Tuesday 3 January 2012

සිහි කරමි දුකෙන් සහ සතුටෙන්..

 
 
''දහනමයේ   ටිකට් එක ..
කොහෙද  විස්සෙන් ඉතුරු රුපියල ''
ඉස්සර වගේ සටනට
නොයා උන්නෙමි  කට වසාගෙන
 
 
 
කඩුපුල් මල් පිපුන මහ රෑක
යමුයි පන්සල් කී විට
''අපෝ මොන පන්සල්ද මේ රෑ''
නොකීවෙමි පෙරසේ එකටෙක
 
 
 
''කවදාද ආවේ අද හෙටම යන්නද
..මොකෝ මේ කොණ්ඩය කොට වෙලා ''
''රස්සාවක් නැතුව ඉඳගෙන
මක් කරනවද දවල් දවසෙම ''
 
  
 
''දැන් ඔය ඇවිද්දාමදිද
ගම රට ආවොතින් නරකද
හදාගෙන ගේ දොර
පිළිවෙලට ඉන්නේ කවදද ''
 
 
''පෙන්ෂන් ලැබෙන
ආණ්ඩුවේ රස්සාව
නැතිවෙලා යනවට
හැබෑටම දුක නැද්ද ??
 
 
සේරම ප්‍රශ්න පත්තර
කබඩ් වල දමා ලොක් කර
පරිප්පුයි පොතුයි එක්කම
තුනපහ හොඳින් පැක් කර
 
 
ගෙනා බඩු ඔහේ ඇත තැන තැන
කැවිලි විතරක් හෙමින් හිස් වෙන
අච්චාරු බෝතලය මත
තවම අම්මගෙ අතේ සලකුණු ඇත
 
 
''අපොයි අව්වේ සැර..
දාඩිය ඉහ කනින් බේරෙන ''
සිතෙන් සිතු එකත් වැරදිද
ලැබුණි අද මට එයට දඬුවම
 
අඳුරු සීතල මීදුමට බැන බැන
සිහිකරමි දුකෙන් සතුටෙන් 
.......ගෙදර උණුසුම .......   
 
 
 

55 comments:

  1. අනේ දන්නෙම නැතුව ඇවිල්ලත් ගිහිං... නිවාඩුව හොඳ වෙන්ටැ ලංකාවෙ.. සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  2. හ්ම්...හැම වතාවෙම ගිහින් ආවම ටික දවසක් යනකම් හිතට හරිම දුකක්, පාළුවක්, දැනෙනව

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ආපහු ගමට ගිහින් වගේ ,,,,,,,,,,,,
    ඔබට සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!

    ReplyDelete
  5. නිවාඩු ගිහින් ආපු හැමදාම මට හිතෙන්නෙත් ඕන්න ඔහොමයි බින්දි . . .
    මොනවා කරන්නද . . .
    හිත හැදෙන්න මොනවා ලියන්නද?
    ගිය 26 මමත් ආවේ . . තාම හිත එහේ . .

    ReplyDelete
  6. ඔයා ලනකාවෙන් ආවද.ඉතින් ටික දවසක් යනකන් පාලුයි ත;ඇයි හිතට.මොනවා කරනද අපිටත් එහෙම හිතෙනවා..

    ReplyDelete
  7. නොගියත් දුර රටක
    ඉන්නේ ගෙදරින් පිට නොවැ
    අම්මගේ උණුහුමට
    ගුලිවෙන්න සිතේ හැම විට

    කොළඹ ඉන්න මට
    මෙහෙම දැනෙනවානම් පාළුව
    දුර ඈත ඉන්න නුඹලාගේ
    සාංකාව දැනේ හොදටම

    ReplyDelete
  8. ඉක්මනටම ආපහු ඇවිත්...පාළුව යන්නත් එක්ක ආයෙත් ලියමු..

    50 වෙනි ලිපිය නේද ? සුභ පැතුම්

    ReplyDelete
  9. අපූරු කවි පෙළ.....
    මං නම් තාම ජීවිතේට ලංකාවෙන් පිට ගිහින් නැහැ.

    ReplyDelete
  10. අනේ පව් ගෙදර ඉඳන් ආවාම ඔහොම තමයි. අලුත් අවුරුද්දේ දුක්වෙන්ට නරකයි. ඉක්මනට ආවොත් , ඉක්මනට යන්ට පුලුවන්නේ කියලා හිතාගන්ට.

    ඔයාටත්, බනියලෑ අප්පච්චිට, සහ බනියලා දෙන්නාටත් නව වසරට සුබ පැතුම්.!!!

