Wednesday, 25 July 2012

මිනිසෙක් වූ බල්ලෙක් - අංක 2 ...සුරතලේට අලියෙක්








කොටස් වශයෙන් ලිවිම මහා කම්මැලි වැඩකි . මුලින් ලියද්දි එන ''ගැම්ම'' නැති වීම වගේම ''ලියල ඉවරයක් කරන්න ඕන යන'' කරදරකාර සිතුවිල්ලද නිසාවෙනි . බ්‍රවුන් බුලා සහ ටාසන් ට අමතරව විටින් විට විවිධාකාර බල්ලන් සිටි අතර පුසෙක් අනිවාර්යයෙන් ඇති කල බව මතකය .

ඊට අමතරව කොල්ලන් දෙන්නෙක් ගෙදර සිටි නිසා විටින් විට ලේන පැටවුන් , හාපැටවුන් ඇති කරන්නට කල උත්සාහයන්ද අඩුවක් නොවිණි. ඒ එක සතෙක්වත් දිග කාලයක් තබා ගන්නට බැරි විය . එක්කෝ පැන යයි . නැත්නම් පූසන් ගෙන් බේරන්නට බැරි නිසා අත අරියි .

මා කුඩාම කාලයේ , පාසල් යාමටත් පෙර කාලයේ අපේ ගෙවතු අල බතල සිටවනු ලැබූ සමයයි . එපමණක් නොව කහ , ඉඟුරු ආදිය විකුණන්නට තරම් පලදාව ලැබුනාද මතකයි. ඒ 70 දශකයයි . ඇතැමුන්ට මේ සමය හොඳින් මතකය .මේ ගැන විවිධ මත පලවෙයි. ඒ ගැන විචාරයක් කිරීමට තරම් ලොකු ළමයෙකු වී සිටියේ නැත . කවදත් අල්පේච්ච ගති පැවතුම් තිබු ලෝකය ඉහට කඩන් වැටුනත් ගණන් නොගත් අපේ තාත්තා සහ අපේ අනාගතය ගැන මහත් බලාපොරොත්තු රැඳවු ඒ සඳහා අපමණ කැපවීම් කල අම්මාත් අපි හතර දෙනාත් ඒ යුගය ගතකල ආකාරය ගැන මට ඒහැටි මතකයක් නැත .

ඇත්තේ කොයි ලමයාටත් ඇති සාමාන්‍ය මතක පමණි . එහෙත් ඒ දශකයේ අවසාන භාගයේ විසල් වෙනසකට හසු වූ ලාංකීය සමාජයේ පරිවර්තනය ගැන මට හොඳින් මතකය . දවසක ඒ ගැන කතා කරමු .

කියන්නට ගියේ බතල පාත්ති ගැනය . ළමා අප බතල පාත්ති වල සේවුයේ කුමක්ද ...මතක් කල විටත් සිනා නැගේ . ඔට්ටුයි කියන්නට බැරුවාට . අප සෙවුයේ හා බෙටිය . කුඩා රවුම් හා බෙටි කීපයක් එක තැන දැමීම හාවුන් ගේ ගතියයි. රවුම් හැඩති කිසිම ගඳක් නැති හා බෙටි ළමා අප තුල රුචිකත්වයක් ඇති කල හැටි අපුරුය .

හා බෙටි දුටුවිට අප වඩා ආසා පෙරදා රැයේ හාවුන් ආබවට එය වටිනා සාක්කියක් නිසාය . මෙතනදී ඔබට ගැහැණු ළමයි මතක් නොවේද . ලොකය්යා හෙවත් නිමල් කුසුම් කුඩා කල ලොසින්ජර යයි රවටා හා බෙටි කටට දැමු හැටි ...

වරක් අක්කටත් මටත් අතරමන් වූ හාපැටියෙක් අල්ල ගැනීමට හැකි විය . පිළිකන්නේ මුල්ලක දැලක් අටවා තාවකාලික කුඩුවක් තනා උඳුපියලිය කන්නට දමා ඇති කරන්නට ගත් අළු පාට හාපැටියා... අනේ ගෙදර උන් තක්කඩි පුසා ඒ අසරණ සතාව සුරා තිබිණි. අක්කත් මමත් ඌ වඩා ගෙන අහල පහල ගෙවල් වලින් බෙහෙත් සෙව්වා මතකය . මල දරුවා කරගසාගෙන ගිය කිසාගෝතමිය මෙන් . එකල අද මෙන් ගෙවල් වල betadin ප්ලාස්ටර සර්ජිකල් ඉස්පිරිතු තබන සිටි කලක් නොවේ. එක ගෙදරක දම් පාට බෙහෙත් තිබිණි. [ ඒ කාලයේ රෝහල් සේවකයින්ට ගම් වල ලොකු සැලකිල්ලක් ලැබුනේ මෙවැනි බෙහෙත් ගෙවල් වල තිබීම නිසාය ]

එහෙත් හා පැටියා මිය ගියේය . අපට දැනුන දුක කියා නිම කල නොහැකි එකකි. හා පැටියෙක් ඇති කල පළමු සහ අවසන් අවස්ථාව එපමණකි.

අපේ ගෙදර නොහිටියාට අහල පහල ගෙවල් කීපයක කුඩුකර ගිරවුන් සැළලිහිනියන් සිටි අතර උන්ට කතා කරන්නටද පුළුවන . '' චුටි බත් කෑවද'' මේ බොහෝ කුරුල්ලන් අහනා පොදු ප්‍රශ්නයකි .
අපට ඉඳහිට සුරතලයට අලි ඇතුන් ලැබේ . පුදුම වැඩක් නොවේද . අද වන විට කුට්ටි කර පර්චස් දහයේ විස්සේ කෑලි වලට විකුණා ඇති බොහෝ ඉඩම් එදවස ලොකු පොල් හෝ රබර් වතුය . අප සිටි කුලී නිවසද තිබුනේ එවැනි විශාල ඉඩමකය . මේ ගැන ලියන්නට වෙනම ලිපි පෙළක් උවමනාය . කැළණි පෙරහරට ඈතින් එන අලි ඇතුන් අපේ පළාතේ ලොකු වතුවල බැඳ තබයි. සමහර උන් හරිම හිලෑ නිසා අපට ළඟ පාතට වී බැලිය හැක . අපිට සුරතලයට අලි ඇතුන් ලැබුනේ එසේය ,.


ක්‍රමක්‍රමයෙන් මේ අලි ඇතුන් පන්සල කිට්ටුවටම සිමා වූ බව පෙනේ . පෙරහැර කාලයට පාරේ සිටියොත් අලි බලාගන්නට ලැබේ . ඉස්සර දැන් වාගේ අලි ලොරිවල ගියේ නැත . ඉතාම දුර බැහැර සිට ඔවුන් ආවේ පයින්මය . අද නම් උන් පව් කියා සිතේ . එකල පෙරහරේ චමත්කාරය මිස අලින් පව් යයි කියා මට කවදාවත් සිති නැත . ලෝකය වෙනස් වෙලා ද මන් පරිනත වෙලාද. කතන්දරට වගේම මටත් සිතේ .

යමක් ලියන විට ඒ අස්සේ කතන්දර ගොඩක් ලියවේ . මක් කරන්නද වැඩි කලක් ජිවත් වූ නිසා වැඩියෙන් දේවල් ලියන්නට තිබේ . කියවන්නට දිග වැඩි නම් සමාව භජනය කරත්වා !!!

ඔය අස්සේ වරක් අප ටිකක් ලොකු කාලයේ මට මතක හැටියට 7 , 8 පන්ති වලදී වියහැක , අප අලුතින් පුසෙක් ගෙනාවේ අම්මා අඳුනන ගෙදරකිනි. මේ ගමනට අක්කත් සහභාගී වූ නිසා ගෙදරට ගෙන එන විටම ඇය පුසා අයිති කර ගත්තාය . ඇය ජිවිතයේ ගත් මෝඩම තීරණය එය බව නොදැන උන්නාය . අපේ අක්කා ගැන කියන්නේ නම් අප දෙදෙනා බොහෝ වෙනස්ය . ඇය මට වඩා උසය , කොණ්ඩය රැලිය . මගේ කොණ්ඩය ඉත්තෑ කුරුය . ඇය හරිම පිළිවෙලය . කොටින්ම ජපන් එස් පහෙන් උපරිම වැඩ ගනී..මගේ වාසනාවට ඇයට දැන් මගේ ගෙය නොපෙනේ . නැත්නම් ඇය කලන්තය දමා වැටුනොත් මටම කරදරය .
ඇය පොඩි කාලයේත් එහෙමය . ගේ දොර අස්පස් කරන්නට සැබෑ හපනියකි . අප දෙදෙනාට තිබුනේ එක අල්මාරියකි. ඇයගේ තට්ටුව මල් අසුරුවාක් වැනිය . අදටත් නිවාඩුවට ගිය විට ඇයගේ අල්මාරිය දකින මා ස්ථිර අදිටනින් එන්නේ මගේ අල්මාරියත් අස්කරන්නටය . කිසිදා සැබෑ නොවන සුන්දර සිහින ..D
ඉතින් අපගේ අල්මාරිය ..අහෝ මා කියන්නට යන විපත්තියට මෙය ඇඳෙයි .


අක්කා ගෙනා අගේ ලස්සන පුස් පැටියා හරිම සුරතල්ය,..එහෙත් මු අමුතුම පුසෙක් බව අපට දැනෙන්නට විය . ගෙයින් එලියට අඩියක් නොතබයි. ගෙයි වසුරු දමන පුරුද්ද අත නාරියි. විවිධ තරවටු වලින් පසු එලියට යන්නේද මරන්නට ගෙන යන්න වගෙය . අහල පහල පුසෙක් දුටුවොත් කෑස් ගාගෙන ගෙට රිංගයි. අදෝමැයි මේකා බයගුල්ලෙකි . පූසන් බල්ලන් නම් ඉවසිය හැක . කැරපොත්තෙක් දුටොත් මේකා ලොවෙත් නැත .
මියන් ගැන කවර කතාද . මියන් උගේ උදුන් පැන ගියෙත් මු නිදා ඉන්න විටය . ඇහැරී උන්නොත් මු පැන එපා කියා දුවනු ඇති.


මේකා මෙසේ බය ගුල්ලෙක් වුයේ ඇයිදැයි නොදනිමු. මුගේ උපන්ගම ඒ දිනවල රටේ පරසිඳු චන්ඩියෙක් සිටි ගමකි.[ අපේ කිට්ටුව ගමකි . මගේ නම් සම්බන්ධයක් නැති බව සැලකුව මනාය ] එවන් ගමක උපන් මේකා මෙසේ බය වීම නම් සරදමකි ...D
දැන් ඉතින් අපේ අක්කාට පුසා ගැන යකා වැසි ඇත. කලින්ම අයිති කරගත් නිසා අපේ විහිලු වලටද ඇය බඳුන් විය .
අපේ අක්කා සැමදා උදයේ ඇඟ සේදීමට බොහෝ වෙලා ගත කරයි. මැදපු ඇඳුම් පමණක් අඳියි. [ මේ ලෝකයේ මට පේන්නම බැරි රාජකාරියකි රෙදි මැදීම ..]
දවසක් උදයේ පන්ති යාමට ඇඳුමක් ගන්නට අක්කා අල්මාරිය ඇරියාය . ඇරුනු අල්මාරියෙන් පුස් තඩියා පැන ගියේය

.  අක්කා ගවුමක් ඇන්දාය .........එතැන් සිට තනිකරම ඛේදවාචකයකි ...
පුසා අක්කගේම තට්ටුවේ ජරා කර තිබිණ .
අපි වාසනාවන්තය . පුසාගේ අයිතිකාරයා වෙනකෙක් වුවා නම් ..කතන්දරේ වෙනස් විදිහට ලියන්නට සිදුවේ ..

අපි ගෙදරින් එනකම්ම හිටියේ ඒ පුසාය . අපේ අක්කා ජීවිතේට බල්ලෙක් පුසෙක් හැදීම නවතා දැමුවාය . ඒ පුසා මල පසු අපේ අම්මාද පූසන් ඇති කලේ නැත . පසු කලෙක කොහේදෝ යන පුසී පැටියෙක් මිදුලේ නවාතැන් ගත්තාය . අපෙත් නොවී අනුන්ගේත් නොවී යමක් කාබී සිටි පුසිට අපේ ලොක්කි '' පොලි '' කියා ඉංගිරිසි නමක්ද දැම්මාය . පොලි මවක් වී වරින් වර දු දරුවන් ලැබූ බව අම්මා කි නමුදු ඉඳහිට ගෙදර ගිය අපට ඔවුන් දක්නට නොලැබිණ . ළමයින් දිග තල දුන් පසු ගෙවල් යලි පෙර පරිදි නොවේ. මල්ලි විවාහයට පෙර ඇති කල බල්ලාද බ්‍රවුන්ය . .


ඌද අමුතු චරිතයකි . කජු ගහේ භාගයක් නගින්නට පුළුවන . අවුරුද්දකට පසුව යන අපට වැඳ වැටේ . අම්ම ගමනක් යද්දී පාර හරස් කරයි . විටින් විට අපේ ගෙවල් වල එන අම්ම දින කීපයක් නවතින එක බරවුන් අකමැති කාරණයකි .

අද මල්ලි වෙන ගෙදරකය . අම්ම මහගෙය විකුණා දැම්මාය . පරණ මතක පමණක් හදවතේ ඉතුරු වී ඇත . පොලි ට මක් වීදැයි නොදනිමි. ලෝකය වෙනස් වේ . අපද වෙනස් වේ ..එහෙත් හදවත් පතුලේ සිරවූ මතක සදා නොමියේ.

මෙතනින් එහාට ලියන්නට මගේ බොඳවූ නෙත් ඉඩ නොදේ .
පින්තුරය

166 comments:

  1. මේ ලෝකයේ මට පේන්නම බැරි රාජකාරියකි රෙදි මැදීම ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. @ ඊ මේල් කවිකාරි

      අත් දෙකම ඔසවා ඔබතුමී එක්ක එකඟයි. මටත් ඇඳුම් මදින එක නම් පෙන්නන්න බැරි වැඩක්. ඒ වගේ තව වැඩ දෙක තුනක් තියෙනවා. බත් පාර්සල් බඳින එක. තේ හදන එක........

      Delete
    2. හිස නමා මෙය පිළිගනිමි....

