    අනෙක නිසදැස් කවි මතක හිටින්නේ නැහැ කියන එකත් පිළිගන්නේ නැහැ.
    මෙන්න මගේ මතකේ තියෙන රංචාගොඩ ළමයාගේ චන්දසක් නැති කවි;

    මල්ලැහැවේ පැලේ මම ඉන්නා කලට
    කොකෙක් ඇවිත් හඬ දෙයි මගෙ ඊසානේ
    තනියම පැලේ මම ඉන්නේ බොහෝ දුකින්
    තොටත් මටත් එක දුකමයි කොකෝ කොකෝ

    ඕව ඒ කාලේ නිසදැස් කියන වචනේ භාවිත නොකලට නිසදැස් තමා. රංචාගොඩ ළමයාගේ ඔය වගේ තවත් කවි මට මතකයි.

    අනෙක නිසදැස් කවි මතක තබා ගැනීම සඳහා ලියූ කවි නෙවෙයි. රසවින්දනය සඳහා ලියු කවි. වැදගත් වෙන්නේ චන්දසට වඩා කවියගේ නිර්මාණාත්මක හැකියාව. භාෂා භාව්තය. තමන්ගේ අදහස කෙතරම් දුරට ශ්‍රාවකයාට/ පාඨකයාට සන්නිවේදනය කල හැකිද යන වග.

    තව නිසදැස් ලියන අයට සදැස් කවි ලියා ගන්න බැහැ කියන එක අභූත චෝදනාවක්. කියවන්න මොනිකගේ "විසිවසක ශේෂ පත්‍රය", "අංගුලිමාලගේ සිහින". චන්දස ඇතිව ලියූ කවි ඕනතරම්.
    අපි කාටත් මතක හිටින්නේ ළමා කාලේ කියවපු කවි තමා. ගිය අව්රුද්දෙ කියවපු හොඳම නිසදැස් කවිය මතක නැති බව ඇත්ත. හොඳයි ගිය අව්රුද්දෙ කියවපු හොඳම චන්දස් කවිය මතකින් කිව හැකිද?
    ඒ නිසා පටු වර්ග කිරීම් නොකරන මෙන් සපතේරු උන්නැහැ ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  10. අපොයි සදැස් ගෙයි නිසදැස් ගෙයි කුටුම්බය ගිනි ගන්නද යන්නේ

    ReplyDelete
  11. ඔය දෙකම නොදන්න එක කොයි තරම් භාග්‍යයක්ද?......:D

    ReplyDelete
  12. හප්පද බොල මෙන්න වැඩක්...
    අනේ ළමායි මේකනං පත්තු වෙන්න දුන්නොත් මල විජ්ජුම්බරයක් වෙලා නවතින්නේ..ඕං නොකිව්වයි කියන්න එපා...

    සපතේරු උන්නැහේ කිව්ව බොහෝම කාරණාවලට මටනං එකග වෙන්න පුළුවන් කම තියේ..අනික උන්නැහේ කිව්වේ නිසඳැස් ලියන අයගෙන් සීයයට පනහක්වත් කියලා නේ...ඒක හරි...

    ඒකෙන් කියවෙන්නේ නැහැ නිසඳැස් ලියන අයගෙන් කාටවත්ම සඳැස් ලිවීමේ හැකියාව නැහැ කියලා..නමුත් ප්‍රාමාණිකව අඩුවක් තියේ.

    සඳැසකදී තියෙන අභියෝග නිසඳැසකදී අඩුයි කියලයි මම හිතන්නේ..අනිත් දේ තමා නිසඳැස මෙසේ විය යුතුයි කියලා නිර්ණායක නොමැති වීම.ඒ හරහා බොහෝ දෙනා නිසඳැස් ලියනවා.හැබැයි ඒ හැම එකක්ම සාර්ථක‍ වෙනවා අඩුයි.

    නිසඳැස් ලියන අයට මට කියන්න තියෙන්නේ නැවත නැවතත් තමා ලියූ දේ කියවා බලන්න... ඒ තමා කියවන තාලයම තවත් කෙනෙකුට අල්ල ගන්න පුළුවන්නං විතරයි ඒක සාර්ථක වීමේ හැකියාව තියෙන්නේ..එහෙම නැති උනොත් ඒක අසාර්ථක වීමේ හැකියාව වැඩියි.

    හැබැයි ඔය දෙකේම හැකියාවක් තියෙන එක ලොකු දක්ෂතාවයක්. සාමාන්‍යයෙන් මම දැකලා තියෙන විදියටත් සඳැස් ලියන අයට නිසඳැස් ලියන්න තියෙන හැකියාවට වඩා අඩු හැකියාවක් තමා නිසඳැස් ලියන අයට සඳැස් ලියන්න තියෙන්නේ.

    එහෙම හැකියිව තිබුන අය තමා අද වෙනකොට ඔය කට්ටිය අතින් නිතර කියවෙන නම් බවට පත් වෙලා තියෙන්නේ.සේකර..මොනිකා වගේ අය විශිෂ්ඨයෝ කියලා අමතුවෙන් මම කියන්න ඕන නැහැ..

    වර්ථමානයේදී නම් මම දැක්ක හොඳම විශිෂ්ඨයෙක් තමයි ශකුවි කියන්නේ.. මං හිතන්නේ ශාන්ත කුමාර විතාන විය යුතුයි. ඒත් බොහෝ තැන් වලදී මම දකින්නේ අර අකුරු තුන විතරයි... මං ඉතිං ඔවා එළවං ගිහින් පාඩං කරන ජාතියේ නෙවෙයිනේ..අර කතන්දර කිව්වා වගේ කියෙව්වා පොත හෝ පත්තරේ වැහැව්වා.

    කොහොම උනත් කොළඹ යුගයේ කවියන්ට මමත් බොහෝම කැමතියි.කුමාරගම විශිෂ්ඨයෙක් උනේ ඔහුගේ අත්දැකම් එක්ක ලැබුන වාසිය මතයි.සමහරු ආරෝපණය කරගෙන ලියනවා..ඒත් කුමාරගම කවියට ලැබුනේ විඳීම මත ලියන්න...

    අපොයි තව කවුරු හරි කවියෙක්ව මඟ ඇරිලා තියේ..මගේ දිව අග නම තියේ එන්නේ නැහැනේ..ඔහුත් කේයස් වගේම උපැවිදි පුද්ගලටෙක්..මතක් වෙච්ච පින්වතෙක් කියන්ටකෝ...සිළුමිණේ කතෘවරයෙක් වෙලත් හිටියාද කොහේද..ෂිහ් මගේ මගේ මතකෙනං අන්තිමයි..

    ReplyDelete
  13. මම හිතන්නේ අපේ පරම්පරාවෙන් පස්සේ කවියක් රස විඳින්න පරපුරක් නැතිවුනා. රස විඳින්න නොදන්න එකාට පද හතරක් ගලපන්නත් බෑ. ඒ වගේ අවට කවි අප්‍රසන්නයි. ඒත් ගද්‍යයකට වඩා පද්‍යයකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. මොකද පද්‍යයකට යොදන සීමිත පද ප්‍රමාණයෙන් අර්ථය ගන්නකොට එක එක් කෙනාට දැනෙන රස වෙනස්. ගද්‍යකරණය පහසුයි. ඒත් පද්‍යකරණයට විරිත්, තාල, එලිසම, උපමා උපමේය, සමානාර්ථ වගේම හොඳ ප්‍රබන්ධකරන හැකියාවකුත් තියෙන්න ඕනෙ. ටික දෙනෙක්ට නම් ඔක උපතින්ම එනවා. ඒත් ඉතින් අපි වගේ පොත පත ඇසුරු කරලා කවි රස විඳපු අයටත් අත්දැකීමෙන් හා අභ්‍යාසයෙන් හොඳ කවියෙක් වෙන්න පුළුවන් !

    සුදෝසුදු මතක් කලාට ගොඩක් ස්තුතියි බින්දි අක්කේ. මමත් 6-7 වසර වල කියෙව්වා. ඒ වගේම මට තාම මතකයි... ඒ දවස්වල කිසිම ළමයෙක් බලන්න තියා අල්ලන්නෙවත් නැති ලෝවැඩ සඟරාව වගේ කවි පොත් මම කියෙවේවේ වයස 11 දී... දැන් මතක නැති වුනත් ඒ දවස්වල මුල්පදේ කිව්වම මට කවියම කියන්න පුළුවන්. දැන් ඉන්න පොඩ්ඩො දන්නේ 2005 න් පස්සේ ආපු මොඩ් සින්දු වල පද ටිකක් විතරනේ.... මට හිතෙන්නේ අපේ මේ සංස්කෘතික හෝදාපාළුවට හේතුවත් හොඳ රසවින්දනයක් නැති කම කියලා.

    බහුශ්‍රැත හැකියාවක් නැතිවුනත් කවියට මමත් කැමතියි. කවිමුතුමල් පැත්තේ නිතරම කැරකෙන්නේ ඒ නිසා. මේ බ්ලොග් එකට නිතර යන්න එන්න වියට්නාම් ලිපි පෙල වගේම බින්දි අක්කගේ කවිත් හේතුවක් වුනා...

    කවි රස මතක් කලාට ස්තුතියි... මේවා බලන්න ඕනේ අපිටත් වැඩිය අපෙන් පස්සේ අය. ඒත් කරුමෙට !!! අනේ මන්දා...

    ReplyDelete
  14. @පොඩ්ඩි..

    අපුරු කතාව . තැනට සුදුසු උත්තර දෙන්නත් ලිස්සල යන්නත් පොඩ්ඩි සමතියකි

    මාරයා

    බොහොම ස්තුතියි . පොඩ්ඩක් ඉන්න කවුරු හරි මතක් කරයි . බුරාත් තාම නිදි

    චතුරංග

    ස්තුතියි මල්ලි . ලෝකය වෙනස් වෙනවා .අපිට ඒක වෙනස් කරන්න අමාරුයි. අපි ඉතින් අපේ මතක රස විඳිමු. ඔයා කිව්වම මතක් වුනේ අපි ගිය පාර ගියා යාලුවෙක්ගෙ ගෙදර . ඒ ගෙදර පොඩි වුන් දෙන්නා මොකක්ද සින්දුවක් කිව්වා .මට නම් තේරුනෙත් නැහැ . එලොවටත් නැති මෙලොවටත් නැති ..රිද්මයකුත් නැති සින්දුවක් ඒක . හැබැයි මතක ශක්තිය අගේ කරන්න ඕන . මට නම් ටිකක් අමුතුයි ළමයින් ළමා කාලය රස නොවිඳ ඒ වගේ ගී වලින් සැනසෙන එකට .ඒ අම්මල තාත්තලත් ඒ ගැන හරි සතුටෙන් . මගේ අවුරුදු ගානක් පිටරටක ඉන්න දරු දෙන්නට වුනත් තියෙනවා ඊට වැඩිය හොඳ රස වින්දනයක් . තවම සොෆ්ට් මියුසික් රස විඳින ළමයිත් ඉන්නවා . මක් කරන්නද .අපිට ඒ කාලේ කිව්වනම් සකස්කඩය කියවන්න කියල අපි හිනාවෙයි. ඒ වගේ ඇති අද පරපුරට . මන් නම් වැඩිය ඕව හිතන්නේ නැහැ . අපිට හැකි දේ ඉතිරි කර යමු . පවතින තරමක් පවතියි

    ReplyDelete
  15. නියමයි බින්දි නියමයි .......
    තවත් නැගලා යන පෝස්ට් එකක් .....
    කවි ටික නම් මසුරන් .......

    ReplyDelete
  16. බින්දි තරහ වෙන්න එපා මා මෙසේ කීවාට.මගේ සිතට නැගුන අදහසක් එහෙමම අතෑරිය..
    කටු රොද ගමත් ඩෝසර් කරල ඉඩම් වෙන්දේසි දාලද දන්නෙ
    නෑ. කුරුලු පරාදීසිය වගේ නමකුත් දාලා.
    කවි ටිකනම් පන්කාදුයි...

    ReplyDelete
  17. මං හිතන්නෙ මාරයා කියන්නෙ මීමන ප්‍රේමතිලක (සුනිල් මාධවගෙ තාත්තා) ගැන වෙන්ටෝනැ..

    පලි: උදේ තේ එක බොන ගමන් යාන්තං මේකට හොට දාලා යන්ට ආවෙ, නැත්තං මොකක්හරි මග ඇරුනොත් හෙම.. යඤ්ඤං, මැච් එකට යන්ට පරක්තු වෙනවා.. හැන්දෑ කොරේ එඤ්ඤංකො.. :D

    ReplyDelete
  18. @පොත්ගුල්ලා....

    මා කී දේ ඔබ තරමක් වැරදි තැනකින් අල්ලාගෙන ඇත....ඔබ කොමෙන්ටුවේ නැවත නැවත කියන්නේ "නිසඳැස් කවි" කියායි, මා කියන්නේ නිසඳැස් යනු කවි නොවන වගයි.. අනිත් සියලු දේ ලිවුවේ එය පැහැදිලි කිරීමටයි...

    සම්භාව්‍ය සහ රැප් උපමාව ගත්තේත් ඒ සඳහාමයි... සම්භාවය සංගීතයේ අති රීති ඇතුලත ඉඳගෙන කියාගන්න බැරි අදහස් ගොඩක් කියාගන්නටත් අවශ්‍ය, වාදනයක් රිද්මයක් සහිතව ඉදිරිපත් කරන්නටත් අවශ්‍ය වුනු යම් ජන කොටසක් විසින් බිහි කරපු කලාවක් රැප් කියන්නෙ... ඒක සුභාවිත සංගීතය නෙමෙයි.. ඒ දෙක දෙකක්...

    නිසඳැස අවර ගනයේ කලාවක්යැයි කිසිසේත් ඉඟි නොකරමි... එය කවි වර්ගයක් නොවන බවයි මා කියන්නෙ... ඒවගේම කාව්‍ය නිර්මාණ කරුවන් දුලබ ය යන්නත් නැවත කියන්නට කැමතියි....

