කව්ද මේ පියරේ ..සහ චිත්‍රා . ඔන්න ආදර කතාවක් හෙම නෙමේ . මේ පියරේ කියන්නේ අඳුරු කාමර වල හිරවී සිටි චිත්‍ර කලාව එළිමහනට ගෙනියන්න පුරෝගාමී වෙච්ච ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් .
ඔන්න මට බනියිද කට්ටිය කවි අතහැර චිත්‍ර ගැන කතා කරනව කියල .
ඒත් මන් ආස කර්මාන්ත ගැන ලියන්න කැමතියි නොදන්නා දේවලට අත දාල සවුත්තු වෙනවට වඩා . මේක හදිසියේ ගත්තු තීරණයක් . මුණු පොතේ ''ඇඳපු චිත්‍ර පිටුවට ලියන්න හිටපු එකක් . ඒත් මගේ ටිකිරි මොලය කිව්වා ''දඹුලුත් ගිහින් තලගොයිත් මරා ගන්න'' විදිහ .
මන් දන්නවා හොඳ චිත්‍ර ශිල්පියෝ මේ පැත්තේ එනවා . අනික ''ඇවිදින පුස්තකාල'' වලත් මේ ගැන පොත් හෙම නැතැයි. ඒ දෙකම නැතත් පියරේගේ කතාව රසවත් .
විහාර මහා දේවී එක ළඟ චිත්‍ර අඳින තරුණයෙක් දැක්කම මොකද හිතෙන්නේ . ඇත්ත සමහරුන්ට නම් ඔහු පිස්සෙක් වගේ පේනවත් ඇති . මොකද අපේ සමහර ය තවම 19 වන සියවසටත් ඈතින් ජිවත් වෙන නිසා . ඒත් සාමානය ලෙස පරිනාමය වුන ඕනෑම කෙනෙක්ට අර තරුණයාව අගය කරයි . එක්කෝ දැක්කේ නැහැ වගේ ඉඳියි .
දන්නවද මේ පියරේ උපන් 1841 කාලේදී යුරෝපේ තත්වය . ''පිස්සු යකෙක් '' ''ඔල්මාදකාරයෙක් '' කියල මුනටම කියන සමාජයක් . මොකද චිත්‍ර කියන්නේ කලාගාර වල් ඇතුලේ කරන කලාවක් කියල සම්මත වෙලා තිබුන නිසා .
මේ පොඩ්ඩට අවුරුදු හතරේදී තමයි පවුල පැරිසියේ රජ මාලිගය ළඟ ගෙයක පදිංචියට ආවේ . ඒ කාලේ රැජින රජ ගෙදර මිදුලේ සෙල්ලම් කරන ළමුන්ගේ කරච්චලෙන් බේරුනේ රසකැවිලි විසි කරලලු .[ අදත් ඕක වෙනවනේ නැද්ද ]
ටේලර් කෙනෙක් වෙච්ච තාත්තගේ මැහුම් කඩේ බිත්ති ..පොලව හෙම පුංචි පියරේගේ රටහුණු චිත්‍ර වලින් අලංකාර වෙද්දී තාත්ත පියරේට සත්තමක් දැම්ම නම් අද මට මේ ලිපිය ලියන්න වෙන්නේ නැහැ.
අවුරුදු 15 ක්වෙන්නත් කලින් පිඟන් වල රටා අඳින රස්සාවක් ඔහුට ලැබුන . කවුද මැසිමක් හොයා ගත්ත ඒ රුප මුද්‍රණයට . පියරේ රැකියා විරහිත වුනා . ඒත් මගේ හොඳ වෙලාවට . ඊට පස්සේ යොවුන් පියරේ චිත්‍ර පාසලක ට ඇතුළු වුනා .
පියරේ සහ මිත්‍රයන් කතා වුනා ඇයි හැමදාම කාමර ඇතුලේ අඳින්නේ ...එලියට ගිහින් ඇන්දොත් මොකද වෙන්නේ කියල . කතාවෙන් නතර නොවී එලියට ගියා මේ පිරිස .
අද අපිට ඒ අදහස පරණ වුනාට එදා එය විප්ලවයක් . ''පිස්සෝ '' මිනිස්සු හිනාවුනා . වරක් සෙන් ගඟ ලඟදි පියරේ ඔත්තු කාරයෙක් කියල ගඟට විසි කරන්න හදද්දී දන්නා කියන කෙනෙක් ඇවිත් බේරා ගත්තලු .
ඔන්න ඔහොමයි චිත්‍රා පියරේ එක්ක ලඳු කැලෑවල...ගං ඉවුරුවල විතරක් නෙමේ මගතොට මිනිස්සු එක්ක ඇවිදින්නත් පුරුදු වුනේ . ඒ කාලේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෝ චිත්‍රාගේ මේ රස්තියාදු ගැහිල්ලට කැමති වුනේ නැහැ . මිනිස්සුත් එයාට හිනාවෙන්න ගත්ත .
ඒත් පියරේ චිත්‍රට ආදරේ කලේ මුළු හදින්ම .චිත්‍රත් එහෙමයි . කලාගාර වලට මේ දෙන්නව වැද්ද ගත්තේ නැහැ . ගත්තත් හිමි වුනේ අඳුරු අහු මුළු. ඒත් මේ යුවල අවංකව ආදරේ කළා . අන්තෙටම දුප්පත් වුනත් චිත්‍රා පියරේගේ ලඟින්ම හිටියා .
පියරේගේ එක ලක්ෂණයක් තමයි එළිමහනේ ඇන්දත් වැඩිපුර ඇන්දේ මිනිස්සුන්ව . භුමි දර්ශන ඇන්දේ ටිකයි . මිනිස්සු ඔහුගේ පින්සලත් එක්ක කැන්වස් මත රඟන්න වුනා . හරිම ජීවමය බවක් තියෙනවා ඒ මුහුණු වල . මෙන්න මේ ගතියට හිත ගිහින් ධනවතුන් තමන්ගේ රුප අඳින්න මොහුට බාර දුන්න . දැන් නම් ඔහුගේ කල හොඳයි . චිත්‍රගෙයි එයාගෙයි ජිවිත වලට හොඳ කලක් ලැබුවා . මිනිස්සු මේ දෙන්නට ටික ටික ලං වුනා . ඔහොම ඉදිද්දී ''ඇලින් ''ඔහුට ලං වුනා . චිත්‍රට තිබ්බේ උතුම් හදවතක් . එයා පියරේගේ මේ ආදරේට උදව් කළා.
පියරේ ඇලින්ව විවාහ කර ගත්ත . චිත්‍රත් සතුටෙන් ඔහු ළඟ හිටියා . විවාහෙට කලින් වගේම පසුවත් ඇලින් ඔහුගේ සිතුවම් වලට ඇතුල් වුනා . ''ජිවන කැන්වසය මත ..... ඔබයි සදා ඇඳි රුව '' පියරේ එහෙම කියන්න ඇති .
පලවෙනි පුතා පියරේ ..දෙවෙනියා ජින් ...තුන් වැනිය දුව ක්ලොඩි..ලස්සන පවුල .
තව දෙයක් මේ පියරේ ට අර ලේඛකයින්ට හැදෙන ''රයිටර්ස් බ්ලොක් '' වගේ හැදිලා [ ආටිස්ට් බ්ලොක් වෙන්න ඇති] ඉබාගාතේ ගිහිනුත් තියෙනවා සමහර වෙලාවට .
