Wednesday 21 September 2011

බිම වැටුන කුරුල්ලෝ - වියට්නාම ,ඇමරිකන් ගුවන් සටනේ නටඹුන් අතර ...


මා ඉතිහාසයේ නටඹුන් අතර සැරිසරන්න කැමති මන්දැයි මාද නොදනිමි. වත්මනට වඩා ඉතිහාස තොරතුරු සොයා යාමේ පිපාසය කුඩාකල සිටම ඇති වුවකි. එබැවින් නෙලුම් විලට යන එන ඔබට නිතර අතීතයේ සැරිසැරීමට වීම ගැන අහිතක් ඇතොත් සමාවෙනු ඇති සිතමි.



අද Air Defence -Air  Force Museum වෙත ගිය ගමනේ වගතුග ඔබවෙතට ගෙන එමි.



සියල්ලටම කලියෙන් වියට්නාමයේ ගුවන් ඉතිහාසය ගැන ටිකක් දැන ගත්තාට වරදක් නැත . මේ විස්තර නම් අන්තර්ජාලයෙන් ..විශේෂයෙන් විකිපිඩියාවෙන් බව සඳහන් කල යුතුමය .           
 
*වාර්තාවල හැටියට මුල්ම ගුවන් යානය  Bao Dai අධිරාජයා සතුව තිබී 1945 දී උතුරු වියට්නාම් රජයට බාරදුන්  De   Havilland Tiger Moth යානයකි.


මොත් යානයේ අනුරුවක්


* 1949 දී හෝ චි මින් මුල් වී ගුවන් පර්යේෂණ කමිටුව [ Air Force Research Committe ] පිහිටුවාගන්නා ලදී.

* මුල්ම ප්‍රහාරක යානය  - T -28 Trojan යානයකි. 1964 පෙබරවාරියේදී  දී එමගින් C -123 වර්ගයේ ඇමරිකන් යානයක් බිම දමන ලදී

*1964 පෙබරවාරි - මුල්ම MIG -17 රුසියාවෙන් ලබා ගත අතර චීනයේදී නියමු පුහුණුවක්ද ලැබිණි . මෙයට සමගාමිව පළමු ගුවන් සටන් ඛණ්ඩය පිහිටවනු ලැබූ බව සඳහන් [ අගෝස්තුවේදී ],.

* 1965 අප්‍රේල් 3 පළමු මුහුණට මුහුණ ගුවන් සටන . ඇමරිකන් F -8 යානා දෙකක් බිම දැමුණ . ඇමරිකාව මෙය පිලි නොගත්   බව කියවේ .

* අප්‍රේල් 4 පළමු වරට F - Thunderchief යාන දෙක ක් බිම දැමුනා Thanh Hoa පාලමට පහර දෙන්න ආ වෙලාවේ. . මෙය දෙපසම පිළිගත් සංඛ්‍යාවක්

* 1965 දී MIG 21 යානා ලැබුන රුසියාවෙන්.

තව ඉතින් ඉතිහාසය දිගයි .  මට පොඩියට කම්මැලි කමකුත් ඇවිත්.

ඊට පස්සේ ඉතිහාසය සාරාංශ ගත කලොත් ...කොහොම හරි මේ විදියට රුසියාවේ ආධාරයෙන් වැඩි දියුණු  කල මිග් යානා ලැබුනත් ඇමරිකාව එවූ අති නවීන F -4 Phantom යානා වලට මුහුණ දෙන්න ශක්තිය මදි වුනා . මිග් විශාල ප්‍රමාණයක් විනාශ වුනා .

ඉතින් ඇමරිකන් ගුවන් යානා හිතු ලෙස ජය ගත්තද ? නැහැ . වියට්නාම් හමුදාව බිම සිට මිසයිල මගින් එව්වා බොහොමයක් බිම දැම්ම .

 ගොඩ බිම සටන ගැන අද ලියන්න බලාපොරොත්තුවක් නැහැ . ඉතුරු කටු ගෙවල් වලට ගිහින් විටින් විට ඒ ගැන කියන්නම් .

වියට්නාමයේ කුචි උමන් පෝස්ට් එකේ ටික ඒ ගැන ලිව්වත් නේ .

කොහොම වුනත් වාර්තා වල පරිදි ගුවන් හමුදාවෙන් යුද්ධෙට එතරම් දායකත්වයක් සපයාගන්න බැරි වුන බවයි කියවෙන්නේ .

ඒ කෙසේ  වෙතත් නටඹුන් අතර සැරිසරද්දී දුටු දේ තමයි ඉතාම ප්‍රාථමික පහසුකම් යටතේ ඔවුන් කර ඇති කාරිය නම් සුළු පටු නැති බවකුයි .


විනාශ වුන ඇමරිකන් යානාවක්

කටුක යුධ බිම වැයුන තාලය ..


