Monday 7 November 2011

සුරංගනා ආදරේ ....... .

මන් සුරංගනා කතා අහන්න හරිම ආසයි . හැමදේම විද්‍යාවෙන් ඔප්පු කරන්න ආස වුනත් සුරංගනා කතා වලට මගේ ඇති ආසාවට එය බාධාවක් වුනේ නැහැ කවදාවත් . ඇත්තද බොරුද කියල හොයන්න ඔලුව මහන්සි නොකර කාගේ හරි ලස්සන හිතක පහල වුන ලස්සන කතන්දරයක් රස විඳින්න හැකි කම මට ලැබුනේ පුංචිම සන්දියේදී . අම්මයි ආතයි[ අම්මගේ තාත්තා ] තමයි පුංචි කලේ කතා කියා  දුන්නේ . ඊට පස්සේ අකුරු ඉගෙන ගෙන ලෝකේ ඇති ඕන එකයි එපා එකයි හැමදේම කියවන්න ගත්තනේ .

ඒත් කතන්දර අහන්නත් කියවන්නත් වගේම කාටහරි කියල දෙන්නත් තියෙන ආසාව තවමත් එහෙමමයි . අපේ දුවල ඉගෙන ගෙන එන කතන්දර මට කියා දෙනවා දැන් . මන් අලුතින් කියවන ඒවා එයාලට කියනව . ලොක්කි පුස්තකාලෙන් පොත් ගේද්දී අම්ම ආස වෙයිද කියලත් කල්පනා කරනවා . එහෙමයි දැන් ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ .

අපේ පහල සෙල්ලම් කාමරේදී ඊයේ ලස්සන පොතක් කියෙව්වා . පරණ වෙන්න නොදී බෙදා ගත යුතුමයි කියල හිතුන . අන්තර්ජාලය අවුස්සද්දි මේ කතාව තියෙනවා . ඒත් පොතේ තිබුන කතාව වඩා ලස්සනයි මට නම් .මේ තියෙන්නේ ඒ පොත තමයි .


එකමත් එක කාලෙක වියට්නාමයේ උන්නලු Tu Thuc කියලා බොහොම අවංක තරුණයෙක් . ඒ කාලයේ රට පාලනය කරලා තියෙන්නේ මැන්ඩරින් වරු . මැන්ඩරින් කියන්නේ චීන ජාතිකයින්ට වෙන්න ඇති .
මේ තරුණයා ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ පළාතේ පරිපාලන කටයුතු කරන්න පත්වීමක් ලැබුනලු . එය ඒ හැටි ලොකු පළාතක් නෙමේ . රාජකාරි වලින් මිදිනු වෙලාවට ඇවිදින්න යන්නත් මොහුට ඉඩ කඩ තිබිල .
ඒ කාලයේ වෙනත් පළාතක පන්සලක වසරකට වරක් තිබුන උත්සවයක් බලන්න යන්න ඔහුට ආසාවක් ඇති වෙලා . දුප්පත් මිනිසෙක් වගේ වෙස්වලාගෙන තමයි ගිහින් තියෙන්නේ . මේ පන්සල Peony මල් ගස් වලින් පිරුන ලස්සන තැනක් . හැබැයි කාටවත් මේ මල් කැඩීම තහනම් . මල් කැඩුවොත් දඩයක් ගෙවන්න නියම වුනා . ගහක කොලක මලක් දැක්කම තමන්ට ඕන වුනත් නැතත් ඕක කඩා ගන්න පුරුද්ද අපේ එකක් කියල දුක් වෙන්න දෙයක් නැහැ ඔන්න . වෙන රට රට වලත් ඈත අතීතයේ ඉඳන්ම පුරුදු වුන දෙයක් වගේ . කොහොමත් අපේ නරක පුරුදු තව අයටත් තියනවා දැක්කම අපි හරි ආසයිනේ .
අනික පන්සල් වල මල් කැඩීමට කැමති අය අදත් නැතුවය . ඔන්න ඉතින් මන් මේ කිව්වේ ගස් වල මල් ගැන . වෙන වෙන දේවල් හිතා ගත්තට මන් වගකියන්නේ නැහැ .




මේ තියෙන්නේ Peony මල . හරි ලස්සනයි . කඩා ගන්න ආස වීම පුදුමයක් නම් නෙමේ. කවුරු හරි දන්නවද සිංහලෙන් කියන නම . දැකල පුරුදුයි වගේ . නම සොයා ගන්න බැරි වුනා මට . ඩේලියා මල තමයි සිහි වුනේ .