    ReplyDelete
  19. බින්දි, මෙහෙම ඈහුවට තරහා වෙන්න්න එපා. අපිට මතකයි ඔයා ඉස්සරත් කෙයස් ගන කිව්වා. හෑබෑවටම ඔයත් කෙයස්ගෙ පරම්පරාවෙද?

    ReplyDelete
  20. ඇත්තෙන්ම කවි පොත් ගැන මගේ දැනීම නම් බොහෝම අල්පයි.

    ලඟදී රසවින්ඳ කවි පොතකට තියෙන්නේ කුමාරිගේ ඔරොප්පු සාප්පාඩ පොත.

    එකෙත් කවි ටික ඔක්කෝම කියවලා ඉවර කරන්න බැරි උනා.

    මඟක් කියවද්දී හිත හෝ ගාලා කඩන් වැටෙනවා. ඒක නිසා මඟදී නතර කරනවා.

    සුදෝ සුදු නම් පුංචි කාලේ ආසාවෙන් ඒත් ඇස් දෙකේ කඳුලු පුරෝගෙන උගුරේ ගුලියක් හිරකරගෙන කියවපු බව මතකයි.

    විමලරත්න කුමාරගමගේ අර අපේ සිංහල පොත් වල තිබුනු අයියනායක කවි පන්තිය එහෙම මතකයක් තියෙනවා මිසක් කවිය විශේෂ උනන්දුවකින් ඇහුවේ වින්දේ නෑ . . .

    මම ඉතිං පුංචි කාලේ ඉඳන් වැඩි පුර සින්දු නම් ඇහුවා . සින්දු කට පාඩම් කලා . .

    ReplyDelete
  21. බින්දි, ඔයාගේ ලිපියේ ෆෝමැටින් පොඩ්ඩක් වෙනස් කරන්නකෝ . .

    ඡෙද අතරේ පොඩි ගැප් එකක් තියන්න.

    කියවන අයට ලේසියි එහෙම තිබුනාම.

    ලිපිය ගොඩක් දිග වගේ පෙනේවි . .

    ඒත් කියවන අය කොයි තරම් දිගට තිබුනත් කියවනවානේ . .

    ReplyDelete
  22. බින්දි, අද මට හුඟක් මහන්සි හින්දා වලියක් දාගන්නවත් හිතක් නෑ. හොඳ මාතෘකාවක් ඇදගෙන ඇත. මමත් වැඩ හයේ. මමත් ඒකට ඒ දවස්වලත් කැමතියි, අදත් කැමතියි. :D

    පොඩි කාලෙ කියෙව්ව ඔය කවි පන්ති, විශේෂයෙන් විමලරත්න කුමාරගමගෙ, රංචාගොඩ ළමයගෙ එහෙම කවිවලට, මමත් හුඟක් කැමතියි. හැබැයි ඉන් පස්සෙනම් මම හැරුණෙ මහගම සේකරගෙ පැත්තට. හොය හොය පොත් ගන්නෙ. :D ඒ හැර වෙනත් කවි කියවන්නටනම් මගෙ ඒ හැටි ආසාවක් නැත. කියෙව්වත් නිසදැස් මිස සදැස්වලට රුචිකත්වයක් නැත.

    ඔය කොයි වර්ගයෙත්, ඊට ආවේණික හොඳ මෙන්ම නරකත් තියෙනවාය කියලයි මම හිතන්නෙ. ඉතින් අදාල මාධ්‍යයේ ප්‍රබල අංග නිසි ලෙස හඳුනාගෙන එය භාවිතා කරන කල නිර්මාණය හොඳ වේ. එහෙම නැතුව හුදෙක් සඳැසක් වූ පලියෙන් ඒක නිසදැසට වඩා හොඳ වෙන්නෙ නැත.

    උදාහරණ විදිහට ගත්තොත් (අනේ බොල, මට හොඳටම මහන්සියි.)
    සඳැසක ප්‍රබල අංගය ශබ්ද රසය. ඒ සඳහා ඉතා හොඳ භාෂා දැණුමක් අවශ්‍යයි- මොකද, එකම ආකාරයට ශබ්ද වෙන වචනයක්, තැනට උචිත පරිදි යොදාගැන්මට. අපට සැඳැස් කවි මතක හිටින්නෙත් මේ ශබ්ද නිසා. (ඇම්ම ඇත්තෝ මනෝවිද්‍යා පොත් හොයාගෙන, 'මතකය' පාඩම කියවනු මැනවි.)
    අනික් අතට හුදෙක් ශබ්ද රසය රැකගනු පිණිස වචන දැම්මාට මෙලෝ රහක් නැත. ඒ වගේම එක් පෙළක ඇති ස්වර සංඛ්‍යාව ගැන සමහර කවීන් සැලකිළිමත් වෙන්නෙ නැහැ. අනික ඉතින් ඕක සාමාන්‍යයෙන් පේළි හතරෙ එව්වයින්ම කියන්ඩත් ඕනෙ. ඒ නිසා, අවශ්‍ය අදහසට අමතරව, වැල්වටාරම් ටිකකුත් එක් කරන්නට වෙනවා 'සදැස් කවි' කියන රාමුවෙ හිර වෙන්නට.

    නිසදැස්වල ඇති නිදහස නිසි ලෙස භාවිතා කරන කවියෙක් මහගම සේකර. (සපතේරු උන්නැහේ, ගනු කඩුව, එනු සටනට) මටනම් ඔය සැදැස් කවිවලට වඩා එතුමාගෙ කවි (හික් හික්, ඔව්, එව්වා කවි තමා! :D) අතිශයින් මෙව්වාය. නිසදැස්වල නිදහස කිව්වෙ, අදහසට උචිත පරිදි භාෂාව, වචන, පද බෙදුම්, පද ගණන, පෙළ ගණන යනාදී සියල්ල යොදාගැන්මට හැකි නිසා. ඒ තුළින් වඩාත් ප්‍රබලව අදහස විකාශනය කිරීමට හැකියාව ලැබෙනවා, සදැස් කවියකට වඩා. විශේෂයෙන්ම, කවියෙ පරමාර්ථය නිකම් කණට ගැහුවා වගේ කියන්නට හැකියාව ලැබෙනවා. ඕ යෙෂ්!!

    දැනට ඇති. මට හොඳටම මහන්සියි. කරුණාකර අද වලි දමා ගැනීමෙන් වළකින්න.

    ReplyDelete
  23. සපතේරු උන්නැහේ වෙත හද පිරි ගෞරාවයෙනි,
    With all due respect to Dear Mr.Kobler,

    ඔබතුමාගේ අදහස් වලට විරුද්ධ වූවාට අහිතක් නොහිතනු මැනවි. ඔබතුමා කල සංසන්දනයෙන් මා ආදරය කරන සේකරයන් සහ මොනිකාවන් පවා රැප් ගොඩට වැටීම පිළිබඳව මට එකඟ විය නොහැකි විය. මා දකින ලෙසට රැප් සංගීතය යනු සංගීතයේම යම් විකෘත ස්වභාවයකි. ඒ අනුව නිසදැසත් කවියේ යම් විකෘත ස්වභාවයක් යයි සැලකීමට සිදුවේ. එයට මට නම් එකඟ විය නොහැක. තවද නිසදැස, කවියක් සේ සැලකිය නොහැකි බවට ඔබතුමා කරන විවරනයටද මම එකඟ නොවෙමි. වැඩි දුර කරුණු දැක්වීමට දින දෙකක පමණ මද කාලයක් පතමි. මන්ද පොත් පත් කිහිපයක් පරිශීලනය කල යුතු බැවිනි.

    මේ බින්දීත් කරන වැඩ......
    කමක්නෑ, සාහිත්‍ය වාද විවාද ඇති වෙන තරමට හොඳයි. අඩුගානේ සාහිත්‍ය රස විඳින හොඳ සහෘදයෝ හඳුනාගත්ත හැකි.

    ප.ලි. : දොස්තර නෝනා මට සපෝට්. ජය වේවා!

    ReplyDelete
  24. නිවැරදි කිරීමක්,
    ඉහත ඇමතුම "ගෞරවයෙනි" විය යුතුයි.

    ReplyDelete
  25. සියලු දෙනාටම ස්තුතියි. අපොයි ප්‍රශ්න ඇති කරගන්න ඕන නැහැ . ඔය නිසදැස ආපු කාලේ ඇත්තෝ ඕවට මරා ගන්න ඇති ඇති පදන්. සදැස් වගේම හොඳ නිසදැසුත් කියවමු අගය කරමු. දුකා මටත් නිකන් ඉන්න බැරි කමට ඔය එක එක එව්වා කරලා මටම බලන්න බැරි තත්වෙකට පත් වෙලා තිබ්බ බ්ලොග් එක ආයෙම මුලටම ආවා . හිමින් සැරේ පින්තුරයක් හෙම හොයල වෙනස් කරන්න ඕන.
    ස්තුතියි කල්හාර ..සපතේරු උන්නැහේ
    ..ගිම්හානි අය්යෝ අර සඳරු කියන විදියට එයාලගේ ගම මට හිතෙන්නේ කටුරොද ඒ කාලේ තිබ්බටත් වඩා දුෂ්කර ගමක් . හැබැයි ලොකු පරිගණක පාසලක් තියෙනවා ...බිසෝ මැනිකෙලත් ඉගෙන ගන්නවා .
    නලිනි..රෙස්ට් එකක් හෙම අරන් එන්න .
    පොත් ගුල්ලා ..එහෙනම් පොත් හෙම කියවලා එන්නකෝ . මන් අලුත් පොස්ට් එකක් නොලියා ඉන්නම් .
    මේ කමෙන්ට් කියවගෙන යද්දී අපට හොඳ දැනුමක් එනවා .
    ඇනෝ ..තරහ වෙන්න දෙයක්ය ..නෑකමක් තියෙනවා . තාත්තගේ පැත්තෙන් .ඒත් අපි දැකලවත් නැහැ .අපේ තාත්තටත් හොඳ කළා හැකියාවන් තිබුන . විශේෂයෙන් චිත්‍ර අඳින්න ...කැටයම් කපන්න .ඒවා ආසාවට කලට වැඩි දියුණු කර ගත්තේ නැහැ ..අපේ ගෙදර ඕන තරම් පොත් තිබුනා අපි නොදන්නා කාලේ ඉඳන්ම . තාත්තා ඒ කාලේ මුද්‍රණ අංශයේ හිටි නිසා පොත් කවරයක් ගැහුවම අනිවාර්යයෙන් පොතක් ලැබුනා . වයසටත් වැඩි නවකතා ඒ කාලෙම කියවන්න ලැබුනේ ඒ හින්දයි.

    ReplyDelete
  26. බින්දි අක්කේ මට ඉතින් මේ කවි ගැන ලොකූ ටෝකක් දෙන්න තරම් කවි දැනුමක් නෑ මම වැඩිය පොත පත කියවලත් නෑ . ඉතින් මට මේ ගැන කියන්න පුලුවන් එකමදේ තමයි..........
    ලස්සනයි කියන එක

    . ඇත්තෙන්ම ලස්සන කවි කීපයක්

    ReplyDelete
  27. අපොයි, වලිය නැගලා යනවා වගේ.. මටත්නං අද පට්ට මහන්සියි.. හෙට ඉදන් වලියට සෙට්වෙඤ්ඤං.. :)

    ReplyDelete
  28. පෙනෙයිද බින්දිගෙ හැටි. වලිය අවුස්සලා ඊට පස්සෙ ෂේප් වෙලා හොඳ ළමයා වෙන්ඩ හදනවා. ඊට තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිමි.
    සහෘදයනි, අපි වලි දාගමු.

    ReplyDelete
  29. කවි ටික බොහොම අගෙයි, ඔයාගේ යාලුවාගේ මකරන්දෙටත් ගොඩවුනා

    ReplyDelete
  30. දෙන්නට ඔවා මේ ලෙස ගලපා පදට
    කරන්නට රසය පෙරදා මතකය සිතට
    ගත් වෙහෙසටයි අපමණ තුති ඔබට
    කටු රොද ගමට මේ ලෙස පෙම් බැඳි ඔබට

    මෙන්න ඔයා අහලා තිබුන එකට උත්තරේ මම ඒක දාලා හුඟක් කල් ඔයා දැකලා නැහැ.

    http://nethupiya.blogspot.com/2011/06/blog-post_11.html

    ReplyDelete
  31. සඳරු ...ඔයා බැහැ බැහැ කිව්වට හොඳ කවි ලියන්නේ . ඇයි අර එළු කවි ටික මරුනේ . දුකා කිව්වා වගේ ඔයාගේ ලිවීමේ හැකියාව සුපිරියි.

    නෙතුපිය ..
    අය්යෝ මට ඒ කමෙන්ට් එක මග ඇරිලානේ. කල්හාර කවි ලිව්වේ නැතුවට කවිකාරියෙක් නේ ගෙදර ඉන්නේ . හරි සතුටුයි, නෝනයි මහත්තයයි බ්ලොග් ලෝකයේ සදා බැබලේවා .

