Friday 16 September 2011

වයසට නොයන මගේ ආදර සිබිල් නැන්දා...





කවුරුත් ලියුමක් නොඑවන හන්දා
තමන් එවූ ලියුමක් රස        වින්දා        
සුත්තරෙන් අත්තම්මව      බන්දා
පුන්චට දඟ වැඩ කිව්වේ    නැන්දා





බත් කන්නට මට බෑමයි     බෑමයි
බනියා කිව්වට මන් බය      නෑමයි
''උඩ ගිය බබා ''ගෙ පොත මා ගාවයි
බනියා දැන් බත් කන්නට      ආසයි






අවුරුදු කාලෙට කැවුම් බදින කොට
''කැවුම් යෝදයා '' එයි මගේ මතකෙට
''කිරිහාමි''ගෙ කොස් ගහ    කැපු වරදට 
වුන කරදර සිහිවෙයි කොස් කනකොට





අම්මයි අප්පයි  දෙව්ලොව ගිය කල
විමලුයි සාමයි  අත්තම්මගෙ  පැල
මැටියෙන් බැඳුනත් සතුටින් හිටි කල
''මැටි ගෙදර ''ක වුව මිණි පලිගුද දුල




ගොහින් කොළඹ බලමින් හොඳ හොඳ කඩ
කොස්ගම මාමා ගේන ගේන               කුඩ
කවුදැයි ගත්තේ ඕව නරක                   වැඩ
''කුඩ හොරා ''ගෙ ලිපිනය මහ ගහ       උඩ





අම්ම තාත්තට කරමු       උදව්වක්
බිම අතු ගාලා අරගෙන    ඉදලක්
කොළ යට සැඟවී තිබුණි පන්දුවක්
වැඩ කල හාවට ලැබුණි ''තෑග්ග''ක්














  සීයගේ මුණේ  කිරි සුදු රැවුලකි
දිගට වැවෙනු බැහැ කැපුවේ මියෙකි
මුවහත නැති වී වුයේ අරුමෙකි
''දුවන රැවුල '' නම් මට මහ පුදුමෙකි




සුන්දර ගම මැද ගෙවුනලු බාලේ
රස රස දේ සිදුවුන ඒ කාලේ
''වැනියන් කළු''ට  කියනා වෙලේ
පෙනේද මගේ හිත නැළවෙන තාලේ



''අත්තම්මා'' නම් වූ පොත්        පිංචකි
කුමාරන් කියන හොඳ කොලු පැන්චෙකි
වයසක අය ගැන ආදර           ඇත්තෙකි
ඒ වැනි දරුවන් දැකුමත්         සතුටකි


මඩගොඩ වලව්වේ වුන පැණි පිරුන කතා
නැන්දගේ පෑන් තුඩගින් හොඳ රසට ගොතා
අප අවටත් සිටින බව අඩු නැතුව       ඉතා
හිනැහෙමි තවම සමගින් මම කුසුමලතා



 මං පොඩි කාලෙ මේ රස හොඳ හැටි වින්දා
මගෙ පොඩි එවුන්ටත්  එය ගෙන  දෙමි කැන්දා
කවදත් ඔබ අසල  මං හරි පොඩි  හින්දා
තවමත්  සිබිල් මගේ ආදර බර නැන්දා


 මගෙ ආදර සිබිල් නැන්දාට මේ ලිපිය ආදරයෙන් පිරි නැමේ.


පින්තුර ඇයගේ වෙබ් අඩවියෙන් සහ ගුගල් වෙතිනි

59 comments:

  1. Bindi Many Thanks and Hugs for this nice post ...Yeah She is still Loving Aunty sybil for manyof us - grown up kids . Its amazing how she is telling all these nice stories with little messages to kids . She is a legendary woman journalist/artist/story teller in SL . She is never againg becos she too has a kid's heart.wishing good health for her .sorry for the comment in English . In a hurry ....a long distance travel

    ReplyDelete
  2. සති දෙකකට අතුරු දන් වෙන බව කිව්ව TG ඕන ගුලකින් එලියට එන මන්තරේ ඕක බව මං දැනන් හිටියා ....මටත් සිබිල් නැන්දා ගැන කියන්න ගොඩක් දේ තිබුනත් මේක ලිව්වේ පුදුම හදිසියේ . ඉස්කෝලෙට යන්න විනාඩියක් තියල පබ්ලිෂ් කලේ . කමෙන්ට් හරහා තව කතා කරමු

    ReplyDelete
  3. බින්දිගෙ විතරක් නොවෙ මේ නැන්දා
    අපිත් ඉතින් මේ නැන්දගෙ දුවලා...
    දරුවන් ටික පෝලිමකට තියලා
    පොතගානේ දෙමු නැන්දට කියලා..

