Tuesday, 10 July 2012

මිනිසෙක් වූ බල්ලෙක්




මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ළමයි දෙන්න තමන්ය කියල ලොක්කියි පොඩ්ඩියි නෝක්කාඩු කියද්දී  පහුගිය සර්කස් ලිපියේදී නැන්දලා මාමලා හුඟක් කියා තිබුණ ළමයින්ට බලු පැටියෙක් ගෙනත් දෙන්න කියල . හැබැයි දෙන්න මගේ බ්ලොග් එක කියවන්නේ නැති හින්ද ඒ චන්ද සේරම අවලංගු වෙනවා .D

අද මෙහෙම වුනාට අපේ ගෙදර ඉස්සර හැමදාම පුසෙකුයි බල්ලෙකුයි වැරදුනේ නැහැ . ඒ දවස්වල ලොකුවට තාප්ප දාල ඉඩකඩම් වෙන්කරලා තිබුනේ බොහොම අඩුවෙන් .ඉතින් ඒ සත්තු නිදහසේ ඇවිදලා ජිවත් වුනා . බල්ලන් නම් හිටියෙම එළියේ . පූසන් නම් ගේ ඇතුලේ උන්නත් පුටු උඩ නැගීම තහනම් . මේ නීති අකුරටම ක්‍රියාත්මක කලේ අපේ අක්ක . හැබැයි අපි උන්ට ආදරේ කළා . අතපත ගාල සුරතල් නොකෙරුවත් උනුයි අපියි අතර අපුරු බැඳීමක් තිබුණා.

මේ බල්ලන් පුසන්ට අමතරව කිකිළියක් ඇති කළා අපි කුඩාම කාලේ . බිත්තර රක්කලා පැටව් ආවම අපි උන්ව බෙදා ගන්නවා . ලොකු වුනහම උන්ගේ බිත්තර තනියම කන්න හිතාගෙන . පුංචි පුළුන් බෝල වගේ කුකුළු පැටව් කුකුලොද කිකිලියෝද කියලා සොයන්න බැහැ. ඔන්න ටික දවසක් යද්දී පිටිපස්සෙන් වලිග පිහාටු දික්වෙන්න ගත්තම තමා තමන්ට අයිති එවුන් මොන ජාතියේද කියල දැනගන්නේ . සමහර විට සේරම කුකුලෝ වෙලා බලාපොරොත්තු සුන් වෙන වෙලාවල් තිබුණ .

[මේ අර ගෙවත්තේ අල බතල හිටවාපු දශකයේ අග භාගය විය යුතුයි .]

ඒ ඉතින් හුඟක් පුංචි කාලේ . පසු කලෙකත් මට මතකයි අපේ ආච්චිලගේ ගෙදර කුකුළු පැටව් හිටියා . තව එළදෙනක් හිටියා . මහගෙදර ඒ සත්තු ඇති කරන එක නැවතුනේ ආච්චිගෙයි ආතාගෙයි අන්තිම කාලේ බවයි මට මතක . මේ අර ලිපි තුනකින් කියූ තාත්තගේ ගම නෙමෙයි . කොළඹට ආසන්න අම්මගේ ගම . කොළඹට ආසන්න වුනත් ලස්සනට තිබුණ පළාතක් .ඒ විස්තර වෙන ලිපියකින් ලියන්න සිදු වෙනවා .

අද මට ඇත්තටම ලියන්න උවමනා වුනේ මා හා සමීප වෙච්ච සුරතල් සතුන් ගැනනේ.

බලු පැටවුන් පිලිබඳ මගේ පළමු මතකය හරිම තිත්ත එකක් . අපිට හිතවත් කෙනෙක් ලස්සන බෝල ගෙඩියක් වගේ දුඹුරු පැහැති බලු පැටියෙක් ගෙනත් දුන්න . අපි එයාට බ්‍රවුන් කියල කතා කළා . ටික දවසකින් බලු පැටියා ගෙනත් දීපු අය්යා අපේ තාත්තත් එක්ක කුටු කුටු ගානවා දැක්ක . ඊ ළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී හරිම අමුතුයි . බ්‍රවුන් නැහැ .

හැබැයි අම්මලට මේක රහසක් විදිහට තියාගන්න බැරි වුණා. පැටියාගේ අම්මට පිස්සු හැදිලා . බලු පැටියට වුන දේ කවදාවත් අපට කිව්වේ නැතුවට සුරියපාලුවේ වෙද මහත්තයෙක් ලඟට පවුලම ගිහින් ඇවිත් තිත්තම තිත්ත කසාය අපට පෙව්වා . ඊක්.....

අච්චර ඛේදවාචකයක් වෙලාත් අපි පසු බැස්සේ නෑ. සත්තුත් මිනිස්සු වගේ . විවිධාකාර චරිත රැසක් තිබුන බල්ලන් පූසන් කීප දෙනෙක් මට හොඳට මතකයි.

බුලා එක්කෙනෙක් . මෙයා පුදුමාකාර බල්ලෙක් . අපි යන යන තැන පස්සෙන් ආවා . ආදරේට වෙන්න ඇති . හැබැයි අපිට නම් මේක පරාල ඇණයක් වුණා . කොයිතරම් මග ඇරලා ගියත් මෙන්න භාගයක් දුර යද්දී බුලා අපේ පස්සේ . නාන්න ගියත් , දුර ගමනක් යන්න බස් එකට ගියත් පස්සෙන් එනවා . මේ පස්සෙන් ඒම ඉවසන්න බැරි මුට කන්න පාර දිගේ අනික් බල්ලෝ කඩා පනිද්දී ආරක්ෂාවට අපි අස්සට එන එක . එක දවසක් අපේ අම්ම බස් එකට නැග්ගම මිනිස්සු කෑගහන්න අරන් . බල්ලෙක් බස් එකට ගොඩ වෙලා . අම්ම අඳුනන්නේ නැතුව උන්නලු . ආයේ දවසක් පන්සල් ගිහින් බණ මඩුවේ බණ අහනව . මෙන්න බුලා සෙනග අස්සේ අපිව සොයනවා . එදාත් බුලා අපේ නෙමේ .

එක දවසක් බුලා ගෙදර ආවේ නෑ . අම්මල කිවේ මැරෙන්න ළඟ වුනහම සත්තු යන්න යනවලු .
තව අමතක නොවෙන මිනිහෙක් වගේ බල්ලෙක් උන්න . එයාගේ නම ''ටාසන් ''. මුට නම් බල්ලා කියන වචනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ .



තනිකර මනුස්ස ගතිගුණ තිබ්බේ ... පොතක් හරි ෆයිල් එකක් හරි අරන් ගෙදරට එන තරුණ අයව නැට්ට වනල පිළිගත්තා . වයසක මිනිස්සු පේන්න බැහැ. කඩා පනිනවා . අපේ යාලුවෝ ආවම දොරකඩට වෙලා අනික් පැත්ත බලාගෙන ඉන්නවා යනකම්ම . අපේ යාලුවෝ අතර ටාසන් සැහෙන ජනප්‍රිය වුණා . සමහරු කිව්වේ ටික කාලෙකට ඉස්සර මැරුණ තරුණ අයෙක් වෙන්න ඇති කියලයි . කෑවේ වෙලාවට. බොහොම ටිකයි . හරිම පිරිසිඳු පාටයි .


නරක පුරුදු වලට ඇබ්බැහි වුන හොඳ මනුස්සයෙක්ට වෙන දේ මෙයාටත් වුණා . අසල්වැසි ගෙදරකින් හරක් මස් කන්න දීල ටාසන් එහාට පුරුදු වුණා . අපේ දිහා නොකන මසට ලොල් වුන ටාසන් අන්තිමට එහාටම වුණා . පුදුමම දේ වුණේ ඊට පස්සේ . අපේ ගේ ගාවින් එහා මෙහා යද්දී හරියට තරහ වුන මිනිහෙක් වගේ අනික් පැත්ත බලන් යන්න ගත්ත . බල්ලෙක්ට මනුස්සයෙක් වෙන්න පුළුවන් බව එදා තමයි මන් දැන ගත්තේ .

ටික කලකින් අපි දැක්ක සාත්තුවක් නැති වුන ටාසන්ගේ ඇඟේ කුෂ්ට දාල . අපේ දිහා ඉද්දි නිතර නාන්න පුරුදු වෙලයි මෙයා උන්නේ .[ එක දවසක් පාරට ගිහින් ලොරියක හැපිලා කකුලක් තුවාල වෙලා ඉද්දි අය්යා තමයි සාත්තු කරලා සනීප කලේ .]


ඔය කාලේදී මන් වෙන ගමකට දීග ගියා . මට අවසාන කාලය දකින්න බැරි වුණා .

අම්ම කි පරිදි අවාසනාවන්ත තත්වයට පත් වුනාට පස්සේ අර ගෙදරින් ටාසන්ව එලවල . ඉඳහිට අපේ මිදුලට ආවාම අම්ම කන්න ටිකක් දුන්නලු .

දවසක් අර ගෙදර ගැහැණු කෙනා මරලතෝනි දෙනවා ඇහිලා . ලිඳට බල්ලෙක් වැටිලා . එයාල නොදැන ලිඳේ වතුරත් බිල .

වැටිලා මිය ගිහින් තියෙන්නේ ටාසන් .

මේ දේවල් විස්තර කරන්න හැකි බුදු දහමට පමණක් කියලයි අද මට කල්පනා වෙන්නේ .

p.s.
සුරතල් සත්තු ගැන සේරම ටික ලියල දාන්න හිතුවත් සැහෙන්න දීග වෙන නිසා මෙතනින් කඩන්න හිතුව .

87 comments:

  1. චන්ද සේරම අවලංගු වෙනවා .D ඉංග්‍රිසියෙන් හිනාවෙන්නෙ ඔහොම නෙමේ මෙහෙම තිත් දෙකයි ඩි. :D

    ඇයි ඡන්දෙ කියලත් වැරදි. ඒක හරියට ලියන්න ෂිෆ්ට් එක පාගලා පී ඔබන්න.:P

    අපිටත් හිටියා හුරතල්ලු. එක්කෙනෙක් මාස්ටර්. අනිත් එක්කෙනා කදිරා. එයා ගැන නම් මම ලිව්වත් එක්ක.

    දැන් රෑ වෙලා. හෙට එඤ්ඤං ආයි මේ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. හා හා තිත් දෙකයි..D . මේකනේ බුද්ධි වැඩේ මන් ටයිප් කරන්නේ http://www.google.com/transliterate/sinhalese වලින්. සමහර වැරදි පෙනී පෙනීත් හදන්න බැහැ.

      Delete
  2. බින්දි ඉතින් ඔහොම මුල අල්ලලා දුන්නම අපිටත් මතක් වෙනවා අපේ සත්තු සනුහරේම.. ඒවා ලියන්ඩ ගත්තොත් මේක පෝස්ට් එකක් වෙනවා..

    ටාසන් මම හිතන්නෙ ගිය ආත්මෙ මනුස්සයෙක් වෙන්ඩ ඇති..

    ReplyDelete
    Replies
    1. දැන් මෙහෙ වෙලාව 2200 යි. ඒත් මගෙ කමෙන්ට් එකේ වැටිලා තියෙන්නෙ 0056 යි කියලා ! මේ කාගෙ වෙලාවද ?

      Delete
    2. අපේ නරක වෙලාව බං. හික්.

      Delete
    3. ඔන්න ඔහේ ලියා දැම්මට මන් හිතුවේ නැහැ එච්චර වැදගත් වෙයි කියල . හැබැයි ගොඩක් සංවේදී මාතෘකාවක්නේ බලන කොට . සෙන්න ..මන් හිතන්නේ ඒ අපේ වෙලාව . මන් ඉන්නේ ලංකාවට වඩා පැය එකහමාරක් ඉස්සරහින්නේ .

      අසරණය ...ඔව් ඔව් යක්කු ගස් යන වෙලාව පරිස්සමින් .

      ආ සුමිත් D තුනක්ම හිනා වෙලා .

      Delete
  3. කතාව ඉවර නැ වගේ නේ. මම කතා කරන්ඩ කැමතිම කතාවක්

    මමත් ඔය ගැන ලියුවා ලගකදි මම දන්න බල්ලෝ ගැන, තව දන්න බල්ලො හිටියට ගොඩක් මෙතනින් නැවැත්තූවා.පස්සේ තව එකක් ලියන්ඩ අදහසක් තියනවා

    බලන්ඩකෝ මගේ
    <a herf="http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html>බලූ වැඩ කරන දෙපා බල්ලන්ට බල්ලා කියා අපහාස කිරීම බලු වැඩකි</a>

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් . මේ ඉතින් ගෙදර උන්න බල්ලෝ . අඳුනන බල්ලෝ නම් අටෝ රාශියක් ඉන්නවා . වස උන් .හපාකන උන්. බුරල නිකන් ඉන්න උන් . ඒ මදිවට දෙපාරක්ම බල්ලෝ කාලත් තියෙනව මට

      තවත් බලු රසිකයෙක් හඳුනා ගැනීම සතුටක් . මටත් පෙන්න බැහැ . කතා වැඩක් කරන අයට බනින්න බල්ලා කියන එක . බල්ලෙක් වරදක් කලහම මිනිසෙක් කියල බැන්නට නම් කමක් නැහැ . බල්ලෝ කියන්නේ සැහෙන හොඳ සත්තු ජාතියක් . මන් යන්න ඕන ඔයාගේ පෝස්ට් එක බලන්න

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. මම හිතුවා ස්කූබි ඩූ ගැන කියලා...බලනකොට ටාසන්...