ඉතින් මේ මල් පන්සලේ උත්සවයට ඈත පළාතකින් ආපු ලස්සන යුවතියක් මේ නිතිය නොදැන මලක් නෙලා ගෙන . සැනෙකින් ආපු මුර කාරයෝ මේ යුවතිය අල්ල ගත්ත.

දඩය ගෙවන්න ඇය ළඟ මුදල් තිබිල නැහැ . මේ වෙලාවේ එතනින් ගිය අපේ කතා නායක Tu Thuc මේ සිද්ධිය දැක්ක . තමන්ගේ බලතල පාවිච්චි කරන්න විදිහකුත් නැහැ  දුප්පතෙක් වගේනේ හිටියේ . අතේ තිබුන මුදල් වලින් දඩය ගෙවල ගෑනු ලමයව බේරා ගන්නවා . කෙල්ලට විපත්තියක් වුනහම කඩා පාත් වෙලා දුෂ්ටයින්ගේ ඇයව ගලවාගෙන එසැනින් මල්සර දුනු හි වලින් හදවත තුවාල කරගන්න හින්දි කොල්ලෙක් මතක් වුනොත් පුදුමයක් නැහැ . මටත් එහෙම හිතිච්ච එකේ .
ආයේ අහන්න දෙයක් නැහැ . කෙල්ලත් ලස්සනයි . තරුණයත් තනිකඩ . දෙන්නට දෙන්න සිතින් බැඳුන. ඒත් එකපාරටම ඕව කතා කල හැකිය . එහෙම කියන්න දහිරිය තියන අයත් ඉන්න බව දිල් නම් දැක්කලු .
ඒත් මේ දෙන්න එතැනදී වෙන් වෙලා ගිහින් . අද වගේ නම් ටෙලිෆෝන් අංකය ඉල්ලගන්නවත් තිබුන . ඉතින් ආපහු ගෙදර ආපු තරුණයා මේ දැරිය ගැන සිත සිත හිටිය .

ඔය කාලේදී පළාතේ කාලගුණය හරස් වෙලා අස්වැන්නත් විනාශ වෙලා . අසරණ වෙච්ච ජනතාවගෙන් බදු අයකරගන්න මේ තරුණයට දුක හිතිලා . නියම ජනතා සේවකයෙක් .


 මේගැන මැන්ඩරින් නායකයෝ ඔහුට හොඳටම දොස් කියල . ඔහු කල්පනා කලාලු මේ පුංචි ප්‍රදේශයක පරිපාලන [අපේ ප්‍රාදේශීය මන්ත්‍රීකමක් වගේ වෙන්න ඇති ]. තනතුර හන්දා මොකට මේ හැටි බැනුම් අහනවද කියල .


රජයෙන් දීල තිබුන මුද්‍රාව දොරේ එල්ලලා රස්සාවට ආයුබෝවන් කියල [ තම් බියෙට් කියන්න ඇති ..වියට්නාම අය Good Bye කියන්නේ එහෙමයි . ] තමන්ගේ සිත ගත්තු ගැහැණු ලමයව සොයන් ගියා .


හොඳට ඉගෙන ගත්තු සමහර අයට ප්‍රයෝගික දැනුම නැහැ කියන්නේ ඕකනේ . ඉන්න තැනක හෝඩුවාවක් වත් අහගන්න තිබුනනේ . එහෙම කලේ නැති හන්දා එයාව සොයා සොයා ඉබාගාතේ ගියා . මට ආයිම හින්දි චිත්‍රපටියක් තමයි මතක් වෙන්නේ . අර සිත් ගත් කෙනා
ඇඟේ හැපී හැපී යනවා ඒත් පෙන්නේ නැහැ වගේ එව්වා .
සමාවෙන්න මටත් අනම් මනම් නොකියා කතාවක් කියන්න බැරි හැටි.
ඉතින් සොයල සොයලා සොයා ගන්න බැරි වුනා . කාලයක් ඇවිදිද්දී ගල්ගුහාවක් හමු වුනාලු . ඒ තුලින් ගියහම අවසානය අලංකාර මාලිගයක් . ජේඩ් වලින් සැදුණ මේ මාලිගයේ සුරංගනාවන් අතර නොකා  නොබී ඔහු එනතෙක් දුකින් සිටි අර සුන්දර තරුණිය හමු වුනාලු . ඔන්න බලන්න අතරමගකදී හමු වෙන ලස්සන යුවතියන් සුරංගනාවන් වෙන්නත්  බැරි නැහැ කියන්නේ ඕක තමයි .
 ආයේ අහන්න දෙයක් නැහැනේ . දෙන්න විවාහ වෙලා සැපෙන් සතුටින් ජිවත් වුනාලු . බොහෝ කතා එතනින් ඉවර වුනාට මේක තව දිගයි .


