Thursday, 1 September 2011

මේ පුර සඳ ළමයින්ටයි



එකමත් එක කාලෙක ඉරවල් දහයක් එකවර පෑව්වා ලු . හිතා ගන්න පුළුවන්නේ රස්නේ තරම . කර කියාගන්න දෙයක් නැතුව මිනිස්සු අසරණ වෙද්දී ''හෝ යි  '' කියන දක්ෂ දුනුවායා ඉරවල් නවයක්ම දුන්නෙන් විදලා බිම දැම්මලු . ඉතින් දිව්‍ය ලෝකයේ රැජින [ මතක තියා ගන්න රැජිනක් ඉඳල තියෙන්නේ . රජෙක් හෙම නෙමේ ]  මේ හෝ යි ට දුන්නලු සදාකාලික වෙන්න හැකි ඔසුවක් . මෙයා මේක දුනලු තමන්ගේ රූමත් පෙම්බර බිරින්දෑට - එයාගේ නම ''චැන්ග්''. .-   පරිස්සමට අරන් තියන්න . බලන්න එදත් අද වගේම පඩි පැකට් එකම බිරිඳගේ අතට දෙන සැමියෝ ඉඳල තියෙනවා .
අනේ සුපුරුදු පරිදි''පෙන් මෙන්ග්''කියල දුෂ්ටයෙක් සැමියා නැති වෙලාවේ  ඇවිත් මේ ඔසුව ඉල්ලනවා . අසරණ වෙච්ච චැන්ග් එක හුස්මට මේක බීලා දානවා . ඊට පස්සේ සඳ වෙත පියාඹන්න හැකි වෙනවා . එදා ඉඳන් සඳේ ඉන්න මේ කරුණාවන්ත කාන්තාවගෙන් ආශිර්වාද ඉල්ලන්න සරත් සමයේ පුර හඳ යට අනගි සැණකෙළියක් පවත්වන්න මිනිස්සු පුරුදු වුනාලු.

තද හිරු රැසින් මිහිකත දවපු ගිම්හානය තව දිග නිවාඩුවකට අර අඳිනවා . විටින් විට හමන තද සුළඟ නිකම් පෙරහරට කලින් එන කස කරුවෝ වගේ සරත් සමය ලඟම එන බව කියනවා .කවුරුත් කියන පරිදි හැනොයි වල ලස්සනම කාලය තමයි සරත් සමය . ඉතින් චණ්ඩ හිරුරැස් වලට උත්සවාකාරයෙන් සමු දෙන්නයි කට්ටිය සුදානම් වෙන්නේ .
මට නම් ලස්සනම මල්සුවඳ විඳින වසන්තය . මගේ ඒ පරණ පෝස්ට් එක කැමති නම් කියවන්න . මල් නුවර මල් සුවඳ විඳ
.

..එකමත් එක කතා වලින් සරු වුන වියට්නාමය ''සඳ උළෙල '' සමරන්න ඔන්න මෙන්න . උණු උණුවෙම මේ ගැන ලියන්නයි මම අද හිතුවේ . අර බුද්ධාගම ආපු හැටි ඊ ළඟ ලිපිය කරන්න සිද්ධ වුනා . ඒ ගැන කට්ටිය සමාව දෙයි කියල හිතනවා .
මේ නැගෙනහිර ආසියානු කලාපයේම සමරන ''සඳ උළෙල '' ..[Moon festival  මම සිංහල බසට පෙරලුවේ එහෙමයි . ..] වියට්නාමයේදී සැමරෙන්නේ කොහොමද කියලයි මන් ලියන්න හදන්නේ . චීනය ..ඇතුළු මේ කලාපයම මෙය සමරන බවයි මගේ අදහස . අනික මුල් වෙච්ච ජනප්‍රවාදත් හුඟක් දුරට සමානකම් තියෙනවා . චිනෙදි අර දුනුවායට ලැබෙන්නේ බෙහෙත් කරලක් .  බිරිඳ ඒක ගිලදාලා. සැමියා කියනව ආපහු ඒක ඕන කියල . බිරිඳ හඳේ . හඳේ හාවා තාමත් බෙහෙත් කොටනවා ඒ කරළ හදන්න .
වියට්නාමේ තව කතාවක් තියනවා . ඒකෙදි සැමියාට ලැබෙන්නේ බෙහෙත් නුග ගහක් . ඒ ගහට මුත්‍රා කිරීම තහනම් . බිරිඳ ඕක නොදැන ගහ යට මුත්‍රා කරනවා . ගහ බිරිඳත් අරගෙන උඩට උඩට වැවිල දැන් ඇය සඳේ .


තවත් කතාවක දුප්පත් කොලුවෙක් ඕ වගේ සඳට ගියාලු . කොහොම හරි කවුරු හරි සඳට ගිය විත්තිය තමයි කියවෙන්නේ හැම කතාවේම . ඉතින් මේ සඳට ගිය අය ට ආපහු එන්න පාර පෙන්නන්න සඳ උළෙලදා අලංකාර පහන් සාදලා දල්වනවා . සමහර ඒවා අහසේ පාකර අරිනවා . මේ පහන් අපේ වෙසක් පහන් වගේ . හරිම ලස්සනයි . උණ බට තමයි වැඩියම යොදා ගන්නේ .



සඳ උළෙල වගේම මේකට Mid Autmn  festival [ කවුරු හරි ඕක සිංහලට හරවනවද . අපේ සරත් මහත්තය මා එක්ක තරහ වෙයි ඔය අනන් මනං නම් හැදුව කියල ]   කියලත් කියනව . ඒ කියන්නේ සරත් සමය පටන් අරන් පළමු පුර හඳ දවසේ තමයි මෙය පවත්වන්නේ . හරියටම දින වකවානු කියනව නම් 8 වෙනි චන්ද්‍ර මාසයේ 15 වෙනි දවසේ . චන්ද්‍ර මාසය කියන්නේ ලුනාර් කැලැන්ඩර ය අනුව මාස වෙන් කරන විදිහ . මේක චීනය අවට රටවල සම්ප්‍රධායක් . සඳ මුල් කරගෙන කැලැන්ඩර හැදීම චීනය අවට විතරක් නෙමේ මන් හිතන්නේ අපිත් ඉස්සර කළා . මැද පෙරදිග පැත්තෙත් එහෙමයි මන් හිතන්නේ . ඩින් ..ලකී ..ඒ ගැන කියාවි . මේ අවුරුද්දේ සැප්තැම්බර් 11 තමයි දවස .


ඔය පසුබිම් කතාවලින් පස්සේ අපි කෙලින්ම කතාකරමු මේ සඳ උළෙල ගැන . ඇත්තටම මෙය ළමයින්ගේ දවසක් . තනිකරම ළමුන් සතුටු කරන්න යොදා ගන්න හැටි හරි අපුරුයි .ඇයි මේක ළමයින් වෙනුවෙන් වෙන් වුනේ . ඒකත් ලස්සන රහසක් . අස්වනු නෙලන සමයක් මේ ගෙවෙන්නේ . අස්වනු නෙලන කාලය දෙමාපියෝ හේන් කුඹුරුවල වැඩ . ළමයි ගැන සොයන්න වෙලාවක් නැහැ . ඉතින් ඒ මග අරුණු කාලෙට වන්දි ගෙවන්න ළමයි සතුටු කරන්න තමයි මේ සඳ උළෙල වෙන් වෙන්නේ .

මුල් සිරිත පුර සඳ යට සිට ''Moon cake '' කෑමත් පහන් දැල්වීමත් වුනත් ඇත්තටම මෙය දැන් සංස්කෘතික උත්සවයක් වගේ . ඊටම ආවේනික සම්ප්‍රධායික කෙලිබඩු තනනවා ළමයින් වෙනුවෙන් . දැන් නම් චීන මාමලා ප්ලාස්ටික් වලින් හදල එවනවනේ නානාප්‍රකාර සල්ලම් බඩු. ඒත් ඉස්සර අපි කුරුම්බැට්ටි මැසිම ..ගොක්කොල රූන් පෙත්ත ..රබර් ගෙඩි බඹරය වගේ සරල කෙලිබඩු වලින් නැලවුනා වගේ මෙහෙත් ඒක ඒක ජාතියේ කෙලිබඩු හදල තියෙනවා . සහල් පිටි අනල පාට මිශ්‍ර කරළ සතුන් මල් වැනි ලස්සන නිර්මාණ කරනවා . විවිධ හැඩති වර්ණවත් පහන් සදනවා . බොහෝ විට සතුන් ..විශේෂයෙන් හාවා . .


Moon cake නම් මාසයකට පමණ පෙර සිට විකිනෙනවා . රවුම් හෝ හතරැස් හැඩේට සාදන මේ රසකැවිල්ල රසවත් වෙන්නේ නෙලුම් ඇට..මුන් ඇට පිටි ..දොඩම් ලෙලි වගේ දේවලින් . මැද්දේ බිත්තර කහ මදේ. හරියට හඳ වගේ . ඇත්තම කියන්න මට නම් බිත්තර දැක්කම එච්චරම ආස නැහැ . බිත්තර නොදාත් කලාතුරකින් හදනවා .


මකර සහ සිංහ නැටුම්....මකරා ඉතින් මේ කලාපයේ හරි ජනප්‍රිය සතෙක්නෙ . මකරු සිංහයෝ විදි බහිනවා නට නටා . බෙර කාරයෝ මකරු සිංහයෝ ඉන්න කණ්ඩායම් විදි දිගේ යනගමන් කඩ වලට ගෙවල් වලට ඇවිත් තමන්ගේ හැකියාවන් පෙන්වනවා . ඉවර වුනහම මුදල් තෑගී හෙම ලැබෙනවා . දැන් ඉතින් කොහෙත් ඕනෑම දේකට වගේ මේවටත් විශේෂයෙන් පුහුණු වෙච්ච කණ්ඩායම් ඉන්නවා . අපේ මුන් මහත්තයාගේ ඉස්කෝලෙත් ඔයින් උත්සවයක් තියෙයි . එදාට ළමයි වියට්නාමයේ සම්ප්‍රධායික ඇඳුම අඳිනවා .


ළමයින්ට නොයෙක් වැඩ සටහන් පැවැත්වෙනවා විවිධ ස්ථානවල . මුලිකවම ළමයි සතුටු කිරීම අරමුණ වුනත් ළමයින් දිරිමත් කිරීමට කතන්දර තියෙනවා .
ඔන්න ඒක කාප් මාලුවෙක් ට ඕන වුනාලු මකරෙක් වෙන්න . මේ මාළුවා ඒ ගැනම හිතලා මහන්සි වෙලා වැඩ කලාලු . අන්තිමට එයා මකරෙක්[ Ca  Hoa  rang ]    වෙලා පියඹල ගියාලු. තමන්ගේ අරමුණ වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීම තමයි මේ කතාවේ ආදර්ශය . ඒ නිසා වෙන්න ඇති මකර නැටුම් කරන්නේ . ඔන්න මකරට අමතර ආදායමක් සොයා ගන්න කාලයක් .


මකරුන් විදි බැස


 රෑ පහන්



මුන් කේක්..කේක් කිව්වට බනිස් ගෙඩියක ලක්ෂණ තියෙන්නේ . ''සඳ බනිස් '' වගේ නමක් නරකද




ප. ලි .
හෙට තමයි වියට්නාම් ජාතික දිනය . 1945 අගෝස්තු විප්ලවය සහ නිදහස් වියට්නාමය ඇති වීම හෙට සමරනවා . අපිට නිවාඩු .

113 comments:

  1. අද මම නිදහසේ ඉන්න වෙලාවක ඔයා පෝස්ට් එක දාල,

    සරත් සමය ලස්සන උනාට මාත් ආස වසන්තය, වසන්තයෙ ආපහු ජීවත් වෙන්න පටන්ගන්න ගස්වල ලස්සන දැක්කම දැනෙන සතුට සරත් සමයෙ මැරෙන ගස්වල ලස්සන දැක්කට දැනෙන්නෙ නැති නිසා.

    චීනය, ජපානය හා වියට්නාමයට් හුඟක් දේවල් පොදුයි වගේ... මේ කෑම ජාති, බකට් වගේ හුඟක් ඒව දැක්කම මට දැක පුරුද්ද දැනෙනව..

    ReplyDelete
  2. හරිම ලස්සනට පෝස්ට් එක ලියල තියෙනවා අක්කා. අර පොඩි කාලෙ චීන කතාවක් මතක් උනා.

    ReplyDelete
  3. ම්ම්..නෙළුම් විලට මකරු ඇවිත් බලන්න හරි ලස්සනයි....

    ඇත්තටම ඉස්ලාමි කැලැන්ඩරයත් චන්ද්‍රයා මුල් කර ගෙන කාල වකවානු නිර්ණය කලත් මා දන්න තරමින් එය චීන කැලැන්ඩරයට වඩා වෙනස්. මම හිතන්නෙ පසුගිය දා අවසන් වුන රාමදාන් මාසය අවුරුද්දෙ නවවෙනි මාසය. දැන් ඉන්නෙ දහවෙනි මාසයෙ..

    ඒ වගේම අපි භාවිතා කරන Gregorian කැලැන්ඩරයට සාපේක්ෂව දින 11 ක් ඉස්ලාම් කැලැන්ඩරය සෑම අවුරුද්දකම ඉදිරියට යනවා. ඒක නම් මම හිතන්නෙ චන්ද්‍රයා මත පදනම් වු හැම දින දර්ශනයකටම පොදුයි. මම හිතන්නෙ ඉස්ලාමික් කැලැන්ඩරය ගැන විස්තර කියන්න හොඳම කෙනා ඩීන් අයියා........

    ReplyDelete
  4. මටත් හඳ කේක් කෑල්ලක් එවන්න බැරිද ? රාමසාන් බිරියානි කාලා තමයි මේ පෝස්ට් එක කියෙව්වේ . එතකොට මතක් වුනේ ඩෙසර්ට් ගත්තේ නෑ කියල

    ReplyDelete
  5. Mid Autmn festival = මධ්‍ය ශිශිර සැණකෙලිය

    හරිද මන්දා... නමක් විතරයි ඕං... හරියන එකද කියලා නම් දන්නේ නෑ. ඔය වගේ ඒවට සිංහලෙන් නම් දාන්න ආස නිසාමයි කිව්වේ...

    පෝස්ට් එක ලස්සනට ලියලා තියෙනවා බින්දි අක්කේ. සුරංගනා කථාවක් වගේ කියවගෙන ගියා. අපරාදේ ඔයාට තිබුනේ නර්සරි එකක ගුරුතුමියක් වෙන්න. එනම් පොඩි පැටව් ටික හොඳට හැදේවි ටීචගේ කථා අහලා...

    අර හඳ බනිස් දැක්කම මට cup cake මතක් වුනා. ඒ විදියම වෙන්ටෑ...! මේ වගේ ජනශ්‍රැති කථා සෙට් එකක් අපේ මූලාශ්‍ර වලින් හොයාගෙන කරන්න ආසාවක් ඇතිවුනා මේක දැකලා. කාලේ තමා ප්‍රශ්ණේ... බලමුකෝ... අක්කලගේ බනියලා වත් බලලා හැදෙයි නොවැ...

    ජයවේවා එහෙනම්...!!!

    ReplyDelete
  6. ෂ! කියල වැඩක් නෑ මරු.වියට්නාමේ නිදහස් දිනේ නිදහසේ සමරන්න කියල ප්‍රාර්ථනා කරනවා.අක්කා මේ ගැන නම් කවි මුතු මල් වල ලිව්වේ නැත්තම් අඩුවක් කියලයි මන් හිතන්නේ.

