Saturday 10 December 2011

තවමත් 2004 හි ජිවත් වන ඉතියෝපියානුවෝ....

මේ අවුරුද්දට ආයේ ලියන්නට නොහිතා උන් නමුත් කාරණා දෙකක් නිසා මේ ලිපිය ලියමි . පසු ගිය ලිපියේ ලියන්නට අමතක වූ ඉතියෝපියන් අමුතු කැලැන්ඩරය ගැන කීමටත් තව පින්තුර ටිකක් බෙදා ගැනීමටත් සහ තවත් වැදගත් දෙයක් ඉතිරි වී තිබීම නිසාය .

නොයෙකුත් ආකාරයේ කැලැන්ඩර මේ ලෝකයේ ඇති මුත් සාමාන්‍යයෙන් පහසුව තකා ග්‍රෙගෝරියන් කැලැන්ඩරය භාවිතා වීම සම්මතයයි . අලුත් අවුරුදු හෝ ආගමික කටයුතු වලට පමණක් එකී සම්ප්‍රදායික කැලැන්ඩර යොදා ගැනේ .එහෙත් රටවල් කීපයක් පමණක් සම්ප්‍රදායික කැලැන්ඩරයට මුල් තැන දෙන බව නොරහසකි . මේ පුරහඳ ළමයින්ටයි ලිපියේ කමෙන්ට් වලින් අපේ මිතුරන් මේ ගැන බොහෝ කතා කළා මතකයි .
කරකවා අතාරින වර්ගයේ කැලැන්ඩරයක් ඉතියෝපියාවේ තිබේ . අතලොස්සක් වූ බහුජාතික ආයතන වල ඇර බහුතරය රජයේ පාලනයට නතු වූ ඔවුන්ගේ පද්ධතිය තුල භවිතා වන්නේ මේ අමුතු කැලැන්ඩරයයි.
ඒ අනුව ඔවුන් ජිවත් වන්නේ 2004 ය . වෙලාවත් අමුතුය . සම්මත වේලාවෙන් දවල් 12 ඔවුන්ගේ වේලාවෙන් උදේ 6 වෙයි . අපේ රටේ හිටි නෝනා කෙනෙක් පැයක් වෙනස් කළා මතකය . මැලේසියාවේද එලෙස කර ඇත . යාබද සින්ගප්පුරුවද එය අනුගමනය කරයි.

ඒ කිසිවක් ඉතියෝපියාවේ තරම් හොල්මන් නැත . කොහොමත් ඉතියෝපියාවට ටිකක් පස්සෙන් ඉන්නට මෙයත් හේතුවක් දැයි නොදනිමි. කාලයේ තාලයට මදක් නොනැමිම මෝඩකමක්දයි මට සිතේ .


පැහැදිලි නිල් අහස


 නිල  පාට ටැක්සි . ..පුද්ගලික බස් සේවයද කුඩා නිල් වෑන් වේ . පින්තුරයක් ගන්නට බැරි විය . රජයේ බස් රතු පාට ලොකු ඒවාය . නිල් පාට පුද්ගලික වෑන් නම් අපේ ප්‍රයිවට් බස් සිහිගන්වයි .'' පිටෝටුව ''වෙනුවට '' බෝලේ'' කියනු ඇසිණ. බෝලේ යනු ගුවන් තොට ඇතුළු පෙදෙසයි

 අමුතු දැන්වීමක්



 ටෙනිස් පිටියක්

 ජනපති මැදුරේ ගේට්ටුව

 කටුගෙයි බඩු
 ඉතාලි සටනේ තුවක්කුවක්


 රජ ඇඳුම්
 ඉතියෝපියන් අකුරු
 සිංහාසනයක්
 ආදිම ළමයෙක්

 ප්‍රසිද්ධ ඔතොඩොක්ස් උළෙලක් පෙන්වන චිත්‍රයක්

 පැරණි ක්‍රීඩාවක්
 විනාවක් ?
රැජිනක් 


නිල් පාට ඇඳන් ඉන්නේ ශිබා රැජිනයි .


පින්තුර ගැන තව විස්තර කීමට ඉඩ කඩ මදිය . ඒ ගැන සමාවෙන්න ,



මේ හදිසි ලිපිය ලිවීමට හේතුවූ අනෙක් වැදගත් කාරණය නම් විසිදහස් වරක් මාද ඇතුළුව අප නෙලුම් විලට ගොඩ වී ඇති එකය .

