Sunday 29 January 2012

හංසයින්ගේ නගරයේ හංස යුවලක් සමග




චීන නව වසර ගෙවෙන්නේ සතියක්ම නගරය පාළුවට ඇද දමමින්ය . සිංහල අවුරුද්දේ කොළඹ නගරයට උරුම වෙන හුදකලා බව සේමය . වසා දැමුණ කඩ සාප්පු අවන්හල් අතර අතරමන් වීමට වඩා බොහෝ  විදේශිකයින් නගරයෙන් පලා යාම තෝරා ගනිති. අපට ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාවක් ලැබුන අතර අපේ හිතවත් ඔබා මාමා නිසා අපට මේ ගමන නියමම නිවාඩුවක් විය .

බ්ලොග් ලිවීමෙන් පමණක් අඳුනා ගත් පමණින් ගෙදර නවතා ගෙන සියලු ආගන්තුක සත්කාර කිරීමට තරම් විසල් හදවතක් ඇති ඔබා මාමාට සහ ඔබා නැන්දාට මගේත් බනිලගේ තාත්තගෙත් ලොක්කිගේ සහ බනිගේත් අපමණ ආදර ස්තුතිය හිමිවේ.

මේ බටහිර ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සමයයි . එහෙත් එම රස්නය අපට වැඩිපුර නොදැනුනේ ඔබා මාමගේ සහ නැන්දා ගේ කරුණාවත් ප්‍රිය සමාගමයත් නිසා බව කිව යුතුමය .

දරුවන් දිග තල දී නිස්කලංකව හිඳිනා ඒ යුවලගේ නිවසට කුණාටුවක් මෙන් කඩා වැදී අපේ ගෙදර වගේම කරගන්නට අපේ ලොක්කි සහ බනියා සමත් වූ අතර විශේෂයෙන් බනිගේ ඉල්ලීම් වර්ජන නැන්දයි මාමයි මැදහත් සිතින් ඉවසූ එකම පුදුමයකි .

කලකින් ගෙවූ හොඳම නිවාඩුව මෙය බවත් එහි තතු කියන්නට පෙර ඔවුන් දෙපලට මගේ ස්තුතිය පුදකරන අතර දිර්ගායු ලැබ නිදුක් නිරෝගිව මේ වගේම සතුටෙන් සමගියෙන් තව කල් ගෙවන්නට වාසනාව ලැබෙන්නත් පතමි .


මැහුමින් ගෙතුමින්ද හොඳ නිමවුම් කරන
බණ බාවනාවෙන් කවියෙන් සිත නිවන
ඉවසීමෙන් මාමගෙ දුක සැප         බලන
නැන්දා තමයි ඒ ගෙදරට මිණි        පහන

..වයසට ගොහින් නැහැ තාමත් හිත තරුණ
නිතරම සිනාවෙන් දවසම කල්          අරින
මල්ලක් කතා ඇති එක් කරගෙන     පරණ
මාමා .''....'' යයි ගෙදරට නම්              දරන

වයසට ගියහම මෙන්න මේ වගේ ඉන්න ඕනේ කියල තමයි මගේ අදහස .


ලියන්න දේවල් ගොඩක් තිබුනත් අනවශ්‍ය විදියට පුද්ගලික තොරතුරු එලි කරන්න හොඳ නැති හන්ද වැඩිය මොකුත් නොලිය ඉන්න තීරණය කළා . ඒ වුනත් විශේෂ සිදුවීම් කීපයක් නම් තියෙනවා වෙනම ලියන්න ඕන පසුවට .


නගරයේ විසිතුරු ඊළඟ කොටසින් ගෙන එන්න බලාපොරොත්තුව . ඕස්ට්‍රේලියාවේ බ්ලොග් ලියන අය ගොඩක් හිටියට දන්නා තරමින් එහි ඉතිහාසෙත් අනෙකුත් තොරතුරුත් ලියවුන බවක් මම දැක නැහැ . ඔබා මාමගේ උදවුත් අරගෙන මා දුටු දේවලින් සහ තව යමක් අලුතින් කියවල හෙට දිහාට ඒ ගැන කතා කරන්නම් .