    ReplyDelete
  4. හප්පේ, මේ මනුස්සය තාමත් ලියනවද? මට දැන් වයස 58 ත් පැනල, අපි පොඩි කාලෙත් මිහිර පත්තරේ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කතා කියෙව්ව. ඒ කාලෙ ඩේලි නිවුස් පත්තරේ සතියකට දවසක්ද කොහෙද යන ළමා පිටුවට ආන්ටි සිබිල් කියල ඉංග්‍රීසියෙනුත් කවි සහ කතා ලිව්ව.
    සිබිල් වෙත්තසිංහ මහත්මියට දීර්ගායුෂ ලැබේවා...!!!

    ReplyDelete
  5. @ ගිම්හානි

    අපේ රටේ විතරක් නොම වෙන්නේ

    ලෝකෙ වටේ ඇගෙ දරුවෝ ඉන්නේ

    හැදුවොත් පෝලිම කොහොම ගනින්නේ

    කොරියාවට චීනෙට විහිදෙන්නේ

    ReplyDelete
  6. හපොයි ඉතින් දැන් මොකද කොරන්නේ..
    අන්තර්ජාලේ පිහිට තමයිනේ....

    ReplyDelete
  7. ලස්සන කථා බන්දා...
    හැඩ සිතුවමින් රන්දා...
    රස ගුලාවට කැන්දා...
    මේ අපේ සොඳ සිබිල් නැන්දා...!

    මම නම් සිබිල් නැන්දගේ කථා කියෙව්වේ අපේ නැන්දලා මාමලගේ පොඩි වුන්ට ගෙනාපු පොත් වල තිබිලා. එතකොටත් මම ළමා කාලේ නෙවේ... 15-16 විතර වයසේ... ඒත් තවමත් ඒ කථා කියවන කොට පොඩි කාලෙට ගිහින් ළමයෙක්ගේ මනසින් රස විඳින්න පුළුවන්... එහෙම ලියන්න හැමෝටම බෑ... ඒ අතින් සිබිල් නැන්දා සම්පතක්...!

    මෑණියනි... දිගාසිරි...!!!

    ReplyDelete
  8. සිබිල් නැන්දගේ කථා පොත් ටික e-book කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා... අන්තර්ජාලය හා පරිගණකය ඇසුරු කරන නූතන බාල පරම්පරාවට ඒක ලොකු දායාදයක් වේවි... මා ලඟ නම් එක පොතක් වත් නෑ. ඒත් කවුරුහරි සපයා දෙනවා නම් නිසි අවසරය සමග e-book කරදෙන්න සහයෝගයක් දෙන්න පුළුවන්... බින්දි අක්කා ඒ ගැනත් දැනුවත් කරනවා නම් පිං... ජය !

    ReplyDelete
  9. වැඩේ තියෙන්නේ මම නම් කවි හදන්න දන්නෙම නැහැ. හැබැයි අද ලිපිය නම් කියෙව්වහම මමත් කුඩා කාලයට ගියාවගේ. බොහොම සැහැල්ලු බවක් හිතට දැනුන ලිපියක්...

    ReplyDelete
  10. පොඩි කාලෙ රසකර කියවූ හන්දා
    මතකේ තියේ රස පද ටික මන බන්දා
    තව තව ලියන්නට අපේ ආදර නැන්දා
    බෝ කල් තවත් පොත් ලියනට මම වැන්දා

    ReplyDelete
  11. මමත් පොඩිකාලෙ ගොඩක් ආස කරපු ලේඛිකාවක් තමයි සිබිල් වෙත්තසිංහ මහත්මිය. ස්තුතියි අක්කේ මේ ලිපිය ලිවීම ගැන.

    ReplyDelete
  12. හප්පච්චියේ දැන් මාසෙකට විතර කලින් යාළුවෙකුට ඕන වෙලා මං ගෙදර ඉඳින් රත්නපුරේට යනකල් පොත් කඩ බර ගානක "වැනියන් කළු වැනීයන්" පොත හෙව්ව හැටි මතක් උනා..හොඳ වෙලාවට රත්නපුරේ ඩයස් පොත් කඩේ තිබුනා එකම එක පොතක් ඉතිරි වෙලා.. නැත්තං මං තාමත් ඇවිදිනවා ඕක හොය හොය..

    ReplyDelete
  13. මට සිබිල් වෙත්තසිංහ මහත්මිය හරියට, ලංකාවෙ J.K Rowling වගේ :)

    ReplyDelete
  14. මේවා අපූරුයි.. මේ පාර පොත් ප්‍රදර්ශනෙන් ටාගට් කරල තියෙනවා සිබිල් නැන්දාගේ පොත් 50ක්වත් ගන්න අපේ පොඩි මෑන් ට...

    ReplyDelete
  15. @ observer

    තවමත් ඔය හිනා වේවි ඉන්නේ . ඇයට තව ගොඩක් කල් ලියන්න කියල කියමු. ලඟදි ලිව්ව පොත් මේ පාර ප්‍රදර්ශනේ තියෙයි. වාසනාවන්තයන්ට ගන්න පුළුවන් . පරණ පොත් වුනත් අරන් තියා ගත්තට වරදක් නැහැ . මමත් දැක්ක දුටු වෙලාවට අත නෑර අරන් තියා ගන්නවා

    @ගිම්හානි

    ඒක තමයිනේ ..