    ReplyDelete
    Replies
    1. ආ මේ රත්ගම මලයනේ . ස්කුබියත් මන් ආසම බල්ලෙක් තමා

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. " බූලා අපේ නෙමේ " කොටස් දෙකට හිනා ගියා.
    අනිත් ඒවාට හිනා ගියෙ නම් නෑ. ආසා හිතුනා ලියන විදියට.
    ඒක නෙමේ, මට බින්දිව දකින්න ආසාවක් ආවා.

    ReplyDelete
    Replies
    1. බුලා නම් ඒ කාලේ අපට පේන්න බැහැ . හැබැයි කොච්චර තරවටු කලත් ගහන්න නම් හිතුනේ නැහැ . හරිම අහිංසක විදියට මුණ බලන් ඉන්නේ . සිදු .....එන්නකෝ මේ පැත්තේ . නැත්නම් දෙසැම්බර් වල මන් ආවම බලමු හමු වෙන්න . ගිය පාරත් පොරොන්දු ගොඩක් කඩන්න වුණා.

      Delete
  8. හිහි...බූලා ගේ වැඩ වලටනම් හිනා ගියා. ඔය වගේම පස්සෙන් එන බල්ලෙක් අපිටත් හිටියනේ සීබා කියලා. මම ටියුෂන් ක්ලාස් යද්දී මූ පස්සෙන් එනවා. වටේ පිටේ කොල්ලෝ හිනා වෙවී බලනවා. මට එපා වෙලා තිබුනේ :) එයා ගැන මම ලිව්වා බලු බළල් ඉතිහාසය පෝස්ට් එකේ.

    මනුස්ස ගතිගුණ තියන බල්ලෙක් ගැනත් මම ලිව්වා...හිච්චා :(

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ඔයාගේ පෝස්ට් එක කියවපු දා ඉඳන් මේ ගැන ලියන්න ඕන වුණා . මට මතකයි ලස්සන දිග විස්තරයක්

      Delete
  9. ඔහොම තමයි.. සංසාර පුරුදු, කර්මය වගේම සත්තුන්ගේ චරිත වලින් ඉගෙන ගන්න දේවලුත් එමටයි..

    ReplyDelete
    Replies
    1. ඔව් චතුර ..මටත් හිතෙන්නේ කර්මය තමා .

      Delete
  10. හ‍පොයි මම කොහෙන්ද පට්ටාං ගන්ට ඕන.. හ්ම්ම්! මට මතක තියෙන කාලෙ අපට මුලින්ම හිටිය බලු ජෝඩුව තමා බූරුවා ඇන්ඩ් බූරුවී, මෙයාලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්.. ආවෙ කොහෙන්ද කියන්නනම් දන්නෙ නෑ, මොකද ඒ කාලෙ ඉදන්ම අපේ ගෙදර අයාලෙ එන සත්තුන්ට අභයභූමියක්..

    ඊළගට අපි ගෙවල් මාරු කරාම ඔය වගේම බැල්ලක් ඇවිත් පදිංචිවුනා අලුත් ‍ගෙදර, එයාගෙ නම 'මේරි'.. එයාට හම්බවුන පැටවෙක් තමා 'වින්කි' කියන්නෙ.. වින්කි මගේ, මේරි අක්කගේ.. මේ දෙන්නා තරම් අපට ආදරෙන් හිටිය සත්තු දෙන්නෙක් තවත් නෑ.. අර ඔයා උඩ කිවුවා වගේ මෙයාලා උදේට එනවා අපිව ඉස්කෝලෙ යන්න බස් එකට දාන්න.. බස් එක ස්ටාර්ට් කරනකං අපි ඉන්න සීට් එක යටට වෙලා වාඩිවෙලා ඉන්නවා, කාටවත් බෑ එතනින් හොල්ලන්නවත්.. බස් එක ස්ටාර්ට් කරපු ගමන් දෙන්නා බැහැලා යනවා ගෙදර යන්න.. වින්කි අකාලයේ මැරුනේ සර්ප දශ්ට කිරීමකින්, මේරි නං තවත් කාලයක් අපිත් එක්ක හිටියා.. ආ! පස්සෙ කාලෙක මෙයාලට එකතුවුනා මේරිගෙ තවත් දුවෙක්, 'සූසන්'..

    මේ දෙන්නාට සමගාමීව අපට හිටියා පූසියො දෙන්නෙකුත්.. සුදුම සුදු නැට්ට විතරක් ටිකක් කළුපාට 'කිරී' හා එයාගෙ දුව.. කිරී කිවුවට ඒ නම භාවිත වුනේ බොහොම අඩුවෙන්, ඥාව් 1 හා ඥාව් 2 තමා භාවිත නම්.. හැබැයි මෙයාලා නම් ඔයාලගෙ අය වගේ නෙවෙයි, ‍ගෙදර රජකරන් හිටියෙ.. රෑට නිදාගන්නෙ අ‍පේ ඇදේ, සමහර වෙලාවට අපේ ඇග උඩ..

    අපි ආයෙමත් වතාවක් ගෙවල් මාරුකරද්දි මේරියි, ඥාව් 1යි අපිත් එක්ක ආවා.. මේ වෙනකොට වින්කි මැරිලා, ඥාව් 2 එන්න බෑ කියලා පැනලා දිවුවා.. සූසන්ව එක්කෙනෙකුට දුන්නා අරන් යන්න කියලා..

    මීට පස්සෙ අපට බල්ලො හිටියෙ නෑ සෑහෙන කාලයක් යනකං.. අක්කයි මායි දැන් ලොකු ළමයි, අනෙක මමත් ඉස්කෝලෙ හොස්ටල් එකේ.. ඉතිං බලාගන්න කවුරුත් නෑ නේ.. හිටපු ගමන් අයා‍ලෙ යන පූසො නං එහෙන් මෙහෙන් ඇවිත් පදිංචි වුනා.. ආ! ටික කාලයක් බවුවෙකුත් හිටියා 'නීරෝ' කියලා, එයාත් අහල පහල ගෙදරකින් පන්නපු එක්කෙනෙක්..