58 comments:

  1. හංස යුවලක් කිව්වම පැනල ආවෙ කඩු ෆයිට් ඔක්කොම බලන්න...ම්හු....

    ReplyDelete
    Replies
    1. රුපියල් පා කේවා.. :D

      Delete
    2. අහුවෙන්න එපා ස්ලේව් අයිලන්ඩ් පැත්තෙ...ඔසී ගියා වගේ නෙමෙයි...හුහ් :))

      Delete
  2. අප්පච්චියේ . . .හොඳ නිවාඩුවක් ගත කරලා වගේ . . .හරිම සතුටුයි . . .

    අපේ ඔබා මාමට පොඩි මඩ ටිකක් එහෙම ගාල පෝස්ට් එකක් ලියන්නකෝ නිවාඩුවේ . ..

    ReplyDelete
  3. බින්දි එක්ක කතා කරාට ගමුවෙන්න බරි උනානේ. කොහෙද මම කතා කරද්දි ඔයා ආපහු ගිහින් ද කොහෙද... අනික ඉතින් මම නිවාඩු ආවම තමයි වැඩියම බිසි කොහේ අල්ලන්නද මාව. සමා වෙන්න ඒ ගැන.

    ඔබා මාමා නැන්ද ලංකාවේ කතාවක්නේ මම දැනන් උන්නේ. සතුටුයි මේ වගේ මිනිස්සු ඉන්න එක ගැන.
    පස්සේ වෙලාවක ආපහු එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ආ ඒකට කමක් නැහැ . මටත් හරි වැඩ තිබුනා . බ්ලොග් අවකාශයේ නිතර හමු වෙනවනේ අපි

      Delete
  4. @ ඉන්දික හංසයෝ රණ්ඩු වෙනවද මෙයා . මන් උන්නේ සමගියෙන් ඉන්නවයි කියලනේ .


    @ දුකා
    නියමයි කියන්නේ හරිම විනෝදෙන් ගත කල නිවාඩුවක් . අපෝ අච්චර හොඳට සලකපු මනුස්සයට මඩ ගහන්න පුලුවන්ද .

    ReplyDelete
    Replies
    1. හය්යො සල්ලි බින්දි! රණ හන්සයො, පුන් කුඹු වගේ වචන ඇහුවම මට මතක් වෙන්නෙ අර කවි සීන්නෙ. ඒකයි කිව්වෙ.
      ඔබා-ම ට මඩ ගහන්න යනව කියන්නෙ කනාමැඳිරින්ගෙ ලයිට් හයිකරන්න යනව වගේ වැඩක්!

      Delete
  5. ඒත් බැලුවා මොකද මේ නෙළුම් විලේ මල් පිපෙන් නැත්තේ කියලා. ඔබා මාමා එළ පොරක්නෙ....

    එහෙනම් ඕස්ට්‍රේලියාවේ වරුනෙත් ටිකක් දාන්ඩකො, අපිට කියවන්ඩ..

    ReplyDelete
  6. හරි සෝක් මරු...

    ReplyDelete
  7. මැලිබන් හන්දිය පැත්තේ ආවේ නැද්ද ඕගොල්ලෝ? :D

    ReplyDelete
  8. හොඳා හොඳා ආයෙත් ඉතිං ලියන්ට පටන් ගමු ඕස්ට්‍රේලියාවෙන්ම. අනෙක මම නොදැකපු රටක්. ආසයි ඔබා හා ඔබී ගැන අහන්ටත්. මමයි ඇදුරුතුමයි බලං ඉන්නෙ කට්ටිය අවුරුද්දට එනකං. අපේ ඇදුරු ඔබා ෆෑන් වෙලා. ඔක්කොම ඔබාගෙ පොස්ට් කියවනවා. එයා ස්ට්‍රෙස් රිලීස් කරගන්ට ඔබාගෙ කතා බලනව.

