Friday, 26 August 2011

ප්‍රන්ශුවා ට ඉන්දු -චීනය අහිමි වුන . Dien Bien Phu සටන


 
 
 
ප්‍රංශ චාරිකාව ගැන තව ලියන්න දේවල් තිබ්බත් කලෙක සිට ලියන්න හිතන් හිටි දෙයක් මතක අලුත් වුනා . ප්‍රන්ශයත් වියට්නාමයත්  ඉතින් අපියි එංගලන්තෙයි වගේම තමයි. ඒ හින්ද මෙතනට මේ කතාව අමුත්තකුත් නැහැ .
මොකක්ද මේ Dien Bien Phu ටිකක් අමුතුයි නේද . ඒ උත්තර වියට්නාමයේ ලාඕස් මායිමට කිට්ටුව ඇති ප්‍රදේශයක් .කැමති විදියට උච්චාරණය කලාට වරදක් නැහැ . ''ඩින් බින් ෆු ''වගේ තමයි මෙයාලගේ උච්චාරණය . මම මෙහෙ සමහර වචන කියන විදියට වියට්නාම ටැක්සි රියදුරන් හෙම හොල්මන් . මහම දිව උලුක් වෙන භාෂාවක් මේක .
ඇයි ඉතින් මේ ඈත මායිමක ඇති ගමක් මෙච්චර වැදගත් වුනේ . ඔය නමින් සයිගොන් වලත් හැනොයි වලත් ප්‍රධාන පාරවල් දෙකක් නම් කරලාත්  තියෙනවා .
හේතුව තමයි 1954 දී මාර්තු මාසේ ඉඳන් මැයි මාසේ දක්වා ඇතිවුන මාරාන්තික සටන එහෙම නැත්නම් ප්‍රංශයේ ''ඉන්දු චීනය '' නමැති සිහින අධිරාජ්‍යය බිඳ වැටිලා පල්ලම් බැස්ස සටන . ඔය ගැන නම් සංඛ්‍යාලේඛන ඇතුවම දෙන්නම්කො .
 
සොල්දාදුවන් ගණන ...ප්‍රංශ =15,000
                    වියෙට් මින්   =  40 ,000
ප්‍රංශ සොල්දාදුවෝ 1600 ක් මිය ගියා ..4800 ක් තුවාල වුනා . 1600 ක් අතුරුදන් ..8,100 ක් සිරගත කරන්න ගෙනියද්දි භාගයක්ම මග මිය ගියා . අද කාලේ වෙන දේ වලට අනුව මේවා පොඩි ගණන් වගේ පෙනෙයි . ඒත් මේ 1954 ගැන අපි කතා කරන්නේ .
 
හෝ චි මින් අරඹපු වියට් මින් පෙරමුණේ සොල්දාදුවනුත් සෑහෙන්න බැට කෑවා මේ ජයග්‍රහණය ලබාගන්න . 7900 ක් පමණ මිය ගියා . 15,000 ක් පමණ තුවාල ලැබුවා . මේ විස්තර ගත්තේ http://en.wikipedia.org/wiki/Battle_of_Dien_Bien_Phu සහ http://www.history.com/this-day-in-history/french-fall-to-viet-minh-at-dien-bien-පහුවලින් .
 
 
මේ ඉතිහාසගත සටනේ ප්‍රතිපලය ලෙස එතෙක් ප්‍රංශ ආධිපත්‍යට යත් ව සිටි වියට්නාමයට එම වසරේ ජිනීවා සමුළුවේදී නිදහසත් ලැබුන . වියට්නාමය මුලික කරගෙන ගොඩ නගන්න හීන මැව්ව ''ඉන්දු චීනය''ත් ප්‍රංශයට සිහිනයක්ම  වුනා .
 
ඇමරිකන් වියට්නාම යුද්ධය ගැන අපි අහල තිබුනට ප්‍රන්ශයත් එක්ක ඇති වෙච්ච තත්වය මම එතරම් අහල තිබුනෙත් නැහැ . ආවට පස්සේ නේ දැක්කේ ප්‍රංශ ආභාෂය ලැබූ ගොඩනැගිලි ...භාෂාවට එකතු වුන වචන ..ඒ විතරක් නෙමේ කන්නෙත් ප්‍රංශ පාන් . මොකක්ද මේ ඉන්දු චීනය ? ඇයි ප්‍රංශ කාරය මෙහෙට ගොඩ බහින්න හේතුව ? ඔන්න ඔය පසුබිම පොඩ්ඩක් විස්තර නොකලොත් මේ සටහන් සම්පුර්ණ වෙන්නේ නැහැ. මේ ගැන බොහොම දේවල් දන්නා අය නෙලුම් විල දිහා එන බව දන්නවා . ඒ වගේම නිදන මිනිසෙකි මෙහි පොස්ට් එක ලිව්ව වෙලාවේ දැන ගත්තේ හෝ චි මින් ගැන අහල වත් නැති යාළුවො ගැන . එහෙම අයට මේ දේවල් පොඩ්ඩක් හඳුන්වා දිය යුතු නිසා පසුබිම ටිකක් කියන්න ඕන .
 
ඔන්න ඉතින් මෙව්වා ආවට ගියාට ලියන්න බැරි නිසා මම අන්තර්ජාලයේ සැරිසැරුවා . අපොයි මේ ඉතිහාසය ඉතා ඈතට දිවෙන සහ එහෙන් මෙහෙන් ලින්ක් යාවුන දැලක් වගේ මහා විස්තර ගොඩක් . සේරම කියවන්න වත් ලියන්නවත් මට හිතන්නවත් බැහැ. රසවත්ම ටික සාරාංශ ගත කරන්නයි බලාපොරොත්තුව .
මෙගා එකක් ලියන්න වටිනවා . ඒත් මන් කම්මැලියිනෙ . ටිකක් ලියමු ඉතුරු ටික කමෙන්ට් වැටෙන විදිහට ඇදගෙන යමු.
 
 
මේ රටත් ඈත අතීතයේදී  ඉඳන්ම විදෙස් ආක්‍රමණ අභ්‍යන්තර කැරලි කෝලාහල වලින් බොහොම සංකීර්ණ ඉතිහාසයක් ඇති තැනක් .මේ ඉතිහාසයට ප්‍රංශය සම්බන්ධ වුන තැන සොයාගෙන යද්දී තමයි අපට Gia Long  අධිරාජයා [Nguyễn Phúc Ánh තමයි මුල් නම ]    එහෙම නැත්නම් නුතන සිතියමේ විදියටම වියට්නාමය එක්සේසත් කරලා Nguyen යුගය ඇරඹු පුද්ගලයා හමු වෙන්නේ . එවකට දකුණු වියට්නාමය වෙනම පාලනය වුනේ . මේ කාලේදී ඇතිවුන කැරැල්ලකින් පාලක පෙළපතේ බොහෝ දෙනෙක් මිය ගියා . අවුරුදු 15 දී පලා ගොහින් ඉඳිද්දී මොහුට හමු වෙනවා මිෂනාරි වැඩේට ආපු ප්‍රංශ පුජකයෙක්. නම Pigneau de Behaine .ඔහු පොරොන්දු වුනා ආපහු බලය ගන්න උදව් වෙන්න . මෙයාලත් අර පයිරේට් ගනයේම තමයි. මිෂනාරි වැඩේට ආවට ඉන්දු චීන ප්‍රදේශයේ වෙළඳ කටයුතු වලට හොට දාන්න පොටක් පාදගන්න ප්‍රංශයට ඕනෑකම තිබ්බ . ඔන්න බලන්න ඇතුලේ ගිනි ගන්න කොට එළියෙන් වතුර කියල භූමිතෙල් ගහන අය එදත් හිටිය . ඉතින් මේ සත් ගුණවත් මිෂනාරි තුමා ප්‍රංශ රජයේ සහය අරගෙන Nguyễn කුමාරයට බලයට එන්න උදව් කරනවා .Gia Long   ලෙස අභිෂේක ලබන කුමරා ඉතා සංකීර්ණ සටන් පෙළකට පස්සේ මුළු වියට්නාමයම එක්සේසත් කළා .
 
Pigneau  de bahaine




Emperor Gia Long
 
 
1802 දී ඔහුගෙන් ඇරඹුන Nguyen යුගය ඔහුගෙන් පුතාට[ Minh Mang ] හිමි වෙලා තවත් අධිරාජයන් දෙන්නෙක්ගෙන් පස්සේ 1945 දී නැත්තටම නැති වෙනවා . උදව්වට ආපු මිෂනාරීන්ගේ යටි අරමුණු Gia Long   ට අවබෝද වුණා. ඒ වගේම ඔහුත් ඊට පස්සේ පුතත් සෑහෙන ප්‍රතිරෝධයක් දක්වලත් තියෙනවා රට ඒ බලපෑම් වලින් නිදහස් කරගන්න . ඒත් අවසාන රජු වුණා Tu Duc ගේ කාලේ වෙද්දී දකුණ විතරයි ඔහුට හිමි වුනේ . රට ප්‍රායෝගිකව කොටස් 3 කට කැඩිලා  සහ මධ්‍යම වියට්නාමය ප්‍රංශ ආධිපත්‍ය ටත් නතුවෙලා ඉවරයි ඒ වෙද්දී.
 
ඉන්දු චීනයක් දිනා ගන්න ප්‍රංශය ගෙන ගිය සටන උච්ච වෙලාතිබුනේ . ඔය අස්සේ කම්බෝදියාවේ නොරදොක් රජතුමා කැමැත්තෙන්ම ප්‍රංශය යටතේ නාමික රජෙක් වුනා තායිලන්ත [ සියම ] යේ කරදර වලින් ආරක්ෂාවෙන්න. මේ ගැන කියවද්දී නිකන් කැඳ හැලියක් වගේ . ඔය කාලෙනේ දෙවන ලෝක යුද්ධය ත් තිබුනේ . යුරෝපේදී ලෝක යුද්ධය හරහා අපේ වීරයෝ ගොඩට වැටෙන ප්‍රංශය මෙහෙදී වෙනත් මුහුණක් . අනේ ඇත්තට මෙව්වා කියවද්දී ඉතිහාසයේ මොනතරම් පරස්පර විරෝදී කම් පාවා දීම ..සිද්ධ වෙලා තියෙනවද කියල අපි වගේ සාමාන්‍ය මනුස්සයන්ට නම් හිතා ගන්න වත් බැහැ .
 
Nguyen යුගය අන්තිම කාලයේ බලය අරගල ඇති වුනා . ඔය අස්සේ ප්‍රංශ මිෂනාරි වරු හැදුවා කතෝලික උරුමක්කාරයෙක් ට කිරුල හිමිකර දෙන්න . මට නිකන් අපේ කෝට්ටේ යුගය හෙම හීනෙන් පෙනී නොපෙනී යනවා මේවා කියවන කොට .
 
ඔය අස්සේ ජපනත් මේ පැත්තේ ලොක්ක වුනානේ . තායිලන්තේ එක්කත් ප්‍රන්ශේ සටනක් ඇති වුනා ඒ කම්බෝජියාවේ මායිම් ගැන . ලාඕසය නම් පුංචි අසරණයෙක් නේ. නිකන්ම ඉන්දු චයිනා සිතියමට ඇතුළු වෙලා ඉවරයි .
 
