Monday 29 October 2012

මහ වරුසාවට පසුව අහස් ලිය ....නීල සිනිදු සළුවෙන් සරසා

   




සුළඟ කලබල කලැයි..

දුකෙන් පසුවුන අහස

ඊයේ මුළු දවසේම

හොඳටෝම හැඬුවා....

....ඉර හරිම බියගුලුයි

 පොඩි සුළඟටත් ගැස්සී

වලාකුළු කාමරේ

සිටියාලු හැංගි..

.... දඟකළ සුළං ගියෙදැයි
  
ජනේලෙන් එබී බලමින්

හෙමි හෙමින් ඉර ඇවිත් තිබුණා

..කඳුළු වලටම සේදී

අහස නව සළු පැළඳි....

සවස මනරම් ලෙසින් සිටියා ..

...හැරගියයි හිරුට දොස් නොකියා .....




හැංගිච්ච වැරද්දට පසුතැවි හොඳටම

ආයෙමත් රන් වලින් සරසා



අරුණි අක්කලාගේ ගෙවල් පැත්තේ  සැන්ඩි කලබල කරද්දී මේ පැත්තටත් වැඩි සද්දයක් නැතුව පොඩි කලබල කාරයෙක් කඩන් වැදුණා.

පිලිපිනෙට බැට දීලා මේ පැත්තට එද්දී චණ්ඩි කම් අඩු වෙලා තිබුනත් තරමක විනාශයක් කරලා . හතරදෙනෙක් පමණ මියගිහින් . උස ටි වී කුළුණකුත් කඩා දාලා . මුහුදු යන්න බැරි වෙලා .

අද සවස වැස්සෙන් සේදුන අහස හරිම ලස්සනට තිබුණා .

ලියන මුඩ් එකේ අද මන් කොහොමත් හිටියේ . එහෙම එක එක මුඩ් තියනවා . උයන මුඩ් එකේ උන්නොත් හොඳට උයනවා . ලියන මුඩ් ඒක ආවොත් කෑම සවුත්තුයි . ඔය වෙස්ටර්න්, ඉතාලි ඉවිලි තමයි ඒ දවසට .

රෙදි සෝදන මුඩ් එකත් එන දවස් තියෙනවා . එදාට කෑල්ලක් ඉතුරු නොවෙන්න සෝදනවා . අවාසනාවට රෙදි මදින මුඩ් එක කියල එකක් මට නැති හින්දා අකමැත්තෙන් තමයි රෙදි මැදෙන්නේ. අපි ඒ ගැන සෑහෙන්න කතා කලානේ ..

කඩේ යන මුඩ් එක ආදාට ගෙවල් ඉස්සරහ විදියේ කෙළවරක ඉඳන් ඇවිදිනවා . සමහර විට පොළෙත් යනවා .

ලොකුවටම සිතක් ආවොත් හැනොයි නගර මධ්‍යයේ විදිවලත් ඇවිදිනවා . මේ මුඩ් එක එන්නේ කලාතුරකින්.

දැන් අහන්න එපා මුඩ් එකක් නැති දාට කන්නේ බොන්නේ කඩේ යන්නේ රෙදි සෝදන්නේ නැද්ද කියල . ඒවා වෙනවා හැබැයි කරන්න ඕන නිසා .

කිසිම මුඩ් එකක් නැති කම්මැලි දවස් වලට වැඩියෙන් ටීවී බැලෙනවා . මුඩ් ෆික්ස් කරන්න ඉඟුරු විස්කෝතු වත් නැති කොට මක් කරන්නද .

ආ අර වැස්සෙන් සේදුන අහසේ සඳ පායලා . තරුත් පිරිලා . අපිට තරු දකින්න ලැබෙන්නේ කලාතුරකින් . මෙතරම් තරු පිරුණ ලස්සන අහසක් මෙහෙදී ඔය දැක්කමයි.

අපේ ලොක්කියි මායි එයාගේ පුංචි ටෙලෙස්කොප් එකත් අටවාගෙන සඳයි තරුයි බැලුවා . ඒ ටෙලෙස්කෝප් එක ගෙනාවේ ඔබා මාම බලන්න ගිය ගමනේදී . ලොක්කි ගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් වුන ඔබා මාමගේ ''කළු'' එක්ක මිදුලට වෙලා තරු බලපු එක ගැන අපිට මතක් වුනා .

තරු වෙලා අහසේ දිලෙන්නේ
අපෙන් වෙන්වුන සොඳුරු මිනිසුන් නම් ....