    සද ගැන කවි ලියන එක සාම්ප්‍රදායික වුණත් මෙහෙම සදක් ගැන ලියනකොට ඒක ලස්සනට තියෙයි...

    ReplyDelete
  7. ඔය කියන සඳ උලෙල ලංකාවෙ නැහැනෙ, තිබ්බනං ෂෝක් ......
    හෙට නිවාඩු දවසක් එහෙනම්, හෙට එහෙනම් පැටව් ටිකයි, තාත්තයි එක්ක කොහේ හරි හොඳ ට්‍රිප් එකක් යන්න පුලුවන් ....

    ReplyDelete
  8. මුලින්ම සුබ සඳ උළෙලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා! හෙට නිවාඩු නම් කොහොමත් ඉතින් බනියලට නත්තල් වගේ ඇතිනේ. අර රතු පාට බකට් චීන උත්සව වල නිතර දැකල තිබුනට නෙලුම් මල් වගේ ඒවානම් මම වැඩිය දැකල නෑ. හරියට අපේ නෙලුම් මල් වෙසක් කුඩු වගේ නේද? ස්තුත්යි බින්දී.

    ReplyDelete
  9. @ චේජනා ..
    නැගෙනහිර ආසියාවනේ . හොඳටම දන්නා කෙනෙක්ට ඇර මේ බොහොමයක් වෙන් කරලා අඳුන ගන්නත් අමාරුයි . ජපානේ මේ උත්සවය කොහොමද .

    @ පිණි බිඳු නගා
    ස්තුතියි නංගි.

    @ TG , මේක ඩෙසර්ට් එකට බර වැඩියි අප්පා . බිත්තර ගෙඩියකුත් මැදට දාලා ..වටේට මුන් ඇට පිටි හෙම . හැබැයි ඉතින් අපේ ඩෙසර්ට් වුනත් ඔව්ව සේරම දානවනේ . ඇයි බුරියානි එක්ක වටලප්පන් හම්බ වුනේ නැත .

    @චතුරංග ..
    ස්තුතියි මල්ලි ...ආ හා කතා කියන්න නම් ආසයි . ඒත් පොඩි වුන් කතා අහල නිකන් ඉන්නේ නැහැනේ . එයාලගේ දාහක් ප්‍රශ්න විසඳන්න එපාය . එක පාරක් ඔය ගුරු රස්සාවත් කළා තමයි. වරදක් නැහැ . පස්සේ වෙන රස්සාවක් ලැබුනානේ . වැටුප් සහ ප්‍රවාහනය වගේ දේවල් නිසා දෙවැන්නට වඩා හිත ගියා .
    මධ්‍ය සිසිර වෙනුවට මධ්‍ය සරත් කියමු . Autmn කියන්නේ සරත් සාමය නිසා .
    ලියන්න . අර රාවණා ගැන ලිව්වේ අපුරුවට . හරිම වටිනවා පරණ කතා ලියන එක . කප් කේක් වලට වඩා ටිකක් ලොකුයි. ඊට වඩා හය්යයි.

    @ ලකී ..

    ස්තුතියි ලකී . අපි අරාබි කැලැන්ඩරය ගැන දැන ගමු ඩීන් ගෙන්. ඇත්ත චීන කැලැන්ඩරෙයි අරාබි එකයි වෙනස් ඇති.

    @ අසංක
    අසංකට කියන්න මට මුලින්ම හිතුනේ කවි පෙළක් තමයි . සඳ කියද්දී නිකන්ම කවි සිතුවිලි පහල වෙනවනේ . ඔන්න බලන්න ඔයාටත් හිතුන හැටි . හරි ඔන්න මන් ඉක්මනට ලියන්නම් බොහෝ විට අද රෑට හරි හෙට හරි

    @ කල්හාර
    හෙට නිවාඩුව ඒකට නෙමේ . මෙයාලගේ ජාතික දිනේ . ඇත්තටම සඳ උළෙල සැප්තැම්බර් 11. ආණ්ඩුව නිවාඩු නම් දෙන්නේ නැහැ . මෙහෙ නිවාඩු හරි අඩුයි.. ළමයින්ට පාසල් නිවාඩු ගොඩක් තිබ්බට ලොකු අයට නැහැ . අපිට හැම මාසෙම සඳ උළෙල නේ . ඇයි පෝය . දුලයි නෝනයි එක්ක පන්සල් යන්න .

    @ චන්දි..
    අපේ නෙලුම් මල් වගේම තමයි . සඳ උළෙල සමරන්න ටික දවසක් තියෙනවා . හැබැයි දැන් හිටන් සැරසිලි නම් කරනවා . හෙට නිවාඩුව මෙයාලට ඉතාම වදගැහැ එකක් . දවස් තුනක් එක දිගට . අපි තීරණය කළා ගෙදර ඉන්න . ඔබටත් ප්‍රීතිමත් සඳ උළෙලක් .. සඳ ඉතින් අන්තර්ජාතිකයිනේ...

    ReplyDelete
  10. නෙළුම් විලට බොහෝමත්ම ස්තුතියි මේ වගේ විවිධත්වයෙන් යුතු ලස්සන මල් තිළිණයන් වලට. සම්ප්‍රදායන්, උත්සව ගැන විතරක් නොවේ ඒ පසුබිම ගැන කතාව ඉදිරිපත් කරලා තියෙන්නේ ලස්සනට. මේවා කියවන හැම වෙලාවෙම හිතට එන දෙයක් බ්ලොග් අවකාෂයේ මේ දැනුම් සම්බාරය අපේ පුංචි ලමයින්ට බෙදන්නේ කොහොමද කියන එක.

    නව සඳ මුල්කරගෙන සැකසෙන ඉස්ලාමික් ලූනාර් කැලැන්ඩරය පිලිබඳව විස්තරයක් පසුව එක් කරන්නම්.

    ReplyDelete
  11. අපිටත් ඉස්සර තිබුණෙ චන්ද්‍ර මාස ක්‍රමයනෙ. බුද්ධ ජයන්තිය හරියටම කවද්ද කියලා සමහර අය ප්‍රශ්නයක් කරගන්නෙත් ඒ හින්දනෙ.

    අර බකට්නම් හරි ලස්සනයි. මෙහෙ වගේම තමා නෙළුම් හැඩැති ඒවනම්, නේද?

    මූන් කේක් කියන නම පොඩි කාලෙ කතන්දර පොත්වලින් කියවලා තිබුණා. කහමදයක් හඳ වගේ හිටින්ඩ දාලනම්, මටත් කන්ඩ හිතෙන්නෙ නැත.

    මොකකට හරි කමක් නෑ, නිවාඩු හම්බෙන එකනම් ජොලි නේද?

    ස්තුතියි බින්දි.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හරිම ලස්සන කතාවක් , අපි නොදන්න කොයි තරම් රසවත් මෙවන් කතා ලෝකයේ ඇත්දැයි පොළඹවන මේ අකුරු ගෙතුම පොඩි දරුවෙක් වුනත් ආසාවෙන් කියවනවා , ඒ කිව්වේ ඒ තරම් රසවත් ... දැන් නෙළුම් විල් අපේ දෙන්නගෙත් රසවත්ම බ්ලොග් එක.
    ස්තුතියි මෙවන් දෑ රසවත්ව ගෙත්තම් කරමින් අප වෙත දෙන්නට වෙන මහන්සියට

    ReplyDelete
  14. @ Nalini & Bindi

    ගූගල් දෙය්යාගෙන් ඇසූ කරුණු අනුව මට වැරදී ඇති සෙයක් පෙනේ.ඒ නිසා ඉහත කොමෙන්ටුව නිවරදි කරන තෙක් තාවකාලිකව ඉවත් කරමි.

    ReplyDelete
  15. "මග අරුණු කාලෙට වන්දි ගෙවන්න ළමයි සතුටු කරන්න තමයි මේ සඳ උළෙල වෙන් වෙන්නේ ."
    ජනශ්‍රැති මොනව උනත් මේ උළෙල පවත්වන්නෙ මොන තරම් උසස් අරමුණකින්ද, ඔයාට ස්තූතියි මේ රසවත් කතන්දර කියනවට. අපේ කෙල්ල තාම පොඩියිනේ මේ විස්තර කියා දෙන්න

    ReplyDelete
  16. ලකී කොමෙන්ටු මැකීම දැන් පුරුද්දක් කරගෙන....

    ReplyDelete
  17. @ ගල් මල් ..

    ස්තුතියි ඩීන් අය්යා . ඇත්ත තමයි ළමයින් අතරට ගෙනියන්න පුළුවන් නම් හොඳයි . වැඩේ මේකනේ අපි වුනත් සමහර විට කතාවෙන දේවල් එකපාරටම ළමයින්ට බර වැඩිද කියල හිතෙනවා . මුලින් වැඩිහිටියෙක් කියවල බලල ළමයට දෙන්න පුළුවන් නම් හොඳයි. අනික වෙන වෙන ලින්ක් ඔස්සේ යන එක වළක්වන්නත් ඕන . මේක නිකන් දැලි පිහියක් වගේ . මේ වගේ පුංචි කතා ලංකාවේ පුවත්පතකට යවන්න වගේ වැඩක් කරන්න මට හිතුන . ඒත් මගේ භාෂා රටාව දැන් එච්චර හරි මදි වගේ . එයාල නිසි සෝදුපත් බැලීමක් කරනවා නම් මිසක් නැත්නම් බස මැරුවා කියල චෝදනා එල්ල වෙන්නත් පුළුවන් .
    @ නලිනි ..
    ඔය ගැන අපි විද්වත් සභාවට යොමු කරමු . කෝ මේ බුරා සුජීව ..පොත් ගුල්ලටත් ඔය වගේ දේවල් ගැන දැනුමක් ඇති . අපිට ඔය කේක් ගෙඩි දෙකක්ම ලැබුන . සේවා ආයතන වලින් ගෙදර ළමයින්ට ලස්සන කේක් එවනවා . ලස්සන වුනාට කට්ටිය තවම කෑවේ නැහැ . ඒ රස අපට පුරුදු නැහැනේ . අපේ හඳ හාමිගෙන් අපි ඉල්ලුවේ කිරි පැණි . ඒවා නම් කන්න බැරිය ඕන තරම්

    @ මහේෂ් ..
    ස්තුතියි මහේෂ් පොඩි දෙන්නටත් කියන්න මන් ස්තුති කළා කියල . හොඳ දේවල් විතරක් තෝරලා දෙන්න එයාලට .
    මේ ජනප්‍රවාදය අපේ බනීට ඉස්කෝලේ කියල දීල අද ටිකක් වෙනස් . දුවල කැමති වෙයි ඒ කතාවටත් .
    ''එකමත් එක කාලෙක දුප්පත් පිරිමි ළමයෙක් එයාගේ මාමයි නැන්දයි එක්ක ජිවත් වුනා . මේ ළමයට නිතරම කැලේට යන්න වෙනවා දර එකතු කරන වගේ වැඩ වලට . දවසක් කැලේ දී එයාට කොටි පැටව් දෙන්නෙක් හමු වුනා . ඒ දෙන්න කැමති වුනා මේ ළමය එක්ක සෙල්ලම් කරන්න . කොටි අම්ම කොහේදෝ ඉඳන් ආපු පාර ළමය හොඳටම බය වෙලා අතේ හිටි කොටි පැටියා වැටිලා . එතනම මැරිලා . කොටි අම්ම ට තරහ ගියා . ළමය ගහකට නැග්ග . කොටි අම්ම ගහක කොළ අරගෙන පැටියාගේ තුවාලේ ගෑවාලු. පන ආපු කොටි පැටියා එක්ක අම්ම ගියාට පස්සේ මේ ළමය අර බෙහෙත් පැලෑටිය ගෙදර අරන් ගිහින් හිටවල සාත්තු කලාලු . එදායින් පස්සේ ලෙඩ වෙන ඕන කෙනෙක්ට මේ පැලේ බලයෙන් ලෙඩේ හොඳ වුනාලු . පස්සේ කාලෙක මේ ළමය තරුණයෙක් වෙලා විවාහ වුනාට පස්සේ ගෙදර නෝනට කිව්වලු ගහට වතුර දාන්න . එයා නොදැනීමෙන් කිලිටි වතුර දාල . ගහ උඩට උඩට වැදෙන්න ගත්තලු . ගහ අල්ලන් හිටි තරුණය වත් අරගෙන ගහ හඳට ගිහින්. මෙයාට ආපහු එන්න තමයි පහන් දල්වන්නේ ''

    ReplyDelete
  18. @ හරි ..

    ස්තුතියි හරී . පස්සේ කාලෙක කියාදෙන්න පුළුවන්නේ . මන් තව කොහේ හරි රටක ගියොත් ඒ රටේ කතන්දරත් කියන්නම්කො . මමත් පුංචි කාලේ ඉඳන්ම කතන්දර ඇසීමේ කියවීමේ සහ කීමේ පිස්සුවෙන් පෙළුණු කෙනෙක්. ඔය පිස්සුවට වග කියන්න ඕන අම්මයි අපේ ආතයි තමයි පොඩි කාලේ කතා කියා දීල .

    ReplyDelete
  19. සඳ උලෙලේ චමත්කාරය අපිත් වින්දා නංගි. පුංචි පැටික්කියෝ දෙන්නට මේ උත්සවය හරිම සතුටෙන් ගතකරන්න ලැබේවා කියල මුලුන්ම පතනවා. චීනයේත් මේ හා සමානව උත්සවයක් තියෙනබව දන්නවා. ලූනා කැලැන්ඩරයට අනුව ඔය පලාත්වල තියෙන උත්සවත් සමාන කමක් දකිනවා. ලැන්ටන් ඒ හා සමානව තියෙනවා. අපි නොදන්න ජනකතා කිව්වට තුති. කලින් පෝස්ට් එකත් ආසාවෙන් කියෙව්වා. මල් නුවර මල් සුවඳ විඳ.............හරිම ලස්සනයි. මට අවිවේකී කම නිසා මේ ටිකේ නිතර එන්න බැරි උනා. මූන් කේක් නම් මම කාලා නෑ. හැබැයි, මැලේසියාවේ මෙයිට සමාන කප් කේක් වර්ගයක් තියෙනවා. ඒකේ මැද්දට චොක්ලට් බෝලයක් දමා තියෙනවා. පෙනුම සමානයි.
    ගොඩාක් විස්තර දැනගත්තා. ස්තූතියි.

    ReplyDelete
  20. @ Nalini
    හපෝයි..එහෙම කියන්න එපා දොස්තර නෝනේ ( දැන් එහෙම අමතන්නත් බයයි, සමහරු වෙඩි තියනවනෙ )
    මම කොමෙන්ට් එක මැකුවෙ ඒකේ අදහසේ ගැටළුවක් තිබුන නිසයි, ඇත්තටම ඉස්ලාමික් කැලැන්ඩරය චන්ද්‍ර මාස පදනම් වෙනවා වගේම ඒක කැලැන්ඩරයෙ එකම දිනක් හා සමපාත වෙන්නෙ අවුරුදු 33 කට (මම හරි නම්) එක වතාවක්. ඒත් අපේ බුද්ධ වර්ෂ වලින් මැයි මාසය හැම විටම යෙදෙන්නෙ වෙසක් මාසයෙ, බක් මාසය අප්‍රියල් මාසයේ...ඒ නිසා ඒ වෙනස ගැන කියන්න ගිහින් තමයි මම නා ගත්තෙ...දැන් ඉතින් මම සබන් ටිකක් ගා ගන ඇවිත් ඉතුරු ටික නාගන්න කම් අපි මේ බින්දිගෙ ලස්සන පොස්ට් එක ගැන කතා කරමුකො...