      Delete
    3. අපොයි මන් වගේ තව අය. කවි ..ඔයා නම් ඉතින් කාන්තාවක් විදිහට අලි ඇත්තු අස්සෙත් ඔය රෙදි මැදීමේ වාක්‍ය අහුලගත්තු එක පුදුමයක් නෙමේ . මේ පිරිමි ළමයින්ටත් තියෙන ප්‍රශ්න .

      හසිත ..මි ගොඩයා ..ඒක තමා ඕගොල්ල පස්සේ කලෙක භාරියාවගේ ඇඟේ පටවන්නේ ඔය අකමැති වැඩ..D

      හසිත බත් ගෙනියන්න පෙට්ටියක් ගන්න . හැබැයි ඉතින් හවසට ආපසු ගේන්න වෙනවා .

      Delete
    4. @ Bindi

      භාර්යාවගේ ඇඟේ අකමැති වැඩ පටෝනවා කිව්වාම මතක් වුණේ මම බත් බඳින්න අකමැති වුණාට කෑම උයන්න එළවලු කපන්න, කෑම උයන්න, පොල් ගාන්න, හට්ටි මුට්ටි හෝදන්න ඇයි කන්න එකෙන් සප් එක දෙනවා වගේම කරගහලා වුණත් කරනවා. ඒ වගේමයි ඇඳුම් මදින්න අකමැති වුණාට ඇඳුම් හෝදන්න, පොඩි පොඩි ඉරුණු තැන් වගේ ඒවා මහන්න ෆුල් රෙඩි :D

      Delete
    5. අනේ වාසනාවන් .....දවසක එන්න ඕන බත් ටිකක් කාල යන්න . විහිළුවට නෙමේ ඇත්තටම .

      Delete
    6. @ Bindi

      බලමු බලමු :D

      Delete
    7. රෙදි මැදිම වනාහී මේ ලෝකය මැවීමේදී බ්‍රහ්මයාට වැරදී ඇතිකළ රාජකාරියක්... මටත් ඔය කරුමය පේන්ඩ බෑ. හයියෝ කවදා ගැලවෙන්ඩද .. ඉතින්..

      Delete
    8. දහම් පාසල් යද්දි සරම මැදීම පට්ට සරලය.. !

      Delete
    9. රෙදි මැදීමට ඉහලින්ම අකමැතිය.... :)

      Delete
    10. ගෙදර හැමෝගෙම රෙදි මදින්නෙ මන්ය. මම මදිනවා දැක්කාම අනේ පුතේ, අනේ අයියේ කියමින් මටම එකතුවේ. දාඩිය දාන එක තමයි එපා කරපු වැඩේ. ඒ වුනාට විශේෂ අකමැත්තක් නම් නෑ.

      Delete
    11. කෑම උයන්ට බැරි උනාට මට නම් ෂර්ට් එහෙම ලස්සනට මදින්ට පුලුවනි. අප්පච්චිගේ ඇඳුම් සමහර විට මම මදිනවා.

      @හසිත,

      //කෑම උයන්න එළවලු කපන්න, කෑම උයන්න, පොල් ගාන්න, හට්ටි මුට්ටි හෝදන්න//
      කවදා හරි නියම වයිෆ් කෙනෙක් වෙන ලකුනු දැන්මම පේනවා. මට පේන්ට බෑ හෝදන එක.:D

      Delete
    12. හසිත බත් ගෙනියන්න පෙට්ටියක් ගන්න . හැබැයි ඉතින් හවසට ආපසු ගේන්න වෙනවා .// බත් පෙට්ටිය සේදීම කියන්නෙ ලේසි වැඩැක් ද?

      මම ඉස්කොලේ ගෙනිච්ච බත් පෙට්ටිය ගැන කතාවක් මතක් උනා.... ස්තුතියි බිංදුමතී අක්කා.

      Delete
    13. @ Podi Kumarihami,

      කෑම උයන්ට බෑද? පුදුමයිනෙ..

      කොල්ලෙක් වෙච්ච මටත් උයන්න පුලුවන්නෙ.

      Delete
    14. බිංදුමතී අක්කාට,
      දැන් තේරෙන්න ඕනේ රෙදි මැදිම කියන සංසිද්ධියට මේ ලොකේන් සෑහෙන පිරිසක් අකමැති බව. මම හිතන්නෙ ලෝකයේ පරිණාමය නොවූ ගෘහ විදුලි උපරකරණ අතරින් ඉදිරියෙන් ම සිටින්නෙ ඉස්තිරික්කෙ. ඊට පස්සෙ ශීතකරණය සහ වොෂින් මැසිම.

      ඔය රෙදි මැදිමේ ඛේදවාචකය නිසා මම කාලයක් අතී නවීන ඉස්තිරික්ක නිපදවා තිබේදැයි හොයලා බැලුවා. ම්හ්... කොච්චර වයිවාරන්න ඉස්තිරික්ක තිබ්බත් ලාබම, බරම ඉස්තිරික්කය වන රෙඩ් හාට් අයන් එකෙන් කෙරෙන කාර්යට වඩා යමක් එව්වයින් වෙන්නෑ. එක ම වෙනසකට තිබුනේ අපිට අමතක වෙලා රෙද්ද උඩ ඉස්තිරික්කෙ තියලා ගියාම ටිකකින් ස්වංක්‍රීයව ඉස්තිරික්කෙන් අඩු අතරක් ඇවිල්ලා රෙද්දෙන් උඩට ඉස්සෙන එක. ඒකෙන් රෙද්ද පිච්චෙන්නෙ නැති වෙනවා.

      ඒක නිසා මම යෝජනා කරනවා අපි බලශක්තිය ඉතිරිකර ගැනීම උදෙසා රෙදි ඉස්තිරික්ක නොකර අඳිමුය කියා. හා දැන් කව්ද ඒ යෝජනාව ඉස්තිරික්ක කරන්නෙ.......!

      Delete
    15. හරී,
      කොල්ලෙක් වෙච්ච මටත් උයන්න පුලුවන්නෙ.//

      මටත් පුලුවන්..... හැමෝම නොකරන දේවල් කරන්න පුලුවන් උනාම ඒක විශේෂයි. ඒ කියන්නෙ උඔ වගේම පොඩි කුමාරිහාමිත් විශේෂයි. මගෙන් දෙදෙනාට ම සුබ පැතුම්!!!:P

      Delete
    16. බුද්ධි, ඔන්න මම නම් ඔයාගෙ යෝජනාව අත් දෙකම උස්සලා ස්තීර කරනවා. ඇඳුම් නොමැද අඳිමු. මොනා උනත් ඉස්කෝලෙ යන කාලෙ සුදු ගවුමෙ රැලි අයන් කරන්න නම් රෙඩ් හාට් අයන් එක ඇරෙන්න වෙන අයන් එකක් හරි යන්නෙ නෑ. රත් උනේ නැතත් ඒකෙ බරටම ඇඳුම් මැදෙනවා.

      Delete
    17. පිණි බිඳු,
      ස්තුතියි, ස්තුතියි!!

      ලෝකෙම බලශක්ති අර්බුදය ගැන කතා කරද්දි අපිත් සහයක් දෙන්න එපැයි නේද?

      ඔය රෙඩ් හාට් අයන් එකේ තියෙන තවත් ගුණාංගයක් තමා පරක්කු වෙලා හොදලා තෙත පිටින් තියෙන යුනිෆෝම් උනත් දුම් දදා අයන් කරන්න තියෙන පහසුව. හෙහ් හේ....

      Delete
    18. @ බුද්ධි,

      කියපු දේ තේරුනේ නැත.

      Delete
    19. @ Podi Kumarihami

      "කවදා හරි නියම වයිෆ් කෙනෙක් වෙන ලකුනු දැන්මම පේනවා"

      නියම වයිෆ් කෙනෙක් වෙන නෙමේ නේද ? නියම වයිෆ් කෙනෙක් ලැබෙන නේද :D

      Delete
    20. @ බුද්ධි,

      // ඔය රෙඩ් හාට් අයන් එකේ තියෙන තවත් ගුණාංගයක් තමා පරක්කු වෙලා හොදලා තෙත පිටින් තියෙන යුනිෆෝම් උනත් දුම් දදා අයන් කරන්න තියෙන පහසුව. //

      ‍‍හෙහ් හෙහ්!! සති අන්තෙ පුරාවට නට නටා ඉදලා යුනිෆෝම් ටික හෝදලා දාන්නෙ ඉරිදා හැන්දෑවෙ ඉරත් බැහැලා ගියාට පස්සෙ නේද..?? :D

      Delete
    21. මන් උදේ ඉඳන් බිසී අතරේ මෙතන සෑහෙන රස සංවාදයකුත් ගිහින් . හසිත උයන්න දන්නවා කිව්වම මට මතක් වුණේ පොඩි කුමාරිව තමා . ඒකෙන් කියවෙන්නේ බුද්ධි කිවා වගේ දෙන්නම විශේෂයි ...හසිතට හසිතගේ වටිනාකම තේරෙන හොඳ වයිෆ් කෙනෙක් ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු.

      යුනිෆෝම් මදින කතාවක් ඇදී ආ නිසා මන් මේ කියන්නේ . ඔන්න අපේ අක්කට තද වෙන කාරණයක් . මගේ ගවුම් වල ලොකු රැලි කීපයයි . සෝදලා මිරිකන්නේ නැතුව එල්ලුවම අයන් නොකර වුනත් අඳින්න පුළුවන් . සුදු ගවුම් පරණ වෙනකොට වැඩිය මදින්න ඕන නැහැ . ඒකට එක්ක අක්කගේ යුනිෆෝම් හිනි හිනි රැලි ගොඩායි. අනික එයා ඉක්මනට උස යන නිසා ගවුම් වැඩිකල් අඳින්නත් බැහැ.

      බුරා යුනිෆෝම් නම් කලින් හෝදපු එකක් වත් තියෙයි. කොහොමද සුදු කැන්වස් සෝදලා හුණු කැට අතුල්ලලා තියෙද්දී සඳුදා උදේටත් වේලිලා තිබ්බේ නැතිකොට . හංසයා ලකුණ තිබ්බ හුණු කැටේ මතකයි නේද .10 දී විතර දුඹුරු පාට DI සපත්තු දෙකක් ලැබෙනකම් ඔය කට්ට කෑවා. දැනටත් ළමයින්ට සුදු සපත්තුම දාන්න කියල නේද ගොඩක් ඉස්කෝල වල කියන්නේ . මහපොළවේ ගෑවෙන කකුල් වලට සුදු නැතුව දුඹුරු හරි කළු හරි තිබ්බ නම් නරකද . ඒකට අපේ ඉස්කෝලේ දැනටත් මන් දැක්ක දුඹුරු හම සපත්තු දාන්න දෙනවා .

      හරීගේ ලිපිනය ඉල්ලා ගමු .

      දිනේෂ් දාන්න පහක් .

      සෑමා දහම් පාසල්ද ගොස් ඇත .

      බුද්ධි ..පිණි බින්දු ...ඔව් ඔව් විශේෂයෙන් පිරිමි කට්ටිය රෙදි නොමැද අඳින්නට තීරණය කරනවා නම් අපට ලේසියි .

      Delete
    22. හික්ස්! අපි නම් ඉතිං කළු සපත්තුනෙ දැම්මෙ‍‍.. අපට තිබ්බෙ "සපත්තු දෙක මූණ පේන ගානට ‍පොලිෂ් කරගන්නේ කෙසේද??" වගේ ප්‍රශ්න තමා.. :)

      ලංකාවෙ වගේ උෂ්ණ කලාපීය රටකට සුදු සපත්තු විතරක් නෙවේ, සුදු යුනිෆෝම් වුනත් ගැලපෙන්නෙ නෑ නේද.?? ඕක මම ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම හිතන දෙයක්.. කාටවත් උවමනාවක් නැද්ද දන්නෙ නෑ ඕක වෙනස් කරන්න..!?

      Delete
    23. This comment has been removed by the author.

      Delete
    24. හරී,
      කියපු දේ තේරුනේ නැත.// මම කිව්වෙ ඔයයි කුමාරිහාමියි විශේෂ අයයි කියලා. ඒත් තේරුනේ නැද්ද?
      ............

      හසිත,
      නියම වයිෆ් කෙනෙක් වෙන නෙමේ නේද ? නියම වයිෆ් කෙනෙක් ලැබෙන නේද :D//
      ඒක තමා මමත් බය උනේ. ගෙදර වැඩ හොඳට කලාම ලිංග මෙව්වා එකක් වෙනවාවත් දෝ කියලා.
      ............

      බුරතීනෝ,
      //සති අන්තෙ පුරාවට නට නටා ඉදලා යුනිෆෝම් ටික හෝදලා දාන්නෙ ඉරිදා හැන්දෑවෙ ඉරත් බැහැලා ගියාට පස්සෙ නේද..??//

      නැතුව නැතුව!! සෙල්ලං ඉවර වෙලා ගෙදර ඇවිල්ලත් "හෙට සඳුදා නේද ?" කියලා ඇහැව්වොත් ඇරෙන්ඩ යුනිෆෝම් කියන්නෙ මොනාද? ඒවායින් කෙරෙන රාජකාරී මොනාවද කියලා මතකයක්වත් තියෙන එකක් යැයි."අනේ මන්දා මේ ළමයි නං" කියලා ඒ කාලේ අම්මලා දොස් කිව්වට මට පේන්නෙ මේ ළමයි විතරයි නෙමෙයි ඔය ළමයිනුත් ඉදලා තියෙන්නෙ අපේ ම බෝට්ටුවේ වගේ :D
      ..............

      බිංදු අක්කා,

      අපේ ටිකිරිගෙ අම්මා, ඒ කියන්නෙ අපේ අක්කා ඒ කාලේ සපත්තු වලට ඔය හුණුකෑට දිව හපාගෙන අතුල්ලනවා මම හරිම විස්මිත දෑසින් බලාගෙන උන්නෙ. හේතුව හුණු කැටේ අතුල්ලද්දි කිසිම වෙනසක් නැති උනත් වේලීගෙන එද්දි වැරදිලා ඇඳිච්චි ඉරි අරුම පුදුම විදිහට මතුවෙනවා. ඊටත් වඩා රබර් කොටස් වල ඇදුනු ඉරි අපිට මාපොට ඇගිල්ලෙන් අතුල්ලලා මකලා දැම්මැකි.
      ...............

