Wednesday 18 January 2012

කාප් මසෙකු පිට නැගී ..දෙවියන් දෙව්ලොව යති

සිතල මිදුම මකමින් විටින් විට අව් රැල්ලක්  වැටෙයි. පාරවල් අවහිර වී ඇත්තේ වෙනදාට වඩා දෙතුන් ගුණයක් රථ වාහන සහ පදිකයින්ගෙන් පිරි ඇති නිසාය . පාර දෙපස බොන්සායි පිච් පැල සහ විසල් පිච් අතු ගැනුම් කරුවන් එනතෙක් කල් මරන්නේ නොපිපුණු කැකුළු මල් සිය ගණනක් සමගය . බක් මහේ අවුරුදු නැකතට අපි පෙරුම් පුරන්නා සේ මොවුන් අවුරුදු පිළිගන්නට මහා කලබලයකි .



TET ලෙස වියට්නාමයේදී සැමරෙන්නේ නැගනහිර ආසියාවේ අලුත් අවුරුද්ද එනම් , නැතහොත් Lunar New Year නම් වෙන චීන අලුත් අවුරුද්දයි . එක් එක් රටවලදී ඒ ඒ සංස්කෘතීන්ට අනුගතව මෙම නව වසර සැමරේ . යම් යම් සුළු වෙනස්කම් තිබුනද සියලු අලුත් අවුරුදු උත්සවයන්ගේ මුලික හරය එක බව පෙනේ . ඒකාකාරී ජීවිතය යම් විදියකින් අලුත් කර ගැනීමට මෙම සංකල්පයන් ඇති වන්නට ඇත .



සියලු  දේ එක් කල විට මට නම් පෙනෙන්නේ අහසට පොළවට , සහ සමස්ථ සොබා මවට කළගුණ සැලකීම සහ එළඹෙන වසන්තයට නැවුම් සිතකින් පිවිසීම සියල්ලන්ගේම පැතුම බවයි  


අපි අලුත් අවුරුද්දේදී ලිප සහ ගින්දර ගැන වැඩි අවධානයක් ඇතිවාක් මෙන්ම වියට්නාම ජාතිකයින්ගේ අවුරුද්දද ලිප හා සබැඳේ . සෑම ගෙදරකම ලිප අද්දර දෙවිකෙනෙක් වාසය කරන බවත් අවුරුදු ඇරඹුමත් සමගම ඔහු කාර්ප් මාළුවෙකු පිට නැගී දෙව්ලොව ගොස් දෙව් රජුට ගෙදර උදවියගේ හැසිරීම වාර්තා කරන බවත් මොවුන්ගේ විශ්වාසයයි .


ගිනි දෙව් තුමා දෙව්ලොව යාමේදී ඔහු සතුටු කිරීමට පුද පුජා කරන අතරම කාප් මසෙකු වතුරට මුදා හරින්නේ ගමන පහසු කිරීමටයි . මේ සිරිතට නම් සිදුව ඇත්තේ අපේ කුරුල්ලන් නිදහස් කිරීම වැනිම ආනිසංසයකි.  කඩිමුඩියේ මොටර්සයිකලයෙන් යනගමන්ම ප්ලාස්ටික් බෑගය පිටින්ම පාලමකින් ගඟට විසිවෙන අසරණ කාප් මාළුන් පාලම යට සිටින වෙළෙන්දන් අතින් යලි යලි  විකිණෙන බව අද පුවත්පතෙක දුටිමි .


සෑම ගෙදරකටම  අවුරුදු මල් ගසක් හෝ අත්තක් අනිවාර්යයෙන්ම රැගෙන යයි . මේ අවුරුදු මල උතුරේදී රෝස පැහැ පිච් මල වන අතර දකුණේදී කහ පාට ඇෆ්රිකොට් මලවේ.
දෙවර්ගයම ඉතාම අලංකාර මල්ය.  උතුරේ මේ දිනවල ඇති සිසිල් කාලගුණයට රෝස පැහැ පිච් මල මැනවින් ගැලපේ . දකුණේ උණුසුමට තද කහ ඇෆ්රිකොට් මල සේමය .