    ReplyDelete
    Replies
    1. ඔබා ලොක්කගෙ කතා බලද්දි මටනං ස්ට්‍රෙස් වැඩි වෙනව

      Delete
    2. මාත් මේ කියන්න හැදුවෙ.
      henryblogwalker the Dude

      Delete
  9. @ බින්දි,

    අන්න හරි බින්දි, ලියන්න කැංගරු දේසේ ඉතිහාසේ......එංගලන්තෙ ඉන්න තරමක් හොරු, මංකොල්ලකාරයො...මිනීමරුවො ගෙනල්ලනෙ මුලිම්ම ඔහෙ පදිංචි කලාය කියන්නෙ........

    @ ඔබා අයියෙ, මට නම් අයිය වෙන්නෙ උන්දෑ...හෙහ්, හෙහ්, ඔන්න මමත් එනව උඹැහෙගෙ ආගන්තුක සත්කාර විඳින්න.....වෙන මොහොකටවත් එහෙම නෙවෙයි....මේ බින්දි කියන්නෙ ඇත්තදෙයි බලන්න.......

    ReplyDelete
  10. ඔබා අයියා උන්දැගෙ අර සුප්‍රසිද්ධ stir-fry එක එහෙම හදලා දුන්නෙ නැත..?? :)

    ReplyDelete
  11. බින්දි නංගි නිවාඩුව සතුටින් ගෙව්ව එක ගැන සතුටුයි. ඔබා අයියා වගේ අය ලෝකෙ හරිම විරලයි කියලයි මට හිතෙන්නෙ. ඒ වගේ අය අපිට ලංවෙන්නෙත් පෙර පිනකට. ඒ දෙන්නාටත් ජීවිතේ සැදෑ සමය සතුටින් සොම්නසින් ගෙවේවා ! කියල පතන ගමන්ම ඔයාලටත් සුබ අනාගතයක් පතනවා සෙනෙහසින්.

    ReplyDelete
  12. ඔයාලද එතකොට මේ ඔබා මාමව බිසී කළේ පහුගිය දොහේ.... රස්නෙට මූදෙ පනින්න හිතුන්නැද්ද.... අවුරුද්දෙම තියෙන රස්නෙම දවස් ටිකේනෙ ඇවිත් තියෙන්නෙ.... ලබන සතියෙත් ඕං 42කේ වටයක් යනවලු.....

    ReplyDelete
    Replies
    1. 42 යි කිව්වේ උෂ්ණත්වයද.. ? අපිටනම් ඉතින් සමර් එකේ පනහටත් කිට්ටු කරනවා.. මාර සැපක් එතකොට තියෙන්නෙ... මේ කාලෙනම් ෆුල් ගති..

      Delete
    2. ඔව් අනේ..... එළියටවත් බහින්න බෑ.... හම පිච්චෙනව වගේ.... UV රේට් එක හුඟක් වැඩියි....

      Delete
  13. @ senna

    එල පොරක්ම තමයි .හරි අපි ලියමුකො senna


    @අමිල

    ස්තුතියි අමිල


    @නිරෝෂිනී ..

    නැහැ අනේ මැලිබන් වල නෑයෝ වගයකුත් ඉන්නවා . ඒත් ඔබා මාමා ඒ අයට වඩා විශ්වාසයිනේ


    @කවිකාරි ..

    ඔව් ඔව් හමු වෙලා බලන්න . අපුරු මනුස්සයෙක්


    @රවී ..

    ඔව් ඔව් ඒ ගැන නම් ලියන්නම වෙනවා .


    @බුරා ..

    ඒවා හදන්නේ නැන්දා නැති දවස් වලටනේ .


    @චන්දි

    ඔව් අක්කේ මෙවැනි හොඳ මිනිසුන් ඇසුර භාග්‍යයක් තමයි


    @මියුරු ..