ඔය කාලයේ තමයි අපේ හෝ චි මින් හෙවත්'' හෝ මාමා ''කරලියට එන්නේ . ඔහුගේ මුලිකත්වයෙන්  උතුරු වියට්නාමයේ වියට් මින් සංවිධානය බිහිවෙනවා . කලිනුත් පොස්ට් එකක් දමපු නිසා මේ නිදන මිනිසා ගැන ආයේ ලියන්නේ නැහැ .විවිධාකාර සටන් වලින් පස්සේ ජනරාල් Vo Nguyen Giap ගේ නායකත්වයෙන් අපේ ප්‍රධාන මාතෘකාව වෙච්ච Dien Bien Phu සටන
ඇති වුණා . එයින් පැරදුනාට පස්සේ ප්‍රංශ ය ඉන්දු චයිනා සැලසුම අකුලගත්ත . තව දෙයක් යටින් මේකට උඩ ගෙඩි දෙමින් හිටි  ඇමරිකාව දැනගත්ත මේ වැඩේ ප්‍රන්ශුවාට කරන්න බැරි බව . ඔන්න බලන්න මිතුරන්ගේ හැටි .ජනාධිපති අයිසන්හවර් තීරණය කළා ප්‍රන්ශේ ට උදව් නොකර ඉන්න . පෙනේද මේකා.
ඔය වෙනකොට ලෝකයේ හිස ඔසවමින් හිටි කොමියුනිස්ට් වාදය පැසිෆික් කලාපයේ ව්‍යාප්ත වෙන එක වලක්වන්න ඇමරිකාවත් යුරෝපිය බලවතුනුත් හැඟී හොරා ඉන්දු චීන වැඩ පිළිවෙලට ප්‍රන්ශේ ට ආශිර්වාද කරමින් හිටියේ . හැබැයි මෙයාට මේකා කරන්න බැරි බව දැනගෙන ඇමරිකන් කාරය හිමින් මෙහෙ වැඩ අරඹල තිබ්බේ . The Quiet American (1958 film) [ ග්‍රැහැම් ග්‍රීන් ගේ පොතක් ඇසුරුකොට ගත්] වල ඕක අපුරුවට පෙන්වනවා . ඇමරිකාවට වෙච්ච අලකලංචිය ඉතින් ආයි ලියන්න ඕන නැහැනේ . Cu Chi Tunnels ගැන කියවන්නකෝ අතපසු වුනා නම් . ඒකෙ තියෙනව ඒ ගැන විස්තර .
 
 
 
 

ඉතින් ඔහොම  Dien Bien Phu සටනින් දිනලා නිදහසත් ලබාගෙන ..ආයේ ඇමරිකන් යුද්ධෙටත් මුහුණ  දීලා වියට්නාමය අද යන්තම් ඉහ ගහල ඉන්නවා. මට මෙහෙම වියට්නාමයේ සිටම මේ ගැන ලියන්න ඉඩ ලැබුනේ ත් එදා දිවිපිදු නිර්භීත කුඩා මිනිසුන් නිසයි. ඔවුන්ට මගෙත් අසීමිත ස්තුතිය මෙයින් පිරිනැමෙනවා .
ප.ලි.
ගොඩක් කියවා බොහොම පරිස්සමින් සාරාංශ ගත කලත් වැරද්දක් දැක්කොත් පෙන්වන්න . ඉතිහාසය වෙනස් කරනවට මමත් බොහොම අකමැතියි.
 
විශේෂ ස්තුතිය ...බෑන් කී මුන් මහතාට ඉස්කෝලේ පටන් ගන්න තීරණය කලාට .
[බොහෝ තොරතුරු අන්තර්ජාලයෙන් . ඒ ඒ ස්ථාන වලම ලින්ක් දමා ඇත ]
[පින්තුරත් Google Images තමයි . තවම යන්න බැරි වුනා . ලඟදි ගුවන් ගමනක් අරඹා ඇති නිසා එක්කගෙන යාමට පොරොන්දු වී ඇත .]
අමතර පින්තුර මෙයින් බලා ගත හැක

87 comments:

  1. පාසල් සමයෙන් පස්සෙ ලෝක ඉතිහාසය කියන විෂයෙන් ගොඩක් දුරස් වුන මාවතක ගිය මට නම් ඔබේ මේ විස්තර මගේ කියවීමෙ උනන්දුව තව තව වැඩි කරනවා...දීලා තියන සබැඳියන් ඔස්සේ ගිහින් තවත් මේ ගැන කියවන්න ඕන...
    ඔබේ මහන්සියට නම් ස්තූති කරන්න වචන නැහැ...

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි බින්දී මේ දීර්ග විස්තර වලට.

    ප්‍රංශය අප්‍රිකානු දේශය හා මැදපෙරදිග යටත් විජිතයක් කරන් ඉඳ ඇත. අදත් ලෙබනන්යේ ප්‍රංශ ආබාෂය ප්‍රබලයි. සවුදියේ සම්මත දෙවන බස ප්‍රංශ වුවත් වාණිජ/ව්‍යාපාරික බස හැටියට ඉංග්‍රීසි පත්වෙලා. අප්‍රිකාවේ බොහෝමයක් රටවල් වගේම අද ඉතාමත් කෝලහලකාරී ලිබියාව ද ඒ ප්‍රංශ අධිරාජ්‍යවාදී ගිරයේ පුවක්.

    ප්‍රංශය අප්‍රිකාව හැරගියත් අප්‍රිකාණුවෝ ප්‍රංශය අත ඇරියේ නැහැ. අප්‍රිකාණුවෝ බුරුතු පිටින් ප්‍රංශයට සංක්‍රමණය වූවා, නැතිනම් එදා අධිරාජ්‍යවාදීන්ට ගැති පිරිස ගෙන්වා ගත්තා. නූතන ප්‍රංශයේ විටින් විට ඇතිවෙන නොසන්සුන්තා, කැරැලි කෝලහල වල මුල ඒ සංක්‍රමණික අප්‍රිකාණුවෝ අත්විඳින තාඩන පීඩන හා සැලකිලි. නූතන ප්‍රංශය වන්දි ගෙවනවා.

    මං හිතන්නේ භාරතයේ අන්දමාන් නිකොබාර් හා ගෝවේ ද ඊස්ට් ටිමොර් ප්‍රදේශද ප්‍රංශ හකුවට හසුවූ ආසියාතික කලාප.

    ඔබේ පොස්ට් එකේ වැඩි විස්තර කියවන්නම් පසුව ඇවිත්.

    ReplyDelete
  3. ඔය ප්‍රන්ශක්කාරයෝ ඉතින් ගිය ගිය තැන ඉල්ලගෙන කාපු පොරවල් නේ! හික්! ඔය කොලනි කාරයො ඔක්කොම එකයි. දේශීය මිනිස්සුන්ගෙන් ගෙන් පුළුවන් උපරිම ප්‍රයෝජන අරන්, උන්ට කෙලවල යනව.

    ReplyDelete
  4. අදනේ දන්නේ Nguyen ල රජ පෙළපතකින් පැවත එන වග. මෙහෙ ඉන්න වියට්නාම් අයගෙන් දහයක් ගත්තොත් හතක්ම Nguyen ලා. මේ ළඟඳී අපි කතා වුනා මේ මිනිසුන්ට නම් නැතුවද එකම නම පාවිච්චි කරන්නේ කියලා. බලන් ගියාම ඔක්කොම රජවරු!! ස්තුත්යි බින්දී. හැමදාම වගේ අපිට කියවල රස විදින්න වගේම ඉගෙන ගන්නත් ගොඩක් දේ අරන් ආවට

    ReplyDelete
  5. ඔන්න උත්තරේ දිගයි හොඳේ. [සදාචාරවාදී ඇනෝ ප්‍රහාරයක් නොවේවා]

    මහා ලොකු දෙයක් නැහැ කියන්න ඇත්තටම. බින්දී දීලා තියෙන කරුණු ටිකෙන් මමත් ගොඩක් ඉගෙන ගත්ත.

    ප්‍රන්ෂකාලේ ඉන්දුචීනය ගැන පට්ට ෆිල්ම් එකක් බැලුවා අවුරුදු 15 කට විතර ඉස්සර. ඉතාමත්ම ලස්සන කෙල්ලක් උන්නේ. ධනවත් කොල්ලෙක් එක්ක ලව් එකක්. නිකම් නෙවේ ගින්දර විසිවෙන ලව් එකක්. [අපිත් උන්නේ ගින්දර විසිවෙන වයසේ නේ]. ඉතිහාස පොත් වලට වඩා නවල් ෆිල්ම් එහෙම හොඳයි ඉතිහාසය ග්‍රහණය කර ගන්න.

    ඔය කාලේ නැගෙනහිර ආසියාවට යුරෝපියයෝ යෙදු තියරිය අපට දාපු එකට වඩා වෙනස්. ප්‍රොටෙක්ට්ටොරෙට්‌ සංකල්පය. ඇත්තෙන්ම දොන් ජුවන් ධර්මපාල තියරිය ම තමයි. හැබැයි පොර දරුවෝ නැතිව මැරිලා ගියා. සීතාවක රාජසින්හත් එහෙම්ම මැරුණම පරංගියා ට්‍රයි කළා නේ ඔය වැඩේ කරන්න මහා නුවරදී දොන් පිලිප් ද කවුද කියලා පොරකට - පොර දාලා මුළු ලංකාවම අල්ලන්න. තව පොඩ්ඩෙන් අපි අදත් පාරේ කානිවාලේ තියන, ගස් යට අඩල්ට්ස් ඔන්ලි [අකුරු තුනම] කරන, වෙඩි තියාගන්න, හරක් එක්ක ෆයිට් කරන, මකොල්ල දේශයක. විමලධර්මසුරිය මේකට නුලෙන් ගේම දුන්නට පස්සේ උන් අපිත් එක්ක කලේ යුද්ධ. ප්‍රොටෙක්ට්ටොරෙට්‌ සංකල්පය හරි ගියේ නැහැ.

    හැබැයි නැගෙනහිර ආසියාවේ උනුනුන් අතර ඇවිලී ගිය අපෙ යුද්ධ වලට වඩා බියකරු යුද්ධ නිසා, උන්ට ආක්‍රමණිකයා පෙනුනේ දෙවියන් එවූ ආරක්ෂකයා වගේ. කෙමර් රාජ්‍යය ඔය හරියේ දරුණු වහල වෙලන්දාමකුත් කළා කියලා අහලා තියෙනව. ඉතින් කට්ටියක් ප්‍රන්ශේටත් ඉතිරි කට්ටිය එංගලන්තෙටත් කඩේ ගියා.

    ඔයිට අමතරව ඕලන්දක්කාරයත් ඇල්ලුවා චීන දුපත් කිහිපයක්. පරංගියා මැකෝ දිවයින.

    ඉතිරි ටික ඔයා ලියපු හැටියට තමයි. හෝ සීයා වැඩේට බැස්සේ තිස් ගණන් වලදී නේද?

    ආ තව එකක්. අල්ල ගත්තට පස්සේ රටේ කළු[කහ] සුද්දන් හදන්න ඒගොල්ලන්ගේ ආගම පතුරවන එක ජයට කළා. දකුණු වියට්නාමේ බලය හිමි කරගත් ක්‍රිස්තියානි ලොකු සුළුතරයක් හැදුවා. ඊට පස්සේ බලය උන්ට දීලා අන්තිමට හාමුදුරුවරු ගිනි තියාගන්න තත්ත්වය දක්වා ගෙන ආවේ ප්‍රංශ නූල් සුත්තර තමයි.

    [ලංකාවෙත් ඕක කලාට බණ්ඩයියා සේනානායක පවුල් ඇතුළු කළු සුද්දන් නැවත ආගම මාරු කළා නේ - ඒ කොටසෙ ගෞරවය දෙන්න ඕනේ ධර්මපාල තුමාට]

    දැන් ආගමක් හැටියට ක්‍රිස්තියානි වෙච්ච [මගෙත් බාගයක් නෑදෑයොත් එක්ක] අය අමනාප වෙන්න එපා. මගේ මතය රටවල් අල්ලන්න ආගම පතුරන එක ගැන විතරයි. මට කියලා ආගමක් නැති එකේ මං මොකටද එකකට විතරක් ගහන්නේ.