    මට අන්තිමටම හිටිය පූසො දෙන්නා 'ටුටූ' ඇන්ඩ් 'ගොන්ටා'.. ටුටූ නැතිවුනා මම මෙහෙට එන්න ටික කා‍ලෙකට කලින්.. එයාව ඔපරේට් කරලා ගොඩදාගන්න හැදුවා, හරි ගියේ නෑ.. එයා නිසා මම වින්ද කරදර මතක් වෙනකොට දැන් පුදුමයි මම ඒතරං කට්ටක් කෑවා නේද කියලා.. මෙයාලත් ගෙදර රජකරන් තමා හිටියෙ.. නිදාගන්නෙ පුටු උඩ, මේස උඩ, ෆ්‍රිජ් එක උඩ.. ගොන්ටාත් දැන් ටික කාලෙකට කලින් නැතිවුනා.. දැන් ඉන්නවා අලුත් ගොන්ටෙක්, එයාත් අර පරණ ගොන්ටා විදියටම ගෙදර 'රන් කරනවා' කියලයි ආරංචිය.. :)

    පලි: ඔය ලිවුවෙ සංක්ෂිප්ත වර්ෂන් එක හොදේ! නැත්තං මේක පෝස්ට් එකක් ‍වෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. අමතකවුනා නෙවැ කලින් කියන්න, උඩ ෆොටෝ එකට දාන්න තිබුනෙ ස්කූබි නෙවෙයි, මාමඩියුක්.. :)

      Delete
    2. ඔය තියෙන්නේ ..පෝස්ට් එකකටත් පොඩ්ඩක් වැඩියෙන් . අපි නම් ආසයි කියවන්න තව ලිව්වත් . බුරුවා ඇන්ඩ් බුරුවී ...අය්යෝ ඉතින් උන් ප්‍රතිචාර දැක්කුවද ඔය නම් වලට .පින්තුරේ නම් එච්චර හිතල නෙමේ දැම්මේ . මාමඩියුක් නම් හොඳයි තමා . ඔය කාටුන් බල්ලෝ ගැන කතාකරනවා නම් වෙනම ලියන්න තරම් දේවල් තියෙනව . ස්කුබි ,,මාමඩියුක් ..බිතෝවන් ..තව කොපමණද ....

      Delete
    3. ඇයි 'ෆීලික්ස් ද කැට්'..?? අර මගෝඩි ඤාව්වා..

      අමතකවුනා නෙවැ කියන්න අපේ තාත්තලෑ මහගෙදර හිටපු 'හැපී' ඇන්ඩ් 'මැකී' ගැන.. එතකොට තාමත් එහෙ ඉන්න 'පූස්හාමිනේ' හා ඇගේ දරු කැළ.. මැකීට ඒ නම වැටුනෙ බුවාගෙ ඇගේ හැමදාම මැක්කො ඉන්න නිසා.. පොර හිටපු ගමන් යනවා ගම වටේ රවුං ගහන්න, ඒවාට අපි කිවුවෙ 'මැකී ගිය දඩමං' කියලා.. :)

      Delete
    4. හපොයි බූරයියෙ, බින්දි අක්ක මාව අද හරිම අමාරුවක තමා දාල තියෙන්නෙ...
      කී දෙනෙක් ගැන ලියන්ඩ කියලද??
      අපෙ ගෙදර පිලිවෙලකට හදන්ඩ අරගත්ත ඉස්සෙල්ලම බව්ව තමයි රොවා සීනියර්.. අවුරුදු 14ක් ඉඳල තමයි මැරුණෙ ඒ හන්ද ලියන්ඩ දේවල් ගොඩාක් තියෙනව..
      දැන් ඉන්නෙ රොවා ජූනියර්!!!

      මල්ලිටයි මටයි දෙන්නට වැඩි හරියක් හිටියෙ පූසො නෙ...
      ප්රොික්ටර් ඇන්ඩ් ගැම්බල් - අපිට හම්බවුණ ඉස්සෙල්ලාම පූසො දෙන්න
      එමූ - මෙහෙම කිව්වෙ එයාට හා එමු එමු කිව්වාම හොඳට තේරෙන නිසා...
      බතික් - තීන්ත බාල්දි හතරක් විතර තරහට ඇඟ උඩ හලලා වගේ හන්ද තමයි එහෙම කිව්වෙ
      කබී කබී - නම හොයා ගත්තෙ අර හවසට හින්දි ගීවල යන කබී කබී මෙරෙ දිල් මේං කියන ගීතයෙන් වුණාට අපේ පූසිට ඒක හරියටම ගැලපුනා.. ඇයි කබ පෙරාගෙන නෙ හිටියෙ...
      තව පොඩ්ඩ කියල රෝස පාට පූසෙක් හිටිය මල්ලිගෙයි මගෙයි හතුරෙක්... එයා හිතන් හිටියෙ අපේ අම්ම එයාගෙ අම්ම කියල...
      මහප්ප - අනේ අහිංසකම පූස.. කොහෙන්දෝ ඇවිල්ල පදිංචි වුණාට පූසෙක්ගෙන් අපිට තිබුණ අවශ්යෙතා හොඳට තේරුම් ගත්ත එක්කෙනෙක්... ඒ කියන්නෙ බයිසිකල් පදිද්දි වෙට්ටු දාන්ඩ... කඩදාසි බෝල ගහන්ඩ එහෙම
      තව හිටිය කොළඹ නෝන කියල පූසියක්.. දැන් ඉන්නෙ ලමී....
      අනේ මං වෙනම පෝස්ට් එකක්ම දාන්නං... හයිලයිට්ස් ටික විතරක් කියල යන්නෙ හරිම අමාරුවෙන්!!

      Delete
    5. ඇයි "නිල්පාට බව්ව"...

      Delete
    6. හරි ලස්සන කතා එලියට එනවනේ . මමත් හොඳටම හිනා වුනා . බල්ලන්ට පුසන්ට නම් තැබීමේ විශාරදල .

      Delete
    7. මගේ අම්මේ බුරා මාමා දාලා තියන නම් ටික තමා මරු නම් ටික.....
      හංසකිංකිණි අක්කත් ඊට දෙවෙනි නෑ..........

      Delete
  11. බල්ලා කියන්නෙ බොහෙම හැගීම්බර සතෙක්...."අටම්පහුර" ලින්ක් එකෙන් ගිහින් බලන්නකො

    ReplyDelete
    Replies
    1. ඔන්න මන් ගිහින් ආව . හිනා වෙලා හිනා වෙලා අන්තිම වාක්‍ය නම් දුකම දුකයි.

      Delete
  12. ෂහ් ටාසන්ට වෙච්ච දේවල් වලට නම් දුක සිතේ
    අවතාර්ද කුඩාකල සිටම බල්ලන්ට ප්‍රිය කරන අයෙකි

    ReplyDelete
    Replies
    1. අපිටත් දුකයි ටාසන් ගැන . ඒ වගේම අර මිනිස්සු එක්කත් තරහයි . අඬගහගත්තා නම් බලන්න ඕන නේද

      Delete
  13. බලු නම් ගැන ....
    ගුණදාස ලියනගේ ( ගුලි ) ගෙ මල්ලිගෙ විත්ති කියන ඉල ඇදෙන හිනා කතා තියෙන පොතේ ඉන්නව බල්ලෙක්... ඌ ඉන්නෙ කොල්ලන්ගෙ හොස්ටල් එකක... නම "සමරපාල"....නම හැදිච්ච හැටිත් හිනායන කේස් එකක්... මේ බල්ලගෙ පාට ඒ කාලෙ ඉස්කෝල වල ගාල තිබුණ සමර වල පාටට හුරුයිලු... ඉතින් මුලින් මූට කියල තියෙන්නෙ "සමර පාට බල්ලා" කියල... මේක තමා පස්සෙ සමරපාල වෙලා තියෙන්නෙ....