      බුරා,
      සුදු ඇඳුම් ගැලපෙන්නැ කියන ප්‍රස්නෙ මම ඒ කාලේ විද්වතුන්ට යොමුකලා. මට නං ඒක නොගැලපුනේ කුණු වදින හින්දා. නමුත් ඒ ගොල්ලන්ගෙ උත්තරේ උනේ උශ්ණත්වය පරාවර්ථනය වන හින්දාලු සුදු අදින්න කියන්නෙ.... අනේ කාලේ වනේ වාසේ.. හොඳලා පණ යනවා ඉතින්.
      ..........

      හරී, බූරා,
      හරි විදිහට සපත්තු පොලිෂ් කරන්නෙ මෙහෙමයි.

      http://www.cyberyaya.blogspot.com/2011/03/blog-post_3044.html
      හරී බූරා,
      හරි විදිහට සපත්තු පොලිෂ් කරන්නෙ මෙහෙමයි.

      http://www.cyberyaya.blogspot.com/2011/03/blog-post_3044.html

      Delete
    25. thanks all for the beautiful comments..

      Delete
    26. @ බුද්ධි,

      අපි ඔක්කෝම එක බෝට්ටුවෙ තමා බං..

      එක නිවාඩු මාසෙක (මතක විදියට අගෝස්තු නිවාඩුව වෙන්න ඕන), නිවාඩු දීලා දවස් 2කට විතර පස්සෙ මම යුනිෆෝම් ටික ඔක්කෝම බේසමකට දාලා රින්සෝ දාලා තිබ්බා පස්සෙ හෝදනවා කියලා.. ඒ ටික හේදුවෙ ඉස්කෝලෙ පටන්ගන්න සතියකට කලින්.. :D

      A/L කරන‍කාලෙ මම දිනපතා ලේන්සු දෙකක් පාවිච්චි කලා.. එකක් සාමාන්‍ය පාවිච්චියට.. අනික ඉස්කෝලෙ ඉවරවෙලා ටියුෂන් යන්න කලින් සපත්තු දෙකේ දූවිලි පිහදාලා ෂයින් කරන්න.. ;)

      Delete
    27. This comment has been removed by the author.

      Delete
    28. කළු සපත්තු දැක්කම මට මතක්වෙන යාලුවෙක් ඉන්නවා . බුරාලගේම ඉස්කෝලේ . ඉස්සර ටියුෂන් වලදී හමුවුන . කොලුවාගේ සපත්තු දෙක හොඳට පොලිෂ් කරලා පොලිෂ් කාරයා පස්සේ කලෙක පොලිස් කාරයා වුණා. මිනිහගේ ඇත්ත නම අමතක වෙලා ඔය නම විතරයි මතක . පුල් එක හදන්න සල්ලි හොයන්න ටිකට් වගයක් විකුණන්න පස්සෙන්ම එනවා . අපි පස් දෙනෙක් විතර පෝටෙලෝ එක බෙදන් බිව්ව කාලේ . අපිට කොයින්ද සල්ලි .

      අපෙත් සමහර ගෑනු ළමයි හිටියා කොන්ඩේ හෙම පීරලා පිළිවෙලට සවස පන්තියට යන .. D

      Delete
  2. හරිම සංවේදී උනා බින්දි අන්තිමට ඔයා අවසන් කල විදියට...!
    ඇත්තටම මටත් ...ඒ කාලයේ කොලඹින් හොඳ රස්සාවක් ලැබිලත් අතෑරලා ආවෙ...කොලඹ ඉන්නබැරිනිසා ගමට ආසාවෙලා..ඒත් දැන් ගමෙත්...ටික..ටික මානව සම්බන්දතා දුරස්වෙලා...ගමනක් ගියොත් වාහනයෙන් එක්කො මොටෝබයිසිකලෙන්..මගදි හමුවන කිසිකෙනෙක් එක්ක කතාකරන්න විදියක් නෑ එතකොට. හිතිලම පයින් ටවුමට ගියොත් හැමෝටම ප්‍රශ්නයක්..හැමෝම අහනව..ඇයි...බය්සිකලේකැඩිලද කියල උත්තර දීල ඉවරයක් නෑ ඉතින් එපවෙනව.

    හාවෙක් ගැන දුක්බර මතකයක් මටත් තියෙනව.
    අපේ ගෙදර මිදුලෙ ඉස්සර උඳුපියලිය තිබුන ඕව කන්න කැලේ ඉන්න හාවො එනව රෑට සමහර වෙලාවට අපිට පේන්නම ඉන්නව .දවසක් ලොකු බල්ලෙකුට වඩා ටිකක් කුඩා කැලෑ හාවෙක් දඟලනව ගේ පිලිකන්නෙ. අමාරුවෙන් හුස්ම ගන්නව අපි ඌව අමාරුවෙන් ගෙට ගෙනල්ල නොකල වෙදකමක් නෑ..ඉඟූරු ඉස්ම පෙව්ව,ගම්බිරිස් ඇට හපල පින්ඹ ඒත් ඌ මියගියා..එත්කොට එලිවෙන 3.30 විතර වෙලා..එතකන් අපි හැමෝම අවදියෙන්, පස්සෙ ගෙදර හැමෝටම දුක හිතිල ඇඬුන හොඳට මතකයි..!

    ReplyDelete
    Replies
    1. අපොයි හාවා මැරෙන්න ඇත්තේ ගම්මිරිස් සැරට වෙන්න ඇති ..D

      ලෝකය වෙනස් වෙනවා තමා . පොඩි කාලේ ලස්සනයි . ඒ වුනත් ඉතින් කරදර නොතිබුනා නෙමේ . වෙනස් වීම් උපේක්ෂාවෙන් දරාගැනීම තමයි හොඳම දේ .

      Delete
  3. // එහෙත් ඒ දශකයේ අවසාන භාගයේ විසල් වෙනසකට හසු වූ ලාංකීය සමාජයේ පරිවර්තනය ගැන මට හොඳින් මතකය . දවසක ඒ ගැන කතා කරමු //

    මේ පෝස්ට් එක එන තෙක් මග බලා සිටිමු මොකද කියතොත් අපි උපන්නේ ධර්මිෂ්ට වූ අච්චාරු සමාජ කාලේ නිසාය

    රෙදිමදින එක නම් මටත් පෙන්නන්න බැරිය ++++++

    ReplyDelete
    Replies
    1. ඔව් අපි දවසක ඒ ගැන ලියමු .

      බලාගෙන ගියහම මැද්දට මොකෝ ආසාවෙන් ඔය වැඩේ කරන කෙනෙක් නැහැ වගේ .

      අනික් ඇඳුම් පැත්තක තියමු . ෂර්ට් මදින එක ...අය්යෝ .

      Delete
  4. මතක දම්වැල් පිටින් එකින් එක ගෙතී ඇති අයුරු අපූරුයි බින්දි..
    මගේ නම් හිත ගත්ත කෑල්ල අක්කාගේ හා නංගීගේ පිළිවෙලයි..පූසා හොයාගෙනම අයිතිකාරයාගේ තට්ටුව විනාස කල හැටි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ ...

      අපේ අක්කා මට වඩා සැහෙන වෙනස් . කම්මැලි නැහැ . අදටත් පාන්දර 4 ට නැගිටිනවා . බලාගෙන ගියහම එයත් පෝස්ට් එකක් ලියන්න වටිනා චරිතයක් . වුනේ නම් වෙන්න තියෙන අඩුම හානිය . ඕකා වෙන කාගේ හරි පුසෙක් හරි නැත්නම් මේ පුසා වෙන තට්ටුවක හරි වැඩේ කලානම් සැහෙන වලියක් යන වැඩක් .

      Delete
  5. අපේ ගෙදරත් සත්තු විමානයක්. එක දවසක් අලියෙක් අරන් ආවා කෑම දෙන්න. ඒ ඇර අලිනම් හම්බුණේ නෑ හුරතල් කරන්න. නමුත් බල්ලො, පූසො, ලේන්නු, කුරුල්ලො, හාවො, ඉබ්බො... මගෙ මතකයන් හුඟක් අවදි වුණා. අපේ ගෙදර සතුන් හරි යන තැනක් නෙවෙයි. ඒ හින්දා කෙටි කාලයක් තුළ සතුන් විශාල ගණනක් මිය ගියා. එක්කො පාරෙ වාහනේකට අහු වෙලා, නැත්නම් සර්පයො දෂ්ඨ කරලා, නැත්නම් ලෙඩ වෙලා. ඒ හින්දා ඇවිස්සුන මතකය හැරෙන්නෙ දුක්මුසු ඉසව්වකට.

    අප්පා, ඔයාගෙ අක්කා!
    දෙය්යන්ගෙ පිහිටෙන් මමත් ඔයා වගේ. :D
    අයන් කරන්න ඕන නැති එකම විදිහෙ රතු සහ නිල් බ්ලවුස් දෙකක් මම ගිය අවුරුද්දම දවසක් ඇර දවසක් ඇන්දෙ. :D බොහොම කලාතුරකින්, අර දෙක හෝදලා නැත්නම් එහෙම තමා වෙන එකක් ඇන්දෙ. (තිබ්බෙත් හතරක් පහක් තමා ඇඳුම්) පස්සෙ මගෙ නෑනා අලුත් ඇඳුම් ගොඩක් අරන් දුන්නා විතරක් නෙවෙයි, හුඟක් දවස්වලට අයන් කරලත් දෙනවා. :D නැති දවසට ඉතින් අර දෙකම තමා තාමත්.

    ReplyDelete
    Replies
    1. සමහර ගෙවල් වල සත්තු හදන්න බැහැ කියනවා තමා . ආදරේ කල සතෙක් මැරුණම හරිම දුකයි . අපේ බනිලගේ තාත්තලාගේ දිහා සත්තු හදන්න අමාරුයිලු . මහා පාරට ළඟ නිසා ....ඒ වගේම ඉස්සර ඒ ගෙදර වසවර්ති කොල්ලෙක් හිටි නිසා . පූසන් ගේ රැවුල කපල පර්යේෂණ කරපු ..බල්ලන්ව එහා වත්තේ කැලේ බැඳලා ආපු .... දැන් ඒ ළමයා ලොකු වෙලා එයාගේ ළමයි සුරතලේට සතෙක් ඉල්ලනකොට සද්ද නොකර ඉන්නවා .

      මට මතක් වෙන්නේ මගේ නෑනා. මන් හොඳා තව . එයා නම් ජීවිතේට අයන් එකක් අල්ලලා නැද්ද මන්දා . දැන් නම් ළමයින්ගේ ඇඳුම් මදින්න වෙලා ඇති . එයාත් නම් සත්තුන්ට හරි ආදරෙයි . මදුරුවෙක්වත් මරන්නේ නැහැ .

      දැන් ඉතින් ඔයාට ඉන්නවනේ පුෂ්කින් ,...නැද්ද . අම්මේ එහෙම සැපට හැදෙන පුසෙක්

      Delete
    2. සැපට හැදෙන පුසෙක් ???

      ඔයපූස්-කින් මේ වගේ ද? මෙයාගෙ නම නං Meow :)

      Delete
    3. ඇනෝ...අම්මෝ මේ බළල් රාජයෙක්නේ. පුෂ්කින් මෙච්චර මහත නැහැ ..

      Delete
  6. ඔබේ පමණක් නොව මගේද නෙතු බොදවූ බව නොකියාම බැරිය... වචන බවට පෙරලුනු ඔබේ කදිම හැගීම් ප්‍ර‍කාශනය මමද මගේ කරගෙන කියැවීමි. එතරම් සුන්දර ළමා කාලයක් මටද විය. මා ඉතා ආසා කරනුයේ බල්ලන්ට වුවත් දේව පාදයක පිහිටියා යැයි කියන අපේ නිවසේ බල්ලන් ට දිගු ආයුෂ නැත.. සුව කල නොහැකි කරැම ලෙඩකින් උන් කෙටි කලකදී අපෙන් සමුගනී. එහෙත් අප නිවසේදී පූස් තඩියන්ට දිගු ආයුෂ විදිය හැක. මා කුඩා කල සිටම අප නිවසේ සිටියේ තනි කලු වර්ණයෙන් යුත් පූසන් පමණි. දැන් සිටින සේනකද එසේමය. බල්ලන් මිනිසාගේ ලගම යාලුවා යන කියමන අරැත් ගන්වමින් අප සමග ඉතාමත් සුහද වන අතරම නිවැසියකු තරමටම සමීප වේ. කිසිදින හොරා කා / වත්ත ජරා කර නැත / පිටස්තරයකු පැමිණි විට අපේ ආරක්ෂාවට වහා ඉදිරිපත් වේ.. එහෙත් පූසන් එසේ නැත. උන් කා බී නිවසේදීම අවශේෂ කාරණා ඉටු කරගෙන කොහේට හෝ රිංගයි. කුඩාම කාලෙන් පසු ඇගේ ඇතිල්ලී හුරතල් වෙන්නේ කෑමට යමක් දීමේදී පමණමය. එහෙත් අප නිවසේ දඩෝරියකු ඇති දැඩි කල නොහැකි නිසා පූසන්ගේ ආඩම්බර කම් තව දුරටත් බලමි. පූසන් හරිම ආඩම්බර සතුන් වර්ගයකි. බින්දිය වෙත මේ සුන්දර කථාව ගෙන ආවාට ස්තූතියි කියන ගමන් අක්කාගේ පුරැදුත් ලැබේවා යැයි පතමි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා ...

      නලිනිලාට තිබ්බ ප්‍රශ්නෙම සිරාලටත් තිබිලා . පුසෝ එච්චර හැඟීම් ප්‍රකාශ කරන ජාතියක් නෙමේ තමයි . ටිකක් වයස යද්දී වස කම්මැලිත් වෙනවා . බල්ලා නම් ඇති වැඩකුත් නැහැ සෙමින් ගමනකුත් නැති සතානේ .

      අන්තිම ටික ලියන්න හිතපුවා නෙමේ . ඉබේටම ලියවුනා . හිනා වෙන්න ලියුවත් අන්තිමට මාත් සංවේදී වුනා .