    ආක්‍රමණිකයෙක් හැටියට හොඳම ඉංග්‍රීසින් හා ප්‍රංශක්කාරයින්. ඉංග්‍රීසින් තම විජිතය තාක්ෂණයෙන් හා යටිතල පහසුකම් වලින් හැදුවා. මිනිසුන්ට සදාචාරවත් විදිහකට [සාපෙක්ෂව] සැලකුවා. තම දර්ශනය අදහන කල්ලටත් සම තැන දුන්නා. ප්‍රංශ කාරයා දේශපාලන නිදහස වැඩිපුර දුන්නා. අල්ජිරියන් ලිබියන් වගේ රටවලින් එකෙකුට ප්‍රංශ පාර්ලිමේන්තුවට නියෝජනයක් දුන්න. සෙනෙගාලයේ ඔක්කොම ප්‍රංශ සිටිසන්ලා කළා. අදටත් මේක වැලිඩ්.

    ඕලන්දක්කාරයා වෙළඳාම දියුණු කළා. පරංගි හා ස්පාඥඥ කාරයෝ නම් අමු මංකොල්ල කාරයෝ.

    මේ අන්තිම ටිකෙන් ඩීන් කිව්ව දෙයට සමගාමී කතාවක් කියැවෙන්නේ. හැබැයි නැ ටිමෝරය නම් මතක හැටියට පරන්ගී කොලනියක්. ඉන්දියාව කියන්නේ මුලික වශයෙන් ප්‍රංශ හා ඉංග්‍රීසි යුධබිමක්. මහා රජ වරුන් එක්ක සෙට් වෙලා උන් කාලයක් මරා ගත්ත. අන්දමන් නිකොබාර් ගැන දන්නේ නැහැ. ගෝව මං හිතන හිටියේ සෑහෙන කලක ම පරංගියා යටතේ තිබ්බ කියල.

    හා මේක අමතක උනා. ලංකාවේ පහතරට පරන්ගින්ගෙන් අල්ලන්න ඕලන්දක්කාරයට ගියා දශකයක් විතර. ඒත් ඒකම අල්ලගන්න ඉංග්‍රීසි කාරයාට ගියේ මාස කිහිපයයි. ඊට කලින් ලංකාව වැඩක් නැහැ කියලා ඉන්දියාවම කකා හිටිය ඉංග්‍රීසින් මෙහෙම කලේ "ප්‍රංශ හේතුවක් නිසා".

    1790 ගණන් වල ඔලුව නැති විප්ලවේ කොරලා ජයග්‍රහණය බොනපාට් ට බන්දේසියක තියලා බාර දුන්නනේ ප්‍රන්ශේ. ඔය කාලේ බොනපාට් කාරයා [බීලා වැඩි වෙලා] යුරෝපේ පුරාම නෙලා ගෙන ගියා. ඔහු පෘතුගාලේ ඇල්ලුව පාර එහි රජු බ්‍රසිලේට ගිහින් බ්‍රසිලේ පෘතුගාලේ කියලා නම දාගෙන හිටියේ. එච්චර පොරට බයයි.

    ඔය කාලේ ලංකාව අල්ලන් උන්නේ ඕලන්ද කාරයෝ. බොනපාට් ඕලන්දයට ගේම දෙන්න ගියේ ඔය කාලේ. බැරි වෙලාවත් අල්ලුවනම් මොකද වෙන්නේ. ලංකාව ඕලන්දෙන් ප්‍රන්ශේ ට යනවා [එහෙම උනා නම් අපිට අද ප්‍රංශ සිටිසන් වෙන්නත් තිබ්බ ෂිහ්]. මේ කාලේ ඉන්දියාවේ ඔය එංගලන්තේ හා ප්‍රන්ශේ අන් තට්ටු ලොක් කර ගෙන උන්නේ. ඩේඩ් ලොක්. ඔය අස්සේ මේ පල්ලෙහා තියෙන පොඩි දූපත ප්‍රන්ස්හෙට ගියොත් කියලා ඉන්දියාව රැක ගන්න පියවරක් හැටියට මුළු බලය යොදා ඉංග්‍රීසින් ලංකාව අල්ලන්නේ ඕකයි.

    ඔන්න ඔහොමයි උනා කියන්නේ.

    මං ඔය යුරෝපෙන් ආසම රටක් නේ ප්‍රන්ශේ. කොහොමත් ගෙදර පොඩි ටච් එකක් තියෙන නිසා ඔය රට නිතර මතු වෙනවා කතා බහේ. මං බලන් ඉන්නෙ එයා වැඩිදුර ඉගෙන ගන්න මාවත් එක්කන් යයි කියලා, මට ලූව්රේ හා අයිෆල් කුළුණ බලන්න.

    ලියපු වල්පල් නොගැලපේ නම් නොකියවා ඉන්න අයිතිය ඇනොවරු සතුයි.

    ReplyDelete
  6. හී ඔන්න මං ආසා විදියෙ පෝස්ට්.. අපට වාද-විවාද-සංවාද කරන්න පුළුවන් ජාතියෙ ඒවා.. :)

    49 විප්ලවය හරහා චීනය කොමියුනිස්ට් වුනාට පස්සෙ, 51-53 කොරියන් යුද්ධෙන් කොරියාව දෙකඩ වුනාට පස්සෙ බටහිර ජාතීන්ට එල්ලෙන්ට තිබ්බ එකම පිදුරු ගහ ඉන්දු-චීනය විතරයි.. මේ ඇවිල්ලා සීතල යුද්ධයේ ආරම්භය.. එක පැත්තකින් සෝවියට් රුසියාව නැගෙනහිර යුරෝපයේ තමන්ගෙ ආධිපත්‍යය පතුරද්දි, අනික් පැත්තෙන් මෙහෙටත් හොට දමමින් හිටිය කාලෙ..

    මෙතන වැදගත්ම දේ වෙන්නෙ, වියට්මින් වරු අවම පහසුකම් යටතේ, ප්‍රාථමික මට්ටමේ දේශීයව නිපදවපු අවිආයුධ (ගල්කටස්!!) යොදාගෙන සුපිරි ප්‍රංශකාරයින්ට ගේම දුන්න එක.. බොහෝදුරට මේ ජයග්‍රහනවලට මූලිකම හේතුව වුනේ ජෙනරාල් ගියප් ගේ යුධ උපක්‍රම..

    ReplyDelete
  7. ආ මේ නම Nguyen කියවන්නේ "නියියුයැන්" කියල නේද? ඕක හරියට කියවන්න හැකි වියට් නොවන අය මට හමු වී නැහැ. උන්ගේ දිව උපතින්ම ඇදයි කියලයි අපි ඉස්සර කිව්වේ.

    ජේනරාල් තුමා ගේ අන්තිම සටනක් ගැන පින්තුරේ කියලා තිබ්බ. ඒ මොකද්ද? පොල්පොට් එක්ක ගොන් පාට් සටන ද? අයියෝ ඒක ගහන්න ගියෙ මාස ගානයිනේ.

    සමාජවාදය කාල නාස්තියක් කියලා හිතුවට මං වියට් කාරයින්ට ආසයි. ගහන්න ඕනේ ඔහොම තමයි. වෝ නම් වෝ. ලේ මස් ඇට මිදුළු දක්වාම වෝ. [නමත් වෝ]

    ReplyDelete
  8. @සුජීව,

    අඩේ අපි ප්‍රංශකාරයින්ට යටවුනා නං කෝ අපට ක්‍රිකට්.. එහෙනං 96 වර්ල්ඩ් කප් එකත් නෑ.. :)

    ReplyDelete
  9. @සුජීව,

    ජෙනරාල්තුමාගේ අන්තිම වෝර් එක ඉකොනොමික් වෝර් එක.. :)

    ReplyDelete
  10. [මගේ වල්පල් ලියන ලෙඩේ තවම සනීප නැහැ වගේ]

    බින්දී ලාඔසේ අකුරු දැක තියේද? හැකිනම් මේ ගැන පෝස්ට් එකක් කරන්න. ඔවුන් සතුව සිංහල වැනිම අකුරු බර ගානක් තිබේ. මේ පළාතේම අකුරු බිහිවුනේ සංස්කෘත වලින් [අශෝකගේ ධර්ම යුද්ධ]. ඒත් ලංකාවට සමානම හෝඩිය අනික් කොනේ තියෙන්නේ කොහොමද?

    ඔන්න බින්දී තව දෙයක් හොයාගෙන එන්න අපිට.

    ReplyDelete
  11. හරි ක්‍රිකට් වෙනුවෙන් මගේ සහය ෆෙද්රික්ට් නෝත්ට [ඌ නේද බුවා]. 1795 දී ඉංග්‍රීසින්ට ජයවේවා.

    ReplyDelete
  12. [[ජෙනරාල්තුමාගේ අන්තිම වෝර් එක ඉකොනොමික් වෝර් එක]]

    ගෝටා මේ දිනවල නගර හදනවා වගේ.

    ReplyDelete
  13. මගේ කලින් කොමන්ටුවේ:
    /මං හිතන්නේ භාරතයේ අන්දමාන් නිකොබාර් හා ගෝවේ ද ඊස්ට් ටිමොර් ප්‍රදේශද ප්‍රංශ හකුවට හසුවූ ආසියාතික කලාප/

    ඔව් ඔව් සුජීව හරි (මං පටලවා ගෙන නොවැ), ඒවා පෘතුගීසින්ට යටත්ව තිබූ දේශ.

    ReplyDelete
  14. ඔලුව නැති විප්ලවේ 1789 හොඳේ.

    ReplyDelete
  15. තව දෙයක්. ඇමරිකා එ ජ භුමිය ඔවුන්ගේ නිදහසෙන් පසු අල්ලා ගත් එකම රට ප්‍රංශය. "සුදු ගෙට" ගින්දර තිබ්බ නේද? හැබැයි නිග්‍රෝ වහලුන්ට පැරදී රටක් අහිමි වූ එකම කොලනි කාරයත් ප්‍රංශය. හයිටියේදී.

    ReplyDelete
  16. සුජීව,

    පොඩි නිවැරැදි කිරීමක්.. විප්ලවේ 1789 වුනාට බොනපාර්ට් කාරයා ගේම දුන්නෙ 1800 ගනංවල මුල, හරියටම කියනවානං 1804 දී බුවා බලයට ආවෙ.. 1812 රුසියාව අල්ලන්ට ගොහිං තමා එයා අනාගත්තෙ..

    // තව දෙයක්. ඇමරිකා එ ජ භුමිය ඔවුන්ගේ නිදහසෙන් පසු අල්ලා ගත් එකම රට ප්‍රංශය //

    හිහ් හිහ්.. අන්තිමට අමෙරිකන් කාරයන්ට වුනා සල්ලි දීලා ඒ ටික ආපහු ගන්ට.. දන්නවනේද අක්කරේ සත 4 ගානෙ ලුවිසීනියාව ගත්ත හැටි.. :)

    ගෝව තාමත් පරංගි කොලනියක් වගේම තමා.. ඇයි මැකාවෝ.. :D

    ReplyDelete
  17. ඔන්න ප්‍රශ්නයක්. විකිය බුරාගේ අදහස අනුමත කරනවා. එහෙත් මෙන්න මේකත් වෙනත් විකියකින් ගත්තේ.

    During the Napoleonic Wars Great Britain, fearing that French control of the Netherlands might deliver Sri Lanka to the French, occupied the coastal areas of the island (which they called Ceylon) with little difficulty in 1796.