ඔහුගේ චිත්‍ර වගේම ජීවිතයත් මට නම් රසවත් . කොහොම වුනත් පුත්තු දෙන්නත් යුද්ධෙන් තුවාල වෙලා බිරිඳත් මිය ගිහින් කණගාටුවෙන් හිටි මේ අසහාය ශිල්පියා අවුරුදු 78 දී මිය යද්දිත් චිත්‍රට බැඳී පෙම එහෙමම තිබුන . මිය යන දවසෙත් මලක සිතුවමක් ඇඳලා චිත්‍රට දීල ගියා ..
සියල්ල අහිමි වද්දීත්
පුංචිම හරි සතුටක්
ඉතිරි වෙයි ...අරන් යන්නට
නික්ම යනදා ..
ලෝකය පුරා කලාගාර වල ඔහුගේ සිතුවම් මෙතනින් බලාගන්න . විස්තර ගත්තේ විකිගෙන් .
සහ මෙතනින්
කියවන්න වෙලාවක් නැතත් තව ගොඩක් සයිට් තිබුන
සෙනසුරාදා දිහාට සති දෙක ක් පමණ අනාගත ඇමරිකන් ජනාධිපති කෙනෙක් බැහැ දකින්න ආරාධනාවක් තියෙනවා .එහෙ ගිහින් නෙලුම් විලේ පීනන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා . බැරි වුනොත් අමනාප වෙන්න එපා
//අනාගත ඇමරිකන් ජනාධිපති කෙනෙක් බැහැ දකින්න ආරාධනාවක් තියෙනවා .එහෙ ගිහින් නෙලුම් විලේ පීනන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා . බැරි වුනොත් අමනාප වෙන්න එපා//
ReplyDeleteගිහින් ඇවිත්ම කියන්නකෝ එහෙනම්. අක්කා එනකල් අපි විලට කබරයෝ බහින්න නොදී බලාගන්නම්...
දැනුවත් කිරීමට ස්තුතියි...!
ලෝකයේ බොහෝ රටවල එළිමහන් තැන් වල ඉඳගෙන චිත්‍ර අඳින මිනිසුන් ගෙන් පිරිලා. ලංකාවේ පවා. එම්සී එක ළඟ කලක උන්නා අන්කල් කෙනෙක් බාගෙට ඇඳපු චිත්‍රයක ඉතිරි කොටස තමයි ඔහු අඳින්නේ. දැන්නම් ග්‍රීන් පාත් එකේ පාර දිගේ තියෙන්නේ චිත්‍ර. ඇත්තෙන්ම ලංකාවේ මෙයට අවඥාවෙන් සලකන්නේ නැහැ. ෆෝක් ආට් ලංකාවට නුහුරු නැහැ. ඒක තමයි අපේ කලාවේ පදනම.
ReplyDeleteමට හමුවූ අසාමාන්‍ය ම වීදි චිත්‍ර ශිල්පියා උන්නේ ඔස්ලෝ වල. මෙතන ඉන්න කවුරුහරි නොර්වේ රටේ ඔස්ලෝ නුවර උන්නනම් [මෑතකදී] ඔවුන් දන්නවා ඇති. ඔස්ලෝ වල දුම්රිය පොලේ ඉඳං රජ මාලිගය දිහාට යන ප්‍රධාන විදියේ වාහන නොයන හරියේ තමයි ඔහු හිටියේ. අප එහි හුන් මුළු කාලයේම ඔහු හිටියා.
මිනිහා අඳින්නේ පෑන් පැන්සල් වලින් නොවේ. ගෝනි කෑලි, පොට්ටනි, බෙලෙක් පතුරු, කම්බි කූරු වලින්. කාඩ්බෝඩ් කෑල්ලේ විවිධ තීන්ත තප්ප අතුරා ඒවා හූරා දැමීමයි කරන්නේ. දිය ඇලි, හිම මිදුණු නගර විතරක් නොවේ ලස්සන කෙල්ලන් පවා ඔහුගේ "තෙලි පතුරු" වලින් සීරී බිහි වෙනවා. විසිරුණු හිම හදන්නේ සුදු ගාපු ගෝනි කෑල්ලෙන්. මතක විදිහට සුද්දෙක් නොවේ, පකිස්තානු පෙනුමක් තිබ්බේ.
මට හරි ආසයි එයින් එකක් ගන්න. එහෙත් ඒ රටේ පාරේ චිත්‍ර ඇඳලා එදා වේල හොයා ගන්න පොරකට දෙන්නත් අපේ අලවන්ස් එක මදියි වගේ. මිනිහ දන්නවා නම මට චිත්‍රයක් දීල සල්ලිත් ටිකක් දෙනවා.
බින්දී නම් සිත්තරාවියගේ සිතුවමක් දකින්න ආසයි. දාමුද බලන්න.
ස්තුතියි චතුරංග ..
ReplyDeleteමුර වැඩේට කැමැත්තෙන්ම ඉදිරිපත් වුනාට .
@සුජීව ..
ඔය ඇවිත් ඉන්නේ චිත්‍ර ශිල්පියෝ. මෙහෙත් හරියට ඉන්නවා පාරවල චිත්‍ර අඳින අය. පැරිසියේ නම් දැන් එච්චර නැතිවද මන් දැක්කේ නැද්ද මන්දා . සේන් ගඟ බඩ ඇවිද්දනම් පියරේ ල ඉන්නවද බලන්න තිබුන . කොහෙද අයිෆල් ගාවට ගියෙත් අමාරුවෙන් බනියගේ කකුල් රිදුනනේ .
අපොයි මන්ද ඉස්කෝල කාලේ නම් ඇන්ද. තාප්පවල හිට . කට්ටිය කියන්නේ ඒවා කඩල දැම්මලු අපි ඇන්දට පස්සේ. ඊට පස්සේ නම් චිත්‍ර ඇන්දේ නැහැ . එකම පාරක් පුෂ්පා රම්යානි අක්ක සංවිධානය කල තරගෙකින් තෑග්ගක් ලැබුන . මගේ පන්හිඳත් එක්කම පින්සලත් අතරමන් වුනා නේ . පන්හිඳ නම් අහුලා ගත්ත . පින්සල හොයන්න ඕන . සයිගොන් වලදී ඔයිල් පේන්ට් දෙකක් කළා . එච්චර තමයි අවුරුදු ගානකට .
ඔන්න අපි දැන් නියම විෂයට ඇවිල්ලා! :D
ReplyDeleteබොහොම ස්තුතියි බින්දි මේ විස්තරයට. ඔවුන්ගෙ සිතුවම්වල රසය වැඩි වෙන්නෙ මේ පසුබිම් කතාත් එක්ක කියලයි මට හිතෙන්නෙ.
කියන්න කතා හුඟාක් මතක් වුණා. හෙටට වැඩ වගයක් ඉතිරිව නිසා ඉන් එකක් විතරක් මතක් කරන්නම්- කියවලා තියෙනවද තරාස් ෂෙව්චෙන්කෝ?
සපතේරු උන්නැහේ said
ReplyDeleteමටනම් සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආආ..රස්සාවයි... යාන්තම් අතපය නොකැඩි හිටියෑකි මේ පාර ..මට චිත්‍ර අඳින්නත් බෑ..චිත්‍ර ගැන දන්නෙත් නෑ... චිත්‍ර බලන්න දන්නෙත් නෑ...