    ReplyDelete
  11. අගයක් නැතේ ඇති කල
    එනමුදු වටී ළග නැති කල
    සතුටත් දුකත් මුසු කල
    මතක ගම රට වටියි හැම කල

    ආයෙමත් ආව එකට නං බොහෝම සන්තෝසයි, මේ පැත්ත පාළුවෙලා කැලේ වැවිලා තිබුනෙ.. නව වසර සැමට සුබ වේවා.!!

    පලි:
    // සේරම ප්‍රශ්න පත්තර
    කබඩ් වල දමා ලොක් කර
    පරිප්පුයි පොතුයි එක්කම
    තුනපහ හොඳින් පැක් කර //

    මේ ටික තමා මං ආසම.. :))

    ReplyDelete
  12. 50හට සුභ පැතුම්..!

    හොරෙන්ම ඇවිත් හොරෙන්ම ගිහිං
    නහයෙන් අඩයි දැන් එහෙ ඉඳං

    ReplyDelete
  13. මමත් තාම ඉන්නේ ඔය මානසික තත්ත්වයෙන් තමා... ඉතුරු දුන්නැති එකනම් ඇත්ත.. ඒත් අව්වනම් සැරයි කියලා හිතුන්නෑ..

    ReplyDelete
  14. මාත් එහෙමයි... ෆට්ට අව්ව.. පාරක යන්න බෑ.. එහෙමයි.

    සුභ පැතුම්!!!

    ReplyDelete
  15. ගියත් අද පැත්තම
    කියන්නම් මම ඇත්තම
    මිල ගණන් දැක්කම
    සිඳුනි ගෙන ගිය සියලු වත්කම

    :)

    මට නම් වැඩියෙන්ම දැනුන වෙනස තමා බඩු මිල උඩ ගිහින් තිබුණු තරම...

    ReplyDelete
  16. ගමේ ඇවිත් වගේ.
    තමන්ගේ අයගෙන් ඈත් වෙලා ඉන්න එක දුකක්.

    ReplyDelete
  17. සුබ පැතුම් අක්කේ

    සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  18. කොහේ හිටියත් ඉතින් ගෙදර තියෙන උණුසුම දැනෙනවනේ.

    ReplyDelete
  19. සුභ නව වසරක් වේවා මුලින්ම..ඉතින් ගෙදර ගිහිල්ලා ආවද..ඒක තමයි පහුගිය දවස් ටිකේ පේන්න හිටියේ නැත්තේ..හැමදාම ගෙදර ගිහිල්ලා ආවම ඉතුරු වෙන්නේ ඔය දුක තමා....තාම ලුනු දෙහි එකක් තියෙනව මගේ අම්ම හදලා දීපු ගිය අගෝස්තුවල එනකොට....

    ReplyDelete
  20. හොරෙන්ම ලංකාවට ඇවිත් ගිහිං නේ .....
    නිකංවත් කතා කලේ නෑ ......

    සුබම සුබ නව වසරක් වේවා ......

    ReplyDelete
  21. සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
  22. ආයෙත් ඇවිත් වගේ. සුභ අළුත් අවුරුද්දක් අක්කා !! අනේ ඉතින් ඔය කවිය නිකන් අපිට ලිව්වවගේ. අපි ඔක්කොම එක බෝට්‍ටුවෙ.

    ReplyDelete
  23. ඔබට සුභ නව වසරක් මුලින්ම පතනවා. ඔබගේ විද්‍යුත් තැපෑලත් දැන් වෙනස් වී ඇතැයි සිතූ නිසා තමයි කලින් ලිපිනයට සුභ පැතුම එව්වේ නැත්තෙත්. මම හිතුවා ඔබ මේ දිනවල ලංකාවට ඇවිත් ඇතැයි කියා බ්ලොග් අවකාශයේ සැරිසරන බවක් නොපෙනුන නිසාත්...

    ReplyDelete
  24. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  25. සමීපතමයන්ගෙන් වෙන් වුනාම දුක දැනෙනවා වැඩියි. මමත් මේ දවස් වල විඳවනවා.

    ReplyDelete
  26. හුගක් අය ඇවිල්ලා ගියාට පස්සෙයි කියන්නෙ... සුබ නව වසරක්!

    ReplyDelete
  27. ලස්සන කවි පෙල...ඇයි රට අතෑරලා ගියේ?