    නලිනි...
    හා හා මන් ඔය දෙපැත්ත ම කකා මෙහෙම ඉන්නයි කල්පනාව . මන් කිව්වේ නිසදැස් මතක හිටින්නේ නැහැ කියල විතරයි . පස්සේ අපේ යාළුවො අදහස් දක්වද්දී සේකර ...ගජමන් නෝනා හෙම සිහි වෙලා මතක හිටි නිසදැසුත් මතකෙට ආවා . ඒවත් රසවත් නිසානේ මතක හිටියේ . එවෙලෙට කියෙව්වට කිසියම් රිද්මයක් නැත්නම් මතක නොහිටින බව තවමත් මගේ මතය . Exceptions තියෙනවා . ලෝකේ හැම දෙකටම වගේ . මන් කියන්නේ බොහොමයක් කියලයි .
    සේකරගේ
    ''යනවිට දුම්රිය මැදිරියේ ..හිස් සිගරට් පැකට්ටුවක ..මට ලියන්නට ඇත කවියක් '' [මන් හරිද ..මට මතක ඔය විදියට ..කවුරු හරි මුළු කවියම දානවද ]
    හි ඒ තරම් රිද්මයක් නැතත් හදවතට කතා කරන ගතියක් තිබු නිසා මතක හිටියා .
    මම නම් නැහැ ලොකු සටනකට . මම අම්පයර් හොඳේ ...නැත්නම් කියමු යු එන් එක වගේ ..කට්ටිය වවුලා කියල බනින්නත් ඉඩ තියෙනවා ...
    බුරා මොන පැත්තේද දන්නේ නැහැ . මොකක්ද අප්පා ඔච්චර මහන්සි වෙන්න බරපතල වැඩද . ටි ජි .නගාට වෙච්ච දෙයක් නැහැ . නිතා අර කවි ලිව්වා දා ඉඳන් පැත්ත පළාතේ එන්නේ නැහැ . තරහ වෙලාද මන්දා

    ඕල් ඉන් වන් ස්තුතියි හොඳේ ..

    ReplyDelete
  32. from - - සපතේරු උන්නැහේ

    @ හිතවත් පොත් ගුල්ලා සහ ඩොක්ට නලිනි..

    මට නම් දැන් සුදු කොඩි හීනෙනුත් පෙනේ:D

    මම මේ කවිය සහ නිසඳැස සාමාන්‍ය පාඨකයෙක් හැටියට මට දැනන හැටි කීවා විනා ඒ ගැන ශාස්ත්‍රීය විවරණයක් කිරීමට තරම් ඡන්දස් ශාස්ත්‍රය ගැන හෝ කාව්‍යකරණය ගැන ප්‍රාමාණික දැනුමැත්තෙක් නොවෙමි... මට දැනෙන දේ නම් නැවත නැවත කිය හැකියි.. එහෙත් එය නිශ්ඵල නොවේද...

    ඔබට හොඳින් කියවා බලා " නිසඳැසත් කවියක්ම වන්නේ කෙසේද ? " වගේ පෝස්ට් එකක්ම කරන්නට හැකිනම් අගනේය..

    " නිසඳැස කවියක් නොවන්නේ ඇයි ?" වගේ පොස්ට් එකක් කිරීමට කිසිදු ශාස්ත්‍ර ගවේශණයකට අවකාශ නැති මේ කාන්තාරයේ සිටින මට නොහැකි වීම ගැන කනගාටු වෙමි..

    මා පුද්ගලිකව සඳැස අගය කරන අතර, කුමාරගම් හෝ කපිල ඊ සෙනෙවිරත්න පමනක් නොව සේකර හෝ පරාක්‍රම ද හොඳින් රස විඳ ඇත්තෙමි..( මොනිකා එතරම් කියවා නැත )

    මිතුරන් සමග discotheque එකකදී 5 cents ගේ රැප් එකකට පරල වී නටන මම ... හිතට වේදනාවක් දැනුනු විට හුදකලාව ජග්දීත් සිං ගේ ගසzල් වලට මෝහනය වෙමි....

    ජය !

    බින්ඳිත් ඉඳල ඉඳලා ඔය කළා වැඩක්,
    යසට හිටපු අපි ඔක්කොම පැටලෙව්වා...
    සපතේරුට සඳැස්, පොත් ගුල්ලට නිසඳැස්,
    හොඳනම් අනේ ඇවිලෙන්නේ මොකෝ මොකෝ...

    අනේ සුසානෝ රිප්ලයි කරපු ගමං,
    වෙද නෝනත් ඇවිත් බෙදුවා ලොකු හැන්දෙන්...
    critical care එකකටවත් නොදැම්මොතින්,
    සපතේරුවට අබ සරණයි අබ සරණයි...

    සපත්තුවක් විකුනාගෙන ඉන්නැතුව,
    කවි වාදෙක පැටලීලා ඉලව්වේ...
    පොතුත් කියවලා එනවලු නෙළන්නට,
    හැමදෙවියෝ සපතේරුව රකෝ රකෝ...

    - රංචාගොඩ උන්නැහේ

    ReplyDelete
  33. "5 cents" up there is a typo.. it is 50 cents..
    - The Cobbler

    ReplyDelete
  34. ඇඳලා ගත්ත කේයස්ගේ නෑ කමට..
    බින්දි නෝන කල හරියක් මේකාට..
    සඳැස් එපා වී අපේ සප තේරුවට..
    උන්දැත් දැන් ලියයි නිසඳැස් යස රඟට..

    ReplyDelete
  35. අතකින් දොස්තරය අතෙකින් පොත් ගුළුය..
    අනික් අතින් තනිවම සපතේරුවය..
    ගින්න තැබූ අය අසලක දැන් නැතිය..
    බින්දි කලේ අමු කැලයක් නැසීමය..

    ReplyDelete
  36. පොත් ගුල්ලත් එක්ක නලිනි ඇන්න ගුටී
    මට නම් පේන හැටියට එය හරිම වටි
    පද ගලපන්න බැරි යැයි හරි දුකින් සිටී
    දැක්කද සපතේරු නිසදැස් ලිව්ව හැටී

    සපත්තු විතරද කවි ටික අගනා
    ලියවුන එක නම් මට හරි වටිනා
    රංචාගොඩ ටත් එහාට දැනෙනා
    අවුලපු ගින්දර මට දුක නොදෙනා

    ReplyDelete
  37. මමත් ඉන්නෙ සදැස් ගොඩේ, වෙන මොකවත් නිසා නෙවෙයි නිසදැස් ලියාගන්ට බැරි නිසා.. හික්ස්.. :)

    @නලිනි,

    // නිසදැස්වල නිදහස කිව්වෙ, අදහසට උචිත පරිදි භාෂාව, වචන, පද බෙදුම්, පද ගණන, පෙළ ගණන යනාදී සියල්ල යොදාගැන්මට හැකි නිසා. ඒ තුළින් වඩාත් ප්‍රබලව අදහස විකාශනය කිරීමට හැකියාව ලැබෙනවා, සදැස් කවියකට වඩා. විශේෂයෙන්ම, කවියෙ පරමාර්ථය නිකම් කණට ගැහුවා වගේ කියන්නට හැකියාව ලැබෙනවා. ඕ යෙෂ්!! //

    කවියක අරමුන ඒකද..?? එහෙනං අපට ඒක වාක්‍ය රචනයකිනුත් කරන්න පුළුවන් නේ.. මොකටද නිසදැස් ලියාගෙන මහන්සි වෙන්නෙ..!!?? නිකංම කණට ගහනවට වඩා ‍හොද නැද්ද ඒ පණිවිඩයට පිටින් තව සීනි චු‍ට්ටක් තවරලා, අහන්න ලස්සන විදියට දෙන එක..??

    @බින්දි,

    මෙන්න ඔයා ඉල්ලපු කවිය..

    ඔප් නැඟූ විසල් මේසයක් මත
    තබා සුදු සුමුදු කරදාසියක්
    ඒ මත පාකර් පෑන් තුඩකින්
    ලියන්නට මට නොමැත කවියක්.

    වැඩ ඇරී එන කලට ඔබ සමඟ
    සෙනඟින් පිරීගිය දුම්රියක
    අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
    ඒ මත පැන්සල් කෙටියකින්
    කුරුටු ගාන්නට ඇත මට කවියක්.

    එසේ වුව සොයුරනි!
    ඔබ ගැන මා ලියන ඒ කවිය
    ඔබගෙන් බොහෝ දෙනෙකුට
    අද දින නොවැටහෙන බව දනිමි.

    ලෝකය මීට වඩා යහපත් වන
    අනාගතේ යම් දවසක
    ඔබ එය මීට වඩා ආදරයෙන්
    කියවන බව දනිමි..

    වැඩ නෙවෙයි අප්පා.. සෙනසුරාදා කියන්නෙ මං කිරිකැට් ගහන දවස නෙවැ.. මැච් එකට ගිහිං ආවාම පණ ගිහිං වගේ..

    ReplyDelete
  38. @බුරා...

    "මමත් ඉන්නෙ සදැස් ගොඩේ, වෙන මොකවත් නිසා නෙවෙයි නිසදැස් ලියාගන්ට බැරි නිසා.."

    මේ නං නිසඳැස් කස්ටියගෙන් පගාවක් කාලා...ඇයි බොලේ නොකියා කියලනේ නිසඳැස් ලියනවට වඩා සඳැස් ලියන එක ලෙහෙසිය කියන එක..

    හප්පා..සේකර...

    මේවා දකිද්දී කොහොම නම් නිසඳැසට ආඬ පාලි කියන්ටද..?

    බීර...

    රන්වන් රන්වන් ගත බබලනවා
    හිනා කටින් කිරි පෙණ උතුරනවා
    හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
    ඒ දුටු තරමින් හිත මත් වෙනවා

    ඒ කට මේ කට ළඟට අදිනවා
    දෑස පියා එක හුස්මක් බොනවා
    ඈත තියන්නට හිත නැති වෙනවා
    බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

    හීතලේම උඹ ළඟට ඇඳෙනවා
    දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
    වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
    බූතයන්ට ඇති බය නැති වෙනවා

    මේසේ අපි උඹ වටව සිටිනවා
    දෑසේ නිදි මත මතට ඇරෙනවා
    රාසේ කළ හැම දේම කියනවා
    මාසේ පඩියම උඹට පුදනවා

    නො තේරේය තම තරම පමාණේ
    හිතේ දුකට බේතයි අනුපානේ
    පොතේ කියන බණ වෙයි අඩමානේ
    නැතේ නුඹට සම වෙන අන් පානේ

    පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
    මද්දිම වනතුරු එකට සිටිනවා
    අලුයම එක ළඟ වැටී නිදනවා
    තුන්යමටම මට උඹ සිහි වෙනවා

    මෙන්න සේකර වෙනුවෙන් රසික වික්‍රමනායකගේ නොමියෙන මෙහෙය..
    මහගම සේකර

    ReplyDelete
  39. @ බුරෝ...

    //මමත් ඉන්නෙ සදැස් ගොඩේ, වෙන මොකවත් නිසා නෙවෙයි නිසදැස් ලියාගන්ට බැරි නිසා//

    මෙහෙම එකෙක් දැක්කමයි... බැරිද මට ඔය හැකියාව හුවමාරු කරගන්නෙ.. මගෙ කමකට නැති නිසඳැස්.. ඔබ ගන්න.. ඔබේ රටක් වටින කවි හැකියාව මට දෙන්න..)

    @ මාරයා...

    කලිනුත් ඕකමයි මාරයො මං කිව්වේ,
    නිසඳැස් ලියන්නට නම් කාටත් බැරිද...
    රස පිරි අරුත්බර කවි ලියනා උතුමෝ,
    තරු පිරි අහස සරසන සඳ වගෙ නොවෙද...

    ReplyDelete
  40. මොනවා කියනවද මා මිතු සපතේරු..
    සඳැස් වගේදැයි නිසඳැස් අගනේළු..
    සඳ නැති රැයේ තරුකැට ඇති විට යාළු..
    සමහරු එයින් යම් එලියක් ලබනේළු..

    ReplyDelete
  41. මාරෙ ඕන් බලපන්....

    //දොස්තර මහතාණෙනි
    මේ ආබාධයට බෙහෙත් කියනු මැනව
    මේ ආබාධයට බෙහෙත්
    සොයාගෙන නැත තවම.
    තමුසෙ එහෙනම් බම්බු ගහනව…! //

    මේ වගේ කනටම වදින නිස්ඳැස් ඔච්චර ලියපු සේකර ගැන කියන්න උඹේ කටට ( දිවට ? ) ආවෙ සේකර ලියපු කවි පන්තියක්....

    ReplyDelete
  42. ඉතින් ගොයියෝ බුරා කොලෙත් එහෙම වැඩක්නේ..මාත් කොරලා බැළුවා..:D

    ReplyDelete
  43. අවසානයේ විමල් දිසානායකත් කියන්නේ සඳැස, එළිසමය අවශ්‍යය කියායි. අහන්ණ විමල් සහ සුනිල් සරත් පෙරේරා දෙන්නා.

    http://media.sbs.com.au/audio/sinhalese_110710_177689.mp3

    ReplyDelete
  44. @ මාරෙ,

    කලබොලේට ඩින්ගිත්තක් කට ඉස්සර වුනා....ආයි කියෙව්වහම්යි සෙට් වුනේ..

    ReplyDelete
  45. Chandy said....

    "විෂමව කැරකෙන ලොව දෙස
    ඔබත් මමත් ඈතට වී බලාසිටිමු
    මේ ලොව මීට වඩා ලස්සන සකසන්නට
    එවිට අපට හැකිවනු ඇත "
    -සේකර-
    (මම නම් කොහොමටත් ඈතට වෙලා හිටියේ අහක යන බුලට් එකක් වදී කියලා බයෙ)

    ReplyDelete
  46. Chandy said..

    PS - සමා වෙන්න ඕනේ. තුන් වෙනි පදේ වරදක් තියන හැඩය. මගේ මතකය එතරම්ම හොඳ නැති නිසා. මතක කෙනෙක් නිවැරදි කරත්වා

    ReplyDelete
  47. @ බින්දි
    ටී ජී නගා ඉන්නවෝ.පන යනකන් වැඩ වැඩ මේ දවස්වල පොසොන් පෝයටත් වැඩ කොලා , ඊයෙ සෙනසුරාදා , අද ඉරිදත් වැඩ කලා සතියෙ දවස් වල රෑ ජාමෙ වෙනකන් වැඩ ඒ නිසා නෙලුම් විලේ මොනවත් ලියන්න බැරිවුනා ඒත් හැමදාම මම නෙලුම්විල කියවනෝ හොඳේ.