අපේ සපතේරු හාමිනේ නම් චිත්‍ර ගැන හරි උනන්දුයි.... ඒ කාලෙ..කිව්වෙ වෙන්ඩ හාමිනේ කාලෙ...මට තිබුනු ලොකුම පනිෂ්මන්ට් එකක් තමා උන්දැව චිත්‍ර ප්‍රදර්ශන බලන්න එක්ක යන එක... තේනුවර සර් ගෙ, රෙජී කන්දප්ප මහත්තෙයගෙ, කටුවන පියනන්ද හමුදුරුවන්ගෙ, සේමගේ මහත්තෙයගෙ ආදී නොයෙක් චිත්‍ර ප්‍රදර්ශන බලන්ට ගෙහුන් තියෙනව... උන්දැ චිත්‍ර බලනව මම ශාලාවෙ ලයිටින්ග් කොහොමද, ඩිස්ප්ලේ එක කොහොම වෙනස් වුනානම් හොඳද වගේ දෙවල් බලනව.., උන්දැ ඔය කටුවන පියනන්ද හාමුදුරුවන්ගෙ හෙම චිත්‍ර පෙන්නල මට නොයෙක් විස්තර කියා දෙනව.... මට ඒ කියන ඒව මොකුත් පේන්නෙ නෑ.. මමත් ඔව් ඔව් කිය කියා අහගෙන ඉන්නව....ඇත්ත කියන්න එපෑ.. රෙජී කන්දප්ප මහත්තයගෙ චිත්‍ර නම් ආසාවෙන් බැලුව...
මට හම්බු වෙච්චි අපූරු වීදි සිත්තරුන් දෙන්නෙක් ගැන කියන්නම්..( මීට වඩා හුඟ දෙනෙක් මුන ගැහිල තියෙනව )
එක්කෙනෙක් ලංකාවෙදි... ඉන්නෙ කොලඹ මහජන පුස්තකාලය (pub එක ) අවට.. අඳින්නෙ සුබ පැතුම් පත් තරම් කාඩ්බෝඩ් වල... අපූර්වත්වය තමා ඔහු පාවිච්චි කරන වර්ණ.. නිල් , කොල , රතු, බෝල්පොයින්ට් පෑන් වල ඇතුලෙ තියෙන කාබන් තීන්ත අරන් කලවම් කරල තමා සියලුම වර්ණ මවන්නෙ...මුහුදු වෙරළ.. ඉර බැසයන හැන්දෑවල්... ඉතා ලස්සන කුඩා චිත්‍ර මවනව... මම අපේ හාමිනේට (වෙන්ඩ කාලෙ ) එකක් දෙකක් අරන් දීලත් තියෙනව...
දෙවෙනිය ජොර්දානයෙ අල් බලත් (down town ) වලදි.. ඔහු අඳින්නෙ portraits. අපූර්වත්වය තමා ඔහු අඳින්නෙ මූනු කාටූන් කරල... ඔය සමහර software තියෙන්නෙ පොටෝ අරන් කාටූන් කරන්න පුලුවන්... ඒ කිසි එකකට වඩා හොඳට එවෙලෙම මූන බලාගෙන් විනාඩි 15ක් යන්නෙ නෑ චිත්‍රය ඇඳල දෙනව...
- සපතේරු උන්නැහේ
චිත්‍ර කලාව ගැන මෙලව හසරක් නොදනිමි වටකුරුවට හරි හැඩයට බෝලයක් වත් මට ඇඳගත නොහැකිය . චිත්‍ර ශිල්පීන් ගැනද මෙලව දෙයක් නොදනිමි .
ReplyDeleteඔයා ලියාපු නිසා උඩින් පල්ලෙන් කියෙවුවා ..ඒත් ටිකක් වෙලා යද්දී ආසාවක් ආවා මේ ගැන කියවන්න. ඉතින් කියෙවුවා ආයෙම වතාවක් .
මට චිත්‍ර අදින්න පුංචි හැකියාවක්වත් නෑ.ඒත් අපේ පවුලෙ බොහොම හොදට චිත්‍ර අදින්න පුලුවන් අය ඉන්නව....චිත්‍ර අදින්න බැරි උනාට මට චිත්‍ර රසවිදින්න නම් පුලුවනි. පැන්සල් ඉරි කිහිපයකින් බොහොම ගැඹුරු අදහසකට පන පොවන්න චිත්‍ර ශිල්පීන්ට හැකියාව තියනව. චිත්‍ර වල මම ආසම දේ තමා එක් එක් පුද්ගලයගේ ආවෙනික රටා...හබැයි මම නොතෙරෙන චිත්‍ර වලට වඩා සරලව රස විඩින්න පුලුවන් චිත්‍ර වලට කැමතියි.
ReplyDelete[[දෙවෙනිය ජොර්දානයෙ අල් බලත් (down town ) වලදි.. ඔහු අඳින්නෙ portraits. අපූර්වත්වය තමා ඔහු අඳින්නෙ මූනු කාටූන් කරල... ඔය සමහර software තියෙන්නෙ පොටෝ අරන් කාටූන් කරන්න පුලුවන්... ඒ කිසි එකකට වඩා හොඳට එවෙලෙම මූන බලාගෙන් විනාඩි 15ක් යන්නෙ නෑ චිත්‍රය ඇඳල දෙනව...]]
ReplyDeleteමටත් ඇහැකි මේක නම ටිකක් විතර. පින්තුරයක් එව්වා නම්. හැබැයි තැපැල් ලිපිනය සමග. මොකද මට තවම තාක්ෂණ සහය නැහැ. හැබැයි ගොයියෝ මගෙන් කාටුන් ඇඳ ගත්ත එකෙක් සතුටු වෙලා නම නැහැ ඔන්න.
හපොයි බින්දි..
ReplyDelete"පියරේගේ රටහුණු චිත්‍ර වලින් අලංකාර වෙද්දී තාත්ත පියරේට සත්තමක් දැම්ම නම් අද මට මේ ලිපිය ලියන්න වෙන්නේ නැහැ."
ඔයාටනං මං දන්නෙ නැහැ ඒත් බනියලගේ ලිපි ලියවෙන කාලෙදී ලියන්න තිබුන ලිපියක්නං බනියට මිස් උනා...
හෙට අනිද්ද දවසක ඒ ගැන පෝස්ට් එකක් දාන්නංකෝ මංවත්...
මාද චිත්‍ර කලාව ඉතාමත් අගය කරන කෙනෙක් වගේම
ReplyDeleteඒ සදහා හැකියාවක්ද ඇති කෙනෙක්. මා තාමත් ආසා කරන්නේ එලිමහනේ සිට චිත්‍ර ඇඳීමටයි.
ස්තූති බින්දි රසවත් ලිපියක්.
ඒක නෙමේ ගියපු තැනකින් ඉක්මනට එන්න හොදේ . නැත්නම් නෙලුම් විලේ නෙලුම් ටික කව්රුහරි කඩාගනී ...
@ නලිනි ..
ReplyDeleteස්තුතියි ..මට මේ දවස්වල මැවිලා පෙන්නේ විඩාපත් නලිනි අමාරුවෙන් පරිගණකයේ අකුරු කීපයක් කොටලා [ඇනුම් ඇර ඇර ] ඒක වහල දානවා ... ඊට පස්සේ ඇඳට වැටිච්ච ගමන් දොය්ය ගන්නවා . අනේ ඔයාට ආයේ නිදහස ලැබේවා !! කියවල නැහැ . ඒත් ලින්ක් ටිකක් දාගත්තා . රසවත් වගේ . තැන්ක්ස් මෙයා .
@ සපතේරු උන්නැහේ ..