එළඹෙන්නේ මකර වර්ෂය නිසා ඩ්‍රැගන් ෆ්රුට් පැළද විකුණන්නට තබා තිබිණි .


පින්තුර සියල්ල ගුගල් අනුග්‍රහයෙන්
මල් වලට අමතරව කහ පැහැති කුඩා මැන්ඩරින් [Kumquat ] පැළද ගෙදරක අනිවාර්ය අංගයක් වේ .
. මේ දොඩම් වාරය වුවද ලස්සනට පුංචි පැළවල මේ ලෙස ගෙඩි ඉදෙන්නට නම් අනිවාර්යයෙන් ම  අධික රසායන වර්ග යොදන නිසා බවත් කිසිසේත්ම කෑමට ගත නොහැක . එසේ නොවිණි නම් අපේ නිවස පහල තබා ඇති ගස් දෙක හින්දවන්නට අපි හතර දෙනා හොඳටම ඇති වග නම් කිව යුතුය .
අවුරුදු සිරිත් අතර පලතුරු සහ නොයෙකුත් කෑම වර්ග පුදසුනක තැබීම, විවිධ කැටයම් මොස්තරයන්ගෙන් ගෙවල් සැරසීම පන්සල් ආශ්‍රිත පින්කම් පැවැත්වීම මෙන්ම අපි මෙන්ම දෙමාපියන් බැලීමට ගම රටවල යාම , තෑගි හුවමාරුව සහ පළමුකොටම ගෙදරට එන අමුත්තා වැදගත් කොට සැලකීම කැපී පෙනේ . හරියට අපේ ගනු දෙනු කරන්නා වගේමය .



නොයෙකුත් කෑම අතර Banh  chung  ඉතා විශේෂය . ඇලෙන සහල් [ sticky rice ] මැදට ඌරුමස් සහ මුන් ඇට දමා කොළ වර්ගයක [ මෙය කැනාස් වැනි ගසකි ] කල්තබාගත හැකි ලෙස සාදන සතරැස් හැඩයේ කෑම වර්ගයකි . [මා නම් තවම කන්නට සිතා නැති බව කිව යුතුය ]

මෙවර අවුරුද්ද මකරාගේ අවුරුද්දයි . මේ වසරේ උපදින දරුවන් ට හොඳ කලක් යන වගට ඇති විශ්වාසය නිසා දරුවන් ලැබෙන්නට ඉන්න අම්මලා මේ දිනවල බහුලය . මෙය කෙතරම් තදින් විශ්වාස කරනවාද කිවතොත් මගේ මැලේසියන් මිතුරියක කි පරිදි මෙවැනි අවුරුද්දක උපන් ඇගේ සොයුරිය පාසල් ගිය වසරේදී එරට පාසල් වල පන්ති ගණන වැඩිකරන්නට සිදුවී ඇත .


පින්තුර සියල්ල ගුගල් අනුග්‍රහයෙන්

25 comments:

  1. අද ගොඩාක් ඊමේල් ආවා හඳ අවුරුදු නිවාඩු කියලා නැගෙනහිර ආසියාවේ ඔෆිස් වලින් වලින් .එතකොට හිතුනා නෙලුම් විලේ හඳ අවුරුදු ගැන ලියාවි කියලා . ඇවිත් බැලුවම පෝස්ට් එකක් තියෙනවා .සතුටුයි .ඒත් කලබලෙන් වගේ ලියලා තීන්නේ .වෙනදට වඩා රසේ පොඩි අඩුවක් දැනෙනවා .කමක් නෑ ඉතුරු හරිය හඳ කමිටුවේ ඉන්න මාමලා ටික ලියාවිනේ .බින්දි ඔන්න ඔහේ විවේකෙන් ඉන්න හි හී

    ReplyDelete
    Replies
    1. හඳ කමිටුවේ මාමලා මේ දවස්සොල නිවාඩු.. හුහ්! බලාන ඉන්න එයාලා ඉතුරු හරිය ලියනකං.. :p

      Delete
  2. මකරගේ අවුරුද්ද තාම ලැබුවා විතරයිනේ...ට්‍රයි එකක් දාලා බලන්න..තව ජූනියර් බින්දු/බින්දි යෙක්ට...