    @චතුරංග

    දැනටමත් තියනවද දන්නේ නැහැ . සොයල බලන්න ඕන . අද මට නිකන් හිතුනට ඔය කවි ටික ලිව්ව මිසක් පින්තුර ටික සොයන්න ඇර අන්තර්ජාලයේ සරන්න වුනේ නැහැ මල්ලි. හැබැයි නැන්දගේ වෙබ් සයිට් එකේ එයාව සම්බන්ධ කර ගත හැකි විදිහක් තිබුන . ඕවට නීතිමය ප්‍රශ්නත් ඇතිනේ .අපි බලමු කෝ. කොච්චර හොඳ වුනත් ප්‍රසිද්ධ වුනත් පොත් සාප්පු වල බහුලව නැහැ මේ පොත්.

    @දිනේෂ් ..

    ඔව් දිනේෂ් ..වෙන දවස්වල වගේ කරුණු සොයන්න වෙහෙසකුත් නැහැ . හිතුනා ලිව්ව . මටත් හරිම සැහැල්ලුවක් දැනෙනවා

    @පිසාචයා ..

    අනේ අප්පේ දාගෙන තියෙන නම . ස්තුතියි මේ පැත්තේ ආවට .පොත් වලට කෑදර පිසාචයෙක් වගේ ඔයා නම්

    @බ්ලොග් ගඩොල් ..

    ඔයා ආසම වෙන්න එපාය . සිබිල් නැන්දගේ චිත්‍ර වල කොහේ හරි මුල්ලක පුසෙක් ඉන්නවා නේ .

    ප.ලි.

    මුණු පොතේ යාලුවෙක් වෙන්න කරපු ඉල්ලීම දැක්කා . සාමාන්‍යයෙන් නම නැතුව මම යාලුවෙක් කර ගන්නේ නැහැ . ඒත් ඉතින් බ්ලොග් එකෙන් බොහොම අඳුරන කෙනෙක් නිසා නරක ළමයෙක් වෙන්න බැහැනේ

    @මාරයා .

    මටත් හම්බ වුනේ හරිම පරණ පාට පොතක් . දැන් නම් අලුත් මුද්‍රණ ඇවිත් ඇති. සිබිල් නැන්දගේ පොත් ටික අරන් තියා ගන්න .ඉස්සරහට ප්‍රයෝජනවත්...දිසාපාමොක් දුව දෙයි මගෙ හිතේ. ''පොත හම්බ වුනේ නැත්නම් තවම රත්නපුරේ ඇවිදිනවා ..'' D ..යසයි එතකොට බ්ලොග් ඒක ලියන්නේ අපිද .

    ReplyDelete
  16. @ මුහුදු .

    බලාගෙන ගියහම අපි හැමෝ ගාවම පොඩි ළමයෙක් ඉන්නවනේ . පයිරේට්ල කියල වෙනසක් නැහැ

    ReplyDelete
  17. සිබිල නැන්දාට දීර්ඝායුශ පතමු!!! පුළුවන් හැම වෙලාවකම අපේ දූටත්, වෙන ළමයෙකුට තෑගි දෙන්න උනත් ඉස්සෙල්ලම මම හොයන්න සිබිල් වෙත්තසිංහගෙ පොත්, අපේ අනුත් බත් කනවා උඩ ගිය බබා මතක් කළහම,

    ReplyDelete
  18. සිබිල් නැන්ද මැදිහත් වෙලා ජාත්‍යන්තර චිත්‍ර තඟයක් තියන්න යනව පිට රටවල ඉන්න ලාංකික දරුවන්ට. මේ දවස්වාල ශ්‍රී ටීවී එකේ ඇඩ් කරනව, ඇඩ් එකට ඉන්නෙත් ඈ මයි.

    සීබිල් නම වෙන කාට හරි තීනව අහල තීනවද?

    ReplyDelete
  19. @ ඉන්දික ..

    ඇත්තටම අන්තර්ජාලයේ නැද්ද විස්තර . දිනපතා ටි වී බැලෙන්නේ නැහැනේ . අපේ දෙන්නටත් ටිකක් අඳින්න පුළුවන්

    කව්ද අනික් සිබිල් ?

    ReplyDelete
  20. නියමයි නියමයි.. කොහෙන් හොයාගන්නවද මන්දා. චිත්‍ර ටික දකිනකොට නම් නිකන් මොකද්ද වුණා වගේ දැනුණේ..

    ReplyDelete
  21. @ පැණි දොඩම් .