ඔන්න බලන්න ඔයාව බේරගන්න කියල නොදන්නා බලවේගයක් මට බලපෑම් කලාද දන්නේ නැහැ . එතකොට සපතේරු හාමිනේ දැන් චිත්‍ර අඳින්නේ නැතෙයි. බනිලගේ තාත්තත් ඔය දුක වින්දා . හැබැයි එයා නම් පෙන්නුවේ චිත්‍ර හොඳට රස විඳින බව . ඇත්තටම ඒ කාලේ ආස ඇති . දැනුත් ඔය ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ගැන ටිකක් තොරතුරුත් දන්නවා . ඔව්වට ආස වුනාට ඇත්තම කියන්න මන් වඩා කැමති තාත්වික කලාවට . කාටුන් ..ප්‍රතිමා ..සහ විවිධාකාරයේ අලුත් ක්‍රම රස විදින්නත් පුළුවන් . හැබැයි සමහර චිත්‍ර තේරුම් ගන්න නම් මගේ දැනුම මදි . සමහර විට චිත්‍ර ශිල්පියා ගෙන්ම තමයි තේරුම අහන්න ඕන . ඒවායේ වර්ණ සංකලනයන් රස විඳලා නිකන් ඉන්නවා . පැරිසියේ ලුවර් කලාගාරයට යන්න ලැබුන ලඟදි . දවස් දෙකක් ඇවිදලා බලන්න දේවල් තියෙනවා . ඒ ගැන වෙනම ලියන්න හිතන් ඉන්නේ .
ඔය කිව්වා වගේ පාරේ හමුවෙනවා ''පියරෙල''හරියට . විවිධ ආකාරයේ කලාවන් .
මට හම්බ වුනා පැත්තට හැරිලා ඉන්න මුණ කළු පාට කොලයක කතුරෙන් කපන්න හැකි අයෙක් . පැන්සල් පෑන් වලින් potrait කරන අය නම් ඕන තරම් .
@ හිස් අහස
සඳරු ඉතින් අනේ මට මුකුත් බැහැ කිව්වට ඔය දීල තියෙන්නේ අපි කාටත් නැති ජීවිතය අකුරු කරන්න පුළුවන් හැකියාවක් . ඒ මදැයි .
@ සුජීව ..
අපොයි දැනටමත් කාටුන් එකක් වගේ මුණ ඔයා ලව්වා කාටුන් එකක් කරගන්න බැහැ . තරහ කාරයෙක් හොයල එවන්නම් . [ විහිළුවක් ...ඔයාට පුළුවන් බ්ලොග් ලියන ජනතාවගේ මුණු දාල කාටුන් ප්‍රදර්ශනයක් කරන්න ]
@ මාරයා
ලියන්නකෝ බලන්න ඒ කතාව . ඒක හොඳ අතට හරවන්න පුලවන්ද බලන්න . ළමයින්ට බිත්තිවල අඳින්න දෙන්න ඕන කියන මතේ මන් ඉන්නේ . මම විතරක් නෙමේ අපි දෙන්නම .මමත් අඟුරු වලින් හොඳට චිත්‍ර ඇන්ද. බිත්ති වල අඟුරු වලින් වටිනා පොත් වල පවා පන්සලෙන් ඇන්දා .[අන්න මන් කල නරක වැඩක් ] අපේ ලොක්කි පාට කුරු භාවිතා කරලා බිත්තිවල සීගිරියටත් වඩා හොඳට චිත්‍ර ටික ඇන්දා. ආච්චියි සීයයි සබන් දාල වතුර දාල පන දාගෙන මකනවා . මෙයත් අරින්නේ නැහැ . ඊළඟ දවසේ ආයේ ඇඳලා.
දවසක් කොලේක ඇඳලා තිබුන අඬන බබෙක් .
ආච්චි ;- ''ඇයි මේ බබා අඬන්නේ ''
ලොක්කි ;- '' බිත්ති වල චිත්‍ර ඇඳලා බබාගේ ආච්චි එයාට බැනල ''
ආච්චිට මොනවා හිතෙන්න ඇද්ද .
මේක වුනේ අවුරුදු දෙකක් වත් නැති කාලේ .
අපි මෙහෙ ආවට පස්සේ සීය බිත්ති ටික පේන්ට් කරවල . කොහෙද මේ සීයලා කළා කෘතියක වටිනා කමක් දන්නා එකක් යැයි. එක්තරා විදුහල් පතිනියක් කියා තිබුනා ..''ඔබට අවශ්‍ය කුසලතා පිරි ළමයෙක්ද ..ලස්සන ගෙදරක්ද . ඔබටම තීරණය කල හැක'' කියල .
@ රෝස කුමාරි ..
අඳින්න බැරුවට රස විඳින හදවතක් ඇතිනම් ඒ ඇති නගේ. මටත් සංකීර්ණ චිත්‍ර තේරුම් ගන්න බැහැ . විෂයක් ලෙස ඉගෙන ගෙන නැහැනේ . අපේ කාලේ ටිකක් බයයිනේ ඔය අංශ වලින් ගිහින් රැකියාවක් හොයා ගන්න බැරිවෙයි කියල . පියරෙලට වගේ මට ආත්ම ශක්තියක් තිබ්බෙත් නැහැ .
@ ගිම්හානි ..
ReplyDeleteඅහන්නත් ආසයි . ඔන්න බලන්න චිත්‍ර ශිල්පියෝ මතු වෙනහැටි . එහෙනම් ඔයා පියරේගේ මිනිබිරියක් . සුබපැතුම් . හොඳින් දියුණු කරගන්න ඔබේ හැකියාවන් . බයවෙන්න දෙයක් නැහැ ,.චතුරංග මුර වැඩේ බාර ගත්තා . මටත් ඉඳහිට වත් හොට දාන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ . මල් නම් නෙළුවට කමක් නැහැ . ඔහේ පරවෙලා යනවට වඩා . ඔයා තාම ඉගෙන ගන්න ලමෙක්ද . මුණු පොතේ තියෙනව ''ඇඳපු චිත්‍ර '' කියල ගෘප් එකක් . හැබැයි තවම ඉගෙන ගන්නවානම් මුණු පොතට කාලය නාස්ති කරගන්න එපා .
ආ මේ ඉන්නෙ චිත්තර සිල්පියෝ ගොඩාක්.. අනේ ඉතිං අපේ සපා උන්නැහේ වගේ මටාත් කියාන්ට තියෙන්නෙ ඒ අංසෙ මං වැඩිය නැහැ කියලා තමායි.. ඔය හැමෝම වගේ මාත් පුංචි කාලෙ ගෙයි බිත්තිවල කැටයම් නං දැම්මා තමයි, පුංචි කාලෙ ඉතිං අපි හැමදේටම දස්සයොනෙ.. ඒත් ලොකු වෙනකොට ටික ටික චිත්‍රකර්‍මය අහෝසිවුනා, සෞන්දර්‍යය විෂයයට කලෙත් සංගීතෙනෙ.. චිත්‍ර රසවිදීම නං කරනවා, ඒත් තදබල විදියට ඒ පැත්ත ෆලෝව් කරන්නෙ නෑ.. :)
ReplyDeleteචිත්‍ර ටිකක් රස විදින්න කියලා ප්‍රංශෙ පැත්තෙ යන්ට කියලා හැදුවෙ, අමතක වුනා අද නේද බැස්ටීල් ඩේ එක.. වෙන දවසක යනවා, අද ඒ පැත්ත බිසී ඇති.. :D
ReplyDeleteඑහෙනම් ඔයා ඉන්නේ ප්‍රන්ශේ කිට්ටුව . අපරාදේ හම්බ වෙන්නත් තිබ්බ . අපේ පොඩි අයිඩියා එකක් තියෙනවා වාසනාවක් තිබ්බොත් ආයේ ඔය අහ එන්න . ඊ පතකින්වත් විස්තර දෙන්නකෝ ප්‍රසිද්ධියේ අකමැති නම් . හරි ඊ ලඟට අපි සංගීතෙට යමුකෝ . මට බැරිම කලාවක් වුනාට හොඳ කනක් තියෙනවා . ''ඉන්න නාඩලා එතකන් ..ඉන්න නාඩලා ''
ReplyDeleteහී හී.. ප්‍රංශෙ කිට්ටුව වුනාට ඉන්නෙ ඉංගිරිසි ඕඩයෙන් අනිත් පැත්තෙ මෙයා, ඒ කිවුවෙ සුද්දගෙ රටේ.. :)
ReplyDeleteපින්සලක් තට අරන් කෙලින් ඉරක් ඇඳගන්න බැරි මමත් චිත්‍ර වලට ආස නිසා ආසාවෙන් කියෙවුව.. යෝඋරෝපේ හැම නගරෙකම වගේ වීදි චිත්‍ර කාරයින්ගෙන පිරුණු වීදියක් තියෙනවා..