    ReplyDelete
  3. නැගෙනහිර ආසියාවේ ප්‍රධාන තැනක් ගන්න චීන අලුත් අවුරුද්ද ගැන නොදන්න බොහෝ දේවල් මේ පොස්ට් එකෙන් දැන ගත්තා. බොහෝමත්ම ස්තුතියි බින්දි.

    ReplyDelete
  4. ඇති යන්තම්.. කාලෙකින් ලිපියක්...

    එහෙනම් කට්ටියටම සුබ අළුත් අව්රුද්දක් කිව්වා..

    ( හැබෑටම ඔය බන්ඩාරගෙ අදහසත් නරකම නෑ.. )

    ReplyDelete
  5. //අසරණ කාප් මාළුන් පාලම යට සිටින වෙළෙන්දන් අතින් යලි යලි විකිණෙන බව අද පුවත්පතෙක දුටිමි//

    අපේ පන්සල් වල අටපිරිකර විකිනෙනව වගේ වෙන්නැති

    ReplyDelete
    Replies
    1. හා, හා සෑර් එහෙම කියන්ට එපා. ඒකට කියන්නෙ කාප්/අටපිරිකර රීසයිකල් කිරීම කියල නොවැ. සයිඩ් එකෙන් කොමෙන්ට් දාන අපේ කකුල් වලින් අහන්න කැමතියි, කට බැඳපු පොලිතින් එක පිටින් අපිව ගඟට අතෑරියාම, අපි හුස්ම ගන්නෙ "අහවල්" එකෙන්ද කියලා?

      - කාප් මාළුවෙක් -

      Delete
  6. //සෑම ගෙදරකම ලිප අද්දර දෙවිකෙනෙක් වාසය කරන බවත් අවුරුදු ඇරඹුමත් සමගම ඔහු කාර්ප් මාළුවෙකු පිට නැගී දෙව්ලොව ගොස් දෙව් රජුට ගෙදර උදවියගේ හැසිරීම වාර්තා කරන බවත් මොවුන්ගේ විශ්වාසයයි .//

    පොඩ්ඩිගේ ගෙදර ලිප අද්දර දෙවියෙක් හිටියොත් එයාට ඉක්මනින්ම එපාවෙලා දිව්‍ය ලෝකෙට යයි...:D
    ගොඩාක් සතුටුයි කාලෙකින් ආවට.
    සුබ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං උන්දැත් අර ක්‍රිෂ්ණ දෙයියො වගේ අඩු වයසෙම්ම රිටයර් වෙයි, හැමදාමත් රොස් පරිප්පු විතරයිය කියලා.. :p

      Delete
  7. මරු අවරුදු චාරිත්‍ර ටිකක්නෙ තියෙන්නෙ .....

    "මෙවර අවුරුද්ද මකරාගේ අවුරුද්දයි . මේ වසරේ උපදින දරුවන් ට හොඳ කලක් යන වගට ඇති විශ්වාසය නිසා දරුවන් ලැබෙන්නට ඉන්න අම්මලා මේ දිනවල බහුලය . මෙය කෙතරම් තදින් විශ්වාස කරනවාද කිවතොත් මගේ මැලේසියන් මිතුරියක කි පරිදි මෙවැනි අවුරුද්දක උපන් ඇගේ සොයුරිය පාසල් ගිය වසරේදී එරට පාසල් වල පන්ති ගණන වැඩිකරන්නට සිදුවී ඇත"

    වෙලාවට අපේ රටේ ඔහොම මතයක් තිබුන් නැත්තෙ..........
    තිබුනනං බලන්ඩ තිබ්බ වෙන වැඩේ.....