    අපේ නෑදෑ පවුල් වල ගෙවල් වලත් ඉන්නව පිස්සු හැදෙන නම් තියෙන බල්ලො... එකෙක්ගෙ නම "ඇඹුල් තියල්"...

    ..........
    මම නම් සුරතල් සතුන් කියල ඉතින් මාළු තමයි පොඩි කාලෙ ඉඳන්ම ඇති කලේ...

    ReplyDelete
    Replies
    1. මන් දන්නවා'' සමරපාල ''. මල්ලිගේ විත්ති ලස්සන පොතක් නේද . ඒකෙ තව කතාවක් තිබුනේ පුස් පැටව් වෙනුවට මල්ලේ පොල් ලෙලි ගැට ගහල දෙන කතාව. තව කබර දඩයම . එතකොට බල්ලව අලියා වගේ දර අදින්න ගන්න හැටි.

      අපේ බාප්පා බල්ලෙක් හැදුව නම ''අප්පුහාමි ''. තව එකෙක් හිටියා ''පීරිස්'' කියල . අපේ බාප්පත් කලේම ඔයවගේ මගෝඩි වැඩ . දඬු ලේනෙකුත් ඇතිකළා .

      අපේ දිහාත් තිබුනා මාළු ටැංකියක් හැමදාම .

      Delete
  14. අපෙත් හිටියා අපිය ගොඩක් සමීපම බල්ලෙක්.. මම පෝස්ට් එකකුත් දාලා ඇති.. මිනිස්සු තරමටම අපේ ජීවිත වලට ලං වෙලා මතකයන් ඉතුරු කරපු සත්තු ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් බලන් ගියහම අපිට මිනිස්සු ගැන වගේම කතන්දරත් කොච්චර තියෙනවද බල්ලෝ ගැන

      Delete
  15. මටත් මගේ සුරතල්ලු ගැන මතක් උනා. මගෙත් පළවෙනි බලු සුරතලාගේ නම බ්‍රවුන්. මට අවුරුදු 3ක් 4අක් විතර ඇති එයා අපේ ගෙදරට එනකොට. මම එයාට ආදරේ වැඩිකමට මට ගෙනත් දීපු චුවින් ගම් දුන්න. අනේ එයා ඒව කාල ඒ ව හිරවෙලා මිය ගියා. මට අදටත් ඒ සිදුවීම මතක් වෙද්දි ලොකූ වරදක් කලා කියන හැඟීම හිතට දැනෙන්ව.

    ReplyDelete
    Replies
    1. අපේ බ්‍රවුන්ටත් වැඩි ආයුෂ තිබුනේ නැහැනේ .

      Delete
  16. ඇඳුම්අන්දෝල,ටින්ට්කරල.මයිල්කපලවඩාගෙනයන බල්ලෝදැක්කම,පව්බල්ලාකියලහිතෙනව.අරකව්දකිව්වවගේ ලංකාවෙවාහනයක්යට,අගුපිලකඉන්නබල්ලො කොච්චරවාසනාවන්තද?ඉඳලාහිටලාගල්පාරක්කෑවත්...

    ReplyDelete
    Replies
    1. මේ ගැන ලියවුනු හොඳ ලිපියක් කොහෙදි හරි දැක්කා. දැන් මතක නෑ.:)

      Delete
    2. ඒ ඉතින් පොෂ් බල්ලොනේ විමුක්ති .

      Delete
  17. බල්ලන් ගැන නම් කියලා වැඩක් නෑ. මිනිස්සුන්ට වඩා හරිම ගුණ යහපත්.

    අපේ අත්තම්මා නම් කියන්නේ බල්ලෝ වෙලා ඉපදේන්නේ ඉස්සර ආත්මේ ගෑනුන්ට ඕනවට ආසා උනු පිරිමිකියලා. (ඕක කියන්නේ නම් මෙහෙම නෙමේ) :)))

    මගෙත් එක්ක ගහගන්ට ඔට්ටු නෑ ... ගහගන්ට ඕනිම නම් අත්තම්මාගේ ඊමේල් එක දෙන්නම්.:D

    ReplyDelete
    Replies
    1. අම්මෝ....ලබන ආත්මේ බල්ලො සෑහෙන්න වැඩිවෙයි..අද කාලෙ මේ යන විදිහට....බයත් හිතෙනවා මාත් බල්ලෙක්.....ආ නෑ නෑ වැරදුනා...බල්ලන්ටම වෙනම ලෝකයක් ඕනෙවෙනව...
      //මගෙත් එක්ක ගහගන්ට ඔට්ටු නෑ ... ගහගන්ට ඕනිම නම් අත්තම්මාගේ ඊමේල් එක දෙන්නම්//
      එ්කටනම් හිනානොවී ඉන්න බැරිවුනා

      Delete
    2. අනේ අම්මෝ පොඩ්ඩි මමත් නැහැ ඔව්වට . අත්තම්මත් කියන කතා . මේ කියන්නේ ගෑනු ගොඩකට ආස වුන අය වෙන්න ඇති. අපේ මාමණ්ඩි දවසක් අහන ඉඳල දහම් පාසලක ගුරුතුමියක් ළමයින්ට උගන්නනවා බත් කාල පිඟාන හේදුවේ නැතුවම එන ආත්මේ බල්ලෝ වෙලා උපදිනවලු .

      Delete
  18. බල්ලෙකුට වෙන්න පුළුවන් ලොකුම අපරාදය තමයි ටාසන්ට වෙලා තියෙන්නේ.. මනුස්ස ගතිගුණ පිහිටීම..

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා . බල්ලෙක් වගේ උන්න නම් ඔහොම වෙන්නේ නැහැ .

      Delete
  19. //මේ දේවල් විස්තර කරන්න හැකි බුදු දහමට පමණක් කියලයි අද මට කල්පනා වෙන්නේ . //
    ඇත්ත සංසාරෙ පෙර පුරුදු හැටියට වෙන්න ඇති ඔයවගේ මිනිස්කම් බල්ලන්ට පිහිටන්නෙ...හරක් මස් දීල බල්ලව වෙන්කෙරුවට දඬුවමත් අරගොල්ලන්ට ලැබුනනෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පුදුමාකාර විදියට දේවල් සිදුවුනේ .ඒ පැත්තේ ඒ දවස්වල හැම ගෙදරකම ළිං තිබිල ඒ ලින්දටම වැටුන එක

      Delete
  20. බල්ලෝ, බළල්ලු සුරතල්ලු ගැන කියන්න කථා ගොඩයි අක්කේ... මේ වගේ රස කථා තමයි. කොහෙද ඉතින් ලියන්න වෙලාවක් තමා නැත්තේ !