    ReplyDelete
  21. ඇත්තම කියනවානං ඔය චන්ද්‍ර මාස ක්‍රමය හා අපි වර්තමානයේ භාවිත කරන මාස ක්‍රමය අතර ගැලැපීම ගැන මටත් ටිකක් පටලැවිලි සහගතයි.. මේක හොද අවස්ථාවක් පටලැවිල්ල ලිහාගන්ට.. කස්ටිය අදහස් ටිකක් දාන්ටකො..

    බින්දිට තැන්කූ මේ මාතෘකාව ඇදගන්ට චාන්ස් එකක් දුන්නට.. :)

    ReplyDelete
  22. සඳ ගැන ලියලා තියන මේ පෝස්ට් එකට සඳරුගෙන් කමෙන්ට් එකක් නොවැටුනොත් ඒක ලොකු අඩුවක් වේවි .. ආසයි මටත් හඳ කේක් පලුවක් කාලා බලන්න .

    ඔයා කියන විදිහට ඔය හඳ උලෙල ගොඩක් ලස්සන ඇති අපිට ඉතින් මේ අත්මයේදී කවදාවත් ඕක බලාගන්න බෑ නෙව හැබැහින් ඉතින් ඔයා අකුරු කරලා අපිට එවන මේ පෝස්ට් එක සෑහෙන්න වටිනවා ..

    ReplyDelete
  23. බින්දිගේ ලිපිය කියවාගෙන යද්දී මට මතක් වුනු දේවල් මෙන්න.
    * සරත් කාලයත් එකලට පායන හඳත් එක් කොටගත් අපේ රටේ හිටය විද්වතෙක්. පුළුවන්නන් කියන්ඩ කව්ද කියල.
    * ජයන්ත විමලසේනයන් විසින් රචිත ජගත් ජනකතා කෘතිය
    මගේ මතකෙ හැටියට ඔය ජගත් ජනකතා පොතේ බින්දි කියන සඳ කතාව තිබුණ. එක්කො වියට්නාමය යටතෙ, නැත්තන් වෙන ළඟ පාත අග්නිදිග ආසියාතික රටක් යටතෙ.හැබැයි ටිකක් ඔයිට වෙනස්. මගේ පොත් රාක්කෙ පීර පීර හෙව්ව, පොත missing . කව්රු හරි කියවන්ඩ අරන් ගිහින් තාම ආපහු ගෙනත් දීල නැහැ. බ්ලොග් පෝස්ට් වලට කමෙන්ට්ස් ලියන්ඩ ගිහින් මට කීප සැරයක් ඔයවගේ උනා. බින්දි මොනාලිසා ගැන ලියපු වෙලේ මට ඕනේ උනා මොනිකා රුවන් පතිරණ කිවිඳිය "ඔබෙ යෙහෙළිය ඇය ගැහැණිය" පොතේ මොනාලිසා ගැන ලියු ලස්සන කවියක් එකතු කරන්න. ඒකත් එතන තිබුනේ නැහැ. තව නලිනි දොස්තර නෝනා බටහිර ආරාම ගැන ලියපු වෙලේ වල්පොල රාහුල හිමියන්ගේ "භික්ෂුවකගේ උරුමය" පොත හෙව්ව ඔය ආරාම ගැන පැහැදිලි කිරීමක් කරන්ඩ. ඒකත් missing . අනේ මගේ පොත් රාක්කෙට ගිය කල!

    චන්ද්‍ර මාස ක්‍රමය
    හඳ අපේ පෘථිවිය වටා වටයක් සම්පූර්ණ කරන්ඩ දින විසිනමයහමාරක් (29.5 Days ) ගන්නව. ඒ කියන්නේ චන්ද්‍ර මාස දොළහක් සම්පූර්ණ වෙන්ඩ ගත වෙන්නේ දින 354යි. නමුත් ග්‍රෙගෝරියන් කැලැන්ඩරේ දින 365ක් හෝ 366ක් අවශ්‍යයි මාස දොළහ සම්පූර්ණ වෙන්ඩ. ඔතනින් තමා වෙනස එන්නෙ. එදිනෙදා භාවිතා වන මාස ක්‍රමයට (ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට) ගැලපීම සඳහා වසර කිහිපයකට වරක් චන්ද්‍ර කැලැන්ඩරය අධි පෝයක් ප්‍රකාශයට පත් කරනවා. එහෙම බැලුවොත් පැරණි කාලේ අධි පෝය කතාවක් තිබුණෙ නැති නිසා බුද්ධ වර්ෂය, ක්‍රිස්තු වර්ෂයකට වඩා තරමක් කෙටියි. ඒකයි ඔය වෛද්‍ය තුමී කියූ බුද්ධ ජයන්තිය සැමරීමේ කාල වකවානු පිලිබඳ ප්‍රශ්නයක් පැන නගින්නෙ. ඕව ඉතින් සම්මුති හැටියට දැකල ඔය ගැන ප්‍රශ්න ඔලුවට දාගන්නෙ නැතුව හිටියම හරි.
    ඔය කිව්වේ මං දන්න විදිහට. හරි වැරදි ප්‍රකාශ කිරීම විද්වත් මණ්ඩලයට බාරයි.

    ReplyDelete
  24. @බින්දි
    ලිපියේ වටිනාකම අමිලයි.

    ReplyDelete
  25. @ගුල්ලා,

    අන්න එතන තමා මටත් ගැටළුව එන්නෙ.. ඒ කියන්නෙ අපි වෙසක් පෝය කියලා සමරන්නේ ඇත්තම වෙසක් පෝයද..?? එහෙමත් නැත්තං බක් මාසෙ කියලා කියන්නෙ ඇත්තටම අපේ පැරැන්නො කියාපු බක් මාසෙටමද..??

    ඇත්ත, මේ හැමදේම පිළිගත් සම්මුති තමා.. හැම‍දේම කාලය මැනීමට යොදාගත් ක්‍රම තමා.. ඒත්, එහෙම කියලා ඒවා ඔලුවට දාගන්නැතිව කොහොමද..?? අපි පොඩ්ඩක් වාද විවාද කරමු ඒ ගැන.. :)

    පලි: ඔය පොත් අරන් ගිහිං ගෙනත් දෙන්නෙ නැති එවුං ඉන්නව නේද, මට මේ ලෝකෙ පේන්නම බැරි ජාතියක් තමා.. ඊළගට පේන්න බැරි ජාතිය තමා ගත්ත පොත ගත්ත විදියට නැතිව පිටු නවලා, ඉරලා, කුණුගාලා ආපහු ගෙනත් දෙන එවුං.. :)

    ReplyDelete
  26. මැලේසියාවෙත් ඔය වගේමයි..නැගෙනහිර ආසියාවේ මේ සිරිත් වෙනස් වෙන්නේ නම් වලින් විතරයි.. දකුණු ආසියා කලාපේ එකවගේ සිරිත් විරිත් තියෙන්නේ අවුරුදු කාලෙට. තායිලන්තේ එකට කියන්න සොන්ක්රාන්ත් කියල අපි සංක්‍රාන්තිය කියනවා. අපි ජාතීන් හැටියට පටු විදිහට සිතුවාට එකම මුල් පවුලකින් පැවතෙන මිනිස්සු කියල කියන්න හොඳම සාධකයක්..

    ReplyDelete
  27. හොඳ ලිපියක් අක්කේ.මටත් ආස හිතුනා හඳ කේක් කෑල්ලක් කාලම බලන්න.

    හැම රටකම තියෙන සාම්ප්‍රදායික උත්සව වලට ඇත්තටම මොකක් හරි වැදගත් හේතුවක් තියෙනවා නේද?

    ReplyDelete
  28. @බුරා
    ඇත්තම වෙසක් පෝයක් කියල එකක් ඇත්තටම තියෙනවද?

    ReplyDelete
  29. බ්ලොග් ලියන්න වත් හිතේ නැති කාලෙක කියවපු ඔබේ බ්ලොග් එක නැවතත් ඇහ ගැටුනෙ ඔබේ කමෙන්ටුවක් හරහා..මන් නොකියවපු ලිපි ගොඩාක් එකතුවෙලා.. දැන් නම් එකක් වත් අත හරින්නෙ නැහැ. බ්ලොග් රෝල් එකෙ අප්ඩේට්ස් පෙනෙනවනෙ.. නොදන්න ලස්සන දේවල් ගොඩාක් දැන ගත්ත..ඔබේ ලිපිය හරහා..

    ReplyDelete
  30. මේ සඳ උත්සවය මේ අය මේ විදිහට සමරන්නේ බුදු දහමේ අභාෂයටද? කියලත් හිතුනා, නංගී. ලස්සන සූත්‍රයක් තියෙනවා චන්ද්‍ර පිරිත කියලා. ඒකත් මෙයටම එක්කරන්න හිතුවා. චන්ද්‍ර සූත්‍රයේ තියෙන විදිහට සඳදෙව් පුතුට වදාල දෙසුමේ මේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුරයාගේ ග්‍රහණයට අසුවෙනවා. ඒ වෙලාවේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා ඔහු අනතුරට පත් වූ බව බුදු හිමියන්ට පවසා ඒ අනතුරින් මිදෙන්නට පිහිටක් වෙන ලෙස ඇයද හිටියා. එහිදී බුදු හිමියන් රාහු නම් අසුරිඳු හට මෙසේ පවසනවා. චන්දිම දිව්‍ය පුත්‍රයා සරණ ගොස් ඇත්තේ තථාගතවූ අරහත් මුණිදුය, එහෙයින් ඔහු අත්හැර දමනු මැන. බුදුවරු වනාහී ලොවට අනුකම්පා කරන්නෝමය. එවිට රාහු නම් අසුර තෙමේ, චන්දිම දිව්‍ය පුතු අත්හැර දමා බියෙන් වෙව්ලා ගොස් වේපචිත්ති නම් අසුර රජු වෙත ගොස් බියෙන් වෙව්ලමින් ලොමු දැහැ ගත් සිරුරෙන් යුතුව එකස්පත්ව සිටියාලු. එවිට වේපචිත්ති නම් අසුර රජු මේ ලෙස කීවාලු කිමද? මේ හැටි වෙව්ලා යමින් රාහු නුඹ සඳට යන්න හැරියේ ? බියෙන් තැති ගෙන මෙහි පැමිනි නුඹ ඇයි මෙසේ බියවී සිටින්නෙ? එවිට රාහු මෙසේ කීවා ලු. බුදු සමිඳුන් විසින් පවසන ගාථා ඇසූවෙමි, ඉතින් සඳ අත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන සත්කඩකට පැලී යනු ඇත, ජීවත් වුනත් මම සැපක් නම් නොලබන්නෙමි. මේ තරමට බල ගතු බුදු වචන සදෙව් ලොවටම ශාන්තිය ගෙනේවා. ඒ සත්යානුභාවයෙන් සැමට සෙත්වේවා!

    ReplyDelete
  31. බුරතීනො:
    "පලි: ඔය පොත් අරන් ගිහිං ගෙනත් දෙන්නෙ නැති එවුං ඉන්නව නේද, මට මේ ලෝකෙ පේන්නම බැරි ජාතියක් තමා.. ඊළගට පේන්න බැරි ජාතිය තමා ගත්ත පොත ගත්ත විදියට නැතිව පිටු නවලා, ඉරලා, කුණුගාලා ආපහු ගෙනත් දෙන එවුං.. :)"

    මටත් පෙන්නන්ඩම බැරි එවුන් කොට්ඨාස දෙකක්. පොත් කිහිපයක්ම මට ආයෙ ආයෙමත් ගන්ඩ වෙලා තියෙනවා. තවත් පොත් බර ගණනක් එහෙමවත් හොයා ගන්න නැහැ සාප්පුවල. :( හෙණම ගහපං කියලා තමයි මෛත්‍රි කරන්න හිතෙන්නෙ...

    ඒ කාලෙ මැන්නෙ චන්ද්‍ර වර්ෂවලින් හින්දා, ඒ ක්‍රමයට බැලුවොත් මේ වෙනකොට වර්ෂ බර ගානක් පහු වෙලා 2600ට වැඩියෙන්. :D අධි පෝය යෙදෙනවනම් අවුරුදු හතරකට සැරයක්, ඒ කියන්නෙ, අවුරුදු 48කට සැරයක් අවුරුද්දක්ම වැඩි වෙනවනෙ. (මං ගණන් ඉගෙන ගත්තෙ ගොඩාක් පොඩි කාලෙ. මං අදහස් කරේ, එහෙම එකතු වෙන බව විතරයි කියලා හිතමු. කරුණාකර ඉලක්කම් අල්ලා ගැනීමෙන් වළකින්න.)
    එහෙම බැලුවහම අප මැයියයි කියන මාසය වෙසක් මාසයම නොවේ.

    අද වලි දාගන්න මූඩ් එකක් නෑ. ඒ හින්දා අපි සම්මුති අවුරුද්ද පිළි අරගෙන සාම්ප්‍රදායට අනුව ඉමුද අද?

    ReplyDelete
  32. මට මෙයිට අවුරුදු දෙකකට විතර කලින් හඳේ උත්සවයකට සහභාගි වෙන්න ලැබුනා. ඒත් මට කිසි දෙයක් තේරුනේ නෑ... අද තමයි හරියටම මොකක්ද කියලාවත් තේරුම් ගත්තේ බින්දි.

    ReplyDelete
  33. @නලිනි,

    මම දැන් හිත හදාගන්නෙ "කමක් නෑ, කවදා හරි මැරෙන දාට කොහොමත් පොත් ටික දාලා යන්ට වෙනවනෙ. ඒ නිසා ඔන්න ඔහෙ ගියාවෙ" කියලා හිතලයි.. :)

    ඔවු නේද.. දැන් ඉතිං අපි කොච්චර කිවුවත් කාටවත් ඔය සම්මුති වෙනස් කරන්ට ඕන කමකුත් නැතුව ඇති නේ.. ඔය තියෙන විදියටම තිබිච්චාවෙ.. අපිත් හොඳ ළමයි වගේ ඉම්මු.. :)

    @රංගි,

    // මට මෙයිට අවුරුදු දෙකකට විතර කලින් හඳේ උත්සවයකට සහභාගි වෙන්න ලැබුනා //

    ඒ අර නීල් ආම්ස්ට්‍රෝං හඳට ගොඩ බැහැලා අවුරුදු 30ක් පිරීම නිමිත්තෙන් තිබ්බ උත්සවේද..?? ඉතිං ඒක හඳේ කොහෙද තිබුනෙ, ඔයාට ‍රොකට් එකේ යනකොට බය හිතුනෙ එහෙම නැද්ද..?? :D

    ReplyDelete
  34. සිංගාරප්පුවෙත් මූන් කේක් උත්සවේ තියෙනවා.
    මකරු නටනවා. මමනම් නටන්නෙ නෑ.

    ====
    ඉරවල් 10ක කතාව මම අහල තියෙන්නෙ වෙනස් විදිහකට.
    ඉරවල් 9කටම විදලා බිම දැම්මම 10 වෙනි ඉර බයේ හැංගුනා
    ලෝකෙම කරුවල වුණා. ඉරට දේවත්වයෙන් වන්දනාමාන කරලයි ආපහු එළිය දෙන්න ගෙන්න ගත්තෙ.

    ====
    @ Buratheno

    වෙසක් පෝය කියල හැම මැයි මාසෙම එකම දිනය සමරන්නෙත් නැහැනෙ. ජේසු බබාගෙ උපන්දිනේ නම් හැම දෙසැම්බර් මාසෙකම 25.