      මට කලින් සංවිධානය කර ලියන්න බැහැ . ලියන්න හිතුනම ලියාගෙන යනවා මිසක් . අක්කයි මායි වෙනස් වෙන හැටි තමයි. ඒ වුනත් අපේ අක්කගේ පිළිවෙලයි පිරිසිඳුවයි වැඩියි. අනික් අයට ටිකක් අමාරුයි . මට කවදාවත් එයා වගේ වෙන්න බැහැ . එහෙම වුනොත් ගේ ලස්සනට තියෙයි .
      ඒත් කවුද බ්ලොග් එක ලියන්නේ . ..D

      Delete
    2. සිරා කියූ කතාව ඇත්තකි.,දේව පාදයේ ගෙවල් වල ස්තුන් හැදීම අමාරුය.දේව පාදය යනු....ඉඩමේ පාද බෙදීමකි..මායිමේ සිට..ප්‍රේත , මනුශ්‍ය , දේව , භ්‍රහ්ම..ලෙසවේ. දැන් තියෙන කුඩා (පර්චස් 10) ඉඩම් වල මේවා කිරීම හරි අමාරුය. මේ දන්නා කාරනා පැහැදිලි කරලා වෙලාවක ලියන්නටද හිතේ. (වාස්තු ගැන)

      Delete
    3. අපේ දැනගැනීම පිණිස ඒ කථාවත් ලියන්න...

      Delete
  7. පරණ මතක පමණක් හදවතේ ඉතුරු වී ඇත ............ ලෝකය වෙනස් වේ . අපද වෙනස් වේ ..එහෙත් හදවත් පතුලේ සිරවූ මතක සදා නොමියේ.


    +++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හිතෙන් අතීත පාරවල ඇවිදින්නේ ..ගමේ බෝක්කු උඩ ඉඳන් ඉන්නේ ඒ මතක නිසා නේද

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++ :D:D:D

      Delete
  8. "යමක් ලියන විට ඒ අස්සේ කතන්දර ගොඩක් ලියවේ . මක් කරන්නද වැඩි කලක් ජිවත් වූ නිසා වැඩියෙන් දේවල් ලියන්නට තිබේ . "

    අන්න වටිනම කෑල්ල...

    ඇඳුම් මැදීම ගැනනං කුමන කතාද..? කොටින්ම යුනිෆෝම් එක ඇර වෙන කිසිම දෙයක් මංනං අදටත් මඳින්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. වැඩිකලක් ජිවත් නොවී අවුරුදු හැට හැත්තෑවක දේවල් ලියන්නට හැකි උදවියද සිටිති .

      මේක නිකන් සමීක්ෂණයක් වගේ . නිගමනය බ්ලොග් ලියන්නන් ඇඳුම් මැදීමට අකමැතිය

      Delete
    2. මම අනිත් පැත්තේ... හැබැයි ඇඳුම් මදිනවා කියන්න බෑ... මම ෆෝන් එක කනේ ගහගෙන සිංදු අහන වැඩේ කරන්නේ... හැබැයි ඒක කරන්නේ කම්මැලිකම යන්න ඇඳුම් මදින ගමන්...

      Delete
    3. වෙනස් උං අතර වෙනස් ම එකෙක්!

      Delete
    4. මමත් කැමැත්තෙන් කරන දෙයක් .
      අනික මම හරියට මදින්නෙ නැතිව කිසිම
      ඇඳුමක් අදින්නෙත් නෑ. .................

      Delete
    5. හරී, බීටලයා සහ නිශ්, මේ රෙදි මදින්නට අකමැති කම්මැලි පට්ට හොරුන් සෙට් එක අතරේ උඹලා නිල් මැණික්ය. උන් පාංකඩ වගේ රෙදි එල්ලාගෙන ගියාවේ අපි අයන් කරලා නීට් එකට අඳිමු. :D :D :D
      Three cheers for the Iron Gang!
      henryblogwalker the Dude

      Delete
    6. කව්ද බං මේ...... බලාපං ඩූඩ් අපි කියලා තියෙන්නෙ රෙදි මදින්නැතුව අඳින්නැ කියලද, නැත්තම් මදින්න අකමැතියි කියල ද කියලා.....

      Delete
    7. හික්..හික්.. මුන් මහ කම්මැලි යක්කු

      Delete
    8. බිට්ල්...නිෂ්..හ‍රි...ඩුඩ් වගේ අය ඉන්නකම් අපටත් ඇඳුම් මදින්න වෙනවා බුද්ධි ..බලන්නකෝ වැඩියම රෙදි මදින්න කැමති පිරිමි අයනේ .

      Delete
  9. හපොයි ඇඳුම් මැදිල්ල? මමනම් ඇඳුමක් ගනිද්දී මුලින්ම හොයල බලන්නේ මදින්න ඕන ජාතියේ එකක්ද කියන එක. මම මාස ගානකින් ඇඳුමක් මැදලා ඇඳලා නෑ :) හරිම සරලයි හරිම පහසුයි.

    හරිම ලස්සනට ලියවුනු ලිපියක්. පරණ මතක කොයි තරම් සුන්දරද

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතුටුයි සයුරි ..රෙදි නොමදින්නන්ගේ සංගමයක් දාගමුද . මට වෙලා තියෙන්නේ මේ ගොඩනැගිල්ලේ වැඩියම ඉන්න ජපන් කොරියන් ගැහැණු ටික එලියට බහින්නේ අපි මගුල් ගෙදරක යන්න වගේ . රට ගැන හිතල ටිකක් පිළිවෙලට ඉන්න වෙලා තියෙනවා . වෙස්ටර්න් කට්ටිය නම් නෝ ප්‍රොබ්ලම් . හරිම සරලයි .

      Delete
  10. අපූරුවට වචන ටික හසුරුවල ..පෝස්ට් එක නම් නියමයි..
    අයන් කරන එක නම් එර්ර්ර්ර්ර්ර්ර්ර් ම තමා..:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි ..ඒවගේම මෙන්න තව එක්කෙනෙක්

      Delete
  11. අපේ ගෙදරත් කලින් කල බල්ලන් කීප දෙනෙක් සිටි නමුත්, බ්ලැකී ඒ අතරි විශිෂ්ටය. කොහෙන් ආවාදැයි මතක නැති බ්ලැකියා, නිකම්ම නිකං කිසිම ලස්සනක් නැති සාමාන්‍ය පරයා ඩෝග් වර්ගයේ බල්ලෙකි. ඌගේ විශේෂත්වයක් තිබ්බා නං , රිටක් මෙන් කෙලින් වී අගින් පමණක් මඳක් නැමුනු වල්ගය පමණි. ඔය වල්ගයත් කෙලින් කරගෙන බ්ලැකියා කඩිනම් ගමණින් ගමේ 'වල් ‍ටුවර්" යනවිට අප කියන්නේ ඌ "කොඩි දාගෙන " යනවා කියාය, මන්ද එය කොඩි ගසකට මදක් සමාන නිසාය. කිසිම කෙනෙක් හපා කන්නේ නැති නෝන්ජල් බල්ලෙක් වු බ්ලැකියා, හපා කෑවේ මාව පමණකි. මූ හපන්නෙම නැද්ද යනවග ටැස් කරාන්ට, ඌ බත්කන විට මගේ හොම්බ දික්කොට 'ගර්ර්ර්ර්ර්.." කියා ගෙරවූ මගේ නාසය ඌ 'හව්' ගාලා එක වරක් හපා කා, කිසිවක් නොවුනු ගානට බත් එක කා ගෙන කාගෙන ගියේය. බත් එකේ මාළු, හෝ කරවල නැත්නම් ඉවකර බෙරි මූණක් දාගෙන නොකා විරෝධය පෑමට ඌ දස්සය. අප කරවල කෑල්ල උගේ බත් එකේ අඩියේ වලලන්නේ උඩින් තිබ්බොත් ඌ එය එක කටට ගිලදමන නිසාය. ඒත් ඒවාට අහුවෙන්නේ බ්ලැකියා නොවේ, කරවල කෑල්ල හමු වෙනතෙක් බත් එකේ පතලයක් බහින ඌ එය ගිලදා පැන දුවයි. නාන්න ඉතා අකමැති ඌ, නිදාගෙන සිටින විට " කෝ මේ බ්ලැකියා, අද නං මූව නාවන්න ඕනෙ" යයි කී විට, 'බැහ්" ගා උඩ විසිවී නැගිටින ඌ, එදින වරුවකට ආයෙ ගේ පලාතේ එන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ලස්සන කතාවක් බස්සෝ...හොඳටම හිනා ගියා .කොච්චර අහිංසක වුනත් බත් කද්දී බල්ලන් වසයි . අපරාදේ නහය . අපේ අන්තිමට හිටිය බ්‍රවුන් මස් මාළු නැතුව කන්නේ නැහැ . ඒ වගේම බිස්කට් යෝගර්ට් චොකලට් කන්න ආසයි . අපේ පොඩි දෙන්න මෙයාව යාළු කරගත්තේ පැණි රස දීලා .

      Delete
    2. බස්සෙක් ලිව්වත් බල්ලෙක් ගැන මම කියවා ඇති හොඳම රචනාව.
      දාපං බස්සා පහක්!
      henryblogwalker the Dude

      Delete
    3. ටොමියා බුහ් ගෑවේ සතුටටද ..

      Delete
    4. බුහ් වර්ග බොහෝ ඇත. මේ "නිකං බුහ්" ය:)
      අපි ගැනත් පෝස්ට් ලියැවෙන කොට නිකම්ම "බුහ්" ගෑවෙනවාය. :)

      Delete
  12. අපේ ගෙදර ඉන්න පූසා වගේ. මීයෝ අල්ලා දුන්නත් කන්නෙ නෑ..
    මොනා කරන්න ද කන්න දීලා හදාගන්නවා මිසක්කා.

    ReplyDelete
    Replies
    1. උපාසක බළලෙක්. යහමින් කන්න තියෙනකොට බළලා මියෝ අල්ලන්නේ නැහැලු . දැන් මක් කරන්නද . එලවන්නය. නේද

      Delete
  13. හොඳ කතාවක්... බින්දි.. ලස්සනට ලියලා තියනවා...

    මටත් අද උදේ නැගිට්ට ගමන්ම අපේ ගෙදර ඉස්සර හිටපු කුකුල්ලු රංචුවක් මතක් වුනා.. මම අද දවසෙම උන් ගැන ලියන්ඩ කතාවක් හිතෙන් ඩ්‍රාෆ්ට් කළා.. බලමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා ..ලියන්නකෝ කුකුල්ලු ගැන . අපේ දිහාත් ඉඳල තියෙනවා . අර කිව්ව බතල හිටවපු කාලෙම . ඔයා ලියන්නකෝ මන් ඒ විස්තර එතනම දාන්නම් .

      Delete
  14. මගේ ඇස් දෙකත් බොඳ උනා බින්දි. මම ඉස්සෙල්ලාම සතෙකු හදන්න පටන් ගත්තේ මම අපේ මහත්තයාත් එක්ක විවාහ උනාට පස්සෙ. එයා නම් මදුරුවෙකුට වත් ගහන්නෙ නැති සතුන්ට පුදුම විදිහට ආදරය කරන කෙනෙක්. මම එයාගෙ ගෙදරට ඇවිත් මාස හතරක් විතර යනකොට දවසක් කලුම කලු රෙඩ්සෙට්ටර් කලවම් බලු පැටියෙක් ගෙනාවා. මම ඉතිං ලොකු හර්තාල් එකක් දැම්මා මට නම් බල්ලො හදන්න බෑ, ඔයාම එයා බලාගන්න, මම නම් නාවන්නෑ, ඔයාම ඒවා කරන්න.......... දන්නවනෙ ජරාව අදින්න බෑ...... ඩිංකි උගේ නම.

    ඉතින් බැඳපු අලුත මගේ හිත රිද්දන්න බැරි නිසා බලු පැටියාව නාන කාමරේට දාල එයා වැඩට ගියා. ටික වෙලාවකින් ඌ හරියට අම්මේ කියල වගේ අඬනවා. මම ගිහින් බැලුවහම හරිම දුකෙන් මගේ ලඟට ඇවිත් කදුළු පිරිච්ච ඇස් දෙකෙන් බලා ඉන්නවා. මගෙ පපුව හෝස් ගාල පත්තු උනා. එදා ඉඳලා මම සත්තූ හදන්නෙ. දැන් නාවන කවන සේරම මට උරුමයි. ගේන අය පැත්තක.

    දවසක් පුතාලා සෙල්ලම් කරන්න ගිහින් හා පැංචෙක් අරන් ආවා.ඒ හාවා මාසයක් වත් වයස නෑ. සති ගානක පැටියෙක්. ඌව මේ කොල්ලෙකුට පෑගිලා, ( අද වෙනකල් කීවේ නෑ කාටද පෑගුනේ කියලා. හිතා ගත්තා කාට හරි පෑගිලා ග්‍රවුන්ඩ් එකේදි හිත් පිත් නැතිව ගිය හින්දා මේ තුන් කට්ටුව කර ගහපු වග.) අපේ තුන්දෙනා අම්මගෙයි තාත්තාගෙයි හැටි දන්නා නිසා ගෙනාවා. අනේ උදේ හවස මම ඌව අරන් දොස්තර ළඟට යනවා. අපි මාස හයක් විතර ඌට බෙහෙත් කලා . පස්ස බිම අතුල්ලාගෙන තමයි යන්නෙ. කොඳුනාරටිය කැඩිලා නිසා නැගිට්ටෙම නෑ. මට ආදරේ බව තේරුනා, චූටි බනී කියන කොට කූඩුවේ අයිනට එනවා. මම කිරි පාන්කඩයකට දමලා පොඩි දවස්වල පෙව්වේ. අන්තිමට අර පස්සෙන් ඇවිදිනකොට පස්ස තුවාල වෙලා ඒක නරක් වෙලා මැරුනේ. හැමදාම මම උදේට එයාව සෝදන්න ඕනෙ. නැත්නම් ජරා කර ගන්නවා නිසා. මමත් හොඳ පින් කමක් කර ගත්තා එයාට සාත්තු කරලා. මේවගේ අනන්ත සිද්දි මටත් තියෙනවා ලියන්න. හරිම සංවේදී සටහනට ස්තූතියි නංගි.