හෝ මාමා සෙබළුන් සමග





ගුවන් ගමන් වලදී හෝ මාමා හිඳ සිටි පුටුව




වියට් සෙබළුන්ට මෙවන් අවිද තිබිණි


කව්දැයි මේ වීර සෙබළිය ???

උදව් කල අය

මෙයාව දන්නවද

අභ්‍යවකාශයට ගිය පළමු වියට්නාම් ජාතිකයා  සිය රුසියන් සගයා සමග



මිය ගිය ගුවන් සෙබළු









MI _6 යානයක්







ජංගම රේඩාර්

මගේ සතුටට ...ඕලු පැල කීපයකින් යුත් කුඩා විල ..එය නෙලුම් විලක් වේයැයි පතමි

ප .ලි.
අපි මේ අතීත ගුවනේ සැරිසරද්දී අපේ ලොක්කි සමනලයෙක් පසුපස දිව ගිය අතර ඒ නටඹුන් අතර ඇය දුටු මහඟු වස්තුව එයම බව මට සිතේ. එය ළමයින්ගේ සුන්දර ලෝකයයි.

45 comments:

  1. ඔන්න මම තමෛ අද පළමෞවෙනි කමෙන්ට් එක දාන්නෙ. :)
    අතීතයෙ සැරිසරන්න අපිට අවස්ථාව අරන් එනවට අක්කට ස්තූතියි. කියනවනෙ. පුදුමයි අම්මගෙන් දාහක් ප්‍රශ්ණ අහන්නෙ නැතුව ලොක්කි සමනලයො පස්සෙ ගිය එක. බනීටනම් මෙව සෙල්ලම් බඩු වගේ පේන්න ඇති.

    ReplyDelete
  2. බින්දිගේ බ්ලොග් එක හරියට ඉතිහාස පාඩමක් හා සමානයි. කොහොමත් ඉස්සරහට කොමන්ට් ටික කියවලා ආයෙත් යමක් කියන්න එන්නම්කෝ.
    (ප.ලි අර ගුවන් නියමුවී නම් දැන හඳුනන බවක් තමයි දැනුනේ)

    ReplyDelete
  3. ඇමරිකාවෙ දියුණු තාක්ෂනය පරදන්න වියට්කොං ගරිල්ලො බොහොම ප්‍රථමික ක්‍රම පාවිච්චි කරා කියල මම අහල තියෙනව. ඒ දවස් වල ඇමරිකන් කාරයො ඔය කැළෑ වලට අතාරිනවලු චලනය සෙන්ස් කරන්න පුළුවන් සෙන්සර් එකක්. ඒ කරන්නෙ වියට්කොං සෙබළු නිතර යන එන මාවත් අඳුන ගෙන ඒවාට බෝම්බ දාන්න. ඉතින් වියට්කොං කාරයො මොකෝ කරන්නෙ? ඕක උස්සන් ගිහින් දානවලු ඔය වැවක් අයිනෙ සත්තු නිතර යන එන තැනක් බලල. ඇමරිකන් කාරයො වැව් වලට බෝම්බ දානවලු! හෙහ් හෙහ් හෙහ්!

    ReplyDelete
  4. ෆොටෝ ටික දැක්කම ආසාවේ බැරුවා. මම් ගිහින් නෑනේ ඔය කියන තැනට. අපරාදේ.

    ReplyDelete
  5. කවුද අකමැති වියට්නාම් යුද්ධ ඉතිහාසය ගැන කියවන්න ?

    ReplyDelete
  6. @ රෝස කුමාරි...
    අපේ වෙලාවල් හරියටම ගැලපෙනවා . මන් මේක ලියල ඉවර කලේ පාන්දර 2 ට . පිස්සු තමයි නේද . ඉස්සර පාඩම් නොකර පොත් කියෙව්වෙත් ඔහොම තමයි. කාලෙන් කාලෙට හැදෙන පිස්සු මේවා.
    ඉතින් මන් ලියල ඉවර වෙද්දීම වගේ ඔයා කමෙන්ට් කරලා . ස්තුතියි රෝස කුමාරි. එළියේ ප්ලේන් ගැන උනන්දුවක් නැතුවට ඇතුලෙදි නම් දෙන්නම හරි උනන්දුවෙන් විස්තර ඇහුවා . ලෝකේ ලස්සනම නැහැ කියලත් දැනන් හිටියට කමක් නැහැ ඉතින්. අපේ ලොක්කි ඉතිහාසේ ගැන උනන්දුයි බොහොම .
    @ Crazy Girl
    ඔව් ඔව් ආයිත් එන්න . කමෙන්ට් වලින් ගොඩක් දේවල් දන ගන්න පුළුවන්. ඔයාවත් ආදරයෙන් පිලිගන්නවා නෙලුම් විලට . පරණ පොස්ට් ටිකත් බලන්න ඉඩ ඇති විදියට .
    @ මුහුදු ..
    ඇත්ත ඇත්ත ..ෆේස් to ෆේස් යුද්ධ වලට පුරුදු වෙච්ච ඇමරිකන් හමුදාව හොල්මන් වෙන්න ඇති. අනික් තැන ටිකත් බලල ඔය ගැන තව විස්තර කියන්නන්කෝ.
    ඔහොම වැවකට වැටුන බෝම්බයක් තාමත් තියනවා . මේ ළඟක .
    @මධුරංග
    ඔයා හැනොයි ආවොත් මන් එක්ක යන්නන්කෝ මලේ . පින්තුර ටික නම් වටිනවා තමයි. මොකද ගුගල් වල මන් දැක්කේ නැහැ ඔය ගැන වැඩිය පින්තුර .