    ReplyDelete
    Replies
    1. දැන් චතුරංගට වැඩ වැඩියි වගේ . ලියන්නේ අඩුවෙන් . අවුරුද්දේ හිතපු දේවල් ඉටු වුනාද

      Delete
  21. වෙනස් බලු කතාවක්...

    අහල තියෙන්නෙම හොඳ ගතිගුන තියන බල්ලො ගැනමනේ

    ReplyDelete
    Replies
    1. ඔව් නිෂ්...මෙයා මිනිහෙක් වුන බල්ලෙක්නේ

      Delete
  22. අපේ නැන්දලාගෙ ගෙදර හිටියා පූසයි පූසියි. පූසිගෙ නම අරුන්දනා. පූසා අබුන්ට. අරුන්දනා සහ අබුන්ට ජෝඩුව ඒ පැත්තෙම ප්‍රසිද්දයි. හොරා කාලා.

    ReplyDelete
    Replies
    1. අපොයි නැන්දා උන් දෙන්නට කන්නදුන්නේ නැද්ද පිනි . ඔය වගේ හොර පුසෝ නම් හැමතැනම .

      Delete
  23. මම පොඩි කාලේ මට කොල්ලෝ කිවුවේ බූලා කියල . ඒ නම ඇහෙද්දී කේන්තියෙ උපරිමය. දැන්නම් එහෙම නැහැ. හෙක්.

    අපේ ගෙදර හිටපු එකාත් එහෙමයි නංගි ක්ලාස් යද්දී බස් එකට නගිනවා පස්සෙන් එනවා. පස්සේ පස්සේ ක්ලාස් යන වෙලාවට ගැට ගහන්න පුරුදු උනා..

    මට හොඳටම මතක තියෙන්නේ මම පොඩි කාලේ ඇති ඇති කරපු මගේ සුරතලා කුකුළා . පොස්ට් එකකුත් දැම්මා ඒ ගැන කියල.

    ReplyDelete
    Replies
    1. බුලා ...බ්ලොග් ලියන තවත් බුලෙක් ඉන්නවා නේද

      Delete
  24. අපේ ගෙදරත් හිටියා ඔයවගේ පරම්පරාවක් හැබැයි පූසො. උන්ගෙ අයිතිකාරයොත් වෙන අය. මායි මලයයි කෑම දාන නිසා කෑම ටයිම් එකට පූස් ලොක්කො සෙට් එකම අපේ ගෙදර. අපේ ගෙදර බල්ලො සහ පූසො හදන්න තාත්තා කැමති නැති නිසා අපේම කියලා සත්තු නම් හිටියේ නෑ :(

    ReplyDelete
    Replies
    1. පුස් හෝටලේ වගේ තියෙන්න ඇති

      Delete
    2. ඔව් ඔව්... පූසන්ගෙ රණ්ඩු බේරන්නත් වෙනනම කෙනෙක්ට එතන ඉන්න වුනා...
      බින්දි අක්කට ඉඩ තියන වෙලාවක මගේ තොටුපල පැත්තේ ඇවිත් යන්න එන්නකෝ.. හැබැයි එහේ නම් පූසො නෑ ඕන්

      Delete
    3. it is a beautiful blog. thanks for the link

      Delete
  25. අපේ ගෙදරනං ඉන්න තරමක් පූසොම තමයි :)

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවය ...ඔය පුස් සෙට් එක හරි ජනප්රියිනේ

      Delete
  26. බව්වලාගෙ කතා ලියන්න ගියොත් මගෙ ව්ස්තරෙත් පෝස්ට් එකත් තරමට දිගු වෙයි. ඒ නිසා මගෙ බ්ලොග් එකේම ලියන්නම්. අනේ මේ අය අපිත් එක්කම ඉන්න ඇති සංසාරෙ. මේ වගේ ආදරයක් අපිට දෙන්න.දැන් ඉන්න එක්කෙනා බිතෝවන්. මදෑ දමලා තියෙන නම. මහත්තයෙක් රට යත්දි අපි ගත්තේ. එයාල දමාපු නම. අපේ මහත්තයාගෙ පන වගේ තමයි බිතෝවන්.

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකකුත් තියෙනවනේ බිතෝවන් කියල . මේ බිතෝවන් සංගීතෙට මනාපද

      Delete
  27. මන් පූසෝ තමයි ඇතිකළේ මහා ජරාම ජාතියක් එඋන් ආදරේ වසනා තැනටනේ මිනිස්සුන්ට නෙමි :ප
    තව කොටසක් තියෙනවා වගේ ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අපේ පුස් කතා ටික ඊ ලඟට ලියන්නම්කො

      Delete
  28. අපේ ගෙදරත් හිටියා "ටොමී" කියල බල්ලෙක්,දැන් මිය ගිහිල්ලත් අවු.10කටත් වැඩී..ඒත් තාමත් මිනිස්සු අපේ ගෙදරට එන්න කලින් අහන්නෙ බල්ල බැදලද කියල..හැබැයි ගෙදරින් බය මට විතරයි..මම ගෙදර නැතිනම් එයාව ලිහිව්වෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. කන්න පනින රාස්සයෝ වගේ බල්ලෝ අපේ පැත්තෙත් හරියට හිටියා . මන් නම් හරිම බයයි

      Delete
  29. මමත් සුරතලේට ඇති කරන්න කැමති බල්ලන්ව විතරයි. මොකක් හරි නිසා පූසන්ව පෙන්නන්න බැහැ. පූසෝ හරි ආත්මාර්ථකාමී සත්තුලු

    ReplyDelete
    Replies
    1. පිරිමි ළමයි වැඩිය බළල්ලු හදන්න කැමති නැහැ වගේ . උන්ට ගැහැණු ගති තියෙන නිසා වෙන්න ඇති

      Delete
  30. සමහර වෙලාවට වෙල්වල ඇති කරන බල්ලන් බලලුන් ගෙදර අයම නගේ. උන්ට කතිකරන්න බැරි එක විතරයි අඩුවකට තියෙන්නේ. සමහර වෙලාවට උන් හුරත්ල වෙන්න, දැවටෙන්න දක්වන්නේ පුදුම කැමැත්තක්. අපි සැර දැම්මොත් මූණ බෙරි කරගන්න , තරහවෙලා පැත්තකට වෙලා බුදියගන්න හැබැම දස්සයෝ. හරියට පොඩි එවුන් වගේ.

    ReplyDelete
    Replies
    1. ටික දවසක් යද්දී උනුත් පවුලේම කොටසක් වෙනවනේ . ඔය කිව්ව ටාසන් අපිත් එක්ක තරහ වෙලා අහක බලන් ගිය හැටි තමයි ලස්සන .

      Delete
  31. බල්ලෝ සෝයි. පුසෝ නපුරුයි.

    කොල්ලො සහ කෙල්ලො වගේ..