ප ලි

පින්තුරවල අයිතිය මා සහ මගේ ෆෝන් පොඩ්ඩා සතුය

73 comments:

  1. ලිව්ව බ්ලොග් පෝස්ට් එක පුරාම ලියන මූඩ් හෙවත් භාවාතිෂය ඇඟීම් ඇති බව හොඳටම දැනුනා කියවද්දී .

    අර මූඩ් ගැන කිව්ව කතාව ඇත්තම ඇත්ත !

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටලා තමයි මෙහෙම දවස් එන්නේ ..ටිජි

      Delete
  2. ශා...ශා...හරිම ලස්සනයි...මූඩ් එක ගැන මහ දෙයක් කීවේ නැතත් පද ටික කියවද්දිම හිතුනා සුන්දර මූඩ් එකක් එක්ක ලියලා තියෙන්නෙ කියලා...හරිම රොමෑන්ටික් වගේ මේ වගේ පරිසරය තියෙද්දී....ඔය වෙලාවට ඔය ලස්සන තනියම දැකලා වැඩක් නෑ වැඩක් නෑනේ...... ඩබලම එකතුවෙලා බලන්න එපායෑ...හි හී

    මූඩ් කියද්දී මතක් උනේ...මේ දවස්වල මටත් එක එක මූඩ් එනවා...වැඩියෙන්ම කම්මැලි මූඩ් එක..මේ දවස්වල කට කපලා වහිනවනේ...ඒත් ඉතින් ගමේ වැස්ස වගේ කොහෙද මේ කොළඹ වැස්ස...නිකම් නිකම් වැස්ස විතරයි...කිසිම ලස්සනක් නෑ...කම්මැලි කරනවා අපිව...

    පිලිපීන පැත්තට ආපු කලබලය ලංකාවටත් යාන්තමට දැනිලා වගේ...මන්නාරම් පැත්තෙ මුහුද හුළඟ නිසා රළු වෙලාලු...

    ReplyDelete
    Replies
    1. ඩබල් දාල සිරි නරඹන්න තියා මනුස්සය ගෙදරත් නැහැ ලිහිණි. වෙන නගරෙක රැස්වීමකට ගොහින්. අපේ ලොක්කි එක්ක තමයි ඉතින් තරු බැලුවේ . බනියා නිදා ගත්තු නිසා . නැත්නම් ටෙලෙස්කොප් එක බෙදා ගන්න බැරුව ෆුල් රොමැන්ටික් අවස්ථාවක් ඇති වෙන්න තිබුනා .

      ජිවිතේ ඒ ඒ යුග වලදී වැස්ස දකින විදිහත් වෙනස් . පොඩි කාලේ තමයි වැස්සේ රසය උපරිමයෙන්ම විඳින්නේ . ඊට පස්සේ ටික ටික දියාරු වෙලා යනවා . ඒ වුනාට හිටි ගමන් මේ වගේ නොස්ටල්ජික් මුඩ් එක්ක වැස්ස විඳින්න පුළුවන් .

      Delete
  3. මූඩ් එක නම් හොඳයි, පුරස්නෙ තියෙන්නෙ ඔය මූඩ් එක කොච්චර කාලයක් තියෙයිද කියලයි.. බින්දියා දැන් හොඳටෝම කම්මැලි වෙලා, පෝස්ට් එකක් දානවා, ආයෙමත් හැංගෙනවා, ආයෙමත් මාසෙකින් විතර එනවා..

    මට ෂෝක් පෝස්ට් එකක් මිස් වෙලා නොවැ.. සති අන්තේ ගමනක් ගියා, නෙට් පැත්තේ එන්ට තරම් වෙලාවක් හම්බවුනේ නෑ..


    @ටීජී,

    අර මක්කැයි අලුත් profile pic එක.!? ඇයි කවුරුහරි වෙඩි තියන්ටවත් ආවැයි.?? :)

    ReplyDelete
    Replies
    1. හා හා ගිහින් පැණි වළල්ලක් කාල එන්න . මන් දැන් හොඳ ළමයා . බලන්න මේ මාසෙට පොස්ට් තුනක්ම දාලා .

      Delete
    2. කියන්ට අමතකවුනා, අර පැණිවළලු රෙසිපි එක ඉක්මනට දාන්ට.. මාත් ට්‍රයි එකක් දාලා බලන්ටෝනැ හදන්ට..