ඔන්න අවුරුදු තුනක්ම ගෙවුනලු . හැබැයි Tu Thuc ට ගමරට මතක් වෙලා තියෙනවා .
දිය මකර රජුගේ බිරිඳට වගේ
කලක් යනකොට ඉතින් ඔහොම තමයි . දැන් අපේ පිරිමි කට්ටියට හිතෙයි සුරංගනාවක් වුනත් ගෑණියෙක් නේ කියල . හුචක්කුව අඳින්න පුරුදු වුනාද දන්නෙත් නැහැ නේ . අනික කාලයක් දිවය ලෝකේ ඉන්නකොටත් පොළවට පය ගහන්න ආස වෙන එකත් සාමාන්‍යයි . ඒ ඉතින් ආදරේ අඩු වෙලාම නෙමේ . මනුස්ස සොබාවය .සුරංගනාව මේක තේරුම් ගත්ත .


මොන හේතුව වුනත් තමන්ගේ සැමියා දුකින් කරදරෙන් ඉන්න කොට බිරිඳක් කැමති වේය . ඉතින් සුරංගනාවී වලාකුල් වලින් කරත්තයක් හදල දුන්නලු ගමරට ගිහින් එන්න . ඇය බොහොම දුකින් තමයි මෙයාට යන්න දෙන්නේ .


වලාකුල් යානයේ නැගල Tu Thuc තමන්ගේ ගමට යනවා . ගම වෙනස් වෙලා . පුංචි පැල විශාල ගස් වෙලා . කිසිම දෙයක් අඳුනගන්න බැරි වුනා . කිසිම කෙනෙක් දැනන් හිටියෙත් නැහැ ඔහුගේ වගතුග . එකම එක වයසක සියා කෙනෙක් කිව්වා පරම්පරා පහකට ඉස්සර තමන්ගේ රස්සාව දාල යන්න ගිය තරුණ රජයේ සේවකයෙක් ගැන පුරාණ කතාවක් තියෙනවා කියල .


දන්නවද හේතුව . දිව්‍ය ලෝකේ ගතකල අවුරුදු තුන අපේ ලෝකේ අවුරුදු 300 ක්ලු. මදැයි ඔය වගක් ඔහු දැනන් ඉඳල නැහැ .

අපේ බනියට ඕක පැහැදිලි කරලා දෙන්න මටයි ලොක්කිටයි සැහෙන වෙලාවක් ගියා .
යමක් ලේසියෙන් අත අරින්නෙත් නැහැනේ . අන්තිමට කිව්වා ''ආන්න මට තේරුනා '' කියල .



ඉතින් අපේ කතා නායකයා බොහොම දුක් වෙලා ආපහු යන්න බලද්දී වලාකුල් යානය  ගිහින් . වලාකුල් පාවෙනවනේ .

ඔන්න ඕකයි කතාව .
 ඉතින් මේ Tu Thuc සුරංගනාවී සොයා ගත්ත ගුහාව එදා ඉඳන් TuThuc ගුහාව වුණා . මේ තියෙන්නේ ඒ ගුහාව


.
මේකත් අර හලොන්ග් බේ [මකර මවක් වැතිර නිදන පොස්ට් එකේ කියපු ]වල වගේ ලයිම් ගුහාවක් . මට නම් යන්න බැරි වුණා මේකට . දැන් පරක්කුත් වැඩියි . හෝ චි මින් වල ඉන්න කාලේ යන්න තිබුනේ . එහාටයි ළඟ .


ලෝකේ ලොකුම ගුහාවත් මෙහෙයි තියෙන්නේ . ලාඕස් මායිම කිට්ටුව තියෙන Son Doong ගුහාව සොයා ගෙන තියෙන්නේ 2009 දී .මේ තියෙන්නේ ඒ ලොකුම ගුහාව .

293511 214275235303818 193368050727870 582618 902867763 n

සුරන්ගනාවට සම්බන්ධයක් නැහැ මේ ගුහාවේ . මේ ගැන ලස්සන කතාවක් අහන්න වෙන්නේ ඉස්සරහ පරපුරට , මොකද ලඟදි සොයා ගත් නිසා .

ඇත්තටම සුජීව තමයි ඔය ගැන මට කිව්වේ .යන්න හරිම අපහසුලු තවම .