    හ්ම් සඳැස් නිසඳැස් වාදේ නැගල යනෝ වගේ , ඕකට ඔය තරම තරහ ගන්න/ අමනාප වෙන්න කාරි නෑ මේක කියවන උදවිය. අපේ කාව්‍ය ඉතිහාසෙ ගත්තම චන්දස් අලංකාර දාලා ලිව්ව සඳැස් කවි තමයි සම්භාව්‍ය සාහිත්‍යයේ වැඩියෙන් අපිට හමුවෙන්නෙ .ඒ පොත් බිහිවුනේ ගොඩක් වෙලාවට පැවිදි පඬිවරු එහෙම නැත්නම් රාජ අනුග්‍රහය ලද ගිහි උගත්තු අතින්නේ . නමුත් කවි කලාව ශාස්ත්‍රයක් හැටියට ප්‍රගුණ කිරීම ඔය කාටත් අනිවාර්ය වුනා . ඔය විදියේ කාව්‍ය පොත් පත් වැඩියෙන් ලියවුනේ දඹදෙණි යුගෙන් පස්සෙ.ඒකෙ කූට ප්‍රාප්තිය කෝට්ටේ යුහයේ සන්දේශ කවි වෙන්න ඕනෙ . අනුරාධපුර යුගයේ ලිඛිත පද්‍ය සාහිත්‍ය ගැන තොරතුරු අඩුයි .නමුත් ටිකක් සීගිරි කුරුටු ගී මතක් කරගන්නකො

    සියොවැ ආමි -සීගිරි බැලිමි
    බැලු බැලූ බූ) ජනා කවි ලියූවෙන් මම නොලීමි

    නිල් කට් රොල් මලෙක ඇවුණු වැට් කොල් මල සේ

    කොමුඩ් අමඩ් ලෙඩ් ලිනසී -එබොන්ද මියුර් යහ බැසී
    එක පල් දල වන් දිගැසී -මන ජල්වයි සිත් නොමුසී

    ඉතින් ඔය කුරුටු කවි ලිව්වෙ සීගිරි සිරි බලන්න ආව උගත් නූගත් පැවිදි ගිහි වංශවත් , වංශවත් නොවුන පොදු මහ ජනතාවනේ . ඒවයෙ නිසඳැස් හෝ සඳැස් කියල ඉරක් ගහල වෙන් කරල කියන්න බෑනේ .ඒ වගේම අර රීතියෙන් මේ රීතියෙන් කවි ලියවුනා කියල කියන්නත් බැහැනේ .ඒ වුනත් ගිහි පැවිදි පණ්ඩිත උදවිය කවි කලාවට ආවම ඔය එක එක නීති රීති හොයාගෙන මේ වැඩේ සංකීර්ණ කලා එකනේ ඔය චන්දස් අලංකාර වියරණ වගේ බරසාර දේවල් එක්ක කවි ලියවුණේ .ඉතින් ඒ නිසා මට හිතෙන්නෙ කවි කලාව එක්තරා පන්තියකට සීමා වෙලා ඒ උදවියගේ අදහස් විතරයි කවියට නැගුනේ .ඒ වගේම කවියෙ අදහසට වඩා ඔය කවි ලියන නීති රීති වලට වැඩි බරක් දුන්නා . පණ්ඩිතගොල්ලො කවි කලාවට එක්වෙලා මේ වැඩේ සංකීර්ණ කලා . මුකුත් උගත්කම් නැති ධීවරයෝ ගොවියො ,තොටියො , ඔයිට වෙනස් විදියට ජන කවි වලින් තමුන්ගේ අදහස ප්‍රකාශකොලා සරලව ඒත් හිතට කාවදින්න ඒ කවි වල ඔය නීති රීති වැඩිය නොතිබුණ නිසා කවි වල අදහස , හැඟීම් ඉස්මතුවුණා නමුත් ඒ කවියො කවුද කියල අපි දන්නෙ නැහැ. ඒවා වැඩිය ගනන්නොගතයුතු චූල සම්ප්‍රදාය කියල අර පන්ඩිතගොල්ලො හිතන්න ඇති ඒ නිසා ඔය යුග සාහිත්‍ය වල කොහේකවත් අපි දැකල නැහැ නෙව සාමාන්‍ය මිනිස්සු කවියො හැටියට ප්‍රසිද්ද වුනා කියලා.මාතර සාහිත්‍ය යුගය ගැන උගත්තු ඒ තරම් වර්ණනා කරන්නෙ නැහැනේ .ඒ බොහොමයක් මාතර යුගේ නිර්මාණ බිහිවෙන්නෙ ගිහියො අතින්නේ .ඔය ගජමන් , රංචාගොඩ වගේ උන්දැලා බොහොම නිදහස් මතධාරී විදියට සුංගාර කවි කියල තියෙනවනේ

    කවිය කොලඹ කවියො ගත්තම ඒ අය අද්භූත සෞන්දර්යවාදියො කියල පහත්කරලනෙ බොහොම උගත්තු සැලකුවෙ.නමුත් මේ උදවිය නිසා සාමාන්‍ය මිනිස්සු ඒ අයගෙන් ඈත්වෙලා තිබුණ කවි කියවන්න ආවා .දේදුන්න වගේ කවි සඟරා බිහිවුණා කොලඹ කවියො ජාතික නිදහස් සටනටත් උරදුන්නනේ .නමුත් චූල සම්ප්‍රදායක් කියන අදහස කොලඹ කවියො කෙරෙහිත් බලපෑවනේ .ඒකනේ ඔය කාලෙ පේරාදෙණි විශ්ව විද්‍යාලයෙන් එලි බැස්ස නූතන උගත් පන්තියට අයත් පේරදෙණි ගුරු කුලේ ඇත්තො කොලඹකවියන්ට පහර දුන්නේ .නමුත් කොලඹ කවියො ආදර්සෙට ගත්තු ශෙලී , වර්ඩ්ස්වර්ත් ,ටෙනිසන්ගේ ඉන්ග්‍රිසි කවි රචනා ඔය කවුරුත් ඉගෙන ගන්න කාලෙ ඉන්ග්‍රිසි සාහිත්‍යට මහ ඉහලින් රසවිඳින්න ඇති ඩැෆඩිල්, සොලිටරි රීපර් වගේ කවි පන්ති මතකයිනෙ

    නිසඳැස් පටන්ගන්න කාලෙ ජී බී සේනානායක එහෙම ලිව්ව නිසඳැස් මතකද ?

    හිස නවාගති ඈ සිහින් රතැඟිලි පටලවාගෙන

    පස්සෙ පේරාදෙණි යුගයේ සිරි ගුණසිංහ ,අමරසෙකර , සරත් අමුණුගම එහෙම නිසඳැස් වලට එකතුවුණා නේ . නමුත් මොනිකා , පරාක්‍රම , සේකර , රත්න ශ්‍රී එහෙම තමන්ගේ අදහස් කියන්න නිසඳැස් සඳැස් දෙකම පාවිච්චිකලා කියලා හිතෙනවා .

    මට කියන්න ඕනෙ වුණේ කවිය වගේ මාධ්‍යකට නීති රීති දානවට වඩා ඒ වෙලාවෙ කියන තියෙන අදහස ,හැඟීම හොඳින් කියවෙන ක්‍රමයට කවිය කියන මාධ්‍ය බාවිතා කිරීමය් වැදගත්

    ප/ලි

    මාත් නිසඳැස් කලි ලියල තෑගි දිනල තියෙනො මෙන්න කතාව
    http://ahasgawwa-tmg.blogspot.com/2011/07/blog-post.html

    ReplyDelete
  48. සපතේරු උන්නැහේ,
    මමත් ඉතින් සාමාන්‍ය පාඨකයෙක් විදිහට මට දැනෙන හැටි තමයි කිව්වෙ. හිත අමනාප කරගන්ට කාරි නැතුවා. ඒ නිසා මමත් සුදු කොඩි දමා නිහඬ වෙමි.

    අපූරු කවි පෙළ. :D

    බුරතීනො,
    අද මට හුඟක් කම්මැළි දවසක්.
    අර අහපු ප්‍රශ්නෙට උත්තරේ: සදැස් කවියක තවරන සීනිවලට වඩා නිසදැස් කවියක තවරන සීනි වෙනස්ය. කෙසේ වුවද, රසවත් වීමට දෙකෙහිම සීනි තැවරිය යුතුය. ලියවෙන සියලු සදැස් හෝ නිසදැස් රස නොවන්නේ එහෙයිනි.

    වාක්‍ය රචනා, කෙටි කතා, නව කතා, දිගු කෙටි කතා, බ්ලොග් පෝස්ට්, තීරු ලිපි ආදී ලේඛන කලාවේ නොයෙක් ප්‍රකාශන මාධ්‍යයන්ගෙන් එකක් නිසදැස. නිසදැස වාක්‍ය රචනයකට වඩා හුඟක් වෙනස් නේද?

    ඔබ කියන කවියේ ශබ්ද රසය නමැති සීනි කැට නිසදැසටත් තවරන්නට පුළුවනි ස්වර මාලාවක් යෙදීමෙන්. සේකර වැනි කිවියන්ගෙ නිසදැස් පසුව ගී බවට පත් වුණේ එහෙම. උදා: පායන් රන් සඳ
    කවි ශබ්ද නගා ගායනය අපට හුරු නිසාත්, ඒ සදහා බොහෝවිට යොදා ගැනෙන්නෙ නිශ්චිත අකුරු සංඛ්‍යාවක් (මම දන්නෙ නෑ ඒකට තාක්ෂණික වචනය) නිසාත් අපි හිතෙන් ඒ තාලයට කවිය කියනවා. නමුත් අර විදිහට ගීතයක් විදිහට හැරවුණු නිසදැසකත් ඒ දේ තියෙනවා. එහෙම නිශ්චිත තාලයක් තිබීම සදැස් කවියෙ ධන ලක්ෂණයක්.

    අනික් අතට කොහොම හරි වචන ටිකක් පෙළ ගැස්සුවාටම නිසදැසක් වෙන්නෙත් නෑනෙ. ඒ තුළත් යම් රිද්මයක් තියෙනවා. එක පෙළක හෝ ළඟ පේළිවල යෙදෙන වචනවල එකිනෙකට ගැලපුමක්, එකම විදිහකට ශබ්ද වීමක් එතුළත් තියෙනවා. අපි ලියන බහුතරයක් නිසදැස්වල මෙලෝ ලස්සනක් නැත්තෙ අපි ඒ රිද්මය පවත්වා ගන්නෙ නැති නිසා. ඒක අපේ මිසක නිසදැසේ වරද නොවෙයි.

    සදැස් කවිවල මෙන්ම, උක්තය- කර්මය- ආඛ්‍යාතය කියන පිළිවෙලින් බැහැරව වචන යෙදීම නිසදැසෙත් තියෙනවා. මට හිතෙන්නෙ වාක්‍ය රචනයකින් කවිය වෙන් කෙරෙන ප්‍රධාන ලක්ෂණ වෙන්නෙ මේ වචන යෙදෙන පිළිවෙල හා රිද්මය.

    කවියෙන් කතාත් ලියන්නට පුළුවන්; ලිපි ලියන්නටත් පුළුවන්. එහෙම කියලා, මොකටද නිකම් මහන්සි වෙලා කවි ලියන්නෙ, ඒකද කවියෙ අරමුණ කියලා අහන්නෙ නෑ නේද? ගද්‍ය රචනා වගේම පද්‍ය රචනාත් භාව ප්‍රකාශනයේ විධි.

    අලෝ ටී ජී නංගීඊඊඊඊඊඊ. :D බොහොම අපූරු විස්තරය.

    ReplyDelete
  49. මාරයා දාපු සේකරගේ'' බිර'' ගැන කවි ටික දැකල මට ඉතිහාස සිද්ධියක් මතක් වුනා . ඉස්කෝලෙදි ''ඇඩික්'' සංවිධානෙට බැහැල වැඩ කළා . ඒක වෙනුවෙන් හදපු පොඩි පත්‍රිකාවකට සේකර ගැන කියල කවියක් ලිව්වා . සිංහල ගුරුතුමිය කියාදුන්නා එහෙම දේකට පුද්ගල නාම ගාව ගන්න එපා කියල . ඉතින් මට ඒක වෙනස් කරන්න වුනා

    ReplyDelete
  50. පුංචි සිද්ධියක් දුර යාම නිසා භයන්කාර හීනයක් බඳු රෝහල් කාමරයක ඉන්ජෙක්ශන් හා කැපුම් පහර ලද මා තවමත් කොර ගසමින්. තඩි ඉන්ජෙක්ශන් එකකුත් අරගෙන "අපේ දොස්තර නෝනා" ත් ඒවි යයි බයෙන් උන්නෙමි. මේ නිසා අපට නම් සන්ඩු වෙන්නට හයියක් නැත. වැඩිය ලියන්නට වෙලා ද නැත.

    සඳැස් හා නිසඳැස් ගැන නැටි හපා ගන්නා අයට "සිරි අයියාගෙන් අහන්න" කියා කීමට කැමතියි.

    හෙට මීට වඩා ලියන්නම්. ඇන්ටි බයටික් වලට දොයිය මතයි.

    ReplyDelete
  51. සුජීව ...
    අපොයි මක් වුනාද . ඉන්ජෙක්ෂන් වලට බයයි කිව්වා නේද . බයක් වෙන්න දෙයක් නැහැ . පොලිටික් වලියක් නෙමේ නිසා මෙතන යන්නේ ක්‍රිකට් මැච් එකක් වගේ එකක් . ඉක්මනින් සනීප වෙන්න පතනවා .