    ReplyDelete
    Replies
    1. සත්තුත් ළමයි වගේ . අපෝ එපා හ‍රි කරදරේ කියන අය ළමයි ලැබුනම ආදරේ වෙනවා වගේ තමයි. මාත් අකමැතියි ටිකක් ඔය වැඩ වලට . අපේ අය්යයි මල්ලියි ඔය නාවන වැඩ කල නිසා මන් නම් අහු වෙලා නැහැ . දැන් හෙම එකෙක් උන්නොත් මට තමා කරන්න වෙන්නේ . සත්තුන්ට සලකන එක ලොකු පිනක් තමයි. අක්කා ඉතින් කාටත් කරුනාවයිනේ ..ස්තුතියි අක්කා දිග කතාවට

      Delete
  15. බින්දි කිව්වේ ගෝනවල සුනිල් ගැනද ?

    ReplyDelete
    Replies
    1. හ්ම් ..මේ සැමාත් පොඩි එකා වුනාට නොදන්නා එකක් නැහැ

      Delete
    2. මං හිතුව අපේ ගෙවල් පැත්තෙන් තමයි කියල!

      :D

      Delete
  16. බල්ලා වලිගය වනන්නෙ ලෙන්ගතුකමට බළලා වලිගය වනන්නෙ ගොදුරක් ඩැහැගන්න....
    මටනම් බළල්ලු පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා . මටත් දැනුයි කල්පනා වුණේ . බළලා වලිගෙ වනන්නේ ගොදුරක් දැක්කම .

      Delete
  17. මට බින්දි කලින් පෝස්ට් එකක් ලියලා දවස් කිහිපයක්ම සාංකාව වගේ ආවා. අසාධාරන ලෝකේ. අපි බිසි වෙන කාලෙටමයි මෙයාලා පෝස්ට් ලියන්නේ... ඒ මදිවට අතීත කතා.

    මට මගේම කියලා හිටපු සත්තු දෙන්නට අමතරව අලියෝ නම් හිටියේ නෑ. කොහෙද ඉතින් මට වඩා අලියෙක්.
    ඒත් උඩවලව පැත්තේ හිටපු අපේ බාප්ප කෙනෙක් එක දවසක් ගෝනි උරයක දාගෙන පුංචි තිත් තිත් තියෙන මුව පැටියෙක් ගෙනත් දුන්නා.
    අම්මෝ ඌව අයිතිකාරයා අපේ අයියද කොහෙද ඒ උනාට බාප්ප දුන්නේ මට කියලා. ඒ කාලේ එහෙම නොදුන්නා නම් ස්ට්‍රයික් එක ඉවර වෙන්නේ නෑ. හදා ගන්න බැරි වුනාට අපි එහෙමයි.
    නිදාගත්තෙත් නෑ වෙන්න ඕනේ. ඒත් වැඩි කාලයක් සතුට තිබ්බේ නෑ. අපේ ගෙදර කැලේ සත්තු ඇති කරන්න අයිතියක් තිබ්බේ නෑ කීවම නීතිය බොහොම ඉහලින් පිළිගත්ත අපේ අප්පච්චි එයාව අපේ නායක හාමුදුරුවන්ට ගිහින් දුන්නා. අපිට ඉඳලා හිටලා ගිහින් එයාව බලන්න නිදහසත් එක්ක. එයා ලොකු වෙලා ලොකු අං එහෙම ආවා. ලස්සනට හිටියා. පොලීසියෙන් අපේ ගෙදර ආවෙත් නෑ.
    ඒත් කාලයක් යද්දි මුවා හිටියේ නෑ. පස්සේ කාලෙක මට කවුරු හරි කීවේ පන්සලේ කන්දෙන් පල්ලට මුවාව තල්ලු කරලා ඌව මරලා. ඒවයේ මසුත් කාලා.
    අදටත් අපේ පන්සලේ මුවෙක් ඉන්නවා. ඒත් මගේ මුවා නෙමෙයි. අදටත් ඒ මුවා දකිද්දිත් මට දුකයි. කොටින්ම අපේ අක්කා දානේ අරන් යනවටත් මම බනිනවා. මොනවා කීවත් මට මතක් වෙන්නෙ මගේ මුවා කාපු මිනිස්සුමයි. ඒ මුවා හිටියේ මගේ හොඳම ළමා කාලේ. ලෙඩ හැදෙයි කියලා පූසෙක්වත් මගේ අපේ කරගන්න නොදුන්න අපිට මුලින්ම අයිතිවාසිකමක් කියන්න හිටපු සතා.
    මට ඊටත් වඩා තරහා අපේ පන්සලේ නයෙක් ඉන්නවා. ඒ නයා පන්සලේ තිබ්බ මැනික් ඔක්කොම ගන්නකම් කාවවත් හැපුවේ නෑ. මුවා මැරුවම හැපුවෙත් නෑ වෙන්න ඕනේ කාවවත්. ඒ උනාට පන්සල ආරක්ශා කරනවලු. මම ඒ නයා එක්කත් පට්ට තරහයි මේ හින්දම. මේ කියන්නේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ පන්සලක් හින්දා වැඩි කතා ඕනේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මාත් ටිකක් බිසී ..මටත් වඩා කම්පිතරේ බිසී . කෙල්ලන් ගෙදර .

      ''මට මගේම කියලා හිටපු සත්තු දෙන්නට අමතරව අලියෝ නම් හිටියේ නෑ. කොහෙද ඉතින් මට වඩා අලියෙක්.
      ''
      මේක තමා නියම කතාව . පව් නේද මුවා . සමහර විට කැලේ හිටිය නම් ඉතුරු වෙන්න තිබුනා . අපිත් නොදන්නා කමට කල දෙයින් අර හාපැටියා මැරුණා නේ .

      අතීත කතා වලින් රන්ගි සංවේදී වෙන බව මන් දන්නවා .
      take care

      Delete
    2. මෙන්න බුද්ධි රෙදි මදින්න කැමති එක ගැහැණු ළමයෙක් ..

      Delete
    3. ඒ කියන්නෙ එයත් විශේෂ කාන්තාවක්.....!:D

      Delete
  18. ඇඳුම් අයන් කිරීම ගැන නම් මට තියෙන්නේ වෙනස්ම අත්දැකීමක්.
    මගේ ආසම හොබි එකක්. තේකක් හෙම හදාගෙන සින්දුවකුත් අහගෙන ඇඳුම් අයන් කරන එක මගේ ප්‍රියතම හොබි එකක් ඔන්න. වොශින් මැශින් කිහිපයක්ම එක කෑල්ලක් ඉතිරි නොකර අයන් කරන්න එතකොට මට පුළුවන්.
    රස්සාවක් නැති කාලෙට කාගේ කාගෙ හරි ඇඳුම් ටිකක් හරි අයන් කරලා කීයක් හරි හොයාගන්න බැරියැ...

    ReplyDelete
  19. සත්තු ගැන මතකය මගෙත් බොහොමයි.. ගිරවු, ඉබ්බෝ, මාළු, බල්ලෝ කාලෙන් කාලෙට මේ ඔක්කොම අපේ ගෙදර හිටිය..

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් පිරිමි ළමයි සත්තු හදන්න ආසයි වගේ නේද දිනේෂ් . ඒ ගොල්ල වැඩිය කැමති සම්ප්‍රදායික සත්තුම නෙමේ ..අපේ බාප්පා දඬු ලේනෙක් ඇති කළා ආච්චිගෙන් බැනුම් අහ අහ

      Delete
  20. පොඩ්ඩි පොඩි කාලේ ගමේ ගෙදර නම් අලියෙක් හිටියා මතකයි. ඌ පිට උඩ ගිහින් තියනවා වගේම බඩ යටිනුත් ගිහින් තියනවා...අප්පච්චිගෙන් ජීවිතේ ඉස්සෙල්ලාම චූටි පාරක් කෑවෙත් බලු පැටියෙක් හන්දා. ඌගේ කටේ අත දාන්ට එපා කීවට, පොඩ්ඩිට හිතුනෙම ඒ උල් දත් ගනන් කරලා බලන්ට. ඉතින් කට ඇරලා දත් ටික ගනන් කලා, අප්පච්චි සද්ද නැතිව ඇවිත් පස්සට පාරක් ගහනකල්. දෙවෙනි පාරට ගුටියක් කෑවේ උඩට යන තරප්පු පේලියේ අත් වැට දිගේ පහලට ලෙස්සන්ට ගිහින් වැටිච්ච වෙලාවෙදි. එදා නම් අම්මත් බැනුම් ඇහැව්වා.

    ඔයාගේ මේ ලියවිල්ල ගෙනෙන්නේ ඒ අතීත මතක. ඒ විදියට පොඩි කාලේම උන්නානම් කියලා දැන් හිතෙනවා. අප්ප්ච්චිගෙයි, අම්මගෙයි මැද්දට වෙලා නිදාගන්නකොට, එයාල්ගේ අත්වලට මැදිවෙලා ඉන්නකොට දැනෙන සනීපේ, ආරක්ෂිත හැඟීම මට නම් කොහෙවත් දැනෙන්නේ නෑ. අත්තම්මා කියනවා වගේ ගෑනු ලමයි මෙහෙම හුරතල් වෙන්නේ බඳින්ට කලින් විතරයි. අර පොඩ්ඩියෝ දෙන්න්ට ඇති තරම් ආදරේ දෙන්ට බින්දි.:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි තරප්පු පේලියේ අත්වැට දිගේ ලිස්සලා යන එක කිව්වාම මට මතක් වුනේ මෙන්න මේ wise crack එක.
      "While you slide down the banister rail of life
      May there never be a splinter pointing your way"
      ඇඟ හිරි වැටෙනවා නේද? :D
      henryblogwalker the Dude

      Delete
    2. පොඩ්ඩි දැන් යක්කුන්ට වත් බය නැත්තේ අලි බඩ යටින් ගිය නිසා තමයි.. අම්මෝ බල්ලාගේ දත් ගනින්න ගියාද . ඊටත් වඩා තරප්පු පේලියේ අත් වැට දිගේ යන එක අන්තාරයකරයි නේ . හැබැයි ඔයාට කියන්න මටත් එහෙම යන්න ආස හිතිලා තියෙනවා . පොඩි කාලේ නෙමේ . මේ ලොකු කාලේ . ටිකක් උස තැනකින් පැනල බලන්න වගේ විකාර ආසවලුත් ඇතිවෙනවා . ඒ වුනත් දැන් ඔව්ව කරලා අත පය කඩාගෙන කවුද ළමයි බලාගන්නේ ,

      අපේ දෙන්නට හොඳටම ආදරේ ලැබෙනවා . නැත්නම් අපේ බනි බලෙන් හ‍රි ආදරේ ගන්න දන්නවා ,. ලොක්කි නම් වැඩිය හුරතල් වෙන්නේ තාත්ත එක්ක . තාත්තගේ ඇඟට කකුල් දෙකම දාගෙන නිදා ගන්න තමයි ආස . මන් තමා රණ්ඩු බේරන්න ඕන .


      ඩුඩ් ..අම්මෝ මාර විශ් එකක්නේ . ඇඟ හිරි වැටෙනවා තමා

      Delete
    3. සහතිකම සහතික ඇත්ත..
      //
      අත්තම්මා කියනවා වගේ ගෑනු ලමයි මෙහෙම හුරතල් වෙන්නේ බඳින්ට කලින් විතරයි
      ///

      Delete
  21. හා බෙටි එකතු කරනවා කිව්වම මතක් වුනේ. අපේ මලයා පොඩි කාලෙ අපි දුර නෑ ගෙදරක ගියා. මල්ලි තවත් අපි එක්ක ගිය පොඩි එකෙක් එක්ක වත්තෙ සෙල්ලම් කර කර හිටියා. ටිකකින් එනවා අම්මෙ වෙරළු තියෙනවා කන්නද කියලා අහගෙන. බලද්දි වෙරළු කියලා ඇහිදලා තිබුනෙ කාලෙකට කලින් ගහ යට බැඳලා හිටපු එළුවෙක්ගෙ බෙටි.

    ReplyDelete
    Replies
    1. හරී,
      කැරම් ගහද්දි එක දිගට ඉත්තෝ දාගෙන දාගෙන යද්දි "අපෝ මේකා ඉත්තෝ කපන්නෙ හරියට එලුවා බෙටි දානවා වගේනේ" කියනවා. එතකොට ඒ කටවහ වැදිලා මිනිහට ඉත්තෝ කපන්න බැරි වෙනවා. ‍ට්‍රයි කරලා බලන්ඩ හරී.......!

      මා කිව් දෙයක් වැරදිලා නැත!!!!!

      Delete
    2. ට්‍රයි කොරලා කියන්නම්.. අර මී උගුලෙ කතාව කියලා ගෙදර උන් මට තාම බනිනවා.. :D

      Delete
    3. ඇයි මීයා හව් උනේ නැද්ද?:D:D:D:D

      Delete
    4. මට මතක් වුනේ ඉස්සෙල්ලම එළුවෙක් දැක්ක අපේ නෑනා[ චුටි කාලේ ] ''අම්මෝ ලොකු බල්ලෙක් '' කිව්වලු . බුද්ධි කිව්වා වගේ කරන්න ඕන . ඒත් ඉතින් කරම් බෝඩ් එක ගෙනාවේ නැහැනේ

      Delete
  22. අපිත් හා බෙටි දැක්කම කෑ ගැහුවේ හරියට මුතු මැණික් දැක්ක වගෙයි.. හාවෙක් දැක්කොත් දවසක්ම ඒ ගැන කියවයි ඒ කාලේ.. පුංචි කාලේ ගැනත් සත්තු ගැනත් මතක ගොඩාක් ඇවිස්සුව ලිපියක්.. දවසක ආපහු මගේ රටට ගිහින් ගහක් කොලක් බල්ලෙක් හදාගෙන ජීවත්වෙන්න හිතාගෙන ඉන්නවා. තාම හීනයක්..

    ReplyDelete
    Replies
    1. සරත්ගේ ඒ සිහිනය සැබෑ වෙන්න කියල පතනවා .

      Delete
  23. මතකද අර කලින් පෝස්ට් එකේ කමෙන්ට් එකක මම කියපු 'ටුටූ' ගැන.?? මේ එයාගෙ කතාවයි..