හැබැයි අද දැක්ක එක සයිට් එකක ඒකට යන හැටි ගැන . උවමනා නම් මෙන්න තොරතුරු තියෙනවා මෙතන . මගේ පින්තුරෙත් ගත්තේ එතනින් .
මන් මේ කෙටියෙන් කියන්න ගත්ත කතාව දික් වුණා . මගේ පෝස්ට් ඕනවට වඩා දික් වෙන්නේ මේ අනම් මනම් අතුරු  කතා මතක් වෙන නිසයි . ගැහැණු ගතියනේ . ඔන්න බලන්න චුටිමහත්තයගේ මැරියන් අච්චර පැයක් තිස්සේ කිව්ව කතාව පේලි දෙක තුනකට කොට කරලා තියෙන හැටි . මේ පිරිමින්ගේ හැටි ඔහොම තමයි මැරියන් . අපි මේවා විස්තර ඇතුව කියන එක එයාලට අගේ නැහැ.



පින්තුර ගත්තේ ගුගල් ඉමේජස් ගෙන් ...

ප. ලි.
මේ වගේ කතාවක් ලියද්දි පුන්චිත්තව මතක් වෙනවා . පස්සේ පුංචි කතාවක් විදිහට එතන ලියන්න ඕන .

40 comments:

  1. ඇත්තටම දිව්‍ය ලෝකේ ජීවිතේ මරුනෙ බැලුවාම, අපිටත් දවසක් දෙකක පොඩි ටුවර් එකක් යන්න බැරිද දන්නෙ නැ .......

    අර ගුහාව නං මාරම ලස්සනයි ........

    මාත් ඒ දවස්වල හරි ආසයි සුරංගනා කතා අහන්න, දැන්නං ඉතිං වෙලාවක් නැහැ ......

    පොඩි එකාටත් මතක තියන කතා කියා දෙනවා මිසක් අලුත් සුරංගනා කතා හොයන්න වෙලාවක් නැහැ .......

    ReplyDelete
  2. ඔන්න මම ට්‍රයි කරලා සෑහෙන කාලෙකින් පලවෙනි කමෙන්ට් එක දැම්මා ......

    ReplyDelete
  3. මන් දනන් උන්න මලය කලින්ම එන වග . තාත්තලට වෙලාවක් නැහැනේ කතා කියන්න .

    ReplyDelete
  4. ඔන්න ඇත්තම ඇත්ත සුරන්ගනා ලෝකයක්.... ලස්සනට ලියලා ඒ සුරන්ගනා ලෝකෙ ඇතුලේ අපිව අරන් ගියා බින්දි අක්කා...ඔය මල් වලට කියන්නෙ කානේෂන් වෙන්නෙ ඇති...හැබැයි ඒ සින්හලෙන්ද කියන්න දන්නෙ නෑ අක්කේ... කානේෂන් මල් වල හැඩ රුව ඔය වගේමයි....

    බින්දි අක්කා දාලා තිබ්බ ලින්ක් කොපි කර ගත්තා...ගෙදර ගිය හැටියේම බලන්න...

    ReplyDelete
  5. ඉඳලා හිටලා මම තාමත් පොත් කඩේට ගියාම ගන්නේ කතන්දර පොත්.
    ඒ තරමටම කතන්දර කියවන්න මම ආසයි. අනේ මන්දා මම හිතන් හිටියේ කාලයක් යනකම්ම ඔය වගේ රාජ කුමාරයෝ සැබෑ ජීවිතෙත් මුන ගැහෙනවා කියලානේ. ඒක හින්දමද කොහෙද මම ඔය කතන්දර පොත් කියවන්න මනාප.

    ReplyDelete
  6. ශිහ් ....මට පංසලකට ගිහින් මලක් කඩන්නවත් වෙලාවක් නැති හැටි .....-:)

    ReplyDelete
  7. සුරංගනා කතා ලස්සනයි වගේම උත්තර බඳින්න ගියාම තමයි තවත් ලස්සන.

    අතුරු කතා කිහිපයේ ද ලොකු දිග පලලක් තියෙනවා නොවැ.

    මේ පොස්ට් එකෙන් Peony මල ගැන විස්තර කියවන්න පෙළඹවූවාට බොහෝම ස්තුතියි.

    Peony මල් වර්ග බොහෝමයයි, පිංතූර එකතුවක්මෙතැනින් බලන්න පුළුවනි.

    ReplyDelete
  8. Peony ගසේ ඇති ඖෂධීය වටිනාකම නිසා සුරංගනා කතාවේ විදියට වගාව ආරක්ෂා කරන්න ඇති.


    Peony yields three commonly used herbs (see individual entries): peony bark(mudanpi) and peony root, red and white (chishaoyao and baishaoyao).