ReplyDeleteචිත්‍ර අඳින්න බැරි නිසා මම චිත්‍රවලට වැඩිය කැමති නෑ... :))
ReplyDeleteමං හිතන්නෙ ඒක ඉරිසියාව වෙන්න ඇති, ;)
ඒ කොහොම උනත් විකියට ගිහින් තනියම කියවගන්න සිද්ද වෙනවට වඩා හරි රහයි මෙහෙම සිංහලෙන් ලියපු එකක් කියවද්දි, ඒ හින්දා ඔන්න කතාව නං ඔක්කොම ඇහුවා..
අපේ ලොකුබාහුවත් මාර චිත්‍ර අඳින්නෙ. ගොඩක්ම "මොඩර්න් ආර්ට්" හැබැයි ඇති වෙන්න පරණ ඩ්‍රොවින් ගිහින් දෙන නිසා ඒව බිම දාං උඩ නැගං අඳිනව, බිත්ති ඉතුරුයි. ඒකෙන් දෙපැත්තම බේරෙනව.
ReplyDeleteඅපේ මෙහෙ වැඩ කරනව ස්ප්‍රේ ගන් එකෙන් පෝට්‍රේට් අඳින එකෙක්. මං දැක්ක ලංකාවෙත් ඉන්නව කියල. ඒක හරිම අමාරු වැඩක්, මොකද ගන් එක පාලනය පින්සලට වඩා අපහසුයි. හීනි ඉරි මවන්න මාර ගේමක් දෙන්න ඕන.
මමනම් චිත්‍රවලට ගොඩක් ආසයි.O/Lකරනකම් මගෙ ප්‍රියතම විශය චිත්‍ර.A/L වලට සයන්ස් තෝරගත්ත හින්ද චිත්‍ර අදින එක ටික ටික අතඇරුන.දැන්නම් චිත්‍ර ඇන්ද කාලයක් මතක නැති තරම්.පෝස්ට් එක ගොඩක් රසවින්ද.ඔයාට ස්තූතියි.සින්හලෙන් දෙයක් කියවන තරම් හිතට වදින්නෙ නෑ.කොච්චර ඉන්ග්‍රීසියෙන් ලියපු ආර්ටිකල් තිබ්බත් කියවන්න හිතෙන්නෙ අඩුවෙන්.
ReplyDelete(සජී)
@ සරත් ...එක එක අය දක්ෂ වෙන වෙන දේ වලට . ලස්සන දෙයක් රස විදින්න පුළුවන් නම් එච්චරයි . පියරේලගේ කතාවලින් ජිවිතයට ගන්න දේවලුත් අප්‍රමානයි චිත්‍ර අඳින්නම ඕන නැහැ . සරත් ගොඩක් ඇවිදින නිසා අත්දැකීම් වැඩියි නේද . ස්තුතියි ඒ දේවල් බෙදා ගන්නවට .
ReplyDelete@ චේජනා ..
පෘතග්ජන මිනිස්සුනේ අපි . ඔය හැඟීම ඉරිසියාවම නෙමේ . මට ඉතින් සින්දු කියන අය ගැනත් ඔහොමහිතෙනවා . කියවල රස වින්ද නම් ස්තුතියි සහ මට සතුටුයි
@ ඉන්දික ..
දැන් දෙන්නෙක් ඉන්න නිසා ලොකු බාහු වුනා නේද . අනුන්ගේ ගෙවල් වලම හැදුන අපේ පොඩ්ඩි ත් බිත්තිවල ඇන්දේ නැහැ . අපි තහංචි දාලම නෙමේ .එයාට එහෙම හිතුනේ නැහැ . දෙන්නටම හොඳට අඳින්න පුළුවන් . ඉස්කෝල වලත් ඉතින් වැඩිය කරන්නේ ඕවනේ. දැන් පොඩි බාහුත් අය්ය ගෙන් ඉගෙන ගනියි ඉක්මනට . දරුවෝ තමයි ලොකුම සතුට නේද .
@ සජි ...
ඉස්සෙලම අද නේ ආවේ . ඉතින් ආදරෙන් පිළිගත්තා ඔන්න . මටත් ඔයාට වුන දේම තමා වුනේ . ඒත් උද්භිද විද්‍යාවට සත්ව විද්‍යාවට උදව් වෙනවා ඇඳීමේ හැකියාව . පුළුවන් කමක් තියේ නම් ආයේ ඉගෙන ගන්න අමතරව .
@බින්දි,
ReplyDelete// ඒත් උද්භිද විද්‍යාවට සත්ව විද්‍යාවට උදව් වෙනවා ඇඳීමේ හැකියාව //
ආපෝ ඕවා මතක් කොරාන්ට එපෝ.. බියුෆෝ/රානා/පෙරිප්ලනේටා සිහියට එනවා.. :D
@ බුරා
ReplyDeleteඅපොයි ඔව් අපි වෙනුවෙන් නිස්කාරනේ දිවිපිදු අසරණ කැරපොත්තන්ට ...ගෙම්බන්ට නිවන් සැප ලැබේවා . මට ගෙම්බාගේ අවයව ටික නම් තව අඳුන ගත්ත . ඒත් කැරපොත්ත ..ඇබිත්තන් සතා කැපුවම මෙලෝ දෙයක් අඳුන ගන්න බැහැ. අර රජ්ජුරුවන්ගේ ඇඳුම වගේ තමයි . දැක්ක දැක්ක කියනවා ළමයි. ගස් කොළන් ගැන නම් තාමත් ආසයි . ලංකාවේ තියෙන ගස් වර්ග ගොඩක් මෙහෙත් තියෙනවා . ඔන්න තව ලිපියකට තේමාවක්
හී හී.. ඒ කාලෙ Zoology & Botany නෝට්ස් ලියපු පොත් ටික තාම මගෙ ගාව තියෙනවා.. වීසිකරන්ට ලෝබයි, ලාස්සනට පිංතූර එහෙම ඇඳලා ආදරෙන් තියාගත්ත පොත් ටිකනේ.. :)
ReplyDeleteදාර්ශනික ප්‍රශ්නයක්: ගෙම්බන්ට හා කැරපොත්තන්ට නිවන් යන්ට පුළුවන්ද..??
ReplyDeleteමන් නම් ඔය පුරාණ වස්තු ගෙදර දාල ඇවිත් පහු කාලෙක විසි කරන්න අම්මට කිව්වා .පස්සේ කාලේ ඉගෙන ගත්තු පොත් සහ අනික් පොත් වලට ඉඩ දෙන්නත් ඕනනේ . අපේ බනිලගේ තාත්ත නම් A /L පොත් විතරක් නෙමේ 1 වසර පොතුත් තියන් ඉන්නවා . මන් ඉතින් පුළු පුළුවන් විදියට ඒ තන්හාවෙන් මුදා ගන්නවා .
ReplyDeleteඅනික විශ්ව විද්‍යාල සටහන් ..පත්තර ..පොත් .5 s හොයා ගත්ත ජපනෙක් දැක්ක නම් හරාකිරි කර ගන්නවා . දැනුත් ගෙට ගොඩ වෙන තැනම විශාල පොත් රාක්කයක් .