      Delete
  4. මටත් ඔයි වගේ මූඩ් එනව. උයන මූඩ් ආපු දාට උදේ ඉඳන් ප්ලෑන් කරල දානෙකට වගේ උයනව. මම මේ කල්පනා කලේ කාලෙකින් බ්ලොග් ලියන මූඩ් එකක් ආවෙ නෑ. මේ ටිකේම තියෙන්නෙ ෆිල්ම්, ටිවී සීරීස් බලන මූඩ්

    ReplyDelete
    Replies
    1. මට හිටපු ගමන් මූඩ් එකක් එනවා, ඔය තමන්ගෙ බ්ලොග් එක අතෑරලා දාලා වගේ පාළුවට යවන එවුන්ට ගිහින් තඩි බාලා එන්ට.. ;)

      Delete
    2. මටත් මෙහෙමම හිතෙනවා අර බ්ලොග් තියාගෙන ලියන්නේ නැති අය මතක් උනාම....:D

      Delete
    3. මටත් ටි වී එකේ නැගල යන කතාවක් අහුවුනොත් ඒ කාලෙට ටි වී මුඩ්. බලන්නකෝ පොඩි මුහුදුටත් එනවලුනේ උයන මුඩ් .

      පොඩ්ඩි ගේ මහත්තයට නම් හැමදාම උයන මුඩ් එකේ ඉන්න වෙයි...

      බුරා ..තව අය ඉන්නවා බ්ලොග් තිබ්බද කියලවත් මතක නැහැ ..මුණු පොත් මුණ අලවන් .

      Delete
    4. @බුරා, පොඩ්ඩි

      ඔයි දෙන්න යද්දී මටත් කියන්න හොඳේ? මමත් ඇවිත් එව්වොන්ට ටිකක් තඩි බාල එන්ට. :D

      @බින්දී

      පොඩ්ඩි ගෙ මහත්තය! හෙහ් හෙහ් හෙහ්! අපොයි දෙයියනේ මගෙ බඩ පපුව දාල යනව අසරණය මතක් වෙද්දී. :D :D :D

      Delete
  5. මට මේ දවස්වල තියන මූඩ් එක ගැන නම් කියලා වැඩක් නෑ...හී හී....

    ReplyDelete
    Replies
    1. පොඩි ඉන්නේ අර පිටසක්වලයා ආවහම වාරයක් ඉල්ලා ගන්න මුඩ් එකේනේ

      Delete
  6. අද උදෙත් මම ඔබා මතක් කරලා හිතුවා හිටියානම් මෙහෙම ලියයි අරහෙම ලියයි කියලා. හරියටම කුනා‍ටුවක් ඇවිත් ගියා වගේ.. මෙ නිශ්චලතාවෙට මම වයිර කරනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සරත් . ටික දවසකින් ඇන්ටිට කතා කරන්නත් බැරි වුනා .අපට වඩා එයාට කොච්චර දැනෙනවා ඇත්ද

      Delete
  7. ඔබා මාමා නැති අඩුව මකන්න බැ.මතක් වෙන්න මට තිබුණු කමෙන්ට් දෙකතුනත් අහිමි වුනාට ඊටත් වඩා දුකයි...

    ReplyDelete
    Replies
    1. කැරලි කාරී ගේ බ්ලොග් එක පැත්තේ මන් තවම ගිහින් නැහැනේ . අද මන් ඉන්නේ ලෙඩ මුඩ් . අපේ බනියා ලෙඩ වෙලා ගෙදර .

      Delete
  8. මම බැලුවෙ කන මූඩ් එකේ ඉන්නකොට ලියපු පෝස්ට් මොනවද කියලා... අපරාදෙ කියන්න බෑ. නෙළුම් විලේ එහෙම එව්වා නෑ වගේ....
    හ්ම්ම්.. ඇතුවත් බැරි නැතුවත්බැරි වැස්ස... මෙහෙට නම් අවුරුද්දකට දවස් දෙක තුනක්වත් වහින්නෙ නැති තරම්.. ඉඳල හිටල සෑන්ඩ් ස්ටොර්ම් එකක සත්කාරය ලැබෙනවා :)
    ලංකාවට වැහැලා කරන්ට් ගියාම, අකුණු ගහනකොට ස්කයිප් දාන්න බැරි වෙනකොට , අන්න එව්ව නම් මෙහෙට බලපානවා..එතකොට ඉතින් ගෙදර යන මූඩ් තමයි..:)

    ReplyDelete
    Replies
    1. කන මුඩ් එක නම් හැමදාම . උයන මුඩ් එක තමයි හොර .

      ඇත්ත තමයි පොඩි අය මතක් වෙද්දී ඉතින් ආයේ කියන්න ඕන නැහැ .