    ReplyDelete
  52. @සපතේරු උන්නැහේ,

    // මගෙ කමකට නැති නිසඳැස්.. ඔබ ගන්න.. ඔබේ රටක් වටින කවි හැකියාව මට දෙන්න //

    අපෝයි, මං ලියන සදැසුත් මෙලෝ රහක් නෑ.. :)

    @නලිනි,

    ඔයා කියන දේට එකගයි.. ඇත්තටම මං නිසදැසට අකමැත්තක් නැහැ.. ඒත් මට හිතෙනවා ඒවයෙ මොකද්දෝ අඩුවක් තියෙනවා කියලා.. ඔයා කියන විදියට රසවත්ව ලියැවුනු, ගී බවට පෙරළුනු නිසදැස් තියෙනවා තමා, ඒත් බලන්න ඒ බොහොමයක් එළිසමය නැතිවුනත් මාත්‍රා ගාන නියමිත විදියට පිහිටවපු ඒවා.. එහෙමත් නැත්තං අර ඔයා කිවුවා වගේ වචනවල ගැලපුමක්, රිදිමයක් ඇතිව ලියපු ඒවා.. ඒක නේද අපට ඒවා ගායනා කරන්න පුළුවන්..?? ගායනා කිරීමකින් තොරව කවියක් උපරිමයෙන් රසවිදින්න පුළුවන්ද..?? ඒ කියන්නෙ නිසදැසක් වුනත් යම් තරමකට හෝ රාමුවකට කොටු කිරීමෙන් ඒකෙ අගය තවත් වැඩිවෙනවා නේද..??

    මේක ඉතිං මගේ පෞද්ගලික අදහස, ඒත් ඉතිං ඕනෙනං වාදය දිගටම ඇදගෙන යමුහ්.. :)

    @TG,

    අපෙ අප්පෝ, දැක්ක කල්..

    @බින්දි,

    ඔය සුජීව මගෙත් එක්ක ද්වන්ධ යුද්ධයකට ඇවිත් මගෙන් වෙඩි පාරක් කාලා..

    ReplyDelete
  53. සති අන්තයේ ගමනක් ගියා. ඒ ටිකට හෙන වලියක්! ........... මගෙ අම්මේ, මට වචනත් පැටලෙනවා. බින්දි, මාත් හරිම ආසා කවිපන්තියක් මේ කේයස් ගේ සුදෝ සුදු පොතේ මේ කවි පන්තිය. මම කවි පොත් ගොඩාක් කියවලා තියෙනවා. විවේචනය කරන්න නම් දන්නේ නෑ. උපරිමේ රසවිදිනවා. පුෂ්පා රම්ලනී අක්කගේ බුදුවෙන්නට හිතා නොවේ කවි පොත ගොඩාක් මතකයේ රැඳුන පොතක්. හැමෝම මේ විතර ගොඩාක් ලියල හින්ද ආසාවෙන් කියෙව්වා.මම නම් ඇත්තටම ගොඩක් විස්තර ලියන්නෑ ඔන්න. ස්තූතියි! මතකය අලුත් කලාට.

    ReplyDelete
  54. මමත් නිසඳැස් වලට වඩා සඳැස් වලට කැමතියි... ඔයාගෙ කවි ටික ගොඩක් ලස්සනයි... ඒ වගේම මම සුදෝ සුදු වලටත් ගොඩක් කැමතියි...

    ReplyDelete
  55. ශා ඔයාගේ පොස්ට් එකයි මේ comment ටිකයි කියවපුවම ඔන්න වෙනම ලෝකෙක නතර උනා වගේ දැනෙනවා......
    කවියට,නිසදැසට,ගිතෙට,සින්දුවට මමත් මගේ ජීවිතේට තරම්ම ආදරෙයි ඔන්න......
    එත් මේ තියෙන වැඩ ගොඩත් එක්ක හොද කවි පන්තියක්,හොද සාහිත්‍ය පොතක් වගේ දෙකට හිත යොමන්න තරම් වෙලාවක් නෑ....
    කොහොම උනත් මාත් අසාවෙන් රසවිදපු කේයස් ශුරීන්ගේ "සුදෝ සුදු" ඔයා ආයිත් මතක් කළා එහෙනම්....
    එකටනම් ගොඩක් පින්...... කවි සාගරයක කිමිදුනා වගේ දැනෙනවා.....
    ඒ සතුටත් එක්ක පුංචි දුකකුත් එනව හිතට ......
    අද මේ වගේ මනරම් කාව්‍යන් රසවිදින්න තරම් උසස් රසනයතාවක් අපේ පරපුරේ ගොඩක් දෙනෙකුට නැති එක නම් අවාසනාවක්.......
    අනේ ඉතින් ඒ වගේ රසයක් ජනිත කරන්න මේ වගේ තැනක් තියෙන එකත් ගොඩක් සතුටක්......
    කිහිප දෙනෙක් හරි නියම රසය අවබෝද කර ගන්නවානම්.........ලොකු දෙයක්......
    ඔන්න අක්කේ මගෙන් සුබ පැතුම්.......

    වැඩ වැඩි දවස් ටිකකිනි මේ ගෙවෙන්නේ
    නිදහස පලා ගොස් ඇත මගෙ හද විමනේ
    ආවෙමි බලන්නට බ්ලොග් පිටු හතර දෙසේ
    හමුවූනි හොද කවක් පෙර දින රැදුණු සිතේ

    වින්දෙමි එදා මෙන් මේ කව අදත් අනේ
    තෙමමින් කවි ගගුල ගැලුවා මහද දිගේ
    නැගුනෙමි මහත් සොම්නස මගෙ හද පතුලේ
    පින් අත් වෙයන් කිවිදිය ඔබ හටම අනේ

    ReplyDelete
  56. [[ඔය සුජීව මගෙත් එක්ක ද්වන්ධ යුද්ධයකට ඇවිත් මගෙන් වෙඩි පාරක් කාලා]]

    එම්බල බුරෝ, මාත් එක්ක ද්වන්ධ සටනක් කළ හැකි එකෙක් මේ තුන් ලෝකේ නැහැ [ඊට කලින් ශේප් වෙනවනේ]

    [[අපොයි මක් වුනාද . ඉන්ජෙක්ෂන් වලට බයයි කිව්වා නේද]]

    සිද්ධිය කියන්නත් බැරි තරම් පොඩි දෙයක්. අපේ නෝනා කියන හැටියට "හයියෝ මේ පොඩි තුවාලයක්". ඒත් ඉතින් තුවාලේ මගේ නේ.

    අපි පොඩ්ඩක් එක්ස්ෆ්ලෝ කරමුද කියා, තියටර් ඇඳකට දමා, චුට්ටක් රිදෙයි "ලෝකල් එකක්" කරනවා කියා කූරු දහයක් විතර කකුලට ඇන [බුදු අම්මෝ] චූටි තුවාලය හාරා කපා මැහුම් දමා මා කොරෙකු කර, අන්තිමේදී බිල දුටු විට මට මා මිසින් ම ජෙනරල් අනස්තයිස් පාරක් කරගන්න තරමේ තත්වයක් උද්ගත කර දුන් ලොකු දොස්තර මහත්තයට මෙයින් ස්තුතිය පල කරමි.

    අපේ නෝනාගේ පන්තිය අතරේ ලද සුළු වෙලාවේ නිකමට දොස්තර හම්බු වෙන්නට ගිය මට වෙච්ච හදිය නිසා ඇය පන්තිය නිම වි පැයක් කට්ට කමින් ලොස් වී හුන්නාය [මේකා කකුල හිරි වට්ටලා එලව ගන්න බැහැ වාහනේ :)]

    ඔයිට වඩා මොනවා කියන්නද ඉතින්. තවම කොර කොර ඇන්ඩ් ගොයින් තමයි.

    ඉතිරිය හැකි ඉක්මනින් ලියන්නම්.

    ReplyDelete
  57. ප්‍රංශය නම් ගුප්ත ලෝකයට ඇතුළු වෙමින් චේජනා තවත් එක කලා දොරටුවක් විවර කර ඇත. රසකාමීන් උදෙසා ඇයට ඇඩ් එක මගේ ගානේ [ණයටයි].

    ReplyDelete
  58. සාකච්චාව ගොස් තිබෙන දුර අනුව පොත් පරිශීලනය කොට මට එක් කිරීමට අමුතු දෙයක් නැති බව පෙනේ. (කොහොමටත් පොත් හොයාගන්නත් බැරි උනා. ඉතිං ඔය වගේ පණ්ඩිත උත්තරයක් දීල ෂේප් වෙන්නයි බැලුවේ.) ලියා ඇති කමෙන්ටු වල යම් යම් තැන් පිළිබඳව තව පොඩි කමෙන්ටු කිහිපයක් පමණක් කරමි.

    @සපතේරු....
    නිසදැස් ටික හරි අගෙයි. කව්දෑ දන්නෙ රංචාගොඩ ළමයෑ පුනුරුප්පත්තියද කියල, සපතේරු උන්නැහැ.
    මොකෝ නිසදැස් ලිව්වා, නොලිව්වා උත්ප්‍රාස රසය ගෙඩි පිටින්ම තියෙන්නේ ඔය.
    මෙන්න මගෙනුත් එකක්;

    සදැසුත් එක්ක නිසදැස් කාපු දීගේ
    සපතේරුවෙක් ඇවිදින් කරපු හදියේ
    බින්දිගෙනුත් කිසි සහයක් නැති කලට
    දොස්තර නෝනෙ නිසදැස් කවි රකෝ රකෝ

    ප.ලි.: රැප් සංගීතෙට නටුවේ නැතුවට මමත් ජග්ජිත් සිං නම් රසවිඳිමි.

    @ TG
    අර සීගිරි ගීය පොඩ්ඩක් මේ විදියට නිවැරදි කරමුද?

    "බුදල්මි
    පියොවැ ආමි
    සිහගිරි බැලීමි
    බැලු බැලූ බොහො ජනා ගී ලී ලුයෙන්
    නොලීමි."

    මතක් කලාට ටී.ජී.ට ස්තුතියි. ඕකත් අපූරු නිසැදසක් නොවැ. ඒ කාලෙ ඕව ගී හැටියට තමා හැදින්නුවේ. ඒකෙ තේරුම මෙහෙමයි.
    මම බුදල් වෙමි. පිය අඹුවත් සමග ආවෙමි. සීගිරිය බැලුවෙමි. සීගිරි බැලූ බොහෝ දෙන ගී ලියූ බැවින්, මම නොලීවෙමි.
    තව අනුරාධපුර යුගයේ හොඳ කවියෝ ඉඳල තියෙනවා. ඒ අයගේ නිර්මාණ නම් අද නැති උනාට කොහේ හෝ ඉතිහාස පොතක සොළොස් මහා කවීන්ගේ නම් කියෙව්වා මතකයි. දැමී, බෑබිරී, දල ගොත්, දල සල ...ඔය මතක නම් ටිකක්. අපිට තියෙන සාහිත්‍ය පොත පත අනුව අපි කවියේ ස්වර්ණමය යුගය ලෙසට කෝට්ටේ යුගය හැඳින්වූවාට සමහර විට අනුරාධපුර යුගයේ ඊට වඩා සම්භාව්‍ය කවි ලියවුනාද දන්නෙත් නැහැ.

    @බුරා
    මාත්‍රා ගණන පිහිටවා නොමැති ගීයකට උදාහරණයක් මෙන්න,

    අපාර වූ ආකාසේ
    වලා සිඳුණු බොල් එළියේ
    ඔබේ දෑස
    දිලී
    නිවී
    දිලී
    නිසොල්මනේ
    බලා සිටී

    ලිව්වේ සේකරයන්, ගයන්නේ අමරදේවයන්.

    මෙන්න තව අලුත්ම නිසැදසක්.

    මාතෘකාව : ගන්ධබ්බ

    මං
    උපදින්න බලාගෙන
    ඉන්නවා
    ඉන්නවා
    ඉන්නවා

    උං
    උපත් පාලන
    ගන්නවා
    ගන්නවා
    ගන්නවා

    ලිව්වේ ඉන්දික ගුණවර්ධන
    පොත - හිතේ කෙටූ ටැටූ

    සාහිත්‍ය වලියට එක්වූ සැමට හද පිරි ආදරය...........

    ReplyDelete
  59. @ චන්දි ..
    මේ බුලට් වැදුනට තුවාලවෙන්නේ නැති හින්දා හොඳයි . නැත්නම් මාත් ඉවරයි .
    @ චන්දි අක්කා ..
    පමා වී එන තරමට හොඳය ..පොස්ට් එකට වඩා අගනේ කමෙන්ට් ය .
    @ තාරා ..සහ දමිත ..
    හාහාපුරා කියල මේ පැත්තේ ආවට ''ලෝටස් ටි '' එකක් වත් දෙන්න වටිනවා . සන්තෝසයි නංගී මල්ලි අඳුර ගත්තට ..තාරා ''පොත් කියවන පිටුවෙත් '' ලින්ක් එක දාලා තිබ්බා . ඒ ගැන ස්තුතියි . මගේ බ්ලොග් එක ජනප්‍රිය වෙනවා වගේම මේ වගේ රසවත් සංවාද ගොඩක් අයට කියවන්න ලැබෙන එක මට සතුටක් .
    දමිත වැඩ වැඩි කාලේ ගෙවුනම ආයේ එන්නකෝ . ස්තුතියි හොඳේ

    @T . G ..නගේ වැඩ වැඩ කිව්වට දීල තියෙන්නේ මල් හතේ කමෙන්ටුවක් . බොහොම ස්තුතියි . සංක්ෂිප්තව සේරම කියා ඇත .
    @ නලිනි ..පොත් ගුල්ලා

    ''ගින්න ඇවිලිමි..
    හිමින් ලිස්සා ගියෙමි
    පැත්තකට වී හොඳට
    රස වින්දෙමි ..
    සියල්ල කියා ඇති හෙයින් ..
    මන් මුකුත් නොකියමි ''

    @ සුජීව ..බුරා ..
    වෙඩි වරුසා මැද පොඩි හානියක් වී ඇත්තේ සුජීවට පමණි. එයත් සදැස් ගේ හෝ නිසදැස් ගේ තුවක්කුවකින්වත් බුරාගෙන් වත් එල්ල නොවුනකි . කෙසේ වෙතත් ඉක්මනින් කකුල් දෙකින්ම ඇවිදීමට වාසනාව ලැබේවා .