ඇයි බුදුහාමුදුරුවෝ කලින් ආත්ම වල එක එක සත්තු වෙලා හිටියේ .
ReplyDeleteපත්තර..!!?? හපෝයි, මගෙ ගාව තිබ්බෙ මිටි පිටිං.. මුලින්ම මිහිර & විජය, යහළු, Little Star, විදුසර, අන්තිමටම සමුදුර.. ඔය ඔක්කෝම කාලයාගෙ ඇවෑමෙන් බෝතල් පත්තර කාරයා ගාවට ගියා.. දැන්නං මතක් වෙනකොටත් දුකයි, මේ වෙනකං තිබ්බනං මසුරං වටිනවා.. :(
ReplyDeleteජපන්නුවත් දැන් 5S පාවිච්චි කරන්නෙ නෑ, එහෙවු එකේ අපි මොටද ඒ මත්තෙ නහින්නෙ.. :)
ඒ වුනාට බෝධිසත්ත්වයෝ කවදාවත් ගෙම්බෙක්, කැරපොත්තෙක් වෙලා හිටියෙ නෑ නේ.. එයාලා සත්ත්ව රාජධානියේ බොහොම පහලින් ඉන්න අයනේ, ඒකයි මං ඇහැවුවෙ..
පරක්කු උනාට සමාවෙන්ඩ. දවස් තුන හතරක් කතරගම හිරවෙලා හිටිය.
ReplyDeleteඅද හවස තමා ගෙදර ආවෙ. ඒ අතරතුර සදැස්-නිසදැස් කතාව හුඟක් දුර ගිහිල්ල. නෙලුම් විලේ අලුත් මලකුත් පිපිලා.
අනේ මටත් ඔය විෂය ගැන තියෙන්නෙ බොහොම අල්ප දැනුමක්. ඒත් චිත්‍රයක් රසවිඳින්න නං මටත් පුළුවන්. මට මතකයි දහම් පාසලේ චිත්‍ර තරගෙකට බින්දි බොහොම කලාත්මක චිත්‍රයක් ඇන්ද. බෝධිසත්වයෝ දුෂ්කරක්‍රියා කරන අවස්ථාව. උඩින්ම පළවෙනි තැන.
මේ පියෙරිගේ කතාව කියෙව්වම මතක් වෙන්නේ ලංකාවේ චිත්‍රපටි කලාව. චිත්‍රාගාර වල හිරවෙලා තිබුන චිත්‍රපට කලාව ලෙස්ටර් ජේම්ස් පීරිස්, රේඛාව චිත්‍රපටයෙන් එළිමහනට ගෙනිච්ච හැටි. මේ හා සමාන අවස්ථාවක්.
කොහොමටත් ප්‍රංශයේ පැරිස් නුවරම කලාගාරයක් කියලයි මං අහල තියෙන්නෙ. ප්‍රංශ නොවන චිත්‍ර ශිල්පියොත් තමන්ගේ ජීවිතේ වැඩි කලක් පැරිසියේ ජීවත් උනාලු. පැබ්ලෝ පිකාසෝ එහෙම කෙනෙක් නේද? එයා ස්පාන්ඥ ජාතිකයෙක්. වින්සන්ට් වැන් ගොග් තවත් එවැනි චිත්‍ර ශිල්පියෙක්. එයා නෙදර්ලන්ත ජාතිකයෙක්.
මොනව උනත් වෙනද වගේම බින්දි ගේ පොස්ට් එකත් ලස්සනයි, දාල තියෙන චිත්‍ර ටිකත් ලස්සනයි.
@බුරා
ReplyDeleteබුරාගෙ ගෙඹි, කැරපොතු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියල බින්දි මට මූණු පොතෙන් කිව්වා. අනේ බුරෝ අවංකවමයි කියන්නේ මමත් දන්නේ නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය මහායාන දර්ශනේ හැටියට නං ඕනෑම ජීවියෙක් බෝධි සත්වයෙක්. මොකද ඕනෑම ජීවියෙකු තුළ බුද්ධත්වය ලැබීමේ ශක්තිය ගැබ් වෙලා තියෙන බවයි ඒ අයගේ විශ්වාසය. එහෙම බැලුවම ගෙම්බෝ, කැරපොත්තෝ නිවන් දකීවා විතරක් නෙවෙයි බුදු වේවා කියලත් කියන්න පුළුවන්.
@ පොත් ගුල්ලා
ReplyDeleteඅම්මෝ ඔයාට මතක දේවල් . ඔය කිව්වමයි මටත් ඒ චිත්‍රය මතක් වුනේ . ස්තුතියි ඉතින් අපේ පොඩි කාලේ මතක මතක් කරනවට . එහෙම හොඳ යාළුවො හැමෝටම නැහැ .
කතරගම ගිහින් අතරමන් නොවී ආව මදැයි .
ඒකතමයි මෙහෙ අය ගෙඹි දෙය්යෙක්ව කඩේ ඉස්සරහ තියල පුජා පවත්වනවා ඇත්තේ .
කෝ බොලේ හැබෑට මේ නලිනි..!!?? කියන්න කතා හුඟාක් මතක් වුණා කිවුවා, ගියා ගියාමයි ලොවෙත් නෑ.. අර මතක් වුනු කතා ටික කවද්ද දන්නෑ කියන්නෙ.. :)
ReplyDeleteඔබේ රචනය ගොඩාක් රසබරයි. විත්‍ර අඳින්න එතරම් දක්ෂ නැතත් චිත්‍රයක් බලාගෙන සෑහෙන ඈතක යන්න නම් පුලුවන්.
ReplyDeleteමේ මෑතක ෂොපිං මෝල් එකක පැත්තක චීන්නු කිහිප දෙනෙක් ලස්සන ඔයිල් පෙන්ටින් කරනවා දැක්කා. හෙට්ටු කරලා අරන් යන්න උත්සාහ කරන අයෙකු එක්ක ඇතිවූ කේන්තිය නිසා ඒ ඇඳීම රසවිඳින්න බැරිවිය.
96දී ඩුබායි හි උත්සව අවස්ථාවක පකිස්තානු ජාතිකයෙක් කළු පැන්සල් ඉරිවලින් විතරක් අඳින ලස්සන දැක්කා. පසු කාලීනව එවැනි කලාකාරයින්ට වෙළෙඳ කුටී මිලදී ගන්න සිදු වූ නිසා ඔවුන්ගේ සහබාගීත්වය නැති පොෂ් උත්සව ඇතිවුනේ.
බිත්තියේ ඇඳීම ගැන මතකයට ආ සිද්ධියක්; අඳුනන අධ්‍යාපන අංශය හා සම්බන්ඳ මහත්මියක් වරක් කිව්වේ හිතට එන දෙය නිදහසේ අඳින්න දරුවට ඉඩදෙන්න. බිත්තිය හැඩි වුනොත් තින්ත ගාගන්න පුලුවන්, ඒත් දරුවාගේ හිත යටපත් කරන්න එපා කියලා.
This comment has been removed by the author.
ReplyDeleteමමත් හරිම කැමති විෂයක් නංගි. සාමාන්‍ය පෙළට චිත්‍ර කලා. A එකක් තිබුනා. ඊට පස්සෙ විද්‍යා විෂයන් කල නිසා කලාව මග හැරුනා. ඔයාගෙ විස්තරය ගොඩාක් ආසාවෙන් කියෙව්වා නංගි, විෂයට තියෙන කැමැත්ත නිසාම. මගෙ වෙන්ඩයන ලේලි පොඩ්ඩ හරිම දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. මමත් ඒ වැඩේට ආසනිසා එයාව නිතර උනන්දු කරවනවා. ඈ නම් ඔය ගමන දිගටම යාවි. ඔයා යන දිහාවකින් පරිස්සමෙන් ගිහින් එන්නකෝ. මේ විස්තරයට ස්තූතියි! මේක ලියත්දි ලයිට්ස් ගියා. අයෙත් ලිව්වා ඔන්න.