වෙන වෙනම ස්තුතියක් කරන්නට වෙලාව හරස් වෙලා . මේ පුංචි කවිය නෙලුම් විලට එන ..කියවා පමණක් යන  ...වචනයකින් හෝ දිරිදෙන සහ ලිපි වලටත් වැඩි  කමෙන්ට් වලින් අපේ දැනුම පුළුල් කරන මගේ සියලු සොයුරු සොයුරියන්ටයි ...
සැමට ස්තුතියි 


සියක් සියපත් වුවත් පල නැහැ
සුවඳ සැඟවුන  කල කැලේ
සුවඳ අරගෙන යනෙන බිගුනට 
දහක්  මල් පුද දෙමි විලේ 



ප.ලි.

අපට සරත් සමය ගෙවී සිසිරය ඇවිත් ...සිතල හුළඟ තමයි ඉවසන්න බැරි . 

30 comments:

  1. පින්තූර එකතුවේ වටිනාකම නම කියලා නිම කරන්න බැහැ, කැලැන්ඩරය ගැන ඇහුවෙත් අදමයි. බින්දි නොකිව්වනම් කවදාවත් දැනගන්න එකක් නැහැ. විශේෂ හේතුවක් නැතිනම් අපි මේ වගේ රටවල් ගැන කියවන්නෙම නැති තරම්. ස්තූතියි.

    20,000 ටත් සුභ පැතුම්. හරවත් තැනක් 20,00ක් කියන්නෙ බොහොම වටින දෙයක්. බින්දි මොනතරම් දැනුමක් බෙදලද ?

    ReplyDelete
  2. ඔය වාද්‍ය භාන්ඩය වීනාවක් නෙමෙයි. ඒකෙ "කර්වො" වගේ නමක් තීන්නෙ. පොඩි රබානකට හය් කරපු තත් ඇඟීලි වලින් වයනව අනික් අතින් රබානට තට්ටු දාන ගමන්. වයින් ටිකක් බිබී ඕකට තට්ටු දදා පැය ගනන් කුරුකුරු ගාන අය තාම ඉන්නව.

    ඉතියෝපියානුවො මසුරො හැටියටත් ප්‍රසිද්ධයි. මෙහෙ ඉත්යෝපියන්ස්ල ගැන තීන ප්‍රසද්ධ කතාව තමයි "ඉතියෝපියන් කියන්නෙ මිස් කෝල් නැත්තං රින්ග් කට් මාරයො" කියල. දවසක් උන් ඉන්න ෆ්ලැට් එකක් ගිනි අරන් ගෑණු දහයක් විතර පිච්චිලම මලා. කොල්ලොනං කියන්නෙ මුං මලේ ෆයර් බ්‍රිගේඩ් එකටත් මිස් කෝල් ගැහුව හින්දලු :D

    ReplyDelete
  3. // සාමාන්‍යයෙන් පහසුව තකා ජෝර්ජියන් කැලැන්ඩරය භාවිතා වීම සම්මතයයි //

    ජෝර්ජියන් නොවේ, ග්‍රෙගෝරියන්..

    ඉතියෝපියන් කැලැන්ඩරයට අනුව එයාලගේ අවුරුද්ද පටන් ගන්නෙ අපේ සැප්තැම්බර් මාසෙ 11දාට.. උදා: එයාලගෙ 2004 පටන් ගත්තෙ 2011 සැප්තැම්බර් 11දා (අධික අවුරුද්දකනං මේක සැප්තැම්බර් 12දා වෙනවා)..

    මේ වෙනසට හේතුව මුල්ම වකවානුවේ කැලැන්ඩර පිළියෙල කිරීමේදි ඇතිවෙච්ච පරස්පරයක්.. ඉතියෝපියානුවන් පාවිච්චි කරන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියන් පූජකයෙක් වුනු ඇනියානුස් විසින් සම්පාදිත කැලැන්ඩරේ වන අතර යුරෝපීයන් පාවිච්චියට ගත්තෙ රෝමන් පූජකයෙක් වුන ඩයෝනිසියස් (470c-544c) විසින් සම්පාදිත එක.. මේ දෙන්නගෙ ගණනය කිරීමේ පරස්පරය නිසා තමා ඔය වගේ අවුරුදු 7-8ක ගැප් එකක් එන්නෙ..

    පලි: ඩයෝනිසියස් තමා ක්‍රිස්තු වර්ෂ (Anno Domini) ක්‍රමය හදුන්වලා දුන්නෙ.. අද අපි පාවිච්චි කරන ග්‍රෙගෝරියන් කැලැන්ඩරේට පදනම් වෙන්නෙ මේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයයි..