    Peony Bark ()
    It is the root bark of tree peony, Paeonia suffruticosa Andr. (syn. P. moutan Sims and P. arborea Donn) (Family Paeoniaceae or Ranunculaceae), a small perennial deciduous shrub, 1–1.5 m high, with short robust stems and thick roots; native to China, now extensively cultivated, also as ornamental in the United States (hay and synge). The roots from 3- to 5-year-old plants are dug up in autumn or early spring, rid of dirt and rootlets; the bark is removed and sun dried (yuan danpi or original bark) or the outer bark is first scraped off with a bamboo knife or broken porcelain and then dried (gua danpi or scraped bark). Produced mainly in central and eastern provinces. There are numerous grades between the two types of peony bark.

    Earliest recorded medicinal use of peony bark in China dates back at least 2000 years to the Shen Nong Ben Cao Jing (ca. 200 BC–AD 100). Traditionally considered pungent and bitter tasting, cooling and to have heat-dispersing, blood-cooling, and blood-activating as well as stasis-removing properties; it is used in treating skin rashes, nosebleed, and vomiting blood due to "heat and toxins" (wen du fa ban) (e.g., viral or bacterial infections such as flu, measles, acute appendicitis, etc.), neurodermatitis, carbuncles, amenorrhea and dysmenorrhea, abdominal pain, hypertension, allergic sinusitis, urticaria, and traumatic injuries and contusions, and so on.

    Peony bark contains paeonol, paeonoside (paeonol glucoside), paeonolide (paeonoside-arabinoside), and the monoterpene glycosides paeoniflorin, benzoylpaeoniflorin, and oxypaeoniflorin (jiangsu provincial 1); 1,2,3,4,6-pentagalloylglucose; a volatile oil (0.15–0.4%) and phytosterols (national). The amounts of paeonol vary greatly depending on geographic and reporting sources, ranging from a low of 0.19–0.54% to a high of 3.5%, with a more common range of 1.08–2.51% (hu).

    Many of the biological activities of peony bark can be attributed to paeonol, which include: anti-inflammatory, analgesic, antipyretic, central depressant, antibacterial and antifungal, diurectic, and antiatherosclerotic and antiplatelet aggregation, among others. The toxicities of paeonol are low, its LD5O in mice being 196 mg/kg (i.v.), 781 mg/kg (i.p.) and 3430 mg/k (p.o.). 1,2,3,4,6-Pentagalloylglucose had antiviral activities.

    Extracts (water and hydroalcoholic) and paeonol are used in dental products (e.g., toothpaste for inflamed and sore gums), hair-care and skin-care products (e.g., antiallergy creams and lotions) for their antibacterial, anti-inflammatory, and traditional skin-soothing and skin-protectant properties (etic).


    Read more: http://www.answers.com/topic/peony#ixzz1d0U46Yyk

    උපුටාගත්තේ Answers.Com

    ReplyDelete
  9. මේ ලෝකෙ හැම තැනකම . . . හැම දේකම ලස්සන කතාවක් තියනව. එක්කො සුරංගනා කතාවක්, නැත්නං ඇත්ත කතාවක් . . . . කාටවත් එහෙම නැහැයි කියල කියන්න බෑ . . .

    දොන් හියාලා සහ අලි ෆුල්හු ගෙ කතාව මම මාලදිවයිනේ අහපු ලස්සනම කතාවක්. මගෙ අල්ලපු වැටෙ ඉන්න චාලි එයාගෙ ටූනාලන්තයේ සිට කියන බ්ලොග් එකේ මේ ලස්සන ආදර කතාව ලියක තිබුන . . .මෙතනින් ගිහින් කියවන්න

    ReplyDelete
  10. මාත් හරිම ආසයි සුරංගනා කතා වලට. හරිම ලස්සන ගුහා ටිකක් නෙ. සෑහෙන්න පරනයි වගේ පෙනුමනම්.

    ReplyDelete
  11. කතාව අර සුපුරුදු තැනින් ඉවර වුණා නම් හොඳයි කියල හිතෙනවා. එහෙනම් අර වගේ අවුලක් වෙන්නේ නැහැනේ...

    ReplyDelete
  12. කථාන්දර (ක.කා. නෙවෙයි) කියන්නේ සංස්කෘතියේ කැඩපතලුනේ අක්කේ... ජන කථා කියවනකොට, අහනකොට ඒ සංස්කෘතිය ගැන ගොඩාක් දේවල ඉගෙනගන්න පුලුවන්... පොඩි කාලේ සුරංගනා කථා අහන ළමයි ලොකු වුනාමත් හොඳ පරිකල්පන ශක්තියක් තියෙනවාලු. නිර්මාණාත්මක කුසලතා වැඩි දියුණු වෙන්නත් ඒක හේතුවක්...