    ReplyDelete
  7. ප්‍රාථමකි සම්පත් සමගින් හෝ මිං චිං ප්‍රමුඛ වියට්නාම හමුදාව අමරිකානු අභිමානය ආසියා බිම මත කෙලසා දමද්දී එදා ජීවත් වෙන්නට තිබුණානනම් මම කියන එකම දෙය...ඔහොම යං වියට්නාම්...ඔහොම යං යන්නයි..සැමරුම් අතරට ගෙන ගියාට ස්තූතියි. වැදගත් ලිපියක්. අරුත් සුන් බ්ලොග් අතරේ අරුතක් සොයන්නට බොහොම හොඳ ප්‍රවනතාවක්

    ReplyDelete
  8. හපෝයි ඉතින් අක්කා අපව එක්කන් යනකොට බැරියෑ. කමක් නෑ අක්කා. අපට වරම් නැති උනාට අක්කාගේ මේ ෆොටෝ ටිකෙන් අපි හැනෝයි ගියා වගේ.

    ReplyDelete
  9. හලී සෝක් හොඳේ... ඉස්කෝලෙ ගියා වගේ...

    ReplyDelete
  10. බින්දි වගේම ඉතිහාසයට අපිත් ආසයි. ඒකනෙ නිතර මේ පැත්තේ එන්නේ. හැබැයි ඔයාගේ ලොක්කි වගේ මගේ හිතත් ඔය ටකරන් කෑලි ගොඩට ඇදෙන්නේ නෑ. ලොක්කි යකඩ ගොඩවල් අතරේ සමනලයෙක් දැක්ක වගේ මම දැක්කේ අර උඩම පින්තුරෙ තියෙන ලොකු බොන්සායි පැලේ. වියට්නාමේත් ලස්සන බොන්සායි කලාවක් තියෙනව වගේ. දවසක සේයා රූ ටිකක් සමග ඒ ගැනත් ලියන්න.

    ReplyDelete
  11. උදෙන් නැගිටලා මසාලා තේ බොන ගමන් තමයි මේ පැත්තේ එන්න වෙලාව හොයගත්තේ . හ්ම් බනියලෑ තාත්තටවත් පණිවිඩයක් යවන්න ඕනේ අර ජන කතා ඉල්ලිම නෙලුම් විලේ විධායක සබාවට දාලා ඉක්මන් තීරණයක් දෙන්ට කියලා .ඒක් කල් යනවා වැඩියි අප්පා .....හි හී

    හෝ චිමින් වියට්නාම් ! අපි යන්වා එහෙනම් රාජකාරියට යන්න තියෙනවා දත් මැදලා , මූණ හොදලා ,
    නාලා, රෙදිහෝදලා ,අයන් කරලා ( බ්ලොග් කියව කියව හිටියොත් මට ඕව කොරල දෙන්නෙ හමුදාවෙන්ද ?හිකිස් )

    ReplyDelete
  12. Kolesnikov gun ගැනත් ලියමු

    ReplyDelete
  13. බින්දි අක්කාගේ පෝස්ට් එකක් කියෙව්වා කියන්නේ ආයේ පිටරට ගියා වගේ තමයි! :)

    ReplyDelete
  14. ඔයා අපිවත් ඉතිහාසෙට එක්කන් ගියා අක්කෙ. හුඟක් වටින පෝස්ට් එකක්. තමන්ගෙ ඡායාරූප එකතුවෙ තියාගන්නෙ නැතුව අපිත් එක්කත් බෙදාගත්තට තුති.

    ReplyDelete
  15. ග්‍රේට් පොස්ට්..
    මේවටනේ බ්ලොග් කියන්නේ..