    ReplyDelete
  35. @චානක,

    // වෙසක් පෝය කියල හැම මැයි මාසෙම එකම දිනය සමරන්නෙත් නැහැනෙ. //

    මෙතන දිනය වැදගත් නැහැ මචෝ, ප්‍රශ්නෙ තියෙන්නෙ අපි වෙසක් පෝය කියන්නෙ වෙසක් පෝයටමද කියන එකයි..

    // ජේසු බබාගෙ උපන්දිනේ නම් හැම දෙසැම්බර් මාසෙකම 25 //

    අන්න තවත් මිත්‍යාවක්.. කොන්ස්ටන්ටීන් අධිරාජයා පේගන් ආගම් හා ක්‍රිස්තියානිය සම්බන්ධ කරන්ට යෑමේ වෑයමක්.. මේ වගේ මාතෘකා ගැන නං මම වැඩිය වාද-විවාද කරන්ට කැමැති නෑ.. තමන් විශ්වාස කරන දේට විරුද්ධව කතා කරනකොට යාළුවො පවා තරහ වෙනවා.. :)

    ReplyDelete
  36. විවිධ රටවල්වල විවිධ සංස්කෘතීන්... නියමයි..
    ෂිහ්.. අපේ රටට නෑනෙ සීත කාලයක්. හැමදාම එකවගේ. :(

    "සඳ බනිස්".. මරු නම... හිනා වෙලා පණ යනවෝ..

    ReplyDelete
  37. @සඳරු
    සඳරු කියන්නේ හඳ වගේ රූ ඇති කියන එකනේ . ඔන්න බලන්න හඬවල් කීයක් මේ පැත්තේ එනවද . චන්දිල දෙන්නයි ...නලිනිත් චන්දිමානේ ..සඳරු .
    මේ ආත්මේ බලන්න බැහැ කියන්න එපා . ඔය වයසේදී මමත් හීනෙන් වත් හිතුවේ නැහැ මේවා දකින්න .
    @ බුරතිනෝ ..
    අර කතාවක් තියෙන්නේ පොතුයි ..ගෑනියි ..තීන්ත පෑනයි ණයට දෙන්න එපා කියල . මගෙත් පොත් කීපයක් දීල තියෙනවා දැනටත් . හැබැයි හොඳට මතක තියන් ඉන්නේ . පරිස්සන් කරලා ආයේ දෙනවා නම් පොත් දෙන්න පුළුවන් . එහෙම විශ්වාසයක් තියන්න හැකි අයෙක්ට විතරයි මම පොත් දෙන්නේ .
    @ පොත් ගුල්ලා ..
    ස්තුතියි චන්ද්‍ර මාස ක්‍රමය ගැන කිව්වට . පොත් ගොඩක් ගල් කරලා වගේ කට්ටිය . මටත් හිතෙන්නේ ඔය තියෙන විදියටම අවුරුද්ද ගෙවුනාවේ කියලයි. පහසු දෙයක් සම්මත වෙන එක ලේසියිනෙ . පුර හඳ දාට වෙසක් පෝය යෙදෙන එක හොඳයි. ඔය කියන දවසේ තෙමගුල වුනාද නැද්ද කියන එක නම් අනේ මන්ද . කොහොම වුනත් ඔය වගේ සම්මතයකට එන්න ඇත්තේ පහසුව තකා . සරලයි ලේසියි.
    @ චන්දි අක්කා ..
    ස්තුතියි අක්කා . මැලේසියාවෙත් මුන් කේක් තියෙනවා . පොඩ්ඩක් වෙනස් ලු.
    @ සරත් ..
    මටත් හිතෙන්නේ ඔය විදියටමයි. කොපමණ සමානකම් තියෙනවද . ලෝකය තුල අපි හුදකලා නැති බව දැනෙනවා .
    @ නිසුපා
    ස්තුතියි නිසුපා . ඔයාව නෙලුම් විලට ආදරයෙන් පිලිගන්නවා

    @ Weni
    හරිම සතුටුයි ඔබ මෙහි ආවට . වෙනි කියන්නේ නමේ කෑල්ලක් කියලයි හිතුවේ . බලනකොට ''වෙනිවැල් '' කියල දැක්කේ අද .
    @ රංගි..
    ස්තුතියි රංගි ..

    @චානක
    මකර අධිරාජයා ඔය වගේ පොඩි සෙල්ලම් කරන්නේ නැතුව ඇති තමයි . ඔය කතාව විවිධ ආකාරයෙන් කියනව ඇති . ඉර දහයේ කතාව චීන කතාව . වියට්නාමේ වැඩියම ජනප්‍රිය අර ඔසු පැළයේ කතාව .
    මගේ පැහැදිලි කිරීම නම් ඉර දහය කියන්නේ ගිම්හානයේ දරා ගත නොහැකි රස්නය . සරත් සමයේ ආවම දැනෙන සතුට වෙන්න ඇති මේ උත්සවයේ මුල .දහවෙනි ඉරත් හැන්ගුනා කියන්නේ ශීත කාලේ ඉර හැන්ගෙන එක වෙන්න ඇති . පෙබරවාරියේදී අලුත් අවුරුදු උළෙල ඒ කියන්නේ අපේ සිංහල දෙමල අවුරුද්ද වගේම ඉර මුල් කරන් ඇති එකක් . ඒ නිසා ඉරට වැඳලා ගේන්න ගත්ත කියන්නේ ඒ නිසා වෙන්න ඇති.. ඔන්න ඔය වගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලට ගිහින් බැනුම් අහලත් තියෙනවා මම .
    @පැණි දොඩම්
    අපෝ හිතන්න වත් එපා . මටනම් පෙන්න බැහැ සීතලේ ගුලිවෙලා ඉන්න . අපේ දේශගුණය මසුරන් ඒ අතින්.

    ReplyDelete
  38. @බුරා,
    අයියෝ මම ගියේ ඒ හඳේ උත්සවේට නෙමෙයි.. මේක මේ ඔය බොහොම ආසියාතික රටවල වගේ උත්සවයක්. දන්නේ නැද්ද නිකම් පුටු රත් කරන්න ආන්ඩු වලින් සල්ලි ගෙවන ඩිප්ලොමැටික් මිෂන්. (මම හිතන්නේ ලංකාවේ එම්බසි එක තරම් ඔය වගේ උත්සව සමරණ වෙන එකක් නෑ.) ඔය බින්දිගේ රටේ මෙහේ ඉන්න නියොජිතයාගේ වයිෆරේ මගේ යාළුවෙක්. ඉතින් දවසක් මට ඔය කියපු උත්සවයකට යන්න ලැබුනා. ඒකයි හඳේ උත්සවය කීවේ.
    වියට්නාම් කීවම මට ඉතින් මතකෙට එන්නේ අර කඳු වල කුඹුරු තිටෙන කොල පාට දිලිසෙන හැටි විතරයි. නැතුව හඳේ උත්සව බලන්න මම එහේ යනන් කියලයැ.

    ReplyDelete
  39. මටත් සඳ කේක් එකක් කන්ට ආසා හිතුනා. අර කහමදේ අමු වෙන් නෙමේනේ?

    ඔය විද්වත් කතා නම් මං දන්නැ ඕන්. අර ජන කතා ටිකට නම් හරිම ආසයි. ඇත්තටම චීන ජපන් ජනකතා ඔය සුරංගනාවියෝ,සඳ,තරු වගේ දේවල් එක්ක බැදුනු බොහොම අපූරු කතා..........

    ලස්සන ලිපියට බොහොම ස්තූතියි බින්දි අක්කා.....

    ReplyDelete
  40. @බින්දි

    දැන් මතක්වුනේ පහුගිය සෙනසුරාදා ඉරිදා රාජකාරියේ වැඩකට සිලෝන් කොන්ටිනෙන්ටල් එකට යන්න වුනා .එතකොට තමා දැක්කේ වියට්නාම් ෆූඩ් ෆෙස්ටිවල් එකක් එහේ තියෙනවා. රෙස්ටුරන්ට් එකේ උණ බම්බු තැනින් තැන් හිටෝලා රතු පටි වලින් එකට ගැට ගහලා එවට කිරි ගොටු තොප්පි නවලා තියෙනකොට ගිහින් එබිලා බැලුවම දන්නේ වියට්නාම් ෆුඩ් ෆෙස්ටිවල් එකක් කියල්ල .ශික් ඔයා මේ පෝස්ට් එක ගිය සතියේ දාලා තිබුණනම් මටත් එතැනින් හඳ කේක් , බනිස් රහ බලන්න තිබුණා .

    ඒක නෙවේ නරකද වියට්නාම් ෆුඩ් කල්චර් එක ගැන යමක් ලිව්වොත්.මට නිකන් හිතෙනවා එයාල හාල් පිටි වලින් ගොඩක් රස කැවිලි , බියර් එහෙම හදනවා ඇති කියලා.ඒ එක්කම මාසෙකට එකක් වෙන්න වියට්නාම් ජන කතාවකුත් ලිව්වොත් කොහොමද ? මං හිතන්නේ වියට්නාමෙ ජන කතා වලට බොහොම ප්‍රසිද්දයි කියලා . ඔන්න මගේ යෝජනාවලට ඉක්මන් උත්තර ඕනේ .

    ReplyDelete
  41. @ හා පැටික්කි
    ඔයාගේ නෑයෙක් හඳේ ඉන්න එකේ මේ කතාවලට ආස ඇති තමයි. කොහෙද ඉතින් කේක් කෑල්ලක් එවා ගන්න විදිහක් නැහැනේ . බිත්තරේ තම්බලා හොඳටම හය්යයි.
    @ ටි .ජි
    හොඳ යෝජනාව . පුළුවන් හැටියට ඔය දෙකම කරන්න බලන්නම් . හාල් වලින් නම් උපරිම ප්‍රයෝජන ගන්නවා තමයි මෙයාල . ඔය කෑම ගැන මට වඩා දන්නේ බනිලගේ තාත්ත .හැබැයි කන විදිහ . ජනකතා ගැන ලියන්න නම් බොහොම කැමතියි. ඇත්තටම මේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ දකින දේවල් ටිකක් උනන්දුවෙන් බලන්න පුරුදු වුනා .

    ReplyDelete
  42. කෝ මගේ ප්‍රශ්නෙට කව්රුත් උත්තර දීල නෑනේ.
    ආයෙත් අහන්නන්.
    සරත් සමයයි එකලට පායන සඳයි සම්බන්ධ වූ ලාංකීය විද්වතා කවරෙක්ද?

    ReplyDelete
  43. හප්පා, කාර්යබහුල සමයක මේ කතාව ෆොලෝ කරන්න අමාරුනේ.

    අහු වෙච්ච සිග්නල් ටිකට උත්තර දුන්නොත්. මේ පිළිතුර සිංහල මාස ගැන.

    - ලංකාවේ උන් චන්ද්‍ර අවුරුදු වලින් වැඩ කල බව මා අසා නැහැ. සුර්යයා පදනම් වූ අවුරුද්දක් තිබ්බේ. සුර්ය ගමන රාශි වලට බෙදා ඒ මත අවුරුද්ද පදනම් කලේ.

    - ඉස්සර කාලේ මිනිස්සු කාල මැන්නේ, පෝය හතර, පාලොස්වක හා "මහපෝය" [වෙසක්]. මේවාට පෙරහැර කල නිසා මේවා බොහොම තද නැකත් අනුසාරයෙන් මැන්නේ. මාසය චන්ද්‍රයාට හිමි වුවත් වසර සුර්යයා මුලිකාවයි කලේ.

    - දන්නවා නේද අර "අව තෙලෙස්වක තිථිය ලද" වගේ කතා. ඉස්සර කාලේ හඳේ අව හා පුර පැත්තෙන් තමයි දවස මැන්නේ. දෙපැත්තට 14 බැගින් මෙන්ම පාලොස්වක සහ අමාවක එක්ක මා දන්නා පරිදි දින තිහක්. මට වඩා දන්නා අයෙකු ඇත්නම් නිවැරදි කරන්න.

    - දින තිහේ මාස 12 ක් කියන්නේ දින 360ක්. ඇරියස් එක දින පහයි කාලයි නේ. ඉතින් ඔබ කියන මේ ප්‍රශ්නය ඇති වන්නේ ඇතැම් වසර වල විතරයි.

    - අධි මාස එකලත් තියෙන්න ඇති. මොකද මේ ගැන වග කියන "නැකත් කරුවන්" ස්ථිරවම නක්ෂත්‍රය දැන උන්න අය. අනික සිංහල මාස ක්‍රමයට අනුව දුරුතු නවම් කියාගෙන යන දොළොස් මසක් තිබුනට "අධි පොසොන්" හෝ "අධි වෙසක්" වගේ විධි වලින් මේ හිරු සඳු අතර ඉම්බලන්ස් එක පියවා ගන්නවා ඇති.

    මේක ලියලා ඉවර වෙලයි සර්ව බලධාරී ගූගල් දෙවියන්ට යාඥා කලේ. මෙන්න උන් වහන්සේ මට දුන් උත්තරේ. මෙතන නොසෑහෙන්න විස්තර ඇති.

    බෞද්ධ මාස ක්‍රමය

    ReplyDelete
  44. ලස්සන සටහනක් බින්දී. මට ඔය මකරු ඉන්න රටවල අවුරුද්ද ගැන ලොකු ආසාවක් තියෙන්නේ. ලොකු ජනශ්රතියක් තියෙන රටවල්. මේ අයගේ ඉතිහාසය අවුරුදු හාර පන් දාහක්. අපි තිස්සෙම පාරම බාන දෙදහස් පන්සීය මොනවාද ඉතින්.

    අද වියට්නාමය කියන්නේ ජනගහනය කෝටි නවයක් විතර ඉන්න ලෝකේ වැඩිම ජනගහන විස්සට අහුවෙන දැවැන්ත රටක්. මං හිතන විදිහට හෙට ලෝකේ රටක් ඇති කරන සස්කෘතික පිය සටහන නිර්ණය වන්නේ ජනගහනයෙන් කියලා. ඉතින් මේ අනන්‍ය සංස්කෘතිය ගැන හෙට අදටත් වඩා කතා කෙරෙයි.

    ReplyDelete
  45. @පොත් ගුල්ලා;

    [[ දින තිහේ මාස 12 ක් කියන්නේ දින 360ක්. ඇරියස් එක දින පහයි කාලයි නේ. ඉතින් ඔබ කියන මේ ප්‍රශ්නය ඇති වන්නේ ඇතැම් වසර වල විතරයි.]]

    මගේ ඉහත කොමෙන්ටුවට වඩා නිවැරදි දින 354 ක කතාවක් ගුල්ලා ලියා තිබේ.

    එහෙත් එතුමාගේ ඉතිරි කතාව මට නොතේරේ.

    [[එහෙම බැලුවොත් පැරණි කාලේ අධි පෝය කතාවක් තිබුණෙ නැති නිසා බුද්ධ වර්ෂය, ක්‍රිස්තු වර්ෂයකට වඩා තරමක් කෙටියි. ]]

    මොන පදනමකින් ද කියන්නේ අධි පෝය නොතිබූ බව. අධි පෝය කියන්නේ ගිරිගෝරිස් කැලැන්ඩරේට පෑහෙන්න හදා ගත් එකක් නොවේ. චන්ද්‍ර මාස හා සුර්ය වසර පෑහෙන්න හදා ගත් එකක්.

    [[පොත් ගල් වීම]]

    ගුල්ල ළඟ තිබ්බොත් කවරේ විතරනේ ඉතුරු වෙන්නේ. ඉතින් සාධාරණයි ගල් කරන එක.