    "අපේ නිවස පහල තබා ඇති ගස් දෙක හින්දවන්නට අපි හතර දෙනා හොඳටම ඇති වග නම් කිව යුතුය"

    ඔය පැත්තෙ අනික් කන්ඩ පුළුවන් ගස් වල වැඩි කල් ගෙඩි තියෙන්නෙ නැතුව ඇති.....

    "කඩිමුඩියේ මොටර්සයිකලයෙන් යනගමන්ම ප්ලාස්ටික් බෑගය පිටින්ම පාලමකින් ගඟට විසිවෙන අසරණ කාප් මාළුන් පාලම යට සිටින වෙළෙන්දන් අතින් යලි යලි විකිණෙන බව අද පුවත්පතෙක දුටිමි"

    පවු අනේ .....දෙවුලොව යවන්ඩ හදන්නෙ,හැබැයි යන්ඩ වෙලා තියෙන්නෙ පරලොව...අවාසනාවන්ත කාප් මාළුන් වෙනුවෙන් මගේ ශෝකය!!!!!!!!!!

    ඇත්තටම පොස්ට් එක එලම තමා .....
    නොදන්න දෙයක් දැන ගත්ත...
    එක් එක් රටවලට ආවේනික චාරිත්‍ර,පුරුදු,ඇවතුම් පැවතුම් වගේ දේවල් කොච්චර රසවත්ද..........

    ඔන්න එහෙනම් ඔයාටත් සුබ නව වසරක් වේවා!!!!!!

    ReplyDelete
  8. මමත් ආසයි මෙවැනි කථා වලට. තවත් ජනකථා අපට ලබා දෙන්න. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  9. ලංකාවේ වගේම තමා, ලංකාවෙත් එක පරවියෙක් කී පරක් විකුණනවද නිදහස් කරන්න කියලා .....
    වටිනා කියන ලිපියක් .......

    ReplyDelete
  10. මටත් ඕන මාලුවෙක්ගෙ පිටේ නැගලා යන්න. හැබැයි මුදේ නම් බෑ.

    ReplyDelete
  11. අපේ ලිප ගාවත් දෙවියෙක් ඉන්නවද දන්නැ.... හපොයි එහෙම උනොත් ඔක්කොම ‍හොර එලිවෙනවා....

    ඔය ඉන්න රට ගැන මට තොරතුරු දැනගන්න ආසාවකුත් තියෙනවා. රම්බෝ ඔහෙට ඇවිල්ලා නේද සේට්ටම නෙලලා ගියෙ කාලෙක‍ට කලින්....

    විස්තර ටික වටිනවා. කොහොමත් මේවගේ තොරතුරු කියවන්න මම හරි කැමතියි......

    ReplyDelete
  12. මම අදමයි මේ චීන අවුරුද්ද ගැන දැනගත්තෙ. හරිම වටිනවා. නොදන්න කරුණූ හුඟාක් දැනගත්තා.. ස්තූථියි!!!

    ReplyDelete
  13. @ටි ජි ...සහතික ඇත්ත . කලබලේට තමයි ලිව්වේ . වැඩ වැඩි කමයි සීතලට එන කම්මැලි කමයි ගමන් බිමන් වැඩිකමයි තමයි වරද කාරයෝ . කලකින් හොඳ දෙයක් ලියන්න බැරි වුනා . මේ නිවාඩුවෙන් පස්සේ වත් බලමු. පහුගිය ටිකේ බ්ලොග් බැලුවෙත් නැහැ . මෙයට ඇඳුන කතන්දර ගොඩක් තියෙනවා . ඉක්මනින් ලියන්නම් .