    මෙවැනි සොඳුරු සංවාදයන් නැවත ඇතිවේවා .[ ඒ කියන්නේ තව තවත් කළා ගිනි ඇවිලේවා ]

    ReplyDelete
  60. ඔන්න බින්දිගේ මසුරන් පැනය [million dollar question]. සඳැස් ද නිසඳැස් ද ?

    මුලින් ම කියන්න ඕනේ මං ඔයාලා තරම් පොත් කියවා නැහැ. හැබැයි මාත් ඉතින් ඔය කොයි කොයි ඒකත් චුට්ටක් විතර දන්නවා.

    සංවාදය ගැන මං කිව්වනේ මගේ මතය කලින්ම.

    "සඳැස් හොඳයි කීවත් වැරදියි [ඊ ඊ ඊ]
    නිසඳැස් හොඳයි කීවත් වැරදියි [ඌ ඌ ඌ]
    එබැවින් නංගියේ මල්ලියේ [අයියේ, අක්කේ, බින්දී අක්කේ] පවසමු
    දෙවගෙම හොඳයි කියා"

    ඔන්න මටනම් දෙකම පුළුවන් හරිය? මෙන්න සඳැස් ඕනනං [දැන් ඕකේ දේශපාලන අරුත අමතක කරන්න හොඳේ]. මේකේ ඉතිරි ගොඩක් හරිය නිසඳැස්. හිකි හිකිස්‌. දැන් එතකොට මේක සඳැස් ද නිසඳැස් ද?

    පොර ටෝක දැම්මේ ඇඩ් එකට. කවි විචාරය කරනවා නම් මගෙ කවි වලට වඩා කවි ලියු බුවෝ/බුවීලා සිටිති.

    ඉස්සෙල්ලම කට්ටිය සඳැස් හා නිසඳැස් වෙන් කර ගත්ත නම්. මගේ පුංචි දැනුමේ හැටියට චන්දස් කියන්නේ නියමිත මාත්‍රා ගණන් [එක ගණන විය යුතු ම නොවේ] යෙදු නියමිත පද ගණන් ඇති කවි. එව්වයේ තියෙන අලංකාර තමයි එළිසමය අනුප්‍රාසය. ඒ කියන්නේ මුල මැද අග එලිසම කියන්නේ චන්දස් නොව අලංකාර.

    අපේ ළමයි නිසන්දසට උදාහරණ ලෙස දුන් රංචාගොඩ කෙල්ල ලිව්වේ චන්දස් කියලා මට හිතෙන්නේ. වැරදි නම් මට කියා දෙන්න වෙඩි තියන්න ඉන්ජෙක්ෂන් ගහන්න එපා හොඳේ.

    එතකොට අහවල් මගුලක් ද මේ නිසඳස. නිසඳස එන්නේ සඳසේ මුලික දුර්ගුණයක් මකන්නයි. දුර්ගුණය සඳසේ ද කවියා ගෙ ද යන්න විවාදාත්මකයි. ඒක තමයි කවියේ මාත්‍රා බැලන්ස් කරන්න සක්ක පද නොනිසි යෙදුම් යොදවන්නට සිද්ධ වීම. හැබැයි ඉතින් පෙර කී සේ මේක කවියාගේ නොහැකියාව කියා කෙනෙකුට කිව හැකියි. හැබැයි තවකෙක කියයි නැහැ කවියාගේ කවි සිත ඔහේ ගලා යන්න දෙන එකට සීමා එපා කියලා.

    සේකර ගලා යන්න දුන්නේ ඔය කවි හිත. සේකර ලියු නිසඳැස් වල රිද්මයක් නැතිය එව්වා හුදු වාක්‍ය රචනා ය කියනවා නම් එහෙනම් ඔවුන්ට කියව ගන්න බැරුව. මොනික ගැනත් එහෙමයි.

    ඒ වුනාට බොහෝ විට අපට මතක හිටින්නේ සඳැස්. හේතුව නම් සඳැස් පෙර දැන හුන් ටෙම්ප්ලේට් එකකට ලියු නිසා මතකයේ තැන්පත් වීම වෙන්න ඇති [මනස ගැන ඉස්පෙශලිස්ට් ලා මෙහි සිටිති. මට ඇත්තේ සත දෙකක දැනුමකි]. නිසන්දසේ රිද්මයත් එවෙලේම නේ හදා ගන්නේ ඔතනයි අමතක වෙන්න හේතුව.

    හැබැයි කී දෙනෙකුට මේ නිසඳස අමතකද?

    දුහුවිල්ලෙන්
    වත්සුණු තවරා
    කුමාර කුමරියන්
    ලෙන්ගතු ඇසුරේ

    රහස් බැලුම් දෙන හැන්දෑවේ

    නන්නාදුනනා
    කය මිස සිත නැති පුරවරයේ
    ...

    හුරු තාලයකට කිව්වා නම් ඕන නිසඳැසක් මතකයි. ගොඩක් සින්දු ලිව්වම නිසඳැස්.

    හැබැයි ඒක දෙයක් කියන්න ඕනේ. කවියා මස්තකප්‍රාප්ත වෙනකොට [ඔන්න කතන්දර අල්ල ගන්න කොලරය] ඔහුට ශිල්ප දක්වන්න හුදු වචන හරඹය මදි වෙනවා. එතකොට ඔහු හිර වෙනවා නිසන්දසේ හුදු වාචික තෘප්තිය තුල. මං කියවා ඇති සේකරගෙ මාස්ටපීස්‌ වලට ලඟින් යන එව්වා ලියවෙනවා අද නිකම් නිසඳැස් ලියන්නන් අතින් [කියවන්න අද ඉන්න අංකුර කවියන්: රුවන් බන්දුජීව(තවමත් පොතක් වත් නොලියු), සමිත ඇටුවන් බන්දළ, චිරන්ත ජයසේන, සමර විජේසිංහ, සුසන්ත මුනමල්පේ මුහුණු පොතේ හමු වි ඇත්නම් ඔබ මට එකඟ වෙයි]. සේකරගේ අඩුවක් හෙම නොවේ. කවියේ සීමා ඉක්මවන්න තරම් අලංකාර නිසන්දසේ අඩු වීම.

    සමහරු නම් කියන්නේ මේ සිංහල කවිය සේකරගේ හිර වීමක් කියලා. මට හිතෙන්නේ ගොඩක් කට්ටිය ට්‍රයි කලත් ඔයිට වඩා ගොඩ දුරක් යන්න නිසන්දසට බැරි බවයි. සේකර නිකම්ම ඒකේ මුරලියෙක් වෙලා.

    හැබැයි මා නම් වැඩිය ලියන්නේ නිසඳැස්. මම තවම මස්තකප්‍රාප්ත වී නැති [වෙන්න තියා හතර මායිමකටවට් ඇවිත් නැති] හින්ද ම නොවේ. මං නිකමට ලියු පදවැල් ලිව්වේ නිකමට හිතට ගොඩ වදින සිතුවිල්ලක් අකුරු කරන්න. මට එහිදී සීමා වැට කොටු එපා. මා පර්යේෂණ කරන්නත් ආසයි.

    හැබැයි ඉලක්ක ගත කතන්දරයක් ලියද්දි මා සඳැස් භාවිතා කරනවා. පගා සිරිසය මෙන් ම වෙනත් බොහෝ කවි මා අතින් ලියවුනා එහෙම.

    [හෆොයි මේක දිග වැඩි ලු. දෙකට කඩා දමමි]

    ReplyDelete
  61. [දෙවන කොටස]

    දැන් ඔබ නොදුටු [හෝ කතා නොකළ පැතිකඩක්]. අද මුහුණු පොතේ සමහරු වචන ටිකක් අලවා කවියක් නිමවනවා. එහි කිසිම රිද්මයක් හෝ ලොකු අර්තයක් නැහැ. මෙව්වා දුවන්නේ ලයික් පැට්‍රල් වලින්. මේක කවියට හානියක් වේ දෝ කියා අපි කතා වුනා වංගියක. මං වගේ අය විතරක් නොවෙයි කතාවේ හුන්නේ පතාක යෝධයින්. මෙහිදී හෂිත ගෙනා යෙදුම් දෙකක් ඔහුට ගරු අවසරයෙන් මෙහි යොදා ගන්න ආසයි. ඒ තමයි කවියක "කවි ශ්‍රමය" [යම්කිසි රීතියකින් කවිය ලියන්නට කවියා දරන වෙහෙස - සඳැස් හෝ නිසඳැස්] හා "නිර්මාන ශ්‍රමය" [කවිය තුල ඇති නිර්මාණයේ හරවත් බව රැක ගන්න දරන විශේෂ ශ්‍රමය]. මේ දෙකෙන් ම කියන්නේ කිකිළි බිත්තරේ දානවා වගේ ඔන්න ඔහේ ලියන්නේ නැතුව, ලිව්ව කවිය නැවත කියවා එහි අගය වැඩි කළ යුතු බවක් කියා මට හැඟෙන්නේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න කියලා වෙන්න ඕනේ. වැඩි විස්තර ඔහු දන්නවා ඇති.

    මුහුණු පොතේ පෙනෙන්න ඉන්න අංකුර කවියන් දෙන්නෙක් රුවන් බන්දුජීව හා චිරන්ත ජයසේන. මේ දෙන්නම ලියන්න සඳැස් හා නිසඳැස් අතර මැද තැනක. සඳසට ප්‍රිය ධනුෂ්කා නිශාධිත් හොඳ කිවිඳියක්. කවි හරි ලස්සනයි. අර බූන්දියේ ඉන්න කූඹියා ඇතුලු කවියෝ එහෙමත් පට්ට [හැබැයි ලියන තරමින් බාගයක් කරන්නේ දේශපාලන කෙහෙම්මල් මතවාදෙකට කඩේ යන එක]

    තව ගොඩක් ඉන්නවා නමින් ලියන්න බැරි තරම්. කැමති අය එන්න මුහුණු පොතේ කවි ග්රූප් වලට.

    ඔන්න මගේ අදහස් නිසඳැසක් වගේ ඔහේ ගලා යන්න ඉඩ දුන්නා.මා එයට චන්දස් දැම්මේ නැහැ. දන්නා උපරිමයට අලංකාර විතරයි දැම්මේ. කට්ටිය ම කඩේ වහල ගිහිල්ලා වගේ. මොනවා කරන්නද? මාත් කොර වෙච්චි. මේ තමයි මට ලැබුණු වෙලාව.

    [නිමි. කියෙව්වට ස්තුතියි]

    ReplyDelete
  62. සමර විජේසිංහ අංකුර කවියෙක් කියා ලියවුනේ දිගට ලියද්දි වැරදීමකින්. මා හිතන්නේ ඔහු සෑහෙන්න පොත් ලියු පරිනත කවියෙක්. සමා වන්න.

    ReplyDelete
  63. මේ කවි කොච්චර ලස්සනද? සමර්සෙට් මෝම් නෙමෙයි, එයැයිගෙ බාප්පගෙ ආභාශය අරන් ලීවත් මට නං කාරියක් නෑ, මේ තරං ලස්සනට ලියනවා නං.

    පරිවර්තන, අනුවර්තන කියලා දෙ ජාතියක් තියනවානෙ. චාර්ලිස් ගොයියගෙ Great Expectations කියන කතාවෙ අනුවර්තනයක් තියනවා "රොමාගෙ වාසනාව" කියලා. ඒකත් හරිම ලස්සනට ලියලා තියනවා. මට කියන්න ඕනෙ උනේ, සමහර පොත් ගෙඩි පිටින් සිංහලට හරවනවට වඩා අනුවර්ත්නය කරන එක හොඳයි කියලයි. කවුරු හරි පිංවතෙක් මේ කවි , කතා පොත් ගෙන්න ගන්න විදිහක් දන්නවා නං කියන්න.

    මීමන ප්‍රේමතිලක ගේ කවි පොත්, රොමාගේ වාසනාව වගේ, නවකතා, කෙටිකතා වගේ එව්වා. මයෙ හිතේ ඒකට කොළඹ යුගය කියලද කොහෙද කියන්නෙ

    ReplyDelete
  64. @සුජීව,

    එළ කමෙන්ට් එකකි.. සදැස් හා නිසදැස් ගැන නැවත කියවීමක් මට අවශ්‍ය බව හැගුනි.. තැන්කූ වේවා.!!