    [[සරත් සමයයි එකලට පායන සඳයි සම්බන්ධ වූ ලාංකීය විද්වතා කවරෙක්ද? ]]

    සරත් චන්ද්‍රසිරි :) :) මං දන්නා තරමින් මොහු නළුවෙක්. [හික්කි හික්කි හූ. දෙන්නෑ උත්තරේ අපි]

    ReplyDelete
  46. අනේ මම එනකොට පෙරහැර ගිහින් මකර බෙටිත් වේලිලා... ඒත් මට හිතෙන දේත් නොකිය බෑනෙ...

    මුලින්ම බින්දිට ස්තුතියි මේ අපි නොදන්න සංස්කෘතීන් ගැන ඉතාම විස්තර සහිතව පැහැදිලි කරල මේ වගේ ලිපි ලියනවට...

    දැන් චන්ද්‍ර මාස ගැන..

    සිංහල චන්ද්‍ර මාස ක්‍රමයෙ මොකක් හරි සුජීව කියන විදිහෙ අජස්ට්මන්ට් එකක් තිබිල තියෙනව... මම මේක කියන්නෙ කරුණක් ලෙස දැනගෙන නෙමෙයි වෙන සාධක ගැන හිතල බලල..

    දැන් බලමු අලුත් අවුරුද්ද.. ඕක තියෙනෙ බක් මාසෙ... දැන් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පනින්නෙ එකම කාල අන්තරයකදි කියල හිතුවොත්... හැම සැරේම බක් මාසෙ මැද හරියට ඕක සෙට් වෙලා තියෙන්නෙ අනිවාර්යයෙන්ම අජස්ට්මන්ට් එකක් තියෙන නිසානෙ.. අපි අප්‍රේල් මාසෙට අවුරුද්ද වැටෙන බව දන්නෙ සුද්ද ආවට පස්සෙනෙ.. ඒත් හැමැදාම ඕක තිබිල තියෙන්නෙ බක් මාසෙනෙ...

    ඒ වගේම සීතල දුරුත්ත , බක් මහ අකුණු වගේ ඒවයෙනුත් පේනව සිංහල චන්ද්‍ර මාස වර්ෂයේ එකම කාලෙකට ෆික්ස් කරගෙන තිබිල තියෙනව...

    එහෙමනම් බුරෝ.. වෙසක් පෝය කියල අපි කියන්න්නෙ වෙසක් පෝයමද කියන එකෙන් අදහ්ස් වෙන්නෙ එදා බුද්ධ වර්ෂ පටන් ගත්දා ඉඳන් පෝය දොලහවල් ගැනගෙන එන එකනම්.. නෑ වෙසක් පෝය කියන්නෙ වෙසක් පෝයම නෙමෙයි...

    අපේ මාස ක්‍රමයෙත් මොන නමකින් හරි BLUE MOONS තිබිල තියෙනව...

    ReplyDelete
  47. @පොත්ගුල්ලා,

    අරකට උත්තරේ තමා... එදිරිවීර 'සරත්චන්ද්‍ර' (ටං ටිං ටොං... කෝ මගෙ තෑග්ග දෙනවද දැන්)

    @සුජීව,

    // ඉස්සර කාලේ හඳේ අව හා පුර පැත්තෙන් තමයි දවස මැන්නේ. දෙපැත්තට 14 බැගින් මෙන්ම පාලොස්වක සහ අමාවක එක්ක මා දන්නා පරිදි දින තිහක් //

    නිවැරැදි කිරීමක්.. පුරපස දින 14යි, 14වන දින තමා පසළොස්වක, අවපස දින 14යි, 14වන දින තමා අමාවක.. එතකොට මාසෙට දින 28යි, 30ක් නෙවෙයි..

    ReplyDelete
  48. @සපා,

    මටත් ඕක හිතුනා.. මොකක් හරි අජස්මන්ට් එකක් තිබිලා තියෙන්න ඕන අනිවා.. ඔයා කියපු දේවල් හා තවත් දේ නිසා.. උදාහරණයක් විදියට මෝසම් වැහි කාලය වගේ දේවල්, එතකොට වගාවන්ට යොදාගත් යල-මහ කන්න වගේ දේ වුනත් වසරේ නියමිත කාලයට එන ඒවනේ.. ඒ නිසා චන්ද්‍ර මාස අනුව කාලය මැන්නත් අජස්මන්ට් එකක් තිබිය යුතුයි, ඒත් මොකක්ද ඒ අජස්මන්ට් එක... අධි පෝයද නැත්තං වෙන මොකක් හරිද..??

    ReplyDelete
  49. @බුරා/ සුජීව/ සපතේරු/ නලිනි
    මං කිව්වත් වගේ මගේ චන්ද්‍ර මාස ගැන කමෙන්ට් එක ඔය විද්වත් මණ්ඩලේ නිවැරදි කරලා තියෙන්නෙ. මමත් විද්වත් මණ්ඩලේ අදහස ඉත සිතින් පිලිගන්නවා.

    @සුජීව / බුරා
    සරත් චන්ද්‍රසිරි කියල විද්වතෙක් මම නං දන්නේ නෑ.
    බුරාගේ උත්තරේ තමා මං බලාපොරොත්තු උනේ.
    ජයග්‍රහණය - බුරතීනෝ
    තෑග්ග - බොම්බයි මොටයි හෝ සඳ බනිස් (කැමති එකක් ඉල්ලාගත හැක.)
    ප්‍රධාන අනුග්‍රහය - බස්සා - බොම්බයි මොටයි / බින්දි - සඳ බනිස්

    ReplyDelete
  50. [[පුරපස දින 14යි, 14වන දින තමා පසළොස්වක]]

    වෙන්න බැරියෝ. පහළොස වෙනි "හඳේ වක" [අමාවකට පස්සේ එන] නිසා නම්කළ "පසළොස්වක" කොහොමද 14 වෙන්නේ? අනික මං දුන්නු සබැඳියත් කියන්නේ දින 30 ක් කියලා. කොහොම උනත් ඉර වගේ මේ හඳත් එක්ක සෙල්ලම් බැහැනේ. මොකද අපිට ඕනේ ගණන් දා ගත්තට පහලොස්වක දෙකක් අතරේ දින 29.5 නේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ ක්‍රමයට අධි මාස සහිත අවුරුදු මෙන්ම, අඩු/වැඩි දින ගණන් ඇති මාසත් තිබී ඇත [29.5 බැලන්ස් කරන්න].

    [[සරත් චන්ද්‍රසිරි කියල විද්වතෙක් මම නං දන්නේ නෑ]]

    මං කිව්වේ නැත්තේ ජෝක් එකට හරිද? මටත් ඕනේ බොම්බයි මොටයි. අර අනික් එව්වා නම් මතක කරන්න එපා, බින්දී ගේ පෝස්ට් එක දැකලා පැය ගානක් යනකම් කෑම අප්පිරියාවෙන් උන්නේ.

    ReplyDelete
  51. සුජීව ...සපතේරු ..බුරතිනෝ ...පොත් ගුල්ලා ..මමත් ඔබලාගෙන් බොහෝ දේ දැන ගතිමි.
    බුරා ...සඳ බනිස් ගෙඩියක් තැපෑලේ එවීමට ලිපිනය එවන්න . මුදල් ගෙවා බාර ගැනීමේ පදනම යටතේ . මගදී පුස් කා තිබුනොත් වගකියනු නොලැබේ .

    ReplyDelete
  52. [[එදිරිවීර සරත්චන්ද්‍ර]]

    එතකොට හුචක්කු මහත්තයා සරතේ දහවල ද?

    ReplyDelete
  53. මේ ගැන මමත් උනන්දුවෙන් කියවපු නිසා යමක් එකතු කරන්න හිතුවා,

    මුලින්ම මමත් හිතාගන හිටියෙ බෞද්ධ කැලැන්ඩරයත් තනිකරම සූර්යයා හා රාශි මත පදනම් වුන එකක් කියලයි. ඒත් තරමක් කරුණු සොයන කොට ඒක එහෙමම් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.ඇත්තටම මේක ඒ දෙකේම එකතුවක් වගෙයි. අනිත් එක මේ අධික මාස වාදය ඊයෙ ඇතිවුන එකක් නෙවෙයි කියලයි මම දන්නෙ, පරණ පත්තරයක මෙන්න මෙහෙම තියනවා,[මේක සිංහල විශ්ව කෝෂයේ උපුටා ගැන්මක්]

    //බුදුරජාණන් වහන්සේ වර්ෂා සෘතුයෙහි වස් එළැඹිය යුතු යැයි ශ්‍රාවකයනට ශික්ෂාපද පැනැ වූ සේක. යළි ඇසළ පුන් පොහොය ගෙවී ගිය පෑළවිය දිනයෙහි වස් එළැඹිය යුතු යැයි ද, අධිකමාස පැමිණි වර්ෂයෙහි ඒ අධික මාසය හැරපිය යුතු යැයි ද නියම කළ හ. පූර්ණිමාන්තාවධි අමාන්තාවධි යන එක් එක් මාස ක්‍රමය අනුව අධිකය හළ යුතු වර්ෂය වෙනස් වෙයි. පසළොස්වක හිම් කොට මාසය ගණින පූර්ණිමාන්තාවධි ක්‍රමයෙහි යම් සෞර මාසයක් ඇතුළත පුර පසළොස්වක් දෙකක් යෙදේනම් ඒ වර්ෂයෙහි අධිකය හළ යුතු වෙයි. අමාවක හිම් කොට මාසය ගණින අමන්තාවධි ක්‍රමයෙහි එක රවි මාසයක දී අමාවක දෙකක් යෙදෙන වර්ෂයෙහි අධිකය හළ යුතු වෙයි. මෙයින් කවර මාස ක්‍රමයක් අනුව අධිකය හැර වස් එළැඹිය යුතු ද යන්නෙහි ලා මෙම අධිමාසවාදය ආරම්භ වූ බව පෙනේ//

    ඒ වගේම මෙන්න මේකත් එතනින්මයි

    දින 354 ක් ඇති චන්ද්‍ර වර්ෂය මෙන් ම දින 365 ක් ඇති සූර්ය වර්ෂය ද මාස දොළසකින් යුක්ත ය. එ බැවින් සූර්ය වර්ෂයකට චන්ද්‍ර මාස දොළසක් හා දින එකොළහක් තිබේ. මේ නිසා සූර්ය මාස 33 ක් වන විට චන්ද්‍ර මාස 34 ක් වෙයි. මෙහි වැඩි වී ගිය මාසය ඇති තුන්වන වර්ෂයෙහි චන්ද්‍රමාස දහතුනක් වන හෙයින් ඉන් එකක් ‘අධිකමාසය’ ලෙස සලකා වසර සම කැර ගැනීම සම්මතය වී තිබේ.

    ReplyDelete
  54. නමුත් ඉස්ලාමික් කැලැන්ඩර්ය පූර්ණ වශයෙන්ම සඳ මත පදනම් වුන එකක්. ඒ නිසා ඔවුන් හැම අවුරුද්දකම දින 11 ක් ඉදිරියට එනවා. උදාහරණයක මේ ගිරිගෝරිස්ගෙ කැලැන්ඩරෙන් මේ අවුරුද්දෙ නොවැ 26 සමරන ඔවුන්ගෙ අලුත් අවුරුද්ද ලබන අවුරුද්දෙ සමරන්නෙ නොවැ 15 හෝ ආසන්න දිනක. ඔවුන්ගේ සඳ කමිටුව චන්ද්‍ර ගමන පියවි ඇසින් නිරීක්ෂණය කරමින් මාස නම් කරන නිසා මේ නිවාඩු දින එකක්වත් අපට අවුරුද්දෙ මුලදි සැළසුම් කර ගන්න බැහැ....(සඳ වළාකුලු වලින් වැහුනොත් ඔවුන් වෙනම ක්‍රමයක් අනුගමනය කරනවා )

    ReplyDelete
  55. සියලු සැක සංකා නිටාවටම සුවකළ ලකී ට බොහොම පින්.

    ReplyDelete
  56. ස්තුතියි ලකී.. බලන් ගියහම හඳටත් කමිටුවක් තියෙනවනේ .

    වෙහෙස වී කරුණු සෙවූ හැමෝටම යලිත් මගේ ස්තුතිය .

    ReplyDelete
  57. සඳ කමිටුව ගැන හොඳින්ම දන්නෙ ඩීන් අයියා..කෝ හොයාගන්න නැහැනෙ ඉතින්..
    හැබැයි ඕක so called "Moon's Committee" නෙවෙයි..ඒක වෙනම එකක් :D

    ReplyDelete
  58. //ඔය කෑම ගැන මට වඩා දන්නේ බනිලගේ තාත්ත //
    අන්න හරි එයාට කියලා පෝස්ට් එකක් ලියවමු....:)))

    අර සුජීව කීවා වගේ ආසියාතික රටවල් සමහර පැනි රහ කෑම දකිනකොට මටත් එච්චර ආසාවක් එන්නේ නෑ. කෑවට පස්සේ මොන අමාරුකම ආවත් කට දන ඒවාටම තමයි ඇහැ වැඩිපුර යන්නේ.

    ReplyDelete
  59. පොකු
    මටත් ඔය ලෙඩේම තියෙනවානේ.

    ඔය කොච්චර මිරිස් තිබ්බත් මට කන්න බැරි උනත් මම ආසම ඔය වගේ මිරිස් කෑම වලටනේ.

    ReplyDelete
  60. ඔන්න අද සභාවෙ අත්පොලසන් ලකීට.. තැන්කූ වේවා..!!

    @බින්දි,

    මට ඕන අර සඳ බනිස් ගෙඩිය ඇතුළෙ තියෙන බිත්තරේ අයින් කරලා, ඒ වෙනුවට බොම්බයි මොටයි පුරවලා.. :)

    ReplyDelete
  61. සියලු දෝෂ දූරිභූත කරපු ලකී ට මෙන්න විසිල් එකයි ඇංකෝර් එකයි ගැලරියෙන්.... !!

    ඒ ගමන්ම උදෙ තාත්තට කෝල් කරල අහගත්තු සිංහල චන්ද්‍ර මාසයේ දින තිහ පිලිවෙලින් පහලින් ලියල දාන්නෙ පස්සෙ කාලෙක චන්ද්‍ර මාස ක්‍රමය ගැන ගුග්ල් කරන කෙනෙක් මේ බ්ලොග් එකට ආවොත් සම්පූර්ණ තොරතුරු මෙතනින්ම ගන්න ඇහැක් වෙන්න..

    1.පුර පෑලවිය
    2.පුර දියවක
    3.පුර තියවක
    4.පුර ජලවක
    5.පුර විසේනිය
    6.පුර සැටවක
    7.පුර සතවක
    8.පුර අටවක
    9.පුර නවවක
    10.පුර දසවක
    11.පුර එකොලොස්වක
    12.පුර දොලොස්වක
    13.පුර තෙලෙස්වක
    14.පුර තුදුස්වක
    15.පසලොස්වක
    16.අව පෑලවිය
    17.අව දියවක
    18.අව තියවක
    19.අව ජලවක
    20.අව විසේනිය
    21.අව සැටවක
    22.අව සතවක
    23.අව අටවක
    24.අව නවවක
    25.අව දසවක
    26.අව එකොලොස්වක
    27.අව දොලොස්වක
    28.අව තෙලෙස්වක
    29.අව තුදුස්වක
    30.අමාවක

    ReplyDelete
  62. මුස්ලිම්වරුන් බාවිතා කරන දින දර්ශණය හිජිරා නැතිනම් ඉස්ලාමික දින දසුන හැටියට හැඳින්වේ. නව සඳ උදාව පදනම් කරගෙන පටන් ගන්නා හිජිරා මාස දෙළහකින් සමන්විත හිජිරා වසරක දින 354 ක් අඩංගු වේ.