    ReplyDelete
  16. මම කවදත් කැමති අංශයක් තමයි ඉතිහාසය. කාලයේ වැලිතලාවෙන් සැඟවිලා තියෙන දේවල් ගොඩට ගන්න එකට පුදුම උනන්දුවක් මට තිබෙන්නේ. ඉතින් මේ ලිපියත් ඒ නිසා ගොඩක්ම අගය කරන්න හැකි එකක්. වියට්නාම් යුද්දය කියන්නේ ඇමරිකානු යුද ඉතිහාසය තුල ඔවුන්ට බොහොම රිදුම් දෙන යුද්දයක් කියන එකට සැකයක් නැහැ. මෙම යුද්දයට වසර 20-30 කට ඉස්සෙල්ලා දෙවන ලෝක යුද්දයේ කැපී පෙනෙන භූමිකාවක් රඟදැක්වූ ඇමරිකාවට මෙම යුද්දය ජයගැනීමට නොහැකිවීම සෑහෙන්න ගැටළුවක් වෙන්නට ඇති...

    ReplyDelete
  17. ඔයා ලියන ඒව බලපුවාම එන්ටම හිතෙනව ඔය පැත්තෙ.මගෙ ඒකාලෙ හිටිය වියට් යාලුවෙක් දැං එයා ඉන්නෙ ප්‍රංශයෙ. එයා හරියට ඔය දේවල් ගැන කියල තියෙනව.රුසියන් කාරය හදල දුන්නු තුවක්කු ගැනත් බොහොම රසවත් කතා කියල තියෙනව.

    ReplyDelete
  18. @ ජනරඟ

    අනිවාර්යයෙන්ම සාධාරණ මිනිස්සු ඒ පැත්ත ගන්න ඇති. ඇමරිකාවේ පවා .

    ස්තුතියි මේ පැත්තේ ආවට ජනරඟ .

    @මධුරංග ..

    ඔයාටත් කවද හරි ඇවිදින්න ලැබෙයි.

    @ පැණි දොඩම්

    ස්තුතියි . හොඳ ළමය

    @ පොත් ගුල්ලා

    මමත් තහඩු කාලි වලට අකමැතියි. ඒ වුනාට මේ කෑලි වල හරිම කතන්දර තියනවනේ . අපි ආස නැතුවට ආස කට්ටිය පෙරලි පෙරලි පින්තුර ගත්තේ. ඒ මදිවට ලියන කොට ඔය එක ප්ලේන් ගැන වෙන වෙනම විස්තර ලියන්නලු. මන් වැඩිය නොදන්නා හින්ද නිකන් හිටිය .

    බොන්සායි ගැන ලියන්නම් . බුද්ධාගම ගැන ලියන්න හොයා හොයා ඉද්දි මට රත්තරන් පොතක් ලැබුන . හිමිට ලියන්නම්කො. ඒ අස්සේ ජනකතා ඕනේ කියල TG ගේ ඉල්ලීමත් අහක දාන්න බැහැ .

    @ TG ..

    සොරි අනේ . මේක ලියන්න කියල ගෙදරින් කරදරේ . අනික දැක්ක ගමන් නොලිව්වොත් හිතටත් හරි නැහැ වගේ මෙව්වා.

    මසාල තේ ..අනේ මගේ වයිශ්නවී මතක් වෙනවා . මගේ දෙවෙනි සහෝදරි. කොච්චරවත් තේද..තොසද ...වඩේ ද ගිල්ලපු ..ළමයින්ට දෙවෙනි අම්ම වගේ වෙච්ච අවුරුදු තුනහමාරක් ලඟින්ම හිටපු මගේ මිතුරිය.

    මන් වත් ඩුප්ලිකේට් මසාල තේකක් හදන බොන්න ඕන.

    රෙදි හෝදන්න හමුදාව ..අනේ ඇත්තමයි ඔය හමුදාවල වැඩ කරන හරි වැඩ කරපු හරි මහත්තුරු නෝනලට හරියට ගෙදර වැඩට උදව් වෙනවා මන් දැකල තියනවා .

    අපොයි නාල කරලා යන්න . මොකෝ ඔහෙයි කියල මිනිස්සුන්ට නහයවල් නැතුවය

    @ ඊ -මේල් කව්කාරි.

    අනේ මන් ඔය අවි ආයුධ ගැන එච්චරම දන්නේ නැහැ . ඔය නමත් එච්චරම හුරු නැහැ . ඒ වුනාට අනික් යුධ කෞතුකාගාරය න් වලට ගියහම සොයා බලන්නම් කවිකාරි

    @පුසා ..

    අපිත් ගොඩක් දේවල් දැන ගත්තේ කවුරු හරි දැකපු දේවල්නේ . ඉතින් මාත් දැකපු දේවල් ලියන්න ආසයි. ටිකක් හරි ප්‍රයෝජනයක් ලැබෙනවා නම් මට සන්තෝෂයි මල්ලි

    @පිනිබිඳු

    ස්තුතියි පිණී...ඉස්සර වගේ ෆොටෝ එකක් කාටහරි පෙන්වන්න ඇල්බම් හදාගෙන බලන් ඉන්න ඕන නැති එක කොච්චර හොඳද නේද නංගි

    ReplyDelete
  19. @ මාතලන්

    ආයි බොරු මොකටද පුදුම සතුටක් දැනුන වචන ටිකට . බොහොම ස්තුතියි .