    ReplyDelete
    Replies
    1. මීට ‍‍ගොඩ කාලෙකට කලින් මම පත්තරේක හරි සගරාවක හරි කියෙවුවා ඔහොම ලිපියක්, පිරිමින් හා බල්ලන් අතර සමානකමුත්, ගැහැණුන් හා පූසන් අතර සමානකමුත් ගැන.. ඒක කොච්චර රසවත්ද කියනවානං මම ඒ ලිපිය කපලා අරන් තියාගත්තා, දැන් කොහේ තියෙනවද දන්නෑ..

      මෙන්න ඒ ගැන අන්තර්ජාලයේ කියන කතා..

      So you see men and women aren't from other planets, they are just complete different species. Dogs and cats. Do you still doubt? Think of it. Dogs love toys, bones and balls. Men love toys, bones and balls. Dogs run and hunt in packs, strut and try to prove they are the alpha male, mark their territory, pee and defecate in the open, get dirty, hang out with anyone who feeds them and takes care of them, and generally live for food, playing, and occasional sex. Cats love sunshine, secure places to sleep, clean dishes, clean bodies, independence, pee and defecate in private while delicately hiding what they did,a good nap after a little bit of play, hunt alone and can survive completely free of any attention.

      Despite their differences we always think dogs and cats go together. They do manage to live in the same house and even be friends with only the occasional battle. And dogs still chase cats no matter how many times they've been scratched while cats tease and saunter by the dogs... inviting the eternal chase... until they've been mangled one time too many.


      ලිපිය සම්පූර්‍ණයෙන් මෙතනින් කියවන්න..

      Delete
    2. ඔන්න පුසන්ට අකමැති තව පිරිමි ළමයෙක් ..සෑම්.

      බුරා ..

      ස්තුතියි මේ ලිපියට . නිකන්ම ලියන කතාවලට යම් වැදගත් කමක් ගේන්නේ මේ කමෙන්ට් වලින් .

      Delete
  32. නියම කතා ටිකක් නෙ. අර "ටාසන්" ගෙ කතාව හරිම අමුතුයි, ඔහොම බල්ලෙක් ගැන ඇහුවමයි. තියනව නේද මේ කතාව ?

    ReplyDelete
    Replies
    1. හචිකෝ නම් හරිම හොඳ බල්ලෙක් නේද . මන් ඔය චිත්‍රපටය දෙපාරක් බැලුව.

      Delete
  33. හපොයි මේක කියෙව්වම ගෙදර හිටපු සත්තු ගොඩක් ය ගැන මතක් උනා. ඔක්කොම ගැන ලියන්ට දැන් වෙලාවක් නෑ. මිනිහෙක් වගේ වෙච්ච බල්ලෙක් ගැන නං ඔය ඇහුවමයි!

    ReplyDelete
    Replies
    1. ඔව් මුහුදු අපි සන්තෝෂ වුනා මුලදී ටාසන්ගේ ගතිගුණ ගැන . ඒත් ඒ ගතිගුණ කණපිට ගහල විපතක්නේ අන්තිමට එයාට වුනේ

      Delete
  34. මටත් හිටියා ඔය වගේ කිහිප දෙනෙක්. අපේ ගෙදර වැඩිපුරම නම් හිටියේ අනාත අසරණ ලේං පැංචලා. ඒ අය හැමදාමත් නම් වුනේ ටිකිරි හරි සුදූ හරි කියලා. පහු පහු වෙනකොට කල්කිරියාව අනුව හොඳ සුදූ, චූටි සුදූ වගේ විශේෂණ එකතු වුනා.
    මං ඒ ගැන ලිව්වා. අර කාන්තාවෝ පූසන්ට සමාන සීන් එක ගැනත් ටිකක් ලිව්වා. දැන් ඉතිං එව්වා අභාවෙට ගිහින් නිසා ලිංක් දාලා වැඩක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ගෙදර හා පැටවු හිටියෙ නැද්ද..!!?? :P

      Delete
    2. ඇත්තටම හා පැටික්කි ඔයා හොඳටම බිසී වෙලාද බ්ලොග් එක අත ඇරලම දැම්මේ . දැන් පැපරාසි පින්තුර ගන්නේ නැද්ද

      Delete
    3. බුරා මාමා

      මම හිටියම මදෑ තව මොටද......

      දෙන්නෙක් හැදුවා. ඒත් කන්ට දීලා පිරිමහන්ට බැහැනේ කෑම හොයන්න ගිහින් අපේ අයියට උණ හැදුනා. ඉතිං ඒ දෙන්නව අපේ තාත්තා අදුරන අයියා කෙනෙක්ට දුන්නා.

      ඒ දෙන්නට අහස පෙන්නන්න ගිහින් මම උඩ තට්ටුවෙන් කරණමකුත් දැම්මා.

      බින්දි අක්කා

      එහෙම හිතා ගන්ටකෝ අක්කා.
      පින්තූර නම් තාමත් දැක්කම ගන්නවා. ඒත් දැන් මාස33ක් තිස්සේ නම් පෝන් එක කැඩිලා ඒ නිසා විදියක් නෑ.

      Delete
  35. අප්පා බවුවෝ මල්ලිලා හා මීචො ලා ගැන නේ කතාව.
    මම කොහෙන්ද පටන් ගන්න ඕනේ.