    සිංහල ජනකථා විශ්වකෝෂයක් හදන්නත් හිතෙනවා මේවා කියවන කොට...! ස්තුතියි අක්කේ...

    ReplyDelete
  13. @ දිල් ..
    කානේෂන් වගෙත් තමයි . ඔයා කතන්දර වලට කැමති බව දන්නවා . හිමිට කියවන්න
    @ රන්ගි ...
    සැබෑ ලෝකේ ....හඳේ තමයි . කියෙව්වා රස වින්දා එච්චරයි . අනික ඔය රාජ කුමාරයෝ රජ වුනහම එක බිරිඳක් මදිලුනේ .
    @ ටි .ජි ..
    ඕකනේ වැඩ වැඩ ... ඔහොම හරියන්නේ නැහැ .
    @ගල් මල් ..
    ෂා ..බැලුවහම හරි වැදගත් ගහක්නේ . පුදුමයක් නැහැ පරිස්සන් කල එක . බොහොම ස්තුතියි ඩීන් අය්යා විස්තර වලට
    @ ඕනයා ..
    ටුනාලන්තෙට ගියා . අපුරුයිනේ

    ReplyDelete
  14. ඇත්තම හිතින් ඒ ලෝකේ ජිවත් උනා වගේ කියලා දැනුනා.... අනන් මනම් ගොඩාක් කිවත් ඒ දේවල් වලත් අක්කා ගොඩාක් දේවල් ගන්න්න තියනවා... හිතුමතේ ගොඩ වැදුනු පලවෙනි මොහොතනේ.. ඔන්න දඩ ගහන්න එපා මම මලක් අරගෙන යනවා

    ReplyDelete
  15. සුරංගනා කතාව මරු, මොකද්ද අර පන්සලේ මල් කඩන කතාව? පන්සලේදී කරන්නේ මල් පුජා කරන එකනෙ.

    ReplyDelete
  16. @ නිසුපා ..

    සෑහෙන්න පරණ ඇති තමයි මේ වගේ කතන්දරෙකුත් සෑදෙන තරමට .

    @ උදාර ...

    සුපුරුදු නිමාවෙන් අපගමනය වුන නිසා වඩා හොඳයි නේද .

    @චතුරංග ..

    අනේ ඔව් සුරංගනා කතා අහන්නම ඕන පොඩි කාලේ . අපේ ජනකතා අන්තර්ජාලයේ තියෙනවද . නැත්නම් එක්කහු කරලා තිබ්බොත් වටිනවා නේද

    @ ඔබ්සර්වර් ..

    අනේ මන්දා . මල් ගස් ලස්සන නිසා දකින අයට නෙලාගන්න හිතෙනවා ඇති . තව දෙයක් ඒ පන්සල බෞද්ධ පන්සලක්මද කියල නැහැ . මෙහෙ නානාප්‍රකාර පන්සල් තියෙනවා . අනික බුදුහිමියන්ට මල් පුජා කිරීමකුත් නැහැ . බියර් පවා පුජ කරනවා

    ReplyDelete
  17. සුරංගනා කතා රසවිදින්න වයස් බේදයක් නෑනෙ. බොහෝමයක් අවසාන අර හින්දි ‍ෆිල්ම් වගේ සියල්ලෝ සතුටින් විසිර ගියහ ආකාරයෙන් නිමාවෙන නිසාමද මන්ද මාත් සුරංගනා කතා වලට හරිම ආසයි. පුන්චිත්තත් ආසවෙයි මේ කතාවට...

    ReplyDelete
  18. කතාවටත් වඩා හිතට අල්ලල ගියේ ගුහාවල් ටික... අර අලුත් ගුහාව ගැන නම් පෝස්ට් එකක් දැම්මොත් හොඳා... ජාලෙ තියෙන හැටියටනම් ඒක සුරංගනා කතාවල තියෙන ජාතියෙම එකක්....

    ReplyDelete
  19. එතකොට දැං ඔය ‍ටු තුක්! ගුහාවෙන් ගියොත් අර ජේඩ් මාලිගාව හම්බවෙයිද? මං මේ ඇහැව්වෙ , සුර්ංගනාවක් පන්නගෙන පිටේ තියන් ගේන්න පුළුවනිද බලන්නයි. එනකොට වලාකුළු කරත්ත රයිඩ් එකක් ෂුවර් නං ට්‍රයි කොරඤ්ඤ්ං :)

    -නරි මොටා -

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. මම දාපු කමෙන්ටුවේ විස්තරේ ලියල තියෙන බව කියවද්දී මඟහැරිලා ඒක නිසා ඒක ඉවත් කරා. කොහොමවුනත් අපේ ‍රටෙත් පුරාන වැදගත් කම් තිබෙන ගුහාවල් මහවැලි ගගේ තිබිලා තියෙනවා. අවාසනාවට රන්දෙනිගල වගේ ජලාශ තනද්දී ඒවා කොන්ක්‍රීට් වලින් පුරවලා වසා දමාලා. සංවර්ධනයත් අත්‍යාවශ්‍ය දෙයක් හැබැයි ඒ එක්කම වැනසිලා යන අපේ උරුමයන් ගැන නම් ඇතිවෙන්නේ දැඩි සංවේගයක්...