    ReplyDelete
  28. අර බුරා කියපු කෑල්ල තමා මමත් ආසම. හැමදාම ගෙදර ගිහින් ආවම ඔය වගේ තමයි .... :(

    බින්දි ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභ නව වසරක් වේවා!:)

    ReplyDelete
  29. අපි දුකසේ සැප විඳිනවා කියල එක්කෙනෙක් ලියල තිබ්බ.. ඇත්ත.. ගතට සැප ඇතත් හිතට දුක රටින් ඈත්වී ජීවත්වීම..

    ReplyDelete
  30. @ සිහිනයා ..

    ඔබටත් එසේම වේවා

    @ඔබ්සර්වර්

    ඒකනම් ඇත්ත

    @ කවිකාරි ..

    ඔබටත් පවුලේ සැමටත් සුබ වසරක්ම වේවා

    ReplyDelete
  31. @ දුකා

    දුකාට සොඳුරු ත්‍රස්තවාදියාව මතක් වෙනවා නැතැයි. හැබැයි එයා එහෙ සතුටින් නිසා කමක් නැහැ නේද

    @ ඉන්දික

    ඇත්ත තමයි

    @අසරණයා

    ඔයවගේ නමක් දාගත්තෙත් ඒ හන්ද වෙන්න ඇති . කාටත් එහෙම තමයි නේද

    @බට්ටි .

    ඉන්න කල ගෙදර

    මොන වදයක්ද සිතුනට

    ගෙයින් පිට ගිය දින

    නිතර ඒ ගැන දුක් වෙන

    @ලකී ..

    ලියමු ලියමු. වැඩ කීපයක් තියෙනවා හදිසි .ලොකු දේවල් ලියන්න බැහැ..නොලියයිමයි කියන්නත් බැහැ . ඔයා කියන කම් 50 බව දැක්කෙත් නැහැ . ස්තුතියි ලකී . බ්ලොග් නොලියා හිටියත් අපිව දිරිගන්නනවට .

    ReplyDelete
  32. @උදාර ..

    ස්තුතියි උදාර

    @පොඩ්ඩි..

    ඔයාටත් දන්නා කියන සියලුම සත්ව වර්ගයාටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා !!

    @බුරා

    ආයෙත් කවි වාරයක් තියමු නේද . කාලෙකින් කට්ටියගේ කවි හිත් බලන්නත් බැරි වුනානේ . බලමු ළඟදීම

    @මාරයා ..

    කිවොතින් යන බව දකින්නට

    සිහි නැතුව වැටෙනා නිසා

    ගෙදර අය ගැන සිතා දෙවරක්

    නොදීටිමි මම ''මාරයා ''

    ස්තුතියි සුබපැතුමට

    ReplyDelete
  33. @ senna

    කොළඹ අව්ව සැරයිනේ කවදත් . පොඩි කාලේ නම් ඔව්ව ගානක් නැහැ . කුඩයක් ගෙනිහින් පුරුද්දක් තිබුනෙම නැහැ .

    @පැණි දොඩම් ..

    අපේ පැත්තේ පාර ලොකු කරනවා . පාර අයිනේ ගස් සේරම කැපිලා . ඉතින් අව්ව සැරයි..ස්තුතියි දොඩම්

    @සයුරි ..

    මෙහෙත් එහෙමයි නේ . අපිට තවම ලංකාවෙන් ගන්න දේවල් ලාබයි. ගිය පාරට වඩා ගණන් නම් තමයි

    ReplyDelete
  34. සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ...

    සුභ පැතුම් 50ටත්...

    ගෙදර ඇවිත් ගියාම ඔහොම තමා නේද?? බනියා එහෙම ඉන්න නිසා පාලුව ටිකක් හරි අඩු ඇති..

    ReplyDelete
  35. @මධුරංග

    ඔව් මල්ලි මොනවා තිබුනත් තමන්ගේ අය නැතිකම අඩුවක්

    @අයේෂා

    ඔව් අයේෂා

    @ඔබ නොදුටු ලොවක් ..

    මොන කෑමතිබ්බත් අච්චාරු චට්නි බෝතල් ටික හරිම වටිනවා . පුරුදු රසනේ. අම්මගේ අත්ගුනෙත් ඇති නේ

    @ කල්හාර ..

    මගේ ළඟ කාගෙවත් අංක තිබුනේ නැහැ මල්ලි. මන් දීල තිබුන ගෙදර අන්කෙට කතා කරලා කවිකාරි හෙම නම් හමු වුනා . තව කීපදෙනෙක් ඒ මගින් හමු වුනා . විශේෂයෙන් කොහෙවත් යන්න වෙලාවක් තිබුනේ නැහැ . ලැප්ටොප් ඒකත් දාලනේ ගියේ .