      කතරට වැහි පොදක් කියල පටන් ගන්නකො බ්ලොග් එකක් ඒ වගේ මුඩ් එකක් ආවොත්

      Delete
  9. බින්දි හරිම ඉහළයි සටහන ...කොහොම වුණත් අද නම් ඔයා හැපි මුඩ් කියල හිතෙනවා...ඔබට ජය..

    ReplyDelete
    Replies
    1. ඊයේ ඊයේ නලින් .. අද බනියා ලෙඩ වෙලා . ගෙදර . අද එයා ඉන්නේ ''keeping ammi on toes'' මුඩ් එකේ . මන් ඉතින් අසරණ මුඩ් එකේ

      Delete
  10. අද මටත් කමෙන්ට්කටු මුඩ් එකක්. ඔන්න අද ආවේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මන් දේශකයාගේ බ්ලොග් එකත් තවම දැකල නැහැ . එන්නම්කෝ ඒ පැත්තේ

      Delete
  11. වැස්ස දවස් වලට මටත් මූඩ් එනවා එක එක විදිහේ.... බ්ලොග් ලියන්න, පොත් කියවන්න, වැස්සෙ නාන්න, වැස්ස දිහා බලාගෙන රටකජු වගේ දෙයක් හපන්න, වැස්සෙ සද්දෙ අහගෙන නිදා ගන්න.... වගේ. සමහර වෙලාවට මූඩ් වැඩිවෙලා පැටලිලා වැස්ස ඉවරවෙනවා දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අන්තිමට සේරම පොටෙටෝ මුඩ් වෙනවාද . ..අය්යෝ

      Delete
  12. ඔය සැන්ඩි වගේ චන්ඩියෙක් මෙහෙත් එනවයි කියලා අපේ කාලගුණෙත් ඊයෙ තැන තැන කිය කියා ගිහින් තිබුනා. ඔහෙ ආපු එකෙක් නෑ......පොර ඉතින් කෝපි කඩේ අබිලිං වගේ හින්දා අපිනම් සිරාවට ගත්තෙ නෑ. ඒත් සමහර අය කලබල වෙලා තිබුණා.

    බින්දිගෙ ඔය "ලියන මූඩ්" එක සතියකට වතාවක්වත් එනවනම් ෂෝක්....!

    ReplyDelete
    Replies
    1. අම්මෝ සුනාමියෙන් පස්සේ අපේ කලගුනේ නම් සත පහකට විස්වාස නැහැ තමයි. මුන්ගේ කාලගුණ අනාවැකි නම් ටක්කෙටම හරි.

      ආ මන් විතරද ..ඔන්න සුමිත්ටත් ලියන මුඩ් එක එනවා නම් කොච්චර හොඳද . කමෙන්ට් කියවද්දී පෙනෙනවා බොහෝ දේවල් ගැන දැනුමක් ඇති බව

      Delete
  13. නෙළුම් විලේ පෙර සේම ලග ලග මල් පිපෙන අන්දම දැක්කම සතුටුයි..

    මේ දවස් වල සිරිලංකාවෙ අපට නම් මෙවැනි අහසක් දකින එකත් සතුටක්... සුපුරුදු ලෙස බොංගාල බොක්ක කැළඹිලා වැසියො ධාරානිපාත වරුසාවට හසුවෙලා ඉන්නෙ...

    ආවාට තිබුනත් නිසසල සද මත එය හරි ප්‍රියංකරද ?

    ReplyDelete
    Replies
    1. ප්රියන්කරයි නේන්නං ..

      මෙහෙත් එහම තමයි සිරා වැසි සමය. අපේ රටෙත් ඊසාන දිග මෝසම් කාලේ නේද .

      Delete
  14. ලස්සනයි අක්කෙ. ඔන්න මටත් නිදාගන්න මූඩ් එකක් ඇවිල්ලා. ඒ වුණාට අම්මට ගේ අස් කරන මූඩ් එකක් ඇවිල්ල නිසා නිදාගන්න මූඩ් එක හොඳ නෑ වගේ. ඇරත් මේ මහ දවල් 1.00 ට

    ReplyDelete
    Replies
    1. අම්මෝ මටත් දවල්ට එනවා නිදි මුඩ් එකක් . කොහෙද ඉස්කෝලෙට යන වෙලාවටමයි.

      1 ට ප්‍රශ්නයක් නැහැ . කාල නැප් එකක් දාන එක හොඳ ලුනේ . දවල් කෑමෙන් පස්සේ මෙහෙ එව්වෝ ගොඩක් කොහේ හරි වැටිලා නිදියනවා . කඩවල පවා . ඒවායේ නම් බිම වැටිල බුදියනවා .