    චිත්‍ර නම් ගුගල් වලින් . සිබිල් නැන්දට වෙබ් අඩවියක් තියනවා .http://www.sybilwettasinghe.com/index.php?option=com_content&view=category&layout=blog&id=34&Itemid=54

    ඔය කවි ලිව්වේ දැනට මෙහෙ තියන මගෙ අතට අහුවුණා ටික ගැන . අනික් පොත ලංකාවේ . පොත දිහාවත් නොබලා මට ඔය කතායි චිත්‍රයි මතකයි . ළමයින් නිසා නිතරම බැලෙනවනේ

    ReplyDelete
  22. @ පැණි දොඩම් .

    චිත්‍ර නම් ගුගල් වලින් . සිබිල් නැන්දට වෙබ් අඩවියක් තියනවා .http://www.sybilwettasinghe.com

    ඔය කවි ලිව්වේ දැනට මෙහෙ තියන මගෙ අතට අහුවුණා ටික ගැන . අනික් පොත ලංකාවේ . පොත දිහාවත් නොබලා මට ඔය කතායි චිත්‍රයි මතකයි . ළමයින් නිසා නිතරම බැලෙනවනේ

    ReplyDelete
  23. ඇත්තමයි එයානම් කවදාවත් අමතක කරන්න බැරි නැන්දා කෙනෙක් තමා. මම හුඟාක් අසා එයාගේ කවි පොතක් තිබ්බා. මට ඒකේ නම නම් මතක නෑ. ඒත් අදටත් එකේ කවි සමහරක් මට පාඩම්. ඊයේ පෙරෙදත් අල්ලපු ගෙදර පොඩි එකෙක් එක්ක මම ඒ කවි කිව්වා. ඒ විතරක් නෙවේ ඒ පොත්වල චිත්‍ර..හැමදාමත් අපි ඒ පොත් වලට ආදරේ කරයි.සිබිල් වෙත්තසිංහ නැන්දාට දීර්ඝායුශ පතමු!. ඒ වගේම මේ ගැන මතක් කරපු ඔයාටත් පින්

    ReplyDelete
  24. http://www.facebook.com/pages/Sybil-Wettasinghe/159808857374449

    she is in Face Book

    ReplyDelete
  25. හික් හික් . . .
    නැමි පනාව ඔලුවෙ ගහං . . .
    අපෙ මුත්තට නින්ද ගිහිං . . .
    පනාව නෑ හොයං හොයං . . .
    අන්න යනව වවුලො අරං . . .

    . . . . අමතක වෙන එකක් නෑ මම මැරෙන තුරාවටම . . . . .

    ReplyDelete
  26. @ හරි

    වෙන කතන්දරයක සිබිල් නැන්දගේ චිත්‍රයක් දැක්කත් කියවන්න ආසයි නේද . ජේ . බි දිසානායක මහතාගේ අකුරු මිහිර පොත පෙලේ චිත්‍ර ටික දැක්කද . අනුට අරන් දෙන්න

    @ අයේෂා

    ඔන්න තව පොඩි ළමයෙක් ...

    @ ඕනයා .

    ආ මෙන්න තව පොඩි ලමෙක් . ඒක නෙමේ ඕනයගේ යාලුවෙක් අපිට හම්බ වුනා

    ReplyDelete
  27. මිහිර පත්තරය හා ළමා කතා පොත්වලින් ළමා ලොව දිනූ සිබිල් නැන්දා, ඇයට ආවේණික රූප වලින්ම ඔපවත් කර කතා හිතේ පුරවාගෙන, අගේ අත්සනේ සැඟවී ඇති සෙනෙහෙබර විලාසය ඔස්සේ සුන්දර ළමා කාලයට ඇදෙන්න පුළුවන්.

    සිබිල් නැන්දා පරම්පරා ගණනාවකට නෑකම් කියන වග නොවෙද මේ ලස්සන කොමන්ටු කියන්නේ.

    සිබිල් නැන්දාට දීර්ඝායුශ පතනවා.

    මේ පොස්ට් එක ඔස්සේ ළමා කාලයට අරන් ගිය බින්දිට පිං.

    ReplyDelete
  28. සිබිල් නැන්දා ට දීර්ඝායුෂ! පුංචි කාලේ සිට ඇයගේ පොත් කියවා රස වින්ඳ මාත් මගෙ දියණියටත් ඇමෙරිකන් ලාංකික දරු දරුවන්ටත් පොත් ටිකක් ගන්න ගිහින් හමු වූ ඉතා සුහද, නිහතාමනී ලේඛිකාවක්. බින්දි ඔයා දාල තියන පොත් හැම එකක් ම මා ළඟ තවම තියනවා. රසවත් කතා!

    ReplyDelete
  29. සිබිල් නැන්දා ට දීර්ඝායුෂ! පුංචි කාලේ සිට ඇයගේ පොත් කියවා රස වින්ඳ මාත් මගෙ දියණියටත් ඇමෙරිකන් ලාංකික දරු දරුවන්ටත් පොත් ටිකක් ගන්න ගිහින් හමු වූ ඉතා සුහද, නිහතාමනී ලේඛිකාවක්. බින්දි ඔයා දාල තියන පොත් හැම එකක් ම මා ළඟ තවම තියනවා. රසවත් කතා!