    නබිතුමානන් මක්කා නුවර සිට මදීනාවලට (පුරාණ මදීනා නුවර Yathrib - යත්‍රිබ් හැටියට පැරණි ග්‍රන්ථවල සඳහන් වේ) සංක්‍රමණයවීමත් සමඟ පටන් ගන්නා හිජිරා වර්ෂය ක්‍රි.ව. 622, ජූලි 16 දායින් ආරම්බ වෙන බව පමණක් තැන් වල සඳහන් වේ. හිජිරා මාසයක දින 29ක් හෝ 30ක් තිබිය හැකිය.

    පොදුවේ බාවිතා වෙන ග්‍රෙගෝරියන් දින දසුනට (දින 365 හෝ අධික අවුරුද්දක දින 366 ට ) අනුව අනෙකුත් චන්ද්‍ර දින ක්‍රමයන්හි දී මෙන්ම වසරක තුල ඇතිවෙන දින 11ක වෙනස නිසා ක්‍රමයෙන් හිජිරි වසර ආරම්බය සූර්ය වසරට සමානුපාතිකව ඉදිරියට යයි. මුස්ලිම්වරුන් උපවාසයේ යෙදෙන රමසාන් මාසය හිජිරි දින දසුනේ නව වන මාසයයි, වසරින් වසර රමසාන් මාසය පොදු කැලන්ඩරයේ ඉදිරියට වැටෙන්නේ ඉහත කී දින 11ක වෙනස නිසාය.

    ලොව වෙලාව නිර්ණය කරන සම්මතයන් ඇතිවාක් මෙන් පුරාණයේ සිට තාරකාවිද්‍යාව පෘථිවි ගෝලයේ චන්ද්‍ර කලාපයන් බාවිතයෙන් නව සඳේ උපත ගනනය කරන්නට සමත් වුවද සම්ප්‍රදායන් අනුව විශේෂයෙන් රමසාන් මාසය ආරම්බය නව සඳ දැකීමත් සමඟ සිදුවේ. චන්ද්‍ර කලාපයක නව සඳ දිස්වී ම ඒ කලාපයේ අනෙක් රටවලටද බලපැවැත්වේ.

    හිජිරා දින දසුන චන්ද්‍ර ගමන අනුව තීරණය වුවද, මුස්ලිම්වරුන් දිනපතා යෙදෙන පස්වේලේ නැමදුමට නියමිත හෝරාව තීරණය වෙන්නේ සූර්යයාගේ පිහිටිම අනුව. හිජිරා දින දසුනේ නව දවසේ සඳ මෝදුවෙන්නේ ද සාමාන්‍යයෙන් සවස 3-4ත් අතර වෙනස් වෙන (අසර් නැමැති තෙවන නැමදීම යෙදෙන) කාළය තුලදීය.

    හිජිරා දිනදසුනේ මාසයන් පිලිවෙලින් මෙසේය:
    1. මුහර්රම්, 2. සෆර් , 3. රබි උල් අව්වල් , 4. රබි උල් ආහිර් (හෝ රබි තානි හැටියටත් යෙදේ), 5. ජමදුල් අව්වල්, 6.ජමාදුල් ආහිර් (හෝ ජමදුල් තානි හැටියටත් යෙදේ), 7. රජාබ්, 8. ෂඅබාන් , 9. රමසාන්, 10. ෂව්වාල්, 11. දුල් කඅදා, 12. දුල් හජ්

    රමසාන් උපවාසය නිමා කර එලඹෙන නොම්බු අවුරුද්ද ෂව්වාවල් පලමුදා ද,
    හජ් අවුරුද්ද හැටියට ප්‍රකට අවුරුද්ද දුල් හජ් මාසයේ 10 දාට ද යෙදේ.

    රමසාන් කියන වචනය කුරානික අරාබි (සිංහල හෝඩියේ මෙන් ඉස්පිලි, පාපිලි සහිතයි, ව්‍යවහාරික ලිඛිත බසේ එවැන්නක් නොයෙදේ) බසින් රමලාන් හැටියට ලියන නමුත්, අරාබි දේශයේ කලාපයන් කලාපයට දකින්න ලැබෙන උච්චාරන්යේ විෂමතා නිසා රමසාන්, රමදාන් හැටියට බහුලව යෙදේ. තවද ලංකාවේ පාවිච්චි කරන නෝම්බු වචනය තනිකර දකුණු ඉන්දීය ආබෂයෙන් ආ වචනයකි.

    ප.ලි: සාමාන්‍යයෙන් ආගමික පසුබිමක් ඇති තොරතුරු ගැන මා එතරම් ලියන්නේ නැහැ. මෙතැන දී කල ඉල්ලීමෙන් දැනුමට යමක් එකතු කිරීමෙ අදහසින් මේ සටහන කලෙමි. කාල වේලාව හරස් වූ නිසා මේ සටහන ප්‍රමාද විය.

    ReplyDelete
  63. 1991 දී මා වැඩ කර (මැදපෙරදිග) රාජ්‍ය ආයතනයක අවශ්‍යතාවයක් අනුව ග්‍රෙගෝරියන් දිනයට අමතරව හිජිරා දිනය සඳහන් කිරීම අනිවාර්ය විය. අද පොදුවේ ඇති කැලැන්ඩර් එදා කොම්පියුටර් වල නොවිය, අනෙක පාවිච්චි කලේ මහා පරිමාණ සිස්ටම්. ඒ අභියෝගය ජයගන්න හිජිරා කැලැන්ඩරය ගැන බොහෝ දේ උගත් යුතු විය, ඉන් වටහා ගත් දෙයක් වූයේ වසර කිහිපයකට වරක් චන්ද්‍ර දින ක්‍රමයේ ද අධික අවුරුද්දක් යෙදෙන බවයි. ඒ ගැන ලස්සන පැහැදිලි කිරීමක් පොත් ගුල්ලා තුමන් ගේ සටහනේ චන්ද්‍ර මාසයේ දින 29.5 න් කියැවේ.

    ක්‍රිස්තු වර්ෂ A.D. හැටියට සඳහන් කනවා වගේ හිජිරා වසර A.H. හෝ H හැටියට සඳනහ් කරයි. උදා: මේ හිජිරි 1432යි එය 1432A.H. හො 1432H හැටියට ලියයි.

    ReplyDelete
  64. @Luckey:
    විස්තර අරන් මේ පැත්තට එනකොට පෙරහැර ගොඩාක් දුර ගිහින්. බොහෝම සන්තෝසයි, මෙච්චර විස්තර ගොඩාක්.

    සඳ කමිටුව ගැන ලියන්න ගිහින් මට අමාවක පායයි?

    කමක් නැහැ ලියමු.

    ReplyDelete
  65. බොහොම ස්තුතියි සපතේරු උන්නැහේ වෙච්ච මහන්සියට .
    ඩීන් අය්යා ...තමන්ගේ සම්මතයන්ටත් එපිටින් ගිහින් කියා දීපු කාරණා වලට ගොඩක් ස්තුතියි.. බොහෝ දේ දැන ගත්ත .
    ඇත්තටම සිංහලෙන් යම් දෙයක් සයිබර් අවකාශයට පිරිනැමීම ගැන අපිට අවන්කවම සතුටු විය හැකියි. හැමදාම මම ලියන සරල කතන්දර වලට අරුතක් එක කරන මගේ මිතුරනි...ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
  66. @සපතේරු උන්නැහේ/@Luckey:
    බොහෝම ස්තුතියි මේ අගනා විස්තර වලට.

    බින්දි: ඒ කාරිය කරන්න අපිට ඉඩක් ලබා දුන් ඔබට පින්, ඒ සඳහා දායක වෙන්න ලැබුණා නම් සතුටුයි.


    මූන් කොමිටිය ගැන විස්තර පසුව දාන්නම්.

    ReplyDelete
  67. පුළුවන් කෙනෙක් ඉන්නවනම් බෞද්ධ මාස ක්‍රමය ගැන තියෙන විකි පිටුවට මේ බින්දිගේ පිටුව සබැඳියක් හැටියට දාන්න. මෙතන එ තරම් කරුණු අන්තර්ගතයි.

    හප්පා දැන් ආර ලින්ක් ගනින ඇනෝ ට රෙඩ් ලයිට් පත්තු වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete
  68. හප්පා, නෙලුම් විල දැන් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක් වෙලානේ.
    හරි අපූරුයි. හුඟක් දේවල් අලුතින් දැනගත්ත. ඩීන්, ලකී, සපතේරු මහත්වරු පසුව එක් කල දේත් බොහොම වටිනවා.
    ඔය දින අනුපිලිවෙල පන්සලේ හාමුදුරුවන්ගෙන් අහගෙන ඇවිදින් මේකට එක් කරන්ඩයි මාත් හිතන් හිටියේ. සපතේරු මැතිදුන් මද පෙරදිග ඉඳගෙනම අඩුවක් නැතුව වැඩේ කරලා. අපේ ගෞරවනීය ස්තුතිය.

    මේ වගේ මාතෘකා ඇදගැනීම ගැන විශේෂ ස්තුතිය බින්දිට.

    ReplyDelete
  69. සපාගේ ලිස්ට් එක දැක්කම දැන් මතක් වුනේ. සිංහල ස්වදේශීය සේවය [එහෙමත් නැතිනම් ඩයිනොසර යුගයේ අයට සිංහල පළමු සේවය] මතකද? දවස පටන් ගන්න කොටම මෙහෙමයි කට්ටිය කියන්නේ.

    "අද දුරුතු පුර විසේනිය නම් තිථිය ලත් කුජ දින"

    සිංහල ස්වදේශීය සේවය හා අද්යාපන සේවය කියන්නේ අතීතයේ පත මතක කුට්ටියක්. මං ඒවාට ලව් කල තරමක්. අධ්‍යාපන සේවේ අහන්න ඕනා නිසා ටියුෂන් යන්න බැහැ [අමතර ම අමතර පන්ති දානවා නිවාඩු කාලේ සතියේ දිනවල] කියා අම්මා එක්ක ඔට්ටු උනා මතකයි. ඔය සේවා දෙකේ මාධ්‍ය භාවිතාව එක්ක පැහෙන කිසම මාධ්‍යයක් අද වෙන තුරු මට හමුවී නැහැ [ඕනනං විකිය නම් කල හැකි ටිකක් දුරට] එතන හුන්නු ප්‍රේමකීර්ති නම් දැවැන්තයාත් එතරම්ම සිහිවටනයක්.

    ඔය බෞද්ධ දින සෙට් එක මං ඒ කාලේ පාවිච්චි කළා. මගේ නමේ මුල් අකුරු සිංහලට හරවා ලියලා [විජමු ස්ටයිල්] තිබ්බේ. ජ්‍යාමිතිය පාඩමක සමචතුරශ්‍රයක් අ-ආ-ඇ-ඈ කියා නම් කිරීම නිසා නාලිනී මිස් ගෙන් අම්බානට අහ ගත්ත බව කියන්නේ ආඩම්බරෙන් [මිස්ගේ නම ලිව්වේ අපේ ඉස්කෝලේ අය තවත් මෙතනට ගොඩ වදින නිසා].

    හැබැයි කවදාවත් මං නලියා වගේ වෙලා නැහැ. මට ඒ කාලේ ඉඳලම එයාගේ තියරි අල්ලන්නේ නැහැ. මං ඒ කාලෙත් ඔය සාත්තර ඇතුළු ඇතැම් දේශීය විශ්වාස ගැන ප්‍රතිවාදී තර්ක නැගුවා.

    මේ වගේ දේවල් කෙලින්ම සටහනට සම්බන්ධ නැහැ. ඒත් දෙයියනේ මොනවා කරන්නද මතක් වෙනවනම්. මේ දත්ත වෙනුවට ඔන්ටෝලොජි භාවිතා කරන යුගයක්. කවුරුත් දන්නවා ඇතිනේ ඔන්ටෝලොජියක් කියන්නේ මොකද්ද කියලා.

    මේ ඉහත අන්තිම පැරා එක ලිව්වේ බ්ලොග් විනය බාර ඇනෝ වරයාටයි මං තැන් තැන් වල මෙහෙම ලියන එක අනික් කට්ටිය ගණන් ගන්න එපා. පහුගිය කාලේ බ්ලොග් තුල සිදු වෙච්ච කතා කිහිපයක් නිසා මට හිතෙනවා මේ ඇනෝ වරුන් සමග අපි වඩාත් හොඳ සංවාදයක් නොකලොත් හෙට අනිද්දා පොරවල් වෙනම රාජ්‍යයක්... සොරි සොරි වෙනම සිංහල බ්ලොග් අවකාශයක් ඉල්ලා සටන් වදීවි කියලා මේක අස්සේ.

    ReplyDelete
  70. @ සුජීව/ බින්දි / All

    ඔන්න මම බින්දිගෙන් අහන්නෙත් නැතුව Buddhist calendar කියන Wiki Page එකට මේ පොස්ට් එකේ ලින්ක් එකක් එකතු කලා.
    [ බින්දි ඕං අකමැති නම් හෙමින් බනින්න මං පවු ඈ... බැන්නොත් මමම ගිහින් අයින් කරල දාන්නම්... ]

    ඒ Buddhist calendar කියන page එකේ External links කියන කොටසට මේක ඇතුල් කලේ.. කට්ටිය ගිහින් ලින්ක් එක වැඩකරනවද හෙම කියල බලන්ට ඕං..

    ReplyDelete
  71. @ All

    සමාවන්න... ඉහත ලින්ක් එක සමබන්ධව යම් තාක්ෂණික ගැටලුවක් නිසා එය දැකගැනීමට නොහැකිය.. වැඩි විස්තර පසුව ලබාදෙන්නම්..

    ReplyDelete
  72. @ සුජීව

    ඔන්න ලින්ක් ටික දැම්මෝ..කොමෙන්ට් එක ටයිප් කලාට පස්සෙ දැක්කෙ සපතේරුත් දාලා කියලා.

    ඇත්තටම බෞද්ධ මාස ක්‍රමය ගැන සිංහලෙන් තියන තැන විස්තර තවමත් එකතු වෙමින් තියනවා. ඉංග්‍රීසියෙන් තියන විකිපීඩියාවත් අපිට උත්තර සපයන් ගමන් ප්‍රශ්ණත් දෙනවා. මම මුලින් සඳහන් කළ දේ වුනත් අර පොත්ගුල්ලා කියනවා වගෙ සම්මතයන් මිසක් තර්කාණුකූලව නිවැරදියි කියලා කියන්න තරම් තොරතුරු සපයන මූලාශ්‍ර නෙවෙයි.
    මගේ අදහසේ හැටියට නම් වඩා පැරණි ශාස්ත්‍රය වෙන තාරකා විද්‍යාව මත පදනම් වුන සූර්ය වර්ෂ ක්‍රමය තමයි මූලික පදනම..උදාහරණයක් විදියට බුදුන් වහන්සේගෙ කාලයෙත් නක්ෂත්‍ර කියන දේ තිබුනා..ඔවුන් මිනිසුන්ගෙ යම් යම් වයස් සීමා වලදි බලපාන යම් යම් කාරණා ගැන අනාවැකි කිව්වා. එහෙම නම් ඒ මිනිසුන්ගෙ වයස ගණනය කරන්න ඕන තාරකා විද්‍යාව මත පදනම් වුන වසර ක්‍රමයකින්.බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 ක් ජීවමානව සිටියෙ චන්ද්‍ර වර්ෂ වලින්ද සූර්ය වර්ෂ වලින්ද කියන එකට පිළිතුර තියෙන්නෙත් එතන කියන එකයි මගේ හැඟීම.
    කොහොමටත් මේක එදා ඉඳන්ම අධි මාස සහිත lunisolar කැලැන්ඩරයක් බවයි මට හිතෙන්නෙ..