      Delete
    2. Regular naps prevent old age, especially if you take them while driving!

      Delete
  15. මටත් එනවා හිටිගමන් "බොන මූඩ්" එක එතකොට මම දුවලා ගිහින් දෙකක් දාගෙන එනවා ,ඔය රෙදි හෝදන මූඩ් එක ඊයේ මට ආව, හේදුවා ඇදපු නැති ඒවත් එක්කම (වැරදිලා හරි )

    ReplyDelete
    Replies
    1. හා හා පිරිමි අයට ඒ මුඩ් එක නම් නිතරම එනවා නේද . රෙදි සෝදන මුඩ් නම් එන්නේ එහෙමත් පිරිමියෙක්ට වෙන්න ඕන .

      Delete
  16. මට නම් ඇඳුම් මදින්නත් පුළුවන් හෝදන්න තමයි කම්මැලිම...ඒත් කම්මැලියි කියලා නොසෝදා ඉන්නයෑ...එක එක දවසට් ආවේනික මූඩ් තියනවා තමයි.

    ReplyDelete
    Replies
    1. අය්යෝ මට ඕකේ අනික් පැත්ත ..

      Delete
  17. බින්දි ...හැම මූඩ් එකක්ම ලියල රොමෑන්ටික් මුඩ් එකගැන ඕනකමින්ම අමතක කරදාලා.
    සෑහෙන උසක ඉඳල ගත්තු පින්තූර වගේ..!
    මෙහේට නම් අම්බානක වහිනවා.පහුගිය දවස් ටිකේම ඔ‍ෆිස් එක හවස් වරුවෙම වහල දාල ගෙදර ගිහින් නිදාගත්ත.(නිදාගන්න මුඩ් එකේ)12 වෙනකොට අකුණු ගගහ වහිනව.
    පහුගිය ටිකේ කතරගම,තිස්ස පැත්තෙ හිටියේ ..එහෙත් වහිනව...!

    ReplyDelete
    Replies
    1. තරු පිරුණ අහස දිහා බලන් ඉන්න ගමන් රොමැන්ටික් මුඩ් යන්නත් පුළුවන්නේ . මේ කියනකම් මට කල්පනා නුන හැටි .

      උස කියන්නේ තට්ටු හතක . තමන්ගේ ව්‍යාපාර කරන එකේ වාසිය නේද . බුද්ධියත් ඒ පැත්තේ ගියාලු නේද . මොකෝ කට්ටියම භාර හාර වෙන්න වත්ද

      Delete
  18. හිරු කුමරු හැංගිලා,
    හිටියාලු සක්වල ගල එපිටට වෙලා,
    සුළං කුමරිට බය වෙලා,
    ඇගේ දැඟලිල්ල හොරැහින් බලා,

    සුළං කුමරිය රැඟුම් පෑවේ,
    හිරු කුමරු නිසාමයි ඔහු නැතිලු දන්නේ,
    හිරු කුමරු නේනා නිසාවේ,
    හඬා වැලපී ඇය ගියා යළි නො එනසේ,

    මගේ මූඩ්ස් වලින් 99.99 % අලස මූඩ් එක...මේ ලෝකෙ දෙයක් කරන්නෙ නෑ...ඔහේ ඉන්නව කොහාට හරි වෙලා වැතිරිල බලාගත්තු අතේ බලාගෙන.....කොටිම්ම නින්ද යන්නෙත් නෑ කිව්වම....නිදාගන්ටත් කම්මැලියි...ඕක කේස් වෙන්නෙ හුස්ම ගන්ටත් කම්මැලි උනාම...ඇසුත් උඩ තියාන දඟලනකොට ඔන්න ලොක්කි ඇවිල්ල කනෙං අල්ලල් හොල්ලනව '' දෙයියෝ සාක්කි, මේ මිනිහට හුස්ම ගන්ටත් මතක් කරන්ටනෙ මට වෙලා තියෙන්නෙ '' කියල,

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන කවිය . සිංදුවකට හොඳයි . ඇත්තටම මට හිතෙනවා කොයිතරම් ලස්සන සින්දු වෙන්න පුළුවන් නිර්මාණ මේ බ්ලොග් වල සහ කමෙන්ට් වල තියෙනවද කියල .

      අලස මුඩ් ...කියන්න වචන නැහැ රවී ..අර මනුස්සයා අවුරුදු දාහතක් [වෙන්ට ලඟයි මන් හිතේ ] ඉහ ගහගෙන උන්න එකම මදැයි .