    ReplyDelete
  30. ඉස්සර බින්දු පත්තරේ මේ සිබිල් නැන්දා අඳින චිත්‍රකතා කීපයක් ගියා මට මතකයි මම මාර ආසාවෙන් තමා එවුවා බැලුවේ ‍

    මම දෙකවසරේ ඉද්දී අපිට ටීචර් කියවන්න පොත් දෙනවා දීලා ආයේ ඉල්ලගන්නවා .මම උඩ ගිය බබා පොත හොරකම් කලා . හොරෙන් මල්ලේ දාගෙන ගෙදර ගෙනාවා ..

    ඒ තමයි මම කරපු පලමු හොරකම ..

    ස්තූතියි අක්කේ මේ පරණ මතකය අලුත් කලාට

    ReplyDelete
  31. සිබිල් නැන්දාගෙ මම කියාවපු (ඇත්තටමනම් මට කියවා දීපු) පලවෙනි පොත උඩගිය බබා. ඒක අපේ පුංචිට අයිති පොතක්.තවමත් අපේ ගෙදර ඒ පොත තියනව. ඊට පස්සෙ බින්දු පත්තරෙන් සිබිල් නැන්දගේ කතා කියෙව්වා මතකයි. ඉස්සර රූපවාහිනියෙ සිබිල් නැන්දගෙ චිත්‍ර පාඩමකුත් ගියා.මමත් හරියට උත්සහකල ඒව බලන් අදින්න. ඒ තරමට ළම ඇසට ප්‍රිය ච්ත්‍ර අදින වෙන කාවවත්ම මම දැකල නෑ. ගොඩාක් ස්තූති බින්දි අක්ක. මේ පොත් කවර මාව අතීතයට අරන් ගියා. සිබිල් නැන්දේ ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!! තවත් පරම්පරා ගණනකට ඔබේ කතාරස විදීමට වාසනාව උදාවේවා!!!

    ReplyDelete
  32. තැන්ක්යු අක්කේ පරණ මතක අළුත් කලාට මාගාවත් පොත් ලොට් එකක් තිබ්බා සිබිල් නැන්දගේ පොඩි කාලෙ විතරක් නෙමෙයි දැනුත් ආසයි නැන්දාගෙ පොත් කියවන්න

    සිබිල් නැන්දාට දීර්ඝායුෂ ලැබේවා!!!!
    තවත් පරම්පරා ගණනකට ඔබේ කතාරස විදීමට වාසනාව උදාවේවා!!!

    ReplyDelete
  33. මමත් පොඩි කාලෛ සිබිල් නැන්දාගෙ පොත් වලට හරි ආසයි. පුස්තකාලෙන් හරි හොයාගෙන කියවනවා... දැන් නම් කාලෙකින් ඔය පොතක් අහැ ගැ‍ටුනේ නෑ. ස්තූතියි ඒ මතකය අවදි කලාට. ජය වේවා

    ReplyDelete
  34. සිබිල් නැන්දා.........

    අයිස් පලම් කූර අරන්
    ඒක හොඳට කටේ ගහන්
    පාර දිගේ උඩ පැන පැන
    ගියේ අපේ පුංචි රුවන්.......

    මං කොයි කාලෙත් කියපු එකක්. හැබැයි පුංචිම කාලේ බැලුවට පස්සේ හම්බුන්නැ බලන්න. පොත් ටික එකතු කරගන්ට ඕනා.

    දන්නවද රුවන් මැලි මහා සෑය වටේ තියන ඇත් රූප වල හිමිකාරියත් ඇය. ඇගේ සීයාගේ මූලිකත්වයෙන් තමා ඒ ඇත් පවුර ඉදිවෙලා තියෙන්නේ. සීයා ඇයට අඳින්න කිව්වම ඇය තමා ඔය රූපේ සීයට ඇඳලා දීලා තියෙන්නේ........

    සිබිල් නැන්දාට දීර්ඝායුෂ සමඟ තව තවත් මෙවන් දේ කිරීමට ශක්තිය පතනවා.....!!!!!

    ReplyDelete
  35. අපේ ආදරණීය සිබිල් නැන්දාට දීර්ඝායු වේවා.
    උඩ ගිය බබා මගෙත් පොඩි කාලෙ ප්‍රියතම පොතක්. ඒ දවස්වල ඒකෙ අයිතිය තිබුණෙ අක්කට. පස්සෙ මට ඉස්කෝලෙ තෑග්ගකට දුවන රැවුල හම්බුණා. වැනියන් කළු වැනියන් එහෙම ගත්තෙ ගොඩක් පස්සෙ කාලෙක.
    මේ පොත් ළමයින්ට කොච්චර හොඳද? අද අලුතින් ලියවෙන ඒවට වඩා

    ReplyDelete
  36. මමත් සිබිල් නැන්දගේ පොත් වලින් කියවූ මුල්ම පොත උඩ ගිය බබා. බලාගෙන ගියහම මෙතන ඉන්න හුඟ දෙනෙක් උඩ ගිය බබාලා තමා. අපි ටික දෙනෙක් නම් තාම බිම. (මම අදහස් කලේ සිතුවිලි වලින් උඩ ගිය අය නොවෙයි. අහස් යානයක උඩ ගිය අය.)