    @ බුරා
    අපොයි ඔව් සේරම බිසී වගේ . එක මාමෙක් නම් හමු වුනා ලංකාවේදී .
    @ගල් මල් .
    ස්තුතියි ඩීන් අය්යා..
    @ඔබ නොදුටු ලොවක් ..
    අනේ දෙය්යනේ ..බනියා කියන්නේ තුන් දෙනෙක් විතර එකතු කලාම තරමේ චරිතයක් . මට නම් මේ ඇති . ඉඩ කඩ ඇති අය නරකද ඒ ගැන හිතුවොත්

    @senna ..
    ඔබටත් එසේම වේවා ...බණ්ඩාරගේ අදහස ...D.අපෝ බැහැ
    @ඔබ්සර්වර් ..
    අන්න හරි එක තමයි හොඳින්ම ගැලපෙන්නේ . ඔබා මාමට කමෙන්ට් වලට වුන අලකලංචිය හුඟක් අයට වෙලානේ . බොහොම ස්තුතියි මේ ගැන වහාම ක්‍රියාත්මක වුනාට . හැබැයි ඒ ටික කියවල බලන්න නම් දැනට මට විවේකය නැහැ
    @පොඩි
    අපේ ලිප් ගාව හිටියොත් චාස් චාස් ගාල තෙල් විසිවෙලා , මිරිස් සැරට කිඹුහුම් ගිහින් ..මට නම් හිතා ගන්න බැහැ දෙය්යනේ . හැබැයි ඉතින් මුන්දල කන එව්වා බල බලත් ඉන්නවා නම් එව්වා මොනවද .
    @දමිත් ..

    බොහොම ස්තුතියි දමිත් . අය්යෝ මේ ළඟ පාතක ගෙඩියක් කන්න පුළුවන් ගහක් නැහැනේ . මාළු නම් පව් තමයි . එක අතකට ඌ ඌරෙක් නොවී මාලුවෙක් වුන එක ගැන සතුටු ඇති .

    @මහා වේදනා
    ස්තුතියි දිරි ගැන්වීමට ..පරණ ලිපි දෙකතුනකත් කතන්දර තියෙනවා

    @කල්හාර ..
    එක අතකට නොමරා ඔය වගේ ටික කලක් ජිවත් වෙන එක උන්ට හොඳ ඇති

    @ සමාධි ..
    එහෙනම් ඔයාට ගිනි දෙවියෙක් වෙන්න තමයි තියෙන්නේ
    @ බුද්ධි ..
    හා හා මොනවද ගෙදර වෙන හොර වැඩ . ඔයා මේ පැත්තේ එන්න . ඇයි ප්ලැටුන් බැලුවේ නැද්ද . එකේ තියෙන්නේ නෙලන්න ඇවිත් කාලා ගිය හැටි . පරණ ලිපි ගොඩක් තියෙනවා වියට්නාමේ ගැන . කොටින්ම 75 % කම වගේ ලිපි මෙහෙ ගැන තමයි . නිවාඩු ඇති විටක කියවන්න . තව මෙහෙ එනවා නම් ඕන උදව්වක් කරන්නම්

    @හිතුවක්කාරී
    ස්තුතියි හිතුවක්කාරී

    ReplyDelete
  14. බුදුඅම්මෝ ඒ පිරිල තියෙන්නෙ ඇත්ත දොඩම් ද.. පැණි දොඩම්ද????

    ReplyDelete
  15. oyage blog eka niyamai.mama parana post kiyavala ennam.

    ReplyDelete
  16. අකුරු ඇමිණු මම Bindi at කියල තියෙන තැනට වෙලාව දාන්න, ඩේට් එක උඩම තියෙනවනෙ කොහොමත්, අනික at කියන එකට ගැලපෙන්නෙ ඩේට් එක නෙමේ වෙලාවනෙ

    ReplyDelete
  17. හෝ චි මින් වලදී මමත් දැක්ක මිනිස්සු දෙන්නෙක් පාලම යට මඩේ බැහැගෙන මාළු අල්ලනවා. මම එත් කල්පනා කල මෙච්චර අලි ගඟක් තියෙද්දී මේ මොකද කියලා.