    @ දිනේෂ් ..

    ස්තුතියි දිනේෂ් . ඔබ මේවට කැමති බව මන් දන්නවා . වෙලාවකට හිතෙනවා මේ යුද්ධේ ගැන ලියනවා වැඩිදත් කියල . ඒත් ඉතින් මක් කරන්නද දකින දකින තැන ඕකට සම්බන්ධයක් තියෙනවා . හරියට දැලක් වගේ . හරියට කරත්තෙට ගොනා වගේ තමයි.

    @ඊ මේල් කවිකාරි ..

    එන්න එන්න . ඔයා වාසනාවන්තයි . මට තියෙන ප්‍රශ්නේ තොරතුරු දැන ගන්න හැකි අය මුණ නොගැසීම . පෙනී පෙනී තියනව විස්තර දැනගන්න විදිහක් නැහැ . මන් ආස්සරය කරන සමාජයේ අයට එක්කෝ ඉංග්‍රීසි බැහැ . පුළුවන් අයට මේවා ගැන දැනුමක් නැහැ . රස්සාවක් නොකර ගෙදර සිටීමේ පලවිපාක තමයි.

    ඔයා එනවනම් මට කලින්කියන්න .

    ReplyDelete
  20. බින්දි, ඔයා කරන්නෙ ලෝකයේ තියෙන වැඩිම පඩියක් ගත්තහැකි නමුත් ගන්නෙ නැති උතුම්ම රස්සාව තමා. අපේ වයසට ආවහම තේරේවි. වියට්නාමෙ ආවොත් එන්නෙ.............. http://www.totaltravel.lk/tour_overseas_tour.php?id=67 එක්ක තමා. දැන්ම නිවාඩු ලැබෙන එකක් නැහැ අපෙ කට්ටියගෙන්

    ReplyDelete
  21. වියට්නාම් යුද්ධය ඇමරිකාව පැරදුනෙ මට හිතෙන්නෙ ඇමරිකානු හමුදාවට උනත් තිබුනෙ නැහැ යුද්ධය ගැන අභිප්‍රේරණයක් ( සිංහලෙන් කිව්වොත් Motivation)

    මම කියවපු නවකථාවක ( නම නම් මතක නැත ) වියට්නාමයෙ සටන් කරන ඇමරිකානු තරුණයෙක් තම සඟයින්ට මෙහෙම කියනවා

    " Do any of you have any idea whatsoever what are we doing here?..............we are very far away from home in a totally alien country fighting a war for a purpose no one is sure about......killing people who have done nothing to us or getting killed by them for no fault of ours.........if any of you can understand any of this please tell me "

    මට හිතෙන්නෙ වියට්නාමයෙ ඇමරිකාව ලැබූ පරාජයට හේතුව තමයි ඒ කියන්නෙ.

    ReplyDelete
  22. පොස්ට් එක බ්ලොග් රෝලේ දුටු ගමන්ම මේ පැත්තට් ආවත් ලියන්න තරම් හිතක් නැති නිසා ආපහු ගියා.

    \කව්දැයි මේ වීර සෙබළිය ???\
    ඇය වීරවරියකි, කතා දෙකක් නෑ.

    \මෙයාව දන්නවද\
    ක්‍රැස්තෝ මහත්තයා නේද?

    බොහෝම ස්තුතියි නිදිමරමින් සකසලා බෙදා දෙන මේ විස්තර වලට.

    පලමු ගල්ෆ් යුද්ධය කාලයේ අනාරක්ෂිත කලාපයක වසමින් නිදිමරාගෙන වැටුන කුරුල්ලෝ ගැන්න හැටි මතක් විය.

    ReplyDelete
  23. රසවත් ලිපියක් බින්දි. ආසාවෙන් කියෙව්වා. බින්දිගේ මහත්තයා වගේම මමත් ගුවන් යානා ගැන දක්වන උනන්දුව නිසා ලිපිය තවත් රසවත් උනා.

    හොලිවුඩ් වල හදපු වියට්නාම් යුද්දේ මූලික කරගෙන හදපු ෆිල්ම් වල ඉතින් හැමදාම ඇමරිකන් කාරයා දිනනවනේ....!

    ReplyDelete
  24. ඉතිහාසය,, ඉස්කෝලෙ යන කාලෙ නම් එපාම කරපු විශය, දැං මේ බ්ලොග් කියවීම නිසාමයි මේ කියවන්නෙ, කොහොම උනත් මං වගේ අය වෙනුවෙන් මේ තොරතුරු ඉදිරිපත් කරන බින්දිට ගොඩක් ස්තූතියි. බින්දිගෙ පැතුම ඉටුවෙලා අර විල දවසක නෙළුම් මල් වලින් පිරෙන්න කියලා මමත් පතනවා !!!

    ReplyDelete
  25. ලස්සනයි සුන්දරයි..