      I don't like these comments..I just love them .

      ඔය කෑල්ල අපේ ලොක්කිගෙන් කොපිකලේ . රස කෑමක් දුන්නම එයා ඔහොමයි කියන්නේ

      Delete
    2. අපොයි රවී අයියේ . . ඔන්න ඔහේ අතෑරලා මේ ඩුබායි ආබුදාබි වරෙන් දෙයියෝ . .

      Delete
  19. මට නම් ඕය හැම මූඩ් එකක්ම තියෙනවා. නැතිම මූඩ් එක තමයි කඩේ යන එක. නමුත් හාඩ්වෙයාර් ස්ටෝර් එකකට, ස්පෙයා පාට්ස් කඩේකට යන්න ඒක බලපාන්නෙ නෑනෙ.
    මෙහෙටත් වහිනවා දැන් දවස් ගානක් ඉඳන් අර හිටගෙන "මූණ" හෝදන්න සයිස් එකට!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවය . කාර් බල්ලෝ කනවා ..වාහනේ ගිය තැන මග හිටිනවා . ඔය ඇණයක් මුරිච්චියක් දැක්කම වශී වෙන මුඩ් එක අපේ උන්දැටත් ආයේ කියන්න අඩුවක් නැහැ . එයත් සතියකට පාරක් හාඩ් වෙයාර් එකට ගියේ නැත්නම් ඉරිදට කාවේ නැහැ වගේ. කෙල්ලන්ගේ කැඩිච්ච සෙල්ලන් බඩු හදන්න ඔසේට කෑලි ගේනවා. අලුත් එකක් ගත්ත නම් ලාබයි . අන්තිමට හදන්න වෙලාවක් නැහැ . ඔයවගේ ''පස්සේ හදන්නම් '' පෙට්ටියට යන බඩු ආයේ එලියට එන්නෙත් එහෙමත් එකක් තමයි .

      මෙව්වා ගැන නම් පොතක් ලියන්න ඇහැකි .

      ඔහේ නම් වැසි ජලය එක්කහු කරනවා නේද .

      Delete
    2. ඔය තියෙන්නෙ, ඔය බින්දිලා ඇඳුම් වලට ආකර්ෂණය වෙනවා වගෙ අපි යකඩ කෑලි වලට, පවර් ටූල්ස් වලට ආකර්ෂණය වෙනවා. ඒක හොඳයිනෙ නැද්ද? හෙහ් හෙහ්!

      ඔය සෙල්ලම් බඩු හදන්න ට්‍රයි කරන ඒක පිරිමි ජානවල තියෙන ඔයාලට මේ ආත්මෙට තේරුම් ගන්න බැරි සංකල්පයක්. තේරුම් ගන්න උත්සාහ නොකලත් කමක් නෑ. ඒවා ඔහොම තියෙද්දෙං.

      පොතක් නෙවෙයි බ්ලොග් පෝස්ට් එකක් ලියන්න. හ්ම්හ් අපි නම් බය වෙයි.

      මෙහෙ බින්දි වෝට සප්ලයි තුනක් තියෙනවා. එකක් ලි‍ඳෙන්. ඒ වතුර ටොයිලට් ෆ්ලං කරන්න, ඕන්නම් නාන්න හෙම පුලුවන්. අනික සප්ලයි වෝටර් කියන ඩිසැලිනේටඩ් වෝටර්. ඒකට බිල එනවා. අනික වැහි වතුර. වැස්ස කෙලොඉන්ම වහලෙන් ටැන්කියට යන්න සෙට් කරලා තියෙන්නෙ. ඕන්නම් පෝස්ට් එකක් ලිව්වෑකි නේ?

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. ඔව් ඔව් යකඩ කෑලි වලට ආකර්ශනය වෙන එක හොඳයි වෙන එව්වට නැතුව .

      ස්තුතියි විස්තරේට හෙන්රි. ලියන්නකෝ සෙල්ලම් බඩු රෙපෙයාර් ගැන .

      Delete
  20. මට නම් ඔය මූඩ් හදාගන්න තියන එකම දේ සංගිතය විතරයි. හැබැයි මුඩ් එක හදාගන්න බින්දි කරන දේවල් නම් පුදුමයි එක අතකට ඒක නියමයි. මොකද ජීවිතේට විවිධත්වයක් එකතුවෙනවා.

    ලංකාවටත් මේ දවස්වල මදි නොකියන්න වහිනවා.නිතරම දොස් අහන්නනේ කාලගුණයනේ..