    ReplyDelete
  73. ඉස්ලාමීය කැලැන්ඩරයද වසර එළැඹෙන්න කලින් කල් ඇතිව නිර්මාණය වෙන අතර ඒ කාර්යබාරය තාරකාවිද්‍යාව පිළිබඳව දැණුමැති අයගෙන් සමන්විත මණ්ඩයලක් මගින් සිදු කෙරේ. එය රාජකාරී කටයුතු වලට ද සම්මතයක් වෙන නමුත්, ආගමිකව වැදගත් දිනයන්; උදා: රමසාන්, අවුරුදු දින ආදීය වෙනස්විය හැකි (tentative) ලෙස සලකුණු වේ.

    ඒ අතර තුර රමසාන්, අවුරුදු ආදිය තීරණය කිරීමේ දී සම්ප්‍රදායීක ක්‍රමය අනුව යමින් විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරයි. ඔවුන් අතර ගුවන් හා නාවික හමුදාවන්ගෙන් සමන්විත කණ්ඩායම් ද වේ. මොවුන් ඉස්ලාමිය මාසයක අග වෙද්දී නවසඳ බැලීමේ වගකීම දරති. මාසයේ 29දා නව සඳ දැක ගත නොහැකි වූයේ ද එම මස උපරිම දවස් 30 සම්පූර්ණ කරන අතර අනෙක් මස පටන් ගැනීම ද ස්තීර වේ. නවසඳ උදව අනුව කලින් නිකුත් කර කැලැන්ඩරයේ දිනය අනුමත කිරීම හෝ වෙනසක් කිරීම මේ කමිටුවට පැවරේ.

    විද්‍යාව දියුණු අද කාලයේ අනේක නවීන උපකරන ඇති බැවින් වලාකුලු පිරි අහස උසටත්, මහ සාගරයේ ඈත ද හඹා යන්න ක්‍රම හා විධි ඇත. එහෙත් පුරාණයේ සම්ප්‍රදායානුකුලව නවහඳ උදාව සැලකිල්ලට ගැනීමේදී දුටුවා යැයි කියන පුද්ගලයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය හා පිලිගත හැකි සාක්ෂි තිබීම ආදී කරුණු සැලකිල්ලට ගත යුතු විය (ඒ ගැන වැඩි දුර කතාකරන්න තරම් දැණුමක් මට නැත).

    අවුරුදු ගනනාවකට කලින් මැදපෙරදිග (ගල්ෆ් බොක්ක ආශ්‍රිත/GCC) රටවල ද වෙනස් දිනයන් හි ඊද් උදාව වෙනස් වූ අවස්ථා විය. එහෙත් පසු කාලීනව මේ සම්බන්ධව කලාපයේ රටවල් අතර මනා සම්බන්ධීකරනණයක් දකින්න පුලුවන් වුනි.

    කලින් තීරණය කර හිජිරා මාසය වෙනස් වීම රමසාන් හා ඊද් එළඹෙන මාස වල විතරක් ද බලපාන්නේ? නැත, එහෙත් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ විශේෂ අවස්ථාවක වීම අද සමාජයේ ඇති කාර්යබහුල බව කියා පාන තවත් සලකුනකි.

    පෘථිවි ගෝලයේ චන්ද්‍ර කලාප බටහිර දෙසින් ඇතිවී ඉලීප්සාකාරව පැතිරෙන නිසා ග්‍රිනීච් කාල කලාප වගේ නොව එකම කලාපයේ රටින් රටට බලපැවෙත්වෙන අන්දම වෙනස්ය. උදාහරණයක් හැටියට ලංකාව හා මාලදිවයිනට නවසඳ උදාවෙද්දී, ඉන්දියාවේ උතුරු දෙසට හා පකිස්තානයට නවසඳ උදාව බලපාන්නේ නැති වෙන්න පුලුවන්.

    ලංකාවේ දින දසුන නිර්මාණයට අදාලව පෝය කමිටුව වගේම හඳ කමිටුවක් ද පත් කෙරේ. ඒ පත්කිරීම් අනෙකුත් ඒවාට වඩා වෙනසක් නැත. ඔවුන් කලින් තීරණය කර දිනක් වෙනස් කරන්නේ බෙහෝ කලාතුරකිනි, නැතහොත් නොකරති.

    තාරකා විද්‍යාත්මක ක්‍රම බාවිතයෙන් නවසඳ උදාව කල් ඇතිව කියන වෙබ් අඩවියකි www.moonsighting.com එමගින් ඉහත කී චන්ද්‍ර කලාප හා නවසඳ දිස්විය හැකි ආකාරයන් ග්‍රැෆික් අනුසාරයෙන් මෙතැනින් බලන්න පුලුවනි.

    ReplyDelete
  74. @ සපතේරු
    සපතේරුගෙ ලින්ක් එක වැඩ කරනවා..

    @ බින්දි
    ලින්ක් දමන්න බින්දිගේ අවසර ඇතැයි සිතමි.

    @ ඩීන් අයියා
    අර නොවැම්බර් මුල යෙදෙන නිවාඩුව සති අන්තයක් සමග එයි නේද..(ගෙදර යාමේ සිහින ) මගේ මේ අවුරුද්දට ඇති සියලුම නිවාඩු අවසන්වී ඇත.

    ReplyDelete
  75. ලින්ක් එක නම් එක්ස්ටර්නල් ගොඩේ තවම නොපෙනේ.

    ReplyDelete
  76. @ All

    wiki page එක ගැන නැවතත්.. මම එය ඇතුලත් කල විට කිසි අවුලක් තිබුනේ නැහැ.. ලින්ක් එක හොඳින් වැඩකලා... නමුත් දැන් එය එතැන නැහැ... මම තව සොයා බැලීමේදී මට අනුමාන කලහැකි එකම දෙය මෙය අන් භාෂාවකින් ඇති නිසා පෙනෙන්නට සලස්වන්නේ නැති බවයි...
    මට මීට වඩා මේ ගැන තාක්ෂණික දැනුමක් නැහැ... කට්ටිය නැවතත් සමාවන්න...

    ReplyDelete
  77. @ all
    නැවත වතාවක් උත්සාහ කලා.. භාෂාව සිංහල බව සඳහන් කරමින්... බලමු ටික වෙලාවක්..

    ReplyDelete
  78. @ සියලුදෙනා වෙත ..
    සෑහෙන වෙලා ඉඳල කල්පනා කරනවා ස්තුති කරන්න වචන සොයා ගන්න . නෙලුම් විලට සැබෑ වටිනාකමක් දෙන ඔබ ට බොහොම බොහොම ස්තුතියි. හැමදාම කියන පරිදි මාතෘකාවෙන් පිට කතා කරන්නත් ඕනෑම ලින්ක් එකක් දාන්නත් මගෙන් අවසර ගන්න අවශ්‍ය නැහැ . මෙතනට එන හැමෝම '' වැදගත් මිනිස්සු '' වැදගත් ලෙස මා අර්ථ දක්වන්නේ ප්‍රශ්නයක් ආවම කතා කරලා බේරා ගන්න පුළුවන් ..පුද්ගලික ව පහර නොගසන ..අසභ්‍ය දේවල් නොලියන ..එහෙම නැතුව කරන රස්සාවෙන් ..අඳින ඇඳුමින් ලැබූ සහතික ගණනින් වයසින් හෙම නම් නෙමේ . මොකද මෙතනින් පොත් ගුල්ල යි චන්දිමයි හැර අනික් අයව දැකලවත් නැති නිසා . [ අපේ සේවාස්ථානයේ හිටිය ශිලා කියන පරිදි පන පිටින් දැක නැහැ ...ෆොටෝ විතරක් දැකල තියන අයට එයා කියන්නේ පන පිටින් දැක නැහැ කියලයි.]
    අහිංසක විහිලු වලට ද ඉඩ ඇත .

    ReplyDelete
  79. ලකී දුන්නු වෙබ් ලිපිනයෙන් ගොස් බුදුසරණ ලිපිය කියෙව්වා. ඒ අනුව අධි මාසය අත් හරින ලෙස බුදු හිමියනුත් ශ්‍රාවකයන්ට උපදෙස් දී තිබෙනවා. එහෙනම් අධි මාස ගණනය කර සූර්ය වර්ෂය හා චන්ද්‍ර වර්ෂය සමපාත කිරීමේ ක්‍රමය බුද්ධ කාලයේත් භාවිතා වී තිබෙනවා. එහෙමනං ඔය බුද්ධ වර්ෂ ප්‍රශ්ණය නිරාකරණය වෙන බවයි පේන්නෙ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට 100% ක් ම සමපාත නොවුනා විය හැකි වුවත් සූර්ය වර්ෂ අනුව ගණන් බලා ඇති බැවින් බුද්ධ වර්ෂය, ක්‍රිස්තු වර්ෂයට වඩා අඩු කාලයක් බවට මා සඳහන් කල මතය වැරදි බව පැහැදිලිය. ලකීට ස්තුතියි.

    ReplyDelete
  80. සෑහෙන දෙයක් ඉගෙන ගත්ත මේ ලිපියෙ කමෙන්ට් වලින්. ඔබ හැම දෙනාටම ස්තූතියි. බින්දිටත් මගෙ සුභ පැතුම්. ඔන්න අර බුද්ධාගම ගැන ලිපියත් ලියන්න ඉක්මනට

    ReplyDelete
  81. @ සපතේරු උන්නැහේ said...
    /නැවත වතාවක් උත්සාහ කලා.. භාෂාව සිංහල බව සඳහන් කරමින්... බලමු ටික වෙලාවක්../

    ඔබේ උත්සාහය සාර්ථකයි, ජය!
    මෙ ගමන විලට ආවේ විකියේ external link හරහා.

    ReplyDelete
  82. හරිම සතුටුයි සපතේරු උන්නැහේ ..දැන් තමයි දැක්කේ නෙලුම් විල විකියේ ඇති බව . ආඩම්බරයි සතුටුයි ...ඔබ වැනි මිතුරන් හමු වීම ගැන . ඔන්න ආයෙමත් අර ගෙවල් ගාව ආච්චි කිව්ව කතාව මතක් වෙනවා ..''තුන් වෙනි කෙල්ල වාසනාවන්තයි ''
    බොහොම ස්තුතියි . තාත්තටත් ස්තුති කල බව කියන්න . මේ දැනුම කවද හරි කාට හරි ප්‍රයෝජනවත් වුනොත් ඒ තමයි අපි ලබන හොඳම තෑග්ග .

    ReplyDelete
  83. සපතේරු උන්නැහේට බින්දි ස්තූති කරල තිබුනත් මොනවත් නොකිව්වොත් මගෙත් හිතට මදි වගේ..

    Well done සපතේරු උන්නැහේ..!

    ඒ වගේම යෝජනාව ගෙනාපු සුජීවටත් thankooo..!

    ඇත්තටම නෙළුම් විලෙන් මම දැනගත්තු දේවල් නම් කියල නිම කරන්න බැහැ..විශේෂයෙන්ම යුරෝපා ඉතිහාසය සම්භන්ධයෙන් මෙතන සාකච්ඡා වුන කරුණු වල වටිනා කම් කියලා නිම කරන්න බැහැ. පොතක් කියවනවා වගේ නෙවෙයි....සාරවත් බවින් පිරුණ එවැනි දේ කියවන්නත් ආසයි..
    මම හිතන්නෙ බින්දිගෙ නෙළුම් විල Beyond the Expectations කියල කිව්වොත් මම වැරදි නැහැ..ඔන්න තුන්වෙනි කෙල්ල විතරක් නෙවෙයි මෙතනට එන අපිත් වාසනාවන්තයි

    ReplyDelete
  84. @Luckey:
    නොවැම්බර් වල නිවාඩු දවස් ගැන:

    UAE වල හජ් (12 වන) මාසයේ 9,10 හා 11 යන දින තුනේ නිවාඩුව බොහෝ විට කැලැන්ඩරයේ සඳහන් විදියටම නොවැම්බර් 5-7 දක්වා වැටෙන්න පුලුවනි. යම් විදියකින් හිජිරි 11 වන මාසය දින 29කින් ඉවර වුනොත් දවසක් ඉස්සරහට එන්න පුලුවන්. කොහොම නමුත් සති අන්තයේ වැටෙන්නේ.

    ReplyDelete
  85. [[විශේෂයෙන්ම යුරෝපා ඉතිහාසය සම්භන්ධයෙන් මෙතන සාකච්ඡා වුන කරුණු වල වටිනා කම් කියලා නිම කරන්න බැහැ. පොතක් කියවනවා වගේ නෙවෙයි]]

    අවුරුදු ගානකට කලින් ලන්ච් ඔතපු පත්තර කොලවල, අහම්බෙන් යාලුවෙක් හම්බුවෙන්න ගියාම අතට අහුවෙන පොතක, ඩිස්පැන්සරිය පොෂ් වෙන්න කියලා තියාගෙන ඉන්න ටයිම්ස් නැත්නම් ඩයිජස්ට් වගේ එව්වා ඩොකා එනකම් කියවීමෙන් උකහා ගත් මගේ අවිධිමත් දැනුමට වඩා නම්, පොත්පත් මෙන්ම විකිපීඩියා නිවැරදි බව සඳහන් කල යුතුමය. හැමදාම අලුත් දවසක්, මාත් මෙතනින් උගත් දේ මෙතෙකැයි කියන්න බැහැ. වැරදි හදන එකත් මදිද.

    හැමෝටම ස්තුතියි. නායිකාවට බෙහෙවින්ම.

    ReplyDelete
  86. This comment has been removed by the author.

    ReplyDelete
  87. බින්දිගේ බ්ලොගය විකියට ඈදීම ගැන අපේ උණුසුම් සුබපැතුම්.
    ඈඳා ගෙන ගිය සපතේරු මැතිදුන්ට අපගේ ප්‍රණාමය.

    ReplyDelete
  88. @ ඩීන් අයියා

    EXCEL භාවිතයෙන් බෞද්ධ කැලැන්ඩරය කන්වර්ට් කිරීම නම් එතරම් නිවැරදි නැහැ.එක හේතුවක් තමයි බුද්ධ වර්ෂ ආරම්භ වෙන්නෙ ග්‍රෙගොරියන් කැලැන්ඩරයේ මැද සිට වීම.

    මේ ගැන කතා කරන්න ගියොත් නම් ආයෙත් අපේ සංවාදය මුල සිටම අරඹන්න වෙයිද දන්නෙ නැහැ.හැබැයි මුල් මාසය වෙසක් මාසයද බක් මාසයද කියන එක ගැන ආයෙත් කතා කරන්න වෙයි වගේ...
    මගේ අදහස නම් බුද්ධ වර්ෂ ගනනය කිරීම ආරම්භ වන්නෙ බුද්ධ පරිණිර්වාණයේ සිට නිසා බෞද්ධ දින දර්ශනයෙ පළමු දවස වෙසක් පසලොස්වක පොහොය බවයි.
    අනිත් කරුන බෞද්ධ කැලැන්ඩරයෙ දින ගනින්නෙ ඉහත සපතේරු ගෙ කොමෙන්ටුවෙ තියන ආකාරයට..උදාහරණයකට 2011 ක් වූ සැප්තැම්බර් මස 04 වන දා ඉරිදා දැක්වෙන්නෙ ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ බිනර පුර අටවක පොහෝ දින ලෙස...