    අපි සයිබරයෙන් නිතර හමු වෙනවනේ . සුබ නව වසරක් වේවා

    ReplyDelete
  36. @ Beetle

    එසේම වේවා කුරුමිණි මහතාටත්

    @රෝස කුමාරි ..

    ඔයාටත් බඹර කුමාරයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

    @දිනේෂ් ..

    ස්තුතියි දිනේෂ් . මේල් බැලුවෙත් නැහැනේ පහුගිය දවස්වල . මම අලුත් ;ලිපිනය එවන්නම්

    @මන්තරකාරි

    එසේම වේවා !!

    ReplyDelete
  37. @ සමාධි ...

    ලොව දහම එය නේද සමාධි ..මොනවා කියන්නද මන්දා හිත හැදෙන්න

    @බුද්ධි .

    සුබ නව වසරක් චුටි මහත්තයා ..මැරියන්ටත් එක්කම

    @Gordoniya

    ඇරලම ගියේ නැහැ . රැකියා නිසා ආසාවටත් එක්ක ආව . නරක නැහැ . උපන් රට මතක් වෙන එක තමයි ඉතින් . ආයේ එන්න තමයි ඉන්නේ

    @මුහුදු ..

    ඔයාටත් එහෙම දැනෙනවා ඇති , සුබ නව වසරක් වේවා !

    @සරත් ,,

    සැප වැඩි වුනාමත් දුකලුනේ . මට නම් කියන්න වරදක් නැහැ ඇත්තටම . තමන්ගේ සමාජය නැති වීමේ පාළුව තමයි . සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  38. @නිසුපා ..

    ඔයාටත් සුබ නව වසරක් නිසුපා ..

    අපොයි ඔව් ඒ අතින් නම් මොකෝ ඉතින් ..ඉස්කෝලෙත් නිවාඩු නේ . රෑට කතන්දර කියලම ඉවරයක් නැහැ . පොත් හතරකුත් අරන් ඇඳට එන්නේ බනියා . තව කටින් කතන්දර කියන්නත් ඕනේ . කතා සේරම ඉවරයි . කියපු ඒවා යේ කියන්නත් බැහැ

    ReplyDelete
  39. මමත් මේ පැත්තේ නම් කාලේකින් අක්කෝ... ගෙදර ඉන්නකොට ඒක ඒතරම් ගානක් නැති උනාට ඔයාලා වගේ එහෙම දුර ඉන්න අය ඒ ගැන ලියනකොට හිතට ගොඩාක් ඒකේ වටිනාකම දැනේනවා අක්කෝ....

    පවුලේ හැමදේනාවම ආදරෙන් මතක් කලා කියන්න...

    ආයේ ආපුවහම මුන ගැහැමුකෝ

    සුභ නව වසරක්

    ReplyDelete
  40. ඒකයි එහෙනන් මේ සද්ද නැතිව හිටියෙ..,ටික දවසකින් හරි යාවි වැඩ වැඩිවෙනකොට ආයෙ...

    ReplyDelete
  41. හානේ නොකියම ඇවිත් නොකියම ගිහින් වගේ..

    ReplyDelete
  42. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  43. ලංකාවට යනකන් ඉවසුමක් නෑ...ගිහින් ආවට පස්සේ කරකවලා අතෑරියා වගේ...

    ReplyDelete
  44. @ දේවා..

    ස්තුතියි මල්ලි ..ඔයාටත් සමීපතම යන්ටත් සුබ නව වසරක් වේවායි පතනවා .

    @ චේජනා .

    අප්පේ ඔයාවනේ දැක්ක කල් . බ්ලොග් එකට මක් වුනාද .

    @පිනිබිඳු

    ඔව් නංගි..ගියා ආවා .හරිම කලබලෙන්

    @හිතුවක්කාරී .

    ඔයාටත් එසේම වේවා

    @කැන්ඩියන්

    මාස 12 ඉක්මනින් යයි නේද

    ReplyDelete
  45. සුබ නව වසරක් වේවා පවුලේ හැමටම. ඔයාගේ හමුවීම තවත් සොඳුරු මතකයක් එක් කලා ජීවිතයට. ඉතින් නංගි ඉදිරි ජීවිතය සතුටින් ගෙවේවා! කියල පතනවා. හැම අම්මෙක් ගෙම බලාපොරොත්තුව දරුවන් තමන් ලඟම ඉන්නවා දකින්නයි . ඔයාගෙ අම්මාටත් එහෙම ඇති. ඒ උනාට මල් කුමාරියෝ දෙන්නගෙ අනාගතයත් බලන්නට එපායැ. ජයම වේවා!