    ReplyDelete
  22. ගුහාවල් ටික මාර ලස්සනයිනේ..දිව්‍ය ලෝකේ වගේනේ....

    ReplyDelete
  23. මැන්ඩරින් කියන්නෙ චීන තාරාවො ජාතියක් කියලය් මම හිතන් හිටියෙ. :) අනෙ මන්දා මම වැරදිද මන්දා

    ReplyDelete
  24. @ රෝස කුමාරි ..
    ටිකක් ළමයින්ට ගැලපෙන විදියට හදල ලියන්න ඕන පුන්චිත්තට .
    @ සපතේරු ..
    අලුත් ගුහාව ගැන තව ටිකක් සොයන්න ඕන . තවම අලුත් නිසා එච්චර විස්තර නැහැ .
    @ නරි මොටා...
    අනේ අනේ මේ නරියත් මට්ටු නොවෙන හැටි . ගමදුව පන්නන් ඇවිත් වෙච්ච හරිය මතක නැහැ වගේ .
    @දිනේෂ් ..
    මේ වගේ තැන් මිනිසුන්ගෙන් වහන් වෙලා තියෙන තරමටත් හොඳයි වගේ . මටත් වෙලාවකට හිතෙනවා දියුණුව කියල අපි යන්නේ විනාශයට නේද කියල .
    @ ඔබ නොදුටු ලොවක්
    මිට වඩා ලස්සනයි හලොන්ග් බේ වල ගුහා ටික . ඔය පාට පාට නම් ලයිට් දාල . අලුත් ගුහාව නම් ස්වභාවික විදියටම ඇති තවම
    @ සමාධි ..
    මැන්ඩරින් කියන්නේ චීන කියන තේරුම මන් හිතේ . චීන බස ගත්තමත් කැන්ටනිස් සහ මැන්ඩරින් කියල දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා . මැන්ඩරින් තාරාවෝ , මැන්ඩරින් දොඩම් එහෙමත් කියවෙනවා . ඉස්සර වරින් වර චීන ජාතිකයෝ මේ රට පාලනය කලාලු . මේ කතාවල මැන්ඩරින් කියන්නේ චීන ජාතිකයින්ට කියලයි මගේ අදහස

    ReplyDelete
  25. මේ ගුහා ටික හරිම ලස්සනයිනෙ...
    ලස්සන සුරංගනා කතාවක්... මටත් හිතුන අර ගුහාව දිගේ දිව්‍යලෝකෙට ගිහින් දවසක් දෙකක් ගතකරල එන්න... :)
    කාලෙන් කාලෙට පොඩි උන්ගෙ ආසාවල් වෙනස්වෙනවනෙ..අපේ දෙන්නගෙ සුරංගනා කතා ආසාවල් දැන් වෙනස් වෙලා... මේ දවස්වල හොයන්නෙ සත්තු ගැන... ඒත් මම නම් අදටත් ආසයි....

    ReplyDelete
  26. බුරාට උත්තරයක්‌ දුන්නෝ

    ReplyDelete
  27. බින්දි,

    නරි මොටාට ගම දුව පන්නපු හැටි විතරක් නෙමේ පොඩ්ඩි පන්නන්ට ගිහින් මකරා දුම් විදගෙන ආපු හැටිත් අමතක වෙලා වගේ. ඔන්න ඔහේ සුරංගනාවක් හොයලා දෙන්ට උදව් කරමු පව්නේ...:)

    සුරංගනා කතාවක් වගේම ලස්සන පෝස්ට් එකක්.

    ReplyDelete
  28. මෙවසරේ 7 Wonders of Nature තරඟයේ අවසාන වටය නියෝජනය කර තැන 28න් මුල් 7 අතරට වියට්නාමයේ Halong Bay ද ඇවිත් ඉන්නවා. වැඩි විස්තර මෙතැනින්: http://www.n7w.com/

    අපේ පලාතේ Bu Tinah දිනවන්න අපිත් හති දාගෙන දිව්වා, පලමු 14 අතරට ආ බව ආරංචියි. කොහොම නමුත් ගල්මල්, කොරල් හා මුහුදු ජීවීන් ගැන ඇති උනන්දුව නිසාම මේ කාර්යයට මනාපයි.