    අදටත් මම පොඩි දරුවෙකුට තෑග්ගකට දෙන්නේ පොතක්. බොහෝ විට සිබිල් නැන්දගේ. එහෙම පොතක් ගත්තම ඉස්සෙල්ලම මමම කියවල රසවිඳිනවා.

    ReplyDelete
  37. අත්අම්මා කජු එක එක කනවා
    හිත සතුටින් ඈ පොතක් බලනවා
    බබාට කජු ටික කන්න හිතෙනවා
    ගොඩ ගොඩ කාලා හිරකරගන්නවා

    මේ කවියත් එක්ක කවි පොතක් ම මාලග තියෙනවා.

    ReplyDelete
  38. ආහ් . . . . "මියුචුවල් ෆ්‍රෙන්ඩ්" කෙනෙක් . . . . කවුද අප්පේ ඒ ???? (කස්සපයා වත්දැ???)

    ReplyDelete
  39. අපේ අයුශත් අරගෙන තව බොහෝකල් ඇය ජීවත් වේවා! මගේ පැතුමෙන්ම කමෙන්ටුව පටන් ගන්නට හිතුවා. උඩ ගිය බබා, කුඩ හොරා, දුවන රැවුළ, සූත්තර පුංචා මම හරිම ආසාවෙන් කියවපු පොත්, පස්සෙ කාලෙක පුතාලට මේවාම අරං කියෙව්වේ මගේ පුංචිකාලෙ මතක් කරමින්. බිංදි, මම මාවම මගේ පොඩිකාලෙට අරං යමින් තමයි මේ පෝස්ට් එක කියව්වේ. හරිම පිං මේ පෝස්ට් එකට. ඇගේ සුවඳ ලොව පුරාම තව තව විහිදේවා!ඇය ගේ ජීවිතයට නිදුක් නීරෝගී සුව පතමින් නවතිමි.
    ප.ළි: පෙරේදා සහ ඊයේ රෑ කේ.ජයතිලක මහතා [සුමනා නැන්දා අපි කවුරුත් දන්නා - ගේ සැමියා] අභාවපාත්‍ර වෙලා කියලා දැනගත්තා, ඒ වගෙම විජේරත්න රනතුංග මහතාත් නැතිවෙලා. අපේ හොඳම කලා කරුවන් දෙපළක්. ඔවුන්ට නිවන් සුව පතමු.

    ReplyDelete
  40. සිබිල් වෙත්තසිංහ මැතිනියගේ සූත්තර පුංචාට තමයි මම වැඩියෙන්ම ආස කලේ. පුංචට මාර වැඩ තමයි වෙන්නේ.

    ReplyDelete
  41. සිබිල් වෙත්තසිංහ මැතිණියගේ හැකියාව කෙසේදැයි කිව්වොත් අපි පොඩි කාළේ කියවපු සූත්තර පුංචා , අදටත් ඒ රසයෙන්ම කියවන්නට පුළුවන් . වයසට නොයන රසයක් එක්ක , වයසට නොයන සුන්දර හිත් ඇත්තියක් ඇය , එතුමියට දිගායු පතමි.

    ReplyDelete
  42. @ නලිනි

    මමත් ඔය පොත් හුඟක් මටමයි කියල ගත්තේ පස්සේ කාලෙක බොරැල්ල පැත්තේ රවුන් ගහද්දි. පඩියෙන් භාගයක් විතර පොත් වලට යට කරන්න දෙපාරක් නොහිතපු කාලේ . ලොකු අයට තියෙන රසවතිගේ කතා ...කුසුමලතා හෙම අර ගත්තේ නැද්ද

    @පොත් ගුල්ලා ..

    ඔබතුමාට බ්ලොග් එකක් ඇති බව අමතක වෙලාද . නොලියන්නේ .

    උඩ ගිය බබා ....

    උඩ යන බබාලා ප්ලේන් එකෙන් බැහැල බිමටම තමයි වැටෙන්නේ හොඳේ . ඊටත් වඩා ප්ලේන් ඒකෙ නොගිහුනුත් උඩ ජිවත් වෙන අය හම්බ වෙලානැද්ද . ඇත්තටම ප්ලේන් ඒකෙ උඩ යද්දී වලාකුළු පහු කරද්දී හැමවතාවකම දැනෙන්නේ හරිම චමත්කාරයක් . ඒ වගේම සාංකාවක් ...හැබැයි ජනේලේ අයින ලැබෙන්නේ නැහැ දැන් මට කවදාවත් . ඒ වගේම බිමට පාත් වෙද්දී ගොඩාක් වෙලා ගොඩ බිම පේනවා . එතකොට දැනෙන්නෙත් පුදුම සතුටක් .