    ReplyDelete
  89. @Luckey:
    බොහෝම ස්තුතියි දැනුවත් කිරීමට.

    ඒ කන්වර්ටරය ගැන තවදුරටත් සොයා බලන තුරු මගේ කොමන්ටුව අයින් කරන එක හොඳයි කියලා හිතුනා.

    ReplyDelete
  90. බුද්ධ වර්ෂ අරඹන්නේ වෙසක් වලින්. සිංහල අවුරුද්ද සමග පටන් ගන්නේ ශක රාජ වර්ෂ. ශක රාජ වර්ෂ ඉන්දු චීනයේත් තියෙනවලු.

    ReplyDelete
  91. This comment has been removed by the author.

    ReplyDelete
  92. බින්දි නැන්දේ මේ මාමල ටික හඳ කමිටුවට ඇරලා දැන අර ජනකතා ලියන්න පට්ටාං ගන්න ප්ලීස් . මම ඒවා කියවන්න පුල පුලා බලාසිටිමි .මාසෙට එකක් ලියමු.දෙකක් වුණත් නරක නෑ. ඒකම කවි පන්තියකිනුත් කියමු.විද්වත් මාමාලා නැන්දලා ඔය ජන කතා විග්‍රහ කරාවි නේ .

    බින්දි නැන්දේ මේ මාමල ටික හඳ කමිටුවට ඇරලා දැන අර ජනකතා ලියන්න පට්ටාං ගන්න ප්ලීස් . මම ඒවා කියවන්න පුල පුලා බලාසිටිමි .මාසෙට එකක් ලියමු.දෙකක් වුණත් නරක නෑ. ඒකම කවි පන්තියකිනුත් කියමු.විද්වත් මාමාලා නැන්දලා ඔය ජන කතා විග්‍රහ කරාවි නේ .


    තම මට හාල් පිටි වලින් හැදූ මුරුක්කු , කැඳ , අතිරහ හැඩේ කෑම හීනෙන් මැවිලා පෙනේය .ඉක්මනට පිලියමක් කලොත් හොඳා

    ReplyDelete
  93. ඔන්න සුජීව තව මාතෘකාවක් ඇදල ගත්ත.
    කෝ මේ බුරා, සපතේරු, ගල්මල්, ලකී, නලිනි එහෙම.
    එන්ඩෝ.............
    මෙන්නෝ.... තව කතාවක් ඇදුනෝ.......
    මේ සැරේ - ඉන්දු චීනයේ ශක රාජ වර්ෂ

    ReplyDelete
  94. පොත් ගුල්ලා දෙසැරයක්ම සද්ද කල නිසයි පොඩ්ඩක් බැලුවෙ......

    මේ වෙලාවේ ඕවා කතා කරලා නීතිමය ප්‍රශ්ණ මතු වෙයිද දන්නෙ නැති නිසයි පොඩ්ඩක් සද්දෙ වහගන හිටියෙ...:D

    ReplyDelete
  95. @ පොත්ගුල්ල..
    අපි ආපහු කඩේ ඇරියොත් බින්දිට ඊලඟ පෝස්ට් එක ලියන්න පරක්කු වෙනව.. අපිට T.G වගේ කට්ටියගෙන් ටොකු කන්න වෙන්නත් බැරි නෑ... ඒක හින්ද ඊලඟ පෝස්ට් එකට යන්න බීන්දිට ඉඩ දීල කඩේ වහගමු..

    ReplyDelete
  96. @Luckey & සපා,

    හහ්, අයි නෝ ද ලෝ පුතා.. ඔයාලා සාකච්ඡාව දිගටම කරගෙන යන්න.. නීතිමය ප්‍රශ්නයක් ආවොත් මං බලාගඤ්ඤං.. :)

    ReplyDelete
  97. අද මන් අලුත් පොස්ට් එකක් ලිවීමට අදහසක් නැහැ . ටි ජි ...චුට්ටක් ඉන්න බබෝ ජනකතා ටික හොයාගෙන එනකම් . කෑම ගැනත් පොඩ්ඩක් සොයන්න ඕන . ඊට කලින් වියට්නාමයෙන් එළියේ දෙයක් තියෙනවා .ඒක ලියන්නත් ඕන . එතකම් ඔය මාමල ටිකට කතා කරන්න ඉඩ දෙමු. ඔයාට කවි ලියන්න හෙම ආසනම් එතකම් කවි ටිකක් ලියල එවන්නකො . කවිමුතු වලට . මෙන්න ලිපිනය ..http://kavimuthumal.blogspot.com/

    සියලු මාමලා වෙත ..කතාව කරගෙන යාමට ඉඩ තිබේ ..නීතිමය ගැටළු මතු නොවේ .

    ReplyDelete
  98. දැන් නැන්දලා ඉන්නේ කතාව මෙහෙයවන්න විතරයි වගේ.

    නලිනි නැන්දා මුල හරියේ ගන සැරේට අදහස් දක්වා තිබ්බා. ඔය ටීජී නැන්දත් කතා දාන්න හරි දක්ෂයි. හැබැයි මේ දවස්වල බිසියාවක්‌ හැදිලා වගේ.

    ReplyDelete
  99. කලින් එකතු කර සටහන අනුව දක්වන තායි කැලැන්ඩර ක්‍රමයට දක්වන බුද්ධ වර්ෂය නිවැරදි නොවන නිසා සටහන තාවකාලිකව ඉවත් කරා. තායි කැලැන්ඩරය අනුව අදාල ග්‍රෙගෝරියන් දිනයේ වසර පමණක් බුද්ධ වර්ෂ හැටියට දක්වන බවත්, ඒ සඳහා 1957 ජනවාරි පලමුදා බුද්ධ වර්ෂ 2500 ලෙස අරගෙන ගනනය කිරීමක් කරන බවත් දකින්න පුලුවන්.

    ඒ නිසා Convert date as per Buddhist Calendar ලෙස සඳහන් වූ කොටස ඉවත් කර සටහන නැවත එකතු කිරීමකි මෙය.

    අපි දින දර්ශණ ගැන ගොඩාක් විස්තර දැන ගත්තෙමු. මෙන්න තවත් යමක්, සමහර විට අලුත් දෙයක් නෙවෙන්නත් පුලුවනි.

    PC බාවිතා කරන්නන් අතර ප්‍රසිද්ධ MS-Excel වල විවිධ රටවලට ආවේණික දින දර්ශණයට අදාල දවස බලා ගැනීමේ පහසුකමක් ඇත.

    ඒ අනුව පොදුවේ පාවිච්චි කරන ග්‍රෙගෝරියන් දිනය උවමනාව පරිදි පරිවර්තනය කරත හැකිය.

    මා කාලෙකට කලින් ලියූ සටහනක්, පියවරයන් පැහැදිලි කිරීමේ පහසුව නිසා ඒ විදියටම කොපි කරනවා:

    Do you know MS-Excel can translate Gregorian date into local calendar (of preference) date:

    Steps:
    Start Microsoft Excel
    Enter today’s date in cell A1

    Convert date as per Islamic Calendar:
    - Move onto cell C1 and type = A1
    - Be on cell C1, move cursor onto Format Cell
    - Choose Category: as Date
    - Choose Locale (Location): as Arabic (UAE) or any Arabic
    - Choose date format in Type:
    - Cell C1 show date as per Hegira calendar

    Convert date as per Tamil Calendar:
    - Move onto cell D1 and type = A1
    - Be on cell-D1, move cursor onto Format Cell
    - Choose Category: as Date
    - Choose Locale (Location): as Tamil
    - Choose date format in Type:
    - Cell D1 show date as per Tamilian calendar

    ඉහත Locale (Location) වෙනුවට කැමැති රටක්/Locale තෝරා ගන්න පුලුවනි.

    ඒ වගේම Vietnamese තොරාගත්තේ නම් වියට්නාම දිනදසුනට අනුව දවස පෙන්වාවි.

    අවශ්‍ය නම් Locale හැටියට Tahi තෝරාගෙන සියම් කැලැන්ඩරය අනුව දිනය බලන්න පුලුවනි.

    වැරද්ද පෙන්වා දුන් ලකී සොයුරාට නැවත් ස්තුතියි.

    ReplyDelete
  100. පොදුවේ බාවිතාවෙන ග්‍රෙගෝරියන් දිනය වෙනත් දින ක්‍රම අනුව හරවන online-tool එකක් මෙන්න.

    ඉහත සටහනක් මා සඳහන් කල තයි කැලැන්ඩරය අනුව දක්වන බුද්ධ වර්ෂයේ වැරැද්ද මෙහි ද දකින්න පුලුවන්.

    ප.ලි. මේ tool එක දැක්කාම නැවතත් සිහි වුනේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිංවල ඇති පිපාසයේ තරම ගැන.

    ReplyDelete
  101. [[මේ tool එක දැක්කාම නැවතත් සිහි වුනේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිංවල ඇති පිපාසයේ තරම ගැන]]

    පවස නිවන දිය පොදක් නොවී එය [සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං] ඇයි මහ සාගරයක් වූයේ ?

    [මෙය තව දුරටත් සාකච්චාවට ගන්නට නොව හිත් වේදනාව පිට කරන්නට ලියු පැරණි ගීයක ගැඹුරු අදහසක් පමණි. වෙන ඕන දෙයක් ගැන කතා කලත් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං ගැන නම් කතා නොකර ඉන්න තරමට මං කැමතියි. අබිනික්මනට කන්තකයා සකසමින් ඉන්න සමයකි මේ]

    ReplyDelete
  102. ගොඩක් විස්තර දැනගත්තා. හැමෝටම තුති! පුදමි. බින්දිට හා විශේශ විස්තර සහිත කමෙන්ටු සැපයූ අයට විශේෂ ස්තූතිය පිරිනැමේ.

    ReplyDelete
  103. @සුජීව,

    // වෙන ඕන දෙයක් ගැන කතා කලත් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං ගැන නම් කතා නොකර ඉන්න තරමට මං කැමතියි. අබිනික්මනට කන්තකයා සකසමින් ඉන්න සමයකි මේ //

    අයියෝ ඇයි එහෙම කියන්නේ..!!?? Do you think grass is greener on the other side..?? :)

    ReplyDelete
  104. This comment has been removed by the author.

    ReplyDelete
  105. @බුරෝ;

    අනික් පැත්තේ තියෙන්නේ බිම වැවුණු තණකොළ. මෙහෙ තණකොළ වවන්නෙත් බාන් බඩියේ!!! [අපේ තණකොළ කොළ පාටින් වැඩියි අනික් පැති වලට වඩා. ඕනනං නිල්පාට, කහ පාට උනත් කරන්න පුළුවන් කලර් සිලෙක්ට් කරලා]

    උඹට මේක ගැන තව දුරටත් කතා කරන්න ඕනනම් මේ වගේ වටිනා කතාවක් හැක් නොකර මෙන්න මෙතනට අරන් යමු ඒ සංවාදේ.

    Idiot outside

    මං හැබැයි උත්තර දෙන්නේ අඩුවෙන්. මං අඩුවෙන්ම කතා කරන මාතෘකාවක් තමයි මේ. කොටින්ම එපාවෙලා තියෙන්නේ මේ කතාව. ඒකයි මේ දවස්සල කන්තකයට කන්න බොන්න දීලා හදා ගන්නේ නේරන්ජනාව ටක්කෙටම පනින්න පුළුවන් වෙන්න.

    ReplyDelete
  106. හඳ අවුරුද්දට ලොක්කිටයි බනි ටයි ළමා විය නොනැසෙන බින්දිටයි [අනික් ඔක්කොම බබ්බුන්ටයි - මාත් එක්කම] මෙන්න අන්තර්ජාලෙන් හොයා ගත් තෑග්ගක්.

    හඳහාමි හිනැහෙන්නේ

    ReplyDelete
  107. ගල් මල් ..සුජීව ස්තුතියි . නිවී සැනසිල්ලේ ආයෙමත් මේ ලින්ක් ටිකයි බලන්න ඕන . මේ කාරනා ටික එකතු කලාම නිකන් තිසිස් එකක් ලියන්නත් පුළුවන්නේ . අපි ඉගෙන ගන්න කාලේ [ තවම ඉගෙන ගන්නවා තමයි .මන් කිව්වේ සහතික වලට ඉගෙන ගන්න කාලේ ] මෙහෙම සයිබර් සංවාදයන් තිබ්බේ නැහැනේ .
    සුජීව සින්දුව ලස්සනයි .

    ReplyDelete
  108. හරිම අපූරු ලිපියක් බින්දි. ආසාවෙන් කියෙව්වා.

    දවස් කීපයකට කලින් ඩුබායි වලින් ටිකක් ඈත තවත් එමීරයක් වන ෆුජෙයිරා කියන නගරයේ තියෙන වෙරලක ගිය වෙලාවෙදි, අපි කට්ටිය රෑ මුහුදේ නාමින් ඉන්නකොට ඔය බින්දි කියුවා වගේ පුංචි පහනක් දල්වපු ලන්තෑරුම් මහ ගොඩක් අහසට පා කරලා ඇරියා වෙරලේ ඉඳන්. පුදුම ලස්සනක් තමයි ඒකෙ තිබුනේ. ඒවා යැව්වේ කවුද කියලා නම් හරියටම දැක්කේ නෑ මොකද අපි මුහුදට බැහැලා හිටිය හරියට වඩා ටිකක් ඈතින් තමයි ඒ ලන්තෑරුම් අහසට යැව්වේ......!

    ReplyDelete
  109. ළමයින්ව සතුටු කරන එහෙම උළෙලක් පවත්වන එක හරි වටිනවා නේ.. මේක කියවනකොට මටත් අසාවක් ඇතිවුනා ඒ Moon festival එක බලන්න.

    ReplyDelete
  110. රෝස කුමාරි8 September 2011 03:17

    මීට අවුරුදු 6,7කට කලින් බඹර කුමාරයව හමුවෙන්නකලින් ප්වුලේ අයත් එක්ක දේශයේ ජීවත් වුන ටිකකාලෙකදි මේ වගේ විසිතුරු උත්සව දැකබලාගන්න අවස්තාව උදා වුනා මටත්. මම බිත්තර නොකන නිසා ඒ දවස්වල මාත් කෑවෙ බිත්තර නැති මූන් කේක්.

    ReplyDelete
  111. @දුමි ..ස්තුතියි සහ බොහොම සතුටුයි මේ පැත්තේ ආවට . අපි ඉතින් බොහොම කල් ඉඳලම කට අතින් වහගෙන කට කහන කතා කියවනවා . ඒ පහනුත් මේ සංකල්පයටම සම්බන්ධ වෙන්නත් පුළුවන් . රෑට අහසේ පාවෙන පහන් ..හරිම ලස්සනට තියෙන්න ඇති .
    @ අයේෂා ..
    ඔව් අයේෂා කොහේ වුනත් ලස්සන දේවල් අපි අගය කරන්න ඕන .
    @ රෝස කුමාරි
    ඔව් අනේ අපිටත් මේ පාර ලැබුනෙම බිත්තර දාපුවා . එකක කුකුල් මසුත් දාල . බලන් ඉන්නේ වෙජිටේරියන් කේක් එකක් හම්බ වෙනකම්

    ReplyDelete
  112. වටින කියන ලිපියක් අක්කේ. වෙන රටවල්වල ජාතික උත්සව ගැන අපිත් දැනකියා ගන්න එක වටිනවානේ

    ReplyDelete
  113. මටත් මූන් කේක් කෑමේ ආසාවක් පහළ විය.. ඒත් ඉතින් අපිට කොහෙන්ද මෙහේ මූන් කේක් :(

    ReplyDelete