    ReplyDelete
  26. හැබෑවටම ගිහින් බලන්න බැරි වුනාට මෙහෙම හරි දකින්න හම්බ වෙනවානෙ. ඒකත් වාසනාවක්..

    ReplyDelete
  27. ලෝක යුද්ද ඉතිහාසයේ වියට්නාමයේ සටන්කරුවන්ට ලැබෙන්නේ අද්වීතීය තැනක්. කැපවීම සහ දයිර්යය ඇත්නම් නොකළ හැකි දෙයක් නථිඋ බවට හොඳම සාදකය ඔවුන් ලැබූ ජය තමයි..

    ReplyDelete
  28. අපි හැබැහින් මේවා බලන්න නොගියට මේ ඉතිහාස පාඩමත් එක්ක හැමදාම මනසින් මේවා බලන්න යනවා. මේ දාන පින්තූරත් එකට ලොකු උදව්වක්.

    ReplyDelete
  29. හොලිවුඩ් ෆිල්ම් වල රම්බොල දිනුවෙ යුද්දෙන් පැරදුන ඇමරිකන් කාරයන්ගෙ හිත් හදන්නනෙ.

    ඔය යුද්දෙ ඉවර උනාම සිය ගාන බෙල් හෙලිකොප්ටර් මුහුදට දාල තීනව ඇමරිකන් කාරයොම, ගෙනේහිල්ල කරන්න දෙයක් නැති නිසා.

    සංචාරයට ප්‍රිය පවුලක්නෙ..අනේ හොඳයි..

    ReplyDelete
  30. ඊමේල් කවිකාරි
    මේ රස්සාවට ලැබෙන අස්වැන්න තමයි ළමයින්ගේ සතුට නේද . ඒජන්සියක් හරහා එනකොට ටික නිදහස නැති වුනත් නොදන්නා රටකට මුලින්ම යද්දී ඒක තමයි නුවණැති වැඩේ . නැත්නම් වීසා හදන්න හෙම දුක් විඳින්න ඕන .
    @ රවී
    ඇත්තනේ . Born on 4 th of July වල තේමාවත් ඕක . අලුත් වචනයක් ඉගෙනගත්තා . අභිප්‍රේරණය .ස්තුතියි රවී.
    @ගල් මල්
    මේ දවස්වල ඉන්න මානසිකත්වය අනුව මෙහෙම වත් එන එක ලොකු දෙයක් ඩීන් අය්යා
    මේ වීර සෙබළියගේ සටන් ඉතින් කටින් තමයි. ඔය ඇඳුම දාගෙන විනාඩි පහක් ඉන්න තිබ්බ අමාරුව . හමුදාවල සහෝදර වරුන්ට ඔය ඇඳුම් ඇඳන් ඉන්නවට විශේෂ සම්මානයක් දෙන්න වටිනවා .
    යුධ බිමක ජිවත් වෙලාතියනව වගේ ඩීන් අය්යත්.
    හැබෑටම මැදපෙරදිගත් කොයි වෙලේ ඇවිලෙනවා දැයි හිතන්න බැරි පෙට්රෝල් ටැංකියක් ගානයි නේද . බලාගෙන යනකොට මුළු ලෝකෙම එහෙම තමයි.

    @දුමී...
    අපොයි එයාටත් පුදුමාකාර පිස්සුවක් ඔය ගැන තියෙන්නේ . හමු වුනොත් දවසක් කතා කරන්න පුළුවන් වෙයි දෙන්නට ඔය ගැන . ස්තුතියි දුමී

    ගොඩක් ෆිල්ම් එහෙම තමයි . කීපයක් තිබුන නේද වෙනස් . Platoon , Born on 4 Th of July දෙකම ඒවගේ .එච්චරයි මන් බැලුවේ .
    @ හරී
    මගේ නම් ආසම විෂයක් . මාත් මෙව්වා ලියන ගමන් ඉගෙන ගන්නවා . ඔව් අනේ නෙලුම් දඬු ටිකක් ගිහින් දාන්න තිබ්බ නම් හරි .
    @ indi
    ස්තුතියි indi ..

    @ නිසුපා ...
    තව කල් තියනවනේ . ලෝකේ දැක බලාගන්න . අන්තර්ජාලය ගැන මට ලොකු කැමැත්තක් තියෙන්නේ මේවගේ ලෝකය තනියායක් කරන නිසයි නිසුපා

    @ සරත් ..
    ඒක නේන්නම් . කොච්චර ලිව්වත් තවත් ඔය ගැන කතා කරන්න පුළුවන් තරමේ හපන්කමක්.
    @අයේෂා
    ස්තුතියි අයේෂා .