    ඔයත් ඉන්නේ ඒ පළාතේද . අව්ව නම් සැරට දැනුනා . ඒත් ඉතින් වැඩිය ඒ වගේ තැන්වල ඇවිද්දේ නැහැ .

    ReplyDelete
  14. ඔබා මාමාගෙ "බුදුසරණ" පත්තර හෙම දැක්කෙ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. මට අමතක වුනානේ .

      Delete
  15. කැංගරු දේසේ ගැන කියවන්න අපිත් එහෙනම් ලක ලැහැත්ති වෙන්නම්කෝ ..

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් ලියන්න බලන්නම් . වැරදුනොත් හදන්න අය ඉන්න හන්දා

      Delete
  16. ඒක තමා පහුගිය ටිකේ සද්ද නැතුව හිටියේ..දැනගත්ත එක හොඳා ඔබා මාමාගේ ගෙදර නවතින්න පුළුවං කියලා....වැරදිලා හරි යන්න පුලුවං උනොත්....අර තිත් තිත් තියලා තියෙන්නේ අපිට හිස් තැන පුරවගන්නද.....

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්.. ඔබා මාමටත් අර සැලුන් එකේ බාබර්ට වෙච්ච වැඩේ වෙන්ඩ වගේ යන්නෙ..

      Delete
    2. ඒක තේරවිල්ලක්

      Delete
  17. පාඨක මට හිතෙන විදියට ඔබ ලිවිය යුත්තේ මෙන්න මේවාය.

    1. ඕස්ට්රේලියාවේ පර්ත් අවට ඔබේ දේශාටන සටහන්
    2. නිවාඩුව තුල සිදුවුණු පොදු රසාස්වාදයට නැංවිය හැකි පුද්ගලික අත්දැකීම්
    3. ඔබා-මා ගෙන් ඇසූ පර්ත් නුවර සහ ඕස්ට්රේලියාව ගැන යාංහෑලි, ජනප්‍රවාද සහ වෙනත් කතා

    ඕස්ට්රේලියාවේ ඉතිහාස ගැන ලියනවා කියන්නේ ඉතිං විකිපීඩියාවට ලින්ක්ස් ගොඩක් දාන එකනේ. එහෙම නැතුව නිරවද්‍යතාවය රකින්න අමාරුයි නේද?

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ තියෙන හැම දේම 100 %ක් නිවරදි නැතුව ඇති බවයි මගේ හැඟීම . මම ඇසින් දුටු දෙයක් මිස කිසිවක් මමවත් කියන්නේ නැහැ හරිමයි කියල . ''ලු '' වලින් තමයි එව්වා සේරම කියන්න වෙන්නේ . මගේ අදහස ඒ ඒ අවස්ථාවට උචිත ලින්ක් දැමීම හොඳයි . මොකද සමහර කාරනා බලන්න අපට මතක් වෙන්නේ අදාළ දෙයක් කියවද්දී නොවැ.

      අපි සිංහල පත්තර කීපෙකුත් දැක්ක එහෙදි දන්නා කියන අයගේ ලිපිත් තිබුන . ඔබගේ අදහස බොහොම වටිනවා මට . ස්තුතියි

      ඔබා මාමා ගේ ජනප්‍රවාද මට වඩා අහන් උන්නේ වෙන එක්කෙනෙක් .

      Delete
  18. සැමට
    ඕස්ට්රේලියාව ගැන යන්තම් හෝ සපහන් වෙන මේ බ්ලොග් බලන්න.

    1. ඔසී කතා
    2. හිතුමතේ හී සර
    3. සිනුවර හසුන
    4. සිඩ්නි සිංහල

    තවත් ඇති, ඔය මං බලන ඒවා.

    .

    ReplyDelete
    Replies
    1. ඕස්ට්රේලියාව ගැන යන්තම් හෝ "සඳහන්" වෙන ඒ බ්ලොග් බලන්න.