    ටුටූ ඉපදුනේ අපේ ගෙදරමය.. උගේ මවු කොහේදෝ සිට ඇවිදින් අපේ ගෙදර පදිංචි වූ සරනාගතයෙකි.. (පසුව දැනගත් පරිදි ඌව පන්නා දමා ඇත්තේ අපේ ගෙදරට මදක් එහායින් පිහිටි මගේ යාළුවෙකුගේ ගෙදරිනි. යාළුවාට කටවැරැදුනු දවසක මෙය දැනගන්නට ලැබිනි).. කෙසේ හෝ මේ මවුතුමී පළමු වටයේදී පැටවුන් තිදෙනෙක් දැම්මාය.. මගේ යාළුවා මෙන් උන්ව පන්නා දමන්නට බැරි නිසා අපි ඉවසා සිටියෙමු.. නමුත් ටික කලකින් මවුතුමීම ඒ පැටවුන් කොහේ හෝ අතරමං කර පැමින තිබුනි.. අපට හරිම ජොලිය.. මේ නිසා දෙවන වටයේදී ඇය පැටවුන් පස්දෙනෙක් දැමූවද අපි ඒ තරම් ගනන් ගත්තේ නැත‍‍‍.. අහෝ ඛේදයකි! ටිකදිනකින් පැටවුන් පස්දෙනා ගෙදර දමා මවුතුමී අතුරුදහන් වී ඇත.. එහෙමයි කියා අර පැටවුන් පන්නා දැමිය හැකිද.?? නොහැක්කේමය.. ඉතින් දැන් මේ පස්දෙනා සුවසේ අපේ ගෙදර හැදේ-වැඩේ..

    ටික කලකින් පැටවුන් දෙදෙනෙකු අහල පහලින් ඉල්ලාගෙන ගිය අතර ඉතිරි වූ තුන්දෙනා ටුටූ, ගොන්ටා හා චූටි කලූ නම් විය.. (‍ගොන්ටා ඉතිරි වූයේ කවුදෝ ඌව රැගෙනයාමට දමාගත් මල්ලෙන් පිටට පැනගත් බැවිනි. ඌ එහෙවු ඇට්ටරයෙකි).. මේ අය අතරින් චූටි කලූ චූටි කාලයේම අප හැර ගියේ අසනීප වෙලාය.. ටුටූ හැදී-වැඩී පැටවුන් දමන කාලය ලං වන විට ඌව වෙට් ගාවට රැගෙන ගොස් එන්නතක් ලබාදීමට සිතුනද, පැටවුන් දැමීම ඈ සතු අයිතිවාසිකමක් නිසා එක් වරකට අවස්ථාවක් දීමට තීරණය කලෙමි (අපි ඔහොමයි පූස් අයිතිවාසිකම් රකින්නේ!) ඉතින් දැන් ටුටූ සාඩම්බර ගැබිනි මාතාවකි.. අවාසනාවට ඇයට පැටවුන් ප්‍රසූත කිරීමේදී අමාරුවක් ආ නිසා වෙට් ගාවට රැගෙන ගියෙමි.. වෙට් කීවේ පැටවුන් ඉන්නේ හරහට නිසා ප්‍රසූතිය අමාරු බවයි.. පූස් බබාලා බැරිනම් අම්මාවත් බේරාගැනීමට සිතා ටුටූට පුංචි ශල්‍යකර්මයක් කෙරිනි.. womb එක පිටින් පැටවුන් ඉවත් කෙරුනු අතර බඩේ මැහුම් දැමූ තුවාලයක් සමග ටුටූ ගෙදර ආවාය.. වෙට්ගෙන් මට උපදෙස් රැසකි.. වෙලාවට බෙහෙත් පෙවීම, තුවාලය සනීප වන තෙක් ටුටූව පරිස්සම් කිරීම, නියමිත කාලයේදී තුවාලය පෙන්නීමට නැවත වෙට් ගාවට රැගෙන යාම, etc etc...

    ඉතින් දැන් ටුටූ ඉන්නේ මගේ කාමරය ඇතුලේය.. එලියට පහලියට යාම තහනම්ය.. කෑම-බීම වෙලාවට සැපයේ, වෙලාවට බෙ‍හෙත් ටික පෙවේ.. නියමිත දවසට වෙට් ගාවට රැගෙන යැවේ (මට තියෙන වැඩ!) එලියට යාමට බැරි නිසා ටුටූ කක්කා දමන්නේද මගේ කාමරය ඇතුලේමය (කමක් නැත, උ‍දේ පාන්දර පූස් කක්කා ඉවත් කිරීම හොද ව්‍යායාමයකි) සමහර දවස්වල මම උදේ අවදිවී, ඈනුමක් හැර අතපය දිගහරින විට අතේ පයේ මොනවාදෝ ගෑවේ.. ඒ බිම කක්කා කිරීමට ඇදෙන් බිමට බැසීමට කම්මැලි වූ ටුටූ ඇද උඩම කක්කා කිරීමේ ප්‍රතිඵලයි.. එදාට මගේ දවස පටන්ගන්නේ කොට්ටා උර, බෙඩ් ෂීට් සියල්ල සෝදා මෙට්ටය අවුවට දැමීමෙනි..

    සති දෙක-තුනක් මේ සියලු අතවර වින්ද මුත් ඒවා අවසාන වූ‍යේ ටුටූ සනීපවීමෙන් නොවේ.. එක් දිනක් මා උදේ නැගිට බලන විට ටුටූ මියගොස් තිබිනි.. කෙහෙල්මල් පූස් අයිතිවාසිකම් ගැන නොසිතා මුල්වටයේදීම ඇයව එන්නත් කලානම් අද වනතුරුත් මගේ ටුටූ ජීවතුන් අතර නේදැයි සිතෙන විට සියුම් වරදකාරී හැගීමක් තාමත් මගේ සිතට නැගේ.. :(

    ReplyDelete
    Replies
    1. බූරා,

      ටූටූ- මගේ බල්ලත් ටූටූ. මතක නැද්ද කියෙව්වා.

      Delete
    2. ගොන්ටාට මොකද වුනේ?

      Delete
    3. දැනට අවුරුදු ‍දෙකකට විතර කලින් ගොන්ටාත් අවසන් ගමන් ගියා.. දැන් ඉන්නව අලුත් ගොන්ටෙක්..

      Delete
    4. මේ ඉන්නෙ බූරයි ගොන්ටයි නේද?

      http://www.google.lk/imgres?imgurl=http://3.bp.blogspot.com/_rRwpvqGF2tA/TNRNhUf_9bI/AAAAAAAAAK0/C1HZXs0RM-U/s320/nopogonta_001.jpg&imgrefurl=http://muyraromuynormal.blogspot.com/2010/11/nuevaseccion-im-turning-japanese.html&h=271&w=320&sz=26&tbnid=Epinh9FeVpgz2M:&tbnh=106&tbnw=125&zoom=1&usg=__ItDxNV2Ki3bbZJNDU-sGPDK_Djc=&docid=czFAbQPYyvr7fM&hl=en&sa=X&ei=YhYSUO_rEcSSiAKt0YGQDA&ved=0CGMQ9QEwAA&dur=2526

      Delete
    5. නෑ බොල, ඔය ඉන්නෙ 'නොපෝ' හා 'ගොන්ටා'.. ;P

      Delete
    6. බුරාගේ කතාව කියෙව්වම මට හිතුනේ කොතරම් කාරුණික හදවතක් ඇතිද කියල .

      Delete
  24. සියළුම මතකයන්ගේ කෑලි කෑලි සියල්ලේම කොටස් පොදුවේ මගේ මතකයේද ඇත.. එවන් සුන්දර මතකයන්..

    ReplyDelete
    Replies
    1. ඉඳහිට ඒ මතක අතගා බලන එකත් සුන්දරයි නේද

      Delete
  25. බිංදු අක්කා,
    වැඩි දෙයක් කියන්න නෑ. අපටත්, අප දරුවන්ටත් කොටින් ම අපෙන් පසුව මෙලොව බිහි වෙන කිසි ම කෙනෙකුට අත් විදිය නොහැකි සුන්දර මතක ඇති නිසා අපි අතීතයට ආදරේ කරනවා.

    පොඩ්ඩක් හිතලා බලන්න, අපේ කතන්දර සීයලා, ඒ සීයලාගෙ සීයලා හාත්පස පරිසරයේම කොටසක් වෙලා වින්ද ජීවිතේ කොහොමට තියෙන්න ඇතිද? හිතාගන්නත් අමාරුයි නේද?

    අපේ රටේ කෘති මාලාවක් නොවුනත් මම ඒ අද්දැකීම මෙහෙම දෙයක් වෙන්න ඇති කියලා ේ"ලෝරා ඉන්ගල් වයිල්ඩර්" ගේ "ලිට්ල් හවුස්" කතා මාලාවෙන්.

    ReplyDelete
    Replies
    1. මමත් ලඟදි යූටියුබ් එකේ බැලුවා Little House on the Prairie. සර්ච් කරන්න LHOTP කියල.

      Delete
    2. කවිකාරි අක්කණ්ඩි,

      ස්තුතියි ලින්ක් එකට.

      අක්කා මේ පොත්පෙල කියවලා තියෙනවද? පොත් පෙලින් ලබන ආශ්වාදය මේ ඔස්සෙ නිමැවුනු කතා වලින් ලබා ගන්න අමාරුයි කියලා මට හිතෙනවා. 80 ගණන් වල අග ජාතික රූපවාහිනියේ ගියා "ලිට්ල් හවුස් ඔන් ද ‍ප්‍රෙයරි" කතා මාලාවක්.

      හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.

      ලෝරා නෝනා කියන විදිහට මේ රූපවාහිනි කතා එකක්වත් එයාගේ කතාව නෙමෙයිලු. සමහර වෙලාවට නම භාවිතා කරන්නත් එපා කියලා තියෙනවා මේ කතා මාලා වලට. එයා කියන විදිහට අන්තිමේ මේ කතා කොච්චර වියවුල් උනාද කියනවාමනම් නාට්‍යයේ නම අගිස්සට "ට්රූ ස්ටෝරි" කියලත් දැම්මලු ඒ ඒ අධ්‍යක්ෂකවරු. නමුත් ඒ එක කකාවක් වත් ලෝරාගෙ කතාව නෙමේ කියලයි එයා කියන්නෙ. මොකද එයාගේ ජීවිතේ කවදාවත් නොවුනු සිදුවීම් හා හමුනොවුනු චරිත පිරිලා හිටියලු ටීවී සීරීස්වල.

      අක්කණ්ඩිට වෙලාවක් තිබුනොත් පොත් ටික පිළිවෙලකට කියවලා බලන්නකෝ...... එතකොට මැවෙන චිත්ත රූපත් එක්කලා අක්කට ම හිතෙයි පුංචි රූප පෙට්ටියේ මැවෙන පින්තූරය කොච්චර දුප්පත් එකක් ද කියලා.

      Delete
    3. කොන්වන්ට් එකේ හිටි කාලෙ කියෙව්වා. ඊට අවුරුදු ගනනකට පස්සෙ ප්‍රංශෙදි ටීවී සීරීස් පෙල බැලුවා. කොහොමත් පොතක් චිත්‍රපටියකට හදනවා කියන්නෙ ලෙහෙසි වැඩක් නොවෙයි නේ.......

      Delete
    4. හ්ම්.... ඒත් මුලින්ම බලපු රොබින් හුඩ් සීරීස් එක හින්දා, ඊට පස්සෙ කියවපු එක රොබින්හුඩ් පොතකටවත් බැරිවුනා මුලින්ම දැක්ක රොබින්ගෙ ස්වරූපය වෙනස් කරන්න....

      Delete
    5. මටත් ඔය අලකලංචිය වෙනවා . පොත බලල චිත්‍රපටය බලද්දී අවුල්. ඒ වගේම චිත්‍රපටය බලලා පොත බැලීමත් අවුල්

      Delete
    6. ඒ වගේ අවුල් වුනු පොතකුයි කතාවකුයි තමයි The planet of the Apes.

      Delete
    7. ඔව් ඉතිං ඒ සීරීස් එකෙත් පලමු එක තරං අනෙක්වා ලස්සන නැහැනෙ

      Delete
    8. The planet of the Apes ගැනද කියන්නෙ..... එහෙනං වෙලාවට මම බලලා තියෙන්නෙ පළවෙනි පොතයි, පළවෙනි ෆිල්ම් එකයි විතරයි...!!!

      Delete
    9. La Planète des singes කියන්නෙ ඒකනෙ. ප්‍රංශෙදි බැලුවෙ. භාෂා දැනුම වැඩිවෙන්ට කියා ඔක්කොම බැලුවා. හක්ක පනින්ට ඈනුම් යනවා පස්සෙ පස්සෙ කොටස් වලට.

      (නයෙක් නොවෙයි හොඳේ.)

      Delete
    10. Pierre Boulle කියන ප්‍රංශ කාරයගෙ පොතක් නිසා අපේ භාෂා ගුරුවරු ඕක ප්‍රොමෝට් කලා ඒ කාලෙ

      Delete
    11. Pierre Boulle/ The planet of the Apes කියලා සර්ච් කරාමයි වැඩේ බරපතල කම තේරුනේ... වෙලාවට මම බැලුවේ මේ කතාව විතරයි.

      http://cps-static.rovicorp.com/2/Open/20th%20Century%20Fox/Planet%20of%20the%20Apes%20(2001)/_derived_jpg_q90_600x800_m0/PlanetoftheApes2001-Still2CR.jpg?partner=allmovie_soap

      (ඇයි නයෙක් නෙමේ කියන්නෙ - දැන් කාලේ ෆිල්ම් වල නං කියලත් නයි අරිනවද? හෙහ් හේ....)

      Delete
    12. බොලේ කාටූන් හිටං තියෙනවනෙ

      Delete
    13. ඒක තමයි බරපතලයි කිව්වෙ... ඇඩෙනවනේ!!!:)

      Delete
    14. බුද්ධියා, උඹ ඔය කියන්නෙ ඒ කාලෙ TV එකේ ගිය සීරිස් එක ගැනද.?? නැත්තං අලුත් ෆිල්ම් එක ගැනද.??

      Delete
    15. මගේ උඩ රිප්ලයි එකේ තියෙන ලින්ක් එකේ තියෙන්නෙ.....ආං ඒකයි මම බලලා තියෙන්නෙ.... කාලය හරහා ගොහිල්ලා වෙන අලකලංචිය තියෙන්නෙ.