    ReplyDelete
    Replies
    1. අපිත් ලස්සන සින්දුවක් ගැන නොදන්නා දේවල් දැන ගන්නේ ඔබේ සංගීත මුඩ් එක නිසානේ .

      කේමදාස මාස්ටර් ගැන ලිපිය දැක්කා . විවේක පාඩුවේ කියවන්න නිසා තියෙන්න ඇරියා . මන් එහම කියවන බ්ලොග් දෙක තුනක් තියෙනවා .

      Delete
  21. මුල්ම සිතුවිල්ල ලස්සනයි. මුඩ් එකට ගැලපුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ඔය වෙස්ටර්න්, ඉතාලි ඉවිලි තමයි ඒ දවසට" මේකනම් සහතික ඇට්ත ඔය උයන්න කම්මැලි උනාම මාත් ඉතින් පාස්තා හරි ෆ්‍රයිඩ් රයිස් හරි තමා. අපරාදෙ කියන්න බෑ බඹර කුමාරයත් දෙන දේ කනව . මටනම් ඔය ඉර හැන්ගිලා වැහි බීරිම් තියන දවසට එනව කෝපි එකක් බිබී හොදට උනුසුම් comforterඑක ට ගුලිවෙලා පොතක් කියවන්න...
    සමර් එකට එහෙම එනව මූඩ් එකක් පැයගානක් තණ බිස්සක දිගාවෙලා නිල් අහස දිහා බලාගන ඉන්න.
    මට ඔය රෙදි හෝදන මූඩ් එකනම් එන්නෙම නෑ.. මදින මූඩ් එකනම් කවදාවත්ම ඇවිත් නෑ... ෂොපින්ග් කරන මූඩ් එක එන්නෙ අතේ සල්ලි තියන දාට තමා..:)

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් වාසනාවන්තයි කන්න බැහැ කියල වලන් පොලවේ ගහන්නේ නැති මනුස්සයෙක් ලැබුන එකට .

      සමර් එක එච්චර රස්නේ නැද්ද ..

      රෙදි සේරම සෝදලා ඉවර වෙලා කුඩේ හිස් වෙලා තියනවා දකිද්දී ලොකු සතුටක් එනවා . අපේ දිහා රෙදි වැඩිනේ . හතරදෙනෙක්ගේ රෙදි කියන්නේ සැහෙන ගොඩක්. රෙදි සේදීම ගැනත් කොච්චර දේ මතක වෙනවද . වෙන වෙලාවක් ලියන්න ඕන .

      ෂොපින් කියන්නේ ඉතින් මෙව්වයේ බඩු වල ගණන් ..එලියට බැස්සොත් ඉවරයි .

      Delete
    2. ඇහුවමයි කම්මැලි වුනාම ලේසියට ඉටෑලියන් ෆූඩ් හදනවයි කියලා.

      Delete
  24. කවිය හරිම ලස්සනයි... පරිසරයේ වෙනස්වීම් මේ වගේ ජීවමානව පෙළ ගස්වන්න සාමාන්යෙ හිතක් තියෙන කෙනෙකුට නම් අමාරුයි. සංවේදී, පරිසරයට ආදරය කරන, කවිකාර හිතක්ම වෙන්න ඕන...
    විස්තරයත් අපූරුයි. පින්තූර ටිකත් අපූරුයි.. අර මූඩ් ගැන කියල තියෙන කතාව නම් ඇත්තම ඇත්ත. මම ප්රාතර්ථනා කරනවා වැඩි වැඩියෙන් බින්දිට ලියන මූඩ් එක පහළ වෙන්න කියල...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු ..ඒ පැත්තේ එන්නත් බැරි වුනා . අමතක වෙලා නම් නෙමේ .

      Delete
  25. හ්ම්ම්... අපූරු කවි පොඩ්ඩක්... ලියන මූඩ් එක පහළ වුණාම හරි අපුරු දේවල් ලියවෙනවනේ... අපි නං ඉතින් කොයි වෙලාවෙත් කලබල මූඩ් එකේනේ ඉන්නේ... එතකොට කිසි දෙයක් කෙරෙන්නේ නෑ හරියට... පින්තූර ටිකත් ලස්සණයි...