    පොඩි කාලේ මටම විතරක් වෙන් වෙච්ච බව්වෙක් හිටියේ නෑ. ඉතින් පස්සේ කාලෙක මට තෑග්ගක් විදියට මුලින්ම ඒමිගෙන් හම්බ වුනේ බව්වෙක්.
    එයා බේල්ලා. (දිගම දිග උස නැති දිග ලෝම තියෙන) ඒමිගේ නීතිය වුනේ එයා ඇඳට නගින්න බෑ කියලා. බේල්ලා කවදාවත් ඒමි ඉන්න වෙලාවට මුලින් මුලින් ඇඳට නැග්ගේ නෑ. ඒත් මම විතරක් ගෙදර ඉන්නවා නම් එයා මාත් එක්ක ඇඳේ නිදා ගත්තා. මුලින්ම කකුල් දෙක ගාව පස්සේ කොට්ටේ උඩ. පස්සේ සමහර දවස් වල නැගිටල බලනකොට එයා මාව කොට්ටෙන් බිමටම දාලා තනියම කොට්ටේ. එයාට බැන්නම ඉතින් එයා බොහොම දුකින් අහගෙන ඉන්නවා.
    ඒ කාලේ උදෙ හය වෙනකොටත් එයා අපිව නැගිට්ටවනවා උදේට පාක් යන්න. අපි කොහෙද යන්නේ එයාත් අපි එක්කමයි. අපිට කලින් කාර් එකට නැගලා ඉන්නවා සමහර දවස් වලට. මම ගෙදර නැත්නම් ඉතින් මූණ එල්ලගෙන ඉන්නවලු. පස්සේ එයා පැටියෙක් ගෙනාවා. ඒත් එක්කම වගේ එයා ලෙඩ වුනා. ඒ කාලේ අපි දෙන්නගේ වැඩේ මාරුවෙන් මාරුවට වෙට් ගාවට යන එක. අදටත් මතක් වෙනකොට දුකයි.
    ඊට පස්සේ මම චරු චුරු ගාන කාලෙක ඒමි මට ගෙනත් දුන්න මීචො තමයි චිත්තිනා. එයා මාස දෙකක් විතර. ගෙදරට ආවේ චූටියට. ගෙදර ආව ගමන්ම අපි දෙන්නම ගෙම්බෝ කලා. අපිට වැඩ කරන්න උනේ එයා කියන විදියට. මම ගෙදර ඉන්නවා නම් ඒමිව ගණන් ගත්තෙවත් නෑ. නිදාගත්තෙත් හරියටම අපි දෙන්න මැද්දට පැනලා කොට්ටේ උඩ. ඒමි ගෙදර ආව ගමන් දෙන්නාගෙ අයිතිවාසිකම් බෙදාගන්න බැරිව රන්ඩු. ළමෙක්ටත් වඩා සමීපයි. එයාට කන්න ඕනෙත් කඩේ තියනම ගණන් වැඩිම කැට් ෆූඩ්. එක දවසක් හදිසියෙන් අපි කොහෙ හරි ගිහින් කෑම ගෙනියන්න අමතක වෙලා එයාගේ බ්‍රෑන්ඩ් එක හොයා ගන්න තිබ්බෙ නෑ. දවසම කෑවේ නෑ. ඉතින් අපි දෙන්නා රෑ තිස්සේ ඇවිද්දා කෑම හොයන්න. ඒ වගේම තමයි එයාගේ වැලි එක බැරි වෙලා හරි අයින් කරන්න අමතක වුනොත් එයා අපි ළඟට ඇවිත් කොහොම හරි අපිට කතා කරගෙන එතනට ගිහින් පෙන්වලා ඒක මාරු කරවන්න හුරු වෙලා හිටියා. අපි ට්‍රැවල් කරනකොට ඉතින් සමහරවිට තැන වෙනස් වුනාම එයා පීපින් කලෙත් බිදේ එකට. අපිත් එක්ක අපි යන ඕනෙම තැනක යන්න බලාගෙන හිටිය තව එක්කෙනෙක් එයා. අපි එයාව එක්කන් යන්නේ නෑ වගේ හිතෙනවා නම් කොහෙන් හරි හොරෙන් ගිහින් එයාගේ බොක්ස් එකට පැනලා ඉන්නවා. ඒ වගේමයි අපි දෙන්නා විතරක් නම් වාහනේ පුරා දුවනවා. බොක්ස් එකේ ඉන්නෙම නෑ. ඒත් කවුරු හරි වෙන ඉන්නවා නම් හෙල්ලෙන්නෙවත් නෑ. ගෙදරත් එහෙමයි. එක දවසක් අපේ යාළුවෙක් ඇවිත් අපේ ගෙදර. එයා කොයි තරම් කතා කලත් ගනන් ගත්තෙවත් නෑ. රෑට නිදාගන්න ගියාම මෙයා ගිහින් එයාව හුරලා. පස්සේ ඒමි බැන්නම දවසක් විතර එයා ළඟට ආවේ වත් නෑ. හෙන අහංකාරයි. මම කීයට ගෙදර ආවත් කොයි තරම් මහන්සි වෙලා ආවත් ඉස්සෙල්ල එයා එක්ක කතා කරලා එයාව වඩාගන්න ඕනේ. මම බාත් රූම් එකට ගියත් මගෙ පස්සෙන්. මම නානකොට එයත් සවර් එකට ඇවිත් නානවා. මම කොන්ඩේ වේලනකොට එයාත් වේලන්න දෙනවා. වෙට් පුදුම වුනා මුලින්ම ඒක අහලා. කොහොමත් අපිත් එක්ක ඇඳේම නිදාගන්න නිසා එයා නෑවා. ඒ කාලේ අපේ ගෙදර කාගේ හරි ළමෙක් හෙම ආවොත් එයා අපි එක්ක තරහා වෙනවා. මට නම් අල්ලන්නවත් දුන්නේ නෑ වෙන්න ඕනේ. එයාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි අපි කන කෑම එයාට නොදෙන එක. එයා හිතන් හිටියේ අපේ කෑම රස වැඩියි කියලා. කොහේ ගියත් අපි දෙන්නා වෙන වෙනම එයාට මොනවා හරි ගෙනත් දෙන්නත් ඕනේ. නැත්නම් එයා අනිත් එක්කෙනා ළඟට යන්නේ නෑ. එක්කෙනෙක් ඉතින් මටවත් නෑ මේ පූසෙක්ට තියෙන සැප කිය කියා හිටියේ. මම බැරි වෙලා හරි ඒමි ළඟ හෙම ඉන්නවා දැක්කා නම් ඉරිසියාවේ ඉහලම එක. මම ගෙදර නැත්නම් ඒ දෙන්නා හොඳම යාලුවෝ.
    පස්සේ දවසක එයා රෑක ගෙදර ආවේ නෑ. එයා එහෙම කොහෙවත් යන කෙනෙකුත් නෙමෙයි. මමයි ඒමියි රෑ එක දෙක වෙනකම් හැම තැනම හෙව්වා. කොටින්ම මම සුමානයක් විතර කෑම කෑවෙවත් නෑ. වැඩට ගියෙත් නෑ. අන්තිමට හොයලා හොයලා ආරංචියක් නැතිම වෙනකොට මම ලෙඩත් වුනා. පස්සේ ඒමිට ආරංචි වෙලා තිබුනා එයාව කවුද හොරකම් කරලා කියලා. මට නම් එයා ඒක කිව්වේ ගොඩාක් පස්සෙ කාලෙක. එදා එයා මට කිව්වෙත් හොඳ වෙලාවට ඔයාට මීචෝ නැති උනේ ළමෙක් හෙම නැති වුනා නම් ඔයා ජීවත් වෙන එකකුත් නෑ කියලා. අදටත් මට මගේ මීචෝ මතක් වෙද්දි ඇඬෙනවා. කොටින්ම එයා අපේ ළමෙක් වගේ. එදායින් පස්සේ මම සත්තු හැදුවේ නෑ.
    අදටත් මට බව්වෙක්ගේ ආසාව තියෙනවා. ඒත් දැන් ඉතින් ඉස්සර වගේ වෙලාවක් නෑ නේ. තනියම ඉන්න හින්දා එයාටත් පාළු වෙයි කියලා හිතෙනවා. ඒක හින්දා යාළුවන්ගේ බව්වෝ හෙම හිටි ගමන් පාක් එක්ක යනවා. එයාලාත් මාව දැක්ක ගමන් උඩ පැනලා දුවන් එන්නේ.
    මේක පෝස්ට් එකකටත් වඩා දිගයි. ඒත් මට නම් එයාලාගේ ආදරේ මහ මෙරක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. thanks alot for the long comment rangi...nice story

      Delete