    @බුද්ධි

    ඔය පොත නම් මන් ගාව නැහැ . දැක්කොත් ගන්න ඕන . චුටි මහත්තය වගේම දඟ කාරයෙක් නේ සුත්තර පුංචා

    @ චන්දි

    ස්තුතියි අක්කේ . සුමනා ජයතිලක නැන්දත් අපේ ලමාකාලේ හරි ආදරණිය මතකයක් ..හඳමාමා එක්ක ආපු .

    ''හඳ මාමට සවන් දෙන්න ..''

    කේ ජයතිලක මහතාටත් විජේරත්න රණතුංග මහතාටත් නිවන් සුව පතමු .

    @ යහපත් ඇනෝ..

    ඒවගේ ලස්සන දේවල් බලපු කෙනෙක් අයහපත් නොවෙන බවට ඔන්න සාක්කි

    @ මහේෂ්

    ස්තුතියි මහේෂ් ..

    ReplyDelete
  43. @ ඕනයා

    ෂ් ෂ් ......එයා මේවා බලනවා

    ReplyDelete
  44. "වැනියන් කලු වැනීයන්" පොතෙ දෙවෙනි කොටස තමය් "නොමියෙන කලු දූ". හරිම ලස්සන පොතක්. ඇත්තම තමය් සිබිල් නැන්දා කියන්න වගේ අපි හැමෝම ඇතුලෙ කුඩා දරුවෙක් ජීවත් වෙනවා. අපි වයසට ගියත් ඒ දරුවා කුඩා වියෙන් එපිටට යන්නේ නෑ.

    ReplyDelete
  45. සිබිල් නැන්දා ටී වී එකේ කෙරුව චිත්‍ර පාඩම බලන්න මම ඒ දවස් වල හරි ආසයි .පොඩ්ඩන්ට චිත්‍ර අඳිමින් කතා කියන්න ඈ හරිම හපනියක් .ඒ පරිකල්පනා ශක්තිය කොහෙන් එනවද මන්දා .චිත්‍ර හරිම සජීවී . ජංගි කොටේකුයි , කමිස කොටේකුයි ඇඳගෙන කටේ ඇඟිල්ලක් ගහගෙන ඉන්න සූත්තර පුංචා මට දැනුත් මතක්වෙනවා . සිබිල් නැන්දා චිත්‍ර ඇන්ද බයිබල් මැදුරෙන් ප්‍රකාශයට පත්කෙරුව දීප්ත ලමා මග කියන පොත කාටහරි මතකද ? ඒකෙ පරණ තෙස්තමේන්තුවේ එන නෝවා හා ජල ගැලීම ගැන සිතුවම හරි ලස්නට ඇඳලා තියෙනවා.මම ක්‍රිස්තියානි ආගම ගැන යමක් දැනගත්තේ ඒ පොතෙන් .පොත කියවන්න ආසවුනේ අගේ සිතුවම් නිසා .ලංකාවේ කාන්තාවො වැඩිය පුවත්පත් කලාවට නොගිය කාලෙක පත්තර රස්සාවෙන් පොඩ්ඩන්ට පොත් ලියන්න ආව සිබිල් වෙත්තසිංහ මහත්මිය අපේ ලමා සාහිත්‍යයේ ජාත්‍යන්තර සලකුණ හා සමානයි .

    ReplyDelete
  46. අපි හැමෝගෙම ජීවිත වල සිබිල් නැන්දා ඉන්නවා කියලා දැක්කම පුදුම හිතුනා. මම නම් ඔය පොතක් දැක්ක කාලයක් මතක නෑ. කොහෙද ඉතින් දැන් ළමයින්ට අපිට වගේ සිංහල කතන්දර පොත් දැන්....

    ReplyDelete
  47. @TG,

    //
    TG said...
    බින්දි රික්වෙස්ට් එකක් තියෙනවා මේ රුසියන් කතා මතක ඉවර වෙලා සිබිල් නැන්දාගේ කතා පොත් ගැන ලියමු ප්ලීස් ?ඔයා ඒ කතා ලිව්වොත් මටත් තියෙනවා පොඩි කතාවක් කියන්න චිත්‍ර අඳින එක සදහටම අතැරල දාන්න ගිය ලමයෙක්ගෙ කතාවක්
    31 May 2011 15:19
    //

    මේ කතාව කියන්නෙ කවදද..??

    ReplyDelete
  48. @ TG
    මට ඒ පොත නම් මතක නැහැ . කොච්චරක්ද අප්පේ . ශ්‍රී සඟරාවේ ගිය රසවතී මතකද . ළමයින්ට ලිව්ව කතා වගේම රසවතී කුසුමලතා හෙමත් හරි අපුරුයි.
    @ රංගි..
    මම නම් පොඩ්ඩන් නිසා ඔය පොත් දකින දකින වෙලාවට අර ගන්නවා . දැන් සෑහෙන පොත් ගානක් තියෙනවා . ලඟදි හදපු පොත් රාක්කේ දැන් ඉඩ මදි . තව එකක් අරන් තියන්නේ කොහේදැයි සිතමින් ඉන්නේ .
    @ බුරා
    පිරිමින්ට මතක හිටින්නේ නැත කියල කන්කෙඳිරි ගාන එක නවත්වන්න වෙන්නේ මේ බුරා දකින කොට . ඔන්න TG කෝ කතාව ??