ReplyDelete[[මමත් හරිම කැමති විෂයක් නංගි. සාමාන්‍ය පෙළට චිත්‍ර කලා. A එකක් තිබුනා. ]]
ReplyDeleteමොකක්? සාමාන්‍ය පෙලට ඒ කාලේ A තිබ්බද?
සුජීවගේ විමසුමට අදාලව සටහනකට අවසර:
ReplyDeleteඅපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ සිදුවූ වෙනසක් අනුව පලමු වරට 1975 වසරේ දී ජාතික අධ්‍යාපන පොදු සහතිකපත්‍ර (ජා.අ.පො.ස - NCGE) විභාගය පවත් වන ලදි. එයට මුහුණ දිය යුතු වන්නේ 9වන ශ්‍රේණියේ දී. 1977 දී පත්වූ නවරජය නියමිත ඒ විභාගය අත් හිටුවූ අතර නැවතත් 10වන ශ්‍රේණියේ දී කරන අ.පො.ස සාපෙළ හඳුන්වා දුන්නා. ජා.අ.පො.ස පැවැත් වූයේ වසර දෙකක් පමණි. ඊට අදාල උසස් පෙළ විභාගය වූයේ උසස් ජා.අ.පො.ස (HNCE) ය.
ජා.අ.පො.ස සඳහා විෂයන් 10ක් කරයුතු විය. ඒ අතර කාණ්ඩ දෙකකින් තෝරාගත හැකි වූ ප්‍රාග්වෘත්තීය විෂයන් දෙකක්, සෞන්දර්ය විශයන් තුනකින් තොරාගත් විෂයක්, ජ්‍යාමිතික ඇඳීම ද අඩංගු විය. රටේ සම්පත් කියා තවත් විෂයක් විය, එය වෙනම විෂයක් ද සමාජ අධ්‍යයනයේ කොටසක් ද මතක නැත.
ප්‍රාග්වෘත්තීය විෂයන් වලින් ප්‍රදේශයේ කර්මාන්ත ගැන හෝ විශේෂිත කර්මාන්ත ආශ්‍රිත න්‍යායීක හා ප්‍රායෝගික දැණුම ලබා දුන්නා. ඒ සඳහා ආම්පන්න වලින් සමන්විත Workshops පවා පාසැල්වල ඇති කලා (අඩුපාඩුකම් තිබෙන්න ඇති).
මා ද හය වන ශ්‍රේණියේ සිට NCGE විෂය නිර්දේශය අනුව ඉගෙන ගත් තෙවන කණ්ඩායමට අයත් වුනේ. මගේ ප්‍රියතම විෂයන් අතර ප්‍රාග්වෘත්තිය-Iට තෝරාගත් ලෝහ වැඩ (තවම මතකයි විෂය අංකය 127). අදටත් ජ්‍යාමිතික ඇඳීම දිනපතා වැඩවල දී ලොකු රුකුලක්. හැබැයි එදා සමාජ අධ්‍යයනය බොහෝ රතුම විය. රටේ සම්පත් විෂය ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා අශ්‍රිත කර්මාන්ත ගැන ලොකු දැණුමක් ඇතිකලා. දේශපාලන ලොන්ඩරියේ හේදුන ඒ විෂය නිර්දේශයේ හොඳ නරක කියන්න උත්සාහයක් නැතත්, අරකී ප්‍රාග්වෘත්තීය අධ්‍යාපනය ගොඩාක් ඉහළයි කියන්න පුලුවනි.
මං හිතන්නේ ජා.අ.පො.ස ශ්‍රේණි ගත කිරීමේ දී A, B, C, F පාවිච්චි කලා.
චාන්දි අක්කා විලට බැස්ස වෙලාවක ඒ ගැන ලියාවි කියලා හිතනවා.
ස්තුතියි ගල්මල්. මං මේක දැනගෙන හිටියේ නැහැ. අපි කරන කාලේ තිබ්බ D-C-S-F වෙනුවට ළඟදී A-B-... පාවිච්චි කරන්න ගත්තනේ. ඔබ සැහෙන්න හොඳ විග්‍රහයක් දුන්නේ.
ReplyDeleteකට්ටිය;
ReplyDeleteබින්දිගේ මීට පෙර ලිපියට මා දුන්නු උත්තරයක් කවි මුතු මල් අතර තැන්පත් කළා. එය ද සංවාදයට විවෘතයි.
ඇත්තෙන්ම හැමදාම වගේ විශිෂ්ඨයි..පරක්කු වෙච්චි එක මගේ වැරැද්ද.චිත්‍ර කියන්නේ මගේ ජීවිතේ.මේ ලිපිය රසයකටත් වඩා මට වැදගත් වෙන්නේ මගේ කලා විෂය ධාරාවේ රෙනුවා ශිල්පියා ඉන්න හින්දයි.
ReplyDeleteඅනෙක් කටිටයට දැනගන්නත් එක්ක පොඩි විස්තරයක් කියන්නම් විෂය නිර්දේශයට යටපත්ව.යුරෝපීය කලාවේ පුබුදු යුගයට අයත් ලියනාඩෝ,මයිකල් ආන්ජිලෝ,රෆායල් වගේ කට්ටිය චිත්‍රාගාර තුළ තාත්විකව සිතුවම් නිර්මාණයට පෙළඹෙනවා.එතැනින් පස්සේ තමයි උපස්ථිතිවාදී යුගය එන්නේ.ඔන්න එකේ තමයි මේ බින්දි අක්කා කියන රෙනුවයි,මොනේ,මැනේ,ඩෙගා කියන කට්ටිය ඉන්නේ.ඒ කට්ටිය චිත්‍රාගාර වලින් එළියට බැහැලා සිතුවම් අදිනවා.මොනේ තමයි පුරෝගාමී ශිල්පියා.ඒයාගේ මතේ හිරු උදාව උපස්ථිතියක් කියන එක.මැනේ ධනපති පන්තියට එරෙහිව.ඩෙගා බොහෝවිට උත්සහ කරේ කායික සුන්දරත්වය පෙන්නන්න.ඒ නිසාම එයා බැලේ නටන කට්ටියව ඇන්දා.ඊටපස්සේ රෙනුවා.එයා ප්‍රීතිමත් වූත් ප්‍රියජනක වූත් තේමා සිතුවමට නඟනවා.
එතැනින් එහාට පශ්චාත් උපස්ථිතිවාදය,ඝණිකවාදය,නිර්රූපවාදය බිහිවෙනවා.ඉතිහාසය දිගුයි
මට හිතුනා මේ ගැන කවි පන්තියක් ලියන්න..ලඟදීම කවිමුතුමල් වලින්
ලිපියට ස්තූතියි බින්දි අක්කේ
බින්දි ඇවිල්ලද බලන්න මම අදයි නෙ විළට බැස්සෙ. ඔන්න සුජීව ,ඩීන් මල්ලි කියපු දේ හරි. මම ඉතින්, NCGE පළමු කට්ටියට අයත් උන කෙනෙක්. අපේ කට්ටිය කරකවල අතෑරල වගේ අනෙක් පැත්තට මාරු උනාට මට පරන සාමාන්‍ය පෙළ විභාගයටත් පෙනී හිටින්නට උනා , මොකද අම්මලා හිටිය රටේ මේක ගනන් නොගන්න බව කිව් නිසා. ඒකට වැඩ අටයි නිසා චිත්‍ර අත්හැරියා. ඒකත් ඉතින් හොඳින්ම පාස්. කොහොම උනත් අදටත් මම චිත්‍ර වලට හරිම කැමතියි, රටකට ගියත් කලානිර්මාණ තමයි ඉස්සෙල්ලම බලන්නෙ. රස විඳීම උඅපරිමෙන්ම තියෙනවා. මහත්තයාගේ උදව්වත් තියෙනවා එයත් කලාව අගයන නිසා.