    ReplyDelete
  31. @ ඉන්දික
    එව්වා නම් එහෙමතමයි . අපරාදේ බෙල් ටික අපිට දුන්නනම් මොකෝ යනගමන් .
    සංචාරයට නම් කැමති තමයි . ඒත් මේ නගරය තුල තියන මේවගේ තැන් ගොඩක් තියනව යන්න බැරිවුණා . ස්තුතියි මේ අහ ආවට

    ReplyDelete
  32. බලන් යනකොට ගුවන් යානා කියන්නෙ ගොඩක් දෙනෙක්ගෙ ප්‍රියතම විෂයක්නෙ...
    වියට්නාම් යුද්ධෙ ගැන නම් මගේ තියෙන්නෙ බොහොම අඩු දැනුමක්.ඒ නිසා ඒ ගැන නම් ඕන තරම් කියවන්න ආසයි. හැබැයි මට මෙතනදි නම් අර වැටුන ගුවන් යානාවල හිටිය ඇමෙරිකානු නියමුවන් ගැන කණගාටුවක් ඇති වුනා.
    වටින කියන ඡායාරූප ටිකක්..

    ReplyDelete
  33. මොකක්ද මේ තැනින් තැන ඇවිදින්න ලැබෙන රස්සාව. ගන්න බැරිද මාවත් ඔය මොකක් හරි පොඩි රාජ කාරියකට.

    වියට්නාමෙ ඉන්නවලු ශෝයි ව්‍යාඝ්‍රයෝ. හම්බ වුණේ නැද්ද ?

    ReplyDelete
  34. අතීතය හා වර්ථමානය අතර නිරතුරුව සිදුවෙන සංවාදය ඉතිහාසය ලු මම එහෙම කතාවක් අහලා තියනවා

    ගුවන් ඉතිහාසය ගැන විස්තර ටිකක් සහ පින්තූර දුන්නට ගොඩක් ස්තූතියි අක්කන්ඩි

    ReplyDelete
  35. මගේ ලොකු උනන්දුවක් තියෙන ඒත් තාම හරියට හොයල දැනගන්න නොලැබුන දෙයක් ඔය වියට්නාම් ඇමරිකානු යුද්දය... තාම ඒක ලිස්ට් එකේ බව මතක් කරල දුන්නු ලිපියටත්... මේ වගේ තැනකට ගියාම බෙදාහදාගන්න කට්ටියක් ඉන්න බව මතක් වෙනවටත් ස්තුතියි..

    ගුවන් යානා ගැන නම් කියල වැඩක් නෑ.. මම මේ බයේ බයේ හිටියෙ ගුවන් යානාවලට තියෙන ආසාව පොඩි කාලෙදි සනීප වෙච්ච නැති ලෙඩක් කියල... බැලුවාම කට්ටියම එකයි වගේ..

    ReplyDelete
  36. මේ යකඩ කැලි අතරෙ කවුරුවත් නොදකින කවුරුවත් නොසිතන අපිට හිතන්නවත් අපහසු බොහෝ දේ සැඟවිලා ඇති. ඒ මිනිස්සුන්ගෙ හිතේ හයියට අදත් ලෝකෙ ගරු කරනව. ස්තුතියි මතක් කලාට

    ReplyDelete
  37. ලිපිය වගේම දාලා තිබුණ කමෙන්ට් වලිනුත් නොදත් දේ බොහොමයක් දැන ගත්තා.

    මට මතක් වුණේ සිංහලයන් ඉස්සර ඉඳන්ම ගරිල්ලා සටන් ක්‍රම වලින් පෘතුග්‍රීසි, ලන්දේසි ජාතීන් පරදවපු හැටි.

    ReplyDelete
  38. "ටය්ගර් මොත් යානයක් ඔස්ට්‍රේලියාවෙ පර්ත් වල තාම එයාර් ෂෝ වල එහෙම පියාසර කරනව

    ReplyDelete
  39. හරිම ලස්සනයි අක්කේ. මටත් ඔය පැත්තෙ රවුමක් දාන්න ආසාවක් ඇතිවුණා

    ReplyDelete
  40. @ ලකී

    ඔව් ඒ මිනිස්සු කිසිම තේරුමක් නැතුව නොදන්නා රටක මැරෙන්න වුන එක අපරාධයක් තමයි.

    @ සපතේරු

    ඔය ලෙඩේ වැඩි පිරිමි පක්ෂයට මගේ හිතේ. ප්ලේන් වල පොඩි අනුරු එකතු කරන තරමටම බරපතලද ඔයාගේ තත්වය ත්.

    තව ලැබෙන ලැබෙන විදියට මේගැන ලියන්න ලැබෙයි ඉස්සරහට . ඒකාකාරී වෙද්දී එපාවෙයිද කියලත් හිතුන. ඒත් කියවන්න ආස අය ඉන්න බව ඇහුවම සතුටුයි.