    ReplyDelete
  46. ඩිංගිත්තක් ප්‍රමාද උනා මේ පත්තට එන්න . .. .
    සුභ නව වසරක් වේවා . . . . ඔයාල හැමෝටම . . .

    ප.ලි.
    අරුං දෙන්නටත් සුභ නව වසරක් පැතුව කියන්න මතක ඇතුව

    ReplyDelete
  47. ජීවිතේ ගමනක්. එක එක තැන්වල ඇවිදින. පරණ සෙනෙහස රැඳුනු පියසකට දුවගෙන එන්න ආසා වුනත් ඒක හැමදාමත් තාවකාලිකයි. ගමන යන්න බින්දී බැඳුනු සෙනෙහස මිහිරි මතකය ඔලොගුවේ දාගෙන. කටෝර දවසක පාලු කාන්තාරෙක හිමීට එලියට අරගෙන දූවිලි නොගෑවෙන්න පිරිමදින්න ඒ මතක. හැබැයි පස්සෙන්දාට නොවැරදී ගමන පටන් ගන්න.

    එහෙනම් වෙල්කම් බැක්ය. බිස්නස් ඈස් යුසුවල් වේවා. සුබ නව වසරක් හතර දෙනාටම.

    ReplyDelete
  48. බුරා;

    මෙව්වා මෙව්වෙකක් බොට.

    මගෙත් ෆේවා ලයින් ඒක අර කබඩ් ලයින් එක.

    උඹේ කවියට සොරි වෙලා. කෙටි විරිතට ලං වෙලා හැබැයි උඹ එකට පොඩි වෙට්ටුවක් දාලා. අවුරුද්දේ වැඩ අල්ලන්නත් එක්ක මෙන්න මං හැදුවා ඇද ටික. කෙටි විරිත 9-11-9-14 මාත්‍රා වලින් ඕකී?

    උඹ:
    අගයක් නැතේ ඇති කල
    එනමුදු වටී ළග නැති කල
    සතුටත් දුකත් මුසු කල
    මතක ගම රට වටියි හැම කල

    මම:
    අගය නැහැ ඇති කල
    එනමුදු වටියි නැති කල
    සතුට දුක මුසු කල
    මතක ගම රට වටියි හැම කල

    ReplyDelete
  49. එළස්.. ඕකනෙ බං මං කියන්නෙ මට නිසඳැස් හදාගන්න බෑ කියලා හරියකට.. සඳැසට ජය වේවා.!!

    පලි: විභාග වැඩ අහවරය.!? හිත නිදහස්ය.!?

    ReplyDelete
  50. කොහෙද යකෝ ඕක නිසඳැස් වෙන්නේ? කෙටි විරිත චන්දසක්

    ReplyDelete
  51. අම්මප හැබෑ නේන්නං.. ගනං ගන්ට එපාය, මේ දවස්සොල ටිකාක් මඤ්ඤංය.. :D

    ReplyDelete
  52. [[විභාග වැඩ අහවරය.!? හිත නිදහස්ය.!? ]]

    නැහැ බං එකතු කරපු ඇන මිටිය තියෙනවා රිපීට් ලියන්න. ඇයි ප්‍රොජෙක්ට් එක.

    හිත නම් නිදහස්. ඒත්වෙලාව තමයි නැත්තේ

    ReplyDelete
  53. ''දැන් ඔය ඇවිද්දාමදිද
    ගම රට ආවොතින් නරකද
    හදාගෙන ගේ දොර
    පිළිවෙලට ඉන්නේ කවදද ''


    ''පෙන්ෂන් ලැබෙන
    ආණ්ඩුවේ රස්සාව
    නැතිවෙලා යනවට
    හැබෑටම දුක නැද්ද ??

    ඔන්න ඔය කෑලි දෙකට නම් අපිටත් උත්තර දීලා ඇතිවෙලා තියෙන්නෙ. සමහරු ඔය මාතෘකාවට එනවා වගෙ දැනෙනෙකොට අපි පීලි මාරු කරනවා.

    නියම නිර්මාණයක්!!

    henryblogwalker the Dude

    ReplyDelete
  54. ඔබටත් සියලු දෙනාටමත් සුභ අලුත් අවුරුදක් වේවා ..! සිතුම් පැතුම් එටු වේවා ..! මමත් මේ අවුරුදේ වියට්නාමෙට එනවා...මගේ වියට් යාලුවෝ බලන්න...

    ReplyDelete