      Delete
    2. අන්න හොඳයි . හිමිට කියවන්න ඕන . බොහොම ස්තුතියි

      Delete
  19. හෝ හෝ.. එක තමයි ඔබා අන්තිම පේලිය පැත්තේ නොහිටියේ !! ආගන්තුක සත්කාරේ හින්දා ඔබාගෙ මඩ ප්‍රහාර වලින් මම (ජයියා) බේරුනා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා හිතන් ඉන්නේ බේරිලා ඉන්නද . බලන්නකෝ වෙන දේ

      Delete
  20. පොඩ්ඩි නම් ඔයාලගේ රටට අල්ලපු රටේ ඇවිදලා, ඇවිදලා, රහා කෑම කාලා, (අම්මේ ඒ කෑම හරිම ලාබයිත් එක්ක ) ගොඩාක් ජාති බලලා ආවා.

    හා. හා. ලියන්ටකෝ. අපිත් දන්නේ නැති කතාත් ඇතිනේ.:D

    ReplyDelete
    Replies
    1. කොහෙද අප්පේ . උඩහ රටේද ..පැත්තෙන් රටවල් දෙකක් තියෙනවා . කොයිකද

      Delete
  21. ලස්සන කවිපෙලින් සුන්දර චිත්‍රයක් - හංස යුවලට ත්‍රිවිධ රතනයේ පිහිට වැඩි වැඩියෙන් පතනවා.

    ජීවිතයේ සුන්දර තැන් මතුකරන ඔබේ පන්හිඳට ජය සොයුරියේ.

    (මේ දවස්වල බ්ලොග් කියවන්නේ කොමන්ට් කරන්නේ ඉන්ස්ටෝල්මන්ට් වලින්, පමාවට සමාව)

    ReplyDelete
    Replies
    1. ඔබේ වචන මට සතුටක් ..මමත් මේ දවස්වල එහෙමයි කියවන්නෙත් ලියන්නෙත් අඩුවෙන් .කලින් කලට ඔහොම තමයි

      Delete
  22. හංස යුවලක් ගැන කිව්ව නිසා මං හිතුවේ තවත් ඓතිහාසික කථාවක්ද කියලා අක්කේ... බැලුවාම මේ අපේ ජ්‍යෙෂ්ඨ බ්ලොග් සහෘදයා ගැනනේ...

    ඔබා මාමා මේ බ්ලොග් අවකාශේ තවත් එක් කැපී පෙනෙන චරිතයක්... අක්කා කියන විදියට සැබෑ ජීවිතේදීත් ඔබා මාමා හොඳ මනුස්සයෙක්... ඒ වගේම හොඳ ආදර්ශයක්...

    මුරුංගා අතු කැඩෙයිද මන්දා ? :P

    අක්කා දැන් පෝස්ට් දාන ස්පීඩ් එක අඩුවෙලා වගේ. වැඩ වැඩියි ද? නෙළුම් විල එපා වෙලා ද ? විල බොර කරනවා එහෙම නෙවෙයි ඔන්න !!!

    ඔබා මාමා සහ නැන්දාට තවත් චිරාත් කාලයක් සතුටුන් සෙනෙහසින් ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න ලැබේවා කියලා ආදරයෙන් පතන්නම්...! අක්කලාගේ වැකේෂන් කථාත් දැම්මොත් හොඳා... එනම් අපි ගියා... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ..ටිකක් වැඩ වැඩියි . ළමයින් හැමදාම එක වගේ නැහැනේ . කලින් කලට එයාලගේ අවශ්‍යතා වෙනස් . දෙන්නම හවස ඉස්කොඑ වැඩ වලට නවතිනවා . සතියේ දවස් පහේම වගේ අපි ගෙදර එන්නේ හවස් වෙලා . ඉතින් දවල්ට උයන පිහන වැඩ තව මගේ පොඩි අධ්‍යාපන වැඩක් හෙම තියෙනවා . පසුගිය ටිකේ ගමන් ගියා වැඩිනේ . ඒවාට ලෑස්ති වෙන්න ..අවට පස්සේ අස්පස් කරන ඒවා . ..මාර්තු වලින් පස්සේ ටිකක් නිදහස් වෙයි වගේ . නැතුව බ්ලොග් එක නම් එපා වෙලා නැහැ . ඔබ වැනි මිතුරන් හමුවුන සොඳුරු නවාතැන මෙතැනනේ .