    යකෝ මේක ඔය ලාංකීය කෙප්පයක්ද? මා යි ඔය විකිය ලිව්වා එකයි රැවටුණු. මං ඕක දන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලා. මොකක් හරි පොතක හරි පත්තරේක හරි තිබ්බේ.

    ReplyDelete
  18. නැහැ මේ යකා [බොනපාට්] හමුදා නායකයෙකු වශයෙන් තමයි යුරෝපේ අල්ලන්න පටාන් ගෙන තියෙන්නේ. ඒකයි සිද්ධිය.

    ඒ මුල්ම යුද්ධ වලින් එකක් තවත් අමරණිය යුද්ධයක්. ආගමික රාජ්‍යයක් ලෙස විද්‍යාව යටපත් කරමින් හුන් "ශුද්ධ වූ රෝමේ" සුද්ද කර, පාප් තුමා සීසර්ගේ දේ සීසර්ට දී වතිකානුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න වැඩ සැලසුවේ ද ප්‍රන්ශක්කරයින්.

    ReplyDelete
  19. [[දන්නවනේද අක්කරේ සත 4 ගානෙ ලුවිසීනියාව ගත්ත හැටි.. :)]]

    මේක දන්නේ නැහැ.

    [[ගෝව තාමත් පරංගි කොලනියක් වගේම තමා]]

    නේරු කාරයා හමුදාව යවා අල්ල ගත්තේ නැතිනම් 100% ක් ම එහෙමයි.

    ReplyDelete
  20. හික් හික්.. පියුරින් වෝර් වලින් ගොඩනැගූ රෝමය සුද්ධ කරන්නට නැපෝලියනික් වෝර් එකක් අවස්ය විය.. ඉතිහාසයේ සරදම්.. :D

    ලුවිසීනියාවෙ සීන් එක මේකයි.. මතක විදියට ඒ නැපෝගෙ කාලෙ තමා (1812 හෝ ඒ ආසන්න).. ඇ.එ.ජ. ට භූමිය අවශ්‍ය වූ අකර නැපෝට යුද්ධ කරන්නට සල්ලි අවශ්‍ය විය.. ඉතිං පාරම්පරික ඉඩකඩං ටිකක් විකුනලා දැම්මා, ඕවා තියාගත්තත් කරදරයිනේ බලාකියා ගන්ට.. අමතක කොරාන්ට එපා ඒ කාලෙ ඇ.එ.ජ. මේ වගේ ලොක්කෙක් නෙවෙයි, යාන්තං ජනපද 13ක් අටවං උන්නු කාලෙ.. මේ ඉඩං ගනුදෙනුව නිසා ඇ.එ.ජ. භූමිය (එවකට) ඩබල් වුනා කියලයි කියන්නෙ..

    මං දැන් වැඩට යායුතුයි.. ඇවිත් හොයලා බලලා ලින්ක් එකක් දාන්ට ට්‍රයි කොරඤ්ඤා..

    ReplyDelete
  21. සුභ පැතුම්..!
    ඊ මේල් කවිකාරි

    ReplyDelete
  22. ඔව් ඔයකාලේ උන්ට බටහිර වෙරලක්, මිසිසිපියෙන් උඩ රට මැද්දක් හෝ රත්තරන් නොතිබුණි.

    ReplyDelete
  23. ඉන්දියාවෙ ප්‍රංශ කොලනියක්ව තිබූ ප්‍රදේශද ඇත..
    උදාහරනයක් " පොන්ඩිචෙරි ".
    තාමත් සුලු සුලු නීති වෙනස් කම් හෙම තියෙනව අහල තියෙන හැටියට.. බියර් වලට බදු අය නොකිරීම වගේ...

    ප්‍රංශුවා යනකොට ඒ ප්‍රාන්තෙ ( ඉතා කුඩා ප්‍රාන්තයකි ) හිටපු අයගෙන් ඕනැම කෙනෙකුට ප්‍රංශෙ පුරවැසි කම ගන්න අවස්තාව දුන්නලු...

    ReplyDelete
  24. සපා;

    දහනවවන සියවසේ එංගලන්තෙට ලැබූ පට්ට ග්‍රහයා නිසා ඉන්දියාවේ ප්‍රංශ මුලස්ථානය වූ පොන්ඩිචේරියත් උන්ට අහිමි විය.

    ReplyDelete
  25. @ ලකී
    ඇත්තටම මමත් මේ ලිපිය ලියද්දි ගොඩක් දේ ඉගෙන ගත්තා . බලන කොට ඔබටත් මට වගේම කවි පොතයි ඉතිහාස පොතයි දෙකම මග වැටිලා . සුජීව ..ගල් මල් ..බුරා තුන්දෙනා නම් තවම ඉතිහාස පොත නිතර අතේ තියන් ඉන්නේ . බලන්නකෝ කරුණු කාරනා දීල තියෙන ලස්සන . එව්වත් කියවන්න . ඔබ මට ස්තුති වෙනවට වඩා මා ඔබට ස්තුතියි. කියවන අය නැත්නම් මොකට ලියනවද කියල අතැරලා හුඟක් කල්
    @ගල් මල්
    ස්තුතියි ඩින් අය්යා හැමදාම වගේ පොස්ට් එකේ කරුණු කාරනා අලුත් දැනුමින් පුරවනවට . English Patient කතාවේ ටිකක් තියෙනවා දෙවන ලෝක යුද්ධ කාලේ අප්‍රිකාවේ තත්වය . ඒත් යටත් විජිත ලෙස ඒ රටවල් ගැන මම දන්නා දේ මදි කියල හිතෙනවා . ඒ ගැන ටිකක් කියවන්න ඕන .
    @බුරතිනෝ
    ඔය කට්ටිය පට්ටං ගෙන තියෙන්නේ .ඇවිදින පුස්තකාලවලින් මටත් ඉගෙන ගැනීම තමයි ලද ලොකුම වාසිය . ඔව් ඔව් දේශීය අවි කියන්නේ මිරිස් කුඩු වගේ භයානක අවි මෙයාල පාවිච්චි කරලා තියෙනවා ඇමරිකාවට එරෙහිව . ඔන්න කුස්සියේ සටන් හෙම ඇති කරගන්න එපා . භයානක ආයුධ ඇති තැනක් .
    අගෝස්තු 25 ජෙනරාල් ගියප් ගේ 100 වෙනි උපන් දිනය සැමරුවා . ඔහු තමයි වියට්නාම යුධ ඉතිහාසයේ ජීවත්ව ඉන්න වයසකම සෙනෙවියා. මේ දවස් වල මෙහෙ පුවත් පත් වල මේ ගැන ලියවෙනවා . ප්‍රදර්ශන පැවැත්වෙනවා . එක ප්‍රදර්ශනයක් තනිකර වැලි වලින් කල ඔහුගේ පින්තුර .

    @ මුහුදු ..
    අදත් ඕව එක එක ආකාර වලින් වෙනවනේ . ඔයාගේ මුතුන් මිත්තෝ තමයි ඔන්න . නැව යන අතට ගියා . අහුවෙන රටක් අල්ල ගත්ත . [විහිළුවක් ]

    @ චන්දි

    අපොයි ඔව් මෙහෙ ඕක නිකන් පෙරේරා වගේ තමයි. ඔයා එයාලට වැඩි සැලකිලි හෙම දෙන්න ඕන නැහැ . දැන් ඔව්ව ගණන් ගන්නේ නැහැ

    @ සුජීව
    ඔන්න බලන්න ''කමෙන්ටර්ස් බ්ලොක්'' කොහෙන් ගියාද නැහැ .ඔය ලෙඩ වලට කියාපු බෙහෙත් මෙව්වා . මන් ඒත් හිතුව සුජීවට වෙලාවක් නැද්ද කියලත්. ඔය තියෙන්නේ යාර ගානක් දිගට . ඇත්තටම ඔබගේ අදහස් වලින් අපි කොතෙක් දේ ඉගෙන ගන්නවද . මට නම් එය ඉතාම වටිනවා .
    ඉතාම රසවත්ව පොස්ට් එක තරම්ම දිගට ඔබ ලියු අදහස් වලට සහ ඒ වෙනුවෙන් කැප කරන කාලයට ස්තුතියි කියන්න වචන නැහැ . හැමෝටමයි කියන්නේ පොස්ට් එකට අදාලව හෝ නැතුව හෝ ඕනෑම දෙයක් කතාකලාට මගෙන් බාධාවක් නැහැ . මමත් කියවා ඉගෙන ගනිමි. රස විඳිමි . ස්තුතියි නැවතත්
    Nguyen කියවන්නේ කොහොමද මන්දා .හෙට කාගෙන් හරි අහන්න ඕන . නහයෙන් සහ කට ඇතුලේ තියාගෙන කතා කරන මේ භාෂාව ඉගෙන ගන්න මට නම් කොහොමත් හිතුනේ නැහැ . සමහර පාරවල නම් එහෙම කියනකොට ටැක්සි රියදුරන් ඇසුයි කටයි දෙකම අරගෙන හොල්මන් වෙලා ඉන්න හැටි බලන්න දුකයි. අපේ කෙල්ලන්ට නම් දන්නා වචන ටික හොඳට කියන්න හැකි.

    @ බුරා
    සුද්දගේ ක්‍රිකට් සුද්දටම ගහන කොට උන්දැට හිතෙනවා ඇති අනේ අපේ ඔල මොට්ටල සියල මුන්ට මොකට මේක ඉගැන්නුවද කියල

    @ ඊ මේල් කවිකාරි
    ස්තුතියි කියවුවට සහ සුබ පැතුමට

    @ සපතේරු උන්නැහේ

    ඔන්න කට්ටියට හරි ආස හිතෙයි එහෙ යන්න බියර් බොන්න . අනේ මේ සුද්දා අපිට දුන්නේ නැහැනේ පුරවැසිකම . පුදුමයක් නැහැ පැරිසියේ තියෙන ජන විවිධත්වය ගැන

    ReplyDelete
  26. http://english.vietnamnet.vn/en/society/12268/photos-honor-general-vo-nguyen-giap-s-100th-birthday.html ජෙනරාල් ගියප් ගැන තියනවා මෙතන

    ReplyDelete
  27. ලාඕස් අකුරු දැක තියෙනවා . මන් බලන්නම් ලියන්න ඒ ගැන .ස්තුතියි ඔත්තුවට

    ReplyDelete
  28. බොහෙම ස්තුතියි.රසවත් ඉතිහාසය ගැන සටහනක් තැබුවාට...

    ReplyDelete
  29. ඉතිහාස පාඩමක් ඉගෙන ගත්තා. ඔයාට හුඟාක් ස්තුතියි අක්කේ

    ReplyDelete
  30. මට වැරදුනු ටහ්නක් මං ම හදන්නම්.

    [[දහනවවන සියවසේ එංගලන්තෙට ලැබූ පට්ට ග්‍රහයා නිසා ඉන්දියාවේ ප්‍රංශ මුලස්ථානය වූ පොන්ඩිචේරියත් උන්ට අහිමි විය.]]

    මේක වෙලා තියෙන්නේ කෙටි කාලෙකටයි. ආයිත් ගිවිසුම් වලින් මේ පෙදෙස ප්‍රංශ කාරයින්ට ලැබෙනවා. ආයිත් නැති වෙනවා අයිත ලැබෙනවා. ඔහොම කාලය ගෙවෙනවා. අන්තිමට ඉන්දියාව නිදහසත් ලැබුවට පස්සෙයි සහමුලින් උන් ඉවත් වන්නේ.