      Delete
  26. මං පුංචිකාලෙ අපේ ගේ හදපු වත්තට අලියෙක් ගෙනාව, වත්ත පල්ලෙහා කපපු කොස්ගහේ කොට අදින්න. වත්ත බැවුමක නිසා අලියට විතරයි එතැනට යන්ට පුලුවන්. වාහනවලට අදටත් ඒහරියට යන්ට බැහැ. අලියගෙ නියපොත්තක් කැඩුනා වැඩේ කරන අතරෙ. පස්සෙ ඇත්ගොව්වා කැලෑ බෙහෙත් ගෙනත් අපේ අම්මගෙ උදව්වෙං කොටල බැන්ද. දවස් කීපයක් අලිය රෙස්ට් එකේ හිටිය අපේ වත්තෙ. ඔන්න ටික දවසකිං වෙන අලියෙක් ඇවිත් වැඩේ ඉවර කලා.

    බල්ලො නං ඉඳල තියනව. අදටත් ඉන්නවා. අනිත් අය ගෙනාවට අන්තිමට බලාගන්නෙ මම.

    කොහෙ හරි ගිහිං ආවම ආදරේ පෙන්නන්ට පොරකාල එනව. මගෙ පහුගිය අවුරුද්දෙ ශල්‍යකර්මෙ කරල ගෙදර දොරගාව පැයක් ඉඳලා කොට්ටයක් ඉස්සරහිං තියාන කාමරේ ඇඳට ගියෙ මුං දෙන්නගෙ පිලිගැනීමෙ සැරට

    ReplyDelete
    Replies
    1. සත්තුන්ගේ ආදරේ ළමයින්ගේ වගේම තමයි . ස්තුතියි කවිකාරි ඔයාගේ පරණ කතා බෙදා ගත්තට

      Delete
  27. පූසො නම් අපේ ගෙදර හැදුවෙම නැති තරම්. හිටපු තරමක් හොරා කන්න වෙන ගෙවල් වලින් ආපු උන් තමයි හිටියෙ. ඒත් බල්ලො නම් එක දිගට. දැන් ඉන්නෙ මිකියයි රොකියයි.

    මිකී හරිම ලෝයල් බල්ලෙක්. තාත්තගෙ වාහනේ සද්දෙ අපිටත් කලින් අඳුර ගන්නෙ ඌ. කන්දෙක උස්සගෙන අහගෙන ඉඳලා උඩ පැනගෙන ඉස්සරහට දුවන්නෙ. උදේට ඌට ගානට කිරි එක ඕනෙ. අම්ම උදේට කුස්සියෙ යුද්දෙට හිරවෙලා හිටියත් මූ ඇවිල්ලා පස්ස කරකව කරකව නටනකොට දුක හිතිලා කිරි එක දෙනවා.

    අනිත් බල්ලා රොකී. මූ නම් ටිකක් ඇට්ටරයි. කරන වැඩ වලට වෙලාවකට යකා නගිනවා. ඒත් උගෙ ඇස් දෙක ටික් බෝල දෙකක් වගේ. ඕන නසරාණි වැඩක් කරලා ඌට අනුකම්පාව උපදවන බැල්මක් දාගෙන ඉන්න පුලුවන්. පාරක් ගහන්න හැදුවත් කොන්ද ඇද කරගෙන කැරකෙනවා. අපේ තාත්ත නම් කියන්නෙ මූ ගිය ආත්මෙ කරාටි කාරයෙක් කියලා. අනේ අක්කා මමත් දාන්න ඕනෙ පෝස්ට් එකක් ගෙදර හිටපු බල්ලො ගැන.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ලස්සන කතා ගොඩක් තියෙනවා වගේ බලු හාමිලා ගැන . හැම මනුස්සයෙක්ගේම වගේ හැම සතෙක්ගෙමත් කතාව ලස්සනයි

      Delete
  28. බින්දි ගෙ කතා අතර කතා කියවද්දී මට හිතුනෙ මෙහෙම දෙයක්. මෙව්ව කුට්ටි කරල වෙන වෙනම කතා විදිහට දැම්ම නං කොහොමද කියල. අක්කගෙයි නංගි ගෙයි කතා අහද්දී මට මතක් උනේ මාවයි මල්ලිවයි. මිනිහගෙ කාමරෙත් නිකන් පරමාණු බෝම්බෙට පස්සෙ හිරෝෂිමාව වගේ!!! ඇඳුම් මදින එක ඉස්සර නං මටත් එච්චර පෙන්නන්න බැරි වැඩක්. දැන් නං ටිකක් කැමැත්තෙන් කරනව මොකද මැදපු නැති ඇඳුම් අඳින්න අකමැති නිසා. කතාව ඉවර කරල තියෙන විදිහ දැක්කම මට මාර්ටින් වික්‍රමසිංහ ගෙ නවකතා කීපයක් ම මතක් උනා. එව්වයෙත් කියවෙන්නෙ ඔය වෙනස් වීම ගැන නෙ.

    ReplyDelete
    Replies
    1. ගම්පෙරලිය ,කලියුගය , යුගාන්තය වෙන්න ඇති. මන් මේ ලඟදි ''අපේ ගම ''කියෙව්වා


      ''පරමාණු බෝම්බෙට අහුවුන හිරෝෂිමාව '' මන් මේ බැලුවේ මේ දැන් මේ කාමරය ගැන කියන්න හොඳම උදාහරනේ . පොඩියකට කලින් දෙන්නා සෙල්ලම් සත්තුන්ගෙන් ගහගත්තා . එව්වට අහුවෙලා විසිවෙච්ච දේවලුයි ගත්තම ඒවගේම තමා.

      කෑලි වලට කඩන්න තිබ්බ නම් හොඳයි . ඒ වුනාට මතක් වෙච්ච වෙලේ ලියල දැම්මේ නැත්නම් ආයේ නොලියවෙන්න ඉඩ තියෙනව .

      Delete
  29. බින්දි ඔයා කරලා තියෙන වැඩේ නම් නියමයි. ඒ කියන්නෙ මේ පෝස්ට් එක ලිව්ව එක. බලන්න කී දෙනෙක් තමන්ගෙ ලස්සන අත්දැකීම් කමෙන්ට් හැටියට ලියලද කියලා. මම නම් සෑහෙන රසයක් වින්දා මේක කියවලා.

    අනික දිග වැඩි වෙනවා, කතාවෙන් පිට පනිනවා කියලා එකක් නෑ බින්දි. මේක හරියට point A වල ඉඳන් point B වලට සරල රේඛාවක් ඔස්සේ යන ගමනක් නෙවෙයිනෙ. මග බැහැලා, රස්තියාදු වෙලා, ඔන්නම් හරස් පාරවල් දිගෙත් ගිහින්, හිතුනොත් මග නිදා ඉඳලා යන ගමනක් තමයි රසවත්.

    තව මේවගෙ අත්දැකීම් ලියමු බින්දි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාට අහු වුනා පොයින්ට් එක . මේ මතක වල වංගු, කඳු පල්ලම් එමටයි . සමහර තැන් ලියද්දි මග අරින්නත් වෙනවා . බොහොම ස්තුතියි. මට ඔබගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන එක අමාරුයි බොහෝ විට . වැඩේ මේ සොෆ්ට් වෙයාර් එකක් දාගෙන බ්ලොගර්ස් බලන්නේ . ඒකට වර්ඩ් ප්‍රෙස් එක්ක අවුලක් වගේ .

      පොඩි ඩුඩ් ට සුබ උපන් දිනයක් පතනවා මමත් .

      Delete
    2. පුතාට මම කියන්නම් බින්දි සුබ පැතුවා කියලා. ස්තුතියි බින්දි.
      ඒ කියන්නෙ බින්දිට වර්ඩ්ප්‍රේස් කියවන්න පුලුවන්, කමෙන්ට් කරන්න බෑ කියලද?
      ඔයාට පුලූවන් මගෙ ඕනෙ නම් මගෙ බ්ලොගර් සයිට් එකේ (HeyDude) විශ් කරන්න.
      ඒ බ්ලොග්ස් දෙකේම එකම පෝස්ට් එක තියෙන්නෙ බර්ත්ඩේ ස්පෙෂල්. :)

      ඔය මම පහලින් අත්සන් කරලා තියෙන Dude ලින්ක් එක එබුව ගමන් අපේ බ්ලොගර්ලන්තෙ ගෙදර.

      henryblogwalker the Dude

      Delete
  30. අනේ පමාවට සමා වෙලා මාවත් සංගමේට ගන්ඩෝ!!!
    මං සතියටම ඇඳුම් එක දවසෙ අයන් කරනව.... හැබැයි ඒ පෙම්බරයගෙ එව්ව විතරයි!!!
    බින්දි අක්කගෙ සත්තු කතන්දර නං ආයෙ කියල වැඩක් නෑ...
    අනේ මට දැන් ඔයාගෙ කතාව කියෙව්වට පස්සෙ අපේ රොවා ජූනියර්වයි ලමීවයි බලන්ඩ යන්ඩ ඕනෙ වුණා!!!

    ReplyDelete
    Replies
    1. මටත් ඇදුරුතුමා කියල තියෙන්නෙ එකදවසෙ සතියෙ ඒව මදින්ට කියල. මදින්නෙ එයාගෙ කමිස සහ කලිසම් පමණයි. ළඟදි ස්ටීම් අයන් එකක් ගත්තා 999rs. ඒකෙං ටිකක් වැඩේ ලේසි උනා කියල හිතෙනව.ඔක්කොමත් හරි tuxedo කමිස මදින එක. ඔය හීං රැලිගානට මදින එක ලෙහෙසි පහසු නැහැ.

      මම නං ජීවිතේට ඇඳුං මැදල අඳින්නැහැ. මොනවා උනත් මම අයන් කරන්න ගන්නෙ යූ ටියුබ් එකෙ "old hindi" සිංදු ප්ලේ ලිස්ට් එකක් එක්කයි. ෆෑන් එක පැලෙන්ට දානවා. Hot flashes එන මට, රස්නෙ දරන්ට බැහැ. හැබැයි පුදුම සහනයක් තියෙන්නෙ ඔක්කොම මැදල හැඟර් වලට දාල අල්මාරියෙ එල්ලලා තියෙනවා දකිනකොට.

      Delete
    2. කිසි පමාවක් නැහැ හංස කිංකිනි ..මේ ඉන්නේ තව වර්ඩ් ප්‍රෙස් කාරියෙක්. මන් කියවල ආවට හරි අමාරුයි කමෙන්ට් එකක් දාන්න .

      ඔව් අනේ මාත් අපේ පෙම්බරයාගේ ඇඳුම් තමයි වැඩිය මදින්නේ . මගේ නම් නොමැද බැරි කපු ඇඳුම් විතරයි මදින්නේ


      කවි ..මන් නම් කොරියන් චැනල් එකේ මන් ආස කතාවක් යන වෙලාවක් තමා අල්ල ගන්නේ .

      Delete
  31. අප්‍රේල් මහ ගෙදර ගියාම ඔය සන්තෑසියමයි වෙන්න යන්නේ,තාත්තා කැමති නෑ ගම දාලා එන්න, අම්මට අසනීප නිසා අම්මා කැමති කොළඹට කිට්‍ටුවට ඇවිල්ලා බෙහෙත් හේත් අරගෙන ඉන්න, මහගේ ඉඩම බෙදන හැටි තාම තීරනයක් නෑ, ඔක්කොටම වැඩිය හපං ඔබනොදු‍ටු ලේලී කැමති නෑ වගේ අම්මා එනවට........අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. ළමයි ලොකු වුනාම ප්‍රශ්න ගොඩයි නේද . අපෙත් අම්මල තාත්තලා තනියම ඉන්න එක සැහෙන ප්‍රශ්නයක්

      Delete
  32. සමහර වෙලාවට සුරතල් සතුන් විශේෂයෙන්ම පූසන් තරම් කරදරයක් තවත් නෑ. මොකද උන් නිදියන්නේ එක්කෝ මේසයක් එහෙමත් නැත්නම් පුටුවක් උඩ. එතකොට තමයි සුරලත් සත්තු එපා වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපි එහෙම හිතුවට සමහර වාසනාවන්ත පුසෝ ඉන්නවා ලැප් ටොප් හිටන් පරිහරණය කරන . මටත් ආස නැහැ ඇඳන් උඩයි පුටු උඩයි උන් නගිනවට

      Delete
  33. හෙහ්, බින්දිට ඇඳුම් මැදීම මෙන් මට පූසන් පෙන්නන්නට බැරිය. බල්ලො එක්ක නම් සහයෝගයෙන් සිටිය හැක. ඒත් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය අනුවය. ඒ කියන්නේ ඇඟේ නැඟිලි, ලෙව කෑවිලි එව්වා ඔට්ටු නැත. මම පොතක් පතක් කියවන විට කකුල් දෙක අසල නිදාගැනීමට පමනක් අවසර ඇත.ඒ සුරතල් සතුන් ගැනය.

    මේ හැත්තෑව දශකයේ ජීවිතය ගැනය. හැත්තෑව දශකයේදී මම දැනුම් තේරුම් ඇති වයසක පසුවූ නිසාවෙන් ඒ සුන්දර අත්දැකීම් මෙන්ම අසුන්දර අත්දැකීම ද මොනවට වින්දෙමි.

    අප්‍රේල් කැරැල්ල අසුන්දර මතක අතර මුල් තැනක් ගන්නා අතර ඊට හරියන්නට මෙන් සුන්දර මතකයන් බොහෝය. හාල් පොළු, මිරිස් පොළු, හාල් කූපන්, වට්ටක්කා ගෙඩියේ හාල් ප්‍රවාහනය, සිකුරාදා බත් තහනම, බතල, මඤ්ඤොක්කා, සමඟ රජයෙන් ලබාදුන් බීජ මඟින් සෝයා, ඉදල් ඉරිඟු වගාව, නොබැඳි සමුළුව ජීවිත කාලයක් මතකයෙන් නොමැකෙන ස්මරණයන්ය.එක දිගට බොහෝ දේ ලිවීමට හැකි තරම් මතක විල් තෙර පිරී ඉතිරී ගොස් ඇති නමුදු කොතැනින් පටන් ගන්නෙම්දැයි සිත විපිළිසර වෙයි.

    මගේ හෘදයාංගම ස්තූතිය බින්දි දෑසට කඳුලක් එක්කල මතක සැමරුමක් වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. රවිටත් ගොඩක් ස්තුතියි ..ඔබ ආපසු දැක්මත් සතුටක් .