      Delete
  23. ඔබා මාමා කිව්වා තමා.....!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දවස් ටිකේ අපි මාමගේ බ්ලොග් එකත් අල කලානේ

      Delete
  24. රසැති කෙටි සටහන්
    ගනී සිත් බෙහෙවින්
    විස්තර කියනකල්
    ඉඳිමි
    හූ මිටි තියන්නට මං

    ReplyDelete
  25. හප්පේ දැන්නෙ දැක්කේ ඔබීවයි, මාවයි, නග්ගල තියෙන නැග්ගිල්ල ...හෙහ්..හෙහ්.. තෑන්ක් යූ.

    ReplyDelete
    Replies
    1. බහින්ට බහින්ට මගෙ අප්පා, ඔය මුරුංගා අතු එච්චර හයියත් නෑ.
      ඔබා අයියා කියලා තිබ්බේ ඒදවස් වල "අයියෝ මේ බ්ලොග් ලියන එවුං වගයක් කඩා වැටිලා හෙණ ඇණයක් වෙලා තියෙන්නෙ, මම බොරුවට ඔබීත් එක්ක කොකුත් ඇදගන්නවා මුන් ටික එලවාගන්න", කියලා මේ බින්දිලා ගැන වෙන්න ඇති.
      henryblogwalker the Dude

      Delete
  26. දැන් වැඩ වගෙයි කවියෙන්

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. දැක්ක කොමෙන්ට් එකකුත් දාල තියෙනව

      Delete
  27. ඔබාගෙ ලින්කුවකින් ආවේ.. බලමු...

    ReplyDelete
  28. ඔබා මාමව මම නම් දකින්නේ නියම බුලට් පොරක් විදිහට.
    අර ජිප්පීස් සුනිල් පෙරේරා කියන සින්දුවක් තියෙන්නේ
    "හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි"

    ඔබා මාමාට එහෙනම් දීර්ගායු ලබා කෙලවර අමාමහ නිවන් සම්පත ලැබේවා කියල ප්‍රර්තනා කරනවා :-)

    ReplyDelete
    Replies
    1. එහෙනං ඇනෝ ඔබාට වදුර කිවුව ඈ ???

      Delete
  29. ඔබ්සර්වර් ජෝඩුවට හංසයෝ කිවුව ???? පාත්තයෝ හලෝ . . .පාත්තයෝ . . .

    ReplyDelete
  30. අනේ අම්මෝ...ඔය කියන තරම් රස්නෙන් මිනිස්සු කොහොම ඉන්නවාද මන්දා???

    ReplyDelete
  31. දැන් එතකොට අපි හංසයන්ට කියන්නෙ මොකක් කියලද ?:D

    මොනව උනත් ඔබා අයියා බොහොම හිතහොඳ මනුස්සයෙක් බවනම් මටත් හිතෙනවා...

    ReplyDelete
  32. ඔන්න අපි ලෑස්තියි නගරයේ විසිතුරු බලන්න යන්න ඔයා එක්ක

    ReplyDelete
  33. මොනවද මේ බින්දි කියන කතා..පාත්තයෝ හංසයෝ කලෑකිද..?

    හප්පා දැන් මේක දැක්කමනේ දැක්කේ පහුගිය දොහේ මේ යෝධයා පට්ට බැනුං බැන බැන හිටියේ කාටද කියලා....:D

    ReplyDelete
  34. ඔබා මාමව මට නම් හම්බුණේ කලින් අවුරුද්දේ සයිබරේ සිහින උළෙලෙදී කොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් "ඔබා මාමා කියන්නේ සුපිරි බුලට් එකක් " :))

    ReplyDelete