    ReplyDelete
  18. Banh chung කියන්නෙ මගෙ ප්‍රියතම කෑමක්. පුලුවං නං හදන හැටි හොයාගෙන රෙසපිය දාන්නකො. ඔය කෑම එක චීනෙ හදන්නෙ රටකජුත් දාල

    ReplyDelete
  19. බොහෝ දිනකින් පසුවයි මේ පැත්තේ ආවේ. 'Better Late than Not ' කියනවනේ. පහුගිය ටිකේ නාවට තරහ වෙන්න එපා. බ්ලොග් කියවන්න එකලාසයක් තිබුනේ නැහැ.

    චීන අව්රුද්ද හරි අපූරුවට සමරන බව මමත් අහල තියෙනවා. අලුත් විස්තර බොහොමයක් දැනගත්ත. ලිප ගාව දෙයියෙක් ඉන්න වග ඇහුවමයි.

    ReplyDelete
  20. මට මේ ටිකේම චීන අවුරුද්දට සුබ පැතුම් යවන්න වෙලා මේ පොස්ට් බලන්න බැරි උනා. අපි බඩු ගෙන්වන අයට සුබ පතන්නම ඕනෙ නේ. ගොඩක් විස්තර දැනගත්තා අද මකරාගේ අවුරුද්ද ගැන. මල්ලී ,මේ දිනවල Hong -Kong එයා කීවා ජීවිතේ දැකපු ලස්සනම මල් වෙඩි වරුසා දැක්කා කියලා.ස්තූතියි බින්දි නංගී.

    ReplyDelete
  21. @ පැණි දොඩම්
    ඇත්තම දොඩම් . පුංචි ගෙඩි නාරං කියත හැකි . මෙහෙ රස පැණි දොඩම් හෙමත් තියෙනවා

    @වර්ෂා
    ස්තුතියි වර්ෂා

    @ඔබ්සර්වර්

    ඔන්න බලන්න අපේනේ ඇස් නොපෙනෙන්නේ . මන් එක හැදුවා . බොහොම ස්තුතියි

    @සරත්

    අපොයි මෙයාල ඕන මඩ වලක මාළු බානවා . මඩේ ඉන්නවා නේද ටිකක් ගොඩට එන්න පුළුවන් මාළු ජාතියක් . ඔයා දැක්කේ ටෙට් කාලේ නම් ෂුවර් එකටම කාප්ල අල්ලනවා ඇති

    @ඕනයා
    සරල රෙසිපියක් සොයල දාන්න බලන්නම් .

    @පොත් ගුල්ල
    මොකට තරහ වෙනවද . මාත් සමහර විට සති ගණන් කියවන්නේ නැහැ . පොත් වලට ගොඩක් ස්තුතියි . වැඩ කටයුතු ඉවර වුනාම පුරුදු පරිදි ලියන්න

    @ චන්දී..

    ඔව් අක්කේ අවුරුද්ද පටන් ගන්නේ මල් වෙඩි වලින්ලු . හැබැයි මන් දැකල නැහැ . අක්කට ගොඩක් ස්තුතියි තෑගී වලට . අපිට මුණු පොතත් තහනම් මේ දිනවල . කාවවත් දකින්න නැහැ .

    ReplyDelete
  22. රට රටවල තියෙන අවුරුදු සිරිත් විරිත් හරි අමුතුයිනේ. ඒ රටවල්වල මිනිස්සුන්ට අපි කරන සිරිත් විරිත් කිවාම ඉතින් ඒකත් අමුතු වගේ ඇති.

    ReplyDelete