    සපා කිව්වා වගේ අන්න එතකොට උන් ඒ පළාත් වල මිනිසුන්ට සිටිසන්ශිප් ඔෆර් කරනවා. නරකයි ගියානම් උන්ට. අද එහෙනම් ප්‍රංශය නිකම් ෆිජි, ගයනාව වගේ වෙන්නේ. 1/2 ට වඩා ඉන්දියන්.

    ReplyDelete
  31. අනේ අක්කා මම ඉතිහාසය ෆේල් .. මට මෙවුවා තේරෙන්නේ නෑ ..

    කාටද මිෂනාරි කියන්නේ ? ඔය වචනේ මම අහලා තියනවා ..ඒත් අද වෙනකම් ඒකේ තේරුම දන්නෑ මම හිතන්නේ පූජකයෝ මම හරිය ?

    ReplyDelete
  32. Bindi - //සුද්දගේ ක්‍රිකට් සුද්දටම ගහන කොට උන්දැට හිතෙනවා ඇති අනේ අපේ ඔල මොට්ටල සියල මුන්ට මොකට මේක ඉගැන්නුවද කියල //
    එංගලන්තේ දැන් ලෝකෙ හොඳම ටෙස්ට් ක්‍රිකට් කන්ඩයමනේ. ඉතින් කැමරන් ලොක්ක ඕක ඔබාමා ලොක්කට කියල. එතකොට උන්දැ කිව්වලු "You invented the game. That's like saying America is No. 1 at baseball or American football" කියල!!!

    ReplyDelete
  33. හප්පොච්චියේ....මෙතන නෙව විද්වත් සබාව ඉන්නෙ හෙහ්.....හෙහ්,

    බොහොම ආසාවෙන් කියෙව්ව........ඉතිහාසය මගෙත් ප්‍රියතම විෂයයක්.....

    ඔබට බොහොම ස්තූතියි බින්දි.......මට මතකයි මම මීට කලකට පෙර ඉල්ලීමක් කලා ඩීයෙන් බියෙන් ෆූ සටන ගැන පෝස්ට් එකක් ලියන්නෙයි කියල.........ඒ ඉල්ලීම ඉටු කිරීම ගැන.....

    ReplyDelete
  34. @සුජීව,

    දන්නවද, ඉන්දියාවෙ තියෙන යුනියන් ටෙරිටරි දෙකෙන් එකක් තමා පොන්ඩිචේරිය (අනෙක දිල්ලිය).. ඒ කියන්නෙ පරිපාලනය කෙලින්ම වගකියන්නෙ නවදිල්ලි මධ්‍යම ආණ්ඩුවට, ප්‍රාන්ත පාලනයට නෙවෙයි..

    මෙන්න අර ඉඩං ගනුදෙනුව ගැන ලින්ක් එක.. ඒක වෙලා තියෙන්නෙ මං කියපු කාලවකවානුවට ටිකක් කලින් (මතකය දුරුවල වේගෙන යනවා).. :)

    http://en.wikipedia.org/wiki/Louisiana#Purchase_by_the_United_States

    ReplyDelete
  35. තවත් නොදන්න දෙයක් දැන ගත්තා ......
    මගෙත් ඉතිහාස දැනුම බිංදුවයි, මෙහෙම එකකින් තමා මොකක් හරි දැන ගත්තොත් ........

    ReplyDelete
  36. හපොයි කිසිම දෙයක් තේරෙන්නේ නැත. ඔලුව දාලා බැලුවේ විද්වත් සබාව දිහයි......:D

    මහන්සි වෙලා කරපු පෝස්ට් එකක්. හිමිහිට කියවලා බලන්නම්.

    ReplyDelete
  37. @ තීර්ථ යාත්‍රිකයා..
    අලුත් දෙයක් දන ගත්ත නම් ඒකමට සතුටක් මල්ලි.
    @ අයේෂා
    ස්තුතියි නංගි කියෙව්වට
    @සඳරු
    ඉතිහාසේ ෆේල් නොවී තියේය පාඩම් කෙරිල්ල පැත්තක තියල වෙන වැඩනේ කරලා තියෙන්නේ . ඔයාගේ හැකියාව වෙන එකක්නේ . ඒ තමයි ලිවීමේ හැකියාව . ප්‍රශ්නයක් නැහැ . මමත් අකමැති සහ මට බැරි අංශ තමයි වැඩි දන්නා දේවලට වඩා .
    @ රවී ..
    ඇත්ත තමයි මට දැන් තමයි ඔයා කිව්වා කියල මතක් වුනේ . කමක් නැහැ කොහොම හරි ලියවුනා නේ .ස්තුතියි රවී
    @කල්හාර ..
    ස්තුතියි කල්හාර . කොහොමත් අපේ ඉතිහාස පොත් වල මේ කලාපය ගැන වැඩිය කියල දුන්නේ නැහැ . අපේ කාලයේ පැරණි ශිෂ්ටාචාර ගැන මිසක් මේ යටත් විජිත කාල ගැන තිබු බවක් මට මතක නැහැ .
    @ පොඩි
    අපි දන්නවා ඔයා මේ අංශය ගැන ඒ තරම් කැමැත්තක් නැහැ කියල . ආදරයට බර සහ චිත්‍ර කලාවට සමත් පොඩ්ඩි...
    මේ කියන Gia Long අධිරාජයා ගැන තිබ්බ එක දෙයක් . ඒකට නම් ඔයා කැමති වෙයි . ඔහු බහු භාර්යා ක්‍රමයට කැමති වෙලා නැහැ . ඒත් රාජ්‍ය සම්ප්‍රදායන් රකින්න සහ රජය ශක්තිමත් කර ගන්න විවිධ ඇමතිවරුන්ගේ දියණියන් වරින්වර විවාහ කරගන්න සිද්ධ වුනාලු
    @ බුරා ..සුජීව ...ගල්මල් ...මුහුදු ..
    ඉතාම ස්තුතියි හරබර කරුණු එක් කරනවට

    ReplyDelete
  38. බුරා මං ඒක දැන උන්නේ නැහැ. ඒ කියලා වෙනසක් නැතුව ඇති. ඉන්දියාව නේ.


    ස්තුතියි සබැඳිය ටත්. අදටත් ලුසියානාවේ ප්‍රංශ කතා කරන ලොකු ප්‍රමාණයක් ඉන්නවා. මං දැනුයි දක්කේ හයිටියේ [ප්‍රංශයේ අවමානය] බුවා ලා එහෙට ඇදපු බව.

    ReplyDelete
  39. අනේ බින්දි ඔයාට වෙච්චි දේමයි මටත් උනේ . ඉතිහාස පොතක් තිබිලම නෑ. කොහොම උනත් මේ විස්තර දැංවත් කියවන්න සළස්වනවාට ඔයාට ගොඩක් ස්තූතියි, ලිපියෙන් වගේම හරබර සංවාදයෙනුත්.
    පොරොන්දු වෙච්චි ගමන ගිහින් ඇවිත් තව විස්තර ලියන්නකො.

    ReplyDelete
  40. @සුජීව,

    // ඔයිට අමතරව ඕලන්දක්කාරයත් ඇල්ලුවා චීන දුපත් කිහිපයක්. පරංගියා මැකෝ දිවයින. //

    පෝස්ට් එක ආයෙමත් කියවනකොට තමා මගඇරුනු මේ ටික දැක්කෙ.. ඕලන්දක්කාරයින් ඇල්ලුවෙ චීන දූපත් කීපයක් විතරක් නෙවෙයි.. මලක්කා සමුද්‍රසන්ධිය හා ඒ අවට බලය සම්පූර්ණයෙන්ම තිබ්බෙ එයාලට.. ඒ කියන්නෙ වර්තමාන ඉන්දුනීසියාව හා ජාවා කලාපය.. බතාවියා (වර්තමාන ජකාර්තා) කිවුවෙ එයාලගෙ පෙරදිග අගනුවර..

    ReplyDelete
  41. @බින්දි/ සුජීව/ බුරතීනෝ
    බින්දිගේ පෝස්ට් එකයි සුජීවගෙයි, බුරාගෙයි කමෙන්ට්ස් ටිකයි එකතු කරලා ගත්තම අපූරු ඉතිහාස පාඩමක්.
    ප්‍රංශ කාරයින්ට බයේ ඉංග්‍රීසින් ලංකාව අල්ලපු කතාව මීට කලින් අහලවත් තිබුනේ නෑ.
    හැබැයි ප්‍රංශ විප්ලවේ ඔලුවක් නැති විප්ලවයක් හැටියට අවතක්සේරු කරන්ඩ එපා. නුතන ලෝකයේ පළමු විප්ලවීය අත්දැකීම ප්‍රංශ විප්ලවයයි. එය සුජීව කිව්වා වගේ හරි ඔලුවක් නොතිබ්බ නිසා අසාර්ථක වූ බව ඇත්ත. ඒත් රාජ්‍ය පීඩාව දරාගත නොහැකිව ජන අසහනය විප්ලවයක් ලෙස දෝරෙ ගලා ගිය පළමු අවස්ථාව. පසු කාලීනව සාර්ථක වූ විප්ලවයන්ට මූලික උනේ ප්‍රංශ විප්ලවය නමැති පාඩමයි. මාක්ස් සහ එංගල්ස් එක්ව කොමියුනිස්ට් ප්‍රඥප්තිය (comunist Manifesto) සකස් කරද්දී ප්‍රංශ විප්ලවයේ පාඩම බොහොම වැදගත් උනා.

    @සඳරු
    මිෂනාරි කියන්නෙ පූජකයන්ට තමා. ඒත් සෑම පූජකයෙක්ම මිෂනාරි කෙනෙක් නෙමෙයි. විදේශ රටවල ධර්මදූත මෙහෙයට ගිය ක්‍රිස්තියානි පූජක වරු තමා මිෂනාරි ලෙස හඳුන්වන්නෙ. ඔක්ස්ෆර්ඩ් ශබ්ධ කෝෂය කියන්නෙ මෙහෙමයි.
    Missionary - (noun) a person sent on a religious mission, especially one sent to promote Christianity in a foreign country.

    ReplyDelete
  42. @බින්දි
    කවදත් වගේ බින්දිගේ පෝස්ට් එක සුපර්.

    ReplyDelete
  43. අම්මෝ... හෙන ගොඩාක් දේවල් ඉගෙන ගත්තෝ........

    ReplyDelete
  44. @ හරී..

    මේ කට්ටිය දන්නා දේවල් දැක්කම මන් දන්නේ මොනවද කියලත් හිතෙනවා . මෙවැනි විද්වතුන් ඇසුරු කරන්න පින තිබීමත් මදැයි නේද . ඉස්සර මමත් හිතුවේ අනේ මේ වියට්නාමේ මොනවා බලන්නද කියලයි . ඒත් දැන් නම් ඇවිදින්න හරිම ආසයි .

    @ පොත් ගුල්ලා ..

    කවදත් වගේ ඔබටත් ස්තුතියි . ඇත්තටම මේ පොස්ට් එකට මම ටිකක් වැඩියෙන් කියෙව්වා ,ඒ වගේම කමෙන් වලින් ගොඩක් ඉගෙන ගත්ත

    ReplyDelete
  45. තැන්q පොත් ගුල්ලා .. මිශනාරි ගැන අදයි දැනගත්තේ

    ReplyDelete
  46. @බින්දි
    අනේ ඔය වියට්නාමෙට බුද්ධාගම ගිය හැටිත් වෙලාවක කියන්ඩකෝ.

    ReplyDelete
  47. @පොත් ගුල්ලා:
    ඔබේ ඉහත සටහනේ විමසුම කලින් දවසක සයිබර් කැලේ පීරන විටෙක කියවන්න ලැබුණ විස්තරයක් මගේ මතකයට ආවා.