    @ චානක අරුණ

    ඔය ඉන්නේ අපුරු රටක . ආයේ මෙහෙ එන්නේ මක්කටයි . ව්‍යාඝ්‍රයෝ දැක්කේ නම් නැහැ . නැෂනල් පාක් එකකට යන්න බැරි වුනා . සත්තු වත්ත නම් අපේ එකටත් වඩා පොඩියි. සිංගප්පුරුවේ සත්තු වත්ත නම් හරි ෂෝයි නේද .

    මෙහෙ මකරු නම් ඉන්නවා හැම පැත්තේම . තාප්ප උඩ...වහල උඩ.. කණු උඩ ..විවිධාකාර මකරු . හැනොයි වල පරණ නම thang long . ඒ කියන්නේ ''පිබිදෙන මකරා ''

    @ සඳරු

    ලස්සන කියමන . ස්තුතියි මලේ

    @දය්යා ..

    ඇත්තමයි මටත් ඔහොමම හිතුනා . හැම යකඩ කෑල්ලක්ම කතාවක් කියනවා වගේ. ස්තුතියි මේ පැත්තේ ආවට .

    @ විසිතුරු ..

    ඇත්තටම අපේ ඒ ඉතිහාසය ගැන අපි දන්නවා මදි නේද . හැමදාම නිදහස් දවසට පුරන් අප්පු පෙන්නනවා ඇර ඒ සම්බන්ධ මේ වගේ ස්ථාන නැත්තේ ඇයිද මන්දා . මෙයාල මේවා ඇමරිකන් කාරයටම පෙන්නලා සල්ලි හොයනවා . එකයි ලස්සන වැඩේ . ඒ වගේම ඇමරිකන් ආයෝජන වලත් අඩුවක් නැහැ මෙහෙ.

    @ ඔබ්සර්වර්

    ඇත්තටම .හරි හුරුබුහුටි ප්ලේන් පොඩ්ඩ

    @බ්ලොග් ගඩොල්

    එන්න එන්න . සුදුපුසිත් එක්කම

    ReplyDelete
  41. @බින්දි - මම කියවන්න යමක් හොය හොය ඉන්නකොටම තම අක්ක පොස්ට් එක දැම්මෙ. ඔය ලෝක යුද්දෙන් වියට්නාමයට ඇමරිකාව පැරදුනාට මොකද මෙහෙ ඒ ගැන හැදෙන එක චිත්‍රපටයකවත් වියට්නාමය දිනන්නෙ නෑනෙ..:) ඇමරිකාවට මේ පරාජය කොච්චර ලැජ්ජාවක්ද කිව්වොත් එයල දැන් හිතන් ඉන්නෙ එයල දින්න කියල මම හිතන්නෙ.

    ReplyDelete
  42. මගේ නොදුටු මිත්‍රයෙක් ඉන්නවා වියට්නාමේ. ඉතින් ඔහුගෙන් අහගත්ත වියට්නාම් ඉතිහාසයක් මගේ ළඟ තියනවා. ඉතින් මේ ලිපිය මම ආසාවෙන් කියවපු එකක් .. ඇමරිකන් කාරය රිදෙන්නම කනේ පාර කාපු එක තැනක් තමා වියෙට්නාමේ කියන්නේ. එත් උන් ඒක පිළිගන්න කැමතිම නෑ..

    ReplyDelete
  43. ගොඩක් ස්තුති ඔබට දැනුම බෙදාදුන්නට, ඇමරිකාව සතු වැඩිම හෙලිකොප්ටර් ගනනක් විනාශ වුනු එකම යුද්ධය තමයි වියට්නාම් යුද්ධය. මගෙ වියට්නාම් මිතුරන් කියපු විදිහට බෙල් 206/බෙල් 212 හෙලිකොප්ටර් 100 කට වැඩි ප්‍රමානයක් වියට්කොන්ග් හමුදාව බිම හෙලාතියෙනව...

    ReplyDelete
  44. මේ ෆොටෝස් ටිකයි මාතෘකාවයි දැක්කාම මට මතක් වුනේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි බලන්න ගිය වෙලාවේ දැක්ක ගුවන් යානේ සුන්බුන්.

    2 ව්න ලෝක යුද්ධ කාලේ ජපන් නියමුවෙක් හිටිය ගුවන් යානයක් තෙල් පිරිලා තිබුණු තෙල් ටැංකියකට කඩාගෙන වැටිලා. ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ වුණු දේ.

    ඒ වටේම පස් අඟුරු වෙලා කරකුට්ටං වෙලා තියෙන්නේ. ගුවන් යානයේ වීල් දෙක තුනක් විතරයි ඉතුරු....

    නියමුවාගේ සිරුර ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ.....

    ReplyDelete
  45. නියමයි .....
    ඇත්තටම මාර මියුසියම් එකක්නෙ ඒක ....

    ලංකාවෙත් ඉස්සරහට ඔහොම එකක් හැදෙයිද දන්නෙ නැහැ ...

    සෑහෙන්න වැදගත් විස්තර ටිකක් දැන ගත්තා .......

    ReplyDelete