    @DGM බස්සා,

    රොමාගේ වාසනාව නං පුතේ උඹට මෙලෝ සංසාරෙකින් හොයාගන්ට පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ.. අපේ ගෙදර නං එකක් තියෙනවා, ඉල්ලන්ට එපා, දෙන්නෙ නං නෑ.. ඒවා වටින වස්තු.. :)

    ReplyDelete
  65. @ සුජීව ..
    අපොයි නැහැ ..කඩේ වහල නැහැ . රෑ නිදාගන්න ගිය ඩිංගට බස්සා සහ කොකා දෙන්නම ඇවිත් නෙලුම් විලේ මල් හිටවලානේ . බස්සා නම් නිසාචර නේ . කොකා ...බොහොම ස්තුතියි අප්පා ..මෙච්චර දිගට අදහස් දක්වනවට. ලෝබ නැතුව කමෙන්ට් දාන අය අතර සුජිවත් මුල් තැනක ඉන්න බව කියන්න ඕන.
    නෙලුම් විලට එන ගොඩක් අය ලෝබ නැතුව හිටවන මල් නිසා තමයි විල ලස්සන වෙන්නේ . බනිගේ තාත්තා නිතරම කියන්නේ බැක් අප එකක් තියාගන්න . පස්සේ අඬාගෙන එන්නේ හෙම නැහැ මේවා නැති වුනොත් කියලයි .
    ආයෙමත් කියන්නේ බහුතරයගේ අදහස් ගත්තොත් සදැස හෝ නිසදැස මතක හිටින්නේ රිද්මයක් ඇති විටයි කියන මගේ මතය සනාථ වෙනවා.
    නිසදැසක් ගීතයක් වෙනවා කියන්නේ අනිවාර්යයෙන් තනුවක් ලැබෙන නිසා එතන රිද්මයක් ඇති වෙනවා . හොඳ සංගීත කරුවෙක්ට මෙලෝ රසක් නැති නිසදැසක් වුනත් හොඳ තනුවක් දාලා ගීයක් කලහැකියි . එතකොට අපිට මතක හිටිනවා. ඒ වගේම තමයි ලස්සන සදැසක් වුනත් විකාර තනුවක් දාල නැති නාස්ති කරන්නත් පුළුවන් . තව දෙයක් සදැස් වගේ ගී තියනවා මට පේන්න බැරි එව්වත් . අර කාලයක් ලෝකේ තියෙන සේරම මල් ගැන..පන්සල් ගැන සින්දු බිහි වුනේ විශේෂයෙන් බස් වලයද්දී ඒවා අහන දඬුවම ලැබෙනවා ඒ කාලේ ඕන අයෙක්ට . ඒ සිංදුවල හැම පද පෙළක්ම අවසන් වෙන්නේ එකම විදියට . මටනම් වමනේ යන්න එනවා ඇහෙන කොට . දෙය්යනේ කියල නිදා ගන්නත් නැහැ . කීප දවසක් මන් කොන්දොස්තර මල්ලිලට කියල නතර කෙරෙව්වා ඔලුව රිදෙනවා කියල . ඇයි මිනිස්සු සද්ද නොකර ඔව්ව අහගෙන යන්නේ . පොදු ප්‍රවාහනයකදී මන් විරුද්ධවෙන ..කතා කරන අවස්ථා තුනක් තියෙනවා ප්‍රධාන කොට .මෙතනට අදාළ නැතත් මතක් වෙච්ච වෙලාවේ කියල දාන්නම් .
    1. කෙල්ලෙක් තියා බඩ දරු අම්මෙක්ට ..ආච්චියෙක්ට වත් නිදහසේ යන්න නොදෙන ජැක්සන් කලාව
    2. දුම් පානය [ දැන් නම් නීති තද යි . ඒත් අපි පොඩි කාලේ කෑගහන්නම ඕන ] අනික් මත් වෙන ජාති බිලා බැලන්ස් නැතිව ගන්දස්කාරේ බස් වලට නැගීමත් මේකට අයිතියි.
    3. අපි ආස නොකරන සංගීතය නිකන්මත් නෙමේ කණුත් පැලෙන්න අහන්න සැලැස්වීම
    ඔය පොකට් ගහන වගේ කේස් වලට නම් කතා කරන්න බයයි . පිහිපාරවලට බය නිසා .

    @බස්සා MGM

    ආයුබෝවන් බස්සෝ...මේ අර වලව් වත්තේ ගස් වල නිතර හුම් කියන බස්සෝ දෙන්නගෙන් එක්කෙනෙක් නේද . ඔයාද අර බැස්සිත් එක්ක චෙරිස් බෙරිස් කන්නේ . නිකමට ඇහුවේ. ස්තුතියි මේ පැත්තේ ආවට .
    මමත් එකඟයි . සමහර පරිවර්තන මෙලෝ රසක් නැත්තේ ත් අනුවර්තන සදා අමරණිය වන්නේ ත් ලේඛකයාගේ හැකියාව මත . රුසියන් පොත් ගැන කියද්දීත් අපි ඔය ගැන කතා කළා . ''රොමාගේ වාසනාව '' අනුවර්තනයක් බව දැන ගත්තේ බොහොම පහු කාලෙක මමත් . මටත් ඔය කලම තමයි බස්සෝ . පොඩි කාලේ කියවල නතර නොවී චිත්‍ර ඇඳලා විනාශ කරලත් දැම්මනේ .දැන් නම් කොහෙන් ගන්නද මන්දා . පොත් ගෙන්න ගන්න වට වඩා මන් නම් කරන්නේ නිවාඩු ගියහම මල්ලකට දාගෙන එන එක තමයි.
    @ හැමදෙනාටම
    ස්තුතියි මේ සංවාදය රසවත්ව ඇදගෙන යනවට .
    මන් මගේ අදහස සහ මෙතනට ආපු හැමෝගෙම අදහස යයි මන් හිතන දේ මෙහෙම කියන්නම්කො
    ''සදැස් හෝ නිසදැස්
    ඇත්නම් රිද්මයක්
    සිහිවෙයි ..ලැබෙයි
    හොඳ රසයක්

    නැතත් කිසි රසයක්
    ලැබෙයි නම් හොඳ තනුවක්
    සමග හොඳ කට හඬක්
    විය හැකිය එය ගීතයක්

    ඇති හෝ නැති රසක්
    වුවත් නැතත් ගීයක්
    යමෙක් ලීවොත් යමක්
    මට නැහැ කාරියක් ..

    ලියන්නට කියනට
    දෙයක් ඕනා ලෙසකට
    ලැබෙන අයිතියකට
    නාරිමි මන්මගේ කට
    ..
    යමක් ලියවෙන එකත් හොඳවෙයි
    නැතිම වීමටවඩා වැඩියෙන්
    මහා ගස් වැල් සදා වැඩුණේ
    සිඟිති අංකුර මෙන්ම ඇටයෙන්
    .........ඔය මන් විතරක් නෙමේ අපි හැමෝම වෙනුවෙන් ලිවූ එකක් .
    . මමත් පුංචි කාලේ ඉඳන්ම ඔය කොයිකත් ලියනවා . හැබැයි මටත් මතක නැහැ ටික දවසක් යද්දී . මගේ පාසල් වියේ මිතුරෙක් හිටියා හොඳට කවි ලියන්න හැකි. මට වඩා ගැඹුරු සිංහල යොදල ඉතා වටිනා නිසදැස් ලිව්වා ඔහු . අද කිසිම ආරංචියක් නැතත් සමහර නිර්මාණ වල ඒ හැඩය මට අඳුර ගන්න පුළුවන්. ඔහු නමින් නිර්මාණ නොකරන නිසා නම කියන්න හැටියක් නැහැ .



    .

    ReplyDelete
  66. චතුර විජේකොන් කියලා අපේ බ්ලොග් සහෘදයෙක් ලිපියක් ලියලා අද

    හරියටම කවි හදන හැටි - ගුරු මුෂ්ටි කියලා

    ඒකේ කරුනු මේ කවි කාර නෝනලාට මහත්තුරුන්ට වැදගත් වෙන්ට ඉඩ තියෙනවා.

    වෙලාවක් ලැබුනොත් පොඩියක් ගිහින් බලන්ට . .

    චතුරටත් මම කිව්වා මේ පැත්තේ එන්න කියලා ඕන්

    ReplyDelete
  67. වල්පල් ලියූවට බින්දිගෙ නෙලුම් විලේ
    ප්‍රශ්නය කිසි කෙනෙක් නැහැ අහවරක් කලේ
    කටුරොද තවම පෙර මෙන් සුන්දර ද බොලේ
    දන්නා කෙනෙක් ඇති දෝ මේ වියත් කුලේ

    කටුරොද කොහේ තියෙනා ගම් පොජ්ජක් ද?
    පලබර ගමට තවමත් හිරු පායත් ද?
    නැතහොත් මේ රටේ ඇවිලුණු ගිනි යුද්ධ
    අන් හැම තැන මෙන් ම එගමත් වනසත් ද?

    ගිම්හානිය කියා ඇති දුක්බර ඇත්ත
    ඩෝසර් කර දමා ඒ පල බර වත්ත
    බොරු තණකොළ වවා වට කොට හැම පැත්ත
    "සංවර්ධනය කර" බෙදල ද මේ හැත්ත

    ගොඩ මඩ දෙකම අඩු ගානට මිලට ගෙන
    මඩ ගොඩ කර දමා සාරය උරා ගෙන
    කණු හිටවලා කොඩි බැනරුත් දමා ගෙන
    නමකුත් "තෝනි බුෂ්" වාගේ දමා ගෙන

    ඒ ගම මැදින් ගලනා මනහර නදිය
    කුණු පුරවලා ලඟටත් යන්නට බැරිය
    කඩ මණ්ඩියේ සද්දෙට මුළු ගම යටය
    නගරය අසල නම් වනු ඇත මේ හදිය

    පිහිටුම අනුව ඉරණම කියුමට හැකියෙන්
    කොහි වෙ ද මෙගම හෙළි කර ගන්නා අටියෙන්
    වෙන කිසි මගක් කටුරොද සොයනට නොවුයෙන්
    තකහනියක් ම වැන්දෙමි ගූගල් දෙවියන්

    දෙවියන් වුවද නැහැ මේ ගම දෙසට හැරී
    මුල් පිටුවෙහි නොවුනි කිසි සඳහනක් කෙරී
    කවි ගී කතා අතරේ යට ගිහින් පෙරී
    දුටු සටහනක් උපුටා නොදමන්න බැරී

    "However Samanera Velivita Sri Saranankara born in 1698 in Velivita village in Galagedera entered the order at the age of 16 as a pupil of Ven. Suriyagoda Rajasundera, who had received upasampada ordination from Arkanese monks in 1697 at Suriyagoda (Kadaroddawa) Vihara at Pujapitiya. This village has been immortalized by poet Sagara Palansuriya (Keyas) in 'Sudo Sudu', the opening verse of which gives it as 'Katuroda'."

    හොරණින් උපන් හිමි අනඳය සාගරය
    කේයස් නමින් ලිව් මේ කවි ආකරය
    නුවරට නුදුරු මේ ගම පූජා පිටිය
    කටුරොද නමින් බොරු නමකින් ලියු හැටිය

    කටුරොද යන්න ඔහුගේ කවි සිතට එන
    කල්පිත ගමක් බව මෙතනත් ඇත හැඳින
    ඇතැමුන් කියන සුද්දගෙ මුල් පොතේ එන
    කටුරොද වැනි ගමේ නමවත් කියනු මැන

    පූජා පිටිය කටුරොද බව ඇත්තක් ද?
    සිවුරෙහි උන්නු කේයස් එහි උන්නෙක් ද?
    නැතිනම් ඔහුගෙ මරණින් පසු කටුරොද්ද
    කේයස් කියන සිතුවිල්ලක සැතපෙත් ද?

    ReplyDelete
  68. කෝ මේ පොත් ගුල්ලා, නලිනි, සපා, ටීජී, කතන්දර, මාර පැය ඇතුලු කස්ටිය? මුන් ටික සුදු කොඩි දාපු පාර අතුරුදහන් වෙලා වත් ද? බින්ඳියි බුරයි දුකයි නම් ඉන්නවා යන්තම්.

    ReplyDelete
  69. අප මෙහි සිටිනවා පැත්තක වැටී දපා..
    ගිනි ගොඩ නිවෙන විට යන්නෙමි පිදුරු ඔබා..
    නැවතත් හොඳින් ඇවිළෙන විට සිනහ පපා..
    ඉන්නෙමි සැග විලා බලමින් මෙරඟ සොබා..

    ReplyDelete
  70. අඩේ මාරේ උඹේ කවියට තියෙන්නේ ඉංගිරිස් විරිතක්.

    ReplyDelete
  71. සතුටුයි බොලේ ඒ ගැන දැන ගත්තාට..
    සුද්දෙක් වගේ මින් පසු ඉන්නෙමි යසට..
    කිව්වා කියලා කවි සුද්දගේ විරිතකට..
    උඹ කිව් නිසා ලොකු සතුටක් දැනුනි මට..

    ReplyDelete
  72. අගනා වැඩක් ඔබ අද මෙහි කර ඇතිය

    කටුරොද කොහේදැයි දැන් අප දැන ගතිය

    ඔබ මන් වගේ කම්මැලියෙක් වී නැතිය

    තොරතුරු දුන්නාට ගන් හද පිරි තුතිය



    ලස්සන වුනත් ඉස්සර තිබු ගම් මැද්ද

    එහි ජිවත් වෙන්න කවුරුන් පෙලබෙත්ද

    විදුලිය ඉන්ටනෙට් සොයමින් මර යුද්ද

    කරනා අපිම ගම ගැන කරමුද සද්ද



    හොඳ සැප විඳින අතරේ නගරයට වෙලා

    ගන්නට සිත සුවය ඉඳහිට ගමක් බලා

    සර්විස් නැතිලු දුරකතනෙට වගෙයි මලා

    දවසින් දෙකින් එයි ඒ ගම එපාවෙලා



    ඉඳහිට කොළඹ මහතුන් හට ඇවිදින්න

    ඉස්සර ගමම ඒ විදියට රැකගන්න

    එව්වා කොහෙද මහතුනි කිව්වා ඔන්න

    ගැමියන් නැහැලු දැන් ඒදන් ඩේ යන්න



    පොඩි කරුණක් ඔබට වැරදුන බව මිතුරේ

    කිව්වට නැහැ නේද තරහා අපි අතරේ

    ''මැතිවරණය'' ක් හින්දා යන විට අතුරේ

    හොරණින් ගියත් ඉපදුන ගම රත්නපුරේ



    කේයස්ගේ නමින් ඇරඹුන වෙබ් පිටුවේ

    මෙතනින් ගිහින් තව දේවල් දුටු හැකිවේ

    මෙහි එක තැනක ඇත්තේ ඔහු ලියු කවිවේ

    කටුරොද ගැන කිසිම කරුණක් නම් නොමවේ

    http://www.keyas.lk/

    කලල්ඇල්ලේ සාගර පලන්සුරිය මෙලොව එළිය දුටුවේ 1908 මාර්තු 11 වෙනිදායි. රත්නපුර අටකලන් කෝරළයේ පන්විලපත්තුවේ පිහිටි කලල්ඇල්ල ගම්මානය ඉතා දැකුම්කළු පරිසරයකින් සමන්විත ගම් පෙදෙසෙකි. පලන්සුරිය මොහොට්ටාලලාගේ ගොරකහාමි සාගර පලන්සුරියගේ පියා වු අතර මව හේනකආරච්චිලාගේ යසෝහාමි විය. පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් දියණියක් වු පලන්සුරිය පවුලේ දෙවැන්නා සාගරය. කලල් ඇල්ලට සැතපුම් 02 ක් පමණ දුරින් පිහිටි මාදම්පේ සිංහල පිරිමි පාසැලේ ඔහු මූලික අධ්‍යාපනය ලැබීය.
    [උපුටා ගැනීම එම වෙබ් අඩවියෙනි ]

    ReplyDelete
  73. හේනකආරච්චිලාගේ යසෝහාමි

    ReplyDelete
  74. ස්තුතියි බින්දී. දන්නේ නැති කම. හැබැයි බින්දී හොරනයි රත්නපුරෙයි හැම අතින් ම බෝඩර් වෙනවා. ඒක පැත්තකින් බුලත්සිංහල දිහාවෙන්, අනික් පැත්තෙන් ඉංගිරිය දිහාවෙන්. කොහොම උනත් පොර චන්දෙ ඉල්ලුවට හොරණ පොරක් නෙවෙයි වගෙයි පේන්නේ.