    Quote:/
    An ancient Vietnamese legend (The Hundred-knot Bamboo Tree) tells of a poor, young farmer who fell in love with his landlord's beautiful daughter. The farmer asked the landlord for his daughter's hand in marriage, but the proud landlord would not allow her to be bound in marriage to a poor farmer. The landlord decided to foil the marriage with an impossible deal; the farmer must bring him a "bamboo tree of one-hundred nodes". But Buddha (Bụt) appeared to the farmer and told him that such a tree could be made from one-hundred nodes from several different trees. Bụt gave to him four magic words to attach the many nodes of bamboo: "Khắc nhập, khắc xuất", which means "joined together immediately, fell apart immediately". The triumphant farmer returned to the landlord and demanded his daughter. Curious to see such a long bamboo, the landlord was magically joined to the bamboo when he touched it as the young farmer said the first two magic words. The story ends with the happy marriage of the farmer and the landlord's daughter after the landlord agreed to the marriage and asked to be separated from the bamboo.

    /UnQuote
    මූලාශ්‍රය: http://en.wikipedia.org/wiki/Bamboo

    ඉන් කියවෙන්නේ නලපාන ජාතකය ගැනම වෙන්න ඇති (මා වැරදි නම් නිවැරැදි කරනු මැනවි ). විකිපීඩියා සටහන අනුව ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලය ගැන සඳහනක් හැටියටයි මා වටහා ගත්තේ.

    ReplyDelete
  48. @ පොත් ගුල්ලා ..
    හොඳ මාතෘකාවක් . ටිකක් කියවල බලල ලියන්න ඕන .
    @ ගල් මල්
    මේ වගේ දේවල් ගැන ඔබේ උනන්දුව පැසසිය යුතුයි. ඩින් අයිය ..එය නල පාන ජාතක කතාව වෙන්න බැහැ. නලපාන ජාතකයේ තියෙන්නේ බෝසතුන් පෙර ආත්මයක වඳුරු නායකයෙක් වෙලා ඉන්නකොට විලක හිටි රාක්ෂයෙක්ගෙන් බේරිලා උණ බට ආධාරයෙන් වතුර බීපු හැටි ගැන කියවෙන කතාවක් . එය තැනට සුදුසු නුවන ගැන කියවෙන කතාවක්. මේ කතාව මමත් දන්නේ නැහැ . පොඩ්ඩක් සොයා බලන්නම් . ස්තුතියි ඔබට

    ReplyDelete
  49. @පොත්ගුල්ලා,

    සුජීව ප්‍රංශ විප්ලවය 'ඔලුව නැති විප්ලවය' විදියට හැදින්වුවෙ ගිලටීන් සීන් එක නිසයි මං හිතන්නෙ.. එහෙම නැතිව ඒක අවතක්සේරු කිරීමක් කලා නෙවෙයි.. (සුජීව, එහෙමදෝ..??)

    වියට්නාමයට බුදුදහම පැතිරුනේ චීනය හරහා හෝ ඉන්දීය වෙළෙද මාර්ග ඔස්සේ හෝ මේ දෙකම හරහා විය හැකියි.. බොහෝවිට චීනය හරහා විය හැකියි, මොකද එහෙ තියෙන්නෙ මහායානය.. පසුකාලීනව ඛෙමර් අධිරාජ්‍යය හරහා ථෙරවාදයත් පැතිරුනා.. ඉතිං එයිනුත් යම් ආභාශයක් එන්න ඇති.. (බින්දි මාව නිවැරැදි කරන්න, සහ වැඩි විස්තර පවසන්න)

    ReplyDelete
  50. @ බින්දි, සුජීව, බුරතීනො, පොත් ගුල්ලා,

    ප්‍රංශ විප්ලවය හිස නැති විප්ලවය ලෙස හැඳින්වීමට මම හිතන්නෙ ඔය හේතු දෙකම බලපෑවා........කිසිම වග විභාගයක් නොමැතිව ගිලටීනය හිතු මතේට හිස ගසා දැමීමට යොදාගැනීම මෙන්ම අන්ත දරිද්‍රතාවයෙන් පෙලුනු පොදු ජනයා එක් වරම තමන්ගේ පීඩකයින්ට, රදලයින් සහ පූජකයින්ට විරුද්ධව නැගී සිට රාජ්‍ය බලය සියතට ගත් නමුත් ඒ උදාර පියවර වියයුතු ලෙස තර්කානුකූල අවසානයක් කරා ගෙන යාමට සමත් බුද්ධිමත් නායකත්වයක් නොතිබීම යන කාරණා දෙකම.

    සුගතපාල ද සිල්වාගෙ නාට්‍යයක් බලල තියනව්ද "මරා සාද්" කියල. මම හිතන්නෙ සුගතපාල ද සිල්වාගෙ හොඳම නාට්‍යයය......ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකල යොන් පෝල් මරා නම් නිදහස් චින්තකයා පිළිබඳවයි ඉන් කියවෙන්නෙ.ඔහු අවසානයේ මරා දැමෙනවා චාලට් කෝර්ඩේ නම් කාන්තාව විසින්........මරා ලෙස ජැක්සන් ඇන්තනි ( මේ ජැකා මහා සිංහලයේ වංශ කතාව සහ මහින්දගේ අක්මුල් සොයා යෑමේ යුග මෙහෙවරට උර දීමට බොහෝ පෙර සිදුවූවක්......ඒ කාලෙ මගේ ලෝකයේ වීරයෙක්.......හෙහ්, හෙහ්, ) සහ කෝර්ඩේ ලෙස කෞෂල්‍යා ප්‍රනාන්දු ජීවිතේටම අමතක නොවන රංගනයක යෙදෙනවා

    තව මට මතකයි ඒ දවස්වල ප්‍රවෘත්ති පත්‍ර වල පළවී තිබුනා, මේ නාට්‍යයය.....( ඇත්තටම මේක සුගතපාල ද සිල්වාගෙ ස්වතන්ත්‍ර නිර්මානයක් නෙවෙයි,...... මෙහි රචකයා පීටර් වයිස් නම් ජර්මානු නාට්‍ය වේදියෙක්,) ලෝකයේ දිගම නම ඇති නාට්‍යයය එහෙම නැත්නම් දිගම නමක් ඇති නාට්‍යයයන් වලින් එකක් කියල.

    " ද සාද් ඈපාණන්ගේ අධ්‍යක්ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයින් විසින් යොන් පෝල් මරාගේ වද විඳීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු " ඔන්න ඕක තමයි නම....හෙහ්, හෙහ්,

    ඔතන ද සාද් ඈපාණන් කියන්නෙ Marquis de Saad ට. ඔහුගේ නම ඇසුරින් බොහොම වැදගත් වදනක් එකතු වෙලා තියනව ඉංගිරිසියට, Sadism - පරපීඩක ලැදියාව

    ReplyDelete
  51. [[බතාවියාව]]

    මේ ගැන නොකිව්වේ එතරම් ආසන්න නොවන නිසා. මොකද ඉන්දුනීසියාව දුට්‍රයි නේ. හැබැයි මලක්කාවෙ මුළු බලය තිබ්බේ උන්ට නොවේ.මලක්කාවෙන් උඩ උන්නේ ඉංග්‍රීසි. මැලේසියාව හා සිංගප්පුරුව උන්ගේ. පේනවා නේද වෙනස ඉංග්‍රීසි හා ඕලන්දයින් අතරේ. [ලංකාවත් මේ පලාතේ තිබ්බ හොඳම රටක් 1948දි]

    බතාවියව ගැන කතා කරන කොට ගවේෂණයට දකුණට ගිහින් ඔස්ට්‍රේලියාවට දකුණින් ගොස් තස්මෙනියාවට ගොඩ බැස රවුමෙන් එනම් ඔස්ට්‍රේලියාව වටේ ඇවිත් "මැද ඇත්තේ තනිකර මුහුදක්" කියා හිතා ගෙන හිටිය ටස්මන් කාරයා අමතක කර නොහැක. මේක ඉතිහාසයේ වෙච්ච ලොකුම මිස් එකක්. එහෙම නොවෙන්න ඔස්ට්‍රේලියාව ඩච් කොලනියක්.

    [[ඔලුව නැති විප්ලවේ]]

    කාරනා කිහිපයක් උඩ.

    1. නායකත්වයක් නැතුව පාරට බැහැලා ආණ්ඩු පෙරලුවට පස්සේ රට කරන්න නෙනෙක් නැතිව හිටියටත් වඩා දරදඬු ඒකාධිපතියෙකු හදා ගත්ත එක.

    2. ගිලටිනය

    මෙහි මා අවමානයක් කලේ නැහැ. අනික ඔලුව නැහැ කිව්වා මොලය නැහැ කිව්වේ නැහැ.

    රුසෝ මකියවෙල්ලි වගේ චින්තකයින්ගෙන් ආභාෂය ලබලා රදලවාදයට එරෙහිව නැගිටපු එක ශ්‍රේෂ්ට ක්‍රියාවක්. පසුව සමුහාන්ඩුවාදී මතයක් ලෝකෙට හඳුන්වා දුන්නෙත් මේ අය. නැපෝලියන් රටවල් ඇල්ලුව කිව්වට ඔහු කලේ රටවල උන්නු රදලයින් එළවා ඒ රටේ පොදු මිනිසුන්ගෙන් යුතු සමුහාණ්ඩු හදන එක. 1900 ගණන් වල රාජාණ්ඩු අභාවයට යන්න පාර කැපුවේ ඔහු. පාප් තුමාගේ ආගමික රාජධානිය වහලා දාලා ගැරීබෝල්ඩි වගේ ඉතාලි ජාතික නායකයින් අවදි කරවාගෙන සේකුලර් ඉතාලියක් හදපු ඒකත් ඔහුගේ වැඩක්. ජර්මනිය කියන යුරෝපයේ ෆැක්ටෙරියේ බිස්මාක් වගේ එවුන් රජුන්ටත් වඩා බලවත් වෙන්නත් මේක බලපාන්න ඇති. කොටින්ම යුරෝපයේ නැපෝලියන් දකුණු ආසියාවේ අශෝක වගේ මිනිහෙක්. යුද්ධ කල නමුත් පතුරුවේ මතවාදයක්. ශිෂ්ටාචාරයක්.

    1789 විප්ලවයයි, 1800+ නැපෝලියන් යුගයයි මෙහෙම වුනාට 1790 ගණන් වල නම් උනේ විහිළුවක්. ඔලුව නැති කම හෙවත් නායකත්වයක් නැති කම. විප්ලවයේ නායකත්වය කෑලි වලට කැඩිලා, එක පැත්තක බලවත් වෙනකොට අනික් පැත්තේ උන් බුරුතු පිටින් ගිලටින් කරන ඉතාම අවිචාරමත් යුගයක්. ඉම්පල්ස් රෙයක්ෂන් එකට විප්ලව කලාම මේක වෙනවා අදටත් පාඩමක්.

    කොහොම වුනත් නැපෝලියන් ප්‍රන්ශක්කාරයෙකුත් නෙවෙයි නේ. දන්නවා නේද කොර්සිකානු සම්බන්ධය. ප්‍රන්ශුවෝ කොර්සිකාව අල්ලන්නේ නැපෝලියන් උපන්නට පස්සේ. ඌ උපතින් නිදහස් කොර්සිකානුවෙක්. කොච්චර උනත් පට්ට කොල්ලෙක්.

    [[වියට්නාම් බුදු දහම]]

    ඉන්දු චීනයට බුදු දහම ආවේ අශෝකගෙන් කියල හිතුනේ ලාඕස් අකුරු දැක්කම. එ සන්දියේ ඔය හරියේ චන්ඩි කාම්බෝජයින් නේද?