    ReplyDelete
    Replies
    1. Buratheno

      මෙහෙම පැහැදිලි කරපු එක වටිනවා. ඒත් ඇයි එයාලා වෙලාවත් පස්සෙන් ඉන්නේ දවල් 12 උදේ 6 වෙලා තියෙන්නේ ඇයි ? ඒකත් පැහැදිලි කළා නම් වටිනවා

      Delete
  4. @ ලකී
    ස්තුතියි ලකී
    @ ඉන්දික
    ඉන්දික නම් ගොඩක් ඉතියෝපියානුවන් ගැන දන්නවා වගේ . ස්තුතියි
    @ බුරා
    අපොයි ඔන්න හැදුවා . තැන්කියු ..නැත්නම් වස ලැජ්ජාවයි

    ReplyDelete
  5. විස්තරේට ස්තූතියි...
    සුදු රෙදි කඩකින් හිස ආවරණය කරගත්තු පැහැපත් පෙනුමක් තියන කාන්තාවො තමයි ඉතියෝපියාවේ ඉන්නේ. කළු අප්‍රිකාණුවන්ගේ කොණ්ඩයයි, අරාබි ජාතිකයින්ගේ සමයි එකතු වෙලා කියල තමයි මට නම් හිතෙන්නේ..
    පින්තූර ටිකත් අගෙයි.. ඔය පින්තූර ටික අතරට, ඉන්ජිරී පිඟානකුත් එකතු උනානම් අන්ග සම්පූර්ණයි .. :)
    20 000 ට සුභ පැතුම්..

    ReplyDelete
  6. 20000 ට සුභ පැතුම් !!! ඉන්දිකගෙ කතාවත් මරු.. :-)

    ReplyDelete
  7. පින්තූර ටිකටයි විස්තරවලටයි ගොඩාක්ම ස්තුතියි... අපෝ අර මසුරු කමයි ෆෝන් කට් කිරිල්ලයි ගැන නම් කියල වැඩක් නෑ... පඩි පතේ ඩොලර් සත පණහ අඩුවෙලා බලන්න ඕනෙ වැඩේ හැටි... හික්ස්...

    20,000ට සුභ පැතුම් මගෙනුත්...

    ReplyDelete
  8. 20,000 සුභ පතුන් ඉතියෝපියාව ගැන ගොඩක් දේවල් දැනගත්ත.ස්තුතියි යාළුවා

    ReplyDelete
  9. පින්තුර ටික නමි නියමයි!!!!!!! විස්තරේටත් ගොඩක් ස්තුතියි!අදමයි ඇහුවෙ

    ReplyDelete
  10. kavikaari said... on 26 November 2011 20:55
    Two more posts and you will hit 20,000. Lets celebrate that with "කාන්තා සංගමය" in SL.

    AND YOU DID IT.
    CONGRATS SIS..............

    ReplyDelete
  11. නියමයි විස්තරේ....මේ පොඩ්ඩට ඔක්කොම හොයාගෙන...රවුං ගහල වගේ ගිය වෙලාවේ ඉදලා...විසිදාහට සුභ පතනවා....ජය!!!!

    ReplyDelete
  12. ඔන්න 20000 ට මගෙනුත් සුබ පැතුම් ........
    සෑහෙන්න වැදගත් තොරතුරු ටිකක්, ලංකාවත් තව ටික කාලයක් යනකොට ඔය ගානට වැටෙයිද මන්ද .......
    දැන් යන ආර්ථිකේ හැටියට .......

    ReplyDelete
  13. මමත් ඉන්නේ අර හොරෙන්ම නෙලුම් විලට ගොඩවෙලා හිමින් ලුහුටලා යන ලිස්ට් එකේ (හිකිස්) එත් එක පොස්ට් එකක් වත් මග අරින්නේ නම් නෑ කොහොමටත්. කොමෙන්ට් නොකලත් ඔය ලියන හැම වචනයක්ම අද වගේම හෙටටත් වටිනා බව දන්නවා. ඉතින් 20 000 ටත් සුබපැතුම්!
    ( See you soon. Have a safe journey)

    ReplyDelete
  14. Heartiest Congrats......on 20,000

    ReplyDelete
  15. බුරා මෙතන රෝහිත වෙලා හෙහ්...හෙහ්...

    ReplyDelete
  16. ඔබා අයියා අර ටැලිගැරැං එකේ අතීත කතාව හොයාගත්තැයි..??