      70 දශකය ගැන දවසක කතා කරමු . ඔබේ මතකත් සමග

      Delete
  34. අනික් කමෙන්ට් දාපු අයටත්

    ගොඩක් ස්තුතියි. හෙට උදේම උත්තර ලියන්නම් . පමාවට සමාවෙන්න

    ReplyDelete
  35. අක්කගේ බබාලා ඔයා කරපු දේවල් වලින් දශමයක්වත් කරන්න වේවෙන්නේ නැහැ නේද?

    අපේ වත්තට හාවෝ එනව ගංවතුර ගලද්දී උන් කොටුවෙලා ඉන්න නිසා කොහෙවත් යන්න බැහැ. කුල්ලෙන් වහලා උන් ලේසියෙන් අල්ලන්න පුළුවන්. දවසක් මට රට හාවෙක් ලැබුනා යාලුවෙක් ගෙන් ටික කාලයක් හොඳින් හිටියා දවසක් මම ඉස්කෝලේ ගිහිං එද්දී අම්ම ඒ හාවා ගෙදරට පොල් කඩන්න ආපු කොල්ලට දීලා. එදා මට දුකට අඬන්න හිතුනා ඒත් ඇඩුවේ නැහැ 7 වසෙරේ ළමයෙක නේ.අම්මට රව රව හිටියා. පස්සේ ගහක් බඩ ගාල ලේන් පැටියෙක් හොයාගෙන ආවා.

    එක දවසක් අපේ මිදුලටත් අලියෙක ආවා කොටන් අදින එකෙක්

    ReplyDelete
    Replies
    1. අම්මෝ හතවසරේදීම පිරිමි ළමයි අඬන එක නවත්වනවද . අපි කුල්ලෙන් වහල අල්ලන්නේ දෙමලිච්චෝ . එක දවසක් අහුවුනත් එක්ක . හැබැයි දෙමලිච්චෝ ඇති කරන්නේ නැහැනේ

      Delete
  36. ඇඳුම් මැදීමට අකමැති අයගෙන් මේක පිරිලනෙ.මම හිතුවෙ මම විතරයි කියල.. මදින්නෙ නැති ඇදුම් විතරක් මිලට ගන්න තමා මමත් කැමති. එකී මෙකී නොකී සත්තු ගොඩක් පුංචිකාලෙ අපේ ගෙදරත් උන්න .හැබැයි අලි දකින්නෙ සත්තු වත්තෙදියි අහල පහල තිබුනු ලී මෝලෙ කොට අදින අලි උන්දැවයි තමා.

    ReplyDelete
    Replies
    1. ඇඳුම් මදින්න ආස අය අඩුයි . බලනකොට අපි හැමෝම ඇඳුම් මදින්නේ අනික් මිනිස්සුන්ට පේන්න. බුද්ධි කිව්වා වගේ මහා බ්‍රහ්මයාට වැරදිලා

      Delete
  37. අප්පෝ..ගෑණු අය ඔක්කොම එකයි වගේ...
    ඒ උනාට මමත් අවුරුදු අටකින් අයන් එකක් අල්ලල නෑ.අයන් කරන්නෙත්නෑ,කොටින්ම මාර්ට් එහෙකදී දැක්ක ඇරෙන්න,අයන් එකක් ගේ හරියෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපි හොඳයිනේ . අපේ ගෙදර අයන් එකක් තියෙනවා . විමුක්ති අඳින්නේ විශේෂ ඇඳුම් වර්ගයක්ද

      Delete
  38. අද සිංහල කෙටීමට මොකක්දෝ ප්‍රශ්නයක් අපේ නෙට් එකේ . සමාවෙන්න ඕනේ උත්තර පමාවට

    ReplyDelete
    Replies
    1. එතකොට මේ කොටලා තියෙන්නේ මක්කයි..

      Delete
    2. ඒ ටික කෙටුවේ අමාරුවෙන් අය්යෝ

      Delete
  39. ඔහොම කියල ගිහාම හරිද? තව කොච්චර නං මේකෙ කතා කරන්ට දේ තියෙනවද අප්පා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් මේක ''බුරතිනෝ ''පෝස්ට් එකත් පරදයි වගේ කමෙන්ට් වලින්

      Delete
    2. හික්ස්! මං මේ ළගදි නිකමට බුරතීනෝ පෝස්ට් එක දිහා ගිහින් බැලුවා.. ඒකට තාමත් කමෙන්ට්ස් වැටෙනවා.!!

      Delete
  40. //අද මල්ලි වෙන ගෙදරකය . අම්ම මහගෙය විකුණා දැම්මාය . පරණ මතක පමණක් හදවතේ ඉතුරු වී ඇත . පොලි ට මක් වීදැයි නොදනිමි. ලෝකය වෙනස් වේ . අපද වෙනස් වේ ..එහෙත් හදවත් පතුලේ සිරවූ මතක සදා නොමියේ.//

    බින්දිගෙ පෝස්ට් එක කියවල ඇතිවෙච්ච පුන්චි පුන්චි මතකයන් ගැන සතුට... ගැඹුරු කල්පනාවකින් ඉවර වුණා මේ අන්තිම පේලිය කියවල...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නොදැනීම එහෙම වුනා . පොඩි කාලේ ගැන ලියන හැම කතාවක්ම එහෙම ඉවර වෙයිද මන්දා

      Delete
  41. ඇඳුම් මැදිල්ල........ හ්ම්..... මං කැමතිද? අකමැතිද? කැමතිද? අකමැතිද? කැමතිද? අකමැතිද? වැඩේ මේ පෝස්ට් එක කියවලා නැති ප්‍රශ්නයක් මට ඇති වුනානේ. ඉස්කෝලේ යන කාලේ, මගේයි නංගිලාගෙයි සේරම ගවුම් මැද්දේ මං. තාත්තාගේ ඇඳුම් මදින එක නං හරි ලෙඩක්. ගානට තිතට නූලට ඉරි තියෙන්න කලිසම් මදින එක හයියෝ... ඒකටත් එක්ක දැන් තියෙනවානේ ෆ්ලීට්ලස් කලිසං. ඒක නිසා ඉරි තියන්න ඕනෑ නැහැ. සායවල් මදිනවා වගේ මැද්දැහැකි. ඇරැත් රැලි තියෙන කලිසමක්වත් ඉර හරියටම ඕනෑ කියලා මහත්තයා නං දෝස් මුරේ දාන්නේ නැහැ. මං බලලා මැදලා දුන්නොත් මිසක්. ඉතිං සම්මිශ්‍රණය වුනු හැඟීමක් මිසක් මෙච්චර කාලෙකට මේක නං මහා එපා කරපු වැඩක් කියලා හිතිලා නැහැ.

    මකුළු දැල් හැදෙන එක, වලං වල තිබ්බ හොදි ඉවර වෙලා ඒවා කිළිටු වෙන එක, සිංක් එකේ භාජන පිරෙන එක, හෝදපු රෙදි වේලිලා නමන තත්ත්වයට පත් වෙන එක, වගේ එව්වා මට පේන්න බැරි දේවල් කියලා කියන්න පුළුවන්. ඒත් මක් කරන්නද? එව්වා හැමදාමත් එහෙමම වෙනවා. බින්දි අක්කාගේ මේ පෝස්ට් එකේ දොළොස්වෙනි ඡේදෙට මං කැමති ඒ නිසායි. ඒ ඡේදය මට හරි ම සමීප බවක් දැනෙනවා. මං ගොඩක් කැමති ම වැඩේ තමයි අලස සුවය විඳින එක. මේ දැනුත් ඇස් පියවෙනවා වගේ. බල්ලෝ පූසෝ ගැන කියන්න පස්සේ එන්නම්... ඔන්න මගේ ඇස් පියවෙනවා.... :D

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල කැමතිම සුවය අලස සුවය තමා . ස්තුතියි රන්දිල් අත්දැකීම් වලට . පමාවට සමාව දෙන්න හොඳේ

      Delete
  42. මොකෝ බින්දි අළුත් පෝස්ට් නොඑන්නේ?
    ඔයාටත් බ්ලොග් එපා වෙලාද එහෙම වුනත් පුදුම වෙන්න දෙයක් නෑ මේ බ්ලොග් අස්සේ වෙන දේවල් දිහා බැලුවම.
    මොනවා උනත් ආපහු ලියනකම් අපි බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔය බිංදුමතී ළමයට ඔහොම ලෙඩක් කලිනුත් හැදුන නෙව.

      Delete
    2. තෑන්ක්ස් රන්ගි ..කවි ...වැඩේ කියන්නේ පොඩි බ්රේක් එකක් ගත්තම පාරෙන් පිට පනිනවා . තවම වටේ කරකැවෙනවා. පාරට දාගන්න බැරුව .

      Delete
  43. අපි පුන්චි කාලෙත් ලස්සන අළු පාට හාවෙක් අපේ ගෙදර හිටියා...දවසක් පූසා ගෙදර නැතැයි හිතල ඌව එළියට ගත්තා..ටික වේලාවයි ගියෙ තඩි බලලා හාවා උඩට පැන්නා...කොහෙදෝ ඉදල ඇවිත්....හාවා අපිව දාල ගියා....ප්‍රථම වරට දැනුනු විප්‍රයෝගය.....ඔයාගෙ අතීතයත් එක්ක මමත් අතීතයට යනව බින්දි

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මුතු පබළුව දැක්කේ . පව් හාවා . බළල්ලු ඔහොමමයි .

      Delete
  44. මට අවරුදු 10/12 වගේ කාලේ ඉඳල 20/21 විතර වෙනකන් අපි පදිංචි වෙලා හිටියේ කැලණි පන්සල ළඟ කුලී නිවසක. ඉතින් බින්දිට වගේ මටත් අවරුද්දකට දවස් තුනක් අලි හුරතල් බලන්න ලැබුණ. මම ආසම කොටස තමා අලි නාවන එක. මෝලවත්ත නාන තොටට ගියහම අලි නාවන හැටි පැය ගානක් බලන් ඉන්න පුළුවන්.

    මේ ලිපිය කියවපු කාටවත්ම ජෙරල්ඩ් ඩරල් ගේ My Family and Other Animals මතක් වෙච්ච නැති එක පුදුමයි. සුරතල් සතුන් (සහ තවත් සතුන්) ඇති කිරීම අතින් ජෙරල්ඩ් ඩරල් ට සම කරන්න පුළුවන් කෙනෙක් ගැන මම අහල නැහැ. ඒ පොත කියවල තමයි මමත් බල්ලෙක් ඇති කරන්න තීරණය කළේ. ඩරල් ට උපහාරයක් ලෙස අපේ දඩෝරිය ට මම දැම්මේ රොජර් කියන නම. (ඩරල් ගේ සුවච කීකරු බල්ලා - රොජර්. හැබැයි චරිත ලක්ෂණ අතින් නං අපේ දඩෝරිය හාත්පසින්ම වෙනස්).

    ReplyDelete
    Replies
    1. ඔය කිව්ව පොත ගැන තව හොඳ රෙකමදාරු තියෙන නිසා ගන්නයි ඉන්නේ. ඒ වගේම මට මේක කියවද්දි මතක් වුනේ රුසියානු කථා පොතක් වුනු කිඩ්ස් ඇන්ඩ් කබ්ස් කියන පොත. ඒ ගෙදරත් අක්කලා නංගිලා හතර දෙනෙක් ඉන්නේ........ එක එක කැලේ සත්තු ගෙදර ගෙනැත් හදපු හැටි තමයි විස්තර වෙන්නේ. හරිම ලස්සනයි ඒ පොතත්. සිංහල පරිවර්තනය කත්‍යානා අමරසිංහ අක්කා කරලා තියෙනවා 'චුබාරි' නමින්. චුබාරි කියන්නේ ඒ ගෙදර අශ්වයාගේ නම........ :)

      Delete
    2. හා හා අපිට මතකයි ඔය ගෙදර . දැන් නම් ඒ පළාතම වෙනස් වෙලා නේද . හැබැයි අනෙක් නගර එක්ක බලන කොට වැඩිය වෙනස් නොවුන පලාතක් කැලණිය . හැබැයි ඉතින් නන තොටුපළවල් නම් දැන් ඇතියි කියල හිතන්න අමාරුයි .

      ඔය කීව පොත් දෙකම කියවා නැහැ . පොත් ගුල්ලගේ ආගමනය සතුටක්

      Delete
    3. ඔව්, අපි හිටපු ගෙදර දැන් නැහැ. ඒ වෙනුවට අලුත් ගෙයක් තියෙන්නේ. මං හිතන්නේ නාන තොට නම් තාම තියෙනවා. හැබැයි අවරුදු ගානකින් මමත් එතෙන්ට ගිහින් නැහැ. පුංචි කාලේ නං අපිත් එතන නෑවා. ගඟ දිගේ භීෂණය ගලා ආවට පස්සෙ නම් කැලණි ගඟෙන් නෑවේම නැහැ.
      අඳුරන්න බැරි තරමට වෙනස් වෙලා නැතත් කැලණියත් යම් පමණකට වෙනස් වෙලා. අලුත් පාලමක් හැදිලා, බැංකු ශාකා කිහිපයක්ම ඇවිත්. පාරවල් විශාල වෙලා. විහාරයේ උනත් නව ගොඩනැගිලි, ප්‍රතිමා ආදිය හැදිලා. වෙනස්වීම ස්වභාව කොටගත් ලෝකයක්නේ අපි ඉන්නේ.

      Delete
  45. මම මේ බ්ලොග් අඩවිය දෑක්කේ අදයි. එක හුස්මට කියවගෙන ගියා...මගේ පුන්චි කලේ මතක් ‍යුනා..... :'( .ඈඩෙන්වා මට ...මෙක කියවන්කොට..මටත් ඈදුම් මදින එක තරම් එපා කරපු දෙයක් තිබුනෙ නෑ,මමයි අපේ ගෙදර ලොක්කි.චුටි නන්ගි ,මල්ලි ගේ මගේ තව අප්පාච්චිගේ...අපො අන්තිම වෙන්කොට අයන් එක හොයා ගත්තු අයගෙ පරම්පරවටම හිතෙන් බනිනවා..

    ReplyDelete
    Replies
    1. කියවුවාට ස්තුතියි ඇනෝ. `ඒ කාලේ ලොකු දුවට ටිකක් වැඩ වැඩියි තමයි. ඒකට අපේ අක්කා නම් ගානට වැඩ බෙදල තමයි කලේ .

      Delete