ReplyDeleteචන්දි;
ReplyDeleteපිස්සුවෙන් වගේ ඔයාලගේ පරණ ටෙක්ස්ට් බුක් එහෙම කියෙව්වට මං ඔය විස්තරය දැන උන්නේ නැහැ. බින්දිලාගේ අඛණ්ඩ ඇගයීමට නම් විරුද්ධ කැකිරි කල්ලියේ උන්නට එකේ ළමා සමාජෙටයි අපිව ගත්තේ [අපි පොඩි උන් නිසා].
අසංක;
අපට උඹෙන් සෑහෙන්න ඉගෙන ගන්න තියෙනවා වගේ. අනේ ඔව්ව පැහැදිලි කර දෙන්නකෝ. මේ සබ්ජෙක්ට් ගැන කොච්චර ලිව්වත් කියවනවා අනිවා ඩේෆා.
නම් මාරුකිරීමේ දී දුර දිග නොබලා වැඩකිරීමේ තවත් පල විපාකයක් හැටියට NCGE හා HNCE විභාග සහතික හඳුන්වන්න පුලුවන්. ඒ නම් වලට ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීමක් නැතිවීම නිසා ඒ සහතිකලාභීන් බොහෝ දුෂ්කරතා වලට මුහුණ දුන්නා.
ReplyDeleteදැනට වසර 6කට විතර කලින් මුණගැහුණ ඒ මහත්මිය අධ්‍යාපන අංශයේ ඉහළ තනතුරක් හොබවන්නීය. ඇය ලමා මනස හා අධ්‍යාපන මනෝවිද්‍යාව ගැන උපාධියක් කරන්න එක්තරා විදේශ විශ්ව විද්‍යාලයකට බැඳුනත් ඇගේ උසස් පෙළ සහතිකය වූ HNCE බාරගත් නැති නිසා ඩිප්ලෝමාවකට සීමා කරන්න විය (ඒ නම් වෙනස් කිරීම් කර අයට අපි එක්ව ගොඩාක් පින් දුන්නා).
ඔන්න මේක නම් ඇඩ් එකක්
ReplyDeleteසුනිල් අයිය... දන්නෙ නැද්ද?
බලලා අදහසක් දෙන්නකෝ.
චිත්‍ර අදින්න නම් බැරි උනාට මේ වගේ කතා අහන්න නම් කැමතියි.
ReplyDeleteච්ත්‍ර ගැන මෙලෝ හසරක් නොදැන හිටි මං ටිකක් විතර දැන ගත්තා ... බොහොම ස්තුතියි ....
ReplyDeleteඔන්න මන් ආවා . මන් නැතත් නෙලුම් විල තනි නොකළ ඔබට ස්තුතියි. බුරතිනෝ ..චන්දි අක්කා ..චන්දි ...සුජීව ..ගල් මල් ...කල්හාර ..අයේෂා හැමෝටම ස්තුතියි ..
ReplyDeleteඅපි විභාග ගැනත් දැන ගත්තා. අසංක චිත්‍ර ගැන කතාවේදී ඔබ අපිට වඩා වැඩිමල් ... ඔබෙන් යමක් දැන ගන්න බලා ඉන්නවා .
අනේ අම්මේ.. යාන්තං ඇති, මෙන්න මෙයා ඇවිල්ලලු.. :)
ReplyDeleteහෙවනැලි තවම දඟලන විල් ඉවුරු කොනේ
ReplyDeleteබින්දිය විසින් අත්හල සටහනක බෙනේ
තව තව හාරමින් කන මල යකුන් පෙනේ
සියපත් නැතත් සැල්වීනිය සුළඟේ වැනේ
පියරේ ඔගස්ටස් රෙනෝර් උපස්ථිතිවාදී ශිල්පීන්ගේ පුරෝගාමියෙක්.මේ ශිල්පියා විතරක් නෙමේ වින්සන්ට් වැන්ගෝ,පෝල් ගොගෑන්,සෙසාන් වගේ විශිෂ්ඨයන් ජීවිතයේ බොහොම කම්කටොලු මැද චිත්‍ර නිර්මාණය කරපු පිරිස් අවසානේ නිකරුනේ මැරිල ගියා.ඒත් මේ ඔක්කොගෙම චිත්‍ර ජනප්‍රිය වුනේ මේ අයගේ මරණයෙන් පස්සෙ.වින්සන්ට් වැන්ගෝ අවසානෙ තමන්ගෙ ආදරය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළා.චිත්‍ර ශිල්පීයො නැත්නම් පොදුවේ කලාකාරයො කියන්නෙ බොහොම සංවේදී කොටසක් මම ඉස්සරවෙලා කියපු අය ගැනත් පුලුවන්නම් හොයලා බලන්න පුලුවන්නම් ලිපියක් දාන්න.බොහොම දුක්මුසු කථා ගොඩක එකතුවක්.
ReplyDeleteඅසංක මල්ලී චිත්‍ර විශය කියන්නෙ මගෙත් ජීවිතයෙ කොටසක් මගෙ ගොඩක්ම සිත් ගත්තෙ ගණිකවාදය.විශේෂයෙන්ම පිකාසෝගේ චිත්‍රවල ඒ හැගවුන දේ චිත්‍රවල රේඛාව මේ සියලු දේ තවත් ඒ වෙනුවෙන් මගෙ ආශාව වැඩිකළා ඇවිග්නොන් යුවතියෝ(Les Demoiselles Avignon)සංගීතඥයින් තිදෙනා (Three Musicians)විශේෂයෙන්ම ගුවර්ණිකා මේ චිත්‍ර යේ සැගවුනු තවත් සිදුවීමක් තියනවා.මට මේක කිවුවෙ අපට චිත්‍ර ව්ෂය භාරව හිටපු ගුරුතුමා මට හරියටම සිදුවීම මතක නෑ මේ ප්‍ර දේශයට සිවිල් යුධ සමයෙදි ජර්මන් හමුදාව බෝම්බ දාල බොහොම ජීව්ත ගානක් විනාශ වෙලා තියනවා මේ චිත්‍රෙයන් නිරෑපනය වෙන්නෙ මේ අවස්ථාවයි.විශේෂ සිදුවීම නම් මේ චිත්‍රෙය් උඩ බලාගෙන ඉන්න අශ්ව රෑපයේ ඇසේ බෝම්බ හෙලන ගුවන්යානයක සේයාවක් තියනවා කියන කථාවයි.මේ දේවල් කිවුවේ අසංක මල්ලි ඔයාට තවත් වැදගත් වෙයි කියලා හිතලා.ඔක්කොටම දැනගන්නත් එක්ක.සමාවෙන්න මාතෟකාවට ගැලපීමක් නැති දෙයක් කියුවට. මම උසස් පෙළ කලේ 2008 මල්ලී ඔයාගෙ විභාගෙ වෙනුවෙන් සුබපැතුම්.දැන් ලංකාවෙ දක්ශ චිත්‍ර ශිල්පියෝ බොහොම අඩුයි මල්ලී චිත්‍ර අතහරින්න එපා ඔයාට කවදාවත් වරදින්නෙ නෑ
ReplyDelete