    ReplyDelete
  17. සුභ පැතුම් !!!!!!!! විස්තර ඉදිරිපත් කරාට බොහොමත් ස්තූතියි.කවදත් වගේ අගේ ඇති පෝස්ට් එකක්. ගමරට ගියාම අපිවත් මතක් වෙයි නේද?

    ReplyDelete
  18. ඉතියෝපියාවෙ බුවාල "හොඳ කාලෙ" එනකං වෙලාව පස්සට දානවද දන්නෙනෑනෙ ????

    විසි දාහට බොක්ක පතුලෙංම නැග එන සුභ පැතුම් . . . !!!!!

    ReplyDelete
  19. @ බුරා,
    ගූගල් එකේ Clarrie Girimmett කියල සර්ච් කලාම මෑන් ගැන විස්තරයක් ආව, 1925 ටෙස්ට් ඩෙබියු එකේදී 5/25 අරං තියෙනව, ඒකට ගහපු ටෙලිග්‍රෑම් කියල හිතන්න පුළුවන්. Didn't find anything about the telegram itself .

    ReplyDelete
  20. වසිලිස්සා11 December 2011 at 18:14

    නොදැන හිටි දේවල් ගොඩාක් දැනගත්ත වෙනද වගේම,
    20,000 මගේ උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  21. 20,000 සුබ පැතුම් . අප්පේ විසිදාහක් ගහන්න අපිට මාස කීයක් ගියාද ඒ අතින් ඔයාගේ බ්ලොග් එක හෙන ජනප්‍රියයි ..

    මට සමහර පෝස්ට් තේරෙන්නේ නැති වුණාට මම මේ නෙලුම් විලෙන් බෙදන දැනුමට හරිම ආසයි ..අද පෝස්ට් එකත් ගොඩක් හොඳයි . මේ බ්ලොග් එකෙන් පෙන්නාපු පින්තූර දීපු දැනුම ආයේ කවමදාකවත් සමහරවිට මට ලැබෙන එකක් නෑ වෙන තැනකින් ..

    ජය වේවා !!

    ReplyDelete
  22. 20,000 සුභ පැතුම්....

    2004 ඉන්නවා කියන්නෙ අවුරුදු 6ක් පිටිපස්සෙනෙ.අම්මෝ..එහෙට ගියාම පිස්සු වගේ වුනෙ නැද්ද??

    ReplyDelete
  23. විසි දාහේ කඩඉම පසුකිරීම වෙනුවෙන් සුබ පැතුම්!

    ReplyDelete
  24. හැම රටේම රජයේ බස් රතු පාටද?

    ReplyDelete
  25. මුලින්ම නෙළුම් විලේ සුවඳ 20,000 ක් වතාවක් පැතිරවූ බින්දි අක්කාට මගේ සුභ පැතුම්...

    අහම්බෙන් අපේ අහ ගොඩ වැදිලා කියලා ගිය එකෙන් පස්සේ අපිත් ඉතින් නෙළුම් විලේ යාව-ජීව සාමාජිකයෝ තමා... 2011 අවුරුද්දේ බිහිවුනු හොඳම බ්ලොග් 10 න් එකක් නෙළුම් විල කියලා ඔන්න මං සහතිකේකුත් දෙන්නම්...

    තව තවත් නෙළුම් මල් පුබුදන්නට, ඒ සුවඳ බෙදන්නට... බින්දියට ශක්තිය ලැබේවා...!!!

    ජයවේවා !!!

    ReplyDelete
  26. ඔන්න මමත් හා හා පුරා කියලා ගොඩ වැදුනා ඉතියෝපියාව ගැන කියවන්න. හොඳ විස්තරයක් දැනගත්තා.

    එහෙම හිටියානම් අවුරුදු 7 කින් young....:-)

    All the best!

    ReplyDelete
  27. පින්තූර ටිකනම් හරි අගෙයි !!! ඉතියෝපියානු ක්‍රමේට අවු.6 තරුණවීමට හැකි බව දන්නේත් අදය.මෙහේනම් ශීත් සෘතුව හොඳ හැටි දස්කම් දක්වනවා.එපාආආආඅවෙලා ඉන්නෙ.

    ReplyDelete
  28. විසි දාහට ජය වේවා. පොඩ්ඩක් හැංගිලා හිටියේ පහුගිය කාලේ.

    ReplyDelete
  29. 20,000 ට මගෙන් ලක්ෂ වාරයක් සුභ පැතුම්

    ReplyDelete