    Bu Tinah ගැන විස්තර:
    http://www.new7wonders.com/archives/wonder/bu-tinah-island

    ReplyDelete
  29. අපූරු කතාව..අපිත් තාම සුරංගනා කතා අහන්න ආසයි

    ReplyDelete
  30. Miyuru, Poddi, gal mal , Ayesha,

    බොහොම ස්තුතියි . වැඩ වැඩි හන්දයි පරක්කු වුනේ .

    කවිකාරි ..
    පරිගණකය දිහා අහක් ඇරලා බැලුවේ නැහැ දවස් කීපෙකින් . නොයෙකුත් වැඩයෙදුනා. ඈත් වෙලා ඉන්න බැරිත් නැහැ . පුරුදු වීම ඇබ්බැහියක්නේ . ඉක්මනින් ආයේ ඇබ්බැහි වෙන්න ඕන

    ReplyDelete
  31. මමත් සුරංගනා කතා කියවන්න හරිම ආසයි. වයසින් වැඩුනත් තාම ආසයි.ගොඩක් ආස රැසියානු සුරංගනා කතාවලට. චීන කතාත් ලස්සනයි...

    ReplyDelete
  32. කලින් කියවලා , කමෙන්ට් නොකර ගියේ වෙලාව මඳිකම නිසා. ඔන්න අදත් කියෙව්වා ආසාවට, ස්තූතියි බින්දි මේවා අපි එක්ක බෙදා හදා ගන්නවාට,,

    ReplyDelete
  33. "මෙහෙ නානාප්‍රකාර පන්සල් තියෙනවා . අනික බුදුහිමියන්ට මල් පුජා කිරීමකුත් නැහැ . බියර් පවා පුජ කරනවා "

    ඇයි එහෙම කරන්නේ කියලා හොයලා බලන්න බැරිද..? ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් හේතුවක් ඇතිනේ..?

    ReplyDelete
  34. @තීර්ථ යාත්‍රිකයා
    වයසින් වැඩුනත් හිතේ තාම ළමයෙක් ඉන්නවලුනේ .
    @බීට්ල්
    මට දැනුනු විදියට මෙහෙ මහායාන ථේරවාද වගේම සම්ප්‍රධායික ඇදහිලිත් මිශ්‍ර වුන බුදුදහමක් තියෙන්නේ . මේ ගැන ලියන්න නම් ඕනේ . මේ දවස් වල හරියට වැඩ වැඩියි . හිතන් හිටි දේවල් මුකුත් කරන්න බැරි වුනා . මන් කියෙව්ව කතා වල හැටියට බුදු හාමුදුරුවෝ කියන්නේ දේවත්වයට පත් කෙනෙක් . ඒ විතරක් නෙමේ මව් දෙවගනත් අදහනවා . පන්සල් නම් විවිධාකාරයි . රජවරුන්ටත් පන්සල් තියෙනවා .

    ReplyDelete
  35. @ හරී ...
    මටත් මේ ටිකේ හරි වැඩ හරී . අම්මල ඇවිත් නිසා ඔයාට විවේකය අඩු ඇති . මමත් බ්ලොග් කියවනව විතරයි මේ දවස්වල

    ReplyDelete
  36. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  37. වයසට ගියත් පුංචි කාලේ ඉඳන් කතන්දර අහන්න . . .කියවන්න තියෙන ආසාව නැතිවෙලා නොගිය එක කොයි තරම් දෙයක්ද අප්පා . .

    නැතිනම් මේ කතන්දරේයි . . අර ගල් ගුහා වල සුන්දරත්වයයි විඳින්න බැරි වෙනවනේ . . .

    හරි සෝයි බින්දී . . . නියමයි . . .

    ReplyDelete
  38. සුරංගා කතා ගැන නේරුතුමා කිව්වා කියලා කියන කතාවක් මතක් වුණා.

    ඇමරිකානුවෝ හඳට ගිහින් හඳේ හාවෙක් නැහැ කිව්වත් තමන්ට තමන්ගේ මිත්තණිය කියලා දීපු හඳ ගැන කතා වගේම හඳේ හාවෙක් ඉන්නවා කියන කතාව තමන්ට වටිනවා කියලා නේරුතුමා කියලා තියෙනවාලු

    ReplyDelete
  39. හයියෝ... නෙළුම් විලට වුණ දෙයක්... කෝ ඉතින් සුවඳ විඳින්න අලුත් මල්?

    ReplyDelete