    ඉන්දු චීන බුදු දහම ථෙරවාද මහා යාන දෙක අතර නේද තියෙන්නේ? මට පිටින් පේන්නේ එහෙමයි.

    වියට්නාමේ බුදු දහම දේශීය ඇදහිලිත් එක්ක තදින් බද්ධ වෙලා නේද? බුදු හාමුදුරුවන් නිකම් මැජික් කාරයෙක් වගේ. මෙන්න මේ Guanyin දෙවඟන බුදුන්ටත් උඩින් නේද ඉන්නෙ? යාලුවෙක් ඕක මට කිව්වේ. ඇත්ත නැත්ත දන්නේ නැහැ.

    [ලංකාවෙත් වැඩි වෙනසක් නැහැ ඉතින්]


    [[ඇමරිකාවේ ආක්‍රමණ]]

    මගේම කතා වලට කොරෙක්ෂන් දෙකක්.

    වයිට් හවුසියට ගිනි තිබ්බේ ඉංග්‍රීසින්, ප්‍රන්ෂයින් නොවේ.

    ප්‍රංශය අමරිකානුන්ට ගහල නොවේ ලුවිසීනියාව ඇල්ලුවේ. ඇමරිකන් නිදහසටත් පෙර සිටම අල්ලන් උන්නේ.

    [[ලුවිසීනියාව]]

    බුරා දුන් සබැඳියේ හැටියට ලුවිසීනියාව විකුණා නැපෝලියන් සල්ලි ගන්නේ ඇමරිකන් ඩොලර් වලින්. එවකට පිළිගැනීමක් නැති මේ සල්ලි බොහොම අඩු අනුපාතයකට පිළිගත් සල්ලි කරන්නේ ඉංග්‍රීසි බැංකුවක්. මුදල් ලද වහාම නැපෝලියන් එ මුදලින් ගහන්නේ එංගලන්තෙටමයි.

    අන්න කොල්ලෝ.

    ReplyDelete
  52. නොදැන සිටි කරුණු රාශියක මල්ටි බැරල් ප්‍රහාරයකට ලක් වීමි. රසවත් සංවාදයක්. කට්ටියටම ස්තුතියි.

    ReplyDelete
  53. /...එය නල පාන ජාතක කතාව වෙන්න බැහැ.../

    බොහෝම ස්තුතියි බින්දි, ජාතක කතාව හා විකිපීඩියා සටහන සමාන බව පෙනුනත් කාල වකවානු ගැන ප්‍රශ්ණයක් මතු වුනා මටත්.

    ReplyDelete
  54. ලුවිසීනියාව = ලුයිසියානාව, ටයිපින් මිස්ටේක්.

    ReplyDelete
  55. රවී, ඔලුව නැති විප්ලවේ ගැන අපි දෙන්නම කිව්වේ එකම කතාව. ස්තුතියි මරාසාද් ගැන සඳහන් කලාට. ඔය අපිට මිස් උන දේවල්.

    ReplyDelete
  56. නලිනි ..ඔබ පමණක් නොවේ මාද ඉතිහාස දැනුම ළඟ කුරා කුහුඹුවෙකු වී ඇති සැටි නොපෙනේද .
    පුංචි උල්පතක් පෑදු අයෙක් එය මහා ගඟක් වී ගලන දෙස සතුටින් බලා ඉන්නා ලෙසකි අද මට දැනෙන්නේ .

    ReplyDelete
  57. @ බුරා/ සුජීව/ රවී/ ගල්මල්
    අප්පොච්චියේ තමුන්නාන්සේලාට තරං ඉතිහාස දැනුමක් මට නං නෑ. (ලැජ්ජාවේ බෑ).
    මං නැපෝලියන් සම්බන්ධ ප්‍රංශ ඉතිහාසය බොහෝ දුරට දැනගත්තේ සාහිත්‍ය කෘති වලින්. ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය තුලින් තමා වැඩිම තොරතුරු හොයාගත්තෙ. ඊළඟට ඇලෙක්සැන්දර් දූමා ගේ සිටුවර මොනතක්‍රිස්තෝ කතාවෙත් යම් අදහසක් දෙනවා. ආයෙත් බලපු සමහර ප්‍රංශ සහ ඉංග්‍රීසි චිත්‍රපට වලින්. ප්‍රංශ විප්ලවේ ගැනත් හුඟක් දුරට එහෙමයි. චාර්ල්ස් ඩිකන්ස් ගේ දෙනුවර කතාව (A Tale of Two Cities ) ප්‍රංශ විප්ලව සමය අලලා ලියවුනක්. තව රවී මතක් කල සුගතපාලයන්ගේ "මරාසාද්" නාට්‍යය (ඒ වසරේ හොඳම නාට්‍යය ලෙස රාජ්‍ය සම්මාන ලැබෙනවා. ජැක්සන් හොඳම නළුවා. හොඳම නිලියට හිමි සම්මානය වෙනුවට කෞෂල්‍යාට ලැබෙන්නෙ සහතිකයක් විතරයි.) සහ පොතක් ලෙස නිකුත් වූ එහි පිටපත. හැබැයි ප්‍රංශ විප්ලවය ගැන හොඳම අවබෝධයක් ලබා ගත්තේ කාල් මාක්ස් ගේ කෘතියකට ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් රචිත පෙර වදනකින්. (ඒ පොතේ නම මතක නැහැ. අවාසනාවකට 1990 ගණන් වල හෝ අසූ ගණන් අගභාගයේ ඒක පිච්චුවා, තවත් වාමාංශික අදහස් රැඳි එවැනි පොත් රැසක් සමග. අද එවැනි පොත් කොහේ වත් හොයාගන්ඩ නැහැ. හරිම අපරාධයක්. මොනවා කරන්ඩද!)

    වියට්නාමේ තියෙන්නේ ථෙරවාද බුදු දහම නිසා අශෝක අධිරාජයා විසින් ඉන්දු චීනයට බුදු දහම ලබා දුන් කරුණ බොහෝ දුරට නිවැරදි ඇති. බින්දි කරුණු හොයාගෙන අලුත් ලිපියක් පල කරනකන් අපි පොඩ්ඩක් බලන් ඉමු.

    ඉතිහාස පාඩමට දායක වූ හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  58. හරියටම තෙරවදමයි කියන්න බැහැ. මට පෙන්නේ සම්මිශ්‍රණයක් . මොකද චිනේ ලොකු අය්යගෙන් මහායාන ආභාෂය නොලැබී තියෙන්න විදියක් නැහැ . පොඩ්ඩක් ඉන්ට ලමායි මම තාම වැඩේට බැස්සේ නැහැ . http://nelumwila.blogspot.com/2011/05/blog-post_18.html [ පැයක් අසු බණක්] ලිපියේ පොඩ්ඩක් පන්සල් ගැන නම් ලිව්වා . ඒ මන් දැක්ක දේවල් විතරයි . මට ඉතින් මෙහෙ විද්වත් කට්ටිය හමු වෙන්නේ නැහැනේ . හමු වුනත් භාෂා ප්‍රශ්නය .

    ReplyDelete
  59. මට තවමත් හිතෙන්නේ මහායාන ථෙරවාද හා දේශීය ඇදහිලි වල මිශ්‍රණයක් කියලා.

    ReplyDelete
  60. බින්දි ඒ ගැන පෝස්ට් එකක් කරනකං අපිත් පොඩ්ඩ පොඩ්ඩ හොයාලා බලාන්නංකො.. හේයි, අමතක කරන්ට එපා, ඔයාට අර චම්පා ශිෂ්ටාචාරය ගැන පෝස්ට් එක ලියන්නත් තියෙනවා (ඕන්න මං අමතකවෙන්ට කලින් මතක් කරලම දුන්නා).. :D

    ReplyDelete
  61. තවම කියෙව්වේ මෙච්චරයි.

    Buddhism in Vietnam as practiced by the ethnic Vietnamese is mainly of the Mahāyāna tradition.[1] Buddhism came to Vietnam as early as the 2nd century CE through the North from Central Asia and via Southern routes from India.[2] Vietnamese Buddhism has had a symbiotic relationship with Taoism, Chinese spirituality, and the indigenous Vietnamese religion.[

    ReplyDelete
  62. හප්පා චීනෙන් ආවාලු මහායානේ. දකුණෙන් ආවාලු තෙරවාදේ. චීනුන් ආක්‍රමණය කර මහායානය බලවත් වුනාලු. කේමර් රාජ්‍යය [කාම්බෝජය] ආක්‍රමණය කර තෙරවාදේ බලවත් උනාලු. හැබැයි මුළු ආගමම බේස් වෙන්නේ දේශීය ඇදහිලි මත ලු.

    ReplyDelete
  63. මේක නම් මාතෘකාවට පිටස්තරයි.

    මැලේසියාවේ යනවා නම් මෙන්න බින්දී තැන්

    උස කිමි 4 යි. ක්ලිෆ් එක විතරක් කිමි 3 ක් උසයි. එම්ක සංසන්දනය කරන්න පිදුරුතලාගල කිමි 2.5 උස. ලෝකාන්තය/සිඩ්නි නිල් කඳු එහෙම කිලෝමීටරයකට වඩා අඩු ක්ලිෆ්.

    ReplyDelete
  64. හපොයි සුජීව හදන්නෙ බින්දිව අමාරුවේ දාන්ටයි.. අහුවෙන්ටෙපා ඕවට.. :)

    මං මේ අද දවලුත් කල්පනා කොරේ මාතෘකාව ඩියෙන් බියෙන් පූ ගැන, ඒ වුනාට අපි කතාකරලා තියෙන්නෙ වෙන වල්පල්.. :D

    ReplyDelete
  65. @ සුජීව සහ බුරා
    කමක් නැහැ අනේ ඕන ඔහේ අහුවෙච්ච වෙලාවට ඒ ඒ දේවල් කතා කරනවා මිසක් සැලසුම් කරලා එක දෙයක් ගැනම කතා කිරීමේ පුරුද්ද මටත් නැති එකේ මගේ බ්ලොග් එකටත් එහෙව් ප්‍රතිපත්තියක් නැහැ . අනික මන් කැමතියි කතාව වෙන වෙන ඉසව් ඔස්සේ විහිදෙනවට . මේ සති අන්තයේ ඔය ගැන ටිකක් ලියන්නම් .
    චාම් ගැනත් ලියන්න ඕන . සමහර විට නොම්පෙන් වල ඉඳගෙනම ඔව්ව ලියන්නත් ඉඩ තියෙනවා . කව්ද දන්නේ .
    මැලේසියා යන්න ආයේ ඉඩක් ලැබෙන්නත් පුළුවන් . මතක තියා ගන්නම්කො . මෙව්වා අපේ අම්මල කියවන්නේ නැහැ හොඳ වෙලාවට . නැත්නම් කියයි ''ඇවිද ඇවිද ඉඳපල්ලා . ඔය ළමයින්ට කියක්වත් ඉතුරු නොකර ''කියල.

    ReplyDelete
  66. This comment has been removed by the author.

    ReplyDelete
  67. This comment has been removed by the author.

    ReplyDelete
  68. This comment has been removed by the author.

    ReplyDelete
  69. ඔන්න බලන්න ඔයා කොච්චර දේවල් ඉගෙන ගෙනද . මමත් එකඟයි උයන්න දන්නැත්නම් කඩෙන් . මන් කෙල්ලන්ට කියන්නෙත් උයන්න ඉගෙන ගන්න දෙයක් නැහැ කියලයි. පස්සේ කාලෙක බැරිය ඕනනම් . මොකෝ මේ මමත් ඉගෙන ගෙනය උයන්නේ . ඔන්න බලන්න ඔයා කොච්චර දේවල් ඉගෙන ගෙනද . මමත් එකඟයි උයන්න දන්නැත්නම් කඩෙන් . මන් කෙල්ලන්ට කියන්නෙත් උයන්න ඉගෙන ගන්න දෙයක් නැහැ කියලයි. පස්සේ කාලෙක බැරිය ඕනනම් . මොකෝ මේ මමත් ඉගෙන ගෙනය උයන්නේ . හැබැයි ළමයි ඉන්නකොට හැමදාම කඩෙන් කන්න බැහැ . ඔය එව්වා මෙව්වා ටික දාල උයල දෙන එක මහා වැඩක් නෙමේ .