    ලඟදි ගීයා හොරණ දිහා. ඒ ගැන හැකි විගස ලියන්නම්.

    ReplyDelete
  75. බුදු අම්මෝ... මේ කමෙන්ට් කන්දරාව දැක්කාම පිස්සු ඩබල් වෙනවනෙ... මේ තරම් කවිය ගැන උනන්දු පිරිසක් අපිත් එක්ක ඉන්න එක ගැන අපි සංතෝෂ වෙන්න ඕනි.
    මට නම් ඔය කවි පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් නම් ඇත්තේම නෑ. පුරුද්දට ලියනවා. ඒත් සඳැසක නිසඳැසකට වඩා ගැම්මක් තියෙනවා කියලා මට හිතෙනවා. මට මේ ලඟදි හම්බ වුණා අපූරු පොතක්. ඒ පොතේ නං කවි ගැන බොහෝ ශාස්ත්‍රීය කරුණු සඳහන් වෙලා තියෙනවා. ඒ ගැන මං පොඩි පෝස්ට් එකක් දැම්මා මෙතන හරියටම කවි හදන හැටි . තව එකක් මට ඔය කොළඹ යුගය, දඹදෙණි යුගය කියලා අවබෝධයක් නම් නෑ. හමුවෙන ඕන කවියක් රසවත් නම් කියවනවා.

    වත්මනෙහි මාත් බොහෝ සේ ප්‍රිය කරන කවියෙක් තමා ශකුවි (ශාන්ත කුමාර විතාන). ඔහු ලංකාදීපයට ලියූ කවියක මේ පද දෙක මගේ මතකයේ රැඳුණා...

    ඔබට මේ දුක දෙන්න හැකිනම්
    එය විඳින්නට නොහැකි ඇයි මට....

    ReplyDelete
  76. අය්යෝ ඕක මොකක්ද කාටද ඔය සේරම මතක තියෙන්නේ . චන්දෙ නම් ඉතින් මොකෝ ..අම්ම මුත්තා නොහිටි පළාත් වලින්නේ කට්ටිය ඕව ඉල්ලන්නේ . මාත් ඔය චන්ද හුටපට ගැන වැඩිය දන්නේ නැහැ . කවි ගැන මිස ඔය පැත්ත වැඩිය කවුරුත් කියලත් නැහැ .

    ReplyDelete
  77. ස්තුතියි චතුර ..බ්ලොග් එක බැලුවා . එකත් හිතන්න කාරණයක් . ඉගෙන ගන්න ඕන . එවිට බැලුවහකි ඇත්තටම අපිට කවි ලියන්න පුළුවන් කියල . නීති රීති වල හිරවෙන්න අකමැති වුනත් නියම ක්‍රමය ඉහෙන ගැනීමත් අවශ්‍යයි .

    ReplyDelete
  78. සරත්මි
    පසුව ආමි
    බොහෝ අය
    දිගට ලියු හෙයින්
    නොලීමි

    ReplyDelete
  79. @ස්තුතියි සරත්..
    පමා වී ආ ඔබ වාසනාවන්තයෙකි

    @ සියලු දෙන ..
    මට අලුත් පෝස්ට් එකක් ලියන්න අදහසක් ආවා . ලියන්නම ඕන . ඒත් මේ වටිනා සංවාදය දාල යන්නත් දුකයි . මන් ගොඩක් ඉගෙන ගත්තා මේකෙන් . තව අයටත් හැකි තරම් කියවන්න ලැබෙනවානම් හොඳයි . ඒත් මොනවා කරන්නද කොච්චර ආස දෙයක් වුනත් දාල යන්න වෙනවා . අපිට ඕන වෙලාවක ආයේ එන්න හැකි යි .

    ReplyDelete
  80. බින්දි,

    මම හිතන්න අදමයි ඔයාගෙ බ්ලොග් එක කියවන්න ආවෙ. නිදහස් වෙලාවක් හොයාගන්න එක ටිකක් අමාරු නිසා මම ෆලෝ කරන්නෙ බොහෝම සීමිත බ්ලොග් ප්‍රමාණයක්. ඒත් මම හිතන්නෙ නෙලුම් විලටත් ඉඩක් හොයාගන්න පුළුවන් මට.

    කවි ලිව්වට මම බොහෝම අඩුවෙන් කවි කියවන කෙකෙන්. ඒ වගේම කවි ලියවෙන්න බොහෝම ප්‍රභල කම්පනයක් එන්න ඕන ගොඩක් වෙලාවට කතාවක් කියනවට වඩා. ප්‍රභල කිව්වම එතන තියෙන්නෙ සංවේදනයේ ප්‍රභල කම මිසක් අත්දැකීමේ ක‍ටුක භාවයක් නෙමෙයි.

    ප්‍රේමයේ හිස් තැන් වලින් ආතුර වෙලා උන්නු කාලයේ බොහොම ආවේගශීලී කවි ලිය වුනත්, හිත ආයෙම සංසුන් උනාම කවි සිතුවිළිත් ඉබේම වගේ වැව් පතුලට කිඳා බැස්ස. ආයෙම කුණා‍ටුවක් එනකන් හරි කවුරු හරි ගල් ගෙඩියක් දාල වැව් පතුල කලත්තනකන් මගේ කවි එහෙම්මම තියේවි. ඉඳ හිටක ආව ගියෝ වගේ මතු උනොත් හැරෙන්න

    ඒ මොනව උනත්, මගෙ වැඩි කැමැත්ත නිසඳැස් වලට. සඳැස්වල ඇති සීමා මායිම් වලට මම එච්චර මනාප නෑ. හරියට රාමුවෙ දාල මැටි ගඩොල් කපනව වගේ හැඟීමක් මය සඳැස් ගැන තියෙන්නෙ.

    ReplyDelete
  81. ස්තුතියි නවම් . අපි ඉස්සර ඉඳන්ම ඔයාගේ බ්ලොග් එක බලනවා . ඉඩ ඇති වෙලාවක ඉන්න . මේ සාගරයක් වගේ බ්ලොග් අවකාශයේ කොහොම පිනල ඉවර කරන්නද ,.
    මම කියන්න උත්සාහ කලේ බොහෝ විට රිද්මයක් ඇති විටයි මතක හිටින්නේ කියන කාරණය . මගේ විරුද්ධත්වයක් නැහැ සදැස් වලටවත් නිසදැස් වලටවත් . හැබැයි හිතෙන ගායනා වෙන රිද්මයක් ඇතිනම් වඩා කැමතියි. ..ඒ රසයට . ලියවෙන්නෙත් පුංචි පුංචි කවි වගේ ඒවා තමයි වැඩිපුර . උඩහ කට්ටිය හොඳටම මට වඩා කරුණු ලියා තියෙනවනේ ඔය ගැන .
    ඉස්සර මට නම් හොඳට ලියන්න පුළුවන් වෙලා තිබුනේ කරදර කාලවල ..ඒ වගේම ඉතින් ආදරේ දනුනමත් දිගට හරහට ලිව්වා .

    ReplyDelete
  82. නෙළුම් විලේ කවි රස වින්දෙමි.බොහෝම රසවත්...

    ReplyDelete
  83. හත් ඉලව්වේ..ඔන්න දැනුයි අර මට අමතක වෙච්ච පුද්ගලයව අහු උනේ..ඒකත් මේ දයාල් බතීගේ බ්ලොග් එක කියවන්න ගෙහුන්..

    "චන්ද්‍රරත්න මානව සිංහ"

    ReplyDelete
  84. උපරිමයෙන් පට්ට වදන
    පට්ට ගහන්නම වෙනවා
    දැක්කම මේ වලි
    සදැස් නිසදැස් ගැන
    දෙනු සමාව
    විය පමාව

    ඇත්තෙන්ම අක්කේ මරු මේ කොමෙන්ට් තොගේ නම් කියවලා ඉවර කරන්න බැරි වෙයි මම කුඩාවට හරි කවිය ගැන දන්න දේ මෙතන කියන්න ඕනේ නැතිවෙන්නේ ඊට කලින් ඒවා කියලනේ කොහොම වුණත් කවියට ආදරේ කරන කට්ටිය මෙච්චරක් ඉන්නවනම්...... හිතාගන්නත් බැහැ

    මොනව වුණත් මට හිතෙනවා මං නුතන කවි පරම්පරාවට මගේ යුතුකම ඉටු කළා කියලා කවිමුතුමල් වලින්

    මට හිතෙනවා මේ පදෙ කුමාරතුංගයෝ ලිව්වේ බින්දිටද කියලා

    තෙරක් නොමැති කව් සසරේ - මහ බඹු කවියා විතරේ
    අක්කේ මං හිතනවා අක්කා තරහ වෙන්නේ නැතිවෙයි කියලා මෙතන කවිමුතුමල් ගැන ඇඩ් එකක් දැම්මට මොකද කවියට ආදරේ කරන අය මෙච්චර ඉද්දී

    http://kavimuthumal.blogspot.com/

    ReplyDelete
  85. @ Sujeewa
    why shouting to find me on 12th July mid night ? :) Was out of the net at that time . 2 days ago back to business :) Now busy with work .see u latter .he hee :) TG

    ReplyDelete
  86. බින්දිගෙ සුවඳ මල් පිපෙනා විලේයා
    ඔරුවක ඇවිත් මල් නෙලනා කලේයා
    බැලුවෙමි සටන දෙස මට දැන් සිතේයා
    නිසදැස යටයි සදැසට හැම කලේයා

    post එක ගැන කිව්වට ස්තුතියි බින්දී අක්කේ..අන්තිමටම ආපු නිසා මේකට හොට නොදා ඉන්න හිතුවත් දාන්නම හිතුනා..:)

    ReplyDelete
  87. නියමුවෝ විවේකයෙනි. සදැසට ලකුණක් දුන්නට තුති

    ReplyDelete
  88. මටනම් හිතා ගන්නත් බෑ ලංකාවේ මෙච්චර ලියන්ඩ දස්සයෝ ඉන්නවයි කියල... බ්ලොග් නම් කීයක් තියනවද... ඒ මදිවට දාන කමෙන්ට්ස්... මාර මීටර් තමා ඉන්නේ... ඉගන ගන්ඩ දේවල් බොහොමයි...

    ඔක්කොවන්ටම ජය !!!!

    ReplyDelete
  89. @ Senna
    ගොඩක් ස්තුතියි වචන ටිකට ...ඔය වගේ කමෙන්ට් තමයි ඉතින් දුවන්න පෙට්‍රල් . ඉස්සර ලියන දෙයක් අනික් අයට කියවන්න දෙන්න එක්කෝ ලැජ්ජයි. නැත්නම් පත්තරේක හරි දාගන්න මොන තරම් කරදරද . දැම්මත් ඒවායේ අයිතිකාරයින්ගේ රුචි අරුචි කම් අනුව ඒවත් තීරණය වෙන්නේ. දැන් එහෙමද හිතුන ලිව්වා . පබ්ලිෂ් කළා . මේ සයිබර අවකාශයට මන් ආදරේ ඒකයි

    ReplyDelete
  90. nelum wile kavi siyapath pipenna
    dasathin bamara memasi podi adenna
    mal madira, suwanda pera vindinna
    kavi siyapath hema hadakama pipenna...

    kaviyata ladi mama
    kaviyak nisama boho lathawul res karagathimi..
    sammana, garu pesasumda labuwemi...
    namuth
    jevithaya iranama thendu kale kaviyaki...

    ese wuwath adath mama kaviyata harima lengathui...
    kaviyata adare karana, kaviya gena unanndu wena me tharam pirisak inna eka sathutak...

    ReplyDelete
    Replies
    1. බොහොම
      ස්තුතියි තරු රසී ...නෙලුම් විලට ආදරයෙන් පිලිගන්නවා . මන් ඔයාගේ බ්ලොග් එකට ගියා . හිමිට කියවලම කමෙන්ට් කරන්න ඕන . මන් ඊ ළඟ පෝස්ට් එකේදී ලින්ක් එකත් දාන්නම්

      Delete
  91. "කවි යනු සඳැස් කවි විතරයි. නිසඳැස් කවි, කවි නෙවෙයි" කියලා කොළඹ යුගයේ කවියක් තියෙනවාලු. කවුරුහරි ඒ කවිය දන්නවනම් දාන්නකො.

    ReplyDelete
    Replies
    1. දැනුත් ඔය සමහරු කියන්නේ . කවිය නම් මතක නැහැනේ . බලමුකෝ .

      Delete
  92. kiyanna beri heegeemak enne, ahamben me blog eka deke puthata katuroda gammanaya andinna pinthurayak hoyanna gihin.
    actually superb. no words to comment . i wish 2 hang on my congrats all of u i,m anura

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අනුර ..කාලෙකට කලින් ලීවා වුනත් අපේ මිත්‍රයින් පවත්වපු රසබර සංවාදයන් අදටත් වටිනා බව දකින එක මොන තරම් සතුටක්ද

      Delete
  93. txxx bindi,ida thiyena hema velavema honda deyak kiyavanna thiyenavanam api harima wasanawanthay. mama oyalata hadavathinma suba pathanava , digatama liyanna ,api asawen balagena innava .sinhalen liyanna berivema gena samavenna.

    ReplyDelete