    ජය ඔබට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අලුත් මල්ලි ..කලබලේට ලියවෙන දේවලුත් ලස්සන වෙන වෙලාවල් තියෙනවනේ . ඔබටත් ජය පතමි

      Delete
  26. Replies
    1. දැන් හම්බ වුනානේ අක්කේ

      Delete
  27. අයියෝ නංගි මටත් අපරාදෙ කියන්න බෑ ඔය මූඩ් නම් හරියට තියෙනවා. මේ ටිකේ නම් අසනීප මූඩ්. ගමන් ගිහින් හොඳටම අසනීපෙන් ඒ උනත් ඔන්න ලියන්න ඕනෙ නිසා යන්තම් සටහනක් දැම්මා.
    කරදරයක් උනේ නැතිවාට සතුටුයි ඔයාලට. අව් රැල්ලක් නෑ අපිට දවස් තුනකින්. එක දිගටම වැස්ස. බනියට සනීප වෙන්න පතනවා ඉක්මනින්ම.

    ReplyDelete
    Replies
    1. මාත් ලෙඩ වෙලා අද තමයි පොඩ්ඩක් පන ආවේ අක්කේ

      Delete
  28. ඔය මූඩ් ලෙඩේ මටත් තියෙනවා . . හැත්තෑවේ දශකයේ උන්ට පොදු එකක්ද මන්දා . . . හෙ හෙ හේ . .

    ඇත්තෙන්ම ඊයේ රෑ අබුදාබි අහසත් කවදාවත් මෙහේදි නොදැක්ක තරම් ලස්සනට නින්ම නිල් පාටට සුදු වලාකුලු පුරෝගන අතරින් පතර තාරුකාත් රඳෝගෙන හිටියා.


    මමත් සෑහෙන වෙලාවක් අහස දිහා බලාගෙන හිටියා . . .

    අහස බලන්න එලියට යන යන වෙලාවට දුම් දාන නිසා ටික වෙලාවක් ගිහින් අහසේ සුන්දරත්වය විඳින එක අතෑරලා දැම්මා . . :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරි අඩු වැඩි නැතිව මටත් මේ එක එක මූඩ් එනවා. හැත්තෑව දශකයේ මූඩ් එකක් වෙන්නම ඕන මේක.
      මේ දවස් වල මට තියෙන්නේ ඕනෙම දේකට කම්මැලි මූඩ් එක. ඒකත් මරු ඌයි. දවස් ගණන් නිදා ගන්න පුළුවන් හාවක් හූවක් නැතිව.

      Delete
    2. දුකා ..අන්න හරි .අනික් දශක වල උන් තරහා වේද මන්දා .

      රන්ගි ..නියමයිනේ . මාත් ආසයි කම්මැලි කමට නිදා ගන්න . කොහෙද ඉතින් දරු මල්ලෝ ඉන්නකොට

      Delete
  29. මූඩ්ස් ගැන කියවද්දි නම් හිනත් ආවා..මට නම් තියෙන්නෙ පොත් කියවන ෆිල්ම් බලන මූඩ් එක විතරයි..!!
    චන්ඩියා වැඩි කලබලයක් නැතිව යන්න ගිය එක ගැන නම් සතුටුයි..

    ReplyDelete
    Replies
    1. චන්ඩියා යන්න ගියේ අපිව ලෙඩ කරවලා නේ රූ

      Delete
  30. මට තියෙන්නේ හැම වෙලාවේම කම්මැලි මුඩ්. නිකන් ඉන්නෙත් නැහැ කරපු වැඩකුත් නැහැ අන්තිමට..

    ReplyDelete
    Replies
    1. හික් අපිටත් එනවා එහෙම වෙලාවල් .

      Delete
  31. අනේ මට නම් වැස්ස කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ ඔයාල ලංකාවේ ඉන්න නිසා වැස්සට බනිනවා අපි මේ කාන්තාරේ ඉඳන් වේලි වේලි ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. වැස්සට බනින්නේ නම් නැහැ . වැස්සේ ගුලි වෙලා නිදා ගන්න ඇත්නම් . '' වියෝ වූ පසුවයි අගේ වැඩිය දැනෙන්නේ නේද කෝරලේ මහත්තය

      Delete
  32. අප්පට සිරි... ඔය පැත්තටත් වැස්සද? අක්කටත් මාර මූඩ්නේ තියෙන්නේ. නරකද ගෙදර ඉස්සරහා පොඩි බෝඩ් කෑල්ලක් දැම්මොත් today's mood කියලා. එතකොට අනිත් අය දන්නවනේ මූඩ් එක. අර උයන මූඩ් දාට ලන්ච් එකට වුනත් එන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. එකත් නරක නැහැ අදහස . මේවයේ එවුන් අනික් එකාගේ ගෙදර මක් වුනත් සොයන්නේ නැහැනේ .

      Delete