    ReplyDelete
  70. This comment has been removed by the author.

    ReplyDelete
  71. ඕකත් නිකම් අන්තර්ජාලය වගේ තමයි. ලින්ක් ගොඩක්. එකින් එක ක්ලික් වේවි යන්න පුළුවන්.

    හරි හරි ඉතින් කට්ටිය ඔච්චර ගොරවන්න ඕනේ නැහැ. මාතෘකාවට එපිටෙන් කතා කල ප්‍රධාන කෙනෙක්නෙ මම.

    ඔන්න එහෙනම් මාතෘකාව තුල.

    මේ කොටස සියල්ලන්ගේ ඇසින් මිදී විකියේ තිබුණි.

    The French forces came to Điện Biên Phủ accompanied by two bordels mobiles de campagne, (“mobile field brothels”), served by Algerian and Vietnamese women. When the siege ended, the Việt Minh sent the surviving Vietnamese women for “re-education”.

    ReplyDelete
  72. මොකද මේ කට්ටිය හදිසි කොමෙන්ට් කප්පාදුවක් කරගෙන?

    ReplyDelete
  73. @සුජීව,

    කවුද බං එරෙවුවෙ ගෙරෙවුවෙ.. මං ඒක නිකමට කිවුවෙ.. :D

    ReplyDelete
  74. [[mobile field brothels]]

    මේකත් මා අසා ඇති කතාවක්.

    ප්‍රන්ශුවාටත් වඩා වැඩි ඇමරිකානුවාගේ ගෑනු පෙරේතකම පවා වියට් මින් ව්‍යාපාරය සටන් සඳහා එක්ස්ප්ලෝයිට් කල බව. එනම් තම සාමාජිකාවන් සමාජ රෝග හදා ගෙන ඇමරිකන් කඳවුරු වලට යැවු බව. මේක සමහර විට ඔය ගුප්ත වියට්නාම් මැජික් වලට බයේ ඇමරිකානුවා ගොතාගත් මිත්‍යාවක් ද විය හැකියි. හැබැයි ඔවුන් සතුරාගේ දුර්වලතාවක් වූ mobile field brothels පවා යුධ උපක්‍රමයකට යොදා ගත්ත නම් ඒක මාර ම හමුදාවක්, පුදුම කැපවීමක්.

    ReplyDelete
  75. අපොයි මන් නැති ටිකට මේ මොකද ..පොඩ්ඩි..රවී මොකෝ කමෙන්ට් මකල . තරහ වෙලාහෙම නෙමේනේ නේද . පොඩ්ඩි ලස්සනට ලැයිස්තු ගත කරලා තිබ්බ අමතර කරුණු ටික . අනික පොඩ්ඩි ගේ ලිවීමේ රටාවට මන් හරි කැමතියි. රවී මාතෘකාවෙන් පිට කමෙන්ට් කරන එක ගැන කිව දේවල් වලටත් මන් කැමතියි. බුරා අරහෙම කිව්වේ විහිලුවට . අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මේ කමෙන්ට් වලින්. ඒ හින්දා පුරුදු පරිදි ඕනෑම දෙයක් කියන්න . ඕනෑම ලින්ක් එකක් දාන්න . සුජීව ඔය කතා වල ඇත්තක් තියෙන්න පුළුවන් . ඕව දැන් එළිපිට කතා වෙන්නේ නැහැ එකයි අපට කාරණා දැන ගන්න නොහැකි . සයිගොන් වල මැජෙස්ටික් හෝටලයේ ඔවැනි සිද්ධියක් වෙච්ච බව මගේ උදව්වට හිටි ගැහැණු ළමය කිව්වා . වැඩි විස්තර කියන්න එයා දැන හිටියේ නැහැ . මේ හෝටලය හදල තියෙන්නේ 1925 දී ප්‍රංශ කාරයෝ . දෙවෙනි ලෝක යුද්ධෙදි ජපනා හමුදා බැරක්කයක් ලෙස පාවිච්චි කරලා තියෙනවා . ඊට පස්සේ ඇමරිකන් යුද්ධය කාලේදී වාර්තාකරුවන් ..ඔත්තුකාරයෝ හෙම වැඩිපුරම භාවිතා කර තියෙන්නේ . ඔය විදිහේ කාරණා සිද්ධ වෙන්න ඇති අනිවාර්යයෙන්ම .
    බලනකොට කාන්තාවත් බොහොම හොඳ ආයුධයක්නේ . පොඩ්ඩි දාන්න පහක් . අපිටමනෙ ආඩම්බර නේද . මෙහෙ කාන්තා පක්ෂය පිරිමියාට වඩා ශක්තිමත් බව කිව්වට අපේ කට්ටිය තරහ වෙන එකක් නැහැ . බරවැඩ බොහොමයක් කරන්නේ ඒ අය.

    ReplyDelete
  76. මරාගෙන මැරෙන්න ඇඟේ බෝම්බයක් බැඳගෙන යනවාටත් වඩා, ආර වගේ ලෙඩක් බලෙන් හදාගෙන යන කෙනෙක් ගැන මට පුදුමයි.

    ReplyDelete
  77. @ බින්දි,

    අපොයි නැහැ, බින්දි,මොනවට තරහ වෙන්නද?........හෙහ්, හෙහ්,

    මම කමෙන්ට් එක දැම්මෙ පොඩ්ඩිගෙ කමෙන්ට් එකට උත්තරයක් විදිහටනෙ.....ඒ නිසා පොඩ්ඩි කමෙන්ට් එක මැකුවම මමත් මගෙ කමෙන්ට් එක මැකුව...එච්චරයි,

    ReplyDelete
  78. අනේ ඔන්න මටනම් මොනවා කිව්වත් කිසිම අවුලක් නැහැ. ඕන දෙයක් කියන්න.

    ReplyDelete
  79. [[හරි හරි ඉතින් කට්ටිය ඔච්චර ගොරවන්න ඕනේ නැහැ]]

    නිකම් ෆිට් එකට කිව්ව මිසක් කිසිම අවුලකින් කියූ දෙයක් නොවේ. වී වී නො? අපි අපි අඳුනගෙන ඉන්න එපයි.

    ReplyDelete
  80. අති විශිෂ්ඨයි... බින්දි අක්කත් දැන් සත් සමුදුර කරන දිනේෂ් සහෝදරයට හොඳ අභියෝගයක් එල්ල කරන බවයි පෙනී යන්නේ... මේ තරඟයෙන් ජය ඔය දෙපලටම නෙවෙයි.. බලන අපිටයි...

    තරඟයක් ගැන කිව්වේ ජොලියට හොඳද ? දෙන්නා රණ්ඩු කර ගන්නවා හෙම නෙවෙයි...

    ආසාවෙන් කියෙව්වා... ඔය වගේ ඉතිහාස කථා වලට අපි හරි ආසයි නොවැ... තව ලිව්වොත් තව කියවන්නම්. ඒ වගේම කමෙන්ට් කරන්නම්.

    දිගට ලියන්න කම්මැලියි කිව්වනේ. එහෙනම් බින්දි අක්කේ... කමෙන්ට්ස් හා හිට්ස් වුවමනා නම්, සියල්ලම ලියනු... ඉල්ලීම් ලැබෙන තුරු නෙළුම් විල වටලනු ලැබේ...!!!

    ReplyDelete
  81. @ චතුරංග
    ඔයාල එන හින්දනේ මමත් වීරයා වගේ ලියන්නේ . දිනේෂ් මගෙත් හොඳ පරණ ම යාලුවෙක් . ඇත්තම කියන්න මම මුලින්ම කියවපු බ්ලොග් වලින් එකක් සහ අදත් අගය කරන බ්ලොග් එකක්.
    මන් හිතුවේ සතියකට එකක් විතර ලියන්න විශේෂම අවස්තාවක ඇර. මටත් ලේසියි . මට අනික් බ්ලොග් කියවන්නත් ඕනනේ . අනික එතකොට තමයි හොඳ අදහස් කමෙන්ට් විදියට එන්නේ . ඒ හින්දා ඉවසා සිටිනු . මල්ලිත් මේ ටිකේ කාර්යබහුලයි වගේ . මොනවා කරන්නද තව වැඩ කොච්චර තියේද නේද

    ReplyDelete
  82. අපොයි මාත් තරහා නැතෝ. මම බින්දි එක්ක යාලුම යාලුයි. කමෙන්ට්ස් මැකුවේ පස්වෙනි ලෝක යුද්දේ ඇතිවෙයි කියලා බයේ...:D:D:D

    සුජීවට නම් මම බය නෑ....හප්පේ ඒත් බූරාට නම් බයම බයයි. හී හී හී හී.....

    ReplyDelete
  83. බින්දි සහොදරිය ගෙ බ්ලොග් එක්නම් නියමයි..... මම ආසම රට තමයි වියට්නාමය......මෙකෙන් මම දැනගෙන හිටිය කරුනු වලට අමතරව තව ගොඩක් ඩෙවල් දැනගත්ත. ගොඩක් ස්තුතියි.....

    ReplyDelete
  84. මෙන්න අද තමයි මේ ලිපිය කියෙව්වේ. මොකද මට පසුගිය සති දෙකක්වගේ කාලයක් පුරාවටම වසර 70 ක් පැරණි යුද්ධයකට මුහුණදෙන්න වුනානේ. ඉතින් ලිපියනම් ඉතා හොදයි. නොදැන සිටි කාරණාත් දැනගන්න පුළුවන් වුනා. ඒ වගේම නිර්නාමික ප්‍රහාරත් අඩුයි වගේ. ‍සයිබර් යුගයේදිත් හෝ චී මින් වැනි ඉතිහාසය වෙනස් කරන්න පාදක වුන මිනිස්සු ගැන නොදන්න මිතුරන්ට මේ වගේ ලිපි හොද අවස්ථාවක් තමන්ගේ දැනුම වර්ධනයට හා නොදන්නා කරුණු කාරණා ග්‍රහණය කරගන්නට. මගේ සුභ පැතුම් මේ වගේ ලිපි තව තවත් ලියන්නට...

    ReplyDelete
  85. මට මගෙ වියට් මිතුරෙකුගෙන් ලැබුන ෆොටො වගයක් තියෙනව, වියට්නාම් යුද්ධයෙදි ඇම්රිකාව විසින් දකුනු වියට්නාමයට දමපු රසායනික බොම්බ කිපයක් හා එම බොම්බ වල රසායනික විකිරන ශිලිතාවය නිසා තවමත් උපදින දරුවන් විකර්ති වෙලා තමයි උපදින්නෙ, එම චායා රූප දකින විට ඇසට නිරායාසයෙන්ම කදුළු ගලා එනවා, ඔබට එම ෆොටො ඔනැනම් මගෙ ඉමෙල් ලිපිනයට ලිපියක් එවන්න, මම එම ෆොටො ඔබට එවන්නම්, වියට්නාමයට දමපු රසායනික බොම්බ ගැන යුටියුබ් එකෙ මෙ ලින්ක් එකෙන් බලන්න, www.youtube.com/watch?v=Ev2dEqrN4i0
    මගෙ ඉමෙල් ලිපිනය dragon2_6@yahoo.com

    ReplyDelete