    ReplyDelete
  49. @ සමාධි ..

    බොහොම ස්තුතියි සමාධි . මන් දැනන් හිටියේ නැහැ . කොහොම හරි ගන්න ඕන ඒ පොත . කාල පරාසයන්හි වෙනසක් නැතුව ඒ දුව මමයි හිතන්න හැකි තරමට අගේ ඉතිහාසය මට සමානයි. පොඩි කාලේ මනෝ ලෝකයේ සැරි සරුවේ ඒ වගේමයි.

    ReplyDelete
  50. @ සමාධි ..

    ඔයාතමයි නෙලුම් විලේ 100 වෙනි යාලුවා

    ReplyDelete
  51. ඒ... මාත් හරි ආස පොත් ලියන කෙනෙක් තමයි සිබිල් වෙත්ත සිංහ කියලා කියන්නේ. අර එයා ලියලා තියෙන කිරිහාමි කියන පොත මට තාමත් මතකයි. එයාගේ චිත්‍රත් අපූරුයි.

    අක්කා හමදාම මගේ බ්ලොග් එකට ආවට මට එන්න බැරි උනානේ. ඔන්න මාත් ආවා. අද ඉදලා දිගටෝම එනෝ.

    ReplyDelete
  52. මම 101 වෙනිආ. මාවත් පිලිගන්න අක්කා :)

    ReplyDelete
  53. @මධුරංග
    ආදරයෙන් පිලිගන්නවා මල්ලි .

    ReplyDelete
  54. ශා මමද 100? අහන්නත් සතුටුය්. මටත් එහෙමය්. පොත කියවද්දි හිතෙන්නෙ මේ මම ගැන කතාවක් කියලමය්.

    ReplyDelete
  55. අපොයි...බින්දි.....අදත් මම පරක්කුයි.....ඒත් කමක් නෑ.....සිබිල් නැන්ද ගැන මේ ටික නොකියම බෑ,

    මුලින්ම කතන්දර පොතක් කියල මම කියෙව්වෙ කුඩ හොරා.......ඒ කතාව පුංචි මගෙ හිතට වැදුනෙ පුදුම විදිහට.......

    මේ මම කියන්න යන සිද්ධිය ගැන ඇත්තටම මට මතකයක් නම් නෑ. අපෙ අම්ම තමයි මට කිව්වෙ.....

    වැහි දවසක.....අපෙ ගෙදරට ආවලු අම්මගෙ යාලුවො කට්ටියක්.....කුඩ වලින් වතුර බේරෙන නිසා එයාල පිලේ කුඩ තියල තමයි ගෙට ගොඩ වෙල තියෙන්නෙ.....මෙන්න යන්ට සූදානම් වෙල එලියට බහින කොට " හපොයි කෝ කුඩ? " අම්මල හැම තැනම කුඩ හොයන කොට මම ඉදිරිපත් උනාළු...." ආ අම්මෙ මම ඒ කුඩ ගේ ඇතුලෙ තිබ්බ.......අර කුඩ හොරා ගෙනිච්චොත් ඇන්ටිලට තෙමි තෙමිනෙ ආපහු යන්ට වෙන්නෙ ඒ නිසා.........."

    ReplyDelete
  56. බින්දි අක්කෙ,ස්තූතියි මේ පෝස්ට් එකට.‍මමත් මුලින්ම කියෙව්වේ සිබිල් නැන්දිගෙ පොත් තමා..

    ReplyDelete
  57. සිබිල් නැන්දාගේ පොත්වලින් තාප්පෙන්කින් වටවුනු ගෙදරකට ගිය ළමයි කට්ටියක් ගැන කියන කතාව මට මතකයි.

    ඒ වගේම සිබිල් නැන්දා පොඩි කාලේ ගෙදර සාලේ බිත්තියක් පිරෙන්නම අවුරුදු කාලෙක ලොකු පූසෙක් ඇන්දා කියලා කියපු කතාවත් මට මතකයි :)

    ReplyDelete
  58. මමත් අද තාත්ත කෙනෙක් වුනාට මමත් පොඩි කාලෙ සිබිල් නැන්දගෙ පොත් කියවලා තියෙනවා. 'රතුකැටය' කතාව මට අදටත් මතයකි, සමහර තැන් කට පාඩම්. ඒ වගෙමයි චිත්‍ර.
    henryblogwalker the Dude

    ReplyDelete
  59. මම ආසම සිබිල් නැද්දා ච්ත්‍ර උගන්නන විදියට තමා .....

    ReplyDelete